තිස් අටවන පරිච්ඡේදය : බලා සිටියා ඇතිද? අතීතයේ දී නම් ෂියාඕ සේ, එවන් පුද්ගලයෙකු සමඟ මද වේලාවක් හෝ කෙළිලොල් ලෙස ගත නොකර, නොඑසේ නම් අවම වශයෙන් පුද්ගලයාගේ රසයක් ලබා නොගෙන එවැනි සුන්දරත්වයක් අත් නොහරිනු ඇත. එහෙත් මේ මොහොතේ එම පුද්ගලයාගේ වතෙහි පැහැදිලි දසුනක් තම දෑස්වලට ගෝචර කරගැනීමටවත් කාලයක් ඔහුට තුබුණේ නැත. අද රාත්‍රියේදී යුවන් චින් ඝාතනය කිරීම අත්‍යවශ්‍ය දෙයක් වූ අතර බයි රොං විසින් එම කර්තව්‍යය දැනටමත් අත්හැර දමා තිබුණි. අසාර්ථකත්වය තවදුරටත් ඔහුට විකල්පයක් නොවී ය. එහෙයින් යැන් වුෂි ඉදිරියේ තමාට ඇති අවස්ථා කෙතරම් අවමදැයි හේ දැන සිටියද, උත්සාහයක් ගැනීම හැර වෙනත් විකල්පයක් ඔහුට ඉතිරිව තිබුණේ නැත. තම බඳපටියේ රඳවා තුබූ පවන්පත පිටතට ගත් ෂියාඕ සේ මැණික් කටුව සොලවා යම් චලනයක් සිදු කළේ ය. ඒ සමඟම එහි පවන් පත් කෙළවරින් තියුණු තල ගණනාවක් ක්ෂණිකව මතු විය. අනතුරුව වාතය හරහා අනෙක් පුද්ගලයා වෙතට ගසාගෙන යන පරිද්දෙන් එය ඉවතට වීසි කළ ඔහු මේ අතරතුරම තම පාදවලින් බිමට තට්ටු කොට පොළොවෙන් ඉල්පී ෂෙන් ච්‍යාඕ දෙසට පැන නැඟුණේ ය. පසුව ඔහු විසින් අත්ලෙන් මවන ලද සුළං පහර මධ්‍යයයේ හේ නැවතත් සිටි ස්ථානයටම පැමිණියේ ය. මු
මේ සියල්ල රසික පරිවර්තන වේ. 🔴 උපුටා ගැනීම තහනම්.