Skip to main content

හතලිස් දෙවන පරිච්ඡේදය : රත්පැහැ මෙයිහුආ කුසුම.

 

ෂ්‍යාඕ චීයේ අමාත්‍යවරුන් සියය සඳහා වූ භෝජන සංග්‍රහයට පෙර දිනයක් ඒ සදහා නියම කළේය. චෙන් යැං ආරාධනය ලබා දෙන්නට පිටත්වූ අතර කෙසේනමුත් එය ලබා ගැනීමට පැමිණ සිටියේ ග’ චිංචිං ය.

ලන්ජො මද වේලවකට කලින් අධිරාජ්‍යයා වෙනුවෙන් රාජකාරී කරන්නට පිටව ගියා. ඔහුට නිදහස් වෙලාවක් ඇත්තෙම නැහැ , ඒ නිසා මම ඔහු වෙනුවෙන් මේක බාරගන්නම්.” ග’ චිංචිං  ආරාධනා පත්‍රය ඉවත් කළේය. චෙන් යැං සමඟ ආරාධනා පත හුවමාරු කරගත් පසුව ඔහු පවසන්නට විය. “ රාජකීය හමුදාව දැන් ඔවුන් ගෙ දෙපා මුලට ලෝකය ගෙන්නගෙන ඉවරයි. මම හිතන්නේ නියෝජ්‍ය හමුදා ප්‍රධානි චෙනුත් හුඟක් කාර්‍යබහුල වෙන්න ඇති නේද?”

ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා හැම දිනකම නිළ වාර්ථා ගැන බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. ඔහු යටතේ සේවය කරන කෙනෙක් විදිහට , කාර්‍යබහුල වෙන්න කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.” චෙන් යැං තේ පානය කරමින් පවසන්නට විය, “ මෙවර ග’ ෂියොං ට අවාසනාවෙන් මිදිලා විනිසුරුවරයෙක් (1) විදිහට උසස් වීමක් ලැබුනා නේද. ඔබේ අනාගතය දීප්තිමත්. ඒක නම් ඇත්තෙන්ම අනර්ඝයි.”

දෙදෙනාම සුහදශීලි ලෙස සාකච්ඡාවේ යෙදී සිටින අතරේම එකිනෙකාව තමන්ව අපකීර්තියට පත් කර නොගැනීමට දැඩිව උත්සහ ගත් අතරම ශිෂ්ඨත්වය මවා පෑවෝය. අධිරාජ්‍ය ආරක්ෂකයින් සහ අධිරාජ්‍ය හමුදාව අතර පසුගිය කාලයේ ගැටුම් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස යම් යම් මතභේද ඇති විය. ඔවුන් දැන් සිටියේ බැලූ බැල්මට එකිනෙකා පිළිකුල් කරන අන්දමේ ස්ථානයක ය.

ඔහුගේ කෝප්පය අලුත් තේ පැන් කෝප්පයකට වෙනස් වූ විට චෙන් යැං සමුගන්නට විය. ග’ චිං චිං ඔහු ප්ටතට යනු දුටු අතර , එවිටම ශෙන් ස'චුආන්  ඇතුලත හිද පිටතට පැමිනෙන්නට තිරය එසවූයේ ය.

ආරාධනාව පැමිණියේ අයහපත් වෙලාවක .” ග’ චිං චිං ඔහුට ආරාධනා පත්‍රය ලබා දුන්නේ ය. “ඔබ ඇත්තටම යනවද ?”

ඇයි නොයන්නේ ?” ශෙන් ස'චුආන්  එය විවෘත කළ අතර ෂ්‍යාඕ චියේ ගේ ප්‍රබල සහ තද පැහැ අත් අකුරු දකින්නට ලැබුනේය

දෙවන ෂ්‍යාඕ ගේ අධිරාජ්‍ය ආරක්‍ෂකයන්ගේ නිෂේධනය මේ දිනවල වේගවත් වෙමින් තියෙන්නේ. අපේ දූත මෙහෙවර අධිරාජ්‍ය හමුදාවට දිගින් දිගටම බාධා එල්ල කරනවා. ඒවගේම, ඔහු සතුව අධිරාජ්‍යයාගේ විශ්වාසය හා අනුග්‍රහයත් තියෙනවා. ඔහු මේ මොහොතේ කුමක් හෝ යමක් සිදු කළොත් ...” ග’ චිං චිං ගේ කටහඩ අඩු වී ගියේය.

ඔහු කරන දේ කුමක් උනත් එය කොහෙත්ම පැහැදිලි නැහැ.” ශෙන් අ’චුඇන් අවසරපත වසා දැමුවේය. “ ඔහුට අවශ්‍ය චූදු වල ඔහුගේ අධිකාරීත්වය පතුරවන්න රාජකීය ආරoක්ෂකයන්ව මර්දනය කරලා ඔහුගෙ අණසක යටතට පත් කරගන්නයි. එවිට අධිරාජ්‍යයාණන්ට ඔහුගේ අධිරාජ්‍ය හමුදාව මත පමණක් විශ්වාසය තැබිය හැකීයි. අපේක්ෂා කළ විදිහටම, ඔහු අධිරාජ්‍ය හමුදාවට තවත් පහර කිහිපයක් එල්ල කරාාවි.”

අනීවාර්‍යයෙන්ම . ජි ගැං මාමණ්ඩියව තනිව සංග්‍රහයට යවන එක දැනට ටිකක් අවධානම් දෙයක්.” ග’ චිං චිං පවසන්නට විය.

ශෙන් ස'චුආන්  ආරාධනා පත්‍රය මේසය මතට අතහැරියේය , “මේකට සුඕ ච්‍යන්ච්‍යුත් සම්බන්ධයි. ඔහු කොහොමටවත් උගුලක් අටවන්නේ නැහැ ඒ නිසා. “

ග’ චිංචිංට එය එතරම් සුවදායක හැගීමක් එක් නොකලේ ය.

ශෙන් ස'චුආන්  ගේ දෙතොල මත වූ තුවාලය සුව වී තිබුනි. සිය පිටත වස්ත්‍රය ඇදගත් ඔහු පවසන්නට විය. “මම මදක් පිටතට යනවා.”

ශෙන් ස'චුආන්  හිම අතරින් පිටතට ඇවිද ගියේය..අද අධික ලෙස හිම පතිත නොවූවද , සුළග වඩාත් දැඩි ලෙස හමා ගියේය. ප්හු දොංලොං වීදියට පිවිස සිය හැරවුම ඖහුආ මණ්ඩපයට විරුද්ධව පිහිටි ෂියැන්යුන් මන්දිරය වෙතට යන්නට විය.

ෂී හොංෂුආන් මද වේලවක පෙර සාම්භව්‍ය රචනා කිහිපයක් ලියා අවසන් කළා පමණි.  ගීතවත් තනු ආකෘතිය දොංලොං වීදියේ ගායනා කරන්නට වූ අතර ඒ නිසාම අනපේක්ෂිත ලෙස එය අලංකාරාත්මකද වූයේ ය. හොඳම දෙය නම්, ඔහු ඖහුආ මන්දිරයේ  වේදිකාව පාමුල බිම සිදුරු කර, ඉහළින් ලී ලෑලි තට්ටුවකින් පමණක් සෙවණ ලද විවෘත තඹ භාජන වලින් පුරවා තිබීමය. ඒ මොහොතේදීම , ඔහු ජුඒෂී වලින් රූමත් තරුණියන් කණ්ඩායමක් ම ගෙන්වා ගත්තේ ය. ඔවුන්ව බොහෝ දින ගණනක් පුරුදු පුහුණු කළ පසුව , ඔහු ඔවුන්ගේ වළලුකර මතට කුඩා සීනු පැළඳවා , ඉතිං ඔවුන් සිය විලුඹෙන් රිද්මයානූකූල ලෙස නර්ථනයේ යෙදෙන විට ඒ සීනු හා තඹ බදුන්වල හ හඩ මනාව ගැලපෙන්නට විය.

මේ වන විට , වේදිකාවෙ පිරිtස හවමත් ෂී හොංෂුආන් පබැදි ගීය ගායනා කරමින් සිටියේය. ඔහු සිය නම්‍යශීලී විජිණිය අල්ලාගෙන , තෙවැනි මහළේ වේවැල් අසුනකට බරවී දෑස් පියා එය ශ්‍රවණය කරමින් සිටියේ ය. සේවිකාවෝ සාමාන්‍ය පාවහන් පැළඳ ගමන් කරද්දී කිසිදු හඩක් නොනැගෙන්නට වග බලාගත්තේ ය. ඇය සයනයේ ආවරණයෙන් පිටත දණගසාගෙන හිදිමින් පවසන්නට විය, “දෙවන ස්වාමියාණෙනි , අමුත්තෙක් පැමිණ සිටිනවා.”

සිය දෑස් විවර  නොකෙරූ ඔහු , සිය විජිණිය වසා දැමුවේ ය.

සේවිකාව දෙපයින් නැඟිට ශෙන් ස'චුආන්  සඳහා තිරය එසවූවාය. ශෙන් ස'චුආන්  ඇතුලට පැමිණි අතර තවත් සේවිකවක් ඔහු වෙනුවෙන් දෙපා සම්බාහනය කරන ආකාරයත් ඔහුට දකින්නට ලැබුනි.

ශෙන් තරුණ ස්වාමියා කරුණාකරලා අසුන්ගන්න.” ෂී හොංෂුආන් රිද්මානුකූලව තට්ටු දමමින් පැවසුවේ ගීයට සවන්දෙන අතරවාරයේ ය..

එක් තරුණියක් දණහිස් වලින් වැටී ඉදිරියට විත් ශෙන් ස’ චුඇන්ට ඔහුගේ පාවහන් ගැලවීමට උපකාර කරන්නට උත්සහ කලාය. ශෙන් ස'චුආන්  ඇයව නවත්වන්නට අතක් ඔසවා පුටුවක අසුන්ගත්තේ ය.

සංගීත වාදනය නැවැත්වූ පසුව ෂී හොංෂුආන් හිදගත්තේ ය. ඔහු තේ පානය කර , ඔහු තරුණියක් ව සිය විජිණියෙන් පෙන්වාලමින් පවසන්නට විය, “ඈ නව සේවිකාවක් වගේම නිකැලල් අයෙක් .”

ශෙන් ස'චුආන්  ඈ දෙස නොබැලුවේය.

ෂී හොංෂුආන් සිනහවෙන්නට විය. ඔහු දෙස බලමින් ඔහු පිළිතුරු දෙන්නට විය, “මට පවසන්න එපා ඔබට ෂ්‍යාඕ’එර් සමඟ සම්බන්ධයක් පවතිනව කියලා නම්? මොකද ? ඔබට ඔහු වෙනුවෙන් පිවිතුරු භාවය රැකගන්න ඕනේද ?”

ශෙන් ස'චුආන්  ගේ නළලත මත වූ හිසකුස් පෙනුනේ කළු පැහැයෙන් පින්තාරු කර ඇතිවාක් මෙනි, මේ උණුසුම් කුටිය තුළ ,’ඔහුගේ මුහුණේ වූ හැගීම් දුරස්ථව ඇති බවක් පෙහ්නෙහ්න්නට තිබුනි. එය ඔහුට යමපල්ලෙකුගේ වැනි පෙනුමක් ලබාදුන්නේ ය. ඔහු පැවසුවේය , “ඔබ මට කතා කළ නිසා , අපි දැන් කාරණය ගැන විතරක් අවධානය යොමු කරමු.”

ෂී හොංෂුආන් ඔහුගේ විජිනිපත නැවතත් දිගහැරියේය. ඔහුගේ බරැති සිරුර වේවැල් අසුනට ඔරොත්තු නොදුන්නේ ය., ඔහු පවසන්නට විය , “අපි යහළුවෝ නේ. මට පේනව ඔබට දෙවැනි ෂ්‍යාඕ සමඟ සිටීම අපහසු කාරණයක් කියලා. ඉතිං මම ඔබට අද මෙතැනට කතාකළේ විනෝදවත් කාලයක් ගත කරන්න ඉඩ දෙන්නයි. අපි අනුකම්පා සහගත වීම ගැන කතා කළොත් , එහෙනම් ඔබ ශෙන් ලන්ජො , දිනුමෙන් ගිලිහිලා ඉන්නේ. අතීතයේ දවසක ෂ්‍යාඕ චීයේ ඔබට පා පහරක් එල්ල කළා , රෝග බීජයන් වපුරලා ඔබව දුර්වල රෝගි අයෙක් බවට පත් කළා. ඒත්  දැන් ඔබ ඔහු සමග හොද සමීපතම මිතුරෙක් වගේ රඟපානවා. ඔහු ඇත්තටම ඔබේ සතුරෙක්.”

එය නිවැරදී ,” ශෙන් ස'චුආන්  කාරණය මඟ හැරීමට උත්සහ නොකළේය . ඔහු සන්සුන් ලෙස හිදින්නට විය. “ඔහු ඇත්තටම අසමජ්ජාතියෙක්!.”

ඒත් මම දකින විදිහට , ඔහු රාජකීය ආරක්ෂකයන්ට කිසිම නිදහසක් ලබාදෙන බවක්නම් නැහැ.” ෂී හොංෂුආන් පැවසීය. “ලන්ජො , පේන විදිහට ඔබේ බොලඳ වදන් වලට ඔහු ආකර්ශණය වෙන්නේ නැහැ වගෙයි.”

ඔබ ප්‍රේමාන්විත පුද්ගලයෙක්.” ශෙන් ස’ චුඇන් තරුණිය පිළිගැන්වූ අත් උණුසුම්කරවනය පිළිගත්තේ ය. ඔහුගේ දෙනෙත් වල වූ සිනහව , ඔහු පැළඳ සිටි ශීතල ප්‍රකාශණය හෝඩුවාවක්වත් නොවන සේ  එක් සැනෙකින් අතුරුදන් වී ගියේය.

ඔබ ඔබේ ආදරණීය නෑනා ගැනත් සිතන්නේ ඒ වගේ ධෛර්‍යයෙන් කටයුතු කරන ස්ථාවර කෙනෙක් විදිහට ද?. වරක් ඇයව සයනයට දැමුවට පස්සේ , ඔබ ඇයට මඳක් ආදරණීය වෙලා  ඇයට හැගීම් ඇති කළා. නමුත් ෂ්‍යාඕ’එර් සහ මා අතර එක් රැයක් පමණයි. ඒක ආදරය ලෙස සලකන්නේ  කොහොමද? ”

ඉතිං ඔබ පවසන්නේ.…” ෂී හොංෂුආන්  සිය ආහාරකූරු අතට ගත්තේ ය. “ඔබ ඇනූම්පදයක් පැවසුව විතරයි ද?”

ඇනුමපද කීමත් කළාවක් තමයි .” ශෙන් ස'චුආන්  පැවසුවේය ,

සෑම කෙනෙකුම එක් වරක් යහන්ගත වුනාට පස්සේ , සෑම කෙනෙකුම තමාගේම අවශ්‍යතා සපුරගන්නවා. විනෝදය අවසන් වුනාට පස්සෙ එයත් අවසන් වී යනව. ඔබ හැමදවසකම ඒ ගැන සිතනව කියන්නේ එය තවදුරටත් ඇනුම්පදයක් වෙන්නෙ නැහැ නේද? එහෙම නේද? ”

ෂී හොංෂුආන් අත්පුඩි ගසමින් මහ හඬින් සිනාසුණේය. ඔහු, “හොඳයි, හොඳයි! මොනතරම් හොඳද ලන්ජො. මම බියවුනා ඔහු ඔබව ලඟ තබාගනීවී කියලා. අපි එකම බෝට්ටුවේ සිටින සහෝදරවරුන් බව ඔබට අමතක වේවි කියලා හිතුවේ . එන්න, එන්න. එන්න මේ ආහාර රස බලන්න. මේවා චින්ජො  වල වැදගත් කාරණයක් නම් විතරක් ලබාදෙන එළවළු. මේවා රාජකීය මුළුතැන්ගෙයි වත් නැහැ.

දෙදෙනාම රස බැලීමට බදුන් කිහිපයක් අතට ගත්හ.

ෂී හොංෂුආන් පවසන්නට විය, “මේ ෂ්‍යාඕ චීයේ ඇත්තටම වෙනස් අයෙක්. අතීතයේ කිසිවෙක් ඔහුට අවදානය යොමුකළේ නැහැ. ඒත් ඔහු තමන්ගෙ දක්ෂතාවය සරත් දඩයමේදී පෙන්වූවා. දැන් ඔහුට එය තවදුරටත් සඟවාගෙන ඉන්න බැහැ, ඒ නිසා ඔහු අනෙක් අයගෙන් එල්ල වන බාධා නොසලකා හැරලා සරලව චෝදනා කරනව විතරයි. ඔහු අෂ්ඨ මහා පුහුණු අංශවල හමුදා කටයුතු භාරගත්තත් , ප්‍රධාන තනතුරු සියල්ල ඔහුගේ විශ්වාසවන්ත සහායකයන්ට පවරා දුන්නා. මේ නිසා අෂ්ට මහා වංශවල කිසිවකුට ඇත්තටම බලයක් නැහැ. ඒත් ඔහු කිසිවෙක්ට තමන් ගැන වැරදි කියන්න බැරි වෙන්න ඔහු හොදට රඟපෑවා. මට කියන්න, එය ඔබට වදයක් නෙමෙයි ද? ඒක පිළිකුල් සහගත නැද්ද? ”

