සිය වත්මන් හැකියා විරහිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ තමන්ට එම තනතුර අනුචිත යැයි සිතමින් ශෙන් ජිෂියෑන් සිය උසස් තනතුර " වැඩිහිටි" යනුවෙන් රහසේ සමච්චලයට ලක් කළ ද, මේ අවස්ථාවේ දී අන් පුද්ගලයන් බිය වැද්දවීමට සිය තනතුර යොදාගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබිණි. බියෙන් පිරි දෙනෙතින් සහ රතු වූ වතින් යුතු වූ ගෝලයා ඒ තෙත් බිම මත දණගැසුවේ ය. හඬක් නැගීමට පවා බියෙනි ඔහු සිටියේ. " එය බිම දමන්න. " යනුවෙන් ශෙන් ජිෂියෑන්ගේ හඬ ඇසෙන විට දී යැන් ජින් සිටියේ යටිකුරු වී තිබූ ලී බාල්දිය අතට ගෙන ආපිට හැරී දිය ඇදීමට සූදානමිනි. නොබෝ වෙලාවකින් මෘදු බලයකින් ඔහුගේ අත නවත්වා, වතුර ඇදීමට බාල්දිය ළිඳට පහත් කිරීම නැවැත්වීය. " මෙහේ එන්න. " යැන් ජින් කීකරු ලෙස ලී බාල්දිය ගල් බිත්තිය මත තැබූ නමුදු ඉක්මනින් ශෙන් ජිෂියෑන් පසුපස නොවැටුණි. ඔහුට අනුව, ශෙන් ජිෂියෑන් සමීපයේ සිටිනවාට වඩා දිනපතා යන් ශෙන්ට වතුර ඇදීම වඩා හොඳ විය. කෙසේවුවත්, වසරකට වැඩි ආධුනිකකත්වය හේතුවෙන් ශෙන් ජිෂියෑන් යනු සිය ආත්ම ගෞරවය වඩාත් අගයන අයෙකු බැව් යැන් ජින් දැන සිටියේ ය. කුඩා ගෝලයෙකු ඉදිරිපිට දී ලැජ්ජාවට පත් වන්නට ඔහු අ...