Skip to main content

තිස් එක්වන පරිච්ඡේදය : නිරුවත

 

එහෙනම් ඔබ ඒවා ගලවා දමන එකනේ වඩාත් හොඳ.” ෂ්‍යාඕ චීයේ ඔහුගේ ආරක්ෂක අත්වැසුම් ගලවා දමාපිටත සළුවත් වස්ත්‍රයත් ගලවා ලී බැම්ම මත තැබීය. හමුදා සරඹ පිටියේ අභ්‍යන්තර ශාලාවේ සිටි සොල්දාදුවන්ට ඔවුන්ගේ ආචාර දැක්වීමට පැමිණීමට අවශ්‍ය වූ නමුත් ඔහු ඔවුන්ව නැවැත්වීමට අත එසැවීය. ඔහු සන්සුන් ව ශෙන් ස'චුආන්  දෙස හැරී බැලුවේ ය. “ මට මගේ දෑසින්ම දැකගන්න අවශ්‍ය වුනා ජී වංශයේ මානසික ශිල්ප ක්‍රම වලින් පුහුණු කළ ශරීරයකත් මගේ ශරීරයෙත් වෙනස කුමක් ද කියලා.”

ඒ අපි එකම සටන් කලා විද්‍යාලයේ නිසා.” ශෙන් ස'චුආන්  ලංලී අසිපත පසෙකින් තැබුවේ ය. “ එහෙමනම් ඉරියව් වගේම චලනයන් ස්වභාවයෙන්ම සමාන වෙන්න ඕනේ.”

ඇත්තටම නැහැ.” ෂ්‍යාඕ චීයේ පැවසීය, “මගේ ශීෆූ එයට බාහිර පහරදීමේ සටන් කළා විලාශයක් ඇතුලත් කළා, ඉතිං ඒවා මා හට ලබාදෙන කාලය වෙද්දිත් ජී වංශයේ පහර දීමේ ඉරියව් වෙනස් වී තිබුණා. ඒවා එක සමාන නම්, ඔබ එදින රාත්‍රිය ගැන කොහොමටවත් අමතක නොකරාවි.”

ඔබට ඉඟි හුවමාරු කරගන්න අවශ්‍ය නම්, එසේ පවසන්න.” ශෙන් ස'චුආන්  සිය පාදය චාපයක් සේ ලිස්සා යැව්වේ ය. “ඇයි ඔබ වස්ත්‍ර උනා දමන්න යැයි පවසන්නේ? ඔබ එය කීවේ හරියට මෘර්ගයෙක් වගෙයි.”

 ඒ මොහොතේම, ශෙන් ස'චුආන්  හදිසියේම වෙනත් පුද්ගලයෙකු බවට පත් වූවාක් මෙන් ෂ්‍යාඕ චීයේ ට දැනුනි.  වැසි ජලය සහ කඳු මීදුම මිශ්‍රණය වී, ශෙන් ස'චුඇන්ගේ මුහුණ බොඳ කළේ ය.  ඊට වෙනස්ව, ඔහුගේ සිහින් සිරුර වඩාත් කැපී පෙනෙන්නට ද විය.

මගේ ප්‍රාර්ථනාව මනුෂ්‍ය ඇදුමින් සැරසුණු මෘගයෙක් වීම තමයි.”ෂ්‍යාඕ චීයේ පඩිපෙල බැස වර්ෂා තිරය මතට පැමිණියේ ය. “ මම ඔබට පස් වසරකට පෙර පහර දුන්නා. ඔබ ඒකට මට වෛර කරනවද?”

ශෙන් ස'චුආන්  පවසන්නට විය, “ මම එයට 'ඔව්' කියා පැවසුවොත් , ඒකෙන් අදහස් වෙන්නේ මම ඔබ ගැන හිතමින් නිදි නැති රාත්‍රීන් ගත කරනවා කියලා නේද?  ඉතින් නෑ.  මම ඔබට කිසිසේත් වෛර කරන්නේ නැහැ.”

ෂ්‍යාඕ චීයේ ආරම්භක ඉරියව්වට පැමිණියේ ය, “මොනතරම් අපරාදයක් ද?. ඔබ මට වෛර කරනවනම්, ඔබට අද ඔබේ පළිය ගන්න පුළුවන්.”

හමා එන ශීතල සුළඟ මධ්‍යයේ , ෂ්‍යාඕ චීයේ එයටම සෙමින් කතතු කරන්නට විය, “—එයත්, ඔබට හැකිනම්.”

වැහි බිඳු තට්ටු කරන්නාක් සේ පහළට විත් වැහි බිඳු ආලින්ද ආරුක්කු වහලය මතට පතිත විය.  මේ මොහොතේ දි, ෂ්‍යාඕ චීයේ චලනය වූයේ වර්ෂාව මධ්‍යයෙයි. 

 

ඔහු හිස්වාතලය පහරක් ගැසුවේ ය. නමුත් ඔහුගේ පහරේ ජවය සහ ශක්තිය නිසා ජල බිඳිති පියාසර කර ශෙන් ස'චුඇන්ගේ කම්මුල් මතට විසිරී ගියේය.

 

එම පහරින් තමාගේ ඉලක්කය මඟහැරී ගියමුත්, ෂ්‍යාඕ චීයේ සියත වමතට කළේ ය. ශෙන් ස'චුආන්  අකුණක වේගයෙන් ඔහුගේ හස්තයෙන් එම පහර වළක්වාලූයේ ය.පුද්ගලයින් දෙදෙනාගේ දෑත් එකිනෙක ගැටෙද්දී , ශෙන් ස'චුආන්  වේදනාවෙන් යුතුව පියවර කිහිපයක් පසුපසට පසුබා ගියේ ය.

 

ජී වංශයේ පහර දීම් කලාව!

 

ශෙන් ස'චුආන්  සිය දෙතොල් සෘජු රේඛාවක් ලෙස පියා ගත් නමුත් අනතුරුව ,  ඔහු මහ හඬින් සිනාසෙන්නට විය.

 

ශිෆූගේ සටන් කලාව ශක්තිමත් මෙන්ම ස්ථාවරද විය. ෂ්‍යාඕ එර්ට (දෙවන ෂ්‍යාඕ) පැහැදිලි ලෙසම ස්ථාවර බවක් නොතිබුණ දඔහු දරුණු මෙන්ම ශක්තිවන්ත ද විය. ඔහුගේ ශක්තියක් පුදුම සහගත විය. මෙවැනි සුළු ගැටීමකින් පමණක් වුවද ශෙන් ස'චුඇන්ගේ හස්තය ඒ වන විටත් හිරිවැටී තිබුණි. 

 

ජී වංශයේ පහරදීමේ විලාශය මෙවන් පුද්ගලයෙකුට ලබා දීමට අදහස් කළේ, ඔහුගේ අභ්‍යන්තර සහ බාහිර සෞඛ්‍ය

එය පුහුණු වීමට විශේෂයෙන් සුදුසු වූ බැවිනි.  ෂ්‍යාඕ චීයේ ගේ ශරීරය ඔහුට විවිධ වීරයන් අවඥාවට ලක් කිරීමට අවස්ථාව ලබා දුන්නේය.  නමුත් ජයග්‍රහණය තීරණය කිරීමේ හරය වූයේ ස්වර්ගයෙන් අසාධාරණ ලෙස වාසියක් ලබා ගැන්මෙන් ද?

 

 ශෙන් ස'චුආන්  වැඩිපුරම විශ්වාස නොකළ දෙය නම් ස්වර්ගය ඔවුන්ට තීරණය කළ ඉරණමයි!

 

 ශෙන් ස'චුආන්  පාදයක් ඉහළට එසවූ අතර, වැසි බිංදු හදිසියේම ෂ්‍යාඕ චියේ දෙසට විසිරී ගියේය.  ඔහුගේ පාදය හැරවීම් ඉක්මන් සේම දරුණු විය.   වෙනත් ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙක් වාසිදායක ලෙස නිවසට පැමිණ අනතුරුදායක දේවලින් වැළකී සිටියි.  මේ අනුව, ඔවුන් මුලින්ම පැමිණෙන ප්‍රහාරයන් මග හරිනු ඇත.

 

නමුත් ෂ්‍යාඕ චීයේටද දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය. ඔහු තම හස්තය ඔසවා ශෙන් ස'චුඇන්ගේ පාදය අවහිර කළේ "තඩ්"  හඬක් නැගෙන පරිඳි ය. ඉන්පසු ස්ථාවර ලෙස පියවරක් ඉදිරියට තැබුවේ ය.

 

ශෙන් ස'චුආන්  දැන් තම පාදය ඉවතට ගන්නට පමා වැඩි ය. ෂ්‍යාඕ චීයේට මුහුණ දීම නොටියෙකුට හෝ දිවියෙකුට විරුද්ධ ව සටන් කරන්නාක් වැනිය. වේගයෙන් ගැහෙන හදවතත්,  මඟහරින සුළු බැල්ම්,  මේ ලක්ෂණ ඔහු පෙන්වන තාක් ෂ්‍යාඕ චීයේසුළි සුළඟක් සේ කඩා වැදෙනු ඇත.  ඔහු කිසි විටක සිය ප්‍රතිවාදියා ට පහර දීමට ඇති අවස්ථාව මඟ නොහරින්නේ මය.

 

ෂ්‍යාඕ චීයේ ට ආරක්‍ෂාකාරීව යාමට ඉඩ දීම ෂ්‍යාඕ චීයේ හට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ දෙනවාට වඩා පහසු විය!

 

 ශෙන් ස'චුආන්  ඔහුගේ පාදයෙන් බලය යෙදවූ අතර පීඩනය නිසා ෂ්‍යාඕ චීයේ ගේ චලනය තරමක් මන්දගාමී විය.  ඇසිපිය හෙළන සැණින් ශෙන් ස'චුආන්  ෂ්‍යාඕ චියේ විසින් ගුවනට ඔසවනු ලැබුවේ ය.  ඔහු තම මුළු සිරුරම පිටුපසට කර, අත් දෙකම බිම තබා ආධාර කර ගනිමින් , සුළඟේ වැනෙන මෘදු විලෝ මෙන් නැවත සෘජුව සිටගත්තේ ය.  ඔහු නැවත දෙපයින් නැඟුණු මොහොතේම ඔහු නැවතත් තම පාදය පිටුපසට ගත්තේ ය.

 

 නැවත වරක්, ෂ්‍යාඕ චීයේ එය අවහිර කිරීමට ඔහුගේ අත එසැවීය.  "ගසක් සොලවන්න හදන කුහුඹුවෙක්. ඔබේ හැකියාවන් අධිතක්සේරු කිරීම නිසා මම ඔබව ප්‍රතික්ෂේප කළ යුතුද, නැතහොත් ඔබේ ධෛර්යය සඳහා මම ඔබට ප්‍රශංසා කළ යුතුද?"

 

ඔහු එය පැවසුවේ  ඔහු පිටුපසින් ශෙන් ස'චුඇන්ගේ වළලුකර අල්ලාගත් විටය.   ඔහු ශෙන් ස'චුආන්  බිම පෙරළීමට උත්සාහ කරන විට ඔහුගේ උරහිස ගිලී ගියේය.

 

 දැනටමත් පැද්දෙමින් සිටි ශෙන් ස'චුආන්  ගම්‍යතාවයෙන් ප්‍රයෝජන ගෙන ​ෂ්‍යාඕ චීයේ ගේ උරහිසට පා තැබුවේය.  ඔහුගේ එම පුදුමාකාර සිරුරේ ශක්තිය නැවතත් ක්‍රියාත්මක වූයේ ඔහුගේ දෙපා ෂ්‍යාඕ චීයේ ගේ ගෙල වටා කරකවා ඔහු හා එක්ව ඔහුව බිමට කරකවද්දීය.

 

 ෂ්‍යාඕ චීයේ ගේ අත්ල මෙම සෘජු දෑත දිගේ කෙළින්ම ලිස්සා ගොස් කලින් ආරුක්කුවකට නැමුණු ස්ථානය වටා සම්බන්ධ විය.  ඔහුගේ අත්ලෙහි ඇති නම්‍යශීලී බව ඇදහිය නොහැකි තරම් මෘදු විය.

 

 ඔහුට අවශ්‍ය වූයේ ශෙන් ස'චුආන්  ස්පර්ශ කිරීමට පමණි.

 

ඔහුට එය අදහාගත නොහැකි විය.  එය ජී වංශයේ සටන් කලාව හෝ ජී වංශයේ අසිපත් සටන් කලාව වේවා, පුද්ගලයෙකු වසර පුරා පුහුණු වන තාක්, ඔහුගේ සිරුරේ මාංශ පේශී නියත වශයෙන්ම සහ දෘශ්‍යමාන ලෙස වර්ධනය විය යුතුය.  නමුත් ශෙන් චුඇන් කිසිදා සටන් කලාව පුහුණු කර නැති බව පෙනෙන තරමට සඟවා ගත්තා පමණක් නොව, චෙන් යැං සහ ච්‍යාඕ ත්‍යැන්යා යන දෙදෙනාටම ඔහුව රැගෙන යන තරමටම ඔහු ජීව ශක්තිය හා රුධිර මන්දපෝෂණය ඇත්තෙකු සේ දුර්වල හා අසනීප වී ඇතැයි සිතන්නට සැලැස්වූයේ ය. 

 

.ශෙන් ස'චුආන්  සිය සිරුර බිමෙන් ඔසවමින් සිය වැලමිට ෂ්‍යාඕ චීයේගේ හිස දෙසට පතිත කළේ ය.  ඔහු පහර වැලැක්වීමට ඔහුගේ හිස ඇල කළේය.  ඔහු ශෙන් ස'චුඇන්ගේ ඉනෙන් තදින් අල්ලාගෙන ඔහුව තමාගේම පපුවට තද කර ගත්තේය, පසුව ඔහුගේ ඉණ ඔහුගේ ළය මතට යමක් නැඟී එන බවක් ඔහුට දැනුනි.

 

 නැඟෙනහිර මුතු ඇටය තවමත් ඔහුගේ ළය තුළ සැඟවී තිබුණි!

 

 ශෙන් ස'චුඇන්ගේ පිටුපස ෂ්‍යාඔ් චීයෙ මත  ගැටුණු මොහොතේ, ඔහු ෂ්‍යාඕ චීයේ ගේ හස්තය ඉවත් කරගන්න ට උත්සහ කළේ ය. වතුර ඉසීමෙන් ඔහුගේ හිසකෙස් තෙත් කළේ ය.

 

 ශෙන් ස'චුආන්  ට පසුබැසීමට අවශ්‍ය වූ නමුත් අනපේක්ෂිත ලෙස ෂ්‍යාඕ චීයේ ඔහුගේ දිගු පාදයෙන් ඔහුව අල්ලාගෙන ඔහුව තමා දෙසට ඇද ගත්තේ ය.  ශෙන් ස'චුඇන්ගේ සිරුර ඒ වන විටත් ෂ්‍යාඕ චීයේ දෙසට නැඹුරු වෙමින් පැවති නමුත්, එම මොහොතේම, ඔහු ජලය මත පාගමින්, චින් වාද්‍ය භාණ්ඩයේ ස්වර තතක් මෙන් ක්‍රමයෙන් තමාව ස්ථාවර කර ගත්තේය.

 

ෂ්‍යාඕ චීයේ නැවතත් සෘඦුව ඔහුව ඉදිරියට ගත්තේ ය. ඔහු හිස් වා තලයේ කොක්කක් සේ ඇදී ආ අතර , නමුත් ඔහුට ශෙන් ස'චුඇන්ගේ දිගු කෙස් කළඹ ස්පර්ශ කළේ වර්ෂා ජලය විසිරෙද්දී ය. 

 

වැසි ජලයෙන් තෙත බරිතවූ හිසකෙස් ෂ්‍යාඕ චීයේ ගේ හස්තයෙන් ලිස්සා ගියේ ඔහුට කැසීමක හැගීමක් දනවමිනි.

 

තවත් සටන් කරන්නේ නැහැ.” ෂ්‍යාඕ චීයේ සිය අතමි​ට මොළවා කලබලයෙන් යුතුව පවසන්නට වූයේ ශෙන් ස'චුආන්  දෙස බලමිනි.  “වර්ෂාව තවත් වැඩි වෙනවා.”

 

ශෙන් ස'චුආන්  පිටුපස බලා ඇසුවේ ය., “ඔබට ස්පර්ශ කළා ඇති වගේද?”

 

ෂ්‍යාඕ චීයේ නැවත බැල්මකුදු නොහෙළුවේ ය. ඔහු පැවසීය, “එතරම් මෘදුත් නැහැ, but එතරම් දැඩිත් නැහැ.”

 

ෂ්‍යාඕ චීයේ මඳ සිනහවකින් යුතුව සමච්චල් කරන්නාක් මෙන් පවසන්නට විය, “මම හිතුවේ ඔබ මගේ වස්ත්‍ර ඉරා දමාවි කියලා.”

 

 "මට ඇත්තටම අවශ්‍ය නම්."  ෂ්‍යාඕ චීයේ  පැවසුවේ ය "අපි දැන් අපි එකිනෙකාට මුවා වෙලයි ඉන්නේ ."

 

 ඒ සමඟම ඔහු තම අනෙක් අත ඔසවා ශෙන් ස'චුආන්  නිතරම රැගෙන යන සිහින් තලය සෙලෙව්වේය...

 

 ජි වංශයේ මානසික සටන් ශිල්පීය ක්‍රම පුළුල් අසිපතත් සමග හැසිරවිය යුතු එකක්  හැමදාම මේ දේවල් පාවිච්චි කළත් මේ ජීවිත කාලෙම මාව පරද්දන්න බැරි වෙයි.  ඔබට මාව පරාජය කළ නොහැකි නම්, ඔබ පළිගන්නේ කොහොමද? ”

 

 ශෙන් ස'චුආන්   ගේ සිහින් තල මුලින් ඔහුගේ කලවා වල පිටත සැඟවී තිබුණි.  ඔහු බිම බලා, නැවතත් ෂ්‍යාඕ චීයේ දෙස බැලීය.  ඔහු පැවසුවේ ය. “සටන් කිරීම සහ මරා දැමීම සබඳතාවලට හානි කරනවා. ඒක හරියට අධමයෙක් සමඟ ක්‍රීඩා කරනවා වගෙයි නේද? ”

 

 ෂ්‍යාඕ චීයේ පවසන්නට විය "මට බය ඔබ ඔබේ සිනහව පිටුපස කිනිස්සක් සඟවාගෙන ඉන්නවද කියලයි."

 

 රාගය යන වචනයට පමණක් ඉහළින් ආයුධයක් තිබෙනවා.” ශෙන් ස'චුආන්  තම දෑත් දිගු කළේය.  “දෙවැනි තරුණ ස්වාමියා වැදගත් මහත්මයෙක්.  බිය වෙන්නේ මොකටද? ”

 

 ෂ්‍යාඕ චීයේ සිහින් තුනී අසිපත ශෙන් ස'චුඇන්ගේ අත්ලෙහි තබා නොපසුබටව පැවසුවේ ය, “මම දැන් කිව්වේ මම මනුෂ්‍ය ඇඳුමෙන් සැරසුණු මෘගයෙක් කියලා.  ඇයි ඔබ මාව නිතරම මහත්මයෙක් විදියට දකින්නේ?"

 

 ශෙන් ස'චුඇන්ට ඔහුගේ අත ආපසු ගැනීමට අවශ්‍ය විය.

 

 නමුත් ෂ්‍යාඕ චීයේ ඔහුගේ මැණික් කටුවෙන් අල්ලාගෙන පැවසුවේ ය, "ඔබ අද බොහෝ කීකරු බව දකින විට, මේ දෙවන තරුණ ස්වාමියාට ඔබට හොඳ හැඟීමක් ඇති කරන තැනකට ඔබව රැගෙන යන්න පුළුවන්."

 

 "ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනී."  ශෙන් ස'චුආන්  හදිසියේම දරුණු මුහුණකින් මෙසේ පැවසීය: "කරුණාකරලා, මම පිරිමින්ට කැමති නැහැ.  එවැනි හැඟීම් නැතුව යහපත් කොන්දේසි මත පමණක් වෙන් වෙමු.  ඇයි මට මේ තරම් කරදර කරන්නේ?"

 

 ෂ්‍යාඕ චීයේ මොහොතකට ගොළු වූ අතර, පසුව ඔහු තම හිස පැත්තකට හැරවූ විට, සංදර්ශනය නැරඹීමට හමුදා සරඹ පිටියේ ඇතුල් ශාලාවේ දොරවල් සහ ජනෙල පුරා එල්ලී සිටින අධිරාජ්‍ය හමුදා සෙබළුන් රොත්තක් දුටුවේය.

 

අධිරාජ්‍ය හමුදාවේ උප ආඥාපතිවරයා එදින රාත්‍රියේ අෂ්ඨ මහා පුහුණු අංශ මරා දැමීමට තම මිනිසුන් මෙහෙයවූ කැළලක් ඇති පුද්ගලයාය.  ඔහු ජනේලය අල්ලාගෙන විහිළුවෙන් ඉස්සර විය.

 

 නිදහස ලබා ගන්නා ගොදුරක් මෙන් සටන් කිරීම.  ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි, මොන මගුලක්ද?!  ඔබ අපට දිනපතා දේශන පවත්වන විට කවදාවත් ඔබ අපට සිනාසුණේ නැහැනේ!

 

 "එය කරදරයක් බව ඔහු පැවසුවා!"  ඔවුන් එකිනෙකාට අර්ථාන්විතව ඇසිපිය ගසන්නට විය, “එ්ක සමාන වෙන්නේ කොහොමද?!  උප රාජ්‍ය නායකයාට දැන් වයස අවුරුදු විසිතුනයි ,  ඔහුට නිවසේ බිරිඳක් නැහැ.  ඒ නිසා ඔහු තුළ ඇති සියලු ශක්තිය වෙනත් කෙනෙකු වෙනුවෙන් වැය කිරීමට සිදු වෙනවා.  එය සමාන නැහැ! ”

 

ශෙන් ස'චුආන්  පලා යන්නට සූදානම් වන බව දුටු ෂ්‍යාඕ චීයේ දෙවැන්නා තදින් තමා දෙසට ඇද ගත්තේය.  ඔහු මතුපිටින් සිනහවක් පාමින්, “ඒක හරි.  මම අනුන්ට හිරිහැර කරනවා.  ලන්ජෞ, ඇයි ඔබ දුවන්නේ?  මම ඔබට හිරිහැර කරලා ඉවර නෑ!  ඔබ පිරිමින්ට නොගැලපෙන හේතුව නම්, ඔබ තවමත් ඔවුන්ගෙන් මිහිරි රසයක් ලබා ගන්න නොදන්නා එකයි.  දෙවන තරුණ ස්වාමියා ඔබට උගන්වන්නම්."

 

 නිර්ලජ්ජිත හා මෝඩකමෙන් , ඔහු, ෂ්‍යාඕ චීයේ ලී ජ්‍යැංහෙන් ට පමණක් දෙවෙනි වෙයි.  බලහත්කාරයෙන් වෙනත් කෙනෙකු නම්මාගැනීමේ උපක්‍රමය නොදන්නේ කවුද?  ​ශෙන් ස'චුආන්  ඇත්තටම ඔහුව හෑල්ලු කළේ ඔහුව අපහසුතාවයට පත් කිරීමට මෙවැනි ලාභ උපක්‍රමයක් භාවිතා කිරීමට උත්සාහ කිරීමෙනි.

 

 ශෙන් ස'චුඇන්ට ට පිළිතුරු දීමට අවස්ථාවක් නොදී ෂ්‍යාඕ චීයේ ත ඔහුව ඇදගෙන ගියේය.

 

 ඔවුන් පිටුපසින්, තංතායි හූ ඔහුගේ කැළල ස්පර්ශ කර ඔහු අසල සිටි සොල්දාදුවාගෙන් ඇසුවේය, “කවුද ඒ මිනිසා?  මම ඔහුව මීට පෙර කවදාවත් අපේ අධිරාජ්‍ය හමුදාවේ දැකලා නැහැනේ!"

 

 "ඔහුගේ වාසගම ශෙන්."  ඔහු අසල සිටි මිනිසා ඇහැක් ගැසුවේය.  "චොෆබෟ සිට පැමිණි තැනැත්තා."

 

 තන්තායි හූගේ මුහුණේ සිනහව සිසිල් වූයේ ය.  ඔහු තම හිස දෑතින්ම අල්ලාගෙන පිටුපසට හැරුණේ ය, “ඔහු තමයි චොංබෟ වලට විපතක් ගෙනාවේ.  ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ඔහු සමඟ කරන්නේ මොනවද!  ශෙන් වෙයි බොහෝ මිනිසුන්ගේ මරණයට හේතු වුණා.  ඔහුගේ හිස් අටක් තිබුනත් අපට හිස ගසා දැමීමට ප්‍රමාණවත් නොවේ වි. ජියැන්ෂින් කුමරුගේ නිවස දැනටමත් විනාශ කරලයි තිබෙන්නේ.  එහෙත් ඔහු තවමත් චූදු හි හොඳින් ආහාර ගනිමින් ජීවත් වනවා.  චාෂි ගං ඉවුරේ මවුපියන් අහිමි වූ අනාථයන් තවමත් විලාප දෙනවා!  මේ මගුල!  ඇයි ඔබ මට කලින් කිව්වේ නැත්තේ?!"

 

 

         

 

 ෂ්‍යාඕ චීයේ ​ශෙන් ස'චුඇන්ව ෆෙං කන්ද මුදුනට රුගෙන ගියේ ය.

 

 කන්දේ පටු ගල් පඩිපෙළක් විය.  දිය පහර ඔවුන්ගේ පාවහන් තෙිමා දැමුවේ ඔවුන්ව අස්ථි දක්වා සිසිල් කරවමිනි.  නමුත් ෂ්‍යාඕ චීයේ වතුර බිංදු ගලන මේපල් කොළ ඇතිරූ මාවතකට පිවිසෙන විට ආපසු හැරී බැලුවේවත් නැත.  ඔවුන් නොගැලපෙන පඩිපෙළවල් සමඟ තව දුරක් ඇවිද යද්දී ඔවුන්ගේ සපත්තු මඩේ ගිලී ගියේය.

 

 පැයකටත් අඩු කාලයකට පසු, ෂ්‍යාඕ චීයේ ඔහුගේ මාර්ගයේ නතර විය.

 

 මීදුම සහිත වර්ෂාව මධ්‍යයේ පිදුරු සෙවිලි කළ ගෘහය කුඩා හා විචිත්‍රවත් වූ නමුත් එය ජීවත් වීමට සුදුසු ස්ථානයක් ලෙස නොපෙනුණි.

 

 ඔහු පැත්තකට හැරී ශෙන් ස'චුඇන්ට පැවසුවේ “ඔබ වරක් නන්ලින් දඩයම් පිටියේදී මාව බේරා ගත්තා.  එයට ප්‍රතිඋපකාරයක් ලෙස, මම මේ ස්ථානය ඔබ සමඟ බෙදා ගන්නම්.

 

මට අවශ්‍ය ශීතල සොයාගැනීමට අපහසු මුදල් විතරයි.” ශෙන් ස'චුආන්  පැවසීය, “… එක්ව ස්නානය කිරීමක් නෙමෙයි.”

 

 "මුදල් සහ කීර්තිය හුදෙක් ලෞකික වස්තුවක් විතරයි."  ෂ්‍යාඕ චීයේ දෑත දිගු කළේ රෙදි තිරය ඔසවා ඇතුළු වෙන්නට ය.  ඔහු තම වස්ත්‍ර ගලවා දැමීම සඳහා දොරටුව අසල සිටගෙන පවසන්නට විය, “මෙය අධිරාජ්‍යයාගේ මහලු මිනිසා පවා මීට පෙර කිසි දිනෙක භුක්ති නොවිඳි ස්ථානයක්.”

 

ශෙන් ස'චුආන්  තිරය එසවූ අතර ෂ්‍යාඕ චියේගේ නිරුවත් උඩුකය දුටුවේය.  ඔහුගේ උරහිස් පිටුපස මාංශ පේශීවල නැවුම් මූර්තිමත් කරන ලද ශරීරයක් මෙන් පිරිසිදු හා පිළිවෙලට තිබුණි.

 

 නිවස තුළ වක්‍ර උස් වූ කුඩා ඇඳුම් රාක්කයක් හැර, පිටතට ගලා ගියේ උණු දිය උල්පතක් පමණක් තිබුණි. ෂ්‍යාඕ චීයේ ඇඳුම් රාක්කයේ එක පැත්තක ඔහුගේ ඇඳුම් එල්ලා තැබුවේය.  අනෙක් අන්තය පැහැදිලිවම ඔහු වෙනුවෙන් වෙන් කර තිබුණි.

 

 ෂ්‍යාඕ චීයේ ඔහුගේ සපත්තු ගලවා, ශෙන් ස'චුආන්  දෙස ආපසු හැරී බැලුවේ ය, "ඔබට ඔබේ පිටුපසට හරවා ඇඳුම් ඉවත් කරන්න අවශ්‍යද, නැතහොත් මා දෙස බලා සිටින විට ඔබට ඇදුම් ඉවත් කරන්න අවශ්‍යද?"

 

 ඔහුගේ ඉණ පටිය ඇදගෙන ශෙන් ස'චුආන්  පිටුපසට හැරුනි.  නැඟෙනහිර මුතු ඇටය ඔහුගේ අත්ලෙහි පතිත වූ අතර, ඔහු එය පහසුවෙන්ම ඔහුගේ කමිසයට දමා ගත්තේය.  ඔහුගේ පිට දෙස ඔහු බැල්මක් හෙළු අතර එය ඉවතට නොගත්තේය.  ශෙන් ස'චුඇන්ගේ අත මොහොතකට නතර වූයේ තමාගේ පිටත වස්ත්‍ර ඉවත් කිරීමට පැකිලීමක් සමඟය.

 

 ෂ්‍යාඕ චීයේ එම ඇඳුම බිමට ලිස්සා යන අයුරු බලා සිටියේය.  සඳ එළිය පතිත වූ චෙරි මල් පෙත්තක් මෙන් ශෙන් ස'චුඇන්ගේ දිගු ලෙ පහතට නේරා තිබුණේ ය.  ඔහුගේ පිටුපස ඉතා සිහින් සහ මෘදු බවක් පෙනෙන්නට තිබුණි.

 

 ෂ්‍යාඕ චීයේ සිතුවේය.

 

 ඒක හරි.  ඔහු මේ මොහොත වන විටත් ශෙන් ස'චුඇන්ගේ හිස දෙස බලා නෙත් යොමා සිටියේ ය.

 

 මිනිසෙකුගේ ගෙල පිටුපස මෙතරම් විශ්මයජනක සුන්දරත්වයක්කෙසේ ද?  මෙය ෂ්‍යාඕ චීයේට අතීතයේ දුටු සහ අසා ඇති සියල්ලෙන් ඔබ්බට ගිය යමක් විය.  එය ඔහුව පුදුමයට පත් කළා පමණක් නොව, එය ඔහුව වික්ෂිප්ත කළේය.

 

 ලිගීබෙයි සිට පැමිණි කුඩා වෘකයාගේ දත් තියුණු වූ නමුත් ඔහු මීට පෙර කිසි දිනෙක එවැනි ගෙලක් සපා ගෙන නොතිබුණි, ඔහු එවැනි මිනිසෙකු සපා කා නොතිබුණි.  ඔහුගේ බැල්ම ශෙන් ස'චුආන්  ගේ නාසයෙන් පහළට ලිස්සා ගියේ පහසක් දැනුණු සේ ය, යන්තම් ඉහළ පහල යන උගුරු ඇටයත් පසු කළේ ය

 

 මෘදුයි.

 

 ෂ්‍යාඕ චීයේට තම මුව වියළී ගිය බවක් දැනුනි.  ඔහු එක්වරම තිගැස්මක් ඇතිව පියවි සිහියට පැමිණි අතර ක්ෂණිකව තම බැල්ම මග හැරියේය.

 

 මට පිස්සු ද කොහෙද?

 

 ඔහු සිතුවේ ය.

 

 දොංලොං වීදියේ බොහෝ ආචාරශීලී අය සිටියා!  ඔවුන්ගේ සැබෑ ලෙසම අනර්ඝ නොවූයේ මොනවා ද?  ඔහු කුසගින්නෙන් පිච්චෙනවාක් මෙන් ඔහුගේ පිට දෙස බැලුවේ ඇයි?

 

 ෂ්‍යාඕ චීයේ රූමත් කාන්තාවන්ට වසඟ වූ පුද්ගලයන් දෙසට ඔහුගේ නාසය හරවා ගැනීමට පුරුදුව සිටියේය, මන්ද ඔහු අගය කළ වැඩිහිටියන් සහ ජ්‍යෙෂ්ඨයන් සියල්ලෝම අධිෂ්ඨානශීලී සහ ආචාරශීලී මිනිසුන් වූ බැවිනි.  රූමත් කාන්තාවක් ඔඩොක්කුවේ තබාගෙන වුවද කාමයෙන් නොපෙළඹුණු පිරිමියකු සැබෑම මහත්මයෙක් යැයි කිව හැකි ය.

 

 හරියට ඔහුගේ පියා, ඔහුගේ සහෝදරයා, ඔහුගේ ශීෆූ වගේ.

 

 ලෝකයේ සුප්‍රසිද්ධ සේනාධිපතිවරුන් පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වූහ.  නමුත් ඔහු මීට පෙර කිසි දිනෙක චී ශීයූ අගය කර නොතිබුණි, මන්ද චී ශීයූ කපටියෙකු වූ බැවිනි.  චොංබෞ සටනින් පසු, ඔහු වඩාත්ම පිළිකුල් කළේ ශෙන් වෙයි ය, එයට හේතුව වූයේ ශෙන් වෙයි දරුණු අපරාධවලට වැරදිකරු වූවා පමණක් නොව, කාමාධික වූ බැවිනි!

 

 එහෙත් මේ මොහොතේ සුන්දරත්වයෙන් වසඟ වී ආශාවන්ගෙන් ඇවිස්සුණු ඒ මෘග මනස යළිත් වරක් හිස ඔසවන ලකුණු පහළ වූ හෙයින් ඔහුට මඳ කරකැවිල්ලක් දැනෙන්නට විය.

 

 ෂ්‍යාඕ චීයේ ඔහුගේ බැල්ම පාලනය කර ගැනීමට වෙහෙස වූ අතර ඔහුගේ මනස සහ ඔහුගේ ආශාව අතර ඇති පරස්පරය පැහැදිලිව දැනුනි.  ඔහු මේ මිනිසාට ආදරය කළේ නැත, නමුත් මේ මිනිසාගේ ආදරණීය බව නිසා, ඔහුව වැළඳ ගැනීමට, ඔහුව විනාශ කිරීමට සහ ඔහුගේ දත්වලින් ඔහුව ඉරා දැමීමට ඇති ආශාව ඔහු තුළ දෙවන වරටත් පැන නැගුනි.

 

 "ඔබ ඇතුලට යන්නේ නැද්ද?"  ශෙන් ස'චුආන්  නොසැලී ආපසු හැරී ඔහු වෙත ළඟා වූ බව ඔහුට සම්පූර්ණයෙන්ම අමතක විය.

 

 ෂ්‍යාඕ චීයේ කෝපාවිෂ්ඨ හඬකින් ප්‍රතිචාර දැක්වීය.  "...චඃ!"

 

අරැත් පැහැදිලි කිරීම

 

1. 外家拳/功夫බාහිර’ සටන් කලාව' ආරම්භ වන්නේ Shaolin වලිනි, එහිදී කෙනෙකු ප්‍රහාරයක් වෙනුවෙන් සටන් කිරීමේදී තම ශාරීරික ශක්තිය භාවිතා කරයි. එහි  ප්‍රතිවිරුද්ධ 内家拳/功夫අභ්‍යන්තර’ සටන් කලාව ආරම්භ වන්නේ Zhang Sanfeng වලින් වන අතර එහිදී කෙනෙකුගේ අභ්‍යන්තර ශක්තිය භාවිතා කරයි.  දෙවැන්න භෞතික ශක්තියකට වඩා අධ්‍යාත්මික හා මානසික අංශ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි.  අභ්‍යන්තර සටන් කලාවන් සඳහා උදාහරණයක් ලෙස Taiji/Tai Chi. ගත හැකිය.

 

2.) සිනහව පිටුපස තලයක් සඟවාගෙන සිටීම. : යටි අරමුණු අරමුණු තබාගෙන ​හොඳ මුහුණ පෙන්වීම.


පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-