අරැණෝදයේ පළමු දීප්තිය අහසේ දර්ශන වන්නට පටන් ගත්තේ ය. සියල්ලටම පසු විශාරදයෙකු වු යූ ෂ්යාඕසායි ට එතරම් වෙලා දරාගෙන සිටින්නට තරම් මානසිකත්වයක් නොතිබුණි. එමනිසා ශෙන් ස'චුආන් චෙන් යැං ලවා යූ ෂ්යාඔසායි ව විවෙක ගැනීම සඳහා පිටතට රැගෙන.ගියේ ය. ඔවුන්ට ඕනෑම විටක ඉතිරි කරුණු කාරණා වෙනත් දිනයක සාකච්ජා කළ හැකිය. මෙම ප්රශ්නය බලෙන් තමා මත පටන් ගන්නට උත්සහ නොකළ ෂ්යාඕසායි සෙන් යූ විසින් ශෙන් ස'චුආන් තෙට ලියු ලිපිය මේසය මත තබා පිටවන්නට වූයේ ය.
ෂ්‍යාඕ චීයේ ස්නානය කිරීමට පිටත්ව ගිය අතරේ ශෙන් ස'චුආන් සෙන් යූ ලියූ ලිපිය එහි වූපන්දම් ආලෝකයෙන් කියැවූයේ ය. අංගනයේ වූ උදෑසය හිරු එළියට කාමරයට ද එබිකම් කළේ ය. ශෙන් ස'චුආන් බ්යන්ඩුන් අණදෙන සේනාංක වලට අයත් කොටස කියැවූයේ ය. ඔහු මද වෙලාවක් බපා සිටිමුත් ෂ්‍යාඕ චීයේ තවමත් පැමිණ තිබුණේ නැත. හේ ලිපිය පසෙක.තබා , උණබට තිරය ඔසවමින් අභ්‍යන්තරයේ වූ පටු කොටස දිගේ ඇවිද ගියේ ය. ඉන්පසු හේ තිරය වටා කරකෑවී ගොස් බැල්මක් හෙළුවේ ය. ෂ්යාඔ චීයේ ස්නාන තටාකය තුළම සිටියේ තද නිනදක ය.
ටම් යම් කරුණු කාරණා පිළිබඳ මෙනෙහි කරමින් සිටි ෂ්යාඔ චීයේ ට මද වෙහෙසකර බවක් දැනුණා , නමුත් කවුද සිතන්නේ මෙහනෙහි කිරීම අතරතුරම ඔහු නින්දට වැටේවි කියා? සිය දෙකොපුල් මත හදීසියේ දැනුණ ශීතල නිසා හේ අවදි වුණා.
ශෙන් ස'චුආන් නැවතත් වතුර දෝතට ගෙන ෂ්‍යාඕ චීයේ මත දැමුවේ ය. "වතුර සීතල වෙන්නත් ඇවිත්. කාමරයට ගිහින් නිදාගන්න.” ඔහු පැවසී ය.
ෂ්‍යාඕ චීයේ නැගී සිටියේ ජල බිඳිති සෑම තැනකම විසිරුවා හරිමින්. හේ හිස පහත් කරගෙන ශෙන් ස'චුආන් ගේ ළය තුළ සඟවාගත්තා. ඔහුගේ සිරුරෙන් අඬක්ම තෙතබරිත වන තුරු අතුල්ලා දැමුවේ ය. ඔහු මිමිණීමක් ලෙසින් පවසන්නට විය. " “මාව වැළඳගන්න.”
ශෙන් ස'චුආන් ෂ්යාඔ චීයේ ගේ ගෙද මිරිකීමට හස්තය එසැවූයේ ය. ඔහු පවසන්නට විය. “ඔබ මේක මට අපහසු කරවනවා නෙමෙයි ද?”
ෂ්යාඔ චීයේ “එඥෙමනම් මම ඔබ වැළඳගන්නම්.” යී කීවේ ය.
ශෙන් ස'චුආන් සිය පාවහන් උනා දමා තවමත් ජලයෙන් තෙත් වී තිබුණු ෂ්යාඔ චීයේ ගේ ගෙල වටා දෑත් දිගු කළේ ය. ඔහු පවසන්නට වූයේ අලස ලෙසිනි. “එන්න එහෙමනම්.”
ෂ්‍යාඕ චීයේ තම හිස ඔසවා ශෙන් ස'චුආන් ගේ නළලත හා තද කළේ ය. හේ ඔහුව වැළඳගෙන පවසන්නට වූයේ ය. “මම බෙයියුආන් දඩයම් බිම දැකලා තියෙනවා. ඒවායින් තවමත් ගමන් කරන්න පුළුවන්. යතටිකක් එළිපෙහෙලි කරලා පිරිසිඳු කළාම හමුදා කඳවුරක් බවට පත් කරගන්න පුළුවන්. නමුත් කුළුණු නම් අලුතින් ඉදි කරන්න වෙනවා. මේ හැමදේටම මුදල් වැය වෙනවා.”
මේ පෙදෙසේ ආලෝකයන් දල්වා නොතිබුණු බැවින් අකුණු සැරවල ආලෝකය වාතයට රාගික බවක් එක් කළා.
ශෙන් ස'චුආන් සහ ෂ්යාඔ චීයේ එකිනෙකාට බොහෝ සමීපව ගැටුණා. ශෙන් ස'චුආන් පවසන්නට විය. “බෙයියුආන් දඩයම් බිම් වලට බටහිරින් දන්චෙං නඟරය පිහිටලා තියෙනවා. අපිට අනාගතයේදී අෂ්ඨ මහා පූහුණු සේනාංකය එක්ක මුහුණට මුහුණලා ගැටෙන්න වෙනවා නම් ,අපිට මේ තැන කොහෙත්ම අතහරින්න බැහැ..”
“හදීසියක් නැහැ.” ෂ්යාඔ චීයේ කුඩා උත්සහයකින්ම ශෙන් ස'චුආන් ව සියතට ගෙන කාමරයට රැගෙන ගියේ ය.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ රිදී භාවිත කරන්නට අදහස් නොකඑන බව ශෙන් ස'චුආන් දනී. රාජකීය හමුදාවේ විය හියදම් සෑම විටකම සීජෞ වලට පරයගටවිය නොහැකි ය. එපමණක්ද නොවේ, ෂ්‍යාඕ චීයේ ඉන්මනින්ම ලීබෙයි වලට යන්නටද සූදානම් ව සිටියි. මුදල් නොමැති වීමෙන් අදහස් වන්නේ විශ්වාසය නොමැති වීමයි. නිසැනවම හේ මේ කාරණය සිතමින් සිටියා වෙන්නට පුළුවන.
“යූ ෂ්යාඕසායි අත මේ ලියුම ඔබට එවාගන්න සෙන් යූ හුඟක් කරදර විඳලා තියෙනවා. ඔහුට ඔබෙන් උපකාරයක් ඉල්ලන්න තියෙනවා ලු.” ෂ්යාඔ චීයේ සයනයට නරගගත්තේ ය. සිය වස්ත්‍රය ගලවා දමන්නේවත් නැතිව කොට්ටයට හේත්තු වී අඩ වශයෙන් ශෙන් ස'චුආන් ව වැළඳගෙන , ඔහුගේ නිකට ශෙන් ස'චුආන් ගේ හිස මතින් තබා ගත්තේ ය. ඔහු ඇසීය. “ඒ මොකක් ද?”
ශෙන් ස'චුආන් දරනටමත් ලාපිය කියවා අවසන් කර තිබුණේ ය. ෂ්‍යාඕ චීයේ ගේ හිස තම හිස් මුදුන මත තිබියදීමඔහු ලිපිය නවා පිළිතුරු දුන්නේ ය. " සෙන් යූ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඔබට හැමෝටම තවත් අවස්ථාවක් දෙන්න හැකි වේවි කියලා චූදු සහ ලීබෙයි වල පාලම විදිහට ක්‍රියාත්මක වෙලා.”
අඩක් වසාගත් දෑසින් යුතුව, ෂ්යාඔ චියේ මෙසේ පැවසීය, "ඔවුන් දැන් උපකාර අවශ්‍ය නිසා ඔවුන් තමන්වම පහතට දාගන්න කැමැත්තෙන් ඉන්නේ. මහා ලේකම් කාර්යාලය සහ වැන්දඹු අධිරාජිනිය අනාගතයේදී එකඟ වුනොත්, ලිබෙයි වලට තවත් පුද්ගලයෙක් ව ප්‍රාණ ඇපකරුවෙක් විදිහට යවන්න වෙනවා. ඒ මම නෙමෙයි නම් ෂුන්'එර්."
උරුමය හිමි හුණුපුරාට දැනටමත් සය වසරක් සපිරී ඇත. ෂ්යාඔ චීයේ තවමත් ඔහු හමුවීමට යා යුතුව තිබෙන්නේ ය. නමුත් මෙය ඔහුට තම බැණා පිළිබඳ තරහින් පසු වීම වැළකුවේ නැත. මෙය සාකච්ජා කළ නොහැකි ගණයේ මාතෘකාවකි.
ෂ්යාඔ චීයේ සිය හඬ මෘදු කරගත්තේ ය. "මෙය සාක්ෂාත් කර ගැනීම දුෂ්කර කාරණයක් බව සෙන් යූ දන්නවා, ඒ නිසා ඔහු බලාපොරොත්තු වෙනවා මම දක්ෂිණ චීදොං වලට ගිහින් හුආ සහ චී අතර විවාහ සන්ධානය නතර කරගන්න චී ජූයින්ට ඒත්තු ගන්වයි කියලා."
“සෙන් යූ චූදු වල ඉන්නේ අවුරුද්දෙන් අවුරුද්ද වගේ. ඔහු චීදොං සම්බන්ධව සවිස්තරාත්මක විදිහට දැනුවත් නෑ. විවාහා සංධානයට අදාල කාරණාව ගැන සේනාධිනායකතුමාට කිසිම බලපෑමක් නැහැ.”
ෂ්යාඔ චීයේ පවසන්නට විය. “හුආ ශියැංයී ව විවාහා කරගන්නට යන්නේ චී ශීයූ මියසක් , චී ජූයින් නෙමෙයි. චී ශීයූ කපටි වයසක හිවලෙක්. වර්ථමානයේ තත්නය ඒතරම් යහපත් නැති බව දකිනකොට ඔහුට කොහෙත්ම වුවමනා වෙන්නේ නෑ චීදොං ලීබෙයි ගිය මාර්ගයේම යනවට. ඉතිං ඔහුට චූදු එක්ක තියෙන සබඳතා ශක්තිමත් කර ගන්න වුවමනා වෙයි. සෙන් යූ ට මොනවද චී ශීයූ ට වෙන ලබා දෙන්න පුළුවන්? හයි ලියැංයී ගේ මරණයෙන් වගේම වැන්දඹු අධිරාජිණියගේ සිංහාසනයට පත් වීමත් එක්ක , පැරණි පොරොන්දු සේරම නිෂ්ථල වෙලා තියෙන්නේ. චී ශීයූ ට එය ඒත්තු ගන්වන්න හැකි තරමේ කේවල් කිරීමේ අයිතම ඔවුන් සතුව දැන් නැහැ.…” ෂ්යාඔ චීයේ ගේ හඬ ක්‍රමයෙන් මුණු මුණුවක් බවට පත් වූයේ ඔහු කතා කරන අතරවාරයේදී මය .
ශෙන් ස'චුආන් නිහඬවම කිහිප ව්ටක් ගණනය කර , පසුව ඔහු දෙස හැරී බැලුවේ ය. ඔහු ඇත්තටම නින්දට වැටී සිටියේ ය. ශෙන් ස'චුආන් නැවතත් ලිපිය විවර කර බැලුවේ ය. ඔහු එය වසා දැමීමට පෙර "බ්‍යැන්ජුන්" යන වචනය මත මොහොතකට සිය දෙනෙත් ගෙන ගියේ ය.
ෂ්යාඔ චීයේ හොඳ නින්දකට හිමිකම් කීවේ ය.
◈ ◈ ◈
කෙසේවූවද ෂූඒ ෂ්යූජුඕ නම් නින්දක් නොලැබූ තරම්.
ඔහු දින කිහිපයක් අඛණ්ඩව තම අධ්‍යයනයේ විවේක ගනිමින් සිටියේය. අධිරාජ්‍යයාගේ දියණිය පිළිබඳ මුළු සිද්ධියම ශීෂ්‍යයන්ට ඒත්තු ගැන්විය හැකි නමුත්, කපටි සහ තීක්ෂ්ණ බුද්ධිය ඇති රාජකීය සභාවේ නිලධාරීන්ට ඒත්තු ගැන්විය නොහැකි විය. වත්මන් තත්වයන්ගෙන් ප්‍රයෝජන ගනිමින් ෂුඒ ෂ්‍යුජුඕ මහා ලේකම් කාර්යාලයට එල්ල කළ පහර මහත්මයෙකු කළ යුතු දෙයක් නොවන බව කොං ච්යුට හැඟුණි. වැන්දඹු අධිරාජිනියගේ නිහඬ කැමැත්තට විරෝධය පළ කිරීම සඳහා ඔහු ඒ වන විටත් අනුස්මරණ කිහිපයක්ම ඉදිරිපත් කර තිබුණි. නමුත් එය නිෂ්ඵල උත්සාහයක් වූ අතර, ඔහුට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.
විශිෂ්ට නිර්මාණවලින් පිරුණු, උපායශීලී, අභිලාෂකාමී මිනිසෙක්.
ෂුඒ ෂ්‍යුජුඕ පිළිබඳ තමා කෙතරම් වැරදි ආකාරයෙන් සිතාගෙන සිටි බව දක්වමින් , කොං ච්යූ ඔහුට මේ වදන් දමා ගැසූ අතර ඔහු සමඟ තවදුරටත් කිසිවක් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළේය.
අධිරාජ්‍යයාගේ දියණිය සිහසුනට පත් වුවත් නැතත්, කොං ච්යූගේ නායකත්වයෙන් යුත් රාජකීය රාජසභාවේ නිලධාරීන් මෙවර කිසිදු ප්‍රතිලාභයක් ලබා ගැනීමට අපොහොසත් වූයේ ය. ඔවුන් හන් චෙං සමඟ සටන් කර ඔවුන්ගේ කණුව අහිමි කර ගත් අතර, හන් චෙං ගෙන් ලැබුණු එකම සහනය ඔවුන් ලැබුවේ ෂුඒ ෂ්‍යුජුඕ කොහේදෝ සිට කඩා වැදීම නිසාවෙනි. ඔහු ලබා දුන්නේ අධිරාජ්‍යයාගේ පුත්‍රයා නොව අධිරාජ්‍යයාගේ දියණියයි. ඔවුන් කළ සියල්ල නිෂ්ඵල වී තිබුණි.
සෙන් යූ පරාජය පිළිගත්තේ නැත. අධිරාජ්‍ය වාරණ පිළිබඳ විවේචනය ෂුඒ ෂ්‍යුජුඕ සිතුවාට වඩා බෙහෙවින් තීව්ර විය. ෂුඒ ෂ්‍යුජුඕ සිතුවේ දජෞ දැනටමත් අධිරාජ්‍යයාගේ දියණියට සිහසුනට පත්වීමට ඉඩ දෙන ස්ථානයකට පැමිණ තිබෙන බවයි. මෙයින් ඔහු ඇඟවූයේ රාජ්‍යය සහ එහි පාලනය අවසන් වෙමින් පවතින බවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සම්මතයන් ආපසු හැරවීම සහ හරි වැරැද්ද පටලවා ගැනීම වැනි සිදුවීමක් සිදුවිය හැක්කේ ඒ නිසා බවත් නොවේද?
ඒ වන විට චී ජූයින් අණ දෙන නිළදාරීතුමිය ලෙස තනතුරක් පිරිනැමූ අතර , ඇයව නැවත නැවතත් වාරණය කර තිබුණි. එමෙන්ම දැන්, අධිරාජ්‍යයාගේ දියණියගේ සිංහාසනාරූඪ උත්සවය පිළිබඳ විස්තර සඳහා චාරිත්‍ර අමාත්‍යාංශයේ පොත්පත්වලින් ගලා ආ අතර, ඔවුන්ට සඳහන් කිරීමටවත් අවශ්‍ය නොවන ක්ෂේත්‍ර ඕනෑවට වඩා තිබුණි.
අධිකරණය තුළ වූ රෞද්‍ර කෑ ගැසීම් කිසිදා නතර වූයේ නැත. ෂුඒ ෂ්‍යුජුඕ ට සිදුකළ දෝෂාභියෝග ස්මාඑතරකයන් දුසිම් ගණනික් වැඩි වූයේ ය.
“මට මෙතන ඉන්න ඔබලා හැමෝවම පෙනෙන්නේ අසැබි පිරිමියෝ වගේ?”
පන් ලින් මේ වන විට ඔහු මුහුණ දුන් සියලු දුෂ්කරතාවලින් පසු ආදායම් අමාත්‍යාංශයේ තමාටම නමක් දිනාගෙන සිටියේ ය. රාජකීය පාඨශාලාවෙහි පැරණී ගෞරවනීය වංශයකින් පැවතෙන පන් ෂියන්ජිඒගෙන් පැවතගෙන එන එයි. රාජකීය අධිකරණය කෙරෙහි ඔහුගේ ප්‍රතිචාරය වඩාත් තීව්ර වූයේය.
"දාජෞ වලට මේ අවුරුදු සියයටම කාන්තා රාජකීය ඔටුන්න හිමි කුමරියක් සිටියේ නැහැ! වැඩවසම් ආචාර ධර්ම තමයා ස්වර්ගයේ ගමන් මඟ. යැන් කුමරුගේ සාමාන්‍ය පරම්පරාව මිය ගිහින් තිබුණත් , ඔහුට තවමත් පැවත එන්නන් ඉන්නවා. රාජකීය රුධිර පරම්පරාව සොයා ගැනීම දුෂ්කර වුනත් , උතුමාණන්ට ස්වර්ග පුත්‍රයාගේ අයිතිවාසිකම් තාවකාලිකව ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවා. අපි තවත් සොයා බලමු!"
ෂුඒ ෂ්‍යුජුඕ මෙම සස්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ මත දරන සභා අමාත්‍යවරු දෙපිරිස මැද තනිව සිටි අතර , හේ ස්ථාවර හඬකින් සෙහේ පැවසුවේ ය. “යැන් කුමාරයාගේ උරුමකරුවන් හැමදෙනාම තිබුණේ ඔහුගේ වාසගම. ඔබ මට කියන්න යන්නේ ලෘ වංශයේ රාජකීය පෙළපත් නාමයත් ඔහුගේ නමට වෙනස් විය යුතු බවද? වැන්දඹු අධිරාජිණිය ස්වර්ගයේ ප්රතුයා වෙනුවෙන් හිදීම ඇත්තෙන්ම යුක්ති සහගතයි. අන්තඃපුරයට පාලනයන් මෙහෙයවන්න හැකි නිසා , එහෙමනම් ඇයි කාන්තා ඔටුන්න හිමි කුමරියක් පත් කරගන්න බැරි?”
“තමුන් කරුණු කාරණා විකෘති කරනවා!” සෙන් යූ හැරෘ ෂුඒ ෂ්‍යුජුඕ දෙස බැලුවේ ය.
“වැන්දඹු අධිරාජිණිය ස්වර්ගයේ පුත්‍රයා වෙනුවෙන් වැඩ කරනවා තමයි ; ඒත් ඈ ඔහුගේ තැන ගන්නේ නැහැ. ඔටුන්න හිමි කුමාරයා සිහසුනට පත්වෙන තාක්කල් ,අනතඃපුරයේ බලය ස්වභාවිකවම නියම ස්වාමියාට ලැබේවි! නමුත් අධිරාජ්‍යයාගේ දියණිය සිංහාසනයට පත්වුණායින් පස්සේ අනාගතයේදී රාජකීය උරුමකරුවෙක් සිටිනනා නම්, ඇය තමන්ගේ බලය නැවත ලබා දේවීද?!"
හන් චෙං ගේ වතෙහි සටහන් වූයේ කෝපයකි. ෂුඒ ෂ්‍යුජුඕ ද ඔහුව රවටා ඇති බව ඔහුට හොඳින්ම ප්රත්යක්ෂ විය. වැන්දඹු අධිරාජිණිය සහ මෙම පැරණි විද්‍යාල උගතුන්ගෙන් පිරි වංශ , ෂුඒ ෂ්‍යුජුඕ පැවසූ ආකල්පය යටහත් පහත් කීකරු යමක් නොවූ බැවින් අතෘප්තිමත් ව සිටියෝ ය. හේ අධ්රාජ්යයාගේ දියණියව බොහෝ තදින් අල්ලාගෙන සිටියේ ය. එයින් අදහස් වන්නේ අධිරාජ්‍යයාගේ දියණීය සියසුනට පත්වීමෙන් පසු , අධිකර්ණයේ පාලන බලය හා රාජ්‍ය කටයුතු පාලන කරන්කට ඔහුට බලපෑම් සිදු කරන්නට හැකි බවය. සම්ප්රදායිකවාදීන් ට මෙය එක්තරා ආකාරයක පාවාදීමක් බදු විය.
පබළු තිරය පිටුපස අසුන්ගෙන සිටි වැන්දඹු අධිරාජිණිය තවමත් කතා නොකරන බව දුටු හන් චෙං පවසන්නට විය. “විතරක් නෙමෙයි අධිරාජනයකගේ දියණිය කිසිම විදිහකට පරිභාහිර ලෝකෙට නිරාවරණය වුණේ නැහැ. ඇය මුළුමනින්ම ඇගේ කුටියට විතරයි සීමාවලා හිටියේ. රාජකී කටයුතුවලදී කළමනාකරණය කිරීමේ වගකීම ඇයට භාර දෙන්නේ කෙසේද?
මගේ මතය අනුව නම් සිංහාසනාරූඩ කිරීම සුවයෙන් පස්සෙත් අධිරාජණිය පරිපාලනය මෙහෙයවන්න ඕනේ කියලයි.”
මෙය ඇසීමෙන් පසු කොං ච්යුට තමන්ගේ දෑත් ඔසවා පිටව යන්නට අවශ්‍ය විය. මෙම තත්ත්වය ඇලෙන සුළු ජරා ජීර්ණ මඩ වලක්සේය. වර්තමානය වන විට කිසිදු පාර්ශවයක් සෑහීමකට පත්ව සිටියේ නැත. අධිරාජයාගේ දියණි සිහිසුනට පත්වීම ගැන ඔවුන් නොසතුටට පත් වී සිටි අතර වැඳපු අධිරාජණය පරිපාලනය ප්‍රධානියා වීමද ඔවුන්ගේ අසතුටට හේතු විය නමුත් ඔවුන්ට කළ හැක්කේ මොනවාද? රාජ්‍යයේ ප්‍රධාන නගර අට රාජ්‍ය කටයුතු සඳහා මැදිහත්වීමට ඉඩ දුන්නහොත් එය ශිෂ්‍යයන් කලකිරීමට පත් කරනු ඇත!
කොං ච්යුට ස්වර්ගයෙන් ඔටුන්න එහෙම කුමාරයකු එවන ලෙස ඈදෙන්නට බොහෝ අවශ්‍ය විය! ගුවන්චින් අධිරාජයාට තවත් පෘථිවියන් බිහිකිරීමට නොහැකි වන පරිදි ඔවුන් ඔහු අවුල් කර , වියවුල් සහගත ලෙස වසර දහයකට වඩා පාලනය කර තිබුණි. මේ වන විට රාජකීය උරුමක්කාරයක සිටියා නම් ඔවුන් මෙතරම් ඇසුරු තත්ත්වයකට පත්වේවිද?
ෂුඒ ෂ්‍යුජුඕ ශාලාවෙන් පිටත් තිබෙන පැරැණි ශිලා ලේඛනය වෙතට හස්තිය දිගු කිරීමට විය. ඔහු පවසන්නට විය. “පැරණි මුතුන් මිත්තන් පැහැදිලිවම පවසා තිබෙනවා " අධිරාජයක භාර්යාවෝ පරිපාලනයට කරන්නට නොදිය යුතු බව නොව , අන්තනෝමතික ලෙස දේශපාලනයට මැදිහත් නොවිය යුතු බවයි! මෙහි සිටින විවිධ මහත්වරුන් අද මම ගැන ගොඩක් විවේචනාත්මක විදිහට කතා කරනවා. විවිධ මහත්වරුන්ගේ මත වලට අනුව මම කුමක් කළ යුතුදැයි ඇසීමට තරම් නිර්භීත වෙන්න පුළුවන් ද? අපිට අධිරාජ්‍යයාගේ දියණිය නෙරපා හරින්නවත් වෙනත් වාසගමක් ඇති අධිරාජ්‍යයයෙක් පත්කරනවද කියලවත්, එහෙම නැත්නම් සිංහාසනය හිස්ව තබාගෙන වැන්දඹු අධිරාජනියට රජුගේ සභාවට නායකත්වය දෙන්න හරිනවද ?!”
අධිරාජ්‍ය අධිකරණය තුළ ඝෝෂාකාරී වාතාවරණයක් ඇති වූ නමුත් කිසිවෙකු නිශ්චිත ප්‍රකාශයක් ලබා දීමට ඉදිරියට පැමිණියේ නැත. එවකට ඔවුන් ලී ජ්යැන්හෙංබව ඔටුන්න හිමි කුමරු ලෙස පත් කළ විටත් තත්වය මෙසේම විය. වෙනත් විකල්පයක් නොමැතිව ඔවුන් තබන සෑම පියවරකදීම ඔවුන් පර්වතයේ ප්‍රපාතයට තල්ලු කරනු ලැබුවාක් මෙන් දැනුණේ ය.
දින කිහිපයකට පෙර ෂුඒ ෂ්‍යුජුඕ ඉදිරිපත් වී තවමත් අධිරාජ්‍යයාගේ දියණිය තම හස්තයේ සිටින බව ප්‍රකාශ කළේ නම්, වැන්දඹු අධිරාජිනියට සහ මහා ලේකම් කාර්යාලයට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට උපාය මාර්ගයක් තිබෙන්න තිබුණා පමණක් නොව , ඔවුන් ඔහුට සුහදව සැලකීමටද කැමැත්තෙන් සිටිනු ඇත. නමුත් තීරණ ගැනීමේ මුලපිරීම තමාගේම අතේ තබා ගැනීමට උත්සාහ කරමින්, සෑම කෙනෙකුම ඔවුන්ගේ අවදානම් ලක්ෂ්‍යයෙන් සිර කිරීමට ඔහුට සිදු විය. දැන් ඔහු සතුව අධිරාජ්‍යයාගේ දියණිය සිටි අතර, ඔහුට සහාය වීමට මහජන මතයද තිබුණි. මේ මොහොතේ ඔහුට අත තියන්න එඩිතර වන්නෙ කවුරුද?
කොං ච්‍යු පියවරක් පිටුපසට ගෙන යටත් වූයේ ය. එවැනි යටත් වීමකින් දාජෞ වලට සහ ඔවුන්ට ප්‍රයෝජනයක් නොවන බව ඔහු දැන සිටියේය ඔහු පවසන්නට විය.
“මෙතන අණදෙන නිලධාරීතුමා කියපු එක දෙයක් තිබෙනවා මට ඇත්ත කියලා හිතෙන. අධිරාජ්‍යයාගේ දියණිය දිග කාලයක් තිස්සෙම ඇගේ වාසස්ථානයට පමණක් සීමා වෙලා හිටියා. ඇය ඉහළට ගියත් ඇයට තාමත් සම්භාවය කරන්න වෙනවා. මේ අතරතුරේ මහා ලේකම් කාර්යාලයේ සහය ඇතිව පරිපාලන කටයුතු භාරව අඩ කරන්නේ වෙන්නේ වැන්දඹු අධිරාජිණියටයි.”
ඔවුන් ගත් මෙම අවසාන ස්ථාවරයේදී ඔවුන්ට ස්ථිරව සිටීමට සිදු විය. අධිරාජ්‍යයාගේ දියණියට ස්වාධීනව රජයට සහභාගී වීමේ හැකියාව තිබේද යන්න තීරණය කරන එළිපත්ත බවට ඔවුන් තමන්වම පත් කර ගැනීමට සිදු විය. කොං ච්යුගේ අභිප්‍රාය පැහැදිලිය. මහා ලේකම් කාර්යාලය අධිරාජ්‍යයාගේ දියණිය දක්ෂ බව සොයා ගත් විට පමණක් ඇය දක්ෂ වන්නේ ය. එසේ නොවුවහොත්, ඇය සැමවිටම සිංහාසනයේ වාඩි වී සිටින ශිෂ්‍යාවක් ලෙස පවතිනු ඇත. වැන්දඹු අධිරාජිනියට, මෙය ද එක්තරා ආකාරයක තර්ජනයක් විය. යොංයී පාලන සමයේදී හුආ, පන් වංශ සඳහා කළාක් මෙන්, හන් වංශයට සහාය වීමට වැන්දඹු අධිරාජිනිය නිර්භීත වුවහොත්, ඔවුන් වහාම අධිරාජ්‍යයාගේ දියණිය පරිපාලනය භාරයට පත් කර, වැන්දඹු අධිරාජිනිය පසුපස මාලිගයට බලහත්කාරයෙන් ම ගෙන යනු ඇත.
වැන්දඹු අධිරාජිනිය පබළු තිරය පිටුපස බොහෝ වේලාවක් නිහඬව වාඩි වී සිටි අතර, පසුව ඇය මෙසේ පැවසුවාය: "අධිරාජ්‍යයා වෙනුවෙන් දවස පුරාම වැඩ කරලා මට හරිම අපහසුතාවයක් දැනෙනවා. දැන් ඇත්තටම ඔටුන් එහෙම කුමාරියක් ඉන්න නිසා මම ඒ විදිහට දිගටම කරගෙන යන එකේ ඇත්තටම නුසුදුසු දෙයක්. සිංහාසනාරූඩ කිරීම උත්සවයෙන් පස්සේ මම බුද්ධ ශාලාවට පසු බහිනවා. තවදුරටත් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ නෑ."
ඇය තත්ත්වයන් යහපත් අතට හැරවීම සඳහා පසුබැසීමට උත්සාහ කරන බැවින් පැමිණි සියල්ලෝම එක හඬින් දණ ගසා කෑ ගසන්නට වූහ. “ උත්තමාවිය ලෝකයේ මාතෘ මූලිකයායි. ඔබ ඔබේ ගෞරවනීය ආත්මය පහත් කර නොගත යුතුයි.”
ෂුඒ ෂ්‍යුජුඕ ඔවුන් අතර දණ ගසා සිටි අතර ඔහුගේ පිට දහඩියෙන් තෙත් වී තිබිණි. හිස බිමමත වදින සේ ඔහු ආචාර කළේය.
පුදුමයට කරුණ නම්, ඔහු කොං ච්යුව ප්‍රතික්ෂේප නොකිරීමය.
◈ ◈ ◈
නින්දෙන් පසු ෂ්‍යාඕ චියේ ජවසම්පන්න බවින් පිරී සිටියේය. ඔහු තම උදෑසන ආහාරය අවසන් කළා පමණි, ඔහු වාහල්කඩ යට දෙපා හරස් කරගෙන වාඩි වී මෙං ට ආහාර කවමින් සිටියේ ය.
බ්යන්ජුන් කැරලි ගැසූ බවට වූ පුවත ඇසූ විට, ඔහු සහ මෙං එක්ව ශෙන් ස'චුආන් දෙස හැරී බැලුවෝ ය.
යූ ෂ්යාඔසායි පසෙකින් ඔහුගේ විලුඹ මත වාඩි විය. මෙය දුටු ඔහු හදිසි ලෙසින් පවසන්නට විය. "මමත් ඒක අහලා කම්පනයට පත් වුණා. හමුදාපති ලූ හමුදා දක්ෂතා සහ වංශයකින් පැවත එන්නෙක්; ඔහුට කැරලි ගහන්න පුළුවන් වුණේ කොහොමද? බ්යන්ජුන් හමුදා කටයුතුවල තත්ත්වය පරීක්ෂා කරන්න කියලා අමාත්‍ය කොං වහාම යුද අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා. රාජකීය ආරක්ෂකයින් අධීක්ෂණ නපුංසකයා නඩු විභාගයට ලක් කළා , බ්යන්ජුන් වලට වෙන් කළ මුල් හමුදා ප්‍රතිපාදන පුස් ගැහී ගිය ආහාර බව සොයා ගන්න ඔවුන්ට මාසයකට ආසන්න කාලයක් ගත වුණා."
ෂියාඕ චියේ තවමත් මවිතයට පත් ව සිටියේය. ඔහු ඉක්මනින් නැඟිට කාමරය තුළ ආලෝකය අවහිර කරමින් මෙසේ පැවසීය, "පුස් ගහලා? අපි එදා චීදො වල හමුදා සැපයුම් හර අඬකින් අඩු කරන්න එකඟ වුණා. බාල ධාන්‍ය ගුණාත්මක ධාන්‍ය ලෙස ඔවුන්ට ලබා දීම ගැන කිසිම අයෙක් කිසිවක් පැවසුවේ නැහැ."
ඒ කාලයේ ලිබෙයිහි සටන් තත්ත්වය තීරණාත්මක වූ නමුත්, බ්යන්ජුන් වලට බ්‍යැන්ෂා සමඟ ද සටන් කරන්නට සිදු ව තිබුණි. ෂ්යාඔ චියේ කොතරම් කනස්සල්ලෙන් සිටියත්, ඔහු කිසි විටෙකත් කිසිවෙකුට ලු ගුආංබායි ගේ සේනාංක වලට පුස් ධාන්‍ය පුරවන්නට ඉඩ නොදෙනු ඇත. හමුදා ආහාරමය සැපයුම් කිසිවෙකු අවුල් කරතැයි කියා කනස්සල්ලට පත්ව සිටි හේ , ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම චෙන් යැං සහ ගු ජින් පිටත් කර හැරියේ ය. නමුත් බ්යන්ජුන් වෙත එවැන්නක් සිදු කරන බව ඔහු කිසිවිටක සිතා තිබුණේ නැත.
"සේනාධිපති තුමිය තවමත් මම එක්ක සටන් කරන්න නොපැමිණීම පුදුමයක් නෙමෙයි." මෙංට වාඩි වීමට ඉඩ දීම සඳහා ෂ්යාඔ චියේ ඔහුගේ අත එසවීය. ඔහුගේ මුහුණේ තිබුණේ බරපතළ පෙනුමකි. "ඇයට ලු ගුආංබායි අහිමි වුණා. චූදු අපිට ඉක්මනින් මුහුණ දෙන්න උතුරට පැමිණෙන ඉක්මන් වෙන එකක් නෑ. බ්යන්ජුන් අතර සීමා පරතරය වහන්න ඔවුන්ට ඇයට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. ඒත් ලූ ගුඅන්බායි..." මේ ඔවුන් කතා කරමින් සිටි ලු ගුවාන්ග්බායි ගැනයි!
සාක්ෂිගේ හදවත ගිලා බැස්සේය ඔහු පවසන්නට බ්යන්ජුන් ඉන්න සොල්දාදුවන් විසිදාහම බල සේනාංක සෙබලුන්. යන්න තැනක් නැති හින්දම ලොව ගුවන් බයට සිද්ධ වෙනවා තමන්ගේ හමුදා කාන්තාරේ ගැඹුරට මෙහෙයවන්න කාන්තාරය බ්‍යැන්ෂා අශ්වාරෝහක සේනාංකයේ භූමිය. බ්යන්ජුන් වල ඉදලා සැගවී සිට පහරදීමේ වාසිය ඔහුට අහිමි වෙනවා. ඔහුට අනිවාර්යෙන්ම තමන්ගේ සුපුරුදු සටන් විලාසය වෙනස් කරගන්න සිද්ධ වෙනවා.
ඇයි ඔහු සෞතියන් කඳු තැන්නට නොගියේ?!”
ඔහු සෞතියන් කදු තැන්නට හෝ තියැන්ෆෙයි මුරටැඹට මෙහෙයවුවා නම් අනර්ඝ ය.
තවමත් ෆෙං වංශයේ භට පිරිස් සුඕතියන් කදු තැන්නෙ හි ස්ථානගත කර සිටී. මෙම ස්ථාන දෙකම සුඕ ච්යැන්චියූ ගේ පෙර ඒකක යැයි පැවසිය හැකිය. සුඕ ච්යැන්චියු දැන් ලීබෙයි හි හමුදාපතිවරයෙකු වූ අතර ලු ගුඅංබායි ගේ සහෝදරිය වන ලූ යිජී ෂ්‍යාඕ ජීමිං ගේ භාර්යාව වූවා ය. ඔහු මේ ස්ථාන දෙකෙන් එකකට හෝ ගියොත් කිසිවෙකු ඔහුට නරක ලෙස සලකන්නේ නැත.
නමුත් ඔහු නැගෙනහිර දෙසට යාමට තීරණය කළේ ඇයි?
කාන්තාරයේ සිටියේ බ්යන්ෂා ගෝත්‍ර දොළොස පමණකි.
___________________________________

ගොඩ කාලෙකින් නේ... මම මේක සතියට පුළුවන් හැමදාම දෙනවා නවත්තන්නේ නැ. බය වෙන්න එපා. ♥️♥️
හෙට තව කොටසක් ගේන්නම්. ආදරෙයි ❀🩵
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment