Skip to main content

දහතුන්වන පරිච්ඡේදය | ඉක්මන් කරන්න

 අසිපත් පුහුණු කරවීම අසාර්ථක වූවායින් පසුව ශෙන් ජිෂියෑන් හට දැනුණේ සියල්ල අවසන් වූ බවත්, යැන් ජින් ඉදිරියේ සිය ප්‍රතිරූපයට හානි වූ බවකුත් ය. එතැන් පටන් ඔහු යළි එය ගොඩනැංවීමෙහි කිසිදු උනන්දුවක් නොපෙන්වා අලස වූයේය.

එවන් ලැජ්ජා සහගත සිදුවීමක් යැන් ජින් දුටු පසුවත් සිය රංගනය දිගට ම කරගෙන යාමෙන් ඇති ඵලය කුමක් ද?

මවාපෑම ද අතිශය වෙහෙසකරය. ඔහු සන්සුන් ව ඒ පිළිබඳ සිතද්දී පොරෝනය ඉහළට ඇදගත්තේ ය. අවසානයේ දී සිය ගෝලයාගේ පිළිගැනීම ලබා ගැන්මටත්, යහපත් ගුරුවරයෙකු වීමටත් උපකාරී වූයේ ඔහු අභ්‍යන්තරයේවූ යහපත් ගතිගුණ පමණි.

එහෙයින් ම, ඉණ උළුක්කු වීමේ සිදුවීම සමඟ ම වාගේ, වෙනත් විවිධාකාරයේ සිද්ධීන් හේතුවෙන් යැන් ජින්, ශෙන් ජිෂියෑන් හට නොයෙක්වර හමුවන වාතාවරණයක් උද්ගත විය. එය, මසෙකු අහරට ගමින් සිටින ශෙන් ජිෂියෑන් හට එක්වර ම මාළු කටු කැවෙන්නාක් මෙන් විය. ශෙන් ජිෂියෑන් අලස බවින් යුතුව සයනයෙහි වැතිරගෙන කුඩා තෘණ පොහොට්ටුව හා දබර කරන්නට වූයේ ය. ශෙන් ජිෂියෑන් අසිහියෙන් මෙන් අසිපත් පුහුණුවෙහි යෙදුණේ, තෘණ පොහොට්ටුවේ පත්‍රිකාව යාන්තමින් ගෑවී නොගෑවීගෙන වාගේ අසිපත ගිලිහී ගියේ ය. එකෙණෙහි ම එක් මිනිසෙක් සහ තෘණ පොහොට්ටුවක් කෝපයෙන් එතැන ම දබර කරන්නට වූ අතර, දිගට ම එය එසේ ම පැවතිණි.

යැන් ජින් :  "....."

යැන් ජින්ගේ භාව ප්‍රකාශනය සංකීර්ණ විය.

මේ තමන් දැන හුන් ශෙන් ජිෂියෑන් ම ද? ඇතැම් විට නිසැකයෙන් ම ඔහු ආරූඪ වී ඇත......

ඒ අතරේ දී, සිය ප්‍රතිරූපය හානි වීම,  මෙවන් වාසිදායක ප්‍රතිඵලයක් ඇති කිරීම පිළිබඳ ව ශෙන් ජිෂියෑන් මවිත විය. දැඩි ලෙස කරන ලද නානාවිධ උත්සාහයන් තුළින් ඔහුගේ සිත අර්ධයක්වත් මෘදු කළ නොහැකි වීම පිළිබඳව ඔහු කිසිදා සිතා නොතිබිණි. නමුත්, ඔහුගේ අවාසනාවන්ත බව නිසාවෙන් එම තැනැත්තාගේ ම හද අවසානයේ දී මෙළෙක් ව තිබිණි.

පූර්වයේ දෙදෙනා අතර වූ දුරවබෝධයන් සම්පූර්ණයෙන් ම නිවැරදි කළ නොහැකි වුවත්, ඔහු කෙරෙහි වූ ආකල්පය වඩාත් සෞම්‍ය හා සන්සුන් විය. ගුරුවරයාටත් ශිෂ්‍යයාටත් ඉඳහිටක සාමාන්‍ය කතාබහෙහි නිරත වන්නට හැකියාව ලැබිණි.

ශෙන් ජිෂියෑන් අතිශය ප්‍රීතියට පත් ව සිටියේ, එම සංසිඳවීමේ ප්‍රතිපත්තිය නිසැකව ම ක්‍රියාත්මක වීම පිළිබඳව විශ්වාස කළ නොහැකි තරම් විය. ඔහු අතිවිශාල ධනයක් වියපැහැදම් කළමුත් එයට මෙම ප්‍රතිඵලයෙහි ආසන්නයටවත් එන්නට හැකියාවක් නොවීය. කෙසේවෙතත්, වසර ගණනාවකට පෙර දී පූර්ව නිකාය නායකතුමා විසින් අතිවිශාල, ධනවත් බිම් රැසක; සොන් මින්ටත් වඩා වැඩි ඉඩකඩම් ප්‍රමාණයක බලතල ඔහුට පවරා දී තිබිණි.

සොන් මින් අතිශය කෝපවත් වන්නට ඇත.

මන්ද යත්, එදින උදා රැස්වීමේ දී, ශෙන් ජිෂියෑන් එම ඉඩකඩම්වල අධීක්ෂණය අතහැර දමා එහි කොමිස් අගය සම්පූර්ණයෙන් ම නිකායට භාර දෙන බවට ඉඟිලන්නට භාරකරුවන්ට සංඥා කරන්නට පවා සොන් මින් මූලිකත්වය ගත්තේ ය.

කොපමණ ආදායමක් නිකායට නොලැබ මගින් හැරී ගිය බවක් සියලුම වැඩිහිටියෝ දැන සිටියහ.

ශෙන් ජිෂියෑන් සන්සුන්ව දෙසවන් යොමා සිටි අතර, ඔහුගේ ඇහි බැමි රැළි වැටී එක් අතක් සිය දුර්වල හෘදය මතින් තබා ගත්තේ ඔහුගේ ඇසිපිය සැළෙද්දී ය. ඒ හා ම සුසුමක් හෙළූ ඔහු සිය නැසී ගිය  ගුරුතුමා, පූර්ව නිකාය නායකතුමා ගැන කතා කරන්නට පටන් ගත්තේ ය.

සංක්‍රමණය වූ දා පටන් ම, යැන් ජින් සම්බන්ධ කටයුතුවල දැඩි උත්සාහයක් දරමින් ක්‍රියා කරන අතර ම නිකායේ වැඩිහිටියන් කිහිප දෙනෙකු සමඟ හොඳ සබඳතාවන් පවත්වා ගන්නට ද ඔහු වැඩි කලක් ගත කළේ ය. සියල්ලට ම වඩා, එ මඟ තනිව ගමන් කිරීම අපහසු ය. ජීවත් වීම සඳහා පා කිහිපයක් අල්වා ගැනීමත් හොඳයි!

පස්වන වැඩිහිටියා බවට පත් වූ තමන් හැරෙන්නට සෙසු වැඩිහිටියන් සිව් දෙනා ම පෙර විසූ නිකාය නායකතුමාගේ සහෝදර ශිෂ්‍යයෝ වූහ. ඔවුන් සියල්ලෝ ම ශෙන් ජිෂියෑන්ගේ ජ්‍යේෂ්ඨ සටන් මාමාවරු වූහ. පළමු වැඩිමහල්ලන් දෙදෙනා සිය රාජකාරි කෙරෙහි ම දැඩි ලෙස අනුගත වූ අතර සෙස්සන් සමඟ ශෙන් ජිෂියෑන්ගේ සබඳතා තරමක් යහපත් විය.

එබැවින් ශෙන් ජිෂියෑන් ඔහුගේ පපුව අල්වා ගත් වහා ම තෙවන සහ සිව්වන වැඩිහිටියන් දෙපළ එකාවන් ව ඔහුගේ රංගනයට සුදුසු වේදිකාව සකසනු ඇත.

" අයියෝ, ඔබට අනතුරක් වන්නට ඉඩ දෙන්නට බැහැ " ලෙසින් හෝ, " ඔබට අනතුරක් වූවෝතින් අපි මහළු වෙන්ට මුහුණ දෙන්නේ කොහොමද? " ලෙසින් හෝ, " ඔබේ ශරීර සෞඛ්‍යය යහපත් ව පවත්වා ගැනීම, ධ්‍යාන වැඩීමට ඉතා වැදගත්. ඔබේ ස්ථානයේ ඇති  ආත්ම ගල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙයි ද? ශි මාමා ඔබට ටිකක් දෙන්නම්....."

එක් වටයක සුසංයෝගයෙන් අනතුරු ව සිව්වන වැඩිහිටියා භාරකරුට බැරෑරුම් ලෙසින් පවසා සිටියේ, " ඔබේ වැඩිහිටි ශෙන්ට විශේෂ ශරීර තත්ත්වයක් ඇති අතර ඒ සඳහා ආත්ම ගල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. නිකායේ ආත්ම ගල් රැසක් ඇති බවක් මා දුටුවා. එබැවින් ඔහුට උපකාර කරන්නට ක්‍රමයක් නුඹ සොයා ගත යුතුයි. මහළු වෙන්ගේ එක ම පෞද්ගලික ගෝලයා කෙරෙහි ඔබට කුරිරු විය නොහැකි යි"

සිව්වන වැඩිහිටියාගේ එම රළු වදන් සත්‍යගරුක බවින් එලෙස ප්‍රකාශ වූවෙන් සෙස්සෝ ඊට විරෝධයක් පෑමට තරම් එඩිතර නොවූහ. හැරත්, පෙර නිකාය නායකතුමාගේ එක ම පෞද්ගලික ගෝලයාට මරණය තෙක් නිතර හිරිහැර කරන්නට ද ඔවුනට අවැසි නොවීය.

ඉතින්, ඔවුනට කළ හැකි වූයේ මුවින් නොබැණ එම සිදුවීම පසෙකින් තැබීම පමණි. ශෙන් ජිෂියෑන් ඉමහත් ජයක් ලබා ගත්තේ ය. දුර්වලයෙකු වීමට ඔහු වඩ වඩාත් ප්‍රිය කළේ ය. කෙසේවෙතත් ඔහුගේ මානසික තත්ත්වය ඉතාම යහපත් මට්ටමේ විය. සෙස්සන් පිටින් බලා ඔහු ගැන කියන ඕපාදූප ගණන් ගන්නේ කවු ද? ඔහු තවදුරටත් සොන් මින් පසුබෑමෙන් පීඩිත වනු දක්නට කැමති වීය.

වැඩිහිටියන් දෙදෙනා " දුර්වල සහ රෝගී " ශෙන් ජිෂියෑන් කැටුව නික්ම යන්නට අවසර ඉල්ලා සිටියේ, ඒ තිදෙනා එකට ම ඉවතට ලිස්සා ගියහ.

සෙස්සන්ගෙන් වසන් කරගත යුතු වූ හද මැඬෙන කෝපයෙන් පිරී ගිය සොන් මින් එහි හැර දා ඔවුහු පිටව ගියහ. සාකච්ඡාව කරගෙන යන්නට හැකි තරමින් කෝපය සන්සිඳෙන තුරු ම ඔහුගේ වත නිල් - සුදු පැහැ වීය.

වේලාවනින් ම නික්මුණු තිදෙනා මංසන්ධියක දී අලස ව වෙන් ව ගියහ.

වැඩිහිටි දෙපළ චෙස් ක්‍රීඩා සඳහා නික්ම ගිය අතර, තමනට අහිමි වූ නින්ද සොයා ශෙන් ජිෂියෑන් සන්සුන් ව ආපිට පැමිණියේ ය. සිසිරයේ දැඩි ශීතලත්, අලුයම අවදි වීමත් යන දෙකරුණෙහි සුසංයෝගය, ඔහුගේ අලසබවටත් නිදිබර ගතියටත් හේතු විය.

කෙසේවුවත් එදින ශෙන් ජිෂියෑන් හට නිදහසේ නිදි සුව විඳිනට අවකාශයක් නොවූ දිනයක් විය.

" චර්ප්, චර්ප්, චර්ප්!, චර්ප්, චර්ප් !"

" ආයි "

අඩක් නින්දෙන් ද, අඩක් අවදියෙන් ද ශෙන් ජිෂියෑන් කෙඳිරියේ, කුඩා තෘණ පොහොට්ටුව වේදනාකාරී ලෙස ඔහුගේ මුහුණට තදින් පහර දෙද්දී ය. ඔහු තමන් අවට වූ සියල්ලට තට්ටු දමමින් සිය පොරෝනාව සොයාගෙන ඉහළට ඇද ගෙන සිය මුහුණ වසා ගත්තේ, " තණකොළ පැළේ, කී වතාවක් නම් මම ඔබට කියා තිබෙනවා ද? මම නිදන විට ඝෝෂා නොකරන්න කියා " යි මුමුණමිනි.

" චර්ප් ! "

තෘණ පොහොට්ටුව කපටි ලෙස ඔහුගේ අත මඟහැර ඔහුගේ සවන් මතට පැන කෑ ගැසුවේ ශෙන් ජිෂියෑන්ගේ හිසකෙස් ද තදින් ඇදී යන අතර ය.

ශෙන් ජිෂියෑන් උදාසීන විය.

තෘණ පොහොට්ටුව තමන්ට අවැසි ප්‍රතිචාරය නොලද්දේ, පොරෝනයේ කෙළවරක් අල්වාගෙන ප්‍රචණ්ඩ ලෙස තදින් පහළට ඇද්දේ, මේ මසට සත්වන ඇඳ ඇතිරිල්ල ද පහසුවෙන් ඉරා දමමිනි.

සුළඟෙහි ගසා ගෙන යන තරමේ වූ මේ සියුමැලි තෘණ පොහොට්ටුව එතරම් දරුණු යැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.

සාමාන්‍ය කටයුතු අංශයේ තරුණ ගෝලයින් හට හැකි වූයේ, වැඩිහිටි ශෙන් හට මසක් තුළ ඇඳ ඇතිරිලි හතක් අවැසි වූයේ මන්දැයි සියුම් අනුමානයන් ගොඩ නැගීමට පමණි.

පොරෝනාව ඉරා දැමූ පසු තෘණ පොහොට්ටුව කඩිමුඩියේ කවුළුව සමීපයට දිව ගොස් කුඩා තලයක් වැනි සිය පත්‍රිකාවකින් කවුළ්වට මෘදු ව තට්ටු කළේ ය.

" ක්ලික් " හඬක් නගමින් කවුළුව විවර වූ අතර ශීත සුළඟ නිදහසේ කුටියට ඇතුළු විය. මනා වූ හිම පියළි කුටිය තුළ පාවිණි. එතරම් ඉහළක ජීවත් වීම සුදුසු නොවිණි; සුළඟ ඉතා දරුණු වූ අතර තුහින ද ඉතාමත් ම ශීතල වීය.

සාමාන්‍යයෙන් ධ්‍යානවේදීහු අධිකතර උණුසුමට හෝ සිසිලට බියක් නොදැක්වූහ. එහි ප්‍රතිඵලය නම්, අභ්‍යන්තර තාපක ඔවුනට හිමි නොවීමයි. සිය පොරෝනය කැබලිවලට ඉරා දැමූ හෙයින් ශෙන් ජිෂියෑන් ශීතල සුළඟට නිරාවරණය වීය. ඔහු ඇසිල්ලෙකින් සන්සුන් විය. " තණකොළ පැළේ "

" චර්ප් "

ශෙන් ජිෂියෑන් කෝපවත් වීමට පෙරාතුව, තෘණ පොහොට්ටුව සිය පත්‍රිකාවක් අසිපතක් සේ වැනුවේ, ඉක්බිති නැවතී රැඳුණු ඉරියව්වක පිහිටියේ ය.

ශෙන් ජිෂියෑන් ශීත විය. " අ'ජින් පිටත බ්ලා හිඳිනවා ද? "

" චර්ප් " තෘණ පොහොට්ටුව හිස සැලුවේ ය.

" කෙතරම් වේලාවක් ඔහු බලා සිටිනවා ද? "

" චර්ප් " බොහෝ වේලාවක්!

ශෙන් ජිෂියෑන් වහා ම නැගිට උඩු වස්ත්‍රයක් ඇඟලා ගත්තේ ය. හිසකෙස් පිළිවෙළ කොට ගෙන, විගසින් පිටතට පැමිණියේ ය.

යැන් ජින් නිහඬව ම පිටත සිටගෙන සිටියේ, ඔහු සම්පූර්ණයෙන් ම චලන රහිත විය. ඔහුට තුරු සෙවණෙහි සෙවණ ලැබ තිබූ නමුත්, බිඳෙන තුශරයන්ගෙන් ඔහුව නහවන්නට හමමින් තිබූ මාරුතය සමත් ව තිබිණි. දිගු වේලාවක පටන් ඔහු පිටත සිට බලා සිටි බැව් දක්වන්නට, හිම තට්ටුවක් ඔහු උරහිස් මත රැඳී පැවතිණි.

එදවස මන්දපෝෂණයෙන් පෙළුණු කෙසඟ දරුවා ඉක්මවමින් වර්ධනය වන්නට කඩිනමින් ගෙවුණු ඉක්මන් තෙවසරක දී ඔහු සමත් ව තිබිණි. ශෙන් ජිෂියෑන් නිරන්තරයෙන් ම ඔහුට ප්‍රණීත ආහාරපාන මෙන් ම ධ්‍යානවේදයෙහි අවැසි වන විවිධ අමෘතයන් සැපයීමට වග බලා ගත්තේ ය. එහි ප්‍රතිඵලය ලෙසින් ඔහු ඉක්මනින් වර්ධනය වූ අතර ඔහුගේ අස්ථීන් දිගු වී මාංශපේෂීන් එක් විය. ඔහුගේ සිරුර පිරී ගියේ, උසින් වර්ධනය වී හොඳින් සමානුපාතික විය.

ඔහු කඩවසම් තරුණයෙකු බවට පත් වනු ඇත.

ශෙන් ජිෂියෑන් මැනවින් අධ්‍යයනය කළේ, අනතුරුව සුසුමක් හෙළුවේ ය. ඔහුගේ කුඩා ගෝලයා අවසානයේ දී හොඳින් හැදී වැඩී තිබිණි. යැන් ජින්ගේ විස්තර කළ නොහැකි උදාසීනත්වය නොවන්නට, ඔහු යන් ශෙන්ටත් වඩා ජනප්‍රිය වන්නට ඉඩකඩ තිබිණි.

නමුත්, කාරණය එය නොවේ. කාරණය නම්, යැන් ජින් තම උසට හැදී වැඩුණේ කෙලෙස ද?

පසුගිය මාසයේ දී යැන් ජින් කන්දෙන් පහළට බැස ගිය අතර ශෙන් ජිෂියෑන් කලකින් ඔහු දැක තිබුණේ නැත. බැලූ බැල්මට ඔහු දුටුවේ, ඉතා කෙසඟ වූ ඒ තරුණයා උසින් වැඩී ඇති බවයි.!

" අයියෝ, ගෝලයා ගුරුවරයාට වඩා බලවත් වන මොහොත මෙයයි " යන සිතිවිල්ලෙන් ශෙන් ජිෂියෑන් පීඩාවට පත් විය.

යැන් ජින් හට තවදුරටත් වයසින් වර්ධනය විය හැකි බවක් පෙනුණි!

ඔහු...... පොතේ මුල් ශෙන් ජිෂියෑන් යැන් ජින්ට වඩා එක් වටයක් විශාල වූ බව සිහිපත් වූ විට ශෙන් ජිෂියෑන්ගේ භාව ප්‍රකාශය ගිලී ගියේ ය.

ඒ කඩවසම්, ස්ථිර තරුණයා සිය ගුරුවරයාට ගෞරවාන්විත ව ආචාර කරමින් " ෂිෆු " යි ආචාර කරද්දී, සිය ගුරුවරයාගේ සිතෙහි හටගත් සංකීර්ණ හැඟුමන් සමුදාය පිළිබඳ ව කිසිත් දැන සිටියේ නැත.



පෙර පරිච්ඡේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය  

Comments

  1. ලස්සනයි 🌚❤

    ReplyDelete
  2. මන් අර පොහොට්ටුව ට මාර ආදරෙයි

    ReplyDelete
  3. දුක තමයි ඉතිං shifun

    ReplyDelete
  4. Thank you❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-