(පෝර්ශ්)
මම බයික් එකේ පසුපසින් තබා සිටින්නෙ අඩපන වූ අශ්වාරෝහකයෙක් වන් මගේ මාමා ආති.ඔහුව නිවසට රැගෙන යාමට එන ලෙස කීවත් මම ඇසූ කිසිදු ප්‍රශ්නයකට උත්තර ලැබුනෙ නම් නොමැත..කෙසේ හෝ ඔහු සමග නිවසට පැමිණ ප්‍රවේසමින් යතුරූ පැදියෙන් බැස්සුවෙමි.
ඉස්සෙල්ලම බහින්න.
මම සිහින් හඩින් කොදුරා කී පසු ඔහු මා පසුපසින් පැමිණියෙය.මම යතුර කරකවා යතුරුපැදියෙ එන්ජිම ක්‍රියාවිරහිත කර සෙමෙන් තල්ලු කරමින් මිදුල දෙසට ගොස් තාප්පය අසලින් නවතා තාප්පය උඩට නැග්ගෙමි.
"ඔයා මොකක්ද කරන්නේ.?"
මාමා කලබලෙන් වටපිට බලන ගමන් ඇසුවෙය..
"ෂ්ට්ට්! කටවහගෙන ඉක්මනින් උඩට එන්න."
මම බිමට පනින්න කලින් බීමත් මාමව බිත්තිය දිගේ ඉහලට ඇද ගතිමි.
"ඇයි තමන්ගෙම ගෙදරට හොරෙක් වගේ රිංගන්නෙ?!"
මාමා කොදුරමින් විමසුවද නෑසුනාක් මෙන් මම බිමට බසින ගමන් ඔහුටද බිමට බසින ලෙස ඉගි කර සෙමෙන් නිවස පිටුපසට ගොස් දොර විවෘත කිවීමට පෙර වටපිට බලා ශබ්දයක් ඇති නොවන පරිදි ඉක්මනින් ඇතුලට රිංගා ගතිමි.
"වාහ්! අවසානෙට තව දවසක් බේරෙන්න පුළුවන් වුණා."
මම ගැඹුරු හුස්මක් ගන්න ගමන් මගෙ පිටපස්සෙන් ආව ආති මාමා දිහා අප්‍රසන්න විදියට බලද්දි ඒ මනුස්සයා ලයිට් එක දාන්න යන ගමන්.
"ලයිට් එක දාන්න එපා!"
මම මිමිණුවෙමි.
"මොකක්ද ප්‍රශ්නෙ.?"
ඔහු ඇසුවෙ සිදුවන කිසිවක් නොතෙරේන බැවිනි.මම ලයිටරයද ගෙන කලුවරේම පරිස්සමින් ඇවිදන් ගියේ පෙරදින භාවිතා කර බාගෙට දියවූ ඉටිපන්දමක් සොයාගැනීමටයි.
" වැඩිය සද්දේ කරන්න එපා..."
මම කිවෙ ලාච්චුවෙන් ෆෑන් එක හොයමින් සිටි මාමව නැවත පුදුම කරමිනි.
"රස්නෙ අඩුවෙයි.ඒ සී දාන්න එපා"
"ආ? ඔයා ලයිට් බිල ගෙව්වෙ නැද්ද?"
ආති ආයෙම කලබලෙන් ඇහුවෙ මම ජනේලය අසලට යාමටත් පෙර, විදුලි පංකාව අතට ගත් නිසා මම තිර රෙදි මදක් විවර කලෙමි.කලු ඇදුමින් සැරසුනු මිනිසුන් දෙදෙනෙක් යතුරු පැදි මත සිට මගෙ නිවස දෙස බලාසිටිනු මම දුටුවෙමි.
" ඕ ශිට්..! උන් කවදද මේක නවත්තන්නෙ?
දින දෙකක් මේ අපතයා සමාජ ශාලාවට මිනිසුන් එවා තිබුණෙ මා ගැන විපරම් කිරීමට දැන් ඔවුන් මගේ නිවසටත් පැමිණ ඇත.මට හැගෙන්නෙ ඔවුන් මීයෙකු දඩයම් කිරීමට සූදානම් වන බවයි.
ජේඩ් පැවසු පරිදි සමාජ ශාලාවෙ රැකියාවෙන් ටික කාලයක් වෙවේක ගැනීමට මෙය සුදුසුම කාලයයි.ඇය පවසන පරිදි සෑම රාත්‍රියකම කවුරුන් හෝ පැමිණ ජොම් නම් පුද්ගලයකු සොයන බවත්ය.ජේඩ්ගෙ මෙම වදන් මගෙ කොදු ඇට පෙල දිගෙ අමුතු වේදනාවක් ගමන් කරාක් මෙන් දැනෙන්නට විය.
"කිං මහත්තයට ඔයත් එක්ක තියෙන ප්‍රශ්නෙ මොකද්ද ? ඉක්මනින් ගිහිල්ලා ඔහුව හමුවී සමාව ගන්න.මට කිව හැක්කෙ ඔහු තවත් එක් සාමාන්‍ය පුද්ගලයන් නොවන බවයි."
සැගවීමට කොතරම් උත්සාහ දැරුවද මගෙ හදවතෙ ඇති බිය දිනෙන් දිනම උත්සන්න වන බවක් මට දැන් හොදින්ම දැනෙන්නට ගෙන ඇත.ඔහුගෙ කල්ලියෙ මිනිසුන් දිනක් දිනක් පාසා සෑම තැනකම ජොන් ලෙස මා සොයනා විට , කිං එතරම පහසුවෙන් මට පැන යාමට ඉඩක් නොතබන බව මට හොදින්ම දැනේ.
"මාෆියාවෙ මිනිස්සු පස්සෙන් පන්නන්න තරම් ඔයා මොක්ද්ද කරේ පෝර්ශ් ?"
ආති ඇවිදගෙන විත් තිර රෙද්ද පිටුපස උන් මා අසලට විත් කිවෙය.
"...මම...මම මොකක්හරි කරලා වගේ.ඒත් මොකක්ද ? ...මොකද්ද ඒ? "
ඔරලෝසුව ගැන කියන්න තරම් ධෛර්‍යක් නොවු නිසා සැනෙකින් මම මාතෘකාව වෙනස් කලෙමි.ඒක හරියට අපරාධකාරයෙක් වටිනා දෙයක් බලෙන් පැහැරගන්නාක් මෙන් නිසා.
මාමා පරණ සෝෆාවෙ වාඩිවි සුසුම් හෙලන්න විය.
"ඔහ්, ඔයා ආපහු ඇවිල්ලද?"
මැරතන් දුවලා වගේ අත් කොට කමිසයක් සහ කලිසමක් පමණක් ඇදගෙන සිටි මගෙ මල්ලි චේ ගෙන් මම විමසීමි.
"අනේ චේ ඔයා ආපහු ආවද"
මාමාද ඔහුට කීවේය.
"ඔව්...
හෙයි අද රෑ මම යාලුවෙක්ගෙ ගෙදර නිදාගන්නද"
චේ ආතීට පිළිතුරු දුන්නේ ආපසු හැරී නිශ්ඵල ලෙස මා දෙස බලමිනි.
"ඇයි ?"
මම ඇසුවෙමි.
"මගේ ගෙදරට වැට උඩින් පැනල එන්න මට කම්මැලි.ඒසී දාන්න බෑ.විදුලිය භාවිතය තහනම්, මට මගෙ දුරකතනය විතරයි චාර්ජ් කරන්න පුළුවන්.මේක නම් විකාරයක්.අයියෙ මම ඔයාගෙන් ඇත්තටම අහන්නෙ.ඔයාට කා එක්කහරි ප්‍රශ්නයක් තියෙනවද ?
මම කල්පනා කරමින් ඔහුගෙ උරහිසට අත තැබුවද නලල රැලි කර ඔහු මගෙ අත ඉවත් කලේය.
"අනේ පිටිපස්සෙ දොරෙන් එලියට යන්න"
මම නැවත කී පසු දෑස් කරකවා නැවත් උඩුමහලට ගියේය.
"පෝර්ශ් සූදු කෙලිය නිසා ඔයා කාටවත් ණය වුණෙ නෑ නේද ?
නැවතත් ආති මාතෘකාව පැමිණියේය.
"නැ නෑ ,සත්තකින්ම එහෙම දෙයක් නෑ, අහ්! මට දැනුයි මතක් වුණේ.ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නෙ මාමේ ?
මම නොසන්සුන්ව මා අසලින් වාඩිවි සිනින ආති දෙස බල ගැඹුරු ස්වරයෙන් විමසීමි.
"ඒක....මේ මට ... දැන් සල්ලි ටිකක් ඕනේ."
එකම කතාව අහලා මට එපා වෙලා.අවුරුද්දකට දහ වතාවක් විතර මේ විදියට සල්ලි ඉල්ලනවා.
"නෑ මේ සැරෙ රත්තරන් නෑ.මගෙ අම්ම ඒවා විකුණලා ණය ගෙව්වා "
වතුර බීමට කුස්සියට ඇවිදන් යන අතර මම කීමී.
"මේ වෙලාවේ ඔයාට මට උදව් කරන්න බැරි නම්, මම දන්නේ නැ මොනවා කරන්නද කියලා"
ආතී මාමා මදක් කලබලයෙන් කීවේය.
"මේ පාර කීයක්ද?"
මම ආපසු ඇසුවෙමි.
"මිලියන පහක්."
වතුර බොන්න බෝතලට ඉස්සුව මගෙ අත එකපාරටම කම්පනයෙ වෙව්ලන්න විය.
"හෑහ්..."
“මේ ගමන් කලින් වගේ නෙවෙයි මාව මරයි... ඔයාගෙ උදව් ඕන මට"
ඔහුගේ මුහුණේ වූයේ කලකිරීමේ සේයාවකි.
" ඔයාට පිස්සුද, මම සල්ලි කොහෙන් කියලා හොයන්නද,
ඒ මදිවට මිලියන පහක්.?"
" ඔයා මීට කලිනුත් ලක්ෂ ගානක් ණය වුනා.ඒකට ඔයාව අල්ලගෙන තඩිබෑවනෙ.දැන් ඔයා මෙච්චර ගානක් ණය වෙලා.ඇයි තමුන්ට බැරි දැන්වත් මෙ මගුල් විකාර නදත්තලා දාන්න. ඔයාට සාමාන්‍ය දැනීම කියලා දෙයක් නැද්ද ?මොන මෝඩකමක්ද?"
"මම දන්නේ නැ, මම ඇත්තටම දන්නේ නැ, ඔයා මට උදව් කරන්න ඕන"
ආතී නොසන්සුන්ව සෝෆාව මත හිඳ ඇඹරෙමින් කීවේය.
"මගුලයි! ගේ උකස් කරානෙ.උන් ඉක්මනින් එයි ඒක ගන්න "
"ආහ්, ගෙදර උකස් කරාද?"
මම මේ කල්පනා කරන්නෙ මම දන්න විදියට ආතිගෙ ගෙදර දැනටමත් රාජසන්තක කර වෙනකෙකුට අයිතිය පවරා ඇත.
"මම කාලා බීලා කැසීනො එකක හරි නිදාගන්නවා.මම මේ ආවෙ ඔයාට කියලා යන්න ගෙදර රාජසන්තක කරලා වෙනකෙනෙක්ට පවරන්න යන්නෙ කියලා"
"ගෙදර?
මොන ගෙයරක් ගැනද කියන්නේ මාමේ?"
මම පුදුමෙන් ඇහුවත් මගෙ බඩේ එලාර්ම් උඩ පැන පැන වදින්න අරගෙන කියලා මට තේරුණා.ආතිගෙ මූණෙ වෙනස්වුණ ඉරියව් සහ පසුතැවිල්ලත් එක්ක මම පිලිතුර අනුමාණ කලෙමි.
"අනේ....මට සමාවෙන්න.. ඒත් ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මොනවා කරන්නද කියලා."
පිළිතුර මට මගේ දෑස් විශාල කරවයි, ඔහුගෙ කටින් කියපු දේ විශ්වාස කිරීමට අවශ්‍ය නොවීය.
"මොකක්...!!
මට කියන්න එපා ඔයා කිව්වෙ ගෙදර ගැන කියලා..."
මම උත්තරයක් බලාපොරොත්තුවෙන් නිශ්ශබ්දව උන් මාමා වෙත බැගෑපත් ලෙස ආවෙමි.
"ඔව් මම මේ ගෙදර උකස් කලා, මම අඩුම පොලියවත් ගෙවාගන්න බැරි වෙයි.බැරි උනොත් දවස් තුනකින් මෙ ගෙදර රාජසන්තක කරයි"
මාමා මගෙ දෑත් මිරිකමින් උත්තර දුනි.
"ඒත් මේ ගෙදර විතරයි මට අම්මයි තාත්තයි ඉතුරු කරලා ගියේ.ඇයි ඔයා අපිට මෙහෙම කරේ ?"
පාවාදීමේ වේදනාව මගේ හදවත හරහා විශක් සේ ගමන් කරන්න විය.
මම ඉක්මනින් නැවත පිටවි සිහියට පැමිණ අල්මාරි ලාච්චුව විවර කර හිමිකම් ලේඛන සෙව්වෙමි.මම මාමා දෙස නැවත හැරි බැලුවෙ දෑසින් ඔහු මරා දැවීමට තරම් කේන්තියකින් සහ පිටවීමට දගලන වචන අමාරුවෙන් උගුරෙ සිරකරගනිමිනි.
දැන් මට වයස අවුරුදු විස්සක් මේක මගෙ ගෙදර.ඔයා බාරකාරයා උනේ මම ඒ වෙද්දි පොඩි ළමයෙක් නිසා.මේක විතරයි මගෙ දෙමව්පියො දුන්න දේවලින් ඉතුරු වත්කම.අනිත් හැමදේම ආති නැතිකරා.ඒත් ගෙදරට අත තියන්නෙ නෑ කියලා එයා චේටයි මටයි පොරොන්දු උනා.ඒත් දැන් මෙ මොකද්ද ?
"අයි ඔයා මට මෙහෙම කරේ....?"
"මට සමාවෙන්න.."
ඔහු මිමුණුවේය.
මට මගෙ සිහිය නැතිවෙන්න වගේ.මට ඇවිදින්න නොහැකි වු අතර මගෙ හිස බිත්තියෙ ගසාගත්තේ දකින බියකරු සිහිනයෙන් අවදි වීමටයි.
මට ඇති එකම නෑදෑයා ආති.ඔහු මෙ දේවල් නිසි ලෙස කලමණාකරනය කල යුතු නමුත් ඔහු කලෙ මේ දේවල් විනාශ කර දැමීම පමණි.ආති කරේ මට සහ සහෝදරයට කරදර ඇති කිරීම පමණයි.
"දවස් තුනක් "
Comments
Post a Comment