ලී ජ්යංහෙන් සිහිනයක් දුටුවේය.
ඔහු සිහිනයෙන් දුටුවේ වැසි සහිත නැන්ලින් දඩබිමේ දසුනකි, එහි වූ අතු ඔහුගේ මුහුණට පහර දුන්නේ ඔහු සිය හිස ආවරණය කරගනිමින් ඒවා මඟහරිද්දී ය.
ඔහු පැදවූ අශ්වයා වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. බියපත් ලී ජ්යංහෙන් ට අවශ්‍ය වූයේ අශ්ව තෝන් ලණුව අල්වාගන්නටයි , නමුත් ෂ්‍යාඕ චීයේ ක්ෂණිකව හැරී ඔහුව අශ්වයාගෙන් ඉවතට දමන්නට ඔහුගේ කරපටියෙන් අල්ලා ගත්තේ ය.
“ස’අන් , මාව බේරගන්න!” ලී ජ්යංහෙන් බිම පතිතවීමෙන් පසු දණගසමින් අයැදීය. “ස’අන්, ස’අන්! අපි සහෝදරයෝ! මාව මෙතන දාලා යන්න එපා!”
විදුලි කෙටීම් සහ ගුගුරන හඬවල් මධ්‍යයේ ෂ්‍යාඕ චීයේ ගේ හැගීම දරුණු ලෙස පෙනුනේ ය. ඔහු ලී ජ්යංහෙන් දෙසට හැරිණි “ඔහුව මෙතැනින් ඉවතට ගෙනියලා වීසි කරල දමන්න.!”
ලී ජ්යංහෙන් කඳුළු වැකි මුහුණෙන් යුතුව චෙංයැන් ඔහු දෙසට සමීප වන ආකාරය බලා සිටියේ ය, ඔහුට බියට පත්වීම වළකාගත නොහැකි විය. ඔහු සිය දෑත් විහිදමින් මොරදුන්නේ ය , “මම … මමයි අධිරාජ්‍යයා! ඔබ කොහොමද මට මේ විදිහට සළකන්නේ?”
ලී ජ්යංහෙන් ගේ පිට යමක වැදුනේ ය. පිටුපස හැරුණු ඔහුට දකින්නට ලැබුනේ ෂියන්දේ අධිරාජ්‍යයා ඔහුව නවතාලමින් ඔහුගේ හස්තයේ මැණික් කටුවෙන් ග්‍රහණය කරගෙන සිටින අයුරුයි. ඔහු වහා පවසන්නට විය. “රාජකීය සහෝදරයා , රාජකීය සහෝදරයා , මාව බේරගන්න!”
අධිරාජ්‍යයා සිය ග්‍රහණය දැඩි කළේය, ඔහුගේ ඇඟිලි ලී ජ්යන්හෙං ගේ මාංශය සිදුරු කළේ ය. ඔහු කාශයත් සමඟ රුධිරය පිට කරමින් පැවසුවේ ය , “අද ඔබව බේරගන්න පුද්ගලයට හෙට ඔබව මරාදමන්න පුළුවන්! ඔබට වැටහෙනවද?”
ලී ජ්යංහෙන් වේදනාකාරි ලෙස අරගලකළේ ය. නමුත් ඔහු කෙතරම් උත්සහ කළද ඔහුට සිය අත මුදා ගැනීමට නොහැකි විය. ඉහතින් ඇද හැලුනු වර්ෂාව හදිසියේම ඇලෙනසුළු බවක් ගත්තේ ය. ලී ජ්යංහෙන් එය ස්පර්ශකළේ ය. ඔහුගේ අත්ල රුධිරයෙන් වැසී ගියේ ය. ඔහු ඉහළ බලද්දී , අදුරු අවකාශයෙන් පුද්ගලයෙකුගේ හිසක් “තඩ්” හඩින් ඔහු මතට පතිත විය.
සැණෙකින් ශක්තිය ලැබුවාක් මෙන් , ලී ජ්යංහෙන් ෂියන්දේ අධිරාජ්‍යයාගේ ග්රහණයෙන් නිදහස් වීම සදහා පා පහරක් එල්ල කළේ ය. හුස්ම හිරවීමක් සහිතව , ඔහු මඩ සහිත බිමේ පෙරැලෙමින්කෑගසා මොරදීමට පෙර සිය එහාපස වූ මිනිස් හිසට පා පහරක් ගසා අවදිවූයේ අදුරු සෙවණැලි ඔහු වටා වෙලාගනිද්දී ය, “මමයි අධිරාජ්‍යයා. මම—ස්වර්ගයේ පුත්‍රයා මමයි! කාටද මාව මරන්න ඕනේ? කාටද?!”
“උතුමාණෙනි.” ලිසිවෙක් ඔහුට මෘදු ලෙස ආමන්ත්‍රණය කළේ ය “උතුමාණෙනි.”
ලී ජ්යංහෙන් එක්වරම සිය දෑස් විවර කළේ ය.ඔහු රත්රන් වහළය දෙස බලා සිටියේ වියවුල් මනසකිනි. ඔහු මිමිණීය, “කාටද මාව මරා දමන්න ඕනේ… කාටද මාව මරා දමන්න ඕනේ…”
වැන්දඹු අධිරාජිණිය ලී ජ්යංහෙන් වෙනුවෙන් අත් ලේන්සුවකින් දහදිය පිස දමා ඉදිරියට නැමී පැවසුවා ය, “ජ්යංහෙන් , රාජකීය මෑණියන් මෙතැන ඉන්නවා!”
ජ්යැන්හෙං!
දුක්ඛ දෝමනස්සයන් ලී ජ්යන්හෙං ව අභිබවා ගියේ ය. ඔහුගේ මව බොහෝ කළකට පෙරම මියගියා ය, ගුආංචෙන් අධිරාජ්‍යයා කිසිවිටක ඔහු දෙස බැල්මක් හෙලා නොතිබුණි. ඔහු ඒ වසර කිහිපය මුළුල්ලේම කායික සැපසම්පත් ලැබුවේ ය, කිසිවෙකුත් මීට පෙර ඔහුව ජ්යන්හෙං ලෙස ආමන්ත්‍රණය කර නොතිබුණි.
“රාජකීය මෑණියනි…” ලී ජ්යන්හෙං සිරකරගත් ඉකියක් සමඟ හඩා වැටෙන්නට පටන් ගත්තේ ය. “මෑණියනි!”
වැන්දඹු අධිරාජිණිය සිය හිස ඉවතට හරවා ගත්තේ ඈ සිය කඳුළු පිසමනවාක් මෙන් ය , , “ඔබ මුළු රාත්‍රිය පුරාම සිහිසුන්ව සිටියා. මම ඇත්තටම බිය වුණා. ඔබට කොහේහරි වේදනාවක් දැනෙනවනම්, ඔබ මට පවසන්න ඕනේ.”
වැන්දඹු අධිරාජිණිය දෙස බැලූ ලී ජ්යැංහෙන් දුටූවේ ඈ පෙර රාත්‍රියේ පැළද සිටි උත්සව ඇදුම් ආයිත්තම් තවමත් වතලාගෙන සිටින බවයි. සමහරවිට ඇය මුළු රාත්‍රිය පුරාම බලා හිදින්නටද ඇත.ලී ජ්යැංහෙන් වහා නැගිටින්නට උත්සහ දැරූ අතර අධිරාජිණියගේ අළු පැහැ පැසුණු හිසකෙස් ඔහු දුටුවේ ය. ඇගේ දෙඇස් මදක් රත් පැහැ වී තිබුණු අතර ම ඇයව පෙනුනේ වෙහෙසට පත්ව ඇති ලෙසය.
ලී ජ්යැංහෙන් ට ඔහුගේ අභ්‍යන්තරයෙන් උණුසුම් බවක් දැනුනේ ය. ඔහු සිය දෑස් පිසදාගෙන ,වැන්දඹු අධිරාජිණියගේ හස්තය බදාගනිමින් පවසන්නට විය, “මට කණගාටුයි මෑණියන් ට කරදර කරන්න වෘම ගැන. මම හොඳින්.”
හායි ලියැංයී පිටත දණ ගසා සිටියේ ය, ඔහුද මුළු රාත්‍රිය පුරාම බලා හිඳ තිබුණි.
ඇතුළතින් කතා කරන ශබ්දයක් ඇසෙන විට ලී ජ්යැංහෙන් දැනටමත් අවදි වී ඇති බව දැනගත් ඔහුට සහනයක් දැනීම වළක්වා ගත නොහැකි විය.
මඳ වේලාවකට පසු, මාළිගයේ සේවිකාවන් ආලෝකයන් මාරු කිරීම සඳහා පැමිණි අතර ලී ජ්යැංහෙන් ට ස්නානය කිරීම සඳහා සහාය වීමටද ඔවුන් රැදී සිටියෝ ය. වැන්දඹු අධිරාජිණිය පෞද්ගලිකවම ඖෂධීය බඳුන ගෙන එය ඈම ගෙන රස පරික්ෂා කළේ ලී ජ්යැංහෙන් ට ලබා දෙන්නට පෙරය.
ලී ජ්යැංහෙන් ඖෂධ පානය කර අවසන් කළේ ය. එනමුත් ඔහු තුලින් සුවදායක බවක් නොපෙනුණි, නමුත් ඔහුගේ මුහුණ පෙර රාත්‍රියට වඩා බෙහෙවින් යහපත් විය. ඔහු තම පාවහන් පැළඳ පිටතට ගිය අතර එහිදී ඔහු දුටුවේ තවමත් දණ ගසා සිටින හායි ලියැංයී ව ය. දැඩි මනෝභාවයකින් සිටි ඔහු හායි ලියැංයී ට උදව් කරන්න ඉදිරියට ගියේ ය, “ලේකම් කාර්යාලයේ වැඩියිටියාණෙනි, මම හොඳින් ඉන්නවා!”
හායි ලියැංයී ට නැගී සිටින්නට නොහැකි විය ලී ජ්යැංහෙන් ට ඔහු තමා වෙනුවෙන් ම පමණක් ඇතුළත දණ ගසා හිදිද්දී අනෙකුත් නිළදාරීන් පිටත දණගසා සිටීම පිළිබඳ ව එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. කොං ච්‍යු , සෙන් යූ , ෆූ ලින්යේ මුළු රාත්‍රිය පුරාම ඒ පිළිබඳ විමර්ශනය කර ඇත.
“ඔබට හොයාගන්න ලැබුණේ මොනවද?” ලී ජ්යැංහෙන් නොඉවසිලිමත් ලෙස විමසුවේ ය., “අමාත්‍ය කොං, මට ඉක්මනින් පවසන්න.”
කොං ච්‍යු දණගසා පවසන්නට වූයේ ය, “ අධිකරණ අමාත්‍යය මුළු රාත්‍රිය පුරාවටම මේ පිළිබඳ විමර්ශනය කළා. අපේ විමර්ශනයෙන් හෙළි වුනා පහරදීම කළ නපුංසකයා ගුයිශෙං නම් අයෙක් වග. ඔහුව මෙහෙයවලා තිබෙන්නේ ෆූලින්, රාජකීය ආහාර සැපයුම් අංශයේ කාන්තාව, අමාත්‍යවරුන් සියය වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයෙදි දී ආහාරවල රස බලන්න කියා ඔහුට පවරලා."
“කාන්තා නිළදාරිණියක්?” ලී ජ්යැංහෙන් පුදුමයෙන් පුදුමයට පත් වූයේ ය. “ ඇයි මේ කාන්තා නිළදාරිණිය මට හානි කරන්න පෙළඹෙන්නේ?”
කොං ච්‍යු පිළිතුරු දුන්නේ ය, “හේතුව පැහැදිලි නැහැ.”
ලී ජ්යැංහෙන් කනස්සලු සහගතව පවසන්නට විය, “ ඔබ ඒ ගැන මුළු රාත්‍රියක් පුරාවටම සොයා බලලත් කිසිවක් දැනගත්තේ නැද්ද?”
කොං ච්‍යු අනෙක් පුද්ගලයන් දෙදෙනා හා බැල්මක් හුවමාරු කරගත්තේ ය. මොහොතක් නිහඬව පසුවූ ඔහු පවසන්නට විය, “අධිරාජ්‍යයාණන් ඒ පිළිබඳ ව දැනුවත් නැතිව ඇති, නමුත් නීතියේ දිගු හස්තයෙන් ගැලවෙන්න බැරි බව දන්නා ෆුලිං, නිශ්ශබ්දව ඉන්න දැනටමත් වස පානය කරලා . ඇය දැන් ඇගේ දඬුවම බලාපොරොත්තුවෙන් සිටිනවා. ”
සැනෙකින් අවබෝධය ලී ජ්යැංහෙන් කරා පැමිණියේ ය. ඔහු පැවසුවේ ය. “ඇය මාලිගාවේ නිලධාරිනියක්. ඇය එවැනි දෙයක් කරන්නේ ඇයි? දැඩි වධ හිංසා නිසා යමක් ලිස්සා යාවි ඇය යාවි කියලා ඇය බිය වෙන්න ඇති. ඒ නිසා ඇ වස පානය කරන්න ඇති! මේක පිටිපස්සේ මහමොළකරුවෙක් ඉන්න ඇති!”
කොං ච්‍යු නැවතත් පවසන්නට විය , “ අධිරාජ්‍යයාණන් ඇත්තටම ඥානවන්තයි. මගේ ප්‍රධාන නිරීක්ෂණ කාර්යාලයේ සඟයෝ දෙන්නා සහ මමත් සිතන්නේ එලෙසම තමයි. ඒ නිසා , අපිට මේ කාන්තාව ගැන ගැඹුරින් විමර්ශනය කරලා සොයාගෙන යද්දි ඇයට තවමත් වයසක මවක් සිටිනවා වගේම දොංලොං වීදියේ දුරස්ථ මංතීරුවක දිවි ගෙවන බවත් සොයාගන්න ලැබුණා. කොහොමවුනත් ඇගේ නිවස හුඟක් කුඩායි, එය මාළිගයේ කාන්තා නිළදාරිනියකට ඉන්න පුළුවන් තැනක් නෙවෙයි. මෙම නිහතමානී පුද්ගලයා දිගටම විමර්ශනය කරද්දී ඇත්ත වශයෙන්ම ඇය නිවස මිලදී ගතතේ නැති බව සොයා ගන්න ලැබුණා. ඒ වෙනුවට, ඇයට කුලී පදනම යටතේ එහි රැඳී ඉන්න ඉඩ දුන්නේ දොංලොං වීදියේ තැරැව්කරුවෙක් බවයි ආරංචිය."
ලී ජ්යැංහෙන් දොංලොං වීදියට හොඳින් හුරුපුරුදු අයෙකි, එමෙන්ම කොං ච්යුගේ වදන් ඔහුගේ සැකය වැඩි කළේ ය. ඔහු පවසන්නට විය, “එහෙනම් ඇයත් ඇගේ මවත් පමණයි නම් පවුලක් විදිහට ඉන්නේ, බොහෝ විට, නිවසක් සඳහා ඇපයක් ලෙස තැබිය හැකි වටිනා කිසිවක් ඇය සතුව තියෙන්න විදිහක් නැහැ."
කොං ච්‍යු පවසන්නට විය, “ඇත්තෙන්ම. මට මේ නඬුවේ සැක සහිත තැන් බොහොමයක් තිබෙන බව පෙනෙනවා. ඒ නිසා මම ඔහුගෙන් ප්‍රශ්න කරන්න තැරැව්කරු කැඳව්වා. තැරැව්කරු ඇයට නිවස ණයට ගන්න ඉඩ දුන්නේ අධිරාජ්‍ය හමුදාව නිසා බව දැනගන්න ලැබුණා."
ලී ජ්යැංහෙන් ගේ හදවත ගැහෙන්නට විය. “මේකට අධිරාජ්‍ය හමුදාව සමඟ ඇති සම්බන්ධය කුමක්ද?” යැයි අසන්නට පෙර ඔහු මඳ වෙලාවක් චකිතයෙන් යුතුව හිඳියේ ය.
කොං ච්‍යු පවසන්තට විය, “රාජකීය හමුදාවේ අධිකරණ කාර්යාලයේ හයවන ශ්‍රේණියේ විනිශ්චයකරුවෙක් වෙන යුආන් ල්‍යු තැරැව්කරුවට විශේෂයෙන් ම යමක් පවසා තිබෙනවා. යුආන් ල්‍යු සහ ෆුලිං විවාහ ගිවිසගෙන නැතත්, ඔවුන් අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව දිගු කාලයක ඉඳන් කටකතාවක් තියෙනවා."
ලී ජ්යැංහෙන් හදිසියේම නැඟිට, "ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවි ෂ්‍යාඕ මේ පිළිබඳ දන්නවාද?"
කොං ච්‍යු ෂ්‍යාඕ චීයේ සහ ලී ජ්යැංහෙන් අකර හොඳ සම්බන්තාවක් තිබූ බව දැන මිටියේ ය. මොහොතකට, ඔහු ෂ්‍යාඕ චීයේ ව ආරක්ෂා කරන්න ට අදහස් කරන්නේද නැතහොත් වෙනත් දෙයක් සැලසුම් කරන්නේද යන්න ඔහුට කිව නොහැකි විය, ඉතිං ඔහුට සිදු වූයේ සත්‍ය ලෙසම පිළිතුරු සැපයීම පමණකි, “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා පැවසුවා ඔහු මේ පිළිබඳ නොදන්නා බව.”
ලී ජ්යැංහෙන් සිටියේ එහි මුල්බැසගෙනය. ඔහු අවසානයේ කිසිවක් පවසන්නට පෙර ඔහුගේ ප්රකාශනය වෙනස්කම් කිහිපයකට භාජනය විය, “... අධිරාජ්‍ය හමුදාවේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔහු මේ ගැන නොදැන සිටීම සාධාරණ හේතුවක්. මේ කාරණය කිසිවෙකුටත් පවසන්න එපා. ඔබට දැනට පිටවෙන්න පුළුවන්. හැන් චෙං සහ ශෙන් ස'චුආන් දෙදෙවාව කැඳවන්න. මට ඔවුන්ට ත්‍යාගයන් ලබා දෙන්න අවශ්‍යයි!"
◈ ◈ ◈
දැඩි හිම මත සිටගෙන සිටි ෂ්‍යාඕ චීයේ, වධකාගාරයේ ද්වාරයට පා පහරක් දුන්නේ ය. බන්ධනාගාර ආරක්ෂකයාට ඒ වන විටත් ඔහුගේ පැමිණීම පිළිබඳ දැනුම් දී තිබුණු නිසා , ඔහු වේගයෙන් ඉදිරියට විත් ෂ්‍යාඕ චීයේ ව ඇතුළතට රුගෙන ගියේ ය.
ෆූලිං, තවමත් විසි තුන්වන හැවිරිදි වියේ පසු වුවා ය, ඇ ඇතුළට සිරකර තිබුණි. ඈට ලැබී තිබු දරුණු වධ හිංසා නිසා, ඈ එහි වූ පිදුරු මත නොසෙල්වී අසුන්ගෙන සිටියා ය. ඇගේ ගුලියක් ලෙස සැකසූ හිසකෙස් ද අවුල් වී ගොස් තිබුණි.
ෂ්‍යාඕ චීයේ සිරකුටියේ ද්වාරයෙන් ඇතුළට පැමිණියේ ය. චෙනං යැං ඔහු වෙනුවෙන් ඔහුගේ සළුවා ගලවා තට ගත්තේ ය. ඔහු කෙතරම් උස හා ආකර්ශනීය වූවා ද යත් ෆූලිං ඔහු දුටු මොහොතේම ඒ දසුනින් බියෙන් වෙව්ලන්නට වූවා ය.
නිසැකවම ෂ්‍යාඕ චීයේ ඉතා උජාරු ලෙස පෙනුණි. ඔහු සම්පූර්ණයෙන් ම අශිෂ්ඨ සහ රෞද්‍ර භාවයේ සම්මිශ්‍රණයක් සහිත පෙනුමකින් යුතු වූයේය. එහි ප්‍රතිපලයක් ලෙස, ඔහුට රෞද්‍ර තරුණ ස්වාමියෙකු හෝ අසුරයෙකු වූ හෛම අධිපතියෙකු (2) වීමටද හැකියාව ලැබෙනු ඇත. ඔහුට සිය වෙස්මුහුණු නිදහසේ වෙනස් කරන්න ට හැකිව තිබුණි , එක්වරක් වෙනස් කළ පසුව , ඔහුගේ දරාගැනීම ද අවස්ථාවට ගැලපෙන පරිදි වෙනස් කරගන්නට හැකි විය.
එමෙන්ම දැන්, ඔහු මේ ස්ථානය පසුකර යමින් සිටි ගෞරවාන්විත තරුණ ස්වාමියෙක් පමණක් විය.
ෂ්‍යාඕ චීයේ මුලින්ම සිර කූඩුව පිරික්සා බැලුවේ ය. ඔහු මදක් නැමී පරික්ෂා කරද්දි ඒ පෙර පරිදිම උස් වූ බිතු වලින් යුතු බව දකින්න ට ලැබුනේ ය. ඔහුට සිය උනන්දුව පහව යාම වළකාගත නොහැකි විය. සිය බැල්ම හකුලාගෙන , සෘජුව හිස පහතට හරවා දෙඇස් ද බිමට හරවා ගත් ෆූලින් දෙස බැලුවේ ය.
ෆූලාන් එහි වූ බිතු මතටම ඇලී සිටියේ , ඒ දෑස් වල වූ සහජ අවඥා සහගත භාවය දැනුනාක් මෙනි.
“රාජකීය ආහාර සැපයුම් අංශයේ කාන්තාව නිලදාරිණිය.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.
ෆුලිං ඇගේ හිස එසැවූයේ නැති අතර ඔහුගේ පාවහන් වෙතට සිය බැල්ම යොමු කරගෙන සිටියා ය.
චෙං යැං ෂ්‍යාඕ චීයේ ට අසුන්ගැනීම සඳහා අසුනක් ගෙන එන ලදී. ඔහු ඉදිරියට ගොස් දණහිසක් නමා ෆූලිං ගේ හිස දෙස බැලුවේ ය. “යුආන් ල්යුට බිරිඳක් වගේම බිසෝවරැ සිටිනවා , ඒත් ඔහු තවමත් ඔබ වෙනුවෙන් වාසස්ථානයක් පිළියෙල කරන්න ඔහුගේ රාජකාරි අවසරපත අත්හිටුවීමේ අවදානමක් අරගෙන තියෙනවා. ඔහු තම ජීවිතය අතහරින්න පවා පොළඹවන්න හැකි තරම් ඔබ කෙතරම් අලංකාරද? ඔබේ හිස ඔසවන්න. කෝ මට පෙන්වන්න."
ෆූලිං තමා කුළටම හැකීලි ගිය අතර කිසිවක් නොපැවසුවා ය.
ෂ්‍යාඕ චීයේ නැවතත් පිටුපසට ගොස් පවසන්නට විය. “ඔහුට ඔබේ පියණෙන් කරම් වත් වයස ඇති, නමුත් ඔබ තවමත් ඔහුට කැමතියි? කාන්තා නිලධාරිනියක වීම මාලිගාවේ සේවිකාවක් වෙනවට වඩා වෙනස්. ඔබ නිදහස් වුනහම, ඔබ අවම වශයෙන් නිසි පසුබිමකින් පැවත එන කෙනෙක් සමඟ විවාහ වෙන්න පුළුවන්. යුආන් ල්‍යු කියන්නේ හයවන ශ්‍රේණියේ නොවැදගත් නිලධාරියෙක් වගේම හමුදා මැරයෙක්. ඔහුට ධනවත්කමක්වත් හෝ බලපෑමක් නැහැ. ඔබ අන්ධද, එහෙම නැතිනම් ඔහුව උපායෙන් රවටාගෙන තෝරගන්න තරම් උමතු වුනා ද?”
බන්ධනාගාරය නිහඬතාවයක ගිලුණේ ය
“එහෙනම් අපි යුආන් ල්‍යු ගැන කතා නොකර ඉමු. ඔබ ගුයිශෙංව මිනීමරුවෙක් කරවන්න ඔබ යොදාගත්තේ මොනවගේ උපායක් වෙන්න පුළුවන් ද?ඔබට මුදල් ඇත්තෙත් නැහැ, ඒ නිසා පොළඹවපු පුද්ගලයා වෙන අයෙක් වෙන්න ඕනේ. ඔබ දැන් නිහඬව හිටියත්, දෛවය කළින් ම තීරණය කරපු "අන්යදෝෂධාරියෙක්" පමණයි. ඔබේ ස්වාමියා ඔබ කැමති හැම දෙයක්ම භාවිතා කරලා පස්සේ ඔබව විසි කරලා දමන්න තරම් දක්ෂ හසුරවන්නෙක්. ඔබ මියගියත් නැතත් ඒකට මා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒත් ඔබ මාව , ෂ්‍යාඕ ස'අන්ව මේකට පටලවපු නිසා, ඔබ හිතනවද ඔබට මේ තරම් පහසුවෙන් මියයන්න ලැබෙයි කියලා? ෂ්‍යාඕ චීයේ මුවගින් සිනහවක් පෑවේ ය. “ මම නම් එහෙම හිතන්නේ නැහැ, ආර්යාවනී.”
චෙන් යැං ආපසු අනෙක්පස හැරී අසල සිටි ආරක්ෂකයාට හිස වනා සංඥා කළේ ය. යුආන් ල්‍යු පැමිණෙන විට ඔහුගේ දම්වැල් හා විලංගු වල ඝෝෂාකාරී හඬ නැගුණි. ඔහු සම්පූර්ණයෙන් අපිරිසිදු වී සිටියේ ය.
යුආන් ල්‍යු පැකිලී විත් ෆූලිං අසලට වැටුණේ ය, “උඹ බැල්ලී! උඹ හිතන්නේ මාව මේ විදිහට පහතට ඇදලා දාන්න පුළුවන් කියලා ද!”
ෆූලිං වෙව්ලමින් එහි අනෙක් අන්තයට බඩගා ගියේ ය. යුආන් ල්‍යු ඇගේ වලළුකරෙන් අල්ලාගෙන අමිහිරි ලෙස පවසන්නට විය, “මම ඔබට කවුද? මම ඔබට හොඳින් සැළකුවා , ඔබ මට මෙහෙමද සළකන්නේ!”
ෆූලිං ගේ කඳුළු නොනැවතී ගලා ගිය අතර ඈ යුආන් ල්යුට පයින් ගසා ඝෝෂාකාරී කෑගැසීමක් පිටකළා ය.
යළි ඇයව ඇදගත් යුආන් ල්‍යු පවසන්නට විය, “ඔබේ වයසක මවඉදරුණු විදිහට අසනීප වුනාම, මම ඇයව මගේ පිටමත තබාගෙන වෛද්‍යවරයා ළඟට රැගෙන ගියා! මම ඔබට අවශ්‍ය හැමදේම දුන්නා. ඔබ මාව රැවැට්ටුවා විතරක් නෙමෙයි; ඔබට මගේ මුළු පවුලම ඔබත් සමඟ මියයනවා දකින්න අවශ්‍ය වුනා! ඔබ හරිම නින්දිත කාන්තාවක්!”
තමාව පාලනය කරගත නොහැකි වූ යුආන් ල්‍යු, චෙන් යැං ඔහුව ආපසු ඇදගත් විට විලංගු වල හඬ නැගුණි. , ඔහු දෑත් තවමත් දිගුකරගෙන සිටි අතර දරුණු ප්රකාශනකින් යුතුව පවසන්නට විය, “මම ඔබව අතහරින්නේ නැහැ!මම ඔබට කවදාවත් අතහරින්නේ නැහැ, මම අවතාරයක් වුනත්!"
ෂ්‍යාඕ චීයේ නැවත වරක් ඔහු වාඩි වී සිටි ස්ථානයේ සිට කුඩා ජනේලයෙන් බැලූ අතර පිටතින් කුන් (3) චතුරස්රක ප්‍රමාණයට අහස දකින්නට ලැබුණේ ය. අද හිම වර්ෂාව නොතිබුණි, අහසේ වූයේ සුදුමැලි වලාකුළු පමණක් විය. ඔහු ඉදිරියේ රඟදැක්වූ අමනාප නාටකය ගැන ඔහු උදාසීන බවක් පෑවේ ය.
යුආන් ල්‍යු බිම ඔහුගේ විලුඹ මත හිඳගත් අතර ඔහු සැනසීය නොහැකි විව. ඉන්පසු ඔහු ෂ්‍යාඕ චීයේ දෙසට බඩගාගෙන ගොස් ඔහු වෙත බැගෑපත් වෙමින් පවසන්නට විය, “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි, ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි! මේ එක පාරක් මට සමාව දෙන්න! මම ඔබෙන් අයදිනවා. මම තෘෂ්ණාවෙන් වසඟ වෙලා අන්ධ වී හිටියා! මම මේ වෙනුවෙන් ආපසු ගෙවීමක් විදිහට ඔබට ගවයෙකු හෝ අශ්වයෙකු මෙන් ඔබට සේවය කරන්න කැමතියි! ”
ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බැලුවේ ය, “ ඔබේ ජීවිතය රැදී තියෙන්නේ මගේ හස්තයේ නෙමෙයි. ඔබේ කනල්ලව්වෙන් මාව බේරලා ගිහින් ඇගෙන් ආයාචනා කරලා බලන්න. ඔබේ පවුලේ බාල මහලු සියලු දෙනා වෙනුවෙන් ඇය ඉදිරියේ දණ නමන්න. එය ඔබගේ භාර්යාවන්ට සහ පුතුන්ට පිටුපසින් අනියම් සම්බන්ධතාවයක පැටලිලා තාවකාලික සතුටක් සෙවීම වෙනුවෙන් ඔබ ගෙවිය යුතු ණය ආපසු ගෙවීමක් විදිහට ඒක සලකන්න. ”
යුආන් ල්‍යු නැවතත් ෆූලිං දෙසට හැරී දණික් වැටී අයදින්නට විය. "මට යන්න දෙන්න! ඔබට මට යන්න දෙන්න බැරිද? මේ කාරණය සම්බන්ධයෙන් මට කොහෙත්ම සම්බන්ධයක් නැහැ! මමභඔබෙන් අයදිනවා! මම ඔබෙන් අයදිනවා! මගේ සම්පූර්ණ පවුලෙම අටදෙනෙක් ඉන්නවා ---- මට ඒ හැමෝම මෙතැන මියයනවා දකින්න කිසිම වුවමනාවක් නැහැ!"
ෆූලිං ගේ දෑසින් කඳුළු ගලා ගියද ඈ ඔහු දෙස නොබැලුවා ය.
යුආන් ල්‍යු ගේ කඳුළු ගලා යන්නට විය. නියත වශයෙන්ම බිය ව සිටිඉඔහු සිය නළලතෙන් රුධිරය ගලායන තෙක් වැඳ වැටුණේ ය. ඔහු පවසන්නට විය,
“ෆුලිං... ස්වාමිපුරුෂයා සහ භාර්යාවකගේ එක් රාත්‍රියක් කෘතවේදීත්වයේ දින සියයක්වත් වටිනවා... අපි තවම විවාහ වෙලා නැතත්, පසුගිය වසරවල හැඟීම් තවමත් මෙතැන තියෙනවා! මම ඔබෙන් අයදිනවා, කරුණාකර මේක මා මත පටවන්න එපා! මම ඔබේ පුත්‍රයා, මගේ ඊළඟ ජීවිතයේ ඔබේ මුනුපුරා වුනත් වෙන්නම්! කරුණාකරලා මට යන්න දෙන්න! මට අවශ්‍ය වුණා ඒ පදිංචිය ඔබේ වයෝවෘද්ධ මවට දෙන්න ගෞරවයක් වශයෙන්. ඔබ කොහොමද..." ඔහු දැඩිව හඬා වැලපෙමින් සිටි අතර, ඔහු දිගටම කියාගෙන යන්නට වෙර දැරූ විට ඔහුගේ හුස්ම හිරවී ගියේය, "ඔබ ඒක අරගෙන, මගේ සම්පූර්ණ පවුලටම තර්ජනය කරන්නේ කොහොමද? ඔබට හදවතක් නැද්ද?"
ඇය යුආන් ල්යුටද පෙරළා දණ නමා වේදනාත්මක හැගීම් සමඟ ආචාර කළා ය.
ඇය පැහරදිලිවම "සමාවෙන්න" යන වචනය මුමුණද්දී ඇගේ දෙතොල් විවරව වැසී ගියේ ය.
යුආන් ල්‍යු සිය දණහිසින් ඉදිරියට ගොස් ෆූලිං ගේ දෑතින් අල්ලා ගත්තේ ය. ඔහු වේදනාවෙන් හඬා වැළපෙද්දී ඔහුට නළලත දිගේ රුධිරය ලගා යන්නට විය. “මට ඔබේ ආචාරයන් දණ නැමීම් අවශ්‍ය නැහැ! මට අවශ්‍ය ඔබ මෙය පැහැදිලි ව විස්තර කරන්නයි! මට මිය යන්න අවශ්‍ය නැහැ… ෆූලින්! මාව විනාශ කරන්න එපා…”
මෙය දුටු ෂ්‍යාඕ චීයේ අදහස් දක්වන්නට විය, “ ඝාතනයක් සැළසුම් කළ පලියට ඔබටබමරණ දඬුවම ලැබෙන්නේ නැහැ. එය හොඳයි ඔබට ඇත්තටම මිය යන්න අවශ්‍ය නම්. ඒත්බඔබේ එතරම් වයසට ගිය මවට එතරම් වධහිංසා තවමත් දරාගන්න වීම ඇත්තටම කණගාටුවට කරුණක්. ඔබ දන්නේ නැද්ද බන්ධනාගාරය මොන වගේ ස්ථානයක්ද කියලා? ඈ රාජකීය ආරක්ෂකයන් ගේ අතට පත්වුනොත් සම ගැලවී යන්න එහෙම නැත්තං උගුල්ලා දැමීම වෙනකල් ඕනැම දෙයක් සිදුවෙන්න පුළුවන්.”
ෆූලිං හඬමින් හිස එසැවූවා ය.
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ඔබේ ස්වාමියා ඔබට මෙය දැනුම් දුන්නේ නැත්ද? මම මේක ඉක්මනින් අවසන් නොවෙන්න වග බලා ගන්නම්. ප්‍රමාද වෙන එක දිනයක් පාසාම ඔබටත් ඔහුටත් ඔබේ මවටත් දඬුවම් විඳින්න සිදුවේවි. මම සෑහීමකට පත්වෙනකල් ඔබට දඬුවම් විඳ දරාගන්න පුළුවන්, ඊට පස්සේ අපිට එකිනෙකාගෙන් සමුගන්න පුළුවන්.”
ෆූලිං ඔහු දෙස බලා වෛරයෙන් යුතුව හඬන්නට වූවා ය.
ෂ්‍යාඕ චීයේ නිශ්චල ව ඈ දෙස බලා හිඳ පවසන්නට විය, “සුනකයෙක් ට පහර දෙන්න කලින් අයිතිකාරයා ගැන හොයලා කියලා බලන්න කියලා කියමනක් තියෙනවා නේද? දැන් ඔබ මාව සපා කෑවා, ෂ්‍යාඕ ස'අන් ව , එහෙනම් අපි හැමෝටම එක්ව දරාගන්න වෙනවා. ඔබේ සම පැලී තුරුත්, ඔබේ මස් ඉරී යන තුරුත්, ඔබට ජීවත් වීමට වඩා මරණය හොඳ බව හැඟෙන තුරුත් මම ඔබට කසයෙන් පහර දෙනවා. අපි බලමු කවුද මුලින්ම යටත් වෙන්නේ කියලා. චෙන් යැං, ඇගේ වයෝවෘද්ධ මව ව ඇදගෙන එන්න."
චෙන් යැං පිළිතුරු දී සිරගෙදර ද්වාරයෙන් පිටව ගියේය.
ෆුලිං හදිසියේ ම කෑ ගැසුවද ඒ වන විටත් ඇගේ උගුරට හානි වී තිබූ අතර එම කෑගැසීම බලාපොරොත්තු සුන්වීමේ අද්දර සිටින මෘගයෙකුගේ කෑගැසීමක් මෙන් විය. ඇය ෂ්‍යාඕ චීයේ දෙසට අදීසියේම පැන ආවා ය, ඈ ඇගේ ඇඟිලි අක්ෂර ඇඳ පෙන්වූවා ය.
ෂ්‍යාඕ චීයේ හේත්තු වී මද වේලාවක් බලා සිටියේය, “ඇයට කඩදාසියක් සහ බුරුසුවක් දෙන්න. මට අවශ්‍යයි මේක කළු සුදු අකුරින් ලියවෙනව දකින්න.”
◈ ◈ ◈
ඇගේ පාපොච්චාරණයට අත්සන් කිරීමට චෙන් යැං ෆුලිං ව රැගෙන ගිය අතර, සිර මැදිරියේ ඉතිරි වූයේ ෂ්‍යාඕ චීයේ සහ යුආන් පමණි. ෂ්‍යාඕ චීයේ පිටත්ව යාමට සූදානම් වන බව දුටු යුආන් ල්‍යු වහාම ෂ්‍යාඕ චීයේ ගේ සළුවේ කොනෙන් අල්ලා ගත්තේය.
"ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි!" යුආන් ල්‍යු පැවසුවේ, "දැන් හැමදේම අවසන්... ඒ කියන්නේ මට පුළුවන්ද..."
ඔහුගේ සළුව පැළඳගත් ෂ්‍යාඕ චීයේ හිස පිටුපසට හරවා අසන්නට විය, “ඔබ අධිකරණ කාර්යාලයේ විනිසුරුවරයෙක් විදිහට තනතුර භාරගත්තේ කවද ද?”
යුආන් ල්‍යු කලබලකාරී ලෙස තම ඇඟිලිවලින් සංඥා කරමින් පිළිතුරු දුන්නේ ය, " ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා පත් කරලා වසර තුනනට පස්සේ."
ෂ්‍යාඕ චීයේ පැවසීය , “ඉතිං , එහෙනම් ඔබ සිටියේ මා සමඟයි.”
යුආන් ල්‍යු ඔහුගේ හිස කලබලකාරි ලෙස වනමින් පවසන්නට විය, “ මම ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ගේ අයෙක්!”
මුළු රාත්‍රිය පුරාම අවදියෙන් සිටි ෂ්‍යාඕ චීයේ ට දැන් යම්කිසි නොරිස්සුම් සහගත බවක් දැනෙන්නට විය. ඔහු තම අසිපත් තලයෙන් යුආන් ල්යුගේ හස්තය ඉවත් කරන්නට විය. ඔහු පැවසුවේ, “දොංලොං වීදියේ මිනිස් තැරැව්කරුවන් ණයට විකුණන්න තරම් මගේ මිනිසුන්ට බලයක් නැහැ. අධිරාජ්‍ය හමුදාව විසින් අලුතින් මිලදී ගත් සියලුම වතු වාර්තා කළ යුතුව තිබුණා වුනත් ඔබ එහෙම කළේ නැහැ. මේ ඉඩමට අමතරව, ඔබට නගරයෙන් පිටත ගොවිබිම් පවා තියෙනවා. ඔබ හයවන ශ්‍රේණියේ විනිසුරුවරයෙකු විදිහට ඉතා හොඳින් ගැලපෙනවා ඇත්තටම ඔබට බඩ කට පුරවගන්න දෙන්නේ කවුද කියලා ඔබ දන්නේ නැද්ද?"
යුආන් ල්‍යු කඳුළු සලද්දී සොටු දියරද ගලා ගියේ ය. “මම රැවටුණා. මට ඒ දේවල් වලට ආශා නොකර ඉන්න තිබුණා! ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි , ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි! නමුත් මම අධිරාජ්‍ය හමුදාව පාවා දුන්නේ නැහැ...."
ෂ්‍යාඕ චීයේ දැනටමත් යන්තමින් රිදුමි දෙන ගෙල ඉවතට දිගු කළේ ය. ඔහු තවත් ඔහු දෙස බලන්න ට කරදර නොවුනි,
"ඔබේ පුතාගේ වයස කීයද?"
"හතරයි... අවුරුදු හතරයි."
“මම ඔබ වෙනුවෙන් ඔහුව බලා ගන්නම්.” ෂ්‍යාඕ චීයේ හැගීම් විරහිතව පැවසුවේ ය, “මේ නඩුව අවසාන වුනාට පස්සේ ඔබ තමන්වම අවසන් කරගන්න.”
සිර මැදිරියේ දිවාරය හඬ නගමින් වැසී යද්දි , යුආන් ල්‍යු අප්‍රාණික ව බිම මතට පතිතවිය.
ෂ්‍යාඕ චීයේ අඳුරු සහ තෙත් බන්ධනාගාර ශාලාවට පිවිසියේය. ඔහු පිටුපසින් විලාප නඟන හඬට සවන් දුන් ඔහුට චෙන් යැංගෙන් පාපොච්චාරණ ප්‍රකාශය ලැබුණි. ඔහු බන්ධනාගාර ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට පැමිණෙද්දී ම ගූ ජින් දිව ආවේ ය.
"තරුණ ස්වාමීනි." ගු ජින් පැවසුවේ ය, "ෆුලිංගේ මව මිය ගිහින්."
චෙන් යැං ඔහුගේ ඇහිබැමි එසැවූයේ ය. “වාසනාවකට අද උදේ ස්වාමියා මාලිගාවට ඇතුළු නොවුණේ. එහෙම නොවුනනම්, ෆුලිං සැකයකින් තොරව ම මිය යන්න තිබුණා, අපිට මේ පාපෝච්චාරණය ට අත තියන්න බැරි වෙන්න තිබුණා."
"කඩදාසි තොගයක්." ෂ්‍යාඕ චීයේ ආලෝකය යට පාපොච්චාරණ ප්‍රකාශය පෙරළා බැලුවේය. “ෆුලිං අනෙක් පුද්ගලයාගේ මුහුණවත් දුටුවේ නැහැ. මේකෙන් විතරක් අපිට කාවවත් කොටු කරන්න බෑ."
චෙන් යැං පැවසුවේ ය, “අඩුම තරමින් අධිරාජ්‍ය හමුදාව හරි බේරිලා ඉන්නවා. උතුමාණෙනි, ඔබ මාලිගාවට ගිහින් මේක අධිරාජ්‍යයා ට පෙන්වනවද?
ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බැලුවේ ය, “ඇයි අධිරාජ්‍ය හමුදාව බේරිලා ඉන්න ඕනේ?” ඔහු ඇසීය.
චෙන් යැං සහ ගු ජින් දෙදෙනාම නිරුත්තර විය.
ෂ්‍යාඕ චීයේ උපහාසාත්මක ලෙස පවසන්නට විය, “මම සිරගත කළ යක්ෂයෙක් වෙන්න නම් , මාව අන් අය විසින් කොටු කළ විදිහට රග දක්වන්න වෙනවා. ඔවුන් මා මතට අපිරිසුදු ජලය (4) දමන්න හරිම ඉක්මන් වෙනවා. එය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මම මේ අපිරිසිදු ජලය සෘජුවම මුහුණට වැටෙන්න සළස්වනවා විතරක් නෙමෙයි, මම අපිරිසුදු විදිහට මඩ ගොහොරුවේත් පෙරැළෙනවා, වඩා හොඳයි. ඔවුන්ට ඔවුන්ගේ ඒකාබද්ධ පෙරමුණ ඉවත් කරගෙන මහජනතාව ඉදිරියේ මට අපහස කරලා , මගේ ලොම් ගලවා දමලා දක්ෂයන් වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට රාජකීය හමුදාවේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ව පහසුවෙන් පාගා දමන්න හැකි වුනොත් , අධිරාජ්‍යයාණන් පියවි සිහියට පැමිණි වහාම බියෙන් සහ සැකයෙන් පිරී හිඳිවි. හුආ වංශයට එය සිදු වුනේ ඉතා මෑතකදියි. කිසිවෙකුට හරි නැවත භේදාත්මක තත්වය ඇති කරන්න වුවමනා වුනොත් ඔවුන්ට ලැබෙන්නේ "මරණය" පමණක් ම වේවි"
අරැත් පැහැදිලි කිරීම
1. මෙය රාජකීය ආරක්ෂක විනිසුරු ට වඩා වෙනස් විනිසුරුවරයෙකි. එනම්, අධිරාජ්‍ය හමුදාවේ අධිකරණ කාර්යාලයේ විනිසුරු ට විරුද්ධ අධිරාජ්‍ය ආරක්ෂක බන්ධනාගාරයේ විනිසුරුවරයෙකි.
2. 修罗 අසුර බුද්ධාගමේ බලවත් නමුත් බොහෝ විට සදාචාරාත්මක අයෙකි (හෝ අර්ධ දෙවිවරු) වේ, ඔවුන්ව මූලික වශයෙන් ශක්තිය සහ බලය වෙනුවෙන් තණ්හාව මගින් මෙහෙයවනු ලබයි.
3. වර්ග (කුන්) (චීනයේ මැනීම් ඒකකයකි : 1cun × 1cun, හෝ 3⅓cm × 3⅓cm)
4. අපිරිසිදු ජලය ඉසීම; යමෙකුට මඩ ගැසීම හෝ අපකීර්තියට පත් කිරීමට හෝ අපහාස කිරීම (බොරු චෝදනා එල්ල කිරීම.) මේ මගින් හැඟවේ.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Vry beautiful story ...😍😍😍😍
ReplyDelete