Chapter 1
"ඔබට මොනවද පේන්නේ?"
"කඳු ශිඛරයක් තරම් විශාල මළ සිරුරු කන්දක්. රුධිර ගංගාවක්."
"ඔබ පැමිණියේ ඇයි?"
"මරන්න."
"ජිංලින්." තථාගත බුදුරජාණෝ අනුකම්පාවෙන් යුතුව බැල්මක් හෙළු සේක. "ආපසු හැරෙනු, ගැලවීම අත මානයේ ය."(1.)
ජිං ලින් ඔහුගේ හිස එසවූ අතර ඔහුගේ සිරුරෙන් ආලෝකයක් විහිදුනි. ඔහුගේ දෑස් හිම මෙන් ශීතල වූයේ ය. ඔහුගේ වස්ත්‍රයන් රුධිරයෙන් පෙගී තිබුණේ ය. ඔහුගේ අසිපතෙහි හිස පොළව ස්පර්ශ කළ අතර බිම සීරිමට ලක් කළේ ය. හේ අසීමිත රැධිරය වැකි සාගරයකින් වටවී සිටියා පමණක් නොව ඔහුගේ හිසට ඉහළින් අසංඛ්‍යාත දෙවි දේවතාවෝද බුදුවරුද වැඩ සිටිය හ.
ජිං ලින් මෘදු හඬින් පැවසුවේ ය. "දැන් ඒකට ප්‍රමාද වැඩියි."
පිං ලින් පියගැට පෙල මතට පා තබත් ම වලාකුළු අතර සිටි තුන් දහසක් සන්නාහයන් එක්වරම පසුබා ගියෝ ය. ඔහු පියනගන සෑම පියවරක් පාසාම , තුන් දහසක් වූ සන්නාහ පැළඳි සේනාවන් පියවරක් පසුපසට ගත්හ. ඔහුට මුහුණ ට මුහුණලා සිටි සියල්ලෝම ගිම්හානයේ සරන රැහැයියන් (2) මෙන් නිහඩව සිටිය හ. නිසැකවම ඔහු හුදෙක් එක් පුද්ගලයෙකු පමණක් විය හැකිය, නමුත් ස්වර්ගයේ හා පොළෝ තලයේ දෙවිවරඅන් ඔහුට මුහුණ දුන්නේ ඔවුන් දෙසට පියවර තබන්නේ භයානක සතුරෙකු විලසට ය. ඔහු පියවර තැබුවේ හුදෙක් එය සාමාන්‍ය යමක් සේය. හරියට , ඔහු තවමත් සැමදෙනාටම හුරුපුරුදු වූ පැරණි ලින් සොං ජුන් වූ සේමය.
පූජාසනයේ වූ නෙළුම් පොකුණ රැලි නගමින් රුධිර බිදු වැගිරී ගියේ ය. වලාකුළු'තර සිටි තුන්දහසක සන්නාහ සන්නද්ධ සේනාවන්ගේ සේනාධිපතියා වන ලී රොං දිගු හෙල්ලයක්ද අතැතිව නෙළුම් පොකුණ මත දණින් වැටී බැරෑඩි හඬින් මොරදුන්නේ ය. "ජිං ලින්, ඇයි ඔබ මෙසේ කරන්නේ? දවස අවසානෙදි ,ඔබට යන්න කිසිම තැනක් නැති වේවි. ඇත්තටම ඔබට කොයිතරම් වෛරයක් සහ අමනාපයක් තියෙන්න ඕනේද? ඔහු වරදක් කලා වුනත් , ඔහු දඬුවම් ලබා දීම භාර කරන්න ඕනේ නමවෙනි ස්වර්ගයටයි. ඇයි ඔබ කිසිවක් නොකියන්නේ? ඇයි ඔබ කිසිම දිනක කිසිවක් ම නොපැවසුවේ ? ඔබ හැමදාම අපරික්ෂකාරි සහ මුරණ්ඩු විදිහට මාර්ගයේ ගමන් කරලා තමන්ගෙම මිතුරන්වයි හිතවතුන්වයි අතහැරලා හුදෙකලා වෙන තරමට පත්වෙලා. ජිං ලින්—!"
ලී රොං රුධිරය පිටතට දැමුවේය. ඔහුගේ දෑස් රත් පැහැ ගැන්වී , ඔහුගේ සියොලගින්ම වෙව්ලමින් හැඬුම් වලින් මිරිකෙමින් සිටියෙ ය.
"—ඔබට ජීවත් වෙන්න වුවමනා නැතිද?"
ජිං ලින් මේ වන විටත් පියගැටපෙලෙහි අවසාන පඩියට ලඟා වී සිටියා. ඔහු තමන්ගේ හැම උණුසුම් , මෘදු හැගීමක්ම ඉවත් කර දමා , අස්ථීන් පවා ශීතල කර දමන හැගීමක් පමණක් ඉතිරි කරගෙන සිටියා. තථාගත බුදුරජාණන් වහන්සේ හස්තයෙහි කුසුමක් රදවාගෙන තමා පිටුපසින් භික්ෂූන් වහන්සේලා වැඩසිටිමින් එක්ව සූත්‍ර සජ්ඣායනා කරන අතරේ ජිං ලින්ට මුහුණ දුන්නේ ය. ස්වර්ගයේ අසංඛ්‍යාත පිරිවරයන්ගෙන් පිරී සිටියද , ඒ කිසිවෙකුත් ජිං ලින් සමග සිටගත්තේ නැත. ඔහුගේ අසිපතෙනි තියුණු මුවහත මෘදු ලෙස පොලොව ස්පර්ශ විය. අවසන ඔහු තම පියනැගීම නතර කර දැමුවේ ය.
පියනක් රහිත විසල් රත්‍රන් මිනී පෙට්ටියක් බුදුරදුන් ඉදිරිපිට තිරස් අතට තැන්පත් කොට තිබුණේ ය. මිනී පෙට්ටිය මත වැතිරී සිටි පුද්ගලයා ත්‍රිත්ව සංස්කෘත දම්වැල් මගින් මුදා කර තිබුනේ ය. ඔහුගේ දෑස් වසා තිබුනු අතර , ඔහුගේ භාව ප්‍රකාශනයන් හේ තද නින්දක පසුවෙනවාක් මෙන් සන්සුන් බවක් ඉසිළුවේ ය.
"නුඹ මෙතරම් සැහැසි අපරාධයක් සිදුකරලත් , තවමත් මුරණ්ඩු ලෙස හැසිරෙනවා. " කාරුණික වතකින් හෙඹි , තථාගතයාණෝ ජිං ලින් දෙස බලා වදාළේ ය. "ඔබේ උත්තරීතර පාලකයාණ් වූ පියරජතුමා ඔබ ඉදිරියේ සිටිනවා. ඒවගෙම ඔබ තවමත් ඔබේ අසිපත බිම හෙලන්නට කැමති නැනැ. ඔබට අවැසි ඔබේ මුළු ජීවිත කාලයේම යහපත් කුසල් විනාශ කර දමලා ඒවගේම ඔබ ඔබේ මිතුරන්ව වගේම පියාවත් මරාදමලද මෙය අවසන් කර දමන්නේ?"
ඔහුගේ වදන් ජිං ලින් ට නෑසුණේ ය.හේ ක්ෂණික ව තම අසිපත යැන් චුඅන් (3) ලෙලවා කොළ පැහැති සිරස් ආලෝකයක් විසිරී යන්නට සැලැස්වූයේ ය. භික්ෂුන් වහන්සේ ලා මැතිරූ සූත්‍ර සජ්ජායනාව එක්වරම නැවතී ගියේ ය. ඉක්බිතිව හරිත අසිපත් පහරින් ප්‍රචණ්ඩ කුණාටුවක් නිර්මාණය විය. එක් මොහොතකට, පිරිවර සිය මුහුණ සිය කබා අත් වලින් ආවරණය කරගත් අතර ; තථාගත බුදුරජාණෝ පමණක් නොසැලී එලෙසම සිටි සේක.
“ජිං ලින්.” තථාගතයාණන් කරුණාවෙන් යුතුව වදාළ සේක. “පූජාසනය ට හිස නමා යටත් වනු. පසුතැවිලි වෙනු, එවිට නුඹට නුඹේ පව් වලින් නිදහස් විය හැකියි.”(4)
බුදුරජාණන් වහන්සේගේ දීප්තිය සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරෙද්දී ඔහු වඩා සියපත් පුෂ්පයන් වියසිත වන්නට විය. සූත්‍ර සජ්ජායනය ද නොනවත්වාම සිදුවූයේ ය. වලාකුළු'තර සිටි සන්නාහයෙන් සන්නද්ධ තුන්දහසක් පමණ වන සේනාංකයන් ද ජය ඝෝෂා නගමින් ඉදිරියට පැමිණිය හ. නමවන ස්වර්ගයේ පේසාව තුල වූ සීනුව නාද වනු ඇසුනේ බොහෝ ඈතිනි , ශෙං ලේ දෙවඟන ව පෙනුණේ ඈ හඬා වැලපෙනවාක් සේ ය. නමුදු, ජිං ලින් පසු නොබැස්සේ ය. ඔහු ඉදිරියට පිම්මක් ගෙන , හරිත පැහැ ප්‍රහාරයන් රිදී පැහැ සන්නාහ වල ගැටි දෝංකාර දුන්නේ ය. අදුරු රත් පැහැ රුධිර මල් විසිරි ගියේ ය. වලාකුළු රත් පැහැ වියනකින් වැසීගියේ යැන් චුඅන් අසිපත රසදිය වලින් නිමවා ඇති සේය. රුධිරයේ දුර්ගන්ධය නිසා සියල්ලන්ගේම සමබරතාවය බිඳි ගියේ ය. ඔවුන'තර සිටි සමහර දේවතාවුන් පසුබසින විට සිය මුවත් නාසයත් ආවරණය කරගත්තේ , ජිං ලින් දෙස බිය මුසු කම්පනයකින් යුතුව බලමින්. ලින් සොං ජුන් (5) , ඔවුන් කලාතුරකින් හෝ ඇසුරු කළ පුද්ගලයා හදිසියේම මෙතරම් සංහාරයට අධිපති දෙවියෙකු බවට පත් වූයේ මන්දැයි ඔවුන් දැන සිටියේ නැත.
ජිං ලින් පය තබන සෑම පඩියක් පාසාම රාධිර බිදු ගලා ගියේ ය. අසල සිටි පුද්ගලයන් පවසන ලද සංවාදයන් ඔහුට ශ්‍රවණය වූයේ නැත; ඔහුට දැකීය හැකි සිතීය හැකි එකම දෙය වූයේ ඒ රත්‍රරන් මිනී පෙට්ටිය පමණ ය. තථාගතයාණෝ සුසුමක් හෙළු හ, නමුත් ජිං ලින්ට , ඔහුව පෙනුණේ බොහෝ ඈතිනි. ඔහු ලී රොං පසු කරන විට, ලී රොං ඔහුගේ දෑත් ඔසවා ඔහුගේ මාර්ගය අවහිර කලමුත් , ඔහුගේ වස්ත්‍රයෙහි ගෑවෙන්නට සමත් වූයේ ඔහුගේ අතැගිලි පමණයි. ඒ මොහොතේ දී රත්‍රරන් ආලෝකය රත් පැහැ ගැන්වුණු වලාකුළු අතරින් පෙරී ආ අතර , ඔවුන් එකම මාවතක හෝ එකම පැත්තක සිටීම නවතා දැමූ හ.
“ජිංලින්—!” හදිස්යේම ලී රොංගේ හදවතෙහි ශෝකය ගලා යන්නට විය. හේ වැනෙමින් නැගී සිටඔහු පසුපස හඹා යන්නට හස්තයක් දිගු කළේ ය. නමුත් ඔහු බරපතල ලෙස තුවාල ලබා තිබුණෙන්, ඔහුගේ සිරුරෙහි වූ සන්නාහය කැඩි විසිරී ගියේ ය. ඔහු ජිං ලින් ගේ සිරුර රත්‍රන් ආලෝකයක් ලෙස අතුරුදහන් වන අයුරු බලා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ සිය අතැගිල්ලක් පහත් කළ විගසම යැන් චුඅන් අසිපත හරිත පැහැයට පත්වූයේ ය.
පොළෝ තලය හා ස්වර්ගය අතර දරුණු සුළි සුළං හමා ගියේ ය. යරන් චුආන් අසිපත ඒ වන විටත් සංස්කෘත අක්ෂර වලින් සෑදුනු දම්වැල් බිද දමා මීනි පෙට්ටිය කුළ සිටි මිනිසාගේ හිස පසාරු කර තිබුණේ ය. ඊලග මොහොතේ දී , අනන්තීය රැධිර ගංලාවක් රැළි නගමින් ගලා එන්නට විය. නමවන ස්වර්ගයේ පාලයන් සිව්දෙනා එක්වරම මුදුාවක් තැබූ අතර නමවන ස්වර්ගය දරුණු ආකාරයෙන් කම්පනය වූයේ වලාකුළු වලට දැඩි ප්‍රහාරයක් එල්ල වූ සේයි.
තාරකා එක්රැස් වූ අතර රන් ආලෝකය සුළි කුණාටුවක් බවට පරිවර්තනය වන විට සංස්කෘත අක්ෂර භ්‍රමණය වන්නට විය. භික්ෂූන් වහන්සේලා ගේ සජ්ඣායනය වේගවත් වූ අතර, ජිං ලින් ව වටලනු ලැබීය. ඔහු ඔහුගේ ආශාව ඉටු කර ගෙන සිටියේ ය. ඔහු සිය හස්තයෙහි වූ හිස පියගැටපෙළින් පහළට විසි කර සෙමින් ආපසු හැරී බැලුවේය. ලී රොං ගේ මුහුණ කඳුළු වලින් වැසී ගියේය. ඒ මොහොතේම ඔහුට ජිං ලින් දුන් පිළිතුර ඔහු දුටුවේය.
*ඔබට ජීවත් වෙන්න අවැසි නැද්ද?*
*මගේ ජීවිතය දැන් තිබෙන්නෙ වෙන මාවතක, ඒ ගැන අමතක කරන්න*
පුපුරා ගිය අකුණු සැර සහ ගිනි පුපුරු අතරින්, ලී රොං දුටුවේ ජිං ලින් ඇතුලාන්තයෙන්ම වැසී ආකාරයයි. එම හරිත ප්‍රතිදීප්ත ආලෝකය පවා මැකී ගියේය. එතැන් පටන් ලින් සොං ජුන් තවදුරටත් ස්වර්ගයේ හෝ පොළෝ තලයේ නොසිටියේය. ඔහුගේ අතීතයේ සුළගින් ගසාගෙන ගොස් , අවසන කිසිවක්ම නොමැතිවන සේ වියැකි ගියේ ය.
₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪₪
පදරුත්
1.) වචනාරථයෙන්: දුක්ඛිත සමුදුරට සීමාවක් නොමැත, වෙරළ දෙස හැරී බලන්නට කිසිසේත්ම ප්‍රමාද නැත. පසුතැවිලි වන්න, ගැලවීම අත ළඟය.
2.) ගිම්හානයේ සරන රැහැයියන් මෙන් ; බියෙන් නිහඩව සිටීම හඟවයි.
3.) යැන් චුඅන් අසිපත; ජිං ලින් ගේ අසිපතයි
4.) මස් කපන වෙළෙන්දා දැලි පිහිය බිම දමන්නේ නම් එක්වරම බුදු බව අත්කර ගන්නේ ය. වැරදි කරන්නා අකුසලය අත්හැරීමත් සමඟම ගැලවීම ලබාගන්නේ ය.
5.) ලින් සොං ජුන් ලෙස හදුන්වන්නේ ද ජිං ලින් ම ය.
මේක වෙනස් කතාවක්. පලවෙනි වතාවට මාව ගැස්සිලා ගියා. ආරම්භය මෙහෙම නම් ඉස්සරහට කොහොමට තියෙයි ද?
මම Devil Puppy
සියළුම පරිච්ඡේද | පසු පරිච්ඡේදය
❤️❤️❤️
ReplyDelete💕💕💕
Delete❤️❤️
ReplyDelete💕💕💕💕
Delete