“තමුන්… තමුන් ඇත්තටම මොකක්ද…” ජී ලෙයි තමාවම සිර මැදිරි කපොලු මතට තෙරපවා ගත්තේ ය. ශෙන් ස'චුඇන්ගේ , මදහස දුටු ඔහු වේගයෙන් පසු පසට වෙන්නට විය. “තමුන් ඇත්තටම මොනවද කරන්න හදන්නේ?!”
“ඔබ අහන්නේ මගෙන්ද?” ශෙන් ස'චුආන් ප්‍රමෝදයෙන් යුතුව පවසන්නට විය. “ඔබ අහන්නේ මගෙනුයි , හහ්?”
ශෙන් ස'චුආන් ද්වෙිශ සහගත ලෙස ඔහු ජී ලෙයිට මන්නාධික ලෙස කැඳවමිනි. ජී ලෙයි නොසෙල්වුණේ ය. ඔහු බිත්තියටම ඇලී තේරපෙමින් ශෙන් ස'චුආන් අසලට අංශු මාත්‍රයක් හෝ ගමන් කිරීම ප්‍රතික්ෂේප කරන්නට විය.
ශෙන් ස'චුආන් පවසන්නට විය , “සිරකරුවෝ සියල්ලොම මර්නය වෙනුවෙන් බලාගෙන ඉන්න ජීවිත. ශීෂූ, ඔබට මගෙන් අහන්න තරම් හයියක් ආවේ කොහොමද?”
ජී ලෙයි විරෝධය පෑවේ ය, “ඔබට මොනවද කරන්න පුළුවන්? මාව මරා දමන්න ද?”
“අපිට මාමා සහ බෑණා විදිහට නිතර මුණගැහෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපිට සෙල්ලම් කරන්නවත් වෙලාව නැහැ, ඉතින් මම කොහොමද මේ තරම් ඉක්මනට ඔබව මරන්නෙ?” ශෙන් ස'චුආන් සිය මහපට ඇඟිල්ල සිරමැදිරි පොලු අතරින් ගෙනයමින් සිය කටහඬ මෘදු කරන්නට විය. “ඔබ කිසිම වදනක් නොපවසන්නේ එය ඔබට ප්‍රයෝජන ගත හැකි දෙයක් බව ඔබට හැඟෙන නිසයි. ඒ රහස් ඔබේ අතේ තියෙද්දී, ඔබට අතක්වත් තියන්න එඩිතර වෙන්නේ නැහැ. ඔබ සිරගතව සිටින දවස් වඩාත් සුවපහසුයි වගේ , ඔබට ආහාර සහ ඇඳුම් පැළඳුම් ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ, ඔබේ ජීවිතය ගැන බිය විය යුතුත් නැහැ. ඔබ සමඟ කතා කරන්න පැන් රූගුයි ඉන්නවා, ඔබට ඕනෑ තරම් විවේක කාලයත් තිබෙනවා. කොයිතරම් සැලකිලිමත් හා සතුටක් දැනෙනවා ඇතිද? ”
ජී ලෙයි ශීතල දහදියෙන් නෑවි ශෙන් ස'චුඇන්ගේ දෑස් මගහරිමින් සිටින්නට විය.
“නමුත් ප්‍රීතිමත් දවස් ඉක්මනින් ගෙවි යනවා. ජීහ්වය තිබෙනකල් පාදයක් අහිමි වුනත්, හස්තයක් කැඩුනත්, ඇස් උගුල්වලා ගත්තත් වැඩි දෙයක් නෙවෙයි. මාස කීපයකට කලින් ශිෂූ මගෙ ඉදිරියේ බූරුයෙවක් පුළුස්සලා දැම්මා. මට ඒ වෙලාවේ රස බලන්න ලැබුණේ නැහැ. නමුත් දැන් රාත්‍රි වෙලා වැඩි නිසා මත්පැන් සමඟ ආහාරගන්න හොඳම වෙලාව.” ශෙන් ස'චුආන් සිය ඇඟිලි අතරින් සිහින් කිනිස්ස ලිස්සා යවමින් හිර කපොලු අතරට තට්ටු කරන්නට විය. ඔහු පැවසුවේ ය "ජි ලෙයි, මගේ මත්පැන් සමඟ ඔබට සේවය කරන්න කාලය හරි."
"ඔබ. ඇත්තටම. පිස්සෙක්!” ජි ලෙයි තම ගෙල දිගු කර, “ශෙන් ස'චුඇන්, ඔබ ඇත්තටම උන්මත්තකයෙක් !” යැයි හඬනගමින් පැහැදිලිව උච්චාරණය කරන්නට විය.
