Skip to main content

පළමු පරිච්ඡේදය | දේජා වූ


 "කවුද මං ගැන කතාකරන්නෙ? මට ඊයේ රෑ ඉඳන් හච්චිං යනවා! මගුල!."

ජොම් නැවතත් කිවිසුමක් පිටකළේ ක්‍රීඩා විද්‍යාපීටය ඉදිරියේ ඇති කිරිගරුඬ මේසය මත කෝපි කෝප්පය තබන අතරේදීමයි. මම ඔහු දෙස බලාගෙනම නැවත නැවතත් දිගින් දිගටම මට සමාවෙන්න කියලා හිතින් මිමුණුවා.

ඊයේ, මම මගෙ නම වෙනුවට බොරුවට ඔහුගෙ නමනෙ ඒ කොල්ලට දුන්නෙ. හරි ඉතිං, නාදුනන කෙනෙක් ඒ තරම් පහසුවෙන් විශ්වාස කරන්න බෑනෙ, හැරත් ඒ තතවෙ එක්ක කොහොමද මගේ මුල් නම කියන්න තරම් නිර්භීත වෙන්නෙ? මම  දැනටමත් ඒ ඔරලෝසුව අරගෙන ලක්ෂ දෙකකට හුවමාරු කරල ඉවරයි.

ඉතින් එයා කවදාහරි මාව හොයාගෙන ආවොත්, ඒ මම නෙවෙයි කියලා ඉහලින්ම ප්‍රතික්ෂේප කරන්න මට පුළුවන්. මට මතකයි ඔහු කිව්වා, "ඔරලෝසුවට මොනවහරි වුණොත්, ඔයා මැරුණා කියලා හිතාගන්න" කියලා.

"මොකද මිනිහො උඹ  මගෙ දිහා බලාගෙන ඉන්නෙ?"

ඒ අවජාතකයා මගෙන් ඇහුවේ මටයි ජොම්ට ඉදිරියෙන් වාඩි වෙන ගමන්. ඔහුගෙ නම ටෙම්. මොවුන් තමයි මගේ එකම සහ හොදම මිතුරන් දෙදෙනා. මම හොද පෙනුමක් වගේම සියුමැලි මුහුණකුත් යන සියල්ල තිබුණා වුණත්, මම එතරම් මිත්‍රශීලී කෙනෙක් නෙවෙයි. විශේශයෙන්ම ආගන්තුකයින් සමගනම් කොහෙත්ම නෑ. මම මගේ හැගීම් ප්‍රකාශ කරන්නෙ බොහෝ කලාතුරකින්. ඉතින් කවුරුවුණත් මාව ඉතාම ශීතල අයෙක් කියලා තේරුම් ගන්න ඉඩ තියෙනවා. සමහරවිට මගේ වම් උරහිසේ තියෙන සකුරා මල් ජපන් පච්චය නිසා මට දරදඩු පෙනුමක් ලැබිලා තියෙන එක මෙච්චර කාලයක් ඔවුන් මා එක්ක පැටලෙන්නෙ නැතුව ඉන්න හේතු වෙන්න ඇති. මේ වෙනකල්ම මා එක්ක හිටියෙ මේ මෝඩයො දෙන්නා විතරයි.

දැනට අපි රටේ ඉහල පෙලේ විශ්ව විද්‍යාලයක දෙවන වසරේ ඉගෙනුම ලබනවා. ඒත් කොල්ලෝ, මලල ක්‍රීඩකයෙක් විදියට ශිෂ්‍යත්වයක් තිබුන නිසා නෙවෙයිනම් මම ඔය තාමරම් දැනුමැත්තෙක්නම් නෙවෙයි. මම ඉගෙනගන්නේ නොමිලේ. ටයිකොන්ඩෝ ශූරයෙක් විදියට සහ අපේ පාසල් නියෝජිතයා විදිහට, ශිෂ්‍යත්වයට අයදුම් කිරීම ජීවිතේ ගොඩක් පහසු කරවනවා.

"පොර්ෂ්, අපි මේ රිපොර්ට් එක කලින් ඉවර කලොත් බාර් එකට යන්න පුළුවන් ද?"

ෆෝන් එකෙන් ගේම් ගගහ හිටිය ජෝම් කිව්ව.

"ඔයා බොන එක ගැන හිතන්න කලින් මට උදව් කරන්න "

ටෙම් කිව්වේ හරියට් එයා සෑහෙන්න වෙලාවක් තිස්සේ තනියෙම ඉඳගෙන රිපොර්ට් එක හදනවා කියලා හිතාගෙන වගේ. අනෙක් අතට මමත් එයා කරන වැඩේට උදව් කළේ නෑ. මට එහෙම උදව් කරන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ.

"හරි. මේක ඉවර වුණොත් අපි යනවා. හරිනේ?"

ජොම් මම වැඩ කරන ක්ලබ් එකට යන අදහස අතාරින්නෙම නෑ.

ඔහු බොහෝ වෙලාවට එහෙ යන්නෙ කියව කියව ඉන්න විතරයි. මොකද, ඔවුනුත් මම වගේම අයිතිකාරයාට බොහොම සමීපයි.

 "ඔහෝ, හරි අපි යමු." 

මම කිව්වා. 

ජෝම් ෆෝන් එකෙන් ගේම් ගහන එක නවත්තලා වේගෙන් වැඩ කරන්න පටන්ගත්තා. වැඩ කරන අතර ජෝම් හැම විනාඩි තුනකටම වතාවක් අපි තාම ඉවර නැද්ද කියලා අහන්න අමතක කළෙත් නෑ. මං ගැන කිව්වොත් මට ඕනම දෙයක් ආයාසයකින් තොරව කරන්න පුළුවන්.

ඉතින් අපි තුන්දෙනා දැන් ඉන්නේ මගේ බොස්ගේ රූට් බාර් එකේ ටෙන්ඩර් (මිල ගනන් ඇති ස්තානය) එක ඉස්සරහ වාඩිවලා.

මගේ බොස් ජේ ජේඩ් , ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවක්. ඇය සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු ඇදුම් විවිද වර්න වලින් ඇදන් ඉන්නව මට හොදට පුරුදුයි.

මම මගේ වැඩ කරන නිල ඇදුමට මාරු වුණේ මම නිදහස් වෙන ඕනම වෙලාවක ඔවුන් එක්ක එකතු වෙන්න බලාගෙන.

 "නොං පෝර්ශ්, කවුද කෙනෙක් ඔයාට ඩ්‍රින්ක් එකක් හදන්න කියලා කිව්වා"

කතාකරමින් ඉන්න මැදිවියේ කාන්තාව මාව හිනස්සනවා. තුනි කඩදාසියෙ ලියා ඇති ඉල්ලීමට අනුව මම බීම සූදානම් කරන්න ගත්තා.

මේ නිසයි මට ඇත්තටම බාර් ටෙන්ඩර් කෙනෙක් වෙන්න ඕනෙ. ඒත් මට මෙතන ඉදන් තව ගොඩක් දුර යන්න තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මට කාන්තා ගනුදෙනුකරුවන්ගෙන් බොහෝ ඉගි බිගි හම්බවෙනවා. ඒ අයගෙන් ගොඩක්ම මුලු රෑ පුරාම මගෙ දිහා බලාගෙන ඉන්න අය.

සමහර දවස්වලට එහෙම එන කෙල්ලන්ව මම හොරෙන්ම හොටෙල් එකකට අරගෙන යනවා. හැබැයි ඒ මම ඒ කෙල්ලට ඇත්තටම කැමති නම් විතරයි. උදාහරණයක් විදියට මම මේ කොක්ටේල් පිළිගන්වන ගැහැණියත් එන්නේ තවත් මිතුරියන් තුන් දෙනෙක් එක්ක. මම පුරසාරම් දොඩවනවා නෙවෙයි, ඒත් ඇය මා දිහා බලන් ඉන්නෙ හරියට සොසේජස් කෑල්ලක් දිහා බලාගෙන ඉන්නවා වගෙයි.

"මගේ නම විවී. ඔයාට විවේකයක් තියේ නම් මට කෝල් එකක් දෙන්න පුළුවන්."

බලාපොරොත්තු වුණ විදියටම ඇය මට ඇගේ අංකය කුඩා කොලයක ලියලා දුන්නා. මම යන්නතම් හිනාවෙලා ඒ කඩදාසිය මගේ සාක්කුවට ඔබාගත්තා.

"අද රෑ උඹ කී දෙනෙක් එක්ක නිදියයිද කියලා මම කල්පනා කරන්නෙ." ජොම් කිව්වේ මම ඔහු ඉන්න තැනට ගිහින් ඔහුට එහා පැත්තේ පුටුවෙන් වාඩිවෙද්දියි.

"මොකක්? තාම කලුවර වැටිලත් නෑ. ඒත් දැනටමත් උඹට ගහන්න කෙනෙක් ඉන්නවා"

ජේ එහෙම කියලා මා වටේ අත් දෙක බැදගත්තා. ඒ වෙනත් සංක්‍රාන්ති ලිංගික නැත්නම් සමලිංගික කෙනෙක් නම් මගේ ඇඟේ රෝම ඉලිප්පීමක් හෝ පිලිකුලක් ඇතිවීමක්  සිද්ධ වේවි.  නමුත් ජේ වෙනස් කෙනෙක්. ඇය කරුණාවන්තයි, ඒ වගේන ඇය හැම වෙලාවෙම මමයි සහ මගේ සහෝදරයායි වෙනුවෙන් පෙනී හිටියා මට පෝචේගේ (මගේ සහෝදරයා) ටියුශන් ගාස්තු වලට මුදල් හිඟ වුණාම මුලින්ම ඉදිරිපත් වෙලා උදව් කරන්නෙ ඇයයි. මාස දෙකකට කලින් මට වයස 20ක්  පිරුණත්, ඒත් ජේ මට අර්ධ කාලීනව වැඩ කරන්න ඉඩ දුන්න නිසා, මම අව්රුදු කීපයක ඉදන් මම මෙතන වැඩ කරන්නවා. ඉස්සර මම නිකන්ම වැඩකාර කොල්ලෙක්. ක්ලබ්  එක පිරිසිදුවට හා පිලිවෙලට තියාගන්නයි මම උදව් කලේ. ඉස්කෝලෙ ඇරිලා ආවම ක්ලබ් එක අරින්න කළින් බිම මොබ් කරන්න උදව් කරනවා. මම ගෙදර යන්න කලින් ක්ලබ් එක මොබ් කරල, මේස පුටු පිරිසිදු කරලා හැමදේම හරියට තියෙනවද කියලා බලනවා. පස්සෙ ජේ මාව වේටර්වරයෙක් විදියට උසස් කරනකල්ම  ගනුදෙනුකරුවෝ මගේ ඝාතක පෙනුමට ඇබ්බැහි වෙලා හිටියෙ.

"ඔව් ජේ ඔයා දැන් ලෑස්ති වෙන්න. දැන් ක්ලබ් එකේ හැමෝගෙම ඇස් තියෙන්නේ ඔයාගෙ කොල්ල ළඟ" ටෙම් කියන අවජාතකයා කිව්වා.

ජේ මගෙ උරහිසට හේත්තු වෙන ගමන් කට උල් කළා. මට කරන්න පුළුවන් වුණේ ලැජ්ජාවෙන් හිනාවෙලා මත්පැන් වීදුරුවක් ගිලලා දාන එක විතරයි.

තවමත් රාත්‍රිය උදා වෙමින් පවතින නිසා ගනුදෙනුකරුවන්ගෙන් සමාජ ශාලාව පිරීමට පටන්ගෙන තිබුණේ. මම නම තාම කාර්‍යබහුල නෑ. මට මතකයි මගෙ තාත්තා, එයා ගොඩක් ව්‍යාපාර පටන්ගත්තත් අවසානෙට හැමදෙයක්ම බංකොලොත් උනා. මගෙ අම්මයි තාත්තයි දෙන්නා එකටම මිය ගියේ මෝටර් රථ අනතුරකින්. ව්‍යාපාර ඔක්කොම බැංකුවට තියලා ණය බර අපෙ පිටට පැටවුණා. මටයි මගේ සහෝදරයාටයි ඉතිරිවෙලා තියෙන එකම වස්තුව තමයි අපි ජීවත් වෙන නඟරයේ තියෙන නිවස.

තවත් අපි එක්ක පදිංචි වෙලා ඉන්නවා තාත්තගෙ සහෝදරයා අතී. එයා අපිට උදව් කරනවා වෙනුවට කළේ සූදුවට ඇබ්බැහි වෙලා අපිව තවත් පීඩාවට පත් කළ එක විතරයි.

 "ඔයා ඇත්තටම ජේ ගෙ සැමියා වෙන්නද යන්නේ? මම ඔයාව කවදාවත්ම පෙම්වතියක් එක්ක දැකලා නෑනෙ."

ඒ කිව්වෙ ජොම්.

"හේ හේ , මමත් නොමැරී ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. මම මොකටද තව බලාගන්න කෙනෙක්වත් හොයාගන්නෙ? "

මම ඔවුන්ගේ මෝඩ විහිලුවට හිනාවුණා.

"ඔයාට පුළුවන් ඔයා ගැන බලාගන්න කෙනෙක් හොයාගන්න මෝඩයෝ".

ටෙම් කිව්වේ කොනේ තියෙන මේසේ දිහාට ඔලුව හරවන ගමනුයි. ඒකෙ කඩවසම් මිනිසුන් වගයක් වාඩිවෙලා හිටියා.

"මම දැක්කා දැන් එයා ගොඩක් වෙලා ඉඳන් ඔයා දිහා බලාගෙන ඉන්නවා"

"ඔයාට මූනට පයින් පාරක් කන්න ඕනද?"

මම මේසය යටින් ඔහුට පයින් ගහන්න උත්සාහ කළා.

"කොහොම වුණත් එයාට ඔයා ගැන ක්‍රෂ් එකක් තියෙනවා වෙන්න පුළුවන්. හැමෝම බලන එක නවත්තන්න. අපිට ඒක පැහැදිලිව හොයාගන්න පුළුවන්."

ජේ එහෙම කිව්වෙ හැමෝටම වෙන පැත්තක් බලනව වගේ අගවන්න කියලා.

"ඔයාට ඇත්තටම හොඳ පෙනුමක් තියෙනවා, පිලිවෙලකට ඇදගෙන ඉන්නවා, ඒ වගේම ඔයාගෙ පච්චය."

ටෙම් මට දිගටම විහිලු කරන්න ගත්ත නිසා මම් ඔහුට අයිස් විසිකරන්න උනා.

"පෝර්ශ් සමලිංගික වුණා නම්, එයාලට එකතු වෙලා අවසානෙට ජේ වගෙ බල්ලෙක්ව උපද්දවන්න තිබුනා. හහ්හ්හ්හ්"

ජෙම් හයියෙන් හිනාවෙද්දි ජේ ඔහුගෙ ඔලුවට තදින් පරහ දෙන ගමන් කීව්වෙ

"ආහ් , මේ මේසෙ ජරා ගොඩකින් පිරිලා"

පස්සේ ඇය පාරිභෝගිකයින්ට උදව් කරන්න අනෙක් මේසවලට ගියා. 

"බලන්න, ඔහු ජේ දිහා නෙවෙයි බලන්නෙ , ඔහු පැහැදිලිවම ඔයා දිහයි බලන් ඉන්නෙ පෝර්ශ්!"

 ජොම් කෑගැහුවා.

මම් අපහසුවෙන් ඒ මේසය දිහා බැලුවෙ මේක මම වෛර කරන විදියෙ අවස්ථාවක් නිසා. සමලිංගික පිරිමි සමාජ ශාලාවට ආවම මගේ දිහා බලන් ඉන්නෙ අලුතෙන් කැපුව මස් කෑල්ලක් දිහා බලන් ඉන්නවා වගේ. සමහර උන් නම්බ්ර්සුයි පණිවිඩයි එවන්න තරම් කරදර වෙනවා. තවත් සමහරු මාත් එක්ක කතා කරලා මාව විහිළුවට ගන්නවා, මට මුකුත් කරන්න විදියක් නැ. මම ඔවුන් දිහා බලලා හිනාවෙනව විතරයි.

මම ඒවා ගනන් ගන්නෙ නැ මොකද මම කැමති දේවල් මම දන්නවා. මම ඒ වගේ නෑ.

"ඒගොල්ලො ඇදන් ඉන්න ඇදුම් වල බ්‍රෑන්ඩ් එක බලන්නකො. ඔයා ඒගොල්ලන්ට හා කිව්වොත්, මීට වඩා හොද ජීවිතයක් ගෙවන්න පුළුවන් " ටෙම් කිව්වා.

"ඔයා නවත්තන්නෙ නැත්නම් මම ඔයාව ක්ලබ් එක පිටිපස්සට ඇදගෙන ගිහිල්ලා තලදා දානවා"

මම සියුමැලි නමුත් නපුරු විදිහට කිව්වා.

"ඔහෝයි, මම විහිළුවක් කලේ, බලන්න, ඔයා සර්ව් කරපු ගෑණු කෙනා ඔයාට කතා කළා, යන්න!". 

මම තව ඇනවුමක් කරන්න වගේ කතා කල විවී දිහාට මම ගියේ හිනාවෙන ගමන් සුපුරුදු විදියට ඇය එක්ක කතාකරන්න.

 "නාන කාමරය කොහෙද?" 

අපේ මුහුනු ස්පර්ශ වෙන තරම් ළගට විත් ඇය ඇසුවේ මේසෙ උඩ තිබුන මගේ අත තද කරන ගමනුයි.

"කෙලින්ම ඉස්සරහට ගිහිල්ලා වමට හැරෙන්න."

ඇයට ඕන මොනවද කියලා දැන දැනත් මම නාන කාමරය පැත්ත ඇයට පෙන්නුවෙ අහිංසක බවක් මවාපාමිනුයි.

"ඔයාට පුලුවන්ද මාව එතනට ගෙනියන්න? මට බයයි මම අතරමං වෙයි කියලා." 

හිතුව විදියටම.!ඔලුව වනලා මම ඉස්සරහට ඇවිදගෙන ගියත් ඇයට තව දුරටත් ඉන්න බැරි වුණ නිසා ඇය මාව තල්ලු කරගෙනම ක්ලබ් එකේ අදුරු කෙලවරේ ගබඩා කාමරයට ආවා. ඇය මාව බිත්තියට තල්ලු කරමින් මාව දැඩි ලෙස සිපගත්තා. මාව තලා පෙලා මිරිකන අතරම ඇගෙ තොල් රාගයෙන් පිරිලා තිබුණා.

ක්ලබ් එකෙ අදුරු මුලුවල නිතර මේ වගේ දේවල් වෙන නිසා මම පුදුම වුණේ නෑ. මම, මම ගොඩක් වෙලාවට මේ කොන පාවිච්චි කරනවා බඩගිනි උනා ම  'අතිරේක ක්‍රියාකාරකම්' කරන්න.

මගේ ගොරෝසු අත් දකුණු පැත්තට ගිහිල්ලා ඇගේ විශාල පියයුරු මිරිකලා, ඊට පස්සේ මගේ ශිපර් එක ඇරලා බෙල්ට් එක ගැලෙව්වා. මේ උද්දීපනයෙන් මගේ පෙනහළු පිරිලා ගියා.

ඒත් මගේ කලිසම බිම දාන්නත් කලින්  මට මොනවහරි පෙරෙලෙන ලොකු සද්දයක් ඇහුනා.

බං! බං! 

"පෝර්ශ්! ඉක්මනින් එන්න! නරක දෙයක් වෙනවා!" 

තරුණ වේටර් කෙනෙක් බයෙන් කෑගහගෙන මගේ ළඟට දුවගෙන ආවා. 

"මොකද්ද වෙන්නේ?" 

මම මගේ බෙල්ට් එක හදාගන්න ගමන් ගමන් ඇහුවා. විවී  කලබලලෙන්  වගේ එයාගේ ඇඳුම හදාගත්තා.

 "අපි යමු." 

මගේ වැඩ සහයකයා පස්සෙන් දුවගෙන ඇවිල්ලා බලද්දි ක්ලබ් එකේ බාගයක්ම අවුල් වෙලා, මේස පුටු කැඩිලා වැටිලා, වීදුරු කෑලි සහ බෝතල් බිම වැටිලා විසිරිලා. පාරිභෝගිකයන් ක්ලබ් එකෙන් එලියට දුවනවා.

කළු ඇදන් හිටපු මිනිස්සු  දහයකට වැඩි පිරිසක් හිටියා, ඔවුන් කර කර හිටපු දේවල් නවත්තන්න කැමති වුණේ නෑ. ජේ ඔවුන් එක්ක  සාකච්ඡා කරන්න උත්සාහ කරත් ඵලක් නැති බවයි පෙනුණේ.

මම දුවගන ගියේහඬාවැටෙමින් හිටපු මිතුරෝ දෙන්නෙකුඉ තවත් ගණුදෙනුකාරයෙකුයි එක්ක හිටපු ජේ ළඟට. මගෙ ඉස්සරහ හිටිය මනුස්සයා දිහා බලපු හැටියෙම මම ඒකාව අදුරගත්තා. මාව දැක්ක ගමන් මට පහර දෙන්න දුවගෙන ආවත් මගෙ කකුල් ඌට වඩා වේගවත් වුණ නිසා මට උගේ පපුවට පාරක් දීලා බිම වට්ටවන්න පුළුවන් වුණා.

කලින් දවසෙ මගෙත් එක්ක රණ්ඩු වුණ මිනිස්සුන්ව මට අදුරගන්න බැරි වෙන්නෙ කොහොම ද?

මම කවුරුත් එනකන් බලන් ඉන්නෙ නැතුව ඉස්සරහට ගියේ පහර පිට පහර ගහන ගමන්. මම දැක්ක මගේ යාලුවො දෙන්නත් මගෙත් එක්ක එකතු වෙනවා.

ජේත් පුටුවක් අරගෙන අපිත් එක්ක එකතු වුණේ, පැහැපත් රුවක් තියෙන කාන්තා චරිතය මුළුමනින් ම තරහ ගිය මැරයෙක්ට හරවලා.

 "අපි ආවෙ පලිගන්න! අවජාතකයා."

මම මූනට ගහද්දි මිනිහා කෑගැහුවා

"හොදමයි, සියුමැලියේ."

මම බොරු හිනාවක් මවාගන්න ගමන්  තවත් පහරක් දුන්නා.

ඒ මිනිහා ටිකක් කලබල උනත් නැවතුනෙ නැහැ. අනර්ඝ බියර් බෝතලයක් මේසයේ ගසා කඩාගෙන යක්ශ හිනාවක් මුහුනට ආවේශ කරගත්තා. ඒකා ඒකෙන් මට අනින්න වගේ ඉස්සරහට ආවත්, මම ඒකාට වඩා දහ ගුණයක් විතර වේගවත් වෙද්දි ඒකා මට මොනවා කරන්නද? ඒ මිනිහට තරහ යනකල්ම මම සූක්ෂම විදියට එහා මෙහා පැන පැන හිටියා.

ඊයෙ, මට මම මෙහේ වැඩ කරන බව උන් දන්නවා ඇති කියන එක හිතන්න අමතක වුණා. කවුද ඒ ගැන නොදන්නේ? මම නිකන්ම කුණු ටික එළියට විසි කරලා දොර වහලා දැම්මා. කොයිතරම් මෝඩයෙක් ද? චහ්. 

මම අවජාතකයෙක්ට උදව් කළා, දැන් බලන්න මම පැටලිලා තියෙන්නෙ මොකටද කියලා. මම මැරයන්ට බය නෑ, ඒත් මම ජේයි අනෙක් අයයි ගැන බයයි. විශේශයෙන්ම, මේ සිද්ද උන කලබලයට හේතුව පැහැදිලිවම මම නිසා මට අලාභ හානි ගෙවන්න වෙනවා.

"තමුසේ ඇත්තටම හොදයි"

ඔහු නිකට පිරිමදිමින් කීවෙ දෙවරක් පයින් ගැසුවද අත් නොහරිමින්.

 "වර්ණනාවට ස්තූතියි"

මම බොරුවට හිනාවෙන ගමන් කීව්වා.

මම පයින් ගහන්න හැදුවත් පිටිපස්සෙන ආව මිනිහෙක් මගේ අත් අල්ලගත්තා.දැන් මාව උගුලකට අහු වෙලා වගේ. මට විශ්වාසයි තාමත් මාව පරද්දන්න බෑ උන්ට. මට බේරෙන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන්.

ඒ මෝඩයා කපටි හිනාවක් මවාගන්න ගමන් කැඩුනු බෝතලය අතේ තියන් හෙමීට ඉස්සරහට එන්න ගත්තා.

එකපාරටම...

"නවතින්න"

 ක්ලබ් එකේ දොර ලගින් ඇහුන හුරුපුරුදු කටහඩට හැමෝම හැරිලා බැලුවා.

"අමන කින්"

එක මිනිහෙක් ශාප තිබ්බා.

හැම දෙනාගෙම අවධානය යොමු වුණේ කලු පාට ඇඳුම් ඇඳගෙන හිටපු තරුණයා දිහාවට. ඔහුගේ කොන්ඩය දිලෙසෙනවා.සමාජ ශාලාවෙ බල්බ් එලියෙන් ඔහුගේ දිලිසෙන මුහුනේ ඊයෙ සිදුවූ සීරිම් සලකුණු පැහැදිලිව පෙනෙන්න තිබණා. ඔහු මගේ දිහා බැලුවේ විරිත්තගෙනමයි. ඔහු ඊයෙ හිටියට වඩා හොදින් බව පේන්න තිබුණා. ඒ වගේම ඔහුගෙ පිටපස්සෙන් තවත් කලු ඇදුමින් සැරසුන කිහිපදෙනෙකුත් හිටියා.

"ජරාගොඩ!"

එකෙක් කෑගැහුවා.මම ආයෙත් පහර දෙන්න පටන්ගත්තා. මම දන්නෙ නෑ මාව අයිති කාගෙ පැත්තටද කියලා. මොකද අලුතින් ආව මනුස්සයා කවුද කියලා මම දන්නෙත් නැහැනේ. මම ක්ලබ් එක විනාශ කර පලිය ගන්නවා කියලාවත් හිතමු.

"මිස්ටර් කින් පරිස්සමින්."

ඒ කටහඩ කින්ගේ යටත් කෙනෙක් කියලා හිතුන කෙනෙක් නිසා මම එ දිහා හැරිලා බලද්දි දැක්කේ ඔහු බිත්තියේ වැදිලා ලේ රතු වුණ මුහුණක් එක්ක බිමට වැටෙන හැටි. අපි ඉස්සරහ හිටිය පස් දෙනෙක්ට වැඩි ගනනක් අපි දිහාට  පිහි දික් කරන්  පහර දෙන්න ලෑස්ති වෙලා හිටියෙ. මට කින්ගෙ පැත්ත ගන්න වෙනවා. මොකද එයා මට දුන්නු ඔරලෝසුව ලක්ෂයකටත් වඩා වටින එකක් නිසා මම එයාට ටිකක් වැඩිපුර ණයයි. 

මම ලගම හිටිය එකාට පැනලා වලලුකරට පයින් ගැහුවේ අල්ලගෙන හිටිය පිහිට බිම වැටෙන්න. ඊට පස්සෙ මම කින්ට පහරදෙන්න ගිය එකාගෙ මූන මේසෙක ගහලා කඩලා දාන්න දෙපාරක් හිතුවෙ නෑ. ඊයෙ මම බේරගත්තු මනුස්සයගෙ මූනෙ ආයෙ ලේ එනවා දකින්න වෙන එක ගැන මට කේන්ති ගියා. උඹට එච්චර හයියක්! මම මගෙ කකුලෙන් අවජාතකයට බිම වැටෙනකල් ආයෙ ගැහුවා.

"ස්තූතී ඔයාට ...."

ඔහුගේ ගොරෝසු කටහඩ ආයෙමත් ඇහුනෙ කම්පනය උන මාංශ පේශී පිරිමදින්නාක් වගේ. ඇයි එයා මට ඒ වගේ සංවේදනයක් ඇති කරන්නෙ?

"දාඩිය නැ"

මම බොරු හිනාවක් එක්ක උත්තර දුන්නා. එහෙනම් ආයෙත් පහර දෙන්න එන්න. මේ ලස්සන මනුස්සයාවම් ගේ පිටිපස්සෙන් තියාගෙන ආවරණය කරන්න වෙනවානම්, මට කොහෙත්ම මහන්සියක් දැනෙන්නේ නෑ. මට මුළු රෑම මෙහෙම කරගෙන යන්න පුළුවන්.

"ඒයි, තමුන් උන්ගෙ ගෙවල්වත් ගිනි තිබ්බද?"

මම එයාගෙන් ඇහුවා.

"උන් තමයි මගෙ පසෙසෙන් හොල්මන් කරේ"

එයා කිව්වා

තවත් කලු ඇදගත්ත මිනිස්සු කණ්ඩායමක් එනවත් එක්කම ජේ අනිත් අය එක්ක ක්ලබ් එකේ පිටිපස්සට දිව්වා. සටන් කලාවට කොච්චර දක්ෂ වුණත් මිනිස්සු දුසිමකට වඩා වැඩි නම් පැහැදිලිව අවාසි සහගතයි. දැන්ම මෙතනින් ගියෙ නැත්නම් උදේ වෙද්දි හොල්මනක් වෙලා ඉදීවි.

"යන්න"

මම කින්ට කිව්ව.

"කොහෙ යන්නද? අපි වටවෙලා."

ඒ කටහඩේ බයක සේයාවකවත් තිබුනේ නෑ.

මම ඉක්මනින් හිතන්න ගත්තා. මම මෙතනින් මගෑරලා යන්න විදියක් හිතන්න ගත්තෙ උන්ගෙ ඉලක්කය මම මිස ජේගෙ බාර් එක නෙවෙන නිසා. ඉතින් මම කින්ගෙ මැණික් කටුවෙන් අල්ලගෙන පිටිපස්සෙ දොර දිහාට දුවන්න ගත්තා.

"අපි කොහෙද යන්නේ?"

මගේ පිටපස්සෙන් එන ගමන් ඔහු ඇහුවා.

මම ඔහුට  උත්තර දුන්නේ නෑ. මම එයාව මගෙ පස්සෙන්  ඇදගෙන ගියේ බයික් එකට පනින්න. අද මම ඒක ක්ලබ් එක පිටපස්සෙන් නැවැත්ත්වේ වාසනාවට. ඊයෙ වගේම එන්ජිම පන ගන්නලා වේගයෙන් දාවනය කලා.ඒක ෆිල්ම් එකක් රිවයින්ඩ් කරනවා වගේ.

දේජා වූ!

මම වේගෙන් ගියේ ඊයෙ අපි නැවැත්තුව ගෑස් පිරවුම්හලට.

මේ ගමන එයා මට කොච්චර ණය වෙයිද?

*************************************

~Transgender -සංක්‍රාන්ති ලිංගික

~Nong -සහෝදරයා 

~කොක්ටේල් - මත්ද්‍රව්‍ය කීපයක් මිශ්‍ර කල පානය

කලින් පුරවපු නැති අය ඉන්නවානම්, අපිට කරන උදව්වක් විදිහට මේ ෆොර්ම් එකත් පුරවගෙන යන්න: අදහස් පෝරමය 






















පෙර පරිච්ඡේදයක් | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. හරිම ලස්සනයි කතාව

    ReplyDelete
  2. ලස්සනයි දිගටම දෙන්න ❤️

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අනෙ 🙈

      Delete
  3. ගොඩාක් ලස්සනයි ...ස්තුතියි ..❤️❤️

    ReplyDelete
  4. ලස්සනයි.. කියවන්න ආස විදියට පරිවර්තනය හොඳට තියෙනවා.. සුපැතුම්

    ReplyDelete
  5. මම ළඟදි දැක්කේ,හරිම ලස්සනයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-