Skip to main content

හතලිස් තුන්වන පරිච්ඡේදය | සිතියම.

 

 

 

නිවස තුළ තුන් වතාවක් මත්පැන් පානය කිරීමෙන් පසු, විරසක හැඟීම් බොහෝ දුරට විසිරී ගොස් තිබුණි. ඔවුන් තවමත් එකිනෙකා සමඟ උණුසුම් වී නොතිබුණද, මත්පැන් සමඟ කතාබස් කරන්නට එය ඔවුන්ට දැනටමත් ප්‍රමාණවත් වී තිබුණි.

ජි ගැං ගෙල වටා දමා තිබූ ආවරණය ඉවත් කර මත්පැන් උගුරක් පානය නළේ ය. සුඕ ච්‍යැන්ච්‍යු ඔහුගේ නිරාවරණය වූ ගෙලෙහි වු පිළිස්සුම් සලකුණු දුටු විට, ඔහුට නොඅසා සිටීමට නොහැකි විය, “එදා බ්‍යැන්ෂා සේනාංකයන් දුආන්ජෞ ආක්‍රමණය කළා. කොහොමද ඔබ... කොහොමද මේ තත්ත්වයට පත් වුණේ?”

ජි ගැං තම මත්පැන් බඳුන එහා මෙහා කරකවමින් සිනාසුණේය, “ශේන් වෙයි කෙතරම් ඉක්මනින් පසුබැස්සාද කියනවා නම්, දුඅන්ජෞ වලට එක දිනයක්වත් අල්ලාගෙන ඉන්න නොහැකි වුනේ නැහැ. බියන්ෂා අශ්වාරෝහක හමුදාවේ අශ්වයන් ඉතා වේගවත් වුනා වගේම මගේ පාද වෙනදා තරම් වේගවත් වුනෙත් නැහැ, ඉතිං මම කොහොම ගැලවෙන්න ද? ඒ වන විටත් මම මරණය දක්වා සටන් කරන්න සූදානම් වෙලා සිටියා.

මේ අවස්ථාවේදී ඔහු හුවා පිංතිං ගැන සිතූ අතර හැඟීම්වලින් හුස්ම හිරවීම වළක්වා ගත නොහැකි විය. ඔහු හිස පසෙකට හරවා මුහුණ පිරිමැද්දේය. ඔහු දිගටම ඒ පිළිබඳ ව සඳහන් නොකළේ ය.

සුඕ ච්‍යැන්ච්‍යු මත්පැන් කෝප්පය බිම දමා, "ශෙන් වෙයි මියයන්න තමයි සුදුසු!"

"මරණය ලැබිය යුත්තේ ෂෙන් වෙයිට පමණක් නෙවෙයි." ජී ගැං බැරෑරුම් ලෙස පැවසුවේ ය, “ෂොංබෞ භටයින්ගේ පරාජය හරිම සැකසහිතයි. මොකද කියනවා නම් , වරද ෂෙන් වෙයිට පමණක් පැටවීම යන්නෙන් අදහස් වෙන්නේ ඔහු නොනැසී ඉඳිවි කියලා ඔවුන් විශ්වාස කරනවා කියන එකයි"

සුඕ ච්‍යැන්ච්‍යු පැවසුවේ ය, “ඔබ දිගු කලක් චූදු වලින් ඉවත්ව සිටියා. ශේන් වෙයි ඇමක් බව ඔබ විශ්වාස කරන්නේ කොහොමද? ”

"වසර පහකට කලින්, චුවාන්-එර් අගනුවරට ඇතුළු වූනාම, ඔහු අධිරාජ්‍ය බන්ධනාගාරයේ සිටියදී යමෙක් ඔහුට එරෙහිව කුමන්ත්‍රණය කළා." ජි ගැන් පැවසුවේ ය, “ඒ වන විටත් ශෙන් වෙයි මිය ගොස් සිටියා. කොහොමවුනත්, අයෙක්ට තවමත් කරදර ඇති විය හැකි මූලාශ්‍ර තුරන් කරන්න ඔහුගේ පවුල අතුගා දමන්න අවශ්‍ය වුනා. මොකක් නිසා ද?   ඇත්තටම ඔවුන්ට ඔහුව නිහඬ කරන්න අවශ්‍ය වූ නිසා නෙමෙයි ද?

සුඕ ච්‍යැන්ච්‍යු සිය මත්පැන් බඳුන නිහඬවම පානය කළේ ය. මද වේලාවකට පසු, ඔහු පවසන්නට විය, “දැන් ඔවුන් හැමෝම මියගිහින් තියෙන නිසා , මට බියයි ෂෝබෞ හමුදා වල පරාජය පිළිබඳව ගැඹුරු පරීක්ෂණයක් සිදු කරන්න එතරම් පහසු ව්වි කියලා. ඔබේ ශිෂ්‍යයා හිතන්නේ ශෙන් වෙයි වෙනුවෙන් පළි ගැනීම පසුපස හඹා යන්න ද ?”

මත්පැන් වල බලය ජී ගැං ගේ හිසට ගමන් කරමින් තිබුණි. මේ වසර පහ පුරාවට, ඔහු සම්පූර්ණයෙන් මත්දුව්‍ය වලින් වැළකී සිටිබව සැබෑවකි,නමුත් අද රාත්‍රියේ සුඕ ච්‍යැන්ච්‍යු වෙනුවෙන් ඔහු ඒ ප්‍රතිපත්තිය කඩ කරනු ලැබුවේ ය. ඔහු මේසයේ කෙළවර වාරුවට ගනිමින් විරිත්තුවේ ය, “පළි ගන්න. චුආන්'එර් මොකටද ශෙන් වෙයි වෙනුවෙන් පළි ගන්නේ ? සුඕ ච්‍යැන්ච්‍යු , ඔබ කොහොමද අනෙක් අය වගේ පටු මනසක් සහිත කෙනෙක් වෙන්නේ?! ඔබ මට පවසන්නේ ශෙන් වාසගම තියෙන හැමෝම පව් කාරයෝ වෙනවා කියලද ? චුආන්'එර් දැන් වැඩිලා. ඔහුට හොඳදේවල් මොනවද කියලා වැ​ටහෙනවා , ඒ වගේම ඔහුට හරි වැරුද්ද තෝරාගන්නත් පුළුවන්. ඔහු සහ ශෙන් වෙයි පියා සහ පුත්‍රයා විදිහට ඉපදුණා. ඔහුගේ ශරීරය ලැබුනේ ශෙන් වෙයිගෙන් වුනත් , ඔවුන් අතර වෙන කිසිම සම්බන්ධයක් නැහැ. ඇයි ඔබලා හැමෝම ඔහුව ඒ විදිහට මුල්ලකට තල්ලු කරලා දමන්නේ? ශෙන් වෙයි මියගිහින් ඉවරයි! ඔබ ෂොංබෞ වල රුධිර ගංගාවේ ණය ​ගෙවන්න බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාව දෙස බලන්න ඕනේ නේද? 

ජී ගැං ක්ෂණික ව මත්පැන් බඳුන බිඳ දැමුවේ ය.. ඔහුගේ ළය ගැහෙන්න ට විය.

"ෂොංබෞ හමුදා පරාජය ගැන සවිස්තරාත්මක පරීක්ෂණයක් පැවැත්වීම කවුරුවත් වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි, නමුත් කාරණයේ පතුළට යන්න නම්. ඔහු ඒ වගේ වරදක් දරාගන්න ඕනේ ඇයි?! ඔබත් හමුදාපතිවරයෙක් වෙලා තියෙනවා. ඔබ එය සිතුවේ නැද්ද? වසර පහකට කලින්, ෂොංබෞ හමුදාවන් පරාජයට පත් කරන්න අයෙකුට හැකි වුනා. අවුරුදු පහකට පස්සේ , ඔහුට වෙනත් ස්ථානයකට එයම සිදු කරන්න පුළුවන්! එදා, බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවට ඒ තරම් දරුණු විදිහට දිගටම ලුහුඹදින්න පුළුවන් කම තිබුණා.ඇතුළතින් නැතුව ඔවුන්ට එය සිදු කරන්න පුළුවන් ද?! ”

සුඕ ච්‍යැන්ච්‍යු  සුසුම්ලමින්, “ගැං දී (1) කරුණාකරලා සන්සුන් වෙන්න. එවකට, ජිමිං ෂොංබෞ වෙත වේගයෙන් කඩාවැදුනා ම, ඔහු මුලින්ම කළේ බ්‍යැන්ෂා වලට  තොරතුරු ලැබුනේ කොහෙන්ද කියලා විමර්ශනය කරන්න ෂොංබෞ සිට දන්චෙං දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය කපා හරින එකයි. නමුත් ඒ වන විට තත්ත්වය තීරණාත්මක වුනා. ඒක කොතරම් දුෂ්කර වූවාද කියලා ඔබ දන්නවාද? සියලුම සාක්ෂි ශෙන් වෙයි ට ලැබුණා. කොහොම වුනත්, ශෙන් වෙයිට සිදු වූයේ තමාවම පුඵස්සාගෙන මිය යන්නයි, ඒ ඔහු ඇල්මක් නොදක්වන සාමාන්‍ය  උපතක පුතෙක් ඉතිරි නරලා. ඉතිං අයෙක්ට සැකයක් ඇති නොවෙන්නේ කොහොමද? ”

මොහොතක නිහැඬියාවකින් පසුව, ජි ගැං පැවසුවේ ය, "ඔබේ ගෝලයා ඔහුට දුන් පා පහර ඔහුව මරා දමන්න පවා ආසන්න වුණා"

සුඹ් ච්‍යැන්ච්‍යු නැවතත් මත්පැන් පහත දමා, “මම ඔහුව ආරක්ෂා කරන්නේ නැහැ, නමුත් සවන් දෙන්න. ගැං - දී , අපි හැම කෙනෙකුටම අපේම අත්දැකීම් තියෙනවා වගේම, අපි සෑම කෙනෙකුටම අපගේම අවශ්‍යතා අනුව ක්‍රියා කරන්න වෙනවා.

ජි ගැං සමච්චල් කරමින් පැවසුවේ, “ඇත්තෙන්ම. දෙතොල් වලින් සේවය කරලා එය වසා දමපු නඩුවක් ලෙස සලකන්න. ”

තවත් වචනයක් නොකියා, සුඕ ච්‍යැන්ච්‍යු හිස් බඳුනක් පෙරළමින් , “ආ-යේ!” කියා මොරදුන්නෙ ය.

එසැණින් ද්වාරය විවර විය. සුඕ ච්‍යැන්ච්‍යු එක් අතකින් වයින් වත් කර අනෙක් අතින් බඳුනක් උඩට විසි කර, “ඔබේ ශීෂූ සහ ශීදී ගෙන් සමාව ඉල්ලන්න.”

ජී ගැං ඔහුගේ ආහාර කූරු සෘජුව තබාගෙන මත්පැන් බඳුන ඒ මත රඳවා ගත්තේය. ඔහු පැවසුවේ ය. “අපේ දක්ෂතාවයන් එදා බලාපොරොත්තු වීමට බොහෝ දේ ඉතිරි කළ දේවලුයි. චුවාන්-එර්, ඇවිත් මත්පැන්  කලවම් කරන්න!"

ඒ වදන් මුවින් පිට වෙනවාත් සමඟම ඔහු මත්පැන් බඳුන ශෙන් ස'චුආන්  දෙස​ට හැරෙව්වේ ය. ෂ්‍යාඕ චීයේ එය මඟදි අවහිර කරන්නට විය, "ලන්ජෞ, අපි මේ ශිෂ්‍යොං ඉදිරියේ මේ වෙනුවෙන් රණ්ඩු නොකර ඉමු නේද?"

ශෙන් ස'චුආන්  සිය පාදය ඔසවමින් ෂ්‍යාඕ චියේගේ හස්තයේ වැද්දුවේ ය. ඒ මත්පැන් බඳුන වෙව්ලා බිම පතිත විය. ඔහු පැවසුවේ ය, “කෙනෙකුට ඔහුගේ ෂිෆුගේ අණ නොතකා හැරීම දුෂ්කරයි වගෙයි. ශිෂ්‍යොං, කරුණාකරලා මට ඉඩ දෙන්න."

පුද්ගලයන් දෙදෙනාගේම දෑත් එකිනෙක ගැටුණි. ෂ්‍යාඕ චීයේ පිට අත්ලෙන් ශෙන් ස'චුආන්  ගේ අත ඉවතට කළේය. ඒ මත්පැන් බඳුන බිම මතට වැටෙන්නට ආසන්නයේ රුදී තිබුණි, නමුත් ශෙන් ස'චුආන්  සිය පාදය ඔසවා නැවතත් මත්පැන් බඳුන ඉහළට රැගෙන ආවේ ය.

එහි වූ සුළං ශබ්දය ඒ දෙදෙනා ගුටිබැට හුවමාරු කරගන්නවාක් මෙන් හැඟෙන්නට සැළැස්වී ය. ඒ මත්පැන් බඳුන පහතට වැටෙමින් ඉහඝට එසවෙමින් තිබුණද , මත්පැන් බිදුවක් හෝ පොළව මතට ඉහිරුණේ නැත.

සිය ආහාර කූරු අත් නොහරිමින් , ජී ගැං මුව පිරෙන්නටම ශීතල ආහාර වර්ග ඔබාගත්ත්තේ ය , “මේ සටන් කලාව ජී වංශයෙන් උගන්වපු ඒවා නෙමෙයි.”

සුඕ ච්‍යැන්ච්‍යු පුද්ගලයන් දෙදෙනා සෙම බලමින් පවසන්නට විය, “ඒ ෂ්‍යාඕ වංශයේ සටන් කලාව. ඒක හරියට විලෝපිකයෙක් ගොඳුරක් ඩැහැගන්නවා වගේ. එක්වරක් අල්ලාගත්තොත් , ඔහුගෙන් නිදහස් වෙන්න අපහසු වේවි. ලන්ජෞ , ඔහුගේ ශරීරයේ පශළ ප්‍රදේශයට පහර දෙන්න අවධානය යොමු කරන්න.”

ශෙන් ස'චුආන්  වහා අත ඉවත් කර පියවරක් පස්සට ගත්තේ හදිසි පා පහරක් දීමටය. ෂ්‍යාඕ චීයේ මඳක් පසෙකට වී එය මඟමැරියේ ය. ඔහුට ශෙන් ස'චුඇන්ට යමක් පැවසීමට අවශ්‍ය වූ නමුත් අවසානයේ ඔහු ෂිෆු දෙදෙනා ඉදිරියේ කිසිවක්  නොපවසා සිටියේ ය. ඔහු පහර වළකන විට, ඔහු ශෙන් ස'චුඇන්ගේ වළලුකර අල්ලාගෙන, ශෙන් ස'චුඇන්ගේ  බත්කෙණ්ඩ දිගේ ඔහුගේ පාදය ස්පර්ශ කරන්නට ඔහුගේ ශරීරයේ ඇති වූ බාධාවෙන් ප්‍රයෝජනයට ගත්තේ ය. ඉන්පසු ඔහු මෘදු ලෙස ශෙන් ස'චුආන්  ය තමා දෙසට ඇද ගත්තේ ය.

කොච්චර කෲරද,” ෂ්‍යාඕ චීයේ ගේ ප්‍රකාශය සන්සුන් විය. "ඔබේ පා පහර මට විරුද්ධ වෙන්න නොහැකි තරම් බල රහිත කරනවා."

ෂ්‍යාඕ චීයේ විසින් ස්පර්ශ කිරීම නිසා ශෙන් ස'චුආන්  ගේ සමබරතාවය නැති වී ගිය අතර, ඔහුට තවමත් මත්පැන් බඳුන අල්ලා ගැනීමට සිදු විය. ශෙන් ස'චුඇන්ගේ

 මුහුණට හදිසියේම පහරක් එල්ල කිරීමට පෙර ෂ්‍යාඕ චීයේ ඔහු මත්පැන් බඳුන අල්ලා ගන්නා තෙක් ඉවසිලිවන්තව බලා සිටියේය.

"ජී වංශයේ මුෂ්ටි ප්‍රහාරය!" ජී ගැං ගේ ආහාර කූරු චලනය නැවතුනි. ඔහු මොහොතකට පැකිලුණ නම් අවසානයේ ඔහු පිළිගත්තේ ය, "... චුවාන්-එර් ඔහුට ප්‍රශංසා කිරීම පුදුමයක් නෙමෙයි."

ඔහුගේ මේ ශරීරය ඉතා සුදුසු විය. ඔහුගේ පහර කොතරම් හොඳින් ක්‍රියාත්මක වීද යත් ජි ගැං පවා එහි වරදක් සොයාගත නොහැකි විය.

ශෙන් ස'චුආන්  මත්පැන් බඳුන එක් අතකින් අල්ලා ගත් නමුත් එය තද කර අල්ලා ගැනීම ඔහුට නුසුදුසු බැවින් ඔහු එක්වරම පිටුපසට නැඹුරු විය. ෂ්‍යාඕ චීයේ ත ගේ හස්තයෙන් පුපුරා ගිය සුළඟ ඔහුගේ නළලත පසුකර ගියේය. ඔහු නැගිටීමට පෙර, ෂ්‍යාඕ චීයේ  ඉදිරියට ගොස් ඔහු දෙසට තද කරගත්තේ ය.  එය පසු කරමින් , ඔහු මුෂ්ඨි ප්‍රහාරය ගෙන ගොස් ශෙන් ස'චුආන්  ගේ කරපටිය තුළට පහර දුන්නේ ශෙන් ස'චුආන්  පෙරදි සපා කෑ  මිදි පුෂ්පය තලා දමමිනි.

ඔබ මගේ උගුලට හසුවුනා.” ෂ්‍යාඕ චීයේ ගේ දෑස් ඔහු මිදි පුෂ්පයෙන් අඬක් මුවට ගනිද්දී දඟකාර ලෙස දිලිසුණි. ශෙන් ස'චුආන්  ට නැගිටින්නට අවශ්‍ය විය, නමුත් ෂ්‍යාඕ චීයේ ඔහුගේ උත්සහ ය ව්‍යර්ථ කරමින් වහා හිස ඔසවමින් පැවසීය, “මත්පැන් ඉහිරෙනවා!”

විමතියට පත්ව , ශෙන් ස'චුආන්  ඔහුගේ හිස ඔසවා බැලු අතර — ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත අල්ලාගෙන ඔහුගේ අස්ථි මුද්ද ඔහුගේ ඇතුල් මැණික් කටුව වෙත තද කළේ ය. ඉන්පසු ඔහුගේ දෑතේ වු මත්පැන් බදුන සිය මුවින් පානය කළේ ය.

ශීදි ට හුගක් ස්තූතියි , ලබා දුන් මත්පැන් වලට.” ෂ්‍යාඕ චීයේ ඉක්මනින් පසු පසට වී ගෞරවාන්විත ව පවසන්නට විය, “ එහි රසය පුෂ්පයන් වල ෂුවඳ හා මුසු වෙලා තිබුණා.”2

ෂ්‍යාඕ චීයේ ගේ අස්ථි මුද්ද ට තද වීමෙන් ශෙන් ස'චුආන්  ගේ මැණික් කටුව සිරී රතුව තිබුණි. ඔහු නැවත මත්පැන් මදුන මේසය මතට තැබීමට පෙර නැගිට ආචාර කළේය.

ජී ගැං ඔවුනතර වු අභ්‍යන්තර ස්පර්ශයන් ගැන දැන සිටියේ නැත. එහි ප්‍රතිපල අත්විඳි ඔහු පවසන්නට විය , “සටන් කලා පාසල් සියයක ඉරියව් මිශ්‍ර කිරීමේ දුෂ්කරතාවය නම් ඒවා එකිනෙක බද්ධ කරන එකයි. ඔබ ඔහුට හොඳින් උගන්වා තියෙනවා. ”

සුඕ ච්‍යැන්ච්‍යු පැවසුවේ ය, “ඔහු තව බොහෝ දුර යා යුතුව තිබෙනවා. ලන්ජෞ ජී වංශයේ මානසික ශිල්පීය ක්‍රම පිළිබඳ විශේෂඥයෙක් වගේ. ඔහුගේ අවධානය ඇත්තෙන්ම ආකර්ෂණීයයි. ”

දෙදෙනාම නැවතත් මත්පැන් වත් කළ අතර, ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන්  දෙවන වරටත් පසුබැස ගියහ.

දොර වසාදමන විට, ශෙන් ස'චුආන්  අල්ලා ගත් ෂ්‍යාඕ චියේ, “මේ රාත්‍රියේ නම් මත්පැන් පානය කරලා අවසන් වෙන එකක් නැ. පිටත හුඟක් සීතලයි. අපි නිවසට ගිහින් අසුන්ගමු."

යාඕ වංශයේ මුල් අධ්‍යයන කුටිය කොරිඩෝවට උතුරින් පිහිටා තිබුණි. පොත්වලට හානියක් නොවන පරිදි කාමරය වියළිව තබා ගැනීම සඳහා යටින් පිහිට​න සේ බිත්තියක් ඉදිකර තිබුණි. මේ වන විට ද පොත් ඉවත් කර නොතිබූ අතර විවෘත පොත් රාක්ක හතරම පෞරාණික අක්ෂර වින්‍යාසයෙන් සහ සිතුවම් වලින් පිරී තිබුණි.

ෂ්‍යාඕ චීයේ ඔහුගේ කබාය ගලවා පොතක් පෙරළීමට එක් පාදයක් අනෙක් පාදයට උඩින් තබා මේසය අසල වාඩි විය. ඔහු පැවසුවේ, “මේ කාමරය මුලින් ඉදිකළේ යාඕ වංශයේ පැරණි ස්වාමියා විසිනුයි. මෙහි හුගක් හොඳ දේවල් සැඟවී තියෙනවා. යාඕ වෙන්යූ ඔවුන් සමඟ සෙල්ලම් කරන්න කැමති වුනේ නැහැ, ඒ නිසා ඔවුන් මේ කාලය පුරාම මේවා මෙහේ තැබුවා කවදාවත් මාරු කළේ නැහැ."

පොත් රාක්කයේ තිබූ පොත් ස්පර්ශ කිරීමට පෙර ශෙන් ස'චුආන්  දෑත් පිසදමා ගත්තේය.

යාඕ වංශයේ අය පොත් වලට ආදරය කළෝ ය. යාඕ වංශයේ පැරණි ස්වාමියා ඒවා විවිධ කාණ්ඩවලට වෙන් කර පිළිවෙලට සකස් කර තිබුණි. බොහෝ කාලයක් ගත වී තිබුනද, තවමත් ඒ පිටු පිරිසිදු විය. ඔහු ඒවා මුදල් ගොවා ලබා ගත් පසු ෂ්‍යාඕ චීයේ වෙනත් පුද්ගලයෙක් ලවා ඒවා රුකබලාගන්නට ඇත. ඒවායේ දූවිලි පොදක් හෝ තිබුණේ නැත.

මිනිසුන් දෙදෙනාම එක් පැත්තක රැඳී සිටියහ. නැවත කිසිවෙක් කතා නොකළේ ය.

ශෙන් ස'චුඇන්, ඔහුගේ දෑස් විවෘතව තබාගෙන, දේශීය වාර්තාවල හොංයැන් පින්තූර පොතක් දුටුවේය. ඔහු එය විවෘත කළ අතර, නිසැකවම, හොංයැන් කඳුකරයේ සම්පූර්ණ විස්තර සහිත භූ සිතියම දුටුවේය

[ඔබේ පහසුව තකා එම සිතියම මෙහි යාවත්කාලීන කර ඇත.].

හොංයැන් කඳු පරාස දෙකකට බෙදා ඇත: නැගෙනහිර සහ බටහිර. චුආන්චෙං වෙත සම්බන්ධ වෙන්නටත් හුඅයිජෞ වෙන් කිරීමට බටහිර කඳු වැටිය ලුඕෂ්‍යා දුර්ගය හරහා ගමන් කළේය. එය දජෞ හි මායිමේ ආරක්ෂක රේඛාව විය. පසුව, ෂ්‍යාඕ ෆංෂූ විසින් භූමි ප්‍රදේශය පුළුල් කර නැගෙනහිර කඳු වැටිය දක්වා ආරක්‍ෂක රේඛාව විහිදුවා, එමගින් ලීබෙයි ගේ මහා බලසේනාංකය අද පවතින ආකාරයට හැඩගස්වා ඇත.

ශෙන් ස'චුආන්  පිටුව පසුවසට පෙරලද්දී ඊසානදිග පාලම් මාර්ගය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් දුටුවේය.

චූදු ලෝකයේ සියලුම ධාන්‍යාගාර වෙත ධාන්‍ය යවන ලදී, හමුදා ප්‍රතිපාදන බොහෝ දුරට ජුඒෂි හි ජින්ජෞ වලින් ආපනයනය කරන ලදී. උතුරේ සහ නැගෙනහිර ප්‍රධාන ප්‍රදේශ දෙක වෙත බෙදා හැරීම් ජල මාර්ග හරහා සිදු කළ නොහැකි වූ අතර, ඔවුන්ට ප්‍රතිපාදන ප්‍රවාහනය කිරීමේ නිශ්චිත අරමුණ සඳහා පාලම් මාර්ග හෑරීමට පමණක් හැකි විය. චීදොං හි තත්වය වඩාත් සංකීර්ණ වූ අතර, ලීබෙයි හි ඊසානදිග පාලම් මාර්ගය පැහැදිලි විය. ආහාර සැපයුම් චින්ජෞ සිට යොංයී වරාය දක්වා, හා යොංයී වරායේ සිට චූදු දක්වාත් , චූදු සිට චුආන්චෙං දක්වාත් ප්‍රවාහය කරන ලදී. චුආන්චෙං සිට ඉදිරියට, ලීබෙයි මහා බලඇණිය වෙත ළඟා වීමට ඔවුන්ට ඊසානදිග පාලම් මාර්ගය ඔස්සේ සරල රේඛාවකින් අශ්වයන් මත නැගී ගමන් කළ හැකිවිය.

ඊසානදිග පාලම් මාර්ගය ලිබෙයිහි වැදගත් හමුදා සැපයුම් ප්‍රවාහන මාර්ගයක් වූ අතර එය ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහකන්ගේ කණ්ඩායම් වලින් ආරක්ෂා විය. අධිරාජ්‍යයා වූවද ඒහරහා ගමන් කරන්නේ නමු, ෂ්‍යාඕ ජීමිං ගේ අණ්ටදන නිළදාරි අවසරපත (4) ද ගමන් බලපත්‍රය ද නොමැතිව ඔහුට ඒ හරහා යාමට නොහැකි වනු ඇත. දේශසීමාවල කෙතරම් කුරිරු සටන් තිබුණත් ඊසානදිග පාලම් මාවත ආරක්ෂා කිරීම ද සැමවිටම කළ නොහැකි විය. ඔවුන් මීට පෙර බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවට සමීප වීමට එක් වරක්වත් ඉඩ දුන්නේ නැත.

ඇත්ත වශයෙන්ම, වසර පහකට පෙර, ජොංබෞ හි හමුදා පරාජයට පත් වූ විට, ෂ්‍යාඕ ජීමිං ට මෙතරම් වේගයෙන් දකුණට හමුදා යෙදවීමට හැකි වූයේ ඊසානදිග පාලම් මාර්ගය ස'ජෞ හි වයඹ දෙසින් කපා හැර තිබීම නිසාය. මෙය ඔහුගේ හමුදා ඉක්මනින් පිටත් කරවීමට විශ්වාසය ඇති කළේ ය.

"ඊසානදිග ආරක්ෂක පාලම් මාර්ගය." එක් අවස්ථාවක දී, ෂ්‍යාඕ චීයේ ඔහු දෙසට නැඹුරු විය. ඔහු ශෙන් ස'චුආන්  ගේ දෑත් මත කිහිපවරක් බැල්මක් හෙලා පවසන්නට විය, “ඔබ ආරක්ෂක හමුදා වැඩිදියුණු කරන්න උනන්දු ද?” ඔහු ඇසුවේය.

"නෑ." ශෙන් ස'චුආන්  කිසිවක් නොසිතා පිළිතුරු දුන්නේය.

කමක් නෑ. දෙවන තරුණ ස්වාමියා ඔබට උගන්වන්නම්. ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුඇන්ගේ මැණික් කටුවෙන් අල්ලාගෙන ඔහුගේ ඇඟිල්ල නැගෙනහිරින් පිහිටි චාෂි ගඟ දෙසට ලිස්සා යැව්වේ ය. "ඔබ මේ තැන අඳුරනවා නේද? ෂොංබෞ වල චාෂි ගඟ දජෞ හි නැඟෙනහිර ආරක්ෂක මාර්ගය. එය හරහා ගියොත්, ඔබ බ්‍යැන්ෂා මහා කාන්තාරයේ සිටීවි. ඒ ගැන සිතලා බලන්න. එය හරිම සිත්ගන්නා සුළුයි. මුළු කාලය පුරාම බ්‍යැන්ෂා නිර්භීත වුනේ බ්‍යැන්ජුන් ආඥාපතිට පහර දෙන්න විතරයි."

ශෙන් ස'චුආන්  මුරටැඹේ ගිනිකොන දෙසින් ඔහුගේ ඇඟිල්ල පහත් කළේය. එහි, දජෞ වෙත ඇති එකම කඩඉම ලෙස පෙනෙන කාන්තාරයට ආසන්නව, බ්‍යැන්ජුන් සේනාංකය විය.

මොකද බියන්ජුන් සේනාංකය පැකිරිලා තියෙනවා වැඩියි. ඊට ඉහළින් ඇති ස්ථානවල මාර්ගය අවහිර කරන්න තියැන්ෆෙයි මුරටැඹ ඇති අතර, ඊට පහළින් ඇති ස්ථානවලට පැති ප්‍රවේශය අවහිර කිරීමට සුඕතියන් දුර්ගය තියෙනවා. දජෞ වල ගිනිකොන දෙසින් ඇති උපාය මාර්ග ස්ථානය බ්‍යැන්ජුන් සේනාංකය විතරයි, එහි ආරක්ෂාව ශක්තිමත් කරන්න භූමිය භාවිතා කරන්න බැහැ. ෂ්‍යාඕ චීයේ සමීපයට ගොස් සිතියම වෙත අවධානය යොමු කළේය. “ලූ වංඔය ආරක්ෂා කරන තැන මෙතැනයි. ලූ ගුඅන්බායිගේ ගේ අන්වර්ථ නාමය ගැන ඔබ දන්නවාද? ඔහුව ' කාන්තාරයේ ගිනි සිළුව ' ලෙස හැඳින්වීමට හේතුව ලු වංශය කාන්තාර අග්නි සිළු කුළුණු දස දහස් ගණනක් ආරක්ෂා කරන නිසයි. බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාව කපටියි. ඔවුන් රාත්‍රී ප්‍රහාර දියත් කරන්න කැමැත්තක් දක්වනවා. ඔවුන් අසිපත් හරස් කරන සෑම අවස්ථාවකම, ලූ ගුඅන්බායිට අග්නි සිළු දල්වන්න සිද්ධ වෙනවා.බ්‍යැන්ජුන් අණ්දෙන පාබල හමුදාව තමයි රාත්‍රී ප්‍රහාර සඳහා සජෞ වල තියෙන හොඳම පාබල හමුදාව."

ෂ්‍යාඕ චීයේ මේ කාරණය පිළිබඳ කතා කරන විට ටිකක් උද්‍යෝගිමත් විය. ඒ නිසා ඔහු හුදෙක් ශෙන් ස'චුආන්  ගේ ඇඟිල්ල අල්ලාගෙන බ්‍යැන්ජුන් සේනාංකය වෙත ඇඟිල්ල දිගු කළේය.

ලෝකයේ සිටින සෙන්පතියන් හතර දෙනාගෙන්, ෂිෆු තමයි තියැංෆෙයි මුරටැඹ භූමියට අවශ්‍ය වන පරිදි ආරක්‍ෂාව පිළිබඳ වඩාත්ම දක්ෂ විදිහට නිර්මාණය කළේ, ඒ නිසා ප්‍රහාරයක් එල්ල කරන්නවත් භට පිරිස් යවන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. බ්‍යැන්ජුන් අණදෙන නිලධාරියාගේ පෙනුම කෙතරම් නොසැලකිලිමත්ද කියන එකට රැවටෙන්න එපා. ඇත්ත වශයෙන්ම, රණකාමියෝ විදිහට සටන් කරන්න හොඳම කෙනා ලූ ගුඅන්බායි. මගේ වැඩිමහල් සහෝදරයා සහ චී සේනාධිපතිනිය  පවා මේ සම්බන්ධයෙන් ඔහු තරම් බලවත් වෙන්නේ නැහැ. ”

"බ්‍යැන්ජුන් අණදෙන හමුදාවේ අශ්වාරෝහක හමුදාවක් නැහැනේ." ශෙන් ස'චුආන්  ඔහුගේ හිස මදක් පැත්තට හරවා ඔහු දෙස බැලුවේය.

ෂ්‍යාඕ චීයේ සිනාසුණේය. මේ මොහොතේ ඔහු විශේෂයෙන් සැහැල්ලු ලෙස සිටින බවක් පෙනෙන්නට තිබුණි. ඔහු පැවසුවේ ය, “ලූ ගුඅන්බායිට ඔවුන් අවශ්‍ය නැහැ. ඔහුගේ සොල්දාදුවන් සියලු අශ්වාරෝහකයන්ගේ ශාපයයි. ලු වංශය පරම්පරා ගණනාවක් තිස්සේ කාන්තාරයේ මුර කරමින් ඉන්නවා. දේශගුණය අයහපත් වගේම මුඩු බිමතුළ කිසිසේත් වගා කරන්න බැහැ. ඔවුන් සැබෑවටම දුප්පත් නිසා අශ්වයන් ඇති දැඩි කරන්න ඔවුන්ට හැකියාවක් නැහැ. නමුත් අශ්වයන් නොමැතිව වුනත්, තවමත් ඔවුන් සටන් කරන්න ඕනේ . ඒ නිසා ලූ වංශය අශ්වාරෝහකයින්ට ප්‍රතිරෝධය දක්වන්නත් නිශ්චිත අරමුණක් වෙනුවෙන් අත්හදා බලන්නත් සටන් මාලාවක් නිර්මාණය කළා."

ශෙන් ස'චුආන්  සිතියම දෙස ආපසු හැරී බැලුවේය. “වසර පහකට කලිං චාෂි ගංගාවෙං ආරක්ෂක වළල්ලට කඩා වදින්න බ්‍යැන්ෂා අශ්වාරෝහකයන් ඔවුන්ගේ සුපුරුදු ක්‍රමයෙන් බැහැර වීම කෙතරම් අසාමාන්‍ය දෙයක්ද කියන එක සිත්ගන්නා කරුණක් විදිහට ඔබ සඳහන් කරනවාද?”

"ඒක හරි." ෂ්‍යාඕ චීයේ ගැඹුරින් කල්පනා කරන විට, ඔහු පුරුද්දෙන් තොරව ඔහුගේ මාපටැඟිල්ලේ මුද්ද හැරෙව්වා. නමුත් මේ මොහොතේ ඔහු ශෙන් ස'චුඇන්ගේ අත අල්ලාගෙන සිටියේය; මේ අනුව ඔහු මේ ක්‍රියාව ගැන දැනුවත් බවක් නොපෙන්වු අතර ඔහු අවසානයේ එය තදින් මිරිකා ගත්තේ ය . "ඔබ මුලින්ම එක දෙයක් දැනගන්න ඕන. බ්‍යැන්ෂා ගෝත්‍ර දොළහ කියන්නේ පොදුවේ පවසන දෙයක්. ආරම්භයේදී ඔවුන්ගෙන් ගෝත්‍ර දොළහකට වඩා කාන්තාරයේ හිටියා. ලිබෙයි වල අන්‍යෝන්‍ය වෙළඳපොළ සමඟ ගනුදෙනු කරන හුයියන් ගෝත්‍රය, අනෙකුත් ගෝත්‍රිකයන් විසින් ජලයෙන් සහ තණකොළවලින් පොහොසත් තම භූමියෙන් පලවා හරින ලද කුඩා ගෝත්‍රයක්. දිවි ගලවා ගන්න , ඔවුන් දජෞ වලට තමන්ගේ කොටස වීසි කළා. කෙටියෙන් කියනවනම්, බ්‍යැන්ෂා වල වර්තමාන ගෝත්‍ර දොළහ ශක්තිමත් සහ දුර්වල ලෙස වෙන්කර හඳුනාගත හැකියි. ඔවුන්ට කිසිදා නම් කරන ලද පරමාධිපත්‍යයක් නොතිබූ නිසජ ඔවුන්ට කිසිදා අප සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වී සටන් කිරීමට පමණක් හැකි වුවා. ඇත්ත වශයෙන්ම, සෑම සටනක්ම බ්‍යැන්ෂා වලට දැඩි පහරක් එල්ල කළා. ඔවුන්ගේ ශක්තිමත්ම ගෝත්‍රය - හන්ෂේ ගෝත්‍රය - ඔවුන්ගේ මූලස්ථාන උතුරට වන්නට පිහිටා තියෙනවා, මූලික වශයෙන් ලිබෙයිහි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව සමඟ කටයුතු කරනවා. ඔවුන්ගේ වේගවත්ම අය ගූමා ගෝත්‍රය දකුණට වන්නට පිහිටා තියෙනවා, මූලික වශයෙන් කටයුතු කරන්නේ බ්‍යැන්ජුන් අණදෙන හමුදාවේ පාබල භටයන් සමඟ යි. මේවා දීර්ඝ කාලීන ගැටුම් මත ගොඩනැගුණු ස්ථාවර රටා - නමුත් මීට වසර පහකට කලින්, හන්ෂේ ගෝත්‍රය සහ ගෞමා ගෝත්‍රිකයන් එකට එකතු වෙලා , අනතුරු ඇඟවීමකින් තොරව චාෂි ගඟේ ආරක්ෂක මාර්ගයට සෘජුවම දරුණු පහරක් එල්ල කළා."

ෂ්‍යාඕ චීයේ නැවතුණේ ය.

"එවැනි තත්වයක් තුළ තියෙන්නේ එක් හැකියාවක් පමණයි."

"ඔවුන් එය කලින් සැලසුම් කර තිබුණා." ශෙන් ස'චුආන්  පැවසීය. " ෂොංබෞ වලට ඔවුන්ව නැවැත්විය නොහැකි බව ඔවුන්ට විශ්වාසයි, ලිබෙයි සහ බ්‍යැන්ජුන් අණදෙන නිලධාරියා නියමිත වේලාවට ගලවා ගන්න නොඒවි."

"ශෙන් වෙයි සතුරන් සමඟ හවුල් වූ බවට කටකතා ඇති වුනේ අන්න එහෙමයි." ෂ්‍යාඕ චීයේ  පැවසීය. "ඔවුන්ට කෙලින්ම ඒම ඉතා අවදානම් දෙයක්. නුහුරු පරිසරයක දිගටම සටන් කරන්න ඔවුන්ගේ යුධ කොල්ලය මත පමණක් විශ්වාසය තැබීම ඔවුන්ට පහසු වෙන්නේ නැහැ. ඔවුන් දැනටමත් කාන්තාරය හරහා වේගයෙන් ගමන් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔවුන්ට වීදිවල සටන් කිරීම අත පය බැඳගෙන සටන් කරනවා වගෙයි. ඒ වගේම, ඔවුන් චූදු වෙත සමීප වන තරමට, ඔවුන්ගේ භට පිරිස් යෙදවීමේ අභිප්‍රාය වඩාත් පැහැදිලි වෙනවා"

චූදු බිඳ දැමීම කොහොමටවත් හොඳ තේරීමක් නෙවෙයි. චූදු කියන්නේ දජෞ වල හදවත. වැඩි වේලාවක් මෙහි රැඳී සිටින්න, එවිට ඔවුන් ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක, චීදොං පංච අණදෙන නිලධාරි පාබල භටයන් සහ අෂ්ඨ මහා පුහුණු අංශ වලින් තුන් ආකාරයකින් වැටලීමකට කොටු වෙනවා." ශෙන් ස'චුඇව් දෑස් පහත් කළේය. “බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවට චූදු වලට පහර දීමට අවශ්‍ය වූ බව මම කිසි විටෙකත් විශ්වාස කළේ නැහැ.”

"ඔබ දක්ෂ වැඩියි." ෂ්‍යාඕ චීයේ Chiye ඔහුට ප්‍රශංසා කළේය. ඔහු මුළු සිතියම හරහා ශෙන් ස'චුආන්  ගේ ඇඟිල්ල ලිස්සා යවා බටහිර දෙසින් පිහිටි ජුඒෂි පෙන්වීය. “මම හිතන්නේ ඔවුන්ට මෙතැනට යන්න ඕන වුණා. ජුඒෂි මුහුදට මුහුණලා. එහි ප්‍රධාන වරායන් දෙකක් සහ ප්‍රධාන ධාන්‍ය සංචිත ප්‍රාන්ත තුනක් තියෙනවා. ලීබෙයි , චූදු  සහ චීදොං වල සියලුම හමුදා ආයුධ මෙතැනින් එන්නේ. ඔවුන් ජුඒෂි හි සීමාව තුළට ඇතුළු වන තාක් කල්, ඔවුන්ට පහර දී නගර සහ ගම් විනාශ කරන්න පවා අවශ්‍ය නොවනවා වගේම ඔවුන් දැනටමත් පාර්ශව තුනම ළග තබාගෙන ඉන්නවා."

 අභ්‍යන්තරයෙන් උදව් නොතිබුනා නම්, මේක හොඳ ගමනක් වෙනවා." ශෙන් ස'චුආන්  ඒ ගැන කල්පනා කරමින් මෙසේ කීවේය.

ඒක ජොංබෞ වල ඉදන් ජුඒෂි දක්වා නැගෙනහිර සිට බටහිරට සරල රේඛාවක් පමණයි. ජොංබෞ හරහා ගමන් කිරීම කෙටිම මාර්ගය වෙනවා. ශෙන් වෙයි ඔවුන්ට දොරටු විවර කරලා ඔවුන්ට ඉදිරියට යන්න ධෛර්යය සහ සැපයුම් ලබා දුන්නා. ඊසානදිග පාලම් මාර්ගය නැතුව දා ල'ට අවම වශයෙන් තවත් දින හතක්වත් හමුදා යවන්න නොහැකි වෙන්න තිබුණා. දින හතක්. අෂ්ඨ මහා පුහුණු අංශ චූදු ආරක්ෂා කිරීමට අපොහොසත් වූවා නම්, බ්‍යැන්ෂා අශ්වාරෝහකයන් දැනටමත් යොංයී වරායට පැමිණිලා." ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ලිබෙයි කෝපයට පත්වෙන්න මේක එක් හේතුවක් වුනා. සතුරු බලවේග හමුවේ ආචාර ධර්ම අමු අමුවේ නොතකා හරින්න ඉඩක් නැහැ. ශෙන් වෙයිට ඔහුගේ හමුදා පරාජයට සමාව දිය හැකි වුනත්, පිටුපසට ඉඳන් පිහියෙන් ඇන්න එකට අපි නොහොමටවත් ශෙන් වෙයිට සමාව දෙන්නෙ නැහැ. ”

ශෙන් ස'චුආන්  එක්වරම හිස හරවා ළංව සිටි ෂ්‍යාඕ චියේ දෙස බැලුවේය.

"මොකක්ද ගැටළුව?" ෂ්‍යාඕ චීයේ ඔහුව නිදහස් කිරීමට අදහස් කළේ නැත.

"ශෙන් වෙය් සතුරන් සමඟ හවුල් වුණා," ශෙන් ස'චුආන්  කර්කශ සිනහවක් පෑවෙයි. “ශෙන් වෙයි සතුරන් සමඟ හවුල් වුනා... බ්‍යැන්ෂා ගෝත්‍ර දොළහට ජුඒෂි වලට පහර දෙන්න අවශ්‍ය වුනා. නමුත් ෂෙන් වෙයි ජුඒෂි වල හමුදා සිතියමට අත තැබුවේ කොහොමද?”

"යුද අමාත්‍යාංශය සතුව එය තිබේනවා." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “මුදල් වලට මාරයාව ගෙන්වගන්න පුළුවන්. ඔවුන්ට විශාල වශයෙන් අල්ලස් දුන්නොත්, ඔබට එය මිලදී ගන්න පුළුවන්.

"එහෙම නම්, ශෙන් ස'චුආන්  පැවසුවේ ය, ෂෙන් වෙයි හැර වෙනත් ඕනෑම කෙනෙකුට එය කරන්න පුළුවන් නම තියෙනවා. ඔහු පිටුපසින් කවුරුහරි ඉන්නවා."


 

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-