අකුණු සැර වැදී ගිගුරුම් හඬක් නැගෙන්නට විය. වර්ෂාව දිය ඇල්ලක්මෙන් කඩා හැලුණි.
ච්‍යාඕ ත්‍යැන්යා සිය අසිපත පිටුපසින් සිටි පුද්ගලයා ට ලබා දුන්නේ නැගී සිටිමිනි.
“දෙවන ෂ්‍යාඕ ට ඊතලයක් වැදීලා. ඔහුට ගැලවෙන්න නොහැකි වේවි."
බෑවුමේ පතුලේ, ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් මඩේහි වැතිර සිටියේ සිය හුස්ම නවතාගනිමිනි.
මේ මොහොතේ, අධිරාජ්‍ය ආරක්ෂකයින් ඔවුන් වටා සෑම තැනකම සිටි අතර, සැඟවී සිටි නාඳුනන ඝාතකයන් ද සිටියහ. පුද්ගලයන් දෙදෙනාටම ගැලවීම ස්වර්ගයට යාමට වඩා දුෂ්කර බව ඔප්පු වී හමාරය. එහෙත් වටලෑම බිඳ දැමීම ඊටත් වඩා දුෂ්කර විය. සියල්ලටම වඩා දරුණු වූයේ ෂ්‍යාඕ චීයේ ය. ඊතලය වැදුණු ඔහුගේ වම් අත හිරිවැටෙමින් තිබිණි. පැයක් වැනි කෙටි කාලයකදී ඖෂධය ඔහුගේ සිරුර පුරා පැතිර ගොස් ඔහුව අඩපණ කර දමනු ඇත.
ච්‍යාඕ ත්‍යැන්යා තම පාදයෙන් ඉරා දැමූ තණකොළ පසෙකට දැමූ අතර පා සටහන්වල අපිරිසිදු සලකුණු දුටුවේය. ඔහු නිශ්ශබ්දව අත ඔසවා බෑවුම පහළට පෙන්වීය.
ඔහු පිටුපසින්, රාජකීය ආරක්ෂකයන් සෙමෙන් වට වී එම ගිලා බැස ඇති වළ දෙසට වකුටු වී සිටියහ.
මිනිසුන් මඩ පාගාගෙන එන හඬට සවන් දුන් ෂ්‍යාඕ චියේගේ සිරුර දැඩි විය. ඔහුගේ තලයෙහි මිට ඔහුගේ අත්ල මත තද විය. යමෙකු අත්වැරදීමකින් හෝ පහළට පැන්නේ නම්, ඔහු වහාම වෘකයෙකු මෙන් උඩ පැන අනෙක් පාර්ශ්වය එක පහරකින් අවසන් කරනු අැත්තේ ය.
ෂියූචුන් අසිපත ඒ වන විටත් බෑවුමේ මායිම වෙත ගමන් කර ඇත. ෂ්‍යාඕ චීයේ හදිසියේම —ඔහුගේ පෙඟී ගත් ඇඳුම්වලින් අල්ලාගත් ශෙන් ස'චුආන් විසින් නතර කරන ලදී. ඔහු තම බැල්ම ඒ දෙසට යොමු කළ අතර ශෙන් ස'චුආන් ගේ සන්සුන් දෑස් ඔහු දුටුවේය.
මේ මොහොතේ, අධිරාජ්‍ය ආරක්ෂකයින් ට සටනක නියැලීම සඳහා වනයේ හිටිහැටියේ රූපකායන් කිහිපයක් පහළ විය. ච්‍යාඕ ත්‍යැන්යා තම අසිපත ඔවුන් වෙත දමා ගසද්දි දිදුලන අයුරු දුටුවේ ය. ඉක්බිතිව, අධිරාජ්‍ය ආරක්ෂකයින් කිහිප දෙනෙකු බිම මත පතිතවුණි. ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩි වීමත් සමඟ අනෙක් පාර්ශ්වය ක්ෂණිකව පසු බසින්නට විය.
අවුල්සහගත තත්වය පහව ගියපසු, ශෙන් ස'චුආන් ඔහු සතුව තබාගෙන සිටි අවසන් කිනිසි කිහිපයක් පිටතට ගත්තේ ය. ඔහුට වැඩි යමක් කීමට අවශ්‍ය නොවුනී, ෂ්‍යාඕ චීයේ ඒ වන විටත් ඔහුගේ දෙපා ළඟට පැන තිබුණි. ඔහු මඩ සහිත බෑවුම දිගේ නැඟී අනෙක් පැත්තේ ඝන තණකොළ වැවී ඇති ස්ථානයට පෙරළී ගියේය.
"ඔවුන් අල්ලා ගන්න!" ච්යාඔ ත්‍යැන්යා බෙරිහන් දුන්නේ ය.
රාජකීය ආරක්ෂකයන් පසු බසිද්දී වාතය දැඩිව හමන්නට ගත්තේ ය.. ෂ්යාඔ චීයේ තම දෑත් ඉහලට ඔසවා ගස් කඳක ඉහලට නැගගත්තේ ය. ඔහුට පහළින්, ශෙන් ස'චුආන් ළඟා වෙද්දී ඔහු පිටුපසින් සිටි අධිරාජ්‍ය ආරක්ෂකයින් ද ආසන්නව සිටියේ ය. රුදුරු කොටියෙකු පුහාර යකට පනිනවාක් මෙන් පහතට ආ ෂ්‍යාඕ චීයේ රත් වූ ලෝහයක් කපා දමන්නාක් මෙන් සිය ලංලී තලය ඔවුන් මතට ගසා දැමුවේ ය. අධිරාජ්‍ය ආරක්ෂකයින් සමූහය එකවරම පසුබසින්නට විය.
ච්‍යාඕ ත්‍යැන්යා සිය අසිපත නියමිත වෙලාවට තම අසිපත ඇදාගත නොහැකිව සිටි ෂ්‍යාඕ චීයේ වෙතට යොමු කළේ ය . එහෙත් ෂ්‍යාඕ චීයේ හිටි හැටියේම හිස පසෙකට ගත්තේ ය. එවිට ච්‍යාඕ ත්‍යැන්යා ගේ තලයේ දාරය කොපුවක ගැටීමත් සමඟ “තඩ්” හඬක් ඇති විය.
ශෙන් ස'චුආන් ඔහුගේ කොපුව අනෙක් තලයට තද කළේය. එක් පාදයකින්, ඔහු ෂ්‍යාඕ චීයේ ගේ පිටට පා තැබුවේය, ඔහුගේම සිරුරේ බලවත් ඉපිලීම ශෙන් ස'චුඇන්ගේ මුළු සිරුරම ඉහළට ඔසවා ච්‍යාඕ ත්‍යැන්යා දෙසට සමීප විය. ඔහුගේ අනෙක් අතේ ඇඟිලි අතර තිබූ සිහින් තලය එක්වරම ච්‍යාඕ ත්‍යැන්යා ගේ දෑස් දෙසට ඇදී ගියේය.
ච්‍යාඕ ත්‍යැන්යා එය මග හැරියේ නැත. ප්‍රහාරයට බාධා කිරීම සඳහා දෙපාර්ශවයේම අධිරාජ්‍ය ආරක්ෂක භටයන් වේගයෙන් ඔවුන්ගේ අසිපත් කපා දැමූහ.
ඒ වන විටත් නැඟිට සිටි, ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ පාදය ඔසවා ච්‍යාඕ ත්‍යැන්යා ගේ ළයට පහර එල්ල කරන්න ට විය. දෙපක්ෂයම එකාවන්ව පසු බැස්සේය. ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ අසිපතෙහි ලේ බිඳු ඉවතට විසි කළේය. ඔහුගේ නළල ඉදිරිපිට තිබූ කෙස් රොද කලින්ම ශෙන් ස'චුආන් විසින් කපා දමා තිබුණි.
ෂ්‍යාඕ චීයේ සහ ශෙන් පියවර දෙකක් පසුපසට ගත්හ. වචනයක්වත් නොකියා ඔවුන් හැරී දිව ගියහ.
ච්‍යාඕ ත්‍යැන්යා ඔවුන් පලායන දෙස බලා, “යන්න දෙන්න!”
ශෙන් ස'චුආන් ඔහු මතට ඇද ගැනීමට ෂියාඕ චියේ අතක් දිගු කළේ ය, "නැගෙනහිර!"
ශෙන් ස'චුආන් අයාලේ ගිය අතු පසෙකට දමා, “සෑම පියවර පහකටම එක් මිනිසෙක් ඉන්නවා සෑම දහයකටම කණ්ඩායමක් ඉන්නවා. නැඟෙනහිර දෙසින් තවමත් තුආන්චෙං හමුදා භටයන් සිටින බව අමතක කරන්න එපා!"
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත සෙමෙන් ඉවත් කර ගත්තේය. ඔහු අධිෂ්ඨානශීලීව හා තීරණාත්මකව පැවසුවේ ය. "නැගෙනහිර තමයි පිටවීමේ මාර්ගය."
"මරණයේ දොරටුව අපි ඉදිරියෙයි තියෙන්නෙ." ශෙන් ස'චුආන් ඔහුගේ තලය ඉවතට විසි කළ අතර, ගසේ සැඟවී සිටි සොල්දාදුවා එසැන් බිම පතිතවිය. ශෙන් ස'චුආන් ඔහු පසුකර යන විට, පහසුවෙන්ම අනෙක් පාර්ශවයේ ෂියුචුන් අසිපත උකහා ගත්තේය.
ෂ්‍යාඕ චීයේ පිටුපසින් ඔහුගේ තලය අල්ලා ගත්තේය. ඊළඟ මොහොතේ, ඔහුබ වෙතට ඇදී ආ අසිපත් තල ද්විත්වයකම පහර වැළැක්වීමට ඔහු සිදුවීය.එයද තීන්ත වැනි අදුරු වර්ෂා සහගත රාත්‍රියේ ය. ඒ වන විටත් ඔහුගේ වම් අතේ වූ සියලු සංවේදනයන් ඔහුට අහිමි වී තිබුණි. ඔහුගේ දකුණු අතේ ඇඟිලි පවා දැන් තරමක් දැඩි වී ඇත.
අද රාත්‍රිය දැඩි සටනක් වනු නියතය!
ශෙන් ස'චුආන් පුදගලයෙකු ඝාතනය කිරීමට ඔහුගේ අසිපතෙන් ඇන පයින් පාපහර එල්ල කළේ ය.
ෂ්‍යාඕ චීයේ ඉදිරියට ඇදෙන විට පැකිලී ගියේය. ඔහු හදිසියේම ශෙන් ස'චුආන් ගේ පිටට තම පපුව තද කර ගෙන ඔහුව තණකොළ වැඩුණු රළ බෑවුම මතට පතිත කරවීය.
වර්ෂාව තවමත් ඇද හැලෙමින් තිබූ අතර සීතල වතුර ඔවුන්ගේ සිරුරු සිසාරා ගියේය. ෂ්යාඔ චීයේ ගේ දැඩි හුස්ම ගැනීම ශෙන් ස'චුආන් ගේ ගෙල පසෙකින් බර වී, දැවෙන රස්නය සහ හිම වැනි සීතල නිසා විකාර බවක් ඇති කළේ ය
"මාව මැරුවා කියලා ඔබට කිසිම යහපතක් වෙන්නේ නෑ." ලංලී අසිපතට වාරු වෙමින්, ෂ්‍යාඕ චියේ තම සිරුර මඳක් ඔසවා ගත්තේය. "ඉතින් මම ගමනේ ඉතිරි කාලයෙදි ඔබ ගැන විශ්වාසය තියනවා."
ශෙන් ස'චුආන් ඇළ මාර්ගයෙන් සිය මුහුණ පිසදමාගත්තේ ය, “ඔබව කොහොමත් බේරලා වැඩක් නෑ” කිව්වා.
"ඔබ ආවේ චූ කුමාරයාව හොයන්න." ෂ්යාඔ චීයේ ඔහුට ඇහුම්කන් දුන් විට, ඔහු නැවතත් ඔහුව පහත් කළේය. “මොනවා කරන්න ද? අධිරාජ්‍ය ආරක්ෂකයින්ට ඔහුව එළියට ගන්නත් බැහැ. ඔහු කොහෙද ඉන්නේ කියලා දන්නේ මම විතරයි. ඔබට දැනටමත් ඔබේ අවස්ථාව මග හැරිලා. අද රාත්‍රියේ වැන්දඹු අධිරාජිනිය අසාර්ථක වෙනවා නොඅනුමානයි! මම ගැන අවධානයෙන් ඉන්න. මම ඔබට පිටතට යන්න මාර්ගය සකසකලා දෙන්නම්. ”
ශෙන් ස'චුආන් ආපසු හැරී බැලූ අතර, දෙදෙනාගේම නාසයේ කෙලවර එකිනෙකා හා ස්පර්ශ විය. ඔහු ශීතල ලෙස පැවසුවේ ය “මම ඔබව මැරෙනකල් කපා දමනවා. අපි දෙන්නටම එකට මැරෙන්න පුළුවන්. ”
"තමුන් හිරෙන් නිදහස් වෙන්න ගොඩක් මහන්සි වුනේ." ෂ්යාඔ චීයේ පැවසුවේ ය, "ආදරයේ නාමයෙන් මා සමඟ මියයන්න ද?"
"ඔබට ඔය විදිහට කතා කරන්න පුළුවන් ච්‍යාඕ ත්‍යැන්යා ළඟදී." ශෙන් ස'චුආන් සිය අයිස් සහිත ඇඟිලි තුඩුවලින් ෂියාඕ චියේගේ දෑත් අල්ලා ගත්තේය. ඊළඟ මොහොතේ, ලැංලී අසිපත පසුපසට යමින් ලුහුබැඳ ආ හමුදාවට ක්ෂණික ව පහර දුන්නේය.
අවස්ථාව ලද ශෙන් ස'චුආන් සිය පාදය මගින් ෂියාඕ චියේව පසෙකට තල්ලු කළේය. ඔහු එක් අතකින් ෂියුචුන් අසිපත අල්ලාගෙන, අනෙක් අතින් ලැංලී අසාලතද රැගෙන, පෙරදි වූ දරඩි පහර හේතුවවෙන් වෙහෙසට පත්ව හති දැමුවේ ය.
"ඒ ජීවිතය ඔබේ ගිණුමට දමාගන්න." ච්යාඔ ත්‍යැන්යා ඔවුන් වෙතට ළං වී අසිපත මත තම ග්‍රහණය තද කර ගන්නා විට ශෙන් ස'චුආන් බලා සිටියේය. "අද රාත්‍රියෙන් පසු, මම ඔබේ ස්වාමියා වෙන්නම්."
තීන්ත වැනි රාත්‍රියෙදි ශ්වේත වර්ණය ලෙළ දුන්නේ ය. ච්‍යාඕ ත්‍යැන්යා හට කතා කිරීමට අවස්ථාවක් ලබා නොදී, ශෙන් ස'චුආන් ඔහුගේ හිස මතට පහර දුන්නේ ය.
ඔහුගේ අඩිපාර දිගේ ජලය ගලා ගියේය. ශෙන් ස'චුආන් සෑම පහරක්ම මාරාන්තික විය. අසිපත් ගැටීම නිසා ඔහුගේ ෂියුචුන් අසිපතේ දාරයට හානි සිදු විය. ච්යාඔ ත්‍යැන්යා එය ඔහුගේම තලයෙන් අවහිර කර ඉවතට යාමට සැලැස්වීය.
පුද්ගලයන් දෙදෙනා ක්ෂණිකව ඉවත් විය. ශෙන් ස'චුආන් හිස් වම් අත මා රුධිරය ගලා යමින් ගලා යන දිය පහර තෙත් කළේ ය.
"රැවැත්තියෝ මණ්ඩපයේ පිටුපසින් අසුන් ගතයුතුයි"2 ච්‍යාඕ ත්‍යැන්යා පෙනුනේ යම්කිසි විනෝදජනක දෙයක් සොයා ගත්තක් මෙනි “අසිපත රුගෙන යද්දී අත් වේදනා දෙනවා. ඔබ ඒවා කපා දැමුවොත් කොහොමද ? ”
ශෙන් ස'චුආන් ඔහුගේ දකුණු අතින් ලැංලී අසිපත කිරා මැන බැලුවා. "මගේ අත් සහ පාද කඩා දමනවද නැද්ද කියන එක මම එක මම තීරණය කරන්න ඕන දෙයක් නෙවෙයිද?"
"මේ ලෝකයේ කුපිත කළ නොහැකි මිනිසුන් වර්ගයක් ඉන්නවා." ච්යාඔ ත්‍යැන්යා පැවසීය. "තමන්ටම පවා අනුකම්පා විරහිත විය හැකි ඔබ වැනි අය."
ශෙන් ස'චුආන් ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඉදිරියට ගියේ ය.
ලැංලී අසිපතය ස්කන්ධයෙන් වැඩි නිසා ඔහුට එය සුමටව හා වෙහෙසකින් තොරව භාවිතා කිරීමට නොහැකි විය. නමුත් ස්කන්ධය වැඩි වීම එහිම වාසියක් විය. ච්යාඔ ත්‍යැන්යා දැන් ඔහුගේ පහරවල් වලට ප්‍රතික්‍රියා කිරීමට නොහැකි තරමටම කාර්යබහුල වී ඇති සේම, ඔහු කලින් සිටි පුද්ගලයින් ව මරා දැමීමට ජී වංශයේ අසිපත් ප්‍රහාර වල බලයට නතුව සිටියේ ය.
ච්‍යාඕ ත්‍යැන්යා පසුබසින විට, පීඩනය බොහෝ දුරට ඔහු පසුපස හඹා ආවේ ය. කෙසේ වෙතත්, ඔහු දිය පහරට ළං වූ මොහොතේ, ඔහුට රෞද්‍ර නිමිත්තක් පිළිබඳ හැඟීමක් ඇති විය. නිසැකවම, ශෙන් ස'චුආන් තුවාල වූ වම් අත හදිසියේම ජලයෙන් ඉහළට විසිවී යනු ඔහු දුටුවේය. අපිරිසිදු මඩ ච්‍යාඕ ත්‍යැන්යා ගේ දෑස් වලට විසිරී ගිය අතර, ඔහු දුර්වල ස්ථානයක් ක්ෂණිකව පෙන්වූවේ ය. ඉන්පසුව, ශෙන් ස'චුආන් ඔහුට පා පහරක් ගසා ඇළට වැටෙන්නට සැලැස්වූ අතර ඔහුගේ පපුවට තවත් දරුණු පහරක් එල්ල විය.
ශක්තිමත් කිරීම් පැමිණි විට, ශෙන් ස'චුආන් පියවර කිහිපයක් පසුබැස්සේය. ඔහු නියත වශයෙන්ම සටන් වල නිරත නොවනු ඇත, එබැවින් ඔහු පිටව යාමට උත්සාහ කරන අතරවාරයේ ෂ්‍යාඕ චීයේවද ඇදගෙන යාමට පටන් ගත්තේය. ෂ්යාඔ චීයේ යන්තම් ඔසවන්නට නොහැකි තරම් දිගු පා සහිත උසකින් යුක්ත වනු ඇතැයි ඔහු අපේක්ෂා කරන්නේ කොහොමද?
◈ ◈ ◈
සෙවීම තීව්ර වූ අතර කාලය ඉතා සෙමින් ගෙවී ගියේය.
මුළු වනාන්තරය පුරාම ඔවුන් ට සොයා ගන්නට ලැබුණේ මළමිනී ය. එපමණක්ද නොව, ඔවුන් හොඳ පුහුණුව ලත් මිනිසුන් වූ අතර ඔවුන් තම ජීවිතය කැප කර තිබුණහ. ඔවුන් අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ අතට පත් වූ පසු , ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව ජි ලෙයිට ලබා නොදීම සදහා තව දිව සපා ගැනීමෙන් හෝ දිවි තොරකර ගැනීමෙන් දිවිය අහිමි කරගනු ඇත.
චූ කුමාරයා නිසැකවම සිටියේ කොහිද? එය ෂ්‍යාඕ චීයේ පමණක් දැන සිටියේය!
"පුංචි අවජාතකයා!" තරමක් කලකිරුණු ජි ලෙයි එම ස්ථානය මැන බැලීම සඳහා ඔහුගේ දෙපයින් නැඟී සිටියේය. "තුආන්චෙං හමුදා භටයොත් දඩයම් භූමිය දිගේ සොයලා බලන්න!"
◈ ◈ ◈
ශෙන් ස'චුආන් ගලායන ජලය මතින් ෂ්‍යාඕ චීයේ ව ඇගෙන යනුනට විය. නමුත් මෙම බෑවුම ඉතා දැඩි විය. ඔහු ෂ්‍යාඕ චීයේ ගේ පිටුපස කොලරය සපාගෙන, අවසානයේ ඔහුව ඇදගෙන යාමට පටන් ගත්තේ ය.
ශෙන් ස'චුආන් ගේ වම් අතේ තුවාලයෙන් නොනවත්වා ලේ ගලා ගියේය. ඔහු තම ඇඳුම් ඉරා, එය වතුරෙන් සෝදා, තුවාලය ට වෙළුම්පටියක් සේ යෙදුවේ ය.
ෂ්‍යාඕ චීයේ පාසිවලින් වැසී ගිය පර්වතයට හේත්තු වී, “මගේ ඇදුමේ අත්පිස්නාවක් තියෙනවා”
ශෙන් ස'චුආන් ඔහුගේ පපුව මත වූ ඇඳුම් වලට අත දමා මඩ ගොඩක් වූ පිස්නාවක් පිටතට ගත්තේය. ඔහු ෂ්‍යාඕ චීයේ පපුව මතම මඩ සහිත ජලය සියල්ල ම මිරිකා දැමුවේ ය.
ෂ්‍යාඕ චීයේ ඇසුවේ, "මෙම ඖෂධයේ බලපෑම පහව යන්නේ කවදද?"
"පැය දෙකක්. ඉක්මනින් ම.”
"වර්ෂා ජලයේ තෙමෙනවට වඩා ගසක හේත්තු වෙන එක හොඳයි." ෂ්යාඔ චීයේ ඔහු දෙස බැලූ විට සමටම වස්ත්‍ර ඇලෙන තරම්තෙමී ඇතිබව දුටුවේ ය. ඔහුගේ පිටුපස කරපටිය මදක් විවර වී තිබූ අතර, ඔහුගේ ගෙලෙහි තවමත් මඩ පැල්ලම් විය. ඔවුන් අතර වෙනස ඉතාමත්…
“අධිරාජ්‍ය ආරක්ෂකයින්ට සතුන් හීලෑ කරන්න ස්ථාන තියෙනවා. සතුන්ට ලේ සුවඳ දැනෙනවා.” ශෙන් ස'චුආන් කතා කරන ගමන් හිස පහත් කර පෙරදි තලාගිය රුධිරය උරන්නට විය
හරිම ආකර්ෂණීයයි.
ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා සිටියේය.
මේ මොන විහිළුවක් ද? මේ පුද්ගලයා කලින් මරන්න අසිපතක් අතේ තියාගෙන හිටියා, කාන්තාවක් වගේ නෙවෙයි ඔහු හැසිරෙන්නේ, ඉතින් ඇයි එහෙම දෙයක් ගැන හිතුවේ?
ඔහුට ඇත්තටම ලී ජ්යැංහෙන් විසින් අයිති කර ගන්නට ඇත! කියවනවා! කියවනවා! කියවනවා!. දෙවැන්නා දිනපතාම මේ ගැන දිගින් දිගටම දොඩමළු වෙමින් තමාට පවා මේ ගැන සිතන්නට සහ දකින්නට ඇති ආශාව වැඩි දියුණු කළේ ය, චූදු වල සිටින එම වයසක මිනිසුන්ට ඔවුන්ගේ විශේෂ ෆෙඩරේෂන් සමඟින් මෙනි.
"ඔබේ අසිපත් හරඹ ඉතා අනර්ඝයි ." ෂ්යඕ චීයේ ගේ බැල්මෙන් පෙනුනේ ඔහුට ශෙන් ස'චුආන් ගේ පිටුපස කොලරය ගලවා දැමීමට අවශ්‍ය ව ඇති බවකි. “ඔබ පන්සලේදි අනිවාර්යයෙන් ම හොඳින් පුහුණු වෙන්න ඇති නේද? නමුත් ඔබේ ශරීරයේ පෙනුමෙන් විතරක් අයෙකුට ඒ පිළිබඳ ව තීරණය කරන්න බැහැ. ඔබ ඔබ වෙනුවෙන් ඖෂධ පාවිච්චි කළාද?”
ශෙන් ස'චුආන් ඔහු දෙස විමසිල්ලෙන් බැලුවේය. ඔහුගේ බැල්ම අනුගමනය කරමින්, ඔහුගේ බෙල්ල පිටුපස ස්පර්ශ කිරීමට අත එසවීය. ඔහු පිළිතුරු ලෙස ඇසුවේ ය, “ඔබට දිනකට කී වතාවක් එය දෙස බැලිය යුතුද? ඔබ එයට එතරම් උමතු වෙනව ද? ”
ෂ්‍යාඕ චීයේ තම දිවේ අගින් ලේ වල ඉතිරිව ඇති රසය ලෙවකමින් පැවසුවේ ය “ඔබ එය කියූ ආකාරය අපැහැදිලියි. ඔබ බලන්නේ මම අවතාරයක් වගෙයි නේ. ”
ශෙන් ස'චුආන් අපිරිසිදු පිස්නාවෙන් ෂ්‍යාඕ චීයේගේ මුහුණ ආවරණය කර මෙසේ කීවේය. "ඔබ පිරිමි සහ ගැහැණු යන දෙඅංශයේ ම අය ගැන සැලකිලිමත් වේවි කියලා මම කොහොමටවත් බලාපොරොත්තු වුනේ නැහැ ”
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය “මොකද මේ ආලවන්ත හැඟීම් පාන්නේ? මේ දෙවැනි තරුණ ස්වාමියා ට අවශ්‍ය ග ඔබේ ගෙල මත ඇති මඩ පිසදමන්නයි.”
"ඔබට අවශ්‍ය නම් මම එය පිසදමන්න ද?" අත් ලේන්සුව ආධාරකයක් එකක් ලෙස පාවිච්චි කිරීමත් සමඟ ශෙන් ස'චුආන් ගේ ඇඟිලි තුඩු ෂියාඕ චියේගේ ඇහි බැම අසල නතර විය. "නැත්නම් මම ඒක කර ගන්න ද?"
හිම තරම් ශීතලය වැහි වතුර ඔහුගේ අරගිලිදිගේ ගලාගෙන ගොස් ෂ්‍යාඕ චීයේ ගෙ ඇහිබැමි අතරටට පතිත වුණි. ඔවුන් එම සිත් ඇදගන්නාසුළු පෙළඹවීම සම්පූර්ණයෙන්ම අවශෝෂණය කර ගත්තාක් මෙන්, සියලු ජල බිඳිති ඔහුගේ කරපටි තුළට කිදාබසිමින් ඔහු තුල විස්තර කළනොහැකි හැගීමක් ඇති කළේ ය. එය ඔහුගේ ශරීරයට කිතියක් එක් කළේය
ෂ්‍යාඕ චීයේ ට මේ අවස්ථාවේ දැඩි ලෙස ජලය පානය කිරීමේ අවශ්‍යතාවක් මතුවිය.. ඒ සමඟම ඔහුට අවශ්‍ය වූයේ ශෙන් ස'චුආන් තමාගෙන් මදක් ඈත්ව සිටීමටය.
මොහොතක නිහැඬියාවකින් පසු ඔහු සිනහවක් පාමින් පැවසුවේ ය “ඔබට විශ්වාසයි”
"ඔබ ඕනෑවට වඩා සිතනවා." ශෙන් ස'චුඇන්ඔහුගේ කරපටිය ඔහු වටා තද කර, ඔහුගේ අසිපත් අල්ලාගත් අතර එතරම් කතා කළේ නැත.
වර්ෂාව සෙමින් අඩුවෙමින් ගියේ ය.
වනාන්තරයේ සිටි දඩයම් බල්ලන්ගේ බුරන හඬ ඈත සිට ශ්‍රවණය විය. එක පුද්ගලයෙක් හෝ නොසෙල්වුණි මෙම පර්වතය ඇළ දෙපසින් තිබු අතර එය පසුපසින් හොඳින් වැඩුණු තණවිය. එය එක් මිනිසෙකුට පමණක් ප්‍රමාණවත් තරම් විශාල වූ සුවිශේෂී කුඩා හා පටු සැඟවුම් ස්ථානයක් විය.
ෂ්‍යාඕ චීයේ බොහෝ වේලාවක් බලා සිටියේය, දඩයම් මෙහෙයවන මිනිසා ඔවුන් දෙසට පැමිණෙන විට සවන් දුන්නේය. ශෙන් ස'චුආන් ලැන්ග්ලි අසිපත මැද ගුවනේදී අල්ලා පහත් වී වකුටු වූයේ ය.
ෂ්‍යාඕ චීයේ ට සිය පාද හරහා යමෙක් පපුවට බරවන බවක් දැනුනේ ය. මිනිසුන් දෙදෙනාම මෙම පටු අවකාශයට තුළ ශීරයන් සපර්ශ වෙන්න හරිමින් වැතිරී සිටියේ ය. ෂ්යාඔ චීයේ ට දැනෙන්නට වූයේ ඔවුන්ගේ කලවා වල උණුසුමයි. ඔහු තම නළලත අසලට හේත්තු වී සිටින විට දෙවැන්නාගේ හුස්ම ගැනීමද ඔහුට දැනෙන්නට විය.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑස් වසා ගත්තේය. අඳුරේදී ඔහුට ශෙන් ඉරියව් නිදහසේ මවා ගත හැකි විය. ඔහුට ඒ සුදු නෙළුම් පැහැති ගෙලෙහි රූපය දැකීය හැකි විය
"මම ඔබෙන් අයදිනවා." ෂ්යාඔ චියේ සුසුම්ලමින් සිටියේය. “මගේ උදරය මත ඉඳගන්න. එතරම් පිටුපස ට යන්න එපා!"
ශෙන් ස'චුආන් නොසැලී සිටියේ ඉහලින් ඇසෙමින් තිබූ හඬ අසලට ලංවූ බැවිණි.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ හුස්ම සෙමින් ඉහල පහළ දමන්නට විය. නමුත් ඔහු මෙම ඉරියව්වෙන් හිස ඔසවන්නේ නම්, ඔහුට ශෙන් ස'චුආන් ගේ නිකට ස්පර්ශ කළ හැකිය. මඳක් පහළට ගමන් කරන්න, එවිට ඔහුගේ නාසයේ කෙළවර ඒ ගෙලෙහි උගුරු ඇටයක් එහි දාරයත් ඔස්සේ ගෙනයාමට හැකිවනු ඇත.
ශෙන් ස'චුආන් මුලදී අවධානයෙන් චලනයන්ට සවන් දෙමින් සිටි අතර ඔහු හදිසියේම ෂ්‍යාඕ චීයේ ලේන්සුව ඔසවා වචනයක්වත් නොකියා ඔහු දෙස බලා සිටියේය.
ෂ්යාඔ චීයේ ද ශෙන් දෙස බලා සිටියේය. අද රාත්‍රියේ ඔහුගේ ඔළුවට රුධිරය ගමන් කළාද, එසේත් නැතිනම් සිදුවන්නේ කුමක්ද යන්න ඔහු දැන සිටියේ නැත. ඔහුගේ "එය" තිබුණේ හිරිවැටී දරදඬුවය. එය මිනිසුන් දෙදෙනාම අපහසුතාවයට පත් කළේය. වැසි ජලයෙන් තෙත් වූ වස්ත්‍ර ඔවුන්ගේ සමට කෙතරම් සමීපව ඇලී තිබේද යත්, එය හිස් හම් අතර භෞතික ස්පර්ශයට සමාන විය. ඔහු තව මදක් චලනය වුනහොත්, ඔහු හිතාමතාම ගින්නක් ඇවිලවීමට අවස්ථාව උදා කරගනු ඇත.
ඉහල සිටි පුද්ගලයා තවමත් වටපිට බලමින් සිටියේය පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment