පින්තූරය :
චී ශීයූ ප්‍රධාන සේනාධිපතින් හතර දෙනාගෙන් අයෙකි’
අදුර මධ්‍යයේ , ෂ්‍යාඕ චීයේ සිය අස්ථි මුදුවෙන් මුවඟ කොන් පිසදමන්නට විය, එහි තවමත් මත්පැන් ගෑවි තිබුණි. ඔහු පැවසුවේ ය, “එක සිපගැනීමකට එක පහරයි. අපි දෙදෙනාගෙන් කාටවත් අසාධාරණයක් වෙලා නෑ.”
ශෙන් ස'චුආන් ආපසු හැරී ඔහු දෙස බැලුවේ ය.
ෂ්‍යාඕ චීයේ ඔහුට සිනහවක් පෑවේ ය. “හැම තුරඟෙක්ටම ආවේණික වර්ණයක් තිබෙනවා; ඔවුන්ව පටලවා නොගෙන ඉමු. ඔබ අනාගතයේ දි මාව ප්‍රසිද්ධියේ ම පාගා දමන්නේ නැද්ද? ඉදිරියට ගිහින් මා මත පා තබන්න, ලන්ජෞ. මම ඔබට ඒ ණය පොළියත් එක්කම ගෙවන්නම්.”
ශෙන් ස'චුආන් ඔහු විසින් සපා කෑ ජීහ්වය තෙත් කරගනිමින් පවසන්නට විය., “ඔබට හැම වතාවකම ඒ වගේ අවස්ථා ලැබෙන එකක් නැහැ.”
ෂ්‍යාඕ චීයේ පියවරක් ඉදිරියට ගනිද්දී , ඔහුගේ සෙවණැල්ලෙන් ඔහුව සම්පූර්ණයෙන් වැසී ගියේ ය. ඔහු පිළිතුරු දුන්නේ ය, “ඔබටත් හැම වතාවකම පලා යන්න නොහැකි වේවි.”
එය පැවසීමෙන් පසු , ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත දිගු කර ශෙන් ස'චුආන් අසල වූ රත්පැහැ විය්ළි මිදි ගෙඩිය කඩන්නට විය. ඔහු එය තලා අතුල්ලා දමමින් එහි වූ රත් පැහැ සාරය ඔහුගේ මුවට ඇතුළු කාළේ ට. ඔහුගේ බැල්ම යටතේ , ශෙන් ස"චුඇන්ට පෙනුනේ තමා ඒ රතු පැහැ වියළී මිදි ගෙඩිය ලෙසය. ෂ්‍යාඕ චීයේ ඔහුව අගයන්නට විය, ඔහු “ජයග්‍රහණය කිරීමේ අධිෂ්ඨානය” සහ ඊට අමතරව “තියුණු සුවඳ ආඝ්‍රාණය” එයට නිහඬවම එක් කරන්න ට විය
ශෙන් ස'චුආන් ට සිතුනේ ආශාවෙන් මත් වූඉෂ්‍යාඕ චීයේ පරාජය පිළිගෙන පසෙකට වනු ඇති බවයි. නමුත් ෂ්‍යාඕ චීයේ ගේ හැසිරීම ශෙන් ස'චුආන් අපේක්ෂා කළ මට්ටමට වඩා බොහෝ ඔබ්බට ගියේ ය. ඔහුගේ ආඩම්බරකාර වතෙන් පිළිපිඹු වූයේ ඔහු නිර්භය ලෙස ඉදිරියට යාම පමණක් දන්නා පුද්ගලයෙකු ලෙසටය. පසු බසින්නට හෝ පිළිගන්නට සූදානම් විය යුතු වූ අතර ඔහු වඩා හොඳින් සැළසුම් කළ ප්‍රහාරයක් ඊලඟ වතාවේ දියත් කරනු ඇත.
ඔහු අතිශය භයානක තර්ජනයක් වන්නේ ය.
“ආලෝක ලාම්පු දල්වන්න.” ෂ්‍යාඕ චීයේ හිස හරවා හඬ නැගුවේ ය.
මඳ වෙලාවකට පසු , සේවිකාවන් ද්වාරය විවර කරගෙන ඇතුළු වෙන්නට විය. ඔවුන් කුඩා තිර ඉවත් කළෝය , ඉතිරි ව තිබූ සියල්ල පිරිසිඳු කර , පාපිසි මත පැදුරක් එළා , වටකුරු මේසය වෙනුවට වි්ශාල හතරැස් හැඩැති අශ්ව කුර පා සහිත තේ මෙිසයකට මාරු කරනු ලැබුවෝ ය. (1.) චෙන් යැං සිය පාවහන් මාරු කර ඇතුළු වූයේ ය. ඔහු අධිරාජ්‍ය හමුදාවේ හමුදා කටයුතු සහ පුද්ගලයන්ගේ නාම ලේඛනය තේ මේසය මත තැබුවේය, පසුව සේවිකාවගේ අතින් තේ පෝච්චිය ලබාගෙන ඔවුන් දෙදෙනාට තේ පැන් ලබා දීමට සූදානම් ව දෙදෙනාගෙ පසකින් දණින් වැටී සිටින්නට විය.
පුද්ගලයෙකු ඉදිරියේ සිටි නිසා , මිනිසුන් දෙදෙනාම නැවතත් උගත් මහත්වරුන්ගේ භූමිකාව රඟ දැක්වීමට පටන්ගත්හ.
ශෙන් ස'චුආන් මදක් සන්සුන් වූයේ ය. ශීතල සුලග වැදීමෙන් ඔහුගේ පෙර වූ උණුසුම් ගතියත් මත් බවත් වියැකීණි. ඔහුගේ මුහුණේ මද රතු පැහැය පමණක් පහන් වල අඳුරු ආලෝකයෙන් කැපී පෙනුනි. චෙන් යැං ඔහු දෙස බලන්නට පවා එඩිතර වූයෙ නැත. ඔහුගේ බැල්මෙන් ශෙන් ස’චුඇන්ට හා ෂ්‍යාඕ චියේට අවමන් වේයැයි ඔහු බිය වූයේ ය.
තේ පානය පිළියෙල කරන අතරතුර චෙන් යැං කල්පනාවේ නිමග්න විය, තන්තායි හූ කරදර වීම අරුමයක් නොවේ. ශෙන් ලන්චෞසැබවින්ම උපත ලබා ඇත්තේ සාමාන්‍ය ජනයාට හා රටට විනාශය ගෙනෙන පවුල් පසුබිමකය. එපමණක් ද නොව , ඔහුට එවැනි ස්වභාවයක් පවතින්නේ ය. තම ස්වාමියාඉහා කුජා හෝ මිත්‍රශීලී බවක් ඇති කරගන්නා ඕනැම අයෙකුට, කුඩා ප්‍රමාණයකින් පවා, වගකිවයුතු විය.
ෂ්‍යාඕ චීයේ වඩාත් ම ඇලූම් කළේ කුමකට ද ?
අශ්වයන් හා උකුස්සන් වධ දී හීලෑ කරන්නටය! වධ දීම් අතරතුර , ෂ්‍යාඕ චීයේ ද උකුස්සා නිදාගන්නා තුරු නිදි නොලැබුවේ ය. ඌ හීලෑ කිරීම අපහසු නම් , ඔහු එයට තවදුරටත් අවධානය යොදවනු ඇත. ගෘහාශ්‍රිත ජීවිතයට උන්ව පුරුදු කරන්න ට අපහසු නම්, ඔහු ඌට ඇලූම් කරනු ඇත. ඒ දින, බ්‍යැන්ෂ්‍යා අශ්වාරෝහක හමුදාව සමඟ සටන් කරමින් හිදිද්දී , ෂ්‍යාඕ චීයේ ට එතරම් කාලයක් බලා සිටීය හැකි වූයේ ගෘශාශිත කිරීම හා වධහිංසා දීම් ක්‍රියාවලියට ඇලූම් කිරිමේ ප්‍රතිඵලයක් වශයෙනි. සාමාන්‍ය පුද්ගලයෙකු අභිබවා යමින් යටත් කර ගැනීම හා ජය ගැනීමේ ආශාව ඔහුට උරුම වූයේ ෂ්‍යාඕ ෆංෂුගෙනි. මෙය ඔහු හා ෂ්‍යාඕ ජීමිං අතර වූ වඩාත්ම වෙනස් ලක්ෂණයක් විය.
චෙන් යැං දෙදෙනාටම තේ පැන් පිළිගන්වා, පැත්තෙන් හිඳ අචාර කර, පවසන්නට විය, “ස්වාමියාට මොනවහරි උපදෙස් තියෙනවා නම් , කරුණාකරල මට කතා කරන්න.” ඉන්පසු ඔහු නැඟිට පසු බැස තම පාවහන් පැළඳ පිට වෙන්නට වූයේ පිටත මුර කිරීම සඳහා ය.
ගූ ජින් සිය හිස වහලය මතින් දමා, චෙං යැන්ට වයින් බෝතලයක් වීසි කළේ ය, හේ විමසිලිමත් බැල්මක් හෙලමින් ඇතුළත තත්ත්වය පිළිබඳව විමසුවේ ය.
චෙන් යැං සන්සුන් ලෙස හුස්මක් හෙළුවේ ය, “… සේරම හොදින්. ස්වාමියා සතුව හොඳ තේරීම් තියෙනවා.”
දිං සිය හිස බදාගෙන මුමුණන්නට වූයේ ය, “මම මරෙන්නද යන්නේ, මැරෙයි, මැරෙයි…”
“කියන්න අපහසුයි.” ච්‍යාඕ ත්‍යැන්යා හිම ඉවත් කිරීමට සිය මත්පැන් දුම් පයිප්පය යොදාගනිමින් මහ හඩින් සිනාසෙමින් පවසන්නට විය. “ලබන අවුරුද්දේ මේ දිනයට, ග'ගට ඔබ වෙනුවෙන් කඩදාසි පුළුස්සන්න මතක තියේවි.”
