Skip to main content

විසි අටවන පරිච්ඡේදය | පටු මගෙහි බීමත් ව.

 

නව අධිරාජ්‍යයා සිංහාසනාරූඪ වීමෙන් පසුව චූදු හි හි සරත් සෘතුවේ වර්ෂාව නොනැවතී ඇදහැලුණි.  පැරණි, කළු වහලවල් යට සුදු පහන් උස්ව එල්ලා තිබුණි. යමෙක් එම ස්ථානයට පෙනෙන පරිදි නගර පවුර මත සිටගෙන සිටියහොත්, සෑම ස්ථානයකම අඳුරු සීතලක් වැසී ඇති බව දකින්නට ලැබෙනු ඇත.

 සරත් දඩබිමේ සිද්ධිය නිසා, සියලුම රාජකීය ආරක්ෂකයන් ඔවුන්ගේ ඉණ අවසරපත් අවලංගු කර තිබුණි. ජී ලෙයි සහ ච්‍යාඕ ත්‍යැන්යා වැනි පස්වන ශ්‍රේණියේ සහ ඉහළ අධිරාජ්‍ය ආරක්ෂකයින් සියල්ලන්ම සිරගත කරන ලදී.  හුආ සීචියන් සහ පැන් රූගුයි සමග එක්ව, ඔවුන් අධිකරණ කාර්යාල තුන විසින් ඒකාබද්ධ නඩු විභාගයකදී විභාග කිරීමට භාර දෙන ලදී.

 ෂුඒ ෂ්‍යුජුඕ ආදායම් පිළිබඳ විමර්ශන කාර්යාලයෙන් මාරු කර අධිකරණ සමාලෝචන උසාවියේ සහකාර අමාත්‍ය ධුරයට උසස් කරන ලදී.  මෙම තනතුරට ආදායම් පිළිබඳ පරීක්‍ෂණ කාර්යාලයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම්වරයාට තරම් බලයක් සහ අධිකාරීත්වයක් ඇති බවක් පෙනෙන්නට නොතිබුනද, සත්‍ය වශයෙන්ම එය ඔහුට අධිකරණ කාර්යාල තුනක මධ්‍යම පරිපාලනයට ඇතුළු වීමට මඟ පෑදුවේ ය. වෙනත් වචන වලින් කිවහොත්, ඔහුට ඕනෑම සිද්ධි සමාලෝචනයක් පරීක්ෂා කිරීමේ බලය පමණක් නොව, අධිකරණ අමාත්‍යාංශයේ සහ ප්‍රධාන අධීක්ෂණ කාර්යාංශයේ යෝජනා පිළිබඳ සාකච්ඡා සහ ප්‍රතික්ෂේප කිරීම්වලට සහභාගී වීමේ බලය ද තිබුණි.

 "ෂුඒ ෂ්‍යුජුඕ"

 වැන්දඹු හුආ අධිරාජිනිය කෙටි යහනේ හාන්සි වී වෘත්තාකාර -කළු ඔපදැමු ඉත්තෙකු වෙයිචී පුවරුව මත තැබුවා ය.

 නැන්ලින් දඩයම් භූමියේ සිද්ධියට කලින් මම මේ දරුවා ගැන අහලා නැහැ.  ෂුඒ වංශයට ඔහුගේ නෑකම මොකක්ද?

 ල්‍යුශියන් මෙහෙකාරිය මෘදු ලෙස සුවඳ දුම් බඳුන විදහා මෙසේ පැවසීය, “උත්තමාවියට පිළිතුරු දෙනවා, ඔහු ෂුඒ වංශයේ නීත්‍යානුකූල උපත්වල තුන්වන පුත්‍රයායි.  මේ දාසයාත් ඒ පුද්ගලයා ගැන මීට පෙර කිසි දිනෙක අසා නැහැ, ඒ නිසා මෙි දාසය විශේෂයෙන් ඔහු ගැන යම් විමසීමක් කරන්න පෙළඹුණා."

 "ෂුඒ වංශයට අනුප්‍රාප්තිකයන්ගේ අඩුවක් නැහැ."  වැන්දඹු හුවා අධිරාජිනිය පැවසුවාය.  “මේ අවුරුදු ගණනාව පුරාම, යාඕ වෙං යූ ජනප්‍රියයි.  මම හිතුවා වයසක නරියා, හුආ ලියැංයී, ඉක්මනින්ම හෝ පසුව යාඕ වෙං යූට ඔහුගේ සියලු දැනුම ඔහුට ලබා දීමෙන් පසු ඔහුව මහා ලේකම් කාර්යාලයට නිර්දේශ කරාවි කියලා.  ඔහු ඒ ගැන නිහඬව ඉදලා ඒ වෙනුවට වෙනුවට කැපී පෙනෙන ෂුඒ ෂ්‍යුජුඕ ව පාවිච්චි කරාවි කියලා කවුද හිතුවේ."

 ල්‍යුශියන් පවසන්නට විය, “ෂුඒ ෂ්‍යුජුඕ ප්‍රථමයෙන් ජ්‍යුඒෂි වල පළාත් පරිපාලන ඇමතිවරයා ජ්‍යැං ​චිංෂන් සමඟ එක්ව සාක්‍ෂි එකතු කරලා, ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි සමඟ අතරමැදියෙකු ලෙස කටයුතු කරන්න සම්බන්ධ වුනා.  ඔහු ආදායම් පිළිබඳ විමර්ශන කාර්යාලයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම්වරයා ලෙස කටයුතු කරන විට අමාත්‍යාංශ හයකට ප්‍රවේශ වුනා.  දැන් ඔහු අධිකරණ සමාලෝචන උසාවියේ සහකාර අමාත්‍යවරයා ලෙස උසස් කරලා, ඔහු අපේ ලේකම් කාර්යාලයේ වැඩිහිටියාගේ නඩුව විභාග කරනවා.  ඔහු කාරණයේ ගැඹුරට යන්න තීරණය කරලා.  ඒත් ඒකට ඉඩ නොදේවි කියලා මට බයයි."

 "මට දැන් පිටතට යන්න බැහැ."  වැන්දඹු හුවා අධිරාජිනිය කල්පනාකාරී වූවාය.  “ෂුඒ ෂ්‍යුජුඕ ට විමර්ශනය කිරීමට අවශ්‍ය නම්, ඔහුට විමර්ශනය කරන්න ඉඩ දෙන්න.  හුආ වංශය දැනටමත් එවැනි තීරණාත්මක තත්වකට වැටිලා.  ගිහින් වැඩිමහල් සහෝදරයට කියන්න තීරණාත්මකව ක්‍රියාකර පාඩුව පියවගන්න අධිෂ්ඨානය තියෙන්න ඕන කියලා.  එහෙම වුණොත් තමයි අපිට නැවත ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.”

ල්‍යුශියන් එය පිළිගනිමින් නිහඬව ඉවත් විය.

     

ශෙන් ස'චුආන්  තම හිරවරණයේ වැහි වතුර ගසා දමා එහි පහලට දිවයන ඉස්තෝප්පුවේ අසුන්ගත්තේ ය.  පැයකටත් අඩු කාලයකට පසු, ෂී හොංෂුආන් ගේ කන්දක් වැනි රූපය සඳ දොරටුව  හරහා හිරවරණයක්ද රුගෙන ඔහු වෙතට පැමිණෙන්නට විය.

   මේ අවට ඔත්තුකරුවන් බහුලව ගැවසෙනවා.  මට ගැලවෙන්න බැරි තරම්.”  ෂී හොංෂුඅන් සිය වස්ත්‍ර සකසාගනිමින් අසන්නට විය.  "මේ වෙලාවෙ මාව මෙතනට ගෙන්නන්න තරම් ඔබට මොකක් හරි හදිසි කාරණයක් තියෙනවද?"

   "ෂී ගූ'අන්ව සිරගත කරලා."  ශෙන් ස'චුආන්  පැවසීය.  “ඔබේ දිගුකාලීන ආශාව ඔබ ඉදිරියේ තියෙනවා.  එහෙත් ජයග්‍රහණයෙන් පසු ඔබ දැන් ප්‍රහාරය එල්ලකරන්නේ නැහැ.  ඒ වෙනුවට ඔහු මංමුලා සහගත ක්‍රියාමාර්ගයක් ගන්නකල් ඔබ බලාගෙන ඉන්නවද? ”

   "ඔහු දැනටමත් මරණ දණ්ඩනය ලැබෙන්න තරම් දරුණු වැරදි කරලා තියෙනවා."  ෂී හොංෂුආන් පැවසීය.  "දැන් තවත් චලනයන් සිදු කිරීම සර්පයෙකු මත කකුල් තබනවා වගෙයි."

   "මේ ලෝකයේ කිසිවක් 'නිශ්චිත' නැහැ."  ශෙන් ස'චුආන්  සුන්දර මුහුණේ සිනහවක සේයාවකුදු නොවීය.  ඔහු පැවසුවේ ය, “තත්වය වඩාත් තීරණාත්මක වන තරමට, ඔබට නොසැලකිලිමත් වෙන්න ඉඩ දෙන්න බැහැ.  මේ භයානක තත්වය තුළ,  ඔහු ජීවත්ව සිටින තාක් කල්, ඔහුට එයින් බේරීමට අවස්ථාවක් තිබේවි. ”

 ෂී හොංෂුආන් ඔහුගේ මුහුණ දෙස බැලුවේ ය, “හුආ පාර්ශවයේ නඩුව දැනටමත් අධිකරණ කාර්යාල තුනට භාර දීලා තිබෙනවා.  මෙතරම් ඇස් යුගල බලා සිටින විට, ඔබ ඔබේ චලනයන් සිදු කරන්න සැලසුම් කරන්නේ කොහොමද? ”

  "මම කිසිම චලනයක් කරන්නේ නැහැ."  ශෙන් ස'චුආන්  දෑස් හැරවීය.  “හුආ වංශයේ ගෝලයෙක් විදිහට, ඔහුගේ නිල කාලය තුළ ඔහු කළ අපරාධ වාර්තා ගණනය කරන්නත් නොහැකි තරම් තිබෙනවා.  ලේඛන සාක්ෂි දෙක තුනක් අධිකරණ කාර්යාල තුනට භාර දෙන තාක් කල්, ඔහුගේ මරණය නියත වශයෙන්ම සිදුවේවි.

   අධිරාජයා ඉදිරියේ ආයුධයක් රැගෙන ඔටුන්න හිමි කුමරුට පහර දීම,  ඔහුව දඩයම් කිරීම සඳහා කොටු කර ගැනීම.  ඔහුව මරන්න මේ කාරණා දෙක මදිද?"

   අෂිඨ මහා පුහුණු සේනාංකවල සේනාධිනායකයා විදිහට, අධිරාජ්‍යයා ඉදිරියේ අසිපතක් දරන්න ඔහුට විශේෂ බලයක් තියෙනවා.  ඔටුන්න හිමි කුමරුගේ දඩයම ඔහු සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ.  තත්වය වැරදි බව වැටහුණාම ශක්තිමත් කිරීම් සෙවීමට සහ යෙදවීමට ඔහු නැවත අගනුවරට ගිය බව ඔහුට සරලව ප්‍රකාශ කරන්න පුළුවන්.  නව අධිරාජ්‍යයා දැන් අධිරාජ්‍ය හමුදාවට බියයි.  ඔහු හුආ වංශය ඉවත් කළත්, ඔහුට අෂ්ඨ මහා වංශවල උපකාර සහ සහයෝගය අවශ්‍ය වන්නේ එ් අවස්ථාවටයි.  මේ නඩුව සමාලෝචනය කිරීමට අධිකරණ කාර්යාල තුනට කාලයක් ගතවේවි.  මේක තව දුරටත් ඇදගෙන යන තරමට, ෂී ගු'අන්ට මිය යාම දුෂ්කර වේවි."  ශෙන් ස'චුආන්   සමච්චල් සහගත ස්වරයෙන් පවසන්නට විය .  "ෂී ගූ'අන් මිය නොයන තාක් කල්, ඔබ ෂීට දෙවෙනි වේවි, කොහොමටවත් ජනප්‍රිය නොවේවි."

දිගු නිහැඬියාවකින් පසුව, ෂී හොංෂුආන් පැවසුවේ, "ඔබ මොනවා කරන්නද අදහස් කරන්නේ?"

   ෂී ගූ'අන්ට ෂියන්දේ සිව්වන වසරේ සිට අෂ්ඨ මහා පුහුණු අංශවල විශේෂ රාජකාරියක් පවරා තිබෙනවා.  ගිණුම්ගත කර තිබෙන්නේ මුදල් මිලියන හතක් විතරයි.  ඉතුරු මිලියන දෙකට මොකද වුනේ?  ෂී ගූඅන්ගේ දෑත් හරහා ගිය පසු ඒවා සියල්ලම අතුරුදහන් වුණා.  ශෙන් ස'චුආන්  පැවසුවේ ය,

 ගිණුම් පොත්වල විගණනය මුලින් හසුරුවන්නේ ෂුඒ ෂ්‍යුජුඕයි.  බොහෝ දුරට ඉඩ තියෙන්නේ, ඔහු පරීක්ෂා කළ පසු තවත් හිස් වියදම් හෑරීමට ඔහුට හැකි වෙන එකයි.  පෑන් රූගඅයි සහ හුආ සීචියන් මෙතරම් විශාල මුදලක් ගන්න එක ගැටළුවක් නැහැ, හේතුව ඔවුන් එසේ කරන්නේ නම්, ඔවුන් කෑදර සහ දූෂිතයින් විතරයි.  නමුත් ෂී ගූ'අන්ට ට බැහැ.  ඔහුට කෑදර හෝ දුෂිත වෙන්න හැකියාවක් නැහැ.  චූදු මුර සංචාර සහ ආරක්ෂා කිරීම ප්‍රධාන කර්තව්‍යය වූ මහා පුහුණු අංශ පාලනය ඔහු අතේ පවතින දෙයක්.  ඔහුට එ් මුදල් සියල්ල කොහෙද කියලා පැහැදිලි කළ නොහැකි නම්, කෙනෙකුට සැක කරන්න පුළුවන් ඔහු සොල්දාදුවන්ට අල්ලස් දෙන්නත් අෂ්ඨ  මහා පුහුණු සේනාංක නමින් තමන්ගේම පෞද්ගලික හමුදාවක් හදාගන්න මුදල් ගසාකනව කියලා "

ෂී හොංෂුආන් ගේ පිට දිගේ හිටි හැටියේ සීතලක් ගලා ගියේය.  ඔහු පැවසුවේ ය, "... ඔහුගේම පෞද්ගලික හමුදාවක් ගොඩනඟන්න."

   ඔහු සිටින්නේ ස්වර්ගයේ පුත්‍රයාගේ යහන අසලයි.  ඔහුට තමාගේම පෞද්ගලික හමුදාවක් තියාගන්න මොනවගේ හේතුවක් තියෙන්න පුළුවන් ද?" ශෙන් ස'චුආන්  පැවසීය.

   "… කොහෙත්ම නැහැ!"  ෂී හොංෂුආන් එය නිෂේධ කළේය.  ඔහු තම දහදිය පිසදැමීමට අත එසවූ ඔහු, “ඔබ සිතන්නේ  මගේ අවුල් වෙලා කියලද? ඒ හුආ වංශය සමඟ ඇසුරු කිරීම පමණක් නම්, මිය යන්නේ ඔහු විතරයි.  නමුත් ඔහු කැරලිගැසීමේ චේතනාවෙන් පෙලඹුනා නම්, මගේ මුළු පවුලම මියයාවි!  එය මුළු වංශයම සමූලඝාතනය කිරීමෙන් දඬුවම් ලැබිය හැකි අපරාධයක්!"

ශෙන් ස'චුආන්  මහ හඬින් සිනාසෙමින් හඬ පහත් කළේය.  “ස්වෛරීත්වයේ වෙනස අමාත්‍යවරුන්ගේත් වෙනසක් ඇති කරාවි.  අලුත් අධිරාජ්‍යයෙක් සිංහාසනයට පත්වෙලා නිසා, එය ඔබට වෙන්කර හඳුනා ගන්න කදිම අවස්ථාවක්.  මේක ෂී ගූ'අන් ඔබේ උසස්වීමට දුන්න ත්‍යාගයක් විදියට ඔහුගේ ජීවිතය ඔබට ලබා දුන්නා විතරයි.

   ඔබට මාව අවශ්‍යයි...” ෂී හොංෂුආන් ශෙන් ස'චුආන්  දෙස මද වේලාවක් බලා හිඳ එක්වරම සිනහා විය.  ඔහු පැවසුවේ ය. “ඔබ ඇත්තෙන්ම දුෂ්ටයි.  අඩුම තරමින් දෙවතාවක්වත් මහ රැජින ඔබව බේරාගෙන තියෙනවා.  ඇත්තටම ඔබ ඔබට දක්වන කරුණාව ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ නේද.”

   "කරුණාව, හහ්?"  ශෙන් ස'චුආන්  සිට හිරවරණය අතට ගත්තේ ය.  “ඔවුන් මරා දැම්මට පස්සෙ එය ආපසු ගෙවීමට ප්‍රමාද නැහැ.   ඒ විතරක් නෙමෙයි, අද බල අරගලය ෂ්‍යාඕ සහ හුආ වංශ අතර සිදුවන වෙයිචී ක්‍රීඩාවක්.  එ්ක මා සමඟ ඇති සම්බන්ධය මොකක් ද? ”

 ඒ සමඟම, ඔහු තම හිරවරණය විවෘත කර, ෂී හොංෂුආන් වෙත මඳක් හිස සලා, රාත්‍රී වර්ෂාවට නිරාවරණය විය. ෂී හොංෂුආන් ඉස්තෝප්පුවේ තනිව අසුන්ගෙන සිටියේ ය. ශෙන් ස'චුආන්  අතුරුදහන් වූ පසු, ඔහු තමාගේම පිට ස්පර්ශ කළේය, ඔහු එු සියල්ල සීතල දහඩියෙන් තෙමි ඇති බව සොයාගත්තේ ය.

         

දින කිහිපයකට පසු, අධිකරණ සමාලෝචන උසාවිය සරත් දඩයම් නඩුව නැවත සකසන ලදී.

 අධිකරණ සමාලෝචන උසාවියේ ප්‍රධාන අමාත්‍ය ජ්‍යැං ෂිඒ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ අතර හායි ලියැංයෘ අධීක්ෂක ලෙසත් ෂුඒ ෂ්‍යුජුඕ, ජූරි සභාව ලෙසද කටයුතු කළේය.  මෙය "කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් ව්‍යවස්ථා විරෝධී ලෙස ගොඩනැගීම", "දූෂිත පාලනය වෙනුවෙන් බදු ගසාකෑම" සහ "රාජ්‍යය අනතුරේ හෙළීම" යන අපරාධ චෝදනා සහිතව, ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය විසින් විභාග කර නඩු පවරන ලද ප්‍රධාන නඩුවක් විය.

 මෙයින් “කුමණ්ත්‍රණකාරී කණ්ඩායමක් ව්‍යවස්ථා විරෝධී ලෙස ගොඩනැගීම” යන්නෙන් අමාත්‍යාංශ හයක් දෙදරා ගියේය. හුආ වාසස්ථානයට ගිය හෝ හුවා සීචියන් සහ පෑන් රුගුයිගෙන් නිර්දේශ ලබා ගත් අය සියල්ලෝම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටිති.  මෙම දින කිහිපය තුළ හුආ සීචියන් සහ පෑන් රුගුයි දෙදෙනාව දෝෂාභියෝගයට ලක් කර වාර්තා කිරීම සඳහා ගණන් කළ නොහැකි නිලධාරීන් ස්මාරක ඉදිරිපත් කළ අතර, ඒ සෑම කෙනෙකුම සම්බන්ධ වීමට ඇති බිය නිසා පක්ෂපාතීත්වය පිළිබඳ ආවේගශීලී ප්‍රකාශයන් කළේය.

 එම අනුස්මරණ ස්මාරක දැක ලී ජ්‍යැංහෙන් ට හිසරදයක් ඇති විය.  ඔහු ආරම්භයේ සිටම නිශ්චලව සිටිය හැකි පුද්ගලයෙක් නොවීය.  එසේ වුවද, මුළු ජාතියම ශෝකයෙන් පෙළෙන කාලයක ඔහු අධමයෙකු මෙන් හැසිරෙන්නට එඩිතර වූයේ නැත.  ඔහු එදින රාත්‍රියේ හායි ලියැංයී හුආ සීචියන් ට මුහුණ දුන් ආකාරය දැක තිබුණි;  මේ අනුව, ඔහු හායි ලියැංයී ට බෙහෙවින් බිය විය.

 හායි ලියැංයී දැඩි සහ නම්‍යශීලී විය.  ඔහු සිය හිස්වැස්ම නිසි ලෙස පැළඳ සිටි අතර ඔහුගේ හිසකෙස් ඉතා කදිම ලෙස පීරා, ඔහුගේ සුදුසු පරිදි කැපූ රැවුල සෑම විටම ඔහුගේ සිවුරේ ඉදිරිපස දෙවන කොලරයට ඉහල තෙක් වැවී තිබුණි   ගිම්හානයේ උණුසුම් කාල පරිච්ඡේද තුනේදී ඔහු කිසි විටෙකත් තම ඇඳුම් විවෘත නොකළ අතර, දරුණු ශීත මාසවලදී ඔහු කිසි විටෙකත් තම දෑත් නැමුවේ නැත.  ඔහු සිටගෙන සිටින විට කඳු මුදුනේ පයින් ගසක් මෙන්ද, ඔහු ඇවිදින විට නිස්කලංක මිටියාවතේ වේගවත් සුළඟක් මෙන්ද විය.  කාරණා හසුරුවන විට ඔහු කිසිවිටෙකත් නොසැලකිලිමත් නොවීය.  දින තුනක් සහ රාත්‍රී තුනක් කිසිදු වෙහෙසක් නොපෙන්වා නඩුවේ විස්තර සාවධානව අසා සිටීමට පවා ඔහුට හැකි විය.

ලී ජ්‍යැංහෙන් අධමයෙකු සේ හැසිරෙන්නට පුරුදු වී සිටියේ ය.  එබැවින් ඔහු මෙවැනි වැඩිහිටි, විද්වත් ගුරුවරයෙකු වැනි ඇමතිවරයකු දුටුවිට සෑම විටම දණින් වැටී සිටියේය.

 හුආ පාර්ශවයේ නඩුව නිසා, හායි ලියැංයී   ඔහුව විස්තර වාර්තා කිරීමට නිරන්තරයෙන් සොයමින් සිටියේය. ලී ජ්‍යැංහෙන් ට මිංලී ශාලාවේ මකර සිංහාසනය සොයා ගැනීමට කොතරම් අමාරුද යත්, බොහෝ වේලාවක් වාඩි වී සිටීමෙන් ඔහුගේ පිටුපස රිදෙන්ලට පටන්ගෙන තිබුණේ ය, එබැවින් ඔහු තම මිනිසුන් ලවා එය කපු පුළුන් මෙට්ට තට්ටු කිහිපයකින් ඔසවන ලදී.  නමුත් හායි ලියැංයී එය දුටු අතර, ඔහුගේ හැසිරීමෙහි ස්ථිරව සිටින ලෙස ඔහුට උපදෙස් දෙමින් ඔහු සමඟ ආමන්ත්‍රණය කරන්නට විය.

 ඔහුගේ ග්‍රහණයේ බලය සහ අධිකාරය තිබීමේ ප්‍රීතිය තාවකාලික බව පෙනෙන්නට තිබුණි.  ඉක්බිතිව සිදු වූයේ භාරදූර වගකීම් වල හිම කුණාටුවක් හමා යාමකි.  කිසිදා නිම  නොවන උදෑසන සැසිවාර ලී ජ්‍යාංහෙන්ට  විඳදරාගැනීමට අපහසු විය.  ඔහු මකර සිංහාසනය මත හිඳගත්තේය, සමහර විට ඔහුගේ සිංහාසනය පාමුල සිටින අය තර්ක කරන්නේ කුමක් සදහා දැයි පවා නොතේරැණි.

 මුදල් අගහිඟකම්.

 නැත්නම්, බදු එකතු කිරීම!  දූෂිත නිලධාරීන් මරා මුදල් අයකරගැනීම. තර්ක කිරීමට ඇත්තේ කුමක් ද?

 ලී ජ්‍යැංහෙන් ඔහුගේ අභ්‍යන්තර සිතුවිලි හෙළි කිරීමට එඩිතර වූයේ නැත.  ඔහු හායි ලියැංයී ට බිය වූ අතර ඊටත් වඩා මෙම සිවිල් සේවකයන්ට සහ හමුදාපතිවරුන්ට බිය විය.  ඔවුන් සටන් කරන්නේ කුමක් සඳහාද යන්න හෝ හුආ පාර්ශවයේ හිස ගසා දැමීම වහාම ක්‍රියාත්මක කළ නොහැක්කේ මන්දැයි ඔහු දැන සිටියේ නැත, සෑම දිනකම ඔහුට කෙටි ආහාර යැවීමේ අධිරාජිනියගේ අභිප්‍රාය කුමක් දැයි ඔහු දැන සිටියේ නැත.

 ඔහු මකර සිංහාසනය මතට වී සිටියේ සිහිනයක් දකින්නාක් මෙනි.

 "මහරජතුමා අසනීප වෙලාද?"

 කැඳවනු ලැබීමෙන් පසු, ෂ්‍යාඕ චීයේ  මාලිගාවට ඇතුළු වූ අතර මිංලී ශාලාවෙන් පිටත අධිරාජ්‍ය ඖෂධ විද්‍යාලයෙන් අධිරාජ්‍ය වෛද්‍යවරයා හමුවිය.

අධිරාජ්‍ය වෛද්‍යවරයා පැවසුවේ ය, “ඔහු ඕනෑවට වඩා කනස්සල්ලට වෙලා.  සරත් සෘතුවේ සීතල ඔහුට දරාගන්න බැහැ.  කරුණාකරලා ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ගියහම ඔහුට එය ඒත්තු ගන්වන්න"

 ෂ්‍යාඕ චීයේ ලැංලී අසිපත  ඉවත් කර මිංලී ශාලාවට ඇවිද ගියේය.

 ලී ජ්‍යැංහෙන් ඔහුගේ ඖෂධය ගෙන මේ මොහොතේ යහන මත ගිමන් හරිමින් සිටියේය.  ෂ්‍යාඕ චීයේ පැමිණි බව දැනගත් ඔහු කඩිමුඩියේ තම පාවහන් පැලද ඔහුට ඇමතුවේ ය.

 "'අන්."  ලී ජ්‍යැංහෙන් පැවසීය.  "ඔබ පැමිංණියේ වෙලාවට.  අධිරාජ්‍ය මුළුතැන් ගෙයින් තව ටික වෙලාවකින් සේද කොටි අක්ෂි රසකැවිලි ගෙනේවි.  ඔබත් පැමිණ උත්සාහ කරන්න.  මීට වසර කිහිපයකට පෙර අපි එය නිල භෝජන සංග්‍රහයේදී ගත්තා. ”

 ෂ්‍යාඕ චීයේ දණින් වැටී පැවසුවේ ය, "අධිරාජ්‍යයාණෙනි, පිරිනැමීම ගැන ඔබට ස්තුතියි."

 ඔහුගේ වස්ත්‍ර ඇඳගෙන, ලී ජ්‍යැංහෙන් මොහොතකට නිශ්ශබ්දව සිට, "'අන්, අසුන්ගන්න" යැයි පැවසීය.

 ෂ්‍යාඕ චීයේ අසුන්ගත් අතර දෙපස සේවය කළ අය ඉවත් වූහ. ලී ජ්‍යැංහෙන් හදිසියේම නැඟිට නොසන්සුන්ව ඔහු සිටි ස්ථානයට ගියේ ය.  ඔහු පැවසුවේ, “'අන්, ඔවුන් හ්ආ සීචියන්ගෙ හිස ගසා නොදමන්නේ ඇයි?  අධිකරණ සමාලෝචන අධිකරණය කතා කරන්නේ මොන නැවත විභාගයක් ගැනද? ඔවුන් ට එතරම්

ඉහළට යන්න තරම් තව මොනවද තියෙන්නේ?  ආහ්!”

 ෂ්‍යාඕ චීයේ පැවසුවේ, “අධිකරණ සමාලෝචන අධිකරණයට මේ නඩුව තුන් ගුණයකින් පරීක්ෂා කරන්න සිදුවෙනවා.  යුක්තිය පසිඳලීම වැළැක්වීමේ රීතිය මේකයි.  හුආ සීචියන් ට එරෙහි සාක්ෂි තීරණාත්මක යි.  ඔහුව අනිවාර්යයෙන්ම නව වසරට පෙර හිස ගසා මරා දමාවි.*

"රාත්‍රීය පිරී ඇත්තෙ දිගු සිහිනවලිනුයි." ලී ජ්‍යැංහෙන් කලබලයෙන් කීවේය.  “වැන්දඹු අධිරාජිනිය කලබල වී ඇති බවක් පේන්නෙ නැයැ... ඔබ දන්නවද, ඇය දිනපතා මට කෙටි ආහාර ලබා දීමට මිනිසුන් එවනවා.  ඇය මොනවද කරන්න හිතන් ඉන්නේ?  ඇයටත් ඕන මට වස දීලා මරන්නද?"

 හුආ වංශය දැන් මහජයාගේ විවේචනාත්මක ඉලක්කය වෙලා තිබෙනවා. ඒනිසා අධිරාජිනිය කොහොම හෝ ස්නේහය පෙන්වන්න ඕනේ."

ලී ජ්‍යැන්හෙං ගේ ඇස් යට අඳුරු කව සහිත චංචල ප්‍රකාශය දුටු ෂ්‍යාඕ චීයේ, “ඔබ වහන්සේ ට රාත්‍රියට හොඳ නින්දක් ලැබෙන්නේ නැද්ද?”

 "මම නිදාගන්නේ කොහොමද?"  ලී ජ්‍යැංහෙන් පැවසුවේ ය, “ඔවුන් තවම මැරිලා නැහැ... ඉතින් මට නිදාගන්න පුළුවන් වෙන්නේ කොහොමද?  'අන් , ගිහින් මා වෙනුවෙන් හායි ලීයැංයීට නැවත නඩු විභාගය මඟහැර එම ස්ථානයේදීම ක්‍රියාත්මක කරන ලෙස පවසන්න."

 එය සිදුකරන්නේ කෙසේ ද?

 ෂ්‍යාඕ චීයේ  අධිරාජ්‍ය හමුදාවේ උපරාජ සෙනෙවි විය.  ඔහුට අධිකරණ කාර්යාල තුන සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණි.  එබැවින් ඔහු අධිකරණ කාර්යාල තුනේ ඒකාබද්ධ නඩු විභාගයට මැදිහත් වන්නේ කෙසේද?  එපමණක් නොව, සරත් ඍතු දඩයමේදී සිදු වූ දෙයට පසුව, ඔවුන් පහත හෙළනු ලබන ඊළඟ පුද්ගලයා ෂ්‍යාඕ චීයේ ය.  හායි ලියැංයීගේ ප්‍රධානත්වයෙන් සිවිල් නිලධාරීන් ෂ්‍යාඕ චීයේ ට යන්නට ඉඩ නොදෙනු ඇත. ෂ්‍යාඕ ෆංෂූ ද මේ දින කිහිපය තුළ එයට සුළඟට හසු වී තිබුණි.

 මේ කාරණය ගැන කතා කරන විට කිසිවෙකු සූදුවක් කිරීමට කැමති වූයේ නැත.  ලීාබයි ඔවුන් කරන සෑම දෙයකදීම කඩිසර බව ඔප්පු කළේ චඋදු වල සිටි ෂ්‍යාඕ චීයේ පමණි.  ෂොංබෝ ප්‍රාන්ත හයෙහි අර්බුදය වේදනාකාරී කරුණක් විය.  ෂ්‍යාඕ ජීමිං හට චූදූ වරක හෝ දෙවරක් බේරාගත හැකි විය. නමුත් කිසිවක් නොබලා ගිණීය නොහැකි තරම් වාර ගණනක් චූදු බේරාගැනීම?  ඔහුට හැකි වුවද, එය විශ්වාස කරන්නේ කවුද?

 ෂ්‍යාඕ චීයේ මේ අවස්ථාවේ දී සිවිල් සේවකයන් සමඟ කිසිදු ආරවුලකට පැටලෙන්නේ නැත.

 එය ක්‍රියාත්මක නොවන බව ලී ජ්‍යැංහෙන් හොඳින්ම දැන සිටි නිසා ඔහු තව තවත් කලකිරීමට පත් විය.  සේද කැදලි සහිත කොටියාගේ අක්ෂි රසකැවිලි පැමිණෙන විට, ඔහු එයින් කැබලි කිහිපයක් ගත් නමුත් කිසිවක් රස බැලීමට නොහැකි විය.

 ෂ්‍යාඕ චීයේ පිටව ගිය විගස, ඔහු යහන මත වැතිර සිටියේ, ඔහු අධිරාජ්‍යයෙක් විලසට සම්පූර්ණයෙන් ම විඩාබර ඇතිබව මවාපාමිනි.

 ඔහුට සේවය කිරීම සඳහා සෑම විටම ඔහු පසුපස සිටි ෂුඅන්ලු, යහන අසල දණ ගසා, “මහරජතුමණි මේ දාසයා ඔබ ඇවිදින්නට එක්ක යන්නම් ද?” කියා රහසින් ඇසුවේ ය.

ලී ජ්‍යැංහෙන් පිළිතුරු දුන්නේ, “ මම යන්නේ නැහැ.  මට මහන්සියි."

 ෂුන්ලු අදහස් දැක්වීම දිගටම සිදුකළේ ය.

” … එසේනම් ඔබ වෙනුවෙන් පීපා වාදනය කිරීමට මූ රූ ආර්යාවට ආරාධනා කරන්න ද?”

ලී ජ්‍යැංහෙන් හැරුණු විට එළියක් දුටුවේ ය.  කිසිවෙකු නොදුටු ඔහු පැවසුවේ ය, “... මම හිතන්නේ නැහැ මට පුළුවන් කියලා.  රටම ශෝකයෙන්.  ඊට අමතරව, ඇය තවමත් පෑන් රූගුයි ගේ නිවසේයි ඉන්නේ. මම දැන් ඇයව මාලිගාවට ගෙනාවොත් ඔවුන් මට බනින්නේ නැද්ද?”

ෂුඅන්ලු "ඔහ්,  හොඳයි" කියා සිනහවී, පසුව පවසන්නට විය, "රජතුමනි, ඔබයි අධිරාජ්‍යයා.  මේ මාලිගාව ඇතුලේ අවසාන ප්‍රකාශය ඔබ සතුයි.  ඇතුළත මාලිගාවේ නපුංසකයන් කරන දේ පිටත සිටින නිලධාරීන් දන්නේ කොහොමද?  අපි එය රහසේ සිකු කරන්නම්..."

 ලී ජ්‍යැංහෙන් හට ඉක්මනින් ම ඔහුගේ ආත්මය ඉහල යන බවක් දැනුනි.  තව දුරටත් රසකැවිලි නොකෑ ඔහු, “ වැඩිහිටි ලේකම් හායි නොදැන ඉඳිවි ද?”

 "කිසිවෙක් එය ගැන දැන නොගනීවි."  ෂුඅන්ලූ දණින් වැටී පැවසුවේ ය.  “ඔබ අපේ ස්වාමියායි. ඔහු නෙමෙයි. අපි ඔබතුමාගේ සේවකයෝ විදිහට කටයුතු කරනවා විතරයි.  උතුමාණන් වෙනත් අය දැන ගන්නවට අකමැති නම්, කිසිවෙක් දැන නොගනීවි.”

 "නියමයි!"  ලී ජ්‍යැංහෙන් අත්පුඩි ගැසුවේය.  “නියමයි, අන්තිමේදී මට අවස්ථාවක් ලැබුණා.  ඉක්මනින් යන්න, ඉක්මන් වෙන එක වඩා හොඳයි.  මු රූ ආර්යාව වෙනුවෙන් පැන් රුගුයි මියයන්නයි හදන්නේ.  හ් එකකුවිම නම් හරිම අවාසනාවක්! ”

 ෂ්‍යාඕ චීයේ  මාලිගාවෙන් පිටව යන විට නැවතත් වර්ෂාව පටන්ගෙන තිබුණි.  කිසිම හේතුවක් නොමැතිව ඔහුට කෝපයක් දැනුනි.  සරත් දඩයමට පෙර ඔහු තුළ තිබූ උද්යෝගය සහ සතුට එක රැයකින් අතුරුදන් ගිය බවක් ඔහුට හැගුණි.  ඔහුට මේ මොහොතේ ඔහුගේ අසිපත ඇද ගැනීමටවත් අවශ්‍ය නොවීය.

 චෙන් යැං සහ ෂාඕ හුයි ඔහුව රැගෙන යාමට පැමිණි සිටි අතර, ෂ්‍යාඕ චීයේ අශ්ව කරත්තයට ගොඩ විය.  ඔවුන්ගේ ආපසු යන ගමන අතරමගදී, ෂ්‍යාඕ චීයේ හදිසියේම තිරය ඔසවා පවසන්නට විය “පියාටයි දා'ග ටයි කියන්න මම අද රෑට ආපහු යන්නේ නැහැ කියලා.”

 දෙදෙනාම පිළිතුරු දෙන තෙක් බලා නොසිට ඔහු කරත්තයෙන් බිමට පැන දොංලොං වීදිය දෙසට ගියේ කිසිවක් නොගෙනය.

 "ඔහු නැවතත් මත්පැන් පානය කරන්නයි යන්නේ"  ෂාඕ හුයි ද කරත්තයෙන් බැස චෙන් යැංට පැවසුවේ ය, “ඔබ ආපසු ගොස් කුමරුට සහ පරම්පරාගත කුමාරයාට දන්වන්න.  මම තරුණ ස්වාමියාව අනුගමනය කරන්නෙම්.  ජනයා ශෝකයෙන් ඉන්න වෙලාවක මත් වෙලා විකාර දේවල් කරන්න ඔහුට ඉඩ දෙන්න බැහැ.”

 චෙන් යැං පැවසුවේ ය, “ඔබට මේ දේවල් පවසන්න ගතවෙන කාලයෙනුත්, ඔබට දැනටමත් ඔහුව නොපෙනී යන්න ඉඩ තියෙනවා. කවුරුවත් ඔහු පිටුපසින් එනවට ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවි කැමති නැති නිසා, ඔහුට එහෙම කරන්න ඉඩ දෙන්න."

 ෂාඕ හුයි,  ෂ්‍යාඕ ජීමිං ගේ නියෝජ්‍ය සෙන්පති වූ අතර චෙං යැං ෂ්‍යාඕ චීයේ ගේ නියෝජ්‍ය සෙන්පති විය.  ඔවුන් දෙදෙනාම ෂ්‍යාඕ වංශයේ සාමාජිකයන් වුවද, ඔවුන්ගේ සලකා බැලීමේ ක්‍රම අවසානයේ වෙනස් විය. ෂාඕ හුයි වැඩිමහල් සහෝදරයා මෙන් විය.

 ඔහු වර්ෂාව මධ්‍යයේ හිස වැනුවේ ය.  නිසැකවම, ඔහුට තවදුරටත් ෂ්‍යාඕ චීයේ ගේ රූපය දැකීමට නොහැකි විය.

 අධිරාජ්‍ය ආරක්‍ෂකයන්ගේ ඉණ හැදුනුම්පත් අවලංගු කිරීමත් සමඟ, එහි යටත් නිලධාරීන් සියලු දෙනාම මුර සංචාරයන් ලෙස සේවය කිරීම සඳහා අධිරාජ්‍ය හමුදාවට තාවකාලිකව අනුයුක්ත කරන ලදී.

 ශෙන් ස'චුආන්  අද රාත්‍රියේ ඔහුගේ වාරය අවසන් කළේ ය.  ඔහු ආපසු නිවසට පැමිණෙන විට, ඔහු දොංලොං වීදියේ ෂියැන්යුන් බංගලාවේ පිටුපස මංසන්ධිය පසු කළේය.

 එය එතරම් තද වර්ෂාවක් නොවූ නිසා ඔහු හිරවරණයක් ගත්තේ නැත.

 ඔහු මාර්ගය දිගේ යමින් සිටියදී එක්වරම ඔහුට ඉදිරියෙන් කෑ ගසන හඬක් ඇසුනේ ය. කාන්තාවක් එහි ඉදිරියෙන් ගිය පුද්ගලයාව අල්ලාගැනීමට තැත් කළාය..  දෙවැන්නා ඇයව මෘදු ලෙස ආරක්ෂා කළේය.

 ෂ්‍යාඕ චීයේ බිත්තියට හේත්තු වී තමාගෙන් ඈත් වන ලෙස කාන්තාවට හඟවවමින් පිටුපස දොර පෙන්වීය.

 ෂියන්යුන් හි ආචාරශීලී අය ඔහුව හොඳින් හඳුනයි.  ඔහු බීමතින් සිටින විට අන් අයට ඔහුව ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන බව ඔවුන් දැන සිටි අතර, මේ කාන්තාව ලේන්සුවක් නමා එය පසෙකින් තබා මෘදු හඬින් පැවසුවේ ය “දෙවන තරුණ ස්වාමීනි, ඔබට සනීප වූ පසු කරුණාකර නැවත ඇතුළට යන්න.  මම ඔබ වෙනුවෙන් උණුසුම් සූපයක් සූදානම් කරන්නම්. "

 ෂ්‍යාඕ චීයේ ප්‍රතිචාර දැක්වූයේ නැත.

ඇගේ පා හඬ ඈතට විහිදී ගිය අතර ඔහු බිම මත අසුන්ගත්තේ ය. ඔහුට එය දරාගැනීමට අපහසු විය.

 මිනිසෙක් ජීවත් විය යුතු ආකාරය මෙලෙස වන්නේ ය - කමින්, බොමින්, බේබද්දෙකු මෙන් සතුටු විය යුතුය.  ඔහුට තිබුණේ මේ මාර්ගය පමණකි.

 ඔහුට එකවරම සිය පිටුපසින් ස්කන්ධයක් දැනුනේ ය.

 ෂ්‍යාඕ චීයේ හදිසියේම ආපසු හැරී බැලුවේ සීතල බැල්මකින් ඔහුව වික්ෂිප්ත කරන අන්දමිනි.  පුද්ගලයා දුටු විට, ඔහු මොහොතකට කල්පනා කලේ ය, "... ඇයි මට පයින් ගැහුවේ?"

 ශෙන් ස'චුආන්  ඇසිපිය නොහෙලා පැවසුවේ “මම එහෙම කළේ නැහැ” කියායි.

 ෂ්‍යාඕ චීයේ පිටුපසින් මොහොතකට ඔහුගේම පිට ස්පර්ශ කළේය.  ඔහු තම ඇඳුම් නිසි ලෙස හැදගත් මුරණ්ඩු ලෙස පැවසුවේ ය. “මේක ඔබේ වරදට සාක්ෂියක්!”

 ශෙන් ස'චුආන්  ඔහුව මොහොතකට පරික්ෂා කළේ ය, “ෂ්‍යාඕ'එර්, ඔබ සිහිය අහිමි වෙනකල් ම මත්පැන් පානය කළා ද?” කියා ඇසීය.

 ෂ්‍යාඕ චීයේ පැවසුවේ, "මම මෝඩයෙක් වගේද පේන්නේ?"

 ශෙන් ස'චුආන්  පිළිතුරු දෙන තෙක් බලා නොසිට ඔහුම පිළිතුරු දුන්නේය.

 "මම මෝඩයෙක් නෙමෙයි."

ඔහු මත්පැන් පිසදැමුවේ ය, ශෙන් ස'චුආන්  පැවසුවේ, “මගේ මාර්ගය අවහිර කරන්න එපා.  මට නිවසට යන්න ඕනෙ."

 ෂ්‍යාඕ චීයේ හිස පිටුපසට හරවා මොහොතක් හිස් බැල්මෙන් බලා හිඳ පැවසීය, “මගේ මාර්ගයත් අවහිර කරන්න එපා.  මටත් නිවසට යන්න ඕන."

 ඔහු දිගටම පවසද්දී ෂ්‍යාඕ චීයේ සිනහවෙන්නට විය.

 "මටත් නිවසට යන්න බැරිනම්,  ඔබටත් නිවසට යාම ගැන අමතක කරන්න පුළුවන්."

අරුත් පැහැැදිලි කිරීම

වෙයිචී - අපේ ​චෙස් වගේ game එකක්. කලුයි සුදුයි රවුම් ඉත්තො ගොඩක් ඉන්නවා.

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-