Skip to main content

හතලිස් හතරවන පරිච්ඡේදය : රාත්‍රී පිළිසඳර

 

 

 

එහෙම වෙන්නත් පුළුවන්” ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑස් පහතට හෙළුවේ ය, “නමුත් සෘජුවම සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට සම්බන්ධ වුනේ ශෙන් වෙයි විතරයි.”

ඔහු සිය දෑස් පහතට කරන විට ඔහුගේ දෑස් වල වූ ආදරණීය හා විශේෂිත මෘදු භාවය පහව නොගියේ ය. . එහි පෙරදී වු දීප්තිය පහවගොස් තිබුණි. ඔහුගේ දෑස් තුළ දිලිසුනේ කණාමැදිරියන් මෙනි.

ශෙන් ස'චුආන්  ඔහු දෙස මොහොතක් බලා හිඳ පැවසුවේ ය, “යුධ අමාත්‍යාංශය මේ වසාර් සේවකයන්ව හුවමාරු කරන්නේ නැහැ.”

ඔබට අවශ්‍ය නම් විමර්ශනය කරලා බලන්න.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “මම ඔබව නවත්වන්නේ නැහැ.”

අනිවාර්යයෙන් ම ඔබ එහෙම කරන්නේ නැහැ.” ශෙන් ස'චුආන්  නැවතත් පොත දෙසට බැල්ම හරවා ගත්තේ ය. “මොකද කිව්වොත්, ඍබට විමර්ශනය කරන්න ඕනේ නිසා. වඩාත්ම පැහැදිලි සැකකරුවා හුඅා වංශය විය යුතු වුනත් ශෙන් වෙයි දැනටමත් අපිරිසිදු තලයක් වෙලා අවසන්. ඔහුව බැහැර කරන්න පුළුවන් සරල ක්‍රම දස දහස් ගණනක් තියෙනවා.ඕනෑවට වඩා මිනිසුන් සම්බන්ධ කර ගන්න එකෙන් ඔවුන්ට එරෙහිව භාවිතා කළ හැකි මාවත් නොමඟ යැවීම පහසු කරවනවා.”

ඔබ ජී ලෙයි ව ඝාතනය කළා, නැද්ද?” ෂ්‍යාඕ චීයේ සිනඥ විය. “ඔහු ඔබට තොරතුරු බොහොමයක් ලබා දෙන්න ඕනේ. ඒවා සඟවගෙන හිඳිමෙන් විනෝදයක් ලැබෙන්නේ නැහැ, එහෙම නේද? ඒවා මේසය මත තබන්න එවිට අපි දෙදෙනාටම පරික්ෂා කරන්න හැකි වේවි."

 "ඔබ පැවසූ සේරම මම දැනටමත් දන්නවා, නමුත් මම පවසන දේවල් හරියටම දන්නෙ මම විතරයි."  ශෙන් ස'චුආන්  ඔහුගේ අත ටිකෙන් ටික ගලවා ඇද ගත්තේය.  "ඒක අසාධාරණ වෙළඳාමක්."

ෂ්‍යාඕ චීයේ මොහොතක් සිතා බැලුවේ ය, ඉන්පසු පවසන්නට විට, “එහෙනම් මේ ගැන මොකද කියන්නේ? අපි එකිනෙකා වෙනුවෙන් හුවමාරුවක් කරගමු.”

එකගයි.” ශෙන් ස'චුආන්  පැවසීය, “ඔබ මුලින්ම කරන්න.”

ෂ්‍යාඕ චීයේ ඔහු තමාගේ උස ප්‍රයෝජනයට ගනිමින්, ශෙන් ස'චුආන්  ව පොත් රාක්කය අසලදී අවහිර කරමින් සිය හස්තයක් ඔසවා පොතෙහි වූ පිටුවක් අහඹු ලෙස පෙරළුවේ ය. ඔහු පවසන්නට විය, “ඔබ නීති ගැන දන්නේ නැහැ නේද? රහස් පවසන්න ඕනේ නිහඬවයි.”

ශෙන් ස'චුආන්  ඉදිරියට නැමී පවසන්නට විය, “නිහඬව පවසනවා කියන්නේ , ඒත් එකිනෙකාට මේ විදිහට ඇලිලා ඉදිමින් නෙවෙයි නේ.”

බිත්ති වලට සවන් තිබෙනවා නම් මොකද කරන්නේ?” ෂ්‍යාඕ චීයේ පොත නැවතත් තබමින්, ඔහුගේ දෑත් ඉහළට ගෙන, ඔහුට සිනහවිය . “​සේරටම පස්සේ , මම මෙතන තාම මිළදී ගත්තා විතරයි.මටත් තාම මෙතන හුරුපුරුදු නැහැ. පරිස්සමින් වැඩ කරන එක කෝකටත් හොඳයි.”

ෂ්‍යාඕ'එර්.” ශෙන් ස'චුආන්  පොත දෙස බැල්මක් හෙළුවේ ය. “ඔබ නම් ඇත්තටම අපතයෙක්.”

ඒක හරි.” ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ඒත් ඔබ මොනවා කරන්න ද? හොඳයි, මම පටන් ගන්නයි යන්නේ.”

ශෙන් ස'චුආන්  මඳ වෙලාවක් බලා සිටියද ඔහුට කිසිවක් නෑසුනේ ය. ඔහු සිය හිස හරවද්දී,ෂ්‍යාඕ චීයේ තවමත් තමා දෙස බලා සිටින බව ඔහුට දකින්නට ලැබිණි.

 දෙදෙනාගේම සුසුම් එක්වෙද්දී ෂ්‍යාඕ චීයේ පවසන්නට විය , “ශෙන් වෙයි ගිනි තබා ගත්තේ නැහැ.  ජ්‍යැන්ෂිං කුමරුගේ මන්දිරයට ගිනි තැබුවේ අධිරාජ්‍ය ආරක්ෂකයින් විසිනුයි.  නියෝග රැගෙන එතනට ගිය පුද්ගලයා තමය් ජී ලෙයි. ඔබ ඒක දන්නවා නේද?"

 "ඔව්."  ශෙන් ස'චුආන්  සන්සුන්ව කීවේය.  "එ්ක රහසක් නෙමෙයි."

එහෙනම්, ඔබ දන්නවා ද දුආන්ජෞ බිඳ වැටෙන්න ඇත්තම හේතුව මොකක්ද කියලා ?” ෂ්‍යාඕ චීයේ අසන්නට විය.

ශෙන් ස’චුආන් ට දෑස් හැරවීමට නොහැකි විය.  ඔහුට ඒ ගැන මෙනෙහි කිරීමටවත් කාලය ගත කිරීමට නොහැකි විය.  ඔහුට ෂ්‍යාඕ චීයේ ගේ චින්තනයන් පිළිබඳ ව අවධානය දෙන්නට නොහැකි වූ නිසා, ඔහු පහසුවෙන්ම අනෙක් පාර්ශවයේ උගුලට වනු නොඅනුමානය.

ශෙන් ස'චුආන්  පවසන්නට විය “චාෂි ගඟට ප්‍රහාරය එල්ල වුනහම, ශෙන් වෙයි දුආන්ජෞ පාබල භටයින්ට පසුබසින්න නියෝග කළ කළා, පරම්පරාගත කුමාරයා වෙන ශෙන් ජෞජී පිටුපසින් චාෂි ගඟට ගොස් සහාය ලබා දෙන්න කියලත් නියෝග කළා.  ශෙන් ජෞජි ඇත්තටම ඔහුගේ වැඩිහිටි පුද්ගලයා ගේ කපාපු පළුවමයි.  ඔහු චාෂි ගඟේ සොල්දාදුවන් අතහැර දමා ඔහුගේම ආරක්ෂකයින් සමඟ සටනට පෙර පලා යන්න උත්සහ කළත්, බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාව එදිනම ඔහුව මරණය තෙක් පොදු මාර්ගය හරහා ඇදගෙන ගියා.  ශෙන් ජෞජී ගේ මරණයත් සමඟම දාෂ් ගඟේ චිත්ත ධෛර්යයත් බිඳ වැටුණා.  සොල්දාදුවන් සමූල ඝාතනය කිරීමෙන් පස්සේ, ඔවුන් ඉදිරියේ පෙනී ඉන්න දුආන්ජෞ වලට තවදුරටත් හමුදා බලකායක් තිබු​ණේ නැහැ."

 "ඒක හරි."  ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “නමුත් ඔබ නොදන්නා එක් දෙයක් තියෙනවා.  ශෙන් ජෞජි තවමත් ජීවතුන් ඉන්නකොට, ඔහු දුආන්ජෞ පාබල හමුදාව අණදෙන නිලධාරි තන්තායි ලොංගේ ගෙල සිරකර මරා දමන්න ශෙන් වෙයි සමඟ එකතු වෙලා වැඩ කළා"

තන්තායි ලොං, තන්තායි හූ!

චාෂි සොරොව්වේ තමාගේම සොහොයුරා සිටිබව තන්තායි හූ පැවසීම අරුමයක් නොවන්නේ ය.

 ශෙන් ස'චුආන්  නළල රැලි කරගනිමින් ඇසුවේ ය, “ගෙල සිරකර මරා දැමුවා ?”

"මොකද කියනවා නම්, සතුරාට මුහුණ දෙන්න හමුදා යොදවන්න තන්තායි ලොං අවධානය දුන්න නිසයි.  ඔහු ප්‍රසිද්ධියේ ශෙන් වෙයි සමඟ නැවත නැවතත් විරුද්ධ ව හැසිරුණා.  ශෙන් වෙයි ගේ ඉල්ලා අස්කර ගැනීමේ නියෝගය නිකුත් කිරීමෙන් පස්සේ, තන්තායි ලොං එ් විධානය නොතකා කීකරු වීම ප්‍රතික්ෂේප කළා.  ඉතින් ශෙන් වෙයි මත්පැන් වලින් වැරදි හදාගන්නවා වගේ මවා පෑවා.  මත්පැන් පානය කිරීමෙන් පස්සේ ඔහු ශෙන් ෂෝජි සමඟ එක්වෙලා ඔහුගේ කාමරය තුළදී තන්තායි ලොංගේ ගෙල සිරකර මරා දමන්න කටයුතු කළා.  ෂ්‍යාඕ චීයේ මඳකට විරාමයක් තැබුවේ ය.  “ලාඕහු ඒ ගැන දන්නේ නැහැ.  ඔහු සිතුවේ තන්තායි ලොං සටනේදී මිය ගියා කියලයි.  ඒ වගේම මම ඔබට කියන පළමු කාරණය මේක. දැන් ඔබේ වාරය."

ශෙන් ස'චුආන්  ඉක්මනින්ම තම සිතුවිලි නිරාකරණය කරගනිමින් මෙසේ පැවසීය: “ශෙන් වෙයි සිංහාසනය සඳහා වූ අරගලයේ කොටස්කරුවෙක් වුනා වැන්දඹු අධිරාජිනිය වෙනුවෙන් ඝාතන සිදු කළා.  ඉන්පසුව, අධිරාජිනිය විසින් ඔහුව සමීපව නිරීක්ෂණය කළා.  අනතුරක් දැනුණු වහා ඈ පැන් රුගුයිට අල්ලස් දීලා ජොංබෞ වෙත පිටත් කළා."

"පුද්ගලයෙක්  තමන්ගේ මුර බල්ලාට අත නොතියා ඉන්න ඕනේ."  ෂ්‍යාඕ චීයේ පැවසීය.  “සාමාන්‍ය තත්වයන් යටතේ, හුවා වංශය ශෙන් වෙයි ඉවත් කිරීමට මේවගේ අවදානම් ක්‍රමයක් තෝරා ගන්නේ නැහැ. දජෞ වල පරිපාලන සහ රාජ්‍ය කටයුතු දැනටමත් පාලනය කරන වැන්දඹු අධිරාජිනියට එයින් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. සටනෙන් පසු මුදල් සඳහා වූ ඉල්ලුම දජෞ වල භාණ්ඩාගාරයේ ඇති හැකියාවට වඩා බෙහෙවින් වැඩි වුනා.  අධිරාජිනියට තවමත් අවශ්‍ය වෙන්නේ මහා අධිරාජිණිය වෙන්නයි. ශෙන් වෙයි මුදළට වටින්නේ නැහැ."

 ශෙන් ස'චුආන්  ඔහුගේ හිස මදක් වනමින් මෙසේ පැවසීය, “ඉතින් ජි ලෙයි කියන ඕනෑම දෙයක් සම්පූර්ණයෙන්ම නිවැරදි නොවිය හැකියි, මන්ද ඔහු ද ඉත්තෙකු වූ නිසයි.  ඔබට මේ කාරණය විමර්ශනය කරන්න අවශ්‍ය නම්, ඔබ යුද අමාත්‍යාංශයෙන් ආරම්භ කරන්න ඕනේ, එ්කට ඔබව ඉහළට හරි පහළට ගෙන යන්න පුළුවන්."

 ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "මම ඉහලින් විමර්ශනය කරන්නම්.  ඔබ පහළින් විමර්ශනය කරන්න."

 ඉහළ සහ පහළ සියල්ල සම්බන්ධයි;  ඒවා වෙන් කරන්න බැහැ."  ශෙන් ස'චුආන්  මේ කාරණයට කතා කරන විට ෂ්‍යාඕ චීයේ තමාට ඉඟියක් දුන් බව ඔහුට වැටහී ගියේ ය  ඔහු පොත පෙරළමින් නොසැලකිලිමත් බවක් මවා පෙන්වීය.

 සිනහවකින් ඉඟියක් සහිතව, ෂ්‍යාඕ චීයේ පසෙකට වී, "අසුන් ගන්න" යැයි පැවසීය.

 කුටිය ඇතුළත උණුසුම් විය. ෂ්‍යාඕ චීයේ තද රතු පැහැ අධිකරණ නිළ ඇදුමින් සැරසී සිටියේය.  ඔහු මාලිගාවෙන් පිටවී කෙලින්ම මෙතැනට පැමිණ ඇති අතර තවමත් ඔහුගේ ඇඳුම වෙනස් කර නොතිබුණි.  ඔහු පුටුවේ වාඩි වී සිටින විට ඔහුගේ මුහුණේ ලක්ෂණ ඔහුගේ ඇඳුමේ වෙනසට වඩා තියුණු විය.  එය ඔහු වටා තිබූ අශෝභන වටපිටාව පවා බැහැර කරන්නට සමත් විය.

දෙදෙනාම මේසය හරහා මුහුණට මුහුණ ලා සිටියහ.  ශෙන් ස'චුආන්  පොත කියවන විට ෂ්‍යාඕ චීයේ ඔහු බලා සිටියේය.  ඔහු දැන් එය සඟවා ගැනීමටවත් උත්සුක නොවූ අතර, ඔහුගේ එම නොසැලකිලිමත් උනන්දුව නිසාම ශෙන් ස'චුආන්  ගේ ගෙල මතත් ශෙන් ස'චුආන්  ගේ දෑත් මතත් දෑස් යවන්නට විය.  ඔහු තවදුරටත් ස්ථාවර නොවීය;  ඔහුට අවශ්‍ය වූයේ ශෙන් ස'චුආන්  ගේ මුළු සිරුරම දැකීමටය.

 පිටු පෙරලීමට අත දිගු කරන විට ශෙන් ස'චුආන්  ඇඟිලි නැමෙනු ඇත.  මෙය ෂ්‍යාඕ චීයේ ට වෙනස් මොහොතක් පිළිබඳ සිතන්නට සැලැස්සුවා - උණුසුම්, තෙත් දහඩියෙන් පෙඟි ඇති - ශෙන් ස'චුආන්  ගේ ඇඟිලි ද නැඟී එන රළ මෙන් සෙලවෙන විට පවා ඇඳ ඇතිරිලි ග්‍රහණය කර ගැනීමට මේ ආකාරයට ගුලි විය.

 ශෙන් ස'චුඇන්ට දැනුණේ ඔහුගේ ඇඟිලි තවමත් යම් පුද්ගලයෙකුත් අත්ලෙන් අල්ලාගෙන සෙල්ලම් කරන බවකි.  නොසන්සුන් බවක් දැනුණු ඔහු පොත වසා කෙලින්ම බැලුවේ ෂ්‍යාඕ චීයේ දෙසය.

 ෂ්‍යාඕ චියේ, "හ්ම්?"

ශෙන් ස'චුආන්  තම ඇඟිලි මදක් අල්ලාගෙන ඔහුගේ දෙතොල් වක්‍රයකට හරවා මෙසේ පැවසීය: “අධිරාජ්‍ය හමුදාව මෑතකාලීනව කාර්යයන් සමඟ සිරවී ඇත.  මට බයයි ඔබට වෙන දේවල් ගැන හොයන්න වෙලාවක් නැතිවෙයි කියලා."

 ෂ්‍යාඕ චීයේ ඔහුගේ මාපටැඟිලි මුදුව කරකවමින්, “කාර්යබහුල වීම තාවකාලිකයි.  අධිරාජ්‍ය ආරක්ෂකයින්ට ඉතිරි කැගන්න කාලය තියෙනවා නම්, ඔවුන්ට අපේ අධිරාජ්‍ය හමුදාවේ කනස්සල්ල බෙදාහදා ගන්න පුළුවන් වගේම අපේ ගැටළු සඳහාත්  උපකාර කරන්න පුළුවන්."

 මම සාමාන්‍ය සෙබලෙක් පමණයි.  මට නිල තනතුරක් නැහැ, අධිරාජ්‍යයාගේ විශ්වාසය හා අනුග්‍රහය මා භුක්ති විඳින්නෙත් නැහැ.  මම අධිරාජ්‍ය ආරක්ෂකයින්ට අණ කරන්නේ කොහොමද?"  ශෙන් ස'චුආන්  පුටුවේ පිටුපසට මදක් හේත්තු විය.  “රාජකීය හමුදාවට චූදු වල මුර සංචාර වගේම අධිරාජ්‍ය අධිකරණයේ පෞද්ගලික නඩුත් කළමනාකරණය කරන්න වෙලා තියෙනවා.  තමන් කරන සෑම දෙයකදීම විචක්ෂණශීලී වෙන්න ඕනේ වගේම, උපාධිපතිවරයාට දැඩි වෙහෙසක් දරා වැඩි ප්‍රමාණයක් කරන්නත් සිද්ධවෙනවා. එය පහසු නැහැ. ”

 ෂ්‍යාඕ චීයේ අධිරාජ්‍ය ආරක්ෂකයින් මර්දනය කළ නිසා දැන් ඔහු සැබවින්ම කාර්යබහුලයි.  ශෙන් ස'චුආන්  ගේ වචනවල ඇති ප්‍රකෝපකාරී බව ඔහුට කියවිය හැකි විය.  එබැවින් ඔහු තම ඇඟිලි එකිනෙක පටලා, ඒවා ශෙන් ස'චුආන්  ඉදිරියෙහි තබා, ස්ථිරවම පැවසුවේ ය, “ඔබට අවශ්‍ය වන්නේ මට කරදර ඇති කරන්නයි.”

"ඇහැට ඇහැක්!."  ශෙන් ස'චුආන්  මෘදු ලෙස පැවසීය.  “ඔබ මගේ සියලු රාජකාරියකටම බාධා කළා, ඒ නිසා මට නිදහස් කාලය ලබා දුන්නා.  ස්වාභාවිකවම, මම ඔබට ඇත්තටම ස්තුති කරන්න ඕනේ. ”

 ඔබේ ස්තුතිය ප්‍රකාශ කරන්න බොහෝ ක්‍රම තියෙනවා.  හැමෝම සතුටු වන එකක් තෝරා නොගන්නේ ඇයි? ”  ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය,  "ඇත්ත වශයෙන්ම ඔබට අමාත්‍යාංශ හයේ මිතුරන් සිටින බව පේනවා."

 අධිරාජ්‍ය උසාවියේ මිතුරන් සිටිනවා තරම් නිවසේ මුදල් තිබීම හොඳ දෙයක් නෙමෙයි.  මගේ මිතුරා මට දෙයක් කිව්වා.  ඔබත් උනන්දු වේවි කියලා මම සිතනවා."  ෂෙන් සෙචුවාන් පැවසීය.

 ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා, "මම අහගෙන ඉන්නේ."

 නමුත් ශෙන් ස'චුආන්  ඔහුව අධ්‍යයනය කරමින් මෙසේ පැවසීය: “ඒ ගැන හිතනකොට , මට තවමත් මේ ‘ඔබ නොදැමු යුආන්ජෞ ’, ව යාඕ වෙන්යූ ව හමුවීමට නොහැකි වීම ගැන කණගාටු වෙනවා.  ඔබට ඔහු සමඟ හොඳ සම්බන්ධතාවයක් තියෙනවා ද? ”

 ෂ්‍යාඕ චීයේ පැවසන්නට විය, “කලින් හඳුනන කෙනෙක්.  ඔහු ඔබට සමාන කරන්න බැහැ. ”

 යාඕ වංශය පිරිහෙමින් පවතිනවා , නමුත් ඔවුන් තවමත් අෂ්ඨ මහා වංශ අතර සිටිනවා.  මෙතැන පිළිගත නොහැකි මිනිසුන් සිටීම වළක්වන්න බැහැ. ”  ශෙන් ස'චුආන්  පවසන්නට විය පැවසුවේ, “යාඕ වෙන්යූ  ලේකම් කාර්යාලයේ වැඩිමහල් හායි ගේ ශිෂ්‍යයෙක්, නමුත් ඔහු නිලධාරියෙක් විදිහට අධිරාජ්‍ය අධිකරණයට සම්බන්ධ වෙලා නැහැ.  මෙය හුදෙක් ඔහුගේ ආයුධය ඉවත දමලා අන් අයට ඔහුව මරා දමන්න ඉඩ දෙනවා වගේ දෙයක්. ”

 ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “යාඕ වංශය මතුපිටින් පිරිහෙමින් පවතින බවක් පෙනෙන්න තිබුණත්, පාලන තුනක් පුරා රැස් කරගත් බලයේ සහ කීර්තියේ ශේෂයන් තවමත් ඉතිරි වෙලා තියෙනවා.  යාඕ වෙන්යු විවේකීව මෘදු පුද්ගලයෙක් විය හැකි වුනත් ඔහු කිසිසේත්ම අධමයෙක් නෙවෙයි.  යාඕ වංශය සමඟ පටලවා ගන්න කැමති කවුද? ”

 ශෙන් ස'චුආන්  කල්පනාකාරී ලෙස පැවසුවේ ය, “මම ඒ ගැන දැනගන්නේ කොහොමද?”

ෂ්‍යාඕ චීයේ  නිහඬව පසු විය, නමුත් ඔහු ඉක්මනින් ප්‍රතිචාර දැක්වූයේ ය, “ඔබ එතරම් ත්‍යාගශීලී පුද්ගලයෙක් නෙවෙයි.  මට තොරතුරු ලබා දෙන්න ඔබේ මාර්ගයෙන් පිටතට යන එකෙන්, ඔබ මාව නොසන්සුන් කරනවා , ලන්ජෞ."

 අපි එක්ව නඩුව විභාග කරන්න යන්නේ.  මට උදව් කළ හැකි ඕනෑම දෙයක් තියෙනවා නම්, මම එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ”  ශෙන් ස'චුආන්  පැවසුවේ ය, “ඔබ යාඕ වංශය සමඟ සුහදව සිටින බව දුටුවමයි ම​ට මෙය සිහිපත් වුනේ.  අෂ්ට මහා වංශ ඉතා දිගු කලක් ඉදන් හිස ඔසවාගෙන ඉන්නවා.  ඔබ දැන් කොතරම් ශක්තිමත් ද සහ බලසම්පන්න ද කියලා දකිනකොට, ඔවුන් යමක් උපක්‍රමශීලීව කරනවා නම්ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නේද?  යාඕ වංශය ඔවුන් එක්ක මිතුරු වෙන්න කැමැත්තක් දක්වන්නේ නැත්තම්, ඔවුන් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ කෝපයේ ඉලක්කය බවට පත්වෙනවා."

ෂ්‍යාඕ චීයේ අෂ්ඨ මහා පුහුණු අංශවල අණදෙන නිලධාරියා ලෙස පත් වූ අතර අෂ්ඨ මහා පුහුණු අංශවලට හමුදා බලය අවුල් කළේය.  සියල්ලට පසු, අෂ්ඨ මහා පුහුණු අංශ යනු චූදු වටා ඇති විවිධ අරමුණු සඳහා වූ අෂ්ඨ මහා වංශවල වත්කම් විය.  නිල තනතුරක් අහිමි වීම එතරම් දෙයක් නොවන්නේ ය;  ඔවුන් වෙනුවට තරුණ පරම්පරාවන් තවමත් නිවසේ සිටියහ.  නමුත් අෂ්ඨ මහා පුහුණු අංශ අහිමි වීමෙන් අදහස් කළේ ඔවුන් සැබෑ ලෙසම අන් අයගේ පාලනයට යටත් වන බවයි.  ඔවුන්ට අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා උපකාර වීම එක් දෙයක් වූ අතර ෂ්‍යාඕ චීයේ විසින් පාලනය කිරීම තවත් දෙයක් විය.  කියමනට අනුව, දිගු කලක් විරසක වෙන ඕනැම අයෙක් කාලයත් සමඟ එකමුතු වෙයි, එය ලෝකයේ පරම සත්‍යයකි.

 ශෙන් ස'චුආන්  පැවසූ දේ වැරදි නැත, නමුත් ෂ්‍යාඕ චීයේ ට තවමත් මේ අවංක වදන්වල ව්‍යාජත්වයේ රසය දැනෙන්නට විය.

ෂ්‍යාඕ චීයේ ඇසිපිය නොහෙලා පවසන්නට විය, "මම ඔවුන්ට කරන තර්ජනය තවමත් ඒ තරම් දුරට පැමිණ නැහැ."

 ස්ථිර විසඳුම තමයි ඒ පිපෙන්නට පෙරම උඟුලා දමන එක.  ඔබ දැනටමත් සරත් සෘතුවේ දඩයම අතරතුර ඔබේ හැකියාවන් ප්‍රදර්ශනය කරලා තියෙනවා.  දැන් කිසිවක් සිදු වී නැති බව මවා පෑම හුදෙක් ඔබවම රවටා ගැනීමක් විතරයි, ඒක හරියට සීනුව සොරකම් කරන විට ඔබේ කන් වසා ගත්තා වගෙයි."  ශෙන් ස'චුආන්  පැවසීය.

 ෂ්‍යාඕ චීයේ හදිසියේම ඇසුවේ ය, "කවුද ඔබේ මිතුරා?"

 ශෙන් ස'චුආන්  ඔහු දෙස බලා සිනාසෙමින්, “මම ඔබට ඇත්ත කීවත්, ඔබ එය විශ්වාස කරන්න එඩිතර වෙනවාද?” හේ ඇසීය.

 ෂ්‍යාඕ චීයේ නොසන්සුන්ව ශෙන් ස'චුආන්  දෙස බලා සිටියේය.ඔහු ඔහුව විශ්වාස කළේ නැත.

 ශෙන් ස'චුආන්  අන් අයව වසඟ කිරීමට දක්ෂ විය.  ඔහු සන්සුන්ව සිටියදී පැවසූ සෑම වචනයක්ම සත්‍ය සහ ව්‍යාජත්වයේ මුසුවක් විය.  මේපුද්ගලයා සමඟ කටයුතු කිරීම කොතරම් දුෂ්කරද යත්, සයනයේ සිටින විට තමා සමඟම කතා කිරීම වඩා පහසු බව ෂ්‍යාඕ චීයේ හට පවා හැඟුණි.

 "මම ඔහුව පිටතට දාන්නම්."  ෂ්‍යාඕ චීයේ ඔහුට සමීප විය.  "ඔබට අවශ්‍ය වන්නේ ඔබේ මංපෙත් හෙළිදරව් කරන එක විතරයි , ඔබට මගේ ඇස්වලින් ගැලවෙන්න නොහැකි වේව්."

"ඔබට දැනටමත් ඔබව ආරක්ෂා කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා."  ශෙන් ස'චුආන්  මෘදු ප්‍රිතිමත් හදවතින් යුතුව කීවේ ය.  "මේ කුණාටුවෙන් ආරක්ෂිතව ගමන් කරන්න නම් ඔබ මුලින්ම ක්‍රමයක් ගැන හිතන එක හොඳයි."

 "ඔබ ඔබේ හදවතින්ම මම ගැන හිතන්නේ නැහැ."  ෂ්‍යාඕ චීයේ හදිසියේම ඔහුගේ ගාම්භීර හැගීම්වලින් ඉවත් විය.  "සැමියා සහ භාර්යාව විදිහට එක් රාත්‍රියක් ගත කළත් එය වසර සියයකට ප්‍රමාණවත් වේවි. ලන්ජෞ, ඔබ හරිම අනුකම්පා විරහිත කෙනෙක් "

 ශෙන් ස'චුආන්  ඔහුගේ පෙර වචන අනුකරණය කරමින්, “ඒක හරි.  නමුත් ඔබට මොනවා කරන්න ද? ”

 ෂ්‍යාඕ චීයේ හිඳගනිමින් නැවතත් ඔහුගේ පාදය අනෙක් පාදයට උඩින් තබාගත්තේ ය.  ඔහු පුටුවට බර වී මදක් කල්පනා කරන්නට විය “මේ ප්‍රශ්නය විසඳා ගන්න පහසු එකක්.  එය ඇත්තටම එතරම් විශාල ගනුදෙනුවකුත් නෙමෙයි.  අද රාත්‍රියේ ඔබගේ සිහිකැඳවීම ගැන මම ඔබට ස්තූතිවන්ත වෙන්න ඕනේ."

 " ඇත්තටම ඔබ ගොඩක් කරුණාවන්තයි."  ශෙන් ස'චුආන්  පැවසීය.  "කාසි සියයක් අය කරනවා."

 "එතරම් මුදලක් නෑ."  ෂ්‍යාඕ චීයේ ඔහුගේ වචන ඇදගෙන ගියේය.  “දෙවැනි ශ්‍රේණියේ නිලධාරියෙක් විදිහට මගේ වාර්ෂික වැටුප කාසි එකසිය පනහක් විතරයි.  නමුත් මුදල් නොමැති වුනත්, හුවමාරුව සඳහා මට වෙනත් දෙයක් භාවිතා කරන්න පුළුවන්.  මේ දෙවන තරුණ ස්වාමියා ඔබ වෙනුවෙන් ඔබේ යහන උණුසුම් කරන්නම්.

 "එහෙනම් ඒක අමතක කරලා දාන්න."  ශෙන් ස'චුආන්  ආචාරශීලීව සිනාසුණේය.  “මම තනියම නිදාගන්න පුරුදු වෙලා ඉන්නේ.  මට මගේ ඇඳ උණුසුම් කරන්න කාවවත් අවශ්‍ය නැහැ. ”

 "පුරුදු වෙනස් කරන්න පුළුවන්."  ෂ්‍යාඕ චීයේ සිය නාසය දෙසට ඇගිල්ල එසවූ යේ ය.  ඔහු දෙස දෑස් කොනින් බැල්මක් හෙලු ඔහු, “ඔබ මෙච්චරකල් මගේ අත් පිස්නාවෙන් නාසය හූරන්න පුරුදු වෙලා ඉන්නවා නේද?” ඔහු විහිළු කළේය.

අනවසරයෙන් ස්පර්ශ කරනු ලැබූ, ​ශෙන් ස'චුආන්  ඔහුගේ දෑත තදකරගත්තේ, ඔහුගේ ඇගිලිතුඩු අග රතු පැහැයට හරවමිනි.

ෂ්‍යාඕ චීයේ ගේ මනස්කාන්ත බව පහන් එළිය යට වැඩියෙන් පෙණුනි. දෙවැන්නා බලහත්කාරයෙන් සන්සුන්ව මුහුණට මුහුණ ලා, පසුව ඔහුගේ රතු වූ ඇඟිලි තුඩු දෙස බලා සිටින අයුරු ' ඔහු බලා සිටියේය.   අවසානයේ, ඔහු තමාගේම සවනත පෙන්වමින් රුදුරු ස්වරයෙන් පැවසීය , “ලන්ජෞ, ඔබව රතු වෙනවා!.”

 

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

  1. හපොයි අත් පිස්නාව කරපු හරියක්😍😃😁😁

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-