ෂෙන් සෙචුවාන් මේසය මත වූ ඉරා දැමූ පිපිඤ්ඤා පිඟානක් දුටු නමුත් ඔහු ඒ කිසිවක් ඇල්ලුවේ නැත.  ඔහු පැවසුවේ, “ෂ්‍යාඕ'එර් ඔහුගේ සියලුම බෝට්ටු නැන්ලින් දඩයම් පිටියේදී පුළුස්සා දැමුවා.  ඔහු ඒ සියල්ල පරදුවට තැබුවේ අධිරාජ්‍යයා ඔවුන්ගේ මිත්‍රත්වය සිහිපත් කරලා ඔහුට යන්නට ඉඩ දෙන අවස්ථාව මත යි.  නමුත් මේ බලාපොරොත්තුව නිෂ්ඵල වුනා, හරියට පෙරනයකින් වතුර පෙරා දමනවා වගේ.  ඒ විතරක් නෙමෙයි , ඔහුව අමාත්‍යාංශ හය විසින් සමීපව නිරීක්ෂණය කළා .  ඔහුට කාලය ආපසු හැරවිය නොහැකියි, ඒ නිසා ඔහුට සහතික කළ කරගන්න වෙනවා චූදු වල සම්පූර්ණ හමුදා බලය ඔහු සතු බව.  අෂ්ඨ මහා පුහුණු අංශ සමඟ සසඳන විට, අධිරාජ්‍ය හමුදාව කණාමැදිරියෝ  සහ දීප්තිමත් සඳ වගෙයි.  ඒවා ප්‍රයෝනවත් තමයි , නමුත් එතරම් මත් නෙවෙයි.  අවසානයේ ඔහුට දැන් වැඩි වාසියක් ලබා ගැනීම පහසු වුනේ නැහැ.  ස්වාභාවිකවම, ඔහු ඒ අවස්ථාව මග හරින්නේ නැහැ. ”

 

 අතීතයේ,  යමෙන් විසි හතර ඇතුලත  පෑන් රුගුයි සිටියා, නැගෙනහිර හමුදා මූලස්ථානයේ, මොනවා වුනත්, ඔහුව පහළට ඇදලා දමන්න හැකි වුනා.  නමුත් දැන් පෑන් රුගුයි මැරිලා නිසා නැඟෙනහිර හමුදා මූලස්ථානය පරිහානියට පත්වෙලා.  හොඳයි, ඇත්තෙන්ම ඔහුව පරාජය කළ හැකි කිසිවෙක් මෙතරම් විශාල චූදු තුළවත් ඉන්න විදිහක් නැහැ, ෂ්‍යාඕ ස'අන්! "

 ෂී හොංෂුආන් ආහාර ස්වල්පයක් ගෙන පවසන්නට විය, “මේ දවස්වල මම උතුමාණන් වෙනුවෙන් අනුග්‍රහය දක්වන්නේ නැහැ.  ස්වර්ණමය යුගයක ප්‍රඥාවන්ත රජෙකු වෙන්න තම සිත සකස් කර ගත්ත රඦතුමා දැන් හායි ලියැංයීට සවන් දෙනවා.  ඔහු දැන් මාත් සමඟ ක්‍රීඩා  කරන්න කැමති නෑ."

 

 ශෙන් ස'චුආන්  තම ආහාරය අවසන් කර වහා පැවසුවේ “අවුරුදු විස්සකට වැඩි කාලයක් ජීවත් වූ පුද්ගලයෙකුට දැනටමත් ස්ථාවර කෝපයක් ඇති වී තියෙන්න ඕනේ.  වචන කීපයකින් ඔහුගේ මාර්ගය නිවැරදි කළ හැකි නම්, මේ ලෝකයේ වෙන කිසිවක් අපහසු වෙන්න බැහැ"

 

ෂී හොංෂුආන් සිය ආහාර කූරු චලනය කිරීම නැවැත්වී ය..  ඔහු පැවසුවේ ය., "ඔබ කියන්නේ..."

 

 "හායි ලියැන්යී මහත්වරු අතර මහත්මයෙක්."  ශෙන් ස'චුආන්  ඔහුගේ ආහාර කුරු පසෙකින් තැබුවේය.  “ඔහු ජලය හා සමානයි, ඔබට එහි පතුල දැකිය හැකියි.  වත්මන් අධිරාජ්‍යයා සමඟ ඔහුගේ හමුවීම උණු තෙල් සමඟ ජලය ස්පර්ශ වීම වගෙයි.  වැඩි කල් යන්නට මත්තෙන්, එය පුපුරා ගොස් සෑම තැනකම විසිරී යාවි.  ෂුඒ ෂ්‍යුජුඕ දිගු කලක් මෙම ස්ථානයට පැමිණ තිබෙනවා, නමුත් ඔහු තවදුරටත් ඉදිරියට යාමට අකමැති ඇයි?  මහා ලේකම් කාර්යාලය නේද?  ඒ ඔහු සුදුසු නැති නිසා නෙමෙයි.  මේ මොහොතේ මධ්‍යම පරිපාලනයට නොතිබූ දේ ගැලපෙන දක්ෂතා නිසයි."

 

ෂී හොංෂුුආන් ඒ පිළිබඳව නිහඬව සිතන්නට විය.

 ශෙන් ස'චුආන්  පැවසුවේ ය, “දැන් විදේශීය සතුරන් අප ඉදිරියේ සිටින විට, අෂ්ඨ මහා පුහුණු වංශ තවමත් ඔවුන්ට අවැසි ආකාරයට හිතුමතේ වැඩ කරන්න දෙන්නේ කොහොමද ?  ඔබ දැනටමත් ෂී වංශයේ ප්‍රධානියා බවට පත්වෙලා තිබෙනවා.  ඔවුන් පවසන ලෙස, වාසනාවට නැඟී සිටින්නත් වැටෙන්නටත් හැකීයි.  දැන් අවස්ථාවක් ලැබෙන්න පේන මානයේ තියෙද්දී, ඔබ එයට ඉඩ දෙන බව මට නම් මට පවසන්න එපා! ?"

ෂී හොංෂුආන් ඔහුගේ ආහාර කූරු පසෙකින් තැබීය.  ඔහු සිය ලේන්සුවෙන් දහදිය පිස දමා ශෙන් ස'චුආන්  දෙස බලන්නට විය, “ඔබට අවශ්‍ය මා ලවා අෂ්ඨ  මහා වංශ සම්බන්ධ කරගෙන ඔවුන් සමඟ දෙවෙනි ෂ්‍යාඕ  එක්ක ගණුදෙනු කරවන්න ද?”

 ශෙන් ස'චුආන්  පැවසුවේ ය, “ෂ්‍යාඕ'එර් ඔවුන්ගෙන් එක් කෙනෙක් පමණයි.  අද වන විට සාමාන්‍ය නිලධාරීන් පක්ෂ බව පෙනෙනවා.  එහි ප්‍රතිඵලයක් විදිහට, රාජකීය විද්‍යාලය කෙමෙන් ඉහළ තලයට යන බවක් පෙනේනවා.  වසර කිහිපයක් ඇතුළත නිහතමානී පවුල්වල සාමාන්‍ය ජන්ම පුතුන් එකා පිට එක නිලතලවලට පත් වේවි.  එහෙම සිද්ධවුනාම ඉබාගාතේ යන්න හුරුවෙලා ඉන්න අෂ්ඨ මහා පුහුණු අංශවල පුතුන් ට මොනවද වෙන්නේ?  දුප්පතුන් බලයට පත් වුනහම නව ශ්‍රෙෂ්ඨයන් බිහි වෙන්න අඩිතාලම වැටෙනවා. එහෙනම් දෙවන තරුණ ස්වාමියාණෙනි අෂ්ට මහා වංශ තවදුරටත් ‘අෂ්ඨ’ මහා වංශ නොවේවි. ”

 ෂී හොංෂුආන් පවසන්නට විය , “එහෙම වුනත්... මේක බරපතල ප්‍රශ්නයක්.  අනෙක් සියල්ල ඉවතලන්නකෝ, යාඕ වෙන්යූ නම් එයට කැමති වෙන එකක් නැහැ.  ඔහු හායි ලියැංයී ගේ ශිෂ්‍යයෙක්. හායි ලියැංයී විසින්ම පුද්ගලිකව උපදෙස් දෙන අයෙක්.  මේ වසරවලදී, ඔහු තම අධ්‍යයන කටයුතු සඳහා ලොව පුරා සංචාරය කර තියෙනවා වගේම අසංඛ්‍යාත කුසලතාවන් සහ ප්‍රඥාවන්තයන් දැන හඳුනා ගෙන තියෙනවා.  ඔහු අනිවාර්යයෙන්ම අපිත් සමඟ සන්ධානයක් හදන්නේ නැහැ.”

 ශෙන් ස'චුආන්  සිනාමුසු මුහුණින් පැවසුවේ ය, “අෂ්ඨ මහා වංශ යන්නෙන් අදහස් කරන්නේ මහා වංශ අටයි.  ඒක මේ වංශ අට පමණක් වීමට හේතුවක් නැහැ.  යාඕ වංශයට එය අවශ්‍ය නැත්තං, එහෙනම් වෙනත් වංශයකට මාරු වෙමු. ”

 ෂී හොංෂුආන් තවදුරටත් ආහාර ගත්තේ නැත.  ඔහු පුටුව පසෙකට තල්ලු කර කාමරය පුරා ඇවිද ගියේය.  ටික වේලාවකට පසු ඔහු ශෙන් ස'චුආන්  දෙස බැලුවේය.  “නමුත් ඔබ දෙවන ෂ්‍යාඕ ව රදවා තබා ගන්න ඕනේ නේද ?  ඔහුට අධිරාජ්‍යයා ආරක්ෂා කිරීමට අවශ්‍ය නම්, ඔහු නිකම්ම වාඩි වී කිසිවක් නොකර ඉන්නේ නැතිවෙයි.  ඒ ඔහු පමණක් නම් මම කරදර වෙන්නේ නැහැ.  නමුත් ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක සේනාංකය ඔහු පිටුපසින් සිටිනවා  ෂ්‍යාඕ ජීමිං සමඟ , ෂ්‍යාඕ ස'අන් ට ස්පර්ශ කරනවත් හෝ හානි කරන්නවත් බැහැ.  ඔහු සමඟ කටයුතු කරන්න අපහසුයි! ”

 "ෂ්‍යාඕ ජීමිං භයානක යි, නමුත් ඔහුගේ බලය සහ කීර්තිය සියල්ල රඳා පවතින්නේ මායිමෙයි."  ශෙන් ස'චුආන්  හිස එසැවූයේ ය. සෙවණැලි මධ්‍යයේ ඔහුගේ දෑස් අදුරින් වැසී ගියේ ය.  ඔහු ෂී හොංෂුආන්ට  අවසන් තල්ලුව ද ලබා දුන්නේය.  “චූදු ඔබේ ස්ථානය.  ඔවුන් පවසන විදිහට , බලවත් මකරෙක් ව ඒ භූමියේ සිටින සර්පයෙකුට ගැලපෙන්නෙ නැහැ. (3) ඔබට අවශ්‍ය නම් ෂ්‍යාඕ'එර්ට ඔහුගේ කටයුතු වල ගෙල අගටම වෙනකල් වැඩකරවන්න  නම් , ක්‍රම ඕනෑ තරම් තිබේ.”

ෂී හොංෂුආන් ඒ පිළිබඳ ව වඩාත් ගැඹුරින් කල්පනාවේ යෙදුණේ ය , ශෙන් ස'චුආන් පැවසුවේ  "ඔබේ" මිස "අපේ" නොවන බව ඔහුට නොතේරුණි.  “මොන ක්‍රමයද?”  ඔහු ඇසුවේ ය.

 ශෙන් ස'චුආන්  ශබ්ද රහිත සිනහවක් පිටකරමින් පැවසුවේ, “ෂ්‍යාඕ'එර් ගේ බලපෑම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අධිරාජ්‍යයාගේ විශ්වාසය මතයි.  ඔවුන් වසර ගණනාවක් තිස්සේ මත්පැන් පානය කරමින් විනෝදජනක දිනයන් සමඟ මිතුරන් ව කල් ගත කරලා තිබෙනවා.  ඊටත් වඩා, ෂ්‍යාඕ'එර් ඔහුගේ ජීවිතය බේරාගෙන තියෙනවා.  ඒ නිසා ඇත්තටම මේ අවස්ථාවේ ඒ ගැන කරන්න දෙයක් නැහැ.  නමුත් මිත්‍රත්වය වගේ දේවල් හරියට අතුවල එල්ලෙන සරත් පිනි වගේ.  ඔබ එය සම්පූර්ණ, දැවෙන හිරු යට වියළීමට තැබූ පසු එය නැති වී යාවි."

 ෂී හොංෂුආන් ශෙන් ස'චුආන්  දෙස බැලීය.  ඔහු එම වැසි සහිත රාත්‍රියේ ජි ලෙයි ව සිහිපත් කළ අතර, ඔහු කලින් ගිල දැමූ කඳුකර ක්‍රීඩා සහ  එළවළු සියල්ලම ඔහුගේ උදරයට ගමන් කළේ ය.  ඔහු තම හැගීම් පිටතට නොපෙන්වන්නට සැඩි සේ උත්සහ කළ අතර සිනහවකින් පැවසුවේ ය. “ඔබේ සියල්ල සාර්ථක ව වෙනවනම් මට පවසන්න.”

 ශෙන් ස'චුආන්  පිටව ගිය පසු, ෂී හොංෂුආන් නැවත වේවැල් පුටුව මත වැතිර මේසය ඉවත් කිරීම සේවයකන් ලවා කර ගත්තේය.  ඔහුට පෙරලීම අභියෝගයක් වූ නිසා ඔහුට උදව් කිරීමට කෙනෙකු අවශ්‍ය විය.  කිසිම හේතුවක් නොමැතිව ඔහුට බියක් දැනුණු අතර සේවකයන් ජනේල විවෘත කළේය.

 ෂුඒ ෂ්‍යුජුඕ රහස් කුටියෙන් පිටතට පැමිණියේ ය.  ෂී හොංෂුආන් වැලපෙමින්, “ඔබටත් එය ඇසුණා නේද?  වාසනාවකට තමයි, ඔහු ශෙන් වෙයිගේ පුත්‍රයා ලෙස උපත ලැබුවේ.  ඔහු බලයට පත් වුවහොත්, ඔහු සමඟ කටයුතු කිරීම දෙවන ෂ්‍යාඕ ට වඩා දුෂ්කර වේවි."

 "අයෙක්ව භාවිතා කරන්න, ඔබ නිවැරදි ක්‍රමය භාවිතා කරන්න ඕනේ."  ෂුඒ ෂ්‍යුජුඕ තේ වත් කළේ ය.  “මේ ලෝකයේ ආශාවක් නැති, අවශ්‍යතා නැති කෙනෙක් නැහැ.  ශෙන් ලන්චෞගේ දුර්වලතා තියෙනවා.  අපි ඒක අල්ලාගෙන ​සිටින තාක් කල්, දරුණුතම සුනකයට පවා බිය විය යුතු නැහැ."

 "නමුත් අපිට කිසිවක් සොයාගන්න බැහැ."  ෂී හොංෂුආන් ඔහුගේ විජිනියෙන් ඔහුගේ නළල මැදට තට්ටු කළේය.  "බලන්න, ඔහු දෙවන ෂ්‍යාඕ ට කොයිතරම් නරක විදිහට කළකනවද කියලා ?  සයනයෙන් බැසීමෙන් පස්සේ ඔහු ඔහුට පිටුපා ඇති බව පැහැදිලියි.  නින්දාව සහ සමච්චල් කිරීම මේවගේ දුෂ්ටයන් ට වැඩක් වෙන්නෙ නැහැ.  ඔබට ඔහුට තර්ජනය කරන්නවත් බැහැ."

 ෂුඒ ෂ්‍යුජුඕ තේ පැන් පානය කළේ ය, සිනාසෙමින්, මෘදු හා සන්සුන් ආකාරයෙන්, “මොකටද හදිස්සිය?  ඔහු කියන විදියටම කරන්න.  සාර්ථකත්වය ලැබුණත් නැතත්, ඒ සියල්ල දෙවෙනි ෂ්‍යාඕ ට ව්‍යසනයක් ගේනවා.  කාලය පැමිණියම, ඔහු තමාගේ සැබෑ ස්වරුපය හෙළි කරාවි. ”

 ශෙන් ස'චුආන්  පහත මාලයට ගිය නමුත් පිටත්ව යාමට ඉක්මන් නොවීය.  සේවිකාව ඔහුට ආචාර කළා ය.  ඇය දැන සිටියේ ඔහු ෂී හොංෂුආන් ගේ ගෞරවනීය ආගන්තුකයා බව පමණකි, එබැවින් ඇය ඔහු වෙත ඇදී ගොස් මෙසේ කීවාය, “ස්වාමිණි මොනවද බලන්නේ?  බැලීම පුද්ගලිකව ඒවා අත්හදා බැලීම සමඟ සැසඳන්න බැහැ."

ශෙන් ස'චුආන්  අලංකාර ලෙස ඇඳ පැළඳ සිටි වෛශ්‍යාවන් දෙස බැලුවේ ය  “ඔබ ලඟ පිරිමි වෛශ්‍යාවනුත්  සිටිනවද?” ඔහු ඇසීය.

 සේවිකාව ඇගේ සිරුර වටේට කරකවා, ඇය පිටුපස සිටි පුද්ගලයාට පැවසුවේ, “මේ ගෞරවණීය ස්වාමියා ව උඩුමහලට ගෙන ගොස් ඔහුට සේවය කරන්න සඳහා පිරිසිදු, මෘදු පිරිමි ළමයින් කිහිප දෙනෙක් ගෙන්වන්න.”

 පිරිමි වෛශ්‍යාවෝ තිදෙනෙකු ඇතුළු වීමට පෙර ශෙන් ස'චුආන්  මඳ වේලාවක් කාමරයේ අසුන්ගත්තේ ය.  ඔහු ඔවුන් දෙස බැලූවේය;  ඔවුල් සියල්ල නිසි පිළිවෙළට මනාව හැඳගෙන සිටියෝ ය.

 ඒ සේවිකාව විචක්ෂණ වූ සේම මනා පෙනුමැත්තෝ තෝරා ගන්නේ කෙලෙසදැයි දැන සිටියා ය.  මුළු ගොඩනැගිල්ලම බැලූ පසු, ශෙන් ස'චුඇන්ට වඩා අලංකාර කිසිවෙකු සොයා ගැනීමට නොහැකි වූ අතර, ඇය ඔහුට සියුම් පෙනුමක් ඇති තරුණයින් යැවීමේ සාම්ප්‍රදායික නොවන ක්‍රමය තෝරා ගත්තා ය.

 පිරිමි ළමයින් ස'චුඇන්ගේ සපත්තු ගලවා දැමීමට ඉදිරියට ගිය නමුත් ශෙන් ස'චුආන්  ඔහුගේ පාද මදක් ඉවතට ගෙන ගියේය.  මේ අනුව, ඔවුන් දණ ගසා සිටි අතර නැවත ගමන් කිරීමට එඩිතර වූයේ නැත.

ශෙන් ස'චුආන්  ජනේලයෙන් පිටත බැලුවේ ය.  ටික වේලාවකට පසු ඔහු "වස්ත්‍ර ඉවත්කරන්න" යැයි පැවසුවේ ය.

 ඔවුන් තිදෙනා කීකරු ලෙස තම ඇඳුම් ගැලවූහ.  ​ශෙන් ස'චුආන්  එම පැහැපත් උරහිස් දෙස බැලුවේ ඒවා නිරුවත් වන මැද භාගයේදීය, නමුත් ආරම්භයේ සිට අවසානය දක්වා ම ඔහුගේ හදවත නිසල ජලය මෙන් සන්සුන් විය.  එවිට ඔහු ඔවුන්ගේ දෑත් දෙස බැලුවේය; ඒ සෑම දෑතක්ම ගැහැණු ළමයින්ගේ දෑත් මෙන් පෙනුනේ ඔවුන් සුරතල් ජීවිතයක් ගත කළාක් මෙනි.

 ඔවුන්ගේ අත්වල කිසිදු කැළලක් නොතිබුණි.  තවද ඔවුන් මහපට ඇඟිලි මුදු පැළඳ සිටියේද නැත.

 ​​ශෙන් ස'චුආන්  සෙමෙන් සුසුමක් හෙළා දෙපයින් නැඟී සිටියේය.  ඔහු පිටත්ව යන බව ප්‍රකාශ කිරීමටවත් වෙහෙස නොගෙන, ඔහු දොර තල්ලු කර පිටව ගියේ, පිරිමි වෛශ්‍යාවන් තිදෙනාම එකිනෙකා දෙස විමතියෙන් බලා සිටිද්දී ය.

දිං තාඕ ​ශෙන් ස'චුආන්  පසුපස හඹා යමින් සිටියේය.  අවසානයේ ඔහු ඖහුආ මන්දිරයෙන් වෙතින් පිටතට යන අයුරු දුටු ඔහු, දැන් ඔහු විසින් අල්ලා ගැනීමෙන් ඉරි ගිය කුඩා පොතේ සටහනක් ඉතා සූක්ෂම ලෙස සටහන් කළේය.  ඔහු එය ලියා අවසන් වන විට, ඔහු දුටුවේ ​ශෙන් ස'චුආන්  සමූහයා අතරට එකතු වන බවයි. දිං තාඕ නොසැලකිලිමත් වීමට එඩිතර නොවූ නිසා ඔහු ඉක්මනින් ශෙන් ස'චුආන්  පසුපස හඹා ගොස් ආරක්ෂිත දුරකින් ඔහු පසුපස ගියේය.

 ශෙන් ස'චුආන්  ඇත්තටම එතරම් වේගයෙන් ඇවිද්දේ නැතත්, ඇසිපිය හෙලන සැණින්  අතුරුදහන් විය.

දිං තාඕ විස්මය දනවන හඬක් නිකුත් කර ඉක්මන් වූ අතර, උණ හිස්වැස්මක් පැළඳ සිටි උස හා ශක්තිමත් මිනිසෙක් ඔහුගේ මාර්ගය අවහිර කළේය.  ඔහු අනෙක් පාර්ශවයට ළං වූ විගසම ඔහු දැනගත්තේ මේ සටන් ශිල්පය පිළිබඳ මනා දැනුමක් ඇති අයෙක් බවයි!

  අවට මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි. දිං තාඕ ඔවුන්ට රිදවීමට අකමැති වූ නිසා ඔහු එය මැඩපවත්වාගත් අතර කිසිවක් සිදු නොකළේ ය.  මේ නිසා, ෂෙන් සෙචුවාන් ඔහුව එන්නට ඉඩ හැරියේය.  ඔහු හස්තයක් සෙලෙව්වේය, නමුත් පසුව ඔහුට එම උස හා ශක්තිමත් මිනිසා හුරුපුරුදු බවක් දැනුනි.

 අඳුර වැටෙද්දී හිම තීවෘ වන්නට විය.

 උස් හා ශක්තිමත් පුද්ගලයා උණ හිස්වැස්ම අල්ලාගෙන යම් දුරක් ඇවිද ගියේය.  නමුත් ඔහු හැරුණු විට ඔහු අදුරු මංතීරුවකට ඇතුළු විය.

 ​ශෙන් ස'චුආන්  ඔහුට පිටුපසින් සිටගෙන ඔහු දෙස බැලුවේය.  ඔහු පැවසුවේ, “ඔබ මාස භාගයක් තිස්සේ මා පසුපස එනවා.  ඔබට ඕන මොනවද?"

 උස හා ශක්තිමත් මිනිසා උණ  තොප්පිය පහළට තද කළ නමුත් සිනහවක් පිට කළේ ය, “කොච්චර තියුණුද?  ඔබ එය කලින්ම දුටුවා කියලා සිතාගන්නත් බැහැ. ”

 "ඔබේ හුස්ම සැඟවීමේ කුසලතා විශිෂ්ටයි."  ශෙන් ස'චුආන්  පැවසීය.  “ඔබම මට උපක්‍රම කිහිපයක් ඉගැන්නුවේ නැද්ද?  ඔබ සිරගෙයින් නිදහස් වූ මොහොතේ හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වුනා, එවිට ඔවුන් ඔබව චූදු වලින් එළවා දැමුවා.  ඔබ දැඩි වේදනාවකට පත් වී ඇති බව නිසැකයි."

 මිනිසා තම උණ හිස්වැස්ම ඔසවා   රැවුලක් සහිත මුහුණ පෙන්වුයේ ය. ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ නළල ඉදිරිපිට කෙහෙරැළි ඉවත් කළේ ය, “ඔබ මාව මත්පැන් හලකට යන්න පොළඹවා ගත්තා නම් හොඳයි.  අපි මෙතන හිටගෙන කතා කරන්න ඕනෙද?"

 "වටින හාවුන් අල්ලන්න අමාරුයි."  ඔහු දෙස මොහොතක් බලා සිටි ශෙන් ස'චුඇන්, “මම ඔබට ච්‍යාඕ ත්‍යැන්යා කියලා කතා කරන්නද?  නැත්නම් සෙංයුඒ?"

"ඔබේ කැමැත්තක්." ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේ ය "මට ච්‍යාඕ ලෙස අමතන්න, අපි හඳුනන අය නේ.  මට සොංයුඒ කියන්න, ඔබ මගේ ස්වාමියා වේවි."

 ඔබතුමා දක්ෂ මිනිසෙක්.  ඔබ මාගේ ගුරුවරයාට වැඳ නමස්කාර කරන්න හේතුව කුමක් ද?  ​ශෙන් ස'චුආන්  ඇසුවේය.

 "මට කළ හැක්කේ කුමක් ද?"  ච්‍යාඕ ත්‍යැන්යා තමාටම සමච්චල් සහගත හිනාවක් පෑවේ ය.  "මම මගේ ජීවිතයෙන් මහාමාත්‍ය චී ට ණයගැතියි, මගේ මුළු ජීවිත කාලයම ඔහු වෙනුවෙන් ගවයෙක් හෝ අශ්වයෙක් වගේ වෙහෙස මහන්සි වී වැඩ කරලා මට එය ආපසු ගෙවන්න පුළුවන්."

 ඉතින් එදා රාත්‍රියේ දඩයම් භූමියේ සියල්ල සුමටව සිදු වෙන්න හේතුව…” ශෙන් ස'චුආන්  පැවසීය.  "...ඔබේ උදව් නිසා."

 "ඔබව මගේ ස්වාමියා ලෙස ගැනීම යන්නෙන් අදහස් කරන්නේ එය මා ඔබව අනුගමනය කරනවා කියන එකයි."  ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේ ය, “ඔබට මුලින් චු කුමරුව එදින රාත්‍රියේ මරා දැමීමට අවශ්‍ය වූ නමුත්, දෙවන ෂ්‍යාඕ , අධිරාජ්‍ය ආරක්ෂකයින් ඉදිරියේ ඔහුව මුළා කරලා වල් පාත්තයින් ලුහුබැඳීමට ගෙන යාමට තරම් නිර්භීත වනු ඇතැයි ඔබ අපේක්ෂා කළේ නැහැ .  කොහොම වුනත්, ඔබ ඇත්තට බුද්ධිමත්.  ඔබට ඇත්තටම දෙවන ෂ්‍යඕ ට උදව් කරන්න ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්.."

 "මට තියෙන හැකියාව එච්චරයි."  ශෙන් ස'චුආන්  පැවසීය.

 ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ උරහිස් මත වූ හිම පිසදැමීය, “මම අනාගතයේදී ඔබ පසුපස එන්නම් ස්වාමිණි.  අනාගතයේදී කන්න මාංශ තිබෙනවා නම්, මට බොන්න සුප් බඳුනක් දෙන්න අමතක කරන්න එපා.  දෙවන ෂ්‍යාඕ ගේ ආරක්ෂකයින්ට වඩා මට සැපයීම පහසුයි. ”

 දිං තාඕ මුරණ්ඩුයි ,” ශෙන් ස'චුආන්  මුදල් මල්ල ඔහු වෙත විසි කළේය.  "චෙන් යැං සහ ගු ජින් කියන්නේ කරදරකාරයෝ දෙන්නෙක්."

 ච්‍යාඕ ත්‍යැන්යා මුදල් අතට ගෙන, “ඔබට දෙවන ෂ්‍යඕ ගැන එතරම් පැහැදිලි දැනුමක් ලැබිලා තියෙනවා.  නමුත් ඔහු තවමත් කල්පනා කරන්නේ ඔබ ඔහුගේ ජීවිතය බේරාගත් ආකාරය ගැනයි.

 ශෙන් ස'චුආන්  සිනාසෙමින්, “ඔබට ඇත්තටම ඔහුව අනුගමනය කිරීමට අවශ්‍යයි, හහ්.”

 "මම නොසැලෙන පක්ෂපාතිත්වයක් ඇති ආරක්ෂකයෙක්," ච්‍යාඕ ත්‍යැන්යා අහිංසක ලෙස ඔහුගේ දෑත් එසවීය.  "දෙවන ෂ්‍යාඕ රන් දහසකට මාව මිලදී ගැනීමට කැමති නම්, මම ස්වභාවිකවම ඔහු වෙනුවෙන් ගින්දර සහ ජලය හරහා යන්න වුනත් කැමැතියි."

 ශෙන් ස'චුආන්  පැවසුවේ ය, "අනුකම්පා හිතෙනවා, එය දැනටමත් ඔහු වටා පි​රිසක් ඉන්නවා.  ඔබට ස්ථානයක් ඉතිරි වෙන්නේ කොහොමද? ”

 "මගේ පුංචි ස්වාමියාට..." ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ හිස ඇල කර ඇසක් ගසා පැවසුවේ ය, "... ඇත්තටම  තියෙන්නේ නරක කටක්!."

ශෙන් ස'චුආන්  “ඔබ මාව ලැජ්ජාවට පත් කළා ” වැනි හැගීමක් පෙන්වීය.

 "නමුත් මේ සීමාව ... "ච්‍යාඕ ත්‍යැන්යා සිනහසෙමින් පැවසුවේ ය, "... අපි දෙන්නටම අදාළයි."

         

දින අටකට පසු, ශෙන් ස'චුආන්  සහ ජී ගැන් සැලසුම් කළ පරිදි පැමිණියහ.

දිං තාඕ පැහැදිලිවම ඔහුගේ පැමිණිල්ල කියා තිබුණි.  අද මත්පැන් පානයෙන් වැළකි සිටි ගු ජින් දොරෙන් පිටත සිටගත්තේය.  ඔහු ඈත සිට ශෙන් ස'චුආන්  පිටුපසින් එන ච්‍යාඕ ත්‍යැන්යා දුටුවේය.

 දිං තාඕ වහාම ඇඟිල්ල දිගු කර රහසින් පැවසුවේය, “ජින්-ග' , ඒ ඔහුයි.  ඔහු තමයි!"

 ශෙන් ස'චුආන්  සහ ජී ගැං ද්වාරයෙන් රුගෙන ආවේ චෙන් යැං  විසිනි.  ච්‍යාඕ ත්‍යැන්යාට ස්වභාවිකවම පිටත සිටීමට සිදු විය.  නමුත් ඔහුට ඒ ස්වයං අවබෝධය නොතිබූ අතර ඉදිරියට යාමට ගත් ඔහුගේ පාදය ගු ජින් විසින් අවහිර කරනු ලැබුවා.

 "මට ආරංචි වුනා ඔබ දවස් කීපයකට කලින් මේ කොල්ලගේ පාරේ හිටියා කියලා."  ගු ජින් උණ බම්බු තොප්පිය දෙස තියුණු දෑසින් බලා සිටියේය.  "ළමයෙකුට හිරිහැර කරන ඔබ මොන වගේ වීරයෙක්ද?"

 දිං තාඕ ධර්මිෂ්ඨ කෝපයෙන් ගොරවා කතා කළේ ය, “මොන වගේ වීරයෙක්ද?!”

 ච්‍යාඕ ත්‍යැන්යා සිනාසුනි.  ඔහු තම උණ හිස්වැස්ම ගලවා කම්මුල් සිනහවකින් සරසමින් පැවසුවේ ය.  “අපි අද රෑට ආහාර ගන්න නෙවෙයි ද පැමිණියේ?  ඉතින් ඇයි අපි තවමත් සටන් කරන්නේ?  මම මේ පුංචි යාලුවව මෙතනදි දැක්ක පලවෙනි වතාව.  සහෝ , ඔබට වැරදි කෙනාව හම්බවෙලා ද?"

 දිං තාඕ විස්මය දනවන හඬක් නිකුත් කළේ ය, “ඔබ කොහොමද එහෙම කියන්නේ?  මම ඔබව වෙනත් කෙනෙකු ලෙස වරදවා වටහගෙන නැහැ! ”

 ගූ ජින් දිං තාඕ නතර කර ච්‍යාඕ ත්‍යැන්යාට ට මුහුණ දුන්නේ ය.

 බොහෝ දුරට සමාන උසකින් යුත් මිනිසුන් දෙදෙනා  මුහුණට මුහුණ එකිනෙකා සමඟ ගැටෙන්වට විට

 ගු ජින් පැවසුවේ ය “අද සුදුසු වෙලාව නෙමෙයි.  අපි පසුව දිනයක් තෝරාගමු. ”

 "මම නිදහස් නැහැ."  ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ නළලතට මත වූ  කෙස් රොදෙන් ඇදගෙන ගු ජින් හට ප්‍රකෝපකාරී සිනහවක් පෑවේය.  “මොකද, මගේ ස්වාමියාට ඉන්නේ මම විතරයි.  පුංචි සහෝදරයෙක්ය විනෝදයට ඇති දැඩි කරන්න මට මේ තරම් නිදහස් කාලයක් කොහෙන්ද?”

ගු ජින් ශීතල ලෙස ඛේටය ගිල දැමුවේ ය, “මට ඔබේ නම කියන්න.  අනාගතයේදී අපට හමුවීමට ඕනෑ තරම් අවස්ථා ලැබේවි.”

 "මේ නිහතමානී සේවකයා තමයි ච්‍යාඕ යුඒවුඒ"  ච්‍යාඕ ත්‍යැන්යා ඇඟිලි දෙකකින් දිං තාඕ ගේ නළලතට තට්ටු කළේය.  "ෂ්‍යාඕසොංසොං කියලත් කියන්න පුළුවන් ."

 චෙන් යැං, ශෙන් ස'චුආන්  සහ ජී ගැන්ව ඇතුළට ගෙන ගියා.  මෙි මළුව ගැඹුරු විය.  ඔවුන් චාඕශෞ ආලින්ද පසුකර සඳ දොරටුවකින් පිය නැගුවේ රතු මිදි පුෂ්පයන්ගෙන් පිරුණු මුළු මළුවක අලංකාර දසුනක් වෙතටය.

 ශෙන් ස'චුආන්  ඇතුල් වන විට ෂ්‍යාඕ චීයේ ගසක් යට සිටගෙන බලා සිටියේය. ඔවුන් ඉනික්බිති තත්පරයක බැල්මක් හුවමාරු කර ගත් නමුත්, ඒ සියුම් හැඟීම ප්‍රකාශ කිරීමට පෙර, දෙදෙනාම එකවරම ඔවුන්ගේ බැල්ම වළක්වා ගත්හ.

 ෂ්‍යාඕ චීයේ ජි ගැන්ව පිළිගෙන සිනහවකින් ඔහුට ආචාර කළේය, “ කරුණාකරලා මට සමාවෙන්න පිටතට ඇවිත් ෂීශුව හමුවෙලා පිළි නොගත්තාට. ෂීශුට ශීතලේම මෙතන එන්න වුනා. මත්පැන් සහ ආහාර සුදානම් කරලයි තියෙන්නේ. ශීෆු ඇතුළත හුගක් වෙලා බලාගෙන හිටියා.”

 ජි ගැං ෂියාඕ චියේ දෙස බලා ඔහුට ගෞරව දැක්වීම නතර කළේය.  ඔහු පැවසුවේ ය, “ඔබේ ෂිෆු වසර විස්සකට පෙර ජි වංශයෙන් වෙන් වුනා, ඔබේ සටන් කලාවට දැන් එයටම ආවේණික වූ ශෛලියක් තියෙනවා.  අපි එකම සටන් කලා පාසලක නොවන නිසා ඕනෑවට වඩා ආචාරශීලී වීමට අවශ්‍ය නැහැ. ”

 ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “අපගේ සටන් කලාව එකම සමානකමු තියෙනවා , එයින් අදහස් වන්නේ අපි එකම පාසලේ අය බවයි.  ජි වංශයේ පහරදීම කලාවේ ආරම්භයට ස්තූතිවන්ත වන්නට මට අද විවිධ වංශවල සටන් කලාවන්ගේ සම්මිශ්‍රණය ප්‍රගුණ කිරීමට හැකි වෙලා තියෙනවා.  මම ශීෂූගේ ගේ කීර්තිය ගැන බොහෝ කලක සිට අසා තිබෙනවා, මම ඒ වෙනුවෙන් ශීෂූව අගය කරනවා.  ඒ නිසා මොනවා වුණත් මේ ගෞරවය හිමිවිය යුතුයි.”

 ෂ්‍යාඕ චීයේ ගෞරවයෙන් හිස නමා ජී ගැං  ඇතුලට ගෙන ගියා. ඔහු හිස හරවා ගැනීමට අමතක නොකළ අතර, "ලන්ජෞ සහ මම දිගු කලකින් එකිනෙකා දැකගන්න බැරි වුනා" යනුවෙන් ශෙන් ස'චුආන්  ට පැවසීය.

 ශෙන් ස'චුආන්  දොර හරහා ගොස් සිනහවකින් පැවසුවේ ය, “ෂීශ්‍යොං ට දැන් විශාල බලයක් සහ බලපෑමක් තියෙනවා.  ඔබ කාර්යබහුල විය යුතුයි නේ. ”

 "අපි එකම සටන් කලා පාසලේ අය."  ෂ්‍යාඕ චීයේ මධ්‍යස්ථ ස්වරයෙන් කීවේය.  "මම කොතරම් කාර්යබහුල වුවත් මට ඔබ වෙනුවෙන් යම් කාලයක් වෙන් කිරීමට සිදුවවේවි."

 මම නිසා ඔබේ වැඩ ප්‍රමාද කළොත් ඔබට කොහොමද?”  ශෙන් ස'චුආන්  පැවසුවේ ය, "මම මෑතක ඉදලා සෑම දිනකම නිෂ්ක්‍රීය රාජකාරිවල යෙදී සිටිනවා , මේ හැමවෙලාවකම දැනටමත් මා ගැන සොයා බැලීම ගැන ශිෂ්‍යොං ට ට ස්තුතිවන්ත වෙනවා."

 "ඒක සතුටක්."  ෂ්‍යාඕ චීයේ  තිරය එසවීය.  “ඔබට කාර්යබහුල වෙන්න අවශ්‍ය නම්, මා වෙතට එන්න.  ඕනෑම වේලාවක ඔබ වෙනුවෙන්  මම යහන පිරිසිදු කරන්නම්. ”

 "යහන" යන වචනය ඇසූ විට ශෙන් ස'චුආන්  හිස රිදෙන්නට පටන් ගත්තේය.  ඔහු කලින් ඇතුළු කළ එම ස්ථාන වල නොනැසී පවතින උණුසුම දැනෙන්නට විය ;  එය කෙතරම් ගිනියම් වීද යත් ඔහුගේ සිනහව මැකී ගියේය.

සුඕ ච්‍යැන්ච්‍යු පළල් අත් සහිත වස්ත්‍රයකින් සැරසී සිටි අතර බෑවුම් සහිත කරපටි සහිත, සුදු හිසකෙස් බනිස් ගෙඩියකට ඇද තිබුණි.  ඔහු වැදගත් උගතෙකු හෝ විශ්මය ජනක සෙන්පතියෙකු ලෙස පෙනුනේ නැත.  ඔහු පැහැදිලිවම ජී ගැං ට වඩා වසර කිහිපයක් වැඩිමල් වූ නමුත්, ඔහු ජී ගැං ට වඩා තරුණ පෙනුමක් තිබුණි.  ඔහුව විස්තර කළ යුතු නම්, ඔහුට වෙනස් පෙනුමක් ඇති නිසා විය හැකිය.  ඔහුගේ පැවිදි වීම පිළිබඳ සටන් සහෝදරයන්ගේ කටකතා මුළුමනින්ම පදනම් විරහිත නොවන බව පෙනෙන්නට තිබුණි.

 සුඕ ච්‍යැන්ච්‍යු හැරී බැලූ විට ජී දුටුවේය.

 ජි ගැං කෙටි දිග සාමාන්‍ය කපු ඇඳුමකින් ඝන වැස්මකින් සැරසී සිටියේය.  ඔහු විරූපී මුහුණින් යුතුව ඔහු දෙස බලා සිටියේය.  ක්ෂණයකින් අතීතය ඉස්මතු විය.  යෞවනයන්ගේ ප්‍රීති ඝෝෂා සහ සිනහව ඔහුගේ සවනතට සමීප වූ නමුත් ඔහුට ඉදිරියෙන් සිටි මිනිසා ඒ වන විටත් මහලු හා සුදු හිසකෙස් ඇති අයෙකි.

 ෂ්‍යාඕ චීයේ නිශ්ශබ්දතාවය බිඳ දමා, "ෂිෆු දෙදෙනාම මෙහි ආහාර ගනීවි, ලන්ජෞ සහ මම එළිමහනේ බලා ඉන්නම්."

 "චුවාන්-එර්, ඔබේ වස්ත්‍රය නිවැරදිව ගැට ගහගන්න."  ජි ගැං පැත්තකට හැරී, "ඔබට සීතලක් දැනෙනවා නම් ඇතුලට එන්න" යැයි ශෙන් ස'චුඇන්ගෙන් ඉල්ලා සිටින විට හුදකලා බවක් දිස් විය.

 ශෙන් ස'චුආන්  හිස සැලුවේය.

 සුඕ ච්‍යැන්ච්‍යු පැවසුවේය, "ආ-යේ, ඔබේ ෂිදි ගැන බලාගන්න."

 ෂ්‍යාඕ චීයේ පිළිගන්නා ආකිරයේ සිනහවක් පෑ අතර, දෙදෙනාම ඉවතට ගියහ.

පිටත ශීතල වූ නමුත්, නමුත් එය දුර්ලභ පැහැදිලි රාත්‍රියකි.

 ශෙන් ස'චුආන්  පඩිපෙලෙන් බසින විට රතු මිදි පුෂ්ප පිපෙන ගැඹුරු වනාන්තරය දුටුවේය. එහි  පාලමක් තිබුණි.  මෙම මළුව කෙතරම් පි​රිසිදු කර තිබුණද එය ෂ්‍යාඕ චීයේ ගේ ශෛලිය බව පෙනෙන්නට නොතිබුණි.

 "මෙම මළුව යාඕ වංශයේ මුදලින් මිල දී ගෙන තියෙන එකක්."  ශෙන් ස'චුආන්  සිතන්නේ කුමක්දැයි ෂ්‍යාඕ චීයේ දැන සිටි බවක් පෙනෙන්නට තිබුණි.  ඔහු ශෙන් ස'චුආන්  පිටුපසින් සිට අවට පැහැදිලි දිය පහර පෙන්වන්නට රතු මිදි පුෂ්පයන් පසෙකට කරන්නට ඔහුගේ හස්තය එසැවූයේ ය.  “ලස්සනයි.  ඒ වගේම මිල අධිකයි.”

 "ඔබ තවමත් මුදල් සමඟ ඔට්ටු වෙනවා නේද."  ශෙන් ස'චුආන්   ආපසු හැරී බැලුවේ නැත.

ෂ්‍යාඕ චීයේ ඔහුගේ පපුවෙන් ශෙන් ස'චුආන්  ගේ පිටේ සැහැල්ලුවෙන් හැප්පෙමින්​ ශෙන් ස'චුඇන්​ ගේ හිස මුදුන වසා ගැනීමට අතක් එසවීය.  ඔහු ශෙන් ස'චුඇන්ගේ ගේ සවනතට ළං වී, “රතු මිදි හිමෙන් වැසීලා තියෙනවා.  ලන්ෂෝ ගෙ සුවඳ වගේමයි.  ඔහුගේ සිනහව රන් දහසක් තරම්වටිනවා."

 "ඔබ ඔබේ යට වස්ත්‍රය ඇපයක් ලෙස තබලා වත් ද."  ඇත්තටම ශෙන් ස'චුආන්  සිනහ වෙන්නට පටන් ගත්තේ ය.

 මට මුදලක් වියදම් කරන්න සිදු වුනා, ඔව්.  නමුත් යාඕ වෙන්යු ඒ වන විටත් එය අඩු මිලකට විකුණමින් සිටියා."  ෂ්‍යාට චීයේ  නැවතී පවසන්නට විය, “ඔබ ඉතා වේගයෙන් දිව ගියා.  මාව මගහරින්න, ඔබත් විශාල උත්සාහයක් ගත්තා. ”

 "ඒ මම ඔබව මගහරිනවා නෙමෙයි."  ශෙන් ස'චුආන්  ෂ්‍යාඕ චීයේ ගේ අත්ල ඉවතට තල්ලු කිරීමට ඔහුගේ ඇඟිල්ල එසවීය.  “නමුත් අපිට මුහුණට මුහුණ සාකච්ඡා කළ යුතු වැදගත් කරුණක් තියෙනවා ද?”

 ෂ්‍යාඕ චීයේ සිනාසෙමින් මඳක් අනුකම්පා විරහිත ලෙස කීවේය, “ඔබේ දෙවන තරුණ ස්වාමියාව සයනයට දැමුවට පස්සේ , ඔහුට ටිකක් ආදරය කරන්න බැරිද?”

ශෙන් ස'චුආන්  ෂ්‍යාඕ චීයේ ගේ ගේ පපුව හැර යාමට පියවර කිහිපයක් ඉදිරියට තැබුවේය, පසුව වචනයක්වත් නොකියා ෂ්‍යාඕ චීයේ ව පරීක්ෂා කිරීමට හැරුනි.

 මිදි පුෂ්පයන් වසාගත් තරු පිරුණු රාත්‍රියේ , අවසානයේ දෙදෙනාම ආපසු හැරී බැලීමේදී යමක් තේරුම් ගත්හ.

 ෂ්‍යාඕ චීයේ විසින් එදින රාත්‍රියේ ඔහු අල්ලා ගත්තේ ජලය බව සොයා ගනු ලැබුවේ ය.  එය අතීතයට ගලා ගිය පසු, එය සැබවින්ම අතුරුදහන් විය. ශෙන් ස'චුඇන්ට අංශු මාත්‍රයක හෝ අකමැත්තක් දැක්වූයේ නැත.  එකිනෙකා සපා කෑමේ හා ඉරා දැමීමේ උන්මාදයෙන් පසු ඒ කල්පවත්නා උණුසුම ද රාත්‍රියේ වර්ණ යට වැළලී ගොස් අවසන්ය. ශෙන් ස'චුආන්  මත් වී කාමයෙන් ගෙල ඔසවද්දී ඔහු ඇවිලී යන්නට විය  - ෂ්‍යාඕ ස'අන් - ඔහුගේ මතකයන් තුළට තැන්පත් විය."

නැවත වරක්, ෂ්‍යාඕ චීයේ පැහැදිලිවම එක් දෙයක් තේරුම් ගත්තේය.

එදින රාත්‍රියේ කාමයෙන් පරාජය ලැබුවේ ඔහු පමණි.

 "මම ඔබට කලින් උපදෙස් දුන්නා." ශෙන් ස'චුආන්  මිදි මල් අත්ත අල්ලාගෙන සිටීමට අත ඔසවා ෂ්‍යාඕ චීයේ දෙස බලමින් පැවසුවේ ය, “මේ ගෙල සපන්නේ නැත්තම් ​හොඳයි” යනුවෙනි.

 "නිදන කුටියේ ප්‍රිතිය..." ෂ්‍යාඕ චීයේ නිහතමානී සිනහවක් දැක්විය.  "... ඒක මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි."

 ඔබ සහ මා අතර ඇති ලොකුම වෙනස ආශාවයි.  ඔබ සම්පූර්ණයෙන් ආශාවෙන් වැසී ගිහින්.  ඔබේ කාමභෝගි අභිලාෂයන් සැඟවීමට ඔබ කිසිදු උත්සාහයක් ගන්නෙ නැහැ. මගේ ගෙප කියන්නේ වැදගත් දෙයක් නෙමෙයි.  ඔබ එයට විරුද්ධ වෙන්නත් අවශ්‍යයි , එය පරාජය කරන්නත් අවශ්‍යයි. ඒත් මා රඳවාගෙන සිටියත් නමුත් අවසානයේ ඔබට එය අහිමි වෙලා ඉවරයි.  නමුත් ස'අන්.  ශෙන් ස'චුආන්  මිදි පුෂ්පයක් කඩා, පෙති ඉරා, ඔහුගේ මුවහට ඇතුළු කළේ ය.  “මට තෘෂ්ණාවක් නැහැ.  ඉතින් ඔබ කොහොමද මට විරුද්ධ වෙන්නේ?"

 ෂ්‍යාඕ චීයේ තවත් පියවරක් ළං කර ශෙන් ස'චුඇන්ගේ පුෂ්පයන් ස්පර්ශ කල අතින් අල්ලා ගත්තේය.  ඔහු සමීප වෙන්නට පහළට නැමුණේ ය, “එක් වරක් කියන එකෙන් අදහස් වෙන්නේ මොකක් ද?  හරිම කම්මැලියි.  අපි එය තවත් වට කිහිපයක් එය කළ යුතුයිනේ.  ඔබට ඖහුආ මන්දිරයේන් ඒ ආචාරශීලී අය භාවිතා කළ නොහැකි වුනා වගේම , එම පිරිමි ළමයින් ස්පර්ශ කරන්නවත් ඔබ එඩිතර වූයේ නැහැ.  ඔබ බ්‍රහ්මචාරී හුදකලා මුනිවරයෙක් වගේ පෙනී සිටිනවා.  නමුත් එදා රාත්‍රියේ එතරම් සියුම් විදිහට හුස්ම හිරකරගෙන හිටියේ මම නෙමෙයි. ”

 ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්  ගේ අත ඔහුගේ තොල් වෙතට ඇදගත්තේ ය. ඔහු එයින් තොල් තද කරගන්නට විය. එය සිපගත්තේ ය.

 මම රාගය නිසා පැරදුණු බව ඇත්ත.  නමුත් ඔබ එතරම් විශ්වාස නම්, ඔබ මා සමඟ ඇතිරිල්ල යට කුණාටුවක් ඇති කරන්න උත්සාහ කළේ ඇයි? ශෙන් ලන්ජෞ, ඔබ මට වඩා ආශාවට යටත් වෙන්න බයයි නේද?"

අරුත් පැහැදිලි කිරීම

1.) 镇抚 අධිරාජ්‍ය බන්ධනාගාරයේ විනිසුරුවරයා, දූෂිත නිලධාරීන් මැඩපැවැත්වීම සඳහා වධහිංසා පැමිණවීම පිළිබඳ විශේෂඥයෙක්.  මිං රාජවංශ සමයේදී, අධිරාජ්‍ය ආරක්ෂකයින්ට යටත් වූ දකුණු සහ උතුරු බන්ධනාගාරයක් ද (镇抚司) විය.

 දකුණු බන්ධනාගාරය හමුදා නීති නිරූපණය කිරීම සහ හමුදා ශිල්පීන් කළමනාකරණය කිරීම භාරව සිටි අතර උතුරු බන්ධනාගාරය අධිරාජ්‍යයා විසින් භාර දෙන ලද නඩු සඳහා වගකිව යුතු විය.

 2.) Ci, සම්භාව්‍ය චීන කාව්‍ය වර්ගයකි.

 3.)  ⻰压不过地头蛇 විශාල බලයක් ඇති අයෙකුට දෙවැන්නාගේම භූමියේදී දේශීය දුෂ්ටයෙකු පරාජය කළ නොහැක.

 5.) 汤蹈⽕ ගින්න සහ ජලය හරහා යෑම  නිර්භීත අනතුරු සහ මරණය.

 6.) ෂ්‍යාඕ සොංසොං හි ෂ්‍යාඕ යන්නෙන් අදහස් වන්නේ පුංචි , යන්නයි "ෂ්‍යාඕ සොං" ලෙස ඔහු මෙහි ඔහුගේ නම අලංකාර කරයි.

 7.) වාසස්ථානයක් හෝ මාලිගාවක් තුළ විවිධ අංගන වෙන් කරන බිත්තියක විවරයක්.  එය සඳ දොරටුවක් ලෙසද හැඳින්වේ (⽉亮 ).

 8.). ඇතිරිල්ල යට කුණාටුවක් ඇති කිරීම;  ආදරය කිරීම, ලිංගික සංසර්ගය සඳහා සාහිත්‍ය පදයක් ලෙසද යොදාගනියි.

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-