දින කිහිපයක්ම හිම පතිත විය. වහ වහා ඝාතන නඬුව අවසන් කර දැමීමෙන් පසුව, පෙර තිබූ කැළඹිලි සහගත හිම රළ කුණාටුව වේගයෙන් වැළලී ගිය අකර සුදු පැහැ විශාල ප්‍රදේශයක් එය වසා දමන ලද්දේ ය. ඒ මේ මොහොතේ ෂ්‍යාඕ චීයේ අසනීපව ඇති බව ලී ජ්යැංහෙන් ට සැළ වන තෙක් පමණකි.
ඔහුට වාර්තා වඋයේ ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳ තිබුනද , ඔහු බිත්තිය දෙසට මුහුණලා ස්වයං ආවර්ජන සිදු කරමින් හිඳ නෙහෙසට පත්වීමෙන් අනතුරුව යහන මතට ඇදවැටුණු බව පමණකි. නැගිටින්නට පවා නොහැකි ලෙස ඔහුට අසාධ්‍යය. ලී ජ්යැංහෙන් දිරිය ගෙන අශ්ව රථය මත නැගී තම පිරිවර සමඟ ලීබෙයි කුමරුගේ නිවසට පිටත් විය. ඔහු විවිධ අමාත්‍යවරුන් ට නායකත්වය ලබා දුන්නා පමණක් නොව නැවත වතාවක්, ෂ්‍යාඕ චීයේ සමඟ හොඳ මිතුරෙකු වන්නට ද ඔහුට අවැසි විය.
සියල්ලෝම කාමරයෙන් පිටතට ගොස් තිබුණි. ෂ්‍යාඕ චීයේ ගේ වත සුදු මැලිව ගොස් තිබුණු අතැ හේ චෙං යැන්ට තමාව නැගිටුවා උපකාර කරන්නට ඉඩ සැලසුවේ ය. ඔහු ලී ජ්යැංහෙන් ට මුහුණට මුහුණලා සිටියේ ය.
ලී ජ්යැංහෙන් පැවසුවේ ය, “ඒ අවලාද විශ්වාස කරලා ඔබට එදා තරවටු කරපු එක ගැන මට බොහොම ලැජ්ජාවක් දැනෙනවා..”
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “පාලකයා සහ ඇමතිවරුන් එකිනෙකා මත රඳා පවතිනවා. එය සිද්ධවෙන්න ඕනෙ ඒ විදිහටයි. රජතුමා ඒ ගැන සිතට ගන්න අවශ්‍ය නැහැ.”
ලී ජ්යැංහෙන් නිහඬ වුයේ , ෂ්‍යාඕ චීයේ ද එසේ හිදි නිසා ය. අවසානයේ, ඔවුන් දෙදෙනාම පෞද්ගලිකව පාලකයා සහ ඇමතිවරයා ලෙස ආමන්ත්‍රණය කළ යුතු තත්වය පැමිණ තිබුණි.
ලී ජ්යැංහෙන් බලෙන්ම සිනහ සී පවසන්නට විය, “මම හිතුවේ ඔබ ශක්තිමත් යකඩයෙන් නිමවා ඇති කවදාවත් අසනීප නොවෙන අයෙක් කියලයි. මම හිතුවේ නැහැ ඔබ අසනීප වුනහම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් නොවේවි කියලා.”
ෂ්‍යාඕ චීයේ ද පවසන්නට විය " මේ සේවකයා හුදෙක්ම මාංශයෙන් සහ රුධිරයෙන් සැදුණු අයෙක් පමණයි.මම මටම පිහියෙන් ඇනගත්තොත් අනිවාරෙන් ම රුධිරය ගලනවාමයි.”
ලී ජ්යැංහෙන් දඩයම් භූමියේ රාත්‍රිය සිහිපත් කළේ ය, ෂ්‍යාඕ චීයේ තම අශ්වයා රාජකීය ආරක්ෂකයින් අතරින් අභිබවා තනිවම රාජකීය ආරක්ෂකයින් වෙනතකට පෙළඹවූ රාත්‍රියයි. ඔහු යන්තම් පණපිටින් එයින් පිටතට පැමිණියා පමණක් වූ අතර පසුව, ඔහු තමාව මකර සිංහාසනය මත තැබුවේ ය.
මිනිසුන් ඇත්තටම පුදුමාකාරය. ඔවුන් පුද්ගලයෙකුට පිළිකුල් කරන විට, ඔවුන්ට ස්මරණය වන්නේ එම පුද්ගලයාගේ නරක ස්වභාවය පමණකි. නමුත් වරදකාරී හැඟීමක් පැමිණි පසු, ඔවුන්ට ස්මරණය වන්නේ ඔහුගේ යහපත් ස්වභාවය පමණකි. අනෙකාට එ් පාර්ශ්වය සමඟ බැණ වැදීමෙන් අනතුරුව, එමගින් වඩ වඩාත් ලැජ්ජාවට පත් වීමටත් ඔවුන් භාවිතා කළ එම වචන ඔවුන්ගේ හදවතේ තැන්පත් වන්නට පටන් ගැනෙයි.
ලී ජ්යැංහෙන් ට ෂ්‍යාඕ චීයේ ගෙන් විමසන්නට බොහෝ දෑ ඉතිරිව තිබුණි. නමුත් මේ මොහොතේදී , ඔහුට තවත් විමසන්නට නොහිතුනේ ය. ෂ්‍යාඕ චීයේ පැවසුවේ තමා ද මාංශය සහ රුධිරයෙන් සෑදුණු අයෙක් බවය. එසේනම් , ඔවුන්ගේ වෙන්වී ගිය මිත්‍රත්වය පිළිබඳ කවර කතා ද?
ඉතිං ලී ජ්යැංහෙන් පවසන්නට විය, “… මේ තනතුරේ හිදගෙන ඉදීම මගේ... මම ගත්ත තීරණයක් නෙමෙයි... ඒත් මට ඒක කරන්න වෙනවා. ස'අන්, ඔබ කවදාවත් මෙතැන ඉඳගෙන නැහැ, ඒ නිසා ඔබට වැටහෙන්නෙ නැහැ අස්ථිර තැනක ඉන්නවා කියන්නෙ කොහොම දෙයක් ද කියලා. අනෙක් අය සිතන්නේ මේ තනතුරේ සිටීම ඔවුන් දුක් දෝමනස්සයන්ගෙන් තොර නිදහස් තැනක් බවයි. ඉස්සර මටත් එහෙම හිතුනා. නමුත් මේක කිසිසේත්ම එහෙම නැහැ.”
ෂ්‍යාඕ චීයේ කිසිවක් නොපැවසුවේ ය.
ලී ජ්යැංහෙන් ගේ දෑස් එක්වරම රතු පැහැ විය. තමාව දුකට පත්කළේ කරමානාකාර දෙයකින්දැයිඉඔහු දැන සිටියේ නැත ත, ඉතිං ඔහු පැවසූයේ මෙපමණකි, “මම ඇත්තටම වැඩකට නැති කෙනෙක් . මම ඔබට කියන්නේ ; මම ඒ ගැන හොඳින් දැනුවත්. මගේ සහෝදරයා මිය නොගියා නම් , මේ තනතුර මා මතට ඇද වැටෙන්නට තිබුණා . ඒත් මම කරපු වැරැද්ද මොකක්ද ?මට හැමතිස්සෙම අවශ්‍ය වුණේ වැඩකට නැති කුමාරයෙක් වෙන්නයි. ඒත් ඔබේ මිනිස්සූ මගෙන් ඒ පිළිබඳව අහන්නේ වත් නැතුව මාව මේ තත්ත්වයට පත් කළා... මම මගේ උපරිමයෙන්ම කලා, ස'අන්. මම ඇත්තටම මගේ උපරිමය කරලා තියෙනවා. මේ මුළු ලෝකයම පාලනය කරන තරම් මට හැකියාවක් නැහැ ; මට පුළුවන් එයට මාව පාලනය කරන දෙන එක විතරයි!”
ලී ජ්යැංහෙන් වේදනාවෙන් යුතුව සිය මුහුණු වසාගෙන හුස්ම හිරකරගනිමින් හඩන්නට විය.
“ස'අන්, මෙතැන හුඟක් උසයි මට වටපිටාව පෙනෙන්නේ වත් නැහැ. මට කිසිම දෙයක් පේන්නේ නැහැ!”
ෂ්‍යාඕ චීයේ ගේ දෑස් ද රතුව ගියේ ය. ඔහු පැවසුවේ ය, “අපි සහෝදරයෝ . ඇයි මම ඔබට බැන වදින්නේ?”
ලී ජ්යැංහෙන් සිය කඳුළු බලහත්කාරයෙන් පිස දමා පවසන්නට විය, “නමුත් දැන් සියල්ල සිදුවෙලා අවසන්, මම අපේ සහෝදරත්වය විනාශ කර දමලා අවසන්.”
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ වෙනත් විකල්පයක් නැති දෙයක් වෙනුවෙන් තමාටම දොස් පවරගන්නේ ඇයි? දේවල් සිදුකරද්දී උඩගු විදිහට හැසිරෙන කෙනා මමයි . මගේ තනතුරට වෙන අයෙකුව පත් කරන්න තරම් මම සුදුසුයි .”
ලී ජ්යැංහෙන් පවසන්නට විය, “ඔබ ඉන්නේ තරහින් නං . ඔබට ඒ වෙනුවෙන් දොස් කියන්න බැහැ. ඔවුන් මාව තමන්ගේ වාසියට යොදවා ගත්ත පමණයි . මම ඔබට පහත් කර සැලකුවා , ස'අන්.”
දෙදෙනාම ඒ තොප්පිය වළ දැමීමෙන් පසුව එකිනෙකාගේ විශ්වාසය නැවත ගොඩ නගා ගැනීමට සමත් වූහ. නමුත් සාමාන්‍ය සැහැල්ලූ කටවටකම් සහ විහිළු තහළු කිරීම් අවසානයේ දී වැඩි ගෞරවයක් සහ අඩු සමීපතාවයක් ඇති අපහසු වාතාවරණයකට මග පාදන්නට සමත්විය.
ලී ජ්යැංහෙන් වැඩි වේලාවක් නොසිටි අතර ඔහුගේ වදන් පවසා අවසන් වූ වහා පිටව ගියේය. නමුත් ඔහු පිටත්ව යාමට පෙර, ඔහු ෂ්‍යාඕ චීයේ හට ත්‍යාග රාශියක් ලබා දුන් අතර හොඳින් විවේක ගන්නා ලෙස ද ඔහුගෙන් ඉල්ලා සිටියේය.
මිනිසුන් ඉවත් වූ වහාම, ෂ්‍යාඕ චියේ ඔහුගේ පිටුපසින් ආධාරක ලෙස තබා තිබූ කොට්ටය ඉවතට විසි කළේය. තම දෙපයින් නැඟී සිටි ඔහු, ෂ්‍යාඕ ජිමිංගේ අධ්‍යයනය කාමරයට යන්නට පෙර තම ඇඳුම් ඇඳගෙන පාවහන් පැළඳ ගත්තේය.
✥ ✥ ✥
හමුදා කටයුතු පිළිබඳ ජාඕ හුයිගේ කතාවට සවන් දෙමින් ෂ්‍යාඕ ජීමිං සිය අධ්‍යයන කටයුතුවල යෙදී සිටියේ ය.
ෂ්‍යාඕ චීයේ ඇතුලට එනු දුටු ඔහු ඔහුට අත වනමින් තමා ඉදිරියෙන් අසුන්ගන්නා ලෙස සංඥා කළේය.
ජාඕ හුයි නොනවතුණු අතරම දිගටම සිය කතාව කරගෙන යන්නට විය,
“ආදායම් අමාත්‍යාංශය නව වසරට කලින් හමුදා අරමුදල් වියදම් කිරීම ගැන දැනටමත් විමර්ශනය කරලා අවසන්. නව වසරෙන් පසු මුදල සම්බන්ධයෙන් මහ ලේකම් කාර්යාලය තවමත් සාකච්ඡා කරමින් ඉන්නවා. මේ වසරේ හිම අධිකයි, නමුත් දැන් පවතින සාමාන්‍ය හිම පතනය සමෘද්ධිමත් වසරකට සුබ පෙරනිමිත්තක් වන නිසා ජුඒෂි වල වැසියන් ප්‍රීතියෙන් පසු වෙනවා, මේ වසරේ විශිෂ්ට අස්වැන්නක් අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් ජොංදූවල මිනිසුන් දැනටමත් මිය යන්න පටන් අරගෙන."
“මෑත වසරවලදී, ජොංබෞ හි ප්‍රාන්ත යමෙන් මිනිස් බලය හිඟ වුනා. මේ අධික හිම පතනයත් එක්ක ගිහින් කඩාවැටුණු වාසස්ථාන පිළිසකර කිරීමට කටයුතු කරන්න හැකි අය අඩුයි.” ෂ්‍යාඕ ජීමිං තමාගේ ඔහුගේ උණුසුම් තේ පානය කර මොහොතක් කල්පනා කළේය. "වසර ආරම්භයේදී ලිබෙයිවල හමුදා අරමුදල්වලින් රිදී හතළිස්දාහක් ජොංබෞ වල සීජෞ වෙනුවෙන් අලුත්වැඩියා අරමුදල් ලෙස භාවිතා කරන්න කියලා ආදායම් අමාත්‍යාංශයට කියන්න."
සීජෞ පිහිටියේ ඊසානදිග ප්‍රතිපාදන පාලම් මාර්ගයට යාබදවය. ෂ්‍යාඕ ජීමිං විසින් කරන ලද මේ අනුග්‍රහය හිම සහිත කාලගුණය තුළ ගල් අඟුරු යැවීම (1.) වැනි කාලෝචිත උපකාරයක් ලෙස පැවසිය හැකිය.
ඔහුගේ අභිප්‍රාය තේරුම් ගත් ජාඕ හුයි එය පොතේ සටහන් කරන්නට ඔහුගේ බුරුසුව එසවීය.
“ජොංබෝ වල ප්‍රාන්ත මිනිස් බල විසිහතර නැහැ, ඒ හරහා ගමන් කරන්න කැමත්තෙන් නිලධාරීන් අගනුවර ඇත්තෙත් නැහැ. නමුත් ඒක මේ විදිහට තියන එක කොහෙත්ම දිගුකාලීන විසඳුමක් නෙමෙයි.” ෂ්‍යාඕ චීයේ ෂ්‍යාඕ ජීමිං සඳහා තේ වත් කළේය.
“හුවා ස'චියන් අතීතයේදී මේක භාර ගැනීමට කැමති වුනෙ නැහැ. මෙය උණුසුම් අර්තාපල් වගේ. එය භාරගන්නවා කියන්නෙ ඔබේ මුදල් වෙන් කර ගන්නවා කියන එකයි." ෂ්‍යාඕ ජීමිං තේ කෝප්පය දිගේ තම ඇඟිලි ගෙන ගොස් පැවසුවේ ය, “නමුත් දැන්, ලේකම් කාර්යාලය භාරව සිටින්නේ හායි. මේ වසරේ වසන්ත විභාගය (2) විය යුත්තේ ජොංබෞ සඳහා සුදුසු අපේක්ෂකයෙකු සොයන එකයි."
“නව නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙක් අද්දැකීම් අඩු වගේම කතා කරන්න තරම් කීර්තියක් නැහැ. ඔවුන් පහත් මට්ටමේ නිලධාරීන් විය හැකි වුනත් දේශසීමා-පළාත්වල ඉහළ පෙළේ නිලධාරීන් වෙන්න නම් ඔවුන්ට ඔවුන්ගේ තනතුරු සුරක්ෂිත කරගන්න නොහැකි වෙනවා." ෂ්‍යාඕ චීයේ පැවසීය. "එය පවත්වාගෙන යන්න ජොංබෞ වෙත යවන තැනැත්තා තවමත් මධ්‍යම පරිපාලන කාර්යාලයෙන් තෝරා ගන්න ඕනේ."
"වගකීම භාර ගත හැකි සහ වර්තමානයේ කාර්යයට මුහුණ දිය හැකි දක්ෂයින්ගේ හිඟයක් පවතිනවා." ෂ්‍යාඕ ජීමිං පැවසුවේ ය, “ජොංබෞ අතීතයේ යටත් රාජ්‍යයක් වුනා. ශෙන් වංශයට ස්තූතිවන්ත වෙන්න, මේසය යට ගැඹුරට මුල් බැසගත් සහ සංකීර්ණ වූ කුමන්ත්‍රණ රාශියක් සිදු වූනා වගේම පැහැදිලි කළ නොහැකි හෝ ගණන් කළ නොහැකි කරුණු රාශියක් තවමත් තියෙනවා. ශෙන් වෙයි තවමත් අවට සිටින තාක්කල්, ඒක දැනටමත් සකස් කරපු වේදිකාවක් විතරයි. මීට වසර පහකට කලිං එය හදිසියේම අරාජිකත්වයට පත් වූනා. දැන් එය අවුල් සහගත දේශයක්. එකල බ්යැන්ෂ්යා නගර සංහාරය නිසා සාමාන්‍ය ජනතාව එයින් පලා ගියා. අධිරාජ්‍ය අධිකරණය සාමදාන ප්‍රතිපත්තියක් ගෙන එන්න ප්‍රමාද විය. තවමත් ජොංබෞ වල සිටින අය බොහෝ දුරට ආරක්ෂක හමුදාවේ සහ සැරිසරන කොල්ලකරුවන්ගෙන් ඉතිරිව සිටින හමුදා නිවාස විතරයි. ඔවුන් පවසන විදිහට, නිසරු කඳු සහ හීලෑ නොකළ ගංගා නුසුදුසු පුරවැසියන් බිහි කරනවා.(3) සහ ජොංබෞ වල වත්මන් තත්වය එවැන්නක් මිස අන් කිසිවක් නෙමෙයි. සාමාන්‍ය නිලධාරියෙක් ගියොත් ඔහුට කාරණය අල්ලන්න බැරි වෙනවා. ඊට අමතරව, එහි ප්‍රධානීයා කවුද කියලත් පිටතට පෙන්වාවි."
"අධිරාජ්‍ය අධිකරණය හමුදාවක් සමඟ හමුදා සේනාධිපතියෙක් යවන්න කැමති නම්, කොල්ලකරුවන් මර්දනය කරන්න කඩතුරාව මත ඔවුන්ට තවමත් කාරණය භාර ගන්න හැකිවේවි." ජාඕ හුයි පොත් පිළිවෙලට වසා දැමුවේ ය. "නමුත් තත්වය දෙස බලන කොට, ඔවුන් එය කරන්න එඩිතර නොවේවි කියලා මම හිතනවා."
ඇත්ත වශයෙන්ම, ඔවුන් එඩිතර නොවනු ඇත. වර්තමානයේදී, චූදු සතුව ඊසාන දෙසින් ලිබෙයි හී සන්නද්ධ අශ්වාරෝහක හමුදාව සහ ගිනිකොන දෙසින් චීදොං පාබල භට හමුසාව දැනටමත් ස්ථානගතව තිබුණි. මේ ද්විත්වයම දැවැන්ත හමුදා භට පිරිස සහිත මායිම් ඉඩම් විය. ඔවුන්ව රඳවා තබා ගැනීම දැනටමත් ආතතිය දනවන්නක් විය. එක් වරක් අවදානමක් ගන්නට ප්රදානය කළ පසු එය සමඟ කටයුතු කිරීම වඩාත් අපහසු වනු ඇත. නමුත් ජොංබෞ හි මෙන් ප්රශ්නය එකතැන පල් කිරීමෙන් එය අවසන් නොවනු ඇත. මේ ප්රශ්නය සම්මුතියකින් විසඳා ගත යුතුව තිබුණි.
"මේක මහා ලේකම් කාර්යාලයට හිසරදයක් ඇති කරවන තරමේ එකක්." ෂ්‍යාඕ ජීමිං හමුදා කටයුතු පසෙකට තල්ලු කර ෂ්‍යාඕ චීයේ දෙස බැලීය. "කොහොමද ඒවා පිටවුණේ?"
ෂ්‍යාඕ චීයේ ගේ වැලමිට අසුනේ අත් ඇන්දට හේත්තු විය. ඔහුට තමන්ගේ දෙපාද සිත්සේ දිග හැරගන්නට අවශ්‍ය වූ නමුත් ඔහුට එයට ඉඬක් සොයන්නට නොහැකි විය. එහෙයින් ඔහු මෙසේ පවසන්නට විය, “ඔබ උතුමාණන්ව හුඟක් බය කළා. ඔහු කොයිතරම් බවට පත් වෙලාද කියනවනම් ඔහු දැන් මට අකමැති වුනත් ඔහුට මා සමග මිතුරන් වෙන්න සිදුවෙලා තියෙනවා.”
“ඔබලා දෙන්නා මුල ඉඳලාම කමින් බොමින් විනෝද වුන මිතුරෝ නෙමෙයි ද.” ෂ්‍යාඕ ජීමිං සිනහවිය. “ඔහුට බිය වෙන්න දෙන්න. බිය නෙවෙී සිටිනවට වඩා ඒක හොඳයි.”
“ෆූ ලින්යේ විශාල උත්සහයක් දරා තිබුණා.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “මට ඔහුට ස්තූතියි කරන්න අවස්ථාවක් සොයාගන්න වෙනවා.”
"ඔබට රහසින් උදව් කළ මිතුරාටයි ඔබ ස්තුතිවන්ත වෙන්න ඕනේ." ෂ්‍යාඕ ජීමිං පැවසීය. “ඇතුළත සිටින කෙනෙක් මේ නඩුව ඉතා සුමටව අවසන් කරන්න විශාල උත්සාහයක් අරගෙන තියෙනවා. ෆූ ලින්යේ ගේ අත්දැකීම් අනුව, ඔහු පහසුවෙන් උගුලට හසුවෙන්න තරම් නොසැලකිලිමත් අයෙක් නෙමෙයි."
"අහ්-හුහ්..." ෂ්‍යාඕ චීයේ සිනහා වී මාතෘකාව වෙනස් කළේ ය. “ගු ජින් කොහෙද? ඔහුව ඇතුළට කැඳවන්න. මට ඔහු වෙනුවෙන් නියෝගයක් තියෙනවා. ”
"ඔවුන් හැමෝවම කැඳවීම වඩා හොඳයි. මටත් අණකරන්න දේවල් ටිකක් තියෙනවා." ෂ්‍යාඕ ජීමිං ඔහුගේ හිස ජාඕ හුයි දෙසට හරවා ඔහුට ඉඟි කළේ ය.
ජාඕ හුයි ඔවුන්ව කතා කරන්නට පිටත් වූ අතර මං වහාම පියාසර කරන්නට විය. ඌ රෙදි රාක්කය මත වැසූ අතර, ඌ සෙලවා ඉවතට කළ හිම නිසා වියළීමට එල්ලා තිබූ ඇඳුම් තෙත් විය. දිං තාඕ ඔහුගේ පාවහන් ගලවා ඇතුළට පනින්නට පෙර ෂ්‍යාඕ ජීමිං ට පෙර රිටක් මෙන් කෙළින් සිට ගත්තේ ය. ඔහුට පිටුපසින් චෙන් යැං සහ ගු ජින් ඇතුළු වූහ.
“පරම්පරාගත කුමාරයා!” දිං තාඕ වඩාත්ම ගෞරවයට පාත්‍ර කළ පුද්ගලයා ෂ්‍යාඕ ජිමිං ය. ඔහුගේ හිම පැහැ දත් පෙන්වාලමින් හේ පවසන්නට විය, “පරම්පරාගත කුමාරය, කරුණාකර ඉදිරියට ගිහින් ඔබේ අණ ලබා දෙන්න! මම, දිං තාඕ, ඔබ වෙනුවෙන් නිර්භීත අග්නිය හෝ ජලය හරහා යන්න පසුබට වෙන්නේ නැහැ! ”
“ඕයි.” ෂ්‍යාඕ චීයේ සිය තේ බඳුන එසැවූයේ ය, “ඇයි ඔබ මේ තරුණ ස්වාමියාට කවදාවත් එහෙම කිව්වේ නැත්තේ?”
දිං තාඕ පවසන්නට විය, “ඉතිං ඔබනේ හැමවෙලේම මාව එළියට ඇදලා දාන්නේ.”
“ඔබ මොන වරදක් කළාටද දෙවන තරුණ ස්වාමියා ඔබව එළියට දමන්නේ?” ෂ්‍යාඕ ජීමිං මෘදු ස්වරයෙන් විමසුවේ ය.
දිං තාඕ ඉක්මනින් පිළිතුරු දුන්නේ ය, “මම මුකුත් කළේ නැහැ. දෙවෙනි තරුණ ස්වාමියා නිතරම මාව ඒ ගැන විමසිල්ලෙන් ඉන්න පොළඹවනවා විතරයි_"
ෂ්‍යාඕ චීයේ පානය කරමින් සිටි තේ උගුර පිට උගුරේ ගියේ ය. ඔහු පියන “ක්ලැං” හඬින් වසා චෙන් යැං ට සිය දෑසින් සංඥා කළේය. චෙන් යැං වහා දිං තාඕගේ හිසට පහර දුන්නේය. සිදුවන්නේ කුමක්දැයි තවමත් නොදන්නා දිං තාඕ හිස බදාගත් නමුත් තවත් වදනක් හෝ කතා කරන්න ට එඩිතර වූයේ නැත.
ෂ්‍යාඕ චියේගේ දිව පිළිස්සීමෙන් තුවාල විය. ඔහු මෙසේ කීවේය: “ඔහුව ඇදගෙන ගිහින් ඒ ස්ථානයේ ම වළලන්න! මොකක්ද ඒ පැමිණිල්ලේ තියෙන්නේ? ගු ජින්ට පැහැදිලි කරන්න ඉඩ දෙන්න!
දිං තාඕ කෝපයෙන් පැවසුවේ, "මම මුක්-"
චෙන් යැං ඔහුගේ මුව වසාගෙන ඔහුව ඇදගෙන යන්නට. ද්වාරය විවෘත කිරීමෙන් පසු ඔහු ඇත්තටම ඔහුව හිමෙහි අඬක් වළලා දැමුවේ ය.
ගු ජින් තනියම සිතුවේ ය, *මම මොනවා කියන්නද? මම මොන මගුලක් කියන්නද?*
ෂ්‍යාඕ ජීමිං ඉදිරිපිට සිටගෙන, ෂ්‍යාඕ ජීමිං තේ කෝප්පය බිම තබන්න සූදානම්ව සිටින බව දුටු ඔහු වහාම තේ කෝප්පය මේසය මත තැබීමට පෙර ගෞරවාන්විතව දණින් වැටුණේ ය. “පරම්පරාගත කුමාරයාණෙනි, ඒක උණුසුම්!” ඔහු මිමිණුවේ ය.
ෂ්‍යාඕ ජීමිං මෙය දැකීමෙන් විමසන්නට ඉක්මන් නොවීය. ඔහු ෂ්‍යාඕ චීයේ හට අපහසුතාවයක් දැනෙන තෙක් ඔහු ඒ සෑම දෙයක් දෙසම දැඩිව බලන්නට විය
ෂ්‍යාඕ ජීමිං ඇසුවේ ය, “මොකක්ද ප්‍රශ්නේ? දෙවන තරුණ ස්වාමියා තමන්ගේ වාසස්ථානයේ කාවහරි සඟවාගෙන සිටිනවාද?
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ඒක වෙන්නේ කොහොමද? දාග', මට අඩුම ගාණේ විවාහා යෝජනාවක් ඇවිත් නැහැ. කන්‍යාවකගේ කීර්ති නාමය කෙලෙසන්න මට කිසිම හේතුවක් නැහැනේ.”
ෂ්‍යාඕ ජීමිං ඔහු දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. ෂ්‍යාඕ ජීමිං ඔහුව විශ්වාස කළාද යන්න ෂ්‍යාඕ චීයේ දැන සිටියේ නැත, නමුත් ෂ්‍යාඕ ජීමිං මාතෘකාව ඉවත දමා දිගටම පවසන ලෙස ඔහුට පැවසීය.
ෂ්‍යාඕ චීයේ සුවපහසු ඉරියව්වක් සොයාගෙන පවසන්නට විය, “මම හිතුවේ ගූ ජින්ගෙන් ෂියැන්යුන් මණ්ඩපය ගැන පරීක්ෂණයක් කරන්න අහන්නයි.”
ජාඕ හුයි කල්පනා කළේ ය, “ෂියැන්යුන් මණ්ඩපය තියෙන්නේ දොංලොං වීදියෙයි. එය මුල ඉඳන්ම වංචනිකයින් සහ අවංක පුද්ගලයින්ගේ මිශ්‍ර තෝතැන්නක් වුනා. රහසිගතව විමර්ශනය කරන එක පහසු නැහැ. දෙවන තරුණ ස්වාමියා හිතනවද ෂියැන්යුන් වල සැකසහිත යමක් තියෙනවා කියලා."
“මෙතැන ඇ ගැන සැකසහිත යමක් තියෙනවා මයි.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “වෙයි හුඅයිෂින් ලඟ ඇගේ පාපොච්චාරණය තියෙනවා. ඇයි ඈ හේතුවක් නැතිව මා තරහා කර ගන්නේ?”
ජාඕ හුයි ෂ්‍යාඕ ජීමිංට පවසන්නට විය, “පරම්පරාගත කුමරුණි, මට ඇසුණා කවුරුහරි පවසනවා ඈ ආදරය නිසා ඊර්ෂ්‍යාවක් ඇති කරගෙන කියලා.”
ෂ්‍යාඕ ජීමිං ෂ්‍යාඕ චීයේගෙන් විමසන්නට වඋයේ සන්සුන් වතිනි, “ඇ දැනටමත් පැරණි දැල්ලක් වෙලා නම්, ඔබට දැන් අළුත් ආදරයක් හමුවෙලා තියෙන්න ඕනේ. මම අගනුවරට ඇවිත් දින කිහිපයක් වෙනවා ; ඇයි මට ඔබ ඒ ගැන කතා කරනවා ඇහිලා නැත්තේ?”
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “මට අනික් අයව මෝඩයට අන්දලා ඇතිවෙලා. මෙතැන ඒ වගේ දෙයක් නැහැ.”
“ඇයි ඔබ කතා කරනකොට ඇසිපිය හෙලන්නේ?” ෂ්‍යාඕ ජීමිං පැවසුවේ ය.
“ඇසිපිය හෙළනවා කියන්නේ ඔබ බොරු කියනවා. මේ තරුණිය මොන වංශයෙන්ද? මේ කාරණය පියාණන්ගෙයි ඔබේ නෑනාගෙයි හිතේ තිබ්බා. මේ වතාවේ ඇත්තටම යමක් තියෙනවා, මට ඒ ගැන කියන්න අපහසු ඇයි? අපි ඔබ වෙනුවෙන් එ්ක වහාම හසුරුවන්නම්. ”
"මෙතන එහෙම කෙනෙක් නැහැ." ෂ්‍යාඕ චීයේ හට තවදුරටත් නිශ්චලව සිටීමට නොහැකි විය. ඔහුට දුවන්නට අවශ්‍ය වූ නමුත් ඔහු එඩිතර වූයේ නැත. එබැවින් ඔහුට පවසන්නට විය “ එහෙම අයෙක් නැහැ. ඇත්තමයි. මම විවාහ වෙන්නේ මොකටද? ඒක ඇගේ අනාගතයට බාධාවක් නෙමෙයි ද? ”
"ඔබ විවාහ වුනාට පස්සෙ , ඔබ ටිකක් පරිණත වේවි." ෂ්‍යාඕ ජීමිං ට ඔහුගේ හිස අතගාන්නට අවශ්‍ය වූ නමුත් ඔහුට එය ඔහුගේ යටත් නිලධාරීන් ඉදිරියේ කර ඔහුගේ ගෞරවය සහ තත්වය හීන කර ගන්න නොහැකි විය. මෙසේ ඔහු සිය කටහඬ පහත් කළේය, “ඔබේ නෑනාට සහ මට කොපමණ කාලයක් ඔබ සමඟ ඉන්න පුළුවන් වෙයි ද? මේ චූදු වල ඔබ වෙනුවෙන් කූඩුවක් අල්ලගෙන හරි පහනක් පත්තු කරලා ඔබ එක්ක කතා බහ කරන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕන. කවුරු ඔබේ ඇහැට ඇල්ලුවත් පියාණනුයි මමයි උපරිමයෙන් කරනවා. ඔබ ඇයට කැමති තාක් කල්, ඇය උතුම් වංශයක කාන්තාවක් වුනත් නැතත් අපට එය ඔබට විසඳා ගන්න දෙන්න පුළුවන්."
ෂ්‍යාඕ චීයේ මුලින් සිතුවේ එය හඅදෙක් උපහාසාත්මක විහිළුවක් පමණක් බවකි. නමුත් මෙය ඇසුණු පසු, ඔහු ක්ෂණික ව ස්පර්ශ සහගත හැගීමකින් යුතුව පවසන්නට විය, “චී සේනාධිපතිනිය… සේනාධිපතිනි චී ගැන වුනත් ඔබට සිතන්න පුළුවන්?”
ෂ්‍යාඕ ජීමිං ගේ දෑස්වල ඉරියව්ව වල සුළු වෙනසක් සිදු විය. සේනාධිනායකවරිය වැනි කෙනෙකුට ෂ්‍යාඕ චියේ කැමති වනු ඇතැයි ඔහු අපේක්ෂා කළේ නැත. මොහොතක විරාමයකින් පසු, ඔහු සංකීර්ණ හැඟීම්වලින් යුතුව පැවසුවේ ය, "... ඒ වන විට ඇය ඔබව කපා කොටා ඝාතනය කරලා නැත්තං මම එයට එකඟ වෙන්නම්."
රාත්‍රියේ, ෂ්‍යාඕ චීයේ සයනයට නැඟුණු විට, ඔහු හදිසියේම වස්තුවක් මත පා තැබුවේය. ඔහු එය ලොම් පාපිස්ස මතින් ගන්නට පහතට නැමුණේ ය. එය බොත්තමක් ලෙස භාවිතා කරන ලද මුතු ඇටයකි.
ෂ්‍යාඕ චීයේ මුතු ඇයට හරහා සයනය දෙස බැලුවේ ය.
“චෙන් යැං.” ෂ්‍යාඕ චීයේ ක්ෂණික ව ජනේලය විවර කර කැගැසුවේ ය.
චෙන් යැං පඩිපෙළ පාමුල සිට ඉදිරියට නැග්ගේ ය. ඔහු යමක් පවසන්නට පෙර මද වෙලාවක් කල්පනා කළේ ය. “හෙට උදැසනම ෂෙන්වු වීදියේ ස්වර්ණාභරණ සාප්පුවට යන්න”
චෙන් යැං පිළිතුරු දීමට පෙර, ෂ්‍යාඕ චියේ අත ඔසවා ඔහුට පෙට්ටියක් විසි කළේය.
“මේවා වලින් කරාබු හදන්න කියන්න. තිබෙන සියලුම ඒවගෙන් හොඳම අනර්ඝම නිර්මාණය කරන්න කියන්න.” ෂ්‍යාඕ චියේ තවත් පවසන්නට පෙර බොහෝ වේලාවක් කල්පනා කළේය. “ඒක සරලව තියන්න කියන්න. ඕනෑවට වඩා අලංකාර කිසිවක් කරන්න එපා කියන්න. ”
චෙන් යැං පෙට්ටිය දෙස බලා පවසන්නට විය, "... මේ සේරම?"
"සේරම." ෂ්‍යාඕ තවත් ජනේලය වසා දැමුවේ ය. මොහොතක නිහැඬියාවකින් පසු ඔහු නැවත ඒවා විවෘත කළේය.
චෙන් යැං චලනය වීමට එඩිතර වූයේ නැත. ඔහු පෙට්ටිය අත් දෙකෙන්ම අල්ලාගෙන වික්ෂිප්තව “ස්වාමියා” යැයි පවසන්නට විය
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, " ඒක ගිණුමට දමන්න!"
අරුත් පැහැදිලි කිරීම.
1. වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවකදී උපකාර සැපයීම.
2. සාමාන්‍යයෙන් වසන්තයේ දී සිදු වූ චුන්වෙයි අධිරාජ්‍ය විභාගය.
3. නිස්කලංක ස්වභාවික පරිසරය
4. පානය කළ මිත්‍රත්වය (මිතුරා) වාසි සහගත මිතුරන් සඳහා ද භාවිතා වන යෙදුමකි.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment