Skip to main content

විසි හයවන පරිච්ඡේදය : තුහින

 


වෙයි රාජකීය භාර්යාව අවිනිශ්චිත භාවයකින් යුතුව පිය මනින්නට විය. ඇය වටා තිබූ නුහුරු මාළිගා බිතු දුටු ඇය චකිතයෙන් යුතුව අසන්නට වූවා ය.

 ගොංගොං, අපි ඇයි තවමත් එතැනට නොගියේ? වැන්දඹු අධිරාණිය කොහෙද?”

නපුංසකයා ඇයව ගණනකට නොගෙන ඉදිරියට යන්නට විය.

වෙයි රාජකීය භාර්යාවගේ හිසකෙස් හිටිවනම සිටගන්නට විය . ඈ නැවති ව්‍යාජ උදරාබාධයක් මවා පාමින් නැවතත් යා යුතු බව පවසන්නට විය. 

ඇය මෙම නපුංසකයා මීට පෙර කිසිම අවස්ථාවක මඟ පෙන්වනවා ඇය නොදුටුවා ය. ඒ නපුංසකයා තරුණ හුරුපුරුදු නොවූවෙකි. නපුංසකයා සිය හිස පිටුපසට හරවා ඇයි දෙස බලා,  මෘද හඬින් පවසන්නට වූයේ ය, “අපි ඉක්මනින් එතැනට යනවා. වෙයි රාජකීය උපභාර්යාවට ඇවිදන්න උදව් කරන්න. අපිට න්‍යැන් න්‍යැන්ට වැටෙන්න දෙන්න බැහැ.”

 දෙපාර්ශ්වයේම නපුංසකයෝ ඇයට සහය වීම සඳහා අධිරාජ්‍ය උපභාර්යාව වහා අල්ලා ගත්හ. වෙයි  අධිරාජ්‍ය උපභාර්යාව අරගල කරන්න පටන් ගත්තා.  ඇය කෑගසන්නට කටහඬ අවදි කළ නමුත් ඇගේ මුව වසා තිබුණේ ය.  නපුංසකයෝ නිහතමානීව ඇයව ඔසවාගෙන වේගයෙන් ඉදිරියට ගියහ.

 පාළු බිමෙහි මධ්‍යයේ ළිඳක් තිබුණි, ළිඳේ පතුලෙහි ජලය මදක් ඉතිරිව තිබුණේ ය.

 නපුංසකයා ඔහුගේ හිස ඔසවමින්, “මේ දැන්ම.  න්‍යැන්න්‍යැන්ව ඇතුළට දමන්න."

වෙයි අධිරාජ්‍ය උපභාර්යාව ඇගේ මුළු ශක්තියෙන්ම අරගල කළ අතර හොඳින් නඩත්තු කරන ලද ඇගේ නියපොතු නපුංසකයාගේ අත සීරීමට ලක් කළේ ය.  ළිඳ අද්දර එල්ලී සිටි ඇය හිස වනමින් හඬද්දී ඇගේ හිසකෙස් අවුල් විය.

 නපුංසකයා ඇගේ සියුමැලි හස්තය ගසාදමා මිනිසුන්ට ගල ඔසවන ලෙස අනුකම්පා සහගත හඬින් කීවේය.

 ඉන් පසු නැගුණු "ප්ලොප්" හඬ කහ පැහැ

 බිත්තියට උඩින් අත්තක සිටි කුරුල්ලන්ව බිය ගැන්වුවේ ය.

         

ෂියන්දේ අධිරාජ්‍යයා අශ්ව කරත්තය තුළ වැතිර සිටි අතර, ලී ජ්‍යැංහෙන් ඖෂධ බඳුනක් අතැතිව ඔහුගේ පසෙකින් දණ ගසා සිටියේය.

 ෂියන්දේ අධිරාජ්‍යයාගේ හුස්ම ගැනීම කොතරම් දුර්වල වීද යත් ඔහුට කැස්සක් පිටකිරීමට පවා නොහැවිය.  ඔහු ලී ජ්‍යැංහෙන් ට සංඥා කළේය.  අනිකා ඉක්මනින් බෙහෙත් බඳුන පැත්තකින් තබා දණින් වැටෙන්නට විය.  ඔහු පැවසුවේ ය. “අධිරාජ්‍ය වැඩිමහල් සහෝදරයා, ඔබට සුවයක් දැනෙනව ද?”

 ෂියන්දේ අධිරාජ්‍යයා ලී ජ්‍යැංහෙන් ගේ අත අල්ලාගෙන දැඩු ශ්‍රමයකින් පසුව පවසන්නට විය.  "ජ්‍යැංහෙන්"

 "ඔබේ බාල සහෝදරයා මෙතැන ඉන්නවා." ලී ජභැංහෙන් නැවතත් අඬන්නට විය.  “ඔබේ නුඩා සහෝසරයා මෙතන ඉන්නවා”  ඔහු කීවේය.

 හිටපු අධිරාජ්‍යයට ඔහුගේ අවසාන කාලයේදී අන් අයගෙන් බාධා ඇති වුනා.  එකල නැගෙනහිර මාලිගයේ ඔටුන්න හිමි කුමාරයා මගේ වැඩිමහල් සහෝදරයයි.  එතකොට මම මම…” ෂියන්දේ අධිරාජ්‍යයා ඔහු දෙස බලා, “මම ඔබ වගේ, වැඩකට නැති කුමාරයෙක් වෙලා හිටියා.  ලෝකයේ මාර්ග අනපේක්ෂිතයි.   අවසානයේ මේ අධිරාජ්‍යය මගේ අතට පත් වුණා.  නමුත් මම සිංහාසනයට පත් වූ දවසෙ ඉදන්, මම පාලනය කර ඇත.  මා ගත්ත හැම පියවරක්ම තිරයක් ඉදිරියේ හිටපු රූකඩයක් වගෙයි.  රාජකීය මව්තුමියට මම සිනහවෙන් ඉන්න අවශ්‍ය නම් මම හිනා වුනා. දැන් ඇයට මා මැරීමට අවශ්‍ය නම්, මම දැන් මියයන්න ඕනේ."

 ලී ජ්‍යැංහෙන් ගේ හුස්ම සිරවිය.

 ෂියන්දේ අධිරාජ්‍යයා පැවසුවේ, “අනාගතයේදී ඔබ ඒවගේ හුදෙකලා පුද්ගලයෙක් බවට පත්වේවි.”2

 එක්වරම ලී ජ්‍යැංහෙන් කඳුළු සපන්නට විය.  ඔහු ෂියන්දේ අධිරාජ්‍යයාගේ අත අල්ලාගෙන ආයාචනා කළේය, “අධිරාජ්‍ය වැඩිමහල් සහෝදරයා!  මම ඔහු වගේ වෙන්නේ කොහොමද?  මම ලී වංශයේ පණුවෙක් විතරයි.  මම ගෞරවනීය ස්ථානයක වාඩි වී ඉන්නේ කොහොමද?  අධිරාජ්‍ය වැඩිමහල් සහෝදරයා, මට බයයි, මට ගොඩක් බයයි."

 " බය වෙන්න එපා."  හදිසියේම පිරුණු ජවයකින්, ෂියන්දේ අධිරාජ්‍යයා  ලී ජ්‍යැංහෙන් ගේ අත තදින් අල්ලාගෙන ඔහුගේ දෑස් විවර කළේය.  “ඔබ මට වඩා වෙනස්... අධිරාජිනියගේ ඥාති සහෝදරියන් අහිමි වෙලා!  හුආ සීචියන් සඳහා ඉතිරිව ඇත්තේ මරණය විතරයි.  පෑන් රුගුයි සඳහාත් එසේමයි.  ඔබ ඔවුන්ව මරා දැමුවහොත්, අධිරාජිනියට උදව් කිරීමට කිසිවෙකු ඉතිරි නොවේවි!  එතැන් සිට, බලය ඔබ වෙත ආපසු ලැබේවි.  ඔබ ... ස්වර්ගයට යටින් ඇති සියලුම දේශවල පාලකයා වේවි!  මට කරන්න බැරි උන දේ... ඔබට කරන්න පුලුවන්... මට..."

 ෂියන්දේ අධිරාජ්‍යයා කොතරම් දරුණු ලෙස කැස්ස පිටකලාද යත්, ඔහු මුළුමනින් වෙව්ලන්නට විය.  ලී ජ්‍යැංහෙන් නිදහස් කිරීමට අකමැති වූ ඔහු, ඔහුගේ මුඛයේ වූ ​රුධිරය සමඟ දිගටම කතා කරන්නට විය.

 වැන්දඹු අධිරාජිනියගේ ඥාතීන් ඉවත් කර අධිකරණ නිලධාරීන් අධීක්ෂණය කරන්න.  හුආ වංශය ඉවත් කරන්න.  ඒවගේම ... ඒවගේම තවත් දෙයක් ... ඔබ මතක තබා ගත යුතුයි.  අධිරාජ්‍ය බල යහනේ කිසිවකුටත් හොඳින් නිදා ගැනීමට ඉඩ දෙන්න එපා!(2) අද... ඔබව බේරගත්ත අය. .. හෙට ඔබව මරා දමන්න​​ට උත්සහ කරාවි.  හමුදා බලය දරුණු කොටියෙක් වගේ... ෂ්‍යාඕ..."

ෂියන්දේ අධිරාජ්‍යයා නැවුම් රුධිරය වමනය කරන්නට විය. එය ලී ජ්‍යැංහෙන් ව කලබල කරන්නට සමත් විය.

“… කොහොමටවත්…” ෂියන්දේ අධිරාජ්‍යයා හුස්ම හිරකරමින් ලී ජ්‍යැංහෙන් ව තදින් අල්ලාගෙන සිටි අතර ඔහුට එය වේදනා ගෙන දුන්නේ ය.  "කවදාවත්... නිදහස් කරන්න එපා... ආ- යේ..."

 කිසි විටෙකත් ආ-යේ ව නැවත ලීබෙයි වලට මුදා හරින්න එපා!

 ඔහු ධනවත් තරුණ ස්වාමියෙක් හෝ අසාමාන්‍ය දක්ෂයෙකුද යන්න ගැටළුවක් නොවීය.  ඔහු මෙහි සිටි තාක් ෂ්‍යාඕ  වංශය ඔවුන්ගේ සුනඛ පෝතකයන් වන්නේ ය.  අධිරාජිනිය ගේ ඥාතීන් පරාජය වී ඇතත්, ඉන් අදහස් කළේ දේශසීමා ඔවුන්ගේම පෞද්ගලික හමුදාවක් එක්රැස් කර මධ්‍යම පරිපාලනයට අභියෝග කිරීමට ඔවුන්ගේ බලය තහවුරු නොකරන බව නොවේ.  හුආ වංශය නොමැතිව, ෂ්‍යාඕ වංශය පාලනය කළ හැක්කේ වෙන කාටද?!  අධිරාජ්‍ය හමුදාව පරිහානියට පත් වූ සමූහයක සිට කැපී පෙනෙන සොල්දාදුවන් බවට පරිවර්තනය කිරීම සඳහා වසර පහක් පුරා නිහඬව එය විඳදරාගැනීමට හැකියාවක් ෂ්‍යාඕ චියේ සතු වූ බැවින්, ඔහුට නැවත ලිබෙයි වෙත යාමට ඉඩ දීමට පෙර ඔවුන් ඔහුට තවත් වසර පහක් ලබා දුන්නේ දැයි සිතා බලන්න... ඔහු එයට අකමැති නම්?  එවිට  තර්ජනයක් ඇති නොවන්නේ ද?!

ලී ජ්‍යැංහෙන් හිස් කටහඬකින් විමසුවේ ය, "අධිරාජ්‍ය වැඩිමහල් සහෝදරයා... අපි කොහොමද ඒක කරන්නේ... අධිරාජ්‍ය වැඩිමහල් සහෝදරයා..."

 "ඔහුගේ බලය ඉවත් කර (3) ඔහුගේ හමුදාව අඩු කරන්න."  ඹියන්දේ අධිරාජ්‍යයා දුර්වල ලෙස පැවසුවේ ය, "... අවශ්‍ය වෙලාවට... මරන්න... මරන්න..."

 ඔහුව මරන්න.

 ඔහු දෑස් පියාගෙන සිටිනු දුටු ලී ජ්‍යැංහෙන් ක්ෂණිකව විලාප දුන්නා.  ඔහුගේ මරණයට පෙර පවා ෂියන්දේ අධිරාජ්‍යයා කිසි විටෙකත් ඔහුගේ අත මුදා හැරියේ නැත.  ඔහුගේ ප්‍රකාශනයේ තිබූ අමනාපය සහ අඳුරු බව කිසිවිටෙක පහව නොගියේ ය.

 ඔහු වසර නවයක් පුරා සිහසුනේ සිටි අතර,  ඔහු අධිරාජිනිය ඉදිරියේ එක් වරක්වත් තීරණයක් ගෙන නොතිබුණි.  ඔහුගේ ආහාර වේල, ඇඳුම් පැළඳුම්, වියදම් සහ ඔහුගේ කුටියේ රාත්‍රිය ගත කිරීමට ස්ත්‍රියක් තෝරා ගැනීම ගැන පවා පිළිබඳ අවසාන ප්‍රකාශය කළේ වැන්දඹු අධිරාජිනියයි. ඔහු මේ ජීවිතයේ මෙතෙක් කර ඇති විකාරම පියවර වූයේ චීදොං සමඟ රහසේ සන්නිවේදනය කිරීමයි. ලී ජ්‍යැංහෙන්  සඳහා සිංහාසනයට සුමට මාර්ගයක් සේ පෙනෙන දඩයම් භූමියේදී, ෂී ගු'අන්ව ඔහුගේ පැත්තට ඇද ගන්නට ඔහු වෑයම් කළේ ය.

 ඔවුන් ආපසු යන ගමනේ දිගු පෙළපාලිය නතර වූ අතර, ශෝක විලාපයන් දසත රැව් දුන්නේ ය.  අමාත්‍යවරු විශාල පිරිසක් දණ ගැසීය.  හායි ලියැංයී කඳුළු වගුරවමින් සහ හඬමින් හුස්ම හිරකරගන්නට උත්සුක විය.  ඔහු "මහරජතුමනි" යැයි කෑගැසුවේය, මෙය ෂියන්දේ අධිරාජ්‍යයගේ අවසාන ගෞරවය විය.

 චූදු හි අවමංගල්‍ය සීනුව ඉතා දිගු වේලාවක් නාද වූ අතර මුළු රටම වේදනාබර කඳුළු සලමින් සුසුම් හෙළුවේ ය.

         

වැන්දඹු හුආ අධිරාජිනිය යහන මත වාඩි වී ෂියන්දේ අධිරාජ්‍යයාගේ ගිරවා පෝෂණය කළාය.

 සීනු හඬට සවන් දුන් ගිරවා “ජියන්යුන්!  ජ්‍යැන්යුන්!  ජ්‍යැන්යුන් ආයෙමත් ඇවිත්!"

 වැන්දඹු හුආ අධිරාජිනිය අසල ඇති නැගෙනහිර මුතු දෙපසට පැද්දුනේ ය. “ජ්‍යැන්යුන් ආපසු ඇවිත්”

 එවිට ගිරවා කෑගැසුවේ, “රාජකීය මව්තුමී!  රාජකීය මව්තුමියනි!"

  හුආ අධිරාජිනිය ඇගේ ලී හැන්දට තට්ටු කරමින් නිශ්චලව සිටියාය.  හිසෙහි වූ සුදු හිසකෙස් තවදුරටත් වසාගත නොහැකි වූ අතර ඇගේ ඇස් කොනෙහි වූ සියුම් රැලි අගනා පිඟන් මැටිවල ඉරිතැලීම් මෙන් දිස් විය.

 ගිරවා තවත් කිහිප වතාවක් කෑ ගැසුවේය, ඌ හදිසියේම කූඩුවට වැටී නිශ්චල විය.

 හුආ අධිරාජිනිය ලී හැන්ද පසෙකින් තබා සීනුව නාදය නතර වන තුරුම නිහඬව වාඩි වූවාය.  ඉන්පසු, “වෙයි අධිරාජ්‍ය උපභාර්යාව නොහෙද?  ඇයි ඈ එන්න මෙච්චර කල් ගන්නේ?"

         

ෂියන්දේ අධිරාජ්‍යයා නිසා, ෂ්‍යාඕ චියේ  නැවත අගනුවරට පැමිණි පසු කොතරම් කාර්යබහුලද වී ද යත්, ඔහුට හුස්ම ගැනීමට පවා නොහැකි විය.  දින කිහිපයක් ඔහු සෙසු නිලධාරීන් සමඟ දණින් වැටී සිටියේය.  ඔහුට ඇත්තටම වැතිරීමට හැකි වන විට, ඔහු බොහෝ වෙහෙසට පත්ව සිටියේය.

 නමුත් ඔහු මිය ගියද, ඔහුට තවමත් ස්නානය කිරීමට සිදු විය.  ෂ්‍යාඕ චියේ  ඔහුගේ සිරුර පිසදමද්දී, ඔහුගේ උරහිස් මත ඇති සීරීම් සහ තණකොළ ඒ වන විටත් සීරීමට ලක්ව ඇති බව ඔහු දුටුවේය.  ඔහු අලුත් වස්ත්‍රයක් හැඳ එළියට පැමිණෙද්දී  චෙන් යැං දුටු ඔහු “කෝ ඒ මනුස්සයා” යැයි ඇසුවේ ය.

 මෙවර ඔහු අදහස් කළේ කවුදැයි චෙන් යැං දැන සිටියේය.  ඔහු පිළිතුරු දුන්නේ, “අධිරාජ්‍ය ආරක්ෂකයෝ ප්‍රතිසංවිධානය වෙමින් පවතින නිසා ඔහුට මේ දින කිහිපය තුළ නැවත බඳවා ගැනීමට සිදුවේවි.  ඔහු වැඩිය නිවසට ගියෙත් නෑ."

 "මම අහන්නේ..." ෂ්‍යාඕ චියේ පැවසන්නට විය "ජී ලෙයි කොහෙද?  ඔබ කවුරු ගැනද කියන්නේ?"

 චෙන් යැං මදක් ලැජ්ජාවෙන් ඔහුගේ හිස අතගෑවේ ය, “ඔහ්, ජි ලෙයි.  ඔහු රඳවාගෙන ඉන්නේ.  නව අධිරාජ්‍යයා සිංහාසනයට පත්වීමෙන් පස්සේ ඔහුව හිස ගසා මරා දැමාවි. ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා, ඒ පුද්ගලයව සිරකර තැබුවේ ඔබ නොවේද?”

 ෂ්‍යාඕ චියේ ඔහුගේ පිටත ඇඳුම ඇඳගෙන, “මට අමතක වුණා” යැයි බැරෑරුම් ලෙස පවසන්නට විය.

         

ශෙන් ස'චඇන්, ' චිංචිං සහ ෂ්‍යාඕවූ නූඩ්ල්ස් හළේ ඔවුන්ගේ නූඩ්ල්ස් ආහාරයට ගමින් සිටියහ.  ඔවුන් භෝජන සංග්‍රහයෙන් අඩක් අවසන් වූ විට, ෂ්‍යාඕවූ හදිසියේම ඉදිරිපස බලාගත්තේ ය.

 ශෙන් ස'චඇන් පිටුපස බැලූ අතර ෂ්‍යාඕ චියේ රිදී කාසි ස්වල්පයක් හිමිකරු වෙත විසි කරන අයුරු දුටුවේය.  ඉන්පසු ඔහු අසල හිඳ ගනිමින් තම වස්ත්‍රය මදක් ඔසවා “නූඩ්ල්ස් භාජන දෙකක්” යැයි පැවසීය.

 ෂ්‍යාඕවූ ඔහුගේ නූඩ්ල්ස් ස්වල්පය නැවතත් බදුන​ට දමාගෙන දණගසාගෙන අසල වූ වෙනත් මේසයක් මතට ගියේ වටුවෙක් මෙනි.  ෂ්‍යාඕ චීයේ ගේ බැල්ම යටතේ, 'චිංචිං ද ඔහුගේ බඳුන රැගෙන ඉවතට ගියේය.

 ශෙන් ස'චඇන් ඔහු ගෙනසිටි නූඩ්ල්ස් නැවතත් බඳුනට දැමුවේ ය. “මම ආහාර අර​න ඉවරයි”

 "ඒක අවසන් කරන්න."  ෂ්‍යාඕ චීයේ කෑමකූරු ඇද ඒවා ශෙන් ස'චඇන් මත

 තද කළේය, "මම දිහා බලන්න බයද?  බලන්න, ඔබ පලා යාමට කොතරම් ඉක්මවා වෙනවද කියලා"

 "ඇත්ත වශයෙන්ම."  ශෙන් ස'චඇන් මන්දගාමිව නූඩ්ල්ස් අහුරක් ගත්තේ ය.  "ඕනෑම කෙනෙක්... එක පාරක් බිම දැමුවොත් බය වෙන්න ඕනෙ තමයි. "

 "එදජ අපි අධිරාජ්‍යයා ආරක්ෂා කරද්දි ඔබ ඉතා වේගයෙන් පැනගත්තා."  ෂ්‍යාඕ චීයේ ගේ නූඩ්ල්ස් පැමිණි අතර ඔහු එයට විනාකිරි වත් කළේය.  “ඔබට උසස්වීමක් ලබාගන්න ඒක හොඳ අවස්ථාවක් නේ.  ඇයි පැනලා ගියේ?"

 "මම ඒවගේ කිසිම දෙයක් කරලා නැහැ."  ශෙන් ස'චඇන් සූපයට පිඹ පානය කරන්නට විය. "ඉතින් ඇයි මම විනෝදජනක දේවල් වලට එකතු වෙන්නේ?"

 ෂ්‍යාඕ චීයේ ඔහුගේ නූඩ්ල්ස් ආහාරයට ගැනීමට පටන් ගත්තේ ය.  ඔහු අවසන් වීමට ආසන්න වූ විට, ඔහු හදිසියේම හඬ අවධි කරන්නට විය, “ඒ ගැන හිතලා බලන්න, ඔබ එදා රාත්‍රියේ බොහෝ වේලාවක් මා පිටුපසින් සිටියා, නේද?  කවුද ඒක තෝරගත්තේ? ඇයි ඔබ එයට ඇහුම්කන් නොදුන්නේ?  ෂී ගූ'අන් චූදු වලින් ඉවත් කළහොත්, ඔබ මට පිහියෙන් අනීවි.  ෂී ගූ'අන් එසේ නොකළා නම්, ඔබ මට අත දේවි.  පරිපූර්ණ අවස්ථාව ගැන විමසිල්ලෙන් ඉන්න වුනේ ඔබ ඔබේ පියවර ගන්න මම වැටෙන තෙක් බලා හිටපු නිසයි. ”

 "එහෙනම් ඔබ වාසනාවන්තයි."  ශෙන් ස'චුආන්  හිස වනමින් සිනාසුණේය, "ඔබ තවමත් ජීවතුන් අතර"

 ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “එම ඊතලය මට එල්ල කළ තැනැත්තා ඔබ වෙන්න බැරිද?  මම භයානක තත්වයක හිටියේ නැත්තං, ඔබේ උදව් වැදගත් වන්නේ කොහොමද? ”

 "මම කරපු විශාල උදව් උපකාර වෙනුවෙන් මම කිසිම දෙයක් ඉල්ලුවෙත් නෑ."  ශෙන් ස'චඇන් පැවසීය.  "ඇයි ඔබ තාම හිතන්නේ මම ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා?"

 "ඔබ ආපසු කිසිවක් ඉල්ලා නොසිටීමයි ගැටලුව."  ෂ්‍යාඕ චීයේ සන්සුන් වූ බවක් පෙනෙන්නට නැත.  ඔහු තම කෑමකූරු පසෙකින් තබා, “එදා ඔබ චූ කුමරු ඉදිරියට නොආවේ, ඒ ඔබ ජි ලෙයිට බිය වූ නිසාද, නැත්තං හුආ සීචියන් යමක් හෙළි කරයි කියලා බිය වූ නිසාද?”

 ශෙන් ස’චුආන් ඔහුගේ තඹ කාසි පිළිවෙලට ගොඩගසා, පසුව ෂ්‍යාඕ චීයේ වෙත ළං ව රහසින්, “වැරදියි.  මම ඔබටයි බය වුනේ." පැවසීය.

 ෂ්‍යාඕ චීයේ එයම නැවතත් පවසන්නට විය, "මට බයද?"

 "ඒක දරාගන්න අමාරුයි, කොල්ලෝ."

 ඔහු වටා වූ මිනිස් කටහඬ බොහෝ ඈතට පෙනුනි.  ෂ්‍යාඕ චීයේ ගේ සවනෙහි මේ කටහඬ පිරී ගියේ ය.  මේ වචනය නිසාම, ශෙන් ස’චුආන් අද ඇඳ සිටින්නේ ඒ ගෙල අර්ධව වැසුණු කරපටියක් සහිත වස්ත්‍රයක් බව ඔහුට වැටහුණේ, එය නැවත ඇසීමට ඇති අවස්ථාව ප්‍රතික්ෂේප කරමිනි.

 "දෙවෙනි තරුණ ස්වාමියා දැන් නිසි වයසට ඇවිත්."  ශෙන් ස’චුආන්  නැවතත් නිසි ලෙස අසුන්ගත්තේය.  "බිරිඳක් සොයා ගන්න කාලය හරි."

 "ඔබේ දෙවන තරුණ ස්වාමියාට ඔබට වඩා ක්‍රීඩා කරන්න බොහෝ උපක්‍රම තියෙනවා."  ඔහු පිටව යාමට සූදානම් බව දුටු ෂ්‍යාඕ චීයේ ඔහුගේ නැගී සිටීම වළක්වාලමින් ඔහුගේ මැණික් කටුව අල්ලා ගත්තේය.  ඔහු පැවසුවේ ය. “ඔබට නිතරම අවශ්‍ය වෙන්න මම සමඟ කතාබස් කරලා එය අවසාන නොකර පිට වෙන්නයි. ඒක නීතිවලට පටහැනියි.”

 "ඒ වගේම ඔබ හැම වෙලාවෙම හැම මොහොතෙම මාව ස්පර්ශ කරනවා."  ශෙන් ස’චුආන් විමසුවේය, "නීති ගැන මට නැවත කියන්න බලන්න."

 ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත මුදා හැරියේ ය, "මිත්‍රශීලී හැඟීම වෙනුවෙන් මම ඔබට ආපසු ගෙවන්නෙම්."

 "මට ස්වාමියා කියලා අමතන්න, මම එය ආපසු ගෙව්වා කියලා හිතාගන්නම්."  ශෙන් ස’චුආන් පැවසීය.

 "ඒත් ඔබ මට ඒ දේ ආපහු දෙන්න ඕන."  ෂ්‍යාඕ චීයේ පැවසීය.  "නිසැකවම මම මාපටැඟිලි අස්ථි මුද්ද වෙනුවෙන් ඔබ පසුපස හඹා එන්න අවශ්‍ය නැහැ,  හරිද?"

 ශෙන් ස’චුආන් අස්ථි මාපටැඟිලි මුද්ද ඔහු වෙත විසි කළේ කිසිඳු සැකයකින් තොරවය.

 ෂ්‍යාඕ චීයේ එය අල්ලා සැක සහිත ලෙස පැවසුවේ ය, “මේ මොන වගේ කුමන්ත්‍රණයක්ද?  මම අහපු මොහොතෙම  ඔබ ඒක ආපසු ලබා දුන්නා."

 "අවංක මිනිසුන් කාරණා හසුරුවන ආකාරය සරලයි," ශෙන් ස'චුආන්  පැවසීය.

 මෙ මොහොතේ පැවසීමට කිසිවක් නොතිබුණි.  ෂ්‍යාඕ චීයේ තම ඇඟිලි තුඩුවලින් මාපටැඟිල්ලේ මුද්ද හරවන විට ෂෙන් සෙචුවාන් දෙස බලා සිටියේය.  කෙසේ හෝ ඔහුට එය පහසු විය.

 "නිවසටද යන්නේ?"  ඔහු පිටුපස හිඳ ඇසුවේය.

 "හෙට රාජකාරියට වාර්තා කරන වාරය මටයි පැවරිලා තියෙන්නේ."

 අධිරාජ්‍ය ආරක්ෂකයෝ ප්‍රතිසංවිධානය කරලා තිබෙන්නේ.  ඉතින් ඔබ කතා කරන්නේ කුමන රාජකාරිය ගැනද?"

  ෂ්‍යාඕ චීයේ  පැවසුවේ, “ශීත ඍතුව දුෂ්කරයි.  ප්‍රවේශම් වන්න."

"මම වගේ පුංචි මත්ස්‍ය පැටවුන් දිය රුල්ල එක්ක පාවෙලා යනවා. ජලය යන අතට පීනනවා"  ශෙන් ස'චඇන් ආපසු හැරුණේ ය. "පරෙස්සම් විය යුතු තැනැත්තා මම නෙමෙයි."

ෂ්‍යාඕ චීයේ ඔහුගේ ඇඟිලි පුරුක් පරික්ෂා ස්පර්ශ කර, "ඔබ එහි ගියහම, ජී ගැං ෂීෆුටට මගේ ආචාරය පිරිණමන්න."

 ඒ වන විටත් පියවරක් ඉදිරියට තබා තිබූ ශෙන් ස'චඇන් ගේ පාදය එක්වරම නතර විය.

 ෂ්‍යාඕ චීයේ ඔහුගේ මාපටැඟිලි මුද්ද නිසියාකාරව පැළඳ සිටි අතර, “ලන්ජෞ, එළියට ගිහින් ක්‍රීඩා කරන්න අවශ්‍ය නැද්ද?”

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-