Skip to main content

තිස් හත්වන පරිච්ඡේදය | ගිනි අවි!

 

 

ශෙන් ස'චුආන් ගේ පිටුපසින් අවට සියල්ලම අඳුරුව ගොස් තිබුණි ; ඔහු දැන් ෂ්‍යාඕ චීයේ ට පෙරටත් වඩා සමීප ව සිටියේ ය. ඔහුට ෂ්‍යාඕ චීයේ මෙසේ පවසනවා ශ්‍රවණය විය, “ඒක ඇත්තටම මගෙන් එන සුවඳක් නම්. මේක හුඟක් තියුණුයි.”

ශෙන් ස'චුආන්  මාතෘකාව වෙනස් කළේ ය, “ඔබ අධිරාජ්‍ය හමුදාවට ගිනි අවි එකතු කලාද?”

ලෝකඩ ගිනි අවි.” ශෙන් ස'චුඇන්ගේ නාසයේ අඟට ඔහුගේ ඇඟිල්ල ගෙන ​ගිය ඔහු ඔහුට හුස්ම ගැනීමට ඉඩ නොදුන්නේ ය. "ඒක ඔබේ සුවඳවිලවුන් සමඟ මිශ්‍ර වෙලා, ඒ නිසා මට එය වෙන්කරගන්න නොහැකි වුණා."

 "මගේ කිසිම සුවඳක් නෑ." ශෙන් ස'චුඇන්ගේ නාසයේ අග මදක් වෙව්ලන්නට විය. "ඔබ අෂ්ඨ මහා පුහුණු අංශයේ හමුදා අවි ගබඩාව වැටලූවද?" ඔහු කීවේය.

 මේ හමුදා අවි අධිරාජ්‍ය අධිකරණය විසින් සීමා කරන ලදී. එය මුල් උණ බම්බුවක සිට ලෝකඩ සැකසුමට සකස් කළ පසු , එය අෂ්ඨ මහා පුහුණු අංශවල චුන් චුආන් බලඇණියේ අවිය එය බවට පත් විය. මෙම ආයුධය මාරාන්තික වූ නමුත් එය පාලනය කිරීමද පහසු නොවීය. ප්‍රක්ෂේපණවල සීමිත පරාසයක් තිබූ අතර එය පැටවීමට ද කාලය ගත විය. කෙසේ වෙතත්, අෂ්ඨ මහා පුහුණු අංශවල කාර්යය වූයේ චූදු ආරක්ෂා කිරීම වන නිසා, ඔවුන් අන් අය සමඟ ගුටි බැට හුවමාරු කරගන්නේ නම් බොහෝ විට ඒ වීදි සටන් විය. ගිනි අවියේ සම්පූර්ණ හැකියාව පිටතට ගෙන ඒම දුෂ්කර වූවා පමණක් නොව, එය අමතර බරක් ද විය. අෂ්ඨ මහා පුහුණු අංශ එය භාවිතා කිරීම ප්‍රචලිත නොකළ අතර ඒ වෙනුවට එය වෙන් කිරීමට තීරණය කළේ ඒ නිසාය. හමුදා අභ්‍යාස භූමියේ වාර්ෂික අභ්‍යාස වලදී පමණක් ඔවුන් එය ප්‍රයෝජනයට ගනු ලැබුවෝ ය.

එය අෂ්ඨ මහා පුහුණු අංශවලට නොගැලපෙන නමුත් ලිබෙයිගේ සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට එය ඉතා සුදුසු විය. ලිබෙයිහි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට ඉතා කුඩා පාබල හමුදාවක් (ඉදිරියෙන් ගමන් කරන සෙබළු) සහ සැහැල්ලු අශ්වාරෝහකයන් සංඛ්‍යාවක් සහිත බර අශ්වාරෝහක හමුදාවක් පැවතුනි. ඔවුන් රුදුරු රළ පහරක් මෙන් සෘජුව ප්‍රහාර එල්ල කරන්නට කැමැත්තෝ වූහ. මුල් වසරවලදී, දජෞ හි ලුඕෂ්‍යා දුර්ගයේ හි අශ්වාරෝහක බලකොටුවක් පිහිටුවන ලදී. බ්‍යැන්ෂා අශ්වාරෝහකයන්ගේ අගනාවූ වේගය සමඟ කටයුතු කිරීම සඳහා, ඔවුන් අශ්වයන් මිලදී ගැනීමට කිසිදු වියදමක් ඉතිරි නොකළ අතර දජෞ හීම පුහුණු අශ්ව රංචුවක් තැනීමට උත්සාහ කළහ. කෙසේ වෙතත්, බ්‍යැන්ෂා වංශ විසින් එවන ලද සියලුම අශ්වයන් බොහෝ විට ඔවුන්ගේම වංශ වල තත්වයෙන් අඩු අශ්වයන් වූ අතර, ලීබෙයි හි අශ්වයන් හොංයැන් කඳු පාමුල කැලෑ වෘක සමූහයන්ට එරෙහිව සටන් කළ සැබෑ නිර්භීත අශ්වයන් විය. චාෂි සොරොව්වත් සහ ශක්තිමත් රණශූරයන් සමඟ එකිනෙකා හා ඒකාබද්ධ ව ගිය ඔවුහු, කිසිවිටක ඔවුන් පරාජය කළ නොහැකි විය.

 ෂ්‍යාඕ ෆංෂූ දැඩිව සන්නාහ සන්නද්ධ භටයන් සහ අශ්වයන් සමඟ ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව පිහිටුවූයේ මේ නිසාය. ඔවුන් වයඹ දෙසින් ජීවමාන ලෝහ බිත්තියක් සෑදූ අතර එමඟින් බියන්ෂා අශ්වාරෝහක හමුදාවය කුණාටුවක් වැනි ප්‍රහාර එල්ල කළ මේ වානේ පවුර හරහා ඔවුන්ට ගමන් කළ නොහැකි විය.

වයඹ දිග තෘණ බිම්වලින් විශාල, අසීමිත වපසරියක් වටකර තිබුණි. ලිබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහකයන්ට ගිනි අවි ලබා දිය හැකි නම්, බියන්ෂා අශ්වාරෝහක සේනාංක වලට දීර්ඝ කාල පරාසයක් සහිතව ප්‍රහාර එල්ල කිරිම ලිබෙයිගේ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ වාසිය බවට පත්වනු ඇත. දිගු කාලීන ප්‍රහාර මගින් ගිනි අවි නැවත පුරවාගන්නටත් ප්‍රමාණවත් කාලයක් ලැබෙනු ඇත. අශ්වාරෝහක හමුදාව ඔවුන්ට ඉදිරියෙන් පැමිණෙන විට, ඔවුන්ට ගිනි අවි වැදීමේ සීමාවට පහසුවෙන් ළඟවෙනු ඇත.

 ලිබෙයි වලට, මෙයින් හුදෙක් පියාපත් ලැබුණු කොටියෙකු මෙන් ඔවුන්ගේ බලය සහ ශක්තිය වැඩි කර ගැනීමට උපකාරී වන්නේ ය..

 "ෂී ගූ'අන් ඉවත් කළාට , අෂ්ඨ මහා පුහුණු අංශ තවමත් එලෙසමයි." ෂ්‍යාඕ චීයේ තවත් පියවරක් ළං කර ශෙන් ස'චුඇන්ව ඔහුගේ පපුවෙන් ඉදිරියට තල්ලු කළේය. “හමුදා අවි ගබඩාවක් ගැන කතා කරන්න වැටලීමක් කළෙත් නැහැ. ඒක ස්වාමියාගේ වෙනසක් විතරයි. ඒ ගැන කරදර වෙන්න එපා. මම එය රැගෙන යන්නේ සෙල්ලම් කරන්න පමණයි. ”

 ශෙන් ස'චුආන්  ඔහුව ඇත්තටම ගණන් නොගත්තාක් මෙන් පියවර කිහිපයක් ඇවිද ගියේ ය. “ඔබට ​පොරවනය ඉවතට අරගෙන ඇවිදින්න පුළුවන්ද?” ඔහු ඇසුවේ ය.

 දවල කෙටියි ' රාත්‍රි දිගුයි. ඇයි විනෝද ගමනකට ​ආලෝක ඉටිපන්දමක් එකතුකර නොගන්නේ?” (2) ෂ්‍යාඕ චීයේ සිනාසුණේය. "මාත් එක්ක ක්‍රීඩා කරන්න කැමතිද?"

 "එය විවෘත හා ඉහල පුවරුවකින් ලබා නොගත් නිසා, එය සැඟවීම වඩා ආරක්ෂිත වේවි." ශෙන් ස'චුආන්  පොරවනය ඔසවා පිටතට ගියේය. “ඔබේ හැමතැනම වෙඩි බෙහෙත් රුදී තියෙන අතරේ ඔබ චූදු පඅරාවටම ගමන් කරනවා. ඔබ වාසනාවන්තයි මේ මධ්‍යම රාත්‍රිය හින්දා ”

 "දවාලට උනත් කමක් නෑ." ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත යට කොට්ටය තද කර එක් අතක් ඉහළට ඔසවා , ඔහු ගමන් කරන විට ඇතිරිල්ලතද කරගත්තේ ය. ඔහු ආලීන්දය අසල සිට තම දෑස් පිසදසාගත්තේ ය. "ෂ්‍යාඕ ස'අන් සෙල්ලම් කරන්න කැමති මම දන්නේ කොහොමද මම අවියක් ඇල්ලුවත් , ඒ කුරුල්ලන්ට වෙඩි තියන්න විතරයි."

 ඔහු "කුරුල්ලන්" යන වචනය පවසන විට , ඉහළින් වැතිර සිටි දිං තාඕ සහ ගූ ජින් එක්වම වෙව්ලන්නට වූවෝ ය.

 කාමරයට ඇතුළු වූ ෂ්‍යාඕ චීයේ පොරවනය සහ කොට්ටය තම ඇඳ මතට වීසි කර උත්සාහ දෙක තුනකින් සපත්තුව ගලවා දමා රෙදි තිරය හරහා ගියේ ස්නානය කිරීමේ අදහස ඇතිවය. ඔහු තිරය පිටුපසින් තම උඩුකය දිගු කරන විට ඔහු ඒ වන විටත් ඔහුගේ ඇඳුම් වලින් අඩක් ගලවා දමා තිබුණි.

 "ඔබ ස්නානය කළාද?"

 ශෙන් ස'චුආන්  මුව සෝදාගත්තේ ය. “ඔව්” ඔහු පැවසුවේ ය.

 එබැවින් ෂ්‍යාඕ චීයේ වේගයෙන් ගොස් ස්නානය කළේය. ඔහු තම ගෙලෙහි ජලය පිසදමමින් පිටතට පැමිණි විට, ඔහු දුටුවේ ශෙන් ස'චුආන්  ඒ වන විටත් ඔහු දෙසට පිටුපස හරවා වැතිර සිටින බවයි. ශෙන් ස'චුආන්  තදින් පොරවි වසාගෙන සිටි හිස දෙස බැලූ ෂ්‍යාඕ චියේ, පසුව ඔහුගේ හිසකෙස් ඉක්මනින් පිසදමා පහන නිවා දැමුවේය.

 ෂ්‍යාඕ චීයේ යහන මත වාඩි වී යමක් සෙවීමට පෙට්ටියක් විවෘත කරන හඬට ශෙන් ස'චුආන්  සවන් දුන්නේය.

 "ලන්ජෞ." ෂ්‍යාඕ චීයේ පෙට්ටිය වසා දැමුවේ ය., "ඔබ නිදිද?"

ශෙන් ස'චුආන්  හැඟීමකින් තොරව පිළිතුරු දුන්නේය. "ඔව්."

 අධිකරණ සමාලෝචන අධිකරණය අද බොහෝ වෛද්‍යවරුන් කැඳව්වා. එහෙත් ඔවුන් අධිරාජ්‍ය වෛද්‍ය විද්‍යාලය දැනුවත් කරන්න එඩිතර වූයේ නැහැ." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "ඔබ ජි ලෙයිට කළේ කුමක්ද?"

ශෙන් ස'චුආන්  ඇසුවේ ය, "ඔබට මේ තරම් රෑ වෙලාහොල්මන් කතා අහන්න ඕන වුනා ද?"

 "ඔවුන් හෙට උදෑසන අධිරාජ්‍ය බන්ධනාගාරයේ ආරක්ෂකයින්ව ප්‍රශ්න කරන්නයි යන්නේ." ෂ්‍යාඕ චීයේ පැවසීය.

 කිසිඳු දෙයක් ඇසුනේ නැත.

හායි ලියැංයී ට එවැනි දෙයක් ඉවසා සිටිය හැකිදැයි ශෙන් ස'චුආන්  දැන සිටියේ නැත, නමුත් ෂුඒ ෂ්‍යුජුඕ ට හැකි බව ඔහු දැන සිටියේය. ෂුඒ ෂ්‍යුජුඕ ඔහුට අවශ්‍ය පාපොච්චාරණය දැනටමත් ලබාගෙන තිබූ නිසා ජී ලෙයි ගෙන් දැන් කිසිඳු ප්‍රයෝජනයක් තිබු​ණේ ද නැත. මේ අවුල්ජාලය ශෙන් ස'චුආන්  විසින් නිර්මාණය කරන ලද නමුත්, ෂුඒ ෂ්‍යුජුඕ සහ ෂී හොංෂුආන්  හට එය පිරිසිදු කිරීමට සිදු වූ නිසා, ඔහු කිසි දිනෙක එය පිරිසිදු කිරීමට ද සිතුවේ නැත.

 ශෙන් ස'චුආන්  මේ කාරණය ගැන සිතමාන් පවසන්නට විය, ඔහු පැවසුවේ, "මම ඉන්නේ මගේ රේඛාව මතයි. ඔවුන් විමර්ශනය කළත්...."

 ෂ්‍යාඕ චීයේ වැතිර සිටි අතර, පසුව හදිසියේම අසුන්ගත්තේ ය, "මගේ හිසකෙස් පිස දමන්න" ඔහු පැවසීය.

 ශෙන් ස'චුආන්  දෑස් පියාගෙන තමන් නින්දේ පසුවන බව මවා පෑවේය.

 ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “නිදි වගෙු මවාපාන එක නවත්වනවා. ඉක්මන් කරනවා."

 ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය,

 "ලන්ජෞ"

"ශෙන් ලන්ජෞ"

යහන හදිසියේම ගිලා බැස්සේ ය. ​ශෙන් ස'චුඇනි තිගැස්සී දෑස් විවර කළේය. ඔහුගේ පොරවනය ඒ වන විටත් ඉවත් කර තිබුණි. ෂ්‍යාඕ චීයේ ඔහු පිටුපසින් තම තෙතැති හිසකෙස් මිරිකා ඔහුගේ තෙත් හිසකෙස් ශෙන් ස'චුඇන්ගේ පිට මත තබද්දී ක්ෂණික ව එවා ඔහුගේ ඇදුමට උරාගන්නට විය.

තමාගේ පොරවනය ඇදගත් ශෙන් ස'චුආන්  පැවසුවේ ය, "ෂ්‍යාඕ'එර්, ඔබට තවමත් වයස අවුරුදු තුනයි ද?!"

 "වැඩිත් නැ අඩුත් නෑ." ෂ්‍යාඕ චීයේ අලස ලෙස පිළිතුරු දුන්නේය, “ඔබට තාමත් නින්ද ගියේ නැද්ද? එහෙනම් දිගටම කියාගෙන යන්න."

 ශෙන් ස'චුආන්  නිදාගෙන සිටින කාලය වැඩි වන විට ඔහුව තෙත් වෙමින් තිබුණි. ඒ සීතල කෙස් කළඹ ඔහුට ඇලී තිබුණි. ඊයේ රාත්‍රියේ දුුන් අත්  ලේන්සුුවේ සුවඳ හා සමාන වූ ෂ්‍යාඕ චීයේ එහි අවදිියෙන් පසු විය.

 ශෙන් ස'චුආන්  ඔහුගේ දෑස් විවර කර, “මගේ ඇඳුම් තෙත්වෙලා” යැයි පැවසීය.

 කිසිවෙක් පිළිතුරු දුන්නේ නැත.

 ශෙන් ස'චුආන්  පැවසුවේ ය, "නිදි වගේ රඟපාන එක නවත්වන්න"

 ශෙන් ස'චුආන්  පැවසුවේ ය, "ෂ්‍යාඕ එර්."

 ශෙන් ස'චුආන්  තම දෙඅතින් ම පහර දුන්නේ ය., "ෂ්‍යාඕ ස'අන්, ඔබනම් ඇත්තටම අසමජ්ජාතියෙක්"

 ඒ අසමජ්ජාතියා ඔහුට වියළි ලේන්සුවක් දුන් අතර පසුව ඔහු දෙස හැරී බලා හිදින්නට විය.

         

වහලය මත, දිං තාඕ තම දෑත් පසුපසට ඇදගෙන මෙසේ පැවසීය: “හිම සහිත දිනයනු හුඟක් සීතලයි . මේ ශීත ඍතුව අපිට පහසු කාලයක් නොවීවි කියලා මට බයයි. ”

 ගු ජින් මධිරා මල්ල ඔහුට දී ඔහුගේ දෑත් අතුල්ලමින් මෙසේ කීවේය, “අපි රාත්‍රි දෙකක් සෝදිසියෙන් සිටියා. හෙට උදෑසන වැඩ මුරය වෙනස් විය යුතුයි.”

දිං තාඕ මත්පැන් උගුරක් ගත් අතර එය ඔහුව මඳක් උණුසුම් කළේය. දෑත් උඩට නැමී ඔහු ද බිම වැතිර රාත්‍රී අහස දෙස බලමින් කීවේ ය "අද රෑත් මොකුත් වෙන්නේ නෑ"

 "කාර්යය දුෂ්කරයි, මාර්ගය දිගුයි." ගු ජින් මත්පැන් බෑගය ආවරණය කළේය. ඔහුගේ කන් එකවරම වෙව්ලන්නට වූ අතර, ඔහු එක්වරම අනෙක්පසට හැරුණේ ය. උකුස්සෙකු මෙන් අසීමිත අන්ධකාරයේ වූවද ඔහුගේ දෑස් එහාට මෙහාට ගමන් කළේය.

 හිම පතනය වන සියුම් ශබ්දයක් සුළඟින් නැඟී ආවේ ය. ගු ජින් තීරණාත්මක ලෙස ක්‍රියා කළ අතර පියාඹන තලයක් ඉවතට විසි කිරීමට ඔහුගේ අත භාවිතා කළේ ය. ඔහු මුමුණමින්, “වයඹ පැත්තේ කෙළවර!”

දිං තාඕ හදිසියේම උඩට පැන, වහලය හරහා පියාසර කර, අඳුර දෙසට ඔහුගේ අත් අකුණක් තරම් වේගයෙන් කපා හැරියේය.

 රාත්‍රියේ කළු පැහැ සළුව ඔහුගේ පහර සුමට ලෙස මග හැරියේය. අවතාරයක් මෙන්, මිනිසා සෙවණැලි තුළ සැඟවී පලා යාමට උත්සාහ කළේය. සැහැල්ලූ දිං උඩු යටිකුරු ව නැමී ගියේ ය. තමාගේ මුහුණ දෙසට වානේ ඉඳිකටු පැමිණෙතැයි ඔහු අපේක්ෂා නෙකෙළේ ය. ඔහුගේ අතේ තිබූ බුරුසුවේ අනෙක් පස භාවිතා කරමින්, ඔහු ඉඳිකටු "තඩ්" හඬග් සමඟ ඉවතට කළේ ය. ඔහු නැවත හැරී බලන විට ඒ වන විටත් පුද්ගලයා පැන ගොස් තිබුණි.

දිං තාඕ කිසිඳු ශබ්දයක් නොනගා පහතට බැස්සේ ය. ඔහුගේ චින්ගොං කෙතරම් විශිෂ්ටද යත් ඔහු මේ සිහින් හිම තට්ටුව මතට ගොඩබසින විට කිසිදු පා සලකුණක් ඉතිරි නොකළේය.

 ගු ජින් වහලය මත සිට එම ප්‍රදේශය සමීක්ෂණය කලෙි ය, “විශිෂ්ට සටන් කලාවක්. ඔහුට මගේ ඇස්වලින් බේරෙන්න පුළුවන් කියලා හිතන්නේ. තාඕ ස' ඔබට කියන්න පුළුවන්ද ඒ කවුද කියල?"

 දිං තාඕ ආලින්දයෙන් වානේ ඉඳිකටු අහුලාගෙන ඒවා සිය ඇඟිලි තුඩු අතරට තද කර පරීක්ෂා කළේය.  ක්ෂණයකින් ඔහු බොහෝ දේ හදුනා ගෙන තිබුණි. ඔහු පැවසුවේ ය, “එ්ක හිසකෙස් වගේ සිහින් ඒවගේම සර්ප විෂෙහි ගිල්වලා. එය චූදු වල නිෂ්පාදනයක් නෙමෙයි, ජුඒෂි හි නගර දහතුනෙහි යොංචුආන් වරායයෙන් ආනයනය කළ ලද විදේශීය ආයුධයක්. ඔහුගේ චින්ගොං කලාව හොඳයි, ඔහුගේ හුස්ම ගැනීමේ වෙිගය අඩාල කිරීමට ඔහුට ඇති හැකියාව සුවිශේෂී එකක්. ඔහු පුළුල් අසිපතක් රැගෙන නොගියත්, ඔහු අධිරාජ්‍ය ආරක්‍ෂකයන්ගෙන් කෙනෙක් විය හැකියි.

 ඔහු පරිස්සමෙන් වානේ ඉඳිකටු ඔහුගේම උණ බටයට දමා නැවත වහලයට නැග්ගේය.

 අධිරාජ්‍ය ආරක්ෂක නිලධාරීන් පිරිසක් නිලයෙන් ඉවත් කරලා තියෙන්නේ. හතරවන ශ්‍රේණියේ සහ ඊට පහළ දක්ෂ පිරිමින් සිටින්නේ ස්වල්පයයි. ගූ ජින් පැවසුවේ ය, “මේ වෙලාවේ අපේ කුමාරයාගේ නිවසට පැමිණෙන්නේ කවුද?”

 "කියන්න අමාරුයි." දිං තාඕ ඔහුගේ පපුව අතගෑවේ වෙව්ලමිනි. "ඔහු මගේ පොතට පිහියෙන් ඇන්නා."

 ගු ජින් ඔහුගේ මත්පැන් පානය කළේය, ඔහු සිතුවිලි සමඟ අතරමං විය.

 දිං තාඕ දෙපයින් වාඩි වී නිහඩ ස්වරයෙන් කියන්නට විය, “මේ පොත මගේ ළඟ අවුරුදු ගාණක් තිබුණා. ඊටත් වඩා, එ්ක පරම්පරාගත කුමරුගේ සහකාරියගෙන් ලැබුණු ත්‍යාගයක්. මම ඔය බයංෂා භටයෝ එක්ක ගහගන්න ගියාම මට කවදාවත් පිහියෙන් ඇනලා තිබ්බෙ නෑ. ඒක හරිම ළඟින් ගියා. එ්ක ඇත්තෙන්ම ළඟින් ගියා. මෙතන තවම බොහෝ දේවල් ලියලා තියෙනවි. ඔබ දන්නව ද? මගේ පියාගේම පොතක් සොරකම් කළ කවුරුහරි ඔහුගේ ගෙල කපාගෙන මියගිහින් තිබුණා. අහෝ! මගේ දෙවියනේ. එහි තිබුණ සේරම දේවල් පෞද්ගලික කරුණු. එදා ඉඳන් මම මැරෙනකම්ම ඒපොත පස්සෙන් පන්නගෙන ගියා. ජින්-ග, මම ඔබට යන්නේ. කෙනෙක් අනිවාර්යයෙන් දිනපොතක් තියාගන්න ඕනේ, මොකද වයසට ගියාම අපිට සේරම අමතක වෙනවා. ඔබ වගේ අයට. ඔබ දවස පුරා මත්පැන් පානය කරන තරමට වයස අවුරුදු හතළිහට කලින්, ඔබ කොපමණ මුදලක් මෙුවට වැයවුනාද කියලා අමතක වෙලා යයි. ඇයි ඔබ මට නොකියන්නේ, මම එය ලියලා ඔබ වෙනුවෙන් එය මතක තබා ගන්නම්..."

 ගු ජින් තම සවනට කපු පුළුන් දමා භාවනා කිරීමට පටන් ගත්තේය.

 ඊළඟ දවසේ, ශෙන් ස'චුආන්  මුලින්ම අවදි විය.

 ඔහු නිදාගන්නට ලැබුණේ නැත. ෂ්‍යාඕ චීයේ ඔහුට පිටුපසින් වැඩි ඉඩක් අත්කරගනිද්දි, ඔවුන් දෙදෙනාම රාත්‍රියේ පොරවනය එහාට මෙහාටත් අදිමින් කල් ගත් කළෝ ය. ඊට අමතරව, ශෙන් ස'චුඇන්ට ඔහු අසල එවැනි පුද්ගලයෙකු සිටින විට නිදා ගැනීමට නොහැකි විය.

 ෂ්‍යාඕ චීයේ කොට්ටය බදාගෙන තද නින්දක ඇලී සිටියේ ය.

 ශෙන් ස'චුආන්  ඔහු අවදි වන තෙක් බලා සිටියේය. නමුත් ඔහු ඒ වෙනුවට වෙනත් දෙයක් බලාපොරොත්තුවෙන් සිටියේය.

ඒ දැඩි සෘජු කොටස ඔහුගේ තට්ටම් නිස තදවී තිබුණි. ඒවා පිරුණු හැඩැති ජවයක් සහිත විය.

ඇඳ මත උෂ්ණත්වය ඉහළ ගියේය. ෂ්‍යාඕ චීයේ අවධි වූයේ උණුසුම නිසාද, තද ගතිය නිසාද කියා ඔහු දැන නොසිටියේ ය. කෙසේ වෙතත්, ඔහු ගොරෝසු කටහඬකින් කෑගසමින් නැගිට, එක් චලනයකින් අසුන ගත්තේ ය.

ෂ්‍යාඕ චීයේ කොට්ටය පසෙකට විසි කළේය. ඔහු ශෙන් ස'චුආන්  දෙස බැලූ අතර ෆශන් ස'චුඇන් ද ඔහු දෙස බලා සිටින බව දුටුවේය. ඔහු තමාගේම හිසකෙස් අල්ලාගෙන ඔහුව පොරවනයෙන් ආවරණය කරන්නට අත දිගු කළේ ඔහුගෙු බැල්ම අවහිර කරන්නටය. ඉන්පසු ඔහු සනයයෙන් බැස පාවහන් පවා නොගෙන කෙලින්ම පොකුණ දෙසට පියමැන්නේ ය.

 චෙන් යැං ක්‍රියාකාරකම්වල හඬට සවන් දෙමින් එළිමහනේ බලා සිටි අතර ඔහු දුටුවේ ශෙන් ස'චුආන්  පිටතට පැමිණ ඇත. දෙදෙනාම මුහුණට මුහුණ ලා සිටි නිසා ඔහු කුමක් කිව යුතු දැයි දැන සිටියේ නැත. නමුත් ශෙන් ස'චුආන්  ස්වභාවිකවම ස්නාන කාමරයට ඇඟිල්ල දිගු කර ඉවතට ගියේය.

 ෂ්‍යාඕ චීයේ මතුවන විට, ඔහු ඒ වන විටත් පැහැදිලි මනසකින් සිටියේය. ඔහු තම උදෑසන ආහාරයෙන් ස්වල්පයක් අනුභව කර ඊයේ රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා ගැන චෙන් යැං ඔහුට පැවසන විට සවන් දුන්නේය.

 "අධිරාජ්‍ය ආරක්ෂකයින්?" ෂ්‍යාඕ චීයේ මොහොතක් කල්පනා කළේ ය, “ඔහු මා වෙනුවෙන් ආවා වෙන්න බැහැ. ඔහු ශෙන් ලන්චෞගැන විමසිල්ලෙන් ඉන්න මෙහි එවපු කෙනෙක් වෙන්න පුළුවන්."

 "එහෙනම්, ඔහු අධිරාජිනියගේ සේවකයෙක් වෙන්න පුළුවන්." චෙන් යැං පැවසුවේ ය. “නමුත් මිනිස් බලය දැන් හිඟයි. අධිරාජ්‍ය ආරක්ෂක භටයන් තුළ තවමත් ඒතරම් දක්ෂ මිනිසුන් ඉන්නේ කොහොමද?”

 "රාජකීය ආරක්ෂකයන් හරියට ගැඹුරට ජලය විහිදෙන විලක් වගේ.." ෂ්‍යාඕ චීයේ නැගී සිටියේය. "මම උදෑසන උසාවියට ​​යනවා. මම ආපහු ආවම අපි ආපහු කතා කරමු."

          

උසාවි සැසිවාරය අවසානයේදී, ලී ජ්‍යැංහෙන්, සිය අත උණුසුම් කරගනිමින්, මිංලී ශාලාවේ වාඩි වී විවිධ නිලධාරීන් දෙපැත්තට බෙදී යන අයුරු බලා සිටියේය. ඔහු තැතිගැන්මෙන් ඇසුවේ ය, "... ඉතින් තීන්දුව සම්මත වුනාද?"

 ෂුඒ ෂ්‍යුජුඕ දණ ගසා මෙසේ පැවසීය, අධිරාජ්‍යයාණන්ට පිළිතුරු දෙනවා, ජි ලෙයි නැන්ලින් දඩයම් පිටියේදී කුමන්ත්‍රණය කිරීමේ ඔහුගේ අභිප්‍රාය පිළිබඳව සම්පූර්ණ පාපොච්චාරණයක් කරලා තිබෙනවා. ඔහුට එරෙහි සාක්ෂි මේ වන විට අවසන්. පාපොච්චාරණය නිවැරදි කිරීම සඳහා අධිකරණ සමාලෝචන අධිකරණය ඊයේ රාත්‍රිය පුරා ම වෙහෙස වෙලා ක්‍රියා කළා, එය මහ ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි විසින් අධිරාජ්‍යයාණන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. හුආ කණ්ඩායමේ නඩුවට පෙර සහ පසු මාස ​​භාගය තුළ, අධිකරණ කාර්යාල තුන නැවත නැවතත් ඒකාබද්ධ නඩු විභාග කළා. ජි ලෙයිගේ නායකත්වයෙන් යුතු අධිරාජ්‍ය ආරක්ෂක සේනාංකයේ උප අණදෙන නිලධාරීන් දෙදෙනා සහ සහකාර අණ දෙන නිලධාරීන් සිව්දෙනාම හිස ගසා මරා දැමීම වහාම ක්‍රියාත්මක කිරීමට නියම කරනවා, ඒවගේම විනිසුරුවරයාත්  සහ නන්ලින් දඩයම් පිටියේ සිටින බලඇණි අණ දෙන නිලධාරීන් සියල්ලෝමත් මරණ දඬුවමට නියම කර තිබෙනවා"

 "දඬුවම සම්මත කර ඇති තාක් කල්, සියල්ලම හොඳයි." ලී ජ්‍යැංහෙන් පැවසීය. “ලේකම් කාර්යාලයේ වැඩිහිටියාණෙනි ඔබ ඇත්තටම මහන්සි වෙලා වැඩ කළා. දිගු වේලාවක් සිටගෙන සිටීම නුසුදුසු යි. පුරුෂයෙනි, ඔහුට අසුනක් ගෙන එන්න."

 හායි ලියැංයී හිඳගත් පසු, ලී ජ්‍යැංහෙන් තවදුරටත් කියා සිටියේ ය, “ කුමන්ත්‍රණය කිරීම නිසා නපුංසකයන් සහ අධිරාජ්‍ය ආරක්ෂකයින් සමඟ හවුල් වීම ගැන හුආ වංශයට ඇත්තෙන්ම පිළිකුලක් ගෙනෙන දෙයක්! පෑන් රූගඅය්, උත්සව අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස, බලයට සහ ධනයට කෑදර පුද්ගලයෙක් වුනා. ඔහු එයින් මිදිලා ඔබ්බට දුෂ්ට විදිහට ක්‍රියා කළා. ඳඬුවම් ක්‍රියාත්මක වන තෙක් මේ පුද්ගලයා අත්අඩංගුවේ තබා ගන්න එපා; ඔහු වහාම හිස ගසා දමා මරා දමන්න! ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා මට කලින් කියපු වචන මට නිදි නැති රැයක් ගාණෙම වද දුන්නා. දිගු කලක් ඒ ගැන සිතීමෙන් පස්සේ, මම මෙතැන් සිට රාජ්‍යයේ අභිවෘද්ධිය සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන්නත් තීරණය කළා."

 හායි ලියැංයී වහා නැඟිට නැවතත් වැඳ වැටුණේ ය.

 ලී ජ්‍යැංහෙන් ඉක්මනින් තම දෑත් ඔසවා, “ඉඳගන්න, ලේකම් කාර්යාලයේ වැඩිහිටියාණෙනි, කරුණාකර අසුන් ගන්න. දැන් මට ලේකම් කාර්යාල වැඩිහිටියාගේ උපදෙස් අවශ්‍ය බොහෝ කරුණු තියෙනවා. ඉදිරියෙදි හැමෝම එකා වගේ මට උදවු කරයි කියලා මම හිතනවා. ඔබට යමක් පැවසීමට ඇත්නම්, ඔබට මෙහි නිර්භීතව ඔබේ අදහස පැවසිය හැකියි."

 ෂුඒ ෂ්‍යුජූඕ පුදුමයෙන් හිස ඔසවා බැලූ නමුත් ඔහුගේ ප්‍රකාශය මධ්‍යස්ථ විය. ඔහු තම වමේ සහ දකුණේ විවිධ නිලධාරීන් සමඟ එක්ව දණින් වැටී එම තීරණය අගය කළේය.

 ලී ජ්‍යැංහෙන් උද්‍යෝගිමත් ලෙස සියලු දෙනාටම නැගිටින ලෙස අතින් සංඥා කළේය. මඳ වෙලාවකින් ඔවුන් පිටත්ව ගිය පසු හායි ලියැංයී ට පමණක් ආහාර සංග්‍රහයකට එකතු කර ගත්තේ ය.

 ෂ්‍යාඕ චීයේ පිටතට පැමිණියේ ෂුඒ ෂ්‍යුජුඕ සමඟය.

 ෂුඒ ෂ්‍යුජුඕ පැවසුවේ, “ ඔබතුමා උතුමාණන්ට කීවේ මොනවද කියලා මම පුදුම වෙනවා. අධිරාජ්‍යයා නුවණැත්තන්ට එබඳු ගෞරවයක් දැක්වීමට කැමැත්තෙන් ඉන්නවා කියන එකත් පුදුමයක්."

 අධිරාජ්‍යයාණන් තරුණයි වගේම ශක්තිමත්. මේක ඔහුට තම ශක්තිය පෙන්වන්න හොඳ වෙලාවක්. මම මොකුත් නොකිව්වත් ඔහු තමන්ගේ කැමැත්තෙන් තමයි මේක කරන්නේ.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “අධිකරණ සමාලෝචන අධිකරණය මේ දිනවල කාර්යබහුලයි. ගෞරවණීය යැංචින්ට එ්ක දුෂ්කරයි නේද.''

 ඕනෙම කෙනෙක් තමන්ගේ තනතුරට අදාළ සියලු කාරණා සම්බන්ධයෙන් ස්වභාවිකවම සැලකිලිමත් වෙනවා. එ්ක මගේ යුතුකම." ෂුඒ ෂ්‍යුජුඕ කතා කරන විට, ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා සිනහවක් පා මෙසේය පැවසීය, “මේ දවස් වල ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවි ​ෆෙං කන්දට යන බව මට ආරංචි වුණා. ඇත්තටම එහි විනෝදජනක දෙයක් තියෙනවද? ”

 ෂ්‍යාඕ චීයේ ද සිනාසෙමින් පිළිතුරු දුන්නේය, “ෆෙං කන්දේ පළමු හිම පතනය ඇත්තටම අසමසමයි, මෑතදී මුවන් කිහිප දෙනෙකුත් දැකගත හැකි වුනා. මම විනෝදයට වට කිහිපයක් දඩයම් කරන්න සිතුවා. ඔබ නිදහස් නම්, ඔබ ගොස් බලන්න කැමතිද? ”

 ෂුඒ ෂ්‍යුජුඕ ඔහුගේ දෑතින් පවන් සලාගත්තේ ය “මම දුර්වල උගතෙක් විතරයි. දඩයම් කිරීම ගැන මම මොනවද දන්නේ? ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ගේ චිත්ත ධෛර්යය අඩු කරන්න මට අවශ්‍ය නැහැ. ”

 මාලිගාවේ දොරටුව අසලින් දෙදෙනාම වෙන් විය. ෂ්‍යාඕ චීයේ ඔහු ඈතට බැස යන අයුරු බලා සිටියදී, ඔහුගේ පෙර වූ සිනහව වියැකී ගියේය.

 චෙන් යැං අශ්ව කරත්තය අසල බලා සිටියේය. ඔහු වෙනුවෙන් තිරය එසවීමට පෙර ෂ්‍යාඕ චීයේ පැමිණෙන තෙක් බලා සිටි අතර ඒ සමඟම පැවසුවේ, "ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි, ගෞරවනීය ෂීෆු  දැනටමත් චූදු වෙත පිටත්ව ඇවිත්."

 ෂ්‍යාඕ චීයේ හිස සැලුවේ ය.

 චෙන් යැං මොහොතකට පසුබට වී, පසුව දිගටම පවසන්නට විය, "අධිකරණ සමාලෝචන උසාවියේ අපේ වලිගය ජි ලෙයි මිය ගොස් ඇති බවට නැවත ආරංචියක් පැතිරිලා තියෙනවා."

 ෂ්‍යාඕ චීයේ ඇසුවේ ය "ඔහු මියගිහින් තියෙන්නේ කොහොමද ?"

 චෙන් යැං තම හඩ පහත් කර සවනතට කොදුරන්නට අත එසැවීය, “ඔහු මනුෂ්‍යයෙක් ලෙසවත් හෝ අවතාරයක් ලෙසවත් නොපෙනෙන තුරු හම ගසලා දමලා. ඔහු ඊයේ රාත්‍රියේ මිය යන්නට ආසන්නව සිටියා, නමුත් ෂුඒ ෂ්‍යුජුඕ ඔහුගේ පාපොච්චාරණය උතුමාණන්ට ඉදිරිපත් කරන තෙක් ඔහුගේ අවසන් හුස්මෙහි එල්ලා තබන්න වෑයම් කළා. ඊට පස්සේ තමයි ඔහුට අවසන් හුස්ම හෙළන්න ඉඩ දුන්නේ.”

 ෂ්‍යාඕ චීයේ නිශ්ශබ්දව අසුන් ගත්තේ ය.

චෙන් යැං පැවසුවේ, “ජි ලෙයි වසර පහකට කලින් අධිරාජ්‍ය බන්ධනාගාරයේදී ශෙන් ස'චුඇන්ගෙන් ගෙන් ප්‍රශ්න කළා, ‘ බූරුවෙකු පුළුස්සලා’ ප්‍රසිද්ධියේ ඔහුව අවමන් කරවගත්ත ෆෙං චුආන් ලවාම. දැන්, ශෙන් ස'චුආන්  ජී ලෙයි බවට පත්වෙලා ... මේ පුද්ගලයාගේ පළිගැනීමේ ස්වභාවය පැහැදිලියි. ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි, ඔහු සහ අප අතරත් වෛරයක් තියෙනවා. ඔහුට දැන් අප සමඟ සිටීමට ඉඩ දීම භයානක යි. ”

 ෂ්‍යාඕ චීයේ තම මහපටැගිලි මුද්ද කරකවමින් සිටියද පිළිතුරු දුන්නේ නැත.

අරුත් පැහැදිලි කිරීම

ගිනි අවි / තුවක්කු  - Blunderbuss - අතේ ගෙනයා හැකි ඉදිරිපසින් විවරයක් ඇති මඳක් ව්ශාල අවි වර්ගයකි.

 

 

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-