භීතියෙන් ඇලලී ගිය ලී ජ්යැංහෙන් , සිය වෙව්ලන පාදයෙන් මිනිසා ගේ හිස ඉවතට තල්ලු කළේ ය. ඔහු තවදුරටක් පෙනී සිටීම පිළිබඳ කරදර වූයේ නැත. මේ අවස්ථාවේදී, ඔහුට අවශ්‍ය වූයේ මකර සිංහාසනය තුළට හැකිළී යන්නටයි. ඔහුගේ සවන්කුළ ඝෝෂාකාරී ස්වභාවයක් ඇති වූයේ ඔහු සිය ඇදුම මතට වැගිරුණු නැවුම් රුධිරය උරාගන්නා ආකාරයට බලා හිදිද්දී ය. ඔහුට එය දැනුනේ කවුරුන්හෝ සිය ගෙල සිරකරනවාක් මෙන් ය ; දිගු වෙලාවකට පසුවද , ඔහුට එකඳු වදනක් හෝ කතා කර ගැනීමට නොහැකි විය.
එක් දණහිසක් මත දණ නැමූ ශෙන් ස'චුආන් රෞද්‍ර මුහුණක් සහිතව මෙසේ පැවසීය, “බිය යෙන්න එපා , රජතුමනි. මේ වෙනකොටත් අපි මිනීමරුවාව ඝාතනය කරලා අවසන්. මේ නිහතමානි සේවකයා ඔබව ආරක්ෂා කරන්න පැමිණෙන්න ප්‍රමාධ වුනා. මේ කළ වරදට , මා මිය යෑමට සුදුසුයි!”
ලී ජ්යැංහෙන් සිංහාසනයේ අත්වාරු අල්ලාගෙන හුස්මක් ඉහලට අදිද්දී සිය අත් පා අඩපණ වී ඇති බව දැනෙන්නට වූ අතර ඔහු මෘත දේහය මතින් ශෙන් ස'චුආන් ගේ මුහුණ වෙතට සිය දෑස් හැරවීමට අරගල කරමින් සිටියේ ය. ඔහු හඬා වැටෙමින්ම ශෙන් ස'චුආන් ගේ ඇදුමේ අත් වාට්යෙන් අල්ලාගෙන පවසන්නට විය. , “ප්‍රමාද නැහැ… කොහෙත්ම ප්‍රමාද නැහැ! ඔබ… ලන්ජෞ, ඔබ එය හොඳින් ඉටු කළා! මම, මම ඇත්තටම…”
“කවුරුන්හෝ රාජකීය වෛද්‍යවරයාව කැඳවන්න!” මළ සිරුර පිළිබඳ අවධානය යොමු නොකරමින් , වැන්දඹු අධිරාජිණියට වේගයෙන් ඉදිරියට පැමිණියා ය. ඈ ලී ජ්යැංහෙන් ගේ හස්තය අල්ලාගනිමින් මෘදුව පවසන්නට විය, “රජතුමනි , රජතුමනි?”
ලී ජ්යැංහෙන් බියෙන් කම්පනයට පත්වී සිටියේ ය. ඔහු සිය ඛේටය අමාරුවෙන් ගිලගත් අතර වැන්දඹු අධිරාජිණියගේ හස්තය ගසා දමමින් ශෙන් ස'චුආන් ගේ ඇදුමේ අත තදින් ග්‍රහණය කරගත්තේ ය. ඔහු ආයාචනා කළේ ය, “මෙතැන ඉන්න. අධිරාජ්‍ය ආරක්ෂකයින්ට නායකත්වය දීලා මාව ආරක්ෂා කරන්න මෙතැනම ඉන්න!”
“රාජකීය ආරක්ෂකයන් සිටින්නේ ඔබතුමාගේ ආරක්ෂාව වෙනුවෙනුයි.” ශෙන් ස'චුආන් පැවසුවේ ඇසිපියකුඳු නොහෙලමිනි. “අධිරාජ්‍යයා වෙනුවෙන් , රාජකීය ආරක්ෂකයන් නොබියව ජලයත් අග්නියත් හරහා ගමන් කරනවා. මේ නිහතමානී සේවකයාට ඔපතුමාව මිංලී ශාලාවට රුගෙන යන්න ඉඩ දෙන්න .”
භෝජන මංග්රයේ සිටි සියල්ලෝම දැඩි ලෙස කම්පනයට පත්ව සිටියෝ ය. ෂුඒ ෂ්‍යුජුඕ පියවර කිහිපයක් ඉදිරියට ගෙන තියුණු ලෙස පවසන්නට වූයේ ය, “රාජකීය ආහාර සැපයඅම්කරුවන් සියල්ලවම අත්අඩංගුවට ගන්න, රාජකීය උත්සව මණ්ඩලය, රාජකීය මුළුතැන්ගෙය ඒවගේම රාජකීය මත්පැන් හල. හිතනවා දිව්‍ය පුත්‍රයාගේ පුද්ගලික සේවකයන් අකර ඝාතයන් නැඟවිලා ඉන්න බව. අභ්‍යන්තර මාළිගා නපුංසකයන් සහ ආරක්ෂකයන්ගේ ආරක්ෂක විධි විධාන වලට සම්බන්ධ සියලු දෙනාටම වගකියන්න වේවි! ”
“අද රාත්‍රියේ මුර සංචාරය භාර වෙලා තිබුණේ කාටද?” වැන්දඹු අධිරාජිණිය විමසුවේ ය.
භෝජන මණ්ඩපය නිහඬතාවයේ පසුවිය. ෂ්‍යාඕ චීයේ ආචාර කරමින් පවසන්නට විය, “අධිරැජිණියට පිළිතුරු දෙනවා , ඒ මේ සේවකයාටයි.”
වැන්දඹු අධිරාජිණිය එතරම් දුර දිග නොගියා ය. ඉන්පසු , ඇ ලී ජ්යැංහෙන් දෙස බැලුවේ අනෙක් අමාත්‍යවරුන් සේමය.
මේ නපුංසකයා රාජකීය ආහාර සැපයුම්කරුවන්ගේ කෙනෙකු වීමට නම්, ඔහුට පළමුව පිරිසිදු පවුල් පසුබිමක් සහ පිරිසිදු ඉතිහාසයක් තිබිය යුතුය. ඔහු මාලිගාවට ඇතුළු වූ වේලාව, ඔහු සේවය කළ "යාමෙන් විසිහතර" අතර සේවා සහ කාර්යාලයන් , සහ ඔහු අතීතයේ අභ්‍යන්තර මාලිගයේ නපුංසකයින් සමඟ හොඳින් ඇසුරු කළේද යන සියල්ලම විමර්ශනය කළ යුතුව තිබුණි. එපමණක් නොව ඔහු ඇසුරු කළ පුද්ගලයන් පවා පරීක්ෂා කර නිල ලිපිගොනුවල සටහන් කිරීමට සිදු වෙයි. ෂ්‍යාඕ චීයේ ආරක්ෂකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකිව යුතු විය. නිලධාරීන් සියයකගේ භෝජන සංග්‍රහයට පෙර ඔහු මේ සියලු කාරණා හොඳින් පරීක්ෂා කළ යුතුව තිබුණි. ඝාතකයා ඔහුගේ ආරක්ෂක ස්ථර හරහා ගමන් කර ඇත. ඔහුට සිය වගකීමෙන් මිදෙන්නට කිසිඳු ඉඩක් හෝ හැකියාවක් නොතිබුණේ ය.
ලී ජ්යැංහෙන් ගේ දෙතොල් වියෑළී ශෘතල දහදියෙන් නෑවෙමින් සිටියේ ය. ලී ජ්යැංහෙන් පවසන්නට විය, “ හැම සේවයකම නියුතුව සිටින නපුංසකයන්ව පළමුව අත් අඩංගුවට ගන්න. මම…”
සිය වාක්‍ය සම්පූර්ණ කිරීමට පෙර, හේ සිහි මුර්ජා විය.
◈ ◈ ◈
අද රාත්‍රිය නිදි වර්ජිත රාත්‍රියක් වීමට නියම වී තිබුණේ ය. ලී ජ්යැංහෙන් අභ්‍යන්තර කුටියේ සිහිසුන්ව වැතිරී සිටියේ ය. එාජකී වෛද්‍යවරුන් පිරිස ද එක්රුස් වූ අතර , වැන්දඹු අධිරාජිණිය තිරයට පිටුපසින් හිඳ ඔවුන්ගේ රෝග විනිශ්චයට නැවත වරක් සවන් දුන්නා ය. හායි ලියැංයී පැත්තකින් හිදිමින් , වැන්දඹු අධිරාජිණිය උපදෙස් ලබාදෙන අයුරු බලා සිටියේ ය.
හැන් චෙං රාජකීය ආරක්ෂකයන් ද සමග සිය අසිපත් අතැතිව හොදින් අවධානය යොමු කරමින් සිටගෙන සිටියෝ ය. රාජකීය අමාත්‍යවරුන් පිටත දණ ගසා සිටිය හ. යුආන්චුන් රාත්‍රිය ඇදහීය නොහැකි තරම් ශීතලකින් යුතු විය. බොහොමයක් වයෝවෘද්ධ නිළදරයෝ ශීතලෙන් පීඩා විදිමින් සිටි නමුත් , ඔවුන් එය දරාගෙන සිට්යේ එය සිය කැමැත්තෙන් මය.
සම්පූර්ණ මාළිගයම, ශීතල වාතාවරණයකින් වෙලාගෙන තිබූ අතර , දැඩී නිහඬතාවයක ගිලී පැවතියේ ය.
ඔවුන් අතර ෂ්‍යාඕ චීයේ සිටියේ නැත. අධිකරණ අමාත්‍යාංශයේ හා ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ අදාළ පිරිස් සමඟ අභ්‍යන්තර මාලිගාවේ නපුංසකයන් අත්අඩංගුවට ගැනීමට ඔහුට අවශ්‍ය විය. තවද, අධිරාජ්‍ය හමුදාව ද රඳවා තබා ගැනීමට සිදු විය. අද රාත්‍රියේ ජනබලය පිරික්සීමට වගකිව යුතු අධිරාජ්‍ය හමුදාවේ සහකාර අණදෙන නිලධාරියාගේ රාජකාරි අවසරපත අත්හිටුවනු ලැබුවේ ය. නපුංසකයන් සමඟ ඔහුව ද බන්ධනාගාර ගත කරන ලදී.
ශාලාව තුල දැල්වෙන පහන් දල්වා නොතිබුණි. එහි තිබුණේ දල්වන ලද පහන් කූඩු පමණකි.
ෂ්‍යාඕ චීයේ අධිකරණ අමාත්‍ය කොං ච්යුට පහළින් වූ දක්ෂිණ ආසනයේ අසුන්ගෙන සිටියේ ය. වම් පසින් ප්‍රධාන නිරීක්ෂණ කාර්යාලයේ වාම වාරණ ප්‍රධානී සෙං යූ ද දක්ෂිණ වාරණ ප්‍රධානී ෆූ ලින්යේ ද සිටියේ ය.
මෙය පෙර පරිදිම සිදු වූවා නම්, නඩු විභාග පැවැත්වීම සඳහා අධිකරණ අමාත්‍යවරයාට සමාන බලයක් ෂ්‍යාඕ චීයේ ට ලැබෙනු ඇත, එමඟින් ඔහු දෙවැන්නාට සමානව තබා ගන්නටත් අසුන් ගන්නටත් ඉඩ තිබුණි. නමුත් මෙවර, සැකයක් ඇති නොවීමට , ඔහුට කළ හැකි වූයේ පහළ දකුණු ආසනයේ හිදීම පමණක් වන අතර, ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනාට අධීක්ෂණ අධිකාරිය පැවරීම පමණකි.
මේ වසර කරදරකාරී කාල පරිච්ඡේදයක් වූවා සේම , පෙර පැවති ගැටළු විසඳී යාමට පෙරම නව ගැටලු රුසක් මතු විය. අධිකරණ කාර්යාල තුන කිසිවිටෙක මෙවැනි නඩු එක දිගට විනිශ්චය කර නොතිබුණි; එපමණක්ද නොව, සියලුම සිද්ධීන් අධිරාජ්‍යයාගේ ජීවිතය සම්බන්ධ ප්‍රධාන ඒවා විය.
කොං ච්‍යු සිසිල් කළ තේ පානය කර අවසන් කර සිරකරුවා කැඳවන තෙක් බලා සිටි අතර කිසිවක් නොපවසා සිටියේ ය. ඇත්ත වශයෙන්ම, ඔවුන් මෙහි අසුන්ගත් මොහොතේ සිටම කිසිවෙකු කුඩා සංවාදයක් හෝ ඇරඹීමට එඩිතර වූයේ නැත. එය විහිළු තහළු කර විනෝදවීමට කාලය නොවන බව සියල්ලෝම දැන සිටියහ. ඒ සියල්ලන්ගේම මුහුණුවල දක්නට ලැබුණේ ගාම්භීර ප්රකාශනයකි.
ෂ්‍යාඕ චීයේ සිය අසුනේ හිඳ තම මාපටැඟිලි මුද්ද නිහඬවම කරකවමින් සිටියේ සියල්ල පිළිබඳ ව මෙනෙහි කරමිනි
මේ නඬුවට ඔවුන් සූදානම් ව පැමිණ ඇත්තේ ෂ්යාෆුසී ගේ නඩුවේ දී සූදානම් වූ ආකාරයටමය. එය සිදුවූ මොහොතේ දී එය ව්‍යාකූල සහගත ප්‍රශ්නයක් විය. යාමකුට එය සිදුවන විටම මුහුණතෙන් ඔබ්බට දැකීය හැකි නම් , එයින් ගැනීය නොහැකි තරම් හුයයන්ගෙන් සෑදුණු වොයෙක් චේතනාවන් බොහොමයක් තිරය පිටුපස සඟවා තිබෙනු දකින්නට ලැබෙනු ඇත.
ආහාර සැපයුම්කරුවන්ගේ ආහාර අභ්‍යන්තර නපුංසකයන්ට ස්වර්ගයේ පුත්‍රයා වෙනුවෙන් බඳුන් පරීක්ෂා කරන්නට වෙයි. ඒ නිසා, ඉහළ සිට පහළ තෙක්ම එකිනෙක පරම්පරා තුනම හොඳින් පරීක්ෂා කරනු ඇත. එවැනි පුද්ගලයෙකු භාවිතා කර ඔහුව ඝාතකයෙකු බවට පත් කිරීම අතිශයින් දුෂ්කර වෙයි. කෙසේ වෙතත්, එය ඉතා පහසු දෙයක් වී ඇති බව පෙනෙන්නට තිබුණි.
ප්‍රථමයෙන්ම එය අභ්‍යන්තර මාලිගාවේ නපුංසකයන් හා සම්බන්ධ විය හැකි අයෙක් හෝ මාලිගාවේ සැඟවී සිටි නමුත් පිටතින් බලතල සඳහා ක්‍රියා කරන්නට හැකි නපුංසකයෙකු විය යුතුය. අධිරාජ්‍යයා ඝාතනය කරන්න ට නපුංසකයාට බලකිරීම හෝ පොළඹවා ගන්නට හැක්කේ මේ දෙවර්ගයට පමණි.
ෂ්‍යාඕ චීයේ ට හදිසියේම යමක් සිහිපත් වූ අතර ඔහුගේ මාපටැඟිලි මුද්ද කරකැවීම නතර කළේය. මේ අවස්ථාවේ දී ම සිරකරුව රුගෙන එන ලදී. ඒ අධිරාජ්‍ය හමුදාවේ සහකාර අණදෙන නිලධාරියාය.
කොං ච්‍යු අනවශ්‍ය දෑ කපාහැර සෘජුව ම කාරණයට පිවිසියේ ය . “රාජකීය හමුදාවේ සහකාර අණදෙන නිළදාරියා හැටියට, ඔබට වගකීමක් තිබුණා අද රාත්‍රියේ අධිරාජ්‍යයා ඉදිරියේ සිටින රාජකීය හමුදාවත් වගේම රාජකීය ආහාර සැපයුම් අංශයේ රස පරීක්ෂක නපුංසකයාවත් පරික්ෂා කරන්න. ඔබ මේ නපුංසකයා ගැන කොයිතරම් දුරට හදුනනවද?”
සහකාර අණදෙන නිළඳාරියා ගේ නාමය වූයේ මෙං රූයි ය, හමුදා නිවාසයක පුද්ගලයෙක් වූ අතර ෂියන්දේ අධිරාජ්‍යයාගේ සයවන වසාර්දි ෂ්‍යාඕ චීයේ විසින් උසස් කරනු ලැබුවේ ය.ඔහු මුලදී අධිරාජ්‍ය හමුදාවේ කාර්යාල කළමනාකරු ලෙස සේවය කළ ඉතා විචක්ෂණ පුද්ගලයෙකි. නොසැලෙන බැල්මක් සහිතව , ඔහු ස්ථීර ලෙස පිළිතුරු දුන්නේ ය , “කුමන්ත්‍රණය කරන්න තැත් කළ නපුංසකයාගෙ නම ගුයිශෙං. ඔහු විසිහය හැවිරිදි වියේ පසුවූ අයෙක් වගේම චුන්චෙං නගරයේ උපන් අයෙක්. චුන්චෙං වල බයිෂුයි වීදියේ පදිංචි ඔහුගේ පියා ෂියන්දේ අධිරාජ්‍යයා ගේ හයවන වසරේදි අසනීපයකින් මිය ගියා. පවුලේ එකම දරුවා වණ ගුයිශෙං යොංයී වසරේදි මාලිගාවට ඇතුළු වෙලා එතැන් සිට වසර දොළහක් මෙහි ගත කරලා තියෙනවා. ඔහු ෂියන්දේ අධිරාජ්‍යයා ගේ පළමු වසරෙදි රාජකීය ආහාර සේවයට සම්බන්ධ වනා වගේම ෂියන්දේ අධිරාජ්‍යයා ගේ සිව්වන වසරේ ඉදන් පෙර අධිරාජ්‍යයා ගේ ආහාර රස බලන්න පටන් ගත්තා. ඔහුට විශේෂ විනෝදාංශයක් තිබුණේ නැහැ වගේම ඔහු ඇසුරු කළ කිසිවෙක් නැති තරම්.”
කොං ච්‍යු මද වෙලාවක් කල්පනා කර අසන්නට විය, “ අද ඔහුට ආහාර වල රස පරීක්ෂා කරන්න දුන්නේ කවුද?”
මෙං රූයි පිළිතුරු දුන්නේ ය, “රාජකීය ආහාර සැපයුම් අංශයේ කාන්තා නිලධාරිනිය, ෆුලිං.”
කොං ච්‍යු ප්‍රථමයෙන් ම ප්‍රධාන නිරීක්ෂණ කාර්යාලයේ පිරිස දෙස බැලුවේ ය, ඉන්බසුව ෂ්‍යාඕ චීයේ හිස සලා පවසන්නට විය, “ඝාතනය වෙනුවෙන් භාවිතා කළ ආයුධය වූයේ අධිරාජ්‍යයා විසින් භාවිතා කළ ලද රන් ආහාර කූරුයි. ඔහු ගේ සිරුර සෝදිසි කරලා හරි පසුබිම් පරීක්ෂණයක් කළත් අධිරාජ්‍ය හමුදාවට ඒ ගැන කිසිවක් සොයාගන්න නොහැකි වුනා. මේක කොහොමද? සහකාර අණදෙන නිළඳාරියා මෙං, කරුණාකරලා මොහොතක් රැඳී ඉන්න. රාජකාරි ආහාර සැපයුම් අංශයේ ෆූලිංව කැඳවන්න."
මෙං රූයි පසෙකට ගොස් හිඳගත්තේ ය. ආරම්භයේ සිට අවසානය දක්වාම, ඔහු කිසි විටෙකත් ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේ නැත.
ඇත්ත වශයෙන්ම ෂ්‍යාඕ චීයේ අනෙක් අය බලාපොරොත්තු වූ පරිදි කලබල නොවීය. මේ ඝාතනයෙන් තම හමුදා බලය ඉවත් කළ නොහැකි බව ඔහු හොඳින්ම දැන සිටියේය. සමහර විට මෙම සිද්ධියෙන් පසු ඔහුට දඬුවම් පැමිණ ඔහුගේ වැටුප අඩු කරනු ඇත, නමුත් මේවා ඔහුට සැලකිය යුතු බලපෑමක් ඇති නොකරයි. සිද්ධිය වන විට ඔහු බොහෝ දුරස් ව හිඳගෙන සිටියේ ය. ඔහුට ශෙන් ස'චුආන් පරාජය කර අධිරාජ්‍යයා බේරා ගැනීමට ක්‍රමයක් නොතිබුණි. ඊට අමතරව ආසන සැකැස්ම සිරිත් විරිත් අනුව සැලසුම් කර ඇති නිසා කිසිවෙකුට එය විවේචනය කිරීමට ද නොහැකි විය. එසේම එහි තව එකඳු කරුණක් තිබුණි. එනම් එදින ශෙන් ස'චුආන් තම අසිපත පිටතට ගත් වේගය සරලව ගත්විට බොහෝ වැඩිය. ඇසිපිය හෙළන සැණින්, ඔහුගේ තලය ඒ වන විටත් එහි කොපුවට පැමිණ තිබූ අතර, ඝාතකයාගේ හිස බිම පෙරළී ගොස් තිබුණි. මෙය ඔහු පසුගිය වර වැසි සහිත රාත්‍රියේ ප්‍රදර්ශනය කළ වේගයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය. සිද්ධිය වන අවස්ථාවේ ෂ්‍යාඕ චීයේ ඔහු අසල සිටගෙන සිටියද, ඔහු ඔහුට වඩා වේගවත් නොවිය යුතුය. නමුත් ෂ්‍යාඕ චීයේ ට වඩාත්ම වද දුන්නේ ඝාතනයෙන් පසු සිදුවන්නට යන දෙයයි. ඔහුට කලින් සැලසුම් කර වර්ෂා දිනක් ඉතිරි කර ගන්නට සිදු විය. ඔහුට අවශ්‍ය වූයේ මේ කාරණය ඔහු වෙතට ලැවි ගින්නක් සේ පැමිණීමේ හැකියාව ඇහිරීමයි.
ෂ්‍යාඕ චීයේ නැවතත් එදින අවසන් වරට ශෙන් ස'චුආන් ගේ දෑස් වල වූ හැඟීම් පිළිබඳ සිතුවේ ය.
අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ සාමාන්‍ය පුරුද්ද වූයේ සෑම වසර අටකට වරක්ම උසස්වීම් කාලයක් තිබීමයි. යටත් නිලධාරීන් පළමුව ඔවුන්ගේ ගෘහස්ථ ලේඛන වර්ගීකරණයට අනුව කාර්යාල දොළහෙන් එකකට අනුයුක්ත කරනු ලැබේ, ඉන්පසු ඔවුන්ගේ රැකියාවේ කාර්ය සාධනය අනුව උසස් කරනු ලැබේ. වෙනසක් වීමට ඇති අවස්ථා ඉතා ස්වල්ප විය. ශෙන් ස'චුආන් ගේ පවුල් පසුබිම අසාමාන්‍ය විය. ඔහු දැන් පාපයෙන් නිදහස් ව දඬුවම්වලින් නිදහස් වුවද, ඔහුට තවමත් හමුදා තත්වයක් ඇතැයි සැලකීමට ද නොහැකිය. ඔහුට අධිරාජ්‍ය ආරක්ෂකයින්ට නායකත්වය දීමට සහ අණ දීමට අවශ්‍ය නම්, ඔහුට උසස් වීමට මාර්ගයක් සොයා ගැනීමට සිදු වෙයි.
ෂ්‍යාඕ චීයේ මෙම මාස කිහිපය තුළ අධිරාජ්‍ය ආරක්ෂකයින් මර්දනය කිරීමට හේතු වූයේ අධිරාජ්‍ය හමුදාවේ බලපෑම සහ බලය තහවුරු කර ගැනීම සහ ශ්‍රේණිගත කිරීම් හරහා ශෙන් ස'චුආන් ගේ දියුණුවට එරෙහි වීමයි. චූදු හි තත්වය අවුල් සහගත විය, නමුත් එය ජිං සහ වෙයි ගංගාවල ජලය මෙන් ද වෙනස් විය. 6 සියල්ලන්ම ඒ වන විටත් එකිනෙකාට හුරුපුරුදු විය. ඔවුන් සියල්ලෝම තම තමන්ගේ අවශ්‍යතා සඳහා එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර, පසුව තම තමන්ගේ අවශ්‍යතා සඳහා එකිනෙකා සමඟ සටන් ද කළහ. අනපේක්ෂිත පුද්ගලයා වූයේ ශෙන් ස'චුආන් පමණි. ෂ්‍යාඕ චීයේ ඔහුට හැකි සෑම ආකාරයකින්ම ඔහුගේ හැගීම් සහ ශබ්ද පිටතට ගන්නට උත්සාහ කර ඇත, නමුත් ඔහුට කිසි විටෙකත් ශෙන් ස'චුආන් ගේ සැබෑ අභිප්‍රාය කුමක්දැයි සොයා ගන්නට ලැබුණේ නැත.
ඔහුට ඔහුගේ අභිප්රායන් හඳුනාගත නොහැකි නම්, සිය මනස නිදහසේ තබාගෙන ඔහු සමඟ වැඩ කරන්නට නොහැකි වනු ඇත
ශෙන් ස'චුආන් ට පහළ ශ්‍රේණියේ නිහඬව සිටිය හැකි බව ෂ්‍යාඕ චීයේ බලාපොරොත්තු විය. නමුත් මෙවර ඝාතන නඩුව ශෙන් ස'චුආන් ගේ පිළිතුර විය.
විය නොහැකියි!
ඔහුගේ අසිපත ඔහුමය. ඔහු තමාගේම මාර්ගයන් මරා දමනු ඇත. ඔහු අන් අයගේ කැමැත්තට හෝ ඇමතුම් වලට කන් නොදෙනු ඇත. ඔහුට අවශ්‍ය වූයේ අන් අයව ඉරා දැමීමට මිස කීකරු වීමට නොවේ.
රාත්‍රී නිදන සයනයේ දී ලබන ප්‍රීතියෙන් වෙනස් කළ හැක්කේ මොනවද?
ඒ මිනිසුන් දෙදෙනාගේම ආශාවන්ගේ පැටලීමෙන් පැන නැඟුණු අඳුර සහිත රාත්රියේදී ඔවුන්ගේ සුසුම් සහ කෙදිරිලි වල අමනාපය පිරී තිබුණේ ය. ශරීරයන් ද්විත්වය එකිනෙක ගැටෙද්දී, සහෘදයින් තුළ එකිනෙකාට අනුකම්පා කරන හැඟීමක් ඇති කළේ ය. නමුත් ඔවුන් දෙදෙනාටම ඔවුන් කළ තේරීම් සහගතික කරන්නට තරම් මෙය ප්‍රමාණවත් නොවී ය.
ෂ්‍යාඕ චීයේ කිසි විටෙකත් සිය හස්තය මත වූ බලය අත් නොහරිනු ඇත. මෙය ඔහුගේ පැවැත්ම රඳා පැවති අසිපත් තලය විය. ඔහුට ලිබෙයි වෙත ආපසු යාමට නොහැකි නම්, ඔහු මේ අසිපත් තලය තදින් අල්ලා ගත යුතුය. ඒ හා සමානව ම, ශෙන් ස'චුආන් ද අන් අයට යටත් වීම ඉවසන්නේ නැත. ඔහුගේ ඉරණම තීරණය කරන්න ට ඔහු අන් අයට ඉඩ දුන්නේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ශ්‍රේණිගත කිරීම් හරහා නැඟී සිටින්නයි. ඔහුට එය කළ යුතු විය.
ෂ්‍යාඕ චීයේ හිටිහැටියේ ම ඔහුගේ අත මිට මොලවා ගත්තේය.
ශෙන් ස'චුආන් මෙම නඩුවේ කුමන්ත්‍රණයට සම්බන්ධ නම්, ඔහුගේ හවුල්කරුවන් කවුරු විය හැකි ද?
◈ ◈ ◈
ලී ජ්යැංහෙන් ට තවමත් සිහිය ලැබී තිබුණේ නැත. ශෙන් ස'චුඇන්ට අවසානයේ දී කුඩා විවේකයක් සඳහා සිය රාජකාරියෙන් බැහැර වන්නට හැකියාව ලැබී තිබුණි. ඔහු කාර්යාලයේ හිඳ දෑත් පිසදමද්දී ඔහුට පිටුපසින් දොර විවර වන හඬත්, පසුපසින් කවුරුන් හෝ ඇතුළු වන හඬත් ඔහුට ඇසිණි.
"ඔබ කියපු සැලැස්මට අනුව අධිරාජ්‍යයා බේරගන්න ඉස්සරහට යන්නේ හැන් චෙං වෙන්න ඕනේ." ෂුඒ ෂ්‍යුජුඕ ඔහුගේ වස්ත්‍රයේ අත් මදක් ඉහළට ඔසවා සීතල ජලය බේසමෙන් අත් සෝදා ගත්තේය. ඔහු සිනාසෙමින් පැවසුවේ ය. “ ශෙන් උත්තමයා අපේ සහෝදරයන් කිහිප දෙනා ව අධමයෝ විදිහට ක්‍රීඩාවට ඇඳාගෙන වගෙයි”
"තත්වය තීරණාත්මක වෙලා තිබුණේ." ශෙන් ස'චුආන් නැවත හැරී බැලුවේ නැත. “හැන් චෙංට එම හැකියාව තියෙනවා නම්, ඔහුව ඉතිරි කර ගන්න එක වැදගත් නැහැ. නමුත් ඔහු ඇත්තටම මන්දගාමී වුණා. මට මොනවා කරන්න ද?"
"මේ කාරණයයෙන් ෂ්‍යාඕ'එර් ව පහතට ඇදලා දාන්න බැහැ. වැඩිම උනොත්, ඔහු පාලනයේ නොසැලකිලිමත්කම නිසා දෝෂාභියෝගයකට ලක් වේව්. කොහොම වුනත්, ඔබ මෙවර ඔබේ සැබෑ ස්වරූපය ඔහු ඉදිරියේ පෙන්නුම් කළා. ඔබ ඉනිමඟක නැග්ගත් අනාගතයේදී ඔබට පහසු කාලයක් නොලැබේවි.
“අධිකරණ සමාලෝචන උසාවියේ සහකාර අමාත්‍යතුමා සමඟ මම ඉන්නේ එකම නෞකාවෙයි. මම ඇත්තටම ගෙවන්නේ අමාරු කාලයක් තමයි…” ශෙන් ස'චුආන් ආපසු හැරී සිනාසෙමින් පැවසුවේ ය. “...එතකොට ඔබට සැහැල්ලුවෙන් විවේක ගන්න පුළුවන් කියලා ඔබ හිතනවද?”
"තමන්ගේම එකෙක්ව හපාකන්න තරම් දරුණු පිස්සු සුනඛයෙක් ඉන්නවා කියලා මට ආරංචියි." ෂුඒ ෂ්‍යුජුඕ තම අත්ල වියළා ශෙන් ස'චුආන් දෙස බැලුවේය. "අනිවාර්යයෙන්ම අන් අයව පඩිපෙළක් විදිහට භාවිතා කරන කෙනෙක් එක්ක එකම නෞකාව ක ඉන්න එක, කෙනෙකුගේ හදවතේ බියක් ඇති කරවන්න ප්‍රමාණවත්."
"ඔබ කොහොමද එහෙම පවසන්නේ?" ශෙන් ස'චුආන් පැවසුවේ ය, “අද රාත්‍රියේ වැඩි බලයක් ඥිමි කරගන්න සියල්ලෝම මගේ සහෝදරයෝයි. මම ෂ්‍යාඕ'එර් ට කලින් හඅම අයෙක්වම ඇදගෙන යන කෙනා මම නෙමෙයි ද? මම අනාගතයේදී ෂ්‍යාඕ'එර් ගේ මාංශ කට්ටක් වේවි. ඔහු මේ වෙද්දී මට මරණය වෙනකල් ම වෛර කරන්න ඕනේ."
“අධිරාජ්‍යයාණන් සහ ෂ්‍යාඕ'එර් අතර මිත්‍රත්වය ගැඹුරුයි. නැන්ලින් දඩයම් පිටියේදී උතුමාණන්ගේ ජීවිතය බේරා ගන්න ඔහු කළ ක්‍රියාව අමතක කරන්න අපහසුම දෙයයි. ඔබ මෙවර කැපී පෙනුනත්, ඔබට අවශ්‍යයෙන්ම ෂ්‍යාඕ'එර්ව පහළට ඇද දමලා ඉහළට යන්න නොහැකි වේවි."
"පළමු පියවර නොහොමත් අපහසුයි." ශෙන් ස'චුආන් සිනාසුණේය. “ඔහුගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් අධිරාජ්‍යයා සැබවින්ම ෂ්‍යාඕ'එර්ට කෘතඥ වෙනවා නම්, ඔහු දිගටම ඔහුව චූදු වල සිරකර කරලා තබාගන්නේ නැහැ. පුද්ගලයාගේ කෘතවේදි හදවත ඒ තරම් ම වටිනවා."
ෂුඒ ෂ්‍යුජුඕ ඔහුගේ දෑත් පිසදමා මොහොතකට සිනාසුණේය, “අද රාත්‍රියේ අපගේ සැලැස්මේ සුළු වෙනස්කමක් සිදු වුනත්, එය තවමත් සාර්ථකයි. පක්ෂපාතී විනිසුරුතුමනි, කරුණාකරලා අනාගතයේදී මම ගැන සොයා බලන්න වග බලා ගන්න.”
රාජකීය ආරක්ෂකයන් ගේ විනිශ්චයකරු පස්වන ශ්‍රේණියේ නිල තනතුරකි. මෙයින්, ෂුඒ ෂ්‍යුජුඕ ඉදිරි දිනවලදී ත්‍යාග පිරිනැමීමේදී තමාට කොපමණ මුදලක් ලබා ගත හැකිදැයි ශෙන් ස'චුආන් ට පවසනු ඇත.
ශෙන් ස'චුආන් පුදුම වූයේ නැත. ඔහු පැවසුවේ ය, “රාජකීය ආහාර සැපයුම් අංශයේ පුද්ගලයින් නඩු විභාගයට පෙනී ඉන්න නියමිතයි. අධිකරණ අමාත්‍ය කොං ච්‍යු අපක්ෂපාතී සහ නොබිඳිය හැකි නිලධාරියෙක්. ඔඉලා හැමෝම ඔහුගේ ප්‍රශ්න කිරීම්වලට යට නොවී සිටීම හොඳයි."
"අපි එය කරන්න එඩිතර වුන නිසා , ඔවුන් විමර්ශනය කලාට අපි බිය වෙන්නේ නැහැ." ෂුඒ ෂ්‍යුජුඕ ඔහුගේ අත් පිළිවෙලට තබා කාරුණිකව පැවසුවේ ය, “අපිට අලුත් අවුරුද්දේ දිගටම එකට වැඩ කරන්න පුළුවන් කියලා මම හිතනවා. අපේ හදවත් වල පැතුම් ඉක්මනින්ම අපට ලැබේවා.”
"මාව බලාගැනීම ගැන ගෞරවණීය සහකාර අමාත්‍යවරයාට මම බොහොම ණයගැතියි." ශෙන් ස'චුආන් ඔහු දෙස බලා කාරුණික ලෙස පවසන්නට විය, “ නිසැකවම මම මේ දිගුකාලීන ආශාව ඉටු කරනවාමයි.”
අරුත් පැහැදිලි කිරීම
2. 军⼾ සමාජ තත්වය අනුව නිවාස බෙදා තිබූ ආකාර තුනකි:
ජනතා (⺠ ⼾),
හමුදාමය (军⼾), හා
ශිල්පී නිවාස.
3. ඒ ඒ කාලයේ රට පාලනය කළ රජකවරුන්ගේ නම් වලින් කාලය පිළිබඳ නිර්ණය කර ඇත. (මෙහි කාල වකවානුව පෙර සිටි ෂියන්දේ අධිරාජ්‍යයා ගේ කාල වකවානුවයි.)
4. නීත්‍යානුකූල මූලාශ්‍ර වල කාර්යාල කළමනාකරු ලෙස භාවිතා කරයි.
5. ජිං ගංගාව ජලය මෙන් වෙනස් වේ (පැහැදිලි බව) හා වෙයි ගංඟාව සේ වෙනස් වීම (මඩ සහිත බව) එනම් එකිනෙක හා දෝලනය වීමයි
6. දූෂිත නිලධාරීන් මර්ධනය කිරීම සඳහා වධහිංසා පැමිණවීම පිළිබඳ විශේෂඥයෙකු වූ අධිරාජ්‍ය බන්ධනාගාරයේ විනිසුරුවරයා.
මිං රාජවංශ සමයේදී, අධිරාජ්‍ය ආරක්ෂකයින්ට යටත් වූ දකුණු සහ උතුරු බන්ධනාගාරයන් විය. දකුණු බන්ධනාගාරය හමුදා නීති අර්ථ නිරූපණය කිරීම හා හමුදා ශිල්පීන් කළමනාකරණය කිරීම භාරව සිටි අතර උතුරු බන්ධනාගාරය අධිරාජ්‍යයා විසින් භාර දෙන ලද නඩු සඳහා වගකිව යුතු විය.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment