බන්ධනාගාරයේදී යුආන් ල්‍යු හදීසියේම මියයනු ලැබු අතර චෙන් යැං ඔහු වෙනුවෙන් ඔහුගේ සේහය රුගෙනගොස් මිහිදන් කළේ ය. එටමන්ම ෂ්‍යාඕ ජීමිං ගේ ප්‍රාර්ථනය පරිදි යුආන් ල්‍යු ගේ බිරිඳ හා පුතනුවන් ව දන්චෙං නඟරයේ නව නිවසක් පදිංචියට දී කුලි පදනම යටතේ ලබා දුන්නේ ය. යුආන් ල්‍යු ගේ පුතාටද ඉගැන්වීම සදහා හොඳ ගුරුවරයෙක් ද ලබා දුන්නේ ය.
ෂ්‍යාඕ චීයේ ගේ අසනීප තත්වය චූදු හි හිම දියව යනතෙක්ම පැවතියේ ය. ඔහුට උදෑසන සැසිවාර වලට පිටව යන්නට හැකි වෙද්දී, ඒ වන විටත් ෂී හොංෂුආන් ව ඇගයීම් කාර්යාලයේ ලේකම්වරයා ලෙස උසස් කර තිබුණි.
ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ට ඔහුගේ රාජකීය හමුදා රාජකාරි ඉණ අවසරපත නැවත ලබා දුන්නේ ය. ෂ්‍යාඕ චීයේ අවසර පත ලබාගනිද්දී , මේ ශෙන් ස'චුආන් දෙස හොඳින් බලා සිටින්නට විය.
“ස්තූතියි.” ශෙන් ස'චුආන් ගේ හස්තයෙන් තම අවසර පත උදුරාගත් ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “ගෞරවනීය විනිසුරුතුමනී.”
“මම ඒකට කොහෙත්ම සුදුසු නැහැ.” ශෙන් ස'චුආන් ගේ දෑඟිලි මදක් දිග හැරැණේ, ඔහුට එයට අතහැරෙන්නට ඉඩ දීම දරාගත නොහැකි වූවාක් සේ ය.
ෂ්‍යාඕ චීයේ සිය අවසරපත කරකවමින් පවසන්නට විය, “එය පැළගත්තා ද?”
ශෙන් ස'චුආන් සිනහසෙමින් පවසන්නට විය, “ඔව්. මම මේ දවස්වල ඒකට පුරුදු වෙමින් ඉන්නේ.”
ෂ්‍යාඕ චීයේ අවට සිටි සියල්ලන්ම ඔවුන්ව නෑසෙන තරම් බොහෝ දුරට ගොස් ඇති බව දුටු අතර ඔහු පැවසුවේ ය, “ මගේ ඉණ අවසර පත නැතිව හිඳිම කනගාටුදායක දෙයක් වුනා.”
ශෙන් ස'චුආන් ඔහුගේ දෑත් පිටුපසින් අල්ලාගනිමින් පවසන්නට විය, “ඔබ දරුණු අසනීපයකින් සුවය ලැබුවා විතරයි දෙවන තරුණ ස්වාමිණි, ඔපට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගන්න පුළුවන්, හැබැයි ඔබ දැනගන්න ඕනෙ ඔබ එය නවත්තන්න ඕනේ කවද්ද කියලා.”
"මම මාස භාගයකට වැඩි කාලයක් තිස්සේ පිරිසිදු හදවතින් යුතුව ආශාවන්ගෙන් නිදහස්ව හිටියා." හිරු රැසෙහි ගිලී සිටින විට ෂ්‍යාඕ චීයේ ට නිද්‍රාශීලි බවක් දැනුනි.ඔහු තම දෙපා සෙලෙව්වේය. " මේ හදවක් නැති කෙනා ගැන මම දවස තිස්සෙමත් රූ පුරාමත් සිතුවා. ඒත් එක පාරක්වත් මාව බලන්න ආවේ නෑ. දැන් මම පිටතට ආ නිසා මගේ බිදුණු හදවත සනීප කරගන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා."
ශෙන් ස'චුආන් තමා මතට මද සුළගක් ගසාගෙන එද්දී පවසන්නට විය , “ඒ වගේ පරණ බිජුවක් ගැන අමතක කරන එක වඩා හොඳයි බොහෝ වෙලාවට අලුත් දේයක් පැරණි දේවල් අතහැර දමලා ප්‍රමාද වීමට පෙර ගණන් කළ නොහැකි නව සහ වෙන්න පෙර නැවතත් පැරණි ගිනිදැල් මත යැපෙන කෙනෙක් විදිහට. ඔහු වෙනුවෙන් කෙනෙකුගේ තරුණ කාලය නාස්ති කරන එක එතරම් වටින්නේ නැහැ..”
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “නරක මොකක්?”
“දෙවන තරුණ ස්වාමියා.” ශෙන් ස'චුආන් පැවසුවේ ය.
ෂ්‍යාඕ චීයේ ට ඔහුගේ ගෙල මිරිකා දමන්නට අවැසි විය. නමුත් මෙතැනදී ඔහුගේ ගෙල සිරකර දැමීම සුදුසු නොවන හෙයින් , ඔහු පවසන්නට විය, “හොඳට පැවසුවා. ඒ වදන් දෙවන තරුණ ස්වාමියාට අත්පොළසන් දෙන්න තරම් අනර්ඝයි.”
“ඔබ හරිම කරුණාවවන්තයි.” ශෙන් ස'චුආන් නිහතමානීව පැවසුවේ ය. “ඔබ මගේ අවංකභාවය අගයන තාක්කල් සියල්ල හොඳින් සිදුවේවි.”
“ඉතිං, මට පෙනෙනවා ඔබ ඒ පැරණි ගිනිදැල් සහිත පුද්ගලයන් කවුද කියලා විමසුම් කරන බව.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “ඔබ එතරම් කරදර වෙනවද, හහ්.”
“පරික්ෂා කරනවා , මම එහෙම කළේ නැහැ.” ශෙන් ස'චුආන් පැවසුවේ ය. “ ෂියැන්යුන් මණ්ඩපයේ වාඩි වෙලා මත්පැන් පානය කරද්දී මට හැම විදිහකම ආදර සම්බන්ධතා ඇස ගැටෙනවා. උදාහරණයක් විදිහට , දෙවන තරුණ ස්වාමියා කොහොමද නීත්‍යානුකූල කාන්තාවන් සහ පැරණි දෑතක් සමඟ උාදරණී සම්බන්ධතාවයක් හසුරවගන්නවා වගේ”
“ප්‍රශංසනීයයි, එහෙම නේද?” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.
“අනිවාරෙන්ම, නිසැකවම.” ශෙන් ස'චුආන් ඔහු දෙස බලා කතා කරද්දී තම වේගය අඩු කළේ ය. “නමුත් අසන එක පුද්ගලික අත්දැකීම් සමඟ සසඳන්න බැහැ.පුරාවෘත්තයක් බදු මේ පුද්ගලයා මට මුණගැසුණු පුද්ගලයාට සමාන වෙන්නේ නැහැ වගේ.”
“සාධාරණ ලෙස බැලුවොත්, ඔබට ඒතරම් හොඳ අවස්ථා ලැබුනේ නැහැ.” ෂ්‍යාඕ චීයේ ඉණ අවසරපත එල්ලා ගන්නට සිය දැගිලි එසැවූයේ ය. “ඔබ තවත් කිහිපවතාවක්ම මා සමග ක්‍රීඩා කළාට පස්සෙ , එබ එය හොඳින් තේරුම් ගනීවි. ඒක හරියට අපි අර සිදු කරපු ‘කාලය ගෙන අසවත් ආහාරයක් ගිලදමනවා වගේ ’ නෙමෙයි. එහි රසය කොහොමද?”
ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ගේ බැල්ම යටතේ සිය දෙතොල් ස්පර්ශ කළ තද කළේ ය.
ෂ්‍යාඕ චීයේ මඳහසක් පා පවසන්නට විය, “පේන විදිහට ඔබට එය තවමත් මතකයි වගේ. එහෙනම්, ඔබට තවමත් මතකද, ඔබ දුන් පොරොන්දුව මොකක්ද කියලා?”
“ඔබ වෙනුවෙන් ෂියැන්යුන් ට පණිවිඩයක් යවන එක නේද.” ශෙන් ස'චුආන් පැවසුවේ ය. “ඔබ දෙදෙනාගෙ විවාහය ගලපන්නා විදිහට කටයුතු කරලා ඔබේ විවාහා උකිසවයෙදි මම මටම මත්පැන් බදුනක් වත් කර ගැනීම නේද. අනිවාරෙන්ම , මට මතකයි.”
“ඔබ විශ්වසෙවන්ත බව මම දැන සිටියා.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “මේක සාර්ථක වුනොත් මම කොහොමද ඔබට ස්තූතියි කරන්න ඕනේ?”
“එය ඔබේ විවාහය වෙනුවෙන් ගෙවන කෑග්ගක් ලෙස සලකන්න.” ශෙන් ස'චුආන් ඇඳුරු වතකින් යුතුව අලස ලෙස ගල් පුවරු දෙසට බැල්මක් හෙලමින් පවසන්නට විය.
හැන් චෙං ආලින්දයෙන් පිටව ගියා පමණකි. ඔහු දෙදෙනාටම අත වැනූ ඔහු අසල සිටි කුඩා නපුංසකයා දුවගෙන ආවේ ය.
"මේ පැත්තෙක්, ස්වාමීවරැනි, අධිරාජ්‍යයා බලා ඉන්නවා!"
ලී ජ්යැංහෙන් සිංහාසනය මත අසුන්ගෙන අමාත්‍යවරුන් පවසන පෙළ කාරණා වලට සවන් දෙන්නට වූයේය ත.ඒ වසන්ත සෘතුවේ ආරම්භය විය , මල්බෙරි සහ හන බීජ ගා කිරීම විශාලතම ගැටළුව විය. සෙන් යූ,ප්‍රධාන අධීක්ෂණ කාර්යාලයේ මම පාර්ශවයක ප්‍රධානියා ලේඛනයක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ , චූදු සුදු නගරයේ විවිධ නේවාසික ප්‍රදේශවල එපොදු කාණු පද්ධතියෙන් අනවසරයෙන් අල්ලා ගෙන සිටින බවට ලකුණු පහළ වී තිබෙන බව ය. අතීතයේ දී , මේ වන විට හිම දියවී යන්නට පටන් ගනී. වැසී ගිය වළවල් බාධාවකින් තොරව තබා ගන්නට ඔවුන්ට නොහැකි නම්, වර්ෂා කාලය පැමිණි පසු වීදි ජලයෙන් යට වන්නට පටන් ගනියි.
මෙය අවම වශයෙන් සාකච්ඡාවට භාජනය වූ දෙයට සාපේක්ෂව ඉතා සුළු ප්‍රශ්නයක් වූ අතර, එතරම් එය වැදගත් නොවන බවක් පෙනෙන්නට තිබුණි.පළාත් පරිපාලන කොමසාරිස්වරයාගේ උස් හඬින් කාරණය පහත වැටීමට පෙර ලී ජ්යැංහෙන් ඔහුට පැහැදිලිව සවන් දුන්නේ නැත. ජොංබෞ කාරණය ඔහුගේ අවධානය ඉවතට ගත්තේය.
කිහිප වතාවක්ම සෙන් යූ නැවත කතා කරන්නට උත්සාහ කළ නමුත් එයට බාධා විය.
සෙන් යූ උසාවිය නිෂ්ප්‍රභ කර මාලිගාවෙන් පිටව යන විට, ඔහුට එකවරම පිටුපසින් කවුරුන් හෝ තමාට කතා කරන හඬක් ඇසී ආපසු හැරී බැලූ පසු ඔහු දුටුවේ ශෙන් ස'චුආන් වය.
ශෙන් ස'චුආන් සිය ආචාරයන් පුද කරමින් පවසන්නට විය “ වාරණ ප්රධානිතුමාව නැවැත්වීමට මගේ නිළය අනුව අයුතු දෙයක් වුනත් , මේ ගෞරවනීය නිළදාරියාට ඔබෙන් අසා දැනගන්න දෙයක් තියෙනවා.”
සෙන් යූ පවසන්නට විය, “විනිසුරු ශෙන්, කරුණාකරලා පවසන්න.”
ශෙන් ස'චුආන් පවසන්නට විය. "මීට කලින් උසාවි සැසියේදී ඔබේ ලේඛනයේ අවහිර වුණ පොදු කාණු පද්ධතිය ගැන සඳහන් කර තිබුණ බව මට අසන්නට ලැබුණා. ඔබ අදහස් කරන්නේ දොංලොං වීදියේ නේවාසික ප්‍රදේශයේ ගලන අනපේක්ෂිත අපිරිසුදු කාණු ජලය ගැන නෙමෙයි ද?"
ඔවුන් ඇවිදගෙන යද්දී ශෙන් ස'චුආන් ට කතා කරන ලෙස සෙන් යූ හස්තයෙන් සංඥා කරමින් ඉඟි කළේ ය. ඔහු පැවසුවේ ය, “ඒක හරි, දොංලොං වීදියේ මහජන ඉඬම් වලට නීතිවිරෝධී ලෙස හිමිකම් පෑම ෂියන්දේ පාලන කාලයේ සිටම සිදුවෙමින් පැවතුණා. පසුගිය වසරවල වසන්තය ආරම්භයේදී එය නේවාසික මුඩුක්කු බිම් ගංවතුර නිසා යටවී ගියා. නමුත් එයින් කිසිදු මරණයක් හෝ අනතුරු පිළිබඳ වාර්තා නොවූ නිසා කිසිවෙක් ඒ ගැන එතරම් තැකුවේ නැහැ."
ශෙන් ස'චුආන් වහා ක්ලාන්ත, කටුක සිනහවක් පාමින් පවසන්නට විය.“ගෞරවනීය ඔබතඅමාට ඇත්තම පවසන්නම් , මේ නිහතමානී නිලධාරියා දැනට එහි තමයි ජීවත් වෙන්නේ.”
තිගැස්සුණු සෙන් යූ කලබලකාරී ලෙස ඇසුවේ ය, “මේ දවස්වල දැනටමත් එතැන ගංවතුරෙන් යටවෙලාද?”
ශෙන් ස'චුආන් පවසන්නට විය, "මේ නිහතමානී නිලධාරියා ජීවත් වන ස්ථානය උස් බිමකයි පිහිටලා තියෙන්නේ. මගේ ආසන්නතම අසල්වැසියන් පොදු ඉඩම් වල හිමිකම් පාන්න උත්සහ කරමින් ඔවුන්ගේ මළුව පුළුල් කරන්න දරන උත්සාහයේදී, ඔවුන්ගේ නිවාසවල කන් දැනටමත් මගේ නවහන මතට එල්ලවෙමින් පවතිනවා. ගමනාගමනයටත් බාධා එල්ලවෙලා, මලාපවහන ජලය ඒ වන විටත් මගේ මළුවට ගලා එන්න පටන් අරගෙන තිබුණා. අද උදෑසන උසාවි සැසියට කලින්, මේ නිහතමානී නිලධාරියා අවට නේවාසික ප්‍රදේශයට ගිහින් සොයා බැලුවා. දැනටමත් පහත් බිම්වල සිවිල් වැසියන්ගේ නිවාස සියල්ලම ජලයෙන් යට වෙලා අවසන්."
සෙන් යූ පැවසුවේ කනස්සල්ලෙන් යුතුවය, “ අපි වසංගතයකට මුහුණ දුන්නොත් ලොකු අවධානමක් ඇති වෙන්න පුළුවන්, ගංවතුරේ ප්රශ්නය දැන් පැත්තකින් තියමු, ඒ ඉඩම් අඟල් කිහිපය උදුරා ගන්න සෑම කෙනෙකුටම අවශ්‍යයි , ඔවුන්ගේ නිවාස සියල්ලම ඉදිකර ඇත්තේ එක ළඟ. ඒ අතර ගඩොල් සහ ගල්වත් නැතිව ; ඒ සේරම ලී වලින් නිමවපු නිවාස. ගින්නක් ඇවිලෙනකල් බලා හිදීම සේරටම වඩා අනතුරක්."
ශෙන් ස'චුආන් ඒ ගැන සිතමින් ඔහුව සනසමින් පවසන්නට විය, “උතුමාණෙනි, කරදර වෙන්න එපා, මේ නිහතමානී නිලධාරියා ගෞරවනීය සේනාධිනායකතුමාට කතා කරන්නම් , ඔහු අධිරාජ්‍යයාට වාර්තා කරන්න හැකි වේවි, ඊට කලින් අඟල් ඉවත් කරන්න පුද්ගලයන් යවන්න පුළුවන් ද කියලත් බලන්නම්. ප්‍රමාද වැඩිවෙන්න කලින්. "
"හොඳයි. මමත් ආයෙමත් ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිට කතා කරන්නම්" සෙන් යූ පිටවෙන්නට පාදය උසවා, පසුව හිස පිටුපසට හරවා සිනාසෙමින් ශෙන් ස'චුආන් ට පැවසුවේ ය, "විනිසුරුවරයාගේ කල්පනාකාරී බව මම අගය කරනවා. අපට මේ ප්රශ්නය විසඳිය හැකි නම්. හැකි ඉක්මනින්, එය එක් කුසලතාවක් ලෙස සලකාවි."
ශෙන් ස'චුආන් ඔහුට ගෞරව කරමින් සිය දැත් අල්ලා ගත් අතර ඔහු පිටව යන ආකාරය බලා සිටියේ ය.
◈ ◈ ◈
රත් පැහැ මිදි පුෂ්පයෝ මැලවී ගොස් ය . ශෙන් ස'චුආන් පැමිණෙන විට , ෂ්‍යාඕ චීයේ සිය අධ්‍යයනයන් වල යෙදෙමින්, අවශේෂ වූ මිදි පුෂ්පයන් දෙස බලා හිඳියේ ය.
“මේ දවස් වල හිම දියවී යන නිසා හැම තැනම තෙත් වෙලා ගිහින්.” ෂ්‍යාඕ චීයේ මල් අත්තක් කඩා අතට ගත්තේ ය. “ඔබේ නිවස දැන් පදිංචි වෙන්න තරම් සුදුසු නැහැ , එහෙම නේද?”
ශෙන් ස'චුආන් මෑතක සිට මේ ප්රශ්නය ගැන වදවෙමින් සිටි අතර, ඔහු සෙමෙන් ඔහුගේ කරපටියෙන් ඇද පාවහන් මාරු කළේ ය, “මළුව දැනටමත් ගංවතුරින් යටවෙලා” ඔහු පැවසීය.
"මීට වසර පහකට කලින් මම ඒ ස්ථානයෙන් යන විට, ජාඕ හුයි පොදු කාණු පද්ධති පිළිබඳ ප්රශ්නය ගැන සඳහන් කළේ ය." ෂ්‍යාඕ චියේ පසුපසට හැරැණේ ය. "මෙතරම් කාලයක් ගත වෙලා ගිහින්. එ්ත් කවුරුවත් ගැටලුව විසඳන්න උත්සහ කරලා නැහැ වගෙයි."
"කොහොමහරි, පෙඟී ගිහින් ජරා ජීර්ණ වෙනකල්ම ඉන්නේ පහත් යැයි සලකපු අය. ඊටත් වඩා, ප්රශ්නය විසඳන්න කාලය සහ ශ්‍රමය අවශ්‍යයි." ශෙන් ස'චුආන් උපහාසාත්මක ප්‍රකාශයක් යුතුව පැවසුවේ ය. "කවුද ඒක කරන්න ඉදිරිපත් වෙන්නේ?"
"ඔබ ඒක සිදු කරන්න යන්නේ නැද්ද?" ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා ඉවතට ඇවිද ගියේය. "මේ අවුරුද්ද තියැන්චෙං පළමු අවුරුද්ද වෙනවා. සමීක්ෂණ මගින් කුසලතා සහ ජයග්‍රහණ ඇගයීමක් ලැබේවි. යමක් සිදු වුනොත්, සමස්තයක් විදියට. සිවිල් සහ හමුදා නිලධාරීන්ගේ අධිරාජ්‍ය අධිකරණය එය සිදු කරගන්න තමන් සමගම සටන් කරාවි."
“ඒ එක අනුමානයක්.” ශෙන් ස'චුආන් තමාවම බිතුවට වාරු කර ගනිමින් පැදුර මතට ගොඩවෙන්නට උත්සහ කළද ෂ්‍යාඕ චීයේ ඔහුගේ මාර්ගයේ අවහිර කළේ ය. ඔහු ඔහුගේ දෑස් ඉහළට කළේ ය. “හ්ම්?”
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ගේ පාවහන් ගන්නට පහතට නැමුණේ ය. ඔහු එහි සම් නිමැවුම කිහිප වතාවක් ඔබා තද කර පවසන්නට විය, “ඔබට මුව සම් පාවහන් ජෝඩුවක්වත් දෙන්න නොහැකි තරමට අධිරාජ්‍ය ආරක්ෂකයින් මසුරු ද?” ඔහු පවසන්නට විය.
ශෙන් ස'චුආන් ගේ මේස් අඩක් තෙත් වී තිබූ නිසා ෂ්‍යාඕ චීයේ සේවකයන්ට පවසා කාමරය උණුසුම් කරන්නට අඟුරු ද්‍රෝණියට ගින්දර එකතු කළේ ය. ශෙන් සචුඇන්ට අද එතරම් හොඳ පෙනුමක් නොතිබූ අතර ඔහු ශීතලෙන් සිටින බව පෙනෙන්නට තිබුණි.
"මුව සම පාවහන් පොඟවා තබන එකත් ඔරොත්තු නොදේවි." ශෙන් ස'චුආන් සිය පාදය ඉවතට ගනිමින් , ෂ්‍යාඕ චියේට එය ස්පර්ශ කරන්න ට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේය. ඔහු ෂ්‍යාඕ චියේ දෙස බලන්නට තම දෑස් පහත් කර, "දොංලොං වීදියේ පහත් බිම් ප්‍රදේශ වීදිවල ඉන්නේ දුප්පත් සහෝදරයෝ, ඔවුන් හැමෝම දැන් අපිරිසිදු ජලය නිසා තෙමෙමින් ඉන්නවා."
ෂ්‍යාඕ චීයේ ඔහු සිටි ආකාරයටම හිඳගෙන හිස ඔසවා මෙසේ කීවේය " "ඔවුන් සාමාන්‍යයෙන් අනුග්රාහකයන් තෝරා ගන්නෙ නැහැ. තඹ කාසි කිහිපයක් ඉතිරි කර ගත සෑම කෙනෙකුටම ඔවුන් පිළිගෙන ඔවුන්ට කැමති විදිහට ඉන්න ඉඩ දෙයි. ඔවුන්ට කිසිසේත් බදු ගෙවීමට හැකියාවක් නැහැ, ඔවුන්ට සෑම විටම වසරින් වසර ඒක සිද්ධ වෙනවා. තඹ කාසි ගණන් කරමින් දින ගෙවන ආදායම් අමාත්‍යාංශයේ පහළ මට්ටමේ අයට ඔවුන්ව වාතයේ වියලෙන්නට තබනවා හැර වෙන විකප්පයක් නැති අධමයෝ රැළක්.”
“නේවාසික ප්‍රදේශයත් ජලයෙන් යටවෙලා.” ශෙන් ස'චුආන් පැවසීය.
"ඔවුන් සියල්ලෝම බලා ඉන්න පුරුදු වෙලා; වසන්තය අවසන් වුවාට පස්සෙ ඔය නැවතත් පෙර පරිදිම වේවි." ෂ්‍යාඕ චීයේ නැඟිට පැවසුවේ ය. "ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ තරම් මිනිස්සූ ඉන්නවා, නමුත් කිසිම දක්ෂතාවයක් තොරව වැඩ කරන්න කැමති අය උපයන්නේ අඩු මුදලක්, අද උසාවියෙන් ඉවත් උනාට පස්සේ මට තවම ආහාර ගන්න බැරි වුණා, අපි එකට ආහාර ගමු."
සේවිකාවක් ශෙන් ස'චුආන් වෙනුවෙන් ලී සෙරෙප්පු සකස් කරන්න ට පැමිණියාය, ලී සෙරෙප්පු පැළඳීමෙන් පසුව පවා ඔහුව ෂ්‍යාඕ චියේට වඩා උස වුණේ නැත. ෂ්‍යාඕ චියේ ඒ මේස්වල ෂෙන් සෙචුවාන්ගේ සිහින් සහ අලංකාර වළලුකර දෙස බලමින් ඔහු අතීතයේ ගත් ඖෂධ පිළිබඳ මෙනෙහි කරන්න ට විය.ඔහු ඒවා නිසැකවම භාවිතා කර ඇත.ච
"අලුත් අවුරුද්දේ ඔබ බර වැඩි වෙලා තියෙන බවක් මට පේන්නේ නැහැ." ෂ්‍යාඕ චීයේ දොර තල්ලු කර ඔහුව පිටතට ගෙන ගියේය.
“මම කොච්චර කාර්යබහුලද කියනවා නම් මම නිදාගන්නේ දවසට පැය හතරක් විතරයි.” ශෙන් ස'චුආන් ඒ ලී සපත්තු සමගින් ගමන් කරද්දී තට්ටු කරනවාක් හඬ නැගුණේ ය. " මම මුලින් හිතුවේ දක්ෂිණ විනිශ්චයකාර තනතුර කරන්න දෙයක් නැති වැඩකට නැති තනතුරක් කියලයි.කවුද දන්නේ හමුදා ශිල්පීන්ගේ ක්‍රම මේ තරම් තියෙනවා කියලා?"
“ෂී හොංෂුආන්ට ඔබව තබාගන්න බැරි නම්.” ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස පසෙකට හැරවූයේ ය. “ඔබට හැකි තරම් කාලයක් ඉන්න මේ දෙවන තරුණ ස්වාමියාගේ පැතතට මාරු වෙන්න.
"එහෙනම් මට නිදාගන්න පැය හතරක්වත් නැතිවෙයි කියලා මම හිතනවා." ශෙන් ස'චුආන් ඔහු පසුපස ගියේය. " රාජකීය ආරක්ෂකයන්ගෙන් ඉතිරිව සිටින පිරිමින් බොහෝ දුරට තනතුරු උරුම කරගත් අය වගේමයි ඔවුන් පියාගේ අඩිපාරේ යනවා; ඔවුන් ඔවුන්ගේ ආහාර වෙනුවෙන් ඔවුන්ගේ මුතුන් මිත්තන් මත රඳා පවතිනවා. ඔවුන්ගේ ආහාර වේල වගේම, අධිරාජ්‍ය හමුදාවෙන් ලැබෙන ප්රතිලාභ ඔවුන්ගේ ඇස් හමුවේ එතරම් වටින්නේ නැත.
මේ දින කිහිපයේ හිම දිය වෙමින් පැවති අතර, ඒ නිසා මිදුලද තෙත් විය.ෂ්‍යාඕ චියේ වතුර වළ හරහා ඇවිද ගොස් නැවත හැරී ශෙන් ස'චුආන් දෙස මොහොතක් බලා සිටියේය.
ඔෙන් ස'චුඇන් ලී සපත්තු දමාගෙන සිටියද , ශ්වේත නිසයුරු පැහැ වස්ත්‍රයේ කොන් ඉහළට නොගතහොත් ජලයට වැටී අපවිත්‍ර වෙයි. මේ වන විට, එය දැනටමත් අදුරු පැහැයකට හැරී තිබුණි. ඔවුන්ගේ වටපිටාව ශ්වේත චන්ද්‍රයාගේ දීප්තියෙන් පැහැදිලි පසුබිමක් ඇති කළේ ය, ආකර්ශනීය චන්ද්‍රයා ක්ෂිතිජයේ ඉතා ඉහළින් පායා තිබුණි . එමෙන්ව වතුර වළෙහි වූ ශෙන් ස'චුආන් ගේ ප්රතිබිම්බයේන් ඔහුව තවත් සිහින්වත් ප්‍රසන්නවත් පෙන්වීය. ඔහු සිය අවධිනය මාර්ගයේ ගමන් කරන්නට යොදා ගත් අතරම කතා කරමින් ගමන් කළේය. එමනිසා ඔහුට ෂ්‍යාඕ චීයේ නැවති සිටිනවාවවත් ඔහු දැනසිටියේ නැත. ඔහු තම ශ්වේද පැහැ වස්ත්‍රය මඳක් ඉහළට ඔසවාගෙන , කුඩා දරුවෙකු සේ, වතුර වළ උඩින් පැන ෂ්‍යාඕ චීයේ ඉදිරියට ආවේ ය.
කිසිවක් නොසිතමින්, ෂ්‍යාඕ චීයේ ඔහුට ළං ව ඔහුගේ ඉණ වටෙන් බඳාගනිමින් උරහිසට උඩින් උසවාගත්තේ ය. ලී සපත්තු ලිස්සා ගොස් බිම පතිත වූ අතර ෂ්‍යාඕ චීයේ ඒවාද අහුලා ගත්තේ ය. එක් අතකින් ලී සෙරෙප්පුත් අනෙක් අතින් ශෙන් ස'චුඇන්වත් ඔහු ඔසවාගෙන සිටියේ ය. ඔහු ඔවුන් අවසන් වරට මත්පැන් පානය කළ නිවස වෙතට ආපසු යන්නට ඇහැණේ ය.
චෙන් යැං පියවර කිහිපයක් පසුපසට ගොස් පිටුපස සිටි මුරකරුවන්ට සංඥා කරමින් මිදුලේ සිටි සියල්ලන්ම නිශ්ශබ්ද කරමින් එක් හස්ත සංඥාවකින් ඉවත් කළේය. දිං තාඕ වහලය මත සිටියද ශබ්දයක්වත් පිට කරන්නට එඩිතර නොවූ අතර දෙවැන්නාව නරඹන විට ඔහුගේ දෑස් පමණක් පිටතට පෙන්වාලූයේ තරුණ ස්වාමියා ශෙන් ස'චුආන් ව ඔහුගේ උරහිසට ඉහළින් රැගෙන යන අතරවාරයෙදි ය. ච්‍යාඕ ත්‍යැන්යා සහ ගු ජින් යන දෙදෙනාම වහලයේ කොන් එකතු වන උළු අසල හිඳගෙන වයින් උගුරක් පානය කරමින් සිටියෝ ය.
"උද උදෑසන ඔබ එතරම් සුවයකින් හිටියේ නැහැ." ෂ්‍යාඕ චියේ කීවේය. "ඔබේ උණුසුම වැඩි වෙලා, ඔබ අසනීප වෙලාද?"
ඔහුගේ උරහිසට උඩින් හිදි ශෙන් ස'චුආන් සඳ දෙස බලමින් පවසන්නට විය, “... සමහරවිට”
"ආධිපත්‍යය වෙනුවෙන් ඇති කරගෙන තියෙන මහා අභිලාෂය එක පහරකින් ඉටු කරගන්න පුළුවන් දෙයක් නෙවේ." ෂ්‍යාඕ චියේ පඩිපෙළ නැඟී දොරට පයින් ගැසුවේය. "ඒ සේරටම වඩා වටිනවා ජීවිතය."
“එදා ඔබ මට වෛර කරද්දී පැවසුවේ මේක නෙමෙයි නේ.” ඔහු ශෙන් ස'චුආන් ව මෘදුව බිමින් තැබුවේ ය. ඔහු ෂ්‍යාඕ චීයේ දෙසට බැල්මක් හෙළුවේ ය. “ඒක පුංචි අසනීපයක් විතරයි. මම ටිකක් නිදාගන්නම්.”
ඔහු දෙස නොබලමින්, ෂ්‍යාඕ චීයේ තමපාවහන් සහ පිටත වස්ත්‍රය උනා දැමුවේ ය. සේවිකාවක් පැමිණ අණ කරන ලද පුස්තකද අතැතිව , පිගන් සහ කෝප්පත් ආහාරත් තැබූ කුඩා මේසයක් ඇතුලතින් තබන්නට විය.
ශෙන් ස'චුආන් දෑත් සෝදා අවසන් ව නැවත ඔහුගේ කරපටියෙන් අදින්නට සැරසෙද්දී ෂ්‍යාඕ චීයේ ඔහු වෙනුවෙන් එය ගලවා දමන්නට අත දිගු කළේ ය. ඔහු තම ඇඟිලිවලින් කරපටිය මෘදු ලෙස වෙන් කර බැලූ විට රතු පැහැති කුෂ්ඨ කිහිපයක් දුටුවේය.
“පසුගිය කාලයේ තෙත් ගතිය නිසයි ඒ.” ශෙන් ස'චුආන් සිය අතේ පිටුපසින් ෂ්‍යාඕ චියේගේ අත ඉවතට තල්ලු කළේය. “ඔවුන්ගේ ඒ පුංචි ඉඩම් අඟල් වලට හිමිකම් පාන්න , අසල්වැසියන්ගේ නිවෙස්වල ට එන හැම ආලෝකයක්ම අවහිර කර දමලා.”
ෂ්‍යාඕ චීයේ එය අතරම් ගණනකට ගත් බවක් නොාපනුණි. ඔහු "අහ් - හුහ්" හඬකින් ඒ කාරණය අතහැර දැමුවේ ය.
දෙදෙනාම ඔවුන්ගේ අසුන් ගත්හ. ඔවුන් ආහාර ගනිමින් සිටින විට, ෂ්‍යාඕ චියේ පැවසුවේ ය. "ඔබේ වාසස්ථානය තවදුරටත් ඔබේ තත්ත්වයට ගැලපෙන්නෙනැහැ. ඇයි ඔබ ඉවත් නොවුණේ?"
ශෙන් ස'චුආන් පිළිතුරු දෙමින් පැවසුවේ ය, "එ්ක ජාඕ සූයි පන්සලට ආසන්නයි, එය මට ශීෆූ ව දකින්න පහසු කරවනවා. එ් වගේම එය පිහිටන්නේ දොංලොං වීදියේ. ෂී හොංෂුආන් වෙතින් කිසියම් චලනයක් කරනවා නම්, එය සොයා බලන්න පහසු වෙනවා."
ෂ්‍යාඕ චීයේ ඔහු ආහාර ගන්නා ආකාරය දෙස බලමින් මෙසේ පැවසුවේ ය, " ජී ගැං ශීෆූට ජාඕ සූයි පන්සලේ දිගටම රැඳී ඉන්න බැහැ, ඔබ වෙනත් ස්ථානයකට ගිහින් එකට ජීවත් වුනොත් නම්, ඔබට ක්‍රියා කරන එක වඩාත් පහසු වේවි."
ශෙන් ස'චුආන් පවසන්නට විය, "මට මේ දිනවල සුදුසු වාසස්ථානයක් සොයා ගන්න පුළුවන් ද කියලා බලන්න වෙනවා."
ඇත්ත වශයෙන්ම මේ කාරණයේ දි ඔහු ළග තවමත් මහාමාත්‍ය චී ගේ නිවස තිබුණි. එහෙත් ඔහුට දැන් එම වාසස්ථානයේ ජීවත් වීමට සිදු නොවනු ඇත, එය ඕනෑවට වඩා ප්‍රදර්ශනාත්මක වූ අතර ඕනෑවට වඩා අවධානයට ලක් විය. නිවස මාරු කිරීම සරල විය; අමාරුම දෙය නම් ෂී හොංෂුආන් ඔහු ගැන දැඩි අවධානයෙන් සිටීමයි. ඔහු තම ෂිෆු සහ ගුරුවරයා අවදානමට ලක් නොකළේය.
ඔවුන් ආහාර ගෙන අවසන් වූ පසු බොහෝ ප්‍රමාද වී තිබුණු අතර කාලගුණය තවමත් සීතල විය. ශෙන් ස'චුආන් නැඟිට පිටව යන්නට සූදානම් විය, නමුත් ෂ්‍යාඕ චීයේ ජනේලය විවෘත කර වහලය දෙසට අසුරුසන් කළේ ය.
මුරකරුවන් තිදෙනාත් මෙං උකුස්සාත් එකවිටම මහලය මතින් එබී බලන්නට විය.
ජනෙල් කණුවට හේත්තු වෙමින් ආපසු හැරී බලා ශෙන් ස'චුආන් තම කබාය අහුලා ගන්නා අයුරු බලා සිටි ෂ්‍යාඕ චියේ ඔවුන්ට පැවසුවේ ය. “දොරවල් වහන්න, විනිසුරුතුමා අද රෑ පිටව යන්නේ නැහැ.”
ශෙන් ස'චුආන් ආපසු හැරී බැලුවේය.
ෂ්‍යාඕ චීයේ සිනහා නොවුණේ ය. උදැසනදී ඔහුගෙන් පෙනුණ වාචාල ස්වරූපය රාත්‍රි සුළඟට ගසා ගොස් ඇතිබව පෙනුණි.
ඒ ඇස්වල සැඟවී තිබුණේ හුදකලා වනාන්තරය සහ ඝණ මීදුම ය, චන්ද්රාලෝකය මධ්‍යයේ තවත් අඳුරු හා ගැඹුරු ලෙස පෙනුණි.
සමහර විට ඔහු ආදර සම්බන්ධතා සම්බන්ධයෙන් ගත්තම ඇත්තටම *පැරණි හස්තයක්* වෙන්න ඇති.
ශෙන් ස'චුආන් සිතුවේය.
ඔහුගේ දෑස් වල තිබුණු ඒ ප්රකාශණය පමණක් ම එයට ප්‍රමාණවත් විය.
අරුත් පැහැදිලි කිරීම
පැරැණි හස්තය : යමක් සම්බන්ධයෙන් බොහෝ තියුණු දැනුමක් ඇත්තා.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
♥️♥️♥️♥️
ReplyDelete