ෂ්‍යාඕ චීයේ මාළිගයට ඇතුළුවීමට පෙර , ශෙන් ස'චුආන් මිංලී ශාලාවේදි ලී ජ්යංහෙන් හා කතිකා කර සිටි අතර රාජකීය ආරක්ෂකයන් ගේ හයවැනි විනිසුරු තනතුර ප්‍රධානය කර තිබුණි. එමෙන්ම , ඔහුගේ ඉණ පළඳනාව රත්රන් ආලේපිත තඹ ඉණ පළඳනාවකට මාරු කර තිබුණු අතර එහි වළාකුළු රටා මධ්‍යයේ ජිඒෂි මසා තිබුණ අතර එහි ආරක්ෂක යන වචනය රාජකීය පිරිවර යන වචනයද ඇතුලත් කර තිබුණි.
වතාවේ හන් චෙංට ලැබුණේ ත්‍යාග කිහිපයක් පමණකි, ඒ නිසා ම හන් චෙං වඩාත් අසතුට ට පත්ව සිටියේ ය.
ශෙන් ස'චුආන් විසින් තමාව ඉහළට නගින පඩිපෙලක් සේ භාවිතා කළ බව ඔහු දැන සිටියේ ය. නමුත් ඔහු ශෙන් ස'චුආන් අධිරාජ්‍යයා ගේ කරුණාව ලබාගෙන ඇති බවත් දැන සිටියේ ය , ඉතිං ඔහු ඔවුන් දෙදෙනා අතර විරසකයක් ඇති වීමට ඉඩ නොතැබීය යුතු ය.
නැවත කාර්යාල ශාලාවට පැමිණි ශෙන් ස'චුආන් ට ඔහුගේ සගයන් සියල්ලෝම සුබ පැතීමට පැමිණියහ. ශෙන් ස'චුආන් එකිනෙකාට ප්‍රතිචාර දැක්වීය. පිරිස අඩු වැඩි වශයෙන් විසිරී ගොස් ඇති බව දුටු හන් චෙං, “ඔබ රන් ඉණ පළඳනාවක් පැළඳ සිටින පළමු අවස්ථාව මේක. ඔබට තවමත් විශ්වාස නැති කරුණු තියෙනවා, එහෙම නේද?"
ශෙන් ස'චුආන් නිහතමානීව පැවසුවේ ය, "මට තවමත් ගෞරවනීය සේනාධිනායකතුමා මට මග පෙන්වීම අවශ්‍ය වෙනවා."
පැසසුමට පත් හැගීම් ඇතිව, හන් චෙං පවසන්නට විය, “ආරක්ෂකයන් සඳහා තියෙන මේ රන් ඉණ පළඳනාව ඔබ රාජකාරියේ යෙදී සිටින විට ඉණෙහි පැළඳිය යුතුයි, විවේකයේදී බාහිරට නොපෙන්විය යුතුයි. අධිරාජ්‍යයාගේ පිරිවරට අයත් අය සාමාන්‍යයෙන් කාර්යාල දොළහේ තනතුරක් දරනවා. ඔබට කලින් වගේ හැසිරෙන්න බැහැ; ඔබ ඔබේ වදන් ගැන වඩාත් කල්පනාකාරී වෙන්න ඕනෙ. ඔබ අතීතයේ දී දූත මෙහෙවර සිදු කළත්, දැන් ඒක වෙනස්. අනාගත මෙහෙයුම් වලදි, ඒක 'අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්' වුනත්, අත්අඩංගුවට ගැනීම ආරම්භ කරන්න ඉක්මන් වෙන්න එපා. ඔබ ගිහින් විමර්ශන කාර්යාලයට ගොස් එහි අධීක්ෂණ ලේකම්වරයාගෙන් එයට ඔහුගේ අත්සන ලබාගන්න. එය 'දේශීය නියෝගයක්' නම්, එ් නඩුව විමර්ශනය කිරීම සඳහා ඔබට චූදු වලින් ඒ ස්ථානයෙන් පිටත්වෙන්න වෙනවා. ඔබ පිටත්ව යන්න කලින්, ඔබට එය අත්සන් කරන්න අධිකරණ අමාත්‍යාංශය සහ ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය වෙත යන්න වෙනවා."
නිහතමානි ලෙස, ශෙන් ස'චුආන් ඔහුගේ ඉගැන්වීම් වලට සවන් දුන්නේ ය.
හන් චෙං ඔහුගේ ආකල්පය ගෞරවාන්විත බවත්, තම උසස් වීමට පෙර ඔහු සිටි ආකාරයට වඩා වෙනස් නොවන බවත් දුටු විට, ඔහුට දක්ෂතාවය ඔප්නැංවීමට ආශාවක් දැනීම වළක්වා ගත නොහැකි විය. ඔහු තවදුරටත්, “අතීතයේ නැගෙනහිර රෙජිමේන්තු මූලස්ථාන අපට අණ දුන්නා. අපි පිටතට යන විට නැඟෙනහිර මූලස්ථානයේ නපුංසකයන් දකින සෑම අවස්ථාවකම, අපට ඔවුන්ට වැඳ වැටී ආචාර කරන්න සිද්ධවුනා. නමුත් දැන් යාමෙන්* විසිහතර පුරප්පාඩු වී ඇති නිසා, නැගෙනහිර මූලස්ථානයේ සියල්ලෝවම නිලයෙන් නෙරපා හැරලා. ඒ අය තමයි දැන් අපිව දැක්කම වැඳ වැටෙන්න ඕන. නපුංසකයන්ට හොඳින් සලකන්න අවශ්‍ය නැහැ. කොහොම වුනත්, ඔබ මතක තබා ගත යුතු එක් දෙයක් තියෙනවා- ඒ තමයි අධිරාජ්‍ය ආරක්ෂකයින්ට අධිරාජ්‍යයාගෙන් නියෝග ලැබුනත්, අපට අධිකරණ කාර්යාල තුන සමඟ ගනුදෙනු කරන්න අවශ්‍ය වෙනවා. බොහෝ විට, අපි සාමූහික කටයුතු සඳහා වෙනත් තැනකට යද්දී , එ්වා ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයෙන් වාරණය වෙනවා. සෑම අයෙකුගෙම කාර්යයන් සහ අධිකාරිත්වය එකිනෙකාගෙන් වෙන් වී ඇති බව පෙනුනත්, ඇත්තටම, ඔවුන්ට තවමත් එකිනෙකා අවශ්‍ය වෙනවා. එබැවින් ඔබ දූත මණ්ඩලවල සිටිනකොට, ඔබ අධිකරණ කාර්යාල තුනේ නිලධාරීන් සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගන්න ඕනේ. ඔවුන් කෙරෙහි ඔබේ කෝපය කිසිම වෙලාවක පතුරවන්න එපා. බ නොදැනුවත්වම සිතේ ඇති කරගත් වෛරය අත්හැරියහොත්, ඔබේ අනාගත පැවරුම් වලදි ඔබට දුෂ්කර කාලයක් ගත කරන්න වේවි."
ශෙන් ස'චුආන් මේ සියල්ල හදවතින්ම දැන සිටියද , ඔහු එයට සවන්දුන්නේ ඔහු එය අඅසන පළමුවන අවස්ථාව මෙනි.
අවසාන වශයෙන්, හන් චෙං ඔහුට කාරුණිකව පවසන්නට විය, “ඔබට නව පිරිස් බලයක් අවශ්‍ය නම්, රාජකාරි වාර්තා කාමරයට ගොස් පොත් ලේඛනයෙන් තෝරා ගන්න”
ඔහුට ස්තූති කිරීමෙන් පසු, ශෙන් ස'චුආන් දොරෙන් පිටතට ගොස් යාමට පටුමඟ දිගේ ඇවිද ගියේය. ඔහු තම මිනිසුන් තෝරා ගැනීමට රාජකාරි වාර්තා කාමරයට යාමට ඉක්මන් නොවීය. ඔහු මාලිගාවේ දොරටුවෙන් පිටතට යන විට, ෂ්‍යාඕ චීයේ අශ්ව කරත්තයේ වාඩි වී ඔහු එනතුරු බලා සිටියේය.
ශෙන් ස'චුආන් තම ගමන නතර කර ආපසු හැරීමට සූදානම් විය.
ෂ්‍යාඕ චීයේ තිරය අර්ධ වශයෙන් ඔසවා නොපමාව පවසන්නට වූයේ ය, "දැන් ඔබට උසස්වීමක් සහ වැටුප් වැඩිවීමක් ලැබී ඇති නිසා, ඔබ මට මත්පැන් පානයට සංග්‍රහ කරන්න තරම් මසුරුකමක් දක්වන්නේ නැහැ නේද?"
ශෙන් ස'චුආන් දුටුවේ දිං තාඕ සහ ගු ජින් ෂ්‍යාඕ චියේ දෙපස සිටගෙන තම ගොදුර දෙස බලා සිටින කොටියන් මෙන් ඔහු දෙස බලා සිටින අයුරුය. ඔහු සීතල හුස්මක් පිටකර සන්සුන්ව පිළිතුරු දුන්නේය, "මම එහෙම කරන්නේ නැහැ. මම ඔබව සොයමින් හිටියේ."
පුද්ගලයන් දෙදෙනාම තම ෂිෆුලාට ආහාර වේලකට ආරාධනා කර ෂ්‍යාඕ චීයේ භාවිතා කළ මළුවට ගියහ. නිවස ඇතුළත මේස පුටු ඉවත් කර තිබුණි. හතර පැත්තෙන්ම ආසන වෙන් කරන්නට කුඩා තිර භාවිතා කරන ලද අතර මැද වක්‍ර සහිත සරල නමුත් අගනා මේසයක් තිබුණි. එය බීමට හා කතා බහට ඉතා සුදුසු ස්ථානයක් විය.
කාමරය උණුසුම් විය. දෙදෙනාම පිටත කබා ගලවා දැමුවෝ ය.
ෂ්‍යාඕ චීයේ දෙපා එකිනෙක හරස් කර අසුන්ගනිද්දි, ශෙන් ස'චුආන් නිසි ලෙස සිය විලුඹ මත දණගසමින් අසුන්ගත්තේ ය.
ෂ්‍යාඕ චීයේ සිනහසෙමින් පවසන්නට විය, “අපි දරාගෙන තිබෙන ප්‍රමාණය දිහා බැලුවම, ඔබව ගොඩක් විදිහට පෙනෙන්නේ වැදගත් වංශවත් පවුලක තරුණයෙක් වගේ. ජී ගැං ශීෆූ ද ඔබට මේ දේවල් ඉගැන්වූවේ.?”
මෙසේ වෘමට පෙර මහාමාත්‍ය චී ගේ වේවැලෙන් අතින් ඔහුට පහර වැදී තිබුණේ ය.. පිළිතුරු දෙනවා වෙනුවට ශෙන් ස'චුආන් පැවසුවේ ය."එහෙනම් ඔබ අද මාලිගාවේ දොරටු අසල මා එනතුරු බලා සිටියේ ඇයි?"
සේවිකාව මත්පැන් හා ආහාර පිඟන් පිළිගන්වන ආකාරය දෙස බලා සිටි ෂ්‍යාඕ චීයේ ඇය දොර වසා පිටව යන තෙක් බලා සිටියේ ය, “ඔබත් මා සෙව්වා නේද? ඔබ මුලින්ම."
“ඔබ මාලිගාවට ඇතුළු වූයේ අධිරාජ්‍යයා හමුවෙන්න නොවන බව මම දුටුවා. ඔබ ඊයේ රාත්‍රිය පුරාම කාර්යබහුලව වැඩ කරමින් සිටියා. මම හිතුවේ ඔබ ඉන්නේ වධකාගාරයේ කියලා." ශෙන් ස'චුආන් තම සිරුර උණුසුම් කර ගැනීම සඳහා පළමුව තේ උගුරු කිහිපයක් පානය කළේ ය, පසුව දිගටම පවසන්නට වූයේ ය, "ෆුලිං ව විමර්ශනය කරන්න පහසුයි. එහෙම නේද?"
"ඇත්ත වශයෙන්ම." ෂ්‍යාඕ චීයේ තමා වෙනුවෙන් වයින් වත් කරගත්තේ ය. "ඇය විමර්ශනය කරන්න එතරම් පහසු වෙන්න තිබුණා ඇය ඔබ භාවිතා කරන ආකාරයේ පුද්ගලයෙකු විදිහට නොපෙනුණා නම්."
“ඇයට වයෝවෘද්ධ මවක් සිටිනවා විතරක් නෙමෙයි, ඇය ටමෘදු හදවතකුත් තියෙනවා. සූරාකනුන පුළුවන් බොහෝ දුර්වලතා ඇති ඇය වැනි කෙනෙක් හසුරවන්න ඇත්තටම පහසුයි. නමුත් ඈ ඇගේ ස්වරය වෙනස් කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා." ශෙන් ස'චුආන් සිනාසෙමින් පැවසුවේ , “ඔබ හරි. ඒ මම නම්, මම නිසැකවම ඇය වගේ කෙනෙකුව භාවිතා කරන්නේ නැහැ. ”
"ඒත් ශෙන් ලන්ජෞ." ෂ්‍යාඕ චීයේ පානය කරන විට ඔහු දෙස බලා සිටියේ ය, "ඔබ මේ ආකාරයේ පුද්ගලයෙකු භාවිතා කළත්, මම පුදුම වෙන්නේ නැහැ" යැයි පැවසීමට පෙර ඔහුගේ උගුර තෙත් කර ගන්නට මොහොතක් ගත කළේ ය.
“මමත් මනුෂ්‍යයෙක්.” ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ගේ පස වූ මත්පැන් ජෝග්ගුව ගත්තේ ය. “මටත් හැඟීම් දැනීම් තියෙනවා.”
“නමුත් ඔබ ඒ වගේ හැගීම් මා වෙනුවෙන් වෙන් කර නොමැති හැඩයි,” ෂ්‍යාඕ චීයේ කණගාටුව මුසු හඬින් පැවසීය.
ශෙන් ස'චුආන් මන්දගාමීව මත්පැන් වත් කරගනිමින් පවසන්නට විය, “ඔබටත් එසේම තමයි.”
"මම නැවත නැවතත් ඔබ වෙතට ළඟා වුනි." ෂ්‍යාඕ චීයේ ප්‍රියමනාප ප්‍රකාශයකින් කීවේය. “නමුත් ඔබ මගේ උත්සාහය දෙස ඇස් පියාගෙන හිටියාබ, මා සමඟ සටන් කරන්න ඔබේ හදවත පවා දැඩි කර ගත්තා, ආ නැද්ද?”
"ඔබ අත දිගු කළත්, මට නිෂ්ඵල තොරතුරු පමණක් ලබා දුන්නත්," ශෙන් ස'චුආන් ඔහු දෙස බලා කිසිවක් පැවසීමට පෙර මත්පැන් බඳුන මේසය මත තැබුවේය, "එසේ නම් මේ ගිවිසුම ගනුදෙනුවකට වඩා ලාභදායී නේද?"
“ඉතිං ඔබ ෂී හොංෂුුආන් වෙතට හැරිලා ගිවිසුමක් ඇති කරගත්තා..” ෂ්‍යාඕ චීයේ සමච්චල් කළේ ය., “ ඔහු ඔබේ දෙවන තරුණ ස්වාමියාට වඩා හොඳ වුනේ කොහොමද?”
“දෙවන තරුණ ස්වාමියා ඇත්තටම ආකර්ශනීය විදිහට පෙනුනා මට බිම පතිත වෙන්නම පහරදෙද්දි නම්.” ශෙන් ස'චුආන් පැවසුවේ ය, "ඔබට ඉහළ තනතුරක් ලබා ගත්තා කියලා දක්ෂ පුද්ගලයෙක් ට දොස් පවරන්න බැහැ."
“මම කොහොමද ඔබට දොස් පවරන්න නිර්භීත වෙන්නේ?” ෂ්‍යාඕ චීයේ බඳුනේ වාෂ්ප හරහා ඇසුවේ ය, “ඊයේ රාත්‍රියේ ඔබට මාව පාගා දැමීමට නොහැකි වීම ගැන ඔබ අමනාපයෙන් ද?”
“නැහැ.” ශෙන් ස'චුආන් සිනහවක් සමඟ පැවසුවේ ය.
"සමහර වෙලාවට ඔබේ බැල්ම ඇත්තටම හරිම කෲරයි." ශෙන් ස'චුආන් පිළිතුරු දීමට පෙර, ෂ්‍යාඕ චීයේ දිගටම පවසන්නට විය, "නමුත් ඇත්ත වශයෙන්ම, ඒ පුංචි අනුකම්පා විරහිත ස්වභාවය ඔබට විශේෂත්වයක් ලබා දෙනවා."
ශෙන් ස'චුආන් මොහොතකට සංයමයකින් යුතුව ප්‍රතිචාර දැක්වීමට පෙර තමාව සන්සුන් කරගත්තේ ය., “එහෙම නම් ඔබට ඉතා විශේෂ රුචියක් තියෙනවා.”
“ඔබටත් කිසිම අඩුවක් නැතුව තියෙනවා.” ෂ්‍යාඕ චීයේ ද්ව්ත්ව අදහස් සහිතව පැවසුවේ ය. “මට සපාකන්න හිතෙන අයෙක් හමුවුන පළවෙනි වතාව මේක.”
“ආයෙමත් මාතෘකාවට යමු.” ශෙන් ස'චුආන් සංවාදය වෙනතකට යොමු කළේ ය. “ඇයි ඔබ මාව සෙව්වේ?”
“මත්පැන් පානයට තමයි.” ෂ්‍යාඕ චීයේ ඔහුගේ බදුනට මත්පැන් වත්කරගත්තේ ය. “ඒ වගේම අපි එහි සිටින අතරතුර ටිකක් කතාබස් කරන්න. දොංලොං වීදියේ මානව තැරැව්කරුට සහය දෙන්නෙක් ඉන්නවා. කොහොමවුනත්, අපි ඥැම කෙනෙක්ම සිටියේ අපේම කාර්යයන් වල, ඒ නිසා අපි හැම කෙනෙක්ම ඉස්සර සමගියෙන් ජීවත් වුණා. නමුත් දැන් ඔවුන් මෙය මා මතට කොටු කරමින් සිටින නිසා, මට ස්වභාවිකවම ඔවුන්ට බලපෑම් කරන තැනැත්තා ගැන විමර්ශනය කරන්න සිද්ධ වෙනවා."
ශෙන් ස'චුආන් කැඳ බඳුනෙන් ටිකක් මුවට පුරවාගත්තේ ය.
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය “මගේ විමර්ශනය මාව ෂී හොංෂුආන් වෙතට පමණක් ගෙනයාම කොතරම් අමුතු දෙයක්ද? අපි අවසන් වරට මෙහි සිටිද්දී, ඔබ මා සමඟ ගනුදෙනු කරන්න අෂ්ඨ මහා වංශ එකට සන්ධානගත වන බව මට පවසලා ඔබ පිටත්ව ගියා. නමුත් පසුව ඔබ අෂ්ඨ මහා වංශ සමඟ එක්වෙලා මා පාගා දැමුවා. දිගු වේලාවක් කල්පනා කළත්, ඔබේ චේතනාව මොකක්ද කියලා මට සිතාගත නොහැකි වුනා. නමුත් මම සිද්ධීන් ආපසු හැරවූවම මට තේරුම් ගන්න ලැබුණා."
ශෙන් ස'චුආන් එහි වූ මත්ස්‍යයා ආහාරයට ගත්තේ බළලෙකු තරම් වීනීතව හා අලංකාර ලෙසය. සිය හිස නොඔසවමින් ම, ඔහ් "උහ් - හුහ්" ලෙස මුමුණන්නට වූයේ සවන්දෙන බව හඟවමිනි.
ෂ්‍යාඕ චීයේ මේසය මත වූ මත්පැන් බඳුන කරකවමින් දිගටම පවසන්නට විය “මට තිබුණේ ‘අෂ්ඨ මහා වංශය සමඟ සන්ධානගත’ වෙන්න කලිං ‘මාව පාගා දමන’ ඔබේ යෝජනා ක්‍රමය නැවත සළකාබලන්නයි. ඒ විදිහට, සෑම දෙයක්ම අර්ථවත් වෙන්න තිබුණා. ඔබේ අරමුණ වුනේ මාව පහත හෙළීම නෙමෙයි. ඔබ ෂී හොංෂුආන්ව උසිගන්වා අනෙකුත් වංශ සමඟ මිත්‍ර වෙන්න ඔහුගෙන් ඉල්ලා සිටියාබවගේම, ඔබ ඒ පිළිබඳ තොරතුරු මට දැනගන්න සැළැස්සුවා. ෂී හොංෂුආන් සමඟ මිත්‍ර නොවන ලෙස අනෙකුත් වංශවලට ඒත්තු ගන්වන්න අෂ්ඨ මහා පුහුණු අංශ කෙරෙහි වූ මගේ නිල බලය ප්‍රතිචාර දක්වන්නත් භාවිතා කරන්නත් ඔබට අවශ්‍ය විය. ඔවුන් එය හඳුන්වන්නේ මොනවා කියලද? දේශපාලන උපායමාරු කලාව ඇතුළත අසමගිය වපුරලා අෂ්ඨ මහා වංශ විභව සන්ධානය කඩාකප්පල් කරන්න වදන් පමණක් භාවිත කරන එක සුළුපටු ප්‍රශ්නයක්. පසුකාලීන වැටීමෙන් ඔවුන් අතර වෛරී රුධිරය විසුරුවා දැමීම තමයි ඔබ සැබවින්ම කරන්න අදහස් කරන ශ්‍රෙෂ්ඨ කාර්යයේ සැබෑ පෙර නිමිත්ත වෙන්නේ."
ශෙන් ස'චුආන් ඔහු දෙස බලමින් ඇසුවේ ය, “ෂී හොංෂුආන් දොංලොං වීදියේ මිනිස් තැරැව්කරුගේ සහායකයකු බව දැනගත්ත නිසා ද ඔබ මෙය ඉදිරිපත් කරන්නේ?”
"සමහර ඉඟි මකුළු දැල් සහ තුරඟ පා සටහන් වගේ." ෂ්‍යාඕ චීයේ ත පැවසීය. “ඔබට ඒවා පිරිසිදු කරන්න බැහැ. ෂී ගූ'අන් අධිරාජ්‍ය බන්ධනාගාරයේ රඳවා සිටිද්දී , ෂී හොංෂුආන් නිල තනතුරක් වෙනුවෙන් හිටපු පුද්ගලයාගේ ජීවිතය විකුණා දැමුවා. දැන් ඒ ගැන සිතන විට ඔබේ යෝජනාව ඒක වෙන්න ඇති කියලා මට හිතෙනවා. එහෙමනැත් නම්, ෂී හොංෂුආන් ඔබේ උපදෙස් එතරම් පහසුවෙන් ගණන් ගන්න බැහැ."
ශෙන් ස'චුආන් ලේන්සුවකින් තම ඇඟිලි පිසදමා මොහොතක් කල්පනා කළේ ය, “ ඔහු පහසුවෙන් අවවාද වලට ඇහුම්කන් දෙනවනම් , ඒ මට නම් නෙමෙයි”
"මම මුලින් හිතුවේ ඔබ උසස්වීමක් ලබාගන්න හදිස්සි වෙනවා කියලයි. එතකොට ඔබට ජොංබෞ භටයින්ගේ පරාජය පිළිබඳ නඩුව විමර්ශනය කරන්න පහසු වෙනවා." ෂ්‍යාඕ චීයේ නැවත වරක් මත්පැන් වත්කරගනිමින් පවසන්නට විය, “ඔබේ ආශාව මෙතරම් විශාල වේවි කියලා කවුද දැන සිටියේ? අෂ්ඨ මහා වංශ දෙපසට බෙදීමෙන් ඔබට වෙන යහපත කුමක්ද? චූදු අග නගර අටකින් වට වී ඇති බවත්, ඒඩසියල්ලම ලී වංශය අභිබවා ගොස් ඇති බවත් ඔබ හොඳින් ම දන්නවා. දඩයම් භූමියේදී හුආ සීචියන්ගේ ගේ කුමන්ත්‍රණය සහ එය කෙතරම් විශාල නඩුවක් ද කියලත් ඔබ දැක තිබෙනවා වුනත්, වැන්දඹු අධිරාජිණිය තවමත් නිරුපද්‍රිතව ඉන්නවා. එක් මිනිසෙකුගේ බලය භාවිතා කර ඔවුන්ව බිඳ දමා බලයෙන් නෙරපා හැරීමේ මායාව ඔබ ඇති කර ගත්තේ කොහොමද? චූදු වල මේ මීදුම ඉවත් කරලා හොඳට බලන්න. ඔවුන් දැනටමත් වසර සිය ගණනක් තිස්සේ උස් නැග ඉන්න බව ඔබට පෙනේවි, ඔවුන්ගේ මූලයන් එහි ගැඹුරට මුල්බැස තියෙන හැටිත් පෙනේවි."
ශෙන් ස'චුආන් ගේ ආහාර කූරු චලනය සම්පූර්ණයෙන්ම නතර විය. ඔහු කෙළින් හිඳගත් විට, ඔහු සැහැල්ලු බුද්ධිමය සංවාදයකට පිවිසීමට සූදානම් වන බවක් දැනුනි. ඔහු කෝපයට පත් නොවීය. ඇත්ත වශයෙන්ම, "මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්" යැයි ඔහු පවසද්දී පවා ඔහු සන්සුන් අභිනයනින් යුතු විය.
"හොඳයි අහන්න" පැවසීමට පෙර ෂ්‍යාඕ චීයේ මොහොතකට නතර විය.
ශෙන් ස'චුආන් පවසන්න විය, “මේ සම්පූර්ණ කාලය පුරාවටම, ෂ්‍යාඕ වංශය සහ හුආ වංශය එකිනෙකා අල්වාගෙන ඉන්නවි. නැන්ලින් දඬයම් පිටියේ සිද්ධිය හේතුවෙන්, හුආ වංශය පහත වැටීමේ ලකුණු පෙන්නුම් කරන්න පටන් ගත්තා වගේම ෂ්‍යාඕ වංශයට වැඩි වාසියක් හිමි වුනා. නමුත් ඔබ දිනුවාද?"
ෂ්‍යාඕ චීයේ තම මත්පැන් බදුන දැඩිව අල්ලා ගත්තේ ය.
පිටත ඒ වින විටත් අදුර වැටී තිබුණි, නමුත් කාමරය තුළ වූ පහන් දල්වා නොතිබුණි. ශෙන් ස'චුආන් ගේ අසුන්ගන්නා හෙවනැල්ල ජනේලයට මෙහාපසින් දුර්වල ලෙස වැටී තිබුණි. ඔහු පවසන්නට විය , “ඔබ මුහුණ දෙන්නේ හුආ වංශයට පමණක් නොවෙන බව ඔබ තේරුම් අරගෙන.තියෙනවා. සමහරවිට මුලින්ම , ඔබ දැනගනුන ඕනේ ඔවුන්ට අවශ්‍ය අෂ්ඨ මහා පුහුණු අංශ පමණයි නියන එක. ඒත් ඔබ ඊටත් වඩා සිතන්නට ඕනේ ජොංබෞ වල ප්‍රාන්ත හයට මීටත් වඩා දේවල් අවශ්‍ය වෙන බව.”.
"ජොංබෞ වල පරාජය පිළිබඳ තවමත් තීරණාත්මක තීන්දුවක් ලැබිලා නැහැ." අඳුරේ සැඟවී සිටි ෂ්‍යාඕ චීයේ මද වේලාවක් නිහඬව සිටියේය. "ඒත් ඔබට හොඳටම විශ්වාසද ඔවුන් තමයි ඒක කළේ කියලා?"
"මේක නරක ණයක්." ශෙන් ස'චුආන් පැවසුවේ ය, “අපි නැවත නැවතත් චෙංබෞ පරාජය සම්බන්ධ නඩුව හරහා ගියේ එය කාගේ වරදක් දැයි සොයා බැලීමේ අරමුණින්. නමුත් ඇත්ත වශයෙන්ම, මේක කොහොමටවත් තනි පුද්ගලයෙකුට පාලනය කළ හැකි කාරණයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි, අද වනතුරුත් කිසිවකුට හරියටම සිතාගත නොහැකි වුන එක දෙයක් පරාජයේ තිබුණා.”
ෂ්‍යාඕ චීයේ ඇසුවේ ය "ඇයි?"
“ඒක හරි. ඇයි?” ශෙන් ස'චුආන් ඔහුගේ වචන සනාථ කළේය. “බ්‍යැන්ෂා දේශසීමා පරාජය කරලා අපගේ භූමියට ඇතුළු වෙලා සෑම කෙනෙකුගේම චිත්ත ධෛර්යයට සහ ආත්මයට පහර දුන්නා. ජොංබෞ වල අහිමි වුණ ජීවිත දස දහස් ගණනක් තාවකාලික ප්‍රශ්නයක් විතරයි. පසුව අති වුන අසීරු තත්ත්වයන්ට ජොංබෞ ප්‍රාන්ත හය නිසා වසර ගණනාවක් බදු අහිමි වුණා, ජනගහනය නැවත පදිංචි කිරීම, ගොවිබිම් යලි බෙදා හැරීම සහ සමූලඝාතනය වූ නගර සහ ගම්මාන නැවත ගොඩනැඟීමත් එක්ක රාජ්‍ය භාණ්ඩාගාරයට මේ බර දරාගත නොහැකි වුනා , ජෙංබෞ ණය ජාතික ප්‍රශ්නයක් බවට පත් වුනා. වඩාත්ම දුෂ්කර කොටස වුනේ පාබල හමුදා භටයින් සංවිධානය කිරීමයි. ප්‍රමාණවත් පිරිස් බලයක් නැතුව, ජොංබෞ නැවත වරක් පරාජයට පත් වේවි. ලීබෙයි සහ චීදොං වල ශක්තිමත් කිරීම් කොපමණ කාලයක් තියේවි ද? මෙය චූදු වල ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුවම බලපානවා. ජෙිාංබෞවල හමුදා පරාජයට පත්වෙන්න කලින් මේ හැම ප්‍රශ්නයක්ම කෙනෙක්ගේ හිතට ආවේ නැද්ද, එහෙම නැතිනම් ඔවුන් ඇත්තටම මේවා බලාපොරොත්තු වුනාද? සමහර විට අෂ්ඨ මහා වංශ ප්‍රධාන උසිගැන්වීම්කරුවෝ නොවුනත් , ඔවුන්ගේ බලය සහ බලපෑම නැතිව, මේවගේ දෙයක් සිදු කරන්න බැහැ.”
“දජෞ වල දේශපාලන නොසන්සුන්තාවක් ඇති සෑම අවස්ථාවකම ඔවුන් අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා. හුආ වංශයේ බලයට නැගීමේ හැරවුම් ලක්ෂ්‍යය ආරම්භ වූයේ වසර විසිපහකට පෙර ගුආංචෙන් අධිරාජ්‍යයා සිංහාසනයේ සිටියදීයි. ඇගේ බලය ශක්තිමත් කිරීම වෙනුවෙන්, වැන්දඹු අධිරාජිණියට, යෝග්‍යතාවය නිරීක්ෂණය කරන්න කීකරු දක්ෂයෙකු වූ ඔටුන්න හිමි කුමරුව මරා දැමුවා. නමුත් මීට වසර අසූවකට පෙර, යොං'අන් අධිරාජ්‍යයාගේ කාලයේ, රාජකීය අධිකරණය පාලනය කළ වංශය වූයේ දක්ෂයෝ බිහි කළ කීර්තිමත් වංශයක් වන යාඕ. මහා ලේකම් කාර්යාලය පවා හැඳින්වූයේ ‘යාඕ ශාලාව’ කියලයි. ඉන්පසුව, වසර සියයකට පෙර ජුඒෂි යොංයී වරාය විවෘත කරන විට දජෞ වල ධාන්‍යාගාරවල යතුර බවට පත් වුනේ ෂී වංශයයි. බටහිර දෙසින් පිහිටි ෂු මුහුදේ මුහුදු බොක්කේ ලුණු සහිත ප්‍රදේශයට හිමිකම් කියන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඔවුන් ලෝකයේ සියලුම ධනවතුන්ගේ ප්‍රධානියා බවට පත්වුණා. ලි වංශයට පවා තම වංශවතුන්ගේ විවාහය සඳහා ඔවුන්ගෙන් මුදල් ණයට ගන්න සිද්ධවුනා. මේ කිසිමදෙයක් පුද්ගලික ලකුණු නිසා සිදු වුනේ නැහැ. ඒ වෙනුවට, අධිරාජ්‍යයන් පැමිණෙන විට සහ යන අතරතුර ඔවුන් වංශවල ප්රමුඛ බලාගාරය විදිහට මාරු වෙමින් හිටියා. ආරම්භයේ සිටම, මේ වංශ කිසිවක් ඇත්තටම පරිහානියට පත්වෙලා නැහැ."
“දුප්පත් කුටුම්භයන් වල ධනවත් පුතුන් බිහි වෙන්නේ නැහැ. අධිරාජ්‍ය අධිකරණයේ දේශපාලන තත්ත්වයට බලපෑම් කළ හැකි දජෞ වල සැලකිය යුතු නිලධාරීන්ගෙන් ඉතා සුළු පිරිසක් දුප්පත් පවුලකින් උපත ලැබූ අයයි. චී හුයිලියන් මතුවෙන්න අවුරුදු කීයක් ගියාද? සහ හායි ලියැංයී කෙනෙකු පෙනී සිටීමට වසර කීයක් ගත වූනාද? ඒවා මන්දලාමි ලෙස ඇඳෙන පින්සල් පහරවල් වගේ, එය විඳදරා ගෙන මෙතරම් දුරක් ගෙන ආවත්, ඉතිහාසයේ සඳහන් වුණ හැමදේම ඔවුන් මකා දැමුවා.”
"අෂ්ඨ මහා වංශ වල යකඩ දැල මැදින් උස්ව නැඟී ඉන්න හැකි කෙනෙක් ගැන අප සඳහන් කරනවා නම්, මේ පුද්ගලයා ඔබට වඩාත් හුරුපුරුදු අයෙක."
ශෙන් ස'චුආන් සෑම වචනයක්ම උච්චාරණය කරන විට ෂ්‍යාඕ චීයේ දෙස බලා සිටියේය.
“ලිබෙයි පරම්පරාගත කුමරුට නිහතමානී ආරම්භයක් තිබුණා වගේම ඔහු උපත ලැබුවේ හොන්ගියන් කඳු පාමුල යි. වයස අවුරුදු පහළොවේදී, ඔහු ලුඕෂ්යා දුර්ගයේ හමුදාවට බඳවා ගත්තා, එහිදී ඔහු වයස අවුරුදු විස්සක් වන විට ලුඕෂ්යා දුර්ගයේ හමුදා භටයෙක් විදිහට උසස් කරන කළා. ඔහුට වයස අවුරුදු විසිතුනේදී හොංයැන් කඳු පාමුලදී පාබල හමුදා භටයන් පරාජයට පත්වුනා. ඔහු විසිහයේ දී ලුඕෂ්යා හි අශ්වාරෝහක හමුදාවක් තනන්න උත්සහ කළා. විසිඅට වන විට ලුඕෂ්යා අශ්වාරෝහක සේනාංකය ස්ථාපිත කළා. ඔහුට වයස අවුරුදු තිහක් වන විට, ඔහු නැවත වරක් බ්යැන්ෂ්යා හන්ෂේ ගෝත්‍රයට එරෙහිව සටන් කළා. ඔහු තිස් දෙවැනි වියේදි හොංයැන් කඳු තරණය කරලා තිස්පස්වන වියේදි නැගෙනහිර හොංයැන් කඳු වැටිය පුරා පා තැබුවා. මෙතැන් සිට ලුඕෂ්යා අශ්වාරෝහක හමුදාව විසුරුවා හැරලා ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව ලෙස හැදින්වුවා. තවදුරටත් ලුඕෂ්යා දුර්ග භටයන් ඔවුන්ගේ කොටසක් නෙමෙයි, ඔහුට තුන් වතාවක් පිරිනමන ලද අතර දජෞ සහ ලීබෙයි වල වාසගම වන පරම්පරාගත කුමර (යන නාමය පිරිනැමුවා. ලීබෙයි මහා බලඇණියේ ප්‍රමාණය තීරණය කළේ පසුවයි, දජෞ හොංයැන් කඳුකරයේ මුළු පරාසයම අල්ලා ගත්තා."
“ෂ්‍යාඕ වංශය සහ අෂ්ඨ මහා වංශ අතර යුද්ධය බල අරගලයක් පමණක් නෙමෙයි, වංශවත් අය සහ සාමාන්‍ය ජනතාව අතර සටනක. කඳු මුදුනට ළඟා ෆවන්න බාධක බිඳ දැමූ පුද්ගලයා ෂ්‍යාඕ ෆංෂූයි බොහෝ කලකට කලින්, ඔබ සහ අෂ්ඨ මහා වංශත් ඒ වන විට වෛරයෙන් පිරිලා සිටියා.
ශෙන් ස'චුආන් සිය බැල්ම මදක් පහත් කර බඳුන සහ ආහාර කූරු ඔහු ඉදිරියෙහි පිළිවෙලට සකස් කළේය. ඔහු පැවසුවේ ය, “මා සමඟ මිත්‍ර වෙන්න නම්, ඔබ අධිරාජ්‍ය හමුදාවේ ගිණුම් ගැන වචනයක් දෙකක් නෙවෙයි, අවම වශයෙන් මට අවංකභාවය වත් පෙන්වන්න ඕනේ. ඒ දේවල් මට කොහොමටවත් වටිනාකමක් තියෙන ඒවා නෙමෙයි."
දෙදෙනාම එකිනෙකාට විරුද්ධව තම තමන්ගේ ඉරියව්වෙන් අසුන්ගෙන සිටින විට කුඩා තිර සුළඟේ ලෙලදෙමින් සුළං හඬ ඇති කළේ ය. ජනේලය මදක් ආලෝකමත් වූ අතර, අඳුරු රාත්‍රියේ සීතල ගෙනෙමින්, ඔවුන් දෙදෙනාගේම දෙපස මත නොපැහැදිලි හිම සහිත දීප්තිය කැපී පෙනුනි. එකිනෙක ප්‍රතිවිරුද්ධ ව, ලැංලී තලය සහ යෑං ශන් ෂුඒ හී අසිපත් කොපු තබා තිබුණි; එහෙත් තල ද්විත්වයේම කැපුම් දාරවල සීතල දිලිසීම කාමරය තවත් ආලෝකමත් කරන්න ට සමත් විය.
____________________________________________
අරැත් පැහැදිලි කිරීම
1.) නිලධාරීන් ධුරාවලියේ ශ්‍රේණි නවයකට වර්ග කර ඇති අතර, පළමු ශ්‍රේණිය ඉහළම නිලය වේ. ඔවුන්ගේ වැටුප් ඔවුන්ගේ තරාතිරම අනුව වෙනස් විය.
2.) ජිඒෂි, තනි අඟක් සහ උල් සහිත පිටුපස ඇති සිංහයෙකු වැනි මිථ්‍යා සත්වයෙක්, යුක්තියේ සහ නීතියේ සංකේතයක් වූ අතර අනෙකුත් අධිකරණ නිලධාරීන් අතර දූෂණය සොයන සහ විනය ආරක්ෂා කළ වාරණ නිලධාරීන්ගේ ලාංඡනය විය.
3.) සටන් වදින රාජ්‍යයන්ගේ උපාය මාර්ග/උපක්‍රම : විවිධ දේශපාලන කණ්ඩායම් අතර උපාමාරුවක්, එනම්, දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික මාධ්‍යයන් භාවිතා කිරීම, නැතහොත් කුඩා රාජ්‍යයන් අධිපති, බලගතු රාජ්‍යයකට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම හෝ කුඩා, දුර්වල රාජ්‍යයන්ගේ සහයෝගීතාවය පළුදු කර ශක්තිමත් ඒකාධිපති පාලනය යටතට ගෙන ඒම
4.) මිං රාජවංශයේ දී කුමාරවරු, නොහොත් අධිපතීන්, චීනය පුරා විවිධ හොරකම් කෙරෙහි නාමික ආධිපත්‍යය සහිත අධිරාජ්‍ය නිලධරයේ මාතෘකා සහ වැටුප් ලබන සාමාජිකයින් විය. ප්රදානය කරන ලද කුමාරවරුන් යනු අධිරාජ්‍යයා විසින් පදවිය පිරිනමන ලද සහ සාමාන්‍යයෙන් විවිධ වාසගම ඇති අයයි (එනම්, රාජකීය පවුලට ලේ නෑකමක් නැති). සැබෑ කුමාරවරුන් (චූ කුමරු) සහ ප්රදානය කළ කුමාරවරුන් (ලිබෙයි කුමරු) අතර වෙනස හඳුනා ගැනීම පහසු කිරීම සඳහා මම කුමාරවරුන් දෙවර්ගයටම වෙනස් නම් කිරීමේ ක්‍රමයක් භාවිතා කර කළා.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment