Skip to main content

පනස් හතරවන පරිච්ජේදය : ආක්‍රමණය 🔞

 

 

ඒ පරික්ෂක සහචරයා ගේ නාමය වූයේ යූ ෂ්‍යාඕසායි , පහත් ශ්‍රේණි මට්ටමක , හත්වන ශ්‍රෙණියේ විමර්ශය සහයකයෙක් විය.  මෙම තනතුර විවිධ කාර්යාලවල ප්‍රධාන අධීක්ෂණ ලේකම්වරයාට සමාන විය. එය පහත් තනතුරක් වූ නමුත් විශාල අධිකාරීත්වයක් යුතු වූයේ ය. පරීක්‍ෂා කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ බලය ඔහුට තිබූ බැවින් ඔහු ඉදිරියට පැමිණ දෙදෙනා අතර මැදිහත් වීම වඩාත් සුදුසු විය.

මේ මොහොතේ ශීත ඍතුව වූ බැවින් මිය යන්නට තරම් ශීතල අධිකව තිබුණද , යූ ෂ්‍යාඕසායි  නළලත  දහඩිය දැමීමට තරම් බියට පත්ව සිටියේය. ඔහු බොහෝ විට කණ්ඩායම් කාර්යයන් වලට සහ පරීක්ෂණ වටවලට ගොස් පැවරුම් ක්‍රියාත්මක කළද, ඔහු මීට පෙර කිසි දිනෙක මෙතරම් දුෂ්කර තත්වයකට පත් නොවීය. දෙපාර්ශවයම අමනාප කරගන්නට ඔහුට නොහැකි විය! මෙය ඉතා අනර්ඝයි. ඔහුගේ කෑගැසීමෙන්, උණුසුම් වචන හුවමාරුවක යෙදී සිටි දෙදෙනාම දැන් ඔහු දෙස බලා සිටියහ.

යූ ෂ්‍යාඕසායි ඔවුන්ව ඒත්තු ගැන්වීමට තම උපරිමය කළේය. “තවම වේලාසන වැඩියි. මම ටික වෙලාවකින් සෙවුම් වරෙන්තුව භාර දෙන්නම් ප්‍රතිරාජසෙනෙවිතුමාට හෙමිහිට බලන්න. ඒක මා ළඟ තියෙනවා ”

ඔහු කතා කරන අතරම, ඔහු තම වස්ත්‍රයේ කොන් අතරින් ලේඛනය ගෙන ෂ්‍යාඕ චීයේ අතට දුන්නේය.

ෂ්‍යාඕ දීයේ එය අහඹු ලෙස පෙරළා චෙන් යැං දෙස බැලූ අතර, ඔහු වහාම පැවසුවේ ය, "මේ පැත්තෙන්, ගෞරවනීය විනිසුරුතුමනි."

යූ ෂ්‍යාඕසායි නැවතත් ඔහුගේ දෑත් අල්ලාගෙන සිය කතාව දිගටම පවත්වාගෙන යන්නට විය, “එය කරන්න ඕනෙ අන්න ඒ විදිහටයි. හැම වෙලාවකදිම නීතියට අනුව වැඩ කරන්න ඕනෙ. අපි හැමෝම පිළිපදින්නේ අධිරාජ්‍යයාණන්ගේ නියෝග. හැමෝම ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ. ”

පිටත සීතලයි. ගූ ජින්, කරුණාකරලා ඔවුන්ට ආරාධනා කරන්න..." ෂ්‍යාඕ චීයේ  පැකිලීමකින් යුතුව විරාමයක් තැබුවේ ය.

යූ ෂ්‍යාඕසායි උපක්‍රමශීලීව සිය උගුර කාරා  නැවත සිය කතාව ආරම්භ කළේය, “මේ නිහතමානී නිලධාරියාගේ වාසගම යූ. මම යූ ෂ්‍යාඕසායි. මගේ නිහතමානී අනුග්‍රහය නාමය යූජිං. මම ප්‍රතිරාජසෙනෙවිතුමාට ඇත්කටම ස්තූතිවන්ත වෙනවා, නමුත් මම තේ පැන් සංග්‍රයට යනවා. තවමත් සිදු කරන්න නිල කටයුතු තියෙවවා, ඒ නිසා මේ නිහතමානී නිලධාරියාට තවමත් ගෞරවනීය විනිසුරුවරයා පසුපස යන්න සිද්ධවෙනවා."

ෂ්‍යාඕ චීයේ ඔහුට බාධා නොකළඅතර තම හිස පමණක් සෙළවුයේ ය. ගූ ජින් ඉදිරියට ගොස් යූ ෂ්‍යාඕසායිට ට හිස නමා, පසුව ඔහුව කුටියට රුගෙන ගියේය.

         

ශෙන් ස'චුආන්  ගල් පියගැටපෙළ නැග ගියේ ය. ෂ්‍යාඕ චීයේ ගේ අධ්‍යයන කුටිය  විවෘතව තිබුණි. සේවකයන් දෙපසට වී සිය හිස් පහත් කර ආචාර කළෝ ය.

 

චෙන් යැං බවසන්නට විය, “මේ ප්‍රතිරාජසෙනෙවිතුමාගේ අධ්‍යයන කුටිය. උතුමාණෙනි, කරුණාකරලා ඉදිරියට යන්න.”

 

ශෙන් ස'චුආන්  ඔහුගේ හස්තය ඔසවද්දී , ' චිංචිං ඔහුගේ හිස හරවා පසෙක වූ රාජකීය ආරක්ෂකයන්ට සන් කළේ ය.  ඉන්පසු සියල්ලෝම විසිරගොස් විවෘත රාක්කවල වූ පොත්පත් බලන්නට පටන් ගත්හ.

 

චෙන් යැං එහි සෝදිසියෙන් සිටින ලෙස දිං තාඕට හගවා ශෙන් ස'චුඇන්ව තව දුරටත් ඉදිරියට රුගෙන ගියේ ය. ගෙපිල වටා ගිය ඔවුහු ගේට්ටුව පසුකර ගොස් පැමිණියේ ෂ්‍යාඕ චීයේ ගේ නිදන කාමරය දෙසටය. 

 

චෙං යැන් පැවසුවේ ය, “මේ පුතිරාජ සෙනෙවිතුමාගේ නිදන කාමරය. මෙහි තියෙන හුගක් භාණ්ඩ අධිරාජ්‍යයා දුන් ත්‍යාග. ඒ නිසා, මම ගෞරවනීය විනිසුරැතුමාගෙන් ඒවා පෞද්ගලිකව පරික්ෂා කරන්න කියලා ඉල්ලනවා.”

 

ඔහුගේ සේවය​ට තුති කළ ,ශෙන් ස'චුආන්  අැතුළට පිවිසියේ ය

 

ෂ්‍යාඕ චීයේ ගේ කාමරය විශාල විය, නමුත් එය විශ්මය දනවන ලෙස සරල හා පිළිවෙල විය. තිඑ වලට පසෙකිව් අශ්ව කුර හැඩැති පාද සහිත මේසයක් විය , ඒ මත හමුදාමය පුස්තක කිහිපයක් තබා තිබුණි. මෙහි මල් සැරසිලි , විසිතුරු සිතුවම් හෝ පැරණි රූපාක්ෂර දක්නට නොලැබුණු අතර, බිත්තියේ තිරස් අතට එල්ලා තිබූ දජෞ අධිරාජ්‍යයේ භූමි සිතියමක් පමණි.

 

ශෙන් ස'චුආන්  හමුදාමය පුස්තකය අකට ගෙන පෙරලා බැලුවේ ය. කිසිවෙකුත් මින් පෙර කියවා නැති සේ එය පිරිසිදු සහ නැවුම්ව තිබුණේ ය.

 

මද වේලාවකට පසු, ද්වාරය වැසී ගියේ ය.

 

සිය දෑස් පුස්තකයෙන් ඉවතට නොගෙනම ශෙන් ස'චුආන්  පවසන්නට විය, “පරීක්ෂා සහයක යූ අධ්‍යයන කාමරය පරික්ෂා කළ විගසම මෙහි පැමිණේවි.”

 

ෂ්‍යාඕ චීයේ ඔහුගේ පිටත කබාය ගලවා පවසන්නට විය, “අධ්‍යයන කාමරය පරීක්ෂා කරමින් ඔහු මධ්‍යහ්නය වන තුරුම රැඳී ඉදිවි. ෆූ ලින්යේ නිසැකවම දෙයක් සගවනවා. මාව මගහරින්න ඔහු ඔබව මෙතනට එව්වා."

 

ශෙන් ස'චුආන්  මෘදු ලෙස පොතෙහි පිටු පෙරලමින් පවසන්නට විය , “ ඔහුව අවශ්‍ය විමර්ශනය හැකි ඉක්මනින් සිදු කරලා අවසන් කරලා , කිසිවෙකුවත් අමනාප කර​ නොගෙන ඉන්නයි.”

 

ෂ්‍යාඕ චීයේ සිය හිස ​පමෙකට හරවා තිරයෙන් පෙනෙන ශෙන් ස'චුඇන්ගේ සෙවණැල්ලසෙ බැලුවේ ය. ඔහු ඇසුවේ ය. “ඇයි ඔබ ඔතැන සැඟවෙලා ඉන්නේ?”

 

ශෙන් ස'චුආන්  පිළිතුරු දුන්නේ ය, “ගිණුම් පරික්ෂා කරනවා.”

 

ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.  “ඔබට විගණනය කරන්න අවශ්‍ය දේවල් මෙතැන නැහැ.”

 

ශෙන් ස'චුආන්  පුස්තකය වසා, එය නැවත මේසය මතින් තැබුවේ ය., ඔහු පවසන්නට විය, “ පරික්ෂා කරන්නේ නැතුව මට ඒ ගැන දැනගන්න වෙන්නෙ නැහැ.”

 

ෂ්‍යාඕ චීයේ තිරයට තට්ටු කරන්නට සිය හස්තයේ ඇගිල්ලක් එසැවූයේ ය. ඔහු පැවසුවේ ය, “ඇයි එයින් ඔබ වෙනත් දෙයක් පරීක්ෂා කරනවා වගේ පෙනෙන්නේ?”

 

රාජ්‍යද්‍රෝහි වදන්, අල්ලස් ලෙජර, හමුදාමය ලිපි හ්‍රවමාරු.” ශෙන් ස'චුආන්  තිරය පසුපස හිද කතා කළේ ය, “මම ඒ සියල්ලම පරික්ෂා කරන්න ඕනේ.”

 

ඔබ​ට යම්දෙයක් මග ඇරුණා, එහෙම නේද?” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. " ඔබ අසභ්‍ය කවි සහ කාමුක කලාකෘති පරීක්ෂා කරන්න යන්නේ නැද්ද?”

 

"මම මෙතන ඉන්නේ නිළ රාජකාරියකට." ශෙන් ස'චුආන්  මෘදු ලෙස කීවේය. “අනිත් අතට, අනික මේ මහ දවාල. ඒ නිසා මම ආවේශශීලි වෙන්නේ නැහැ.”

 

තිරය ​​පාරභාසක වූ නිසා පුද්ගලයින් දෙදෙනාගේම රූ යාන්තමින් දිස් විය. ෂ්‍යාඕ චීයේ ගේ ඇඟිලි සෙවනැල්ල දිගේ ශෙන් ස'චුඇන්ගේ ගෙල තිබූ ස්ථානයට ලිස්සා ගියේය. කායික සම්බන්ධතාවක් නොතිබුණද, එය තවමත් ශෙන් ස'චුආන්  තුළ උණුසුමක් හැගීමක් ඇතිකර දවාලූයේ  ඔහු ආලිංගනයේ පහසට නතු වෙනවාක් සේ ය.

 

"ෂී හොංෂුආන් ඔබට මත්පැන් වලට ආරාධනා කළා." ෂ්‍යාඕ චීයේ නිසැක ලෙසම පැවසීය.

 

"හ්ම්." ශෙන් ස'චුඇන්ගේ ප්‍රතිචාරය නොසැලකිලිමත් විය.

 

ෂ්‍යාඕ චීයේ ගේ හස්තයේ ඇගිලි ශෙන් ස'චුඇන්ගේ කරපටි හරහා ලිස්සා ගියේ ය. ඔහු ඇසුවේ ය, “අභිසරුලියෝ සමග මත්පැන් පානය කිරීම එතරම් අනර්ඝ ද?”

 

ශෙන් ස'චුආන්  පිළිතුරු දුන්නේ නොපසුබට ලෙසය , “ඔව්.”

 

ෂං්‍යාඕ චීයේ ඇසුවේ ය, “ඔබ ඔබව උණුසුම් වෙනකල්ම මත්පැන් පානය කරාද?”

 

ශෙන් ස'චුආන්  පිළිතුරු දුන්නේ ය, “මම කළා.”

 

ෂ්‍යාඕ චීයේටද උණුසුම් බවක් දැනුනේ ය. ඔහුගේ ඇගිලි ත්‍රිත්වයක් ශෙන් ස'චුඇන්ගේ ගෙල දිගේ පහලට ඇදී ගොස් , , ඔහුගේ ඇඳුම්වල ඉදිරිපස විවරයන් මෑත් කරන්නට විය. ප්‍රතික්ෂේප කිරනවා වෙනුවට, ශෙන් ස'චුආන්  ඉදිරියට ගොස් මීදුම් වලාවෙන් හැඩ කළ සිතුවම් කළ තිරය හරහා විත් ෂ්‍යාඕ චීයේ ගේ දෑගිලි වලට ඔහුගේ ළය හරහා ස්පර්ශ කරන්නට ඉඩ දුන්නේ ය.

 

ඔබ කරාබු පළදිනවද?” ෂ්‍යාඕ චීයේ ක්ෂණිකව විමසුවේ ය.

 

නැහැ.” ශෙන් ස'චුආන්  සිය හිස හරවා සවනත නිරාවරණය කළේ ය. “ඔබට අවශ්‍ය මම ඒවා පළඳින්නද?”

 

මේ දෙවන තරුණ ස්වාමියා ඔබට ක්‍රීඩා කරන්න පුංචි සූරියකාන්ත පාෂාණයෙන් හදපු කරාබුවක් ත්‍යාගයක් විදිහට ලබාදෙනවා.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.

 

එකයි ද?”

 

එකයි.”  ශෙන් ස'චුඇන්ගේ මෘදු ගෙලත් සවනතත් අතරට සිය දෑස් යොමු කරමින් සමීප  ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “එය දකුණු සවනතට පළදින්න.”

 

ෂ්‍යාඕ චීයේ ඔහුගේ දකුණු හස්තය ඔහුව ඇද ගන්නට භාවිතා කළේ ය. ඔහු ඔහුව හරවන විට ඔහුගේ හිස තරමක් පහත් කළ යුතු අතර, එවිට ඔහුට ඔහුගේ සවනත මුවෙන් අල්ලාගන්නට හැකි වනු ඇත.  ශ්වේත පැහැ සැටින් රෙදි හා රතු පැහැ  කපිශමණි.

 

ඔහුගේ සවනතේ වූ දහදියෙන් තෙත් වූ හිසකෙස් පසෙකට වී ඇති නිසා ඔහුගේ විශ්මය මුසු ව තෘප්තිමත් ප්‍රකාශනය නිසැකවම දැකගත හැකි දසුනක් විය.

 

ශෙන් ස'චුආන්  පිළිතුරු නොදුන් අතර, තිරය හරහා අර්ථාන්විත සිනහවක් පෑවේ ය. ෂ්‍යාඕ චීයේට ඔහුගේ දෑස් පැහැදිලිව නොපෙනුණත්, ඔහුගේ තොල්වල කෙළවර ඔහුට දැකගත හැකි විය; ඔහු නැවතත්  යටි සිතින් එවැනි ආරාධනයක් සිදු කරමින් සිටියේ ය

 

"මාව වැළඳගන්න."

 

"මාව ස්පර්ශ කරන්න."

 

ෂ්‍යාඕ චීයේ සිය දෑස් පියා ගත්තේ ය , ෂන් ශෙන් ස'චුආන්   සෑම විටකම පාහේ කාමරයෙන් පිටතට ගිය ආකාරය දැනුණ නිසාය. කටහඬක් නැති මේ ආකාරයේ රේඛා ඔහුගේ නැඟී එන ආශාවේ රැල්ල වඩාත් ප්‍රචණ්ඩ ලෙස ඔහු මතට කඩා වැටෙන්නට  පොළඹවන බවක් පෙනෙන්නට තිබුණි. ඔහු දිවුරුම් දෙනු ලැබුවේ ඔහු මුලින් මෙතරම් පහසුවෙන් අවදි විය හැකි පුද්ගලයෙකු නොවන බවය. ඔහුගේ ආශාවන් මුලදී දිව්‍යලෝකයේ නිල් ශිඛර සහ තණ පිට්ටනි සහිත වනාන්තර වල ලැගුම් ගෙන තිබුණි

 

ශෙන් ස'චුආන්  තිරය මෘදු ලෙස ස්පර්ශ කළේ ය, “​මම මේ දවස්වල වැඩ එක්ක කාර්යබහුලය්. මම හිතන්නේ මට වෙලාවක් නැතිවෙයි. ඇයි ඔබ දිං තාඕ හෝ ගූ ජින් ගෙන් එහි යන්න නොඅසන්නේ?”

 

අවසානයේ ඔහුව පැහැදිලි ලෙස දැකගන්නට ලැබුණු , ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ඇයි? ඔබ තවමත් ජීවත් වෙන්නේ දොංලොං විදියේ නෙමෙයි ද?”

 

ශෙන් ස'චුආන්  පිළිතුරු දීමට සූදානම් වූ නමුත් හදිසියේම පිටත අඩි ශබ්දයක් ඇසෙන්නට විය. ඔහු චලනය වීමට පෙර, ෂ්‍යාඕ චීයේ හදිසියේම නැමී ඔහුගේ උරහිසට උඩින් ඔහුව ඔසවා ගත්තේය. පියවර කිහිපයකින් ඔහු දිගු මේසය උඩින් පැන ශෙන් ස'චුඇන්ව ඇතුළු කුටියට ගෙන ආවේය.

 

යූ ෂ්‍යාඕසාවි තම වතෙහි කරපටිය ඔසවා පඩිපෙළ නැගආවේ ය. ඔහු දොරට තට්ටු කළේ ය “ගෞරවනීය විනිසුරුතුමනි?” කියා පැවසුවේ ය.

 

ගෞරවනීය විනිසුරුතුමාට පිළිතුරු දිය නොහැකි තරමට රෙදි සහිත රාක්ක පිටුපස බිත්තියට සමීප ව සිටියේ ය. එම රාජකාරී ඇඳුම ඔහුගේ සිරුර ආවරණය කඵේ ය. ශෙන් ස'චුආන්  සිය අත්ල ෂ්‍යාඕ චියේගේ පපුවට තද කළ අතර ඔහුගේ ගෙල පැත්තකට හරවා පිළිතුරු දීමට අවශ්‍ය විය - නමුත් ෂ්‍යාඕ චියේ හදිසියේම ඔහුව ඉහළට කර අල්ලා ගත්තේය. ශෙන් ස'චුආන්  සෙචුවාන් ඇඳුම් රාක්කයේ වැදුනේ ය. ඇඳුම් රාක්කය බිමට ඇලවීමට ආසන්න බව දුටු ඔහු වහා පාදය ඔසවා එය එම ස්ථානයෙහිම නතර කළේය. ෂ්‍යාඕ චීයේ ඒ හිදැස ප්‍රයෝජනයට ගෙන ශෙන් ස'චුආන්  ගේ අනෙක් පාදය ඔහුගේ ඉණට මට්ටමට ඔසවා ගත් අතර, එමගින් ඔහුට ඉදිරියෙන් දෙවැන්න සිරකර ගන්නට හැකි වුයේ ය.

 

"හසුන අධිරාජ්‍යයාට නිරික්ෂණය කරන්න  කෙලින්ම ඉදිරිපත් කරන්න තරම් ඔහුට බලය තියෙනවා." ෂ්‍යාඕ චීයේ අඩු හඬකින් පැවසුවේ ය. "ඔහු ඔබ සහ මා එක්ව සිටිනවා දුටුවොත් , අපට මෙයින් මිදීමේ මාර්ගය පැහැදිලි කරගන්න නොහැකි වේවි."

 

යූ ෂ්‍යාඕසායි නැවතත් දොරට තට්ටු කර, “ගෞරවනීය විනිසුරුතුමා, ඔබ  මෙහි ඉන්නවද?” නැවතත් ඇසුවේ ය.

 

ශෙන් ස'චුආන්  ෂ්‍යාඕ චීයේ ගේ අතින් අල්ලාගෙන නිහඬ ස්වරයෙන් කීවේ ය, “කරදරයක වැටිලා ඉන්න කෙනෙකුගෙන් ප්‍රයෝජන ගැනීම වංශවත් අයෙක් කළ යුතු දෙයක් නෙමෙයි”

 

"මම? ප්‍රයෝජන ගන්නවා?” ඔහුගේ සිය දෑතින් ශෙන් ස'චුඇන්ගේ තට්ටම් ස්පර්ශ කළේ ය, ෂ්‍යාඕ චියේ ඔහුගේ නාසයට තට්ටු කර සිනාසෙමින්, “ඒක හරි. ඔබ අමාරුවේ වැටිලා ඉන්නකොට මම ඔබෙන් ප්‍රයෝජන ගන්නවා.” පැවසුවේ ය.

 

ශෙන් ස'චුආන්  ඔහු දෙස බලා සිටියේ උගුලකට හසුවූවා සේ ය. ඔහුගේ ළය මදක් ගැහෙන්නට විය.

 

ප්‍රතිචාරයක් නොලැබීමෙන් සෑහෙන වේලාවකට පසු, යූ ෂ්‍යාඕසායි ද්වාරය තල්ලු කළේය. සෝදිසි වරෙන්තුව ඔහුගේ අත යට තබාගෙන, යූ ෂ්‍යාඕසායි ඇතුළට ගොස් ඔහු සෙවීමට සූදානම් ව කාමරය සෝදිසි කර බලන්නට පටන් ගත්තේය.

 

ශෙන් ස'චුආන්  ඔහුගේ දිගු පාදය සෙමෙන් පසුපසට ඇද්දේ ඇඳුම් රාක්කය නිසි තැනට ගෙන ඒමටය. ඔහුගේ පාදය දිගු කරන විට ඔහුගේ ඉන සහ තට්ටම් සොලවන්නට සිදුවුයේ ඉතා අල්පවය. නමුත් දැන්, ඒවා ෂ්‍යාඕ චීයේ ගේ අත්ලෙහි ගිලී තිබුණි. සිහින් දහදිය දහරාවක් ගලා යද්දී ඔහු ඇඳුම් රාක්කය ස්ථාවර කරන්නට හැකි විය.

 

ඇඳුම් රාක්කය ස්ථාවර වූ පසු, ෂ්‍යාඕ චීයේ ඔහුගේ සවනතට ලංවී ඉතා මෘදු ලෙස මිමිණුවේ ය, "ඇත්තටම, එය පෙරළෙන්නේ නැහැ."

 

ශෙන් ස'චුආන්  ඔහුගේ දෑස් කෙළවරින් ඔහු දෙස බලා සිනහවකින් යඅකුව වචන මුවින් පිට කළේය: තමුන්-බැල්ලිගේ-පුතා.

 

ෂ්‍යාඕ චීයේ එය වහා පිළිගත් අතර ඔහුගේ සවනතට කර නැවතත් මිමිණුවේ ය. " එහෙමනම්, කරාබුව පළදින්න. ලන්ජෞ."

 

යූ ෂ්‍යාඕසායි තමාටම යමක් මුමුණමින් සිටියේය. ඉදිරිපස කුටිය දෙස බැලීමෙන් පසු ඔහු ඇතුල් කුටිය දෙසට ගමන් කළේය.

 

ශෙන් ස'චුඇන්ට ට චලනය වීමට අවශ්‍ය වූ නමුත් ෂ්‍යාඕ චීයේ ඔහුට විරුද්ධව තද කරමින් දිගටම සිටියේ ඔහු හිස වනන්නේ නැත්නම් පසෙකට නොයන කෙනෙකුගේ ස්ථාවරයෙන් යුතුවය.

 

එය පළඳින්න,” ෂ්‍යාඕ චීයේ ගේ හුස්මෙන් ශෙන් ස'චුඇන්ගේ සවන් උණුසුම් වූයේ ය. ඒ උණුසුම කෙතරම් අභ්‍යන්තරයට කා වැදුටන්ද යත් , ශෙන් ස'චුඇන්ගේ කොඳු ඇට පෙළ හිරිවැටී ගියේ ය. ෂ්‍යාඕ චීයේ සිනහවකින් යුතුව මුමුණන්නට නැඟුවේ,  ඒවා මගේ ඇස් ඉදිරිපිට පළදින්න.”

 

/මගේ ඇස් ඉදිරිපිට පළදින්න./

 

එය මොනතරම් අහංකාර සහ උඩඟු ඉල්ලීමක්ද? ෂ්‍යාඕ චීයේ තවමත් ඔහුගේ වෘක ස්වභාවය මඟ හැර තිබුණේ නැත. ඔහු ශෙන් ස'චුආන්  වෙත මේ දැඩි නමුත් හදිසි ආශාවේ තල්ලු කර තද කළේ, මේ දැවෙන උණුසුම ශෙන් ස'චුඇන්ට දැනෙන බව සහතික කරගනිමිනි.

 

ඔවුන් දෙදෙනාම අඝාදයට ඇද වැටෙන විට එදින රාත්‍රියේ සිදු කළ සංසර්ගය බලාපොරොත්තු සුන්වීම සහ බලාපොරොත්තු සහගත බවකින් යුක්ත වූ අතර, ඔවුන්ගේ දුර්වලතා අනෙක් පාර්ශ්වයේ ඇස් ඉදිරිපිට නිරාවරණය වන විට ඔවුන්ගේ රුධිරය වැකි ළය සහ උදරයන් වෙන් කළ නොහැකි ලෙස එකට ඇලී තිබුණි. ෂ්‍යාඕ චීයේ දිවා ආලෝකයෙන් පසු එය තනිවම නැවත සිදු කරන්නට අදහස් කළේ නැත. ඔහුට අවශ්‍ය වූයේ ශෙන් ස'චුආන්  වළලුකරෙන් අල්ලාගෙන ඔහුව ටිකෙන් ටික පසුපසට ඇදගෙන ගොස් කාමාශා සයුරේ ඔහුව සිර කර තබා ගන්නට ය.

 

යූ ෂ්‍යාඕසායි ඒ වන විටත් එල්ලෙන තිර රෙදි පසෙකට ගොස් තිබුණි.   ශෙන් ස'චුආන්  ෂ්‍යාඕ චියේගේ ළය මත ඇති ඇදුමින් තදින් අල්ලාගෙන සිටි අතර, මේ හදිසි අවස්ථාවේ දි, වැසී තිබුණු ස්ථානයේ සමීප ලෙස ඔහු දෙසට මුහුණලා බලා සිටියේය.

 

යූ ෂ්‍යාඕසායි නැවතත් තිරය එසවූ අතර අභ්‍යන්තර කුටියේ කිසිවෙක් නොසිටියේය. කෙළවරේ තිබූ ඇඳුම් රාක්කය එදිනෙදා ඇඳුම් වලින් අවුල් ගොස් තිබුණේ ය. ඒවා අතරේ ගැවසීම ඔහුට අපහසුවක් වූ නිසා ඔහුට හැකි වූයේ ඔහුගේ ඇස්වලින් එම ස්ථානය විශාල කර බැලීමට

 

සයනය යට වැතිර සිටි ශෙන් ස'චුඇන්​ ට හුස්ම ගැනීමට අපහසු විය. දෙන්නෙකුට එක මත හිඳින්නට තරම් සයනය යට ඉඩක් තිබුණේ නැහැ. ෂ්‍යාඕ චීයේ ගේ ළයේ බර නිසා ඔහුට සෙමෙන් හුස්ම ගන්නට මුව අරින්නට සිදු විය. මේ ශක්තිමත් සහ හොඳින් වැඩුණු ශරීරය සැබවින්ම වැඩි ස්කන්ධයකින් යුක්ත විය.

 

ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලන්නට ඔහුගේ හිස පහත් කළේය.

 

ඔෙන් ස'චුඇන් වහාම එය වටහාගත් අතර ශබ්දයක් නොනැගෙන ආකාරයෙන් හැඟවූයේ ය.. "එපා නැහැ. කොහෙත්ම එපා-

 

ෂ්‍යාඕ චීයේ ඔහුව සිපගත්තේ ඔහුට හුස්ම ගැනීමට ඇති කුඩා  අවස්ථාව ද අහිමි කරමිනි. ශෙන් ස'චුආන්  ඔහුගේ පිටේ ග්‍රහණය තද කර ගත්තේ ඔහුට වේදනාදෙන තරමට තදින් වැළඳගමිනි. නමුත් ෂ්‍යාඕ චීයේ තවමත් ඔහුව ක්‍රමයෙන් හුස්ම හිරවෙන තත්වයකට ඇද දැමීය. ක්ලාන්ත වීමේ ලකුණු සංවේදනය වූ ශෙන් ස'චුඇන්ට ෂ්‍යාඕ චියේගේ ප්‍රහාරයෙන් මිදීමට නොහැකි විය.

 

 ඔහු ගැඹුරු ජලයේ ගිලී සිටින්නාක් මෙන් ඔහුට දැණුනේ ය, ඔහුව බේරාගැනීමට ඇති එකම පාවෙන ශාක කඳ ෂ්‍යාඕ චීයේ විය. කෙසේ වෙතත්, මේ  තම භූමිය මත බලහත්කාරයෙන් හිමිකම් පෑ අතර, ඔහු වෙත පහර දෙන දරුණු රළ පහරක් මෙන් , ඔහු විසින් ක්‍රමානුකූලව ආක්‍රමණය කළ අතර චකිතය සමඟින්, මේ මොහොතේ ඔහුගේ නිර්දය භාවය ගැඹුරින් සිහිපත් කරන්නට ඔහුට අවැසි නොවුණේ ය

 

__________________________________________

 

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-