Skip to main content

අසූ එක්වන පරිච්ජේදය | සෙවණැලි.

බන්ධනාගාරයේ තිබූ ආහාර අපිරිසිදු වූ ඒවා හෙයින් ෂී හොංෂුආන්ට උදරාබාධයක් පවා වැළඳී තිබුණේ ය. වසංගත කාලසීමාව තුළ ඔහුගේ ශරීර පුකෘතිය බොහෝ සුර්වල වී තිබුණ​ා පමණක් නොව , ඔහු දැන් පෙරටත් වඩා දුක්ඛිත තත්වයකට පත්ව සිටියේ ය. ඔහු මානසිකව හොඳ මට්ටමක නොමිටි හෙයින් , බොහෝ විට උදාසීන ලෙස නින්ද ගියේ ය. එපමණක් නොව ඔහු අවධි වන සෑම අවස්ථාවකම වටපිටාව අදුරෙන් ගිලී තිබුණ අතර ක්‍රමයෙන් ඔහු තුළ කාලය පිළිබඳ නිශ්ච්තභාවයත් ඇණ සිටියේ ය.

කාමරයට වාතාශ්‍රය ලබා දීමට කිසිදු ජනේලයක් නොවූ සේම, මේ පටු හා කුඩා කාමරය අපිරිසිදු හා පුස් දුගඳකින් යුක්ත වූ අතර තෙත්, අපිරිසිදු ගන්ධය සෑම තැනකම වසාගෙන තිබුණේ ය. සාමාන්‍ය මිනිසෙකුට එය විඳදරාගැනීමට හැකියාවක් තිබුණේ නැත.

ෂී හොංෂුආන් දරුණු ලෙස රෝගාතුරව සිටි නමුත් ඔහුට අවශ්‍ය තරම් නිදහසේ තම ශරීරය හරවන්නට සහ චලනය කරන්නට නොහැකි විය. ඔහුට කළ හැකි වූයේ පැදුර මත අංශභාගය ඇති අයෙකු සේ වැතිරී ඔහුගේ සිහිය තෙත් සහ සීතල වාතාවරණය සමඟ පාවී යන්නට ඉඩ හැරීම පමණි.

සුපුරුදු පරිදිම, සේවකයා කවුළුව හැර බත් පළඟනාව ඇතුළට තල්ලු කළේ ය. , නමුත් ඔහුට අද ෂී හොංෂුආන්ගේ කිසිදු චලනයක සේයාවක් නොහැසුණේ ය. එහි වූ සිදුරෙන් එබී බැලු ඔහුට දකින්නට ලැබුණේ ෂී හොංෂුආන්ගේ එල්ලා වැටී තිබුණු හස්තයයි. සේවකයා ඔහු මියගොස් තිබෙදැයි බිය වූ නිසා හේ දොර විවර කළ ආලෝක ලාම්පුවත් අතැකිව ඇතුලට ගොස් එහි ආලෝකයෙන් ෂී හොංෂුආන්ගේ මුහුණ පිරික්සුවේ ය.

ෂී හොංෂුආන් තම ඇසිපිය විවර කරන්නට පවා මහත් වෙහෙසක් දැරුවේ ය. වියළි ගය දොතොලිනුත් මුවිනුත් යුතුව ඔහු පවසන්නට විය. "ම... මහත්මයා, කරුණාකරලා මට වතුර ටිකක් දෙන්න."

සේවකයා ඔහුගේ දෑතින් වතුර භාජනයක් ගෙන එය අනෙක්පස හරවමින් ඔහුගේ මුහුණට ජලය වත් කළේ ය.

ෂී හොංෂුආන් සිය මුවට ජලය දමා ගන්නට දෙතොල් විවර කරමින් මහත් වෙහෙසක් දැරුව මුත් , ඒ ජලය ඔහුගේ ඇදුමේ කරපටි තෙත්කරමින් උරාගත්තේ ය. ඔහු ජලය පානය කළ පසු තතනමින් කීවේ ය., "ස්තූතියි, ස්තූතියි!"

සේවකයා බදුන ඉවතට විසි කර, ආලෝක පඥන රැගෙන පිටව යන්නට විය.

අනපේක්ෂිත ලෙස සවිමත් වූ ෂී හොංෂුආන් හදිසියේම සේවකයාගේ ඇඳුම් වලින් අල්ලා ගත්තේය. ඔහු තම මුහුණ මත සිහින් සිනහවක් බලහත්කාරයෙන් රදවාගත්තේ ය. "යාළුවා , මට කියන්න. මේ *කැස්ස*! මේ ස්ථානය කොහෙත්ම බන්ධනාගාරය නෙමෙයි, මම හරිද?"

සේවකයා ෂී හොංෂුආන්ගේ ගේ අත ඉවතට තල්ලු කළේ ය. නමුත් ෂී හොංෂුආන් ඒ වෙනුවට ගොරෝසු හඬින් සිනාසුණ අතර , පැදුර මත වැතිර සිටිමින් දරුණු ලෙස හුස්ම ඉහළට පහළටත් ඇද්දේ ය. ඔහු තම තෙමී ගිය වස්ත්‍ර ගත දවටාගෙන , අඳුරු වහලය දෙසට නෙත් යොමු කළේය. ඔහු පැවසුවේ ය, "මේ ස්ථානය බන්ධනාගාරය නෙමෙයි ... මම ... මට ඒක බොහෝ කලකට පෙර හිතන්න තිබ්පා! දැනටමත් දින කිහිපයක් ගත වෙලා. කොං ච්‍යු මගෙන් ප්‍රශ්න නොකළත්, මේ වෙද්දි අධික්ෂණය කරන්න අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පැමිණිලා ඉන්න ඕනේ... හරිම නිහඬයි... මෙතැන හුඟක් නිහඬයි..."

ෂී හොංෂුආන් පවසද්දි , ඉක්මනින්ම ඔහුගේ දෑස් සේවකයා දෙසට යොමු කළේ දැඩි ආකාරයෙනි.

"මම ගණනය කිරීම් කිහිපයක් කළා. ඔබ සෑම දිනකම හරියටම එකම වේලාවක ආහාර බෙදා හරින්න පැමිණෙනවා , ඔබ ආහාර පලගනාව හැමවෙලේම තබන්නේ එකම ස්ථානයක. සහෝ , සාමාන්‍ය සේවකයෙක් මේ තරම් දැඩි නැහැනේ! දැනටමත් දින කිහිපයක් ගත වෙලා , ඔබ සමඟ සිරගෙදර දොර මුර කරන්න කිසිවෙකුත් පැමිණියේ නැහැ ... ඔබ මගේ මුදල් පවා පිළිගන්නේ නැහැ, ඔබේ මේ අත් පවා අපිරිසිදු පැල්ලමක්වත් නැති පිරිසිදුව හා පිළිවෙලට තියෙනවා. ඔබ හොඳින් වැඩුණු උස, විචක්ෂණශීලී සහ සැලකිලිමත් අයෙක් - ඔබ රාජකීය ආරක්ෂකයෙක්, මම හරිද?! "

ආලෝක පහන ද රැගෙන දොර වසද්දි සේවකයාගේ මුහුණේ නිරුත්තර හැගීමක් සටහන් ව තිබුණි. ෂී හොංෂුආන් එය වටා එතෙමින් ගැටෙන ලෝහ දම්වැල් වල ශබ්දයට සවන් දුන් අතර, ඉන් පසු ඔහු යටින් ඇති පැදුරට තදින් පහර දුන්නේය.

"ශෙන් ස'චුආන්... ශෙන් ස'චුආන්!" ෂී හොංෂුආන් තම යටිපතුල් රත් පැහැ වන තුරු පහර දුන්නේය. ඔහු හදිසියේම කෑගසා බෙරිහන් දුන්නේ ය, "මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා... තමුන් මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා හිතු​වා මම! ඔබ. ඔහුට කියන්න.... ඔහුට එන්න කියන්න!"

අඳුරු සහගත වටපිටාවෙන් ඔහු​ට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණේ ය.

ෂී හොංෂුආන් ඔහුගේ ඇඟිලි ත පැදුර තුළට හාරා දැමුවේ ය. ඔහු ද්වේෂ සහගත ලෙස කෙළ ගසන විට ඔහුගේ සිහිය අවුල් ව ගියේ ය, "ඔහුට මුදල් අවශ්‍යයි, නේද? ඔහුට කතා කරන්න. ඔහු මට එළියට යන්න දෙනවනම් ... ඔහු මාව එළියට ගන්නවනම්..." ඔහු බලහත්කාරයෙන් තම කෙල ගිල දැමූ අතර, හදිසියේම ඔහුගේ කොණ්ඩයෙන් ඇදගනිමින් හුස්ම හෙළුවේය, "මම ඔහුට මුදල් දෙන්නම්! මට තවත් මේ *​&#@ දරාගෙන ඉන්න බෑ!"

සේවකයා තමා අසල ආලෝක පහනද තබාගෙන පිටත වාඩි වී තම මත්පැන් සමග බෝංචි ඇට මුව රැවාගනිමින් සිටියේ ය. ඔහු පිටුපසින් ඇති ලෝහ දොර ෂී හොංෂුආන් විසින් අවහිර කිරීමත් සමඟම, ඇතුළතින් ඇසුණේ රාත්‍රියේ සුළඟ මෙන් සිහින් හැඬුම් සහ කෙඳිරිලි හඬවල් පමණකි.

ෂී හොංෂුආන්ගේ දෑස් අපැහැදිලි ව තිබුණේ ය. තමා නින්දට වැටුණහෝ නැවත අවදි නොවේවි යැයි බියෙන් හේ නිදාගන්නට එඩිතර නොවුණේ ය. ශෙන් ස'චුආන් නැවත පැමිණෙන විට ඔහු සන්සුන් ව සිටියේ ය.

ශෙන් ස'චුආන් තම දෙපා වලින් සිටගෙන ෂී හොංෂුආන්ව අධ්‍යයනය කළේ ය.

ෂී හොංෂුආන් වරක් මුහුදු හරහා ගමන් කරද්දී මරණයේ දත් වලින් ගැලවී ආවේ අනූනමයෙනි. ඔහු ඒ මරණීය තත්වයෙන් ගැලවී පලා ආ දා සිට ඔහු කිසිදු විටෙක එවැනි කණගාටුදායක තත්වයකට පත්ව නොතිබුණේ ය. ඔහු වරදගත් වංශවලින් පැවත එන අනෙකුත් පරම්පරාවන්ට වඩා වෙනස් වූයේ ය. මංමුලා සහගත තත්වයන්ට හසුවන්නට ඔහු බිය නොවූ අතර අවාසනාවන්ත දෑස් වලට ඔහු බිය නොවීය. හේ පවසන්නට විය, "ලන්ජෞ, උඹට ධෛර්යය තියෙනවා! මිලියන හතරක්... ඔබේ පැහැරගැනීම නිසා මම මරණය ආසන්නයටම ඇද වැටිලා අවසන්. "

"මේක හොයා ගන්න පහසු ස්ථානයක් නෙමෙයි. එය එතරම් කැපී පෙනෙන තැනක් නෙමෙයි වගේම , බොහෝ දුරින් තියෙන්නත් බැරි තැනක්." ශෙන් ස'චුආන් මෘදු ලෙස සුසුමක් හෙළුවේ ය.

 "ඔබේ නිරීක්ෂණවලදී ඔබ මෙතරම් සූක්ෂ්ම හා විචක්ෂණශීලී නොවේවි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ."

ෂී හොංෂුආන් ඔහුගේ හස්තය වනමින් පැවසුවේ ය. "මිනිසුන් මුදල් වෙනුවෙන් මැරෙනවා , කුරුල්ලෝ ආහාරඉවෙනුවෙන් මැරෙනවා. සහෝදරයා, මම ඔබට මීටත් වඩා මුදල් ප්‍රමාණයක් දෙන්න කැමතියි! ඒත් ඔබට මගේ ජීවිතය මේ තරම් පුංචි මුදලකට වටින්නේ නැති වේවි නේ..." ඔහුගේ ස්වරය තරමක් දුර්වල හා අස්ථාවර වූ නමුත් කුසගින්නට සහ අසනීපයට ඔහුට තම තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව අහිමි කරන්නට අසමත් වූයේ ය. ඔහු තවදුරටත් පවසන්නට විය.

"ලන්ජෞ... මට තවමත් අඳුරේ ඉන්නවා වගේ රඟපාන්න තිබුණා තමයි. ෂී වංශයේ යතුරු තියෙන්නේ කොහෙද කියලා දන්නේ මම විතරයි. මට ඔබව අන්දලා මෙතැනින් මගේ උපක්‍රම යොදලා නතරවෙන්න තිබූණා. නමුත් බලන්න, මම එහෙම කළේ නැහැ. මම තවමත් මේ සහෝදරත්වය හදවතේ තබාගෙන ඉන්නවා... ලන්ජෞ! අපි ෂී ගූ'අන් සහ ජී ලෙයි ව ඝාතනය කරන්න එකතු වුණා. ඔබ දැන් රාජකීය ආරක්ෂකයන්ගේ ඊර්ෂ්‍යා සහගත ඉලක්කය වෙලා අවසන්. ඔබ දැන් මාව මරණයට පත් කළොත් , ඔබට ෂී වංශයේ සහයෝගය අහිමි වෙනවා! රාජකීය ආරක්ෂකයන් අතර ඔබ ඉහළට යන තරමට, ඔබට සැරිසැරන්න තියෙන මාර්ගය පටු වනවා. ඔබට පියවරක් ඉදිරියට යන්න අපහසු තරම් දුෂ්කර තත්වයක සිරවී ඉදිමේ හැඟීම මොනවගේද ඔබ දැනටමත් දන්නවා නේද? වැදගත් වංශවල පරම්පරාගත තනතුරු තිබෙන ඒ මහල්ලන්ගෙන් කවුද ඔබට යටත් වෙන්න කැමති වෙන්නේ? ඔබ අභිලාෂකාමී පුද්ගලයෙක්. හැන් චෙංට ඔබව ඉවසනුන පුළුවන් වෙයිද කියලා මටවත් විශ්වාස නැහැ? ඔබ මාව මැරුවොත්, ඔබ හැම අයෙක්ගෙම ඉලක්කය බවට පත් වේවි! "

ශෙන් ස'චුආන් බිම වාඩිවී අත් ලේන්සුවක් තම දෑගිලි අතර තබාගෙන බැරූරැම් මුහුණවරක් සහිතව ෂී හොංෂුආන් දෙස බලාගෙන සිටියේ උපදෙස් ලබාගැනීම සදහා ය. "එහෙමනම්, ඔබේ මතය අනුව, මම මොනවද කරන්න ඕනේ?"

ෂී හොංෂුආන් ශෙන් ස'චුආන්ගේ මුහුණුවර තුළ තිබූ මේ පුකාශනය අනෙකුත්වාර වල දැක තිබුණි; ඔහු තුළ ඝාතනය කිරීමේ චේතනාව ඇවිළී ඇති බව ඔහුට ඉදුරාම කිව හැකි විය.

 ඉතිං ඔහු පිළිතුරු දෙන්නට පෙර හේ සමග බැල්මක් හුවමාරු කර ගනිද්දි දහදියෙන් නෑවි ගොස් සිටියේ ය, "අපි තවම අනෙත් පුද්ගලයා සමඟ කඩා​වැටෙන්න වෙන තරම් තත්වයකට ඇදවැටිලා නැහැ. ශෙන් ස'චුආන් , මම පරාජය වුණා.මම ඒක පිළිගන්නවා! ව්‍යාපාරයකදි පරාජය වීම එතරම් දෙයක් නෙමෙයි. මට මේ වගේ පුංචි දේකට ඔබත් එක්ක අමනාප වෙන්න අවශ්‍ය නැහැ. මම ඔබට බයයි!මේක තමයි ඇත්ත. ඒත් මට ඔබ එක්ක වැඩ කරන්න අවශ්‍යත් ඒ බිය නිසාමයි. ඒ ගැන හිතලා බලන්න. ඔබ මාව මරා දැමුවොත්, ඔබට ඉතුරු වෙන්නේ මිලියන හතරක් විතරයි. ඒත් ඔබ මාව ඔබේ හස්තයේ තබාගත්තොත් , එහෙම වුනොත් ඔබට ෂී වංශයේ කන්දක් තරම් උස රිදීත් රත්තරනුත් ලැබේවි. මම පරාජය බාරගන්නවා! ඉතිං ඇයි ඔබ ඔය දෑත් රුධිරයෙන් තෙත් කරගන්නේ? ඔබට චූදු පාලනය කරන්න තව ඕනැතරම් කාල වේලාව තියෙනවා!"

"ඒකත් සාධාරණ කාරයක් වගෙයි." ශෙන් ස'චුආන් පැවසුවේ ය. "ඒත් මාව "මම පරාජය පිළිගන්නම්" කියන එකෙන් අන්දන්න ටිකක් අමාරුයි , එහෙම නේද? මට අහන්න ලැබුණා දෙවන තරුණ ස්වාමියාට යතුරු හැට අටක් තියෙන බව. ඉතින් අපි ඒවා හතළිහකට හැටකට බෙදුවොත් කොහොමද? එය මගේ මනසටත් පහසුවක් නේ. "

ෂී හොංෂුුාන් මන්දගාමි ලෙස වෙර යොදා නැගිට්ටේ ය . ශෙන්ස'චුආන් දෙස බලද්දි ඔහුගේ දෑස් රෞද්‍ර වී ගියේ ය., "මට ඔබට යතුරු දෙන්න පුළුවන්. ඒත් ඔබ යතුරු ගත්තට පස්සේ , ඔබට ආපහු චී හුයිලියන් ගෙන් ඉල්ලන්න බැහැ. ඒ ගැන මොකද කියන්නේ? ඔබ එකග වෙනවද?"

ශෙන් ස'චුආන් එය බිම දමන්නට පෙර මන්දගාමි ලෙස සිය දෑතේ ඇගිලි එසවූයේ එය අලස දෙයක් වූවාක් මෙනි. ඔහු පවසන්නට විය. "ඔබ හිතන්නේ චී හුයිලියන් වෙනුවෙන් මේ වගේ මුදලක් වටිනවා කියල ද? ඇත්තටම, මට අවශ්‍ය යතුරු විතරයි."

"ඔහුව කිසිවකටවත් වටින්නේ නැත්තං , ඔහුව රඳවා තබා ගැනීම තේරුමක් නැති වැඩක්. මම ඔහුව මරලා දානවා!"

ශෙන් ස'චුආන් හදිසියේම සිනාසෙන්නට විය. ඔහු පවසන්නට විය. "ඔබ හිතන්නේ මම ඔහු සිටින තැන දන්නෙ නැහැ කියලද? අපි දැනටමත් මේ තත්වයට පත්වෙලා ඉන්නවා ඒත් ඔබට තවමත් මාව පරීක්ෂා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා."

"තමුනුයි මාව පරික්ෂා කරන්නේ!" අවසානයේදී ෂී හොංෂුආන් ද්වේෂ සහගත පුකාශනයක් සහිතව ශෙන් ස'චුආන් දෙසට සෙමින් බඩගා ගියේ ය. "මට ඔහේව තේරෙනවා ලන්ජෙී, ඔබ කිහිපවතාවක් එකම උපන්‍රමය භාවිතා කලාම එයින් පලක් නැති වෙනවා. ඔබ පුරුදු වෙලා ඉන්නේ වචනවලින් අනෙක් අයව රවටන්නයි. මේ වෙලාවේ කවුරුවත් කෑ නොගහන විදිහට පෙනී ඉන්න තරමට, ඔබට ඔවුන්ව තව තවත් වැදගත් වෙනවා. ඔබ එදා මළුවෙදි මට ප්‍රයෝගයක් යෙදුවා , ඒ වගේම ඔබ දැනුත් මට යොදන්න හදන්නේ ඒකමයි. මම , ෂී හොංෂුආන්, එතරම් හොද බුද්ධිමත් අයෙක් නොවෙන්න පුළුවන් , ඒත් මම ඒතරම් මෝඩ පුද්ගලයෙකුත් නෙමෙයි . ඔබ ඔහු කොහෙද කියලා දන්නේ නැහැ. ඔබ දැනගෙන හිටියනම් , හාහා! ඔබ මෙලහකටත් මුදල් අරගෙන මාව මරා දමලා! ඉතිං ඒකට යන්න දෙන්නේ කොහොමද ශෙන් ස'චුආන් ? ඔබ පුරා ම හෙව්වත් ඔබට තවමත් ඔහුව සොයාගන්න බැරිවුණා කීවොත් , මම නිවැරදියි නේද?"

ශෙන් ස'චුආන් තම අත් පිස්නාව දෑතින් මිරිකාගත්තේ ය.

ෂී හොංෂුආන් ඔහුගේ අපිරිසිදු කොණ්ඩය පසෙකට දැමුවේ ය, "ඔබ කතාවට දක්ෂ වෙන තරමට , ඔබට එක දෙයක් අමතක වෙලා. ඒ තමයි , ඔබ ඔහුව සූක්ෂ්ම ලෙස සහ ප්‍රවේශමෙන් සඟවලා තිබ්බත් මට සැක කරන්න තියෙන සාක්ෂි දැනටමත් ප්‍රමාණවත්. මම ඔබව ටිකක් විශ්වාස කළත්, මම තවමත් ඔබෙන් ආරක්ෂා වෙන්න ඕනේ. ඔබ සමඟ ගනුදෙනු කරද්දි බිය වෙන්න ඕනේ කාරණය තමයි ඔබ ආපහු හැරිලා මට පිහියෙන් අනීදෝ කියන එක. "

ෂී හොංෂුආන් දෙස බලද්දී ශෙන් ස'චුආන්ගේ දෑස් හැඟීම් විරහිත විය. "එහෙම නම් , ඔබට අවශ්‍ය මොනවද?"

"මට ඕනේ මෙතැනින් පිටතට යන්නයි." ෂී හොංෂුආන් දොර දෙසට ඇඟිල්ල දිගු කළේය. "මට මෙතනින් නොමැරී එළියට යන්න ඕනෙ. මට අද රාත්‍රියේ පිටතට යන්න බැරිවුනොත්, හෙට උදෑසන චී හුයිලියන් ගේ මෘත දේහය ඔබේ දොරකඩ තියේවි. ඔබ මාව විශ්වාස කරනවාද? ඔබ උත්සාහ කරලා බලන්න කැමති නම්. ධනය වෙනුවෙන් තම ස්වාමියා පාවා දුන් ඒ දේශද්‍රෝහී අවජාතකයා ෂී දාන් ඔබට කියන්න ඇති මගේ අණ යටතේ සිටින සියලුම මිනිසුන් අපේ වංශයේ වහලුන්ගේ දරුවන් කියලා. මම ආරක්ෂාවෙදි සිය ගණනක් පුද්ගලයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. මට පිටතට යන්න බැරි වුනත්, චී හුයිලියන් ව මරා දාන්න මා ළග හුගක් ක්‍රම තියෙනවා! "

"ඔබ පවසන්නේ බොරු."

ශෙන් ස'චුආන් හදිසියේම නැඟිට, ඔහු තුළ වූ එම අඳුරු, නිර්දය හැඟීම් මේ අපිරිසිදු කාමරය තුළ පුපුරා හැරියේ ය. අඳුරේ සැඟවී සිටින යම් ආකාරයක මැවුම්කරුවෙකු බවට ඔහුගේ ඒ මුහුණ බොඳව යන තෙක් ඔහු අඳුරු බව ප්‍රයෝජනයට ගනිමින් පියවරෙන් පියවර පසුපසට ගියේය.

"මේ ස්ථානය පිටස්තරයන්ගෙන් හුදෙකලා වෙලයි කියෙන්නේ. ඔබ කොහොමද අනෙක් අය අතේ පණිවිඩ හුවමාරු කරන්නේ? මරණය අත ළඟ තිබියදීත් මාව රවට්ටනවා, ඔබ තවමත් කියනවද ඔබව උත්සාහ කරන්න කියලා?" ෂෙන් සෙචුවාන් ශීතල ස්වරයෙන් සිනහවක සෙවණැල්ලක් සමඟ පැවසුවේ ය. "එසේ නම් සහතිකයි. අපි උත්සාහ කරලා බලමු. මම ඔබව පිටතට යවන්නම්."

"මට කලින් ඔබෙන් ආරක්ෂා වෙන්න හැකියාවක් තිබ්බනම් , මට දැන් ඔබට එරෙහිව පූර්වාරක්ෂාවන් ගත නොහැකි වුනේ ඇයි?!" තත්ත්වය නරක අතට හැරෙන ආකාරය දුටු ෂී හොංෂුආන් සීතල දහඩියෙන් තෙත් ව සිටියේ ය. ඔහු වහා තම හඬ අවදි කළේය, "මම බොහෝ කලක සිට මුරකරුවන්ට කීව්වා මම සෑම මසකටම භාගයකට වරක් පහළට ගමන් කරන බව. මම එහෙම නොකළොත් , ඔවුන් පහර දේවි! ඔබේ වචන විශ්වාස කරන්න මා එඩිතර ද කියලා ඔබ අවසන් වරට මගෙන් ඇහුවා. ශෙන් ස'චුආන්, මම මේ වතාවේ ඔබෙන් අහන්නම්. ඔබත් මාව විශ්වාස කරන්න තරම් නිර්භීත ද?!"

ශෙන් ස'චුආන් ශබ්දයක් හෝ පිට නොකළේ ය.

ෂී හොංෂුආන් තම කටහඩ යටපක් කරලත්තේ කමාවම සනසවා ග්නනවාක් මෙනි , "ඔබට ෂී දාන්ගෙන් මිලට ගන්න පුළුවන් නම් , ඔබ දැනටමත් දැගනගෙන ඉන්න ඕනේ චී හුයිලියන් ඉන්න තැන දන්නේ මම විතරයි කියන එක. මේ ලෝකේ කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ කියන එක මම තේරුම් අරගෙන හුඟ කාලයක් වෙනවා ,ඉතිං ඒ නිසා මට ගැලවෙන්න ඕනැ තරම් මාර්ග තියෙනවා. ලන්ජෞ, අපි දෙන්නම දැනටමත් පැරදිලා නේද? අපි එකිනෙකා එක්ක තරහා වෙන එකේ ඇති වැඩේ මොකද්ද. ඔබ මේ හැම පියවරක් ම ගන්නේ වාසිය වෙනඅවෙන් නෙමෙයි ද? මේකෙන් එතරම් ලාභයක් නොලැබෙන නිසා ඔබ එය නොකරන බව මට සහගතිකයි. ඔබට අඩුපාඩු වෙලා තියෙන්වේ මොනවා වුනත්, මට ඒ සේරම තියෙනවා, මම ඔබට ඒ සේරම දෙන්නම්. ඔබ කරන්න ඕනේ ඔබේ පඅඥාවයි දැනුමයි මට ණයට ටදන එක විතරයි. ඊට පස්සේ අපිට චූදු සමෘදිමත් දේශයක් කරන්න පුළුවන්. බලන්න ලී ජ්‍යන්හෙං දිහා. ඔහු ැනර්ඝ අධිරාජ්‍යයෙන්, ටිකක් විතර දුරින් ඉන්න අයෙක්. ඔබටත් මටත් වඩා හොද සාර්ථකත්වයේ මාවතක් පෙන්වන අයෙක් ඔහු. අපි මේ කතා කරන්නේ එක්වරම ඉහළ නැගීමක් ගැන, ලන්ජෞ! ඔබ හිතනවාද ඔබ මාව මරා දමලා වැදගත් වංශ වලට විරුද්ධ වුනොත් දෙවන ෂ්‍යාඕ උතුමා ඔබව පිළිගනිවි කියලා. ෂ්‍යාඕ වංශයේ නොවරදින සටන් වලදී අපරාජිත දිනාගන්න කීර්තිමත්භාවය කොයිතරම් කාලයක් දිගටම තියෙයි ද? ෂ්‍යාඕ ෆංෂූ දැනටමත් වයසයි. ෂ්‍යාඕ ජීමිංත් මියගියොත් , දෙවෙනි ෂ්‍යාඕගේන් තියෙන හොඳ මොකක් ද? ඔවුන් අසාර්ථක වෙලා කඩා වැටෙන්න නියමිතයි! "

ෂී හොංෂුආන්ගේ ශක්කිය සිදි ගිය බව පෙනුන මුත් ඔහු ඒ හාම ධෛර්යමත් විය.

"ලන්ජෞ, ඔබටයි මටයි දෙන්නටම අන් අයගේ පාලනයට යටත්වෙලා ඉඳිම දුෂ්කර වෙලා , දැන් ඔබට තවමත් දෙවන ෂ්‍යාඕට යටත් වෙලා ඔහුගේ අභිමතය විදිහට ඉන්න අවශ්‍යද? මේ ලෝකයේ ඔබ​ට කවදාවත් අත්හැරිය නොහැකි එකම දෙය බලය සහ මුදල් විතරයි! මාත් එක්ක එකතු වෙන්න, මම ඔබට සල්ලි දෙන්නම්. ෂී වංශයේ කීර්ති නාමය නොවෙනස්ව තබා ගන්න ඔබ මට උපකාර කරන්න , අපට අපේ ව්‍යාපාරික ගනුදෙණු ඉහළ මට්ටමකට ළගා කරගන්න පුළුවන්. ඒ කාලය ආවම , බලය විහිළුවකට ගන්න කිසිම කෙනෙකුට ඔබවවත් මාවවත් ඉවත් කරන්න බැරි වේවි! ඔබට කලින් අවශ්‍ය වුනේ මා අනෙක් වංශ ගිල දමලා මාව රජ කෙනෙක් කරවන්නයි. එසේනම් ඔබ සීමා වලින් වටවෙලා එක රාමුවක හිරවෙලා ඉන්නේ ඇයි? අනිත් එක , චොංබෞ වල ප්‍රාන්ත හයත් තියෙනවා නේ. ඔබ අතීතයේ විඳපු අවමාන වලට පළිගන්න චොංබෝ ආයෙමත් ගොඩනඟන්න ඔබට අවශ්‍ය නැද්ද? ශෙන් වෙයි ගේ ගේ නම කවදාවත් සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැරිවෙයි , නමුත් ඔබට චොංබෝ වල දොරටු කඩා දමන්න මුදල් භාවිතා කරනුන පුළුවන්. ඔවුන් මේ වන විට කොතරම් දුප්පත්ද කියනවා නම් , ඔවුන් තම දුෂ්කරතාවලදි ආහාර වෙනුවෙන් දරුවන් පවා හුවමාරු කරගන්නවා. ඔබ දිව්‍යලෝකයෙන් පහළ වූ දෙවියෙකු වගේ වේවි. ඒ වෙද්දි, ඔබට යටත් වෙන්න ප්‍රතික්ෂේප කරනුන තවමත් නිර්භීත වෙන්නේ කවුද? ඔබට ශාප කරන්න එඩිතර වන්නේ කවුද? මේ සේරම වෙනුවෙන් ඔබට මුදල් ලබා දෙනුන පුළුවන් අධිරාජිනියටවත් එහෙම කරන්න පුළුවන් ද? දෙවන ෂ්‍යාඕ ට එ්ක කරන්න පුළුවන් ද? ලන්ජෞ, ඔබ තාමත් පසුබට වෙන්නේ මොනවටද? අපට තවමත් හමුදාවන්ට එකතු වෙලා පෙර වගේම ඉහළට යන්න පුළුවන් නේද. "

ශෙන් ස'චුආන් ඔහුගේ වදන් වලින් සංවේගයට පත් ව සිටියේ ය. ඔහු තවදුරටත් ඝාතන චේතනාවෙන් පිරී සිටින බවක් පෙනෙන්නට නොතිබූ අතර, ඔහුගේ ස්වරයද මදක් මෘදු ව තිබුණේ ය. "ඔබ මීට පෙර මේතරම් අවංකව සිටියා නම්, අපිට ගැටුමකදි එකිනෙකාට මුහුණ දෙන්න මේ තරම් දුර යන්න වුවමනා වෙන්නෙ නැහැ නේද? එහෙම නේද? ඔබ නිවැරදියි. ඔබටත් මටත් කරදරවලින් ගැලවෙන්න පුළුවන් බලයන් ළගා කර ගැනීමෙන් විතරයි. "

"මම වෙළෙන්දෙක්. ව්‍යාපාරිකයෙක් මුල් තැන දෙන්නේ ලාභයටයි. අපේ සහයෝගීත්වයෙනු එතරම් ප්‍රයෝජනයක් නැත්තම් , මම මේ විදිහට මගේ හුස්ම නාස්ති කරන්නේ මොනවටද? " ෂී හොංෂුආන්ගේ පිටුපස කසන්නට පටන් ගත්තේ ය. පසුගිය කඩා වැටීමේදි සිදුවූ තුවාල දැවෙනවාක් මෙන් ඔහුට හැඟුණේ ය, මේ දිනවල එය පෙරටත් වඩා දැඩිව දැනුණේ ය. ඔහු මඳ හුස්මක් ගෙන , පසුව දිගටම පවසාගෙන ගියේ ය, "එහෙනම් අහිමි වෙන්න තරම් වෙලාවක් නැහැ. මට දැන් පිටතට යන්න දෙන්න. මම පිටතට ගිය පස්සේ , අපට හරි විදිහට සාකච්ඡා කරන්න පුළුවන්."

ෂී හොංෂුආන්ට චූදු වල තිබූ ෂී නිවස්නයේ සටන් සහෝදරත්වයෙන් යුතු සටන් කලා ප්‍රවීණයෝ දස දෙනෙකුට වඩා සිටියේ ය. ඔහු අවසන් වරට ශෙන් ස'චුආන් ව බිය ගැන්වීම වෙනුවෙන් ඔවුන් කුලියට ගන්නට විශාල මුදලක් වැය කළ අතර ඔහු ඔවුන්ව නිතරම තම නිවස තුළ තබාගෙන සිටියේය. ඇත්ත වශයෙන්ම, ඔහු ඒ වන විට කනස්සල්ලෙන් දැවී ගියේය, මන්ද ශෙන් ස'චුආන් සිතන්නේ කුමක්දැයි ඔහුට සිතාගත නොහැකි වූ බැවිනි. ඒ නිසාම, ඔහු තම මාර්ගයන් ගිනි තබා අවසානය දක්වා සටන් කරනුනට අධිෂ්ඨාන කරගෙන, මරා දැමීමේ චේතනාව ද ඇති කර ගන්නට පටන් ගෙන තිබුණි. කුමක් වුවත්, ඔහුට මුලින්ම මෙතැනින් පිටව යා යුතුව තිබුණි - පිටතට යාමෙන් පසුව දේවල් ආපසු හරවන්නට ඔහුට ඕනැතරම් අවස්ථා හා ක්‍රම තිබේවි!

ඔහු සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලීමට වඩා හෙට දවස එනතෙක් බලා සිටිය නොහැකි තරමට ශෙන් ස'චුආන් ව මරා දැමීමට ඔහුට අවැසි විය. දිගු වේලාවක් එකිනෙකා සමඟ ගනුදෙනු කරන්නට හැකි වූයේ බොහෝ විට දෙපාර්ශවයේම අදහස් සමව ගැලපීම නිසා වන්නට පුළුවන. ඔවුන්ට වාඩි වී වෙළඳාම් කරන්නට හැකි කාමරයක් තිබුණි. වර්තමාන ඔහු සහ ශෙන් ස'චුආන් අතර දැනටමත් මෙම සමතුලිතතාවය නැති වී ඇති බව ෂී හොංෂුආන්ට හැඟී ගොස් තිබුණි. ඔහු යම් ආකාරයක මල්ලකට දමා ගැට ගැසුවාක් මෙන් ය, ශෙන් ස'චුආන් නිල මට්ටම් දක්වා ඉහළට යන විට හේ ඔහුව පාලනය කරන්නට බැඳී සිටියේය, එමඟින් ඔහුට ආරම්භයේදි ම හැකි පරිදි තත්වය පාලනය කරන්නටත් සහ චලනය කරන්නටත් ඔහුට තිබූ අවස්ථාව ගිලිහී ගියේ ය.

ෂී හොංෂුආන් තවමත් ගැටලුව ඇත්තේ කොතැනකදැයි දැන නොසිටි නමුත්, ඔහුගේ ව්‍යාපාරික සහජ බුද්ධිය මත පදනම්ව, ඔහු ඒ වන විටත් ඔහුගේ වර්තමාන දුක්ඛිත තත්වය සොයාගෙන තිබුණු අතර , ඔහු මායාවකට හසු වූ මිනිසෙකු මෙන් එකතැන ගමන් කරමින් සිටියේ ය.

ඔවුන් අද දින දක්වාම සාමූහිකව වැඩ කරමින් සිටි නමුත් ෂී ගූ'අන් ෂී වංශයේ යතුරු අතට ගන්නට ඔහුව මරා දැමීම හැරුණු විට, ෂී හොංෂුආන් ට පසුව සිදු වූ සෑම දෙයකම රස විඳීමට හැකි වූයේ තාවකාලික වශයෙන් පමණක් වූයේ ය. ශෙන් ස'චුආන් පමණක් බලය තදින් අතැතිව අල්ලාගෙන හිදිමින් සැබෑ ලෙසම බලයේ ඉහළට ගොස් සිටියේ ය.

ෂී හොංෂුආන්ට තමා මෝඩයෙකු බවට පත් ව ඇති බව විශ්වාස වූ නමුත් ඔහුගේ මුහුණේ තවමත් තිබුණේ අවංක බවකි. එය හරියට ​ශෙන් ස'චුආන් ඇවිද ගිය පොළව වැඳපුදා ගන්නා තරමට ඔහු ශෙන් ස'චුආන් ව අගය කළාක් මෙනි. ඒ අතරම, ඔහු කිසිදු පියවරක් ගන්නට එඩිතර නොවන තරමට ඔහුට බිය ද වූවේ ය.

ච්‍යාඕ ත්‍යැන්යා ද්වාරය තල්ලු කර විවෘත කර ඇතුළත ආලෝක පහනේ ආලෝකය දල්වා තැබුවේ ය. ශෙන් ස'චුආන් ගේ නිරාවරණය වූ හස්තය පිරිසිදු වූයේ ය. එහි ආලෝකයෙන් ඔහු වැසී සිටියේ ය. "කරුණාකරලා , ඔබතුමාට පස්සේ!" යැයි ආචාරශීලීව පවසද්දී, ඔහු වෙනදාට පෙනී සිටි ආකාරයට වඩා වෙනසක් දකින්නට නොලැබුණේ ය.

ෂී හොංෂුආන් හදවතින්ම සැනසුම් සුසුමක් හෙලුවේය.

ෂී හොංෂුආන් හදවතින්ම සැනසුම් සුසුමක් හෙලුවේය

 

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-