ශෙන් ස'චුආන් වහා සිනාසී පවසන්නට විය , “මෙතන විශාල රහස් කොහොමටත් ඇත්තේ නැහැ … සුභගමන්.”
“ඇයි ඔබ මට මුලින් පිටතට යන්න නොකියන්නේ?” තමන්ගේ නැතිවූ අස්ථි මුද්ද නැවත ලැබුණු පසු ෂ්‍යාඕ චීයේ ගේ මනෝභාවය යහපත් විය. “ජී ගැං ඔබේ ගුරුවරයා නිසා, අපි දෙදෙනා සහෝදර ශිෂ්‍යයෝ වෙනවා. මම ඔබට වඩා වැඩිමල්, ඒ නිසා මට ශිශියොං කිව්වා කියලා ඔබට අවාසියක් වෙන්නේ නැහැ.”
“ජී වංශයට ලීබෙයි එක්ක සම්බන්ධයක් නැහැ.” ශෙන් ස'චුඇන්ගේ මනසේ ක්ෂණිකව මීට පස් වසරකට පෙර ෂ්‍යාඕ චීයේ සමඟ හිම මත කළ සටන සිහිපත් කළේ ය. ඉන් පසුව, ඔහුට වඩාත් හුරුපුරුදු ලෙස දැනුණු අතර එය වඩ වඩාත් ඔහුව වියවුලට පත් කරන්නට විය.
“ඇත්තෙන්ම නැහැ.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය., “ඒක සම්බන්ධයක් වගේ දේකදි කියන්න අමාරුයි නේද?.”
ශෙන් ස'චුආන් ග' චිං චිංට හා ෂ්‍යාඕවූ ට පිටවන ලෙස සන් කර නැවතත් ෂ්‍යාඕ චීයේ අසලින් හිඳගත්තේ ය. ඔහු පැවසුවේ ය, “ඔබ ග' චිංචිං පිටවෙනවා නිරීක්ෂණය කළා.”
“මට ඒක අමතක කරන්න බැහැ.” ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බැලුවේ ය, “අවුරුදු පහකට කලින් ඔහු වේගයෙන් පලා ගියා, අවුරුදු පහගට පස්සේ, ඔහු ඔබව ළඟින් ඇසුරු කරනවා. මම සැක නොහිතා ඉන්නේ කොහොමද මේ වගේ පැහාදිලි දෙයක් පෙනෙද්දී?ඉතිං මහ ඔහුව පරීක්ෂා කරන්න අවස්ථාවක් සොයාගෙන ඔහු ගැන හැමදේම දැනගන්න සමත් වුනා.”
“ඔබට මොනවද කරන්න ඕනේ?” ශෙන් ස'චුආන් සිනහවක් සමඟ ඇසුවේ ය.
“මුකුත් නැහැ.” ෂ්‍යාඕ චීයේ සිය අතක ඇගිල්ලක් ඔසවා ශෙන් ස'චුආන් ගේ දෑස් මට්ටමට ගෙන පෙන්වූවේ ය. “ඔබ මෙතන සිනහවෙන් ඉන්න බව රඟපාන්න ඕනේ නැහැ.අපි ජීවිතයෙත් මරණයෙත් දිවුරුම් දුන් සහෝදරයෝ වගෙයි. ඒ නිසා මෙතනදී නිර්භීතයි කියලා මවාපාන්න ඕනේ නැහැ. ඔබේ මනස දැනටමත් කරදරයට පත්වෙලා බයෙනුයි ඉන්නේ, හහ්.”
ශෙන් ස'චුආන් පවසන්නට විය, “මෙතනදිනම් ඇත්තටම එහෙම නැහැ.”
ෂ්‍යාඕ චීයේ ඔහුගේ කෑම කූරූ අතට ගෙන ඒවායින් විටින් විට මේසයට තට්ටු කරන්න ට විය. ඔහු පවසන්නට විය, “ජී ගැං ඔබේ ශීෆු නිසා, එයින් අධිරාජ්‍ය ආරක්ෂකයන්ට ඔබේ ජීවිතය බේරාගන්න හොඳ හේතුවක් ලැබෙනවා.”
“ඔඉ ඕනෑවට වඩා සැක කරනවා.” ශෙන් ස'චුආන් මේසය මත වූ දුඹුරු පැහැ පැල්ලම දෙස බලන්නට විය. “මම ඒ පහරෙන් නොමැරුණ නිසා, ඔබේ සැකය වැඩි වුනා. ඔබ ඒ ගැන දිගටම විමර්ශනය කළා. ඔබ ඇත්තටම අතහරින්නෙ නැහැ නේද?.”
“ඒවා තමයි මම ගාව තියෙන ධර්මතාවන්.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ඒ වගේම මම ඒ හැමාදයකටම ඔබව කළා.”
“අපි එකම සටන් කලා පාසලේ නිසා,” ශෙන් ස'චුආන් පවසන්නට විය, “ඔබ ඔබේ ශීෆුගේ නම නොකිව්වොත් මුකුත් වෙන්නේ නැතිවෙයි නේද?”
අලස ගෙස, ෂ්‍යාඕ චීයේ කෑමකූරු උණබට රඳවනයට දැමුවේ ය, “එහෙනම් මුලින්ම ඔබ මට ශීශියොං කියලා ආමන්ත්‍රණය කරන්න ඕනේ.”
ශෙන් ස'චුආන් කිසිවක් නොපැවසුවේ ය.
ෂ්‍යාඕ චීයේ කියන්නට විය, “ජී ගැං ඇත්තටම හොඳ අයෙක් කියලා හදුවන්න පුළුවන්. මම දුඅෂෞ වලට ඒ ගැන සොයා බලන්න කෙනෙක් ව යැව්වා. හැමෝම හිතන්නේ ඔහු මියගියේ පිළිස්සිලා කියලා—ෂ්‍යාඔෆුසී ව මරපු කෙනා?”
“නැහැ.” ශෙන් ස'චුආන් කෑමකූරු රඳවනය නිවැරදි කළේ ය.. “මගේ ශීෆුට දැනටමත් හුඟක් වයසයි. ඔහු කොහොමද ඒ කෙනාව මරන්නෙ?”
දැඩි සුළඟක් හමාගෙන එන්නට විය. කිසිවෙක් නොසෙල්වුණේ ය.
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ඔබ හැසිරෙන්නේ ඔබ කිසිවක් නොකළා වගේ. ඒත් මට දැනෙන්නේ ඔබ ඒ දේවල් සියල්ල සිදුකළා වගේ.”
“ඒක මම කළත් නැතත් මොකද, ඔබලා මට යන්න දෙන්නෙ නැත්තං.” ශෙන් ස'චුආන් සිය බංකුවෙන් නැගිට, ෂ්‍යාඕ චීයේ දෙසහ හැරී මන්දගාමී ලෙස සිනහවිය. ඔහු මෘදු ලෙස පවසන්නට විය, “එහෙනම් ඔබ මට වෛර කිරීම සාධාරණ වෙන්න, මම හැම නරක දෙයක්ම නොකර ඉන්නේ ඇයි?”
පසු දින එළැඹියේ ය.
ෂ්‍යාඕ චීයේ ට මාළිගට ඇතුළු වූ විට අධිරාජ්‍ය උපභාර්යාව මියගොස් ඇති බව දැනගන්නට ලැබුණේ ය.
ලී ජ්‍යැංහෙන් ඔහුගේ වස්ත්‍ර දැනටමත් මාරු කර තිබුණේ ය. මේ දිනවල, ඔහු හඬමින් ඇති බව ඔහුගේ සුදුමැලි මුහුණ බැලූ විට පෙනෙන්නට තිබුණි. ඉහළ අසුනේ හිඳගත් ඔහු, “ඔවුන් කිව්වා ඇය ලිස්සා වැටුණා කියලා. ඔවුන්ට ඊයේ රාත්‍රීය වෙනකල්ම ඔවුන්ට ඇගේ සිරුර සොයාගන්න නොහැකි වුනා.”
මේ ලිස්සා වැටීම ඇත්තෙන්ම අහම්බයකි.
කිසිවෙකු අසල නොමැති බව පරික්ෂා කළ ලී ජ්‍යැංහෙන් කොදුරමින් ඇසුවේ ය, “ස'අන් මට කියන්න එපා ඒ ඔබ කියලා…”
ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස වැනුවේ ය.
ලී ජ්‍යැංහෙන් ට සහනයක් දැනෙන්නට විය. ඔහු සිය අසුනේ නොසන්සුන් ලෙස ඇඹරෙන්නට විය, “දැන් මම මාළිගාවේ ජීවත්වෙනකොට, මට දෑස් පියාගන්න හැම වතාවකම නපුංසකයෝ පේනවා. ඒක හරිම බය හිතෙනවා. ඔවුන් හැදින්වුවේ පෑන් රූගුයි (ලාඕ සූසොං) කියලයි , ඒ වගේම ලාඕ සූසොං බන්ධනාගාරයේ සිරගත කරලයි තියෙන්නේ! ස'අන්, ඔබ හිතනවද ඔවුන් මට වෛර කරයි කියලා…”
ඊලඟට ඔහු මැසිවිලි කන්දක්ම දිගඅරින්නට විය, ඒ සියල්ලම ඔහු කෙතරම් බියට පත්වී සිටිනවාද යන්න ගැනය. අවසානයේ, ඔහු ෂ්‍යාඕ චීයේ ලවා අධිරාජ්‍ය හමුදාව මාරු කර යවා ඔහුට මාළි. ගය ආරක්ෂා කිරීමේ කාර්යය පවරන්නට විය.
ෂ්‍යාඕ චීයේ ස්වභාවිකවම එය ප්‍රතික්ෂේප නොකරනු ඇත. ඔහු මොහොතක් නැවතී ලී ජ්‍යැංහෙන් පවසන දෙයට සවන් දුන්නේය, “ලීබෙයි කුමාරයා සහ ඔබේ වැඩිමහල් සහෝදරයා මෙහි එන බව දන්වලා ලීබෙයි වලින් පණිවිඩයක් එවා තිබුනා. ස'අන්, තව ටික දවසකින් ඔබට ඔවුනිවව බලන්න පුළුවන් වෙයි."
ලී ජ්‍යැංහෙන් දැන් ක්‍රීඩා කිරීම අරඹා තිබුණේ ය. ඔහු ස්වර්ගයට යටින් වූ සියළුම රාජ්‍යයන්වල අධිපතීත්වය දරන්නේ කෙසේදැයි ඉගෙනගනිමින් සිටියේ. සරත් දඩයමෙන් පසු ඔහු තුල වූ කුලෑපි කෙලිලොල් ගති පහවගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණේ ය. බලයේ සිටින්නේ කවුරුන්ද යන්න ඔහු දැනටමත් තේරුම් ගෙන තිබුණි.
ෂ්‍යාඕ චීයේ ඔහුට ලැබුණු ත්‍යාගය පිළිගැනීමට අදහස් කළේ නැත. ඔහුගේ පැතුම වූයේ ලී ජ්‍යැංහෙන් ගෙන් කිසිදිනක බලාපොරොත්තු විය නොහැකි දෙයකි. නමුත් අද වනතුරු ලී ජ්‍යැංහෙන් ඔහුට ලීබෙයි වෙත ආපසු යාමට ඉඩ දීම ගැන කිසිවක් පවසා නොතිබුණි.
ෂ්‍යාඕ චීයේ ගේ ප්‍රකාශය උදාසීන වූ නමුත් ඔහුගේ හදවත ගිලිහී යමින් තිබුණේ ය.
දින පහකට පසු, ලිබෙයි කුමරු චූදු වෙත ඇතුළු විය.
එදින සරත් සෘතුවේ වර්ෂාව නොනවත්වාම ඇද හැලුණි. ෂ්‍යාඕ චීයේ අලුයම තම අශ්වයා පිට නැඟී නගරයෙන් පිටව ගොස් එදා ඔවුන් දුටු මණ්ඩපයේ සිටගෙන සිටියේය. පැය හතරක් බලා සිටි ඔහුට අවසානයේ අහසින් පියාඹන රාජාලීන් කිහිප දෙනෙකු දකින්නට ලැබුණේ ය.
ඔහුගේ උරහිස මත සිටි "මෙං" ක්ෂණිකව උද්යෝගිමත් ව උගේ සහෝදර සහෝදරියන් සමඟ සැරිසැරීමට අහසට පියඹා යන්නට විය.
සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක සෙබළුන් වර්ෂාව මධ්‍යයේ වේගයෙන් දිව එන්නට වූයේ විශාල තීන්ත පහරක් මෙනි, එය ෂ්‍යාඕ චීයේ දෙසට ඇදී එන්නට විය. සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක බළකාය ළං වන තෙක් බලා නොසිට, ඔහු මණ්ඩපයෙන් ඉවතට පැන, ඔවුන්ට ආචාර කිරීමට වර්ෂාව මධ්‍යයේ දිව ගියේ ය
"පියාණෙනි!"
තම අශ්වයා පිට හිඳගත් ෂ්‍යාඕ ජිමිං මහ හඬින් සිනාසෙමින් තමාගේ පියා පසුකරමින් මෙසේ කීවේය.. " ඔහු ශක්තිමත් වගේම තවත් උස ගිහින්. ඒත් පියාණන්ව දැක්ක ගමන් ඔහුගේ සැබෑ ස්වරූපය පෙන්නනවා.”
ෂ්‍යාඕ ෆංෂූ ඔහුගේ උණ තොප්පිය ගලවා ෂ්‍යාඕ චීයේ ගේ හිස මත තැබීමට නැඹුරු විය. ඔහු මොහොතක් ඔහුව සෝදිසි කර බලා, "ඔබ උස ගිහින්" යැයි පැවසීය.
ෂ්‍යාඕ චීයේ සිනාසෙමින්, “ඒක හරි, දාග' මට වඩා හිසෙන් අඩක් පමණ මිටි වේවි!”
"මොන ජරා කොල්ලෙක්ද" ෂ්‍යාඕ ජීමිං පැවසුවේ ය, "ඔහු මට වඩා වැඩුණු දවසෙ ඉදන්, අපි මුණගැසෙන සෑම වසරකම ඔහු ඒක සඳහන් කරනවා."
ෂ්‍යාඕ ෆංෂු ෂාඕ හුයි හට තම අශ්වයා ඉවතට ගෙන යාමට ඉඩ හැරියේ ඔහු බැස යන විට සහ ඔහුගේ බාල පුතාට හදිසි වැළඳගැනීමට ඔහුගේ දෑත් එසැවූයේ ය. ඔහුගේ පිටට තදින් තට්ටු කරමින් ඔහු පවසන්නට විය “මෝඩ කොල්ලා!”
ඒ තට්ටු කිරීම ෂ්‍යාඕ චීයේට සිනහවක් ඇති කළේය. ඔහු පැවසුවේ ය. “මම බොහෝ කාලයක් බලා හිටියා. මඟදී මොකක් හරි වුණාද?"
ජාඕ හුයි පැවසුවේ ය, “පුංචි තරුණ ස්වාමියා ට ගෙදරදී සීතලක් හැදුණා. ඒ නිසා කුමාරයා දෙංජෞ වලට වටෙන් ගිහින් යිගුයි හාමුදුරුවන්ට ආපසු නිවසට එන්න කියලා ආරාධනා කළා. "
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “අහ් ෂුන් අසනීපෙන්ද? ඒක සිදුවුණේ කවදාද? ඇයි එ්ක ලිපියේ සඳහන් නොකළේ?!"
ෂ්‍යාඕ ජීමිං පැවසුවේ ය, “එ්ක සුළු දෙයක් විතරයි. ඔහුව බලාගන්න යීජී ගෙදර ඉන්නවා. ඒ ගැන කරදර වෙන්න එපා."
ෂ්‍යාඕ චීයේ ට මද කලකිරීමක් දැනුනේ ය.
මීට වසර පහකට පෙර ඔහු ලිබෙයි හැර යන විට ඔහුගේ වැඩිමහල් නෑනණ්ඩිය ගැබ්ගෙන සිටියාය. දැන්, කුඩා අහ් ෂුන්ට වයස අවුරුදු හතරක් වූ අතර, ඔහු තවමත් ඔහුව දැක නොතිබුණි. ඔහුට තම පියාගේ සහ සහෝදරයාගේ ලිපි වලින් ඔහුගේ කුඩා බෑණාගේ රසවත් තොරතුරු කිහිපයක් දැන ගත හැකි විය.
ඔහුට ගෙදර යාමට අවශ්‍ය විය.
ෂ්‍යාඕ චීයේ ගේ බලාපොරොත්තු සුන්වීම පහව ගියේ ය. ඔහු සිනාසෙමින් පැවසුවේ “මම දැනටමත් උපන්දින තෑග්ගක් සූදානම් කරලා තියෙන්නේ. මේපාර දා ග' ආපසු නිවසට යද්දි, කරුණාකරලා ඒක මම වෙනුවෙන් ආපසු ගිහින් දෙන්න."
ෂ්‍යාඕ ෆංෂු ඔහුගේ උණ බම්බු තොප්පියේ වාටිය දූවිලි ගසා, “අපි පිටත් වෙන්න කලිනි, ෂුන්-එර් විශේෂයෙන් ඔබ වෙනුවෙන් චිත්‍රයක් ඇන්දා. මම ඒක ජාඕ හුයි අතට දුන්නා ඔබට දෙන්න කියලා. මේක කතා කරන්න හොඳ ස්ථානයක් නෙමෙයි. මම මුලින්ම මාලිගාවට යන්නම්. මම රෑට ගෙදරට එනකොට අපි පියයි පුතයි විදිහට කතා කරන්න පරක්කු නැහැනේ."
මිනිසුන් කණ්ඩායම ඔවුන්ගේ අශ්වයන් පිට නැගී චූදු වෙත ගමන් කරන්නට විය.
◈ ◈ ◈
ලිබෙයි කුමරු ප්‍රසිද්ධියේ පෙනී සිට ඒ වන විටත් වසර ගණනාවක් ගත වී තිබුණි. දැන් සෙන්පතියන් හතර දෙනාගේ නම බොහෝ සෙයින් පැතිරී තිබුණු හෙයින්, ලිබෙයිහි කුමරු වන ෂ්‍යාඕ ෆංෂු තවමත් ඉතා ස්වල්ප දෙනෙකුට මතක තිබුණි.
සරත් සමය පැමිණි විට, මහාමාත්‍යවරයා කොතරම් හොඳින් ආහාර ගත්තාද යත් යත්, ඔහු බර වැඩි විය. මේ වන විට ඔහු වැස්සේ දෙපා සෝදා ගනිමින් ද ඇඟිලි එකිනෙක අතුල්ලමින්ද සිටියේ ය. ඔහු පැවසුවේ, “ලෝකයේ සෙන්පතියන් හතර දෙනා ගැන කතා කරන කොට, ඔවුන් ඇත්තටම මීට වසර විස්සකට පෙර සිටියා. ඒකාලේ, ලිබෙයි වල ෂ්‍යාඕ ෆංෂු, චීදොං වල චී ෂීයූ, ලියු ප්‍යැන්පන් සහ සෞතියන් තැන්නේ හි ශෙං යීෂෙං, සෑම පැත්තකින්ම හමුදා සේනාංකාධිපතිවරු හිටියා. ෆෙං යීෂෙං පසුකාලීනව සටනෙදි මියගි නිසා, ෆෙං වංශයේ පරම්පරාව බිඳවැටුණා. අද කාටවත් මේ නම මතක නැතුව ඇති. නමුත් එදා ඔවුන් හැමෝම තම අශ්වයන් සමඟ මායිම් මාර්ගයට පිවිස බ්‍යැන්ෂා භටයන් අතුගා දැමූ නිර්භීත රණශූරයෝ වුණා.
"ෆෙං යිෂෙං?" ඇතුලත හිඳ ඉවුම් පිහුම් කරන අතරේ ජී ගැං උස් හඬින් ප්‍රතිචාර දැක්වුවේ ය. “මොකද කාටවත් මතක නෑ කියන්නේ? චුවාන්-එර්! ජෙනරාල් ෆෙංගේ පුතුන් දෙදෙනාම යුධ පිටියේදී මිය ගියා. ඔහුට පස්සෙ ඔබේ ෂිෆුගේ වැඩිමහල් සහෝදරයා වන පුතෙකු හදා වඩා ගත්තේය.
ශෙන් ස'චුආන් භාජනවලට බත් බෙදමින් සිටියේ ය, “ෂිෆුගේ වැඩිමහල් සහෝදරයා?” යි නැවත ඇසුවේය.
ජි ගැං ඔහුගේම හිස ගසා දමමින්, “මට ඔබට කියන්න අමතක වුණා!”
මහාමාත්‍ය චී කෑගැසුවේ ය, “කෑම ලෑස්තිද? ඔව්, ඔහුගේ වැඩිමහල් සහෝදරයා සුඕ ච්‍යැන්චියු නෙමෙයි?! මොකද කියන්නේ? ඕනෑම කෙනෙකුට අනුමාන කරන්න පුළුවන්! ”
ශෙන් ස'චුආන් පිඟන් පිළිගන්වා, මහාමාත්‍යවරයා වෙනුවෙන් ආහාර කූරු තබා , ගෞරවාන්විතව , “ගුරුතුමනි, කරුණාකර ඔබේ ආහාර වේල ගන්න” යැයි කීවේය.
මහාමාත්‍යවරයා මදිරා උගුරක් පානය කරමින් පැවසුවේ ය, “කෙනෙක් ඔබ එනතුරු බලා සිටීම තමයි තිබෙන හොඳම හැගීම.”
ජී ගැං සිය දහදිය පිස දමා මේසයේ අනෙක් පැත්තේ වාඩි වී මෙසේ කීවේය, “ඔබ කලින් කීවේ දෙවන ෂ්‍යාඕ ඔබ අප සමඟ එකම සටන් කලා පාසලේ බව ඔබට පැවසුවා කියලයි. එවිට, ඔහුගේ ෂිෆු සුඕ ච්‍යැන්චියූ කියලා මට හිතෙනවා!
ශෙන් ස'චුආන් බත් කටවත් දෙකක් මුව තුලට රුවා ගත්තේ ය.
ජී ගැං වැලපෙමින්, “මම ඔහුව අවුරුදු ගණනකින් දැකලා නැහැ. ඔබ මෙවර දෙවෙනි ෂ්‍යාඕ එක්ක ගුටිබැට හුවමාරු කර ගත්තාද? එ්ක කොහොමද වුනේ? ඔහුගේ තලයේ පහරවල් ශක්තිමත් සහ බලවත්ද?"
චී මහාමාත්‍යවරයා පැවසුවේ, "මුලින් ම ලන්ජෞට කන්න දෙන්න. අපි ආයෙත් කතා කරමු බඩ පිරෙන්න ආහාර අරගෙන ඉවර වුනාම. මේ වෙලාවෙ භයානකයි, හදිස්සියක් නෑ. අපිට දවස් කිහිපයක් විවේක ගන්න පුළුවන්.”
"මට ඒ ගැන හිතන්න තිබුණා." ජී ගැං පැවසුවේ, “දෙවන ෂ්‍යාඕ අස්ථි මුද්දක් පැළඳ සිටියා. මේ ලෝකයේ බලවත් දුන්නක් හසුරුවන්නේ කෙසේදැයි හොඳින්ම දන්නා තැනැත්තා සුඕ ච්‍යැන්චියූ විතරයි.
"ෂ්‍යාඕ ෆංෂු චූදු වෙත ඇතුළු වී ඇති නිසා සමහර විට ඔබට ඔබේ වැඩිමහල් සහෝදරයා හමුවීමට හැකි වේවි." මහාමාත්‍යවරයා පිඟන් තෝරා ගත්තේය. “සුඕ ච්‍යැන්චියූ තියැංෆෙයි මුරටැඹේදී මරණය දක්වා සටන් කළා. ඔහු බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවෙන් ඉවත් වුනත්, ඔහුගේ බිරිඳ මිය ගියා. ‘මාණික්‍ය තලයේ අකුණු වළාව’ යන නම ඔහුට ලැබුණේ ඒ සටන නිසා වුනත්, ඔහුගේ අවසානය සිදුවුනෙත් ඒ නිසාමයි. ඔහු පැවිදි වීමට නිවසින් පිටව ගොස් ඇති බවට කටකතා පැතිර ගියත්, ෂ්‍යාඕ ෆංෂු ගේ පුත්‍රයාගෙන් රැකවරණය ලැබුනට පස්සේ ඔහුට ඉගැන්වීම සඳහා ඔහු අප්‍රසිද්ධ විදිහට ජීවත් වෙන්න ඇති. "
ජි ගැං කණගාටුවෙන් යුතුව පැවසුවේ “සේනාධිපතිවරයෙකුගේ සාර්ථකත්වය ගොඩනැගෙන්නේ දස දහස් ගණනකගේ කැපකිරීම් මතයි. ඉතින් ඔහු ඔහුගේ විශ්මයජනක හමුදාමය සූරාකෑම් වලට කීර්තිමත් කෙනෙක් නම් ටමානවද කරන්නේ? අවසානයේදී, ඔහු තවමත් සියල්ල අහිමි වූවෙක් විතරයි. යුධ පිටියේ මිය ගිය අය අවසානය දක්වා පක්ෂපාතී වෙනවා, දිවි ගලවා ගත් අයත් සුන්දර කාලයක් ගත කරන්නෙ නැහැ. සුඕ ච්‍යැන්චියූ අප්‍රසිද්ධව ජීවත් වේ, ෂ්‍යාඕ ෆංෂු අසනීප වෙලා, ඒවගේම ලූ ප්‍යැන්යුන් වයසයි. තවත් අවුරුදු විස්සකට පස්සේ, වත්මන් සේනාධිපතිවරු හතර දෙනා ඉන්නේ කොහේද? ඒ සියල්ල කාන්තාරයේ රළ වගේ පරම්පරාවෙන් පරම්පරාවට යනවා. "
මහාමාත්‍යවරයා , ශෙන් ස'චුආන් ඔහුගේ ආහාර වේල අනුභව කරන අයුරු බලා සිටි බැවින්, ඔහු තරමක් පුදුම වෙන්නට විය් විය. බොහෝ කලකට පසු, ඔහු පැවසුවේ ය, “මුළු ජීවිත කාලය පුරාම කිසිවක් නොමැතිව දුක් විඳීම විශාල පාඩුවක්. අපි හැමෝම අන්තිමට මැරෙනවා. ඒ නිසා ඔබ මියයන්න කළින් ස්වර්ගය වෙත ළඟාවෙලා ඔබේ අභිලාෂයන් ඉටු කර නොගන්නේ ඇයි?! ලන්ජෞ, මෙන්න! වෙනත් භාජනයක් ගන්න! ”
ඔවුන් හිතේ හැටියට කා බී අවසන් වන විට අහස අඳුරු වී තිබුණි.
මහාමාත්‍ය චී පැදුර හරහා වැතිර සිටින අතර ශෙන් ස'චුආන් ගුරුවරයාගේ පාද පිසදැමීමට අසුන්ගත්තේ ය ජි ගැං පිටත ඇඳුම් දෙකක් ගෙන ඒවා වලින් සිය සිරුර ආවරණය කර ගත්තේ ය. ඉන්පසු ඔහු තම දුම් නළය පානය කිරීමට මුල්ලකට වී සිටියේය.
මහාමාත්‍යවරයා පවසන්නට විය, "ලන්ජෞ, මට දඩයම් භූමියේ තත්වය නැවත කියන්න."
ශෙන් ස'චුආන් නැවතත් ඒ ගැන සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නට විය.
මහාමාත්‍යවරයා ඇස් වසාගෙන සවන් දුන්නේය. ශෙන් ස'චුආන් කතා කර අවසන් වූ පසු ඔහු නිහඬ විය.
මිදුල මත වූ ශාක තෙමී තිබුණු අතර සෑම වැහි බිංදුවක් ම පත්‍ර මත වැතිරී තිබුණේ ය. රිද්මයකට නොවුනද ශාක පත්‍ර වලට ජලබිඳු වැටෙද්දී මහාමාත්‍යවරයා අසන්නට විය, “දෙවන ෂ්‍යාඕ මේ සටනේ ප්‍රසිද්ධියට පත් වූ බවක් පෙනෙන්නට තිබුණත්, ඔහු තම පියා සහ වැඩිමහල් සහෝදරයා වගේම එකම තත්වයට කොටු වෙලා. නව අධිරාජ්‍යයා ඔහුව වසර පහක් තරම් දිගු කාලයක් ඔහුගේ සහෝදරයා ලෙස හැඳින්වුවත් ඔහු පහත් විදිහට ඉතා ගැඹුරින් සැඟවුනා, එබැවින් හිටපු තැනැත්තා බිය නොවෙන්නේ කොහොමද? අද, නව අධිරාජ්‍යයා තම ජීවිතය බේරා ගත්ත නිසා ලිස්සා යන්න ඉඩ දෙන්න පුළුවන්. , නමුත් මේ සියල්ල නැති වෙලා යනකං තෙක් මේ මිත්‍රත්වයට කොපමණ කාලයක් ඔරොත්තු දෙන්න පුළුවන් වේවි ද? ඔහුගේ ඉවසීමේ ශක්තිය අනුව ටිකක් තව ටික වේලාවක් එ්ක ඉවසා ඉන්න පුළුවන් වේවි කියලයි මම හිතුවේ. ඔහුට චී ජූයින්ට ජනප්‍රිය වෙන්න ඕනෙතරම් ක්‍රම තියෙනවා, නමුත් ඔහුට ඒක කරන්න වෙන්නේ තනිවමයි."
ජී ගැං අඳුරු ආලෝකය යට අළු ගසා, “වෘක පැටියට ඇත්තෙන්ම යන්න ඕන. ඔහු සිහින දකින්නේ ලිබෙයි වල තණබිම් පමණි. ඔහුට වයස කීය ද? මේ ආත්මයට තමයි තරුණ බව කියන්නේ.”
"ඉවසීම නැතිවුනොත් විශාල සැලසුම් අවුල් යාවි." මහාමාත්‍ය චී පැවසීය. "ඔහු එක වරක් එය විඳදරා ගත්තා නම්, ඔහුට තරුණ ස්වාමියෙකු ලෙස ආපසු ගෙදර යාමට නොහැකි වේවි ද?"
මේ වෙලාවේ ෂ්‍යාඕ චීයේ මාලිගාවේ ද්වාරයෙන් පිටත සිටගෙන සෙවණැලි මාලිගාව දෙස බලා සිටියේය. මෙම අනර්ඝ බිත්ති එහාපස වූ සවන්, ස්වර්ගය ඔහුට ලබා දුන් පරීක්ෂණයක් ලෙස පෙනෙන්නට තිබුණි. ඔහුගේ නිරර්ථක පෙනුම මත, වියවුල් සහගත මෘර්ගයෙක් රහසේ උඩුබුරන්නට වූයේ ය.
ශෙන් ස'චුආන් නිසි ලෙස හිඳගත්තේ ය.මේ මොහොතේ දි ඔහුට ෂ්‍යාඕ චීයේ ගේ මේ ක්‍රියාව මතවූ අරුත වටහාගැනීමට හැකි වූයෙ ය. ඔහුට නිවසට යාමට අවැසි විය. ඔහුට නිවසට යාමට අවැසි වූයේ, විවෘත හා අවංක , ඔහු ලෙසමය.
😍😍😍😍
ReplyDelete😍😍😍😍😍
ReplyDelete