ශෙන් ස'චුආන් පවසන්නට විය. , “ඔහ්.”
තමාට අවශ්‍ය පිළිතුර නොලැබූ නිසා, පිටුපස බැලූ ෂ්‍යාඕ චීයේ විමසන්නට වූයේ ය, “ඇයි ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ?”
ශෙන් ස'චුආන් සිය දෑත් ඔසවා හිරවරණය ඉහළීමට විය, “ මට නිවසට යන්න පියෙක්වත් සහෝදරයෙක්වත් ඉතුරුවෙලා නැහැ. හදුනන කිසිවෙක් ඇත්තෙත් නැහැ. ඉතිං ආපසු යනඑකේ තේරුම මොකද්ද?”
ෂ්‍යාඕ චීයේ තම ගෙල පිටුපස වූ ජලය පිසදැමීමට සිය අත්ලේන්සුව පිටතට ගත්තේ ය. ඔහු නැගී සිටිමින් පවසන්නට විය, “ඔහ් හරි. ජ්යැන්ෂිං කුමරුගේ වාසස්ථානය දුන්ජෞ වලින් දැනටමත් ඉවත් කරලයි තිබෙන්නේ. ඔබේ අනන්‍යතාවය එක්ක, ඔබ නැවතත් ගියොත් තමයි ඔබට ශාපයට ලක්වෙන්න වෙන්නේ.”
“ අන්න ඒ නිසයි ඉරණම පැමිණෙන්නේ,” ශෙන් ස'චුආන් ක්ෂණික ව ෂ්‍යාඕ චීයේ දෙස බැලූ අතර සිය වාක්‍යය කියාගෙන ගියේ ය, “ ඔබ හොඳ ජීවිතයකට නැවත යන්න නොහැකි වුනොත් විඳවන්න වේවි.”
ෂ්‍යාඕ චීයේ ඔහු දෙස නොබැලු අතර සිය අත ඔසවා නළලතෙහි වූ වැහි බිඳු පිස දමන්නට විය., “එහෙනම් ඇයි ඔබ තවමත් ජීවත් වෙන්නේ?” ඔහු කීවේ ය.
ශෙන් ස'චුආන් මදහසක් පාමින් පවසන්නට විය, “ මිලියනයක් විතර ජනතාවට අවශ්‍ය මම මියයන එකයි. නමුත් මම අන් අයගේ ආශාවන් ඉටු කළහොත් මට ඇත්තටම සැනසීමක් දැනේවිද?”
“ ඔබට තියෙන හොඳම මාර්ගය ෂාඕ සූයි පන්සලේ රැදී ඉන්න එක විතරයි.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.
ශෙන් ස'චුආන් පියවර දෙකක් පසෙකට වූයේ මාර්ගයේ වූ මඩ වලක් මඟහරින්නටය. ඉනික්බිතිව ඔහු පවසන්නට විය, “මම ෂාඕ සූයි පන්සලේ හිටියොත්, ඔබ මාව අවසන් කරන්න ක්‍රමයක් ගැන කල්පනා කරමින් ඉඳිවි. ෂ්‍යාඕ චීයේ, ඔබ කොයිතරම් ඒක සගවන්න උත්සහ කළත්, ඔබ දැනටමත් ඉහළ සිට පහළට මා අධ්‍යයනය කරලා ඉවරයි.අද ඔබ පහත් කරලා සලකන පුද්ගලයන්ට වඩා ඔබෙත් වෙනසක් නැහැ. ඒවගේම ඒ හැම දෑස් යුගලයක් ඔබ වෙත එල්ලවෙලා ඔබට අනුකම්පා කරනවා.”
ඔහු මහ හඩින් සිනාසෙමින් සිය අත්ලෙන් ෂ්‍යාඕ චීයේ ගේ පිටමතට තට්ටු කරන්නට විය.
“මම ජීවත් වෙන්න හඹායනවා. ඔබ මියයන්න හඹායනවා. ෂ්‍යාඕ වංශය මාව අල්ලගත්තා. දැන් ලී වංශයත් ඔබට කරන්නේ ඒකමයි. මේ ලෝකයේ මාර්ග කොයිතරම් අමුතුයි ද? කූඩුවේ ඇතිකරන කුරුල්ලා පැරැණි වනාන්තර වලට ආශා කරනවා. ඒවගේම විලේ ඉන්න මත්ස්යයට ගැඹුරු සමුදුර මඟහැරෙනවා. (1) ඔබේ ජීවිතයේ හුඟ කාලයක් ආරම්භයේ ඉදන් අවසානය දක්වාම නිකරුණේ ගෙවිලා ගියා. ඔබට ආපසු යන්න බැරිනම්, ඔබ උසස් අභිලාෂ සහ ක්‍රියාවන් නොකරපු පරාජිතයෙන් මිසක් වෙන කෙනෙක් නෙමෙයි. මේ ලෝකයේ කණගාටුදායකම කාරණය තමයි, වෘකටෙක්ව සුනකයෙක් බවට පත් කරන එක.ඔබේ දත් කොයිතරම් කාලයක් චූඳු තුලදි තියුණු මුවහත් විදිහට තියේවි ද?”
“සරත් දඩයම් කාලය පුරාවටම ඔබ මාව ලුහුබැන්දා,” ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස හරවා පැත්තකින් ඔහු දෙස බැලුවේ ය., “ඒ වාග්ම මගේ ජීවිතය බේරගත්තේ මේ තෘප්තිමත් මොහොත වෙනකල් විතරයි ද?”
“ඒත් මම කිසි කෙනෙකුට නොවැදගත් වෙන කෙනෙක්.” ශෙන් ස'චුආන් මෘදු ලෙස පැවසුවේ ය, “මම එතනට නොපැමිණියත්, ඔබ ජීවත් වෙන්න තිබුණා.”
