Skip to main content

පීඩනය (¡¡ කොටස )

 "දවස් තුනක්.."

"මාමා කිව්ව දේ මම ආයෙම කොදුරගන්න ගමන් සිතූයෙ මේ නිවස මගේ වන්නෙ තවත් දින තුනක් පමණක් බවයි ඉන් පසු එය අන්සතු වනු ඇත.නමුත් මේ දින තුනේදි ණය ගෙවා නිවස බේරා ගැනීමට මට මුදල් සොයාගත් යුතු වේ.

"ඒකට බාටි මිලියන පහකටත් වඩා වැඩි "

දොර අසල සිට ඉදිරිය බලාගෙන උන් පුද්ගලයාගෙ හඩින් මම ගැස්සි ගියෙමි.

"ටොක් ටොක් ටොක්..."

මහ හඩින් දොරට තට්ටු කර ශබ්දයෙන් තිබුනු නිහ්ඩ බව බිද දැමීය.මගේ දෑස් විශාල වී එලියට පන්න තරම් ආසන්න වූයෙ දුටු දසුනත් සමගය.

 කලු පැහැයෙන් සැරසුණ පිරිස එක්වරම නිවසට කඩාවැදුනු අතරම ඔවුන් අතරේ මට සුපුරුදු අයෙකු දැකගන්නට හැකිවිය.ඔහු ඉතා දර්ශනීය ලෙස පෙනුනි.

"ඇ..ඇනකින්.."

කලබලෙන් සෝෆාවෙන් නැගිටි මාමා කෑගැසුවෙ පැමිණි පුද්ගලයන් දෙස පුදුමයෙන් බලමිනි.මමද ඔහු තරමටම තුෂ්ණීම්භූත වී ඇති අතරම මට වඩාත් මග හැරිය යුතු පුද්ගලයා මා ඉදිරියෙන් සිටින්නෙ මන්ද කියායි.මගේ ජීවිතේ තියෙන ප්‍රශ්න එක්ක මම ඉදිරියේදි කල යුත්තේ කුමක්දැයි මට සිතාගත නොහැක.

"තමුන් මොකද මගෙ ගෙදර කරන්නෙ ?"

ඔහු දෙස බලමින් තරමක් උස් හඩින් ඇඩුවෙමි.

"මොකක්? කොහොමත් තව දවස් තුනකින් මේක මගේ ගෙදර වෙනවනෙ "

ඔහු සිනාසෙමින් පිලිතුරු දෙද්දී මම  මගෙ දිහා බලන් උන් මාමා දෙස බැලුවෙමි.

"මට කියන්න එපා මමා ණය වුනේ මේ අපතයට කියලා "

 "මොකද්ද මේ කලබලෙ ?" 

පඩිපෙල බසිමින් සිටි චේ අමුතු ජීවීන් පිරිසක් ලෙස අප දෙස බලා නලල රැලි කලේය.

"ඔයාලා කවුද ?

පුදුමෙන් බලන් සිටි චෙ කෑගෑවෙය.

"ආපහු කාමරේට යන්න "

මම ඔහු දෙස බලමින් කීවෙ මේ දේවල් දැන්ම ඔහුට කීමට මම සූදානම් නැති නිසා.

"ඇ..ඇයි මොකද්ද අවුල ?

චේ මුරණ්ඩු ලෙස කලබලෙන් මා වෙත දිව ආවෙය.මම...මම බලන් හිටියෙ අත් සාක්කු වල ඔබාගෙන මිල ගනන් තක්සේරු කරන කින්ගෙ මුහුණ දෙසයි .

"යනවා !!"

මම නැවත කෑගැසුවෙමි.

"හැමදේම හොදින්ද ?"

චේ සැකයෙන් මා දෙස බලා මිමුණුවේය.

 "ඔයා දැන් ආයෙත් උඩට යන්න. මම හොඳින්.."

මම චේ  දිහා තියුණු ඇස් වලින් බැලුවම ඔහු හෙමින් පඩිපෙල නගින්න විය.පසුව මා මෙ අවජාතකයගෙ මූන දිහා දිගටම බලන් හිටියෙ  චේ ඉහල මහලෙ කාමරයට ගොස් දොරවසාගන්නා ශබ්දය ඇසෙන තුරුයි.

"උහ්... "

මගේ මාමගෙ අමිහිරි හඩින් නිහඩ බව නැතිවිය.මට හිතාගන්න දේවල් නැති  වෙනකම් මම කල්පනා කෙරේ එදාටත් වඩා අද මා පුදුම වූ බවත් එදාටත් එහා ගිය එකක් බවත්ය.

 "කුන් ඇනකින් , ඇයි ඔයා මෙහාට ආවෙ ?"

"ඇයි මට එන්න බැරිද? මේ ගෙදර ටික දවකින් මගේ නේද ?"

"අ..අනේ කරුනාකරලා මට තව ටික දවසක් දෙන්න පුළුවන්ද?" 

මාමා සන්සුන්ව ඇසුවෙය.

"දවස් තුනයි "

සන්සුන් හඩකින් ක්ෂණයකින් පිලිතුර ලැබිනි.

"මිලියන පහයි ,ඉඩමෙ ඔප්පුවත් එක්ක නම් මිලියන හයයි බාට් දෙසීයයි."

ඔහු මෙසේ කියන විට මගෙ හදවත වේගයෙන් ගැහෙන්නට විය.එයා කොහොමද මෙහෙම ඉගිමර මරා ආඩම්බරෙන් කියන්නෙ ? මට ශක්තිමත් විදියට ඉන්න ඕන උනත් දැනටමත් මගෙ කකුල් වෙව්ලන්න අරගෙන.

"ඒත්..මිස්ටර් කින්.."

මා පැවසීමට පෙර කින් අතක් ඔසවා නිහඩ වන ලෙස මට සන් කලේය.

"ඒ උනත් මට යෝජනාවක් තියෙනවා.."

ඔහු සන්සුන්ව කියද්දි මගෙ මාමගෙ බලාපොරොත්තු සහගත දෑස් ඔහු දෙසට යොමු විය.

"ඒ මොකද්ද , කුන් කින් මට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් මම ඕනම දෙයක් කරන්න ලෑස්ති."

මාමා කීවේය.

 "ඔයා මට වැඩ කරන්න ඕන "

ඔහුගේ ඇගිල්ල  ඍජුවම යොමු වූයෙ මා දෙසටයි.මා තවත් පැටලිලි සහගත් විය.

වැඩ? මොන වැඩක්ද ?

"ඒ වගේම මම ගෙවීමේ කාලය අවුරුදු දෙකක් දක්වා වැඩි කරන්නම් "

ඔහුගේ දෑස් සන්සුන්ය කියවීම අපහසුය ,එසේම තවමත් නොනවත්වා මා දෙස බලා සිටී.

"වැඩ ? "

මාමා මා දෙස බලමින් ඇසුවේය.

"මගේ ආරක්ෂකයා වෙන්න.එහෙම උනොත් මම තාත්තා එක්ක ඔයාලගෙ ණය ගැන කතාකරන්නම්"

මම ගැඹුරු හුස්මක් ගෙන කල්පනා කරේ පහුගිය දින කීපයෙ සහ අද සිදුවු දේවල් පිලිබදවයි.

"හහ් ඔයා කව්ද ? මේ ලෝකෙ වැදගත්ම මනුස්සයද?  ඉතිං මොකටද ? ඔයාග දැනටමත් මෙච්චර ආරක්ෂකයො පිරිසක් ඉන්නවනෙ ?

බොඩිගාඩ් මගුල තමයි.මම උපහාසයෙන් කීවෙමි.තම ගැනවත් බලාගන්න බැරි මනුස්සයෙක්.

 එයා හිතන් ඉන්නෙ එයා The Godfather of Shanghai  චිත්‍රපටයේ ඉන්නව කියලද දන්නෑ.

"කට වහපන්"

මාමා මට කෑගැහුවා.

"ඇයි ?මේක ඔයාගෙ ප්‍රශ්නයක් නිසා ඔයාම විසදගන්න මොකටද මම ඇගිලිගහන්නෙ මේවට? "

මට ආති මාමා සමග ඇති බැදීම් බිද දැමීමට අවශ්‍ය වූ අතර මම කෝපයෙන් කියා දැමුවෙමි.

ඇයි මට එකපාරටම මෙ විදියට වගකීම් පවරන්නෙ.මාමා ඇයි මෙහෙම කරන්නෙ? ගෙදර උකස් කරලා මදිවට දැන් මට කින්ට වැඩ කරන්න කියනවද ?

"එහෙනම් ඔයා ගෙදරට ගුඩ්බායි කියලා සමුගන්න ලෑස්ති වෙන්න "

 මම කින් දෙසට දිව යාමට සූදානම් වුවත් ඔහුගෙ ආරක්ෂකයින් දෙදෙනෙකු මාව වැලක්වු නිසා මම කෝපයෙන් කින් දෙස බලා සිටියෙමි.

"දැන් මෙ ගෙදර අයිති වෙන්නෙ මගේ තාත්තට "

ඔහු මෙය අත්හරින්නෙ නැත.මා තවත් කුපිත වන බව දැන දැනම ඔහු දිහින් දිගටම මෙසෙ පවසා සිනාසෙයි.

"ඕයි කින් "

මගෙ රතු කටුව පැන යාමට ආසන්න අතරම මට සිතුනේ එදා මේ අවජාතකයා බේරගන්නෙ නැතුව සිටිය යුතුව තිබුණ බවටයි.

 "නවත්තගන්නවා. ඔයාට ආපහු මෙ ගෙදර ගන්න ඕනෙ නම් කට වහගෙන එයාගෙ යෝජනාව පිලිගන්නවා "

"මම මේකට වගකියන්න ඕන නෑනෙ.මම එයාට වැඩකරන්නෙ නෑ "

"ඇයි බයයිද ?"

"හහ්...තමුසෙට පිස්සුද ? ඔයාගෙ පවුල දැක්කම කවුද කැමති  අවදානමක් ගන්න.මාෆියාවයි සූදුවයි එක්ක ඉන්න ඔයාල එක්ක ඉන්න? ඔයාගෙ ආරක්ෂකයා වෙන්න? ඒකෙ තේරුම මමත් ඒවට උදව් කරනව කියන එකනෙ.ඇයි මම ඒ වගෙ අවදානමක් ගන්නෙ "

මම අද වෙන්න ඇති මෙ අවුරුද්දෙ වැඩියෙන්ම කතාකරේ.කොහොමත් මම මේ වගෙ දේවල් වලට සම්බන්ද වෙන්න කැමති නැ.මම වැඩියෙන්ම වද වෙන්නෙ මගෙ මල්ලිගෙ ආරක්ෂාව ගැන.මෙ කියන විදියට කරොත් කවදාවත් මට සතුටින් නිදහසෙ ඉන්න වෙන එකක් නෑ.

"දවස් තුනකින් සල්ලි දෙන්න බැරි උනොත් බහිනවා එලියට "

කින් නැවතත් තර්ජනය කරන්නට විය.

"උඹ මහ ජරා ගොඩක් "

සටන් කරන්න තරම් ශක්තියක් නොවුනද මම හයියෙන් කෑහගගෙන පැන්නෙ කින්ගෙ බෙල්ලෙන් අල්ලා ගැනීමටයි.ඔහුගේ ආරක්ෂකයන් වහාම මානවතා ඔහු වටා පලිහක් ලෙස් සිටහත්හ.

"ඕක නවත්තන්න"

ආති මාව සන්සුන් කරන්න උත්සාහ කලේය.

"නවත්තපන් "

ආති මාව තල්ලු කර නිසා මම ගිහිල්ලා බිත්තියෙ වැදුනු අතර ඉහවහා ගිය කෝපයෙන් මම ආති දෙස බැලිමි.මම හිතින්.ශාප කලෙමි.ඔහු හැමදාමත් මගෙ හදවතෙව් පඩුතැවීම ,අසරණයකම,කෝපය වැනි හැගීම් ඇති කරන නිසා මම ඔහුව පිලිකුල් කරමි.

 මම නැවතත් නිශ්ශබ්දව නිවස බේරා ගැනීමට ක්‍රමයක් කල්පනා කරන අතරතුර සියල්ලන්ගෙම දෑස් මවෙත යොමුවි තිබිණි.

"මම ආපහු මගෙ ගෙදර ගන්න නම් කොච්චර ගානක් ගෙවන්න ඕනද ?

"කීයක්ද ?

කින් ඔහුගෙ යටත් නිලදාරියෙකුගෙ  ඇසීමට හිස හැරෙව්වෙය.

" ඔයාට මාව දාල යන්න බැ.දවස් තුනකින් සල්කි එකතු කරගන්න බැරි උනොත් මම මැරෙයි.ඇයි ඔයාට බැරි මෙයාලා එක්ක වැඩ කරන්න ?" 

මාමා මුමුණන්න විය.

"මට වැඩක් නැ.මම කොහොමහරි මගෙ ගෙදර ආපහු ගන්නව." 

මම හයියෙන් කීවෙමි.

"සල්ලි කොහෙන් හොයන්නද?"

"මට රස්සාවක් තියෙනවා.මම කොහොමහරි මේ ගෙදර ගන්නම් ආපහු "

මම කියලා ඉවර කරන්න කලින් මාමා කින් දිහා බැලුවා.

"කොහොමහරි ..."

"මට මොකද්ද වෙන්නෙ ?මගෙ ණය ගැන මොකද කියන්නෙ...?"

 පෙරදි කෑගැසු මාමා දිව විත් මගෙ අතින් අල්ලා මාව සොලවන්නට විය.

"ඔයා හැමදේම සැහැල්ලුවට ගත්තා.ඒත් අඩුම තරමෙ ඔයාට මිලියනයක්වත් හොයාගන්න බැරිඋනා.වෙන කරන්න දෙයක් නෑ.මම මෙ මනුස්සයට වැඩකරලා හරි මෙ ගෙදර බේරගන්නම්. මට මෙ විදියට රටේ නැති ප්‍රශ්න වලට පැටලෙන්න ඕන නෑ මට බය මගෙ මල්ලි ගැන විතරයි."

කියවගෙන ගිහිලා අවසානෙදි මම ගැඹුරින් ආශ්වාස කලෙමි.නැවතත් මා මාමා පසුකරගෙන කින් දෙසට පැමිනියත් ඔහුගෙ ආරක්ෂකයන් සුපුරුදු පරිදි මා වැලැවුහ.ඒ අතර මා සිත තර කර ගත්තෙ කින්ට පැවසිය යුතු දේ පැවසීමටයි.

"මට වැඩක කරලා සල්ලි හොයාගන්න අවුරුද්දක් ඕන.ඒත් කොහොමහරි මම මෙ ගෙදර ගන්නම් "

"තමුන් කොහෙද එච්චර කල් ඉන්නෙ ?"

නැවත් එය මාමාගෙනි.

"මම මොකක්හරි කරගන්නම් "

උමතු වීමට ආසන්නව සිටි මාමා සන්සුන් කිරීමට මම හිස වැනුවෙමි.

මම ජේඩ් සමග නිවසක් කුලියට ගන්නම් එහි සිට මට මුදල් ඉතිරි කර ගත් හැකි වේවි.

"ඒක ඔයාට බාරයි.නමුත් මිලියන පහක් දවස් තුනකින් ගෙවන්න ඕන "

නිවසින් පිට වන අතර කින් සමච්චලයට මෙන් සිනාසෙමින් කීය.ඔවුන් අතුරුදහන් වු පසු මාමා උමතුවෙන් මෙන් නිවසෙ දැ විසිකරන්නට විය.

"මොක්ද්ද තමුසෙ කරන්නෙ ?"

"ඔයා දන්නවනෙ...දවස් තුනයි..දවස් තුනකින් මට ගෙවාගන්න බැරි උනොත් , මම මැරෙයි,උන් මාව මරලා දායි "

 "ආඅහ්, ඒකද...ඒක ඔයාම බලාගන්න මම මොකටද ඔයාට උදව් කරන්නෙ, මට වැදගත් මම සහ චේ විතරයි "

 මම තරමක් උස් හඩින් පවසා ඔහුව මගහැරිමට උත්සාහ කලෙමි.

"මම මැරුනොත් ඒ තමුසෙ නිසා"

ආති කෝපයෙන් කෑගැසුවේය.

 "එතකොට මට මෙහෙන උනෙ තමුන්ගෙ ආත්මාර්ථකාමී වැඩ නිසා නෙවෙයිද ? තමුන් ගැන විතරක් හිතලා මගෙ දෙමව්පියන්ගේ හැමදේම විකුණලා දාලා දැන් ඔයාට ඕන ණය ගෙවාගන්න මාවත් පාවිච්චි කරන්නද ? තමුසෙ හිතන්නෙ මම මොකෙක් කියලද ?"

 මම ඔහු සමග තර්ක කරන අතර ඔහුගෙ රෞද්‍ර දෑස් දිගටම මා දෙස බලා සිටියේය.මේ ගෙදර ආයෙ ගත්තම මම ආතිට යට වෙන්නෙ නෑ.මගෙ දෙමව්පියන්ගෙන් ඉතුරු එකම වස්තුව උකස් කරන්න තරම් කුරිරු උනෙ කොහොමද ?අවසානයෙදී අසුරු සැනින් සියල්ලම අහිමි විය.

"මම ආත්මාර්ථකාමී කියලා කෑගහන්න ඔයාට පුළුවන් හැබැයි ඔයා කවදාවත් මගෙ ගැන හිතුවද ?මමයි ඔයාලවයි මෙ දේපලයි මෙච්චර කල් බලාගත්තෙ.මම ඔයාගෙ මාමා.ඔයා පොඩි කාලෙ ඉදන් බලාගත්තෙ මමයි."

මමා මෙ කියවන "හොදකම" මගෙ අත මිටමෙලවීමට සමත් විය.මාමා මුලදී මට හොදින් සැලකුවත් මෙ කරන දේවල් වලට අවසර දෙන්න බැ.මම මෙ පිලිබද කල්පනා කරමින් මොහොතක් ගෙවූවෙමි.

 මම මේක අතාරින්න ඕනෙද ? මගේ ජීවිතේ පරදුවට තබා වංක රැකියාවක් කල යුතුද ? මම එක් ආත්මාර්ථකාමී  ඥාතියෙකුට උපකාර කිරීම සද මගේ සහ සහෝදරයාගෙ ආරක්ෂාව කැප කල යුතුද ?

"ඒක කරන්න එපා...අයියේ, ඒයි අනෙ එහෙම කරන්න එපා..."

එ හඩ ඇසුනු දිශාව ඔස්සෙ මා බලන විට චේ පඩිපෙලින් බැස විත් මා තදින් වැලදගත්තේය.

 මල්ලි දුටු විගස දුර්වලව තිබු මගෙ හදවත නැවත පන ගන්නට පිය.හදවතෙන් නැගෙන වේදනාව ඉකියක් වෙයි යැයි බියෙන් මා මුඛය තදින් වසා ගතිමි.

මා යන්තමින් අත ඔසවා චේගේ හිස අතගාන අතර සිතුවෙ ඔහු මෙ සියල්ලටම රහසින් සවන් දී ඇත්ද කියායි.

 "අනේ ඒ වැඩෙ නම් කරන්න එපා...මම එතකොට කවුරුත් එක්කද ජීවත් වෙන්නෙ ?"

වෙව්ලන හඩින් චේ පැවසුවේය.මා කිසිදාක කිසිවෙකුටත් මගෙ ජීවිතය හැසිරවීමට පහසුවෙන් ඉඩ නොදෙන්නෙ මෙ නිසයි.මට කවදාවත් මල්ලිව තනි කරන්න බැ.මා නැතිව ඔහු තනිවේවි.මම ඔහුව ආරක්ෂා කිරීමට ඕනැම දෙයක් කරන්නෙ මට මගෙ ජීවිතයටටත් වඩා ඔහුව වටින නිසවෙනි

 "අපිට ගෙයක් ඕනෙ නැ.කොහෙ හිටියත් මට ප්‍රශ්නයක් නෑ.ඒත් ඔයා කොහෙවත් යන්නෙපා."

චෙ තවත් තදින් මා වැලදගත්තෙ දුරස් වේ යැයි වූ බිය නිසාවෙනි

" මම දන්නවා..."

" හහ්...මම කියන දෙ අහන්න, මේක ලේසි නැ.ඔයා මධ්‍ය පාසලේ ඉන්න කාලෙ ගොඩක් වෙලාවට මිනිස්සුන්ට පහරදුන්නා ,රණ්ඩු කරා.ඒත් බලන්න,ඔයා තාම ජීවත් වෙනවනෙ.ඇයි ඔයා බය වෙන්නෙ ?" 

මෙම පුද්ගලයා තව දුරටත් මගෙ ඥාතියෙකු ලෙස නොසිතමි.මෙ පුද්ගලයා මගෙ පියාගෙ සහෝදරයා ලෙස විශ්වාස කල නොහැකි ලෙස මම ඔහු දෙස බලා සිටියෙමි.තාත්තා වගේ අපිට ආදරෙයි නම් මේ මිනිහට කවදාවත් මෙ වගෙ දේවල් කියන්න බෑ.

මට හදිසියෙම සිහි වුයෙ පෙර දිනක පිහි සහ තුවක්කු අතින් ගත් පිරිස පහර දුන් ආකරයයි.එවැන්නක් මටද සිදුවුනහොත් ? පහර දීම නම් ඕනෑම අයෙකුට සිදු කල හැකියි.නමුත් මගෙ ජීවිතය පරදුවට තා අවදානමක් ගත යුතුද ?

මම ලොව වැඩියෙන්ම ආදරේ කරන පුද්ගලයා එවැන් තත්වයන්ට සම්බන්ද කර ගැනීම ? මම එවැන්නක් කරන්නෙ නැ!

තව දුරටත් මෙම නිවසෙ රැදි සිටීම බෙහෙවින් අපහසු වූවක් නිසා රාත්‍රියේම මම සහ චේ අපට අයිති භාන්ඩ කීපයකුත් රැගෙන ටෙම්ගෙ නිවසට ආවෙමු.මට තවත් මාමෙකු ලෙස ඔහුට ගරු කල නොහැකි අතර දිගින් දිගටම කින්ගෙ වැඩෙ බාරගන්න ලෙස ඇවටිලි කරන නිසා මට ඔහුට පහර දීමට සිතුනොත් එය නවතාගත නොහැකි වෙවි කියායි.

"ඉස්සෙල්ලම ඕක බීල ඉන්න"

ටොම් මට වතුර වීදුරුවක් ලබා දී බලා සිටියේ ඔහු ඉදිරියේ පීඩනයට පත්ව සිටින යුවලට කිසිවක් පවසන තුරුයි.

 "ස්තූතියි .."

"මොකද වුනේ...?"

කනස්සල්ලෙන් පිරි මුහුණින් ටෙම් ඇසුවේය.

"මට සමාවෙන්න ඔයට කරදර කරන්න වුන එකට"

මම බැල්කනිය දෙස බැලුවේ වෙන කිසිවක් පැවසීමට පෙර මුව ගොළුවු නිසාවෙනි.

"ඔයාට මොනවාහරි දෙයක් වද දෙනවද? පෝර්ශ් ,මම හැමදාම කියන්න බලන් හිටියෙ , මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද ?

මා සෙමින් හිස හරවා ඔහුගෙ කඩවසම් මුහුණෙ වු සියුම් සිනාව දෙස බැලිමි.ඔහු පෙර සේම උරහිසෙන් අල්ලා මා දිරිමත් කල අතර මා සිදුවු සියල්ල පැවසීමට පටන්ගතිමි.

"මගේ ගෙදර රාජසන්තක කරලා "

"ඈහ්...මොකද්ද වුණේ ...?"

 සිදුවූයෙ කුමක්දැයි දරාගත නොහැකිව ඔහු පහත් හඩින් විමසුවෙය.

"මාමා සූදුවට තියලා පැරදිලා.

 ඔහුව මතක් කරවීම මට මගෙ හුස්ම සිරකරවයි.ඔහුව මතක් කිරීමත් පිලිකුලකි.

"අනේ...මචන් මට මේක විශ්වාස කරන්නත් බෑ.ඒත් මම දන්නවා ඔයාගෙ මාමා ගැන හොදටම.ඒ නිසා වැඩි විස්තර ඔඉන නෑ.ඉතිං මොකද වුණේ? ඔයා දැන් මොකද්ද කරන්න යන්නෙ ?" 

 කල යුත්තෙ කුමක්ද නොදැන මා හිස වැනුවෙමි.මා සිටියෙ වෙලාවට මට මුදල් සොයාගත් නොහැකි වෙ යැයි බියෙනි.මෙ මොහොතෙ පටන් ඉදිරියට කුමක් කල යුතුද මා නොදනිමි.

 "මම අද රෑට මෙහෙ ඉදලා හෙට යාලුවෙක්ගෙ ගෙදර යනවා "

"ඇත්තටම ඔයාට මගෙත් එක්ක මෙහෙ ඉන්න පුළුවන් නෙ "

දොම්නසට පත් හඩකින් ටෙම් පැවසුවේය.

"අනේ ස්තූතියි, නමුත් මම හෙට මගෙ මිතුරෙකු හමුවී නේවාසිකාගාරයක් සොයාගත යුතුයි.නමුත් ඒ අතර..." 

"ඕ ශිට් ! ඔයා එහෙම කරන්නෙ ඇයි පෝර්ශ් ඔයාට මෙහේ ඉන්න පුළුවන් "

මගේ ජීවිතය කොතරම් නරක සිදුවීම් වුවද තවත් යහපත් පුද්ගලයන් මා වටා සිටීම ගැන මා සතුටු වෙමි.

"ස්තූතියි "

මම කෙදිරුවෙමි 

"අහ් ඔයා ජොම්ට කතාකරාද ?

අපි මුලින්ම ජොම්ගෙ ගෙදර ගිය නමුත් පිලිතුරක් ලැබුණෙ නෑ.සමහරවිට නිදි ඇති."

"ඔහු පෙරදින සිටම මගෙ ඇමතුම් ගන්නෙ නැ.මට පුදුමයි ඔහු කා සමගද ඉන්නෙ කියා "

 "ඔයා නාන්න යනවද ? අද රැ ඔයාලා ඇදෙ නිදාගන්න.මම සෝෆා එකෙ ඉන්නම් "

 "අනේ කමක් නැ.මම සෝෆා එකේ ඉන්නම්.ඔයා චේ එක්ක ඇදේ නිදාගන්න ටොම් "

අද දිනයෙ වු පීඩනය සහ මහන්සිය , මගේ නිවස රාජසන්තක කිරීම ,මගෙ ජීවතය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කර ඇත.කෙසේ හෝ සුපුරුදු පරිදි වැඩට යා යුතු අතර නිවස මුදවා ගැනීමට මුදල් සෙවිය යුතු වේ.

------ඊළග දවස ------

"ෂිට් ,එයාට මොකද්ද වෙලා තියෙන්නේ ?"

ටෙම් නැවතත් ජොම්ව අමතන අතර ශාප කරන්නට විය.පෙරදින පටන් අද පන්තියත් අවසන්  ජොම්ගෙන් කිසිදු  ප්‍රතිචාරයක් නොවීය.ඔහු අසනීපයෙන් නම් අවම වශයෙන් කන්ඩායම් කතාබහේදි ඔහු දැනුම්දෙනු ඇත.නමුත් ඔහු එක්වරම අතුරුදහන් වූවාක් මෙන් කිසිදු සලකුණක් ඉතුරු කර නොමැත.ටෙම් සහ මම ඔහුව නොසලකා සිටීමට උත්සාහ කර අතරම අවටින් අඩු මුදලකට සොයාගතහැකි නේවාසිකාගාර ගැන තොරතුරු අන්තර්ජාලය හරහා සොයන්නට පටන්ගතිමු.නමුත් ඒවා සොයා යාමට පෙර මා ජේඩ් හමුවිය යුතුයි.

"නෑ ආයෙමත්....ආයෙත් මගෙ සමාජ ශාලාවට මෙහෙම වෙන්න දෙන්නෙපා නෑ........"

මගේ යතුරුපැදිය නවත්වනවාත් සමගම සුපුරුදු හඩක් දෙදරුම් දෙන්නට වූ නිසා මම පුදුමයෙන් සහ කඩිමුඩියේ ඒ දෙසට අඩිය ඉක්මන් කලෙමි.

"ජේඩ්, මොකද්ද වුණෙ ?"

 සමාජ ශාලාවෙ වූ විකාරි දසුන දකීමෙන් මට කෑගැසුනි.මේස පුටු බිම වැටි කැඩි ගොස් ඇති අතර බිම පුරා කුඩුවි විසිරී ඇති බෝතල් මෙහි යුද්දයක් සිදුවු බව කියාපායි.ඒ අතර පුරුදු රුවක් බිම වැටී හඩමින් සිටී.

"පෝර්ශ් , මට ඔයා එක්ක දෙයක් කතාකරන්න තියෙනවා "

ජේඩ් රළු ලෙස කෑගැසුවෙ මා ගොළු කරමිනි.සාමාන්‍යයෙන් ජේඩ්ගෙ හඩ හුරතල් ගැහැණු ළමයෙක් මෙන් වුවද අද ඇයගෙ සැබෑ හඩ පැමිණ ඇත.එය සැමියෙකු තම බිරිදගෙ ඇදුමක් ඇදන් සිටිනවාක් මෙන් පෙනුණි.

ඇය නැගිට මා ලගට විත් මාව ඇදගෙන කාර්‍යාලය වෙත යන්නට විය.

අනෙ දෙවියනේ , ඒ ගමන මොකද්ද..මම සිතුවෙමි.

"ආඅහ් , හැමදාම මෙහෙම වෙන්න ගියොතින් නම් මට පිස්සු හැදෙයි.!" 

මම දෑතින් කන් වසාගෙන බලා සිටි අතර ජේඩ් බිත්තියේ හිස ගසාගනිමින් විලාප දෙන්නට විය.

"මොකද වුණේ ...?"

මම කම්පනය වු හඩින් ඇසුවෙමි.

 "උඹ කා එක්කද පැටළුනේ ? ඇත්තටම මොක්ද්ද වුණේ ?

ජේඩ් කිසිදිනෙක පරුෂ වචනෙන් අමතා නැති වුවත් ඇය මට කෙළ ගසමින් ශාප කර මා කම්පනයට පත් කලාය.ඇය මගේ උරහිස තදින් මිරිකුවාය.

 "මම මොනවද කළේ?"

මම ඇසුව්ව් සිදුවු කිසිවක් තේරුම් ගත නොහැකි නිසාවෙනි.දින දෙකක් නිවාඩු ගැනීම හැර වෙනත් කිසිදු කරදරයක් සිදු නොකල  නිසා මම ජේඩ් දෙස බලා සිටියෙමි.

"හහ්....මම ඔයාට කිව්ව නේද ආයෙ කරදර ඇති කරන්න එපා කියලා ?"

මා අතහැරීමට පෙර චීන භාශා විලාශයට ඇය සන්සුන්ව පැවසුවාය.

"මම මොකුත් කළේ නැහැ, ජේඩ්!"

 "මොන විකාරයක්ද , කුන් කින් එක්ක ඔයා මොකද්ද කරන්නෙ ?"

ඒ නම ඇසූ පමණින් මා තිගැස්සි ගියේ ගැටලුවක් ඇති නමුත් ඒ මගෙ නිවස ගැන වුවද , මා නිසා සිදුවක් නොවේ.

 "අද උදේ කඩෙ විවෘත කරන විට කුන් කින්ගේ ආරක්ෂකයන් පැමිණි අතර ඔවුන් පෝර්ශ් නම් අයෙකු මෙහි සේවය කරනවාදැයි විමසු අතර ඔව් යැයි පිලිතුර දුන් විට බඩු සියල්ල විසිකරමින් පෙනෙන පරිදි අලුත්වැඩියා කල සියල්ල අවුලට පත් කරා"

හහ්...අපොයි පෝර්ශ් දැන් ඔයා මොකද්ද කරන්න යන්නෙ ?"

ඇය මුලින්ම පැවසු දෙ සහ , කටහඩෙ අමිහිරි බවත්, අවසක් වැකියත් නිසා මට මගේ කෝපය පාලනය කිරීම අපහසු විය.ජේඩ් පැවසු දේ මා පිස්සුවට සහ තවත් අවුලට පත් කළාය.

 "මම මුකුත් කළේ නැහැ!"

මම පිලිතුරු දුනිමි.

 "ඔයාට මෙතනින් අයින් වෙන්න පුළුවන් ද?

උන් මට අවසාන නිවේදනයක් දීල ගියේ.මම ඔයාව මෙතනින් අයින් කරෙ නැත්නම් හැමදාම මෙ විදියට අවුල් ජාලයක් කරනවා කියලා "

ඇය මිමුණුවාය.

 "ෂිට් මෙ මොන මගුලක්ද දෙවියනේ ...."

මෙ වුණ දෙ ගැන නම් පුදුමයි .

"ඉන්න ජේඩ් , මොනවද ඔයා මෙ කියන්නෙ ?"

 කලාතුරකින් මගෙ හැගීම් පිටතට පෙන්වුවද මෙ මොහොතෙ කදුළු කඩා හැලෙමින් බැගෑපත් වන්නට වීමි.

"මට ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න තියෙනවා ...

ඒත්......."

 "මට සමාවෙන්න පෝර්ශ් , ඒත් ඔයාට මම වෙනුවෙන් අයින් වෙන්න පුළුවන් ද?

ඇයගෙ මුහුණෙ පෙර මෙන් තරහක් නොවුනද ඈ මදක් නොසන්සුන්ව පැවසුවාය.

 "මට බෑ. අනේ ඔයාට බෑ මාව එලවන්න."

අනේ  කොහෙත්ම මේක වෙන්න බෑ.මගෙ ගෙදර බේරගන්න මම මුදල් උපයන්නෙ කොහෙන්ද?

අයියෝ කින්!තමුසෙ ඇයි මට මෙහෙම කරන්නෙ?

"ඒත් මට තව දුරතත් සමාජ ශාලාවෙ රැදි සිටිය නොහැකියි."

අකීකරු ලෙස ඇසින් ගලා ආ කදුලු බිදු මුහුණ දිගේ ගලා යන්නට විය 

"ඒත් ජේඩ් ඔයාට මාව අයින් කරලා දාන්න බෑ.මම කොහෙන්ද සල්ලි හොයාගන්නෙ ?"

මගේ වෙව්ලන හඩ කෙදිරියක් මෙන් පිටවිය.

"මටත් මූල්‍ය ගැටලු තියෙනවා ,මම දන්නැ සමාජ ශාලව නැවතත් මුල සිටම නිවැරදි කිරීමට මුදල් කොහෙන් හොයන්නද කියලා "

මම වීදූරුවෙන් පිටත එබි බැලු විට දක්නට ලැබුණෙ සම්පූර්ණයෙන්ම විනාශ වූ දේ සහ තවමත් මරණ බියෙන් පසුවන කාර්ය මණ්ඩලයයි.

"ඇත්තටම , මේ වතාවෙ නම් මම මොකුත් කරේ නෑ "

මම ගැඹුරු සුසුමක් හෙලමින් කින්ට සිතින් ශාප කලෙමි.මන්ද මෙවර මා ඔහුට කිසිදු වරදක් නොකල බැවිනි.සිදුවු සියල්ලට මටම දොස් පවරාගමින් මම නැවත ජේඩ් දෙස බැලුවෙමි.

 "පෝර්ශ්...කරුණාකරලා මෙතනින් යන්න."

මා හට මෙය ගෙන දුන්නෙ මහත් කලකිරීමකි මට හැගෙනුයෙ සියල්ලම අහිමි වු බවයි.මෙම හැගීම් සමග මා කටයුතු කල යුත්තෙ කෙසේද යන්න සිතීමට පවා මට අපහසුය.

"මගෙ දිහා ඔහොම බලන්නෙපා.ජේඩ් පෝර්ශ්ට ආදරෙයි ඒත් දැන් අපි අපිටම ආදරේ කරන්න ඕන"

මම හිතන්නෙ මට දැන් හැමදේම තේරෙනවා.සමාජ ශාලව මම නිසා දෙපාරක් විනාශ වුණා.මට ජේඩ්ට දොස් කියන්න බෑ.දැනටමත් ඇය මාව එලවන්න තීරණය කරලා ඉවරයි.

"ඔයාට දැන් මොනවද ඕන ? මුදල් හැර ඕනම දෙයක් කරන්න පුළුවන්.මෙ වෙලාවෙ ලොකු මුදලක් මට දරාගන්න අමාරුයි "

"එහෙනම් මට P'Q සාප්පුවෙ රැකියාවක් හොයලා දෙන්න පුළුවන් ද?"

"ඊගාව පාරෙ සාප්පුවද ?

"ඔව් මට ඉක්මනින් වැඩට යන්න පුළුවන් ද.මට ඇත්තටම ඉක්මනින් මුදල් ඕන "

 "උන් ඔයාගෙ පස්සෙන් ඇවිල්ලා ඒ සාප්පුවත් විනාශ කරන්නෙ නැති බව විශ්වාසයිද?"

ජේඩ් ඇසුව දේට දීමට උත්තර නැති බැවින් කිව හැක්කෙ මට  කිසිවක් විශ්වාස නැති බව පමනයි.මෙ සදහා විසදුමක් කල්පනා කිරීමට මා නලල කෙලවර සෙමින් පිරිමදිමින් මදක් සිටියෙමි.

"හරි පොඩ්ඩක් ඉන්නකො "

ජේඩ් ඇමතුම ගැනීමට පිටතට යාමට පෙර දුරකතනය ඔබන්නට විය.මම දන්නවා ඇය කේන්තියෙන් බව.නමුත් ඇය ඉල්ලා සිටියෙ රැකියාවෙන් ඉවත් වන ලෙසයි නමුත් දැන් කිසිදු සැකයකින් තොරව මට වෙනත් ස්තානයක රැකියාවක් සෙවීමට උපකාර කරයි.මෙය ජේඩ් තවමත් පෙර සේම ආදරේ බව මතක් කර දුන්නේය.

 "හරි... එහෙනම් ඔයා අද රෑම වැඩ පටන් ගන්න."

ජේඩ් මට පැවසුවේ දිගු කලක පටන් එම සාප්පුව වසා දමා ඇති බැවින් ඇයගෙ මිතුරියක්ගෙ සාප්පුවක රැකියාව කල හැකි බවයි.

 "ඉතිං... මම යන්න කලින්, මම මොනවාහරි කරන්න ඕනද ඔයා වෙනුවෙන් ?"

 "නෑ නෑ...ඕන නෑ. ඔයා යන්න, Q බලාගෙන ඉන්නවා ඇති."

 මම හිස වැනුවෙමි.  මම සමාජ ශාලාවෙන් පිටතට විත් කෙලින්ම යාමට පිටත් වුණෙ නව රැකියා ස්තානය වෙතටයි.

නිකරුනෙ කාලය ගතවන තුරු මට බලසිටිය නොහැක.කෙසේ හො ඉක්මනින් රැකියාවක් කර මුදල් ටිකක් උපයා ගත යුතු වේ.මම කල්පනා කරෙ නිකන් වාඩිවි බලාසිටීමට නොහැකි තරමටම හිස මත පැටවි ඇති බර අති විශාලය.

සමහරවිට මෙය සිතන දෙය විය නොහැකියි.වරදවා වටහා ගැනීමක්ද?

ජේඩ් වෙත පැමිනි මැර කල්ලිය තවමත් මා ලුහුබදිමින් සිටිය හැක.

නවසාපොඋවෙ පළමු රාත්‍රිය සාමාන්‍ය පරිදි ගෙවී ගිය අතර නැවතත් මා ජේඩ්ගෙ ස්තානයෙ ගනුදෙනුකරුවන් අතර රැදී සිටියෙ නැවත ගැටලු ඇතිවේද සොයා බැලීමටයි.

අද දින වෙනදාටත් වඩා මහන්සි සහ නව රැකියාවට මම ඉක්මනින් හුරු වීම සහ නව සේවකයෙකු වීම එතරම් පහසු නොවේ.

මේක මට කවදාවත් පහසු වෙන්නෙ නෑ.මෙ හැමදේම වෙන්නෙ මගෙ වරදින් ඒකට මට ස්වර්ගයට හෝ පොලවට දොස් තැබිය නොහැකියි.

 මම වරක් ටෙම්ගෙ කාමරයට යාම සදහා පුවරුවට කේතය ඇතුල් කරන විට මා දුටුවෙ අසල්වැසි නිවසෙ පුද්ගලයා වැරදි කේතයක් ඇතුල් කරන බවයි.

 "මොනව දිහාද තමුන් බලන් ඉන්නෙ ?"

ඒ මිනිහා තියුනු බැල්මකින් මා දෙස බැලුවෙය.ඇත්ත වශයෙන්ම මට බලන්න අවශ්‍ය උනෙ නැ කාමරය ඉස්සරහ පෙම් කෙලින යුවල දෙස.

 හෙයි, මගෙ ඇස් වල කිසිම වරදක් නැ.ඇත්තටම ඔවුන් කර දෙ මම දැක්කා.

"මකබෑවියන් "

 මම දිවුරනවා එ මනුස්සයා දිහා මම නොසැලී නොබියව බලා සිටි ලෙසම ඔහුද මා දෙස බලා සිටියේය.ඔහු හා මා ගැටුමක් ඇති කර ගැනීමට පෙර එම කාන්තාව ඇගෙ සැමියා රැගෙන කාමරයට ගියාය.

මම මොකද කරේ? මම මොකුත් කරෙ නෑනෙ.

මම කේතය ඇතුල් කර ටෙම්ගෙ කාමරයට ඇතුලු වුයෙ තෙහෙට්ටුවෙනි.මම නිහඩවම නෑනකාමරයට ගියේ දැනටමත් ටෙම් නිදාගෙන සිටින නිසාවෙනි.නමුත් මා පිටතට පැමිණෙන විට දුටුවේ කෝපයෙන් බිත්තිය දෙස බලා සිටින මිතුරාවයි.

 "මම ඔයාව නැගිට්ටෙව්වද"

"මගුල එහා කාමරේ ජෝඩුව ඇහැරෙව්වා මාව "

සුදු පැහැ බිත්තිය දෙස බලා ටෙම් කෑගහද්දි මමද නලල රැලි කරගෙන අවදානය දුන් විට ඇසුනේ බිත්තිය හරහා පිරිමි සහ කාන්තා කටහඩකි.ඒ මට හමුවු යුවලයි.

 "ෂියා.. ඔයාලගෙ සද්දෙ අඩුකරගන්න බැරිද.අපිට නිදාගන්න ඕන."

ඔහු කෑගසමින් බිත්තියට පහර දෙන විට මට අපහසුතාවයක් දැනුනි.නමුත් එයින් පසු ඔවුන්ගෙ හඩ පෙරට වඩා වැඩි විය.ඊටත් වඩා මම බලාපොරොත්තු උනාටත් වඩා දේවල් ඔවුන් කරන බවයි පෙනෙන්නෙ.

"මොන හුත්#ක්ද , ඕක කෑගහන්නෙ නැතුව කරන්න බැරිද ?"

"මට කණගාටුයි "

නොසිතු ලෙස හඩකින් ප්‍රතිචාර දැක්වු අත තවමත් කලකිරුණු මුහුණින් ටෙම් ඉවතට ගියේය.මට ටෙම්ගෙ හැසිරීම දැක ඔහු පෙරදි පැවසූවක් සිහිපත් විනි.

"කාන්තාවන්ගෙ හඩ හැමදාමත් ඝෝෂාකාරයි, නිදාගන්නවත් බැරි තරමටම, ඒ කිව්වෙ ඔයා මෙ ගැනද කියලා තියෙන්නේ.

 ඉස්සර එයා කියනවා කාමරෙ නිදාගන්න අමාරුයි සද්දෙ නිසා නිතර ඇහැරෙනවා කියලා 

 "ඔව් හැබැයි , ගෑණු විතරක් නෙවෙයි, කීප සැරයක්ම මිනිස්සුත් ගෙනල්ලා තියෙනවා"

ඔහු වතුර වීදුරුවක්ම පානය කලේය.

"වැදගත්ම දේ මේකා මගේ අසල්වැසියා,මම ඌට 

වෛර කරනවා.අවජාතකයා "

බිත්තිය දෙස බලා මැදගිල්ල දිගුකරමින් ටේ පැවසීය.

මගෙ මිතුරා දැන් වෙනත් ගැටලුවකට මුහුන පා ඇති නිසා ඔහු බොහෝ කලකිරි ඇති බව දුටු නිසා මම ඔහුට පින් කරන ලෙස පැවසීමි.කිසිම දිනක මම පන්සලකට යාමට නොසිතුවෙමි.දැන් මට තේරෙන්නෙ මගෙ පින් බොහෝ අඩු වි ඇති බවයි.

-----කාර් එකේදි ----

"මමත් ඔයා ඉන්න නේවාසිකාගාරයටම එන්න ඕනද ?

මම සාමාන්‍යයෙන් පින් පව් විශ්වාස කරන්නෙ නැති නමුත් මෙ සිදුවන සිද්දීන් දාමයන් සමග මට හැගෙන්නෙ මගෙ ආධ්‍යාත්මික ආරක්ෂාවන් හීන වී ඇති බවයි.එබැවින් මට ධර්මය වෙත සමීප විය යුතුය.මට හැගුනෙ තව දුරටත් මගෙ ජීවිතය තුච්ඡ වුවහොත් ඉතිරි කාලය පැදිදි වී නැවත ජීවත් බන බවක් නොහැගෙන ලෙස සිටීමටයි.

"හිත නිදහස් වෙන්න ඕන නම් ඔයාට සිංදුවක් කියන්න පුළුවන් නෙ"

ටෙම් පැවසීය.

මම පහසුවෙන් නින්දට වැටෙන අයෙකු නොවෙ, ප්‍රශ්න එක්ක මට නිදාගන්න අමාරුයි.පොඩි සද්දයක් ඇහුනත් මට නින්ද යන්නෙ නැ.

මම මෙ අපතයා සමග දිගින් දිගටම කතාකලෙමි.ඔහු පිටතය යාමට මෝටර් රථය අධිවේගි මාර්ගයෙ ගොඩ් අසල පටුමගෙ ඇති විහාරස්ථානය වෙත ධාවනය කලේය.අපි විශ්ව විද්‍යාලයෙන් පිටත සිටින අතර හදිසියෙම ටෙම්ගෙ දුරකතනය නාද විය.

 "ට්‍රීඊඊඊඊංං...."

 "හ්ම්ම්ම්.... ඔයාගේ අවජාතක යාළුවා කතා කරන්නෙ"

දුරකතන තිරය පෙන්වා ඔහු ඇමතුමට පිලිතුරු දීමට ස්පීකර් දැම්මේය.

 "ඕයි උඹට තාම මතකද  යාළුවෝ ඉන්නවා කියලා..."

 [ඔයා..චෙ....මට උදව් කරන්න]

ඔහුගෙ හඩ ඉතා දුර්වල අතර ඇසුනෙ යන්තමිනි.ටෙම් හදිසියෙම තිරිංග තද කල අතර මම ජොම්ගෙ හඩ හැසීමෙන් පුදුමයට පත්වි සිටිමි.

 "ඇයි.. ඇයි ඔයාට. .  ඔයාට මොකද්ද වුණේ?... "

මගේ කනගාටුවෙන් හා ශෝකයෙන් ආපිට ඇසුවෙමි.

 [මට උදව් කරන්න... කැෆේ එක පිටුපස]

ටෙම් ඉක්මනින් මෝටර් නවත හරවා ඔහු පැවසු දෙසට පදවන්නට විය.නමුත් මගෙ හදවතෙ සියුම් වේදනාකාරි හැගීමක් ඇති වූයෙ මෙයටත් හේතුව මාද යන්නයි.

 "මට පැහැදිලිව කියන්න. ඔයා කොහෙද ඉන්නෙ ?"

හදිසියෙම පාර අයිනෙ වැටි සිටි අයෙකු දුටු අතර ඒ ජොම් බව දුටු ටෙම් වහාම සංඥාව ක්‍රියාතිමක කර මෝටර් රථය  නවතා අපි ඉක්මනින් එලියට බැස්සෙමු.

"ෂියා ජොම් !"

ටෙම් සහ මම පුදුමයෙන් කෑගැසුවෙමු.මෙය ජනතාවට විවෘත ප්‍රදේශයක් වු  අතර අපි ඉක්මනින් දුක්කිත ලෙස කනුවක් මත වාඩිවි සිටින පුද්ගලයා දෙසට ගමන් කලෙමු.

මුහුණ පුරා තැලීම් සිරීම් වලින් වැසී ගොස් ඇති අතර කමිසය පුරා සපත්තු සලකුණු වලින් පිරි ඇත.

 "ඔයා මෙහේ ?"

ජොම් කෑගැසු විට් අප දුටු ජොම් ඉදිමුණු ඇස් වලින් සිනා වි ඔහු මා තදින් බදාගත්තේය.

 " ඔයාට මොකක්ද වුනේ."

බිදීගිය හඩින් මම ඇසුවෙමි.

 "සිදුවු දෙයක් මම දන්නෙ නැ.නමුත් වෙලදසැලට යන අතර මිනිසුන් කීප දෙනෙක් යතුරු පැදිවලින් පැමිණ ඇසුවේ මා ජොම්ද කියා. මම ඔව් කිව්වම....කිව්වා කුන් කින් ලග තෑග්ගක් තියෙනවා කියලා මට.ඊට පස්සෙ මට හොදටම ගහලා මාව වෑන් එකට දාලා අරගෙන ගිහිල්ලා ආයෙ හොදටම ගැහුවා."

 ඔහුගෙ කටහඩ වෙව්ලන අතර හිතුවක්කාර ලෙස හිරවන හුස්ම ඔහුට කතා කිරීමට බාදා කරයි.ඔහුගෙ මුවින් ලෙ නොආවද ඔහුගෙ පෙනුම ඉතා නරක විය.මම යන්තමින් ඔහුව ස්පර්ශ කර බැලිමි.

ඔහු ජේඩ්ට මාව නෙරපා හරින ලෙස බල කර සමාජ ශාලව විනාශ කර අතර දැන් මගෙ මිතුරන්ට පහර දී බිය ගැන්වීම මට ඇති කලේ මහත් කෝපයකි.

ඔහු මාව මර්දනය කරන්නට උත්සාහ ගන්නෙ මා අවට අයට පීඩා කිරීමෙනි.ඔහුට අවැසි දෙ සිදුවි ඇත.මම ඉක්මනින් පෙරදාක මා ඇමතු අංකය සොයා ඇමතුවෙමි.ටික වෙලාවක් නාද වු පසු දුරකතනය ගත් පුද්ගලයා සිසිල් ලෙස සිනාවන්නට විය.

[ " හහ්හා...අවසානෙට එහෙනම් ඔයා මට කතා කරා?  ."]

 "උඹ මගේ යාළුවාට මොකක්ද කරේ ?"

මම කෑගසමි.

[" මොකද්ද? මම ඔයාගේ යාළුවට මොකුත් කරේ නෑ."]

 "මොන මගුලක්ද ඔයා කියන්න්නෙ  මොකුත් කරේ නෑ කියලා.?.. කරේ නැත්තම් මගේ යාලුව කොහොමද මෙහෙම ගුටි කෑවෙ ? "

 ["  මම ඔයාට පාඩමක් උගන්නන්නයි හිතුවෙ, ඒ උනාට  මගේ මිනිස්සු වැරදි කෙනාවයි අල්ලන් තියෙන්නෙ."]

 දුරකතනයෙ ඉයර් පීස්  හරහා මහ හඬින් සිනාසෙනු ඇසෙන්නට විය.

 "දෙවියනේ .. මගේ නම පෝර්ෂ්ච්.. 

අපොයි.. ඔයා මොනවද මේ සෙල්ලම් කරන්න හදන්නේ ? "

 [" ඕහ්... ඔයාගේ නම පෝර්ශ් , ඒ නිසා මගේ මිනිස්සු වැරදි කෙනෙක්ට ගැහුවා. හෙහේ... "]

 නැවතත් සිනාහඩ ඇසීම නිසා මම දුරකතනය පහතට දැමුවෙමි.

"මෙ මනුස්සයා මගෙ නම නොදැන ඉන්නෙ කොහොමද "

"ඔයා මට දිගටම කරදර කරන්න හිතන් ඉන්නවනම්, මම මොකක්ද කරන්න ඕනේ ?"

 [" මං වෙනුවෙන් වැඩ කරන්න.. "]

 "මට බැ.මම ඒක කරන්නෙ නෑ."

මම නැවතත් ඔහුගේ හඬට අවධානය යොමු කලෙමි.

[" හරි එහෙනම් .... ඔයාගේ මල්ලිගෙ නම චේ..නේද.. ?]

  ඔහු කියනු ඇසූනු  විට මගේ ඉවසීමේ සීමාව ඉක්මවිය.

 "උඹ මගේ මල්ලිව අල්ලගන්න තරම් එඩිතර වෙන්න එපා!"

 [" අම්ම්ම්.. නොං චේගේ පාසල තියෙන්නේ මගේ ගෙවල් ළඟ." ]

 "  ෆකින්න්...උඹ  කොහොමද දැනගත්තේ.. ?"

[ "  ඇවිල්ලා මාව හම්බ වෙන්න."]

මම වහාම ඇමතුම විසන්දි කර අතල ලිපිනයක් සහිත කෙටි පණිවිඩයක් පැමිණියෙය.ඔහු හිතාමතාම මෙ සියල්ල කල බව සිහිවන විට මා කෝපයෙන් දත්මිටි කෑවෙමි.ඔහු නිසා රැකියාව මිතුරන් සියල්ල මට අහිමි විය.වචනයෙන් පරිසමාප්ත අර්තයෙන්ම ඔහු වෙනුවෙන් මා වැඩ කිරීමට අවැසි නිසාද ඔහු මෙ සියල්ලක් කලේ ?

"හුක#න් "

මාමා කිව්ව දේ මම ආයෙම කොදුරගන්න ගමන් සිතූයෙ මේ නිවස මගේ වන්නෙ තවත් දින තුනක් පමණක් බවයි ඉන් පසු එය අන්සතු වනු ඇත.නමුත් මේ දින තුනේදි ණය ගෙවා නිවස බේරා ගැනීමට මට මුදල් සොයාගත් යුතු වේ.

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-