තායි හූ හි ෂ්‍යාඕ ජින්, ක්යූ ෂාන් හි කඩුකරුවා ලෙසද හඳුන්වනු ලබන අතර, හේ වරෙක කීර්තිමත් චරිතයක් විය.
ඔවුන් තායි හු වෙත යාමට පෙර, චෝ සිෂු ඔහුගේ පෙනුමට පෙර නමක් ඇති මෙම නොපැහැදිලි වීරයා හමුවීමට බලා සිටියේය. දුආන් ජියැන් කඳුකර මැඳුරේ අධිපති මූ යුන්ගේ සමග හුආ ශාන් නිකායේ කුලදෙටුවන්ගේ එකම පුත්‍රයා වන යූ ටියැන්ජී සහ 'ඒකාක්ෂි' ජියැන් චේ උතුමාණන් ද එම ස්ථානයේම සිටින බවට ආරංචිය ඔහුට දැන ගන්නට ලැබුණු විට ඒ අපේක්ෂාව වැඩි විය. .
චෝ සිෂු ඔහුගේ අතේ පිටුපස මෙන් ඔවුන්ගේ තත්ත්වය සහ පසුබිම දැන සිටියේය. වරද වළක්වා ගැනීම සඳහා, ගගනත ආලෝකය තුළ පසුගිය වසර පනහ තුළ ජියැන්ග් හු හි සෑම සිදුවීමක් සහ චරිතයක් උදෙසා වෙනම ලේඛනාගාරයක් තිබුණි.
නිදසුනක් වශයෙන්, චෝ සිෂු වීරෝදාර ක්යුෂාන් අසිපත් කරුවකු වූ ෂ්‍යාඕ ජින්ග් වරක් ඔහුව තම පවුලෙන් පිටුවහල් කළ නිසා දුක් විඳීමෙන් ඔහුගේ දවස් ගත කළ බව දැන සිටියේය. මුදලට, ඔහු අපරාධ කර ඇත්තේ "වශීකරණ ගීය" (Qin Song) මඟින් කළ දේ මෙන්
නොවුණි.
ධනය ගොඩනගා ගැනීම සඳහා ඥාති සංග්‍රහය භාවිතා කරමින් තායි හූ හි අධිපති ෆෙන්ග් පවුලේ එකම දියණිය විවාහ කර ගනිමින් ඔහු තම සැබෑ නම ෂ්‍යාඕ ජින්ග් ලෙස නැවත භාවිතා කිරීමට පටන් ගත්තේ වයස අවුරුදු විසි හතේදී පමණය. ඔහු තම අතීතය ගැන දන්නා අයව රහසිගතව මරා දැමූ අතර විවාහයෙන් පසු ෂාඕ පවුලට නැවත පිළිගනු ලැබීය.
තවත් උදාහරණයක් වනුයේ සුප්‍රසිද්ධ තරුණ ශ්රීමතෙකු වූ යූ ටියැන්ජි ය. ඔහු වරක් ඒ මෙයි නිකායේ තරුණියක් සමඟ හාද වීමට උත්සාහ කළ නමුත් පසුව ඇයව පාවා දුන් බව කියනු ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස දැරිය ඔවුන්ගේ මාස තුනක නූපන් දරුවා සමඟ සියදිවි නසා ගැනුණි. සත්‍ය වශයෙන්ම සිය කාලකණ්ණි පෙම්වතාගේ නම කිසිදා හෙළි නොකිරීමට තරම් ඇය ගෞරවනීය වූවාය.
චෝ සිෂු ඔවුන් ගැන දැඩි උනන්දුවක් දැක්වූයේ ඔවුන් සියලු දෙනාම කුමන ආකාරයේ පුද්ගලයන්දැයි ඔහු හොඳින්ම දැන සිටි බැවිනි. ඊට අමතරව, ඔහු ෂැන් චෙන්ග්ලින් ගේ ආයාචනාවලට දුර්වල වූ අතර, ඔහු තවත් එක් රාත්‍රියක් ෂ්‍යාඕ මැදුරේ හි රැඳී සිටීමට එකඟ විය.
ඔහුගේ අතීතය නනොතැකූ නිසා ෂ්‍යාඕ ජින්ග් පිළිබඳව ඔහු තුළ විචිත්‍රවත් ප්රබෝධයක් තිබුණි.
නිසි ලෙස ඇවිදීමට හෝ නොහැකි රස්තියාදුකාර චෝ සිෂු දෙස ඔහු පහත් කොට බැලුවේ නැත. නමුත් ඔහු ද අත්දැකීම් ඇති අයෙක් වූ අතර, ගමනේදී ඔහුට මුහුණ දීමට සිදු වූ අන්තරායන් පිළිබඳ ෂැන් චෙන්ග්ලින් ගේ කතා නිසාවෙන්ම, මෙම යාචකයකුගේ පෙනුමැති මිනිසාගේ පසුබිම ගැන ඔහුට සැක පහළ විය.
එදින, දෙදෙනාට පදිංචි වීමට උදව් කිරීමෙන්, නිසි ලෙස ස්නානය කර ආහාර ගැනීමෙන් පසු, ෂ්‍යාඕ ජින්ග් පසුගිය දිනවල සිදු වූ දේ පැවසීමට ෂැන්ග් චෙන්ග් ලින් හට අධ්‍යයන කුටියට කතා කළේය.
ෂැන්ග් චෙන්ග් ලින් තවමත් කුඩා දරුවෙකු විය. පවුල ලෙස හැඳින්විය හැකි කෙනෙකු සොයා ගැනීමම ඔහුට ප්‍රමාණවත් විය. ඒ නිසා ඔහු වැඩිමහල්ලා වෙතට තමාට තවමත් තේරුම් ගැනීමට නොහැකි වූ දේවල් පවා කීවේය. ෂ්‍යාඕ ජින්ග් භීතියෙන් ඔහුට සවන් දුන්නේය. මෙනෙහි කිරීමෙන් පසු ඔහුට මෙය නොවිමසා සිටීමට නොහැකි විය.
"මේ… චෝ ස්වාමි තුමා, ඔහු ඇත්තටම කවුදැයි ඔබ දන්නවාද?”
ෂැන්ග් චෙන්ග් ලින් ඔහුට පැකිලීමකින් තොරවම අත්හැර දැමූ සිද්ධස්ථානයේ සිදු වූ දේ කීවේය.
ෂ්‍යාඕ ජින්ග් ඔහුගේ ඇස් කුඩා කරකරමින් ම සිය රැවුලට පහර දුනි. ඔහු කුටියට යැවීමට පෙර කුඩාවාව කෙටියෙන් සනසා ගත්තේය.
එකට ගමන් කළ දින දහයේ සිට චෝ සිෂු මෙම ෂැන්ග් චෙන්ග් ලින් නම් දරුවා හඳුනාගෙන තිබුණි. කුඩා කල සිටම සුරතල් ලෙස ඇති දැඩි වීම නිසා බොහෝ දේ මඳ වුවද, ඔහු හොඳ හදවතක් ඇති, දුෂ්කරතා හමුවේ එයට මුහුණ දෙන විට කිසි විටෙකත් මැසිවිලි නඟන්නේ නැති, සරල මනසකින් යුත් යහපත් දරුවෙක් විය.
ෂ්‍යාඕ ජින්ග් ට ඔහු සමඟ කතා කිරීමට අවශ්‍ය වූ බැවින්, ෂැන් චෙන්ග් ලින් රවටා තේරුමක් නොමැති ලෙස තමා පිළිබඳ තොරතුරු හෙළි දරව් කරගැනීම මේ කපටි මහලු සිවලා සමත් විය යුතු බව චෝ සිෂු තරයේම විශ්වාස කළේය.
ඔහු සිය සිත අභ්‍යන්තරයෙන් සිනාසුණේය. හේ චෝ සු ද චෝ සිෂු ද යන්න ගැටළුවක් නොවීය. එය කෙසේ වෙතත් නම් දෙකම අභිරහසකින් වැසී යනු ඇත. විශාල දැනුමක් සහ ප්‍රමාණවත් සම්පත් ඇති අයෙකු වුවද, සංවිධානය පිළිබඳ සාමාන්‍ය තොරතුරු හැර ගගනත ආලෝකය ගැන වැඩි යමක් දන්නේ නැත. එම තොරතුරු එහි නායකයා සතු ඒවාට වඩා අඩුය.
යමෙක් "චෝ තරුණ ස්වාමි" පිළිබඳ විමර්ශනය කළත්, ඔවුන් ලැබෙන තොරතුරු මත ගොඩ නගා ගනු ඇත්තේ, අනුග්‍රහය ලැබීමට තරම් වටින නමුත් දෙවරක් බැලීමට තරම් වැදගත් නොවන, අභ්‍යන්තර උසාවියේ රාජකීය ආරක්ෂකයින් කළමනාකරණය කිරීමේ වගකීම දරන්නා වූ නාමික ජෙනරාල්වරයෙකු ගේ ස්වරූපය පමණි.
නිසැකවම, පසුදින හිමිදිරි උදෑසන සිට, තායි හූ මන්දිරයේ හි පදිංචිකරුවන් අතර නවතම උණුසුම් මාතෘකාව බවට චෝ සිෂු පත් විය. නොනවතින අමුත්තන්ගේ ප්රවාහයට ස්තූතිවන්ත වෙමින් ඔහුට අමුත්තන්ගේ කාමරයෙන් පිටවීමට නොහැකි විය.
ඔහුට ආචාර කිරීම සහ ඔවුන් එකින් එක බැලීම හැර වෙනත් විකල්පයක් ද නොතිබුණි.
"අහ්, ෂ්‍යාඕ තුමනි! අවසානයේ හෝ ඔබව හමුවීමට ලැබීම ඇත්තෙන්ම ගෞරවයක්, දැකීම ම ඇත්තෙන්ම විශ්වාසනීයයි, ඔබේ පෙනුම එතරම් සමෘද්ධිමත් ප්රබෝධයක් ගෙන ආවා"
. "ඔබ අසන්නේ මේ පහත් පුද්ගලයාට ඉගැන්වූයේ කවුරුන් කියාද? ඔහ්, අපි කිසිවකු නොවේ, එය කිසිසේත් සඳහන් කිරීමට වටින්නේ නැහැ"
"අහ්, චියැන් තුමනි!, අවසානයේ ඔබව හමුවීමට ලැබීම ඇත්තෙන්ම ගෞරවයක්, දැකීම ම ඇත්තෙන්ම විශ්වාසනීයයි, ඔබේ පෙනුම එතරම් සමෘද්ධිමත් ප්රබෝධයක් ගෙන ආවා!"
"මම කොහෙන්ද? මම පහත් යාචකයෙක් පමණයි!, එය සඳහන් කිරීම හෝ වටින්නේ නැහැ!"
"නොවේ නොවේ, මම යාචක පැලැන්තියේ නොවේ, මම ඔවුන් හා සම්බන්ධ වීමට සුදුසු වන්නේ කෙසේද? සැබැවින්ම මම කවුරුත් නැති කෙනෙක්…"
"ආහ්, සන්ග් තුමනි!, අවසානයේ ඔබව හමුවීමට ලැබීම ඇත්තෙන්ම ගෞරවයක්, දැකීම ම ඇත්තෙන්ම විශ්වාසනීයයි, ඔබේ පෙනුම එතරම් සමෘද්ධිමත් ප්රබෝධයක් ගෙන ආවා!"
".. මම කිසිවකු නොවේ, එය ඔබ කිසිදා අසා නැති සාමාන්‍ය දෙයක්ද නොවේ"
"අහ්, ලී තුමනි! අවසාන වශයෙන් ඔබව හමුවීමට ලැබීම ඇත්තෙන්ම ගෞරවයක්, දැකීම ම ඇත්තෙන්ම විශ්වාසනීයයි, ඔබේ පෙනුම මෙතරම් සමෘද්ධිමත් ප්රබෝධයක් ගෙන ආවා …"
"නොවේ නොවේ! අනෙක් සර් ලී එතරම් හොඳින් සිටින බව මම කිසි විටෙකත් දැන සිටියේ නහැ!, අපට තිබුණේ පහසු උපකාරයක් පමණයි!"
"දුෂ්කර කාලය.
කුමන නිකායද? මම කිසිවකුගෙන්, කිසිවකුගෙන් නොව, සඳහන් කිරීමට වටින්නේ නැහැ!, කිසිසේත් සඳහන් කිරීමට වටින්නේ නැහැ!"
රාත්‍රිය ළං වන විට චෝ සිෂු සිනහවෙන් සිටිම හා මෙවැනි ගැටලු නිසාම මුළු මුහුණම දැඩි විමට ලක්ව සිටියේය. එයට ස්වභාවික තත්ත්වයට පැමිණීමට බොහෝ සම්බාහනයන් කිරීමට සිදු විය. තවත් එක් දිනක් හෝ දුක් විඳීමට සිදුවුවහොත් තමාට සම්පූර්ණ අංශභාගය වැළඳෙන දිනය වැඩි ඈතක නොවන බව ඔහු තම ආත්මය තුළ ගැඹුරින්ම දැන සිටි නිසාවෙන්ම චෝ සිෂු වහාම පිටත්ව යාමට සැලසුම් කළේය.
අන් අයගේ ව්‍යාපාර පිළිබඳ විමසීම්වල ඇති අවධානය සැලකිල්ලට ගත් විට, මෙම ජියැන්ගු වීරයන් පිළිබඳව වෙළඳපොල වල නොසන්සුන් ලෙස ඕපාදූප කියන්නන්ට තරම් සුදුසු දෙයක් නම් නැත. සැබැවින්ම ඔවුන්ට අවශ්‍ය වූයේ අනුන්ගේ නිවසට තම හිස තබාගෙන උකුසු ඇසින් ඕනෑම දෙයක් හා සෑම දෙයක්ම පරිලෝකනය කිරීමටත්, සමට යටින් මෙය මිනිසෙකු හෝ අවතාරයක් දැයි තීරණය කිරීමටත් ය.
යමෙක් ඔවුන් අට මහා නිකායෙන් එකක සහ මෙම බ්ලා බ්ලා බ්ලා පුද්ගලයාගේ ගෝලයෙකු යැයි කීවොත්, අනෙකාට පිළිතුරු දිය හැකිය.
"අහෝ, අවසානයේ ඔබව හමුවීමට ලැබීම ගෞරවයක්, මගේ ශිෆු, ඔබේ ශාස්තෘන් වහන්සේ එකිනෙකා දැන සිටි බව"
මෙසේ විමසන කල්හි එය එසේ නොවුවහොත්, ඔවුන් පිටස්තරයෙකු ලෙස සලකනු ලබන අතර, ඔවුන්ගේ චරිතය විනිශ්චය කිරීමටද වැඩි කාලයක් අවශ්‍ය වනවා විය හැක.
එය රාත්‍රී කාලය විය. හීන වෙමින් පවතින සඳ එළිය යට, චෝ සිෂු සිය දෑස් විවර කළේය. මේ ඉඳිකටු මඟින් වේදනා දෙවන්නා වූ වෙලාව නිසා හේ වේලාසනින් නිනින්දට ගොස් තිබුණි. නමුත් ඒ වේදනාව එතරම් බරපතල දෙයක් ද නොවීය. ඔහුට විවේකයක් පමණක් අවශ්‍ය විය.
ඔහු මදක් පැකිළෙමින් නැගී සිටියේය. සමු නොගෙන පිටව යාම අකාරුණික බව චෝ සිෂුට පිළිගත හැකි විය. ඉදින් ඔහු අකුරු දෙකක් ඉතිරි කළේය: එකක් ෂැන්ග් චෙන්ග්ලින් සඳහා ය.
"ශිඛර තවමත් හරිත වර්ණයෙන් තිබෙනු ඇත, ජලය තවමත් දිගු ගමනක් දුරින් ගලා යයි".
සටහන ලිවීමෙන් පසු ඇදහිය නොහැකි තෘප්තියක් ඔහු තුළ ඇති වූයේ, අවසානයේ ඔහු දැන් ජියැන්ගු හි ඉබාගාතේ යන්නෙකු ලෙස මූර්තිමත් කර ඇති බවක් ඔහුට හැඟුණි.
අනෙක් ලිපිය ෂ්‍යාඕ ජින්ග් සඳහා වූ එක් වාක්‍යයක් විය.
"පිළිගැනීමේ රැඳී සිටීම ගැන සැමවිටම කෘතඥ වෙන්නෙමි."
ඔහු ඒවා තේ පෝච්චිය යට තැබුවේ අලංකාර ලෙස වහලයට පැනීමට පෙරය.
හේ වහලය මත වූ කුඩා මකර හැඩැති ලි කැටයම් ඔස්සේ ඇවිදිමින් සිටියේය. එය අතර ඔහුට ක්ෂණිකව සෙවනැල්ලක සංවේදනයක් දැනුණු අතර චෝ සිෂු එකෙණෙහිම සීරුවෙන් නතර විය. ඒ ඇස් විසල් විය. නමුත් වෙන කිසිවක් නොපෙනුණි. කලබලයෙන් හිස සලමින් බිළාලයෙකු මුලුතැන්ගෙය දෙසට දිව යනු හේ දුටුවේය.
චෝ සිෂු ශබ්දයක් හෝ නොමැතිව ෂ්‍යාඕ මැදුරින් පිටව ගියේය. එය කිසිවෙකු නොදැන සිටි බව ඔහුට විශ්වාසය විය. එබැවින් ඔහුගේ චලනයන් ගැන අනාවැකි පළ කළ අයෙකු සිටින බව ඔහු කිසි විටෙකත් නොසිතූ අතර ඒ වන විටත් මැඳුරේ සිට සැතපුමක් පමණ දුරින් කුඩා වනාන්තරයක ඔහු එනතුරු යමෙක් මඟ බලා සිටියේය.
එම පුද්ගලයා දෙස බැලූ මොහොතේ චෝ සිෂුට දැනුනේ කෝපයකි. වෙන් කේෂින්ග් සිනාමුසු මුහුණින් තමාට ආචාර කරනු ඔහු දුටුවේය.
“ආහ්, අගනා අහම්බයක් නොවෙද, චෝ සහෝදරයා. සියල්ලට පසු අපි එකම ඉරණමට පත් වී ඇති බවක් පෙනෙන්නේ! මේ ආකාරයට සඳ එළිය යට මාවත් තරණය කරන්නේ ආත්ම ගත මිතුරන් පමණක් ලු!."
චෝ සිෂු ද පෙරළා ඔහුට සිනාසෙමින් කතා කළේ වෙයි.
"සැබැවින්ම එය අහම්බයක් නේද, වෙන් සහෝදරයා?"
'අහම්බය…. මගේ බූරුවා තමා!, ඔබ වසංගතයක්!'
ඔහු සිතුවේය.
ගු ශන්ග් නොදුටු නිසා චෝ සිෂු හිස කසමින්ම යළිත් සිය හඬ අවධි කළේ ය.
"ගු තරුණ ආර්යාව මෙතන නැතිද?"
වෙන් කේෂින්ග් සෘජු පිළිතුරක් ලබා දුන්නේය.
“ඒ කුඩා දැරිය ගමනකට නම් අපහසුතාවයක්! ඇය ගමන් කරන්නේ ඉතා සෙමින් නෙ….මම මේ වැදගත්, නොපැහැදිලි චරිතයක් සොයමින් සිටින අතරතුර පමණයි ඇය මාර්ගයේ සිටින්නේ"
චෝ සිෂු ගේ මුහුණේ සිනහවක සේයාවක් කැටි විය. ඔහු වෙන් කේෂින්ග් දෙස මඳ වේලාවක් බලා හිඳ පසුව කතා කළේය.
“මේ වැඩකට නැති පුද්ගලයා වැදගත් චරිතයක් නම්, චන්ග් මින් කන්දේ හිමිවරුන්ට, දකුණු සයුරේ ගුවානින් මාලිගයේ විෂ රජුට හෝ අවතාර අධිපතියාට කුමක් වේවිද?"
වෙන් කේෂින්ග් අර්ථාන්විතව ආපසු හැරී බැලුවේය.
“භික්ෂූන් වහන්සේ මනුෂ්‍යයන් ගැන කිසිවිටෙකත් සැලකිල්ලක් දක්වන්නේ නැහැනෙ! ඔවුන්ගේ අරමුණ ධ්යානිත මාර්ගය පමණයි!
විෂ රජු ජියැන්ගු හි විශාල ලෝකයට මිශ්‍ර වූ බවක් තමා කියන්නේ…. ඔහුව සොයා ගැනීමත් දුෂ්කර කාර්යයක්!
ප්‍රේත අධිපතියා නම් නොපැහැදිලි අයෙක්!, මට මොහුව මුණගැසීමට නම් කිසිදා අවස්ථාවක් ලැබී නැහැ! අඩුතරමින් ඔහු මිනිසෙක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් වත්…..එය තවත් දවසකම කතාවක්!"
ඔවුන් එකිනෙකා දෙස බලා සිටියේ ද්වේෂසහගත චේතනාවෙන් සිත පුරවාගෙන මතුපිටින් සිනාසෙමිනි.
චෝ සිෂු පළමුවෙන් ඔහුගේ දෑස් ඉවතට හරවා ගත්තේය.
"චෝ සු කියන්නේ හුදෙක් එක් ගමන් කරන්නෙකුම පමණයි! සෑම කෙනෙකුම මා දෙස මබලා සිටින්නේ මන්ද?"
එයට වෙන් කේෂින්ග් ගේ පිළිතුර නම් වසන්ත කඳු නැගීමකදී පැරණි මිතුරෙකු සමඟ නැවත එක් වූ විට මෙන් උද්යෝගිමත් නොවුණි.
“එහෙනම් ඇයි සහෝදර චෝ තව මඳ කලක් ෂ්‍යාඕ මැඳුරේ අයවලුන් සමඟ නොසිටින්නේ? තායි හු මන්දිරය එහි වූ සුන්දර දර්ශන සඳහා ඉතා ජනප්‍රියයිනෙ!, ඔබ ටිකක් වටපිට නොබලා ඉක්මනින් මෙය හැර යා යුත්තේ ඇයි?"
“මෙම නිෂ්ඵල පුද්ගලයා දැනටමත් තායි හූ හි ඇදහිය නොහැකි දර්ශනය අත්විඳ ඇති නම්…?!
රැඳී සිටීම ෂ්‍යාඕ තුමන්ට අනවශ්‍ය අපහසුතාවයක් ඇති කරනවා පමණයි නෙ! අපි එකිනෙකා එතරම් හොඳින් හඳුනන්නේ නැති බව සඳහන් අමතකද?!
මම රිදී දෙකක් වෙනුවෙන් මගේ උපකාරය කළා තව දුරටත් ඔවුන් වෙනුවෙන් මගේ ජීවිතය අවදානමට ලක් කිරීමට වටින්නේ නැහැ. ”
චෝ සිෂු යළිත් කතා කිරීමට පෙර කෙටි විරාමයක් තැබීය.
“ ෂැන්ග් තරුණයා පරිවාරයට භාර කිරීම පූර්ණ ලෙසම කුසල් රැස් කිරීම සඳහා පමණයි!, එවිට මට මරණින් පසු පාතාල ලෝකයේ කිසිදු වධහිංසා විඳීමට හේතුවක් නැහැ… එවිට සියල්ලම එපමණයි!."
.
"කුසල රැස් කිරීම?!"
වෙන් කේෂින්ග් තරමක් එකඟ වෙමින් හිස වනමින් තව දුරටත් පවසන්නට විය.
“නිවැරදියි, සොහොයුරු චෝ ඇත්තෙන්ම මා සමඟ එකම අදහස දරන්නෙක්!; සුන්දර අයට පමණයි එය කළ හැක්කේ….
ඉදින් එය පැහැදිලියි!"
චෝ සිෂු ගේ හදවත "එය පැහැදිලියි" හිදී වරක් ස්පන්දනය විය. ඔහු බාධා කිරීමට සූදානම් වූ විට හදිසියේම, වෙන් කේෂින්ග් ට පිටුපසින් වනාන්තරය තුළ ගැඹුරට විනිවිදින කෑගැසීමක් ඇසුණි.
ඔවුන් දෙදෙනාම තාවකාලිකව නතර විය.
වෙන් කේෂින්ග් අත දිගු කෑගැසීම ඇසුණු දිශාව පෙන්වීය.
"බලන්න, මගේ සෙනෙහෙබර ආත්මීය මිත්‍රයා! පින් රැස් කිරීමට තවත් අවස්ථාවක් උදාවෙලා."
චෝ සිෂු දෙගිඩියාවක් පෙන්වූ නමුත් අවසානයේ ශබ්දය එන දිශාව දෙසට යාමට තීරණය කළේය.
"ඇස් අමාරුව ඉතා බරපතලයි, වෙන් සහෝදරයා, ඔබ ඉක්මනින් වෛද්‍යවරයකු හමුවිය යුතුයි"
චෝ සිෂු නොසැලකිලිමත් ලෙස පවසන අතරම
වෙන් කේෂින්ග් පිටුපසින් ගියේය. මේ වන විට ඔහුගේ චින්ගොන්ග් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර ගමන් කළ හැකි මට්ටමට දියුණු වී තිබුණි. නමුත් හේ අනෙක් පුද්ගලයා සමඟ සෑම විටම කුඩා දුරක් තබා ගනිමින් ඒ සමඟම නොවරදවාම සිටියේ ය.
සාමාන්‍යයෙන්, ගමනකදී කෙනෙකුගේ ජීව ශක්තිය නැති නොවන පරිදි නිශ්ශබ්දව සිටින නමුත් වෙන් කේෂින්ග් එය සැලකිල්ලකට ගත්තේ නැත.
“චෝ සහෝදරයා ඉතා නිවැරදියි; මට නිසි ප්‍රතිකාර ගැනීමට අවස්ථාවක් ලැබෙන සෑම විටම ප්‍රසිද්ධ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු හමුවීමට සිදු වෙනවා!. මේ වන තුරුත් මට සොහොයුරු චෝගේ වේෂ නිරූපණයේ කිසිදු වරදක් සොයා ගැනීමට නොහැකි වුණා!. මගේ ඇස් පෙනීම මොනතරම් භයානකද?, මම තවම වයස් ගත වීත් නැහැ!, කොතරම් නම් ලැජ්ජා සහගතද?! අතිශයින් ලැජ්ජාවක් ඒ නම්!"
චෝ සිෂු හට සැබවින්ම අවශ්‍ය වූයේ "දිනපතා නරක අතට හැරෙන" මේ ඇස්වලින් මිදීමටයි.
නමුත් දෙවනුව සිතූ විට, ඔහු සතුව මේ මිනිසා පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ද නොතිබූ හෙයින්, ගගනත ආලෝකය තුළ අතීත නායකයෙකුගේ බුද්ධිය සහ ස්වයං සංයමයෙන් ඔහු එවැනි අඥාන දෙයක් නොකරන්නට තීරණය කළේ ය.
ඇදහිය නොහැකි වේගයකින්, ඔවුන් වනාන්තරයේ ගැඹුරු කොටස වෙත ළඟා විය. එහිදී ඔවුන් මළ සිරුරක් දුටුවේ ය.
පුද්ගලයා දරුණු ලෙස මිය ගොස් තිබුණි. කළු ඇඳුමින් සැරසුණු ඔහුගේ වෙස් මුහුණ දෙපසට වැටීමෙන් පුළුල් විවර වූ ඇස් හෙළිදරව් කළේය. චෝ සිෂුට මෘත ශරීරය පැහැදිලිව දැකීමට පෙරම හුරුපුරුදු හැඟීමක් දැනුණු නිසා ඔහු තවදුරටත් පරීක්ෂා කිරීමට ඉදිරියට නැමුණේය. ඉදින් ඔහුට පසුව නළල රැළි කර නොගෙන සිටීමට නොහැකි විය.
“මේ ඔහු නේද…?! මූ තුමන්! දුවාන් ජියැන්ග් හි කඳුකර මන්දිරයේ අධිපතියා?”
අද උදෑසන සිටම ඔහු පැයක් පමණ කෙළවරක් නැතිව ඇවිද්දේය. ඔහු අවාසනාවන්ත ලෙස එවකදී මියගිය බකමූණෙකු වූ චෝ සිෂු මෙන් ම “රාත්‍රී බකමූණෙකු” බවට පත්වේ යැයි කිසිවෙකුට සිතිය නොහැක.
වෙන් කේෂින්ග් ද උනන්දුවෙන් තම නිකට පිරිමදින අතර මුමුණන්නට විය.
“සඳ එළිය වැටෙන රාත්‍රිය, කළු ඇඳුම්, එය එසේ ත් විය හැකි යි...”
චෝ සිෂු ඔහුගේ මිමිණීම් ඇසීමට සූදානම්ව අනෙකා දෙසට හැරුණි.
වෙන් කේෂින්ග්ට ඔහුගේ විචිත්‍රවත් චින්තන මාලාව දිගටම කරගෙන යාමට හැකි වූයේ සුලු මොහොතකට පමණි.
"...මු ස්වාමි තුමා මෙහි කුමන මංගල්‍යයක් කරලාද?!"
චෝ සිෂු ඉවතට හහැරුණේ හැඟීම් විරහිතව මුහුණකින්, සන්සුන්ව සිටීම ගැන අභ්‍යන්තරිකව තමාටම ප්‍රශංසා කරන අතරය.
මූ යුන්ගේ ගේ සිරුරේ හෝ ඔහු අසල රුධිර පැල්ලමක හෝඩුවාවක් හෝ නොතිබුණද ඔහුගේ ලවන් පට නිල් පැහැ ගැන්වී තිබුණි. චෝ සිෂු මඳක් කල්පනා කිරීමෙන් පසු, ඔහුගේ කමිසයේ ඉදිරිපස විවෘත කළේය. ඒ ළය තිබුණේ අතක හැඩයේ කළු පැල්ලමක් පමණි.
Athena Art n' hope
මීළඟ පරිච්ඡේදය
After long time නෙ. සමා වෙන්න ඇත්තටම මේ තරම් කාලයක් update නොදුන්නට. මට සෑහෙන අසීරු කාලයක් තමා ගෙවිලා ඉවර වුණෙ. Exam අසනීප වගෙ ගොඩාක් දේවල් වලට පස්සෙ අද ආයෙත් ආවා.
ඉස්සරහ ට නං update ටිකක් දෙන්න ඉන්නවා.
ඉතිං දිගටම රැඳි ඉන්න
මමොනාහරි කියාගෙන යන්න
ReplyDeleteAthena Art n' hope
Waiting for the next chapter 🥺
ReplyDelete💙
ReplyDelete💙
ReplyDelete