Skip to main content

පනස්වන පරිච්ඡේදය : එකම නෞකාව මත 🔞

 

 

"අයෙක් හඬ නගන්නේ ජලය පරික්ෂා කරන්නයි."  ෂ්‍යාඕ චීයේ ගේ දෑස් සීතල විය.  “ගෞරවාන්විත අවංකභාවය ඇඳුම් උනාදැමීම හා සමානයි. අපි හරි ක්‍රමවේදයකට ඉදිරියට ගියොත් පමණයි අපිට හදවතට එකගව සාකච්ඡා කරන්න පුළුවන්. ඔබ නිවැරදියි.  නැන්ලින් දඬයම් බිමේ සිදුවීමෙන් පස්සේ , හායි ලියැංයී විසින් ප්‍රමුඛ මහා ලේකම් කාර්යාලයේ වෙනස්කම් සිදුවේවි කියලා මමත් සිතුවා.  කොහොමවුනත්, ඔහු තවමත් අෂ්ඨ මහා වංශ වල ෂුඒ ෂ්‍යුජුඕ ව නැවත භාවිතා කරලා , ඔහුව වැදගත් තනතුරකට පත් කළා.  මෙයින් පෙනී යන්නේ ඔහු පද්ධතිය නැවත සකස් කළ හැකි ස්ථානයට ආවත්, ඔහුට තවමත් වැදගත් වංශවල බලයට හා බලපෑමට හිස නමන්න සිදු වුන බවයි.  ඒවගේ තත්වයන් යටතේ, ෂ්‍යාඕ වංශයට තනිවම කිසිවක් සිදු කරන්න බැහැ, එක් ලීයකින් සම්පූර්ණ ගොඩනැගිල්ලකම අත්තිවාරම යොදන්න බැහැනේ."

"එහෙනම් අපි ඔවුන්ව අර්ථකතනය කරන්නේ කොහොමද?"  ශෙන් ස'චුආන්  ඒ ගැන මදක් කල්පනා කළේය.  “පොදු සතුරෙකු නොමැති නම් ඔවුන් තමන්ගෙම සතුරන් වෙනවා.  සමතුලිතතාවය පවත්වා ඟන්නත් ආවේණික පක්ෂග්‍රාහීත්වය නිසා වතුර භාජනය පෙරලන්නට ඉඩ නොදෙන්නත් උත්සහ කිරීම වෙනත් කෙනෙකු සමඟ ගනුදෙනු කිරීමට වඩා දුෂ්කර යි.  ෂ්‍යාඕ වංශයේ නැගිටීමට කලින්, අෂ්ඨ මහා වංශ එක් වංශයක නැගීමෙන් සහ තවත් වංශයක වැටීමෙන් පසුව අභ්‍යන්තර වෙනස්කම්වලට ලක් වඅනා.  නමුත් ෂ්‍යාඕ වංශය කරලියට ආ පසු, ඔවුන් තිරිඟු වලින් දහයියා වෙන් කරන්න පටන් ගත්තා.  හුආ වංශයේ පරාජය තාවකාලිකයි.  රාජකීය උසාවිය හුආ වංශයේ නටබුන් ඉවත් කළත් , කිසිවෙක්, හායි ලියැංයී පවා, අධිරාජිනියට වරද පිළිගන්න කියලා යෝජනා කළේ නැහැ.  හුආ සහ චී වංශ අතර වර්තමාන විවාහ ගිවිසුමෙන් වෙන්නේ හුආ වංශය ආරක්ෂා කරගෙන ෂ්‍යාඕ වංශයට ලබාගත හැකි බාහිර උපකාර ඉවත් කරන එකයි.  සමහර දේවල්, තනියම දකිනනොට, ඔබට කිසිවක් කියන්න බැරි වෙයි.  නමුත් ඒවා එකිනෙක සම්බන්ධ වුනාම ඒවා ඔබව වෙව්ලන්න සමත් වේවි.”

"ඔබ කතා කරන්නේ ජොංබෞ හමුදා පරාජය සහ හුආ-චී විවාහ ගිවිසුම ගැනද?"  ෂ්‍යාඕ චීයේ ඇසුවේ ය.

"අසල සිටින කෙනෙකුට පහර දෙන අතරතුර දුරස්ථ රාජ්‍යයක් සමඟ මිත්‍ර වීමේ උපාය." 1 ​ශෙන් ස'චුආන්  ඇඟිල්ලක් දිගු කර මේසය මත රවුමක් ඇන්දේය.  “ජොංබෞ ප්‍රාන්ත හය ඉවත් කිරීමෙන් පස්සේ, නිරිතදිග පැත්තේ ලිබෙයි වල ආරක්ෂාව හිස් වේවි.  'ජෞ පිහිටලා තියෙන්නේ ලීබෙයි වල ජීවනාලිය වන ඊසානදිග පාලම් මාර්ගයට ආසන්නව යි.  දැන් එය ආරක්ෂා කරන්න ජොංබෞ වල කිසිවෙක් නොමැති නිසා, චූදු හි අෂ්ඨ මහා වංශවල භූමිය බවට පත් වෙනවා.  චීදොං වල චී වංශය සමඟ විවාහ ගාවිසුම ක්‍රියාත්මක වුනොත්, එවිට ඔබව හොංයැන් කඳුකරයටත්, නැගෙනහිරින් බ්‍යැන්ෂ්‍යා ගෝත්‍රිකයන්ටත්, දකුණින්  සතුරන්බද්විත්වයකුත් ඔබේ පිටුපසින් නැගී සිටිවි."

 සිදුවීම් දෙකම අතර අවුරුදු පහක පරතරයක් තියෙනවා.  හුආ ස'චියන් අනිවාර්යයෙන්ම කුමන්තුණයක් කරන බව සහතික කරන්න පුළුවන් කාටද?  මම අනිවාර්යයෙන්ම අධිරාජ්‍යයා බේරා ගන්න පැමිණෙන බව සහතික කරන්න පුළුවන් කාටද? ”  ෂ්‍යාඕ චීයේ සිය දෙබැම රැළි කරගත්තේ ය.

"ජොංබෞ හමුදා පරාජයට අරමුණක් තිබිය යුතුයි."  මොහොතක නිහැඬියාවකින් පසු ශෙන් ස'චුආන්  කීවේය.  “තත්වය පාලනය කරන්න අපහසු නැහැ.  දුෂ්කර තත්වය ඉදිරියට යන දිශාව පාලනය කරන එකයි.  මගේ අනුමානය නිවැරදි නම්, සුළඟ හමන ආකාරය පාලනය කළ හැකි අයෙක් අෂ්ඨ මහා වංශ වල සැඟවිලා ඉන්නවා.”

 "ඇත්තටම ඒවගේ පුද්ගලයෙක් ඉන්නවා නම්, එයින් අදහස් වන්නේ සෑම කෙනෙකුම වෙයිචී පුවරුවේ සිටීම සහ සෑම පියවරක්ම ඉදිරියට යන්නේ ඔහුගේ අපේක්ෂාව තූළ කියන එක. ඔහු තවදුරටත් දක්ෂයෙක් නෙමෙය්, දජෞ ඔහුගේ පාලනය කරනවා 'දෙවියා' ඔහුයි.  ඔබ ඔහු සමඟ සටන් කරන්නේ කොහොමද?  අෂ්ඨ මහා වංශ අතර ගැටුමක් ඇති කිරීමේ උපාය මාර්ගයට වංශ අතර දශක ගණනාවක විවාහ ගිවිසුමක් හරහා ගොඩනැගුණු සම්බන්ධයෙන් ජයගත ලබා ගන්න බැහැ.  ඔවුන් පොදු සතුරන් ඉදිරියේ වෙන් කරන්න බැහැ."

ශෙන් ස'චුආන්  සිය ඇගිල්ලෙන් දිගටම ඒ මත අන්දේය. “ මුහුදේ සන්සුන් භාවයට වඩා කැළඹිලි සහිත කුණාටුවක් අපේන්ෂාවෙන් ඉන්න එක හොඳයි.  ඔවුන්ට මිතුරාවත් සතුරාවත් වෙන්කර හඳුනා ගන්න නොහැකි වන්නේ ජලය අපිරිසිදු වූ විටයි.  ඇත්තටම, ඔවුන් ප්‍රහාරයන්ට ගොදුරු වෙන්නෙ නැහැ. ” 

 

 ෂ්‍යාඔ ෆංෂු ට ගෞරවනීය වංශිකය​න්ගේ ආරක්‍ෂාව බිඳ දමන්න හැකි වුනේ කොහොමද?  මේ දැල ඇත්තටම ප්‍රමාණවත් තරම් දැඩි නම්, චී හුයිලියන් සහ හායි ලියැංයී වගේ සැලකිය යුතු අමාත්‍යවරුන් ඔවුන්ගේ නිහතමානී පසුබිම් තියෙද්දිත් නැගිසිටින්නේ කොහොමද?  ඔටුන්න හිමි කුමරුගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර මාලිගාවේ නිලධාරීන් විසින් ගෘහෙලේඛන වාර්තා තබා ගනන කහ වාර්ථා පොත ක්‍රියාත්මක කළ නිසා ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ පූර්වගාමියා වුණ ලුඕෂ්‍යා අශ්වාරෝහක හමුදාව පිහිටුවනන ඔබේ පයාට හැකි වුණා. මේ නිසා දේශසීමාවන්ට තම හමුදාවට හමුදාභටයන් බඳවා ගැන්න හැකිවුණා.  ඒ අතරෙම, සොල්දාදුවන්ට ප්‍රවේණික ගෘහ ලේඛනයක් තබා ගන්න ඉඩ ලැබෙනවා වගේම  ඔවුන් අණදෙන හමුදාවේ අධිකරණ බලයට අයත් වෙනවා.  මෙය අගනුවරෙන් පිටත තනතුරක් පත් කර ඇති චූදු වංශවත් තරුණ පරම්පරාවේ අණෙන් එය වෙන්කරනවා, එමඟින් ලිබෙයි කුමරුට තවදුරටත් ප්‍රාදේශීය සිවිල් නිලධාරීන්ගේ පාලනයට සහ නිරීක්ෂණවලට යටත් නොවෙන්න හමුදා බලය ඒකාබද්ධ කරන්න ඉඩ ලැබෙනවා.  ඒ විතරක් නෙමෙයි, වත්මන් ලීබෙයි වල හොඳින් පුහුණු වූ සහ බලවත් හමුදාවට ස්තුති වෙන්න දජෞ වල රාජ්‍ය ගොවිපල පද්ධතිය ක්‍රියාත්මක වෙනවා.  මුර සහ ගොවිතැන් රාජකාරි යන දෙකම ඉටු කරන මේ හමුදා භටයින් කොතරම් වැදගත් ද කියන එක ඔබ, මට වඩා  හොඳින් දන්නවා."

 

ලූ ගුඅන්බායිට ෂ්‍යාඕ ජීමිං ට ඩා අපහසු කාලයක් ලැබිලා තියෙන්නේ ඇයි?

 

කිමද යත් බ්‍යැන්ජුන් සේනාංකයට හමුදා ගොවිතැන් කටයුතු  සිදුකිරීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ක්‍රමයක් නොතිබූ නිසා ය.  කාන්තාර මුඩුබිම් ආහාර වනුවෙන් වගා කළ නොහැකි විය, ඒ නිසා ලූ ගුඅන්බායිට චූදු වල හමුදා අරමුදල් සහ ප්‍රතිපාදනවල සහනාධාර මත පමණක් විශ්වාසය තබන්නට සිදු විය.  “හමුදා භටයන්ගෙන් සියයකට හැත්තෑවක් ගොවිතැන් කටයුතු සඳහා ද සියයට තිහක් හමුදා කටයුතු සහ ආරක්‍ෂාව වෙනුවෙන් යෙදවඋවද” දේශසීමා භටයින්ට පූර්ණ ස්වයංපෝෂිත ආහාර ලබා ගන්න හැකි වොවනු ඇත.  එහෙත් එයින් දේශසීමා භටයන් මත ප්‍රතිපාදන සඳහා වූ පීඩනය බෙහෙවින් අඩු කරන්නට පුළුවන.  තවද මෙය දේශසීමා භටයින්ට ඉතා වැදගත් විය.

 

මහාමාත්‍ය චී ගණනකට නොගෙන ඉවතට දැමුවා නම් අද ඔහු අධම පිස්සෙක් වන්නට ඉඩ තිබුණි. කිසිවකට වඩා ඔහුගේ නොසන්සිදේන වෛරය හැරුණ විට ඔහුට තව පෑරී ගිය තුවාලද අමතක කිරීමට නොහැකි විය. නැගෙනහිර මාළිගයේ සේවකයෝ දුසිම් ගණනක් සිටියහ , ඔවුන් සැවොම නිහතමානී පිරිසිදු පවුල් පසුබිමක් සහිත ඔටුන්න හිමි කුමරු පෞද්ගලික ව තෝරාගත් අයයි. ඔටුන්න හිමි කුමරුගේ ප්‍රයෝජනය සඳහා , චී හුයිලියන් තමා ඉගෙනගත් දෑ සියල්ල කැප කළේ ය. ඔහු පස් පවසරකට පෙර පැවසු සෑම වදනක්ම "මරා දැමුවා" රුධිරය හා කඳුළු වැකී තිබුණු අතර එය සරලව ඉල්ලා අස්කරගැනීමට ඔහුට නොහැකි විය.

 

ඔබ මගේ ප්‍රදේශය වරකට එක් පියවර ගණනේ පරික්ෂා කරලා බලනවා. එ් වගේම මමත් නැවත නැවතත් ඔබේ සීමාව පරික්ෂා කරනවා, , ඒ හැමදේම අද රාත්‍රිය වෙනුවෙන් — ඔබත් මමත් යන්නේ එකම නෞකාවක.” ෂ්‍යාඕ චීයේ සෙමින් ඉදිරියට නැමුණේ ය, ඔහුගේ දෑස් ශීතල විය. “ ඒත් මම අද රාත්‍රියේ ෂී හොංෂුආන් වෙත යන මාර්ගයට පිවිසුනේ නැත්නම් සහ ඔබේ අරමුණ ගැන වටහා ගත්තේ නැත්නම් , ඔබ ඇත්තටම මාව පාගා දමලා ඉහළට යන පියගැටපෙළක් විදිහට භාවිතා කරන්නෙ නැද්ද?”

 

ඔබ තියුණු ඉවක් සහිත වෘකයෙක්.” ශෙන් ස'චුආන්  පැවසීය, “ඇයි ඔබ ඔබටම අනුකම්පා කරගන්නේ? ඒ මම නෙමෙයි නම් , ඔබ මට ඇතුළු වෙන්න ඉඩ නොදෙන්න තිබ්බා. අපිට සංවාදයක් පවත්වන්නවත් ඉඬ නොලැබෙන්න තිබුණා. ඔබක් මමත් අන්න ඒ විදිහේ පුද්ගලයෝ. මගෙන් අහනවා වෙනුවට, ඇයි ඹබ තමන්ගෙන්ම අහන්නෙ නැත්තේ?”

 

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ඔබ නම් හරිම අප්‍රසන්නයි.”

 

ශෙන් ස'චුආන්  පවසන්නට විය, “එක වගේ අප්‍රසන්න මනසක් සහිත පුද්ගලයන් හදුනගන්න එතරම් අපහසු නැහැ.”

 

ෂ්‍යාඕ චීයේ ඔහු සමඟ තර්ක කිරීම නවතා කෙලින්ම කාරණයට ගියේය.  ඔහු පැවසුවේ “ඔබ දැන් මගේ බලයෙන් ණයට අරගෙන ප්‍රයෝජන ගන්න කැමති කෙනෙක්.  නමුත් මිතුරු ගිවිසුමක් ඇති කර ගන්න කළින් කෙනෙකුට ටිකක් කරන්නත් ඉගෙනගන්න වෙනවා."

 

අපි දුඤත් සතුටත් බෙදා ගන්නවා.” ෂ්‍යාඕ චීයේ පවසන්නට විය. “ ඔබේ යාඕ වංශය ඉක්මනින් ක්‍රීඩාවෙන් ඉවත්වෙලා යාවි.  ඔබට එයින් කනස්සල්ලක් ඇති වෙන්නේ නැද්ද, දෙවන තරුණ ස්වාමීණි?”

 

මට යාඕ වෙන්යුව භාවිතා කරන්න බැහැ.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ඔබට වැටහෙන්නෙ නැහැ. යාඕ වංශය මා සමඟ මිත්‍රශීලී වෙන්න හේතුව ඇත්ත වශයෙන්ම බලය සඳහා තරඟ නොකිරීමයි.  ඒ තනිකරම යාඕ වෙන්යූ නිසා… හොඳයි, ඔබට ඔහුව මුණගැහුණොත්, ඔබට වැටහේවි.  ඔහු නිලධාරීන් අතරට නොපැමිණීමට හේතුව හායි ලියැංයීට ඔහුට ඉඩ දීම දරාගන්න බැරිවීම නෙමෙයි, ඔහු එයට අකැමැති නිසායි.  යාඕ වංශයේ සාමාජිකයන් සියල්ලෝම අතීතයේ වැදගත් ඇමතිවරු වෙලා සිටියා.  ඔවුන් පිරිහීමට පටන් ගත්තේ ඔහුගේ පියාගේ කාලයෙයි.  නමුත් ඔහුගේ සීයාගේ කීර්තිය තවමත් තියෙනවා.  ඔවුන් සාහිත්‍යවේදීන් අතර ඉහළ ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රධාන අයෙන් වගේම , සිවිල් නිලධාරීන් අතර ඔවුන්ගේ කීර්තිය හුආ ස'චියන් වගේ පුද්ගලයන්ට කිසිසේත්ම සමාන කළ නොහැකි දෙයක්.  ඔහුට නැවත පැමිණීමට අවශ්‍ය නම් එය අපහසු නොවේවි, නමුත් ඔහු පාවෙන වලාකුළු වලට ඉහළින් නැඟී එන කොකෙක් වගේ නිදහස් හා ජීවිතයක් ගෙවන්නයි කැමති.  ෂී හොංෂුආන්ට සැබවින්ම යාඕ වංශය පන්නා දමන්න හැකි නම්, ඔහු වඩාත් නොසැලකිලිමත් වෙලා සහ ලෞකික ගැටළු පිරී යාවි."

 

"යාඕ වංශය දැනටමත් විවාහ ගිවිසුමක් හරහා ෆෙයි වංශයට සම්බන්ධ වී ඇති නිසා, ඔහු අණදෙන නිලධාරි ජාඕයුඒ කුමරියගේ වැඩිමහල් ඥාති සහෝදරයා වෙන්න පුළුවන් ද?"  ශෙන් ස'චුආන්  එක්වරම විමසුවේ ය.

 

 ඒක නිවැරැදියි,” ෂ්‍යාඕ ඔහුගේ ආහාර කූරු ගෙන එය තහවුරු කරන්නට විය.  "ජාඕයුඒ ට බොහෝ විට ඔහුව විවාහ කර ගන්න අවශ්‍ය ඇති. නමුත් වංශාධිපති හේලියන් කොතරම් බියගුලුද කියනවානම් ඔහු වැන්දඹු අධිරාජිණියගේ පදයට නටනවා."

 

"එහෙනම් සමහරවිට ඔබල දෙන්නම නෑදෑයෝ වෙන්න පුළුවන්."

 

 "විවාහය කඩා වැටුණා නේද? එහෙම නේද?"  ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ඔබ මගේ විවාහය කඩාකප්පල් කරලා මට කාන්තාවක් අහිමි කළා.  ඔබ මට වන්දි ගෙවන්න ඕනේ නේද?"

 

 ශෙන් ස'චුආන්  සිය ඇහි බැම මදක් ඉහළට එසවීය.

 

ෂ්‍යාඕ චියේ සිය ආහාර කූරු වලින් සීතල තේ බදුනේ තේ කහට කැලතුවේ ය. දෑස් ඔසවා ඔහු දෙස බැලුවේය.  ඔහු අසන්නට විය, “එකම ලංගාවේ ඔරුවක් බෙදා ගැනීමත් එකම සයනයේ කොට්ටයක් බෙදා ගැනීම අතර ඇත්තේ වචන දෙකක වෙනසක් විකරයි කියනඑක ඔබ දන්නවාද?  ඔබ මගෙන් ඇසුවොත්, අනාගතයේදී මේ කියමන් හෝ මේ ක්‍රියාවන් මිශ්‍ර කිරීමෙන් හානියක් වෙන්නේ නැති වෙයි. ”

 

කාමරයේ තිබූ උණුසුම ​ශෙන් ස'චුආන්  ව සන්සුන් කළ අතර ඔහුට මඳ කරකැවිල්ල ගතියක් ඇති කළේ ය. පිළිතුරක් නොපවසාම , ඔහු ජනේලය විවර කරන්නට හැරුණේ ය.

 

ෂ්‍යාඕ චීයේ කිසිදු ආහාරයක් ස්පර්ශ කර නොතිබිණි.  ඒ වෙනුවට ඔහු පැවසුවේ ය. “මම ඔබව මෙහි ගෙනාවා, ඔබට මගේ ආහාර ගන්න, මගේ මත්පැන් පානය කරන්න ඉඩ දුන්නා ඔබට අවම වශයෙන් සැකයක්වත් නැද්ද?”

 

ශෙන් ස'චුආන්  ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේ ය.   සිසිල් සුළඟේ පහස මඳක් වියැකී ගොස් අවසානයේ ඔහුට උණුසුම් බවක් දැනෙන්නට විය. දහදිය ගලා යන්නට විය.  ඔහුගේ තියුණු ගෙල ඔහුගේ තදින් සවි කර ඇති කරපටිය තුළ සැඟවී තිබුණු අතර, ජනේලයෙන් පහළට හේත්තු වී තිබූ රතු පැහැ චෙරි මල් ඔහුගේ කළු පැහැ හිසකෙස් වලට අලංකාර බවක් එක් කරමින්, ඔහුට විස්තර කළ නොහැකි තරම් ප්‍රියමනාප පෙනුමක් ඇති කළේය.

 

 හිම ජනේලයෙන් පිටත පාවී ගිය අතර සමහර ඒවා ජනේලය දිගේ ශෙන් ස'චුආන්  ගේ අතේ පිටුපසට වැටුණු අතර එහිදී ඒවා ඉක්මනින් දිය වී ගියේය.  මේ කුඩා සිසිලස ඔහුගේ සිරුරේ උණුසුම තවත් පැහැදිලි කළේය.  ඔහුගේ දැහැනේදි , ශෙන් ස'චුආන්  ට වෙනත් සිතුවිලි ඇති විය - ඔහුට ඔහුව වැළඳගන්නට අවශ්‍ය විය.

 

"මේ වගන්තිය මිතුරු ගිවිසුමේ කොටසක් නෙමෙයි."  ශෙන් ස'චුආන්  පැවසුවේ ය, "පසුගිය කාලයේ මගේ සයනය උණුසුම් කරන්න මට මිනිසුන්ගෙන් අඩුවක් තිබුණේ නැහැ."

 

ෂ්‍යාඕ චීයේ ඔහුගේ දිගු පාද ඔසවමින් පවසන්නට විය, “දැන්, ඔබ ඔබේ සයනය උණුසුම් කරන්න මිනිසුන්ගෙන් අඩුවක් නැති පුද්ගලයෙකු මෙන් පෙනෙන්නේ නැහැ.  රැකියාව සහ පෞද්ගලික කටයුතු වෙනම කාරණායි.  දැන් අපි වැඩ ගැන කතා කර අවසන් නිසා, අපිට අපේ පෞද්ගලික කටයුතු ගැන හෙමින් සෘජුව කතා කරන්න පුළුවන්.  ඖහුආ මන්දිරයෙන් ෂී හොංෂුආන් ඔබට කාවහරි ලබා දුන්නා ද?  ඔහු කැමති කාන්තාවන්ට පමණයි කියලයි මට ආරංචි වුණේ.  කවද ඉඳන්ද ඔහුගේ රසවින්දනය වෙනස් කරගත්තෙ?"

 

"පිරිමින් අතර සමලිංගික සබඳතා තවදුරටත් අසාමාන්‍ය දෙයක් නෙමෙයි." ශෙන් ස'චුආන්  පිළිතුරු දුන්නේ ය, “ඔහුගේ රසය වෙනස් වෙලාද කියලා මම දන්නේ නැහැ.  ඇයි?  දෙවන තරුණ ස්වාමියගේ රසය වෙනස් වෙලාද? ”

 

 "මට ස්ථාවර හැගීමක් නැහැ."  ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්  ගේ දණහිසට පෙර පහළට එල්ලී වැටුණු හිසකෙස් සියතට ගත්තේ ය.  "ඒක හැමවෙලාවෙම රදාපවතින්නේ මගේ මනෝභාවය මත."

 

ශෙන් ස'චුආන්  ඒ වන විටත් දහඩියෙන් පැටලී තිබූ ඔහුගේ හිසකෙස් ආපසු ඇද ගැනීමට ඇඟිල්ලක් එසවීය.  ඔහු පවසන්නට විය, “සමහර අය තමන්ව ආදර සහ ආකර්ශනීය අය බවට පත් කර ගන්නවා.  ඇත්ත වශයෙන්ම, ඔවුන් දන්නේ කෑදර ලෙස කෑගැසීමට පමණක් නම් ඔවුන්ට පිළිවෙලට හැසිරිය හැකි බව පේනවා.  ඒවා ප්‍රායෝගිකව නැති වෙන්න ඇති.”

 

 ෂ්‍යාඕ චීයේ කුඩා මේසය පසෙකට තල්ලු කර, ශෙන් ස'චුආන්  ආපසු ගන්නට සූදානම් වූ හස්තය අල්ලා ගත්තේය.  ඔහු පැවසුවේ ය, "... සමහර අය දහඩියෙන් තෙත් වුනාම ඉතා අනුකම්පා සහගත විදිහට පෙනෙනවා."

 

ශෙන් ස'චුආන්  ගේ උණුසුම දිගටම පැවති අතර, ෂ්‍යාඕ චීයේ අල්ලාගෙන සිටි ස්ථානය ඔහුව දැඩි ලෙස පුළුස්සා දැමුවේ ය.  ඔහුගේ දණහිසට අතක් තබාගෙන, ශෙන් ස'චුආන්  ව අල්පාගෙන හිඳියේ ය, "ඔබ එකතු කළ මත්ද්‍රව්‍ය කුමක්ද?"

 

 "අනුමාන කරන්න."  ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්  ගේ මැණික් කටුව මතට ඇද ගත්තේය.  මාතෘකාව වෙනස් කරමින්, ඔහු පැවසුවේ ය, "ජි ගැං ඔබට ඒවගේ දේවල් උගන්වන්න සූදානම් නැති නිසා, ඔබේ ෂිෆු කවුද... නැත්නම් මම ඇදුරුතුමන් කියලා පවසන්න ද?"

 

 "මම ඔබට කියන්නේ නැහැ" යනුවෙන් මෘදු ලෙස පිළිතුරු දේදි ශෙන් ස'චුආන්  ගේ ඇස්වල කොන් රතු විය.

 

ෂ්‍යාඕ චීයේ මද දුරක දී සැහැල්ලු ආඝ්‍රාණයක් ගෙන එක්වරම පැවසුවේය. “ඔබේ සුවඳ ඇත්තටම හොඳයි”

 

 ශෙන් ස'චුආන්  ප්‍රතිචාර දෙද්දී ඔහුගේ හුස්ම ගැනීම වේගවත් විය, “ඔබ පිරිමියෙකු කොටු කර ගන්න ඔබේ සුන්දරත්වය භාවිතා කරන්න  තරම් පහතට වැටිලා ද?” 5

 

 "මම 'සුන්දර' වීමෙන් බොහෝ දුර අයෙක්.  ඇයි?  පුංචි කතා බහකින්, ඔබට ඉවසීමක් නැති වෙනවාද?"

 

ශෙන් ස'චුඇන්ගේ අභ්‍යන්තර ඇගලුම් දහදියෙන් තෙත් විය.  කිසිදු ස්පර්ශයක් හෝ හේතුවක් නොමැතිව හැඩගැසුණු මෙම අපැහැදිලි වාතාවරණයෙන් පෙළඹුණු ඔහුගේ උණුසුම තවත් ඇලෙන සුළු හා තෙත් විය.  ඔහුට අවශ්‍ය වූයේ දහදිය පිසදා ගැනීමටය.  නළල රැලි ගන්වමින් ඔහු ඇසුවේ "ඔබ ඇත්තටම එකතු කළේ මොනවද?"

 

 ෂ්‍යාඕ චීයේ මහ හඬින් සිනාසෙමින් ආලවන්ත හැඟීම් පෑවේ ය, “ඔබව රවටා දමන්නයි.  ඒක ඖෂධීය මත්පැන් වර්ගයක් විතරයි. ”

 

 ශෙන් ස'චුආන්  ඔහුගේ බැල්ම අතිශයින් භයානක බව සොයාගත්තේ ය.  ඔහුට දෑස් පියාගෙන සන්සුන්ව සිටීමට බල නොකර සිටීමට නොහැකි විය.  ඔහු පවසන්නට විය, "ෂ්‍යාඕ'එර්-"

 

ෂ්‍යාඕ චීයේ ඔහුගේ මත්පැන් බදුන ඔසවා සීතල මත්පැන් වත් කළේය. ශෙන් ස'චුආන්  සිය වාක්‍යය සම්පූර්ණ නොකරම, හදිසියේම හිස පහතට ගෙන ඔහුගේ තොල් වසා ගත්තේය.  ශෙන් ස'චුආන්  ව නැවත ජනේලය දෙසට තල්ලු කරන ලද අතර, චෙරි මල් අත්ත ස්පර්ශයෙන් සෙලවෙන්නට විය.  ඔහු මදක් පිටුපසට නැමී සිටියේ තදින් අල්ලාගෙන සිටි අතර තම ඉඟටිය බිඳී යන්නාක් මෙන් දැනුනි.  ​ ෂ්‍යාඕ චීයේ ගේ ගෙල මත යම් හිම මඳක් පතිත වුවද ඔහු එය නොසලකා හැරියේය.  ඔහුගේ සිරුරෙන් අඩක් ම ශෙන් ස'චුආන්  මතට තද විය.  ඔහුගේ ඇඟිලි ශෙන් ස'චුආන්  ඇඟිලි අතර ඇති හිඩැස් සමඟ බලහත්කාරයෙන් එකිනෙකට සම්බන්ධ කළේය.

 

අමාත්‍යවරුන්ගේ සියයකගේ භෝජන සංග්‍රහයේදි දුටු දා පටන්, ෂ්‍යාඕ චීයේ ට ඔහුව සිප ගැනීමට අවශ්‍ය වී තිබුණි!  අද ඔවුන්ගේ රාත්‍රී පිළිසඳර අතරතුර ඔහුට එය ඊටත් වඩා අවශ්‍ය විය;  ඔහු ඒ වන විටත් මුළු රාත්‍රිය පුරාම විඳදරාගනිමින් සහ සංයමයෙන් සිටියේය.  ෂ්‍යාඕ චීයේ  ඔහු කෙතරම් දැඩි සහ අනුකම්පා විරහිතද යනුන දැක තිබුණේ ය, ඔහුට කැමති පරිදි පසු බැස ඉදිරියට යා හැකි ආකාරය දුටුවේය.  අසංඛ්‍යාත සංවේදනයන්ගෙන් ඔහුට තමා ගැන හැඟීමක් ලබා ගත නොහැකි වූ සේම, ඒඩනිසාම ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ දෑස් ආශාවෙන් පිරී යන තෙක් ඔහුව සිප ගැනීමට පමණි.

 

ශෙන් ස'චුආන්  ගේ ළය ගැහෙන්නට විය.  සුළඟ ඔහුගේ දහඩිය වැකි සිරුර හරහා හමා ගියේ ඔහු වෙව්ලන තරමට ඔහුව සිසිල් කරවමිනි.  ෂ්‍යාඕ චීයේ විසින් ඔහුට පොවන ලද මත්පැන් ඔහුගේ දත්වලට නතර කිරීමට නොහැකි විය.  එ්වා ඔහුගේ උගුරට ලිස්සා යන විට, ඔහුගේ හුස්ම හිරවීමට පටන් ගත්තේය.  නමුත් ෂ්‍යාඕ චීයේ  ඔහුගේ ජීහ්වයේ කෙළවර සපා කෑවේ ඔහුට කැස්ස පිටවීම වළක්වමිනි.  එබැවින් ඔහුට කළ හැකි වූයේ දෑස් තෙත් වන තුරු එය විඳදරාගැනීම පමණි.  මේ මොහොතේ අහස කඩා වැටුණ ද, ෂ්‍යාඕ චීයේ ඔහුව නිදහස් කරන්නේ නැත.

 

හදිසියේම "තඩ්" හඬක් ඉහළින් නැගුණු අතර අතර, යමෙකු ඒ වහා බිමට ඇද වැටුණි.  දිං තාඕ හිම රුදී තිබුණු හිස එසැවුයේ ය.  එය කෙතරම් සීතලද යත්, ඔහු තම දෑත් තදින් අතුල්ලමින් සිටියේය. ඔහු අයෙක් පිළිබඳව සිය හදවතේ තබාගෙන සිටියා සේම අනෙක්පස හැරෙද්දි සෘජුවම දකින්නට ලැබුණේ ඒ ජනේලයයි.  ඔහුගේ ආත්මයේ අභ්‍යන්තරයෙන්ම බියට පත් වූ ඔහුට කම්පනයෙන් මිදීමට නොහැකි විය.

 

ශෙන් ස"චුඇන් ක්ෂණිකව ෂ්‍යාඕ චීයේ ට පා පහරක් දී ජනේලය මත අල්ලාගෙන, කැ​ස්සේ ය.  ඔහුගේ කන් පිටුපස රතු වී තිබුණි, ඔහුගේ මුව මත්පැන් සුවඳින් පිරි තිබුණි.  ජනේලයෙන් අඳුරු ලෙස බැලූ ෂ්‍යාඕ චීයේ හුස්ම ගැනීම තරමක් වේගවත් විය.

 

 එකිනෙකට එරෙහිව සටන් කරන විට දිං තාඕගේ දත් *කට කට" හඬ නැගුවේ ය.  වෙව්ලමින්, ඔහු සෙමෙන් තම දබරැඟිල්ල දිගු කරමින්, “අනේ සමාවෙන්න, තරුණ ස්වාමීනි...” යැයි මුමුණමින් කීවේය.

 

ඔවුන්ට ඉහළින්, ච්‍යාඕ ත්‍යැන්යා සහ ගූ ජින් ඔවුන්ගේ හුස්ම අල්ලාගෙන, ඔවුන් නොසිටි බව ඥානාන්විතව මවාපාමින් ඔවුන් දෙස දැඩි අවධානයෙන් බලා සිටියහ.  ෂ්‍යාඕ චීයේ වචනයක්වත් හෝ කතා කරන තුරු බලා නොසිට, දිං තාඕ පැන පැන පලා ගියේය.  ඔහු වේගවත් චලනයන් සමඟ ගසට නැග , පසුව 'වූෂ්' හඬක් සමඟ නැවත වහලය වෙත ගමන් කළේය.

 

 

 

 

 

 

​අරුත් පැහැදිලි කිරීම

 

 1.( “දුර රාජ්‍යයක් සමඟ මිතුරු වන්න; ( උපාය මාර්ග තිස් හයෙන් එකකි) අසල ඇති පුද්ගලයාට පහර දෙන්න

 

 

 2.)  රාජ්‍ය ගොවිපළ පද්ධතිය, වචනාර්ථයෙන් “ගොවි කෙත්”, කෘෂි ජනපද, බොහෝ දුරට දේශසීමා ප්‍රදේශවල, කෘෂිකාර්මික නිෂ්පාදන සමඟ වැසියන්ට සහ හමුදා ඒකකවලට සැපයීමට සේවය කළේය.

 

 3. ) හමුදා භටයින් (බොහෝ විට මායිම් ප්‍රදේශවල) ආරක්ෂක රාජකාරි මෙන්ම දේශසීමා ආරක්ෂක භටයන්ට ධාන්‍ය සැපයීම සඳහා ගොවිපල භෝග වැවීම ද සිදු කරයි.

 

 4.  මී පැණි උගුල

 

 5. )  "මිං රාජවංශයේ ඉතිහාසයේ හමුදා කටයුතු පිළිබඳ සංග්‍රහය", නොහොත් මිංශි බිංජී , මින්ග් රාජවංශයේ හමුදා ක්‍රමය අධ්‍යයනය කිරීමේදී බොහෝ විට මිනිසුන් විසින් උපදෙස් ලබා ගන්නා වැදගත් ලේඛනවලින් එකකි. එය එක් එක් බලකොටුවල භට පිරිස් බලකොටුවට අයත් ගොවි ජනපදවලින් පෝෂණය කර සොල්දාදුවන් විසින් සේවය කරන අතර ඔවුන්ගේ වැටුප මධ්‍යම රජයෙන් ලබා දෙයි.

 

 

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

  1. දිං තාඕ🤣🤣🤣🤣 පව් දෙයියනේ අහිංසකයා🤣🤣🤣

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-