Skip to main content

තිස් පස්වන පරිච්ජේදය : පළමු හිම පතනය

 

 

හුළඟ ශිතල ලෙස ඔවුන්ගේ වස්ත්‍ර වල අත් පටි ගසාගෙන යන්නට සැලැස්වුයේ ය.

 මේ මොහොතේදි, ශෙන් ස'චුආන්  හදිසියේම හිස හරවා කිවිසුමක් පිටකළේය . ඔහු තෙතබරිත වී සිටි අතර සිය අතකින් ෂ්‍යාඕ චියේ ට සන් කරමින් සංඥා කරමින් ඇසුවේ ය , “අත් ලේන්සුවක් තියෙනවද?”

 ෂ්‍යාඕ චීයේ පියවරක් ඉදිරියට ගොස් ඔහුට එය ලබා දුන්නේ ය.

 ශෙන් ස'චුඇන්ගේ නාසයේ ඉදිරිය රතු පැහැ ගැන්වී තිබිණි.  ඔහුගේ ඇඟිලි තුඩු පවා රත් පැහැ විය.  ඔහු නිල් පැහැ ලේන්සුව ගෙන මඅව සහ නාසය වසා ගත්තේය.

 ෂ්‍යාඕ චීයේ ඉක්මන් නොවී කුඩය විවෘත කළේ ශෙන් ස'චුඇන්​ට ඉදිරියට යාමට ඉඩ නොදෙමිනි. "ඔබ කොහෙද ගියේ?” ඔහු ඇසුවේ ය.

ශෙන් ස'චුආන්  පිළිතුරු දුන්නේ ය, “ ක්‍රීඩා කරන්න.”

කොහොම වුණත් ඔබ මගේ ආරක්ෂකයා.  ඔබ සෙල්ලම් කරන්න පිටතට යනවනම් කාර්යාලයට දැනුම් දෙන්න ඕනේ. ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "ඔබ වචනයකිවත් නොකියා පිටව යනවනම් ඒක ඇත්තටම කනස්සල්ලට පත්වෙන්න ඕනේ දෙයක්."

 මම මගේ ඉණ අවසරපත නානකාමරයේ තියලා ඇවිත්.   දෙවන තරුණ ස්වාමියා ඒක දැක්කෙ නැද්ද " ශෙන් ස'චුආන්  ඇසුවේ ය. ඔහු අත් ලේන්සුවේ සුවඳ ආඝ්‍රාණය කළේය. එය තරමක් අනර්ඝ සුවඳක් විය - සාමාන්‍යයෙන් වංශාධිපතියන් විසින් භාවිතා කරන සාමාන්‍ය සුවඳ විලවුන් වර්ගයක් නෙවෙයි, නමුත් එය හරියට දැවෙන හිරු යට ඇති ශක්තිමත්, ධෛර්ය සම්පන්න සුළඟේ රළ වැනි ය.  එය ෂ්‍යාඕ චීයේ ගේ සුවඳය.

 මොනතරම් අනර්ඝ සුවද විලවුන් වර්ගයක් ද?

 ශෙන් ස'චුආන්  සිය දෑස් පහත් කරගිනිමින් සිටියේ ඒ විලවුන් වර්ගයට වශිවි සිටි නිසා ය .  මේ ඔහුට ළඟා විය නොහැකි සූර්යාලෝකය විය;  ඔහුට මේ ජීවිතයේ තවදුරටත් නොතිබූ ආත්මය එහි විය.  ඔහුගේ හිතේ කොටසකට ලේන්සුව ආපසු දීමට අවශ්‍ය නොවීය, එබැවින් ඔහු තම ඇස් අගින් ෂ්‍යාඕ චියේ දෙස බලන්නට ඇස් ඔසවා යමක් කීමට ඇති ​පරිද්දෙන්, දෙගිඩියාවෙන් සිටියේ ය.

 "නෑ.  මම දැක්කෙ නෑ"  ෂ්‍යාඕ චීයේ සිය ළය අතගා සොයාබැලූ නමුත් ඔහුට අවශ්‍ය දේ හමුවූයේ නැත.   ශෙන් ස'චුඇන්ගේ ඔහු දෙස බලා සිටින බව දුටූ ඔහු සිය දෑස් අනෙක්පසට හරවා ගත්තේ ය.  තුෂ්නිම්භූත වූ ඔහු, “ඔබ මා දිහා එහෙම බලන්න තරම් කළ හෘද  තරම් සාක්ෂියක් නැති දේ මොකක් ද?”

 "කව්ද දන්නේ?"  ශෙන් ස'චුආන්  මඳක් කලබලකාරී ලෙස කීවේය.  "මම ගොඩක් කරලා තියෙනවා."

 "අපි ටිකක් සවන් දෙමු."  ෂ්‍යාඕ චීයේ පැවසීය.

 නිවසෙදි රාත්‍රියේදී හදවතට දැනෙන දේවල් කතා කරන්න නිවස ඇතුලට යනවනම් හොඳයි.  මෙතන හිටගෙන ඉන්නකොට ටිකක් සීතලයි."  ශෙන් ස'චුආන්  මදක් කැස්සේ ය, "ස්නාන කුටිය තවමත් විවෘත ද?"

 "වසා දැමුවා."  ෂ්‍යාඕ චීයේ පිළිතුරු දුන්නේය.  “ඔබට ස්නානය කරන්න අවශ්‍ය නම් විතරයි මගේ කාමරේට යන්න පුළුවන්.  ඔබේ සෞඛ්‍යය හරිම නරකයි.  මම ඔබ වෙනුවෙන් වෛද්‍යවරයෙක් හොයාගෙන කතා කළ යුතුද?"

 "ඒක නම් අනර්ඝයි."  ශෙන් ස'චුආන්  ඔහුගේ පියවරට විරුද්ධ විය.  "දෙවන තරුණ ස්වාමියා ආ නිසා, මට උපදේශන ගාස්තු ඉතිරි කර ගන්න පුළුවන්."

ඔබට තවමත් බරපතල අසනීපයෙන් සුවය ලබලා නැහැ, ඔබ හැම තැනම ගමන් කරනකොට ඒක නරක අතර හැරෙන්න තියෙනවා.  මම අනාගතයේදී ඔබව අනුගමනය කරන්න කෙනෙක්ව යොදවන්නම්. ”  ෂ්‍යාඕ චීයේ ධෛර්ය සම්පන්නව ඔහුට යන්නට මාර්ගය හෙලි කළේ ය.  "අපි යමු.  දෙවන තරුණ ස්වාමියා ඔබ වෙනුවෙන් හිරවරණය ඔසවාගෙන යන්නම්."

 ශෙන් ස'චුආන්  තමාටත් වඩා උස ෂ්‍යාඕ චියේගේ උරහිස දෙස බලා නැවතත් ඔහු දෙස බැලීය.  ඔහු සිනාසෙමින් පැවසුවේ ය. “මටත් හිරවරණය ඔවසගෙන දෙපයින් ඉන්න පුළුවන්”

 "මම ආවරණය වෙන්න බයයි."  ඔහු පැවසුවේ, "ඔබ කොට වැඩියි"

 ශෙන් ස'චුආන්  ඔහු සමඟ ප්‍රධාන දොරටුව හරහා පියමැන්නේ ය, “ඇත්තටම ඔබ උස වැඩි තමයි” ඔහු පැවසීය.

 මම පොඩි කාලෙදි මම මගේ දා ග'ට වඩා අඟල් කිහිපයයි මිටි වුනේ. ඉතිං ඒ නිසා මට නමකුත් පටබැඳුනා. ඒක මට කනස්සල්ලක් ඇති කළා, ඒ නිසා මම හැමදාම සටන් කලාව ගැන දැඩි පුහුණුවක් ලබගෙත්තා වගේම නිදාගන්න කලින් කිරි බොන්න පුරුදු වුණා." ෂ්‍යාඕ චීයේ  ඔහුගේ දිගු පාද වලින් ජල පොකුණ මඟහැරියේය, "මට වයස අවුරුදු දහතුනක් හරි දාහතරක් වෙද්දී මගේ උස වහලයත් පසු කරගෙන යාවි කියලා හිතුවේ කව්ද?"

"ඒක හොඳයි නේ නේද?"  ශෙන් ස'චුඅඇන් සෙචුවාන් පැවසුවේ, “මගේ දා ග'ත් හුගක් උසයි.”

 වර්ෂාව අඩු වූ නමුත් හිම පතනය දැඩි විය.

 ෂ්‍යාඕ චීයේ හිරවරණය ඔසවා එහි වූ හිම දෙස බැලුවේ ය “තවත් අවුරුද්දක් ගෙවිලා ගිහින්.”

ශෙන් ස'චුඇන්ද ද හිම දෙස බලා හඬනැගීය.  "තවත් අවුරුද්දක් ගතවෙලා."

 "නව අධිරාජ්‍යයා සිංහාසනයට පත්වෙලා සියලු දෙනාටම සමාව ලබා දුන්නා."  ෂ්‍යාඕ චීයේ නැවතිණි.  “වැන්දඹු අධිරාජිනියගේ බලය සහ බලපෑම දුර්වල වෙලා.  ඔබට චූදු අත්හැර ඔබට අවශ්‍ය ඕනෑම තැනකට යන්න පුළුවන්."

 "එහෙම ප්‍රසිද්ධ නොවී ජීවත් වෙන්න,  මගේ නම සඟවා තබන්න , මගේ අතීතය අමතක කරන්න, ඒවගේම මගේ මුළු ජීවිත කාලයම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ඉන්න."  ශෙන් ස'චුආන්  මෘදු ලෙස පැවසීය.  "මෙි මට වෛර කරන පුද්ගලයෙක් කියන්න ඕනේ දෙයක් නෙමෙයි."

මම බ්‍යැන්ෂා අශ්වාරෝහක සේනානට වෛර කරනවා,” ෂ්‍යාඕ චීයේ ශීතල ලෙස පැවසුවේ ය, “මම ශෙන් වෙයිටත් වෛර කරනවා.”

​ශෙන් ස'චුආන්  පවසන්නට විය , “ඔබ මටත් වෛර කරනවා ඇති.”

ෂ්‍යාඕ චීයේ ගේ දෑස් වේගවත්ව චලනය විය.

 ශෙන් ස'චුආන්  තවදුරටත් පැවසුවේ ය. "මම වෛරයෙන් ජීවත් වන පුද්ගලයෙක්."

 ගල් පුවරු මතට හිම පියලි වැටී ඇසිපිය හෙලන සැණින් දිය වී ගියේය.

 ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “දැන් ඔබට මම වසර පහක​ට කලින් පවසපු දේ හොඳින් වැටහෙනවා ඇති.”

"ජීවත් වීම මැරෙනවාට වඩා වේදනාකාරී දෙයක්."  ශෙන් ස'චුආන්  හදිසියේම සිනාසුණේය.  ඔහු හුස්ම පිටකර ෂ්‍යාඕ චීයේ ට පැවසුවේ, “ඒක නිවැරදි නැහැ.  මට වේදනාවක් නැහැ.  ද්වේෂය මයි මරණයට බලපාන්නේ ;  හරියට පිහියකින් ඔබේ මාංශය උදුරා දමනවා වගේ.  දවසින් දවස.  ඕනෑම කෙනෙක් අවසානයේ මහන්සියක් දැනෙනවා.  මට ආයෙත් ‘වේදනාව’ ඇති කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ.  මට මේ වගේ ජීවත් වීම පහසුයි.  කාරණය අත්හරින්න කියලා ඔබ මට නැවත නැවතත් උපදෙස් දී තියෙනවා, නමුත් 'නැවැත්වීම' කිසිම වෙලාවක ඔබටත් මටත් තෝරා ගන්න හොඳම දෙය නොවන බව ඔබට හොඳින් වැටහෙනවා ඇති.  උණුසුම සහ මෘදු  බවෙන් ඔබට හොඳ හැඟීමක් ඇති වෙනවනම්,  මට වැඩි කාලයක් ක්‍රීඩා කරන්න බැහැ. "

 ශෙන් ස'චුආන්  කතා කරන විට අත ඔසවා ෂ්‍යාඕ චීයේ ගේ ශක්තිමත් පිට හරහා එම ශීතල ඇගිලි ගෙන ගියේ ය. ඔහු පවසන්නට වූයේ මුමුණන හඬකිනි.

 මීදුම අතරින් දකින විට විචිත්‍රවත් ලෙස පෙනෙන සමහර දේවල් තියෙනවා.  නමුත් ඔබ සමීපව බලද්දි, ඒවා මළ මිනිසුන්ගේ ඇටකටු ගොඩක් විතරයි. ”

 ෂ්‍යාඕ චීයේ නොඉවසිලිමත් ලෙස තම හිරවරණය සොලවන්නට පෙර ඔහුගේ අත නැවත ගන්නා තෙක් බලා සිටියේය.  ඔහු පැවසුවේ ය, "මියගිය මිනිසුන්ගේ ඇටකටු මේ වගේ පුද්ගලයෝ ස්පර්ශ නොකරාවි."

 ශෙන් ස'චුආන්  සිනාසෙමින් ඉදිරියට යන්න​ට සූදානම් වූ විට ෂ්‍යාඕ චියේ ඔහුගේ උරහිසෙන් අල්ලා ගත්තේය.

 ඔබට ඇත්තටම ධෛර්යය තියෙනවා...” ෂ්‍යාඕ චීයේ ඔහුගේ උරහිස වටා සිය අත දමාගත්තේ ය, “...ඔබෙන් රුධිරය ගලා යන අකරේ මේ දෙවන තරුණ ස්වාමියා ව ස්පර්ශ කරන්න.  පිටත ඉන්න මිනිසුන් දස දෙනෙකුට වැඩි පිරිසක් ඔබ දිහා ඇහැගහගෙන ඉන්නවා, ඒ නිසා ඔබ ආපසු  කාමරයට යන්නේ මොකට ද?  මාත් එක්ක නිදාගන්න."

ශෙන් ස'චුආන්  ඔහුගේ උපායට හසුවිය.  ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “මගේ ජීවිතය බේරා ගත්ත එකෙන් ඔබ මට දක්වපු අනුග්‍රහය හැමවිටම මගේ මනසේ තැන්පත් වෙලා තියෙනවා ඒ වගේම ඔබ​ට නැවත නැවතත් අවස්ථාව ලබා දීලා තියෙනවා .  ඒත් ඔබට තියෙන්නේ අධමයෙක් වගේ මා වෙනුවෙන් වැඩ කරන්න විතරයි.  මට දිගින් දිගටම විහිළු කරන එක එතරම් සතුටු හිතෙන දෙයක් ද?  එහෙමනම්, ඔබ සිනාසෙන්නේ නැත්තේ ඇයි?  ශෙන් ලන්ජෞ, එන්න, ඔබ වැඩි කාලයක් ක්‍රීඩා කරන්න ලැබුනොත් හොඳයි කියලා ඔබ පැවසුවා නේද?  "

 

 ඔහු එසේ පැවසූ සැණින් හිරවරණය ඉවතට විසි කර එක්පියවරක් ඉදිරියට ගෙන ශෙන් ස'චුඇන්ව උරහිසට උඩින් ඔසවා ගත්තේය.

 

 පහතට බරවූ ශෙන් ස'චුඇන්ට සිය හිස ඹබනවාක් මෙන් දැනෙන්නට විය ඔහු වහා තම නාසය සහ මුව ලේන්සුවෙන් වසා ගත්තේ ය, "ෂ්‍යාඕ එර්-" ඔහු පැවසුවේ ය.

 

 ඔබ චලනය වෙන්න එඩිතර වුනොත්,  මධ්‍යම රාත්‍රියේ පුද්ගලයෙක් ව මරා දමන්න ඔබට පිටතිනුත් ඇතුළතිනුත් ස​හයෝගය දුන්නු හැමෝවම සොයා බලන්න කියලා මම සම්පූර්ණ චූදු දේශයම උඩු යටිකුරු කරලා දමනවා.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.

 

 "එහෙනම් ගිහින් විමර්ශනය කරන්න!"  ශෙන් ස'චුආන්  සිය මුව විවර කරත්ම, ෂ්‍යාඕ චියේ ඔහුව තදින් ග්‍රහණය කරගන්නට විය.

 

 "බලන්න ඔබේ මාර්ගය ස්නානය කරන්න තියෙනවා නම් ඔබ කොතරම් වේගයෙන් පලා යනවාද කියලා."  ශෙන් ස'චුඇන්ව උරහිසට උඩින් තබාගෙන, ෂ්‍යාඕ චීයේ ද්වාරයේ එලිපත්ත උඩින් පැන ගත්තේ ය., වියැකී ගිය තුරුලතාත් ඇති ගෙමිල හරහා ගමන් කර.  ඔහු වේගයෙන් සඳ දොර හරහා ගමන් කර ඔහුගේ ම වූ කාමරය දෙසට ගමන් කළේය.

 

 ඔවුන්ට සෙවන දුන් වහලය මත වැතිරී සිටි පුද්ගලයා ඔහුගේ හිස ඉවතට ගෙන පුදුමයෙන් ඔහුගේ දිවෙන් හඩ නැගුවේ ය.  “ඔහු සිනහවෙමින් හිම සමඟ කතාබස් කරමින්, ආචාරශීලි විදිහට හිටියා. ඇයි මේ හදිසියේ ම?"

 

 "ඒ පුද්ගලයා දෙවන තරුණ ස්වාමියා එක්ක ඉන්න කැමති නැහැ, හරිද?"  ශෙන් ස'චුආන්  දෙස නිතරම බලා සිටි මුරකරු ඔහුගේ  ෂාඕජ්‍යු මත්පැන් උගුරක් වත්කරගෙන පවසන්නට විය, “ඔහු ඊයේ වේගයෙන් පලා ගියේ අද රාත්‍රියේ දෙවන තරුණ ස්වාමියා තමාට බලකරාවි කියලා බියවුන නිසා වෙන්න ඇති.  මම අද දහවල් මේ ගැන විමසන්න අධිරාජ්‍ය හමුදාවට ගියා.  හැමෝම මේ කාරණය ගැන දන්නවා. ”

 

 "අපි මේක පරම්පරාගත කුමාරයාට වාර්තා කරමුද?"  වටපිට බලන්නට හිස හැරවූබඒ තැනැත්තා කුඩා පොතක් පිටතට ගෙන, බුරුසුව ලෙවකමින්, ඒ ගැන කල්පනා කළේය.  "අනේ, මේක ලේසියෙන් ලියන්න වෙන්නේ නෑ."

 

 "ඔහු ඉතා නිර්භීත විදිහට ඔහුව කාමරයට අරගෙන ගියා." මත්පැන් බොමින් සිටි පුද්ගලයා ඔහු දෙස බැලුවේ ය. ෂ්‍යාඕ චීයේ ඒ වන විටත් "පිපිරෙන් හඬක්" සමඟ දොරට පයින් ගසා තිබුණි. 

 

ඔහු මොහොතක් කල්පනා කර, පසුව පැවසුවේ ය. “නැත්තං අපි එහෙම නොකර ඉදිමු... සමලිංගිකයෙක්් වීම ලොකු ප්‍රශ්නයක් වෙන්න බැහැනේ, නමුත් එ්කත් සුළු දෙයක් නෙමෙයි.  අපි ඒක වැරදියි කිව්වොත් දෙපැත්තටම පැහැදිලි කරන්න අමාරුයි.  දෙවන තරුණ ස්වාමියාට හොදටම පහර කන්න ලැබේවි.”

 

 අනෙක් තැනැත්තා නළල රැලි කරගෙන පහර කිහිපයක් ගසා ගත්තේ ය, “හොඳයි… එහෙනම් මම එය වාර්තාව දමන්නම්, නමුත් මම එය වාර්තා කරන්නේ නැහැ.  පරම්පරාගත කුමාරයා පසුව ලකුණු පියවීමට පැමිණියහොත්, අපි පවසමු දෙවන තරුණ ස්වාමියාගේ බලය අනිසි ලෙස භාවිතා කරන්න අපිට බැහැ ඒ නිසා පදනම් විරහිතව වාර්තා කිරීමට එඩිතර වුනේ නැහැ කියලා."

 

 "ඒත් කොහොමද දෙයියනේ ඔහු පැනල ගියේ?"  මත්පැන් බොමින් සිටි තැනැත්තා තවමත් එය අදහා ගත නොහැකිව ඔහුගේ දෑත් මත හිස තබා ගෙන සිටියේ ය.

 

          .

 

කාමරය උණුසුමින් පිරී ​​තිබුණි. ෂ්‍යාඕ චීයේ , ශෙන් ස'චුආන්  නිදහස් නොකළ නමුත්, ඔහු සිය කාමරය වටා යද්දී සිය අත මදක් ලිහිල් කළේ ශෙන් ස'චුඇන්ව බිමින් තමමිනි.

 

 උණු වතුර ඕනෑවටත් වඩා තියෙනවා.  ඔබ කැමති පරිදි සුවඳ විලවුන් සහ ස්නානය කරන්න බීජ තෝරා ගන්න."  ෂ්‍යාඕ චීයේ කතා කරන විට, ඔහු සිය හිස හරවශෙන් ස'චුඇන්ගේ විවෘත වූ ඩ

ඉගටිය මඟහැරීමට හිස පසෙකට කළේය.  ඔහු පැවසුවේ ය, “ඔබ කිරිවලින්, මල් පෙතිවලින් සහ මුතු කුඩුවලින් ස්නානය කරනින අවශ්‍ය කෙනෙක් නෙවෙයි, එහෙම නේද?”

 

 ශෙන් ස'චුආන්  කිවේය, "ඉන්න... මට වමනේ යන්න වගේ!"

 

 "එහෙනම් දැන් ඉන්න විදියටම වමනේ දාන්න."  ෂ්‍යාඕ චීයේ ලය පිටුපස සගවාගෙන සිටි වස්ත්‍ර ඉදිරියට ගෙන් ළය වසාගත්තේ ය. වැසුණු හිඩැස හරහා පිටතට එල්ලෙන වස්ත්‍ර වල අපිරිසුදු භාවය නොතකා ඔහු ශෙන් ස'චුඇන්ව තවත් ඇතුළට ගෙන ගියේය.

 

 ඔහු එල්ලෙන තිරය එසවීය.  ඇතුළත තිරයකින් වෙන් කරන ලද කුඩා අවකාශයේ කොටස් ද්විත්වයක් විය.  එක් පැත්තක උණු ජලය තිබූ අතර අනෙක් පැත්තේ ඇඳුම් රාක්කයක් විය. ෂ්‍යාඕ චියේ ඇඳුම රාක්කයේ එල්ලා එක් අතකින් පහසුවෙන් තිරය ඉවතට ඇද දැමුවේ ය.  ඉන්පසු ඔහු ශෙන් ස'චුආන්  තටාකයේ අද්දර තබා ඔහුගේ පාදයෙන් පුටුවක් ඇදගත්තේ ය.

 

 "ඔබ ස්නානය කරන්න."  ෂ්‍යාඕ චීයේ බාධාවකින් තොරව වාඩි වී ශෙන් ස'චුඇන්ගේ නිකට එසවීය.  “ඔබට අවශ්‍ය සියල්ල සූදානම් කරලා තිබෙන්නේ.  මම බලන්නම් ඔබ දුවන්නේ කොහොමද කියලා."

 

 ශෙන් ස'චුආන්  පුදුමයෙන් විමසූ විට ඔහුගේ මුහුණ සුදුමැලි විය.  "ඔබ මොනවද බලන්නේ?"

 

 ෂ්‍යාඕ චීයේ ඔහුගේ දිගු පාද දිගහැර ඔහුගේ දෑත් නැමීය.  ඔහු පවසන්නට විය, "ඔබට ලැජ්ජද?  දුවන්න එපා, හරිද?"

 

"ලැජ්ජාවෙන් ඉන්න කෙනා මම නෙවෙයි කියලා මට හිතෙනවා."  ශෙන් ස'චුආන්  උපහාසාත්මක ලෙස පිළිතුරු දුන්නේය.

 

 "එහෙනම්, ඉදිරියට ගිහින් වස්ත්‍ර උණාදමන්න."  ෂ්‍යාඕ චීයේ සන්සුන් හා නොසන්සුන්කම අතර දෝලනය විය.  "අපි බලමු කවුද මුලින්ම තුවාය ඇදගන්නෙ කියලා කියලා."

 

 තවත් වදනක්වත් නොපවසා ශෙන් ස'චුආන්  තම ඉණ පටිය විවෘත කළේ ය.  ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑස් මග හැරීමේ චේතනාවකින් තොරව ඔහු දෙසම බලා සිටියේය.  ශෙන් ස'චඇන් ඔහුගේ ඇතුලත වස්ත්‍රය ඉවත් කරද්දී, ඔහුගේ ඇගිලිවල පුරුක් ඒ වන විටත් සුදු පැහැ වී තිබුණි.

 

 "ඔබට වේදනාවක් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ."  ෂ්‍යාඕ චීයේ ඔහුට විහිළු කළේය.  "ඒත් පෙනුමෙන් ඔබට හොඳටම තරහ ගිහින් වගේ."

 

 ශෙන් ස'චුආන්  තමන්ගේ ඇඳුම් ඔහුගේ මුහුණට විසි කරන විට ඔහු තම වචන පවා අවසන් කර නොතිබුණි.

 

 ​ෂ්‍යාඕ චීයේ ඇඳුම් අල්ලාගෙන මොහොතක් සිනාසුනේය.  ඔහු ඒවා ඔහුගේ මුහුණෙන් ඉවත් කරන විට, ශෙන් ස'චුආන්  ඒ වන විටත් ජලයට බැස සිටියේ ය.

 

 ශෙන් ස'චුආන්  හැරී ආපසු බලන්නටවත් කරදර නොවෙමින් අනෙක් පැත්තට හේත්තු විය.  ඔහුගේ එම මෘදු හා සිනිඳු පිට මත ජල බිඳිති රැදි ගලා යන්නට විය;  ඔහුගේ පිට ඉතා සිනිදු හා තෙත් වූ අතර එහි තිබු ජල බිඳිති පිනි සහිත මල් පෙති මෙන් දිස් විය.

 

 ෂ්‍යාඕ චීයේ මොහොතකට හසුන්ගත්තේ ය, “මොන තරම් පුංචිු තරහගන්නෙක් ද.  අතීතයේ ඔබේ වචන ඔබ​ට සැමවිටම මාර්ගයක් පෙන්වුවේ නැද්ද? ”

 

 ශෙන් ස'චුආන්  පැවසුවේ,  දෙවන තරුණ ස්වාමියා තරම් දැඩි නැහැ.”

 

 ඔහු පළමු වරට එවැනි දෙබිඩි කතාවක් භාවිත කළ අවස්ථාව එයයි. නමුත් එය කීප වතාවක්ම පැවසීමෙන් පසු, ෂ්‍යාඕ චීයේ තුළ වූ කුමන හෝ නින්දිත භාවය ඔහුගෙන් ගිලිහී ගියේය.

 

 එබැවින්, ඔහු ස්ථිරව හසුන්ගෙන් සන්සුන්ව පිළිතුරු දුන්නේ, "ඇත්තටම ඔව්."

 

 මොහොතකට පසු, ෂ්‍යාඕ චීයේ විමසා සිටියේය, "ඔබ අද රාත්‍රියේ සෙල්ලම් කරන්න ගියේ කොහෙද කියලා ඔබ මට කියන්න යන්නේ නැද්ද?"

 

 "ඔබ හුගක් බලවත් නේ."  ශෙන් ස'චුආන්  පැවසුවේ ය, "ඔබම ගොස් එය පරීක්ෂා කර බලන්න."

 "මේ වෙලාවේ මිනිස්සු මරන්න පුළුවන් තැන් කිහිපයක් තියෙනවා."  ෂ්‍යාඕ චීයේ ​ශෙන් ස'චුආන්  ගේ ඇඳුම් වලින් නැගෙනහිර මුතු ඇටය ගෙන එය ඔහුගේ ඇඟිලි තුඩු අතර තද කරගත්තේ ය.  ඔහු පැවසුවේ ය “වැන්දඹු අධිරාජිනිය තවමත් පොහොසත් කෙනෙක්.  දේවල් දැනටමත් මේවගේ තත්වයක තිබෙනනොට,  රහස් පණිවිඩ යැවීමේදී ඇයට තවමත් රගපාන්න සිද්ධවෙනවා.  ඔබට මේ මුතු ඇටය දැකලා වහවැටිලා ඒ නිසා ඇගේ සේවයෙක් වෙන්න ඔබේ හිත හදාගත්තා වෙන්න බැරිද?

"කවුද සල්ලි වලට අකමැති?"  ශෙන් ස'චුආන්  පැවසුවේ ය “අධිරාජ්‍යයා ඔබට අනුග්‍රහය දක්වනවා වුනත් දැන් ඔබව විශ්වාස කළත්, ඔබට තවමත් අධිරාජ්‍ය හමුදාවේ උපකරණ හිඟය පිරිමහන්න ඕනේ.  මුදල් තිබීමේ ප්‍රතිලාභ මට වඩා ඔබ හොඳින් දන්නවා නේ."

 "ඈ ඔබට පැවසුවා කෙනෙක්ව මරන්න කියලා."  ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "ඔබ නිකම්ම ඝාතනය කරන්න ද ගියේ?"

 ශෙන් ස'චුආන්  ඒ වනෙ විටත් ප්‍රමාණවත්තරම් ස්නානය කර සිය වස්ත්‍ර සඳහා දෑත් දිගු කළේ ය.  නමුත් ෂ්‍යාඕ චීයේ ඔහුගේ පාදයෙන් ඇදුම් රාක්කය ඈත් කළේය.  ඔහු සිටගත්තේ ය, “මට උත්තර දෙන්න”

 නග්න ලය සහිතව සිටි ශෙන් ස'චුආන්  පවසන්නට විය, "ඔව්"

 "බොරුකාරයා."  ෂ්‍යාඕ චීයේ පිරිසිදු ඇඳුම් ගැනීමට අත දිගු කර ශෙන් ස'චුඇන්ට ට පැවසුවේ ය “මේ මුතු ඇටය එදා  රාත්‍රියේ දි පෙඟුණා.  අධිරාජිනියගේ උපදෙස් පැහැදිලිව දකින්න ඔබට පුළුවන් වුනේ කොහොමද?   අද රාත්‍රියේ ඔබ ඝාතනය කළ කෙනා ඔබට මරන්න ඕන කරපු කෙනෙක්, මම හරිද?"

 ශෙන් ස'චුආන්  පැවසුවේ ය, "... උහ්-හහ්."

 "ආහ්හ්හ් මට කියන්න එපා."  ෂ්‍යාඕ චීයේ වස්ත්‍රය තුරුල් කරගත්තේ ය. "අපැහැදිලි පිළිතුරක් , පිළිතුරක් නොමැති බවට සමාන වෙනවා"

 "ඒ මට මරන්න ඕන වුන කෙනෙක් තමයි."  ශෙන් ස'චුආන්  අත දිගු කළේ ය.  "ඔබ එය නිවැරදිව තේරුම් ගත්තා."

 "ජි ලෙයි?"  ෂ්‍යාඕ චීයේ ඇසුවේ ය, "නැත්නම් පැන් රූගුයි?"

 

 ශෙන් ස'චුඇන්ගේ ඇඟිලි තුඩු ඒ වන විටත් වස්ත්‍ර වෙත ළඟා වී තිබුණි.  ඔහු, "ඇයි ඒ ඔබ වෙන්න බැරි?"

 ඇඳුම ඉහළට ඔසවන විට එය ඉවත​ට ඇදී ගියේ ය.  එය ඔහුට ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය “වචන කිහිපයක් හුවමාරු කර ගන්න එකෙන් ඔබ ඔබේ ස්වරය වෙනස් වෙලා වගෙයි.  දෙවන තරුණ ස්වාමියා උපහාසයට එතරම් කැමති නැහැ.  ඔබ ජී ලෙයි හෝ පෑන් රූගුයි ඝාතනය කළත්, අධිකරණ සමාලෝචන උසාවිය අනිවාර්යයෙන්ම හෙට උදේ මේ කාරණය අත්හරින්නේ නැහැ කොහොමටවත්.  සරත් දඩයම අතරතුර ඔබ මගේ ජීවිතය බේරා ගත්තා.  අධිරාජිනිය මේ ගැන තවම දන්නේ නැහැ.  නමුත් මට ඇයට දන්වන්න පුළුවන්.  ඇය දැනගත්තට පස්සෙ, ඔබ දැන් නොසිටියත් ඔබ මගේ පුද්ගලයා වේවි.  ඒ නිසා අවංක විදිහට කතා කරන්න, විනෝදය වෙනුවෙන් ඔබේ දෙවන තරුණ ස්වාමියාට විහිළු කරන්න එපා."

 ශෙන් ස'චුැන් වස්ත්‍ර ලබා ගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම ෂ්‍යාඕ චීයේ එය ඉහළට එසැවූයේ ය. ශෙන් ස'චුආන්  නැවත නැවත් ගන්නට ඉවසීමෙන් උත්සහ කලද අවසානයේ ඔහු ඒවා ගන්නට ජලයෙන් පිටතට ආවේ ය..  ඔහු කෝපයට පත් විය, "මම නිරුවතින් ඉදිද්දි ඔබ හරියට කතා කරන්න?!"

 ෂ්‍යාඕ චීයේ සමීපය ඔහු දෙස බලන්නට නැඹුරු විය “බලන්න, මම නිවැරදිව කතා කරන එකෙන් අදහස් කරන්නේ මේකයි.  මා ඉදිරියේ ප්‍රහේලිකාවක් වගේ මළ මිනිසුන්ගේ අස්ථි මාලයක් පැළඳ ඉන්නේ ඇයි?  හොල්මන් කතා වලට මාව බය කරන්න බෑ."

 එසේ පවසා ඔහු මදක් නතර විය.

 ඔබ මාව ස්පර්ශ කළ නිසා, මට නැවත ඔබව ස්පර්ශ කරන්න වෙනවා. ඒ ගැන නොසැලකිලිමත් වෙන්න තරම් අපි හොඳ තත්වයක නෙමෙයි ඉන්නේ. ඉතින්, මම ස්පර්ශ කරන්නේ කොතැන ද?"

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

  1. wohh.ඒක .. ඔබේ දෙවන තරුණ ස්වාමියා...😍😍💚😍😍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-