දිං තාඕගේ කඳුළු වැටෙන්නට ආසන්න විය. ඔහු තම හිසකෙස් අල්ලාගෙන, කෝපයෙන් ඔවුන් දෙස බැලීය, “සම්පූර්ණ වැරුද්ද ඔහෙලා දෙන්නාගේ! ඔබලා රණ්ඩු නොවුණා නම් මම සටන නවත්වන්න උත්සාහ කරන්නේ නැහැ. මම මැදිහත් වුණේ නැත්නම් මම වැටෙන්නේත් නැහැ. මම පහතට නොවැටුණා නම් මම මැරෙන්නෙත් නැහැ! මම ඔබ දෙන්නටම වෛර කරනවා!"
ච්‍යාඕ ත්‍යැන්යා මුළු හදවතින්ම සිත එඤඟ කරගෙන අග්නිය දවාලන්නට
අවධානය යොමු කළේ ය, ගූ ජින් සිය දෑත් එක උඩ තබා නින්දට වැටුණේ ය.
දිං තාඕ ඔවුන්ට කොතරම් වෛර කළාද යත්, ඔහු තම පොත වේගයෙන් පිටතට ගෙන, ඔහුගේ සියලු කෝපය ඒ මතින් පිට කරන්නට, ඔවුන් දෙදෙනාම ලෝකයේ ශ්‍රේෂ්ඨතම අවජාතකයන් ලෙස හුවා දක්වමින් අධික වේගයෙන් සටහන් කළේය. එය අවසන් වූ පසු, ඔහු තම දෑස් කෙළවරේ කඳුළු පිස දැමූ අතර, ඒවා උල්පතක ජලය මෙන් ගලා යන විට ඔහුගේ සිතුවිලි ඒවා හරහා ගනලන්නට ඔහු ඉඩ දුන්නේ ය.
✤✤✤✤
නැවුම් තේ පැන් වලට මාරු වීමෙන් පසු , කාමරයෙ සිටි මිනිසුන් ඔවුන්ගේ සාකච්ඡාව නැවත ආරම්භ කළහ.
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය., “නැවතත් මාතෘකාවට ආවොත් , ඔබ පැවසුවා මහා අෂ්ඨ වංශ හැසිරවිය හැකි අයෙක් වල සැඟව සිටින බව.. මමත් ඒ ගැන කල්පනා කලා, bබොහෝ දුරට එහෙම වෙන්න පුළුවන් වග මටත් හැඟෙනවා.”
ඒ ඖෂධීය පත්පැන් ශෙන් ස’චුඇන්ගේ උගුර පුළුස්සා දැමුවේ ය. ඔහු තේ බදුන් කිහිපයක්ම කිසිත් පවසන්නට පෙරම ගිල දැමුවේ ය., “ඒ වගේම ඔබ සිතනවා එවගේ දෙයක් නිවැරදි විදිහට කරන්න ඇති ඉඩ ප්‍රස්තාව අඩු නිසා එහෙම වෙන්න පුලුවන් කමක් නැහැ කියලත්.”
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ඒක නිවැරදීයි. දැනට අනිත් අය පැත්තකින් තියමු. වැන්දඹු අධිරාජිණියත් වෙන අයෙක්ගේ උපදෙස් වලට ඇහුම්කන් දෙන්න සූදානම් නොවේවි.”
“ඇය එය නොදැන සිටියනම් මොකද වෙන්නේ?” ශෙන් ස'චුආන් ඇසුවේ ය, “සමහට වෙලාවට , තත්වය යථාතත්වයට හරවන්න ඔබට වෙන අයට අණ කරන්න අවශ්‍ය නොවේ වි . එක් ඇගිල්ලක් සෙලවීමෙන් විතරක් , ඔබට “බලය” ක්‍රියාවට නංවලා මෙහි බෝහෝ දේවල් වෙනස් කරන්න හැකිවේවි.”
“ඔබ මුලින්ම මේ පුද්ගලයගේ පැවැත්ම තහවුරු කරන්න ඕනේ.” ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා පවසන්නට විය. “… පේන විදිහට ඔබව මදක් උණුසුම් වෙලා වගෙයි.”
ශෙන් ස'චුආන් සිය ඇදුමේ කරපටි ලිහිල් කරන්නට අත එසැවූයේ ය. ඒවා ඔහුගේ ඇදඅමේ කරපටි සෙමින් ලිහිග් කර ඔහුගේ මෘදු ගෙල නිරාවරණය කළේ ය. ඔහුගේ ගෙලෙහි වූ දා බිදු පහළට ගලා ගියේ ඔහුගේ ඇගිලි කුඩු තෙත් කරමිනි.
“කොහොමහරි ෂී හොංෂුආන් ව්වෘත ඉත්තෙක් වඅනත්, ඔහු හුගක් වැදගත් අයෙක්. මේ පුද්ගලයා සිටිනවද නැද්ද කියලා තහවුරු කරගන්න අපිට ෂී හොංෂුආන් ව අවශ්‍ය වෙනවා, ඉතිං ඒ නිසා ඔබට මේ වතාවෙ ඔහුව ක්‍රීඩාවෙන් ඉවත් කරන්න බැහැ.” ශෙන් ස'චුආන් මදකය නතර වූයේ ය. “ කොහොමවුනත් , ඔබට ඔහුව පහතට දමන්න බැහැ. ඔහු මේ ඝාතන නඬුවෙදි කොහොමටවත් පෙනී සිටියේ නැහැ. ෆූලින් ගේ පාපෝච්චාරණයෙන් පෙනෙනවා එය බලහත්කාරයෙන් කරන ලද්දක් බව . ඒ වගේම දැන් වඩාත්ම සැක ඔබවයි.”
“එයට මාව හසු කිරීම ඔබේ අදහසක් නේ.” ෂ්‍යාඕ චීයේ ඒ අතුරුදන් වන දහදිය පබළු දෙස බැලුවේ ය.
“ඔබ දැන් ස්වර්ගයේ පුත්‍රයාගේ අභ්‍යන්තර අමාත්‍ය කවයේ නිලධාරියෙක්, අධිරාජ්‍යයාගේ දැඩි ප්‍රසාදයට ලක් වූ කෙනෙක්. මේ සිදුවීම නිසා ඔබව තනතුරෙන් ඉවත් කර ඔබව රාජකාරියෙන් ඉවත් කළ හැකි නම්, ෂී හොංෂුආන් එ් අවස්ථාව මග හරින්නේ නැතිවේවි. ඔහු නියත වශයෙන්ම අෂ්ඨ මහා පුහුණු අංශවල නිල බලය සොයා ගැනීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කරාවි. පහර දෙන්න ඕනේ කාටද කියන එක ගැන පැහැදිලි කරගන්න පුළුවන් ඔවුන්ව ගුහාවෙන් එළියට ඇදලා දැම්මොත් විතරයි. ඒ වගේම, අධිරාජ්‍යයා ඔබව විශ්වාස කරනවා. ඔහු ඔබව පහතට දැමුවොත් , ඔහු ඉක්මනින් සහ පහසුවෙන් අන් අය කෙරෙහි විශ්වාසය තබන්නේ නැතිවේවි. ටික කලකට පස්සේ , අෂ්ඨ මහා වංශ බලය සහ උඬගුකමෙන් දැවෙන හැටි ඔහු දකීවි, ඔහු අධමයෙක් වගේ ක්‍රියා කරඇති බව ඔහුට වැටහේවි. ඔහු ඒ වෙනුවට වරදට හසු වූ අහිංසකයන් කෙරෙහි වරදකාරි හැඟීමක් ඇති කර ගනීවි, පසුව ඔහු ඔබ වෙනුවෙන් එය පිරිමසා ගන්ව උත්සාහ කරාවි.” තේ පානය කරද්දී ශෙන් ස'චුආන් ගේ උගුරු ඇටය උජ පහළ ගියේ ය. ඔහු පැවසුවේ ය, "මගේ අනුමානය නම්, ඔබ මාව හමුවෙන්න කලින් ම , ඔබ දැනටමත් වෙන්න පුළුවන් දේවග් ගැන සිතලා තියෙන බව."
“අනිවාරෙන් ම, එහෙනම් ක්‍රීඩාව කරමු.” ෂ්‍යාඕ චීයේ තමා වෙනුවෙන් තේ වත්කරගත්තේ ය. “ මම ඇත්තටම ඔබේම ක්‍රීඩාවෙදි මට පහර දීලා , මා පාගා දමන්න ඔබට ඉඩ දෙනවා.”
"මේ අවස්ථාවේදී ආපසු සටන් කිරීමට වඩා මේ ක්‍රමය ඥානවන්තයි." ශෙන් ස'චුආන් පැවසීය. "මේ අවස්ථාවේ , ඔබේ නම මේ කාරණයට සම්බන්ධ වීම ඉවත් කරන්න ඔබ වැඩි වැඩියෙන් උත්සුක වන තරමට, අධිරාජ්‍යයාණන් තව තවත් සැක කරාවි."
“මම උතුමාණන් ව දන්නවා.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය,
“ඔහු විශ්වාසවන්ත පුද්ගලයෙක් වගේම ඒත්තු ගන්වන්න පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන් අයෙක්. ඔහුට පෙළඹවීම් ඉවසන්න බැහැ, නමුත් නින්දාවට පත් වීමත් ඔහුට දරාගන්න බැහැ. මම ඔහුගේ මිතුරා, ඔහු සිහසුනට පත් වූ පසු ඔහුගේ කියා උසස් කළ පළමු පුද්ගලයා. ඔහු උසාවි නිලධාරීන්ට මුහුණ දෙන ආකාරයට මම එක්තරා ආකාරයක සංකේතයක් වුනා. ඇතුළතින් හා පිටතින් කොටු වී සිටි මගේ ජීවිතය තිබුණේ ඔහුගේ අතේයි - ඔහුත් සමග හැදී වැඬුණු කෙනෙක්. ඔහුට, මම හැර විශ්වාසය තැබීමට කිසිවෙක් නැහැ, ඔහුගේ අනුග්‍රහය මත මට මගේ මෙම ස්ථානය තහවුරු කර ගන්න පුළුවන් වුනා. කවුරුහරි මට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළොත්, එමගින් මා බිම හෙළුවහොත්, දෙතොල් අහිමි වූ විට දත් හිරිවැටෙනා සේ, ඔහුට ඒ ඉරණමම බෙදා ගතයුතුයි කියන හැඟීම අනිවාර්යයෙන්ම ඇති වෙනවා. හුආ කණ්ඩායම ඔහුගේ වේදනාකාරී ස්ථානය වගේම ඔහුගේ කනස්සල්ලේ මූලාරම්භයත් ඔවුනුයි. රජයේ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම හායි ලියැංයී ලවා කරවා ගනිද්දී ඔහුට සහනයක් දැනුනේ හායි ලියැංයී කුමන්ත්‍රණ කණ්ඩායම් හෝ දේශපාලන කණ්ඩායම්වලට සම්බන්ධ නොවන බව ඔහු දන්නා නිසායි."
“ඒ වගේ ස්වර්ණමය අවස්ථාවක් ගිලිහිලා යන්න අපිට ඉඩ දෙන්න බැහැ.” ශෙන් ස'චුආන් සිය තේ බදුන අතැතිව මොහොතක් කල්පනා කළේ ය. “මේ මොහොතේ,අපි ෂී හොංෂුආන් ගැන ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.”
“මට තව එක දෙයක් ඔබට මතක කරන්න තියෙනවා.” ෂ්‍යාඕ චීයේ සිය වැළමිට මේසය මත තබා ඔහුට ලංවන ලෙස සංඥා කළේ ය.
ශෙන් ස'චුආන් තේ බදුන මේසය මත තබා ඉදිරියට හේත්තු විය.
ෂ්‍යාඕ චීයේ රහසින් පැවසුවේ ය, “ඔබට ඔබේ මත්පැන් තබා ගත නොහැකි නම්, අන් අය සමඟ පානය කරන්න යන්න එපා. අවධානය වෙනතකට යොමු කරන සිතුවිලි වලින් නොසැලී ඉඳීම සහ ඔබ ඉදිරියේ ගෞරවනීය, හොඳින් හැසිරෙන මහත්මයෙකු ලෙස ඉන්න මේ දෙවන තරුණ ස්වාමියාට පුළුවන් වුනත් වෙනත් අවජාතයන්ට නොහැකි වේවි."
ශෙන් ස'චුආන් ඔහු දෙස විමසිලිමත්ව බලා ඔහුගේ වචන අවධාරණය කළේය, “නමුත් මේ ගෞරවනීය පුද්ගලයා බොහෝ සිතුවිලි ඇති කර ගෙන තියෙනවා, නේද?”
ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා පවසන්නට විය, “අපි හෙට උදෑසන මේ දොරින් පිටවෙද්දි, ඔබ සහ මම දරුණු සතුරන් බවට පත් වේවි.
සතුරන් එකිනෙකාව උසස් ලෙස තබා ගන්නේ කෙිහොමද කියලා හොඳින් දැනුවත්, මම විතරක් ඔබ ගැන හිතන එක සුදුසු නැහැ නේද?"
ශෙන් ස'චුආන් පවසන්නට විය “මම ඔබ ගැන සිතන්නේ නැහැ”
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය , “මේ දිනවල ඔබ හදපු කිසිම සැලසුමකට මගෙන් ගැලවෙන්න නොහැකි වුනා. ඔබ මම ගැන සිවා රෑ නොසිතනවට වඩා සිතන එකටයි මම බය. "
“අමාත්‍යවරුන් සියයයේ භෝජන සංග්‍රහයේ දි ඒ පා පහර ඔබ වෙත නොපැමිණියේ කොහොමද?” ශෙන් ස'චුආන් තම අත ඔසවා ෂ්‍යාඕ චීයේ ගේ හුස්ම හිරකරමින් පවසන්නට විය “එයින් දෙවන තරුණ ස්වාමියා සන්සුන් වෙනවද?"
ෂ්‍යාඕ චීයේ ගේ නාසයේ අග ශෙන් ස'චුආන් අත්ල මත තද විය. ඔහු ශෙන් ස'චුආන් දෙස බලා නපුරු ලෙස කීවේය, "කොච්චර අනුකම්පා විරහිතද, ලන්ජෞ. ඔබ මාව සයනයට ගන්න හැකි සෑම අයුරකින්ම උත්සාහ කරනවා. දැන් ඔබ මාව සයනයට දමා ඇති නිසා, ඔබට මගෙන් ආරක්ෂා වෙන්න හැකි සෑම දෙයක් ම ඔබට දමලා තියෙනවා. හදවතක් නැති අසික්කිත, චපල මිනිහා."
දෑස් මදක් ඉවතට හරවා ගත් ශෙන් ස'චුආන් පවසන්නට විය, "... ෂ්‍යාඕ'එර්, ඔබ අද මත්පැන් පානය කළා ඇති නේද?"
ෂ්‍යාඕ චීයේ හදිසියේම පසු බැස්සේ ය, “හෙට උදේ උසාවි සැසිය අතරතුර, අයෙක් නිසැකවම ප්‍රශ්න සහ දෝෂාරෝපණය සිදු කරාවි. කොං ච්‍යු ෆූලිං ගේ පෙර පාපොච්චාරණ ප්‍රකාශය එලෙසම ඉදිරිපත් කරාව්. කාලය ආවම, අධීක්‍ෂණයේදී මගේ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයට මට වග කියන්න සිදුවේවි.”
අත්ල ගත් ශෙන් ස'චුආන් පවසන්නට විය, “ඔබට පියවරක් පසුපසට ගන්න අවශ්‍ය වුනත්, ඔබට එය පැහැදිලි ලෙස කරන්න බැහැ.”
"වාචික සහ ලිඛිත හෙළාදැකීමේ දරුණු වැටලීමකට මා හසු වුනාට පස්සේ , මගේ දඬුවම තීරණය කරන්න උතුමාණන්ට පැවරේවි." ෂ්‍යාඕ චීයේ පැවසීය.
“හොඳම දෙය නම්, ඔබේ වැටුප මාස කිහිපයකට නතර වේවි. නරකම දෙය, ඔබගේ රාජකාරි අවසරපත අත්හිටුවලා ඔබට ඔබේ වැරැද්ද ගැන මෙනෙහි කරන්න ඉඩ දේවි. පරම්පරාගත කුමාරයා තවමත් ඉන්නේ චූදු වල. සෑම කෙනෙකුම තවමත් ඔහුට මුහුණ දිය යුතුයි. ඒ නිසා ඔවුන් ඔබව විවේචනය කරන්න පමණ ඉක්මවා නොයාවි."
"දාග' චූදු වල ඉන්නේ කෙටි කාලයයි." ෂ්‍යාඕ චීයේ නැවතුනේ ය . "මට දඬුවම් කළාට පස්සේ , හුආ ෂියැංයී සහ චී ශීයු අතර විවාහය නතර කරන්න වෙන කිසිවෙක් නොසිටීවි."
"චී සහ හුආ අතර එකමුතුව සිදුවීමට කාලය ගතවේවි." ශෙන් ස'චුආන් මොහොතක් කල්පනා කළේය. “චීදොං පංච අණදෙන හමුදා භටයින්ගේ වත්මන් අණදෙන නිලධාරිණිය තමයි චී ජූයින්. සමහර විට අපට ඇය එක්ක ආරම්භ කරන්න පුළුවන් වේවි."
ෂ්‍යාඕ චීයේ යමක් කල්පනා කළේ ය, "මට අදහසක් තියෙනවා."
ශෙන් ස'චුආන් ඇසුවේ ය , "මොකක්ද?"
"චාරිත්‍ර අමාත්‍යාංශය සතුව හුආ වංශයේ අතීත විවාහ වාර්තා තියෙනවා. මම එය ටිකක් ඔප දමන්න කෙනෙකු ලවලා. පසුව මේ පිටපත් කළ පිටපත චී ජූයින් ට දෙනවා. ඇය හුආ ශියැංයීව ලේසියෙන් පිළිගන්නේ නැතිවේවි.”
“දුරස්ථ ඥාතීන්ට දජෞ හි විවාහ වීම තහනම් නැහැ. ඥාති සහෝදරියන් අතර විවාහ වුණත් ප්‍රශ්නයක් නැහැ.” ශෙන් ස'චුආන් පැවසුවේ ය, "නැත්නම් සේනාධිනායක චී එයින් කරදර ඇති කරාවිද?"
“අනිවාරෙන් ඇය එහෙම කරාවි.” ෂ්‍යාඕ චීයේ විස්තර කළේ ය. “අපි කවුරුත් දන්නවා වගේ, කියන්නේ සල්ලාලයෙක්, ඔහු චීදොං පංච අණදෙන සේනාංකය පුරා සිටින බොහෝ රූමත් කාන්තාවන් ඔහුගේ කාන්තාවන් ලෙස ඔහුගේ නිවසට රැගෙන ගොස් තියෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් ඔහුගේ ලේලිය. මීට වසර කීපයකට පෙර මේ මහත්මිය ට උපතින්ම ආබාධයක් ඇතිව අසාමාන්‍ය ලෙස රෝගාතුර වී දුර්වල වූ බිළිඳකු ප්‍රසූත කළා. දරුවා මිහිදන් කරන්න පෙර ජීවත් වුනේ දින කිහිපයයි. එතැන් සිට, චී ශීයු උපභාර්යාවක් ගන්නා සෑම අවස්ථාවකම, චී ජූයින් මේ තහනම බිඳ දැමීම ගැන විශේෂයෙන් සැලකිලිමත් වුනා. ඔවුන් අතර යම් ලේ සබඳතාවක් පවතින තාක්, ඇය දුර ඥාතියෙකු වුනත් , චී ජූයින් එ් කාන්තාවට පවුල තුළ විවාහ වෙන්න ඉඩ දෙන එකක් නැ."
“ ඒත් හුආ ශියැංයී ගේ විවාහට විශේෂයෙන් යෝජනා කළේ වැන්දඹු අධිරාජිණියමයි.” ශෙන් ස'චුආන් පැවසුවේ ය. “මම හිතනවා සේනාධිපතිනියට අවශ්‍ය නම් එය නවත්වන්න හැකි වේවි කියලා.”
"ඇයට එය නැවැත්විය හැකි ක්‍රමයක් දැනටමත් නැති නිසා, ඇයට පුළුවන් තමාව සන්සුන් කරගැනීම සහ තුන්වන හුආ ආර්යාවට විවාහ වෙන්න ඉඩ හරිනඑක විතරයි." ෂ්‍යාඕ චීයේ ගේ ගේ ඇස් සීතල විය. “නමුත් ඇයට දරුවෙකු බිහි කරන්න ඉඩ දෙන්න බැහැ. හුආ ශියැංයී ඔහුගේ දෙවන බිරිඳ ලෙස චී ශීයූ සමඟ විවාහ වේවි, එයින් අදහස් වෙන්නේ ඇය චීදොං වල නීත්‍යානුකූල කාන්තාවක් වෙනවා කියන එකයි. ඇය ප්‍රසූත කරන දරුවා නීත්‍යනුකූල උපත් දරුවෙක් වේවි. ඔහුට චී ජූයින් සෘජු නෑකමක් ඇති බව ප්‍රකාශ කළ හැකි වේවි. චී ජූයින් කාන්තාවක්. මේ වසර ගණනාව පුරා චීදොං පංච අණදෙන හමුදා බළකායම යටත් කර ගැනීම ඇයට පහසු නැතිව ඇති. ඇය සැබෑ ලෙසම රුධිරය වැගිරවූ ශ්‍රේෂ්ඨ සෙන්පතිවරියක්. නමුත් අයෙක්ට වෙනත් දෙයක් සිතේ නැති බව සහතික කරන්න පුළුවන් කාටද? හුආ ශියැංයී පුතෙකු බිහි කරනවානම්, චී ජූයින්ට හමුදා බලය වෙනුවෙන් අභ්‍යන්තර අරගලයකට හසුවීම හැර වෙනත් විකල්පයක් නැති වේවි. හුආ ශියැංයී ව මර්ධන ය කරන්න ඇයට හේතුවක් අවශ්‍යයි."
“මම අහලා තියෙනවා චී වංශයේ තවත් තරුණයෝ ඉන්නවා කියලා . නමුත් චී ශීයු යුධ හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරි තනතුර චී ජූයින් ට ලබා දෙන්න තමාගේම මාර්ගයක් සොයාගන්න අපායට ගියා. ශෙන් ස'චුආන් පැවසුවේ ය “මේක දක්ෂතා අගය කිරීමක් නෙමෙයි ද?"
"ඒක හරි." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “චී ජූයින් උපත ලැබුවේ ඔහුගේ පළමු නීත්‍යානුකූල බිරිඳගෙන් , ඇය ඔහු පෞද්ගලිකව ඉගැන්වූ දක්ෂ අණ දෙන නිලධාරිනියක්. ඔහුට තවමත් පුතුන් නැති නිසා, ඔහු චී ජූයින්ට සැළකුවේ පිරිමි ළමයෙක්ට සළකනවා වගේ. පසුව ඔහුට පුතුන් ලැබුණත් ඔවුන්ගෙන් කිසිවෙකු ඇය හා සැසඳිය නොහැකි වුනා. ඒ වන විටත් චීදොං බ්‍යැන්ෂ්‍යා සමඟ යුද්ධයක පැටලී සිටියා. චී ශීයූ බරපතල තුවාල ලැබුවා වගේම හමුදා මෙහෙයවන්න නොහැකි වුනා. ඔවුන් බ්‍යැන්ෂ්‍යා සම්බන්ධ කඳවුරුවල නැඟෙනහිර පැත්තේ කොටු වී සිටියා, චී වංශයේ පුත්‍රයෝ කිසිවෙක් සළුව අතට ගන්න එඩිතර වූයේ නැහැ. චිජුන් ආඥාපති, බියන්ජුන් ආඥාපති සහ සුඕතියන් දුර්ගයේ පාබල භට පිරිස් වෙතින් ශක්තිමත් කිරීම් ලබා ගන්න දැනුවත් කරන්න රාත්‍රිය පුරා අශ්වයෙකු පිට නැඟී ඇගේ පිටේ තලයක් රැගෙන ගොස් ඇය පසුපස සටනට ගෙන්වා ගත්තේ චී ජූයිනුයි. එවිට, සුළඟේ ආධාරයෙන්, ඇය බ්‍යැන්ෂ්‍යා සම්බන්ධ කඳවුරුවලට ගිනි තබා ඒවා සියල්ලම පුළුස්සා දැමුවා. ඇයව ප්‍රසිද්ධියට පත්කළ සටන මෙයයි. ඇයව දැන් 'දවෙනි තැනිතලාවට මඟ පෙන්වන මාරුතය' ලෙස හඳුන්වනවා. ඒ ඇය තම පිටේ චී ශීයුවත් තබාගෙ ගින්නට එරෙහිව සටන් කරන අතරම ඔවුන්ගේ අසිපත් අඳින්නට සටන් කරන සොල්දාදුවන් මෙහෙයවූ ආකාරය නිසායි. චී ශීයු මුලින් දෙගිඩියාවෙන් සිටියත් තීරණයක් ගත්තේ නැහැ. නමුත් ඒ කාලයෙන් පස්සේ. ඔහු වහාම අණදෙන නිලධාරි මුද්‍රාව ලබා දීලා චීදොං පංච අණදෙන සේනාංකයේ සේනාධිපතිනියට විදිහට චී ජූයින්ට ලබා දුන්නා."
"සෙන්පති පදවිය පිරිනැමන්න චූදු වල අනුමැතිය අවශ්‍ය වෙනවා." ශෙන් ස'චුආන් පැවසුවේ ය, "එය සාක්ෂාත් කර ගැනීම පහසු දෙයක් නෙමෙයි."
ෂ්‍යාඕ චීයේ සිනහසුනේ සිනාසුණේය. ඔහු තම මාපටැඟිල්ලේ ඇති මුද්ද ස්පර්ශ කර, “ගුආංචෙන් අධිරාජ්‍යයා ඇයට එම පදවිය ප්‍රදානය කළ තැනැත්තා නොවන බව ඔබ කිසි විටෙකත් සිතන්නේ නැතුව ඇති.”
ශෙන් ස'චුආන් හිස තරමක් ඇල කළේය.
“එවකට, ඒ පිළිබඳ පුවත නැවතත් චූදු වෙත පැතිර ගිය විට, විවිධ පාර්ශවයන් එය හෙළා දුටුවා. චී ජූයින් කාන්තාවක් බැවින්, ඇයගේ යුධමය සූරාකෑම් ගොතන ලද ඒවාදැයි යුද අමාත්‍යාංශය ප්‍රශ්න කළි. මේ අනුව, ඔවුන් ප්‍රධාන අධීක්ෂණ කාර්යාංශයේ වාරණය සහ අධිරාජ්‍ය ආරක්ෂකයින් චීදොං වෙත යවලා ගැඹුරු පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මහා ලේකම් කාර්යාලයට පෙත්සමක් ඉදිරිපත් කළහ. සමූහය වැඩ කරන ආකාරය දැක්ක ගුආංචෙන් අධිරාජ්‍යයා චීදොං වල ඉල්ලීම ප්‍රමාද කළා වගේම එය අනුමත කළේ නැහැ. ඇයගේ දක්ෂ හමුදා සේවය පසුව සනාත වුනා, චාරිත්‍ර අමාත්‍යාංශය ඇයට ප්‍රදානය කිරීමට ඉඩ සලසන ස්මාරකයක් ඉදිරිපත් කළා. කොහොම වුනත්, ඇයගේ ප්‍රදානය ලබා ගැනීම සඳහා හමුදා නිලධාරීන් සහ හමුදාපතීන් විසින් භාවිතා කරන යුලොං වෙත යාමට ඇයට අවසර ලැබුණේ නැහැ. ඇයට හැකි වූයේ මිංලී ශාලාවේ පඩිපෙළ ඉදිරිපිට දණ ගසා වැඳ වැටීම විතරයි."
ෂ්‍යාඕ චීයේ බොහෝ වෙලාවක් කිසිවක් පැවසුවේ නැත.
"විරෝධතා සහ බාධාවන්ට එරෙහිව ඇගේ ස්ථාවරය හැදුනේ වැන්දඹු අධිරාජිණිය නිසයි. ඒ නිසා ඇයට චීදොංවල හමුදා බලකායේ අණ දෙන නිලධාරිණිය යන පදවිය විවෘතව හා ඉහළින් ප්‍රදානය කරන්න හැකියාව ලැබුණා."
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment