Skip to main content

පනස් හයවන පරිච්ජේදය : අඟ්නි සුළඟ


රාජකීය හමුදා කාර්යාල සංකීර්ණයේ ආලෝක පහන් පසුදා උදැසන වන තුරුම දැල්වුණේ ය. ආදායම් අමාත්‍යංශයේ මිනිසුන් ඔවුන්ගේ හිස් වලට කරකැවිල්ල ඇතිවෙන කුරුම විගණනය සිදු කළෝ ය.  අවසානයේ දී , ඔවුන් ගැටළු සහගත ගිණුම් නිරාකරණය කර ෆූ ලින්යේ ගේ අතට ලබා දුන්හ.

ශෙන් ස'චුආන්  ඒවා සියල්ල සමාලෝචනය කළේය. ෆූ ලින්යේ ආකෘතිය අමුණා, ඝාතන නඩුවේ ප්‍රගතිය සමඟ ඒවා ලී ජ්‍යැංහෙන් ගේ මේසයට ඉදිරිපත් කළේය.

පසුව මහ ලේකම් කාර්යාලය මේ කාරණය අධිරාජ්‍යයා ඉදිරියේ සාකච්ඡා කළේය.

ෆූ ලින්යේ පැවසුවේ ය.  “උතුමාණෙනි, අයෙකුට එක් කුඩා බිඳක් භාජනයකින් ගෙන බැලුවොත් එහි රස හදුගන්න පුළුවන්.  ෂ්‍යාඕ චීයේ දිගු කලක් තිස්සේ අල්ලස් ලබාගෙන ඇති බව මේ නඩුවෙන් පෙනෙනවා. අධිරාජ්‍ය හමුදාවේ බලය සහ අධිකාරිය මේ වසර පුරා ම ෂ්‍යාඕ චීයේ ගේ ගේ පාලනයේයි පැවතුනේ. මේ වගේ තවත් බොහෝ ව්‍යාජ ගිණුම් තිබේවිද කියලා මම බිය වෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරය මේ වන විට මුදල් ලබාදීම ගැන දැඩි අසීරුතාවකට පත්වෙලා වගේම දේශීය බදු හිඟ මුදල් එකින් එක ගොඩ ගැසෙමින් තියෙනවා. මෙවැනි මිනිසුන් ළඟ තබා ගැනීම දර ගොඩක් යට ගින්නක් තැබීම හා සමානයි - එයින් රාජ්‍යයට අනතුරක් වේවි කියලා ත මම බිය වෙනවා."

කොං ච්‍යුද පේඛනය පෙරලා බැලුවේ ය. නමුත් ඔහු පැවසුවේ ය “ඝාතන නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා. ඇත්තටම මේ වෙලාවේ ප්‍රශ්න අවුල් කරන එක සුදුසු නැහැ. මේ නිහතමානි සේවකයගේ මතය අනුව, අල්ලස් නඩුවේ විමර්ශනය කල් දමන්න පුළුවන. දැනට අපි ඝාතන නඩුව ගැන අවධානය යොමු කළ යුතුයි.”

"කොච්චර අමුතු ද." වෙයි හුඅයිෂින් සමච්චල් කළේය. “ඒ සියල්ල ඔහුට සම්බන්ධයි, ෂ්‍යාඕ ච චියේ. ඉතින් ඇයි අපි නඩු වෙනම විමර්ශනය කරන්නේ? අපි අපිරිසිදු භෝග ඉවත් කරලා එය එක්වරම අවසන් කරන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමු."

කොං ච්‍යු නොසැලී සිටි අතර කිසිවක් පැවසුයේ නැත, “මේ නඩුව දැනටමත් ප්‍රධාන කරුණෙන් බැහැර වෙලා තියෙනවා. මම දකින ආකාරයට, ඔබට අවශ්‍ය වන්නේ ඝාතනය පිටුපස සිටින මහ මොළකරු හෙළි කරන්න නෙමෙයි, විරුද්ධවාදීන් මුලිනුපුටා දමන්න මේ අවස්ථාව භාවිතා කරන්නයි!

ෆූ ලින්යේ වහා ප්‍රතිචාර දක්වන්නට විය, “අල්ලස් නඬුව හරියට කොමඩු පලයක් වගෙයි. අපි එය මිරිකලා යුෂ පිටතට ගන්නවා විතරයි.3 කොං අමාත්‍යවරයා විමර්ශනය කරනකොය ඇයි මෙහෙම සිද්ධවෙන්නේ, ඔහු නඬුව විමර්ශනය නරනවා ; ඒත් අපි එයම සිදු කරනකොට , අපි ඔහුගේ වැරදි වලට දඬුවම් විදින්නෙ ඇයි? ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ රාජකාරිය වෙන්නේ අධීක්ෂණය කිරීමයි. අල්ලස් ගැනීම සම්බන්ධයෙන් ඔහුට දෝෂාභියෝගයක් එල්ල කළ එකද මම කරපු වරද?!"

කොං ච්‍යු පවසන්නට විය. "වංශියන් තවමත් නඩු විභාගයට ඉදිරිපත් කරලා නැහැ, ඔබේ වදන් මත පමණක් අපට අල්ලස් නඩුවේ තීන්දුවක් ලබා දෙන්න හැකි නම්, ඉදිරියේදී අධිකරණ කාර්යාල තුනේ ඒකාබද්ධ නඩු විභාගයේ අවශ්‍යතාව මොනවටද? අපිටත් එහෙම කරන්න පුළුවන්. ගෞරවනීය ෆූට පමණක් තීන්දු දීමට ඉඩ දෙන්න! අධිකරණ අමාත්‍යාංශයට දැන් විමර්ශනය කරන්න සිදුවෙලා තියෙන්නේ වෙයි උතුමාණන් ඉදිරිපත් කරන ලද පාපොච්චාරණ ප්‍රකාශය තහවුරු කරන්න විතරයි. රාත්‍රිය අවසන් වෙද්දී මම සාක්‍ෂි පවා පරීක්‍ෂා කරලා තිබුනේ නැහැ. ඔබ දැනටමත් ඔහු ගැන සැක හිතලා ඔහුව වැරදිකාරයෙක්  කරනවද? මොකටද හදිස්සිය? ඔහුගේ වරදක් නිසා ඔහුට දඬුවම් දෙන්න අවශ්‍ය වුනත් , ඔබට තවමත් නීති රීති අනුගමනය කරන්න සිද්ධවෙනවා! නැත්නම්, නීතිය තියෙන්නේ කොහෙද?!"

මිනිසුන් තිදෙනා අධිරාජ්‍යයා ඉදිරියේ රණ්ඩු වෙන්න පටන් ගත්හ. වදනක් හෝ තේරුම් ගැනීමට නොහැකි වූ ලී ජ්‍යැන්හෙංට හැකි වූයේ හායි ලියැංයි දෙස බැලීම පමණි. හායි ලියැංයී හිඳගෙන හිස නැඹුරු කරගෙන සවන් දුන්නේය. හැමෝම පැවසු සියල්ල අවසාන වූ පසුව ඔහු හිස සෙළවූයේ ය.

ලී ජ්‍යැන්හෙං ක්ෂණිකව විමසන්නට විය, “ලේකම් කාර්යාලයේ වැඩිහිටියා මොකද හිතන්නේ ?”

“ලේකම් කාර්යාලයේ වැඩිහිටියා හිතන්න ඇත්තෙ මොනවද?” ශෙන් ස'චුආන්  තඹ පැහැ කාසි සමඟ ඔට්ටු දැමුවේ ය.


 “ස්වාභාවිකවම, ඔහු අල්ලස් නඩුවේ ලේඛනය ඉවත් කරාවි. හායි ලියැංයී මෙතරම් කාලයක් දැඩි විදිහට කටයුතු කළා, සෑම කෙනෙක්ම ඔහුට සලකන්නේ තමන්ගේම ප්‍රතිපත්තියක් තියෙන සෘජු ඇමතිවරයෙක් විදිහට. නමුත් හුආ ස'චියන් ව බිම හෙළලා ලී ජ්‍යැංහෙන්ට සහය දුන් පළමු පුද්ගලයා ඔහුයි. ඔහුට තවමත් යමක් පවසන්න නොහැකි වුනොත් නම් පුදුමයක්. ෂී හොංෂුන් සහ අනෙකුත් අයට අවශ්‍ය වෙන්නේ මෙවර ඔවුන්ගේ ගමන සඳහා ඔහුව පලිහක් ලෙස යොදා ගන්නයි.ලේකම් කාර්යාලයේ වැඩිහිටියා බොහෝ කලක ඉඳන් ධීවර යාත්‍රාවේ වාඩි වෙලා කුණාටුව පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිනවා ඇති කියලා ඔවුන් සිතන්නේ නැහැ. "


“ඔබ හොඳින් කළා.” මහාමාත්‍ය චී මේසයේ අනෙක් පස සිටගත්තේ ය “ෆූ ලින්යේ ව නවත්වනවා වෙනුවට, ඔබ ඔහුට තීරණයක් ගන්න ඉඩ දුන්නා. මේ ගෞරවය තියෙන්නේ ඔහුට පමණයි. ඔහුට හුඟක් කනස්සලු සහගත බවක් දැනේවි, ඒඩවගේම පසුවට, ඔහු හොඳ අවස්ථාවක් එනතුරු මඟ බලාගෙන ඉන්නෙ නැති වේවි. ඔහුට ප්‍රශංසාව උපයා ගැනීමේ උත්සාහයක් විදිහට එකවරම ලේඛන වාර්තාව ඉදිරිපත් කරන්න අවශ්‍ය වුනා. අධිරාජ්‍යයා ඉදිරියේ එම හෙලාදැකීමේ වටයෙන්, හායි ලියැංයී දැනටමත් සිදුවෙමින් පවතින දේ පිළිබඳ ඉඟියක් ලබාගත්තා. මේ වෙනකොට, ෂ්‍යාඕ චීයේ ව ඉවත් කරන්න අවශ්‍ය කාටද කියලා ඔහු දැනටමත් අනුමාන කරලා තියෙන්න ඕනේ."


"අග්නි සිළු මාරුතය. මේ අග්නිය එතරම් දුර ඇවිලෙන්නෙ නැහැ." ​ශෙන් ස'චුආන්   පැවසුවේ ය “එයට ෂ්‍යාඕ චීයේ ව පුළුස්සා දමන්න බැහැ, ෂ්‍යාඕ ජීමිංව වත් නැහැ. චුආන්චෙං සේදි රෙදිපිළි නඩුව, ඔවුන් එය බැරෑරුම් ලෙස විමර්ශනය කරනවා නම්, සෑම දෙනාම හොඳින් දන්නවා එය පොත් තැබීමේ දි සිදුවන ප්‍රශ්නයක් බව. දැන් වැදගත් වෙන්නේ තීන්දුව ආපසු හරවා ඔහුගේ නම ඉවත් කිරීම නෙමෙයි, උතුමාණන් ඔහුට පක්ෂග්‍රාහී වෙන්නේ කොහොමද කියන එකයි."


"ඒක හරි. රාජකාරි අවසරපත අත්හිටුවීමෙන් තරවටු කරන එක බැරෑරුම් ලෙස පෙනුනත්, ඇත්ත වශයෙන්ම එය මැණික් කටුවට මතුපිටින් එල්ල කරන ලද පහරක් පමණයි. ෂ්‍යාඕ චීයේ ගේ හමුදා බලය ඉවත් කිරීමේ අදහස ඔහුගේ අධිරාජ්‍යයාණන්ට නිශ්චිතවම තිබුණේ නැහැ." මහාමාත්‍ය චී වෙයිචී ඉත්තෙකු ග්‍රහණය කර මඳ වේලාවක් ඒ ගැන කල්පනා කරමින් සිටියේ ය, “ඔබ ඔහුට මේ ආකාරයෙන් ඉන්න ඉඩ දෙන්න. දෙවන ෂ්‍යාඕ ඉවත් කිරීමේ අභිප්‍රාය ඉටුවෙන්න කොහොමටවත් බඩ දෙන්න එපා. එහෙම නොවුණොත් මේක කුඩා ජයග්‍රහණයක් වුණත් විශාල විනාශයක් වෙනවා.”


ශෙන් ස'චුආන්  පිළිවෙලට සකස් කර තිබූ තඹ කාසි තල්ලු කර නැවත වරක් එකින් එක ගොඩ ගසන්න පටන් ගත්තා. එය කරදරයක් ලෙස නොකැකූtඔහු විනෝදශීලි ලෙස පැවසුවේ ය., “හායි ලියැංයීට මහ ලේකම් කාර්යාලයේ පාලනය තියෙනවා. ඔහු ෂුඒ ෂ්‍යුජුඕ වගේ  ගෞරවනීය පුරුෂයන් සහ අනෙකුත් අය භාවිතා කිරීම වෙනුවෙන් වැදගත් තනතුරුවලට පත් කරලා තිබුණත් , ඔහු රාජකීය විද්‍යාලයක් පිහිටුවලා නිහතමානී පසුබිමක සිටින සුළු නිලධාරීන් උසස් කරමින් ඉන්නවා. ෂීෆු, ඔහුට අවශ්‍ය වෙන්නේ ප්‍රගතිශීලී ප්‍රවේශය අරගෙන උතුම් වංශවලට සෙමෙන් මුහුණ දෙන්නයි. මෙය මත පමණක් පදනම්ව, ඔහුට ෂ්‍යාඕ'එර්ට පහතට වැටෙන්න ඉඩ දෙන්න බැහැ."


“ෂ්‍යාඕ වංශය සන්සුන්ව ඉන්නේ ඔවුන් මේ සියල්ල හොඳින් වටහාගෙන සිටින නිසයි. ෂ්‍යාඕ ජීමිං වුනත් කිසිම දෙයක් නොකර ඉඳගෙන බලාගෙන ඉන්නවා මොකද මේ සටන් බිම චූදු වලට සීමා වෙලා; එය ලිබෙයි වල කොතැනකවත් විහිදෙන්නේ නැහැ. එය විසඳා ගැනීම පහසු කරවනවා, දෙවන ෂ්‍යාඕට කරදර වෙන්න  තියෙන ගැටළු පුමාණයත් අඩු වෙනවා මහාමාත්‍ය චී වෙයිචි ඉත්තා බිම තබා තවදුරටත් පවසන්නට විය, “හැමෝම දැන් උද්යෝගයෙන් පා පඑර දෙන්නේ බිම පතිත වෙලා ඉන්න පුද්ගලයෙකුටයි. අධිරාජ්‍යයාණන් තවමත් කෝපයෙන් ඉන්නවා වගේම, දෙවන ෂ්‍යාඕ විශ්වාසවන්ත, පක්ෂපාත නොවන සහ ධර්මිෂ්ඨ පුද්ගලයෙකු ලෙස සලකනවා. නමුත් අග්නිය ප්‍රමාණවත් තරම් විශාල වූ පසු එය ආපසු හැරී ඒවි. ඒ වෙ වෙද්දි අධිරාජ්‍යයා තත්වය වෙනස් කරලා ඒ වෙනුවට 'තමන්ගේ තනිවෙලා ඉන්ක මිත්‍රයාට' අනුකම්පා කරාවි.


◈     ◈     ◈

 

 

ලී ජ්‍යන්හෙං මූ රූව දින කිහිපයකින්ම දැක නොතිබුනේ ය.ඝාතන ප්‍රයත්නයෙන් පසුව ඔහු නින්දට ගියෙ ආලෝකය දැල්වූ දිප්ප්තිමත් වටපිටාවක් සමඟය. කිසිදු නපුංසකයෙකුට නිදන කුටියට ඇතුල්වීමට ඉඩ නොලැබුණු අතර  මේ වන විට ඔහුට සේවය කල සියල්ලෝ මාළිගාවේ සේවිකාවෝ ය.

අද දින නැවතත් දැඩිව හිම පතනය වන්නට විය. රෝගාතූරව සිටි හායි ලියැංයී , අධිරාජ්‍යයා අසලට නොයන්නට වග බලාගත්තේ ය. ලී ජ්‍යන්හෙං රාජකීය ඖෂධ හලෙන් අනර්ඝ ඖෂධ ද ලබාගෙන ඔහුව බැහැදකින්නට ඔහුගේ නිවසට ගොස් ඔහුට ඒව ප්‍රධානයකළේ ය. එපමණක් නොව ඔහු තමා වෙහෙස වී අධ්‍යයන කටයුතු කරන බවත් ඉගෙනීමට අලස නොවන බවත් පුන පුනා පැවසුවේ ය.

මිංලී ශාලාව නිහඬව පසු විය . තමාගේ පිට කොන්ද වේදනා දෙන්නට පෙර ලී ජ්‍යන්හෙං පොතක පිටු කිහිපයක් පෙරලා බැලුවා පමණකි. ඔහු ජනේලයෙන් පිටත බැලූ විට ඔහුට දකින්නට ලැබුණේ කපු පුළුන් රොදක් මෙන් පාව ගන හිම සහිත වළාවන් ය. ක්ෂණික මනෝභාවයෙන් මිදුනු ඔහු , මාළිගාවේ සේවිකාවක ලවා තමාගේ පිටත සළුව වතලා ගත් අතර නැවතත් පිටත වූ හිම පිරි දර්ශනය විඳින්නට විය.

ලී ජ්‍යන්හෙං සිය පිරිවර සමඟ උයනේ සැරිසරන්නට විය. වැවට ඉහලින් මිදි ඇති හිම ස්තරය දුටු ඔහුට , තමා මාළිගයේ සිටියදී ක්‍රීඩා කළ හිම සයනය මතකයට නැංවී ය.

“ශීත ස්‍රතුවේ මිදීයන ජලය නිසා ක්‍රීඩා කරන්න පුලුවන් .” ලී ජැන්හෙං සිය වටපිටාවෙන් ඇසුවේ ය. “ඇයි කිසිවෙක් මට මෙය මතක් නොකළේ?”

ඒ වදන් ඔහුගේ මුවෙන් ගිලිහී ගිය වහා , ඔහුගේ මතකයට පැමිණියේ ය. ෂියන්දේ අධිරාජ්‍යයා මියැදුනේ මේ වසරේදී ය, රාජකීය ශෝක සමය තුල කලබල කිරීම හෝ ප්‍රශ්න ඇති කිරීම නුවනට හුරු නොවනු ඇත. එසේ නොවෙනහොත් , ප්‍රධාන නිරීක්ෂන කාර්‍යංශය ඔහුට බැන වදිනු ඇත. මේ පිළිබඳ සිතීමෙන් අසුව ඔහුගේ සිදුවිලි අඩාල වී ගියේ ය. තවදුරටත් හිම දර්ශනය දකින්නට ඔහුට අවශ්‍ය නොවුනේ ය, ඔහු අයෙකු මු රූව කැදවන්නට පිටත් කර හැරියේ ය.

මූ රූ පැමිණියේ සිය හිස වසා අත් රහිත උඩු ඇදුමක් වතලාගෙන ය. ඇය කිසිවෙකුගේ උදව් සහිතව හිම මතින් පැමිණෙන ආකාරය ඉතාමත් මනස්කාන්ත ලෙස පෙනුණි. ඇය පැමිණෙන අකාරය ජනේලයෙන් දුටු ලී ජ්‍යන්හෙං , වහා ඇයව පිළිගනු පිනිස ඉදිරියට දිව ගියේ ය.

“මගේ සොදුරියේ.” ලී ජ්‍යන්හෙං පැවසුවේ ය . “ඔබ හිම මතින් ගමන් කරන ආකාරය ඇත්තටම මන බඳනා සුළුයි! මම අයෙකු ලවා එය පින්තාරු කරගෙන මගේ ඉදිරියේ තබාගන්න ඕනේ. එවිට මට එය හැමදාම පෙනේ වි.”

මූ රූ ඇගේ හිස් වැස්ම ගලවා සිනහවක් පෑවාය. “ඒක එහෙම වෙන්නේ කොහොමද?” ඇය තම සේවිකාවගෙ අතින් භෝජන බන්දේසිය පිටතට ගත්තා ය, ඈ පවසන්නට විය, “කාලගුණය ශීතලයිමම ල්‍යු ලං වෙනුවෙන් සූපයක් පිළියෙල කලා.”

ලී ජ්‍යන්හෙං ගේ මනෝභාවය ඈ ඔහුට  “ලියූ ලං ”. ලෙස ඇමතීමනිසා සුවපත් අතට හැරුණේ ය , ඔහු තමා රාජ්‍ය කටයුතු හසුරවන මකර සිංහාසනයේ අසුන්ගත්තේ ය.

මූ රූ ලී ජ්‍යන්හෙං වෙනුවෙන් සූපය පිළියෙල කළා ය, “පසුගිය වතාවෙ සිදුවුන ඝාතන තතෙන් පස්සේ මම හුඟක් බියට පත් වුණා. මට නිදා ගන්නවත් හැකියාවක් ලැබුනේ නැහැ.”

මූරු ඔහුව පොලඹවා ගන්නට විය, “දැන් මෙතැන ඉන්නේ අපි දෙදෙනා විතරයි. ඉතිං ඇයි ලියු ලං ඒ වගේ වදන් භාවිතා කරන්නේ?”

ලී ජ්‍යන්හෙං තමාගේම මුවට මෘදු පහරක් එල්ල කරගත්තේ ය, “ඔබේ මේ ස්වාමියා හරිම අවුල් සහගතයි.”

මූ රූ ඇගේ දෑතින්ම ඔහුගේ මුහුණ අල්ලාගනිමින් පරික්ෂාකාරීව ඔහුගේ මුහුණ දෙස බලන්නට වූයේ කිසිවක් පවසන්නට පෙරය. “ඔබ ඇත්තටම වෙහෙස වෙලා වගෙයි. මම අද රාත්‍රියේ ඔබ එක්ක ඉන්නම් , හරිද?”

“මේ මුළු ලෝකෙන්ම මම ගැන හොයා බලන එකම කෙනා ඔබ විතරයි… මම ඇත්තටම ස’අන්ට සැළකුවේ සහෝදරයෙක්ට වගෙයි , නමුත් කවුද හිතුවේ ඔහුත් මේ ඝාතනයට සම්බන්ද වෙයි කියලා?” ලී ජ්‍යන්හෙං දිගු සුසුමක් පිටකළේ ය. මාත් සමඟ ඉන්න.”

මූ රූ පවසන්නට වූවා ය , “රැජිණියත් ලියු ලං ගැන හුඟක් වද වෙනවා. ඈ මේ දිනවල සූත්‍රයන් මුමුණමින් නිර්මාංශව කල් ගත කරනවා, ලියු ලං වෙනුවෙන් සාමයි සහිත අලුත් අවුරුද්දක් ලැබෙන්නකියලා යාඥා කරනවා.”

ලී ජ්‍යන්හෙං ඈගේ හස්තය වැළඳගත්තේ ය , “මම රාජකීය මෑණියන්ට ඉස්සර එතරම් සමීප වුණේ නැහැ, ඒ වගේම මම ඇයව දුටුවේ සතුරෙක් විදිහට. කවුද දැනගෙන සිටියේ ඈ මට අද මේ තරම් කරුණාවෙන් සළකයි කියලා? මම , මම… දෙවියනේ. ඒ හැම වැරැද්දක් ම ඒ ජරා වයසක සුනකයගේ, හුආ ස’චියන්!”

 “කවුද පැවසුවේ එහෙම නොවෙන වඟ?” මූ රූ ඔහු දෙස බැලුවේ ආදරණීය ලෙසය. “හුආ ස'චියන් ඇති කළ ගැටළු නිසා ල්‍යු ලං ට හුඟක් විඳවන්න සිද්ධ වුණා. මහෝත්තමාවිය ඇයට හැකි සෑම අයුරකින්ම ඔහුට අවවාද කරන්න උත්සහ කළා, නමුත් අවසානයෙදි, ඇය පිරිමෘන්ට එරෙහිව සටන් කරන්න නොහැකි කාන්තාවක් විතරයි. ඔහු ඇගේ අවවාද ප්‍රතික්ෂේප කළා වගේම ඒ වෙනුවට ඇයට දොස් පරවරුවා."

“ඔවුන් පවසන විදිහට ඔබට ඇසෙන්නෙ ඔවුන් අසන විදිහට පමණයි, යමක් දැකීම තමයි හුඟක් ම විශ්වාසවන්ත වෙන්නේ.” ලී ජ්‍යන්හෙං කණගාටුදායක ලෙස පමසන්නට විය. “මම කළින් ම රාජකීය මැණියන් සමග සිටියානම්, අපි අතරේ මේ තරම් වැරදි වැටහීම් ඇති නොවෙන්න තිබුණා”

“මේ අතීතයේ වුනා නම් , අවස්ථාවක් තියෙන්න තිබුණා.” මු රූ පසුබට වන බවක් පෙනෙන්නට තිබුණි. “මට අහන්න ලැබුණා අවුරුදු ගණනාවකට කලින් ල්‍යු ලං ළඳරුවෙක් වූ කාලේ, උත්තමාවිය රාජකීය කුමරුවෙක් ව ඇති දැඩි කළ බව. නමුත් ල්‍යු ලංට විශ්වාසය තියන්න කිසිවෙකුත් නොමැති බව දුටු ඇය, ල්‍යු ලංවක් මාළිගයට රුගෙන ආවජ. ගුආන්චෙං අධිරාජ්‍යයාත් එයට එකඟ වුණා.”

ලී ජ්‍යන්හෙං මේ පිළිබඳව පෙර කිසිම දිනක අසා නොතිබුණු අතර එය පිළිබඳ සොයා නොබැලා ඉන්න ඔහුට හැකියාවක් නොවී ය., “ඊට පස්සේ කුමක් ද සිදුවුනේ? ඇයි ඇය මාව නැවතත් ගෙන්වාගත්තේ?”

මු රූ නැවතත් පිළිතුරු දීමට ප්‍රථම ඔහුව සනසවාලූයේ ය  , “පසුව ලීබෙයි  කුමරු ෂ්‍යාඕ ෆංෂූ , හිටපු ඔටුන්න හිමි කුමරු  හදාවඩා ගැනීම නැගෙනහිර මාලිගයේ ,  උරුමකරුවා පෝෂණය කිරීමේ භාරදූර වගකීම අධිරාජිණියට පැවරී ඇති බව පවසමින් ආඥාවක් ඉදිරිපත් කළා. ඔටුන්න හිමි කුමාරයා වැඩිලා. තවත් කුමාරයෙක් ඇති දැඩි කිරීම අභ්‍යන්තර ආරවුල් වලට ආරාධනා කිරීමක් හා සමාන වුණා."

ලී ජ්‍යන්හෙං පවසන්නට විය, “ලී… ඉතිං ඒ තමයි ​ලීබෙයි වල කුමාරයා!”

ඔහු සහ ෂ්‍යාඕ අතර අසමගියේ බීජ ඒ වන විටත් වපුරා තිබුණි. මේ පැරණි කාරණය පිළිබඳ ඇසූ විට, ෂ්‍යාඕ චියේ කිසි දිනෙක එය සඳහන් නොකළ ආකාරය ගැන සිතන විට, සියලුම ආකාරයේ මිශ්‍ර හැඟීම් ක්ෂණිකව ඔහු තුළ ඇති විය. ෂ්‍යාඕ චීයේ සිතාගත නොහැකි තරම් බුද්ධිමත් බවත් කිසි දිනක මිතුරෙකු ලෙස ඔහුට තම හදවත විවෘත කර නැති බවත් ඔහුට හැඟී ගියේය.

"ඔහු එහෙම තමයි... සේරම පවසලා අවසන් වුනහම," ලී ජියෑන්හෙන්ග් කටුක ලෙස පැවසීය. “ඔහු මට පියගැටපෙළක් වගේ සලකන අනිත් හැම අයෙක්ම වගේමයි. මම මේ තරම් වංශවත් කෙනෙකු ලෙස ඉපදීම කොතරම් කණගාටුදායකද, නමුත් මට විශ්වාසය තබන්න හැකි මිතුරෙකුවත් නැහැ! ”

මූ රූ ඔහුව වැළඳගනිමින් පවසන්නට විය, “ඔබලා ඇත්තටම මහෝදරයෝ නෙමෙයි නේ. ල්‍යු ලංට හොඳින් සැලකීම සම්බන්ධයෙන් හිටපු අධිරාජ්‍යයා සමඟ සසඳන්න පුළුවන් කාවද?

“ඥරිම අනුකම්පා සහගතයි… අනුකම්පා සහගත වෙන්නේ ලී වංශයේ උරුමකරුවන් සිටින්නේ අල්පයක් පමණක් වෙන එකයි. දැන් ඉතිරි වී ඉන්නෙ මම විතරයි.”  මේ අවස්ථාවේදී, ලී ජ්‍යන්හෙං හදිසියේම රූ ගෙන් ඇසුවේ ය “පෑන් රූගයි ව හිස ගසා දැමූ දා ඉදලා ඔබේ බාල සහෝදරයා ෂුඒ ෂ්‍යුජුඕ​ ගේ නිවසේ සැඟවී ඉන්නවා. ඔහු දැන් හොඳින් ඉන්නවද?"

මූ රූ පිළිතුරු දුන්නේ ය, “එහෙමයි”, ඇ සිය  මුහුණ ඉවතට හරවා වසාගෙන කඳූළු සලන්නට පටන් ගත්තා ය. 

ලී ජ්‍යන්හෙං ඉක්මනින් විමසුවේ ය, “මගේ ආදරණීය මූ රූ , මොකක්ද ප්‍රශ්නය? ඇයි ඔබ අඬන්නේ?”

මූ රූ ඇගේ කදුළු අත් පිස්නාවෙන් පිසදා ගත්තා ය , ඈ ඔහු දෙස බැලුවේ කඳුළු පිරි දෑසිනි, “ඔහු දැන් හොඳින්, නමුත් තවමත් ඔහු ඉන්නේ මා අසල නොවෙයි, ඒ වගේම මට ඔහුව දකින්න පුළුවන් මාස නිහිපයකට වරක් පමණයි. ඒ වාග්ම ඔහු උතුමාණන්ට සේවය නළ හැකි තරමේ අනෙක් සහෝදරවරු වගේ නෙමෙයි. ඔහුට දැන් සිදුකරන්න පුළුවන්… අන් අය වෙනුවෙන් බලා හිඳීම පමණයි.”

ලී ජ්‍යන්හෙංට  මූ රූ හඬාවැළපෙනු දැකීම වඩාත්ම අපහසු දෙය විය. එඔහු ක්ෂණික ව පවසන්නට විය , “ඔබට තිබුණේ මට එය කලින් පැවසීම පමණයි , එහෙම නම් හැම දේම හරි යන්න තිබුණා , එහෙම නේද ? අපි එකම තත්ත්වයක සිටින ස්වාමි භාර්යා දෙපලක්.මම ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා ! තව මොනවද , ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය . අඬන්න එපා . ඔබේ කඳුළුවලින් මගේ හදවත බිඳී යනවා. මගේ ආදරණීය මූ රු .මම ෂුඒ ෂ්‍යුජුඕට පවසලා ඔහුව හෙට ආපසු ගෙන ඇවිත් මගේ අසල තබා ගන්නම් , හොඳයි නේද ?”

ඇය සිය දෑසේ වූ කඳුළු සමග ඔහුට පවසන්නට විය , “එහි සිදු කරන්නේ කොහොමද ? ඔබ ලේකම් කාර්යාලයේ වැඩිහිටියාට ඒ ගැන වාර්තා කරන්නේ කොහොමද ? අනිත් අයත් එයට කැමති වෙන එකක් නැහැ. ඔබ ඒ නිසා කරදර විඳිනවා දකින්න මට අවශ්‍ය නැහැ.”

ලී ජ්‍යන්හෙං ඇගේ දෑත අල්ලා ගෙන පවසන්නට විය , “මමයි අධිරාජයා. මාලිගයෙන් සම්බන්ධතා පිළිබඳව අවසාන ප්‍රකාශය සිදු කර හැක්කේ මට පමණයි! අනෙක් අතට අපි ඔහුට ඔහුගෙන් නාමය වෙනස් කර දුන්නොත් , ඔහුගේ අතීතය පිළිබඳව හාරා අවුස්සන්න හැකිවෙන්නෙ කාටද? දැන් පැන් රූගුයි මිය ගිහින් ඉවරයි!”

මු රූ ඔහුට ටික වේලාවක් ඇයව පොළඹවා ගන්නට ඉඩ දී සිනහවකින් මිදී පවසන්නට විය, “ෆෙං චුආන්ට ඔබට ස්තූති කරන්න අවශ්‍ය වේවි.”

ලී ජ්‍යන්හෙං නිර්ලෝභීව පැවසුවේ ය. “අපි පවුලක්. සියලු හැඟීම් සහ තර්ක අනුව, ඒක තමයි මම කරන්න ඕනේ."

◈     ◈     ◈


දින කිහිපයකට පසු, ඝාතන නඩුව තවමත් විමර්ශනය වෙමින් පැවතුනි. යුආන් ල්‍යුට වධ හිංසා පමුණුවන ලද අතර, ඔහුගේ පාපොච්චාරණය අවලංගු කරන ලදී, එහෙත් ඔහු කිසිවිටෙක ෂ්‍යාඕ චියේ වෙත රන්වන් පීච් නොයැවූ බවත්, දොංලොං වීදියේ තැරැව්කරු සමඟ ඇති කර ගත් ගනුදෙනුව ගැන කිසිවක් නොදන්නා බවත් ඔහු අවධාරනය කළේය. දරුණු වධ බන්ධනවලට ලක්වන කිහිප වතාවකම ඔහු සිතුවේ ඒ පිළාබඳව මුසා පවසව්නට ය. එහෙත් ඒ සිතුවිල්ල ඔහුගේ සිතට නැඟුණු මොහොතේ ම ඔහුට මතක් වූයේ තම මුළු පවුලම තවමත් රුදී තිබෙන්නේ ෂ්‍යාඕ චියේ අත බව ය.


යුආන් ල්‍යු රාජකීය හමුදා යටතට පත්වී බොහෝ කාපයක් ගොස් තිබුණි. පිටස්තරයින්ට සහ අභ්‍යන්තර පුද්ගලයින්ට සැලකීමේදී ෂ්‍යාඔ චීයේ වෙනස් මිනිසෙකු බව ඔහු දැන සිටියේය. දෙවන තරුණ ස්වාමියා ඔහු වෙනුවෙන් තම පුත්‍රයා රැකබලා ගන්නා බව පැවසූ අතර එයින් අදහස් කළේ ඔහු තම පුත්‍රයා ඔහු වෙනුවෙන් සැබවින්ම රුක බලා ගන්නා බවය. ඔහු වැරදි යමක් පැවසුවහොත් , ඔහුගේ පුත්‍රයාටත් අවසානය ඉරණම අත්වනු ඇත.


යුආන් ල්‍යු මේ බල අරගලයට මැදි වූයේ ජීවිතය හෝ මරණය සොයා යා නොහැකිවය. ඔහුට බලාපොරොත්තු විය හැකි වූයේ හැකි ඉක්මනින් නඩුව අවසන් කර ඔහුට ඉක්මන් අවසානයක් ලබා දීම පමණකි.


නඩුව ඉක්මනින් අවසන් කිරීමට අවස්ථාව උදා විය. 


කාරණය නරක අතට හැරීමට පටන් ගත්තේය. ෂ්‍යාඕ චීයේ ගේ දෝෂාභියෝගය පිළිබඳ වාර්ඛා දැඬි සහ වේගවත් විය. පුදුමයට කරුණක් නම්, ෂ්‍යාඕ චීයේට  බැණ වදින්නට ලී ජ්‍යන්හෙං පෞද්ගලිකව ඔහුගේ බුරුසුව අතට ගත් පසු, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිරාජ්‍යයා ඉදිරියේ වාර්තාවක් ඉදිරිපත් කර ඔවුන්ගේ විමර්ශනය පුද්ගලිකව ​සිදු කර ඇති බව වාර්ථා කිරීමය.


මේ පුද්ගලයාගේ නම යින්ජෞ විය. ඔහු රාජකීය මුළුතැන්ගෙයි නපුංසකයෙක් විය. ඔහුගේ වාචික සාක්ෂියට අනුව, අමාක්‍යවරුන් සියය සඳහා වූ භෝජන සංග්‍රහය ආරම්භ වීමට පැය හතරකට පෙර ඔහු විවිධ අධිරාජ්‍ය උපභාර්යාවන් වෙත සෞභාග්‍ය රසකැවිලි බෙදා දී ඇති අතර, සයිවෙයි මාලිගය අසළ යමෙකු ෆුලිංට බැණ වදිනු දැක තිබුණි.


සයිවෙයි මාලිගය මු රූ වාසය කළ ස්ථානය විය.



අරුත් පැහැදිලි කිරීම


ධීවර යාත්‍රාවේ දිගු වේලාවක් වාඩි වී සිටීම (ස්ථාවර) එනම්, නොසන්සුන් අවස්ථාවන්හිදී සන්සුන්ව සිටීම; අර්බුදයකදී සන්සුන්ව සිටීම


 අග්නි සුළඟ , එනම්, පවතින අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් යමක් කිරීම. (වැල යන අතට මැස්ස ගැසීම.) 

 

 ලං --- තරුණයා; ආමන්ත්‍රණ ආකාරයකි. කාන්තාවක් විසින් තම පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා ඇමතීමට යෙදුමක් ලෙසද භාවිතා කරයි. මෙහි ල්‍යු යන්නෙන් "හයවන" යන අරුත දේ; අනුමාන වශයෙන් ලී ජ්‍යන්හෙං හයවන කුමාරයා වේ.



 

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-