එය ශතවර්ෂ ගණනක් පැරණි , විශ්ව විද්‍යාල මණ්ඩපයේ ජනාකීර්ණම ගොඩනැඟිල්ලේ කොණක පිහිටුවා තිබූ පීඨ නේවාසිකාගරයයි…
මාර්ගයෙන් එපිට පිහිටා තිබූ නේවාසිකාගාරය , සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලය තුල අලුත් , යොවුන් කඩිසර ගුරුවරුන් සඳහා වෙන් කර තිබිණි…
රතු ගඬොලින් නිම කළ පැරණි බටහිර පන්නයේ ගොඩනැඟිලි වට කරමින් දිව ගිය අයිවි වැලුත් , ශ්වේත වර්ණ තරප්පුත් ගොඩනැඟිල්ලේ බාහිර අලංකාරය ඔප දමා තිබිණි…
මාර්ගයේ මඟියන් ආකර්ෂණීය බැල්මක් නේවාසිකාරය වෙත හෙළීම වැළක්විය නොහැකි වුවත් , ගොඩනැඟිල්ලේ තුළ නේවාසිකව ගත කිරීමට වාසනාව තිබූ ගුරුවරුන් පමණක් දන්නා පොදු රහසක් විය…
පෙනෙන පරිදිම එය පෞරාණික ගොඩනැඟිල්ලක් වූ අතර කිහිප වතාවක්ම නැවත නැවතත් පිළිසකර කර තිබුණි...අසංඛාත වේශ නිරූපණ ස්ථර වලින් ආවරණය කෙරූ වයස්ගත මුහුණක් මෙන් එහි අභ්‍යන්තර බිත්ති පැල්ලම් වී තිබිණි..
එය ඩිජිටල් රූපවාහිනියක් හෝ හිමි නොවුනු තරම් වියපත් විය..ගොඩනැඟිල්ල තුළ සෑම නේවාසිකාගාරයකටම සපයා තිබුනේ පුරාවස්තු ලෙස විස්තර කළ හැකි කේබල් රූපවාහිනි පමණි.
" යැංසි තැනිතලාව හරහා අනුප්‍රාප්තික ධාරානිපාත වර්ෂාවක්.."
පිළිගැනීම් කාර්‍යාලයේ කැඩුණු වීදුරු ජනේලය හරහා රූපවාහිනියේ හඬ ගමන් කරන විට,කෝරිඩෝවේ ඇතුල්වීම පසු කරමින් තරුණයෙක් ඉදිරියට ඇඳුණි...වැඩ මුරයේ නිරතව සිටින කාන්තාව ඔහුව නවතමින් විළාප තැබීම සාමාන්‍ය දෙයක් විය…
"ඒයී පොඩි එකා..උඹට තේරෙන්නැද්ද..මේක මහාචාර්යවරුන්ගේ පීඨ නිවස..ඔහේ ශිෂ්‍යයෙක්..ඔයාට දිගටම මේකට එන්න යන්න බැහැ.."
නමුත් අද වයසක කාන්තාව ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත..සමහර විට වයස්ගත ඇගේ පෙනීම අඩු වූ නිසා වීමට පුළුවන්...කෙසේවෙතත් පිරිමා ළමයා තමාව පසු කර යන බව ඇය නොදැන සිටියාය…
ඔහු කෙළින්ම තෙවන මහළ වෙත ගොස් සුපුරුදු යකඩ ද්වාරයට තට්ටු කෙළේය…
යකට දොරටුව ක්‍රීක් හඬකින් විවෘත වෙන විට කාන්තාවක් හිස පිටතට යොමු කළාය.
"ඒ ඔයාද ?."
තරුණයා මෘදු ලෙස අමතන්නට විය.
" ෂී *ලාඕෂී.."[ගුරුතුමිය]
තරුණයා අනපේක්ෂිත අමුත්තෙක් වුවද ඇය ඔහුගේ ගුරුවරිය විය.මුළු විශ්වවිද්‍යාලය තුළම ඔහුට සමීපතම පුද්ගලයා වුයේ ඇයයි.වේලාව ප්‍රමාද වී තිබුණත් මොහොතක තිගැස්මකින් පසු ඇය ඔහුව ඇතුළට පිළිගත්තාය.
ඇය තේ කෝප්පයක් පුරවා ගත්තේ එයට ඉඟුරු කැබැල්ලක් එකතු කරමිණි.පිටත ඇඳ හැලුණු වර්ෂාවට තරුණයා පෙඟී සීතල වී ගොස් ඇති බව ඇයට සිතිණි.උණුසුම් ඉඟුරු තේ කොප්පයට සීතල පරාද කරන්න පුළුවන්.
ෂී ලාඕෂී ඔහු ඉදිරිපිට තිබූ තේ මේසය මතින් උණුසුම් කෝප්පය තැබීය.
"ඔබ ආපසු ආවේ කවද්ද?"
"අද"
තරුණයා අපහසුවෙන් සෝෆාව ඉදිරිපිට සිටගෙන සිටියේය.
"වාඩි වෙන්න."
තරුණයා වාඩී වූයේ ඉන්පසුවය...ඔහු තම දෑත් දණහිස් මත ගුලි කරගත්තේය..ඔහු නිෂ්ශබ්ද වූ අතර උණුසුම් තේ කෝප්පය තවමත් ස්පර්ශ නොකළේය.
"ඇයි ඔබ ආපිට එන බව මට කලින් නොකීවෙ.මේ තරම් පරක්කු වෙලා ඉස්කෝලෙට බස් එනවද?"
"ඔව්"
"එතකොට පවුල ගැන මොකද කියන්නේ?"
තරුණයා මොහොතක් නිෂ්චලව සිටි අතර , ඩෙනිමේ පැල්ලම ඇල්ලීමට හිස පහත් කළේය.
"අම්මට තවමත් ඕනේ මාව එළියට දාන්න."
ෂී ලාඕෂී නිහඬ විය.
ඔහු ඒ වන විටත් විශ්වවිද්‍යාලය ශිෂ්‍යයෙකි.ආර්ථික අපහසුතා ඇති පවුල් සඳහා උපකාරක පන්ති ගාස්තු අඩු කරන බව පවසමින් ඇය තරුණයාගෙ මව සමඟ සාකච්ඡා කළේ කෙසේ හෝ ඔහුට විශ්වවිද්‍යාලය අධ්‍යාපනය අවසන් කිරීමට ඔහුගේ මව ඉඩ දේවියැයි අපේක්ෂාවෙනි.
නමුත් ඔහුගේ මව එය දැඩි ලෙස ප්‍රතිකේෂ්ප කළාය.
" මොන පාඩම්ද!චීන භාෂාව ඉගෙන ගන්නද?චීන කතා කරන්න නොදන්නේ කවුද.ඔහේලා ඔක්කොම මගෙන් සල්ලි කඩාගන්නයි හදන්නෙ.
"ඔයාගෙ පුතා ගොඩක් දක්ෂයි.බලන්න,ඔහු දැනටමත් දෙවන වසරේ ශිෂ්‍යයෙක්.අතරමැද අතහරින එක නාස්තියක් නෙවේද?ඒ හැරත් වසර දෙකක් තුළ ඔහුට උපාධිය සම්පූර්ණ කළාට පස්සෙ පිළිගත් රැකියාවක් සොයාගන්න පුළුවන්.මම කලින් එයාගෙන් අහලා තියෙයි.එයා කැමති ගුරුවරයෙක් වෙන්න.ඔහුගේ ශ්‍රේණියත් එක්ක ඔහුට ගුරු ක්ෂේත්‍රයේ රැකියාවක් සොයාගැනීම අපහසු නැහැ.ගුරු වෘත්තීය ස්ථිර රැකියාවක්..ඒක ඔයාගේ පුතාගේ සිහිනය."ලාඕෂී ඉවසිලිවන්තව හා මෘදු ලෙස තරුණයාගෙ මවට කරුණු පැහැදිලි කිරීමට උත්සහා කළාය.
"ඔහුට ගුරුවරයෙකු වීමට බලාපොරොත්තුවක් නැහැ..ඔබ කතා කරන්නේ ඔහුගේ මුහුණ නොදැක්කා වගේ."
ඔහුගේ මවගේ වදන්,සැඩ පහරක් සිදුරු කරමින් හමා යන අඳුරු තලයක් මෙන් විය.
ෂී ලාඕෂී කෝපයට පත්වූ නමුත් ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි ඇය දැන නොසිටියාය.
"මට දැන් එයාව වැඩ කරන්න ගන්න වෙනවා.අපිට තවදුරටත් භාවිතා කරන්න මුදල් නැහැ.කාලය නාස්ති කිරීම නවත්වන්න.ඒ මූණෙන්..ඒ මූණෙන්..මොන වගේ ඉස්කෝලෙකටද ඒ වගේ ගුරුවරයෙක් ගන්නේ?"
ඉතිම්,ඒ මොන වගේ මුහුණක්ද?
ෂී ලාඕෂීගේ කාමරය තුළ තාපදීප්ත පහනක් දල්වා තිබිණි.වොට් ගණන අඩු බල්බය අඳුරු බවකින් යුක්ත වුවත් තරුණයාගේ මුහුණ ආලෝකමත් කිරීමට බල්බය ප්‍රමාණවත් විය.
ෂී ලාඕෂී මේ වන විට ඔහුගේ මුහුණේ ලක්ෂණ වලට පුරුදු වී සිටියාය.නමුත් පළමුවරට ඔහුගේ මුහුණ දකින කෙනෙකු ගැඹුරු හුස්මක් ඉහළට ගනී.එහි අඩක් මුහුණකි.නොදන්නා රෝගයක් හේතුවෙන් ඔහුගේ නළලේ සිට දෙපතුල් දක්වාම දම් පැහැති පැල්ලම් විය.එය සැබවින්ම කුණු වූ මස් සඟවාගෙන සිටින්නාක් මෙනි.
එහි ප්‍රකාශය අසාමාන්‍ය වූ අතර එහි දර්ශනය තැතිගන්වනසුළු විය.
"විකෘතියි"
"ඔහුට ලං වෙන්න එපා..කවුද දන්නේ.ඕක බොවුනොත්"
" ඒයි...මිශ්‍ර අර්ධයා."
ඔහු හා ඔහුගේ මුහුණ වටා ගොඬනැඟුනේ වැළකිය නොහැකි සමච්චලයන් හා අපහාස පමණි.
ඔහු රෝගාතුර වූ නිසාත්,විරූපි වූ නිසාත්,එය සැඟවීමට හෝ ඔහු උත්සුක නොවූ නිසාත් කුඩාකළ සිටිම සිදුවූ අපහාස වල නිමක් නොවීය.ඔහු කෙතරම් දක්ෂ වුවත්,කෙතරම් වෙහෙස වී ඉගෙන ගත්තත්,කෙතරම් අන් අය සමඟ මෘදු වුවත්,ඔහු තවමත් පැහැදිලි අහසක් හරහා පියඹා යන මකරෙකු මෙන් විය.කිසිදු සමානාත්මතාවයක් ඔහු හට උරුම නොවුණි.
ඔහුගේ මුහුණේ සාමාන්‍ය අර්ධය ඉතා දක්ෂ,මෘදු,සුරතල් බව සොයා ගැනීමට හැකි වූයේ ෂී ලාඕෂි වැනි කිහිප දෙනෙකුට පමණි.
ඔහු සෑම විටම මෘදු හා නිහතමානි ලෙස අන් අයගේ අපහාස ඉවසා සිටියේය.ඇතැම් වෙලාවට ඔහු තනිවම සිනාසුනේ ඔහුද වැරදිකාරයෙකු මෙනි.
නමුත් ඔහු සැබවින්ම කළ වරද කුමක්ද?
ෂී ලාඕෂී එය හොඳින් දැන සිටියේය.පාඩම් කරන විට ඔහු සෑම විටම වඩාත්ම අවධානය යොමු කරන තැනැත්තාය.ඔහු සෑම විටම තමන්ට පැවරෙන කොටස නිසි ලෙස ඉටු කළේය.කණ්ඩායම් කටයුතු තුළ ඔහු නිහඬවම බොහෝ වැඩ කොටසක් ඉටුකරයි.අන් අය ඔහුට විහිළු කරන විටදී පවා ඔහු ඉවසුවා මිස වැඩි යමක් කීමට උනන්දු නොවීය.
"ඒක හොඳයි ලාඕෂී.ඔයා මාත් එකක් කතා කරන එක ගැන මම සතුටුයි.ගමේ මම එනවා දැකපු ගමන් හැමෝම අපාහු හැරිලා යනවා.ඔයා වගේ මට ඇහුම්කන් දෙන කෙනෙක් කිසිම දවසක ඉඳලා නැහැ."
"සිසුන් උනත් හරිම කදිමයි.අඩුම තරමේ කිසිම කෙනෙක් මට ගඩොල් වලින් දමා ගැසුවේ නැහැ."
ඔහු සන්සුන්ව කතා කිරීමට උත්සහා කළත් සෑමවිටම ඔහුගේ හිස පහත් විය.ඔහුගේ උරහිස් හැකිලී යයි.බොහෝ කාළයක් තිස්සෙ නිමක් නැති අවමානයන් විඳ දරා සිටීම ඔහුගේ කොඳු ඇට පෙළ දුර්වල කර තිබිණි.ඔහු මත වූ පීඩනය ඔහුගේ කොන්ද නැමීමට බල කළේය.
ෂී ලාඕෂී ඔහුට පවසන්නට විය."ඔබ කැමති නම් සවස ස්වයං අධ්‍යන සැසියෙන් පසු,ඔයාට සෑම විටම පෞද්ගලික ඉගැන්වීම් සඳහා මා වෙත පැමිණිය හැකියි.ඔබට නොතේරෙන දෙයක් හෝ මගෙන් උදව් අවශ්‍ය දෙයක් තියෙයි නම් මට දන්වන්න."
ඔහු ලැජ්ජාවෙන් සිනාසුනේය.ඔහුගේ මුහුණේ සාමාන්‍ය භාගය ලැජ්ජාවෙන් රත් පැහැයට හැරිණි.
ඇය ඔහුව හඳුනන දෙවසර තුළ,ඔහු ලියූ කවි,ගද්‍ය,ගීත,පත්‍රිකා ඇය වෙත ගෙනැවිත් උපදෙස් ලබා ගැනීමට ඔහු පුරුදුවී සිටියේය.
වර්ථමානයේ,කෙනෙක්ට දෝෂාරෝපණය කරන්න කැමති අය කොච්චර හිටියත් කවි ලියන්න කැමති අය හිටියේ බොහොම අල්පයයි.
නමුත්,ඔහු ඇට්ටර ලෙස දිගින් දිගටම කවි ලිවීය.
"ඔහේගේ කුණු වෙච්ච මිදි මුහුණට වඩා ඕවා කැතයි".අනෙක් සිසුන් ඔහුව කුණුහරුප ලියූ පිස්සෙකුගේ ගණයට ඇතුළත් කර තිබිණි.
ඔහු මඳහසකින් ඒ සියල්ල පිළිගත්තේය.ඔහු ලිවීමේ වැඩ කටයුතු දිගටම කරගෙන ගියා මිස වාද කිරීමට නොඟියේය.
නමුත් දැන්,ඔහුට තවදුරටත් එය කිරීමට අයිතියක් හෝ නොවුනි.
අතීත සිදුවීම් සිහිපත් කරන විට ෂී ලාඕෂී හට වේදනාවක් දැනෙන්නට විය.ඇය තරුණයා දෙස බැලුවේ අනුකම්පාවෙනි.
"ලාඕෂී.මේ වතාවේ මම සමුගන්න ආවේ.මම හෙට යනවා".
"ආපහු ගෙදරද?".
"ඔව්.සමහරවිට"
තරුණයා නැවතුනේය."ලාඕෂී,මගේ රෝගය මගේ මුහුණෙ නොතිබුනා නම්,මිනිස්සුන්ට නොපෙනෙන තැනක තිබුනා නම්,මිනිස්සු මට ටිකක් හොඳ වේවි නේද.ඒක කොයිතරම් හොඳද?".
ෂී ලාඕෂී හට තවදුරටත් දරා සිටීමට නොහැකි විය.අගේ ඇහි දාර මත රත් පැහැය අරක්ගෙන තිබිණි.
ඇය ඇයට හැකි සෑම දෙයක්ම සිදු කළාය.නමුත් ඇය ඔහුගේ පවුලේ කිසිවෙක් නොවුනු නිසාම අවසන් තීරණයක් සඳහා මැදිහත් වීමට ඇයට හැකියාවක් නොවුනි.ඔහුව බේරාගැනීමට අවසාන වශයෙන් ඇයට සිදු කළ හැකි කිසවක් නොවීය.ඔහුගේ පවුල් තත්වය දිනෙන් දින නරක අතට හැරුණි.විශේෂයෙන් මධ්‍යම පාසලෙහි අධ්‍යාපනය ලබන නිරෝගි දරුවෙක් පවුලෙහි සිටි බැවින් තරුණයා හට අධ්‍යාපනය ලබා දීම ගැන මව පසුතැවිලි වුවාය.ඔහු නැවත නිවසට ගෙන්වා ගත්තොත් නිරෝගි දරුවා හට නැවතත් පාසල සඳහා සහභාගි විය හැකිය.
තමන් නිවැරදි බවත්,මවක් ලෙස පවුලේ වාසි සහ අවාසි කිරා බැලිය යුතු බවත්,තමන් ඉතා සාධාරණ බවත් ඇය විශ්වාස කළාය.
"ඔබ..ඔබ අවසන් වරට මට පරීක්ෂා කරන්න දුන් රචනාව….ඒක මම තවම සංස්කරණය කරලා ඉවර නැහැ".
ෂී ලාඕෂී කඩිමුඩියේ මාතෘකාව වෙනතකට හැරවූයේ ඇගේ කඳුලු තවදුරටත් ඇයට අවනත නොවන බව හැඟුණු නිසාවෙනි.
"නමුත් මම මුල් කොටස බොහොම ප්‍රවේෂමෙන් කියෙව්වා.ඔබට ශිෂ්‍යාධාර ලබා ගන්න පුළුවන්.මම ඔක්කොම හරියට සකස් කරනකන් ඉන්න".
ඔහු සිනාසුනේය."නැහැ.උදේ වෙද්දි මට යන්න සිද්ධ වෙනවා."
ඇය සිතින් බොහෝ පසුතැවිලි විය.තවත් කාලය තියෙයි කියලා ඇය සිතුවේ ඇයි?රචනාව සංස්කරණය කිරීමට ඇය මුළු රාත්‍රියම අවදියෙන් නොසිටියේ ඇයි?ඇය සාප්පුසවාරී යන්න,කථා බස් කරන්න,දිගු වේලාවක් තිබුණු අර්ථ විරහිත එවැනි රැස්වීම් සඳහා ඇය සහභාගි වුනේ ඇයි?
මෙය පොඩිපට්ටම් වී කුඩු වී,හදවතකින් දියවී යාමට ආසන්න ශිෂ්‍යයෙකුගේ සිහිනයක්.ඔහුගේ අවසාන ගුරුවරිය විදිහට අඩුම තරමේ ඔහුට ආයුබෝවන් කියන්න මල් කළඹක්වත් ඇය ළඟ නැහැ.
"මට සමාවෙන්න".
"ඒකට කමක් නැහැ.නමුත් මම අවසන් වරට කවියක් ලීවා.මට ඒක ඔයාට දෙන්න පුළුවන්ද?".
ඇය වහා හිස වැනුවාය.
ඔහු කඩදාසි කොළයක් බෑගයෙන් එළියට ඇඳ ඇය වෙත භාර දුන්නාය.සිහින් කඩදාසියේ ස්කන්ධය ඇගේ අතට නොදැනෙන තරම් විය.
ඇය සෑම වචනයක් පාසාම කියෙව්වාය.එය ඉතා සියුම් මනරම් ආදර කවියකි.පදයෙන් පදය ඉතා උද්‍යෝගිමත් වුවත් බොහෝ ප්‍රවේශම් සහගත බවක් විය.ප්‍රේමය හා කථිකා කරන විට ඇය බොහෝ විශිෂ්ඨයන්ගේ ග්‍රන්ථයන් කියවා තිබිණි. "සඳ යහනට එන විය දෑසේ කඳුලැලි වියළී යයි","මගෙ දෑස් වඩාත් ලස්සන ඔබ මගේ නෙත් තුළ දිලිසෙන නිසා" වැනි අතීතයේ සිට වර්ථමානය දක්වාම ලියැවුනු පද්‍ය පන්ති ඇය කියවා තිබණි.නමුත්,තරුණයා ඔහුට දුන් කොළ කැබැල්ලේ වූ පද්‍ය මළාවට ඒ කිසිවක් නොගැළපෙන බව ඇයට ඒ මොහොතේ සිතිණි.
යමක් සෘජුව පැවසීමෙන් පද්‍යයේ තනුවට පලුද්දක් වේයැයි මෙන් , ඔහු කිසිවක් සෘජුව නොපැවසීය.
තරුණයා කවි කාරයෙකි.තරාතිරම් වෙනසක් ඇති දෙදෙනෙකුගේ ආදරය ඔහුගේ කවිය විසින් උඳුරා ගතහොත් ඉතිරි වන්නේ ලැජ්ජාවක් පමණක් බව ඔහු දැන සිටියේය.
"එය ඔබට සිහිවටනයක්".
ඔහුගේ මුවෙහි විරූපි භාගය මෙන්ම සාමන්‍ය පෙදෙසෙහිද මෘදු බවක් අරක්ගෙන තිබිණි.
"මට සමාවෙන්න ලාඕෂී.ඇත්තටම මට ඔයාට කිසිම තෑග්ගක් ගන්න පුළුවන් කමක් තිබුනේ නැහැ".
"මීට වඩා හොඳ කිසිම දෙයක් නැහැ.මම..මම ඔයාට තේ එකක් එක්ක බොන්න ස්නැක්ස් ටිකක් හොයාගන්නම්".ඇය හැඬීම යටපත් කරගනිමින් අනෙක් පස හැරුණාය.
ඇය ඇඟේ හැඟීම් පාලනය කරගනිමින් කැබිනෙට්ටුවෙන් බටර් කුකීස් කිහිපයක් ගෙන මේසය මතින් තැබුවාය.
ඔහු විනීත ලෙස ස්තූති කළේය.ෂී ලාඕෂීගේ බැල්ම යටතේ ඔහු තේ කෝප්පය ගැනීමට අත දික් කරත් ඉක්මනින් අපාසු අත ඇඳගත්තේය."ඒක රස්නෙයි".
ඇය තේ කෝප්පය අල්ලා බැලුවාය."හහ්.ඒක රස්නේ නැහැ".
ඇය එසේ කීවත් තේ කෝප්පයට සීතල වතුර ටිකක් එක් කළාය.
තරුණයා ඔහුගේ ප්‍රියතම කුකීස් හපමින් සෙමින් තේ බීවේය.
ඔහු සංග්‍රහය අවසන් කළත් රාත්‍රිය තවමත් ගෙවී නොතිබිණි.
"ලාඕෂී,මට තව ටික වෙලාවක් ඉන්න පුළුවන්ද"?.
"ඇත්තවශයෙන්ම".
තරුණයා ආයෙ වරක් සිනාසුනේය." අවසානයේ,මම පිටත් වෙන්න සූදානම් වෙන විට පවා ඔබව අපහසුවට පත් කරනවා".
"ඒකට කමක් නැහැ.ඔයාට ඕන කාලයක් මෙතන ඉන්න පුළුවන්..හරි.ඔබ ආපසු එන විට මට ඔබේ ලිපිනය දෙන්න.මට හමුවෙන හැම විශ්ෂඨ පොතකම පිටපතක් මම ඔයාට එවන්නම්.ඔබ ස්වයං අධ්‍යනයේ යෙදුනත් ඔයා කොච්චර දක්ෂද.නරක නැහැ.ඔබට ඕනෑම දෙයකට උපකාරයක් ඕනි නම් ඔයාට මාව වීචැට් හරහා සම්බන්ධ කරගන්න පුළුවන්".ෂී ලාඕෂී හට ඔහුව සැනසිය හැකි එකම දෙය එය විය.
තරුණයා ඇය දෙස බැලුවේය."ස්තූතියි".
ඔහු නැවතුනේය.
"හැමෝම ඔයා වගේ නම්,සමහරවිට.."
ඔහු හිස පහත් කළේය.ඔහු තවදුරටත් කීවේ නැත.
ඇගේ නේවාසිකාගරය පොත් වලින් පිරී තිබුණි.තරුණයා අවලස්සන වූ නිසාම ඔහු පුස්තකාලයට යන සෑම අවස්ථාවකම ඔහු අපහසුතාවයට පත් වුනි.එබැවින් ඇය ඔහුට පීඨ නේවාසිකාගරයට ආරාධනා කරමින් ඇගේ පොත් ඔහුට කියවීමට ලබා දුන්නාය.
අවසානයේ තරුණයා මුළු රාත්‍රියම නේවාසිකාගාරය තුළ ගෙවා දැමුවේ මෙහි වූ සියලුම වචන නැවත තම උපන් ගමට ගෙන යාමට අවැසි වූවාක් මෙනි.
ඔහු එතරම් නිදහසේ හැසිරුණේ කලාතුරකිනි.ඇය රාත්‍රියේත් භාගයක් ඔහු සමඟ සිටි නිසා ඇය වෙහෙසට පත් විය..ඇය නොදැනුවත්වම මේසය මත නින්දට වැටුණි.
ඇගේ නොපැහැදිලි සිහින තුළින් ඇයට තරුණයාගේ හඬ ඇසිණි."ෂී ලාඕෂී".
"ම්ම්.."
"තව දෙයක් තියෙනවා..මට ඔයාගෙන් සමාව ඉල්ලන්න අවශ්‍යයි".
"පහුගිය කාලයේ පන්තියේ සිදුවූ සොරකම්,ඒ ළමයින්ට නැති වුන බඩු,කොච්චර කරලත් හොයාගන්න බැරි වුනාම ඔයාවත් ඇඳගෙන ගිහින් බනින්න ගත්තා.ඇත්තටම,ඒ දේවල් හොරකම් කරපු කෙනා මම".
ඇය කම්පනයෙන් නින්දෙන් ඇඳ වැටුනත් ඇයට මහා වෙහෙසකාරී බවක් දැනුනි.ඇයට නැඟීටීමටවත් නොහැකි තරම් ඇගේ සිරුර බර විය.
"මට ඒ දේවල් ඕනි වුනේ නැහැ,මම ඒ එක සතයක්වත් ගත්තේ නැහැ.එයාල මට විහිලු කරද්දි මම එයාලට වෛර කළා.මම ඒ හෑම ජරාවක්ම පිදුරු ගොඩකට විසි කරල පුච්චලා දැම්මා.එයාලා මාව සැක කළාට ඔයා මගෙන් ඒ ගැන ඇහුවෙවත් නැහැ.මම වෙනුවෙන් ඔයා සහතික කළා.ඒත් ඇත්තටම ඒ දේ කළේ මම".
"මට ඒක පිළිගන්න තරම් ධෛර්යයක් තිබුණේ නැහැ.මම සාමාන්‍ය මනුස්සයෙක් එහෙමත් නැත්නම් හොඳ මිනිහෙක් වුනේ එක්කෙනෙක්ගේ ඇස් දෙකකට විතරයි.
ඒ ඔයා.
ලාඕෂී,මම හරිම තුච්ඡයි නේද.ඒත් ඔයා මම ගැන වැරදියට හිතුවොත් කරන්න ඕනි මොනවද කියලවත් මම දන්නේ නැහැ.මට හැමදාටම ලැබුනු එකම පිළිගැනීම ඔයා විතරයි".
අවසානය වන විට ඔහුගේ හඬ වඩ වඩාත් මෘදු වන්නට විය.
විශාල බරකින් නිදහස් වූවාක් මෙන් ඔහුගේ ප්‍රකාශය පැහැදිලි හා පාරභාසක විය.
"මම වඩාත්ම පසුතැවෙන දෙය මෙයයි ලාඕෂී.මට ඇත්තටම ගොඩක් කණගාටුයි.මගේ රෝගය මගේ මුහුණේ විතරක් නෙමේ,හදවතෙත් පැතිරිලා වගෙයි.මට ඊළඟ ජීවිතයක් ලැබුනොත් මමත් සාමාන්‍ය මනුස්සයෙක් වෙනවට කැමති.මට ආදරේ කරන්නවත් බැරි වෙන තරමට අසනීප වෙන්න මම කැමති නැහැ."
"ෂී ලාඕෂී".
හූ හඬක් නංවමින් ජනේලය හරහා සුළං පහරක් හමාගෙන ගියේය.මේසය මත වූ කඩදාසි,ආත්මය කැදවන කොඩි මෙන් සෙළවෙන්නට විය.
සියල්ලම ගැඹුරු නිශ්ශබ්දතාවයක ගිලුණි.
මේසය මත වූ තේ කෝප්පය සිසිල් වී තිබුණි.
පසුදින උදෑසන ලාඕෂී අවදි වූ විට ඇයට මේසය මතම නින්ද ගොස් ඇති බව ඇය වටහාගත්තාය.ඇගේ කාමරය පිළිවෙළට තබා තිබිණි.තරුණයා බොහෝ ආචාරශීලී විය.නමුත් මෙවර ඔහු ඇගේ කාමරය පිළිවෙලට තබා ඇයගෙන් සමුනොගෙනම පිටත්ව ගොස් තිබුණි.
ඇයට යම් තිගැස්මක් දැනුනත් ඇයට එය යටපත් කළ නොහැකි විය.ඇය නිදිබර දිනෙතින් සාළය කරා පියමැන්නේය.
ඇය තේ මේසය දෙස බැලූ විට,අයිස් වතුර බේසමක් හිස මත හෙළුවාක් මෙන් ඇගේ දෑස් එක්වරම විසල් විය.
ඇය ඊයේ යෞවනයා වෙනුවන් සූදානම් කළ තේක ඒ වන විටත් ශීත වී තිබුණි.නමුත් නමුත්..
උෂ්ණත්වය පැහැදිලිවම 27° හෝ 28°ක් පමණි.එය කෙසේ විය හැකිද?
ඇගේ පුළුල් කලු ඇස් කාමරය සිසාර ගමන් කළාය.ඇයව වඩාත් කම්පනයට පත් කරන ලකුණු ගොන්නක් ඇගේ නෙත ගැටුණි.ඔහු ඊයේ බටර් විස්කෝතු කන ආකාරය ඇය පැහැදිලිව දුටුවාය.නමුත් එක විස්කෝතුවක් හෝ අඩුවී නොතිබුණි.තේ කෝප්පයේ තේ අයිස් බවට පත්වී තිබුණත් තේ මට්ටම බිඳකින් හෝ අඩුවී නොතිබුණි.
අවසානයේ,ඔහු ඇයට දුන් සමුගැනීමේ ලිපිය,එහි ඇතුළාන්තයවත් හදවතින් නොවිමසා බැලූ ඒ ආදර කවිය,
අතුරුදහන් වී තිබිණි.
එසේත් නැතිනම්,එවැනි කඩදාසියක් කිසිඳා නොතිබුණු බව පැවසීම වඩා හොඳය.
ඇය වෙව්ලන්නට විය.හදිසියේම ඇඟේ දුරකතනය නාද වූ අතර ඇය තිගැස්සී පිටුපසට පැන්නාය.එය ප්‍රචාරය පණිවිඩයක් බව දුටුවේ ඇය දුරකතනය අතට ගත් පසුවයි.ඇය සැනසුම් සුසුමක් හෙළුවත්,සිහිනයකින් අවධි වූවාක් මෙන් එක්වරම තරුණයාගේ දුරකථන අංකය සම්බන්ධ කළාය.
බීප්..බීප්..බීප්
ඇගේ හදගැස්ම,දුරකතනයේ ස්වරය සමඟ එකට මුසුවෙමින් ගැහෙන්නට විය.
"ආයුබෝවන්"
අනෙක් කෙළවරේ හඬ හුරුපුරුදු මැදිවියේ කාන්තාවකගේ කටහඬයි.එය ගොරෝසු විය.නමුත් එහි හැඬුම්බර බවකි.ඇය තරුණයාගෙ මව සමඟ වදන් කිහිපයක් හුවමාරු කරගත්තාය.
ඇගේ හදවත ගැඹුරු ලෙස කළු කුහරයක ගිලී තිබුනි.
"ඒ ඔයා.ඔහේ ආයෙමත්.මට තාම ඔයාව හොයන් එන්න වෙලාවක් නැහැ.ඔයා ඇත්තටම අපිට මුළින්ම කතා කළා".
කාන්තාව චෝදනා කළාය.ෂී ලාඕෂී හට ඇය මුලදී පැවසූ දේ තවදුරටත් මතක තබා ගැනීමට නොහැකි විය.ඇගේ මනසෙහි හිස්බව විනා වෙනත් කිසිවක් නොවීය.අවසානයේ ඇයට ඇසුනේ අදෝනවක් බඳු කාලකන්නි කෑ ගැසීමක් පමනි.
"ඔහු මැරුණා..ඔහු මැරුණා..".
ඇගේ නහර වල ලේ කැටි ගැසුණි.
මැරිලා?
"මේ හැමදේම ඔහේගේ වැරැද්ද.ඔහු මා එක්ක රණ්ඩු වෙලා මහ කුණාටුව අස්සේ එළියට දිව්වා.පොලීසියෙන් කිව්වේ එළියේ විදුලි රැහැනකට නිරාවරණය වෙච්ච කොටසක් තිබූ බව…".
ෂී ලාඕෂීගේ දෙකන් දෝංකාර දුන්නේය.
තීව්‍ර චෝදනා හා පරලොවට ආයූබෝවන් කියන්නම් මෙන් ශෝකීජනක වැළපීම් ඇගේ කං කුහරය තුළ සක්මන් කළේය.
ඇමතුමේ අනෙක් කෙළවර කාන්තාව පිස්සුවෙන් මෙන් විලාප තැබුවේය.
"ඇයි බලන්න මහන්සි වෙන්නේ..ඇයි බලන්න මහන්සි වෙන්නේ..".
"ඊයේ..ඊයේ ඔහුගේ හත්දවස.".
මට හිතුණා
ReplyDeleteමුලදිම ඔහු ගතින් නෙමෙයි ආවේ හිතින් කියල
🥺🌸
Deleteදුක හිතෙනවා වුනාට ඒක ලස්සනයි....💔
ReplyDeletethnk u..❤️😁
Deleteඒක ලස්සනයි. ♥♥♥ මම තාම ඉංග්‍රීසි එක කියවන්න ගත්තෙ නෑ. දැන් ඉතින් මෙහෙම්මම කියවගෙන යනවා.
ReplyDeleteThank You!
thnk u...😁❤️
Delete��❤aneee
ReplyDeleteදෙයියනේ හොල්මන් වෙලා ගියා 😣
ReplyDeleteHarima lassanai🥺😍
ReplyDelete❤️❤️
ReplyDeleteහොල්මන් වුනා..
ReplyDelete❤️❤️❤️
ReplyDeleteමොකද්ද වෙන්නේ මේ
ReplyDeleteහොල්මන් ද 😗
ඒ හිතේ තියෙන වේදනාව 💔
ReplyDeleteමේ කතාවනම් 👌 පරිවර්තනයත් නියමයි 👌