ලී ජ්‍යැංහෙන් අසල වූ භාණ්ඩ බිම දමා සුනුවිසුණු කිරීමෙන් පසු , ඔහු සිය මුහුණ වසාගෙන හඩන්නට ගත්තේ ය.
ෂ්‍යාඕ චීයේ කැඩී බිඳී ගිය කොටස් මඟහැර ගොස් දණින් වැටී ආචාර කළේ ය. ලී ජ්‍යැංහෙන් ගේ මනෝභාවය ටික වේලාවකට පසු සන්සුන් වූ විට, ඔහු පවසන්නට විය. "නැගිටින්න! මෙහෙම දණ ගහන්න ඕනේ නෑ. ඔබ සහ මම මිතුරන්. මෙහෙම කරන එකෙන් වෙන්නේ අපිව විරසක වීමක් විතරයි.”
ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෙපයින් නැඟිට, "ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා ස්වභාවයෙන්ම සෘජුයි සහ අවංක යි."
දිගු වේලාවක් මුහුණ වසාගත් නිසා ලී ජ්‍යැංහෙන් සිටියේ පහත් මානසිකත්වයෙනි. ඔහු පැවසුවේ ය, “... ඔවුන් සෑම දින දෙකකට හෝ තුනකට වරක් මෙහි පැමිණෙන්නේ ගිණුම් පියවන්නයි, ඒ සියල්ලටම මා අවසර දීලා තියෙනවා. මුදල් වතුර වගේ ගලාගෙන යනකොටත් මම වචනයක්වත් කිව්වේ නෑ. මම මේ දවස් ටිකේම සභාවේ හිටියා මට කෑම අරුචිය නැති වෙන තරමට. ඒක මට හොඳ කාලයක් නෙමෙයි. හුආ සීචියන් මියගිහින්, ජී ලෙයි ට මරණ දඩුවම දෙන්න ඔන්න මෙන්න කියලා මට දැන් හුස්මක් ගන්න දවස් කිහිපයක්වත් ඉල්ලන්න බැරිද? ස'අන්, ඔබට මෙහි වාඩි වී සිටින මා ගැන ඔවුන් කොතරම් අසතුටුදායකද කියලා අදහසක් නැහැ. මේ ලෝකයේ වෙනත් තේරීමක් තිබුණා නම් ඔවුන්ට මාව කිසිදිනක අවශ්‍ය නොවේවි."
මේ අවස්ථාවේදී ඔහුට නැවතත් දුකක් ඇතිවුණි.
“නමුත් මම කවදාවත් අධිරාජ්‍යයා වෙන්න හිතුවද? ඒ අය තමයි මාව ඒ තැනට පත් වෙන්න තල්ලු කළේ. දැන් මට අවවාද කරන්නෙත් ඒ අයමයි! ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ වාරණය සෑම දිනකම මා දෙස බලා සිටිනවා. මම පරිසරය අගය කිරීමට එළිමහනට ගියත්, ඔවුන්ගේ විචක්ෂණ ක්‍රම ගැන මට නින්දා කිරීමට ඔවුන්ට තවමත් සිහිවටන ඉදිරිපත් කිරීමට සිදු වෙලා! නපුංසකයෙක් මැරුවට කමක් නෑ, ඒත් ඇයි හායි රෙන්ෂි, ඔහුට බැරි මට නිසි ගෞරවය දීලා මට මූණ දෙන්න. අඩුම තරමින්, මම දෂෞ හි අධිරාජයා නේ!
ලී ජ්‍යැංහෙන් වැඩි වැඩියෙන් කතා කරන තරමට ඔහු කෝපයට පත් විය. නමුත් ඔහුට කඩා දැමිය හැකි වෙනත් කිසිවක් මේසය මත නොතිබූ අතර, ඔහු කෝපයෙන් තම කලවයට පහර දුන්නේය.
“ඔහු මූ රුව නිග්‍රහ කාන්තාවක් බවට පත් කළා, නමුත් ඔවුන් වංශවත් අය නෙමෙයි! ඉස්සර අපි දොංලොං වීදියේ මත්පැන් පානය කරද්දි වස්ත්‍ර උනා දමලා අපතයෝ වගේ ගෞරවාන්විත බව පෙන්නුවේ නැත්තේ කවුද?! මු රූ මුලින් මා තෝරා ගත්තේ පිරිසිදු පසුබිමක් ඇති වංශයක නිසයි. ඒ ෂ්‍යාඕෆුසී කියන බල්ලා නොහිටින්න ඇයි පෑන් රූගුයි අතට හසුවෙන්නේ නැහැ? මගේ හදවත ගොඩක් රිදෙනවා, බිඳි යන තරමට! ”
ලී ජ්‍යැංහෙන් ඔහුගේ දුක්ගැනවිලි සියල්ල හෙළි නොකළ නිසා ෂ්‍යාඕ චීයේ හුදෙක් සවන් දී කිසිවක් කීවේ නැත. ලී ජ්‍යැංහෙන් ඔහුගේ විනාර කතාබස් නතර කරන විට ඔහුගේ කෝපය බොහෝ දුරට පහව ගොස් තිබුණි.
“ඔවුන් මට සැබෑ ලෙසම අධිරාජ්‍යයා ලෙස සලකනවා නම් සහ මට ගරු කරනවා නම්, මම මගේ අධ්‍යයනයේදී උනන්දුවෙන් කටයුතු කරන්න පුළුවන්. මගේ අධිරාජ්‍ය වැඩිමහල් සහෝදරයා මේ විශාල අධිරාජ්‍යය මට භාර දුන්නා. මටත් සශ්‍රීක යුගයක පරමාධිපත්‍ය දරන්න අවශ්‍යයි.” ලී ජ්‍යැංහෙන් පැවසුවේ කෝපයෙනි. "... හායි රෙන්ෂි මම ගැන වැඩිය හිතන්නේ නෑ."
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “එය සලකා බලද්දී. මහලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා උතුමාණන් ගැන හුගක් බලාපොරොත්තු තබාගෙන සිටින නිසා තමයි ඔබතුමාට මේ තරම් දරුණු ලෙස අවවාද කරන්න හිතුවේ. උතුමාණන් ඔහු කෙරෙහි අමනාපයක් ඇති කර ගන්න එපා. මහ ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි එම 'නොපැහැදිලි යුආන්ජෞ මාණික්‍ය', යාඕ වෙන්යූ සම්බන්ධවක් මේ කමේම දැඩි බව ඔබ මතක තබාගන්න ඕනේ.”
ඒ පිළිබඳ සැක සහිත ලෙසින් පසුවෙමින් ලී ජ්‍යැංහෙන් ඇසුවේ ය "ඇත්තද?"
ෂ්‍යාඕ චීයේ පැවසුවේ, " එහෙම නෙවෙයි නම් , ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා ෂුඅංලූව මරා දමන්නේ ඇයි?"
ලී ජ්‍යැංහෙන් මොහොතක් ඒ ගැන කල්පනා කර, පසුව පැවසුවේ ය, "... ඒක ඇත්ත."
හායි ලියැංයී ඔහු ගැන එතරම් නොසිතුවේ නම්, ඔහු සෑම කාරණයක් ගැනම ඔහුගේ අදහස් විමසන්නේ ඇයි?
ලී ජ්‍යැංහෙන් තමා සිහසුනට පත් වූ දිනය සිහිපත් කළේය. අධිරාජිනිය ඔහුට කෙටි ආහාර එවා ඇති බව හායි ලියැංයී දැනගත් පසු, ඔහුගේ සියලු හැඳි සහ ආහාර කූරු රිදී බවට පත් කරන ලෙස ඔහු ඔහුට පෞද්ගලිකව උපදෙස් දුන්නේය.
හායි ලියැංයී නම්‍යශීලී මිනිසෙක් වන අතර ඔහු කතාවෙන් සහ විලාසයෙන් බැරෑරුම් ලෙස හැසිරුණි. නමුත් ඔහු හුආ සීචියන් ට වඩා වෙනස් විය. ඔහුට මෙහෙකරුවන් නැත, ශිෂ්‍යයෙක් පමණි - යාඕ වෙන්යු. හායි ලියැංයී හට සැක උපදවා ගැනීම වළක්වා ගැනීමට අවශ්‍ය වූ බැවින්, යාඕ වෙන්යූ කෙතරම් දක්ෂ වුවද නිලධාරියෙකු වීමට තවමත් රජයට ඇතුළු වී නොතිබුණි. හායි ලියැංයී කිසි විටෙක මහා ලේකම් කාර්යාලයේ කිසිදු මැර කණ්ඩායමකට සම්බන්ධ වී නොතිබූ අතර, නන්ලින් දඩයම් පිටියේදී ෂියන්දේ අධිරාජ්‍යයා බේරා ගැනීමට ඔහු සතු සියල්ල පරදුවට තැබූ එකම තැනැත්තාද ඔහු විය.
ඔහු පොත්වල සඳහන් හුදකලා අමාත්‍යවරයා විය - දැඩි ප්‍රපාතයක් වැනි දුෂ්කර, සහ උස් අතු ඇති ගසක් මෙන් ස්ථිරය. අවංකය.
ලී ජ්‍යැංහෙන් ඒ ගැන නැවත කල්පනා කරද්දී, ෂ්‍යාඕ චීයේ ද ඒ ගැන සිතමින් සිටියේය.
ලී ජ්‍යැංහෙන් පැවසූ එක් දෙයක් පැහැදිලිය, එනම්, මේ ලෝකයේ වෙනත් තේරීමක් තිබුනා නම්, අද මකර සිංහාසනයට පත්වන්නේ ඔහු නොවේ. නමුත් ෂියන්දේ අධිරාජ්‍යයාට පවා ඒ ගැන කිසිවක් කළ නොහැකි විය, මන්ද ඔවුන්ට මේ ලෝකයේ සිටි එකම අපේක්ෂකයා ලී ජ්‍යැංහෙන් නිසාය.
ඔවුන් ඔහුට තම සහය ලබා දී ඇති නිසා, ඔහුට ඉගැන්වීමට හා මඟ පෙන්වීමට ඔවුන්ට සිදු විය. දජෞ යනු වර්තමානයේ දුෂ්කරතාවලින් පෙළෙන රටකි. චූදු හි කරදර රැල්ල සන්සුන් වී ඇති බවක් පෙනෙන්නට තිබුණත්, ඇත්ත වශයෙන්ම, කුණාටුව ඒ වන විටත් නැවත කැළඹීමට පටන් ගෙන තිබුණි.
හායි ලියැංයී ප්‍රමුඛව සිටින අතිශයින් විශ්වාසවන්ත ඇමතිවරු සියල්ලෝම දැන් ලී ජ්‍යැංහෙන් දෙස බලා සිටියහ. ඔවුන්ගේ ඇස් හමුවේ, ඔහු බලාපොරොත්තු රහිත නඩුවක් විය හැක, නමුත් හායි ලියැංයී ඔහුගේ දෑතම ඔසවා ලී ජ්‍යැංහෙන්ට ඔහුගේ ඔහුගේ අාබාධිත පිටුපසට උදව් කරන්නට, ඔහුට එල්ලී සිටින්නට, නව පිටුවක් පෙරළීමට උපකාර කළේ ය. ඉතිහාසයේ ඔහුගේ හොඳ නම ඉතිරි කිරීමට හැකි අධිරාජ්‍යයෙක් ඔහු නිර්මාණය කරමින් සිටියේ ය.
ෂ්‍යාඕ චීයේ සහ සිවිල් නිලධාරීන් කිසිවිටෙක එකිනෙකා සමඟ සම්බන්ධ වී නොතිබුණි, මන්ද චූදු හි මධ්‍යම පරිපාලනය දේශසීමාවේ හමුදා බලයට බිය වූ බැවිනි. මෙම මිනිසුන් ඔහු කොටු වී සිටි අදෘශ්‍යමාන කූඩුවට හේතුව පමණක් නොව, ඔවුන් තවමත් ඉදිරියට යා හැකි දජෞ හි නොසැලෙන අභිමානයත් අවංකභාවයත් ඇති මිනිසුන් ද විය.
හමුදාපතිවරුන් මරණයට බිය නොවීය, මන්ද ඔවුන්ට එසේ වීමට නොහැකි වූ නිසා ය.
සිවිල් නිලධාරීන් මරණයට බිය වූයේ නැත, මන්ද ඔවුන් හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ නිසාය.
ලී ජ්‍යැංහෙන් හුරතල් වීමට පුරුදුව සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ එකල සමකාලීන අසාර්ථකත්වයන් හෙළා දැකිය හැකි හායි ලියැංයී වැනි ගුරුවරයෙකු ය.
“සියල්ල සලකා බලනකොට , මූ ආර්යාවට තත්ත්‍වයක් නැහැ. අධිරාජ්‍යයාණන්ගේ හිත සැබැවින් ම පිහිටනවා නම් ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා දිගු වේලාවක් හදවතින් කතා නොකරන්නේ ඇයි? දජෞ වලට අධිරාජ්‍ය උරුමක්කාරයින්ගේ අඛණ්ඩ පෙළගැස්මක් අවශ්‍ය වන කාලය පැමිණිලා අවසන්. උතුමාණන්ට අවංකව හා පැහැදිලි ව ඔහු සමඟ කතා කළ හැකි තාක් කල්, ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා අනිවාර්යයෙන්ම ඔබේ සොඳුරියට අත නොතබාවි. " අවසාන වශයෙන්, ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "ජී ලෙයි සහ පෑන් රූගුයි සම්බන්ධයෙන්, අධිකරණ සමාලෝචන අධිකරණය ඔවුන්ට තවමත් දඬුවම් ලබා දී නැති බව මට ආරංචි විය?"
මේ මොහොතේ, ලී ජ්‍යැංහෙන් හායි ලියැංයී සමඟ යහපත් වූ සියල්ල පිළිබඳ සිතුවිලි වල නිරත විය. එබැවින් ඔහු නොසැලකිලිමත් ලෙස හිස වනමින් පිළිතුරු දුන්නේ, “ගිණුම් සමාන නැහැ. ඔවුන්ට නැවත විභාග කරන්න අවශ්‍යයි..."
◈ ◈ ◈
නැගෙනහිර මුතු ඇටය හිස් විය. ශෙන් ස'චුආන් සිහින් රෙදි පටියක් එයින් ඉවතට ගත් විට, ඒ වන විටත් එහි අකුරු පෙඟි යාම නිසා මැකී තිබුණි. ඔහු රෙදි පටිය ගිනිබත් කළේය.
ඊයේ රාත්‍රියේ ෂ්‍යාඕ චීයේ ගේ සෑම ක්‍රියාවක්ම ඔහුගේ ඇස් ඉදිරිපිටම සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය විය. සමහර විට ඒ පුද්ගලයා නැගෙනහිර මුතු ඇටය ස්පර්ශ කරන්නට ඇත, නමුත් එහි ලියා ඇති දේ ඔහුට දැකීමට නොහැකි විය. එසේ වුවද, එයින් ෂ්‍යාඕ චීයේ ගේ සැකය මතු වන්නට ඇත. ශෙන් ස'චුආන් ෆෙං කන්දේදී එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ වැරදියට. ෂ්‍යාඕ චීයේ ඔහුට අධිරාජ්‍ය හමුදා ගිණුම්වල මූලාශ්‍රය පවා පවසා තිබුණේ ඔහු ඔහුට අවංකව සත්‍යය පවසන තෙක් බලා සිටි නිසාය. එහෙත් ඔහු එය ස්ථිරවම ප්‍රතික්ෂේප කළේය.
ශෙන් ස'චුආන් ඖෂධ එක් වරම පානය කළේ ය. තිත්ත රසය ඔහුගේ මුව පුරා පැතිර ගියේය. ඔහු සෑම දිනකම රාත්‍රියේ නැවත පැමිණෙන වේදනාව මෙන් කටුක තිත්ත බව ඉවසා සිටියේය. ඉන්පසු සමච්චල් සිනහවක් සමඟ ඔහු නැවතත් නින්දට ගියේ ය.
ඔහු නැවතත් සිහින දුටුවේ ය.
සිහිනයේ තවමත් සීතල සුළඟ චාෂි සොරොව්ව ගිලා බසිමින් තිබුණේ ය. ඔහු තවදුරටත් පතුලේ වැතිර සිටියේ නැත, නමුත් කුහුඹුවන් මෙන් දිවි ගලවා ගැනීමට පොරබදමින් සිටි සොල්දාදුවන් හතළිස් දහසකට අධික පිරිසක් එහි වැතිරී සිටියේ ය.
බ්‍යැන්ෂා අශ්වාරෝහක කණ්ඩායම අඳුරු රාත්‍රියේ කාල වඩදිය ගලා යන්නාක් මෙන් සොරොවිව වට කළහ. ඔවුන් අහස සහ පොළොව අතුගා දැමූ අතර, ෂොංබෞ සටන් භටයින්ගේ සියලු අවස්ථාවන් ගිල දැමූ අතර, මෙම ස්ථානය ඝාතකාගාරයක් බවට පත් කළහ.
දිරා ගිය අස්ථිමය රැළි අතරින් අතක් දිගු විය. ජි මු තම ඊතලයෙන් වැසුණු උඩුකය රූකඩයක් මෙන් දිගු කර හඬා වැලපෙමින් ඔහු ශෙන් ස'චුආන් දෙස බලා “ ග' ට හුඟක් රිදෙනවා...” යැයි කෑගැසුවේය.
එය හරියට ශෙන් ස'චුආන් මැටියෙන් හෝ ලීයෙන් කැටයම් කළ ප්‍රතිමාවක් මෙනි. ඔහුට සෙලවීමටවත් කෑගැසීමටවත් නොහැකි විය. ඔහුගේ හුස්ම ගැනීම වේගවත් වූ අතර ඔහු දැඩි ලෙස දත්මිටි කද්දී සීතල දහඩියෙන් තෙත් විය.
බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවේ නායකයා හිස්වැස්මක් පැළඳ සිටියේය. සුළඟට ගසාගෙන යන ඒ කෙස් රොද ඒ වන විටත් ශෙන් ස'චුආන් ගේ බියකරු සිහිනය තුළ තද රතු පාට සෙවනක් බවට පත් වී තිබුණි. ඔහු තම අත ඔසවා ගිලා බැසීමේ කුහරය දෙසට සැහැල්ලුවෙන් පෙන්වූ අතර ඔහුට පිටුපසින් තිබූ ඊතල සියල්ලම පළඟැටියන් රංචුවක් මෙන් එකින් එක වැටෙන්නට විය. ඒවා ඝන පොකුරු වශයෙන් මිනිසුන්ගේ සිරුරුවලට වැදී, මාංශයන් සිදුරු කරමින්, උණුසුම් රුධිරය පුරා විසිරී ගියහ.
අහස පුරා තිබූ හිමද රතු පාට විය. ඇලෙන සුළු රතු රැල්ලකින් ගිලී යාමට පෙර ජි මු රුධිරයෙන් නැහැවී මඩට වැටෙන අයුරු ශෙන් ස'චුආන් බලා සිටියේය.
ඔහුගේ දෑත් සීතල විය. එහි රුධිරය ද සීතල විය.
ශෙන් ස'චුආන් අවදි විය.
ඔහු කිසිවක් සිදු නොවූවාක් මෙන් ජනේලය අසල ආලෝකයට පිටුපසින් වාඩි විය. ඔහු හිස පහත් කර මොහොතක් නිශ්ශබ්දව සිට සයනයෙන් සිය වස්ත්‍ර මාරු කරගත්තේ ය.
පිටත සැඟවී සිටි ආරක්ෂකයින් ස්නානයට යාමට පෙර ශෙන් ස'චුආන් ඔහුගේ ආහාර ගන්නට ඔහුගේ කාමරයෙන් එළියට එන අයුරු බලා සිටියහ.
පැයකට පසු, ස්නානය කරන කුටියෙන් කිසි දිනෙක දෑස් ඉවතට නොගත් ආරක්ෂකයා ඔහු අසල සිටි පුද්ගලයාගෙන් ඇසුවේය. "ඇයි ඔහු තාම එලියට ආවේ නැත්තේ?"
මිනිසුන් දෙදෙනෙකු බැල්ම හුවමාරු කර ගත් අතර එකවරම සැකසහිත යමක් දැනුණි. මුරකරුවන් ස්නාන කුටියට කඩා වැදුණු විට ඔවුන් දුටුවේ පිළිවෙලට ගොඩ ගසා ඇති ඇඳුම් පමණි. ශෙන් ස'චුආන් ඊට බොහෝ කලකට පෙර පිටව ගොස් තිබුණි.
ෂී හොංෂුආන් අන් අයට තේ පානය කිරීමට ආරාධනා කිරීම සඳහා බූ'අර් ශාලාව වෙන් කරවා ගෙන තිබුණි. ස්වභාවධර්මයේ ඇමතුමට පිළිතුරු දීමට අවශ්‍ය වන තෙක් ඔහු වාඩි වී සිටි නිසා ඔහු වැසිකිළියට යාමට පිටව යන්නට සිදු විය. ඔහු යන්තම් දොරෙන් එළියට බැස පටු මඟේ පියවර කිහිපයක්වත් යාමට පෙර කවුරුන් හෝ පිටුපසින් ඔහුට තට්ටු කළේ ය.
ෂී හොංෂුආන් ආපසු හැරී පියවර කිහිපයක් පසුපසට ගියේය. ඉන් පසු ඔහු පවසන්නට විය, "කොහොමද ඔබ... ඇයි ඔබ නිතරම සෙවනැල්ලක් වගේ පැමිණෙන්නේ?!"
"පසුගිය කාලයේ බොහෝ දේ සිදුවෙමින් පවතීයි." ශෙන් ස'චුආන් සීතල තේපැන් වත් කළේය. "ජී ලෙයි සහ පෑන් රූගුයි ට තවමත් අධිකරණ සමාලෝචන අධිකරණයේ තුන්වන නඩු විභාගයේදී දඩුවම් නොලැබීමට හේතුව, හායි ලියැංයී සහ ෂුඒ ෂ්‍යුජුඕ තවමත් ඔබලට අවශ්‍ය දේවල් එම මිනිසුන් දෙදෙනාගේ මුවින් උදුරා ගැනීමට නොහැකි වුන නිසා නේද , මම හරිද?"
ෂී හොංෂුආන් වටපිට බැලූ අතර, පසුව රහසින් පැවසුවේ, “ඔබට ජී ලෙයි ව මරා දැමීමට අවශ්‍යයි තමයි, නමුත් මේ නඩුවේ හැමදෙනාගෙම ඇස්වලින් ඔබට කුමක් කළ හැකිද? හුආ පාර්ශවයේ නඩුව ප්‍රවේශය ඉතා පුලුල්ව පැතිරී තිබෙනවා, එ් දෙදෙනා නිසා බියෙන් සිටින බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් හදිසියේ සහ පැහැදිලි කළ නොහැකි මරණයකින් මිය යාම වැළැක්වීමට හායි ලියැංයි මිනිසුන්ට පැවසුවා ආරක්‍ෂාවේදී දැඩි පූර්වාරක්ෂා පියවර ගන්න කියලා. ඔබට පහර දීමට නොහැකි වේවි."
"මම යන්නේ නැහැ." ශෙන් ස'චුආන් ෂී හොංෂුආන් වෙත උපහාසාත්මක ලෙස සිනාසුණේය. "ඒත් මට ජි ලෙයිට කතා කරන්න ක්‍රමයක් තියෙනවා."
ෂී හොංෂුආන් ඔහු දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. ඉන්පසු, ඔහු ඔහුට තේ වත් කිරීම සඳහා පුද්ගලිකවම තේ පෝච්චිය එසැවූයේ ය, “... මොන වගේ ක්‍රමයක් ද?”
ශෙන් ස'චුආන් තේ පානය කළේ ය, “මට ජි ලෙයි ව බලන්න දෙන්න”
◈ ◈ ◈
ජි ලෙයි දින ගණනාවක් තිස්සේ වධ හිංසාවලට ලක්ව ඇති අතර, මේ වන විට ඔහු සිරගෙදර වැතිර සිටින විට විලංගු දමා, කඩා හැලුණු හිසකෙස් සහ නග්න පාද සහිතව තිසියේ ය.වධකාගාරයේ දොර විවර කිරිමට කිසිවෙනු ඇවිද එන හඬත්, ඔහුව එළියට ඇදගෙන යාමට පෙර ඔහුගේ හිස වසාගෙන ගෙනෙනවාත් ඔහුට ඇසුනේ ය.
ජි ලෙයි අශ්ව කරත්තයකින් ඉහළට තල්ලු කරන ලදී. ටික වෙලාවකින් ඔහුව ඇදගෙන විත් පොළව මතට දැමුවේ ය. බිතු කොනෙන් වතුර බිංදු ගලා යන ශබ්දය හැර අනෙක් සියල්ගම නිහඬ වී තිබුණි.
ජි ලෙයි බිම සිට බඩගාගෙන කළු රෙදි උරයකින් හිස වසාගෙන, “කවුද ඔතන ඉන්නේ?” යැයි විමසන්නට විය.
ජල බිඳුවක් "ප්ලොප්" හඬින් විසිරී ගියේ ය. කිසිවෙක් ප්‍රතිචාර දැක්වූයේ නැත.
ජි ලෙයිට ඔහුගේ පිට සීතලක් දැනුනි. තම දෑතින්ම බදාගත් ඔහු, “... ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි?” යැයි පවසන්නට වූයේ නීරික්ෂණය කරන්නට උත්සහ කරමිනි.
නමුත් තවමත් කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත.
ජි ලෙයිගේ උගුරෙහි අස්ථිය ඉහල පහලගියේ ය. ඔහු දණින් ඉදිරියට ගොස් ලී පොලුවල හැපිණි. ඔහු දඟලමින්, ස්ථාවර වී, කෑගැසුවේ ය, “ඔබ ලේකම් කාර්යාලයේ වැඩිමහලු හායි නොවේ නම්, ඔබ ෂුඒ ෂ්‍යුජුඕ! ඔබ කොහොමද අද මට වධ දෙන්න හදන්නේ? එය ගෙන එන්න!"
"… යමක් පවසන්න. ඇයි ඔබ මොකුත් කියන්නේ නැත්තේ?!"
"ඔබ කව්ද? ඇත්තටම ඔබ කවුද? ඔබට මොනවද කරන්න ඕන... ඔබ හිතනවද ඔබ කතා කළේ නැත්නම් මම බය වෙයි කියලා? මම බය නෑ... මම බය නෑ!"
ජි ලෙයි රෙදි උරය ගලවා දැමීමට ඔහුගේ දෑත් ඔසවා හිස පහතට නැමීය. ඔහු දෑස් චලනය කළ අතර ශෙන් ස'චුආන් තමා ඉදිරිපිට පුටුවක වාඩි වී සිටිනු දුටුවේය.
ශෙන් ස'චුආන් සම්පූර්ණයෙන් නිල් සුදු ඇඳුමින් සැරසී සිටි අතර, එක් අතක් පුටුවේ අත් කණුව මත තබාගෙන, ජි ලෙයි දෙස ප්‍රකාශයකින් තොරව හිස ඔසවා බලා සිටියේය.
ජි ලෙයි ගේ උගුරෙන් සිනහවක් පිට විය. ඔහු හිර කපොලු අල්ලාගෙන ඔහුගේ මුහුණ ඒවාට තද කර ගත්තේ ය, පහත් සහ ගැඹුරු හඬින් ඔහු පැවසුවේ, “අනේ, ඒ ඔබ තමයි... ෂොංබෞ වල අයාලේ යන සුනකයා. නපුරු මෘගයාට ඔබේ ෂිෂුගෙන් අවශ්‍ය වන්නේ කුමක්ද? ජි ගැන්ගෙන් පලිගන්න ද?, නැතිනම් ඔබෙන්ම පලිගන්න ද?"
ශෙන් ස'චුආන් කිසිවක් කීවේ නැත. ඔහුගේ ඒ මෘදු සන්සුන්, ඇස්වලින් සිනහව අතුරුදහන් වූයේ බර හා අඳුරු බැල්මක් පමණක් ඉතිරි කරමිනි.
ජි ලෙයිට ඒවා තුළ වෛරයක් සොයා ගැනීමටවත් නොහැකි විය. ඒ එහි වාඩි වී සිටින හාංශය හා රුධිරය ඇති මිනිසෙක් නොව ඒ වන විටත් මිනිස් මාංශ අනුභව කිරීමට පටන් ගෙන ඇති කුසගින්නෙන් පෙළෙන අයාලේ යන සුනකයෙක් ලෙස ඔහුට හැඟුණි.
ජි ලෙයි ඔහුගේ දෑස් පහත් කර ද්වේෂ සහගතව පැවසුවේ ය, “ජි වංශයෙන් පැවත එන්නන් කවුරුවත් නැහැ, ජි ගැන්ගේ රුධිර වංශය කපා දැමූ තැනැත්තා ඔබයි. ඉතින් ඔබ මා දෙස බලන්නේ මොකටද? ශෙන් ස'චුඇන්, ජි මූව මැරුවේ ඔබේ ශෙන් වංශයයි, හුආ පිංතිං ව පන්නා දැමුවේත් කළේත් ඔබේ ෂෙන් වංශයයි. මෙතරම් කාලයක් ජීවත් වෙලා ඔබ ඔබට මුහුණ දෙන්නේ කොහොමද? අසාධාරණ ලෙස මිය ගිය ආත්ම දස දහස් ගණනකට හේතුවුන ඔබ තමයි යක්ෂයා. ඔබ ශෙන් වෙයිගේ රුධිරයෙන් පැවතෙන්නෙක්. ඔබව කෑලි කෑලි වලට කපන්න වටිනවා..."
ජි ලෙයි මෘදු ලෙස සිනාසෙන්නට විය. ඔහු ගේ සිහිය අහිමි වී ඇති බවක් පෙනෙන්නට තිබුණි.
“ඔබ හිතන්නේ මම ඔබට බය වෙයි කියලාද? කාටවත් ඕන නැති අපතයා. ෂ්‍යාඕ එර් ව අනුගමනය කරන්න තමන්ගේ වස්ත්‍ර පවා උණා දමනවා ඇති නේද? හාහා!”
ශෙන් ස'චුආන් ද සිනාසුණේය.
ජි ලෙයිගේ හිනාව ටිකෙන් ටික අඩු වී ගියේ ය. ඔහු සීතලෙන් පැවසුවේ, “ඒක විහිළුවක්ද? අද මගේ දුක්ඛිත තත්වය අනාගතයේදී ඔබටත් කරදරයක් වේවි. "
ශෙන් ස'චුආන් තම පාදය බිම තබා පුටුවට හේත්තු වූයේ ඔහු ඒ ගැන කල්පනා කරමින් සිටින්නාක් මෙනි. ඔහු පැවසුවේ ය. “අනේ මට හරියට බය හිතුනා. ” කියලා.
ඔහුගේ මුවෙන් පිටවූ වදන් වල උපහාසය පිරී තිබුණි.
"යක්ෂයා, අවජාතකයා, අයාලේ යන සුනකයා, නපුරු මෘගයා." ශෙන් ස'චුආන් සිය දෙපයින් නැගිට අසල වූ සිර කපොලු තුලින් පිටත බලා සිටියේ ය. ඔහු ජි ලෙයිට සිනාසෙන්නට පටන් ගත් අතර, උමතු වූ නමුත් සංයමයකින් යුත් ස්වරයකින් පවසන්නට විය , “ඔබ හරි, මම ඒ ඕනැම කෙනෙක් වෙන්න පුළුවන්. මම චාෂි සොරොව්වෙන් ගොඩ ආ යක්ෂයා, ඔහු ගිනි තබාගෙන මිය ගිය පසු ඉතිරි වූ අවජාතකයා , ආපසු යන්න නිවසක් නැතිව අයාලේ ගිය සුනකයෙක් සහ දහස් ගණකින් නින්දා ලද නපුරු මෘගයෙක්. ශිෂූ, ඔබ මාව මේතරම් හොඳට දන්න එක ගැන මම ගොඩක් සතුටු වෙනවා."
ජි ලෙයි පාලනය කර ගත නොහැකි ලෙස වෙව්ලන්නට විය.
ශෙන් ස'චුආන් ඔහු දෙස විමසිල්ලෙන් බැලුවේය. ඔහුගේ බැල්ම එදා තිබූ ආකාරයට වඩා නපුරු හා ද්වේෂ සහගත විය. මෙ අලංකාර මාංශය යට දැනටමත් ඒ පුද්ගලයා මිය ගොස් සිටි අතර, ඉතිරි වූයේ නම් නොකළ මෘගයෙකු පමණි.
"අවුරුදු පහකට කලින්," ශෙන් ස'චුආන් හිරකපොලු වලට ළං වූ අතර ජි ලෙයි ගේ බියකරු මුහුණ පරීක්ෂා කළේය. ඔහු මෘදු ලෙස පැවසුවේ ය “මෙහි දණින් වැටී සිටියේ මමයි. ඔබ මාව ෂාඕ සූයි පන්සලට යැවූ දිනයේ ඔබ මට කීවේ කුමක්ද?
ජි ලෙයි ගේ උගුර සහ දෑස් නොසන්සුන් විය. ඔහුට පිළිතුරු දීමට අවශ්‍ය වූ නමුත් ඔහුට එය කීමට නොහැකි විය.
"මම හැමෝගෙම කරුණාව කෘතවේදීව සිහිපත් කරනවා." ශෙන් ස'චුආන් සන්සුන් ව පැවසීය. "සෑම දිනකම. සෑම රාත්‍රියකම"
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
අම්මෝ... චීයේ ලන්ජෞ .. වහා ගිනි ඇවිලෙන සුළුයි..🤣😍
ReplyDeleteඔව් ඇ! පරිස්සම් වෙන්ඩෝනෙ
Delete