දූෂ්‍ය වූ චේතනාවන් සහිතව, ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුඇන්ගේ ජීහ්වය අල්ලා ගත් අතර ශෙන් ස'චුඇන්ගේ මනස අදුරු අවුල් ජාලයකට ඇද දමමින් නොනවත්වා සිප ගන්නට විය. කාලය කෙමෙන් ගෙවී යද්දී, ඔහුගේ දෑතේ ඇගිලි වල ශක්තිය ශුන්‍ය වී ගියේ ය.
ඔහුගේ හුස්ම අල්ලා ගැනීමට නොහැකි වීම නිසා ශෙන් ස'චුඇන්ට නොපැහැදිලි කරකැවිල්ලක් දැනෙන්නට විය. මේ අළුපැහැ භ්‍රමණය වන අන්ධකාරය සමඟ, ඔහු ෂ්‍යාඕ චීයේ ගේ රැහැනට හසුවු ගොදුරක් සේ පෙනුණේ ය. හුස්ම හිරවීමේ සංවේදනය තීව්ර වන විට ඔහු ගිලෙමින් සිටි ජලයේ තවත් ගැඹුරට කිඳා බසින බවක් පෙනෙන්නට තිබුණි. ෂ්‍යාඕ චීයේ ඔහුව ඔහුගේ අරගල මැද තදකරගනිමින්, සිරකරගන්නට වූයෙන් ඒ මොහොතේ ශෙන් ස'චුඇන්ට විශ්වාස කළ හැකි එකම පුද්ගලයා ෂ්‍යාඕ චීයේ බවට පත් කර තිබුණි.
යූ ෂ්යාඕසායි නැවතත් සයනය අසලට කිට්ටු වුනේ ය , ඔහුගේ පාවහන් දෙදෙනා ඉදිරියේ නැවතුනි.
වේගවත් කලබලකාරි පියවර හඬක් පිටතින් ඇසෙන්නට විය. චෙන් යැං පවසන්නට විය, “ඉතිං ගෞරවනීය පරික්ෂකවරයා මෙතනද! කරුණාකරලා මේ අවංක සේවකයා සමග පැමිණෙන්න. ඔබතුමා පෞද්ගලිකවම ඔහුගේ අධ්‍යයන කාමරය පරික්ෂා කරන්න ඕනේ.”
ඒඩනිසා, යූ ෂ්යාඕසායි ඔහු සමඟ පිටතට ගියේ ලේඛනය අත අට රදවාගෙනය. ඔහු ඇසුවේ ය, “විනිසුරු උතුමාණන් කොහෙද?”
චෙන් යැන් කාමරය පිරික්සා බලන්නට එඩිතර නොවුනේ ය. ඔහු යු ෂ්යාඕසායි සමග පිටතට ගොස් ද්වාරය වසා දැමුවේ ය., “අතිගරු විනිසුරුතුමා මීට කලින් රාජකාරි කාර්යාල කාමරයේ තේ පානය කරමින් සිටියා. එයා මේ දැන් මෙතැනට එන මාර්ගයේ ඉන්න ඕනේ.”
යූ ෂ්යාඕසායි ඇසුවේය, “විනිසුරුතුමා මීට කලින් ආවේ නැද්ද?”
චෙන් යැං පිළිතුරු දුන්නේ ය.,” පිටත හුඟක් ශිතලයි. ඔහුට උණුසුම් ප්‍රබෝධමත් බවක් දැනේන්නෙ ඔහු තේ පැන් පානය කළොත් පමණයි…”
ඔවුහු තව තවත් ඈතට ගමන් කළෝ ය. ෂ්‍යාඕ චීයේ ශෙන් ස’චුඇන්ගේ දෙතොලින් මුව මදක් ඉවතට ගත්තා පමණි.
ඔහුට යටින් වැතිර සිටි , ශෙන් ස’චුඇන්ට නැවත ආශ්වාස ප්රාශ්වාස කරන්නට හැකියාව ලැබුණි. ඔහුගේ දෑස් හිස් බවින් තොරවූ අතර පහතට බරවී තිබුණේය. ඔහු ඛේටය ගිල දමද්දී , ඔහුගේ උගුරු අස්ථිය සෙලැවුණු අතර ළයද ඉහල පහල යන්නට විය. ඔහුගේ දෙතොල් තෙත් හා දිලිසෙන රත්පැහැය ගැන්වෙන තෙක් සිපගෙන තිබුණි. මේ සිපගැනීම ඔහුව අවසානය දක්වා ගෙනගොස් තිබුණි.
ෂ්‍යාඕ චීයේ හුස්මක් ඉහළට ඇදගත්තේ ය.
ශෙන් ස'චුආන් සිය හස්තය සයනය යටින් පිටතට යවන්නට උත්සහ කළේ ය.. ඔහු පිටතට යන්නට උත්සහ කළේ ය , “ඔබ—මේ—”
ෂ්‍යාඕ චියේ ඔහු දිගුකල හස්තය අල්ලා ගත්තේ ය , ඔහු සිය නාසයේ අඟ තද කරමින් ඔහුව නැවත වරක් සිපගන්නට විය.
අවසන් වතාවේ , ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ පිළිබඳ පවසා තිබුණේ “තමාවම කෑදර ලෙස ගිලදමන ” අයෙක් ලෙසටය. දෙවැන්නා මේ හෙතුවෙන් ඔහු සමඟ දැඩි ලෙස අමනාප වූයේ ය. මේ මොහොතේ , ෂ්‍යාඕ චීයේ “ඔහුගේ කාලය ගතකලේ කෑදර ලෙස ගිලදමමින් ” ය, ඔහු හාදු තවරමින් , කඩින් කඩ නැඟෙන ශෙන් ස’චුඇන්ගේ කටහඬ යටපත් කරමින් , ඔහුගේ වදන් ඔවුන්ගේ පටලැවී ගිය ජීහ්වයන් වලින් විසුරුවා හරිමින් ඔහු ඒවා සියල්ල නැවත ඔහුගේ උදරයටම ගිල්වා දැමීමට සමත් විය.
◈ ◈ ◈
යූ ෂ්යාඕසයි ට නැවතත් ශෙන් ස'චුආන් ව දකින්නට දකින්නට ලැබෙද්දි පැයකට නොඅඩූ කාලයක් ගතවී තිබුණි. ඔහු සිය ගෞරවය දැක්වීමට ඉදිරියට ගියද එහි වූ අනතුරු දායක බවනිසා සුදුමැලි වූයේ ය. දැඩි කනස්සල්ලෙන් යුතුව , ඔහු අසන්නට විය , “උතුමාණෙනි , මේ…”
“පිච්චුණා .” ශෙන් ස'චුආන් හැඟීමකින් තොරව පිළිතුරු දුන්නේ ය.
අධිරාජ්‍ය ආරක්ෂකයින් තවමත් පුස්තකාලය පෙරලමින් පරික්ෂා කරමින් සිටියෝය. ග’ චිංචිං පැමිණ ශෙන් ස’චුඇන්ට හිස වැනුවේ ය.
ඔවුන් නිසැක ලෙසම මෙහි පැමිණියේ යම් චලනයක් සිදු කිරීමට පමණි. වේලාව පැමිණි බව දැනගත් ශෙන් ස’චුඇන්ට පවසන්නට විය. “මෙතැන පරික්ශා කිරීම් බොහෝ දුරට අවසන් , ඉතිං ඇයි ඔබ සහ මම මුලින්ම කාර්යාල පරිශ්‍රයට ගිහින් මේ පිළිබඳව ෆූ උතුමාණන්ට වාර්ථා නොකරන්නේ.”
යූ ෂ්යාඔසායි එකඟ වූ අතර නැවතත් ඒ ස්ථානය සිසාරා බැලුවේ ය. ඔහු පවසන්නට විය , “සැක සහිත භාවය වළක්වාගන්න ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා තවමත් පිටත සිටගෙන ඉන්නවා. අපි පිටත්වෙන්න කලින් , අපි ඔහුට දැනුම් දෙන්න ඕනේ.”
ශෙන් ස;චුඇන් නිහඬව තම ජීහ්වය දෙතොලේ කෙලවරට තද කරමින් ප්‍රතිචාර වශයෙන් සිය සොලවන්නට විය.
නිසැකවම, ඔවුන් පිටතට යන විට , ෂ්‍යාඕ චියේ පොකුණ පසෙකින් හිද පෙර තිබූ කූඩය සමගම මත්ස්‍යයන් අල්ලමින් සිටියේ ය. හරියටම මුළු දිනයම එහි හිඳ වෙන කිසිඳු තැනකට පිටව sනොගියා සේය.
“දැන් හුඟක් ප්‍රමාදයි. ඇයි ඔය උත්තමයන් දෙදෙනා පිටවෙන්න කලින් ආහාර ටිකක් නොගන්නේ?” ෂ්‍යාඕ චීයේ දෙපයට බර දී බිලී පිත්ත අල්ලාගෙන සිටියේ ය. ඔහු මත්ස්‍යයෙක් අල්ලාගෙන සිටි බව කවුද දැනගෙන සිටියේ?
යූ ෂ්යාඕසයි යෝජනාව ප්‍රතික්ෂේප කල අතර සමාවද ඉල්ලුවේ ය. “අපි මුලු දවසම ඔබතුමාට කරදර කළාට පස්සේ , මම තවදුරටත් රැදී ඉන්න එඩිතර වෙන්නේ නැහැ. ඊලඟ වතාවේ , මම ගණනේ උතුමන්ලා දෙපලටම මත්පැන් වලින් සංග්‍රහ කරන්නම්.”
“අනිවාර්යයෙන් , පානය කරනවනම්.” ෂ්‍යාඕ චීයෙ බිලී පිත්ත සොලවා රිදී පැහැති ජියූ මත්ස්‍යයෙක් පිටතට ගත්තේ යඔහු මහ හඩින් සිනහසෙමින් , එහි වූ භාජනයට වීසිකළේ ය, බිලී පිත්ත පසෙකට දමා , බාල්දිය ඉවතට ගත්තේ ය. අරඹෙන් ඉවතට නැමී , ඔහු යූ ෂ්යාඕසයි වෙතට බාලදිය දමන්නට විය., “ඔබතුමා අද මම වෙනුවෙන් දක්වපු සැලකිල්ලට මම හුඟක් ණයගැතියි. මේ මත්ස්යයව මම දෙන්නේ ත්‍යාගයක් විදිහට.”
මීදුම ඔවුන් වෙතට ඇදහැලෙන්නට විය . යූ ෂ්යාඔසයි මත්sස්යයා සහිත බාල්දිය දෙස බලා සිය හිස පහත් කරගත්තේ ය. එමෙන්ම , ඔහු අනෙක් පුද්ගලයන් දෙදෙනා පිළිබදව අවදානය දැක්වූයේ ද නැත.
ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චියේ දෙස බැලුවේ ය, හේ සිය මහපට ඇඟිලි මුදුව සහිත හස්තයෙන් ඔහුගේ දකුණු සවනත පිරිමැද්දේ ය. ශෙන් ස'චුආන් වහා ඔහුගේ දෑස් මඟ හැරියේ ය,
යටපත් වීමෙන් මැඩීගිය යූ ෂ්යාඔසායි ක්ෂනිකව පවසන්නට විය, “අපොයි දෙවියනේ, මම කොහොමද…”
“ඇයි?” ෂ්‍යාඕ චීයේ යූ ෂ්යාඕසයි ට මිත්‍රශීලී ලෙස තට්ටුකළේ ය , “මට කියන්න එපා ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය මේ මාළු ටික අල්ලසක් විදියට සලකයි කියලා?”
යූ ෂ්යාඕසයි ක්ෂණිකව පවසන්නට විය , “නැහැ, එහෙම නෙමෙයි…”
“ඉදිරියටත් මෙහෙ පැමිණෙන්න .” ෂ්‍යාඕ චියේ පසෙකට වී මාර්ගයේ ඉඩ දුන්නේ ය. “චෙන් යැං , ඔවුන්ව ඇරලවන්න.”
පැහැදිලි කළ නොහැකි ලෙස ස්තුති කිරීම යූ ෂ්යාඔසයි ව ඉවතට විසි කරන්නට සමත් විය. ඔහු දොරෙන් පිටතට එන විටත් ඔහු කුමක් කළ යුතු දැයි නොදැන සිටියේය.
ශෙන් ස'චුආන් රථයට නැගීමට සූදානම් වූ විට, ඔහු හදිසියේම ඔහුගේ දකුණු කන් පෙත්ත ස්පර්ශ කළ අතර , එම උන්මත්තකයාගෙ ස්පර්ශයෙන් ඒ ස්තානය උණුසුම් ව තිබුණි. එය කොතරම් උණුසුම්ද යත් එය ඔහුට දැඩි කෝපයත් ඇති කරන්නට සමත් විය.
◈ ◈ ◈
ෆූ ලින්යේ අධිරාජ්‍ය හමුදා කාර්යාල පරිශ්‍රයේ සිටි අතර, ඔහුගේ දෙපා ඔසවා අපේක්ෂා සහගතව සිටියේය. මෙං රූයි ඔහුට පසෙකින් සිටියේය. ඔහු සිය පශ්චාත්භාගය වත් නොසෙල්වා තේ කෝප්පයෙන් කෝප්පය පානය කරන අයුරු දුටු මෙං රූයි ට ඉදුරා ප්රත්යක්ෂ වූ දෙය නම්, ඔහු ඔවුන්ගෙන් යමක් නොලබා අසුනින් පිටව නොයන බවයි.
මෙං රූයිට එක් ඉරියව්වකින් සිටීම අපහසු විය, නමුත් ඔහු ඒ කිසිවක් පිටතට පෙන්වන්නටද එඩිතර නොවුනේ ය. ඔහු අනර්ඝ තේ පැන් ඔහුට පිළිඟැන්වූවේ සිනහමුසු අන්දමිනි, “ගෞරවනීය වාරණ ප්‍රධානී ෆූ දැනටමත් අධිරාජ්‍ය හමුදා ගිණුම් පොත් පරීක්ෂා කරලා තිබෙන්නේ. ආදායම් අමාත්‍යාංශයේ විවිධ ස්වාමිවරු ඒවා ගණනය කරලා අවසන්. ඔබතුමාට තවත් පරීක්ෂා කරන්න යමක් ඇත්නම් කරුණාකරලා මේ නිහතමානී සේවකයාට පවසන්න.”
ෆූ ලින්යේ සන්සුන් ලෙස පවසන්නට විය, “ගිණුම් වාර්ථා පොත් නැවත නැවතත් ප්‍රවේශමෙන් ගණනය කරන්න ඕනේ. කොතැනකහරි අතපසුවීමක් හෝ වැරදීමත් තියෙන්න පුළුවන්.එයට හදිස්සි කරන්න බැහැ. තව ටිකක් බලමු.”
වෙයි හුඅයිෂින් පැවසුවේ මෑත වසරවලදී ෂ්‍යාඕ චීයේ විසින් සංකීර්ණය අලුත්වැඩියා කිරීම් සහ හමුදෙ සරඹ භූමිය පුළුල් කිරීම ගණන් කළ නොහැකි බවයි. නමුත් ඇත්ත වශයෙන්ම, ඒ සියල්ල අධිරාජ්‍ය හමුදාවේ ගිණුම් පොත්වල සවිස්තරාත්මකව සටහන් කර තිබුණි. ෂ්‍යාඕ චීයේ පිළිබඳව විමර්ශනය කිරීම පහසු දෙයක් නොවන බව ෆූ ලින්යේ දැන සිටි නමුත්, ඔහුට තවමත් මේ පැහැදිලි ජලයෙන් යම් අපවිත්‍ර දෑ ඉවත් කිරීමට සිදු ව තිබුණි. එසේ නොමැති නම්, ඔහුට වෙයි හුඅයිෂින් වාසිදායක ලෙස වාර්තා කරන්නට නොහැකි වෙයි. එපමණක් ද නොව, ලී ජ්යැංහෙන් අතීතයේ සෑම විටම අධිරාජ්‍ය හමුදාව ආරක්ෂා කරමින් සිටියේය, එබැවින් ෂ්‍යාඕ චීයේ වෙත පැමිණි විට, සියල්ලෝම ඔහුට සැහැල්ලුවෙන් වැඩ කරන්නට ඉඩදී පිටත් වන්නෝ ය. නමුත් මෙවර ලී ජ්යැංහෙන් පැහැදිලිවම ඔහුව ප්‍රතික්ෂේප කළේය. දැන් සිළග හමන්නේ දැඩිවය. ෂ්‍යාඕ චීයේට මදක් කරදර විදින්නට සිදුවනු ඇත.
ඝෝෂාකාරී ලෙස පසුපසින් පැමිණි ආදායම් අමාත්‍යාංශයේ නිලධාරීහු ගණක පබළු සෙලවූහ. ශාලාවේ පහන් දල්වා තිබුණි. එක් එක් ගිණුම හත් අටසිය වතාවක් ගණන් කරනිනට නොහැකි වීම පිළිකුල් කරමින් දැඩි අවධානයකින් ගිණුම් පොත් හාරා ඇවුස්සුවෝ ය.
ශෙන් ස'චුආන් පැමිණි විට, ඔහු කොරිඩෝවේ සිටින තන්තායි හූ පවා දුටුවේය. ඔහු කිසිවක් නොකී අතර අධිරාජ්‍ය ආරක්ෂකයෙකු ලෙස වෙස් වලාගෙන සිටි ච්‍යාඕ ත්‍යැන්යා ඔහු පසුපසින් ගොස් ඔහු සමඟ එක්ව දොරෙන් ඇතුල් විය.
ශාලාවේ ඇබකස් පබළු ලෙලදෙන හඬ නිමක් නැතිව නැඟුණේ ය. ෆූ ලින්යේ තේ පැන් බදුන පසෙකින් තබා ශෙන් ස'චුඇන්ට ආචාර කරන්නට ඔහුගේ දෙපයින් නැඟී සිටියේය.
ශෙන් ස'චුආන් ඔහු සමඟ සුබ පැතුම් හුවමාරු කර ගත් අතර පසුව දෙදෙනාම එකට අසුන් ගත්හ.
ෆූ ලින්යේ අසන්නට විය, "සමස්ථ සෙවීම හොඳින් සිදුවුණා ද?"
ශෙන් ස'චුආන් පැවසුවේ ය, "ෂ්‍යාඕ'එර් අපිව සෑහෙන කාලයක් ප්‍රමාද කළා."
ෆූ ලින්යේ සිය අභ්‍යන්තරයෙන් තමාටම පවසාගත්තේ ය, *මම ඒක දන්නවා* කනස්සල්ලෙන් යුතඅව පවසන්නට විය, “ඔහු පියවරක් ගත්තාද? ඒ තක්කඩියා එක තමයි හැමදාටම එහෙමයි. ගෞරවනීය විනිසුරුතුමනි ඔබට මේ ගමන දුෂ්කර වෙන්න ඇති."
ශෙන් ස'චුආන් සිතුවේ ය, *ඔහු පියවරක් ගත්තා, නමුත් එයට ඔබ සමඟ කිසිම සම්බන්ධයක් නැහැ.* ඔහුද සිනාසෙමින් පැවසුවේ ය. “ඒකට කමක් නෑ. උතුමාණෝ වෙනුවෙන් මට තවමත් මේ දුෂ්කරතා විඳදරාගන්න පුළුවන්. ෂ්‍යාඕ'එර් මුලදී මට ඔහුගේ පරිශ්‍රය සෙවීමට අවසර දුන්නේ නැහැ. වාසනාවකට වගේ, ගෞරවනීය යූ ද එහි සිටියා. ඔහුට ඒත්තු ගන්වන්න උපරිම උත්සාහයක් ගත්තා."
එය ශෙන් ස'චුආන් පැවසුවේ සත්‍ය ලෙසමය. ෆූ ලින්යේ ද්වේෂ සහගත ලෙස පවසන්නට විය, “අපි ක්‍රියා කරන්නේ උන්වහන්සේගේ අණට අනුවයි. ඔහුට අවශ්‍ය සෑම විටම අපට බාධා කරන්නයි, දෙවන තරුණ ස්වාමියා වන ෂ්‍යාඕ අපව හෑල්ලූවට පත් කරලා අගෞරව කරනවා විතරක් නෙමෙයි, අධිරාජ්‍යයාටත් කරනවා.
ශෙන් ස'චුආන් ශාලාවේ අභ්‍යන්තරය දෙස බලමින්, “උතුමාණෙනි, මේ පරීක්ෂණ තවම සිදු වෙලා නැද්ද?”
ෆූ ලින්යේ පිළිතුරු දුන්නේ ය, “එය අවසන්. ඒත් එය තව කිහිප වතාවක් ගණනය කරලා බලන්න ඕනේ. ඔබ දන්නවානේ, ගිණුම් වාර්ථා ව්‍යාජ වෙන්න වැඩි ඉඩක් තියෙන බව.”
එම වචනවලින් ඔහු අදහස් කළේ කුමක්දැයි ශෙන් ස'චුඇන්ට පැවසිය හැකිය. මද විරාමයකින් පසු ඔහු පැවසුවේ ය “මේ වතාවේ සෝදිසි අංශයේ ප්‍රධාන නිලධාරියා ඔබතුමා, ඒ නිසා මම ඔබ කියන විදියට කරන්නම්”
ෆූ ලින්යේ සිනහවක් පෑවා මිස ප්‍රතිචාර නොදැක්වීය. අලුතින් විගණනය කරන ලද ගිණුම් පොත් ඔවුන් ඉදිරියේ ඉදිරිපත් කරන විට ස' පැයේ තුන්වන කාර්තුව දක්වා ඔහු ශෙන් ස'චුආන් සමඟ තේ පැන් පානය කර තිබුණි.
ෆූ ලින්යේ ඔවුන් හරහා ගොස් හදිසියේම මෙං රූයිගෙන් අසන්නට විය. “පසුගිය වසරේ වසන්තය ආරම්භයේදී, අධිරාජ්‍ය නියෝගයක් මත මාලිගාවේ පන්සලක් ඉදිකළා. කාර්ය අමාත්‍යාංශය ප්‍රවාහනයේ වැදගත් කාර්යයන් අධිරාජ්‍ය හමුදාවට භාර දුන්නා. නමුත් පස්සේ, දේවමාළිගාවේ ඉදිකිරීම් බිඳ වැටුණා. ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා මුදල් ඉල්ලා කාර්ය අමාත්‍යාංශයේ සැපයුමු පවා අවහිර කළා, ඒක හරිද?”
මෙං රුයි පිළිතුරු දුන්නේ ය, “ඒක හරි. මුදල් මාස කිහිපයක් ප්‍රමාද වුණා. ඒ සියල්ල අධිරාජ්‍ය හමුදාව වෙහෙස මහන්සි වී උපයාගත් මුදල්. ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා කනස්සල්ලෙන් සිටි නිසා ඔහු පෞද්ගලිකව එය ඉල්ලා ගත්තා."
ෆූ ලින්යේ ගිණුම් පොත් වසා දමා උපහාසයෙන් යුතුව පැවසුවේ ය “එදා රාජ්‍ය භාණ්ඩාගාරයේ වියදම් තවම ගණන් බලලා තිබුණේ නැහැ. උත්සව අධ්යක්ෂ මණ්ඩලය පවා එය අත්තනෝමතික ලෙස අනුමත කරන්න එඩිතර වූයේ නැහැ. ප්රතිරාජසෙනෙවිතුමාට මුදල් ලැබුණේ කොහොමද?
මෙංරූයි පැවසුවේ ය , “අපේ අධිරාජ්‍ය හමුදාවට මුදල් ලැබුණේ නැහැ. චුආන්චෙං ඉදලා සේද තොගයක් අධිරාජ්‍ය හමුදාවට ලබා දීමට තීරණය කළේ ආදායම් අමාත්‍යාංශයේ ලේකම් වං ශියනුයි. ඔහු අධිරාජ්‍ය හමුදාව ඒවා මුදලට වෙළඳාම් කළා. මේ ගිණුම පොතෙත් එය සටහන් කර තිබෙනවා, එහි පැමිණෙන සහ යන සියල්ල පිළිබඳ පැහැදිලිව සටහන් කර තියෙනවා.
ෆූ ලින්යේ තේ පෝච්චිය ඝෝෂා කරන තරමට දැඩි බලයකින් මේසය මතට ගැසුවේ ය. ච්‍යාඕ ත්‍යැන්යා ගේ තියුණු දෑස් සහ එය අල්ලා ගැනීමේ වේගවත් ප්‍රතිචාරය නොවන්නට, තේ ශෙන් ස'චුආන් දෙපා පුරා වත් කැරෙන්නට ඉඩ තිබුණි. ශෙන් ස'චුආන් තම අසුනේ සිනා සෙමින් ෆු ලින්යේ ඉදිරියට යන තෙක් බලා සිටියේය.
මෙය වසන්තය ආරම්භයේ සිට ඇති ගිණුමක් විය. ඒ වන විටත් ශෙන් ස'චුැන් ෂාඕ සූයි පන්සලේ නැවතී සිටි නමුත් ඔහු මේ ණය ගැන දැන සිටියේය. මේ ණය අවසානයේ විසඳිය හැකි හේතුව වූයේ, ඇත්ත වශයෙන්ම, වං ශියන් නිසා නොව, ෂුඒ ෂ්‍යුජුඕ නිසාය. එවකට ආදායම් අමාත්‍යාංශයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම් වූ ෂුඒ ෂ්‍යුජුඕ, චුආන්චෙං වෙතින් එම සේද ෂ්‍යාඕ චීයේ වෙත පිරිනැමන්නට මැදිහත් වී ණය පියවීමට ඉදිරිපත් වූ අයෙකි.
ශෙන් ස'චුආන් සිය හස්තයේ ඇගිලි මගින් දණහිස මතට තට්ටු කරන්නට විය. ඔහු සිතන්නට විය,
*මේ ගිණුම උගුලක්!*
නිසැකවම, ෆූ ලින්යේ අධිකාරි බලය පෙන්වමින් මෙං රූයිගෙන් ප්‍රශ්න කළේය, “මේ ගිණුම් පොත පෙන්නුම් කරන්නේ අධිරාජ්‍ය හමුදාවට සේද රෙදි 660 ක් වෙන් කර තියෙන බවයි. ඔබ එය චුආන්චෙං වල අඩු ශ්‍රේණියේ සේද ලෙස සටහන් කරලා තියෙනවා, නමුත් චූදු භාණ්ඩාගාර වාර්තා වල තිබෙන්නේ ඒවා සියල්ලම චුආන්චෙං වල ඉහළම ශ්‍රේණියේ සේද බවයි! එය පහත් ශ්‍රේණියේ සහ ඉහළ ශ්‍රේණියේ වචන වෙනසක් විතරයි, නමුත් වෙනස රන් ලෝහ කුට්ටි 4,000 ක්! මම ඔබෙන් අහන්නේ, මේ 4,000ට වැඩි රන් ලෝහ කුට්ටි කොහෙද ගියේ?”
මං රූයි ගේ ප්‍රතිචාරය වේගවත් විය.ඔහු ක්‍රමානුකූලව පිළිතුරු දුන්නේ ය, "අපට වෙන් කර ඇති ඒවා ඇත්තෙන්ම චුආන්චෙං වලින් ලැබෙන අඩු ශ්‍රේණියේ සේද රෙදියි. එම භාණ්ඩ ආදායම් අමාත්‍යාංශය විසින්ම යවලා තිබෙනවා, අතින් ලියන ලද ස්ථාන මාරු නියෝගයෙන් ඒවා චුආන්චෙං වල අඩු ශ්‍රේණියේ සේද බව පෙන්නුම් කළා.”
ෆූ ලින්යේ ගිණුම් පොත බිම හෙළුවේ ය, "ඇත්ත වශයෙන්ම, වං ශියන්, එහෙමද? ඔහු දිගු කලක් ඔබ සමඟ හවුල් වී තියෙනවා. ඔහු අතින් ලියූ මාරු කිරීමේ නියෝගය මත චුආන්චෙං වලින් පහත් ශ්‍රේණියේ සේද ගෙනා මව සටහන් කළා, නමුත් භාණ්ඩාගාර වාර්තා පැහැදිලිව සඳහන් කරන්නේ ඒවා එහළ බවයි. චුආන්චෙං වලින් ලබා ගත් ඉහළම ශ්‍රේණියේ සේද රෙදි පිටතට ගෙන තියෙනවා. එවැනි ව්‍යාජ ඇණවුමක් ව්‍යාජ ලෙස සකස් කරන්න ෂ්‍යාඕ චියේ වං ශියන්ට දුන්න ප්රතිලාභ මොනවාද?!"
කම්පනයට පත් මෙන්ග් රූයි පැවසුවේ ය, “ඔබට කිසිම සාක්ෂියක් නැහැ! ගෞරවනීය ෆූ, නිකම්-"
“මම දකින ආකාරයට අධිරාජ්‍ය හමුදාව අයථා ලාභ ඉපැයීමේ පෙරමුණ ගන්නවා. ෂ්‍යාඕ චීයේ ඔබ හරහා ධනයක් උපයා තියෙනවා. ඔහු දොංලොං වීදියේ මේ අවුරුදු ගණනාව පුරාම කමින් බොමින් විනෝද වෙමින් සිටි ආකාරය ඇස් ඇති ඕනෑම කෙනෙකුට දකින්න පුළුවන්! ඔහු වං ශියන් සමඟ පෙරදි සහයෝගයෙන් වැඩ කරපා තියෙනවා, යුආන් ල්‍යු ඔහුට අනුග්‍රහය ලබා දීලා පසුව ඔහුට මිදි ගෙඩි පිරිනමයි. ෂ්‍යාඕ චීයේ අධිරාජ්‍යයාණන්ගේ අනුග්‍රහය ඇතිව ඔහුට කරන සෑම දෙයක්ම කරන්නේ තමන්ගේ මුදල් පසුම්බියට මුදල් පුරවාගෙන අදුරු අදුරු ගනුදෙනුවල යෙදෙන එකයි!” ෆූ ලින්යේ පිළිකුල් සහගත ලෙස සිනාසුණේය. “ගෞරවනීය විනිසුරුතුමනි, මේ බලන්න? අංක එකේ නැගී එන තරුව අංක එකේ සොරදෙටුවා! අද රාත්‍රියේ, ඔබ සහ මම තවත් ගැඹුරු පරීක්ෂණයක් සිදු කරමු. ඒවගේ අපවිත්‍ර ගිණුම් තවත් ඇති."
ඔෙන් ස'චුඇන් ෆූ ලින්යේ දෙස බලා හිඳියේ ඔහුට බියක් දැනෙන ආකාරයටය. ශෙන් ස'චුආන් පැවසුවේ ය, “මේ කාරණය ඝාතන නඩුවට සම්බන්ධයක් නැහැ, ඒ නිසා එය මෙවර මගේ රාජකාරියේ විෂය පථයට අයත් වෙන්නෙ නැහැ. මම ඔබතුමාට තීරණය කරන්න දෙන්නම්.”
ෆූ ලින්යේ මුලින් අදහස් කළේ ශෙන් ස'චුඇන්ව ඔහු සමඟ ඇදගෙන ගොස් ඔහුගේ සහකරුවෙකු බවට පත් කරගන්නටයි, නමුත් ශෙන් ස'චුආන් එයට නොවැටෙන බව දුටු ඔහු මදක් පුදුමයට පත් විය. නමුත් ඔහු එය ඉහළට වාර්තා කළහොත් මේ කාරණය විශාල දෙයක් ලෙස සලකන්නට පුළුවන. ඔහු මේ සඳහා ඇති මහඟු අවස්ථාව නැති කර ගැනීමට අකමැති විය, එබැවින් ඔහු තමාවම සන්සුන් කරගෙන, මේසයට තට්ටු කර, “තවත් විගණනයන් කරන්න! වසර ගණනාවක් පුරා අධිරාජ්‍ය හමුදාවේ ගිණුම් පොත් සිය දහස් ගණනක් පරීක්ෂා කරන්න!”
ශෙන් ස'චුආන් එක්වරම සිනහවක් පාමින් ඔහුගේ බැල්ම මග හරිමින් සිය අසුනේ හිඳ තේ පැන් පානය කරන්නට විය. ඔහු මතුපිටින් සිනාසුණද ඔහුගේ සිත ක්‍රමක්‍රමයෙන් ගිලිහී යන්නට විය. මෙම ගිණුමට ෂුඒ ෂ්‍යුජුඕ ගේ සම්බන්ධය නොතිබුනේ නම්, ඔහුටද එය අල්ලාගන්නට නොහැකි වනු ඇත. බොහෝ දුරට, ෂ්‍යාඕ චීයේටද ට ද එය අමතක වන්නට ඇත.
ෂුඒ ෂ්‍යුජුඕ ඒ වන විටත් අධිරාජ්‍ය ආරක්ෂක හමුදාවට එරෙහිව සිටියා විය හැකිද? ශෙන් ස'චුආන් නිහඬවම තේ පැන් වල ඇති පෙණ බුබුළු වලට පිම්ඹේ ය.
______________________
අරුත් පැහැදිලි කිරීම
ස' පැයේ තුන්වන කාර්තුව : උදෑසන 11.45 - 1.45 අතර කාලය.
Ji Yu මත්ස්‍යයා crucian carp ලෙස හදුන්වයි. චීන භාෂාවේ "සුභ වාසනාව" යන්නට සමාන උච්චාරණයක් සහිතය. එම නිසා චීනයේ අලුත් අවුරුදු දිනයේදි මේවා ආහාරයට ගනු ලබයි.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment