Skip to main content

02. එතකොටත් මම ස්ටුඩන්ට් කෙනෙක්.

 "ඊයේ..ඊයේ ඔහුගේ හත්දවස.".

යතුරු පුවරුව ක්‍රියාත්මක කිරීම නවතා දැමූ හේ යූ පීඨ නේවාසිකාගාරය තුළ වූ පාඩම් කාමරයේ මේසයෙන් නැඟී සිටියේය.


මහල් නිවාසය වර්ග මීටර් හැටක්වත් හෝ නොවුණි. විසිත්ත කාමරයේ බිත්තියට එපිටින් තබා ඇති පැරණි විලාසිතාවේ රුපවාහිනියක නීරස කාව්‍යමය වැඩසටහනක් විකාශය වෙයි.රූපවාහිනී සංඥා වල දුබල බව හේතු කොට ගනිමින් රූපවාහිනියේ ශබ්දය තරමක් ගොරහැඬි විය.


සෝෆාව තවමත් කතාන්දරයේ තිබූ සෝෆාවමය. තේ සඳහා ලබා ගත් සුළු කෑමත්,බිස්කට් බඳුනත් ඒ හැමදෙයක්ම පැහැදිලිවම එහි විය.


නමුත් ඔරලෝසුවේ වේලාව 08:09 යි.විදීයේ වීදී ලාම්පු දල්වා තිබිණි.එය රාත්‍රිය විය.මේ ගිම්හාන සෘතුවේ මැද භාගයයි.වාතය බොහෝ සෙයින් තෙතමනය සහිතය.අලෝක පහන් යට සලබයන් කැරකෙන විට මදුරුවන් ඝෝෂා නඟිමින් පල්ලම් බසින්නට වූවේය.තවමත් වර්ෂාවක් ඇඳ නොහැලුනි.


ඔහු නේවාසිකාරයේ දොර තල්ලු කරමින් විවෘත කළේය.නේවාසිකාගාරයේ අපවිත්‍ර ජනෙල් වීදුරු තුළින් ගලා ආ ආලෝකය,ඔහු ඒ මොහොතේ ලියා අවසන් කළ කතාවටත් වඩා විකෘතියැයි ඔහුට සිතුණි.


තරුණ කාන්තාවක් සෝෆාව මත වැතිර සිටියාය. වායුසමීකරණය ඉතා අඩු උෂ්ණත්වයකට සකසා ඇය ලෝම බ්ලැන්කට්ටුවක් යට නිදා සිටින්නට විය. කඳුලු පිස දැමීම සඳහා භාවිතා කල ටිෂූ කොළ කිහිපයක් ඇය ඉදිරියෙන් වුනි.


හේ යූ ඇයට කතා කළේය.


" නැඟිටින්න"


"ම්ම්"


"නැඟිටින්න"


"කෑ ගහන්න එපා..මට යන්තම් නින්ද ගියේ" තරුණිය විඩාබර ලෙස කෙඳිරි 

ගෑවාය."තව ටිකක් නිදා ගන්න ඕනේ".

හේ යූ ට වැඩි යමක් කීමට අවශ්‍ය වුවත් රූපවාහිනියේ පැරණි චිත්‍රපට හඳුන්වාදීමේ විශේෂාංගයක් ආරම්භ විය.


"සෑම පුදගලයෙකුගේම හදවත තුළ බිදුණු බලාපොරොත්තු කන්දක් ඇත"

 

                 *(2005 gay cowboy film හි             අධ්‍යක්ෂකගෙන් උපුටා ගැනීමකි)


ඔහු ඇයව අවදි කිරීමට උත්සහා කිරීම නවතමින් නාලිකාව වෙනස් කිරීමට රිමෝට් එක අතට ගත්තේය.


හේ යූ සැබවින්ම සමලිංගිකයන් අප්‍රිය කළේය.


"අද අපේ වෛද්‍ය සුවතා වැඩසටහනට සියළු දෙනාම සාදරයෙන් පිළිගමු".


ඔහු නැවතත් නාළිකාව වෙනස් කළේය. හේ යූ වෛද්‍යවරුන්ට හා රෝහල් වලටද අකමැති විය.


"වරක් චං චෝ සිහින මැව්වේ ඔහු සමනලයෙකු බවයි,පියාඹන සමනලයෙක්.."


මේ වතාවේ ඔහු දැනට එය වෙනස් කළේ නැත.මෙය ඔහුගේ අභිරුචියට ගැළපෙන පසුතල ස්වරයක් ලෙස පිළිගත හැක.


හේ යූ රිමෝටය පසෙකින් තබා තමාට පිටුපස ගොරවමින් වැතිර සිටින කාන්තාව දෙසට බැල්මක් හෙලීය.ඔහු මුළුතැන්ගෙට යාමට හැරෙමින් ශීතකරණය විවෘත කළේය.ශීතකරණයේ බල්බයෙන් විහිදුනු ආලෝකය ඔහුගේ මුහුණ අලෝකවත් කර තිබුණි.


ශීතකරණයේ ඇතුළත් වූ දේවල් දෙස මිනිත්තු කිහිපයක් බලා සිටි ඔහු,බිත්තර දෙකක්,හැම් කුට්ටියක් සහ පෙරදින ඉතුරු වූ බත් බඳුනක් එළියට ගත්තේය.

"ෂිඒ ෂිඒ , ළූණු කොළ තියෙනවද?මට හොයාගන්න බැහැ." ඔහු ආලින්දයේ නිදා සිටි තරුණියට ඇසෙන පරිදි කෑ ගැසුවාය.


තරුණිය සෙලවුනේවත් නැත.


"මම ඔයා වෙනුවෙන් යං චෞ බත් එකක් හදනවා".


කාමරයෙන් පිට කිසිඳු ශබ්දයක් නොවුනි.යුවතිය කොයි මොහොතේ හෝ සෝපාවෙන් බිමට බැස කුස්සියේ පැත්තකට වි සිටීම දැකීම බලාපොරොත්තුවෙන් හේ යූ නැවතත් පිටුපස හැරී බැලුවේය."එහෙනම් ඔයාට බිත්තර දෙකක් එක්ක ලොකු මස් කැල්ලකුත් ඕනි?"


"ඔයා කොහොමද දන්නේ?"

ඇය විමසුවේ දෙගිඩියාවෙනි.


හේ යූ තම කමිස අත් රෝල් කරමින් ඇය දෙස බලා සිනාසුනේය."එළියෙන් ඉන්න.ඒක ඉක්මනටම සූදානම් වේවි".


ෂිඒ ෂිඒ අනෙක් කාමර වල සැරිසරමින් එහා මෙහා ගියාය.පාඩම් කාමරයේ මේසය මත වූ පරිඝණක තිරයේ දිස් වූ වර්ඩ් ලියකියවිල්ල ඇය උඩින් පල්ලෙන් කියවා දැමුවාය.

(ඔය කියන්නේ අපි සාමන්‍යයෙන් භාවිතා කරන word document එකක් ගැන.)

"හේ යූ,ඔයා මාව ආදේශයක් විදිහට භාවිතා කරනවද?"

(මෙතන ආදේශය /muse ඔතනින් අදහස් වෙන්නේ කලාකාරයෙක් නිර්මාණයකට තමන් කැමති පුදගලයෙක් හෝ පුදගල චරිතයක් භාවිතා කරන එක.)


උඳුනේ අධික ශබ්දය නිසා හේ යූ හට ඇයව පැහැදිලිව ඇසීමට නොහැකි විය.


"මොකක්ද?".


"මම ඇහුවේ ඔයා මාව ඔයාගේ ආදේශකය විදිහට භාවිතා කරාද?".ෂිඒ ෂිඒ කාමරයෙන් එළියට ආවේ පරිඝණකයද අතේ තබාගෙනය."මේ භූත කතාවේ ෂිඒ ලාඕෂී".


"අප්පෝ"තරුණයා ටික වෙලාවක් නිහඬව සිටියේය. ඔහු බිත්තරයක් කඩමින් සිනාසෙන්නට විය.


"ඔව්.ඔයා හරියටම මම මවාගත්ත කෙනාමයි, කලාව යථාර්ථය අනුකරණය කරනවා,ෂිඒ ලාඕෂී".


"ඒත් ඔයා ලියලා තියෙයි ඔයා මට හොරෙන් ආදරේ කරනවා කියලා".


"කලාව යථාර්ථයට සමාන නෑ, ෂිඒ ලාඕෂී".


ඒත් ඔහු අන්තිමට කීවේ අමු බොරුවකි.ඔහු සැබවින්ම ඇයට රහසින් ආදරය කළේය.


හේ යූ සහ ෂිඒ ෂිඒ වසර දහයකටත් වැඩි කාලයක් තිස්සේ එකිනාව දැන සිටියෝය.


ෂිඒ ෂිඒ ඔහුට වඩා වසර පහකින් වැඩිමහල්‍ ය.මෙය හූචෞ විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයේ තිර රචනය හා අධ්‍යක්ෂණය ඉගැන්වීමේ කථිකාචාර්‍යවරියක් ලෙස ඇගේ පළමු වසර විය.හේ යූ ගේ ඇගේ පන්තියේ ශිෂ්‍යයෙකි.


ෂිඒ ෂිඒ,තිර රචනය හා අධ්‍යක්ෂණය යටතේ නවක සිසුන්ගේ නම් ලයිස්තුව පිරික්සා වී චැට් හරහා හේ යූ හට හදිසි පණිවිඩයක් තැබුවාය. 


"ෂෙහ්.මොන තරම් අහම්බයක් ද?මම උගන්නන පන්ති දෙකෙන් එක පන්තියක කොල්ලෙක්ට ඔයාගේ නමම තියෙයි".


ඒ වන විට හේ යූ ජනේලය අසළ අසුනේ වාඩි වී ගුවන් තොටුපළේ පාර දෙපස දැල්වෙන පහන් එළිය දෙස එක් කම්මුලක් අතකින් ඔසවා ගනිමින් බලා සිටියේය.ඔහුගේ ජංගම දුරකථනය නාද වන විට ඔහුට හුරුපුරුදු පැතිකඩ  ඡායාරූපය දුරකථන තිරයේ දිස් වුනි.වසර දහයක් තිස්සේ ඔහු ආදරය කළ තරුණියගේ දුරකථන පණිවිඩය ඔහු විවෘත කර පිළිතුරු යැවීමට සූදනම් වූ විගසම,තම උපාංග ගුවන්යානා මාදිලියට හරවන ලෙස නිවේදනයක් ඉන්ටර්කොම් හරහා නිකුත් වුණි.

(Airplane mode එක ගැන කියන්නේ.හරි වචනේ නම් ඕකද දන්නෑ..දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න.)


හේ යූ හිස වනමින් මිනිත්තුවක් කල්පනා කරන්නට වුනි.අවසානයේ ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කර දැමුවාය.ෂිඒ ෂිඒගේ පණිවිඩයට ඔහුගෙන් පිළිතුරක් නොවුනි.


මේ ලෝකේ ඇත්තටම ඒ තරම්ම අහඹු සිදූවීම් තිබුණාද?


මෝඩයෙක්.


ඇත්තටම ඔහු මේ සඳහා බොහෝ සටන් වැදුණි.


මෙය සම්පූර්ණයෙන්ම හේ යූ ලියූ කතාව මෙන් නොවීය.මේ තරුණයා දුප්පත් නොවූවා මෙන්ම අවලස්සන කෙනෙකුද නොවීය.ඔහු රිදී හැන්දක් කටේ තබාගෙන උපන්,ධනපති ඖෂධ ව්‍යාපාරිකයෙකුගේ කඩවසම් පුත්‍රයෙකි.ඔහු විදේශ උසස් පාසලක අධ්‍යාපනය හදාරා තිබුණි.

නමුත් ෂිඒ ෂිඒ විශ්ව විද්‍යාල උපාධිය අවසන් කර ඉගැන්වීම් බලපත්‍රයක් ලබා ගෙන හුචෞ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරියක් ලෙස කටයුතු කරන බව දැනගත් පසු ඔහු ලලිත කලා පීඨයට අයදුම් කිරීම ගැන උවමනාවෙන් සිතා බැලුවේය.


මාස කිහිපයකට පසු ලලිත කලා පීඨයේ අධ්‍යන වාරය ආරම්භ විය.


කෙසේ වෙතත් අලුතෙන් පත්වීම භාරගත් ෂිඒ ෂිඒ බොහෝ සෙයින් තරුණ වුවාය.රැකියා ස්ථානයේ තිබූ නොහොබිනා කම් ගැන ඇයට අවබෝධයක් නොවුනි.


එක දෙක සහ තුන පන්ති සඳහා තිර රචනය හා අධ්‍යක්ෂණය භාරව සිටි පාසල් උපදේෂිකා ජියං ලීපිං අතිශය නින්දාසහගත විකාරයක් විය.ඇයට අධ්‍යාපන සුදුසුකම් හෝ පුහුණුවක් නොවීය. අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ යහන්ගත් වීමෙන් ඇය මේ තත්වය උපයාගෙන තිබුණි.ඇය පිටත ඔපයෙන් ලස්සන විය. ඇයට අවැසි දේ ලබා ගැනීමට යහන්ගත් වීම ගැන ඇයට අවුන්සයක් තරම්වත් අවනම්බුවක් දැනුනේ නැත.ඇය සෑම දිනකම සම්පූර්ණ දිවා කාලයම කාර්‍යය මණ්ඩල සාමජිකයන් සමඟ අශෝභන ලෙස ආලවන්ත හැඟීම් පෑමට වියදම් කළ අතර විනීත පෙනුමක් ඇති ඕනෑම ශිෂ්‍යාවක් හෝ ගුරුවරියක් සමඟ සතුරු වූවාය.


ෂිඒ ෂිඒ ඇගේ ලැප් ටොප් පරිඝණකය අතැතිව පන්ති කාමරයට දිව ගිය විට,රතු පැහැති පොළොව තෙක්ම දිග ඇඳුමකින් සැරසී දේෂකය උඩ වකුටු වී තම සිසුන් සමඟ වැදගත් කරුණු සාකච්ඡා කරන ජියං ලීපිං ඇය දුටුවාය.


"මට සමාවෙන්න ජියං ලාඕෂී,පළමු පන්තිය පටන් ගන්නවා".ෂිඒ ෂිඒ උත්සාහ කළේ ඇයට මතක් කිරීමටයි.


නමුත් ඇය අත වනන්නට විය."විනාඩියක් ඉන්න,උදේ කාලච්ඡේදය හරිම කෙටියි.මට තව කතා කරන්න කරුණු දෙකක් තියෙයි".


අවසානයේ ජියං ලීපිං අවසාන කරුණු දෙක විස්තර කිරීමට විනාඩි පහළොවක් දාසයක් පමණ වැය කළාය."හොඳයි.මට ආවරණය කරන්න තියෙන්නේ එපමණයි. මම තවදුරටත් ඔබේ පන්තියට බාධා නොකරමි.අහ්.මට සමාවෙන්න.මට අලුත් ගුරුතුමියගේ වාසගම මතක නැහැ.අවධානයෙන් ඉන්න.කලබල වෙන්න එපා".


ජියං ලීපිං උඩඟු ලෙස ඇගේ අඟල් හයක් පමණ උස වූ පාවහන් පොළව මත තට්ටු කරමින් ඇවිද ගියේය. ඇගේ උසස් තත්වයේ හොං කොං විලාසිතාවේ ඇඳුම රතු රැළි මෙන් ළෙලඳුනි.ෂියේ ෂියේ ලැප් ටොප් පරිඝණකයද අතේ රඳවාගෙන දේෂකය වෙත පියමැන්නේ කලකිරීමෙනි.


ඇය බොහෝ සෙයින් අවුල්සහගත විය.


සමහරවිට ජියං ලිපිං කිසිවක් නොකීවා නම් සියල්ල හොඳින් සිදු වන්නට තිබුණි.නමුත් දැන් ජියං ලිපිං එය කීව නිසා ඇය සැබවින්ම කලබලයට පත් වූවාය.


නම ගිය පාසල් වල බොහෝ සිසුන් විශේෂයෙන් දක්ෂ වූ අතර ජයග්‍රහණය කිරීම බොහෝ සෙයින් අපහසු විය.ඔවුන් පැරණි ගුරුවරු තරම් තරුණ ගුරුවරුන් විශ්වාස නොකළ අතර ජියං ලිපිං පිටත්ව යාමට පෙර ෂිඒ ෂිඒ හට දරුණු පහරක් එල්ල කළේ ඇයිදැයි වටහා ගැනීම අපහසු නැත.


මේ විශාල කණ්ඩායම වහාම වටහා ගත්තේ ඔවුන්ගේ ගුරුවරිය ආධුනික ගුරුවරියෙකු බවත්, අවම වශයෙන් ඇගේ නම් උපදේශකයාවත් නොදන්නා බවත්‍ ය.


මොනතරම් අවනම්බුවක් ද?ෂිඒ ෂිඒ කෙතරම් අභිප්‍රායනයකින් ඇවිළී සිටියත්,එතරම් විශාල පන්තිකාමරයකින් එන නිගා සහගත අදහස් ඇයට වළක්වාලීමට නොහැකි විය.නව පීඨ සභික ෂිඒ ලාඕෂීගේ දැඩි විශ්වාසය ගොතගැසීමක් දක්වා යාමට ගතවූයේ මිනිත්තු දහයක් පමණි.ඇයට කරැකැවිල්ලක් සමඟ ක්ලාන්ත ගතියක් දැනුන නිසා පන්ති කාමරයේ අවසාන පේළියේ වාඩි වී තම අසුනට හේත්තු වී අලස ලෙස පෑන කරකවමින් ඇය දෙස බලා සිටින සිසුවා ඇගේ දෑසට හසු නොවූවාය.


"හැමෝටම ආයුබෝවන්.ඔයාලට තිර රචනය සහ අධ්‍යක්ෂණය උගන්වන ගුරුවරිය මම.මගේ වාසගම ෂිඒ.මම,මම ෂිඒ ෂිඒ".


සිසුන් එය ගණනට ගත් බවක් පෙනෙන්නට නොවීය.


"ලාඕෂී .. ඔයාගේ වයස කීයද?".


"ජීජී, ඇයි ඔයා අපිටත් එක්කම කිරිතේ ඇනවුම් නොකරන්නේ".


"ලාඕෂී, ඔයා මට වඩා තරුණයි වගේ.."


තත්වය පාලනයෙන් මිදී යන ආකාරය බලා සිටි ෂිඒ ෂිඒ හට අසරණ බවක් දැනුනි.කඩදාසි කොටියෙකු මෙන් රෞද්‍ර බවක් මවාපෑම හැර ඇයට වෙනත් විකල්පයක් නොවුනි."නිශ්ෂබ්ද වෙන්න.මට ඔයාලා එක්ක පැටලෙන්න ඕන නැහැ. විශ්වවිද්‍යාල කාලය තුළ ඔයාලගේ වටින තරුණ කාලය නාස්ති කරගන්න එපා.වෙහෙස මහන්සී වී ඉගෙන ගෙන දැනුම ලබා ගත යුතුයි.වඩාත් ප්‍රායෝගිකව ගත්තොත් මම කිසි බුරුලක් දෙන කෙනෙක් නෙවෙයි. මගේ අසමත් වන ශිෂ්‍යන් ප්‍රතිශතය මගේ යහළුවන්ටත් වඩා වැඩී.ඒ නිසා, ඔයාලා බොහොම ප්‍රවේසම් උනොත් හොඳයි.මම කියන දේ අවතක්සේරු කරන්න එපා".


හේ යූ හට සිනා නොවී සිටීමට නොහැකි විය. ඔහුගේ සිනහව මුව කෙළවරට වැටී නොසැලකිලිමත් ලෙස ඉහළට එසවුනි.


ඇය නිකම්ම නිකම් මෝඩයෙක් ලෙස පෙනුනි.


සත්වෝද්‍යානයක සිටින සත්වයෙක් දෙස බලන්නාක් මෙන් පන්ති කාමරයේ සිසුන් සියල්ලම ඇය දෙස බලා සිටියහ.එක් ශිෂ්‍යයෙක් නැඟී සිට සුසුමක් හෙළමින් තම බෑගය අතට ගත්තේය.ඔහු පිටව යාමට තීරණය කර තිබුණි.


"ඒයි.ඔයා…"


"ලාඕෂී, ඔයා මට බැන්නත් කමක් නැහැ.මට මගේ පෙම්වතිය එක්ක දිනයක් තියෙනවා.මම දැන් යන්නම්".


"ආකර්ෂණීයයි.එතකොට හූචෞ විශ්වවිද්‍යාලයට සීමාවාසික ගුරුවරුන් 

බඳවා ගන්නෙ අපි ආවේ නැත්තම් අපිව අසමත් කරන්නද?අපි මේකට ආවේ ගොඩක් මහන්සි වෙලා, අපි මෙහෙ ඉන්නේ ගුරුවරුන්ට අත් හදා බලන්න විද්‍යාගාර මීයන් වෙන්න නෙමෙයිනේ නේද?, දොරෙන් එහා පැත්තේ මහාචාර්‍ය ෂෙන් උගන්වද්දි ඔයා කොහොමද මෙහාපැත්තේ ඉඳන් අපිට උගන්වන්නේ?,මම පස්සේ පීඨාධිපතිට පැමිණිලි ලිපියක් ලියන්නම්.නොකීවට සමාවෙන්න".


ෂිඒ ෂිඒ පත්ව සිටියේ දරුණු අකරතැබ්බයකටය.


ඇය සාමකාමී ලෙස කුඩා ටැබ්ලටයක් භාවිතා කරමින් සිසුන්ගේ නම් සහ කරුණු ගොනු කරගත්තද,සිදුවූ සිදුවීම් මාලාව නිසා ෂිඒ සිඒ හට දැඩි අවපීඩනයක් දැණුනි.ඇය ඉතා පරිස්සමෙන් සකස් කළ පාඩමෙන් අඩක් අමතක වී සියල්ල අවුල් ජාලයක් බවට පත්ව තිබුනේය.ඉතා සිත්ගන්නාසුළු අන්තර්ක්‍රියාකාරකමක් වේයැයි ඇය අපේක්ෂා කළ දේත් අවසානය ළඟා වන විටත් සිදුවී තිබුණේ ඇය නිශ්ඵල ලෙස කෑ ගැසීම පමණකි.නමුත් ඇත්තවශයෙන්ම වේදිකාවට පැමිණීමට කිසිවෙකුත් කැමති නොවීය.


"ලාඕෂී,මම ඒක කරන්නම්".


ඇගේ දෑස් හරහා කඳුලු ගලා ඒමට සැරසෙද්දී, ඇය පලා යාමට ඔන්න මෙන්න තිබියදී පන්ති කාමරයේ අවසාන පේළියෙන් ඇයට ශිෂ්‍යයෙකුගේ කටහඬක් ශ්‍රවනය විය.


ෂිඒ ෂිඒ කෙතරම් අවාසනාවන්ත ලෙස පීඩාවට පත්ව සිටියේද යත්,එම ප්‍රියමනාප  කටහඬ කෙතරම් කුළුපගදැයිවත් ඇයට හඳුනා ගැනීමට නොහැකි විය.ඇය කඩිනමින් එම පියකරු කටහඬේ උල්පත සෙව්වේ කෘතවේදී කඳුලු පිරි දෙනෙතින් තම ගැළවුම්කරුවා සොයමිනි.


එවිට,වසර තුනක් තිස්සේ ඇයට මුණනොගැසුනු සුපුරුදු මුහුණ දෙස පුදුමය පිරි දෙනෙතින් ඇය බලා සිටියේ ඇගේ ප්‍රතිරූපය ගැන හෝ නොතකමිනි."හේ..හේ යූ.."


යෞවනයා මේසය ඉදිරිපිට වාඩිවී සිටියේය.ඔහුගේ දෑස් තුල ප්‍රාභාවමත් පැහැදිලි බවක් ගැබ්ව තිබිණි. ඔහුගේ මුව කෙළවර තරම්ක් ඉහළට වක් වූ අතර ඔහුගේ තොල් කැපී පෙනෙන ලෙස සිහින් විය.ඔහු දරුණු නමුත් දඟකාරයෙක් විය.

මෙය සැබවින්ම ඉන්ෆර්නල් අෆෙයාර්ස් හි (infernal affairs 2002)තම ගොඳුර සොයාගනිමින් තම අභිලාෂය තෘප්තිමත් කරගත් තරුණයෙකු මෙන් ලියු ජියංමිං බීමත් මේරි දෙස ස්ථිර බැල්මකින් බලා සිටින අකාරය මෙන් විය.


ඔහු තම ඇහි බැමි වකුටු කළේය."සෑහෙන කාලෙකින් දකින්න නැහැ, ෂිඒ ලාඕෂී".


___දිගු කතාබහක්___


_____________________________


නේවාසිකාගාරයට ඇතුළු වූ ලාඕෂී හට තවත් දරාගැනීමට නොහැකි විය. ඇය සියල්ලක්ම දියවී යන විලසින් හඬා වැටුණි. හේ යූ ඇයට බොහෝ සෙයින් කැමති වුවත් ඇයව සැනසීමට උපායක් ඔහු සතුව නොවීය.

"එහෙනම්, ඔයා අඬන්න. මම එතකම් ඔයාගේ පාඩම් වැඩ ටික ලියන්නම්, ඔයාට සනීපයක් දැනුනු වෙලාවක අපි එකට රෑ කෑම ගමු".


"හේ යූ, මිනිස්සුන්ව සතුටු කරන්නේ කොහොමද කියලා ඔයා දන්නවද?".


"ඔයාට ඕනි ඔයා පවරපු පැවරුම් මම ඉවර කරනවා දකින්නද?".


"යන්න".


හේ යූ කතාබහ නිම කර එළියට එන විටත් ඇය නින්ද යනතෙක්ම හඬා වැටී තිබිණි.


ඔහු ඇයට කතා කරත් ඇය අවදි නොවීය. හේ යූ ස්භාවයෙන්ම ඉක්මන් නොවීය.


ෂිඒ ෂිඒ කෑමට මුල් තැන දුන් අතර දෙවෙනියට වැඩියෙන්ම ප්‍රිය කළේ නිදා ගැනීමටය. ඇය වෙනුවෙන් කවුරුන් හෝ කෑම පිසී නම් ඇඳ වෙත බඩගෑම ඇගේ පුරුද්දකි. ඇය දැන් විශ්වවිද්‍යාල කථිකාචාර්‍යවරියක් වුවත් තවමත් ඒ ගතිගුණ නොවෙනස්ව පැවතුණි.


"මේ මොනවද?".


"බිත්තර සහ හැම් සමඟ බැඳපු බත් ගුලි". සෝචනීය අයුරින් ඔහුගේ දෑතේ දිස් වුනු තලපය දෙස බැලූ ඔහු තරමක් ලැජ්ජාවට පත් විය.

ඔහු ඇගේ ලාඕෂී හට උස් හඬින් කෑ ගැසුවේය."ඔයාට පෙන්නේ නැද්ද?ඒ යං චෞ බත්".


"ඔයා මේවට යං චෞ බත් කියලා කියනවද?".


"හරි එහෙනම් කන්න එපා. මම මොනවා හරි ඇණවුම් කරන්නම්".හේ යූ හැඟීම් විරහිත මුහුණකින් ඔහුගේ දුරකථනය ඇඳ ගත්තේය. ඔහු බැලුවේ ඉහළම ප්‍රමිතියේ අවන්හල් දෙසයි. ඔහු බෙදාහැරීම් ලිපිනය පුරවන විට, නේවාසිකාරයේ ඉදිරි දොරෙහි සීනුව නාද වෙන්නට විය.


හේ යූ ඔහුගේ ආමන්ඩ් ඇස් දක්වමින් හිස ඔසවා බැලීය.

"ඒ මොකක්ද? ඔයාගේ යාලුවෙක්වත් ඔයාව හම්බෙන්න ඇවිත්ද?".


"වෙන්න බෑ. අඩුම තරමේ මම ඔවුන්ව අඳුනගෙනවත් නැහැ". ෂිඒ ෂිඒ ඇගේ චොප්ස්ටික් මේසය මත තබා ඔරලෝසුව දෙස බැලුවාය.

"මේ වෙලාවේ කවුද?".

ඇය පාවහන් අද්දමින් ඉදිරි දොර වෙත ඇඳුනාය..


"ග'ග,"

දොර දෙසින් ඇසුනේ ෂිඒ ෂිඒගේ වික්ෂිප්ත කටහඬයි.

"ඔයා මොකද මෙහෙ? ඔයා අද අතිකාල වැඩ කරන්නේ නැද්ද?".


"..."


ෂිඒ ෂිඒ ගේ වදන් අකුණු සැරක් වැඳුනාක් මෙන් හේ යූ ගේ තරමක් කම්මැලි නොසැලකිලිමත් මනෝභවය ක්ෂණිකව බිඳ දැමුවාය. නොගැනිය හැකි තරම් අඳුරු මතක ඔහුගේ ස්නායු සංධීන් හරහා ඇවීළී යන්නට විය.


නමුත් එය බොහෝ සෙයින් ප්‍රමාද විය. ෂිඒ ෂිඒ ඔහුගේ වැඩිමහල් සහෝදරයා දැනටමත් කාමරයට ඇඳ ගෙන තිබුණි.


"ග'ග,මට ඔයාට කලින් කියන්න බැරි වුනා. හේ යූ ආයෙත් පිටරට ඉඳන් ඇවිත්, ඇත්තටම එයා දැන් මගේ යටතේ ශිෂ්‍යයෙක්. එයා ඇතුලේ ඉන්නවා, ඔය දෙන්නා ගොඩක් කාලෙකින් මුණගැහිලත් නැහැ නේද,_ඒයි,හේ යූ, ඔයා පිඟානත් අරන් කොහෙද යන්නේ?".

ෂිඒ ෂිඒ ඔහුගේ නම අමතමින් ඔහුව නැවැත්තුවාය.

"ඔයා ඔය පිඟානත් අරගෙන කොහෙද යන්නේ?"


"..."


ගණන් ගන්න එපා.


ඔහු ආපසු පැමිණ ඇති බැවින්,කොයි මොහොතේ හෝ ඔහුට මුහුණ දීමට සිදුවේවි.


හේ යූ ඔවුන්ට පිටුපාමින් ඔහුගේ මුහුණේ දිස්වුණු නිර්ව්‍යාජ හැඟීම් සඟවාගත්තේය. ඔහු නැවතත් හැරුණේ පිරිසිදු සියුම් සිනහවක් ඔහුගේ මුවඟට ආරූඪ කරගනිමිනි.


ඔහුට වඩා අවුරුදු දහතුනක් වැඩිමහල් වූ ෂිඒ පවුලේ වැඩිමහල් සහෝදරයාට ඔහු මුහුණදෙන විට, ඔහුගේ පැමිණීම ගැන හේ යූ කණගාටු වූ බවක් ඔහුගේ මුහුණේ එක් කොණකවත් නොවීය.


ෂිඒ ෂිඒ හා තරමක් සමාන, ෂිඒ පවුලේ ප්‍රධාන මිනිසා දෙස ඔහු මද වේලාවක් බලා සිටියේය.


හේ යූ තමන්ගේ අත බෙල්ල වටා යවමින් බෙල්ල පිරිමදින්නට විය.හේ යූගේ බැල්ම මිනිසාගේ ලක්ෂණ මත මොහොතකට නතර වී තිබුණි.

"ගොඩ කාලෙකින්,ඩොක්ටර් ෂිඒ".


ඔහු ඔහුව තක්සේරු කරගත්තේය.මේ මනුස්සයා තවමත් පෙර පරිදිමය.ඔහුගේ මුහුණේ හැඟීම් රළු හා උදාසීන වූ අතර ඔහුගේ මුහුණේ ලක්ෂණ තියුණු හා තද විය. ඔහුගේ දෑස් බොහෝ සෙයින් සුන්දර වූ අතර ෂිඒ ෂිඒගේ දෑස් වලට සෑම අතින්ම සමාන පීච් මල් වැනි දෑස් යුගලයක් ඔහුටද උරුම වී තිබුණි. වෙනත් කෙනෙකුට මෙවැනි ඇස් හිමිවූවා නම් එය ඉතා අකාර්ෂණීය වනු ඇත. නමුත් ඔහු අසාමාන්‍ය වූ අතර ඔහූගේ පීච් මල් දෑස් තුළින් දිස් වූයේ ඔහුගේ තීව්‍ර පෞර්ෂ ලක්ෂණය. ලීග දහසක් දිග පීච් මල් තටාකයක් ඔහුට අඳුරු අයිස් බවට පත් කළ හැකිය. සහෝදරයන් දෙදෙනාටම සර්වසම දෑස් හිමිවී තිබුණත්, ෂිඒ ෂිඒ වඩාත් ආදරණීය ලෙස දිස් වූ අතර ඔහු කිසිසේත්ම ආකර්ෂණීය නොවීය. ඔහුගේ දෑස් අයිස් මෙන් සීතල වූ අතර ඔහුගේ සිරුරේ දෘඩ බවක් අරක්ගෙන තිබුණි.


ඔහු ඉතා කුරිරු එකාධිපති පාලකයෙකු හා සමාන විය. කළු ලොම් කබායක් සමඟ මිලිටරි ශූරයන් පළදින රිදී දම්වැල් යුගලයක් ඔහුට ලබා දුන්නේ නම් ඔහුගේ පෙනුම වඩාත් උචිත ලෙස පෙනෙනු ඇත.


අවසානයේ හේ යූ උණුසුම් සිනහවකින් සංඟ්‍රහ කළත් ඔහුගේ දෑස් තුළ කිසිඳු ප්‍රීතියක් ගැබ්ව නොතිබුණි.


"ඔයා ඉස්සර වගේමයි.තවමත් තරුණයෙක් වගේ".



Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-