Skip to main content

හතලිස් පස්වන පරිච්ඡේදය | අළුත් අසිපත

 

 

රත් පැහැවුනා!

ශෙන් ස’චුඇන්ගේ හදවත නියත වශයෙන්ම පැවතුනේ ගැඹුරු දිය අඟලක් සේය, නමුත් මේ මොහොතේ ඔහු ඒ වදනින් කම්පනයට පත් වූයේය . ෂ්‍යාඕ චීයේ ගේ අත් පිස්නාව ඔහුගේ වස්ත්‍රයේ අත් සාක්කුවේ සැඟව , අග්නිජාලවක් බඳුව උණුසුම් වෙමින් පැවතුනි. එය ෂ්‍යාඕ චියේ ගේ නියෝග කීකරු ලෙස පිළිපදිමින් එහි අග්නි ජාලා ඔහුගේ සවන්පත් තෙක්ම ගමන්කරවා තිබුණි. ඔහුගේ මළානික සුදු පැහැයට හුරු වූ සම මත් රත්පැහැය වීශේෂයෙන් කැපී පෙනෙන බව ඔහු දැන සිටියේ ය. ඒ නිසා ඔහු එය ප්‍රතික්ෂේප කළද , එයින් කිසිවෙකුටත් ඒත්තු ගැන්වෙන්නේ ද නැත.

ෂ්‍යාඕ චීයේ විසින් ඔහුව අල්ලාගෙන දිලෙන කැඩපත් ගණනාවක් ඔවුන් ව සෑම පැත්තකින් ම වටකර සිටිනවාක් මෙන් අපහසුතාවට පත් කරනු ලැබුවේ ය.

ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බැලුවේ ඔහුගේ සැබෑ වර්ණයන් දැකගැනීමට අවශ්‍ය වුවා සේම , ඔහුගේ ආරක්ෂක පළිහ ද ඉවත් කරන්න ට අවැසි වූවා සේය.

ශෙන් ස'චුආන්  ඔහුගේ දෙතොල් ජීහ්වයෙන් තෙත් කරනු ලැබුවේ කරදරකාරී වියළි බව මඟහරවා ගන්නට ය. ඔහු තම හස්තයේ අත්ල ඔසවා ෂ්‍යාඕ චීයේ ගේ ප්‍රකෝපකාරී හැසිරීම් නොසලකා හරිමින් , ඔහු ෂ්‍යාඕ චීයේ ට තමාව නිරික්ෂණය කිරිමේ මාර්ගය අවහිර කර දැමුවේ ය.

දැන් නිදාගන්න වෙලාව හරි.” ශෙන් ස"චුඇන් පවසන්නට විය, “අපි ඔවුන්ට කතා කරමු.”

ෂ්‍යාඕ චීයේ ට ශෙන් ස'චුආන්  ගේ “මම ඔබව ගණන් ගන්නේ නැහැ” යන හැසිරීම සීරිමක් සහ කැසීමක් මෙන් ඔහුට දැනුණු අතර  ඔහුගේ ජයග්‍රහණයෙන් පසු ප්‍රහාරය එල්ල කරන්නට තරම් ඔහුගේ ආශාව අවුලුවාලීමට එය සමත් විය. කෙසේ වූවද, ඔහු සිය ජයග්‍රහණය ළඟා කර ගැනීමට නම් , ඔහු ඉක්මනින් නොවීය යුතුය ; ආවේගශීලි වීමෙන් ඔහු පහසුවෙන් ම උඟුලට හසුවනු ඇත. ඉතිං ඔහු මේ වතාවේ ඔහුව මුදා හැර පවසන්නට විය, “ශීෆු ලා දෙන්නම ඔවුන්ගේ ම කාරණා තියෙනවා, ඒ නිසා අපි ඒ ගැන කලබල වියයුතු නැහැ. ඔබට නිදාගන්න අවශ්‍ය නම්, නැගෙනහිර කොටස හිස් කර තිබෙනවා.”

ශෙන් ස'චුආන්  නැගිට යන්නට විය.

ජී ගැං සහ සූඕ ච්‍යැංච්‍යු කෙතරම් බීමත්ව සිටියේද යත්, ඔවුන් පසුදාත් සිහිසුන්ව සිටියේ නැත.  ශෙන් ස'චුආන්  ජි ගැං ව කරත්තයට ගෙන ගොස් ආපසු පිටත් වන්නට විය.

ෂ්‍යාඕ චීයේ කරත්තය ඉවතට යන ආකාරය බලා චෙන් යැංට පැවසන්නට විය, “මේ දින දෙකේදී ඔබේ ඇස් අෂ්ඨ මහා වංශය දෙස සමීපව තබා ගන්න.  බලන්න කවුද පිටවෙන්නේ සහ පැමිණෙන්නෙ කියලා."

 චෙන් යැං ඔහුගේ නියෝගය පිළිගනිමින් හිස වැනුවේය.

         

ගැල් රිය ගමන් කරද්දී පැද්දෙමින් තිබුනු අතර , ශෙන් ස'චුආන්  ඔහුගේ දෑස් පියාගෙන විවේක ගනිමින් සිටියේ ය. ගැල් රිය වංගුවකට හැරෙමින් , අතරමඟදී විසිතුරු අශ්ව රථයකට ගොඩ වූයේ විසිතුරු ෂාඕ සූයි පන්සලට යාමට පෙරාතුව ය.

ච්‍යාඕ ත්‍යන්‍යා ජි ගැං ව සිය පිටමත තබාගනිමින් ශෙන් ස’චුඇන්ගේ පිටුපසින් මළුවට පිවිසියේ ය. ග’ චිංචිං බොහෝ වේලවක් බලාගෙන හිඳ තිබුණි. ඔහු ඔවුන්ව දුටු විට , ඔවුන්ව පිළිගැනුමට වේගයෙන් පැමිණෙන්නට විය.

ඒකට කමක් නැහැ.” ශෙන් ස'චුආන්  සහතිකව පැවසීය. “ශීෆු බීමත් වෙලයි ඉන්නේ.”

මහාමාත්‍ය චී , පැහැදිලිව කන්දීගෙන සිට , උපදෙස් දෙන්නට විය, “චිංචිං , ජී ගැංට ඇතුලට ගිහින් විවේක ගන්න එක්කගෙන යන්න.”

ඟ චිංචිං ශෙන් ස’චුඇන්ගෙන් ජී ගැංව රැගෙන නිවස ඇතුලතට රැගෙන ගියේ ය.

ච්‍යාඕ ත්‍යැන්යා පියවර කිහිපයක් ඉදිරියට ගොස්, හිම මත දණ ගසන්නට වූවේ ය, "මහා අමාත්‍යතුමති ඔබ හොඳින් ඉන්නව ද?"

 "ඔබව දකින එකත් ලොකු සතුටක්."  මහාමාත්‍ය චී ඔහුගේ අත ඔසවා පවසන්නට විය. , “දැන් ඔබ දැනටමත් ඔබේ නම ච්‍යාඕ ත්‍යැන්යා විදිහට වෙනස් කරලා තියෙන නිසා , ඒ ගිවිසුමෙන් තවදුරටත් කිසිදු ප්‍රයෝජනයක් නැහැ, නමුත් ඔබ ඒ  හැඟීම් එක්ක ජීවත් වෙන්න කැමතියි.  මම ඔබට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ”

 මහාමාත්‍ය චී ට, අතීතයේ සිදු වුනේ ඔබේ ඇඟිල්ල වෙහෙසකින් තොරව එසවීමක් පමණක් වුනත්.  ඒත් මට ඒක මගේ ජීවිතය බේරුණ දායාදයක් වගේ.”  ච්‍යාඕ ත්‍යැන්යා ගේ මුහුණේ තිබූ ප්‍රීතිමත් බව මැකී ගියේය.  ඔහු තවදුරටත් පැවසුවේ ය, “යොංයී දෙවන වසර තුළ, ගුආන්චෙං අධිරාජ්‍යයා දූෂිත නිලධාරීන් මරා දමද්දී, මගේ පියා සහ සහෝදරයවත් වෙනත් අය විසින් කොටු කරගත්තා.  මහාමාත්‍යවරයාට උපකාර කරන්න තරම් විචක්ෂණශීලී සහ විචාර බුද්ධියක් නොතිබුනා නම්, ච්‍යාඕ වංශයේ ජීවිත විස්සක් මරණයේ දොරටුව ඉදිරිපිට අසාධාරණ ලෙස මිය යන්න තිබුණා.

 ඔබේ පියා සහ සහෝදරයා අවංක සහ හරිදේ කරන යටත්වැසියෝ වුනා.  ඔවුන්ට වැරදි චෝදනා එල්ල වූ බව වැරදි විනිශ්චයේ පුංචි මොහොතක් විතරයි.  මා නොමැතිව වුනත්, ඔවුන් තවමත් ආරක්ෂිතව හා නිරෝගීව ඉන්න තිබුණා." මහාමාත්‍ය චී පිළිතුරු දුන්නේය.

 ච්‍යාඕ ත්‍යැන්යා යමක් ප්‍රකාශ කරන්න ට බොහෝ වෙලාවක් නිහඬව සිටියේ ය., “ච්‍යාඕ වංශයට මහාමාත්‍යවරයගේ කරුණාවට ප්‍රමාණවත් තරම් ස්තූති කරන්න විදිහක් නැහැ.”

 යොංයී වසර තුළ, ච්‍යාඕ ත්‍යැන්යා​ ගේ පියා  යුද අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙස සේවය කරන විට, ගුආංචෙන් අධිරාජ්‍යයා දූෂණය සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළේ ය. ජ්‍යෙෂ්ඨ ච්‍යාඕ, වෙනත් අය ගේ වාර්තා සහිතව , ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය  විසින් හඳුනා නොගත් සම්භවයක් ඇති දේපළ සහ ඉඩම් සන්තකයේ ඇති බව සොයා ගන්නා ලදී.  චෝදනාවලට එරෙහිව ඔහු අසරණව සිටියදී, චී හුයිලියන් නඩුව නැවත විමර්ශනය කර, ජ්‍යෙෂ්ඨ ච්‍යාඕ සහ තවත් කිහිප දෙනෙකු යුද අමාත්‍යංශයෙන් නිදහස් කළේය.  එහි ප්‍රතිඵලයක් වශයෙන්, චී හුයිලියන් ඔහුගේ දියණිය ච්‍යාඕ ගේ වැඩිමහල් පුත්‍රයාට විවාහ කර දුන්නේය.  එහෙත්, මෙය කාරණයේ අවසානය නොවුණේ ය ;  වසර කිහිපයකට පසු, නැඟෙනහිර මාලිගයට අසත්‍ය චෝදනා එල්ල වූ අතර, චී හුයිලියන් මහා උපදේශකවරයාගේ සිට සාමාන්‍යයෙකු දක්වා පහත හෙලන ලදී.  ඔහු ඔටුන්න හිමි කුමරු පසුපසින් ෂාඕ සූයි පන්සලට ගිය අවස්ථාවේදීම, ජ්‍යෙෂ්ඨ ච්‍යාඕ වැන්දඹු අධිරාජිනිය වෙත හැරුණි.

නැඟෙනහිර මාලිගාව බිඳ වැටුණි.  හුආ වැන්දඹු අධිරාජිනිය ස්මාරක සහ ගුආන්චෙං අධිරාජ්‍යයාගේ නම අනුමත කිරීමේදී පෑන් රූගුයි ගේ නිල බලය යොදා ගනිමින් එහි නටබුන් හොඳින් විමර්ශනය කරන ලදී.  එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජ්‍යෙෂ්ඨ ච්‍යාඕ නැවතත් සිරගෙයට ඇද දමන ලදී.  මෙවර ඔහුගේ ඇපකරු ලෙස මහාමාත්‍ය චී  නොමැති වූ නිසා , ඔහු සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා යන දෙදෙනාගේම හිස ගසා දමන ලදී.  ච්‍යාඕ පවුලේ සෙසු අය සෞතියන් දුර්ගය වෙත පිටුවහල් කරන ලදී.  චී හුයිලියන් ගේ දියණිය මඟදී මියයන් ලැබුවා ය.  ඇය ච්‍යාඕ ත්‍යැන්යා ගේ වැඩිමහල් සහෝදරිය විය.

අපි අතීතය ගැන කතා නොකර ඉමු,” මහාමාත්‍ය චී ඔහුගේ හිම සුදු පැහැ හිසකෙස් ඇදගත්තේ ය, “ඔබට පහත් පාන්තික තත්ත්වයෙන් නිදහස් වීම පහසු වුනේ නැහැ. නමුත් ඔබ ඒ ගැන හිතලා බලන්න ඕනේ: ඔබ ​ශෙන් ලන්ජෞට යටත් වුනාට පස්සෙ , එය ජීවිත කාලය පුරාවටම කැපවීමක් වේවි.  ඔබ තවදුරටත් ඔබේ ජීවිතය හෝ මරණය පාලනය කරන එකක් නෑ."

ච්‍යාඕ ත්‍යැන්යා ගේ හිසකෙස් සුළඟේ ගසාගෙන ගියේය;  ඔහුගේ සිනහව නොදැමුණු සහ අවාජ්‍ය බවක් පැවේ ය.  ඔහු කිවේ ය, “මහාමාත්‍ය චී , මට දැනටමත් ආපසු යාමට නිවසක් ඉතිරිවෙලා නැහැ.  මේ ජීවිත කාලය තුළ මට ඔබෙන් සහ වැඩිමහල් නෑනාගෙන් නැවත නැවතත් අනුග්‍රහය ලැබිලා තියෙනවා.  මේවා මුලින් පව්කාර ණය විතරක් වුනත් මට ආපසු ගෙවන්න ක්‍රමයක් තිබු​ණේ නැහැ.  දැන් මට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසා, මම මගේ ජීවිතය පුංචි ස්වාමියා වෙනුවෙන් කැප කරන්නං.  ච්‍යාඕ සොංයුඒ සං අණදෙන සේනාංකයේ වැඩිමහල් සහෝදරිය එක්කම මියැදුනා.  අද ඉන්න ච්‍යාඕ ත්‍යැන්යා කියන්නේ අසිපක් තලයක් විතරයි.  අසිපතකට නිදහස තබා ජීවිතයක්වත් හෝ මරණයක්වත් හිමිවෙන්නෙ නැහැ.  ඔබ ගමන් කරන මාර්ගය දුෂ්කර කරන වළාකුළුවලින් වැසී ගිය වලාකුළු වගේ දුෂ්ට බලවේග අප මත එල්ලී සිටින අඳුරු කාලය ළඟ ළඟම පැමිණෙන නිසා, මේ මාව , මේ අසිපත සියතට අරගෙන කැමති ඕනැම විදිහකට පාවිච්චි කරන්න. ”

 මහාමාත්‍ය චී සෙමෙන් පිටතට ගියේය.  ආධාරකය වෙනුවෙන් කණුව අල්ලාගෙන, ඔහු ශෙන් ස'චුආන්  දෙස බැලුවේ ය, “ලන්ජෞ, මේ වසර අවසන් වෙන්නත් ආසන්නයි.  ඔබේ වැඩිවිය පැමිණීමට ගුරුවරයා තවම ඔබට තෑග්ගක් ලබා දුන්නේ නැහැ. ”

 ශෙන් ස'චුආන්  ගේ අත්කබා සුළඟට ගසාගෙන ගියේ ය.  ඔහුට සිදුවීමට නියමිත දේ පිළිබඳ හැඟීමක් දැනෙන්නට වූයේ ඉවෙන් මෙනි.

 මහාමාත්‍ය චී පවසන්නට විය, “ඔබට දැන් සියල්ලටම මුහුණ දෙන්න පුළුවන්.  නමුත් මේ මාර්ගය දිගු වේව් : දිවුරුම් දුන් සතුරන් මරා දැමීම, මහා ගෝත්‍ර අටක් බිඳ දැමීම, අතීත පරීක්ෂාවන් පෙරලා දැමීම සහ ෂොංබෞ වෙත සාමය ගෙන ඒම.  ඒ එකන්වත් පහසු නැහැ.  ජි ගැං ඔබට තලයක් ලබා දේවි, ඉතිං මමත් ඒකට ඔබට ලබා දෙනවා"

මළුව තුලට හිම කැටිති ගසාගෙන එන්නට විය. ශෙන් ස'චුආන්  සිය හිස පහත් කරගනිමින් මහාමාත්‍ය චී ට ඔහුගේ සීතල ඇගිලි සිය හිසකෙස් මත තබන්නට ඉඩ දුන්නේ ය.

ජී ගැං අවදිවුනේ රාත්‍රී ආහාරයට ආසන්නවය . ඔහු ශෙන් ස'චුආන්  ව නිවසට කැඳවීමට පෙර කැඳ බඳුනක් ද පානය කළේ ය.

ඔබට මතකද මම අර අවසන් වතාවෙදි පවසපු අසිපත් තලය ලැන? එය ඊයේ රාත්‍රියේ ගෙන ආවා. එය ඒ කාලේ මගේ මනසේ තිබුණ විදිහමයි.”  ජී ගැං නිවස තුළ ඇති රාක්කය පසෙකට කරද්දි අසිපතක් දර්ශනය විය.

ශෙන් ස'චුආන්  මේ අසිපත දුටු පළමුවෙනි වතාවේම  , ඔහුගේ හදවත කැලඹි ගියේ ය. ඔහු සිය දෑස් හෝ ඉවතට යොමු නොකලේ ය .

ජී ලෙයි ට එය පාවිච්චි කරන්න නොහැකි වුණා.” ජී ගැං අත් පිස්නාවක් මගින් අසිපතේ මුවහත පිරිසිදු කරන්නට වූයේ මන්දගාමී ලෙසය. “ඒත් මේ අසිපත ඔබට හොදටම ගැලපෙනවා. මම අයෙක් ලවා නැවත කොපුව සකස් කළා. එහි අතීත නම දැන් කිසිම වැඩක් වෙන්නේ නැහැ ; ඔබම එයට අළුත් නමක් ලබා දෙන්න ඕනේ.”

තවමත් අසිපත් තලයේ සිත් ඇදගන්නාසුලු දිලිසීම තුල ගිලී සිටි ශෙන් ස'චුආන්  එය පරීක්ෂා කලේ සිතැදගන්නාසුළු යමක් සේය.

සෘජු අසිපත් තලයට අඩි තුනයි දශම හතක් දිග වූ අතර  එය අසිපත් කොපුවෙන් පිටතට එනවිටප්‍රමාණවත් ලෙස වේගනත් වනු ඇතැයි ද අපේක්ෂා කළේ ය. එහි දෙපස වූ ආධාරක පහර දීම් වේගවත් මෙන්ම පහසු කරයි. තසඳුන් ලීයෙන් සාදන ලද මිට ද නවතම ලෙස සකස් කරන ලදී.  එහි අලංකාර කැටයමක් නොවීය.  එහි උඩ කොටස පමණක් රත්‍රනින් ආලේප කර තිබූ අතර එහි ඇතුළත සුදු මුතු ඇටයක් තැන්පත් කර තිබුණි.

 මෙය හොඳින් පදම් කරන කරන ලද විශිෂ්ට අසිපතක් විය.  මෙතරම් කාලයක් කාලයක් අමතක කර තිබියදීත්, එය තවමත් කොපුව ඉවත් කර නැතිනම්, දරුණු ලෙස හිරී කැපී යන තියුණු තලයකි.  එය සරත් සෘතුවේ පැහැදිලි ජලයේ ගිලි යන්නාක් මෙන් පැහැදිලි බවක් රුදී තිබුණි ;  එය පෞරාණික හා පිරිසිදු වූවා පමණක් නොව, එය හුදකලා අහංකාර බවක් ද ඉසිලීය.

 ෂිෆු මෑතකදී කාරණයක් ගැන කල්පනා කළා.  මම ඊයේ රාත්‍රියේ ෂ්‍යාඕ'එර් ව දුටු විටයි මට වැටහුණේ මම මගේ ඉගැන්වීම්වලට වඩා නම්‍යශීලී නොවන බව වගේම ඔබ ටිකක් ඕනෑවට වඩා කල්පනාකාරී හා පසුබට වෙලා තියෙන බව.”  ජී ගැං අත්බිස්නාව බිම තැබුවේ ය, “ඔබ මේ අසිපත භාවිතා කළොත්, ෂ්‍යාඕ'එර්ගේ ලැංලී අසිපත ට පවා එහි වේගයට සම කළ නොහැකි වේවි.  සඳුන් දැවය ප්‍රමාණවත් තරම් සැහැල්ලුයි වගේම ඔබට වඩාත් ඉක්මනින් පහර දෙන්න ඉඩ දෙනවා.   මේ ලෝකෙ තියෙන හැම සටන් කලාවක් අතරින් ම පරාජය කළ නොහැකි එකම දෙය වේගයයි.  මේක මගේ පියාගේ ආදරණීය අසිපත.  ජි වංශයේ සටන් කලාව සම්බන්ධයෙන් ගත්තම, අපි දැන් පවසන්නේ දැඩි සහ රුදුරු වෙන්න කියලය්.  නමුත් ජී වංශයේ මානසික කලාව මගේ පියා තමයි ආරම්භ කරලා නිර්මාණය කලේ.  ඔහු වෙනුවෙන් එය වැඩ කළානම් නිසැකවම ඔබ වෙනුවෙනුත් එය හරියාව්.  ඔබට වෙනස් ප්‍රවේශයක් වගේම නව මාවතකටත් යන්න පුළුවන්.

 ​ශෙන් ස'චුආන්  තලයෙහි මිට අල්ලා එය එසවීය.

 "ඒකට නමක් දෙන්න."  ජි ගැං පියවර කිහිපයක් පසෙකට විය.

 ශෙන් ස'චුආන්  එය අල්ලාගත්තේ ආදරණීය ලෙසය, ඔහු එය අත්හරින්නට අකමැති වූයේ ය, “ෂිෆු මට මේ මට්ටමේ අසිපතක් දෙනවද?” හේ ඇසීය.

 ජී ගැං හදවතින්ම මදහස පා පැවසුවේ, “ශීෆු කැමති ගහගහන්නයි.  මම අසිපත් භාවිතා කරන්න කැමති නැහැ.  මම මේක ඔබට නොදුන්නොත් මේ අසිපත අපතේ යනවා."

ශෙන් ස'චුආන්  මද වේලාවක් කල්පනා කරන්නට වූ අතර පසුව පවසන්නට විය , "එහෙනම් මම එහි නම 'යැං ශන් ෂුඒ' විදිහට වෙනස් කරනවා."

         

සවස් වරුවේ, මහාමාත්‍ය චී මේසය අසල වාඩි වි සිටියේ ය.  ඔහු සියලු  අෂ්ඨ මහා වංශවල  වාසගම් කඩදාසි කැබැල්ලක ලියා තැබුවේය.

 ඉක්මනින් අමාත්‍යනරුන් සියයේ භෝජන සංග්‍රහය පැවැත්වේ වි.  සතර මහා සෙන්පතියන් ඉක්මනින්ම නැවත එක්වේවි, ඒ වගේම ප්‍රාදේශීය නිලධාරීන්ද ආපසු පැමිණෙවි.  තීන්ත වියළීමට ඉඩ දෙමින්, මහාමාත්‍ය චී කතා කරන්නට විය, “නව අධිරාජ්‍යයාගේ කිරුළු පැළදීමක් සමඟ, ලබන වසරේ නිසැකව ම ‘අධීක්ෂණය’ සිදුවේවි. මේ කාරණය ඉතා වැදගත් වගේම ෂ්‍යැන්යැන් වර්ෂය තුළ දේශපාලන ස්ථාවරත්වය සමඟ බැඳී තියෙනවා.  සෑම කෙනෙක්ම නිලධාරීන් සියය සඳහා වූ භෝජන සංග්‍රයෙදී සහ වාර්ෂික නිවාඩු උසාවියේදී තත්වය නැවත තක්සේරු කරන්න අවස්ථාවක් කර ගනීවි.  වැන්දඹු අධිරාජිනියට නැවත පැමිණ බලයට එන්න අවශ්‍ය නම්, ඇය නිසැකවම මේ අවස්ථාව ගිලිහී යන්න ඉඩ දෙන එකක් නැහැ."

 හුආ සීචියන්ගේ ගේ මරණයෙන් පස්සෙ, වැන්දඹු අධිරාජිනිය මාලිගාව තුළ රඳවා සිරගත කර තිබුණා. එදින ඉදන් ඇගේ මුහුණ පෙනෙන්නට තිබු​ණේ නැහැ.  හුආ වංශයේ තරුණ පරම්පරාව පහත් ලෙස සළකලා පිටුවහල් කරලා තියෙනවා.  ඇයට දැන් පියවරක් ගන්න අවශ්‍ය නම්, ඇයට භාවිතා කරන්න පුළුවන් බාහිර උදව් පමණයි.  ශෙන් ස'චුආන්  ඔහුගේ ඇහිබැම රැලි කර ගත්තේ ය.  "නමුත් ෂී ගූ'අන් ගේ අසාර්ථක කාර්යයන් සමඟ, ක්ෂණික ව ක්‍රියා කරන්න සහ අධිරාජිනියගේ සහකාරිය වෙන්න තවමත් නිර්භීත වෙන්නේ කවුද?"

 බියගුලු මීයෝ ශ්‍රේෂ්ඨත්වය අත්කර ගන්නෙ නැහැ.  මේ ලෝකයේ හැම දෙයක් ම වෙන්නේ ලාභ අරමුණු වෙනුවෙන් විතරයි.  වැන්දඹු අධිරාජ්‍යයා තවමත් කේවල් කරන්න ආහාර කූරු තබාගෙන සිටින තාක් කල්, ඇය ගොඩවෙන්න අලුත් නැවක් සොයා ගන්න කරදර වෙන්නේ ඇයි?  මහාමාත්‍ය චී කඩදාසි මත "හුආ" අක්ෂර මත පහරවල් කිහිපයක් ඇද, තවදුරටත් පවසන්නට විය, "එ් විතරක් නෙමෙයි, ඇයට ඇගේ වංශයේ මිනිසුන් මත යැපෙන්නත් බැහැ.  ඔබට අමතක වෙලා වගෙයි : ඇය අධිරාජිනිය පෞද්ගලිකව උපදෙස් දුන් කාන්තාවක්."

තුන්වන ආර්යාව.” ශෙන් ස'චුආන්  පැවසුවේ ය, “ඇදුරුතුමා පවසන්නේ හුආ ශියැංයී ගැනද.”

"ෂියන්දේ අධිරාජ්‍යයා ජීවතුන් අතර ඉදිද්දී ඇයගේ අනුග්‍රහයේ උච්චතම අවස්ථාව අනුව, තුන්වන හුආ ආර්යාවට දජෞ හි කුමරිය කියන පදවිය පිරිනමන්න නියමිත කරලා තිබුණා."  මහාමාත්‍ය චී පැවසුවේ ය, “නමුත් අවසානයේ ඇය දජෞ හි කුමරිය බවට පත් වූනෙ නැහැ.  ඒ ෂියන්දේ අධිරාජ්‍යයාගේ මසුරුකම නිසා නෙවෙයි වැන්දඹු අධිරාජිනිය එයට ඉඩ නොදුන් නිසයි.”

 ශෙන් ස'චුආන්  තේ පැන් උගුරක් පානය කරමින් මොහොතක් කල්පනා කළේය.  තේ පානය කිරීඩමන් පසු ඔහු පවසන්නට විය “මට දැන් තේරෙනවා”

 "එහෙනම් අපි ඒ ගැන ඔබලගේ අදහස් අහමු."

 ශෙන් ස'චුආන්  ඔහුගේ දණහිසට අත තබා මෙසේ කීවේය, “හුආ ෂියැංයී දජෞ කුමරිය බවට පත් වූවා නම්, ඇගේ විවාහය වැන්දඹු අධිරාජිනියගේ අතින් ඉවත් වේවි. කුමරියකගේ විවාහය අධිරාජ්‍යයාගේ සහ අධිකරණ නිලධාරීන්ගේ අභිමතය පරිදි තේරීමට යටත් රාජ්‍ය කටයුත්තක්.  නමුත් ඇය ආර්යාව ​විදිහට ඉන්නවා නම්, ඇයව විවාහ කරලා දෙන්නේ කා සමඟද කියලා පවසන්න පුළුවන් වැන්දඹු අධිරාජිනියට විතරයි.  එහෙම නම්, ඇදුරුතුමනි, වැන්දඹු අධිරාජිනිය ඇයව විවාහ කර දෙන්න කැමති වේවි ද?

 "ශිඛරය මා වෙතට නොඑනවානම්, මම ශිඛරයට යනවා."  මහාමාත්‍ය චී ඔහුගේ බුරුසුව තීන්තවල ගිල්වා තැබුවේ ය.  “වැන්දඹු අධිරාජිනිය සෙන්පතියාව බේරා ගන්ක අශ්ව රථයක් අත්හැර දමලා. ෂී ගූ'අන් අහිමි කියන එකෙන් අදහස් වෙන්නේ චූදු වල හමුදා බලයේ පාලනය ඇයට අහිමි වී තියෙනවා කියන එකයි ; නමුත් හුආ ශියැංයී ෂ්‍යාඕ චීයේ සමඟ විවාහ වුනොත් මේ කාරණය පහසුවෙන් විසඳන්න පුළුවන්."

ශෙන් ස'චුආන්  ඔහුගේ තේ කෝප්පයට සැහැල්ලුවෙන් තට්ටු කළේය. කෝප්පය  අතැතිව ඔහු දෑස් පහත් කළේ ය, “මේක ස්වර්ගය ට නගිනවටත් වඩා දුෂ්කර යි.  ෂ්‍යාඕ'එර් ඔහුගේ බලය කිසිවිටක ලබා දෙන්නෙ නැති වෙයි.

 හුආ ෂියැංයීගේ සුන්දරත්වය ට මුළු නගරයම වසඟ කරන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා.  රාගය ඔහුව අභිබවා ගියහොත් ෂ්‍යාඕ'එර් ඔහුගේ අදහස වෙනස් නොකරාවි කියලා සහතික වෙන්න බැහැ.”  මහාමාත්‍ය චී පැහැදිලිව අදහස් දැක්වීය.

ශෙන් ස'චුආන්  තේ උගුරක් පානය කළ නමුත් කිසිවක් පැවසුවේ නැත.

 මහාමාත්‍ය චී පවසන්නට විය, “නමුත් මේක ඇත්තෙන්ම පහසු දෙයක් නෙවෙයි.  ෂ්‍යාඕ'එර්ට එහෙම කරන්න හිතුනත් , ෂ්‍යාඕ ජීමිං ඔහුට නිකම්ඉන්න ඉඩ දෙන එකක් නැහැ.  හුආ වංශය සහ ෂ්‍යාඕ වංශය මිශ්‍ර කළ නොහැකි ගින්න සහ ජලය වගෙයි;  වාසිය ඔවුන්ගේ පැත්තේ තියෙනවා නම් හිස්වැස්ම වළලා දමලා වාසිය නැති කරගන්නෙ ඇයි.

 ශෙන් ස'චුආන්  ඒ පිළිබඳ ව සිතා බලා පවසන්නට විය: “හමුදා බලය නැතිවුනත්  මධ්‍යම පරිපාලනය ඔහුගේ පාලනයේ තබා ගැනීම හොඳ තේරීමක්.  නමුත් මේ වෙනකොට සුවිශේෂී නැගී එන නිලධාරීන් ඉන්නේ යන්තම් එල්ලිලයි.  හායි ලියැංයී තවමත් මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වගේම , වැන්දඹු අධිරාජිනියට හුආ ශියැංයී ගේ තත්ත්වය පහත හෙළා ඇය උපභාර්යාවක් බවට පත් කරන්න බැහැ.  එවිට, මුළු චූදු වලටම මනාලයෙක් ට සුදුසු වෙනත් අපේක්ෂකයෙක් නැති වෙනවා."

 "චූදු වල කිසිවෙක් නැත්තං, ඇයට වෙනත් තැනක බලන්න පුළුවන්," මහාමාත්‍ය චී  "චීදොං" යන වචනය ලිව්වේ ය, "ලී බෙයි එය සිදුවෙනින ඉඩ නොදේවි එසේ. නමුත් චීදොං වල නම් තවමත් අවස්ථාවක් තියෙනවා."

අණදෙන නිළධාරි චී සහ ලූ ගුඅන්බායි දෙදෙනාම විවාහ වෙලයි ඉන්නේ.” ශෙන් ස'චුආන්  පැවසීය, “ එහෙනම් සමහරවිට ඒ ලූ ගුඅන්බායි වෙන්නත් පුළුවන්. කොහොමවුනත්, ලූ වංශය ෂ්‍යාඕ වංශය සමග මිතුරුවෙලා හුඟ කාලයක් වෙනවා. ඔවුන්ගේ සම්බන්ධය කිසිසේත්ම එක රැයකින් කඩාදමන්න හැකි සම්බන්ධයක් නෙමෙයි”

"ඇයි ඔබ චී වංශය වංශය මත ඔබේ අනුමාන සිදු නොකළේ?"  මහාමාත්‍ය චී පැවසුවේ නොසතුටිනි.  "චී ජූයින් හැර හැර, චී වංශයට තව එක් පුද්ගලයෙක් ඉන්නවා."

 "ඒක වෙන්න බැහැ..." ෂෙන් සෙචුවාන් පුදුමයෙන් බලා සිටියේය.

 දින කිහිපයකට පසු, ෂ්‍යාඕ චීයේ, චීදොං අණදෙන නිලධාරීන් දෙදෙනා පිළිගැනීමට නගරයෙන් පිටත ලී ජ්‍යැංහෙන් සමඟ පිටත්ව යන්න ට විය. ලූ ගුඅන්බායි ඔහු සමඟ ආපසු පැමිණියේය.  යන අතරමගදී හිස්වැස්ම ගලවා ගලවා දමා “ගමන අතරේ මට ආරංචියක් ලැබුණා.  ඔබ ඒ ගැන දන්නවාද?"

 ෂ්‍යාඕ චීයේ තම අශ්වයා ඉදිරියට තල්ලු කර පවසන්නට විය, "මොකක්ද?"

 ලූ ගුඅන්බායි ට කතා කිරීමට අවස්ථාව ලැබීමට පෙර, චී ජූයින් ඇගේ අශ්වයා ඔවුන් දෙසට තල්ලු කරගෙනවිත් ඔහුගේ පිටට පහර දුන්නේය.

 "ආව්! අණදෙන නිළදාරීතුමියනි!"  ලූ ගුඅන්බායි වේදනාවෙන් කෑගැසුවේ ය.

 චී ජූයින් අසතුටින් සිටින්නේ කළාතුරකිනි.  ඇය සිය තලය අල්ලාගෙන ඉදිරියට නැමී ෂ්‍යාඕ චීයේ​ ගෙන් ඇසුවේ ය, "චූද් වල මේ කටකතා පැතිර ගියේ කවද ද?"

 ෂ්‍යාඕ චීයේ තවත් අවුල් විය.

 චී ජූයින් දත්මිටි කාගෙනිමින් පවසන්නට විය, “කවුරුහරි අයෙක් මගේ සුළු මව වෙන්න යනවා.”

 මවිතයට පත් වූ ෂ්‍යාඕ චියේ පැවසුවේ, “වයසනක අණදෙන නිළධාරි චීට අලුත් භාර්යාවක් ගන්න අවශ්‍ය වෙලා?”

 "උපභාර්යාවක්!."  චී ජූයින් උපහාසාත්මක ලෙස සමච්චල් කළේය, “ඔවුන් දැනටමත් පවසනවා ඔහු දෙවන බිරිඳක් ලබා ගන්න යන බව!  තුන්වෙනි හුආ ආර්යාව මගේ කුඩම්මා වෙන්නයි යන්නේ. ඈ මගේ වයසේ නෙමෙයි ද?"

 

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-