Skip to main content

Posts

පළමු පරිච්ඡේදය | ඇවිද යමු, ඔබ පුදුමයට පත්වනු ඇත...

අවට සිටි සියල්ලන්ටම ගාම්භීරත්වය පෙන්වන්නාක් මෙන්, වළාකුළු විනිවිද යන්නට තරම් උස්ව විහිදී තිබුණු එක් ශිඛරයකි. මේ අර්ධ පියවර කදු ගැටයයි. නමෙහි අර්ථයට නියමාකාරයෙන්ම ගැලපෙන පරිද්දෙන්, අර්ධ පියවර කඳු මුදුනේ ද පැවතියේ යමෙකුට නැගී සිටින්නට හැකි වන ලෙස පිහිටා තිබූ වර්ග අඟල් කිහිපයක භූමි කොටසක් පමණි. මින් ඉදිරියට අඩි භාගයක් හෝ ගමන් කළහොත් මීටර් දහස් ගණනක් උස ප්‍රපාතයක අද්දර සිටගෙන සිටීමේ සුන්දර නමුත් බියජනක වරමක් ඔබටද ලබාගත හැකි ය. එහි මුදුනට වන්නට විචිත්‍රවත් ලෙස ඉහළට නැගි පාෂාණ රැසකි. බොහෝ ශාක විශාල ලෙස වැඩී අතුපතර විහිදා සිටියේ අත් පා විහිදාගත් දැවැන්ත රකුසන් මෙනි. ඊට පහළින් අනෙක් පස බැලීමට නොහැකි තරම් ඝනකමකින් යුත් මීදුමකි. සිත්ගන්නාසුලු වුවත් මෙම භයානක දර්ශනය සමඟ සසඳන විට කෑගසන දෙවියෙක් හෝ සිටගෙන සිටින අවතාරයෙකුගේ රූපයක් දුටුවත් එය අමුතු දෙයක් නොවන බව ඔබට වැටහෙනු ඇත. අහසට මෙන්ම පොළොවටද මෙහිදී එකිනෙකාව ස්පර්ශ කළ නොහැකි තරම් දුරස්ථ භාවයක් ඇති බවක් පෙනෙන්නට තිබුණි. ඊට එපිටින් දිස් වූයේ "පසුතැවුම් කඳුවැටියයි". එය අර්ධ පියවර කදුවැටියට වඩා අඩු මීදුමකින් මෙන්ම අඩු භයානකකමින් යුක්ත වූ අත...

පළමුවන පරිච්ඡේදය | හතලිස් අටේ බලකොටුව

“ මිනිසුන් ඔබව  ‘ දාමරිකයෙක් ’  කියා හංවඩු ගැසුවද ඔබ තුළ වීරයන්ගේ රුධිරය ගලා යන බව මතක තබාගන්න. ඔබ සාමාන්‍ය හොරකමේ යෙදෙන දාමරික මැරයෙක් නොවේ.ඔබේ මුතුන් මිත්තන්ගේ වීර උරුමයට අගෞරව නොකරන්න ” එය ෂාඕ දකුණු රාජවංශයේ 17 වන වසරයි. විලෝ පත්‍ර දිගහැරෙමින් හා ඇඹුල් ඇපල් ගස්වල මල් පිපෙමින් තිබුණූ ඒ වසන්ත සමය විය. ෂූ කදුකරයේ හතලිස් අටේ බලකොටුවෙහි (48  Zhai)[ 1] තරුණයන් දෙදෙනෙකු ඝෝෂාවක් මද්‍යයේ ද්වන්ධ සටනක නිමග්නව සිටියහ.ඔවුන්ගෙන් එකෙකු තරමක් වයසින් වැඩුනු කුඩා කන්දක් මෙන් උස හා ශක්තිමත් අයෙකි.හෙතෙම ඝනව වැඩුණූ ඇහිබැම රැලි ගන්වාගෙන  ,  දිගු හෙල්ලයක් දරා සිටියේය.තත්පරයකටවත් තම ආරක්ශාව පහත හෙලීමට ඔහු නිර්භීත නොවීය. අනෙකා වයස අවුරුදු 14 ක් හෝ 15 ක් පමණ වු සිහින්  ,  උස කඩවසම් තරුණයෙකි.මහත්මා ගුණයෙන් හෙබි ලක්ශණවලින් පිරි සිටි ඔහු අතැතිව කිනිස්සක් විය.   අනෙකුත් ගෝලයන්   වැඩි වැඩියෙන් ඝෝෂාකාරී ලෙස අදහස් දක්වමින් ,  මුහුණට මුහුණලා සිටි යුවළ වටා එක්රැස් වීමට පටන් ගත්හ. එක් තරුණ ගෝලයෙක් කඩවසම් තරුණයා දෙස කුතුහලයෙන් බලා  ,  අසල සිටි ජ්‍යෙෂ්ඨ ගෝලයෙකු ...