Skip to main content

පරිච්ඡේදය 14.1: අසනීප වීම

පිටත  හිමෙන් වැසී ඉතාමත් සීතල වූ බැවින් ෂෙන් ජිෂියෑන් තරමක් හැරී කාමරය දෙසට ඇඟිලි දිගු කලේය.
"අපි  ඇතුලට යමුද"

යැන් ජින් හිස සලා මෙසේ පැවැසීය.
"  මේ ශිෂ්‍යයාට  ගුරුතුමාගෙන් යමක් විමසන්න තිබෙනවා. තෙවෙනි කඳු මුදුනේ ශාවෝ ගුරුතුමා  කුඩා කඩු ශිල්ප දැක්මක් සංවිධානය කර තිබෙනවා, ඔහු මෙම ශිෂ්‍යයාට ආරාධනා කලා තෙවැනි මුදුනට පැමිණ සහභාගී වෙන්නට"

"කුඩා කඩු ශිල්ප දැක්මක්?" ෂෙන් ජිෂියෑන් තමන් හට කොඳුරා ගත්තේය. මෙය නිකායේ වැඩිහිටියන් යටතේ සිටින ශිෂ්‍යයන් එක් රැස්ව 
කඩු ශිල්ප ගැන සාකච්ඡා කිරීම හා අත්දැකීම් බෙදාගැනීමට ඇති කුඩා හමුවක් විය. මෙම බෙදාගැනීම හා එකිනෙකාගෙන් ඉගෙනුම 
ඔවුන්ගේ වර්ධනයට හේතු විය හැක.

පසුගිය වසර කිහිපය තුළ ෂෙන් ජිෂියෑන් මෙම තරුණයා කෙමෙන් වැඩෙන අන්දම බලා සිට තරුණයා එන්න එන්නම කුළෑටි වෙන බව වටහා ගත්තේය.ඔහු කරදර විය, ඔහු හදා වඩා ගන්නේ අදුරු වීමට පූර්ණ පුද්ගලයෙකි.වර්තමානයේදි යැන් ජින්ට මෙවැනි කණ්ඩායම් ක්‍රියාකාරකමකට  kamaththak සහභාගි වීම ඉතා දුර්ලභ විය .එමනිසා ඔහු සතුටින් ඔහුට අවසර ලබා දුන්නේය.

"යන් ෂෙන්  සහභාගි වෙනවද"
යැන් ජින් හිස සෙළවිය.

"ඔහුගෙන් දුරස් වි සිටින්න" ෂෙන් ජිෂියෑන්  බල කලේය. පසුගිය වසර කිහිපය තුළ ඔහු යන් ෂෙන්ව හිතාමතාම නොසලකා හැරියේය
නමුත් යන් ෂෙන් හදවතින් තවත් සදාචාරාත්මක නොවී අනෙක් අය යැන් ජින් හට  නරක ලෙස සැලකීමට පසුතලය සැපයීම හා පෙළඹවීම සිදු කලේය.ෂෙන් ජිෂියෑන්ගේ විවෘත හා සංවෘත අනතුරු ඇඟවීම් පසෙක ලා මෙම සිදුවීම් තවත් දරුණු වෙන්නට විය.

බොහොම ඉක්මනින් ඔහු යන් ෂෙන් හට කෙලින්ම දඬුවම් කිරීමට හැකිවන පරිදි සාක්ෂි සොයා ගනු ඇත.

යැන් ජින් එකඟ වීමට යමක් පැවැසුවේය.

ෂෙන් ජිෂියෑන් ඔහුගෙ ස්වභාවය හොඳින් අවබෝධ කරගෙන සිටි අතර ඔහු ඉතාමත් නිශ්ශබ්ද අයකු බව දැන සිටියේය.එම නිසා ඔහු අත වනා යැන් ජින් හට පිටවන්න අවසර ලබා දුන්නේය.

යැන් ජින් පිටත් වීමට සුදානම් වන විටම ෂෙන් ජිෂියෑන්ට හදිසියේ යමක් මතක් විය.
"මා තෙවැනි වැඩිහිටියට  අරාවක් නිර්මාණය කරන්න යැයි ඉල්ලුවා .ඔබ නැවැතත් එනවිට එය රැගෙන එන්න"

තෙවැනි වැඩිහිටියා අරා නිර්මාණයේ විශිෂ්ඨයෙක් විය. මෑතකදී ෂෙන් ජිෂියෑන් ඔහුගෙන් බැගෑපත්ව උණුසුම් කිරිමේ අරාවක් ඉල්ලා සිටියේ සිසිර ඎතුවේ සීතල පළවා හැරීමටයි. ඔහු සීතල කාළගුණයට බිය නොවුණත් සීතල වාතයේ නිදාගන්නට දැඩි අකැමැත්තක් දැරීය.

යැන් ජින් පිටත් වූ පසුව ෂෙන් ජිෂියෑන්ගේ නිදි බර ස්වභාවය වියැකී ගියේය. මද වෙලාවක් සිතා බැලීමෙන් අනතුරුව ඔහු කඩිසරව කන්ද පිටුපසට  ඇවිද ගියේ තමාටම මෙසේ පවසමිනි
" තෘණ පොහොට්ටුව රැගෙන  උණුදිය උල්පතේ
ගිලුනා නම් අගෙයි. මා ඵල බඳුනක් හා වයින් බඳුනක් රැගෙන ආ යුතුයි"

පෙර සිටි නිකාය නායකයා ෂෙන් ජිෂියෑන්ට සත්‍ය වශයෙන්ම හොඳින් සැලකුවේය. ඔහු සිටින කඳු මුදුන අභ්‍යන්තර චී ශක්තිය ප්‍රබල වුවා පමණක් නොව එම භූමිය ආරක්ෂා කිරීමට පහසු වූ අතර පහර දීම ඉතා දුශ්කර විය.එමෙන්ම කන්ද පිටුපස උණුදිය උල්පතක් පැවැති අතරම එය අභ්‍යන්තර චී ශක්තියෙන් සුලබ වූයේ එය අසලට යන විට චී ශක්තිය දැනෙන තරමිනි.

ෂෙන් ජිෂියෑන් මෙම උල්පත දුටුවිටම එයට කැමති විය . ඔහුගෙ ඔහු නිරන්තරයෙන් මෙහි ගිලී සිටීමට පැමිණියේය.

ජේඩ් බඳුන උල්පතේ මතුපිට පාවෙන විට උණුසුම් විය අනෙක් බඳුනේ පළ කුඩා කැබලි වලට කපා තිබිණ.රසවත් පලතුරු සුවඳ වයින් සුවඳ හා එක්ව ප්‍රසන්න සුගන්ධයක් නිර්මාණ ය කර තිබිණි.

කුඩා තෘණ පොහොට්ටුව තම කොළ සොලවා මතුවිය පෙර පිනුම් ගසා උල්පත පතුලට ඇදගෙන වැටුණා ෂෙන් ජිෂියෑන්ගේ සිරුර පුරාම  දිය බිඳිති ඉහිරවමිනි.

ෂෙන් ජිෂියෑන් ජල අහුරක් ගෙන තෘණ පොහොට්ටුවට දමා ගසා එය ගිල්වා දැමීය.l

ඔවුන්ට කෙළියේ යෙදීම නැවැත්වීමට මද වෙලාවක් ගතවුණේය.අවසානයේ තෘණ පොහොට්ටුව ඉවුරට ගොස් හිරු එළියේ නැහැවුණු අතර ෂෙන් ජිෂියෑන් උල්පතේ කෙලවරක් හේත්තු වී සිතන්නට විය. 

ඇසි පිය හෙලන පමාවෙන් වසර තුනක් ගෙවී ඇති අතර කතාව දිනෙන් දින වෙනස් වෙමින් පවතී. 

පොතට අනුව වසර තුනකට පෙර යැන් ජින්ගෙ ආධ්‍යාත්මික මූලය මුල් හිමිකරු විසින් උදුරා ගත් අතර ඔහුව චින්යුන් නිකායෙන් පලවා හැරිණ. යැන් ජින් හට රාක්ෂ ධ්‍යානවේදියෙක් වීමට වැඩිකල් ගත වූයේ නැත. ඔහු ඇති තරම් ශක්‌තිමත් වූ පසුව ඔහුට හිරි කල සියලු දෙනා මරා දැමීමට ඔහු නැවැතත් පැමිණියේය.

ඔහුගෙ පෙර සිටි ගුරුතුමා දරුණුම මරණය ලබා ගත්තේය.

නමුත්, ෂෙන් ජිෂියෑන්ගේ සංක්‍රමණයෙන් පසුව ඔහු මෙම කතාව වෙනස් කිරීමට වේදනා විඳිමින් වෙහෙස විය. මෙම මොහොතේ දී යැන් ජින් හොඳින් ජීවත් වූ අතර ඔහු බොහොම මුදුව හදාවඩා ගනු ලැබීය.ස්වාභාවිකම  ඔහු නෙරපා නොතිබිණි. මේ පිළිබඳව සිතමින් ෂෙන් ජිෂියෑන්ට කුඩා සාර්ථක හැඟීමක් දැනිණ.

නමුත් ඔහුට මෙම කුඩා ඉත්තෑ පැටවා ඔහුගෙ තරහ කවදා අමතක කරයිද යන්න සිතාගත නොහැකි විය.

ෂෙන් ජිෂියෑන් ඔහුගෙ අතින් තම නළල සම්බාහනය කරගන්න වූයේ වෙනත් කාරණාවක් ගැන සිතමිනි.

යම් කාරණයක් හේතුවෙන් ඔහුට මුල් හිමිකරුගේ මතකය සම්පූර්ණ ලෙස ලබාගැනීමට නොහැකි විය.සාමාන්‍යයෙන් ඔහුට සරල කරුණු  පහසුවෙන් මතක් කරගන්නට හැකි විය. නමුත් ඔහු සමහර දේ ගැන හොඳින් සිතද්දී ඔහුගෙ මතකයේ විශාල හිඩැස් විය.

එක් හිදැසක් වූයේ පෙර සිටි නිකාය නායකයාගෙ මරණයයි.

ඔහුට සැමවිටම පෙර සිටි නිකාය නායකයාගෙ
මරණය මතුපිටට පෙනුන අන්දමේ සරල කරුණක් නොවන බව වැටහිණ.ඔහු හුදකලා ධ්‍යාන වැඩීමට යාමට පෙර සියල්ල සාමාන්‍ය වූ අතර ඔහු තවත් පියවරක් ඉදිරියට යාම අනිවාර්ය විය.

නමුත් ඔහු හදිස්සියේ මියගියේය.

පෙර සිටි නිකාය නායකයා ධ්‍යාන වැඩීමට යාමට පෙර නැතහොත් ඔහු මියයන්නට පෙර අවසානයට හමු වූයේ සොන් මින් ව විය 

ඔවුන්ගේ හමුවීමට පසුව හෝරා කාලක කාළය තුළ සිදු වූ දෑ දන්නා එකම පුද්ගලයා ඔහු ය 

ෂෙන් ජිෂියෑන් දිගු හුස්මක් ගෙන තම ඇසි බැමි පිරි මැද්දේය.ඔහුට අදහසක් පහල විය.
කඩු ආත්මය !

ෂුවන්ගුයිහි කඩු ආත්මය වසර ගනනාවක් පුරා නින්දේ පසුවන නිසා ඔහු මෙම විකල්පය සලකා බැලුවේ නැත. තම හිමිකරු සමඟ අවුරුදු ගනනාවක් සිටි උසස් මට්ටමේ කඩුවකට ආත්මයක් වර්ධනය කරගැනීමට හැකියාවක් පැවැතුණ අතර එය ධ්‍යානයට සහය වෙමින් හිමිකරු සමඟම රැදෙනු ඇත

පෙර සිටි නිකාය නායකයා සතුව වසර සිය ගනනක් පැරණි කඩු ආත්මයක් සහිත කඩුවක් විය.  ෂෙන් ජිෂියෑන් එය සොයා ගෙන හිමිකරුගේ මතකය නැවත ආවර්ජනය කරද්දී,  ඔහුට සත්‍ය සොයා ගන්නට හැකි වනු ඇත.

ෂෙන් ජිෂියෑන් මදහසක් නංවන විටම ඔහු ගල් විය. නවතින්න .නිකාය නායක වෙන් තමන්ගේ කඩුව තමන් විසින්ම විනාශ කරන ලද්දේ තමන් 
වැරදි ලෙස ධ්‍යාන වැඩීම නිසා බව ෂෙන් ජිෂියෑන්ට මතක් විය.

ඔහුගෙ කඩුව නැති බැවින් ආත්මය දූවිලි වී යන්නට ඇත.

ෂෙන් ජිෂියෑන්ගේ මනස වේගයෙන් ක්‍රියාත්මක වන්නට විය . නිකාය නායකතුමාගෙ කඩු ආත්මයට අමතරව සොන් මින්ගෙ කඩු ආත්මය පැවැතිණි.

කඩු ආත්මයක් නැවත නිර්මාණය කරන්නේ සත්‍ය අතීත සිදුවීම් පමණකි. එයට අසත්‍ය පැවැසීය නොහැක.

ඔහු දිගු සුසුමක් හෙළීය. වසර ගණනකට පසුව මේ වන විට යැන් ජින් හොඳින් ධ්‍යාන වඩා ඔහුවම ආරක්ෂා කරගැනීමට හැකි තත්ත්වයක සිටි අතර එම නිසා ෂෙන් ජිෂියෑන්ට තමන්ගේ අවට ඇති අභිරහස් පිළිබඳ අවධානය යොමු කල හැකි විය.

අවසාන පානය ලබාගෙන බඳුන ඉවුරේ තැබීමෙන් අනතුරුව ෂෙන් ජිෂියෑන් නැගී සිටීමට උත්සාහ කල නමුත් සුපුරුදු කරකැවෙන ස්වභාවය ඔහුට අරක් ගත්තේය. මෙම වසරවල මෙය නිතරම මතු වූ අතර හෘදයාබාධ ඇති වීමට පෙර සලකුණක් ලෙස සැලකිණ.

නමුත් එය මෙතරම් බැරෑරුම් වූයේ නැත.

ෂෙන් ජිෂියෑන්ගේ හදවත එය සිරුරෙන් පිටතට යන්න තනන්නාක් මෙන් ගැහෙන්නට විය.එය ඉතාමත් වේදනාකාරී හා දැඩි වූ අතර එය ඔහුගෙ වේගවත් හද ගැස්ම හෘදයාබාධයක් බවට හැරවීමට සමත් විය.

ෂෙන් ජිෂියෑන්ගේ මුහුණ සුදුමැලි විය ඔහුගෙ පෙනීම අදුරු වූයේ ඔහුට කිසිවක් දැකීමට නොහැකි තරමටයි. ඔහුට ඉවුරට නැගීමට අවශ්‍ය වූවත් ජල ප්‍රතිරෝධය අධික වූ අතර ඔහුගෙ දෙපා හා දෑත් දුර්වල විය.ඔහුගෙ අරගලය හමුවේ ඔහු වයින් බඳුන බිම හෙළා දැමුවත් ඵලක් නොවීය.

දත් මිටි කමින් ඔහු ඔහු සමඟම සටන් කරමින් ඉවුරට ගොඩ වීමට උත්සාහ කලේ තදින් හුස්ම ගනිමිනි.

තෘණ පොහොට්ටුව යමක් නිවැරැදි නොවන බව දැනගන කලබලයෙන් අධීක්ෂණය සදහා පැමිණියේය.

නමුත් ෂෙන් ජිෂියෑන්ට තෘණ පොහොට්ටුව වෙත අවධානය යොමු කිරීමට කාළය නොතිබිණි.ඔහුගෙ සිහිය ක්‍රමයෙන් ඔහුගෙන් ගිලිහෙමින් පැවැතිණි.ක්ෂණිකව ඔහුගෙ සමබර බව බිඳ වැටීමෙන් ඔහු පතුලට කිඳා බසින්නට විය. ඔහුට සිහි විසඥ වීමට පෙර කාළයක් නොතිබිණි

බිය වූ තෘණ පොහොට්ටුව උල්පතට පැන ෂෙන් ජිෂියෑන්ව ගොඩ බිමට රැගෙන යාමට උත්සාහ කලේය.

කෙසේ නමුත් ජල ප්‍රතිරෝධය තවමත් ඉතා දැඩි වූ අතර තෘණ පොහොට්ටුව ඉතා කුඩා විය. ප්‍රයත්න කීපයකට පසුව අසාර්ථක වුණු තෘණ පොහොට්ටුව නාදයක් නිකුත් කර මතුපිටට පැමිණ තෙවැනි මුදුනට පියඹන්න විය.

ෂුවාන්ගුයි: තුහීන නැවැත පැමිනීම 
ෂෙන් ජිෂියෑන්ගේ කඩුව 
පෙර පරිච්ඡේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය  

Comments

  1. අනේ ඒක ඇත්තටම ලස්සනයි

    ReplyDelete
  2. ❤❤❤❤

    ReplyDelete
  3. ලස්සනයි.... ගොඩාරියක් 😍😍😍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-