"මට පිස්සු." ෂෙන් සෙචුවාන් ඔහු දෙස බලා සිටිමින් ස්ථිර ලෙස පිළිතුරු දුන්නේය.
“ඔබ මට අත තියන්න එඩිතර වෙන්නේ කෙසේද? ජි ලී කෝපයෙන් කීවේය, “ඔබේ ජීවිතය වැන්දඹු අධිරාජිනියගේ අතේ තියෙන්නේ. මගේ කෙස් ගහක් ස්පර්ශ කරන්නවත් ඔබ නිර්භීත වෙන්නේ කොහොමද?! ”
ශෙන් ස'චුආන් නැවතත් ප්‍රීතිමත් සිනහවකින් මෙසේ කීවේය, “ශිෂූ, ඇයි ඔබ අද රාත්‍රියේ මේ වගේ හාස්‍යජනක වචන පවසන්නේ? මාව මෙහාට එව්වේ වෙන කවුරු කියලද ඔබ හිතන්නේ?"
කෝපයට පත් ජී ලෙයි කෑගැසුවේය, “රවට්ටන්න හිතන්නවත් එපා—”
“ශෙන් වෙයි මැරුණා.” ශෙන් ස'චුආන් ක්ෂණික ව ජී ලෙයි ගේ වදන් කපා හැරියේ ය. “ඒ දවසේ ශෙන් වෙයි ඔහුටම ගිනි තබාගත්තා , මට අහන්න ලැබුණා ජ්යැන්ෂින් කුමරුගේ දුන්ජෞ වල වාසස්ථානය ගින්නට හසුවී පිළිස්සුනා කියලා. අධිරාජ්‍ය ආරක්ෂකයින් ඔහුව නටබුන් අතරින් ඇදගෙන ගිහින් දුන්ජෞ නගරයේ බිත්ති මත එල්ලා තබද්දි ඔහු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී තිබුණා. මම එම දර්ශනය මගේම දෑසින් දුටුවේ නැතත්, මම එය වසර ගණනාවක් තිස්සේ මවා ගන්න උත්සාහ කළා. ඒක මගේ මනසට ආවට පස්සෙ, මට අවසානයේ යමක් වැටහුණා. ”
ජී ලෙයි ඔහුගේ ඛේටය ගිලගත්තේ ය.
“සතුරන් සමඟ හවුල් වෙන ඔහුගේ මහානර්ඝ සැලැස්ම සාර්ථක වුනා. සටනට කලින්ම ඉවත්වීම ඔහුට වඩාත් හොඳ තේරීමක් නෙමෙයි ද? දුඅන්ජෞ ඒ වන විටත් සතුරාගේ අතට පත්වී තිබුණා. ඔවුන්ට මුහුණදෙන්නත් සහ පිළිගන්නත් ඔහු තම හමුදාව ඉදිරියට රැගෙන ගියා නම්, ඔහුට බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවට සම්බන්ධ වෙලා ලිබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාව හිම ගංගාවෙන් එතෙර වෙන්න කළින් චූදු වලින් ඉවත් වෙන්න ඉක්මන් වෙන්න පුළුවන්. කොහොමවුනත්, ඔහු කෙතරම් බියට පත් වුනාද කියනවා නම්, ඔහු ඉදිරියට යනවා වෙනුවට පසුබැස පළායන්න එඩිතර වුනා." ශෙන් ස'චුආන් නැගී සිටියේය.
“ඔහු ඒ වන විටත් සාර්ථක වී තිබුණා. ඔහුට ජීවත් වීමට අවස්ථාවක් ලැබෙන්නේ ඉදිරියට යෑමෙන් විතැයි. නමුත් ඔහු දිගටම ඉවත් වුනා. ඔහු කිසිවක් වෙනුවෙන් හොද නොවෙන්න පුළුවන්, ඔහු දැනගත යුතුව තිබුණා ඔහුගේ පසුබැසීමෙන් විනාශය වෙන්නේ තමන්ටම බව."
ජි ලීගේ හුස්ම ගැනීම තීව්ර වූයේ ඔහු පිළිකුල් සහගත ලෙස පවසන අතරේදීමය, “ඔහු එඩිතර වුනේ නැති නිසා. බ්‍යැන්ෂා වංශ දොළහ නිසා නේඳ ඔහු ඒ විදිහට අවසාන වුනේ? ඔහු සතුරා සමඟ හවුල් වුන මොහොතේ ඉඳන්ම ඔහු මිය ගිය පුද්ගලයෙක් විතරයි! ”
ශෙන් ස'චුආන් නැඟෙනහිර මුතු ඇටයක් සිර මැදිරි කාමරයට විසි කළ අතර, පෙරළෙන මුතු ඇටය එහි කෙළවරට පෙරදි ගොස් ජි ලෙයිගේ පාද අසලට ගියේ ය. ශෙන් ස'චුආන් ජී ලෙයි ගේ මුහුණ පරීක්ෂා කරද්දී එහි වර්ණය ක්‍රමක්‍රමයෙන් සිඳී ගියේ ය. ඔහු සිනාසුණේය.
ජී ලෙයි ගේ දෑත් වෙව්ලුවේ ය. ඔහුඉඕ නැගෙනහිර මුතු ඇටය දෙස බලමින් වෙව්ලන හඩින් පවසන්නට විය, “නැහැ… වෙන්න බැහැ…”
“ෂියන්දේ අධිරාජ්‍යයාත් මිය ගියා.” ශෙන් ස'චුආන් ඉදිරියට නැමී පැවසීය, “ඉතිං ඒ ශෙන් වෙයි.”
ජී ලෙයි වහාම නැගෙනහිර මුතු ඇටයට බයින් ගසා පවසන්නට විය, “කපටි කොල්ලා, මාව අන්දන්න ලෑස්ති වෙන්න එපා!”
ශෙන් ස'චුආන් ප්රමෝදත්ව පවසන්නට විය. සීචියන් තමන්ගෙම ජීහ්වය සපාගෙන සියදිවි නසාගත්තා. ඊළඟ කෙනා කවුද? ඔබද නැත්තං පැන් රෑගුයි ද? අපි තෝරාගැනීමක් කරමුද? ශීෂූ , ඔබ මුලින්ම.”
ඒ සමඟම ඔහු තම ඇඟිලි අතරින් තවත් තියුනු කිනිසි තල දෙකක් කරකවා පරතරයක් සහිතව ජි ලෙටි ඉදිරියේ පෙන්වූයේ ය.
“එයින් සීරීමක් වුනොත්, අපි පෑන් රුගුයිව මරා දමමු. එසේ නොවුනොත්, අපි ඔබේ මාංශය රුධිර සියල්ලම සුනකයන්ට කන්න දමනවා. බය වෙන්න එපා. එකක් තෝරගන්න."
ජි ලෙයි සිහින් තලයේ සීතල දිලිසීම දෙස බැලුවේ ය. ඔහුගේ තොල් විවර වී වැසී ගියේය. ඔහු පැවසුවේ ය, "මොන විකාරයක් ද ඔබ මේ කරන්නේ..."
"වැන්දඹු අධිරාජිනිය මට ඉක්මන් වෙන්න උපදෙස් දුන්නා." ශෙන් ස'චුආන් ඔහු දෙස බලා සිටියේය. “ඒත් මම ඔබට තෝරා ගන්න අවස්ථාව ලබා දුන්නා. ශිෂු, ඔබ ජීවත් වන හැම දවසකම දේවල් යහපත් අතට හැරෙන්න අවස්ථාවක් තියෙනව."
ජි ලෙයි දින ගණනාවක් වධ හිංසාවලට ලක්ව ඒ වන විටත් වියරු වැටෙමින් සිටියේය. දැන්, මෙම විකාර සහගත වාතාවරණය යටතේ, ශෙන් ස'චුඇන්ගේ වදන් ඔහුව ව්‍යාකූල කළේය, ඔහුට ප්‍රලාපයෙන් සත්‍යය පැවසීමට නොහැකි විය. ඔහු ඒ සිහින් කිනිසි තල ද්විත්වය වෙතට දෑස් යොමු කළේය. අවසාන වශයෙන්, සහ කුතුහලයෙන් යුතුව, ඔහු අත එසවීය. ඔහුගේ වෙව්ලන ඇඟිලි තියුණු තලය ස්පර්ශ කරන විට, ශෙන් ස'චුආන් තම තොල්වල දෙකෙලවර සෙමින් ඔසවන අයුරු ඔහු දුටුවේය.
"ආහ්." ශෙන් ස'චුආන් කනගාටුවෙන් සිනාසුණේය. “අද මම ගෙනාපු කිනිසි තල සියලිලම අලුත් බව මට පවසන්න අමතක වුණා. බිඳි ගිය ඒවා දැනටමත් ඉවත් කරලයි තියෙන්නේ ”
මේ ක්‍රීඩා සිදුකිරීමෙන් වූ ලැජ්ජා සහගත ජී ලෙයි තුළ පිරී යන්නට විය. තමාව පාලනය කර ගත නොහැකිව, ඔහු ඉදිරියට විසිවී, සිර කපොලු අතරින් උමතු ලෙස කෑගැසුවේය, “ඔබට මාව මරන්න එසේත් නැතිනම් මාව කැබලිවලට කපන්න අවශ්‍ය නම් එය කරන්න! ඔබට දැන ගන්න අවශ්‍ය දේ ගැන මම වදනක්වත් පවසන්නේ නැහැ! මාව මරපං, මාව මරලා දාපං! ”
"වැරදිනේ." ශෙන් ස'චුආන් එහි අණසක පතුරවා දැඉි ලෙස ලාලනය නතුඉකරගන්නට සමත් විය. "මම ඔබව මරන්න කැමති කෙනෙක් නෙවෙයි."
"ඔබ!" ජි ලෙයි ඔහුගේ ඇඟිලි සිර කපොලු මත තෙරපවා ගත්තේ ය. "ඔබ!"
"මම ?" ශෙන් ස'චුආන් පෙරළී ගිය පෙරදිග මුතු ඇටය මතට මෘදු ලෙස පසෙකට කර එය මත පා තැබුවේය. ඔහු සීතලෙන් ඔහු දෙස බලා නැවතත් ඇසුවේ "මම කවුද?"
ජි ලෙයි ඔහුගේ හිස අල්ලාගෙන ඔහුගේ අපිරිසිදු හිසකෙස් ගලවා දමන්නට විය. ඔහු දණහිස දක්වා ඇදවැටෙමින් සිරකපොලු වලට හේත්තු වෙමින් පවසන්නට විය. "ඔබ... ඔබ තමයි..."
ශෙන් ස'චුආන් හදිසියේම පවසන්නට විය “ෂෙන් වෙයි ඔටුන්න හිමි කුමාරයාව මරා දැමුවා”
ජි ලෙයි ඔහුගේ හිස ඔසවා තැතිගැන්මෙන් ඔහු දෙස බැලුවේ ඔහු හිම ගුහාවකට ඇද වැටුණාක් මෙනි. ඔහු පවසන්නට විය, "ඔබ..."
ශෙන් ස'චුආන් පැවසුවේ, "ඔබ සහ ෂෙන් වෙයි ඔටුන්න හිමි කුමරුව ඝාතනය කර දැමුවා" යනුවෙනි.
"ඒ මම නෙමෙයි!" ජි ලෙයි ඔහුගේ හිසකෙස් අල්ලා ගත්තේය. "ඒ මම නොවේ! ඔටුන්න හිමි කුමාරයා මැරුවේ ෂෙන් වෙයි!”
"ඔබ ඔහු සමඟ කුමන්ත්‍රණය කරලා ඔටුන්න හිමි කුමාරයා කැරුල්ලකට සහය දුන්නා කියලා හසු කෙරුවා." ශෙන් ස'චුආන් ඉක්මනින් කීවේය, “ඔබ තමයි ව්‍යාජ ලේඛනය හැදුවේ. ඔබ ඔටුන්න හිමි කුමරුව ෂාඕ සූයි පන්සලට බලෙන් ඇතුළු කළා. ඔහුට ගුආන්චෙං අධිරාජ්‍යයා දකින්න අවශ්‍ය වුණා, නමුත් ඔබ ඔබේ අසිපත ඇදලා ඔහුව මරා දැමුවා.
"ඒ මම නෙමෙයි!" ජි ලෙයි ඒ වන විටත් වියරු වැටී තිබුණි. ශෙන් ස'චුඇන්ගේ අවුල් සහගත ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු දැඩි ලෙස ව්‍යාකූල වන්නට විය. “මම අසිපත ගත්තේ නැහැ! ඒ ශෙන් වෙයි. ඔහුව මරා දැමිය යුතු යැයි බල කළේ ශෙන් වෙයි!
“අන්න ඒ නිසයි ශෙන් වෙයි මියගියේ්"
ශෙන් ස'චුආන් පසුපසට ගොස් නැවත නැවතත් පැවසුවේ, “ශෙන් වෙයි තමාටම ගිනි තබාගෙන හඳුනාගත නොහැකි වෙන්න පිළිස්සිලා මිය ගියා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔබ විතරයි.”
මෙම සාර්ථක ආරම්භය හමුවේ ජි ලෙයි මෙතරම් මුල්ලකට තල්ලූ වූ අතර ඔහුට සිතිය හැකි වූයේ “මරණය” යන වදන ගැන පමණි. ඔහු ඝාතනය කරන විට හිටපු ඔටුන්න හිමි කුමරුගේ මුහුණ ගැන ඔහු පැහැදිලිවම සිතුවේය. ඒ වන විට ඔහු දැන් ශෙන් ස'චුආන් හිටගෙන සිටින ස්ථානයේ සිට ඉහළ සිට ඔටුන්න හිමි කුමරු දෙස බැලුවේ සූකරයෙක් දෙස බලන්නාක් මෙනි. දැන්, කිසියම් දක්ෂ ක්‍රියාවකින්, ඔහුගේ ස්ථාවරය ආපසු හැරවී ඇත. තමා කූඩුවක සිරවි සිටින සතෙක් ගේ තත්වයට පත්ව සිටින බව ඔහුට වැටහී යන්නට විය. ඔහු ශෙන් ස'චුඇන්ගේ පාදයට පෑගුණු කුහුඹුවෙක් බවට පත්වි තිබුණි. ඔහුට කළ හැකි වූයේ ගෙල කපා මරා දමන තෙක් බලා සිටීම පමණි.
ජි ලෙයි ට මියයන්නට අවශ්‍යතාවක් නොවුණි.
දිවි ගලවා ගැනීමේ ඔහුගේ ආශාව කිසි විටෙකත් මෙතරම් ශක්තිමත් නොවීනි. ඔහු තම නළල සිර කපොලු වල වද්දා ගත්තේ ය, “අපි හැමෝම අණ පිළිපදින්නේ අණක්. අපට විකල්පයක් තිබුණේ නැහැ! ඔබට ශෙන් වෙයිගෙන් පළගිගන්න අවශ්‍යද? මට ඔබට උදව් කළ හැකියි! ශෙන් වෙයි ඔටුන්න හිමි කුමරු මරා දැමුවා ඔහුට ජ්යැන්ෂින් කුමරු යන පදවිය පිරිනැමුවා. පසුව ඔහු ෂොංබෝ වලට ගියා. ඔහු පලා ගියා! ”
ජි ලෙයි දුක්ඛිත ලෙස හඬමින් හුස්ම හිරකරගන්නට පටන් ගත්තේ ය. මේ බිය කෙසේ පැමිණුනාද කියා ඔහු දැන සිටියේ නැත. ඇත්තටම ඔහු අනුන්ගේ දයාව ඉල්ලා සිටින ජීවිතයක් බවට පත් වී තිබුණි. ඔහුට කළ හැකි වූයේ හිස ඔසවා ශෙන් ස'චුආන් දෙස බැලීම පමණි.
“මම ඔටුන්න හිමි කුමාරයාව මැරුවේ නැහැ. මට ඔහුව බේරගන්න ඕන වුණා! ඒත් පියාණන් හදිසියේම මිය ගියා. ජී ලෙයි අසරණව කීවේය, “පියාණන් මිය ගියා, ඔවුන්ට අවශ්‍ය වුනා මාව ඒකට කොටු කරන්න! මම එයට විරුද්ධ වඅනොත් අයියණ්ඩිය මාව මරා දමනවා, ජි ගැන්ටත් එහෙමයි! මමඉමොනවා කියලා කරන්න ද? මට පුළුවන් වුණේ පෑන් රුගුයිගෙන් උදව් ඉල්ලන්න විතරයි! පෑන් රුගුයි මාව ආරක්ෂා කරනවා නම්, මට තිබුණේ ව්‍යාජ ලියකියවිලි හදන්න! මම ඒ තත්ත්වයට පත් වුණා. මටත් ජීවත් වෙන්න ඕන වුණා!”
“එතකොට ජී වූෆාන් මියගියේ කොහොමද?” ශෙන් ස'චුආන් අසන්නට වූයේ ය.
“මම දන්නේ නැහැ. පියාණන් මියගියේ කොහොමද කියලා මම දන්නෑ… පියාණන් ට අසනීප වුනා, ජී ගැං පිටවුණ නිසා. ඔහඅගේ ආදරණීයම පුත්‍රයෝ ටික ඔහුව අතහැරලා ගිහින් තිබුණා.”
මේ අවස්ථාවේදී ජි ලෙයි නැවතත් රුදුරු ලෙස හැසිරෙන්නට විය. ඔහු ඔවුන්ට බොහෝ වෛර කළේය. “ඔහුගේ අවසන් මොහොතේ ඔහු සමඟ ඉඳලා ඔහු වෙනුවෙන් අවමංගල්‍ය කටයුතු සිදු කළේ මමයි! ඒත් ඔහු පැවසුවා මගේ හරය වැඩකට නැහැ කියලා. ඔහු ජී ගැංවත් සහ සුඕ ච්යැන්ච්යු තම පුත්‍රයෝ විදිහට ලෙස සැලකුවාල ඔවුන් දෙදෙනාටම මානසික වගා ශිල්පීය ක්‍රම ලබා දුන්නා. නමුත් මගේ වාසගමත් ජි මම කිසිවක් කළේ නැහැ. ඉතින් ඔහු කොහොමද මට මෙහෙම සලකන්නේ?!"
“ඔටුන්න හිමි කුමාරයා මරා දැමීමෙන් පස්සෙ ශෙන් වෙයිට රාත්‍රියේ නිදා ගන්න නොහැකි වුනා. ඔහු බය යුනා. අපි මත්පැන් පානය කරද්දි ඔහු මට කිව්වා ටිකෙන් ටික කවුරුහරි තමන් දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා කියලා. ඔහුගේ වාසස්ථානයේ, මැදියම් රාත්‍රියේ වහලය මත යමෙකු ගමන් කරන හඬ පවා ඔහුට ඇහිලා තිබුණා. මම ඔහුට කිව්වා ඒ අධිරාජ්‍ය ආරක්ෂකයින් නෙමෙයි කියලා. නමුත් මේ චූදු වල, අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ ඇස්වලින් සැඟවිය හැකි යමක් තියෙනවා ද? අධිරාජ්‍ය ආරක්ෂකයින් තුළ ද්‍රෝහීන් සිටි බව මම අනුමාන කළා; අෂ්ඨ මහා වංශවල පිරිමින් හැම තැනකම සිටියා."
“හුආ වංශය දැනටමත් බලයේ සිටි නිසා අපි පරිස්සම් වුණා. නමුත් ශෙන් වෙයිගේ නින්ද නොයාම නරක අතට හැරුණා. ඔහුට පලා යාමට අවශ්‍ය වුනා. මේ නිසා, ඔහු චූදු හැර යන්න බලාපොරොත්තුවෙන් පෑන් රූගුයිට විශාල මුදලක් අල්ලස් දුන්නා. ඒකාලේ ලිබෙයි කියන්නේ ගණන් ගත යුතු නැගී එන බලවේගයක්. වැන්දඹු අධිරාජිණියට අෂ්ඨ මහා පුහුණු අංශ හැර වෙනත් හමුදා බලකායක් තිබුණේ නැහැ. ෂ්‍යාඕ වංශයෙන් ආරක්ෂා වෙන්න, ශෙන් වෙයිට ජ්යැන්ෂින් කුමරු පදවිය පිරිනැමුවා. ඔහු චීදොං ලීබෙයි සහ චූදු අතර ඇති එකම මාර්ගය හරහා ගමන් කරන විශාල ප්‍රාන්තයක් වෙන චොංබෞ වලට පලා ගියා. වැන්දඹු අධිරාජිනියට අවශ්‍ය වුනේ ඔහු ලිබෙයි සහ චීදොං මුර කරන සුනකයා වෙන්නයි."
ජි ලෙයි වඩ වඩාත් වේගවත්ව කතා කළේය.
“ශෙන් වෙයි සතුරා සමඟ හවුල් වේවි කියලා අපේක්ෂා කළේ කවුද? ඔහු ඉල්ලා සිටියේ මරණයයි! චූදු සමඟ ඔහුගේ ලිපි හුවමාරු කළ ලිපි ලේඛන ඔහු සතුව තිබුණා. ලියකියවිලි ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව අතට පත් වූ පසු, ෂ්‍යාඕ ජීමිංට චූදු වලට දැඩි පහරක් එල්ල කිරීමේ අවස්ථාව කොහෙත්ම මග හැරෙන්නේ නැහර! ඉතින් ශෙන් වෙයිට සියදිවි හානිකර ගන්න සිදු වුනා! දැන් ඔබට තේරෙනවද? ශෙන් වෙයි සතුරා සමඟ හවුල් වුනා. ඔහු තවදුරටත් අන් අයගේ පාලනයට යටත් වීමට කැමති වුනේ නැහැ. ඒ කාලේ, හුආ වංශයට පොදු උපතක් සහිත පුත්‍රයෙක් හිටියා. වැන්දඹු අධිරාජිනියගේ අභිප්‍රාය අනුව , මෙි පොදු උපතින් යුත් දරුවා වැඩුණට පස්සෙ , ෂොංබෞ දෙස බලා ඉන්න පිටස්තරයින් තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. ශෙන් වෙයි හුආ වංශය වෙනුවෙන් චූදු වල බොහෝ නපුරු ක්‍රියා කර තිබුණා. ෂොංබෞ වලට තවදුරටත් ඔහුව අවශ්‍ය නැත්තං , ඔහු අධිරාජිනියගේ නිෂ්ඵල ඉත්තෙක් විතරක් වෙනවා."
“කවුරුත් ඔහුව මුල්ලකට තල්ලු කරපු එකෙන් මංමුලා සහගත ක්‍රියාමාර්ග ගනිවි කියලා අපේක්ෂා කළේ නැහැ. නගරය සමූලඝාතනය කරන්න බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවට ඇතුළු වෙන්න ඉඩ දුන්නා… මේක පළිගැනීමක්! මේක චූදූ , අධිරාජිනි සහ දෂෟ වෙනුවෙන් ඔහු ගත්ත පළිගැනීම තමයි! "
ජි ලෙයි සිරකපොලු අල්ලාගෙන බැගෑපත් විය. “මට කියන්න තියෙන හැමදෙයක්ම මම කිව්වා... ශෙන් වෙයිව මරන්න බලකළේ වැන්දඹු අධිරාජිණියයි. ඔටුන්න හිමි කුමරුට බලහත්කාරයෙන් මරණයට පත් කළේත් ඇයයි. සහ ගුආංචෙන් අධිරාජ්‍යයා, ෂියන්දේ අධිරාජ්‍යයා, හුආ සීචියන්... ඔවුන් සියල්ලෝම වැන්දඹු අධිරාජිනියගේ පරිත්‍යාගශීලී ඉත්තො ටිකක් විතරයි. දැන් ඔබ අධිරාජිනිය වෙනුවෙන් වැඩ කරනවා. මා දෙස බලන්න. ඔබ දැනටමත් ෂ්‍යාඕ වංශය සමඟ ඔබේ කොටස දමා ඇති බව මම ඇයට කීවේ නැහැ… ඔබ එදා රාත්‍රියේ ෂ්‍යාඕ චීයේ ව බේරා ගත්තා, නේද? නමුත් ෂ්‍යාඕ වංශය ඔබට උදව් නොකරාවි. ෂ්‍යාඕ චීයේ චූදු වල සිටින තාක්, ෂ්‍යාඕ වංශයට ඔවුන්ගේ චලනයන් කළ නොහැකි වේවි. ඔවුන්ට තමන් ගැන සොයාබලන්නවත් බැහැ, එසේනම් ඔවුන් ඔබ ගැන සැලකිලිමත් වන්නේ කොහොමද?!
ඔහුගේ ප්‍රයෝජනය ඔප්පු කිරීමට ඔහුට අවශ්‍ය වූ නමුත් ඔහුගේ බිය තීව්ර විය. ඔහුගේ බිඳ වැටුණු ආරක්ෂක වළල්ල ඔහුව අන්ත පරාජයට පත් කළේය. තමාට පහත් බවක් දැනුණු තරමට ම ඔහුව බිය විසින් වෙලා ගත්තේ ය.
ශෙන් ස'චුආන් ඔහුගේ අවසාන ප්රශ්නය හිරකපොලු හරහා ඔහුගෙන් ඇසුවේය. “අවුරුදු පහකට පෙර, දුඅන්ජෞ සතුරා අතට පත් වූ විට මගේ ශිනියැන් මිය ගියා. කවුරුවත් මේ කාරණය ගැන දන්නේ නැහැ, ඉතින් ඔබ කොහොමද ඒ ගැන එතරම් පැහැදිලි විදිහට දන්නේ?"
ජී ලෙයි ශෙන් ස'චුඇන්ගේ දෑස්වල ඉරියව්ව දෙස බැලීය. ඒ නිශ්ශබ්දතාවය තුළ දහඩිය බිංදුවක් සෙමින් ගලා ගියේය.
◈ ◈ ◈
ෂී හොංෂුආන් ඔහු නින්දට වැටෙන තෙක් බලා සිටියේය. ඔහුගේ ඇඟට කඩදාසි මිටියක් විසි කරන තුරුම ඔහු අවදි වූයේ නැත. ඔහු කඩදාසි රැගෙන අඳුරේ බැලීම සඳහා එය සොලවා බැලූ අතර පතුලේ දීප්තිමත් රතු ඇඟිලි සලකුණු දුටුවේය. ඔහු නොපැහැදිලි සිනහවක් පිට කර, “ඔබ ඇත්තටම හොඳයි” යැයි පවසන්නට විය
ශෙන් ස'චුඇන්ගෙන් ලුණු වල දුර්ගන්ධය වහනය විය. ඔහු මොහොතකට සිනහ වී, පසුව පැවසුවේ ය.“මේ පාපොච්චාරණය ඉහළට ඉදිරිපත් කළ හැකිද නැද්ද යන්න තීරණය වන්නේ ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි එය දකින ආකාරය මත තමයි.”
"ඒක ඔබ කරපු ලොකු උදව්වක්." ෂී හොංෂුආන් පැවසුවේ ය, "ඇත්ත වශයෙන්ම ඔබ කිසිම දෙයකට උදව් කළේ නැද්ද?"
“අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ අංශයේ ච්‍යාඕ ත්‍යැන්යා කියලා කෙනෙක් ඉන්නවා. ඔහු අසිපත් හරඹයේ දක්ෂයි. මට ඔහුව අවශ්‍යයි." ශෙන් ස'චුආන් සන්සුන්ව කීවේය.
"... ප්‍රශ්නයක් නෑ." ෂී හොංෂුආන් මඳ වේලාවක් පසුබට විය. "මම යැන්චින් එක්ක කතා කරන්නම්."
"කරදර වුනාට ස්තුතියි." ශෙන් ස'චුආන් පැවසුවේ ය “දැන් පරක්කුයි. මම දැන් යා යුතුයි."
එසේ පවසමින් ම ඔහු ද්වාරය විවර කර නික්ම ගියේය.
එදින රාත්‍රියේ වර්ෂාව පතිත විට. ෂී හොංෂුආන් ට අවශ්‍ය වූයේ ඔවුන් එක්ව පිටත්ව යාමට හැකි වන පරිදි අශ්ව කරත්තයට නගින්නට ශෙන් ස'චුආන්වද කැදවන්නටය. නමුත් පසුව ඔහුට සිතුවිල්ලක් ඇති වී ඔහුගේ අදහස වෙනස් විය. ඔහු පාපොච්චාරණය පෙරළා බැලුවේ එය එක් වරක් බැලීමට ය.
ෂී හොංෂුආන් මේ පාපොච්චාරණය මුලින්ම ෂුඒ ෂ්‍යුජුඕ ට පෙන්විය යුතු යැයි සිතමින් සිටියදී, ඔහු අසළ සිටි සේවකයාට, “යන්න. ජි ලෙයිව පිටතට අරගෙන ආපසු යවන්න."
සේවකයා ඔහුගේ නියෝගය පිළිගෙන දොර විවෘත කිරීමට ගියේය. මහ හඩින් හඩක් නඟා ඔහුගේ තට්ටම් මත බිම වැටෙමින් හොල්මනක් දුටුවාක් මෙන් කෑගසද්දී ඔහු ඇතුලට ගියා පමණි.
ෂී හොංෂුආන් විවෘත වූ දොරින් පැමිණෙන විට ජී පෙයිව නෙත ගැටුණි. ඔහුගේ උදරය දැඟලූ අතර, ඔහු පසුබැස ඔහුගේ මුහුණ වසාගෙන, මේස හා පුටු පසෙකට වීසි කළේ කලබලකාරි ලෙසය.
◈ ◈ ◈
ශෙන් ස'චුආන් අත් ලේන්සුවකින් පිස දැමීමට පෙර එහි රත් පැහැය ගෙවෙන සෝදා ගත්තේය. ඔහුගේ සුදු පැහැ වස්ත්‍රයේ රුධිර පැල්ලමක් නොතිබුණත්, රුධිරයේ ගන්ධය රැදී තිබුණේ ය. ඔහු තම ඇඳුමේ ඉදිරිපස කොටස ගෙන එය ආඝ්‍රාණය කරන විට නළල රැලි කර ගත්තේ ය.
කොයිතරම් අප්‍රසන්න ද
ශෙන් ස'චුආන් ජලය නොතකා වර්ෂාව මධ්‍යයේ ම හසුන්ගත්තේ ය. ඉතා ඉක්මනින්, රාත්‍රී වර්ෂාව ඔහුව තෙත් කළේය. ඔහු හෙමිහිට හිස ඔසවා ගෙල රිදුම් දෙනතුරු කළුවර අහස දෙස බලා සිටියේය. ඉන්පසු ඔහු දෙපයින් නැඟිට ආපසු යන්නට හැරුණේ ය.
ශෙන් ස'චුආන් අධිරාජ්‍ය හමුදාවේ වාසස්ථානයට ළඟා වූ විට, ඔහු දොරකඩ සිටගෙන සිටින පුද්ගලයෙක් දුටුවේය.
ෂ්‍යාඕ චියේ අන්ධකාරය මධ්‍යයේ දොරට හේත්තු වී දෑත් බැඳගෙන චීටාවක් මෙන් ඔහු දෙස බලා සිටියේය.
යම් අවස්ථාවක දී, වර්ෂාව සමඟ හිම වැටීමට පටන් ගත් අතර, කෙනෙකුට අස්ථි වලට කාවැදෙන තරමේ ශීතලක් දැනෙන තරම් එය කටුක විය.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
හපොයි ලන්ජෞ..😃😃
ReplyDeleteමැරුවා නේද? ජී ලෙයි ව
Delete