Skip to main content

පරිච්ඡේදය 07: පිටත්ව යාම

 චෝ සිෂු ෂැන් චෙන්ග්ලින්ව සිහිසුන් කළේ පිරිමි ළමයා බොහෝ කලබල ඇති කරයි යන බියෙනි.  ඉදින් ඔහුව සන්සුන් කිරීම අවශ්‍ය විය.  එයට මඳ හෝ බලයක් නොතිබුණු නිසා පිරිමි ළමයා අවධි වූයේ අමුතුවෙන්ම ක'ෂින් පැමිණ තවත් වේලාවක් ගතවීමට පෙරය.

ඔහු දෑස් විවර කළ පසු, තම ආත්මය ශරීරයෙන් ඉවත් වූවාක් මෙන්, විස්මයෙන් සිවිලිම දෙස බලා සිටියේය.  ඊයේ වන තුරු ඔහු තවමත් බොහෝ දෙනා විසින් සුරතල් කරන ලද ෂැන් හි තරුණ ස්වාමියා විය. ඔහුගේ ගුරුවරයා ඔහු සම්පූර්ණයෙන්ම අඥාන හා වැඩකට නැති බව ඔහුට පැවසූ විටදි පවා, ඔහුගේ සටන් කලා ගුරුවරයා රහසේ කලකිරීමට පත් වූ විටදි පවා ඔහුගේ ඒ දුර්වලතා සැඟවිමට අවශ්‍ය නොවිය. ඔහුගේ  ජීවිතය සතුටින් හා තෘප්තිමත් විය.

ඔහු මිනිසුන් ලවා ඔහුට ඇඳුම් අන්දවා පෝෂණය කරවාගත්තේය. ඔහු යන සෑම තැනකම සේවකයෝ ඔහු පසුපස ගියහ. ඔහුගේ මධ්‍යස්ථ අධ්‍යාපනය සමඟ පවා රාත්‍රිය වන තුරු ඔවුන් ඔහුට සේවය කළහ.  ඔවුන් දවස පුරා ඔහුට ප්‍රශංසා කළ අතර, ෂැන් චෙන්ග්ලින් ඔහුගේ වටිනාකම දැන සිටියද, සමහර විට එය බොරු ප්‍රශංසාවලින් ඔහුව වැළැක්වූයේද නැත.  වසර දාහතරක් ඔහුගේ ජීවිතය ගෙවී ගියේ එවන් වරප්‍රසාදයක් ඇතිවය.

නමුත් ඔහුට එක රැයකින් ඒ සියල්ල අහිමි විය.

ඔහුගේ නිවස නැති වී ගියේය. ඔහුගේ දෙමාපියන් සියලු ඥාතීන් සහ මිතුරන් සමඟ මරා දැමුණි. ඔහුගේ ලෝකය උඩු යටිකුරු විය.  ඔහු බියට පත් වූ නමුත් කුමක් කළ යුතු දැයි ඔහු හෝ දැන සිටියේ නැත.

චෝ සිෂු මිනිසුන්ව සනසනවාට වඩා දැන සිටියේ මිනිසුන් අසල හොඳට සුරතල් වීමටය., ඉදින් හේ නිශ්ශබ්දව තමා හුන් තැනම බලා සිටියේය.  ෂැන් චෙන් ලින් ගේ මුහුණේ තිබුනේ හිස් බැල්මක් පමණි, ඔහුගේ දෑසින් කඳුළු ගලා ගියේය.

වෙන් ක'ෂින් ගු ශන්ග් ගෙන් විමසන්නට විය. 


“කවුද මේ පුංචි මිනිසා?” 

"ඔහු ෂැන් යුසෙන් ගේ පුත්‍රයා බවයි කීවේ."

වෙන් ක'ෂින් අඳුරු වූ මුහුණකින් හිස සැලුවේය, ඔහුට ෂැන් යූසෙන්ගේ නම පය වැකි දූවිල්ලක් හෝ තරම් නොවේ.  එයට මඳ වේලාවකට පසු ඔහු නැවත කතා කළේය. 


“මට දැනගන්නට ලැබුණු සේ ෂැන් පවුල දුප්පත් නිසා ඔවුන්ට මුදල් හැර අන් කිසිවක් තිබුණේ නැති බව, ෂැන් යුසෙන්ගේ පුතෙක් මේ වැනි වූයේ කෙසේද?  ප්‍රමාණවත් රිදී රැගෙන නොගොස් ද ඔහු පලා ගියේ ? නැත්නම් ඔහු නැති වුණාද?"

ගු ශන්ග් ඇගේ කටහඬ බාල කළාය. 


“ඔහු අපට පැවසූ දෙයට අනුව, කවුරුන් හෝ විසින් සියලු ෂැන්වරුන්ව ඝාතනය කළා.  මේ ප්‍රවෘත්තිය මේ වන විට මුළු නගරයම කම්පා කරවා තිබිය යුතුය, නමුත් මම සිතන්නේ ඔබ කොහේ හරි රැවටෙමින් සිටියදී ඒ ගැන ඇසීමට ඉඩක් නොලැබී ගොස් ඇති බවයි.”

වෙන් ක'ෂින් මඳක් කල්පනා කරමින් කියන්නට විය. 


“මෙතරම් මළ සිරුරු තිබීම පුදුමයක් නොවේ”

ඔහු චෝ සිෂු ව තක්සේරු කිරීමට ඒ දෙසට හැරුණි.  


"එවිට මොහු මෙහි  කුමක් ද කරන්නේ?"  


ඔහු ගු ශන්ග් ගෙන් ඇසුවේය.

දැරිය සමච්චල් කළාය. 


“ඒ හිඟන්නා තමන්ව හැඳින්වූයේ චෝ සු කියා. ඔහු රිදී දෙකක් වෙනුවෙන් මිය ගිය මිනිසෙකුට තමාවම අලෙවි කළා,  එබැවින් ඔහුට දැන් පිරිමි ළමයාව තායි හූ වෙත රැගෙන යාමට සිදු වි තිබෙන්නේ"

සම්පූර්ණයෙන්ම බැරෑරුම් අභිනයක් දරාගෙන යමක් අභ්‍යන්තරව තක්සේරු කරමින් හුන් වෙන් ක'ෂින් ගේ දෑස් විසල් විය.  ඔහු පසුව ගු ශන්ග් ට මෙසේ පැවසුවේය. 


"දැන් මට ඔහු රූමත් කෙනෙක් බව වඩාත් විශ්වාසයි, එවැනි මිනිසුන්ට පමණයි  එසේ ගොළු විය හැක්කේ."

ගු ශන්ග් නොදැනුවත්කමකට යොමු වූ අතර, ඇගේ ස්වාමියාගේ විගඩම් වලටද පුරුදු විය.  චෝ සිෂු ද එය අනුගමනය කළේ ඔහුට තවමත් මෙම පුද්ගලයාගේ හැකියාව සම්පූර්ණයෙන් මනින්නට නොහැකි වූ බැවිනි.

ඔහු කඳුළු සලමින් සිටින ෂැන් චෙන්ග්ලින් දෙසට හැරී බැලුවේ තරමක අමනාපයකින් සහ බාලයා දැනටමත් එය නතර කරනු ඇතැයි ද ප්‍රාර්ථනා කරමිනි.  ඔහු තම ඇඟිලි තුඩුවලින් පිරිමි ළමයාට පහර දෙමින්, උගුර පාදන්නට විය. 


“තරුණ ස්වාමී ෂැන්, ඔබ විවේක ගත්තා නම් සූදානම් වෙන්න.  අපි මෙම ස්ථානයේ වැඩි වේලාවක් රැඳී සිටීම එතරම්ම යහපත් නොවේ, ඔවුන්ගේ කාර්යය අවසන් කිරීමට මෙයට පසුව තවත් පුද්ගලයින් සිටිය හැකියි ඔබේ වගකීම මේ චෝ මාමාට භාර දී තිබෙන නිසා ඔහු කරන්නේ අවම වශයෙන් ඔබව තායි හූ වෙත ගෙන යාමයි. ”

ෂැන් චෙන්ග් ලින්  ගේ දෑස් වටපිට බැලීමට යොමු විය.  ඔවුන් නැවැත්වූ මොහොතේ දී ඔහු දෑතින් තම මුහුණ වසාගෙන බෝලයකට ගුලි වී විලාප දුන්නේය.  පිරිමි ළමයාගේ කෑගැසීමත් සමඟ චෝ සිෂුට හිසරදයක් ද ඇති විය.  බැණ වැදීමක් අවශ්‍ය බව ඔහු තමාටම කියාගත් නමුත් එය කිරීමට තරම්                             සිතක් ඔහුටම නොතිබුණි.  දරුවන් සනසාලීම ඔහුගේ හැකියා පරාසයේ නොවීය. එබැවින් නිශ්ශබ්දතාවය හොඳම විකල්පය විය.  එවිට ඔහු හදිසියේම අසුන් ගෙන හුන් තැනින් නැගිට ද්වාරය දෙසට ගමන් කළේය.

ඔහු අදහස් කළේ බුද්ධ ප්‍රතිමාවේ තත්ත්වය පරීක්ෂා කර එය මුල් ස්ථානයට ප්‍රතිෂ්ඨාපනය කිරීමටයි. ඔහුගේ පෙර ක්‍රියාව තරමක් අප්‍රසන්න බවක් පෙනෙන්නට තිබූ අතර තවත් පින් රැස් කිරීමට අවශ්‍ය නම් එය උපකාරයක් නොවන බවට ද ඒ සිත තර්ක කළේය.  චෝ සිෂු කිසිවක් බලාපොරොත්තු වූයේ නැත. ඒ මොහොතේදී  මහල්ලාට ඔහුව අත්හැරීමට අවශ්‍ය යැයි උපකල්පනය කළා වූ ෂැන් චෙන්ග් ලින් ඉදිරියට විත් පොරබදමින්, ඔහුගේ වළලුකර අල්ලා ගැනීමට ඉක්මන් වූ අතර, කෑගසමින් මෙසේ ද කියන්න ට විය. 


“චෝ මාමණ්ඩි, චෝ මාමේ, කරුණාකරලා එපා... කරුණාකරලා එපා.  මාව දාලා යන්න, මම... මම..."

ඔහු එසේ හඬා වැලපෙන්නේ අතිශයින් අනුකම්පා සහගත ලෙසය.  අහම්බෙන් ඔවුන් එකිනෙකා අතරට දිව ගියද, බාලයාට චෝ සිෂු හැර වෙනත් කිසිවෙකු හෝ මත විශ්වාසය තැබිය නොහැකි විය.  දෙවැන්නා ඔහුගේ ගැලවුම්කාරයා වූ ජීවමාන බුදුන් වහන්සේ ය.

චෝ සිෂු නොසැලකිලිමත් ලෙස ඔහු දෙස බැලීය. පසුව  නොපැහැදිලි කටහඬකින් මෙසේ අසන්නට විය. 


, "සැබෑ මිනිසෙකුගේ දණහිසට යටින් රත්රන් ඇති බව ඔබේ පියා ඔබට කවදාවත් පවසා නැද්ද?"

කම්පනයට පත්ව ගත වූ මොහොතකට පසු, එම වචනවලට ස්තූතිවන්ත වන්නට ෂැන් චෙන්ග් ලින්  අවසානයේ යම් ආකාරයක අවබෝධයක් ලබා ගත්තේය.  ඔහු අත් දෙකෙන් කඳුළු සහ දූවිලි පිසදැමුවේ මුළු ශක්තියම යොදවාය. 


“අහසට, පොළවට, රජුට, පවුලට, ගුරුවරයාට ගෞරව දැක්වීම අනිවාර්ය කරුණක්  ඔබ මාව ගලවා ගත්තා චෝ මාමණ්ඩි, මට ඔබේ අනුගාමිකයා වෙන්න දෙනවද?"

වෙන් ක'ෂින්  සහ ගු ශන්ග් විනෝදයෙන් මෙම දර්ශනය නිරීක්ෂණය කළ අතර, දෙවැන්නා කෙඳිරිගාමින් මෙසේ කියන්නට විය. 


, “ඊයේ රාත්‍රියේ පටන්ම ඔහු තවමත් මෝඩ දරුවෙක්;  මේ මොහොතේ ඔහුට ඉතා ඉක්මනින් බුද්ධිමත් විය හැකිද! හහ්?"

චෝ සිෂු හට පිළිතුරු ලෙස දිය හැකි වූයේ මෙපමණ ය. 


"පළමුව නැගී සිටින්න" 

ෂැන් චෙන්ග් ලින්  මුරණ්ඩු ලෙස එය ප්‍රතික්ෂේප කළේය.  


“ඔබ මා පිළිගන්නා තුරු මම නොසිටිමි!  මට මගේ පවුල වෙනුවෙන් වන්දිය ගත නොහේ නම්, මම කුමට සිටින්නද?  ඇදුරු තුමනි?!”

චෝ සිෂු ඔහුගේ තර්කය ගැන කිසි ලෙසකින් හෝ  තැකීමක් නොකළ අතර, බාලයා උරහිසෙන් ඉහළට ඇදගෙන ගියේය.  


“මම ඉක්මනින් මිය යන ආබාධිතයෙක්.  තවත් දිනකින් ලබා ගැනීමට හැකි වීම මට ආශීර්වාදයක්.... එවැන්නෙකු වූ මට ඔබට ඕනෑම දෙයක් ඉගැන්විය හැකි යැයි ඔබ සිතනවාද?  තායි හූ හි ශ්‍රීමත් ෂාඕ ජිං ඔබේ පියාගේ පැරණි මිතුරෙක් නොවෙද?, ඔහු හමුවට යන්න, එහි ඔබේ පළිගැනීම සඳහා ඔබට උපකාර කිරීමට වඩා හොඳ මිනිසුන් සිටින බවත් මටද දැනගැනීමට ලැබුණා"

ඔහු තම අභ්‍යන්තර බලය අත්ල තුළට සංකේන්ද්‍රණය කර, ප්‍රතිමාව මතට යොදවා එය නැවත පූජාසනය මත තබමින් මුමුණන්නට විය. 


“පව්කාරයා, පව්කාරයා” 


තවමත් ගොළු වූ ෂැන් චෙන්ග් ලින් වෙත කතා කිරීමට පෙර ඔහු ඉතා බැරෑරුම් ලෙස ආචාර කළේ නැත. 


“ඔබ සම්පූර්ණයෙන්ම අවදියෙන් සිටින නිසා අපි දැන් පිටත් විය යුතුයි.  ඔබට ඔබේ පවුලෙන් පළිගැනීමට අවශ්‍ය නම්, අපට හැකි ඉක්මනින් ඔබව ෂාඕ උතුමාණන් වෙත ගෙන යා යුතුයි. නමුත්  දැන් අපි පළමුව ආහාර ස්වල්පයක් සපයා ගැනිම අනිවාර්යයි"

ඔහු කිසිදු සැලකිල්ලක් නොදක්වා, ගු ශන්ග් වෙත සිනාසෙමින් වෙන් ක'ෂින් ව නොසලකා හැරියේය.  ඉන්පසු ඔහු ෂැන් චෙන්ග් ලින්ට  අල්ලා ගත හැකිදැයි පරීක්ෂා කිරීමට හෝ වෙහෙස නොවී, ඇසිපිය හෙළන සැණින් දේවාලයෙන් පිටව ගියේය.

පිරිමි ළමයා අධෛර්යයට පත් වූ නමුත්, මිනිසා ඒ වන විටත් ගොස් ඇති බව දැනගත් පසු ඉක්මනින් ඔහු පසුපස ගියේය.

වෙන් ක'ෂින් ඔහුගේ නිකට පිරිමදිමින, පැහැදිලිවම උනන්දුවෙන් රිදී කැබලි දෙක දෙස බලා සිටියේය. 


"අපි ඔවුන් පසුපස යමු,  තායි හූ වෙත."  


ඔහු නැඟිට ගු ශන්ග් ට කීවේය.

ඇගේ මුහුණේ තිබූ දඟකාර බැල්ම මැකී ගියේය.  මඳ  සිතිවිල්ලකට  පසු ඇය පහත් හඬින් පිළිතුරු දුන්නාය, 


"ස්වාමීනි, ෂැන් චෙන්ග් ලින් පැවසුවේ  ෂැන් පවුලේ සමූල ඝාතනය සිදු කළේ ක්වින්ෂුගේ අවතාර විසින් බවත් ෂූ ෆෑන්ග් එල්ලා තැබූ අවතාරය එහි සිටි බවත්"

වෙන් ක'ෂින්  කිසිදු ප්‍රකාශයක් නොමැතිව ඇය දෙස බැලුවේය.  


"හ්ම් ඉතින්?"

ගු ශන්ග්  මඳක් තිගැස්සිණ.ඒ වන විටත් පිටව ගොස් සිටින වෙන් ක'ෂින් පසුපස හඹා යමින්, බැරෑරුම් හඬකින් ඔහුගෙන් ඈ ඇසුවාය. 


“මම ඊයේ ඔවුන්ට පහර දුන් එල්ලා මැරූ අවතාරය පැහැදිලිවම ව්‍යාජ ය.  ස්වාමීනී, ඔබ දැනටමත් යමක් දැන සිටියාද?"

"අ'ශන්ග්."  


වෙන් ක'ෂින් නැවතත් ඇය දෙස බලා සිටියේය.ඔහුගේ දෑස් මිනිසුන්ව උරා ගත හැකි කළු කුහර මෙන් පෙනෙන්නට විය..

"මම දන්නවා, මම ඕනෑවට වඩා කතා කළා" 


එසේ මුමුණමින් ගු ශන්ග් වහාම නිහඬ විය.

ඒ මොහොතේ ඇගේ මුහුණ සුදුමැලි වී තිබුණේ මේ කිසිදා නොබියව සිටින මේ යුවතිය කුමක් හෝ බියකින් සිටින්නාක් මෙනි.  වෙන් ක'ෂින් ගේ ස්ථාවර බැල්ම ඔහු ඉදිරියට යන විට ලද පිළිතුරෙන් පසුව අනුමැතියෙන් ඉවතට හැරී ගියේය.  ගු ශන්ග් කුඩා පරතරයක් තබා ගනිමින් ඔහු පසුපස ගියේය.

ඇයට වෙන් ක'ෂින් මෙසේ පවසනු ඇසුණි. 


“අපි ඒ චෝ සු නම් පුද්ගලයා අනුගමනය කරමු.  මගේ සහජ බුද්ධිය කිසි විටෙකත් වැරදි නැත, ඔහුට ලස්සන හැර වෙන කිසිවක් විය නොහැකියි.  අපි ඔහුව අවසානයේදී අල්ලා ගනිමු. අ'ශන්ග්, ඔබ මා මත විශ්වාස නොකරන නිසා අපි ඔට්ටුවක් ගමු.

මේ නිසා, චෝ සිෂුට නිසැකවම සාමකාමී ගමනක් නොතිබුණි.

ෂැන් චෙන්ග් ලින් ගේ පරිවාර ගමනය දිගේ නිමක් නැතිව "මැස්සන්" සිටි බැවින් විශාලතම දුර්ගන්ධය රැගෙන යාමට වඩා වෙනස් නොවීය.  රිදී දෙක දෙස බලමින් ඔහු ගත් තීරණ ගැන පසුතැවිලි වූ ඔහු අද රාත්‍රියේ ඉන් තවත් එකකට තට්ටු කළේය.

ඔහුට තවමත් ඔහුගේ ශක්තියෙන් අඩක් තිබූ අතර ඔහුගේ දක්ෂතා කොතැනකවත් සැඟව ගියේ නැත, එබැවින් එම පුද්ගලයින් ඔහුව ස්පර්ශ කිරීමට වඩා හොඳින් දැන සිටිය යුතුය.  නමුත් ඉඳිකටු විසින් දේවල් අනපේක්ෂිත ලෙස සිදු කරන ලදී, එහි ප්‍රතිඵලයක් ලෙස වේදනාව සහ ජරාව යන දෙකින්ම සෑම මිනිත්තුවකටම වරක් පහර දෙන නිමක් නැති වධ හිංසා ගැන ඔහුගේ සිත කෝපයකින් පිරෙන්නට විය. ඉදින් හේතුවක් නොමැතිව ඔවුන් පසුපස හඹා ගිය ස්වාමියා සහ සේවිකාව නම් යුගලය ගැන සඳහන් නොකර සිටිම යහපත් වනු ඇත.

කුඩා භාරයක් හො ඔහු සමඟ නොපැමිණියේ වී නම් ඔහුට පහසුවෙන් ධාවන පථයෙන් ඉවතට විසි විය හැකිය.  ඊට අමතරව, අද්භූත වෙන් ක'ෂින් ද යම් දක්ෂතාවයක් තිබුණි;  චෝ  සිෂුට ඔහුව මඟහැර යාමට බොහෝ වාරයක් සිදු වූයේ දින භාගයකට පසුව දරුණු ලෙස පහර දෙන ආරාධිත මුහුණ දැකීමේදීම පමණි.

චෝ සිෂු භාවනා කිරීම සඳහා ඔවුන්ගේ කාමරයට ආපසු යාමට පෙර නිහඬවම තවත් ඝාතකයෙකුගේ සිරුරක් පිටතට ඇදගෙන ගියේය.  ෂැන් චෙන්ග් ලින් කිසිවක් දුටුවේ නැත. ඔහු තවමත් ඔහුගේ විකාර සිහින සමඟ ගැඹුරින් නිදාගෙන සිටියේය.  පසුගිය දින කිහිපය තුළ ඔවුන් එකට ගමන් කරමින් සිටියදී, මෙම පිරිමි ළමයා කිසිදු සිරවී සිටින හැසිරීමක් නොපෙන්වන බව ඔහු සොයා ගත්තේය.  කලින් විලාප නඟමින් සිටි දරුවා පරිණතභාවයට පත් වූවාක් මෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇති බවක් පෙනෙන්නට තිබුණි.

ඔවුන් ඉතා මන්දගාමී වේගයකින් යන විට පවා ඔහු පැමිණිලි කළේ නැත,හේ චෝ සිෂු ගේ සෑම වචනයකටම කීකරු විය, සාමාන්යයෙන් ඉතා අවංක සහ අවංක විය;  ඔහුගේ එකම අඩුව වූයේ ඇදුරු  අයියණ්ඩි ලෙස ඇමතීම නැවැත්වීමට නොහැකිවීමයි, ඔහු එය කෙතරම් නිවැරදි කළත්.

චෝ සිෂු අවසානයේ එය අත්හැරියේ, පිරිමි ළමයා ෂාඕ වරුන් සමඟ තායි හූ වෙත පිටත් කර හැරීමෙන් පසු, ඔහුට අවශ්‍ය ඕනෑම තැනකට යාමට ඔහු වහාම පිටත්ව යන බව තරයේම විශ්වාස කළ නිසාය.  ඔහු ඒ සියල්ල දැනටමත් සැලසුම් කර තිබුණි. සුප්‍රසිද්ධ කඳු සහ විල් දැකීමෙන් පසු, ඔහු සංචාරය නොකළ මිතුරෙකු නන් ජියැන්ග්  හි සිටි බැවින් ඔහු උතුරට වඩා දකුණට ගියේය.  පාතාලයට බැසීමට පෙර ඔහුට අවම වශයෙන් ඔවුන්ව දැක බලා එකට පානය කිරීමට අවශ්‍ය විය…

එක් වරම සයනය මත හුන් තරුණයා දහඩියෙන් තෙත් ව දරුණු සේ පෙරළුණි.  සෑම රාත්‍රියකම පාහේ ඔහුට එසේ විය;  දිවා කාලයේදී ඔහු පළිගැනීමේ සිතුවිලි සහ මානසික ස්ථාවරත්වය ලබා ගැනීම පිළිබඳ සිතුවිලි වලින් පිටතට පෙනෙන පරිදි සන්සුන්ව සිටියද, එම ඉරණම් සහගත රාත්‍රියේ මතකයන් ඔහුව අතැර නොයන බියකරු සිහින බවට පත්ව තිබුණි. චෝ සිෂු සුසුම්ලමින් ඔහුව අවදි කළේය.

ෂැන් චෙන්ග් ලින්  හඬා වැලපෙමින් හිස් බැල්මක් සහිතව අසුන් ගන්නට විය.  ඔහු ප්‍රතිචාර දැක්වූයේ බොහෝ වේලා ගත වූ පසුවය, චෝ සිෂුට මැසිවිලි නඟමින්, අවසන හේ මෙසේ කීය. 


“චෝ මාමණ්ඩි... මම එසේ කරන්නට සිතුවේ නැහැ.”

ඔහු කෙතරම් තරුණ හා අද්දැකීම් අඩු අයෙක්ද යත්, ඔහුගේ ලේ වැගිරෙන දෑස් පවා ඉතා හුරුපුරුදු අහිංසකකමක් රඳවා ගත්තේය.  චෝ සිෂු ට සැණෙකින් මතක් වූයේ ඔහු අතීතයේ දන්නා අයෙකි.

ඔහු සමඟ ජියැන්ගු හි සෑම තැනකම සැරිසැරීම එකම අභිලාෂය වූ ...

ඔහුට තුෂ්නිම්භූතව එහි වාඩි නොවී සිටීමට නොහැකි විය.

ෂැන් චෙන්ග් ලින්  ප්‍රවේශමෙන් කතා කළේය.  


“චෝ මාමණ්ඩි, මම ඔබව අවදි කිරීමට අදහස් කළේ නැහැ... මම මගේ පියා ගැන සිහින මැව්වෙමි...” 


ඔහුගේ තොල් වෙව්ලමින්, සුදුමැලි විය. 


"මට පුළුවන්... ප්‍රශ්නයක් උනොත් මට නිදාගන්න එක නවත්තන්න පුලුවන්ද?"

චෝ සිෂු ඔහුගේ උරහිසට තට්ටු කර, නොදැනුවත්වම මුදු මොළොක් හඬින්, මෙසේ කීය. 


“කමක් නැහැ, ඔබට අවශ්‍ය තරමින් නිදාගන්න.  බියකරු සිහිනයක් ඇත්නම් මම ඔබව අවදි කරන්නම්. ”

ෂැන් චෙන්ග් ලින් පිළිතුරු ලෙස ශබ්දයක් නගමින්, ඔහුගේ පොරෝනය යටට රිංගා, ගත්තද ඇඟිලි වලින්  තවමත් නොදැනුවත්වම චෝ සිෂු ගේ කමිසය අල්ලාගෙන සිටියේය.

මිනිසා අර්ථාන්විතව ඒ දෙස බලා සිටියේය.  ෂැන්  චෙන්ග්ලින්  සිය අත අකුලාගත් විට ඔහුගේ සිනහවට අමුතු බවක් එක්ව තිබුණි.

ඒ මොහොතේ ඈත පෙනෙන තැනක ඉඳන් කවුරුන් හෝ තම අමන රැහැන්  “තං” හඬක් නගන්නට විය. ෂැන් චෙන්ග් ලින්  ට එම ශබ්දය දැනුණේ ඔහුගේ කන් අසලින්ම අකුණු සැරයක් කඩා වැටෙනවාක් මෙනි.  ඔහුගේ අවයව පවා වෙව්ලන බවක් පෙනෙන්නට තිබුණි.  පසුව වේදනාව ආරම්භ වූ අතර, ඔහු දැඩි ලෙස තම පපුවට අල්ලාගෙන හයියෙන් කෑගැසුවේය.


Athna Artenhope 

The Poetic Doctor 

ඔයාල අර google form එකට දාලා තිබුණ ඒ ලස්සන අගය කිරීම් මට ඇත්තටම වටිනවා. දිගටම ඉන්න හෙමින් updates දුන්නත්. ඉඩ ලද විගස හමුවෙමු පරිච්ඡේදය 08: සඳ සෙවණැලි සමඟ

පෙර පරිච්ඡේදය 

සියලු පරිච්ඡේද 

මීළඟ පරිච්ඡේදය 



Comments

  1. මම ඉඩ ලැබෙන විදිහට ටික ටික ලියල තමා කරන්නේ
    ගොඩාක් වෙලාවට බස් එකෙ කෝච්චියෙ යන අතර මග
    එතකොට voice typing දාන්නත් බැනෙ

    ReplyDelete
  2. 🥰🥰❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: En...

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

පරිච්ඡේදය 96 - MDZS

  ඊළගට එන්නේ ටිකක් වේදනාකාරි පරිච්ඡේද කීපයක්..😪 සොං ලන් ගැන මොකද හිතෙන්නේ?