වලාකුළු වලින් සඳ වසාගත් අතර සෙලවෙන තුරුලතා පෙනුනේ ආත්මයන් ලෙසය. අසිපත් කොපුවෙන් පිටතට ගන්නා විට එකිනෙක ඇතිල්ලෙමින් සීරි යන ශබ්දය සුළඟ මධ්‍යයේ ලෙළදෙන සේද ආවරණයක් බඳු වූයේ ය. ඒවා ඉරා දැමීමෙන් ඉතා භයානක අනතුරක සේයාවක් දනවන්නට සමත් විය. ශාලාවේ උණ ලී විජිනිපතක හඬ ත්‍රිත්වයක් ඇසුණේ ය. ශෙන් ස'චුආන් තවමත් සන්සුන් ලෙස සිටි අතර තමන් සඳහා තවත් මත්පැන් කෝප්පයක් පුරවාගන්නට මත්පැන් බඳුන ඔසවාගෙන සිටියේ ය.
“ඔබ නිවැරදියි.” ශෙන් ස'චුආන් මත්පැන් කෝප්පය පුරවා ගත්තේ ය. “අපිට අද රාත්‍රියේ විසඳගන්න බොහෝ දේවල් තියෙනවා.”
ෂී හොංෂුආන් සිය දෑත් පහත් කර ශිලාව දෙසට රැස්වී සිටි පිරිස දෙස බැල්මක් හෙළුවේ ය. “ ඔබ මොනතරම් දක්ෂච ,ඔබ විධ්විධාන වලට අනුව කටයුතු කරන්න කැමති වුනොත් ඔබට ඒතරම් දුක් විදින්න වෙන එකක් නැහැ.”
“ඔබ චූදු වලට ඇතුළු වුන මොහොතේ ඉඳලා ඔබ මණ්පයක් සිරකළ විහගෙක් වගේ , ඔබ පැතිරෙන් ගිනිදැල් වත් අනතුරු දාහක් දේවල් ගැනවත් කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඔබ ඇත්තටම අවාසනාවන්ත වාසනාවන්තයෙක්. අනිත් අතට, ඔබ එදා රළ එක්ක ජීවත් වෙන්න අවස්ථාවක් හොයාගන්න සටන් කළා, ඒ වෙනුවෙන් , මම ඔබට සව්දිය පුරනවා.” ශෙන් ස'චුආන් කතා කරන අතරේම , ඔහු මන්දගාමී ව මත්පැන් පොළව මතට වත්කර දැමුවේ ය. (1.) "පෙරදි දුෂ්කරතාවලට හසු වූ අයත් කීකරු වීමට බොහෝ දුරට ඉඩ තියෙන බව ඔබත් මමත් දෙදෙනාම වටහාගෙන තියෙනවා - මොකද කීකරු පුද්ගලයන් දහ දෙනෙකුගෙන් නමයක් සිටියත් ස්වර්ගය ස්වර්ගය ඔවුන්ට මාර්ගය සලසන තෙක් ඉවසා සිටින්නේ නැහැ."
“මම රළ පහරට එරෙහිව සටන් කළා , ඔබත් එයට විරුද්ධව සටන් කරනවා. ලෝකයේ කිසිවෙක්ගේ ජීවිතවල ඇත්තටම වටිනාකමක් නැහැ. ශෙන් ස'චුආන් , මමත් ඔබ වෙනුවෙන් සව්දිය පුරනවා! එදා මොනතරම් වධ හිංසා මධ්‍යයේ වුනත් ඔබ දිවි ගලවා ගන්න සමත් වුනා ඒත් අද රාත්‍රියේ ඔබ ඔරුවක් කාණුවකට පෙරලෙන්න යනවා වගේ අවාසනාවන්ත වගේම අසාර්ථක තත්වයකට මුහුණපාලා තියෙනවා, හහ්!” ෂී හොංෂුආන් උපහාසාත්මක ලෙස සිනාසී, පසුව හදිසියේම උදාසීන ලෙස පසෙකට හැරුණේ ය, "ඔබ සහ මම අතරින් ජීවත් වෙන්න පුළුවන් එක් අයෙකුට විතරයි."
“ඔබ හොඳින් ස්නානය කර අවසන් වුනාට පස්සේ මත්පැන් පානය කළා.” ශෙන් ස'චුආන් මත්පැන් කෝප්පය මෘදු ලෙස ඉවතට වීසි කරමින් ද්වාරය දෙසට හැරෙන්නට නැගී සිටියේ ය. ඔහු තම හස්තය යැං ශන් ෂුඒ දෙසට ගෙනගොස් එහි මිට අල්වාගත් අතර ඔහු මෘදු ලෙස සිනහවන අතරවාරයේ එහි ශ්වේත පැහැ මුතු ඇටය ඇගිල්ලකින් තෙරපුවේ ය, “ ඔබ ඔබේ මාර්ගයේ ගමන් කරන්න කලින් මට චී හුයිලියන් කොහෙද කියලා පවසන්න අදහසක් නැද්ද ?”
ඉදිරිපස තිබූ මළුවෙහි එක්වරම ලිනි ජාලාවක් හටගත්තේ ය. ෂී හොංෂුආන් තම හිස හරවා ඒ දෙස බැලුවේ ය ; ඒ වන විටත් වාසස්ඛානය ගිනි ගනිමින් තිබුණේ ය., “ඔහු සමග තර්ක කරන්න කරදර වෙන්න එපා! ඔහුගේ හිස ගසා දමන කාට වුනත්, රත්රන් ටේල් සියයක් වගේම රීදී සේද සියයක් පිරිනමනවා.!”
වෘකයන් මෙන් බොහෝ සෙවණැලි කඩා වැටුණු අකර දොරවල් සහ ජනෙල් ක්ෂණිකව කැඩී ගියේය. ශෙන් ස'චුආන්ගේ ගේ තලය ඒ වන විටත් එහි කොපුව හැර ගොස් තිබුණි. ඔහු පියවර ද්විත්වයක් ඉදිරියට තැබූ අතර, ඔහුගේ තලයෙහි චලනයන් සමඟ රුධිරයන් වැගිරෙන්නට විය. යැං ශන් ෂුඒ නම් දිගු අසිපත් තලය, මිනිසුන්ගේ උගුරු දඩු කපා දමද්දී ශීතල හිම සහිත දිලිසීමකින් ලෙල දුන්නේ ය. එය කෙතරම් වේගවත්ද යත්, ජනෙල් කඩදාසි මත ලේ බිංදු විසිර ගියද අසිපත් තලයේ කෙළවර රුධිර බිදුවක් හෝ රැදි තිබුණේ නැත.
යැං ශන් ෂුඒ හා ලංලී අසිපත් අතර සමානතා ද විය. ඔවුන් මේ චූදු තුළ දූවිලි අවුස්සා තිබුණේ ය, තමන්ගේ අසිපක් කොපු තුළට වී සුවිනීත තරුණ ස්වාමීවරුන් දෙපලකගේ ඉණ ආභරණයන් වන්නට වරම් ලැබුවෝ ය. නමුත් ඔවුන්ගේ කොපුවලින් පිටතට යන්නට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න, ඒ සීතල අසිපත් වල දිලිසීමෙන් පමණක් ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ ලේ පිපාසිත ම්ලේච්ඡ ස්වභාවය ඕනෑම දැකගත හැකි වනු ඇත.
ගිනිදැල් ජීහ්වයන් කෝපයෙන් ලෙවකමින් ඉදිරියට පැමිණි අතර, ඇසිපිය හෙලන සැණින්, ෂී වාසස්ථානයෙන් අඩක් ගිනි ජාලා සයුරේ ගිලී ගියේය. ච්‍යාඕ ත්‍යැන්යා වහලය මතට පැන මුදුන එක මත වේගයෙන් පියාසරන පා පහරවල් සමඟින් ඉදිරියට එන මිනීමරුවන්ට පහරදි සියල්ලම උඩු යටිකුරු කර දමමින්මධ්‍යම ශාලාව මතට පෙරළා දැමුවේ ය. ඔහු වහලය මත සිටගෙන ශෙන් ස'චුආන් ගේ රන් ආලේපිත අවසරපත , ඉණ පලදනාව දැල්වීය.
“රාජකීය ආරක්ෂකයින් අධිරාජ්‍ය නියෝග මත නඩුවක් විමර්ශනය කරනවා. ෂී වංශය විසින් දිවුරුම් දුන් සහෝදරත්යන් සියයකට වඩා නිර්භීත මිනිසුන් පිරිසක්ව පෞද්ගලික රැස්වීමක් සඳහා ස්වර්ග පුත්‍රයාගේ නාසය යට එක්රැස් කරලා තියෙනවා. ඔවුන් අතර නිදැල්ලේ ඉන්න අපරාධකරුවන් සහ නීතිවිරෝධී පුද්ගලයන් සිටින බව අපේ විමර්ශනවලින් අනාවරණය වෙලා කියෙනවා. ෂී හොංෂුආන් ගේ අභිප්‍රාය සුළුපටු කාරණයක් නෙමෙයි. මේ වෙනුවට ඔහුව මරා දමන්න වෙනවා! ” ච්‍යාඕ ත්‍යැව්යා පැහැදිලි සහ උස් හඬින් පැවසීය. “මේ නඩුව අදාළ වෙන්නේ ස්වර්ග පුත්‍රයා අනතුරට පත් කළ සිද්ධියටයි. ඒ හා සම්බන්ධ ඕනෑම අයෙක් රාජකීය බන්ධනාගාරයේදී අත්අඩංගුවට ගන්නවා. රක්ත අශ්වාරෝහක සේනාංකය (2) දැනටමත් ෂෘ වාසස්ථානය වටලා තිබෙන්නේ. ඔබ සටනකින් තොරව යටත් වීම වඩාත් සුදුසුයි! ”
"ඔහුගේ විකාරවලට සවන් දෙන්න එපා!" ෂී හොංෂුආන් කෑගැසුවේය. “මම ස්වර්ගයේ පුත්‍රයා, ඔහු සමඟ ජීවිතය සහ මරණය හරහා ගිය කෙනෙක්. රාජකීය ආරක්ෂකයන්ට ඔවුන්ගේ අපරාධ වසන් කිරීම වෙනුවෙන් විශ්වාසවන්ත ඇමතිවරුන් ඝාතනය කිරීමේ අභිප්‍රාය තියෙනවා. අද රාත්‍රියේ මට උදව් කරන හැමෝම අවංක වීරවරයෝ! ඔබේ ත්‍යාග ලබා ගන්න ඔබ සියල්ලෝම හෙට උදෑසන මාලිගාවේ දොරටු වෙත මා පසුපස පැමිණේවි!"
ගිනිගෙන දැවෙන අට්ටාලය ගිගුරුම් හඬකින් කඩා වැටුණි. ෂී හොංෂුආන් උණුසුම් රළ මධ්‍යයේ එක් පියවරක් හෝ පසුබැස්සේ නැත, ඔහු ශාලාවේ ඇති රූපය දෙස සමීපව බලා සිටියේය.
“ඒ නපුංසක පාර්ශවය දැන් මුලිනුපුටාදමලා අවසන්. උකුමාණෝ කතා කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා , ඔහු වැඩිපුරම වෛර කරන්නේ මහජනයා රවටා සියල්ල පාලනය කරන්න තම බලය අනිසි ලෙස භාවිතා කිරීමට කැමති ශෙන් ස'චුආන් වගේ ද්‍රෝහී නිලධාරීන්ට යි! මහත්වරුනි, ඔහුව මරණ තැනැත්තාගේ කුසල් ක්‍රියාවන් ඉදිරි කාලය තුළ ඉතිහාසයේ සටහන් වලා ප්‍රසිද්ධ වීරයෙක් බවට පත්වේවි!”
ච්‍යාඕ ත්‍යැන්යා රහසින් කෙළ ගැසුවේ ය. මෙම මහත ෂී ස්වාමියාගේ කථන ස්වභාවය සැබවින්ම විශිෂ්ට විය. ඔවුන්ගේ ඔහුගේ කට වසා දමන්නට නොහැකි වුවහොත් , ඔහුට කළු කපුටත් සුදු වර්ණයට පවා හරවන්න හැකියාව ලැබෙනු ඇත! ච්‍යාඕ ත්‍යැන්යා වහාම අවසරපත සගවාගෙන පහතට පැන්නේ ය, එහිදී ඔහු සතුරන්ට මුහුණ දෙන්නට තමන්ගේ අසිපත ඇද ගත්තේය.
මළුවේ ගිනිදැල්වලට වඩා රුධිරයේ දීප්තිය කැපී පෙනුණි. ඉදිරියෙන්, දර්ශනය ඒ වන විටත් අවුල් සහගත විය, සෑම තැනකම කෑගැසීම් සහ මොරදීම් සමඟ සාප්පු හිමියන්, පොත් ළග තබාගන්නන් සහ සේවකයින් හිස් ලූ ලූ අත දිව ගියහ. පිටතින් රක්ත අශ්වාරෝහක සේනාවෝ වේගයෙන් ගමන් කළ අතර, ඒ වන විටත් සියලු දොරටු අවහිර කර තිබුණේ ය.
ශාලාවෙන් තුළින් එක්වරම හැඩි දැඩි රුවක් මැවී පෙනුණි. ෂී හොංෂුආන් උදාසීන ලෙස බලා සිටියේය. ඒ ශරීරය කඳක් සේ සෘජුව පිටුපසට නැමී, පඩිපෙළ මතින් පෙරළී ආයේ ය, එහි ගෙලින් නොනවත්වා රුධිරය ගලා ගියේය. ශෙන් ස'චුආන් තම අසිපත ඉවත් කර එය ඔහුගේ කොපුව මත රඳවා, පසුව මෘත දේහය මතින් ගමන් කර එකින් එක පියවර තබමින් පඬිපෙල පහළට ගියේය.
ෂී හොංෂුආන් එක්වරම සිනහ හඬ නැගුවේ ය. ඔහුවම වෙව්ලා යන තරමට හේ සිනහවුයේ ය. ඔහු පැවසුවේ ය, “මාව තවමත් ඔබ සමඟ සැසඳන්න බැහැ. ඒත් මේ හේතුව නිසා මාව ඝාතනය කළොත් , මහරජාණෝ පවා ඔබට දොස් පවරන්න සහ දෝෂාරෝපණය කරන්න එඩිතර නොවේවි."
ශෙන් ස'චුආන් හිස හරවා තවමත් ඇවිලෙමින් පවතින ගින්න දෙස බැල්මක් හෙළුවේ ය. “ඔබ මුලින් ම මෙතරම් ඉක්මනින් මිය යන්න අදහස් කළේ නැහැ.”
ෂී වාසස්ථානය සම්පූර්ණයෙන්ම ගිනිබත් වී ගිය අතර එයින් දිවි ගලවාගත් ඇතැමුන්ව රාජකීය ආරක්ෂකයන් විසින් සිරභාරයට ගෙන බන්ධනාගාරගත කළේ ය. ශෙන් ස’චුආන් සතුව ෂී හොංෂුආන් කළ සියල්ලෙහිම දෑ තිබුණි– ඔහු කුලියට ගත් පුද්ගලයන් සහ අතඩංගුවට ගන්නට විරෝදය දැක්වූ අවස්ථා ඇතුළුව – ඒ සියල්ලම මතක වාර්තා සටහනේ ඇතුළත් වූ අතර හේ ඒ සියල්ලම ලී ජ්‍යන්හෙං පුද්ගලිකව මුණගැසී වාර්තා කළේ ය.
ලී ජ්‍යන්හෙං මහන් සේ කම්පනයට පත් වූයේ ය. නමුත් ෂී හොංෂුආන් ඔහුගේ නිවසේ මිනිසුන් එක්රැස් කළ බවට ප්‍රතික්ෂේප කළ නොහැකි තරමේ සාක්ෂි තිබූ අතර රාජකීය ආරක්ෂකයින් අධිකරණ අමාත්‍යාංශය හරහා මේ පුද්ගලයින්ගේ පසුබිම හොඳින් පරීක්ෂා කර තිබුණි. රාජකීය වාරකයන්ට පවා එහි වරදක් සොයා ගන්නට නොහැකි වන පරිදි මේ කාරණය කිසිදු ලිහිල් අන්තයකින් තොරව මනා ලෙස හසුරුවන ලද්දේ ය.
වෙයි හුඅයිගූ කපටි උපක්‍රමශිලී අයෙක් විය. මෙයදැකීමෙන් පසු , ඔහු තම සිසුන්ට ස්වර්ගයේ පුත්‍රයාගේ මනසට විෂ කවා නොමග යැවූ ද්‍රෝහී පිළිලයක් ලෙසට ඒත්තු ගන්වන ලෙස පැවසුවේ ය. ඔහු ෂී හොංෂුආන් උතුමාණන්ට හානි කිරීමට උත්සහ කිරීම ගැන හෙළා දුටුවේ ය. ඖහුආ මණ්ඩපයේ කඩා වැටීම ඇත්ත වශයෙන්ම ඔහු විසින්ම සම්පූර්ණයෙන් සැලසුම් කරන ලද්දකි. වෙයි වංශය තම වරදින් නිදහස් වෙන්නට සියලුම උත්සහයන් සැරුවෝ ය. මේ පිළිදර අවසන තේ පැන් සිසිල් වනවා බදු තත්යකි. (4.)
එහෙත්, ග' චිංචිං චූදු හි වීදිවල සහ මංතීරුවල අස්සක් මුල්ලක් නෑර සෙවීමට හා සියලුම ඇතුල්වීම් සහ පිටවීම් ලේඛන පරීක්ෂා කරන්නට මිනිසුන් යෙදවූ විට පවා , චී හුයිලියන් සහ ජී ගැංව සොයා ගන්නට ඔවුන් කිසිම විටක සමත් වූයේ නැත.
"ඔවුන් නිසැකවම තවමත් චූදු වල ඇති." ශෙන් ස'චුආන් ලේඛන සියල්ලම මේසය මත තබා වසා දැමුවේ ය. “ඔහුගේ අරමුණ ඇදුරුතුමා ලවා මට තර්ජනය කරන එකයි. ඔවුන් චූදු වලින් පිටතට යැව්වොත් - ඔහු එහෙම කළොත් නම් - ඔහුට ඔවුන්ව පාලනය කරන්න සහ හසුරවන්න අපහසු වේවි."
"ඇදුරුතුමා විශාරදයෙකි, නමුත් ෂිෆු පුද්ගලයන් කිහිප දෙනෙකුට සමාන වටිනා විරුද්ධවාදියෙක්." ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේ ය, “මේ දවස්වල මම දැනටමත් ඔවුන්ව රහසිගතව සොයන්න මිනිසුන් යවලයි තියෙන්නේ. එයින් කුමක් හරි දෙයක් හෙළිවේවි. ”
ශෙන් ස'චුආන් කිසිවක් පැවසුවේ නැත.
ශෙන් ස'චුආන් තමාගේම සිතුවිලි තුළ ගැඹුරින් ඇලී සිටිනු දුටු ච්‍යාඕ ත්‍යැන්යා පිටව සූදානම් වෙද්දීම , ශෙන් ස'චුආන් ඔහුට කතා කළේය, "අද රාත්‍රියේ වෙනත් දේවල් නැති නිසා මම මෙයිහුආ වාසස්ථානයට යනවා. සාකච්ඡා කළ යුතු කරුණු රාශියක් තියෙනවා. ඔබ මුලින්ම පිටත් වෙලා මා එනතුරු බලා ඉන්න. ෂ්‍යැන්යුන් තානායමේ ෂුඒ ෂ්‍යුජුඕට ට විකුණපු පුද්ගලයින්ගේ කණ්ඩායමේ අය කවුද කියලා ගූ ජින් ගෙන් අහලා දැන ගන්න.
ච්‍යාඕ ත්‍යැන්යා නිලධාරි පවුලක තරුණ ස්වාමිවරයෙක් විය. මේ මොහොතේ ඔහුට තම වැඩිමහල් නෑනා කලින් කියූ කවියක් සිහිපත් විය.
මාණික්‍යයන් වැනි පර්වත කන්ද එබඳු ය; මාණික්‍යන්ගෙන් සෑදී තිපෙන පයින් වනාන්තරය මෙන්ම.
ඔහුගේ ඇදහීය නොහැක අලංකාර ස්වභාවය, ඒක ආකාරයකි; කිවිවෙකුටත් දෙවැනි නොවන්නකි. දිව්‍යමය පුද්ගලයෙකි. (6.)
ඔවුන් දෙදෙනාම එකිනෙකා හා කතාබස කර නොතිබූ අතර, ච්‍යාඕ ත්‍යැන්යා දැනටමත් ඔහු කවුදැයි දැන සිටියේය.
"ඇත්ත වශයෙන්ම විවේකී පුද්ගලයෙකුගේ සාරාංශය." ච්‍යාඕ ත්‍යැන්යා වාහල්කඩින් ඉහළට ගොස් පලගනාව බිම තැබුවේ ය. “මේ වගේ තාලයක් වයන දිහා ඔයතරම් බලා ඉන්න ඕනේ නැහැ. ඔබ ඉගෙනගන්න උනන්දු නම්, මට ඔබට උගන්වන්න පුළුවන්.
හේ ඔහුගේ දෑස් ඔසවා ඔහු දෙස බැලුවේය. ඔහු සිනාසෙමින් පවසන්නට විය, “මම මත්පැන් ගැන හිතුවා විතරයි. ඒවා පැමිණියා මම තාලය සෙව්වා , තාලයඅත ළඟටම ආවා. යාළුවා, ඔබ තමයි ඇත්තටම මගේ වාසනාවන්ත තාරකාව."
“මේ වාසස්ථානයේ වසත් කාලය විශිෂ්ටයි. කාවුරුවත් ම එය අගය නොකරන එක කණගාටුවට කරුණක්. වසන්තයේ දසුන් විඳිමින් සිටියදී මට ඔබ හමුවීම දෛවෝපසහගතයි. ඒ වගේම මට මේ තනුවට සවන් දෙන්න ලැබීමත් දෛවෝපසහගතයි. සමීප ආගන්තුකයට මෙලොවට පැමිණීම දුෂ්කර දෙයක්. මම හොඳින් ගූචිනය වාදනය කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයකට දක්ෂ නැහැ. මම කියන අවස්ථාව ඔබට මඟ හැරුණොත්, ඔබට උගන්වන්නට තරම් වෙන කිසිවෙක් නොසිටීවි." ච්‍යාඕ ත්‍යැන්යා හිටගෙන තමාටම මත්පැන් වත් කරගත්තේ ය. බදුනක් පානය කිරීමෙන් පසු ඔහු තම නිකට ඇලකර මිනිසා දෙස බැලුවේ ය. "ඉතින් ඔබ ඉගෙන ගන්නවාද නැද්ද?"
“කෙනෙකුගේ ගුරුවරයාට සේවය කිරීම කෙනෙකුගේ පියාට සේවය කිරීම හා සමානයි.” මෙම පුද්ගලයා තම බළලාට උසුළු විසුළු කරන්නට ගූචිනය බිම තබා ඔහුගේ මාණික්‍යයෙන් නිමවූ පලදනාව එල්ලා ගත්තෙ ය. ඔහු ධෛර්යවන්ත හා නොපසුබට ලෙස පැවසුවේ ය. "මට ඔබව මගේ ගුරුවරයා ලෙස පිළිගන්න පුළුවන්. නමුත් අයෙකුගේ ගුරුවරයෙක් වෙන්න නම්, ඔබ පළමුව ඒ කෙනාට ඒ ගැන ඒත්තු ගන්වන්න ඕනේ."
ච්‍යාඕ ත්‍යැන්යා තම මදක් රැවුලවැවී තිබූ නිකට පිරිමැද්දේ ය., “මම, ච්‍යාඕ ත්‍යැන්යා, කවදාවත් බොරු කියන්නේ නැහැ. ඔබ මාව විශ්වාස කරන්න කැමති නම් මාව පිළිගන්න. නැත්තම් ඒක අමතක කරන්න."
ඔහු මාණික්‍ය පලඳනාවේ ග්‍රහණය ලිහිල් කර ඔහු දෙස බැලුවේ ය. ටික වේලාවකට පසු ඔහු සිනාසෙමින් ඔහු පවසන්නට විය "මම ඔබව විශ්වාස කරනවා"
◈ ◈ ◈
❤️❤️❤️
ReplyDelete💕💕💕
Delete❤️❤️❤️
ReplyDelete💕💕💕
Delete❤️❤️❤️❤️
ReplyDelete