සුදු පැහැති හිම කලබලකාරි ලෙස පතිත විය. රාත්‍රිය ගෙවී යන්නට ආසන්න වෙමින් පැවතුණි
ශෙන් ස'චුආන් ද තව දුරටත් රැදී නොසිටියේ ය. ඔහු පිටත් වෙද්දී, ෂ්‍යාඕ චීයේ සිය දෙපයින් නැගිට, රාක්කයෙන් පිටත සළුව ගෙන , ඔහුට ලබා දුන්නේ ය.
“ඔබේ අසිපත් තලය එතරම් හුරුපුරුදු එකක් නෙමෙයි.” ෂ්‍යාඕ චීයේ නැමී යැන් ශන් ෂුඒ දෑතට ගත්තේ ය. එය ඔහුගේ හස්තයේ දී සැහැල්ලු සහ පහසු ලෙස හැසිරුණේ ය. . “අළුත් ද?”
ශෙන් ස'චුආන් හිස සලා ද්වාරය දෙසට මුහුණලා පිටත කබාය පැළඳගත්තේ ය.
ෂ්‍යාඕ දීයේ සිය මාපටැඟිල්ලෙන් අසිපත් කොපඅව තදින් ග්‍රහණය කරගනිද්දී ශීතල දිලිසීමක් පිට විය. ඔහු පැවසුවේ ය, “අනර්ඝ අසිපතක්. මොකක්ද මේකෙ නම?”
ශෙන් ස'චුආන් පිළිතුරු දුන්නේ ය, “යැන් ෂන් ෂුඒ.”
“එහි හිස ඔසවද්දී , හිම කඳු ත්‍රිත්වයක්ම මුව මතට ගෙන කපා දමන්න හැකි වේවි., ගංඟා සියයක්ම ගිල දමාවි.” (1.) ෂ්‍යාඕ චීයේ අසිපත එහි කොපුවට නැවත දමා පියවරක් ඉදිරියට ගෙනශෙන් ස'චුඇන්ගේ සිරුරට ස්පර්ශ වුනේ ය. හොඳින් පුහුණු වූ දෑගිලි වලින්, ඔහු යැන් ශන් ෂුඒ නැවතත් ශෙන් ස'චුඇන්ගේ ඉණ පටිය මතට තද කළේ ය. ඔහු හිස මදක් පහත් කර පවසන්නට වූයේ ය, “ඒක ලස්සනයි විතරක් නෙමෙයි; ඒකේ නමත් ලස්සනයි.”
ශෙන් ස'චුආන් අනපේක්ෂිත ලෙස හැරී බැලුවේ ය, නමුත් ෂ්‍යාඕ චියේ ඔහඅට පහර දී ඔහුගේ හස්තය වැටෙන්න ඉඩ හැර අල්ලාගනු ලැබුවේ ය.
“ඔබ අද මෙතැනින් පිටවුනාට පස්සේ මගේ දිහා බලන්නෙ මොන විදිහට ද?”
“කොහොමහරි මම ඔබ දිහා බලාගෙන ඉන්නම්.” ශෙන් ස'චුආන් වහා සිය හිස හරවා ගත්තේ ය. එයින් ඔවුන් එකිනෙකාට සමීපව මුහුණු අතුල්ලමින් සිටින බවක් පෙනෙන්නට තිබුණේ ය.
“ඔබට එය පාලනය කරගන්න නොහැකි වුනොත්, ඔබට පුළුවන් ඕනෙම වෙලාවක ඔබේ දෙවන තරූණ ස්වාමියාගෙන් උපකාර ඉල්ලන්න.” ෂ්‍යාඕ චීයේ සිය ඇඟිලි හිතාමතාම දැඩි කළේ ඔහු සිනාසෙමින් පවසද්දීමය.
“ඒත් දෙවන තරුණ ස්වාමියාට තමන්වවත් ආරක්ෂා කරගන්න බැහැ නේද.” ශෙන් ස'චුආන් පැවසුවේ ය.. “ඔබ මගෙන් උපකාර ඉල්ලන්න තමයි වැඩි ඉඩක් තිබෙන්නේ.”
ෂ්‍යාඕ චීයේ ඔහුව නිදහස් කර පවසන්නට විය, “ඔබව පහුගිය වතාවට වඩා වඩා ගොඩක් කෙට්ටු වෙලා. මගේ අනුමානය නිවැරදි නම් , ඔබ තවමත් ඔබේ රුව සගවා තබා ගන්න ඖෂධ භාවිතා කරනවා.”
ශෙන් ස'චුආන් සිය පිටත කබාය වේගයෙන් තද කරගෙන සකසාගත් අතර කිසිවක් පැවසුවේ නැත.
“මට ඔබට තව එක උබදෙසක් පවසන්න දෙන්න,” ෂ්‍යාඕ චීයේ පැවසීය, “ ඔබ එය ගන්නා තරමට එය ඔබේ ශරීරයට වේදනාවක් වේවි. වසර කිහිපයකින් ,එයින් ඔබේ ශරීරය විනාශ වෙලා යාවි.”
දොර අසල නතර වූ ශෙන් ස'චුආන් මෘදු ලෙස සුසුමක් හෙළුවේය. “ඔබේ ෂිෆු ට තියුණු ඇස් දෙකක් තියෙනවා. ඔහුට මාව මුණගැසුණේ එක් වරක් පමණයි. ඔහුට එක් බැල්මකින් පවසන්න පුළුවන්."
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. "මේ කාරණය වෙනුවෙන් ඔබ එතරම් දුර යන්න හිතනවද?"
"මගේ ජීවිතය සහ මරණය තවත් කෙනෙකුගේ අභිමතය හැටියට පවතිනවා, ඒ නිසා ස්වාභාවිකවම, මම කරන සෑම දෙයකදීම ප්‍රවේශම් වෙන්න ඕනේ වගේම මම යන සෑම තැනක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ." ශෙන් ස'චුඇන්ගේ ගේ දෑත් හිම මෙන් සීතල විය. ඔහු පැවසුවේ ය, “මම දීර්ඝ කාලයක් තිස්සේ ජි ජී වංශයේ පහරදීම් කලාව පුහුණු කළා. මම මේකට යොමු නොවුණා නම් මට ජි ලීව රවට්ටන්න නොහැකි වෙනවා."
“ජී ලෙය මියගිහින් ඉවරයි.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.
ශෙන් ස'චුඇන්ට මඳ මත්පැන් දුගදක් දැනුනි. ඔහු පවසන්නට විය, “මම ඖෂධ ගැනීම නතර කළා.”
ශෙන් ස'චුආන් පිටව ගිය පසු , ෂ්‍යාඕ චීයේ සුඕ ච්යැන්ච්යුගේ වදන සිහිපත් කරමින් හිම වියන යට සිටගෙන සිටියේ ය.
“මේ ඖෂධ එන්නේ නැගෙනහිරින්. එක්වරක් ගත්තොත් , ඒ පුද්ගලයට ව්‍යාජ රෝගාබාධයක් ඇතිවා සේ මවාපාන්න පුළුවන්. එය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පරක් දෙවරක් පාවිච්චි කළාට, නමුත් ඒවා දිගු කලක් භාවිතා කළොත් බරපතල රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ඒ විෂ ශරීරය තුළ කෙටි කලක් තිබුනත් එතරම් හානි නොවුනත් , එය අනාගතයෙදි අනිවාරෙන්ම ක්‍රියාත්මක වේවි.”
“ක්‍රියාත්මක වෙනවා?”
සුඕ ච්යැන්ච්යු සිය බැල්ම සිය තේ පැන් බඳුන මතට හෙළුවේ ය, “විෂ ශරීරය තුළ එක්රැස් වෙලා හානිකර රෝගයකට මුල පුරනවා. ඔහු ඒ ගැන සැළකිලිමත් නොවුනොත් , කාලය පැමිණියම ඔහුව අබලන් තත්වයකට පත්වේවි.”
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත ඔසවා සුළි කුණාටුවට ඔහුගේ අත්ලෙහි පැවති උණුසුම ඉවතට ගෙන යාමට ඉඩ දුන්නේය. ඔහු තම පහස නිසා අදින රාත්‍රියේ ශෙන් ස'චුආන් උණුසුම් වු බව ඔහු සිහිපත් කළේ ය. නමුත් ඔහු ශෙන් ස'චුඇන්ට දුන් උණුසුම ඉක්මනින් අතුරුදන් වන්නේ ය.
රූපකල්යාණයන් සෑම විටම අස්ථාවර මායාවන් දුරු කරන්නෝ ය.
◈ ◈ ◈
හිස මත උණ වලින් සෑදු හිස්වැස්මක් පැළඳ සිටි ච්‍යාඕ ත්‍යැන්යා අශ්ව කරත්තය පදවාගෙන සොංලොං විදියේ පිහිටි ශෙන් ස'චුඇන්ගේ පැරණි නිවස වෙතට ගමන් කරන්නට විය. ශෙන් ස'චුආන් කරත්තයේ ඇතුලට බිත්ති මතට හේත්තු වී දෑස් පියාගෙන නිදන්නට විය.
අවසානයට ලඟා වූ ච්‍යාඕ ත්‍යැන්යා අශ්වයන්ට නවතින ලෙස සංඥා කරමින් ශෙන් ස'චුආන් සඳහා තිරය විවර කරන්නට විය. ශෙන් ස'චුආන් කරත්තයෙන් බැස තම කාමරයට පැමිණියේ ස්නානය කර වස්ත්‍ර මාරු කර ගැනීමටය.
ස්මාරකයට අනුව, ශෙන් ස'චුආන් ට සිය ක්ෂණික දීප්තිමත් නැගීම , පස්වැනි ශ්‍රෙණියේ විසිසුරුවරයෙකු එක් පිම්මකින් උසස් කරනු ලැබීම සැබවින්ම සතුටක් විය එහෙත් මේ තනතුර කොටස් දිවිත්වයකට බෙදා තිබුණේ —උතුරු හා දක්ෂිණ ලෙසය. දක්ෂිණ නිනිසුරුවරයා රාජකීය ආරක්ෂකයන්ගේ හමුදා ශිල්පය සම්බන්ධව භාරව සිටි අතර , දක්ෂිණ විසිසුරුවරයා රාජකීය ආරක්ෂකයන්ගේ රාජකීය බන්ධනාගාරය භාරව සිටියේ ය. ලී ජ්යැංහෙන් ඔහුව භාවිතා කිරීමේ අරමුණ ඇතුව උසස්වීමක් ලබාදෙන ලද්දේ ය. නමුත් ලේකම් කාර්යාලයේ සිවිල් අමාත්‍යවරුන්හට ඔවුන්ගේම සැකයන් හා සළකාබැලීම් ඇති ව තිබුණි.
ශෙන් ස'චුආන් ගේ පසුබිම නිසා, ඔවුන් ඔහුට රාජකීය බන්ධනාගාරය භාර ගැනීමට ඉඩ දෙන්නට කැමති වූයේ නැත. එබැවින්, සියල්ලෝම ඒ ගැන සාකච්ඡා කිරීමෙන් පසු, ඔවුන් උතුරු විනිසුරුවරයා ලෙස ශෙන් ස'චුආන් ගේ පත්වීම ප්‍රතික්ෂේප කර එය දකුණේ විනිසුරුවරයා ලෙස වෙනස් කළහ.
මේ හේතුව නිසා, මහා ලේකම් කාර්යාලය විසින් ශෙන් ස'චුආන් ගේ හමුදා පත්වීම පස්වන ශ්‍රේණියේ රාජකීය ආරක්ෂක බලඇණි අණදෙන නිලධාරියෙකු ලෙස උසස් කරන ලදී. මෙය දැනටමත් ඉමහත් ගෞරවයක් විය, විශේෂයෙන්ම ලී ජ්යැංහෙන් ඔහුට ප්රදානය කළ පිඹුරන් මැසූ කරපටියක් සහිත වස්ත්‍රය (2.) සහ ෆිනික්ස් පක්ෂියාගේ වලිගය සහිත ඉණ පටියද ඇතුළුව ගත්විට එය ඉතාමත් අනර්ඝ වන්නේ ය.
මහා ලේකම් කාර්යාලයේ ප්‍රතික්ෂේප කිරීම ශෙන් ස'චුආන් බොහෝ කලක සිට අපේක්ෂා කළේය.
මෙවර ඔහු යැන් චෙං පඩිපෙළක් කර ගනිමින් තම ගමන ගොඩ නගා ගත්තෙ ය. ඔවුන්ගේ එකඟතාවයට අනුව, ෂුඒ ෂ්‍යුජුඕ ඔහුට ඔහුගේ උසස්වීම ලබා ගන්නට ඉඩ හැරියත්, ඔහු ඔහුට වඩාත්ම තීරණාත්මක කොටසේදී පහරක් ලබා දුන්නේය. අධිරාජ්‍යයා ගලවා ගන්නට යාමෙන් ඔහුට දක්ෂතාවක් තිබුණ ද ඔවුන් සමඟ අසිපත් හරඹ කිරීමට නොහැකි බව ඔහුට තේරුම් ගන්නට මෙය මහත් රුකුලක් විය.
ශෙන් ස'චුආන් නිසි ලෙස හැද පැළඳගත්තායින් පසුව, ච්‍යාඕ ත්‍යැන්යා හිරවරණයක් ඔසවාගෙන සිටියේ ය. දෙවැන්නා පවසන්නට විය, “ස්වාමියාගේ උසස්වීමත් එක්ක මේ නිවස දැනටමත් සරල හා අබලන් විදිහට සළකාවි. අනාගතයේදී පැමිණෙන සය පිටවන හැම අමුත්තෙක්ටම නවාතැන් ගන්න නොහැකි වේවි
"හදිස්සි වෙන්න එපා." ශෙන් ස'චුආන් කරත්තයට නැගීම සඳහා සිය වස්ත්‍රය මදක් ඔසවා ගත්තෙ ය. ඔහු තිරය බිම හෙළන විට පවසන්නට විය, "මම සේනාධිනායකයා ලෙස උසස් වුනත් එය වෙනස් කරන්න ප්‍රමාධ නොවේවි." යනුවෙනි.
එටස් පවසා, තිරය පහතට හෙළා, ඔහු දිගටම විවේක ගන්නට විය.
අද දින කාලගුණය අහපත් විය. මාළිගාවෙන් පිටත බලා සිටි අමාත්‍යවරුන් සියල්ලන්ගේම උරහිස් හිමවලින් වැසී තිබුණි . ඔවුන් ට තමාට රිසිසේ එහා මෙහා යන්නට පවා ඉඩ නොලැබුණේ ය. ඔවුන් ට ශබ්ද නැගීමට හෝ කාශයක් නැගීමට හෝ ඉඩක් නොලැබුනේ ය.
ශෙන් ස"චුඇන් සිය අසිපත් තලය හැන් චෙංගේ පසුපසින් ගියේ අවධානයෙන් යුතුවය. ඔහුගේ සම ලෝහිත වර්ණ පිඹුරු මැස්මෙන් යුතු වස්ත්‍රය අභිමුව සුදුමැලි පැහැයෙන් දිස් වෙන්නට විය. ඔහු කම්පනය දනවන තරම් ප්රභාවත් ලෙස පෙණඅනේ ඔහුගේ දෑස් අඟ වූ සිනහව නිසා ය. එහෙත්, නමුත් ඒ හිතවත් භාවයට යටින්, ඔහු අනතුරුදායක ද්වේශ සහගත බවක් පෙන්වාලූයේ ය.
ෂ්‍යාඕ චීයේ ද රත් පැහැ ලෝගුවක් පැළඳ සිටියේ ය. දෙවන ශ්‍රෙණියේ තේජාන්විත සිංහයාගේ (3.) පා ඔහුව තව තවත් ඔසවා තැබුවේ කොක් සමූහයා කඳු හා වළාකුළු වලට උඩින් යන්නා සේ ය. ඔහු ඉහළ මනෝභාවයකින් සිටි අතර ඔහු ශෙන් ස'චුආන් දෙස විමසිල්ලෙන් බැලුවේ ය.
මිනිසුන් දෙදෙනාම එකිනෙකාගෙන් වෙන්ව සිටගෙන සිටියද , අනෙක් අයට පෙනුනේ ඔවුන් එකිනෙකා හා ගැටුමකට මුහුණ දී ඇති බවකි. හායි ලියැංයී පවා කෙටි බැලීම් කිහිපයක් හෙලා පසෙකට වූයේ ය.
සිවිල් නිළදාරීහූද එකිනෙකා හා බැලීම් හුවමාරු කරගත් අතර , නිහඬ ලෙස සියල්ල අවබෝධ කරගත්හ.
කෙටි වෙලාවකට පසු හැන් චෙං රළු ස්වරයකින් පවසන්නට විය , “අපි යමු.”
මාළිගා ද්වාර විවර වූ පසු, උත්සව පිළිබඳ අධ්‍යක්ෂක මණ්ඩලයේ නපුංසකයන් හා ලේකම් කාර්යාලයේ ප්‍රධාන ඇමතිවරුන් ප්‍රථමයෙන් ඇතුළු වූහ. නමුත් උත්සව අධ්‍යක්ෂකවරයා ඉවත් වී තිබුණු නිසා , වැදගත් ඇමතිවරුන් පමණක් හායි ලියැංයී පෙරටු කොටගෙන පැමිණියහ.
හැන් චෙං ඔවුන්ගේ පිටුපසින් ඉදිරියට ආවේ ය., මකර සිංහාසනයේ වම් පස පආරක්ෂාව සඳහා ශෙන් ස'චුආන් පිටගැටපෙළ නැග ඉහළට පිවිසුනේ ය.
ලී ජ්යැංහෙන් මකර සිංහාසනය මත හිඳගෙන දෙඅත් දණහිස් මත තබාගෙන ඇසුවේ ය.
"අධිකරණ අමාත්‍යාංශයේ නව ප්‍රගතියක් තියෙනවා ද?”
අධිකරණ අමාත්‍ය කොං ච්‍යු , ඉදිරියට පැමිණ සිය ගෞරවය දක්වා පවසන්නට විය. “අධිරාජ්යයාණන්ට පිළිතුරු දෙනවා , රාජකීය ආහාර සැපයඅම් අංශයේ කාන්තා නිළදාරිනී ෆූලිංට එරෙහිව ලැබී තිබෙන සාක්ෂි තීරණාත්මකයි.. මේ යටත්වැසියා ඇයව යළි නඬු විභාගයක් සදහා අද අධිකරණ සමාලෝචන අධ්කරණයට භාර දෙන්න තීරණය කළා. ”
කිසියම් හේතුවක් නිසා , ලී ජ්යැංහෙන් ෂ්‍යාඕ චීයේ වෙතට බැල්මක් හෙලා නැවතත් ඉදිරියට හැරී පවසන්නට විය., “ ඔබ ඈ මේක කරන්න හේතුවුන කාරණය ගැන ගැඹුරට ප්‍රශ්න කළා ද?”
කොං ච්‍යු පවසන්නට විය, “අපේ නිරීක්ෂණ වලින් පෙනෙන විදිහට එක වරක් ෆූලින් රාජකීය බිළිගැන්වීම් බන්දේසිය කඩා දමා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට , ඒ ගැන ඇගේ වාර්තා පොතෙ සදහනක් තැබුවා , ඒ වෙනුවෙන් ඇයට මාළිගයෙන් පිටවීම දින නියමයක් නොමැතිව කල් තැබුවා. ඇය හැමවිටම ඇගේ වයසක මව ගැන පවසමින් අනෙත් අය සමඟ මැසිවිලි නැගුවා , ඒත් ඇයට මාළිගිවෙන් පිටවෙන්ව අවශ්‍ය වුනා, නමුත් මාළිගයේ තිබෙන නීති රීති අනුය, ඇය එය කරන්න අපොහොසත් වුණා. ඇය චාරිත්‍ර අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු ලියන අධ්යක්ෂවරයාට නැවත නැවතත් අල්ලස් දුන්නත් ඒ සියල්ල අපතේ ගිය උත්සාහයක් විතරක් වුනා වගේම ඈ තමන්ගේ මුළු ජීවිත කාලෙම ඉතුරුම් මුදල් ඒ වෙනුවෙන් වැය කළා. ඒ නිසා ඇ පළිගැනීමේ චේතනාව ඇති කරගෙන තියෙනවා. "
“ මේ යටත්වැසියාට යමක් ඉදිරිපත් කරන්න තියෙනවා.” අධිකරණ සමාලෝචන උසාවියේ උප අමාත්‍ය වෙයි හුආශින්, අෂ්ඨ මහා වංශවල වෙයි වංශයේ නීත්‍යානුකූල උපත් වල දෙවන පුත්‍රයා විය. ඔහු ෂියන්දේ අධිරාජ්‍යයාගේ කාලයේ අධිරාජ්‍ය උපභාර්යා වෙයිගේ වැඩිමහල් සහෝදරයා ද විය. ඔහු ඉදිරියට පැමිණ සිය ගෞරවය දැක්වී ය.
ලී ජ්යැංහෙන් පැවසුවේ ය, “ගරු වෙයි උත්තමයාණෙනි , කරුණාකරලා පවසන්න.”
“රාජකීය ආහාර සැපයුම් අංශයේ කාන්තා නිලධාරිනි ෆුලිං අධිරාජ්‍ය හමුදාවේ අධිකරණ කාර්යාලයේ යුආන් ල්‍යු සමඟ ලිංගිකත්වය වෙනුවෙන් බල ගනුදෙනුවක් කර ඇති බව මේ යටත්වැසියාට තහවුරු කර ගන්න ලැබුණා. ඇගේ මව ජීවත් වූ නිවස සඳහා ණය ගැන සාකච්ඡා කරන්නත් පෞද්ගලිකව ඉදිරිපත් වුනේ යුආන් ල්යුයි. කිසිවකු දෙස නොබලමින් ම, වෙයි හුඅයිෂින් තවදුරටත් කියා සිටියේ ය, “මෙ නඩුවේ මුලසුන දරන්නේ අධිකරණ අමාත්‍යාංශයයි, මේ කාරණය ඔබතුමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන දෙයක්. ඒක නොවැදගත් කියා පවසන්න බැහැ. එහෙත්, ඇමති කොං ඔබතුමා ඉදිරියේ පාපොච්චාරණයෙන් අඩක් පමණක් සඳහන් කළා. කිව නොහැකි දෙයක් තියෙනවද, නැතහොත් චෝදනා කළ නොහැකි කෙනෙක් ඉන්නවද?
කොං ච්‍යු සිය හිස හිස පැත්තකට හරවා, "... මේ කාරණය සම්බන්ධයෙන් මගේ මතකයේ ඇති සියල්ලම සඳහන් කරලා තියෙනවා, ඒ නිසා රැවටීම් කරන්නේ මොන හේතුවකටද?"
“උදෑසන සැසිවාරය රජයේ කටයුතු සාකච්ඡා කරන්න හොදම වැදගත් ස්ථානයකි. අධිරාජ්‍යයාණන් විමසුවා ඔබ එහි ලැඹුරට පිවිසුනා ද කියලා. එහෙත් ඔබ සියලු නිලධාරීන් ඉදිරියේ මගහැර සිටියා වගේම භයානක ප්‍රකාශ මඟහරිමින් වාසිදායක දේ ඟැන අවධානය යොමු කළා. ” වෙයි හුඅයිෂින් හිස එසවීය.
"නිලධාරීන්, සේවයට ඇතුළු වන විට, ඉතා උනන්දුවෙන් හා වගකීමෙන් යුතුව උපරිම පක්ෂපාතිත්වයෙන් සේවය කළ යුතුයි. (5.) අධිරාජ්‍ය උසාවි ශාලාව කිසිසේත් දූෂණයට සහ දූෂිත නිලධාරීන්ට අනුබල දෙන ස්ථානයක් නෙමෙයි. ඔබ බිය වෙන්නේ කුමකටද? ඔබ පුද්ගලයා ඉදිරියේ හඬ නඟන්න එඩිතර වෙන්නේ නැත්නම්, මම එය පවසන්නම්. උතුමාණෙනි, මේ කාරණය අධිරාජ්‍ය මාලිගයේ යාමෙන් කාර්යාල විසිහතරට පමණක් නෙවෙයි අධිරාජ්‍ය හමුදාවටත් අදාල වෙනවා!”
නොසතුටු පෙනුමක් සහිතව ෂ්‍යාඕ චීයේ සමච්චල් සහගත සිනහවක් නැගුවේ ය.
ලී ජ්යැංහෙන් මුලින් අදහස් කළේ එය වසන් කිරීමට ය. ඒත් මේ අවස්ථාවේ වෙනත් පුද්ගලයන් රැවටීමෙන් ඔහුට අත්වන වාසියන් නොමැත්තේ ය බොහෝ වේලාවක් පැකිලීමෙන් පසුවූ , ඔහු පවසන්නට විය, "... ස'අන්, ඔබට මේකට පවසන්න තියෙන්නේ මොනවද?"
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “රාජකීය හමුදාවේ විසි දහසක පිරිසක් වැටුප් ලේඛනයේ ඉන්නවා. මේ යටත්වැසියාට ඔවුන්ගේ ගෘහස්ථ ලේඛන එකින් එක පරීක්ෂා කළ හැකි නමුත් ඔවුන්ගේ සියලු පෞද්ගලික කටයුතු එකින් එක පරීක්ෂා කරන්න බැහැ. මේ වතාවේ, මගේ මිනිසුන් ව නිසිලෙස අධික්ෂණය නොකිරීම පිළිබඳ මම වැරදි තමයි. අධිරාජ්යයාණන්ට, ඔබ සුදුසු යැයි සලකන පරිදි මට දඬුවම් කරන්න පුළුවන්."
ලී ජ්යැංහෙන් ට සිය මුව විවර කර යමක් පවසන්නට අවැසි විය.
වෙයි හුඅයිෂින් පළමුව දණගසා පවසන්නට විය “ෂ්‍යාඕ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි , ඇයි ඔබ අධිරාජ්‍යයාණන් ඉදිරියේ සත්‍ය නොපවසන්නේ? අධිරාජ්‍ය හමුදාවේ විසිදාහකගේ පුද්ගලික කටයුතු සොයා බලන එක පහසු නොවන බව නිවැරැදි තමයි. නමුත් ඒ යුආන් ල්යුට ඔබ සමඟ කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ඉතින් ඔබත් නොදැනුවත් බව මවාපාන්නේ කොහොමද?"
ශෙන් ස'චුආන් ඉදිරිය දෙස බැලුවේ ය.
“මෙකැන මා සමඟ විශේෂ සබඳතා පවත්වන හුඟ දෙනෙක් ඉන්නවා.” ෂ්‍යාඕ චීයේ ශෙන් දෙස බලා නොසැලකිලිමත් සිනහවක් පෑවේ ය. “ඒත් මගේ හස්තයේ සුන්දරියට සිටින කොට, මම සයනයේදි කිසිවක් නොපෙනෙන මහල්ලෙක් වගෙ පෙනේවි. නමුත් යුආන් ල්‍යු ඔබේ පියා කරම්ම වයසයි නේද. ගෞරවනීය වෙයි, ඔබට තමන්ටම කියා හෘද සාක්ෂියක් හෝ තියෙවවා නම් කමක් නැහැ, නමුත් මට , ෂ්‍යාඕ ස'අන්ට විරුද්ධව මේ වගේ බොරු චෝදනාවක් ගෙනත් ඉදිරියට යන්නේ ඇයි?”
හායි ලියැංයී කෙටි කැස්සක් පිටකරමින් කලබලයෙන් යුතුව පවසන්නට විය, “මේක අධිකරණ සැසිය, කරුණාකරලා ඔබේ වචන ගැන ප්‍රවේශම් වෙන්න. ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනී”
“අධිරාජ්‍යයාණන් හොඳටම දැනුවත් මම මොන තරම් අසභ්‍ය අයෙක් ද කියන එක. මට කොහෙත්ම මෙතැන බොරු රඟපැම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.”
ෂියාඕ චියේ ප්රයෝගකරුවෙක් ලෙස ක්‍රීඩා කරද්දී කෲර රජෙකු හා සම විය. ඔහු හායි ලියැංයී ට ට කිසිදු ගෞරවයක් දැක්වූයේ ද නැත. “ඔබට අධිරාජ්‍ය හමුදාව විමර්ශනය කරන්න අවශ්‍යයි, අනිවාරෙන් ම. සැකයෙන් මිදෙන්න අවශ්‍ය නම්, මම මගේ රාජකාරි අවසරපත භාර දීලා විවිධ අමාත්‍යවරුන් ප්රමුඛ ජේෂ්ඨයන්ට විමර්ශනය කරන්න ඉඩ දෙන්නම්. නමුත් ඔබට මේ පදනම් විරහිත, ව්‍යාජ චෝදනාව මා මත පටවන්න අවශ්‍ය නම්, සමාවෙන්න, මම වරද පිළිගන්නේ නැහැ."
“කොයිතරම් අගෞරවනීය භාෂා විලාසයක් ද. අධිරාජ්‍යයාණන් ඉදිරියේ මුරණ්ඩු විදිහට හැසිරෙනවා. ෂ්‍යාඕ වංශය ඇත්තටම හොඳ පුත්‍රයෙක්ට උපත ලබා දීලා!” වෙයි හුඅයිෂින් සිය ඇදුම අභ්‍යන්තරයෙන් සටහනක් පිටතට ගත්තෙ ය.. “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා පවසනවා මට ඔප්පු කරන්න සාක්ෂියක් නැහැයි කියලා. නමුත් අධිකරණ සමාලෝචන උසාවියේ නිලධාරියෙකු විදිහට, ඒක එහෙම නම්, මම එසේ පවසන්න නිර්භීත වෙන්නේ කොහොමද? ”
ෂ්‍යාඕ ජීමිං, මේ මුළු කාලය පුරාම නිහඬව නොසෙල්වී යිදි අතර වෙයි හුඅයිෂින් දෙස හිස ඔසවා බලන්නට වූයේ ඔහුගේ තිබෙනවා යැයි කියු සාක්ෂි පිළිබඳ බලන්නට ය.
වෙයි හුඅයිෂින් පැවසුවේ ය, “යුආන් ල්‍යු මුලින් අධිරාජ්‍ය හමුදාවේ සේනාංකාධිපතිවරයෙක්. උපවිනිසුරුවරයකු ලෙස ඔහුව පෞද්ගලිකව උසස් කළේ ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා යි. දෙවසරකට පසු, ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා ඔහුව නැවත වරක් විනිසුරු තනතුරට උසස් කළා. මම ප්රතිරාජසෙනෙවිතුමාගෙන් අහන්න කැමතියි. මේ වසර කිහිපය තුළ අධිරාජ්‍ය හමුදාවට වැදගත් රාජකාරියක් තිබුණේ නැහැ. ඉතින් ඔහුට නැවත නැවතත් උසස්වීම් ලැබෙන්නේ කුමන හේතු මතද?
ෂ්‍යාඕ චීයේ සමච්චල් සහගත ලෙස පවසන්නට විය, “ඔහු දැනටමත් ඉන්නේ ඒ වයසෙ තමයි. කියන්න තරම් හොඳක් නැතත්, ඔහු බරපතල වරදක් කරලත් නැහැ. අධිරාජ්‍ය හමුදාව මෑත වසරවල නවකයන් විශාල වශයෙන් බඳවා ගත්තා. පැරණි බැඳීම් නිසා මම උසස්වීම් ලබාදුන්න එකම පැරණි පුද්ගලයා යුආන් ල්‍යු නෙමෙයි. ගෞරවනීය වෙයි ඒවා සියල්ල පැහැදිලිව ලැයිස්තුගත කරලා මගේ පෞද්ගලික කටයුතු අතරට ගණන් නොගන්නේ ඇයි?
"පසුගිය වසරවල අධිරාජ්‍ය හමුදාවේ නීතිය ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා ගේ වචන නෙමෙයි ද?!” වෙයි හුඅයිෂින් කලබලකාරී ලෙස පවසන්නට විය. "ඔවුන් එකිනෙකා පක්ෂපාතීත්වය ප්‍රතිඥා දුන්නේ ෂ්‍යාඕ වංශයට මිස අධිරාජ්යයාණන්ට නෙමෙයි නේද?"
ඔහුගේ වචන වල දෙඅරුත් ගැබ්ව තිබුණු අතර—,එය යොමුවුණේ ෂ්‍යාඕ චීයේ වෙතටය , නමුත් එය වක්රාකාර ව ෂ්‍යාඕ ජීමිංටද සම්බන්ධ විය.
බලාපොරොත්තු වූ පරිදි, ෂ්‍යාඕ චීයේ කඩා පැන්නේ ය. ඔහු පවසන්නට විය, “සාකච්ඡා මාතෘකාව එක් අතක තබාගෙන හැම දෙයකටම ෂ්‍යාඕ වංශය ගාවගෙන **** කරන එක නවත්න්න! මම, ෂ්‍යාඕ ස'අන් , මා දැන් සිටින තත්ත්වයට පත් වුනේ උතුමාණන් අනුගමනය කළ නිසයි. මම රිදී හැන්දක් මුවේ තබාගෙන උපත ලබපු වෙයි උත්තමයා වගේ නෙමෙයි. ඔබේ මාර්ගය පැහැදිලිව සකසලා තියෙනවා."
ෂ්‍යාඕ චීයේ ගේ කේන්තිය පහවයනවා දුටු වෙයි හුඅයිෂින් නැවතත් සටහන දිගහැරියේ ය. “ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා අලුත් අවුරුද්දට පෙර අනෙක් අය සමඟ මත්පැන් පානය කළා. උත්සවයට පෙර යුආන් ල්‍යු ඔබට විශාල මුදලක් තෑගි කළා. ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා මෙය පිළිගන්නවාද? ”
මේ වචනය කී සැණින් ලී ජ්යැංහෙන් පවා මවිතයට පත් විය. ඔහු අත මිට මොළවාගෙන සිටියට කිසිවක් පැවසුවේ නැත.
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “මම කවදාවත් යුආන් ල්‍යු සමඟ මත්පැන් පානය කරලා නැහැ.”
“දොංලොං වීදියේ ෂියැංයුන් මණ්ඩපයේ ආගන්තුකයන්ට එය සහතික කරන්න පුළුවන්. එදින රාත්‍රියේ යුආන් ල්‍යු ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා ට සංග්‍රහ කරන්න විශාල මුදලක් වැය කළා. උත්සවයෙදි ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා සිටියේ බීමත්වෙලා සහ යුආන් ල්‍යු ඔබට රන් මිදි කූඩයක් තෑගි කළා." වෙයි හුඅයිෂින් පැවසුවේ ය, "ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා තවමත් එය පිළිගන්නේ නැද්ද?"
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, "මම ඔබෙන් අහන්නම්. යුආන් ල්‍යු හයවන ශ්‍රේණියේ සුළු නිලධාරියෙක්. ඔහු රන් මිදි තෑග්ගක් ලෙස ලබා දෙන්නේ කොහේද? ”
"ඒක අපි ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමාගෙන් අහන්න ඕන දෙයක්." වෙයි හුඅයිෂින් අවසානයේ ඔහුගේ ඝාතන පියවර ගත්තේය. ඔහු පැවසුවේ ය, “යුආන් ල්‍යු ෆුලිං වෙනුවෙන් ණයට නිවස ලබා ගත් අවස්ථාවේදීම, ඔහුට දොංලොං වීදියේ වීථියට මුහුණලා ඇති නිවාස තුනකුත් ණයට ලැබුණා. ඔහු එකල ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා ගේ ලිඛිත උපදෙස් මත ක්‍රියා කළ බව මම සහතික කරගෙන තියෙනවා! මෑත වසරවලදී, රාජකීය හමුදාව මුලින්ම තමන්ගේ අලුත්වැඩියා කටයුතු සිදු කළා, පසුව ෆෙං කන්දෙ හමුදා සරඹ භූමිය පුළුල් කළා. මේවාට මුදල් කොහෙන්ද? අධිරාජ්‍ය හමුදාවේ තම තනතුර තැරුව්කරුවාගෙන් නීතිවිරෝධී ලෙස ලබා ගන්ව භාවිත කළේ ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා ම නෙමෙයි ද? යුආන් ල්‍යු තමයි මේ කාරණය ඔබ වෙනුවෙන් හසුරුවා අවසන් කළේ. දැන් යුආන් ල්‍යු ෆූලිංව අධිරාජ්යයාණන්න ඝාතනය කරන්න පොළඹවලා තියෙන නිසා , එයට ඔබ හා සම්බන්ධයක් නැති බව පවසන්න තරම් ඔබ නිර්භීතද?”
ෂ්‍යාඕ චීයේ පිළිතුරු නොදුන්නේ ය.
ෆූ ලින්යේ , දක්ෂිණ වාරණ ප්‍රධාන අධීක්ෂණ කාර්යාංශ ප්‍රධානීතුමා ඉදිරියට පැමිණ , “මේ යටත්වැසියාටත් ඉදිරිපත් කරන්නට දෙයක් තියෙනවා.”
කිසියම් හේතුවක් නිසා, ලී ජ්යැංහෙන් ගේ ඇඟිලි තුඩු දරුණු ලෙස වෙව්ලන්නට විය. “කතා කරන්න!” ඔහු අණ කළේය.
ෆූ ලින්යේ පවසන්නට විය, “ මේ යටත්වැසියාට අද දින රාජකීය හමුදාවේ ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා ට එරෙහිව චෝදනායක් ගෙන එන්න අවශ්‍යයි.
නීතියට අනුව ,අධිකරණ කාර්යාල තුනේ ඒකාබද්ධ නඩු විභාගයට පෙර, අධිරාජ්යයාණන්ගෙි අධිරාජ්‍ය ආඥාව නොමැතිව , කිසිදු අදාළ නොවන පුද්ගලයෙක්ට ප්‍රධාන අපරාධකරුවන් හමුවෙන්න වධකාගාරයට ඇතුළු වෙන්න අවසර නැහැ. ඒත් ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා ඔහුගේම මූලිකත්වයෙන් ක්‍රියා කළා , අධිරාජ්‍ය ආඥාවක් නැතිව ඊයේ බන්ධනාගාරයට ගියා වගේම පසුව ඒ ගැන වාර්තා කළෙත් නැහැ. "
ෂ්‍යාඕ චීයේ ගේ ප්‍රකාශය වඩ වඩාත් සන්සුන් විය.
“ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා බන්ධනාගාරයෙන් පිටවුන මොහොතෙම, ෆූලිං ගේ මව මියගියා.” ෆූ ලින්යේ දණගැසුවේ ය.
"ඒ අතර සිදු වූ දේ සම්බන්ධයෙන්, මම උතුමාණන් ඉදිරියේ ඒ පිළිබඳ පැහැදිලි වාර්තාවක් ලබා දෙන්න කියලා ප්රතිරාජසෙනෙවිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමැතියි."
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ඔබ දෙන්නම එක්වෙලා එකවර ක්‍රියාමාර්ග ගන්නවා, හහ්. කොයිතරම් අහම්බයක් ද! ”
“කාරණය මඟ හරින්න එපා, ප්රතිරාජසෙනෙවිතුමණි.” වෙයි හුඅයිෂින් සීතල ලෙස පැවසුවේ ය., “ මම ඔබට ඒ ගැන පැහැදිලි කරන්න එක අවස්ථාක් ලබා දෙන්නම්!”
"පුද්ගලයෙක් ව වරදට පත් කරන්න කැමති තැනැත්තා ඔහුට එරෙහිව හැම විටම චෝදනා එල්ල කරනවා." උගුලකින් වට වූ හැගීමක් සහිතව, ෂ්‍යාඕ චීයේ මොහොතකට නිශ්ශබ්ද විය, පසුව ලී ජ්යැංහෙන් ට පවසන්නට විය , “මම කවදාවත් ඔවුන් කියපු කිසිම දෙයක් කරලා නැහැ. අද රාත්‍රියේ විනිශ්චය කරන්න මම උතුමාණන්ට ඉඩ දෙන්නම්. ”
එවන් නොසන්සුන්කාරී, කනස්සල්ලෙන් පිරුණු වාතාවරණයක් යටතේ, ලී ජ්යැංහෙන් දහඩියෙන් තෙත් වන තුරු ඔහුගේ දණහිස තද කළේය. ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා, එක්වරම ඇසුවේ, “ඔබ ඒ ලිඛිත උපදෙස් ගැන පැහැදිලි කරන්නේ කොහොමද?”
ෂ්‍යාඕ චීයේ ඔහුගේ බැල්ම පහත් කර ව්‍යාජ සිනහවක් නඟාගෙන පවසන්නට විය. “මේ යටත්වැසියා කවදාවත් එවැනි දෙයක් ලියන්නේ නැහැ.”
ලී ජ්යැංහෙන් ක්ෂණයකින් නැගී සිටියේය. නොඉවසිල්ලෙන් පියවර කිහිපයක් ඉදිරියට තැබූ ඔහු “මට බලන්න දෙන්න!” යැයි ඉල්ලා සිටියේය.
වෙයි හුඅයිෂින් ඒ ලියවිල්ල ඔහු අතට භාර දුන්නේ ය. ලී ජ්යැංහෙන් එය මොහොතකට පෙරළූ අතර එක්වරම වෙව්ලන්නට විය. ඔහුගේ දෙතොල් වෙව්ලන්නට විය. "මේ ඔබේ අත් අකුරු නෙවෙයිද... ස'... ස' අන්!"
ෂ්‍යාඕ චීයේ අධිෂ්ඨානශීලීව පවසන්නට විය, “මේ යටත්වැසියා කවදාවත් ඒවගෙ දෙයක් ලියා නැහැ!”
ලී ජ්යැංහෙන් බියට පත් විය. ඔහු සියතට ගත් ලේඛනය , උණුසුම් අර්තාපල් මෙන් ඉක්මනින් ඉවතට විසි කළේය. පාලනය නැතිවීමට ආසන්නව සිටි ඔහු විමසුවේ ය., , "එහෙමනම්, යුආන් ල්‍යු -ඔහු ඔබේ පුද්ගලයෙක් ද නැද්ද?!"
ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑස් එසවීය.
මෙය දුටු ලී ජ්යැංහෙන් දෑත් කණුව මත අල්ලා ගත්තේය. ඔහු තුළ බියක් නැගෙන්නට විය. මේ ක්ෂණික භිතිය පෙර සිහිනයේ ෂ්‍යාඕ චීයේ ඔහුව අත්හැර දැමූ සීතල හා උදාසීන ස්වභාවය සිහිපත් කළේය. නොනැවැත්විය හැකි පිළිකුලක් ද ඔහු තුළ නැගෙන්නට විය. ඔහු බියජනක යමක් ඉවතට ගසාගෙන යන්නාක් මෙන්, ඔහු තම මුළු ශක්තියෙන් යුතුව පැවසුවේ ය, "මුලින්ම ඔහුගේ රාජකාරි අවසරපත ඉවත් කරන්න!"
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ මේ යටත්වැසි–––”
වෙයි හුඅයිෂින් සෘජු ව සිටගෙන පවසන්නට විය , “ඔහු අකීකරු වෙන්න එඩිතර වුනොත්, අපට නීති වලට අනුව ඔහුව මෙහිම තබාගන්න පුළුවන්!”
ෂ්‍යාඕ චීයේ වෙයි හුඅයිෂින් දෙස බැලුවේ ලී ජ්යැංහෙන් දෙස බලන්නට පෙරාතුව ය. ෂ්‍යාඕ චීයේ හුදකලා හඬකින් යුතුව පවසන්නට විය, “මාව , ෂ්‍යාඕ ස'අන් ව රඳවා තබා ගත්කට කමක් නැහැ, නමුත් පිළිගත හැකි චෝදනාවක් තියෙන්න ඕනේ!”
ලී ජ්යැංහෙන් හැඟුණේ තම විශ්වාසය අස්ථානගත වී ඇති බවකි. අධිරාජ්‍ය උසාවියේ සිදු වූ හරස් "වෙඩි හුවමාරුවට" හසු වූ ඔහු ඒ වන විටත් අනෙක් පාර්ශ්වය විශ්වාස කිරීමට නැඹුරු ව සිටියේ ය. දැන්, ෂ්‍යාඕ චීයේ ක්‍රියා කරන ආකාරය දැකීමෙන් ඔහුගේ කෝපය ක්ෂණිකව ඉහළ නැග්ගේ ය. ඔහු දැඩි හඬින් තරවටු කළේය, “දණ ගසන්න! මම අද ඔබේ රාජකාරි අවසරපත නොවරදවාම ඉවත් කරනවා!"
ෂ්‍යාඕ චීයේ තවමත් චලනය නොවීය.
නමුත් ලී ජ්යැංහෙන් ට තවදුරටත් ඔහුගේ කෝපය පාලනය කර ගත නොහැකි විය. හේ කෝපයෙන් කෑගැසුවේය. “මම තමුන් ට දණ ගහන්න කියලා අණ කරනවා!”
අරුත් පැහැදිලි කිරීම.
1. 仰喷三⼭雪,横吞百川⽔ (Yǎng pēn sān shān xuě, héng tūn bǎichuān shuǐ) ලි බායි විසින් 《古⻛其三⼗三》හෙවත් (Gǔ fēngqí sān shí sān) සිංහල බසින් පැරණි ශෛලීන් තිස්තුන. සඳහන් වූ මිථ්‍යා සත්වයෙක් යන කුන් පෙං පිළිබඳ ලියු කවියක කොටසකි. උතුරු මුහුදේ දැවැන්ත මත්ස්‍යයෙක් සිටී; උගේ ශරීරය, ජලය ලීටර දහස් ගණනක් වගුරවයි. එහි හිස එසවීමෙන් වැටෙන හිම කඳු තුනක් මෙන් පෙනෙයි; ඌ මුඛය පුළුල් ලෙස විවර කළ විට ගංගා සියයක ජලය ගිල ගන්නට හැකියාව හැකි ඇත.)
2. 蟒⾐ (හෝ 蟒袍) “පයිතන් (හෝ මාං) කරපටිය” මින්ග්මිං රාජවංශයේ කුසලතා ඇති නිලධාරීන්ට අධිරාජ්‍යයා විසින් ප්රදානය කරන ලද අලංකාර කළ වස්ත් වේ.
එය "පිඹුරු සිවුරක්" පැළඳීමේ වරප්‍රසාදය නිලධාරීන්ට ගෞරවයක් සහ අනුග්‍රහයක් ද විය.
3. 鸾带 පුළුල් ෆීනික්ස් වලිගය (හෝ ලුආන්) ඉණ පටිය. ලුආන් යනු ෆීනික්ස් හා සම්බන්ධ මිත්‍යා පක්ෂියෙකි.
4. මෙය ඔහුගේ නිල ලාංඡනයේ (补⼦) හෝ මැන්ඩරින් චතුරශ්‍රයේ සිටින සත්වයාට යොමු කරයි, එය පැළඳ සිටින නිලධාරියාගේ නිලය දැක්වීමට නිලධාරියෙකුගේ උඩු කබාය මත මැසූ විශාල ලාංඡනයකි. කුරුල්ලන් නිරූපණය කරන චතුරස්‍රය නිලධාරීන් සඳහා භාවිතා කරන ලද අතර සතුන් හමුදා නිලධාරීන් සඳහා භාවිතා කරන ලදී. එබැවින් ෂ්‍යාඕ චීයේ වැනි දෙවන ශ්‍රේණියේ හමුදා නිලධාරියෙකුට මේ සත්වයා සිංහයෙකු වනු ඇත.
5. ⼊则恳恳以尽忠 ප්‍රසිද්ධ යුවාන් රාජවංශ කවියෙකු වන ෂැං යැංහාඕ විසින් "ආණ්ඩුව පිළිබඳ පක්ෂපාතී ප්‍රකාශ" පිළිබඳ ලියූ සටහනක උපුටනයකි.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment