පාක්! පාක්!
තැබෑරුම පිටුපස පටුමගේ දුම් පානය කරන අතරතුර ඇසුන පහර දෙන ශබ්දයක් මගේ අවධානයට ලක් විය.
මම ලොකු කුණු මල්ල කුණු කූඩයට දමන විට මගේ නෙත ගැටුනේ
මිනිසුන් පහක් හෝ හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හේතුවක් නොමැතිව බිම වැතිර සිටි අයෙකුට පහර දෙන බවයි.
ඔවුත් අත් මිට මොලවමින් සහ පාද වලින් කෲර ලෙස පහර දෙයි.
මම සිගරට් එකක් උරාබොන අතරේ ආපහු හැරෙන ගමන් මගේ බෑගය තද කරගත්තේ මම කිසිවක් නොදැක්කා සේ දුම පිට කරමිනුයි. මට මේ වගේ දේවල් දැකලා පුරුදුයි අශීලාචාර වැඩයි ඩිලිවරි කරන්න යි විතරයි පුළුවන් මේ අදුරු පටු මගේ.
"උඹ මහා ජරාවක්"
අවජාතකයෙගෙ සද්දයක් ඇහුනා. මම පිටිපස්සෙ දොර ලොක් කරන්න අවධානය යොමු කළ නිසා මම ගණන් ගත්තේ නැ.වේටර්වරයෙකු විදියට මගේ අර්ධකාලීන රැකියාව අවසන් උන නිසා මම කෙලින්ම ගෙදර යන්නයි හිතාගෙන ඉන්නේ.
මේ වගේ අවස්ථා වලදී පාරිභෝගිකයන් සහ වට පිට අය අඩු වීමට පටන් ගන්නවා. සමහරක් Taxi එනතුරු බලා ඉන්නවා, සමහරු අහඹු ලෙස ගැහැණු ළමයෙකු නිවසට එක්කම් යනවා.ඒවගේම සමහරු රණ්ඩු වෙනවා මට පිටිපස්සෙන් හිටිය අය වගේ.
මම නරක කෙනෙක් නෙවෙයි ඒ උනත් මම කැමති නෑ අනුන්ගෙ වැඩවලට ඇඟිලි ගහන්න.මම ඕන නෑ වෙන මිනිස්සුන්ගෙ දේවල් වලට පැටලෙන්න.
උදව් කරේ නැති එක ගැන ඔයාට ඕන විදියකට මට ශාප තියන්න පුළුවන්. නමුත් මට ශාප කරන්න අවශ්‍ය නෑ.
මා දන්න විදියට, පාගල දැම්ම මනුස්සයා මොකක්හරි නරක දෙයක් කරන්න ඇති ඒකයි ඔහුට පහර දෙන්නේ.
"මට යන්න දෙන්න!"
මම දූවිල්ලෙ වැටිලා හිටිය අසරණ මිනිහා දිහා හැරිල බැලුවා.ඔහු නැගිටලා පුළුවන් විදියට සටන් කිරීමට උත්සාහ කලා. මම මගේ සිගරට් කොටය බිමට විසිකර අඩිය තැබුවෙමි.
එය මම කම්මැලි ලෙස උත්සාහ කර, නිශ්ශබ්දව ගෙදර යන්න සූදානම් වෙලා පහලට බසිද්දිම කවුරුන් හෝ මගේ කමිසයෙන් අල්ලා ගත්තා.
"උදව් කරන්න"
මට ඇහුනේ රළු කටහඬක්.මගේ අවධානය යොමු වුණේ ඔහුගේ නිල ඇඳුමේ පිටුපස වූ විශ්ව විද්‍යාල ලාංඡනයටයි. මම ආපහු හැරිලා මාව අල්ලන් හිටිය කෙනාගෙ මූණ දිහා බැලුවා. එයාගේ නහයෙන් කටින් ලේ ගලනවා. තුවාල සහිත මුහුණෙ උනත් කැපී පෙනුන කඩවසම් මූණ දැකලා මම තුශ්ණිම්භූත වුණා. ලේ ගැලීම නිසා නොපැහැදිලි ලෙස පෙනුනත් , ඔහුගේ පෙනුම දේවදූතයෙකු තරම් ප්‍රභාමත් , සම සියුම් හා සිනිඳුයි .පටුමග තරමක් අදුරු වුනත් මා සිතුවාටත් වඩා ඔහු තරුණ විදිහටයි පෙනුනේ
"ඒයි! මෙහාට එනවා!"
මෝඩයෙක් අපි හුන් තැනට විත් කොල්ලගෙ කොලර් එකෙන් ඇද්දා. මම ඔහුගේ මුහුණ දිහා බැලු විට පෙනුනෙ ඔහුගෙ බලාපොරොත්තු සුන් වූ සේයාවකි. මගේ පපුවට මොකක්හරි වැදුන නිසා මම ඔහුව පස්සට ඇදලා ගත්තා.
"අයියේ සැහැල්ලුවෙන් ඉන්න."
මම කෙදිරුවෙමි.උඩු රැවුලින් වැසුණු ඔහුගේ මුහුණ දිහා බැලුවම කියන්න පුළුවන් එයා මට වඩා ගොඩක් වැඩිමල් බවක්. ඇයි ඔවුන් ළමයින්ට හිරිහැර කරන්නේ ? මම අතින් අල්ලාගෙන සිටි පිරිමි ළමයගෙ පෙනුමින් නම් අපි එකම වයසේ වගෙයි. ඔහුගේ ඇඳුම් සහ බ්‍රැන්ඩ් වලින් නම් ඔහු පොහොසත් ළමයෙක් වෙන්න ඕනේ. එතකොට මට එකපාරට කදිම අදහසක් ආවා. මම ඔහුව මිනිහගේ ග්‍රහණයෙන් ඉවතට අරගෙන ඔහුව මගේ පිටුපසට ගත්තා. මම දැක්කේ මගෙ ඉස්සරහ ඉන්න අවජාතකයො ටික දරුනු විදියට බලන් ඉන්නව විදිය.
"උඹට ගුටිකන්න ඕන නැතිනම්, අපේ වැඩ මැදට පනින්න එපා. මේ කොල්ලව මට ආපහු දීපන්."
උත්තර දෙන්න මම ටිකක් පැකිලුණා.
"මම එහෙම නොකලොත්?"
"මම උඹට කිව්වා එයාට යන්න දෙන්න කියලා!" ඔහු කෑගැසුවේය.
මම ටිකක් නිහඩව හිටියා .මේක මගේ වැඩක් නෙවෙයිනෙ.මගේ සහෝදරයා මම එනකම් ගෙදර බලාගෙන ඉන්නවා. මගේ පිටුපසින් උන් පිරිමි ළමයාගේ බිඳුණු මුහුණ මගේ මනස හරහා ගලා යද්දී මගේ සිතට දැඩි දෙගිඩියාවක් දැන්න්නට උනා. ඇත්තටම මම ගොඩක් වෙලාවට ආත්මාර්ථකාමී. මම කරදරයට පත් තරුණියන්ට උදව් කරන්න යන්නේ නැහැ.මේ වගේ ගැටුම් වල්ක්වන්න උදව් කරා කියලා මට ලැබෙන දෙයක් නෑනෙ.
"ඔයා මට උදව් කළොත්.. මම ඔයාට ලොකු මුදලක් දෙන්නම්."
ඒ කොල්ලා මගේ කනට කරලා කිව්වා. ඇත්තටම සල්ලිත් එක්ක එයාට මේ විදියට ඉස්සරහට යන්න පුළුවන් කියලා එයා හිතුවද? සල්ලි දීලා මාව රවට්ටන්න තරම් කොච්චර ලැජ්ජ නැති මිනිහෙක්ද?
" කොච්චරක් ද? "
මම ඔහුගෙන් ඇසුවෙමි ... ඔව්...ඔයා කිව්ව එක හරි, විශේෂයෙන්ම මේ වගේ වෙලාවක සල්ලි වලට මාව ගන්න පුළුවන් මොකද මේක මට සල්ලි ඕනම වෙලාවක්.
"පනස් දාහක් මදිද?"
ඒත් එක්කම මම මගේ බෑගය බිමින් දාලා, අත් මිට මොලවන් ,හයියෙන් සද්ද කරා..
මගේ වෙහෙසට පත් වූ බෙල්ල සහ පිටුපස මාංශ පේශී ටිකක් ලිහිල් කලා. ඒක ඇති මගේ සහෝදරයගෙ උපකාරක පන්ති ගාස්තුවට. ඇත්ත වශයෙන්ම ඒක උදව් වේවි "
ඩීල් එකක් ගහමු. ඔයා ඔයාගේ වචනයට පිටුපානවා නම් මම ඔයාව මරනවා."
එක මැරයෙක් පොල්ලක් අරගෙන මගේ ඔලුවට පහරදෙන්න උත්සාහ කරනවා දකින්න කලින් මම කිව්වා.
නමුත් මගේ ප්‍රතීක ඔවුන්ගේ ඒවාට වඩා හොදින් සම්බන්දයි.මම උගේ හක්කට පයින් ගැහලා ඔහුව පාරෙන් අයින් කරගන්න පුළුවන් උනා. එකක් ඉවරයි.
එකක් පහළට, තවත් එකක් ඉදිරියට පැන්නත් පා පහරක් ඔහුගෙ බඩට එල්ල කිරීමට තරම් මගේ පාද වේගවත් විය. අනෙක් අයත් ඔහුව අනුගමනය කළ නමුත් කිසිවෙකුත් පිරිමි ලමයා ඇල්ලීමට සමත් වූයේ නැත.
උසස් පෙළ සිටම සටන් කලා ශූරයෙක් වූ මම බොහෝ පුද්ගලන්ට පහර දීල තියෙනවා . ඒ වගේම මම මගේ සියලු දැනුම සහ කුසලතා පාවිච්චි කරා මගේ පිටුපස සිටින ඔහුව ආරක්ෂා කිරීමට.
. දැන් ඉලක්කය මම නිසා ඔවුන් මාරුවෙන් මාරුවට මට පහර දෙයි.ඔවුන්ගේ සමහර පහරවල් මගේ හකු ඇටය සමග සම්බන්ද වුනත් තොල් වලින් ආ ලේ රස සමග මා සිනාසුනෙමි.උබලට මාව වට්ටන්න මේක මදි වෙයි.අවජාතකයෝ!..
ප්‍රතිප්‍රහාර එල්ල කිරන්නත් , පහරින් පහරවල් එල්ල කිරීමටත්, පයින් පිට පහර දීමටත් මට පුලුවන් වුණා.අන්තිමේදී, මැරයන් සියල්ලම බිම වැටී කොඳුරද්දී, මම මගේ බෑගය උදුරගෙන ලේ වගුරමින් මා අසල වාඩි වී පිරිමි ළමයා අල්ලා ගතිමි.
එයා එයාගේ බඩ අල්ලගෙන. මම එයාව අතින් ඇදගෙන මගේ බයික් එක පැත්තට දිව්වා. මම පිටිපස්ස හැරිලා බලද්දි දැක්කෙ මැරයෝ අපි පස්සෙන් පන්නනවා කියලා.
අපි කොහෙද යන්නේ?
එයා මගෙන් ඇහුවේ බඩ අල්ලගෙනමයි.
"දන්නෙ නෑ."
මම උත්තර දුන්න.ඔහු දෑතින්ත් මගේ ඉනෙන් අල්ලගන්න ගමන් අකමැත්තෙන් පිටිපස්ස බැලුවේ අපි පස්සෙන් පන්නන මෝඩයෝ දිහායි.ඔහු තදින් අල්ලාගෙන ඇති බව සහතික කර ගත්තේ මගේ රාජකාරිය සදහා ගෙවීමට පෙර ඔහුට වැටීමට ඉඩදිය නොහැකි නිසා.
මම එන්ජිම පන ගන්වා ඇස්ලේටරය උපරිම දුන්මෙ ඉක්මනින් යාමටයි.මම ආපහු හැරිල බලද්දි දැක්කෙ තාමත් කීපදෙනෙක් අපිව ලුහුබදින බව.නමුත් ප්‍රදාන මාර්ගයට පැමිනි පසු ඔවුන් පෙනෙන්නට සිටියෙ නැත.මම් නැවත පිටුබස නොබැලුවේ ඔවුන් මෝටර් රථයක හෝ නැවත පැමිණීමට පෙර සෑහෙන දුරක් යා යුතු බැවිනි.
"ඔබට ස්තුතියි."
රළු කටහඬ මගේ කනට පිටුපසින් ඇසුනු අතර මගේ කොඳු ඇට පෙළ වෙව්ලන බවක් මට දැනෙන්න විය. ඔහුගේ හිස මගේ උරහිස මතට බර වුනේ ඔහුට බොහෝ වේදනාකාරි නිසා වෙන්න ඇති.
"තවත් මට ස්තුති කරන්න එපා."
මම කිව්වෙ පැති කණ්ණාඩියෙන් පිටුපස බලලා කවුරුත් අපිව එලවන්නෙ නැති බව සහතික කරගෙන සැනසුම් සුසුමක් හෙලමිනුයි.
“ඔවුන් තවදුරටත් අපි පස්සෙන් එන්නෙ නැහැ. "ආයෙමත් ස්තූතියි."
මාගෙ පිටුපසින් උන් උස් රුව ඔහුගේ හිස හා ඇග සම්පූර්ණයෙන් මට හේත්තු විය.ඔහු ක්ලාන්ත වෙයි යැයි බිය වූ නිසා ඔහුගෙ දෑත් මගෙ වමතින් තදින් අල්වාගත්තේ ඔහු වැටේවි යැයි ඇතිවු බියටයි.
"මාව තදින් අල්ලාගන්න, නැත්තම් මාව මැරෙයි."
ඔහුගේ කටහඬ එකවරම සියුමැලි හා ගැඹුරු විය. රළු ස්වරූපය නැති විය. ඔහුගේ ඇඟිලි වලින් මගේ ටී ෂර්ටයේ වාටිය තදින් අල්ලාගෙන සිටින බව මට දැනේ.
"ඔබට ස්තුතියි."
ඔහු නැවතත් කීවේය.
"පනස් දහසක්."
මම පැති කණ්ණාඩියෙන් ඔහුගේ මුහුණ දෙස බලමින් කීවෙමි. ඔහු වේදනාවෙන් හිස වනමින් වාඩි වී ආකාරය සකස් කලේය.
"අපි යමු මගේ ගෙදර, එතකොට මම ඔයාට සල්ලි දෙන්නම්."
මම ටිකක් වෙලා කල්පනා කළා. මේ මිනිහා කුඩු කාරයෙක් නම් ? නැත්නම් මාෆියා සාමාජිකයෙක්ද? සල්ලි අතට ගන්නත් කලින් මම මැරිලා ඉදියි.
"ඔයා එහෙම බලන්න ඕන නෑ,
මම ඔයාව මරන්නෙවත් රවට්ටන්නෙවත් නෑ."
මගේ අදහස් ඇහුණා වගේ එසේ කිව්ව ඔහු කෙලින්ම පැති කණ්ණාඩියෙන් මා දෙස බලා සිනාසුනේය.
. "කව්ද දන්නේ?"
"මාව ඔයාට අපරාධකාරයෙක් වගේද?"
"ආ... ඔයා ඉස්සර වගේ මැරයෝ නැත්නම් අපතයෝත් එක්ක සම්බන්ධයක් ඇත්නම්?"
"හෙහේ."
ඔහු වේදනාබර ඉරියව් සමග සිනාසුනේය.මම් කාලකන්නි වෙයි.මම් එයාට කිව්ව ලග තියෙන ඉන්දන පිරවුම්හලෙන් නවතිනවා ටැක්සියක් අරගෙන ගෙදර යන්න කියලා.පිරවුම්හලේ ATM එකක් ඇති බව මම සහතික කරගත්තෙ, එවිට ඔහුට මුදල් ආපසු ගැනීමට හා මට ගෙවීමට හැකි නිසයි.
"මගේ මුදල් පසුම්බියත් එක්කම මගේ දුරකථනය නැති වෙලා."
"ඒයි! බොරුකාරයා, ඔයා මාව රැවටුවේ කොහොමද?
මම ඔයාට ගහන්න ඕන මෙතනම මැරෙන්න ."
මම කිව්වෙ තාමත් මගේ පිටිපස්ස ශීට් එකේ වාඩිවෙලා ඉන්න ඔහු දිහාට මූන හරවමිනුයි.
"අනේ...ඔයාට මේක ගන්න පුළුවන්. මේක පනස්දාහකටත් වඩා වටිනවා."
ඔහු තම ඔරලෝසුව ගලවා කීවේය.
"මේක බොරු එකක් නෙවෙයි කියලා මම දන්නේ කොහොමද ?"
එහෙනම් මට ආපහු දෙන්න"
මම ඔරලෝසුව පරීක්ෂා කරලා බැලුවා,ඒක තරමක් අපිරිසිදු වුනත් ලස්සනට ඇති බව මට හිතුනා. මට මේක ලක්ෂයකට විතර විකුණන්න පුළුවන් වගේ.
"හරි ඔයාට දැන් බහින්න පුළුවන්. ඒත් ඔයා මාව රැවැට්ටුවොත් නම් මම එන්නම් තලලා දාන්න"
"පොඩ්ඩක් ඉන්න, මට ඔයාගේ ෆෝන් එක ටිකකට ගන්න පුළුවන්ද? මට මගේ තාත්තාට කතා කරන්න ඕන.
" හොඳයි, දැන් ඔයාට මාව සම්පූර්ණයෙන්ම ව්‍යාකූලයි කියලා කියන්න පුළුවන්. ඒත් ඔහු මගේ දුරකතනයත් අරගෙන දිව්වොත් මම මොකද කරන්නෙ? නමුත් ඔහුගේ හෙම්බත් උන රුව සහ අවිදිමත් හුස්ම ගැනීමත් එක්ක මගෙන් බේරෙන්න පුළුවන් උනොත් පුදුමයි.
"මෙහෙමත් කරදරයක්."
මම දුරකථනය ඔහුට දීමටත් පෙරම මැසිවිලි නැඟුවෙමි. ඔහු අංක කිහිපයක් එබූ අතර එහි අනෙක් පසෙන් පිළිතුරක් ලැබුණි. ඔහු ඇත්තටම ඔහුගේ පියාට කතා කළේය.
මට ඇහුණා, එයා අපේ ලොකේෂන් එකට එයාව ගන්න කෙනෙක් එවන්න කියනවා.
ඔහු ඇමතුම ගන්නා ආකාරය දෙස මම මෘදු ලෙස ඔහු දබලා සිටියෙමි. මට දැඩි උනන්දුවක් තිබුනා ඔහුව ළඟම ඇති රෝහලට එක්කම් යන්න. මැරෙන්න යන හරකෙක් වගේ හුස්ම ගද්දි මට එයාව මෙහෙම දාලා යන්න බෑ . ඔහුගේ ඔලුවෙන් ගලන ලේ නවතිනෙ නෑ වගේ. මම එයාව හොස්පිට්ල් ගෙනියනවා ,තව තිහක් එකතු කරොත් කියලා කිව්වොත් ඔහු කැමති වෙයිද?
"ඔයා සල්ලි වලට කෑදර කෙනෙක් වුනත් ආයෙමත් ස්තූතියි."
මම ඔහු කී දේ ගණන් නොගන්නා ලෙස සිටියෙමි. මනුස්සයෙක් ජීවත් වෙන්න තමන්ට කරන්න පුළුවන් දේ කළ යුතුය
"අපි එකම පාසලේ, ඔයාගෙ නම මොකද්ද?"
"ඔයා දන්නේ කොහොම ද?"
"ඔබේ කමිසය."
මම මගේ පාසල් නිල ඇඳුමට උඩින් වැඩ කරන ඇදුම් ඇඳගෙන සිටි බව මට තේරුනෙ දැනුයි.දැන් ඒක ලේ වැටිලා රතු පාරයි.
"ඔයාගේ නම මොකද් ද?"
එයා හුස්ම ගන්නෙ අමාරුවෙන් නිසා එයාට කතා කරන්න අමාරුයි,
මට එයාට කතාකරන එක නවත්තන්න කියන්න ඕන මොකද ඔහුගේ ආරක්ෂකයා එන තුරු වත් ඔහුගේ ශක්තිය රඳවගෙන ඉන්න ඕන නිසා.
"ඇයි? උන් මට තඩිබානකම් බලාගෙන හිටියෙ ?"
මම ඇහි බැම ඉහළට එසෙව්වා.
"නෑ, මට ඔයාගේ නම කියන්න පුළුවන්ද?"
ඔහු දිගින් දිගටම ඇසුවේය.
"ඇයි? ඉතින් ඔයා ඒක බිත්තියේ ලියා මාව වර්ණනා කරන්නද?"
"ඔයාට ඕන නැත්නම් මම ඔරලෝසුව ආපහු අර ගන්නම්, ඔයාට මා එක්ක මගේ ගෙදර ගිහිල්ලා සල්ලි ගන්න පුළුවන් "
"ජෝම්, මගේ නම ජෝම්."
ඔහු මගෙ දිහා වේලාවක් බලා සිට ආපසු හැරී මදක් වෙව්ලමින් මගෙන් දුරට ඇවිද ගියේය.මම කල්පනා කරේ ඔහු කවුද? සහ එම මැරයන් එක්ක කරන්නේ මොකද්ද? මම මගේ උරහිස සෙලෙව්වෙමි.එය තවදුරටත් මට වැඩක් නෑ. මම හෙල්මට් එක දාගෙන ගෙදර යන්න පිටත් උනා.
සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය
🥰 ඒක මරු හොදේ
ReplyDeletePorcshe එයාට phone එක දීලා නිසා
හේ හේ 🌚
Deletewoow
ReplyDeleteඇයි එහෙම
ReplyDeleteකෝමද අනේ
Delete❤️❤️❤️❤️
ReplyDeleteසෝක් අලේ..❤😶🌫️
ReplyDelete🙃💛
Deleteගොඩක් ලස්සනයි කතාව
ReplyDelete💛
Deleteතැන්කූ ❤
ReplyDelete❤❤😊😊😊
ReplyDeleteදෙයියා❤
Deleteඅනේ තැම්කු..❤️❤️
ReplyDelete🙃❤
Delete