Skip to main content

හැටවන පරිච්ඡේදය : විලංගූ

 

 

කලින්ම වසන්තය උදාවුණ නිසා, හුඟක් කරදරකාරි කාරණා ඉහළට මතුවෙලා තියෙනවා. අද අපි සැලැස්මක් ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඔබ දැන් පිටවෙලා ගියොත් ඉදිරියේදි අපිට පිටවෙන්න කාලයක් නැති වේවි.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ඉතිං ඒ නිසා අද මෙහෙ විවේක ගන්න.”

ශෙන් ස'චුආන්  බිඳි ගිය සිනහවක් සමඟ පවසන්නට විය, “හැබැයි කොළේ වහන්න බෑ.”

ඔහු මේ වදන් උච්චාරණය කළේ ඉතාමත් මිහිරි ලෙසය, ජිහ්වය ගැටීමේදි සංවේදනාත්මක ඉඟියක් පැවේ ය. ඔහුගේ දෑස් පැහැදිලි ලෙසම කාමාශා තරංග විහිසුවාලූයේ ය ; ඒ වදන් සමග ඔහු මුදාගන්නා ලද ඇගිලි පවා ආශාවන්ගේ හුයෙන් බැඳෙන්නට පටන්ගත්තේ ය

 ඒවා දවාලූයේ ය.

*මේ නින්දිත පුද්ගලයා නම්*

ෂ්‍යාඕ චීයේ ​ශෙන් ස'චුආන්  දෙස බලා හිදිද්දී ම සිතන්නට විය.

මේ සැබෑම නරක් වූ බිජුව විය. ඔහු සෑම තත්පරයක් පාසාම තම අවසන් සීමාවේ මායිම්වලට එරෙහිව තල්ලු කරමින් කපටි සහ අව්‍යාජ ලෙස  තම විඳදරාගැනීම මුළුමනින්ම පාගා දැමුවේ සවනත අසලට ළං වී “එන්න මා සමඟ පැටලෙන්න” යැයි අමතන්නාක් මෙනි. මේ නරියාගේ වලිගය ඔහුගේ දෙපා කිති කැවූ අතර, ඔහුගේ දෑස් ආශාවෙන් පිරී ගියේය.

"බරපතල කරුණු." ෂ්‍යාඕ චීයේ ජනෙලය වැසුවේ ය. "බැරෑරුම් විදිහට සාකච්ඡා කරන්න ඕනේ."

         

හෙට උදෑසන ජනතා ඉඩම් සම්බන්ධයෙන් සමරුවක් සකස් කරන්න. මම ඒක උතුමාණන්ට ඉදිරියට ගිහින් ඉඳිරිපත් කරන්නම්.” ෂ්‍යාඕ චීයේ වේවැල් අසුනේ වැතිරී බිමට ලිස්සා ගිය ලෝගුව අසුලා ගත්තේ ය. ඔහු එහි අත් සාක්කුවේ තිබූ ආම්පන්න එකින් එක රාක්කය මත තබන්නට පටන් ගත්තේ ය.

ඔබට ඒහෙම කරන්න බැහැ.” ​ශෙන් ස'චුආන්  ස්නානය කරන ජලයෙන් තෙත මාත්තු කරගිනිමින් මදක් කල්පනා කරන්නට විය, “ඔබ රාජකීය හමුදාවේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිවරයා; ඔබ මහජනතාවගේ ගැටළු බාරව ඉන්නෙ නැහැ, ඒ නැකත් සාමාන්‍ය ජනතාවගේ පැමිණිලි භාරවෙලා නැහැ. ඒක ඔබට කොහෙත්ම අදාල නැහැ. ඔබ ගැන ඇත්තටම සැක හිතෙන්න පුළුවන් ඔබම ගිහින් අනපේක්ෂිත විදිහට ඒ සමරුව ඉදිරිපත් කළොත්.”

එහෙමනම් ඔබම එය ඉදිරිපත් කරන්න. ඔබයි එතැන ජීවත් වෙන්නේ, ඉතිං ඔබම එය ඉදිරිපත් කරන එක අමුත්තක් නෙමෙයි නේ. මම අධික්ෂකවරයා විදිහට යන්න සටහනක් තබන්නම්.” ෂ්‍යාඕ චීයේ සැක සහිත ඇත්දල නැමුම් විජීණියක් සොයාගත්තේ ය. ඔහු අසන්නට විය, “ඇයි ඔබ ඇත්දළ විජිනිපතක් අරගෙන යන්නේ?”

ලාලිත්‍ය වස්තු තම අත්වල තබාගෙන තමන් කීර්තිමත් සහ සූක්ෂම ලෙස නිරූපණය කිරීමට විශේෂයෙන් ඇල්මක් දැක්වූ සාහිත්‍යධරයෝ ඇත් දළ සහ කළුවර වැනි දෑ සැලකුවේ දරාගත නොහැකි අශිෂ්ට දෑ ලෙසය. ඒ නිසා සම්භාව්‍ය වංශයෙන් පැවත එන අය සම්භාව්‍ය කෘතීන් හොඳින් කියවා තිබුණ ද, නැත ද පිටතට යන විට සඳුන් ලීයෙන් හෝ ඇත්දළවලින් සාදන ලද නම්‍යශීලී විදුලි පංකා කිසි විටෙකත් රැගෙන නො යන්නේ ය. ප්‍රසිද්ධ අක්ෂර වින්‍යාසකරුවන් විසින් අක්ෂර වින්‍යාසයෙන් සරසා ඇති මෝසෝ උණ පතුරු විජිනිපත් ඔවුහු බහුලව භාවිතා කළෝ ය.

ශෙන් ස'චුආන්  පවසන්නට විය, “විනෝදයට තමයි. ඒ වගේ අශෝභන දෙයක් මට හොඳටම ගැලපෙනවා.”

ඔහු වසර පහක් ජාඕ සූයි විහාරස්ථානයේ නැවතී සිටි නිසා ඔහුට උතුම් වංශයන් සමඟ සාහිත්‍ය කටයුතුවල නිරත වෙන්නට අවස්ථාවක් නොමැති විය. ඔහුට පිරිපහදු කළ යුතු යැයි මවාපාමින් සංස්කෘතියෙන් බැහැර වූ අශික්ෂිත සාමාන්‍ය වැසියෙකු වීමට සිදු විය. මෙය පමණක් නිවැරදි වනු ඇත, මෙය පමණක් සුදුසු වනු ඇත. ඒ නිසා ඔහු නිතරම රැගෙන යන ඇත්දළ විජිනිපත හැරුණු විට, ඔහු තම ඉණෙහි එල්ලාගෙන සිටි ඇති වටිනා හරිතමණී ආභරණය සඳහා මිල අධිකම පෙනුමැති වර්ගය තෝරාගෙන තිබුණි.

ශෙන් ස'චුආන්  ගේ අත් සාක්කුව වටා අතපත ගාමින් සිටි ෂ්‍යාඕ චීයේ තේරුම් ගත්තේ ඔවුන් සැබවින්ම විරුද්ධ පුද්ගලයන් දෙදෙනෙක් බවය.

ෂ්‍යාඕ චීයේ ගේ රුචි අරුචිකම් පිටතින් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි විය. යමෙක් ඇත්ත වශයෙන්ම ගැඹුරට හාරා අවුස්සන්නේ නම් , මෙම වෙනස්කම් තරමක් අඳුරු බව ඔවුන්ට වැටහෙනු ඇත. ඔහුගේ දෑස් පියාගත් සැණින් ඔහු තෘප්තිමත් වූ ක්‍රියාකාරකම් බොහොමයක් අමතක විය හැකිය; සැබවින්ම ඔහු හදවතින්ම ආශා කළ කිසිවක් නොතිබුණේ ය. ඊට පටහැනිව, ඔහු ලබා ගන්නට යොමු වූ අඳුරු ගනුදෙනු ලෙස පෙනෙන්නේ ඔහුගේම දහඩිය සහ රුධිරයන්හී ප්‍රතිඵලයන් ය. ඔහුට ප්‍රියතම ආහාරයක්වත් , ප්‍රියතම මත්පැන් වර්ගයක්වත් තිබුණේ නැත. මාතෘකාව පිළිබඳ කතා කරන විට අයෙකුට පවසන්නට හැකි වූයේ "දෙවන තරුණ ස්වාමියා පානය කරන්න කැමතියි" යන්න පමණකි. නමුත් දෙවන තරුණ ස්වාමියා පානය කරන්න කැමති වූයේ කුමන මත්පැන් වර්ගයද? ඇත්තෙන්ම එය කිසිවෙකුටත් පැවසිය හැකි නොවී ය.

අනෙක් අතට, ශෙන් ස'චුආන්  කිසිවකට රුචි නොවුනද ඔහුට ඕනෑම දෙයක් විඳ දරාගත හැකි අයෙක් බව පෙනුනේ ය. නමුත් ඔහුට මඳක් උසස් බව දැනෙන්නට හරින්න, එවිට කෙනෙකුට ඔහුගේ රුචි අරුචිකම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට හැකිවනු ඇත. ඔහු ශක්තිමත් තිත්ත තේ වලට අකමැති විය; එක් උගුරක් පමණක් ගත් පසු, ඔහු කිසි විටෙකත් එය දෙවන වරට ස්පර්ශ නොකරනු ඇත. ඔහු මාළු කෑමට ප්‍රිය කළේය. ස්ථානය නිවැරදි වූ තාක් සහ කිසිවෙකු නිරීක්ෂණය නොකරන තාක් කල්, ඔහුට බළලෙකු මෙන් පිරිසිදුව හා පිළිවෙලට මාළු ආහාරයට ගන්නට හැකියාව තිබුණි

ෂ්‍යාඕ චීයේ එය විනෝදජනක ලෙස දුටුවේය. එය ශෙන් ස'චුආන්  ගේ මෘදු ස්වරුපය දුටුවාක් මෙන් ය

​ශෙන් ස'චුආන්  ගේ ඉණ. ශෙන් ස'චුආන්  ගේ පිටුපස. ශෙන් ස'චුආන්  ගේ තියුණු  උරහිස්. ඇස් පියාගෙන සිටියත් ඔහුට මේ සියල්ල හඳුනාගත හැකි විය.

පුරසාරම් දොඩන්නෙක්. (1.)

ෂ්‍යාඕ චීයේ ලෝගුව අතට ගනිමින් දෑස් පහත් කරගනිමින් සිතන්නට විය.

ඔහුට ඒක බැල්මකින් පුද්ගලයෙකු භිතියට පත් කරන්නට හැකියාව තිබුණේ ය. නමුත් වැළඳගැනීම් කිහිපයකට පසු , ෂ්‍යාඕ චීයේ ට ඒ චාටු වදන් පිටුපස කැටිව තිබූ කෝපයත් ප්‍රිතියත් හදුනාගත හැකි විය. ඔහු අද රාත්‍රියේ පොකුණට වැටී දිලෙන දිවයුරු ගේ පරාවර්තනය මෙන් වූවා පමණක් නොව, එක් කාරණයකින් පමණක් ඔහු ප්‍රකෝපකාරී නොවන බවද ඔහුට පෙනී ගියේ ය. නමුත් ඇත්ත වශයෙන්ම, ඔහු දැනටමත් ඔහුගේ පුස්ථකයේ ඔබට විරුද්ධව කළු පැල්ලමක් තබා තිබෙනවා විය හැක. ඊළඟ​​ට ඔබට පෙරලා පහර දීමේ ඊළඟ අවස්ථාව සොයා ගන්න​ට උත්සහ දරණු ඇත.

 

ශෙන් ස'චුආන්  පිටතට පැමිණියේ ඔහුගේ වස්ත්‍රය  උරහිස මත තබාගෙනය. ඔහුගේ හිසකෙස් තවමත් තෙත්බරිතව තිබුණි. හිස හරවා බැලූ ඔහුට දකින්නට ලැබුණේ අසුනේ වාඩි වී සිටින ෂ්‍යාඕ චියේ තම ඇත්දළ විජිණිය සමඟ සෙල්ලම් කරන ආකාරයයි. ඔහුගේ ඇඳුම් මනා ලෙස පසෙක එල්ලා තිබිණි.

 

අපි සාකච්ඡා කරලා ඉවර නැහැ,” ෂ්‍යාඕ චීයේ නැගී සිටියේය. "ඉඟුරු සුප් පානය කරලා ඉඳගන්න. ඉන් පසුව කතා කරමු."

 

ශෙන් ස'චුආන්  තිර රෙද්ද ඔසවන්නට අත දිගු කළ නමුත් ෂ්‍යාඕ චීයේ ඔහුට පහර දී විජිනියෙන් එය එසැවූයේ ය. දෙදෙනාම පිටතට ආවෝ ය. ඇතුල් කුටියේ බොහෝ විදුලි පහන් ඒ වන විටත් නිවී ගොස් තිබුණේ දිලිසෙන ලාම්පුවක් පමණක් ඉතිරි කරමිනි.

 

ශෙන් ස'චුආන්  ට මද උණුසුමක් දැනු​නේ ය. ඉගුරු සූපය පානය කළ පසු, ඔහුට සුවයක් දැනුණි. ඔහු දහවල් කාලයේ යම් සුවයකින් මිටියද , මේ වන විට ඔහුගේ හිස බරින් වැඩිවී කරකරවිල්ල ඇතිවෙන්නට පටන්ගෙන තිබුණි.

 

ෂී හොංෂුආන් ව ආදායම් අමාත්‍යාංශයට මාරු කර තිබෙනවා. නිලධාරීන් වෙනුවෙන් වන තක්සේරුව ළඟ ළගම පැමිණෙනවා. නමුත් ඔහු ඇගයීම් කාර්යාංශයේ ඉන්නවා." “මේ පරීක්‍ෂණවලින් නිලධාරීන්ගේ නිරීක්ෂණ ඇගයීම්වලට බාධාවක් වේවි. ඔබ ඔහුට මේ අදහස ඉදිරිපත් කළාද? ” ෂ්‍යාඕ චීයේ ඇසුවේ ය.

 

ශෙන් ස'චුආන්  ඉඟුරු සුප් මුවෙහි පුරවාගෙන හිස වැනුවේ ය. එය ගිල දැමීමෙන් පසු ඔහු පවසන්නට විය “ඒක ෂුඒ ෂ්‍යුජුඕ ගේ අදහසක් වෙන්නැති”

 

චාරිත්‍ර වාරිත්‍ර අමාත්‍යාංශයේත් යුද අමාත්‍යාංශයේත් මගේ මිනිස්සු ඉන්නවා. මේ වටයේ තක්සේරුව නිසා ඔවුන්ව මාරු කරන්න ඉඩ තියෙනවා." ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බැලුවේය, "එහෙම වුනොත් අපේ අලාභය ජයග්‍රහණවලට වඩා බෙහෙවින් වැඩි වේවි."

 

ශෙන් ස'චුආන්  හිස වනමින් පැවසුවේ ය. “මේක ඕනෑවට වඩා කරදර වෙන්න ඕනේ දෙයක් නෙමෙයි. චාරිත්‍ර අමාත්‍යාංශයේ උප අමාත්‍යවරිය ජ්‍යැං ෂු සහ නියෝජ්‍ය ජෙනරාල් ෂාඕ හුයි අතර විවාහය හරහා ඇති සම්බන්ධය හැරුණු විට අනෙක් ඒවා එතරම් කැපී පෙනෙන්නේ නැහැ. ඔබ ගැන ෂුඒ ෂ්‍යුජුඕ ට මොනවගේ ආකල්පයක් තියෙනවා ද කියලා මම දන්නේ නැහැ. හැම කෙනෙක්ටම ඔවුන්ගේ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යන්න ඉඩ දෙන්න. ඊට අමතරව, පරීක්ෂණ සහ තක්සේරු කිරීම් එක් වංශයකින් පමණක් සිදු වෙන්නේ නැහැ. ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි ඔහුගේ මිනිස්සුත් යවනවා. ෂී හොංෂුආන් ඕනෑවට වඩා නිර්භීත විදිහට ක්‍රියා කරන්න එඩිතර නොවේවි."

මෙවර පරීක්ෂාව ජොංබෞ වලට අදාළයි. ටික වේලාවකට පෙර ඇති වුණ හිම කුණාටුව ෂොංබෝ වෙත දුෂ්කරතා ගෙන ආවා; මිනිසුන් දහයක් හෝ වැඩි පිරිසක් එකින් එක මිය යමින් ඉන්නවා. හායි ලියැංයී ගැටලුව නිවැරදි කරන්න නම් මේ වසරේ නිලධාරියෙකු එවන්න ඕනේ." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.

"ෂොංබෝ." ශෙන් ස'චුආන්  ඒ ගැන නැවත සිතා බැලූ බවක් පෙනෙන්නට තිබුණි. "ජොංබෞ... දැන් කළමනාකරණය කරන්න පහසු නැ. ඔවුන් සාහිත්‍ය නිලධාරියෙකු යැවිය යුතු නම්, කොල්ලකරුවන්ට එරෙහිව තමන් වෙනුවෙන් සටන් කරන එක ගැන ඔහුට සහතික වෙන්න බැහැ, අලුතින් පිටත් වුණ හමුදා භටයින්ට අණ දෙන්න ඔහුට නොහැකි වේවි. මේ ස්ථානය වෙනුවෙන් නිසි සැලැස්මක් තියෙන්න ඕනේ ; ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිට පවා ඒ ගැන කරදර වෙන්න සිදුවේවි."

දැනට චූදු වල සුදුසු අපේක්ෂකයෙක් නැහැ. පවරා ඇති තැනැත්තා උතුම් වංශයෙන් නොවන තාක් කල් සියල්ල සාකච්ඡා කළ හැකිය. සීජෞ ඊසානදිග පාලම් මාර්ගයට බලපෑමක් තියෙනවා; සීජෞ ඔවුන් අතට පත් වුනොත් එය කරදරයක් බවට පත් වේවි. වර්ෂා දවස් කලින් සැලසුම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා ... වර්ෂා දින වෙනුවෙන් විතරක්. ශෙන් ස'චුආන්  ගේ විඩාබර මුහුණ දෙස බලමින් ෂ්‍යාඕ චියේ සිය ස්වරය මෘදු කළේය.

ශෙන් ස'චුආන්  ගේ උසස්වීමෙන් පසු, ඔහු දෙපැත්තේම පැවරුම් වෙනුවෙන් සිටියේය. රාත්‍රියේදී, ඔහුට බොහෝ විට ඖහුආ මණ්ඩපයේ රුදී සිටීමට සිදු වූ අතර, ප්‍රායෝගිකව කිසිදු වගකීමක් නොමැති තනතුරක් දරණ ෂී හොංෂුආන් සමඟ ඇසුරු කරන්නට සිදු විය. ඔහු ලී ජ්‍යැන්හෙං  සඳහා නාද රචනා කළ නිසා, ඔහුට උදෑසන උසාවි සැසිවාරවලට සහභාගි වීමට පවා සිදු නොවීය. ඔහුට විවේක ගැනීමට ඕනෑ තරම් කාලය තිබුණි. නමුත් ශෙන් ස'චුආන්  ට සෑම දිනකම ඔහුගේ තලය සමඟ අධිරාජ්‍යයා ඉදිරියේ ආරක්ෂාවට වෙනුවෙන් රුදෙන්නට සිදු විය. ඔහු රාත්‍රියේ නිදා නොගත් අතර දහවල් කාලයේදී ඔහුට සියලු ආකාරයේ හමුදා ශිල්පීන් සමඟ කටයුතු කරන්නට පවා සිදු විය. ඔහු රාජකාරියේ යෙදෙන විට ඊටත් වඩා කාර්යබහුල වූ අතර, ඔහුට අවශ්‍යයෙන්ම ඔහුගේ ආහාර අනුභව කරන්නට පවා අවස්ථාවක් නොලැබෙනු ඇත.

තම අසල්වාසීන්ගේ සවන්පත් වල නෙරා ඇති දාර අවහිර වීම නිසා ආලෝකයෙන් තොර වූ දොංලොං වීදියේ තම නවාතැන ගැන වද වීමටවත් ඔහුට වෙලාවක් තිබුණේ නැත. ඒ වන විටත් තම මළුව ජලයෙන් යටවී ඇති බව ඔහුට වැටහුණේ ඊයේ දිනයේය. නිවසේ ඇඳ ඇතිරිලි කෙතරම් තෙත් වීද යත් ඔහුට එහි සිටිය නොහැකි විය. ඔහුගේ ෂිෆු සහ ගුරුවරයා සමඟ නවතින්නට ඔහුට ච්‍යාඕ ත්‍යැන්යා ව ජාඕ සූයි පන්සල වෙත යවන්නට හැකි විය. නමුත් ඔහුට නිදහසක් තිබුණේ නැත.

ඔහු තවත් කෘෂ වී තිබුණේ ය, අළුත් අවුරුද්දට පසු ඔහුගේ බර වැඩිවී තිබුණේ නැත.

ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බොහෝ වේලාවක් බලා හිඳ, කුඩා මේසය හරහා තම අත දිගු කළේ ​​ශෙන් ස'චුආන්  ගේ කොපුලට තට්ටු කරන්නටය. ඔහුගේ කොපුල අදහාගත නොහැකි තරම් රත් ව තිබුණේ ය. එය "ටිකක් උණුසුම්" යැයි සදහන් කරනවාට වඩා බොහෝ දුරස් වූයේ ය. ඔහුගේ ගෙලෙහි වූ ඇති කුෂ්ඨවලට තවමත් ඖෂධ දමා තිබුණේ නැත. ෂ්‍යාඕ චීයේට ඔහුට කතා කරන්න ට අවශ්‍ය වූ නමුත් ඒ සමඟම ඔහුට එසේ සිදුකළේ නැත.

නමුත් ඔහුගේ ස්පර්ශය ෂෙන් සෙචුවාන් අවදි කළේය. ​ශෙන් ස'චුආන්  ඔහුගේ මනෝභාවය වැඩි කර ගනිමින් ධෛර්ය සම්පන්නව මෙසේ පවසන්නට විය, “... ආහ්, අපි වර්ෂා දින වෙනුවෙන් කලින් සැලසුම් කරන්න ඕනෙ. පරම්පරාගත කුමාරයා..."

ඔහු තම වාක්‍ය අවසන් කරන්නටත් පෙර, ෂ්‍යාඕ චීයේ ඔහු වෙතනකට නැඹුරු වුයේ ය. ෂ්‍යාඕ චීයේ ගේ දෑත් ශක්තිමත් සහ දැඩි විය, ඒ නිසා ශෙන් ස'චුආන්  ව රුගෙන යාම ඔහුට මදක් අපහසු විය. මේ සය මතවූ බඳුන ඉවතට පෙරළි යද්දී , ෂ්‍යාඕ චීයේ විවේකයෙන් යුතුව සිය පාදය යො​දාගෙන එය ඉවතට තල්ලු කළේ ය, “ මේ දෙවන තරුණ ස්වාමියා දැන් ඔබව මංගල යහනට අරගෙන යන්නම්.”

ශෙන් ස'චුආන්  ඔහුගේ නළලෙහි වූ දහදිය පිසදමා ඔහුට තමාව ඔසවා ගන්නට ඉඩ දුන්නේ ය, “අපි දැනටමත් අද රාත්‍රියේ බැරෑරුම් කාරණා සාකච්ඡා කරලා ඉවර ද?”

"අපි සාකච්ඡා කරලා ඉවරයි." ෂ්‍යාඕ චීයේ  ඔහුව ඉඟටියෙන් අතදමා උසවාගන්නට විය , “දැන්, ඔබේ ණය ගෙවන්න කාලය ඇවිත්” ඔහු පැවසුවේ ය..

මෙය පැවසීමෙන් පසු ඔහු ශෙන් ස'චුආන්  ව ඇඳ ඇතිරිල්ල මත තබන්නට ඔහුගේ පිටුපසට නැමුණේ ය.

ශෙන් ස'චුආන්  තම දෑතින් මුහුණට වැටෙන ආලෝක කදම්භය අවහිර කර හුස්ම යටින් පවසන්නට විය  “ආලෝකය අවශ්‍ය නැහැ”

"පොඩි ආලෝකයක් වුනත් ඔබේ සියල්ලම දකින්න ප්‍රමාණවත් වේවි." ශෙන් ස'චුආන්  මේ ඉරියව්වෙන් සිටිද්දී ම ෂ්‍යාඕ චීයේ ඔහුගේ ඇදුම් ඉවත් කළේ ය.

ශෙන් ස'චුආන්  ගේ ලය නිරාවරණය වී තිබුණ අතර, ඔහුට එකවරම ඔහුගේ ගෙලමත සීතලක් බවක් දැනුනි. ඔහු ඇඟිලි අතර හිඩැස් අතරින් ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේය. ෂ්‍යාඕ චීයේ තම ඇඟිලි විලවුන් වල ගිල්වා කුෂ්ඨ මත ආලේප කළේ ය. මේ මුළු ක්‍රියාවලියම ඔහු සිදුකළේ තමා ගල්වන්නේ හරිතමණි මාණික්‍යයක් යැයි සිතමිනි. ඔහු ඒවා ගල්වන තරමට සම මෘදුව ස්පර්ශ විණි. එය කෙතරම් මෘදු වුවාද යත් ෂ්‍යාඕ චීයේ ගේ හදවත පාලනය කර ගත නොහැකිව උදම් රුළි නගන්නට විය. ඇත්තටම ඔහුට කිසිදු මහත්මා ගතියක්  නොතිබුණේ ය.

තව ටිකකින් මට ඔබව බැඳ තබන්න වේවි, ඒ නිසා ඔබ හැමතැනම පෙරළෙමින් දඟලන්නේ නැතිව ඉන්නවා නම් හොඳයි. එහෙම නොවුනොත් මේ ආලේපනය නිසි විදිහට ගල්වන්න නොහැකි වේවි." ෂ්‍යාඕ චීයේ ආලේපන පෙට්ටිය වසා දමා සයනයේ කෙළවරේ වාඩි වී සිටි ඔහුගේ ඇඟිලි සෙමින් පිස දමන්න ට අක් පිස්නාවක් ගත්තේය. ඔහු ස්ව උපහාසයෙන් පවසන්නට විය , “මේ දෙවන තරුණ ස්වාමියා තමන්ගේ ජීවිතයේ මෙතෙක් සේවය කරලා තියෙන එකම තැනැත්තා ඔබ විතරයි.”

ශෙන් ස'චුආන්  සයනයේ ඇතිරිල්ලට අටින් රිංගා ගොස් ඔහුගේ හිස පසෙකට හරවාගෙන නිදාගන්නට විය.

පහන නිවා දමන්න ට පෙර ෂ්‍යාඕ චීයේ මද වෙලාවක් අසුන්ගෙන සිටියේ ය. ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්  ගේ ඉණ පිටුපසින් දෑත යවා බදාගනිමින් ඔහුව තමා අසල සයනයේ කෙළවරට ඇදගනිද්දී සයනය ගිලී යන්නට විය.

"ඔබව බැඳ තැබුවා." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "ඔබ මට පා පහර දෙන්න එඩිතර වුනොත් මම වහාම ඔබව එළියට දමනවා."

දෑස් විවෘත කළ ශෙන් ස'චුආන්  අඳුරු සඳ එළිය විහිදුවන ජනේලය දෙස බැලුවේ ය. ඔහුගේ හිම මෙන් ශීතල වූ දෑත් ඔහුව ෂ්‍යාඕ චීයේ ගේ මැණික් කටුව ස්පර්ශ කළේය. ඔහු පැවසුවේ ය, "ඔබ හරිම දරුණුයි"

අහ්-හහ්.” මොහොතක නිහැඬියාවකින් පසු, ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “මට ඔබට උපදෙස් දෙන්න වෙනවා. පහළට ගමන් කරන්න උත්සහ කරන්නත් එපා.”

ශෙන් ස'චුආන්  යමක් පවසන්නට පෙර මදක් ඉවසා සිටියේ ය, “මම කතා කරන්නේ ඔබේ ඉණ අවසරපත ගැන.”

ඒ ඇත්තටම ඉණ අවසරපත ගැන ද?” ෂ්‍යාඕ චීයේ සිය හිස මදක් ඇල කර ශෙන් ස'චුආන්  ගේ සවනත අසලට තද කළේ ය. ඔහු එය නැවත නැවතත් පවසන්නට විය, “ඒක ඇත්තටම ඉණ අවසරපත ද?”

ඔහුගේ වදන් ශෙන් ස'චුආන්  ව පුළුස්සා දැමුවේ ය.

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “මම ඔවේ සවනත සපා දැමුවොත් ඔබට එය අරගන්න බැහැ, ඒවගේම ඔබ සෙපවෙන්න උත්සහ කළොත් මම ඔබෙන් පැන කිහිපයක් විමසනවා. ඔබ කොහොමට මට සිනහවෙන්නේ සයනයේදි මළබැඳී ගිය අයෙක් වුනාට පස්සේ ඔබට ලබාගන්න හැකිවුණ දේ මේක නම්?”

එහෙනම් අපි ස්ථාන මාරු කරන්න උත්සාහ නොකරන්නේ ඇයි?” පවසන්නට පෙර තමාවම මැඬපවත්වාලන්නට ශෙන් ස'චුආන්  ට සිදුවිය.

ෂ්‍යාඕ චීයේ සැබවින්ම නැගිට ශෙන් ස'චුආන්  ට තමා මතට එන්නට ඉඩ සලසා දුන්නේ ය. ඔහු දෑත් මුදාහල අතර සිනහසෙන්නට පටන් ගත්තේ ය.

"වස්ත්‍ර ගලවා දැමීම හෝ ඉණපටි ගලවා දැමීම." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "ඔබ කැමති විදිහට කරන්න."

ශෙන් ස'චුආන්  තමා සිටියේ ඕනෑවට වඩා අසනීප වද එසේත් නැතිනම් අධික උණෙන්ද යන්න දැන සිටියේ නැත, නමුත් ඔහුගේ හුස්ම ගැනීම අවුල් සහගත විය, ඔහු වෙනදා මෙන් සන්සුන් නොවීය. ඔහු මෘදු ලෙස පැවසුවේ ය, "අද රාත්‍රියේ --"

ශෙන් ස'චුආන්  තවමත් ඔහුගේ වදන් අවසන් කර නොතිබූ අතර, ෂ්‍යාඕ චීයේ ඔහුව ඉතා දරුණු ලෙස සිප ගනිමින් ඔහුගේ හිස පිටුපසට කර අල්ලාගෙන ඔහුගේ අත ඔහුගේ වින්දනීය ස්ථානයට යොමු කළේය. ශෙන් ස'චුආන්  පසුබට විය. ​ශෙන් ස'චුආන්  කෝපයට පත් වී අරගල කරන්නට පටන් ගන්නා තෙක් ෂ්‍යාඕ චීයේ ඔහුට සිනාසුණේය.

ෂ්‍යාඕ චීයේ හදිසියේම හැරී ඔහුව නැවත වරක් ඔහුගේ සිරුර යටට තද කළේය. සයනයෙන් හඬක් නිකුත් වූ අතර ඇඳ ඇතිරිලි ගිලී ගියේය. එය කොතරම් උණුසුම්ද යත්, ශෙන් ස'චුආන්  ගේ අත්ලෙන් දහදිය ගලන්නට විය.

 

 ශෙන් ස'චුආන්  ගේ උණුසුම පිළිස්නෙනසුලු ය. ශෙන් ස'චුආන්  මේ දැවෙන උණුසුම පිළිකුල් කළ නමුත් ඔහුට පැන යන්නට තැනක් නැති බව පෙනෙන්නට තිබුණි. එහෙත් ඒ සමගම, කාම​යේ තවමත් ඉඩ ඇති බවක් පෙනෙන්නට තිබුණි. ඔවුන් මේ සංකීර්ණ වංකගිරියක් වන් වූ වෙයිචී ක්‍රීඩාවේ සැඟවී සිටි අතර, ආශාව සහ සමීපභාවයේ තෘප්තිය තුළ ඔවුන් සතු වූ අන්‍යෝන්‍ය යැපීම පිළිබඳ මිත්‍යාවෙන් මොහොතකට සහනයක් ලබා ගත්හ.

ඔවුන් තෘප්තියට ගැඹුරින් ගිලී ගිය පසු, ප්‍රමෝදයේ හැඟීම ඔවුන් ඉදිරියට තල්ලු කළේය. මිහිරි, මත් කටහඬ ඔවුන්ගේ කන්වල දෝංකාර දෙන ලදුයේ ය. ශෙන් ස'චුආන්  එම හිරිවැටෙන උණුසුම පිළිකුල් කළද, ඔහු ෂ්‍යාඕ චීයේ ව ඉවතට තල්ලු කරමින් සිටි අතර, ඒ සමඟම, ෂ්‍යාඕ චීයේ ද ඔහුව තමා දෙසට ඇද ගත්තේය.

ෂ්‍යාඕ චීයේ එම ඇඳුම් ඉරා දමා ශෙන් ස'චුආන්  ගේ පිට දිගේ ඉහළට තල්ලු විය. ෂ්‍යාඕ චීයේ වේවැල් පුටුවේ වාඩි වූ විට සිහින මැව්වා සේම, ඔහු ශෙන් ස'චුආන්  ගේ එක අඟලක@ හෝ මග හැරියේ නැත. ඔහු මෙ මිනිසා මත ආධිපත්‍යය දැරූ අතර, ඔහුගේම සුවඳ බලහත්කාරයෙන් භාවිතා කරමින් දෙවැන්නා අභිබවා ගියේය.

ශෙන් ස'චුආන්  ෂ්‍යාඕ චීයේ ගේ ගෙල වටා දෑත් යවා ඔහුව සපා කෑවේය. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ නාසයේ අඟ එකිනෙක් ස්පර්ශ කළ අතර, නැවත වරක් උමතුවෙන් හා දුෂ්චරිතයෙන් පිරුණු මේ මොහොත තුළ අසාමාන්‍ය සමීප බවක් ඇති කරගත්හ.

ඔහුව සිප ගනිමින් ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "ඔබ උන්මත්තකයෙක් "

දරුණු කුණාටුවක් මෙන් ඇද වැටුණු ඒ දරුණු සිපගැනීම් ක්‍රමක්‍රමයෙන් මෘදු සිපගැනීම් බවට පත් වූ අතර තොල්වල සහ දිවේ මෘදු බව සියලු ආරක්ෂක වළලු දිය කර දැමුවේ ය. කඩින් කඩ වදන් තෙපලමින් මැසිවිලි නඟමින් හිඳ උමතු පුද්ගලයා නින්දට වැටුණේ ය.

ෂ්‍යාඕ චීයේ තම මහපටැඟිල්ලෙන් ශෙන් ස'චුආන්  ගේ කොපුල් පිරිමැද මදක් පසුබා ගියේ ය. ශෙන් ස'චුආන්  තවමත් ෂ්‍යාඕ චියේගේ හිසකෙස් කිහිපයක් ඔහුගේ ඇඟිලි අතරින් අල්ලාගෙන සිටියේ ඔහු සුවසේ නිදාගෙන සිටින අතරවාරයේදීය. ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස පහත් කර ඔහුව පරීක්ෂා කළේය. ඒ සැණින් ඔහුගේ සිතට බොහෝ සිතුවිලි ගලා එන්නට විය.

ආශාව විලංගුවකි.

මේ මොහොතේ ෂ්‍යාඕ චීයේ, සුඕ ච්‍යැන්න්ච්‍යුට චූදු වෙත ආරාධනා කළේය. ඒ ෂිෆුගෙන් එක ප්‍රශ්නයක් අසන්නට පමණි.

*ආශාව ජයගත හැකිද?*

නමුත් අවසානයේ ඔහු තම ප්‍රශ්නය ඇසුවේ නැත.

ඒ එය සුඕ ච්‍යැන්ච්‍යුට පිළිතුරක් නොමැති ප්‍රශ්නයක් බව ඔහු දැනටමත් දැන සිටි බැවිනි; එයට පිළිතුරු දිය හැකි එකම තැනැත්තා ෂ්‍යාඕ චීයේ ය. බොහෝ අය කියා තිබුණේ ඔහු ඉපදුණේ වැරදි කාලයක වූවද නමුත් ඔහු මේ වන විටත් මෙලොවට පැමිණ ඇති බවයි. ආශාව සන්තකයේ තබා ගැනීම ඔහුගේම වරදක් නොවේ.

ඔහු හුදෙක් මිනිසෙක් පමණකි.

ඔහුගේ නම ෂ්‍යාඕ චීයේ විය.

ඔහු ශෙන් ස'චුආන්  ගේ විරුද්ධ පාර්ශවය බව පෙනුනද ඔහු සම්පූර්ණයෙන්ම සමාන බව පෙනුනි. ෂ්‍යාඕ ගේ වේදනාව සහ දරාගැනීම වචන වලින් තොරව තේරුම් ගත හැකි මේ ලෝකයේ එකම තැනැත්තා ෂ්‍යෘඕ චීයේ පමණි. මෙය ඔවුන්ගේ පළමු හාදුවෙහි සිටම ඔවුන් හොඳින්ම දැන සිටි දෙයකි.

ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්  ගේ ඇහිබැම අතර සහ ඔහුගේ නාසයේ පාලම

 සිපගත්තේය.

මේ හැඟීම හැඳින්වූයේ කුමන නමකින්ද යන්න ගැටළුවක් නොවේ. ඔවුනොවුන්ගේ අරගල මධ්‍යයේ වඩ වඩාත් සමීප වෙමින් ඔවුන් එකිනෙකා මත තම හිමිකම් පෑම ආරම්භ කර තිබුණි. ආශාවේ අවසානයක් නොවූ අතර දුක්ඛිත අගාධය ජයගත නොහැකි විය. ඔවුහු එකිනෙකාගේ සවන්පත් ඉරා දැමූ හ, නළලතෙන් නළලත එකිනෙක හා ස්පර්ශ කළෝ ය. (2.) එය ඔවුන්ගේ වේදනාව නැති කර ගැනීමට මාර්ගයක් විය. නමුත් මේ ක්‍රමය ඕනෑවට වඩා ඇබ්බැහි කරවන සුළු විය, ඔවුන් එකිනෙකා අසල සිටීමෙන් ඔවුන්ගේ වේදනාව අන්‍යෝන්‍ය වශයෙන් සමනය කර දැමුවේ ය.

සෑහීමකට පත් විය නොහැකි විනෝදාස්වාදය අත්විඳිමෙන් පසුව, ඔවුන් උපක්‍රමශීලීව තම සිප්පි කටු ඉවත් කර ඔවුන්ගේ සැබෑ ස්වරූපය හෙළි කරන්න ට පටන් ගත්හ. අතීතයේ මිටියාවත පොකුණක් බවට පත් විය; එය නැවත වරක් සම්බන්ධ වීමට නම් එයට අවශ්‍ය වූයේ තනි පිම්මක් හෝ තනි අත්වැලක් සමඟ ඉඳිරියට යාම පමණකි.

ෂ්‍යාඕ චීයේ නැවතත් ශෙන් ස'චුආන්  ව සිපගත් අතර, ශෙන් ස'චුඇන්, නිද්‍රාශීලි ලෙස, ෂ්‍යාඕ චීයේ ගේ හිසකෙස්වල කුඩා ගෙතුම් මත වූ ඔහුගේ ග්‍රහණය දැඩි කළේය.

සිසිලස හමා එන දිය පොකුණෙහි වූ රුළි මගින් ධවල චන්ද්‍රයා සේදි ගිය අතර බිඳුණු හදවතක් ඇත්තා සහ ප්‍රෙමණීය තරුණයා චන්ද්‍රාලෝක ඇතිරිල්ල යට මුළු රාත්‍රියම ගෙවා දමමින් සැනසිලිදායක නින්දකට වැටුණෝ ය.

අරුත් පැහැදිලි කිරීම

1.) ව්‍යාජ ව්‍යාඝ්‍රයෙක්; ඔහු ඇත්තටම සිටිනවාට වඩා බිය උපදවන සහ බලවත් බව මවා පෑම.

 2.) ස්වාමිපුරුෂයා සහ භාර්යාව, එනම්, ඉතා සමීප සහ කුළුපග සබඳතාවයක්

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-