“ඇත්තටම මොකටද,” ෂ්‍යාඕ චීයේ ගේ බීමත් ගතිය ගෙවී ගොස් තිබුණේ ය. ඔහු ඇසුවේ ය, “කරන්න හදන්නේ?”
“දක්වපු කරුණාවට ණය ගෙවනවා.” ශෙන් ස'චුආන් ගේ හිරවරණයේ සෙවන ෂ්‍යාඕ චීයේ ට නවාතැන් සැපයුවේය. මේ ඔහු අනෙකාට වඩාත් සමීප වූ ආකාරය විය. “ ඔබ හැමෝම මාව මරා නොදැමීම වෙනුවෙන්, ඔබේ කරුණාව වෙනුවෙන් කළගුණ සලකනවා.”
ෂ්‍යාඕ චීයේ හදිසියේම ශෙන් ස'චුආන් ගේ ඇදුමේ කරෙන් අල්ලාගත්තේ ය, “ මම සිතුවේ ඔබ පසුතැයිලි වෙලා හොඳ පුද්ගලයෙක් වෙන්න අලුත් පිටුවක් පෙරලුවා කියලා.”
“මම මොන වැරුද්දක් කළාට ද?” ශෙන් ස'චුආන් ගේ දෑස් සරත් වර්ෂාවටත් වඩා ශීතලෙන් බැබලෙන්නට විය. ඔහු තවත් පියවරක් ඉදිරියට ගත්විට, ෂ්‍යාඕ චීයේ ගේ සිරුරේ ස්පර්ශ වෙන්නට සමත්විය., “මම මොකක්ද කළ අපරාධය?”
“ඔබ දාශි සොරොව්වෙනි ඉවත් වෙද්දි දුඅන්ෂෞ වල නගර දිහා බැලුවේ නැද්ද?” ෂ්‍යාඕ චීයේ ඔහුගේ ග්‍රහණය දැඩි කළේ ය. “ නගර අටේ හිටපු සියල්ලම සමූල ඝාතනය කළා.නගර ද්වාර අසලදි අශ්ව කුර ගැටෙද්දි විසිරුණු හැම ලේ බිඳුවක්ම ජනතාවගේ රුධිරය.”
“ශෙන් වෙයිගේ හමුදා පරාජය වුණා.” ශෙන් ස'චුආන් අවසානයේදි සිය වෙස් මුහුණ ගලවා දැමා ඔහුගේ ක්‍රෝධයෙන් බැබලෙන මුහුණ පිටතට පෙන්වුවේ ය. “මිනිසුන් හතලිස් දහසක ප්‍රමාණක් චෂි සොරොව්වේ මිහිදන් වුනා!මට මගේ වැඩිමල් සහෝදරයවත් ශීනියැංවත් අහිමි වුනා! මෙතන මගේ වැරුද්දක් තියෙන්නේ කොතනද?”
“ශෙන් වෙයි මරාදමන්න වටිනවා!” ෂ්යාඔ චීයේ සිය සීමාව පැන තිබිණි. ඔහු ක්ෂණික ව ශෙන් ස'චුආන් ව බිත්තිය මතට තෙරපන්නට විය., “ශෙන් වෙයි මියයන්නයි වටින්නේ! ඔබත් ශෙන් වංශයේ කෙනෙක්. ඉතිං ඔබට චෝදනා නොකර ඉන්නේ කොහොමද?!”2
තෙල් කඩදාසි හිරවරණය, ශෙන් ස'චුආන් ගේ පයෙහි ඇගිලි යන්තම ස්වර්ශවනසේ ඔසවද්දී බිම මත පතිත විය. ශෙන් ස'චුආන් තම පාදය ඔසවා ෂ්‍යාඕ චීයේ ගේ ළයට පහට එල්ලට කරන්නවිය. ෂ්‍යාඕ චීයේ වේදනාවෙන් පිටුපසට ගියද, ශෙන් ස'චුආන් ව ඇදුමේ කරෙන් අල්ලාගත් ඔහුව බිම මතට ඇද දැමුවේ ය.
එක්වරම ඇද හැලෙන වර්ෂාව දැඩි වී ධාරානිපාත වර්ෂාවක් බවට පත් විය. පෙරලෙමින් පොරබදමින් සිටි දෙදෙනාගෙ හඬ පාලු මන්තීරය පුරා රැව් දෙන්නට විය.
ෂ්‍යාඕ චීයේ එනතුරු බලා සිටි ශියැන්යුන් හි සේවිකාවෝ කලබලයෙන් තිගැස්සී ගියහ. ඔවුන් සියල්ලෝම දෑතින් සිය පාවහන්ද රුගෙන කන්දීගෙන සිටියෝ ය.
"ඇයි ඔවුන් රණ්ඩු වෙන්න පටන් ගත්තේ?!" ෂියැන්යුන් වහා ඇගේ උඩුකය පිටත වස්ත්‍රය ඇඳගෙන ඇගේ පාවහන් පැළඳ පිටතට ගියා ය. “මගේ ආදරණීය ස්වාමිවරුනි! ඔබට ප්‍රශ්නයක් නම් කතා කරලා විසඳගන්න. මෙතන රණ්ඩු වෙන ස්ථානයක් නෙමෙයි! ”
ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ගේ හිස පසෙකට තල්ලු කළේ ය. ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුඇන්ගේ මැණික් කටුවෙන් අල්ලා තමා දෙසට තදින් ඇද ගත්තේ ය. දිවගින් දත් අතර රුධිරය ලෙවකමින් ඔහු පැවසුවේ ය. “ඔබවත් මමවත් සිහින දකින්නේ පහසු දේවල් නෙමෙයි!”
ශියැන්යුන් ඒ වන විටත් කුලි උපකාර කැඳවා තිබූ අතර, ඔවුන් දෙදෙනාම වෙන් කිරීමට එකතු විය. ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත ඇඹරූ අතර, එම උස හා පටි පැළඳ සිටින කුලීකරුවන්ට ඔවුන්ගේ මාපටැඟිලි සහ දබර ඇඟිලි අතර ඇති පුරුක් හිරිවැටෙන බවක් දැනුනි. කෙසේ වෙතත්, ෂ්‍යාඕ චීයේ නැවතත් පහර නොදුන්නේ ය. ඔහු මුහුණේ තුවාලය ස්පර්ශ කිරීමට සිය අත එසැවූ අතර "අහකට පලයං" යැයි ගුගුරමින් පවසන්නට විය.
තත්වය යහපත් නොවන බව දුටු ශියැන්යුන් කුලීකරුවන්ට උදව් ඉල්ලා කුමරුගේ නිවසට ඉක්මනින් යන ලෙස සංඥා කළේය.
“මම පියාට අනතුරු ඇඟවීමට එඩිතර වන පුද්ගලයන්ගේ පාද කඩා දමනවා!” යැයි ෂ්‍යාඕ චීයේ පවසනු ඇතැයි අපේක්ෂා කළේ කවුද?
ශියැන්යුන් ගේ කටහඬ මෘදු වූ අතර ඇය කියන්නට අවස්ථාව ලබා ගත්තාය. “මේ මොකද? දෙවන තරුණ ස්වාමියා සෑම වෙලාවකම සාධාරණ ලිංගිකත්වය ගැන මෘදු විදිහට සැළකුවා. ඇයි අද රෑ කාන්තාවන් බය කළේ? මත්පැන් පානය කළාට පස්සේ මහත්වරු එකිනෙකා සමඟ දබර ඇති කරගැනීම සාමාන්‍යයි අපි එය අමතක කරලා ප්‍රශ්න වළලා දමමු. එයෙම නේද.? "
ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෙපයින් නැඟිට, ඔහුගේ අපිරිසිදු සළුව ගලවා, ෂියන්යුන් වෙත විසි කළේය. “ඇතුළට යන්න” ඔහු කීවේය.
ඔහුගේ අපිරිසුදු පිටත සළුව අතැකිව ෂියන්යුන් ඔහුට පැහැදිලි කිරීමට උත්සහ කළේ ය. " දෙවන තරුණ ස්වාමියාණෙනි, පිටත හරිම ශීතලයි"
කෙඳිරිලි හඬක් පවා පිට කිරීමට තරම් ධෛර්යයක් නොවූ නිසාවෙන් ඇගේ කටහඬ අඩු වි ගියේ ය. ඇය කාන්තාවන් හා ගැණුම්කරුවන්ට දෙසට නිහඬව අත වනමින් ඔවුන්ව නැවත ඇතුළට ගෙන ගියාය. කෙසේ වෙතත්, මෙවර දොර තදින් වසා නොතිබුණි. සියලුම ආගන්තුකයින් දොර ජනෙල් දෙපස එල්ලී සිටියේ සවන් දීමේ වුවමනාවෙනි
ශෙන් ස'චුආන් සිය හිරවරණය අතට ගත්තේ ය. ඔහු යන්තමින් අපරිසිදු ව තිබුණි. ඔහු වර්ෂාවෙන් තෙමෙමින් සිටි අතර, ඔහුගේ කම්මුල්වල හිසකෙස් ඇලී තිබුණි. සුදු සහ කළු යන වෙනස ඔහුගේ පැහැපත් සම තවත් සුදුමැලි කළේ ය.
“ඊළඟ වතාවේ.” ශෙන් ස'චුආන් පැවසුවේ ය, “මාව බලන්න අවශ්‍ය නම් මගේ දොරකඩ ඉදීරියට එන්න. ම ආයේ අවුරුදු අටසීයකටවත් මේ පටු මගෙන් ගමන් කරන්නේ නැහැ.”
“ඔබ මෙතනින් ගමන් කරන බව මම දැන හිටියා නම්.” ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “මට ඇතුළත වමනය කරන්න සිද්ධවුනත් මම පිටතට නෑවිත් ඉන්කවා.”
ශෙන් ස'චුආන් සමච්චල් සහගත ලෙස සිනහවෙමින් පවසන්නට විව, “ එහෙනම් මේක හරිම පුංචි ලෝකයක් වෙන්න ඕනේ, ඒ තරම් කුඩා ඉඩකඩක සතුරන් මුණහැසෙනවා නම්.”
ෂ්‍යාඕ චීයේ ඔහු අසලට පියනැගුවේ ය.. “මම ඔබ ගැන දැන් ඉදන් සමීපව නිරීක්ෂණය කරනවා.”
“ඔබ ඔබවත් බලාගන්නේ අමාරුවෙන්, එහෙම තියෙද්දි ඔබ මම ගැන සොයන්න උත්සහ කරනවද?” ශෙන් ස චුඇන් හිරවරණය ඔසවා ඔවුන් අතර වූ දුර පරතරය වැඩි කළේ ය.. “ පැරණි ආයතන පණඅදිනවා. එක සරත් දඩයමක් තුළ , ඔබට අවශ්‍ය වුනේ හුආ වංශය පහතට හෙළලා දණගස්වන්න. ඇත්තටම ඔබ මුළාවෙන් ඉන්නේ”
“ ඔබ ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න මාර්ගයක් හොයාගන්නවා නම් හොඳයි.” ෂ්‍යාඕ චීයේ ඔහුගේ පපුතුර හිරවරණයට දැඩි කළ අතර විමසුම් සහගත බැල්මකින් පවසන්නට වූවේ ය. “ වැන්දඹු අධිරාජිණිය ගේ සහය නැතුව ඔබට කොයිතරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන් වේවි ද?”
“අධිරාජ්‍ය සභාවේ දැනටමත් අළුත් ස්වාමියෙක් අසුන්ගෙන ඉන්නවා.” ශෙන් ස'චුආන් පවසන්නට විය, “ඔබ උපකල්පනය කරපු දේවල් සියල්ලම වෙනස් කරන්න දැන් කාලය එළඹිලා නෙමෙයි ද?”
“ඔබට ඔවුන් කාවවත් මරන්න බැහැ. .” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ ඔබ ණයගැති වෙන්න ඕනේ බ්‍යැන්ෂා හමුදාවටයි ශෙන් වෙයි ටයි විතරයි.”
“ඔබ කොහොම කීවත්.” ශෙන් ස'චුආන් නැවතත් ඔහුගේ දමනය වූ පිටත සළුව වතලාගත්තේ ය. ඔහු හිරවරණය අකුලා ෂ්‍යාඕ චීයේ ට සන්සුන් සහගත ලෙස පවසන්නට වූයේ ය, “මම ඔබට සවන් දෙන්නම්, හරිද?”
ෂ්‍යාඕ චීයේ තුළ ඇති එම විස්තර කළ නොහැකි කෝපය හදිසියේම කැලතෙමින් නැගුනි. ඔහු පැවසුවේ, “ඇත්තෙන්ම. එහෙනම් අද රෑ ඔබ මාත් එක්ක ඉන්න."
"ඔබ මිහිරි, මෘදු කාන්තාවන්ගේ ඇඳ වියන යට නිදාගන්න." ශෙන් ස'චුආන් පැවසුවේ, “ඔබට තවමත් ඔබේ යහන වෙනත් පිරිමියෙකු එක්ක බෙදා ගන්න අවශ්‍යද? මට කණගාටුයි, නමුත් මම එහෙම කරන්නේ නැහැ."
ෂ්‍යාඕ චීයේ දැන් ඔහු දෙස කෙසේ බැලුවද, ඔහු කිසිඳු යහපතක් නැති අයෙකු ලෙස පෙනුණි, එබැවින් ඔහු පැවසුවේ ය. “ඔබ ලැජ්ජ වෙන්නේ මොකටද? ඔබ පැවසුවේ නැද්ද මම ඕනෙම දෙයකට සවන් දෙනවා කියලා?!"
“ඔබ ඇත්තටම ඉන්නේ හොඳ සිහියෙන් ද?” ශෙන් ස'චුආන් ඔහුගේ හිස පෙන්වීය.
"අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ සියලු නිෂ්ක්රීයයින් අධිරාජ්‍ය හමුදාවට අනුයුක්ත කර තියෙනවා." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "එහෙම නම්, හොඳ සිහියෙන් නොඉන්න කෙනා කවුද?"
ශෙන් ස'චුආන් මොහොතකට නැවතී, “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා මගෙන් මොනවද වෙන්න ඕනේ?” කියා ඇසීය.
ෂ්‍යාඕ චීයේ ගේ කම්මුලේ තවමත් රතු පැහැති සලකුණක් ඉතිරිව තිබුණි. ඔහුගේ ඇහි බැමි අතර තිබූ සතුරු බව පහව ගිය අතර, ඔහු කම්මැලි අලසයෙකුගේ ස්වරූපයක් ගත්තේය. ඔහු ආලින්දයේ අසුන් ගැනීමට හැරෙද්දි ඔහුලේම පාවහන් දෙසට බැල්මක් හෙලුවේ ය.
ශෙන් ස'චුආන් නොපසුබටව සිය දෙතෙලේ කොන් දෙපසට නගා සිනහවී පවසන්නට විය. “ඇත්තෙන්ම”
පසුදා අලුයම, චෙන් යැං ඔහුව රැගෙන යාමට පැමිණි අතර, ශෙන් ස'චුආන් ශියැන්යුන් නවාතැනෙහි ත දොරටුව අසල ලැංලි අසිපත බදාගෙන සිටිනු දුටු විට ඔහු මවිතයට පත් විය. දොරට හේත්තු වී සිටි ශෙන් ස'චුඇන් තම සිරුර කෙළින් කර චෙන් යැංට ආචාර කළේය.
චෙන් යැංට මොහොතකට හිසරදයක් ඇති වූ අතර ඔහු විමසන්නට ව්ය, “ශේන්... රතු අශ්වාරෝහක හමුදාව 3 මෙහි ඉන්නේ ඇයි?” යැයි ඇසීය.
"ජි පෙයි තවමත් සිරගතව සිටිනවා. ඔහුට තවමත් දඬුවම් නියම වෙලා නැහැ." ශෙන් ස'චුආන් කීවේ ය., “අධිරාජ්‍ය ආරක්ෂකයින් තාවකාලිකව ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමාගේ අධීක්ෂණය යටතේ අධිරාජ්‍ය හමුදාව ලෙස සේවය කරනවා.”
චෙන් යැං ඔහුගේ සන්සුන් මුහුණ දෙස බැලූ අතර ඔහුගේ කොඳු ඇට පෙළට සීතලක් දැනුනි. ඔහු යන්තම් හිස වනමින් පඩිපෙළ නැගීමට ඉක්මන් විය.
ශෙන් ස'චුආන් ඔහු උඩුමහලට යන අයුරු බලා සිටියේය. ඒත් එක්වරම ශියැන්යුන් සිය වස්ත්රබේ පහළ කොන් ඔසවාගෙන පඩිපෙල බැම එන්නට වූවා ය. ඇය ආදර වදනින් පැවසුවා ය, "ඔබ තාම කෑවේ නැද්ද? ඔබත් ඒ කිලුටු ඇඳුම් වලින් වෙනස් වෙලා නැහැ. ලිං තිං~"
උඩුමහලේ සිටි ආගන්තුකයා වෙහෙසට පත් ප්‍රකාශයක් සමඟ අක් වැටට එක්ක වී, “ඇයි මහත්මිය තවමත් ලිං තිං එක්ක කතා කරන්නේ? පුංචි කෙල්ලව මුදවා ගත්ත බව ඔබට හැමදාම අමතකයි.”
එය ශියැන්යුන් ලැජ්ජාවට පත් කළේ ය., ඇය පැවසුවේ ය, "මම ඇයට කතා කරන්න පුරුදු වෙලා ඉන්නවා! ගිහින් මේ රතු අශ්වාරෝහක ස්වාමියා ට ආහාර ටිකක් ගේන්න.”
චෙන් යැං ඇතුළු වූ විට, ෂ්‍යාඕ චීයේ තවමත් යහන මත නිදා සිටිනු දුටුවේය. ඔහුට උපස්ථාන කිරීමට අවට කිසිවකු නොසිටි බැවින් චෙන් යැං ඉදිරියට ගොස් “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි, ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි?” යනුවෙන් මෘදු ලෙස ඔහු ඇමතීය.
ෂ්‍යාඕ චීයේ වීඩාබර ලෙස තව තවත් මුහුණ සඟවාගනිමින් නිදාගන්නට වඋවේ ය . ඔහු එක්වරම අසුන්ගත් ඔහු, “ඇයි ඔබ? ශෙන් ලන්චෞකොහෙද?"
"ඔහු පහල තට්ටුවේ බලාගෙන ඉන්නවා. ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමණි... ඔබේ මුහුණට මොකද වුණේ?" චෙන් යැං පුදුමයෙන් ඇසුවේය.
"මම දඩයම් කරද්දී පහර දුන්නා." ෂ්‍යාඕ චීයේ යහනෙන් බැස ඔහුගේ උරහිස් සහ අත් චලනය කළේය. ඔහු ඇසුවේ, “දා ග' ද ඔබට මාව එක්ක එන්න කීවේ?”
"ඒ ගෞරවනීය කුමාරයාණන් ." චෙන් යැං පැවසුවේ, “අපිට පාන්දරින්ම තොරතුරු ලැබුණා. ශාච්යු (4) අන්‍යෝන්‍ය විකුණුම් වෙළඳපොළ ඊයේ රාත්‍රියේ බ්‍යැන්ෂා අශ්වාරෝහක භටයෝ විසින් කොල්ලකෑවා කියලා. මේ කාරණය විස්තරාත්මකව සාකච්ඡා කිරීමට අපට පස්සේ මාළිගාවට ඇතුළු වෙන්න සිදුවේ වි. ලේකම් කාර්යාලය වැඩිහිටි හායි සම්මුතියක් වෙනුවෙන් යුද අමාත්‍යාංශය සහ ආදායම් අමාත්‍යාංශය කැඳවා තිබෙනවා. අපට ලීබෙයි වලට නැවතත් අපේ හමුදා යෙදෙවන්න වෙනවා.”
ෂ්‍යාඕ චීයේ ජලයෙන් මුහුණ පිසදාගෙන පිටතට බැස්සේ ය. ඔහු පහත මාලයට යන විට, ශෙන් ස'චුආන් ආගන්තුකයෙකු සමඟ සිටිනු දුටුවේය. ඔහු පඩිපෙළ කිහිපයක් බැස, කුඩා පිඟාන පිටුපසින් අල්ලා, කෙටි ආහාරයක් මුවට රැවාගත්තේ ය.
ශෙන් ස'චුආන් ඔහු දෙස බලා මෙසේ කීවේය. “හෙමින් කන්න. ඔබ හුස්ම හිරවෙලා මිය ගියහොත් කිසිවෙකුට ඔබව නියමිත වේලාවට බේරා ගත නොහැකි වේවි. ”
ෂ්‍යාඕ චීයේ එය මන්දගාමි ලෙස ගිල දැමීය. ඔහු ඔහුට මදහස පා ඔහුගේ උරහිස මත අත තැබුවේය. ඔහුව පිටතට ගෙන යමින්, ඔහු පැවසුවේ, "ලන්ජෞ..."
ශෙන් ස'චුආන් ඔහු දෙස බැලීය.
ෂ්‍යාඕ චීයේ නිහතමානීව පැවසුවේ, “ඇයි ඔබ තවමත් ඊයේ රාත්‍රියේ දෙයට අමනාපයෙන් ද ඉන්නේ? නින්දෙන් පස්සේ මට දැනටමත් සියල්ල අමතක වෙලා තියෙන්නේ. අපි යමු. දෙවන තරුණ ස්වාමියා ඔබව විනෝද වෙන්න එක්ක යන්නම්…”
ශෙන් ස'චුආන් ඔහුගේ අසිපතෙන් අත ඉවතට ගෙන පවසන්නට විය, “දෙවන තරුණ ස්වාමියාණෙනි, මගේ ගෙලෙහි පිටුපස ස්පර්ශ කිරීමට ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එපා”
◈ ◈ ◈
ලී ජ්යැංහෙන් චලනය වීමට නිර්භීත නොවී මකර සිංහාසනය මත වාඩි වී සිටියේය. ඔහු ප්‍රථමයෙන් හායි ලියැංයී ගේ ප්රකාශනය ඔහුගේ දෑසින් හඳුනා ගැනීමට උත්සාහ කළ අතර, ගෞරවාන්විතව හා ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමට හැකි උපරිමයෙන් උත්සාහ කරන අතරම තම දෑස් එකිනෙනා වෙත යොමු කළේ ය.
"දැන් උත්සව අධ්‍යක්ෂක කාර්යාලයේ බුරුසුවක් දරන අධ්යක්ෂ තනතුර පුරප්පාඩු වී ඇති නිසා, මෙි පැරණි විෂයය විසින් විවිධ අමාත්‍යාංශවල ගිණුම් සියල්ල අත්සන් කිරීමට පෙර මහා ලේකම් කාර්යාලයට යැවූ පසු ඒවා ඔබතුමාට ඉදිරිපත් කරාවි." හායි ලියැංයී මුලින්ම ලී ජ්යැන්හෙං වෙත පැවසුවේ, "ඔබතුමා ඊයේ රාත්‍රියේ ගිණුම් ගැන සිතන්නේ කුමක්ද?"
ලී ජ්යැන්හෙං ඊයේ රාත්‍රියේ රූමත් කාන්තාවක් අතැතිව පිපා වාද්‍ය භාණ්ඩයට සවන් දෙමින් සිටියේය. ඉතින් හායි ලියැංයී ඔහුට කතා කළ විට, ඔහු වහාම වරදකාරී හෘදය සාක්ෂියකින් යුතුව සිය ස්වරූපය වෙනස් කළේ ය, "හරි, හරි!"
හායි ලියැංයී පිටුපස දණින් වැටී සිටි ෂුඒ ෂ්‍යුජුඕ, මුලදී මධ්‍යස්ථ ප්‍රකාශයක් සිදු කළේය. නමුත් මේ වචන ඇසූ ඔහු ඔහුගේ ඇහිබැමි රැළි විය.
හායි ලියැංයී මඳ වෙලාවක් බදා සිටියේ ය. නමුත්ලී ජ්යැංහෙන් තවදුරටත් කීමට අදහසක් නැති බව දුටු ඔහු පැවසුවේ ය, “සරත් සමය දැනටමත් සීතලයි, හිම ගහනයි. ලීබෙයි හි හමුදා යෙදවීමට නම්, ඔවුන් විසින් චූදු වල හමුදා වැටුප් සහ කලින් ගෙවිය යුතු ප්‍රතිපාදන වාර්තා කළ යුතුයි. උතුමාණන් වහන්ස, මේ වතාවේ ඔබට කොපමණ අවශ්‍යද?”
ෂ්‍යාඕ ෆංෂූ සිනාසෙමින් පැවසුවේ, “මම දිගු කලක් අසනීප වී රාජකාරියෙන් ඉවත්ව සිටියා. සියලුම හමුදා කටයුතු දිගු කලක් ජිමිං වෙත පවරා තිබුණා. ජිමිං, ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිට කියන්න අපිට කොයිතරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය ද කියලා.”
ෂ්‍යාඕ ජීමිං දණගසා පැවසුවේ ය, “බ්‍යැන්ෂා වංශ දොළහා මේ අවස්ථාවේ වෙළඳපොළ කොල්ලකෑවේ ශීත හිම වැටීමට ආසන්න නිසයි. විවිධ බ්‍යැන්ෂා වංශිකයන්ගේ ධාන්‍ය සැපයුම අවසන් වී ඇති නිසා ඔවුන්ට හැකි වූයේ අන්‍යෝන්‍ය විකූණුම් වෙළඳපොළ කොල්ලකෑම විතරයි. මෙය අතීතයේ සිදු වූවා නම්, ලිබෙයිහි හමුදා ක්ෂේත්රවලට තමන්ටම සැපයිය හැකි අතර හමුදා සැපයුම් සඳහා සහාය අවශ්‍ය නොවේවි. නමුත් හිටපු අධිරාජ්‍යයා මේ වසරේ අභාවප්‍රාප්ත වුණා, එබැවින් බ්‍යැන්ෂා වංශ දොළොස් දෙනා දැන් අපගේ අවදානමෙන් ප්‍රයෝජන ගව්න සිතනවා වෙන්න පුළුවන්. අපි හමුදා බලමුලු ගන්වන්න නම්, ඔවුන් අපේ භූමියෙන් නෙරපා හැරීම පමණක් නොව, එය ආරක්ෂා කිරීම සඳහා අපගේ හමුදා එහි ස්ථානගත කළ යුතුයි. මම දැනටමත් ආදායම් අමාත්‍යාංශයට අවශ්‍ය මුදල ඉදිරිපත් කර තිබෙනවා.”
අලුතින් පත් කරන ලද ආදායම් අමාත්‍යවරයා ස්මාරකය එළියට ගත්තේය. ශංලූ එය ලී ජ්යැංහෙන් වෙත පිරිනැමීය.
ලී ජ්යැංහෙන් මොහොතක් ඒ දෙස බලා මෙසේ පැවසීය: "මුදල් මිලියන 1.2. එහි ඇති දුෂ්කරතාවය මොකක් ද? සොල්දාදුවන් සීතලෙන් හා බඩගින්නේ නොසිටින තාක් කල්."
ආදායම් අමාත්‍ය දියන් ජින් මදක් ලැජ්ජාවට පත් විය, “අධිරාජ්‍යයාණන් එය දන්නේ නැහැ, නමුත් අපට තවමත් පසුගිය වසරේ අඩුව පිරිමසාගන්න බැහැ. ඒවගේ කෙටි දැනුම්දීමකින් රාජ්‍ය භාණ්ඩාගාරයට එතරම් මුදලක් නැහැ.”
ලී ජ්යැංහෙන් පැවසුවේ ය, "එසේ නම්, මුදල් මිලියනයක් ඇති වේවි, හරිද?"
චියන් ජින් දණගසා පැවසුවේ ය, “සරත් සෘතුවේ දඩයම අතරතුර, අෂ්ඨ මහා පුහුණු අංශ බලමුලු ගැන්වීම සඳහා අපට මුදල් 230,000 ක් වැය වූනා. හිටපු අධිරාජ්‍යයා 540,000 ක් වැය කළා. රාජ්‍ය භාණ්ඩාගාරයේ ඉතිරිව ඇති මුදල් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ සියලුම නිලධාරීන්ට හිඟ වැටුප් ගෙවීමට තවමත් යෙදවීමට සිදුව තිබෙනවා. එය ඉතා ඉක්මනින් වසර අවසානයේදි අවසන් වේවි, සිවිල් නිලධාරීන් සියලු දෙනාම අලුත් අවුරුද්ද සැමරිය යුතුය. අපට අනිවාර්යයෙන්ම මිලියනයක් නැහැ. උතුමාණෙනි , අපට ලිබෙයිවල සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට වෙන් කළ හැක්කේ මුදල් 600,000 ක් පමණි. "
ලී ජ්යැංහෙනි අධිරාජ්‍යයෙකු ලෙස දිළිඳු වීමට සිදුවේ යැයි සිහිනෙන්වත් සිතා නොතිබුණි. ඔහුට ලිබෙයිට උදව්වක් කිරීමට අවශ්‍ය වූ අතර, එසේ කිරීමෙන් ෂ්‍යාඕ චියේ ද සනසා ගත හැකිය. මුදල් හිඟ වේ යැයි අපේක්ෂා කළේ කවුද? මෙය හදිසියේම ඔහුව එතරම් අපහසු ස්ථානයකට පත් වී ඇති අතර ඔහුට මේසය යටට යාමට බොහෝ දේ අවශ්‍ය විය. ඒ වෙනුවට ඔහු කීවේ නොපැහැදිලි පිළිගැනීම් කිහිපයක් පමණි.
මිංලී ශාලාව මොහොතකට නිහඬ විය.
ෂුඒ ෂ්‍යුජුඕ හදිසියේම කෑගැසුවේය. "මහරජතුමනි, මේ නිහතමානී විෂයට මගක් තියෙනවා."
ඔහු තම ගැලවුම්කරුව දුටුවාක් මෙන්, ලී ජ්යැංහෙන් පැවසුවේ ය, “කරුණාකර කතා කරන්න. මට කියන්න."
ෂුඒ ෂ්‍යුජුඕ පැවසුවේ ය, “හුආ කන්ඩායම බලයේ සිටින විට, ඔවුන් සමහර ලාභ ලැබීය හැකි සේවල් සඳහා මිලක් නියම කරලා ගෙවිය හැකි සියල්ලන් පිළිගත්තා. ඔවුන් සෑම වසරකම එකතු කරන ලද 'ශීත ගෞරවය' (9) විශාල මුදලක් විය. ඉන්පසුව, ප්‍රසම්පාදන වල ඇති හිඩැස්වලින් ප්‍රයෝජන ගෙන අමු අමුවේ ධනය රැස් කළ පෑන් රුගුයි ඉන්නවා. මේ දෙන්නම දැන් සිරගතකර තිබෙනවා. හමුදා අරමුදල් සඳහා සහනාධාර ලබා දීම සඳහා හුආ සහ පෑන්ගේ කුටුම්භ ද්විත්වයම සෝදිසි කර ඔවුන්ගේ දේපළ රාජසන්තක නොකරන්නේ ඇයි? ෂී වංශයේ දෙවන තරුණ ස්වාමියා , ෂී හොංෂුආන් , දැනටමත් සංශෝධන සිදු කර තිබෙනවා, ෂී ගූ'අන් පුද්ගලිකව තමන්ගේම හමුදාවක් ගොඩ නැගීම පිළිබඳව වාර්තා කිරීම සඳහා ඊයේ අධිකරණ සමාලෝචන අධිකරණයට ලේඛනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු ෂී ගූ'අන් කාර්යාලයේ සිටියදී අෂ්ඨ මහා පුහුණු අංශවල හිස් ගිණුම් ආපසු ගෙවීම වෙනුවෙන් චූදු හි ෂී වංශයේ වාසස්ථානය පවා බදු දුන්නා. "
ඔවුන් වාසස්ථාන වැටලීමට යන බව කණ වැකුණු මොහොතේම ලී ජ්යැංහෙන්, ක්ෂණික උනන්දුවක් දැක්වීය. එය උත්සාහ කිරීමට ආශාවෙන් ඔහු පැවසුවේ ය, “ඇත්තෙන්ම! මම...මම මේ ගැනත් හිතාගෙන ඉන්නවා!”
හාබි ලියැංයී මොහොතකට පසුබට වී, "එය සුදුසු නැහැ. අධිකරණ සමාලෝචන අධිකරණයේ නැවත විභාගය තවමත් අවසන් වෙලා නැහැ. අපි කොහොමද නීතිය මඟහැර දඬුවම් කෙළින්ම ක්‍රියාත්මක කරන්නේ?”
ෂුඒ ෂ්‍යුජුඕ පැවසුවේ ය, “එය හදිසි අවස්ථාවක්. අපිට විකල්පයක් නැහැ. චූදු වලට නැවත නඩු විභාගය අසනකල් රැඳී ඉන්න පුළුවන්, නමුත් බ්‍යැන්ෂා අශ්වාරෝහකයන්ට බැහැ. ලිබෙයි වල සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට කුසගින්නෙ යුද්ධයකට යන්න අපට ඉඩ දෙන්න බැහැ. "
හායි ලියැංයී තවමත් පසුබට වූ නමුත් ලී ජ්යන්හෙං ඔහුගේ අනුමැතිය ලබා දීමට ඒ වන විටත් මේසයට තට්ටු කර තිබුණි.
ඔවුන් පිටතට පැමිණි විට, ෂ්‍යාඕ ජීමිං පෙරදි මුළු කාලය පුරාවටම නිශ්ශබ්දව සිටි චී ජූයින්ට ට පැවසුවේ ය, "බ්‍යැන්ජුන් අණදෙන නිලධාරියට කොහොමද?"
චී ජූයින් වර්ෂාවේ හඩට කන්දෙමින් පවසන්නට විය, “ලූ ගඅන්බායි තවමත් බ්‍යැන්ජුන් හි සිටින නිසා බ්‍යැන්ෂා වංශ දොළහට ස්වභාවිකවම චලනයක් සිදු කරන්න බැහැ. නමුත් ලිබෙයි වල ප්‍රධාන අණ දෙන නිලධාරියෙක් නාහැ; එ් ගැන ඔබට අනිවාර්යයෙන්ම සොයාබලන්න ඕනේ."
ෂ්‍යාඕ ජීමිං මොහොතක් සිටගෙන සුසුම්ලමින් පවසන්නට වූයේ ය. “හමුදා කුසලතා ඇති මිනිසුන්ට පැමිණීම දුෂ්කරයි. ඔවුන් සොයා ගැනීම පහසු නැහැ. ”
චී ජූයින් පැවසුවා ය, "චූදු වල තත්වය කෙසේ වුනත්, ඔහුගේ නිවස ආරක්ෂා කිරීම සහ ඔහුගේ රට ආරක්ෂා කිරීම අණ දෙන නිලධාරීන්ගේ සහ සේනාධිපතිවරුන්ගේ යුතුකමක්. ජිමිං, හමුදා කුසලතා ඔප්නංවා ගැනීම දුෂ්කර වේවි, ඔවුන් පෝෂණය කිරීම හා පුහුණු කිරීම පහසු නොවේවි. ලීබෙයි දජෞ වල මායිමේ දැඩි ලෙස ආරක්ෂා කළ භූමියක්. ඔබ තවමත් අනුප්‍රාප්තිකයෙකු තෝරා නොගත්තොත් නම් එය ලිබෙයි වෙත හානිකරඉවේවි".
ඔවුන් සෑම කෙනෙකුගේම මුල් අභිලාෂය වූයේ එක් පාර්ශ්වයක ධෛර්ය සම්පන්න සෙන්පතියෙකු වීම සහ දජෞ හි අපරාජිත බලකොටුවක් වීමය. කෙසේ වෙතත්, මිනිසෙකු අවසානයේ වයසට යන්නේ ය.
සමස්ථ හමුදාවක ජීවිත එක් පුද්ගලයෙකුට පැවරීම සහ සම්බන්ධ කිරීම වසර කිහිපයක් පමණක් නම් එය නොසලකා හැරිය හැකිය, නමුත් එය දශකයකට වැඩි කාලයක් හෝ දශක කිහිපයකට වඩා වැඩි කාලයක් පැවතීමට ඉඩ දෙන්න, සහ ලිබෙයිගේ සන්නද්ධ අශ්වාරෝහක හමුදාව එය කළ නොහැකි වනු . ෂ්‍යාඕ ජීමිං නොමැතිව කිසිවක් සිදුකළ නොහැකි ය.
යම් දවසක ලිබෙයිගේ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට ෂ්‍යාඕ ජිමිං අහිමි වුවහොත්, දශක ගණනාවක් සිය කීර්ති නාමයට කිසිදු කැළලක් නොමැතිව යුධ පිටියේ උත්තරීතර ලෙස රජකම් කළ හමුදාවට කුමක් සිදුවේවිද?
"මම දන්නවා ඔබට ආ-යේ ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියලා." චී ජූයින් පඩිපෙළ බැස ඉක්මන් නොවී හිස පිටුපසට හරවා ගත්තාය. “නමුත් ඔහු කිසි දිනක චූදු වලින් පිටතට පියාසර කරන්න නියම කරලා නැහැ. ඔබ ඔහු වෙත ඔබේ ඇස් යොමු කළා. ඔබ කවදාවත් ඒ ගැන කතා නොකළත් මේ අවුරුදු ගණනාව පුරාම ඔහු එය දුටුවේ නැහැ නියලා ඔබ සිතනවාද? ඔබ ඔහු කෙරෙහි වැඩි බලාපොරොත්තු තබාගෙන සිටින තරමට, ඔහු වඩාත් වේදනාවට පත් වේවි. ගීබෙයි ඔහුගේ පියාපත් නෙමෙයි ඒ ඔහුගේ සිර කූඩුවයි. ජිමිං, ඔබ සහ මම වසර ගණනාවක් තිස්සේ මිතුරන් වෙනවා. මම ඔබට උපදෙසක් දෙන්නම්. වෙන කෙනෙක් තෝරගන්න."
ඈතින් ඇති මාලිගා කොත් සියල්ල මීදුමෙන් වැසී ගියේ ය. හුදකලා කපුටෙක් කිහිප වතාවක්ම කෑ ගැසූ අතර, තවත් වරක් නිශ්ශබ්දතාවය පැතිරී ගියේ ය.
අරුත් පැහැදිලි කිරීම
1.) කූඩුවේ ඇතිකරන කුරුල්ලා පැරැණි වනාන්තර වලට ආශා කරනවා. ඒවගේම විලේ ඉන්න මත්ස්යයට ගැඹුරු සමුදුර මඟහැරෙනවා. (අවධානය මඟහැරීම, පිටත ලෝකය ගැන අවධානය මදිකම. )
2.) ඔබත් ශෙන් වංශයේ කෙනෙක්. ඉතිං ඔබට චෝදනා නොකර ඉන්නේ කොහොමද?!” (පියා සිදුකළ දෙයට පුත්‍රයාද වගකිව යුතුය. )
3.) රතු අශ්වාරෝහක හමුදාව / බලඇණිය (අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ සේවකයන් ය.රතු පැහැ ඇදුමින් ඔවුන් සැරසී සිටියි. )
4.) ShaQiu (沙丘) - කාන්තාර වැල්ල
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment