Skip to main content

හතලිස් හයවන පරිච්ඡේදය : භෝජන සංග්‍රහය


හුආ ශියැංයී නිසැකවම චී ජූයින්ට වඩා වැඩිමල් නොවුනා ය. ඈ චී ජූයින්ට වඩා දෙවසරකින් බාල වූවා ය. මේ දිනවල මාළිගාවේම සිටි නිසා ඈ බොහෝ සේ කෙසඟ සුදුමැලි බවක් දැරුවේ ය. ඈ වැන්දඹු අධිරාජිණියගේ මේසය මත වූ චී ශියූ ගේ සිතුවම දුටු ඇය එය අවබෝධ කරගත්තේ ය.

වැන්දඹු අධිරාජිණිය ඇගේ දෑත අල්ලිගෙන බොහෝ වෙලාවක් සිටියේ කිසිවක් නොපවසමිනි “ඒක හරියට මැයි දෙසැම්බර් විවිහයක් වගෙයි , නමුත් චී ශියු ඔබට හොඳටම ගැලපෙනවා

හුආ ශියැංයී දම් පැහැ වස්ත්‍රයේ කොණක් ස්පර්ශ කරමින් අධිරාජිණිය ගේ දණහිස මත හිස හොවාගත්තා ය.  වැන්දඹු අධිරාජිණිය ඇගේ දිගු කෙස් කළඹ අතගාමින් පවසන්නට විය,  දුක්වෙන්න අවශ්‍ය නැහැ.  හුආ වංශයේ හැම දියණියක්ම වගේ මේ විදිහටවි විවාහ වුනේ.  ඔබ ඔහු සමඟ විවාහ වෙලා වසර කිහිපයකට පස්සේ, ඔබ චීදොං පංච අණදෙන නිලධාරීන්ගේ විශ්වාසවන්ත කාන්තාවක් බවට පත් වේවි.

 මාලිගා ශාලාවේ සුවඳ හඳුන්කූරු දැල්වීමෙන් පසු, ල්‍යුෂ්‍යැං කිසිවක් නොපවසමින්ම සියලුම සේවිකාවන්ට සහ නපුංසකයන්ට පිටව යන ලෙස සංඥා කළේය.

 හුආ ශියැංයී සිනාසෙමින්, “මට ඔබව දාලා යන එක දරාගන්න බෑ නැන්දණියනි.  සංජුන් අණදෙන කඳවු​රැ තියෙන්නේ හුඟක් ඈත;  මට ඔබව නැවත දකින්න අවශ්‍ය නම් මට වසරක් බලා ඉන්න සිදුවේවි. ”

නැන්දණියටත් ඔබ යන එක දරාගන්න බැහැ.” අධිරාජිණිය ඈව මෘදු ලෙස වැළඳගත්තා ය. හුආ ශියැංයී ඈ කුඩා කළ සිදුකල ආකාරයටම ඇ හමුවේ හුරතල් වුවා ය , වැන්දඹු අධිරාජිණිය පවසන්නට විය, “මම ගුආන්චෙං අධිරාජ්‍යයා සමඟ විවාහ වෙද්දි , මට වයස අවුරුදු පහළවයි. මම දීචෙං වලින් පිටවුනෙත් ඒ අවුරුද්දේ, මට අත්හරින්න ගොඩක් ම අමාරු වුනේ අපි පවුලට අයත් වුණ ඔංචිල්ලාවයි. මම එහි ඉඳගෙන කල් ගෙවන්න ගොඩක් ආශා කළා. එයින් පැද්දෙන විට හමන හැම සුළඟක් එක්කම , මට ඒ උස් බිත්ති වලින් එහාපස විවිධ ශබ්දයන් ඇසුනා. මගේ මව මාව සනසවමින් පැවසුවා චූදු වලට ගියාට පස්සේ රාජකීය මාළිගයට ගිහාම අධිරාජ්‍යයා මට ඒ සමානම ඔංචිල්ලවක් හදලා දේවි කියලා.”

 

හුආ ශියැංයී නිහඬවම පසු වූවා ය.

 

ගුආන්චෙං අධිරාජ්‍යයාගෙන් වැඩි ප්‍රමාණයක අනුග්‍රහය ලැබූ තැනැත්තිය වැන්දඹු අධිරාජිණිය වූවාය , නමුත් ගුආංචෙන් අධිරාජ්‍යයා ඇට අවශ්‍ය දේ ලබා දුන්නේ නැත. ඈ චූදු වලට පය තැබූ මොහොතේ ම, ඈට දැනගන්න ලැබුනා ඇගේ ස්වාමිපුර්ෂයා මවා පෙන්වූ සියල්ල අහසේ වළාකුළු මෙන් ක්ෂණිකව අකුරුදන්වක දේවල් බව, එක මොහො​තක සතුට වෙනුවෙන් ඈට රජුගේ අන්තඃපුර කාන්තාවෝ සමග අරගල කරමින් තරඟ වැදීමට සිදු විය.

 

චූදු හි, සියල්ලටම වඩා වටිනාම දෙය ආදරයයි.

 

වැන්දඹු අධිරාජිණිය හුආ ශියැංයීගේ හිස අතඟා මෙසේ පැවසුවා ය, “මම චඋදු වලට පැමිණිලා, දැනටමත් තිස් හත් වසරක් ගතවෙලා තියෙන්නේ ඇසිපිය ගහන වේගයෙන්. දැන් මගේ පුංචි ලේලියත් විවාහ වෙන්නයි යන්නේ. මම ඇත්තටම ගොඩක් වයසට ගිහින්. චූදු වල , පිරීමින්ගේ බලවත් කම මට වැටහුණේ ඔවුන්ට අධිරාජ්‍යවාදී විභාග සමත් වෙලා නිලය ඉහළ නංවගන්නත් නිලධාරීන් ලෙස සේවය කරන්නත් හැකි නිසයි. හෙල්ල අතැතිව සටන්වලට අශ්වයන් පිට නගින්නත් ඔවුන්ට හැකියි. අපි කාන්තාවන්. කාන්තා කුටිවලට ගෙන ගොස් ගුණධර්ම හා ශික්ෂා පද කියා දෙනවා. දැනුම පිපාසයෙන් ඔබ කෙතරම් දක්ෂ හා බුද්ධිමත් වෙලා වෙහෙස වුවත්, අවසානයේ ඔබටත් විවාහ වෙන්න සිදු වන කාලයක් පැමිණෙනවා.”

 

වැන්දඔු අධිරාජිණියගේ දෑස් සන්සුන් විය

 

මගේ පියාණන් මට ඉගැන්නුවා , ඔහු පැවසුවා මේ ලෝකෙදි, ඔහු අධිරාජ්‍යයා විදිහට මගේ අහස වෙනවා කියලා. එය මොනතරම් හාස්‍යජනක විහිළුවක් ද?. අධිරාජිණිය වෙනවා කියන්නේ මමත් අධිරාජ්‍යයා​ හා රාජ්‍යය බෙදාගන්නවා කියන එග. මගේ හිසට සෙවණක් වෙන්න කාටද පුළුවන් ? කාටවත් බැහැ ! මගේ සහෝදරයොත් කිසිම වැඩකට නැති අමනයෝ ටිකක්. පරම්පරාවකට පස්සේ තවත් පරම්පරාවක් , හුආ වංශයට ධනවත් වංශයක පෙනුම පවත්වා ගන්න දියණියන් විවාහ කර දීම මත පමණක් විශ්වාසය තබන්න පුළුවන් ; ඒත් අපිට පොඩ්ඩක්වත් ඒ ගැන පැහිණිලි කරන්න බැහැ. මේක මොනවගේ බැඳිමක් ද?සාර්ථකත්වය සහ අසාර්ථකත්වය තීරණය කරන්න ලෝකයට අවශ්‍ය වෙන්නේ ප්‍රබලයා සහ දුර්වලයා අතර වෙනස හඳුනා ගන්න එකනම් , මටත් ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්.”

වැන්දඹු අධිරාජිණිය ඇගේ නළලතට ඇන්නා ය.

මෙය මතක තියා ගන්න: මෙවර, ඔබව තෝරා ගත්තේ චී ශීයු නෙමෙයි. ඔහුව තෝරා ගත්තේ ඔබයි. ඉදිරි දිනවලදී මම පරාජයට පත් විය හැකි වුනත් එය නිසැකවම දැන් නොවේ වි. මගේ පුංචි ලේලි චීදොං වලට යන්නේ වෙනත් විකල්පයක් නැති නිසා නෙමෙයි , ඔබේ කාලය වෙන් කරලා  ක්‍රියාන්විතයට සූදානම් වෙන්නයි. අනාගතයේදී කුමක් සිදු වු්, ඔබ සුසුම්ලන්න ඉඩ තියෙනවා, නමුත් ඔබ කොටහාමටත් තරහා වෙන්න අමනාප වෙන්න එපා. ලෝකය පරදුවට තබලා තිායන මේ වෙයිචී ක්‍රීඩාවේදී පුද්ගලයට කරන්න පුළුවන් පසුතැවිල්ලකින් තොරව පියවරක් ගන්න එක විතරයි. ගැලවෙන්නවත් මඟක් නැති විදිහය වෘකයෝ රැළක් අපිව වට කරලා තියෙන නිසා , අපි ඔවුන් සමඟ කටුක අවසානය වෙනතෙක්ම සටන් කරමු. ”

 

මාලිගා ශාලාවේ උණ බට ඔංචිල්ලාව සැහැල්ලුවෙන් පැද්දෙන්නට විය. හුආ ශියැංයී වැන්දඹු අධිරාජිනියගේ අත මෘදුව අල්ලා ගත්තාය.

 

මට නැන්දණියගේ ඉගැන්වීම් අමතක වෙන්නේ නැහැ.”

 

         

 

අමාත්‍යවරුත් සියය සඳහා වූ උත්සවය පැවැත්වූයේ නිසයුරු අළුත් අවුරුදු දිනයේ රාත්‍රියේ ය. ප්‍රාදේශීය නිලධාරීන් එකිනෙකා අගනුවරට ඇතුළු වූහ. හායි ලියැංයී ඔවුන් ගැන දැඩි අවධානයෙන් සිටින බව ඔවුන් සියල්ලන්ම දැන සිටි නිසා, මේ වසරේ පෞද්ගලික උත්සව සහ භෝජන සංග්‍රහ බොහෝමයක් අඩු විය. විශාල වශයෙන් එකතු වීම පවා කුමන්ත්‍රණයක යෙදීමේ සාක්ෂි බවට පත්විය හැකිය. මේ වන විට ලී ජ්‍යැහෙන් සිංහාසනයට පත් වී වැඩි කලක් ගත වී තිබුණේ නැත. සියලුම දෙනාට අවශ්‍ය වූයේ අමාත්‍යවරුන් සියයගේ භෝජන සංග්‍රහයේදි ඔවුන්ගේ මෙම නව ස්වාමියා නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් කර ගැනීමටය.

 

චූදු හි සුළඟ කොයි පැත්තට හමන්නේදැයි ඔවුන් තවමත් නොදැන සිටි නිසා සෑම දෙනාම කල්පනාකාරීව කතා කළා සේම ක්‍රියා ද කළහ. තුන්වන හුආ ආර්යාවගේ කාරණය පමණක් ලැව් ගින්නක් මෙන් පැතිර ගිය අතරම, චී ජූයින්ට ඇගේ අවාසනාව පිට කරන්නට කිසිඳු ක්‍රමයක් තිබුණේ නැත.

 

ෂ්‍යාඕ චීයේ තවමත් පසුගිය දිනවල අෂ්ඨ මහා වංශ ගැන රහසිගතව විමර්ශනය කරමින් සිටි නමුත් මෙම කාරණය ඔහුගේ උනන්දුව ද ඇති කර තිබුණි. ෂ්‍යාඕ ජීමිං ද අගනුවරට ඇතුළු වූ නිසා සහෝදරයන් දෙදෙනාම නිවසේ සිටම කතාබස් කළහ.

 

හුආ වංශයට අවශ්‍ය වෙන්නේ යළිත් අළුවලින් නැගිටින්නයි. පැරණි අණදෙන නිළදාරී චී කොයිතරම් "ඇඹලයෙක්" වුණත් ඔහු මේ විවාහයට එකඟ නොවෙන්න ඕනේ.” ලීබෙයි සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ වත්මන් වර්ෂයේ වියදම් බැලීම සඳහා ඔහු ගෙන යන අතරතුර ෂ්‍යාඕ චීයේ නොසැලකිලිමත් ලෙස පැවසීය.

 

ඒක ඇත්තටම කියන්න අපහසුයි.” ෂ්‍යාඕ ජීමිං මේසයේ වාඩි වී හමුදා කටයුතු පෙරළා බැලුවේය.

 

ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑස් ඔසවා, “මෙය ඔහුගේ චීදොංකොහොමදවලට ප්‍රයෝජනවත් වෙන්නේ කෙසේද?”  ඇසීය.

 

ෂ්‍යාඕ ජීමිං ඔහුගේ නම සහිත ලේඛනය අනුමත කර බලමින්, “ඔබ ඉන්නේ චූදු වල , ඔබ අෂ්ඨ මහා පුහුණු අංශ භාරගෙන තියෙනවා. ඔබ අෂ්ඨ මහා පුහුණු අංශවල ගිණුම් පරීක්‍ෂා කළේ නැද්ද?”

 

ෂ්‍යාඕ චීයේ ප්‍රතිචාර දැක්වූයේ ය , “අධිකරණ සමාලෝචන අධිකරණය පවිත්‍ර කරන විට මම ගිණුම බැලුවා. අෂ්ඨ මහා පුහුණු කොට්ඨාශවලින් අතිරික්ත මුදල් සහ හමුදා ප්‍රතිපාදන සියල්ල ම මේ වසරේ අධිරාජ්‍ය හමුදාවට සපයනු ලැබුවේ හිඟය පිරිමහන්නයි. මොකක් ද වැරැද්ද?"

 

ෂ්‍යාඕ ජීමිං ලේඛනය ගැන මොහොතක් කල්පනා කර, “හුආ සීචියන් ජීවතුන් අතර සිටින කොට, අෂ්ඨ මහා පුහුණු අංශයේ වාර්ෂික වැටුප සහ ප්‍රතිපාදන බ්‍යැන්ජුන් අණදෙන නිළදාරියට වඩා කිහිප ගුණයකින් වැඩි වුණා. ෂී ගූ'අන්ට ගණන් කරන්න වූ මුදල්—කොහෙද යන්න ඇත්තේ? හුආ සිචියන් ට එක ගෙවීමක් වෙනුවෙන් ගිණුම් දෙකක් තියෙන්න පුළුවන් නිසි, වැන්දඹු අධිරාජිනියට තවත් ගිණුම් පොතක් තියාගන්න බැරිවෙයි ද? මුදල් ගලා එන්නේ ජලය වගෙයි, නමුත් විගණනය නියත වශයෙන්ම පවති​නවා. ඔහුට විගණන නිලධාරියාව තමාගේ නිලයට මාරු කරලා එ් නිලධාරියා අෂ්ඨ මහා පුහුණු අංශවල නාසය යට තබා ගත හැකි තාක් කල්, ඔවුන්ට සෑම වසරකම ඔවුන් කැමති ආකාරයට ගිණුම් පොත ලියන්න හැකි වෙනවි. හුආ වංශයේ  දේපල සෝදිසි කරලා වගේම ඔවුන්ගේ දේපළ රාජසන්තක කරලයි තියෙන්නේ. නමුත් අධිරාජිනියගේ පෞද්ගලික භාණ්ඩාගාරයට අත කියන්න නිර්භීත වන්නේ කවුද? මේ මුදල් තමයි දැන් හුආ ශියැංයීගේ ගේ දෑවැද්ද. එ්ක නිල හෝ පෞද්ගලික හේතූන් මත වේවා, චී ශියු ව පෙළඹෙව්වා."

 

නොසතුටට පත් වූ ෂ්‍යාඕ චියේ පැවසුවේ, “චීදොං පංච අණදෙන නිලධාරීන්ගේ හමුදා බලකායේ වත්මන් අණදෙන නිලධාරියා චී ජූයින්.  චී ජූයින් ඒකට එකඟ නොවේවි."

 

 "එහෙම වුනත්."  ෂ්‍යාඕ ජීමිං අවසානයේ ෂ්‍යාඕ චීයේ දෙස බැලීය.  "ඈට ඒක නවත්තන්න බෑ."

 

 ෂ්‍යාඕ චීයේ බිම වැතිරී මඳ වේලාවක් කල්පනා කළේ ය, “මේ අවුරුදු ගණනාව පුරාම චී වංශයට අපිත් එක්ක හොඳ සම්බන්ධයක් තිබුණා.  චී ශීයු ඇත්තටම තුන්වන හුආ සමඟ විවාහ වුවහොත්, ලීබෙය් තවදුරටත් චීදොංවල මිතුරෙක් නොවේවි."

 

 "එයිනුත් සුළු වැදගත්කමක් තියෙනවා.  බියන්ෂ්‍යා ගෝත්‍රිකයන් දොළොසට පහර දෙන්න සිද්ධවුනොත් , හැම කෙනෙකුටම තවමත් කරට කර සටන් කරන්න සිදු වෙනවා."  ෂ්‍යාඕ ජීමිං පවසන්නට විය, "තුන්වන හුආ නිසා පංච අණ්දෙන නිළදාරීයාගේ පාබළ හමුදාවට මුදල් ලැබේවි."

 

 "එහෙනම් අනාගතයේදී ලිබෙයිගේ අශ්වයන් මිලදී ගන්න කියලා ඔවුන්ට කියන්න."  ෂ්‍යාඕ චීයේ ගේ ඇස්වල සීතල, දැඩි දිලිසීමක් විය.  “අධිරාජිනියගේ පෞද්ගලික භාණ්ඩාගාරය කොපමණ කාලයක් තියෙයි ද?  සොල්දාදුවන් දෙලක්ෂයක් වෙනුවෙන් සැපයීම බල්ලන් විස්සක් ඇති කිරීම තරම් සරල නැහැ.  හමුදාමය වියදම් පරිභෝජනය කිරීම භයානක යි.  එය නියත වශයෙන්ම තනි පුද්ගලයෙකුට දරාගත හැකි දෙයක් නෙමෙයි. ”

 

"වැන්දඹු අධිරාජිනියට ඇයට සහය වීමට චී වංශය ඉන්නවා නම්, චූදු වල ඇති අවුල බිඳ දමන්න පුළුවන්."  ෂ්‍යාඕ ජීමිං පැවසුවේ ය, "බලය නැවත ඇයගේ අතට ලැබුණට පස්සේ, ඇයට මුදල් ආපසු ලබා ගන්න හැකි වේවි."

 

 ෂ්‍යාඕ චීයේ නැවතත් වාඩි වී, "මේ විවාහය සිදු නොවෙන්න ඕනේ."

 

 ෂ්‍යාඕ ජීමිං පවසන්නට විය, "තවමත් මාර්ගයක් තියෙනවා"

 

 ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා, "ලේසිම දේ තුන්වන හුආව මරා දමන එකයි."

 

 ෂ්‍යාඕ ජීමිං ඔහු දෙස පුදුමයෙන් බලා මෙසේ කීවේය, “ඔබත් දැන් අන් අයගේ මාංශමය කටුවක්.  අෂ්ට මහා වංශය ඔබට ගමන් කරන්න නොහැකි තරම් හිසරදයක් වේවි"

 

 ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “කටකතා දැන් පැතිරිලා.  අලුත් අවුරුද්දෙන් පස්සේ ඒක නවත්තන්න හැදුවොත් පරක්කු වැඩි වේව්."

 

 ෂ්‍යාඕ ජීමිං නිහඬව ඒ ගැන කල්පනා කළේය.  ටික වේලාවකට පසු, ඔහු පැවසුවේ, “වැන්දඹු අධිරාජිනියට මේ විවාහයට අත තියන්න අවශ්‍ය නම්, ඇය තමාව පෙන්විය යුතුයි , නිලධාරීන් සියයකගේ භෝජන සංග්‍රහය තමයි ඇයගේ එකම අවස්ථාව.  මෙම කාරණය ඉතා වැදගත් දෙයක්.  හායි ලියැංයී එය සිදුවීමට ඉඩ හරින්න අවශ්‍යයෙන්ම කැමති වෙන්නෙ නැතිවෙයි.  කාලය ආවම වාග් සංග්‍රාමයක් ඇති වේවි.”

 

 හුආ වංශයට චීදොං සමඟ විවාහ වූ පරම්පරා තුනක දියණියන් ඉන්නවා.  අපි එය බැරෑරුම් ලෙස සොයා බැලුවහොත්, තුන්වන හුආ සැබවින්ම චී ශීයූගේ ගේ දුරස්ථ ලේ ඥාතියෙකු බවට පත්විය හැකියි." ෂ්‍යාඕ චීයේ පොත පැත්තකින් තබා එක්වරම සිනහසෙන්නට විය.  "නෑ... මට ඕන තුන්වෙනි හුවා චී ශීයු ගේ දුරස්ථ ලේ නෑයෙක් වෙනවා දකින්න. මේ විවාහය සිදු වෙන්න බෑ. ”

 

 ෂ්‍යාඕ චීයේ නැඟිට ෂාඕ හුයි කැඳවන්නට දොර තල්ලු කළේය.

 

 "ඒ වසන්ත උත්සවය නේද"  ෂ්‍යාඕ චීයේ පැවසීය.  "තවමත් ඔබ නැඟණියව දැක්කෙ නැහැනේ."

 

 මඳ සිනහවක් පෑ ෂ්‍යාඕ ජිමිං දෙස ෂාඕ හුයි බැලීය.

 

 ෂාඕ හූයි එය තේරුම් ගත්තේ ය, "මම හෙට උදෑසනම ඇයව බලන්න යනවා" ඔහු පැවසීය.

 

         

 

අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ නව ප්‍රධාන අණ දෙන නිලධාරියා වන හන් චෙං, අෂ්ඨ මහා වංශවලින් එකක් වන හැන් වංශයෙන් නීත්‍යානුකූලව උපත ලැබූ තුන්වන පුත්‍රයා විය. ඔහු අෂ්ඨ මහා පුහුණු අංශවල සහකාර අණදෙන නිලධාරියා විය. නැන්ලින් දඩයම අතරතුර, ඔහු විවේකයක් ලබා ගත්තේය. ඔහුෂී ගූ'අන් අනුගමනය නොකළ අතර, අධිරාජිනියගේ උපදෙස් පිළිපැද්දේ ද නැත. අධිරාජ්‍ය හමුදාව ඔහුගේ දොරට තට්ටු කරන විට ඔහු තවමත් නිදාගෙන සිටි බවට කටකතා පැතිර ගියේය. ඒ නිසා, ඔහු හුආ කන්ඩායම පිරිසිදු කළ සරත් ඍතුවේ සුළඟින් බේරී ගියේය.

 

නමුත් මේ මිනිසා ෂූඒ ෂ්‍යුජුඕ විසින් එහි තබා ඇති කෙනෙකු බව ශෙන් ස'චුආන්  දැන සිටියේය.

 

අමාත්‍යවරුන් සියයේ මංගල්‍යය ආසන්නයේ දී , අධිරාජ්‍ය ආරක්ෂකයින් ඔවුන්ගේ රාජකාරි කටයුතු සකස් කළහ. සැලැස්මට අනුව, ශෙන් ස'චුආන්   අධිරාජ්‍යයා ඉදිරියේ රැඳී සිටිය යුතු අතර, එබැවින් ඔහුට ඉණ අවසරපත ලැබුණු විට එය පුදුමයක් නොවීය.

 

හැන් චෙං පෞද්ගලිකව ඉණ රාජකාරි අවසපත ශෙන් ස'චුආන්  වෙත ලබා දුන්නේය. දෙදෙනාම සිටියේ අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ කාර්යාලය තුළය. “නැගෙනහිර සුළඟ හැර සියල්ල පිළිවෙලට තිබෙනවා. (3.) කාලය පැමිණි විට, මමත් එහා පස ඉන්නම්. මොනවා වුණත් උතුමාණන්ට හානියක් නොවිය යුතුයි.”

 

"ඇත්ත වශයෙන්ව." ශෙන් ස'චුආන්  ඉණ රාජකාරි අවසරපත එල්ලාගෙන සිනහවකින් යුතුව පැවසුවේ ය , "මේ වතාවේ, අපි අතිගරු සේනාධිනායකතුමා මත රඳා පවතින්නේ."

 

හැන් චෙංට බියක් දැනුණමුත් එය හෙළි කිරීමට ඔහුට නොහැකි විය. එබැවින් ඔහුට නැවත පැවසිය හැකි වූයේ, “මේ කාරණය අසාර්ථක වී හෙළිදරව් වුනොත්, මෙම අපරාධයට ඔබටත් මටත් මරණීය දණ්ඩනය ලැබේවි. නමුත් එය සාර්ථක වුවහොත්, අධිරාජ්‍ය ආරක්ෂකයින්ට අධිරාජ්‍ය හමුදාවේ අතින් කුරුල්ලෝ මරණවා වගේ දෙයක් වේවි. එතැන් ඉදලා සියලු දෙනාම හොඳින් ජීවත් වේවි, අපටත් හොඳ දිනයක් පැමිණේවි. ”

 

"උත්තමයාණෙනී, කරුණාකරලා කලබල වෙන්න එපා." ශෙන් ස'චුආන්  බැරෑරුම් ලෙස කීවේය. “අපි සහෝදරයෝ වගේ එක මතයක ඉන්නේ. කිසිම වරදක් වෙන්නේ නැහැ.”

 

ඔහු කෙතරම් අවංක සහ විශ්වාසයෙන් සිටිනවාද යන්න දුටු හන් චෙං සැනසුම් සුසුමක් හෙළුවේය.

 

පිටත, හිම එන්න එන්නම දැඩි විය.පසුදා පහන් වන විටත් එය නැවතී තිබුණේ.

 

 

අමාත්‍යවරුන් සියය සඳහා වූ අත්සවයට පෙර බිලි පූජා කර්මයක් ද පැවැත්වුණි. (4.) රාජකීය හමුදාව ඒ වන විටත් විමසිලිමත් ව උදෑසන සිටම සටනට සටනට සූදානම්ව සිටියෝ ය.ෂ්‍යාඕ චීයේ අද ඔහුගේ උසාවි නිළ ඇදුමින් මනා ලෙස සැරසී සිටියේ ය.  ඔහු මාළිගාවේ දොරටු හරහා ගමන් කරන විට , ඔහුට හැන් චෙංව මුණගැසූණි. ඔහු සාම්ප්‍රෂායික ලෙස එකිනෙකා හා ගෞරවාචාරයන් හුවමරු කර ගනිද්දී, ඔහු ශෙන් ස'චුආන්  ව දුටුවේ ය.

 

මේ වම්පස සිටින ආරක්ෂකයා අධිරාජ්‍යයා ඉදිරියේ මුර කරනවා.” ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්  දෙස බලමින් ම ඔහුව නොහදුනනා බව මවාපාමින් හැන් චෙං ගෙන් විමසන්නට විය. , “එහෙම නම්, එ් සමාගම් අණදෙන නිලධාරී මට්​ටමට වඩා ඊට පහළින් ඩන්න අධිරාජ්‍ය ආරක්ෂකයින්ට ඒ රාජකාරිය පවරන්නේ ඇයි?”

 

රාජකීය ආරක්ෂකයන් ව නැවත සංවිධානය කරලා රාජකාරි වලට යොදවලයි තියෙන්නේ, ඒ වගේම තනතුරු බොහොමයක් පුරප්පාඩු වෙලා තියෙනවා.” හැන් චෙං එසේ පවසමින්ම පිටුපස හැරි බැලුවේ ය.  “ තෝරගත්ත හැමෝම විශාල අත්දැකීම් සහිත අයයි. උසස්වීම් ලබන වසර තවම පැමිණ නැති නිසා ඔවුන් බොහෝ දෙනෙකුට අවාසි සහගතයි, ඉතිං ඔවුන් දැනට කනිෂ්ඨ තනතුරු වල නිරතවෙනවා වගේ පෙනෙන්නේ.”

 

ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුඇන්ව දකින විට සීරුවෙන් සිටියේ ය. නමුත් ඔහු ආධිරාජ්‍ය ආරක්ඹකයින්ව තුට්ටුවකට මායිම් කළද , ඔහුට මිනිස් ශ්‍රමය මාරු කරන්නට අනෙක් පාර්ශවයට බල කිරීමට හැකියාවක් නොතිබුණි. කිමද යත් රාජකීය ආරක්ෂකයන් නෙතරම් නිෂේධ කළද , ඒ ද්විත්ව හා නැගෙනහිර හමුදා මූලස්ථානය යන ​ද්විත්වයටම අණ ලැබුණේ අධිරාජ්‍යයාගෙනි. ලී ජ්‍යැංහෙන් කිසිවක් නොපවසන තාක්, සාරාංශ වශයෙන් නියෝග ලබා දුන් වෙනත් ඕනෑම අයෙකු ඔවුන්ගේ රාජකාරී අධිකාරිත්වය ඉක්මවා යයි.

 

ඔහු සිතන්නේ කුමක්දැක් දැනගත්තක් මෙන් , ශෙන් ස'චුආන්  ඔහු සමඟ කියැවීය හැකි අර්ථාන්විත් බැල්මක් හුවමාරු කර ගත්තද, ෂ්‍යාඕ චීයේට එය කියවිය නොහැකි ​විය.

 

ඔවුන්ට ඉදිරියෙන්, හීලෑ අලි ඇතුන්ගේ කාර්යාලය ඒ වන විටත් අලි ඇතුන් පිටමං කර තිබුණි. ලී ජ්‍යැංහෙන් ඉක්මනින්ම ශාලාවෙන් පිටතට යාමට සූදානම් විය. වැඩි වේලාවක් රැඳී සිටීමට නොහැකි වූ ෂ්‍යාඕ චීයේ ඉදිරියට ගොස් පිටත්ව යන්නට විය.

 

ලී ජ්‍යැංහෙන් චාරිත්‍රානුකූල ශ්‍රේෂ්ඨ අසිපත සියතට ගත් පළමු අවස්ථාව මෙය විය. එය කොතරම් බරෙන් යුතු වුවාද යත් ඔහුට එය ඔසවන්නට නොහැකි තරම් විය. ඔහු මාලිගාවේ දොරෙන් පිටතට යන්නට පෙර පවා, ඔහුගේ හිස මත ඇති රාජකීය ඔටුන්න නිසා ඔහුගේ ගෙල රිදුම්දෙන්නට ගත් බව ඔහුට වැටහුණි.  මේ රාජාභිෂේක වස්ත්‍රය ඉර සහ සඳ සහිතව සශ්‍රීකත්වය සංකේතවත් කළේ ය, අවසානයේ ඔහුගේ සාමාන්‍ය ප්‍රීතිමත් හා සෙල්ලක්කාර ස්වරුපය සමගින්ම සන්සුන් බවක් ඔහු තුළ හෙළි කළේය.

 

ලී ජ්‍යැංහෙන් ගේ අත්ල දහඩිය මතු වූයේ ය. ඔහු දොරෙන් පිටතට යාමට පෙර ශ්‍රෙෂ්ඨ අසිපත ඔසවා ගත්තේය.

 

රත්පැහැ වෙල්වට් සහ රන් සෑදල වලින් සැරසුණු ඇත්දළ සහිත ඇතුන් දෙපස සිටගෙන සිටියහ. විවිධ නිලධාරීන් අධිරාජ්‍යයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් කෑ ගැසූහ. ලී ජ්‍යැංහෙන් පඩිපෙළ මත සිටගෙන, ඔහුගේ පුළුල් දෘෂ්ටි ක්ෂේත්‍රය නැඟෙනහිර දෙසින් වූ ඝන වලාකුළු දෙස නෙත් යොමමින්, අහස් ගැබ සහ පහත වූ බිම් හිම රුල්ලකින් වැසි ඇති සේ ඔහුට පෙනෙන්නට විය.. ඔහු ඒ අහස් ගැබට ඉහළින් සිට ගත්තේ ය, ඔහුට දැනුනේ තමා වළාකුළු අකර සිටිනවාක් මෙන් ය. "අධිරාජ්‍යයාණෙනි, දීර්ඝායුෂ ලැබේවා" යි නගන දෙසවන් බිහිරි කරවන හඬ ඔහුගේ සවනතේ දෝංකාර දෙන්නට විය. ලී ජ්‍යැංහෙන් ගේ හද ගැස්ම වේගවත් විය. පුදුමය මිශ්‍රත සංතෝශය ක්‍රමක්‍රමයෙන් ඔහුගේ මුහුණ පුරා ඇදී ගියේ ඔහුගේ දෑස් හායි ලියැංයී සිට ෂ්‍යාඕ  ජිමිං දක්වා සියල්ලෝම ඔහු ඉදිරියේ දණින් වැටී අනෙක් සියළුම මහ ජනයාද ඔහුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ජය හඬ නංවන අයුරු බලා සිටින විය. ඔහු ලොව උත්තරීතර පාලකයා විය.

 

අධිරාජ්‍යයෙක් වීම පිළිබඳ හැගෙන්නේ මේ විදිහටයි!

 

ලී ජ්‍යැංහෙන් ශ්‍රෙෂ්ඨ අසිපත දැඩිව අල්ලාගැනීමට අපොහොසත් විය. මේ මහානර්ඝ සුභපැතුම් හා ගෞරවාචාර මඟාන්, ඔහුට තමාට ස්වර්ගය හා සටන් කිරීමට පවා ශක්තිය ලැබී ඇති බව සිතුවේ ය. මෙය රාජකීය සැසි වාර වලදි දැනෙන හැගීමට පවා හුඟක් වෙනස් ය. දඩයම් භූමියේ සිද්ධියෙන් පසු පළමු වතාවට මෙලෙස දණ නමනු දැකීම සතුටට කාරණයක් සේ ඔහුට හැඟුණේ ය.  ලී ජ්‍යැංහෙන් තනිව දිගු පඩිපෙල දිගේ  චාරිත්‍රානුකූල මළුව වෙතට තේජාන්විත ගෞරවාන්විත ලෙස පියණැගුවේ අතිශය සතුටට පත්වය.

 

දස දහස් ගණනක වූ ජනකාය අතරින් , මන්දගාමී ලෙස හිස එසැවූයේ ශෙන් ස'චුආන්  පමණකි. ඔහු ලී ජ්‍යැංහෙන් ගේ රූපය පසුකර උස් පඩිපෙළ දිගේ බැලූ අතර එහිදී ඔහුට ද නටන හිම මැද වූ අඳුරු සහ භයංකර අහස දකින්නට ලැබුණේ ය.

 

         

 

උත්සවය ආරම්භ වූ විට, අධිරාජ්‍ය උත්සව මණ්ඩලය විසින් ආහාර ලබා දීමට පටන් ගත් අතර, රාජකීය මත්පැන් කර්මාන්ත ශාලාව විරාමයකින් තොරව මත්පැන් පිරිනමන්නට සිය දෙපා වෙහෙසවා වැඩ කළෝ ය. ලී ජ්‍යැංහෙන් රසකැවිලි වලට ඇලුම් කළ නිසා රාජකීය අරක්කැමියන් විසින් සේද කැදලි සහිත කොටි ඇස් රසකැවිලි විශාල ප්‍රමාණයක් සෑදුවෝ ය.

 

ලී ජ්‍යැංහෙන් රාජකීය සිංහාසනයේ වාඩි වූ අතර, ඔහුට පහළින් වැන්දඹු අධිරාජිනිය සහ හුආ ශියැංයී  , පසුව අධිරාජ්‍ය උපභාර්යාව යන නාමය පිරිනමන මූරු ද සිටියේ ය. ශෙන් ස'චුආන්  සහ හැන් චෙං අධිරාජ්‍ය හමුදාවට විරුද්ධව පඩිපෙළ පහළින් සිටගෙන සිටියහ. රාජකීය ආහාර රස පරීක්ෂක වූ නපුංසකයෙක් ​ශෙන් ස'චුආන්  පිටුපස දකුණත දණ ගසා සිටියේය. ලී ජ්‍යැංහෙන් ගේ මේසය මත ඇති සෑම ආහාරයක්ම රාජකීය ආහාර රස පරික්ෂක නපුංසකයාට ප්‍රථමව රස බලන්නට සිදු විය.

 

අද රාත්‍රියේ ලී ජ්‍යැංහෙන් සිටියේ දැඩි මානසිකත්වයකිනි. ඔහු මදක් මත් වී සිටි අතරම ඔහු නැවත නැවතත් පැමිණ සිටි සියලු දෙනාට පානය කරන ලෙස ඉල්ලා සිටියේය. ඉහළ අසුන්ගෙන , “මම සිංහාසනයට පත් වූ දා ඉඳන් ප්‍රඥාවන්ත දක්‍ෂයන්ගේ පිහිට ලැබීම භාග්‍යයක් වගෙයි. මගේ පසෙකින් ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි වගේ පැහැදිලි කැඩපතක් එක්ක, මම ස්වයං-ආවර්ජනය කරන්න අමතක කරන දවසක් නැතිම තරම්."

 

ඔහු මත්පැන් බොහෝ පානය කර මත්වී සිටියා​යින් පසුව ඔහුගේ මුවෙන් වචන ගලා එන්න​ට පටන් ගත්තේ ය.

 

මම ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා, ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි උසාවියේ දෙවන පියා ලෙස සලකන්නඉමම කැමතියි. මේවගේ ගෞරවයක් කීර්තියක් මීට පෙර කිසි දිනක හිටපු ලේකම් කාර්යාලීය වැඩිහිටියන්ට ලැබී නැතිව ඇති. දැන් මම ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලාට එය ලබා දෙනවා..."

 

දෙවන පියා!

 

ඔහු එවැනි වදන් පවසන්නේ කෙසේද? ඔහු එය පැවසූ විගසම හායි ලියැංයී ගේ මුහුණේ වූ වර්ණයන් සිදි ගියේ ය. හායි ලියැංයී ඒ වන විටත් විමතියට පත්ව දණින් වැටී විරෝධය දැක්වන්නට අවශ්‍ය වී තිබුණි. ඒ සමගම, ලී ජ්‍යැංහෙන් මත්පැන් නිසා දෙපසට වැනෙමින්, තවමත් අත වනමින් සිටියේය.

 

ලේකම් කාර්යාලයේ වැඩිහිටියා කලබල වෙන්න ඕන නෑ. මම කරන්න ඕනේ ඒක තමයි..."

 

"මම හිතන්නේ මේක නුසුදුසුයි." වැන්දඹු අධිරාජිනිය හායි ​ලියැංයී දෙස බලා මදක් නතර වූවාය. ඇය ඒ මොහොතේම හායි ලියැංයීගේ කම්පනය හේ තුළින් දුටුවාක් මෙනි. ලී ජ්‍යැංහෙන් දෙසට හැරී ඇය මෘදු ලෙස පැවසුවාය, “ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි කියන්නේ ලෝකයේ සියලුම විද්වතුන්ගේ ගෞරවයට පාත්‍ර වුණ නායකයායි. ඔහුගේ චරිතය ගාම්භීරයි වගේ ගෞරවනීය යි. නිලධාරියෙක් විදිහට සේවය කරන්න උසාවියට ​​ඇතුළු වූ දා ඉදන් ඔහුට තියෙන්නේ පිරිසිදු දෑත්. ඔහු නිර්භීත හා ස්ථිරව කතා කරනවා. උතුමාණන් මෙවැනි විශ්වාසවන්ත සහායකයක් දෙවැනි පියකුට සමාන කළහොත්, මෙය අධිරාජ්‍යයාගේ අනුග්‍රහය පෙන්නුම් කළත්, මහජන අවශ්‍යතා වෙනුවෙන් සමාජමය කාර්යභාර්යයන් විවේචනය කිරිමේ මහලේකම් වැඩිහිටියාගේ අභිප්‍රාය ගිලිහී යන්න ඉඩ තියෙනවා."

 

වැන්දඹු අධිරාජිනියගේ මෘදු ඉරියව් දුටු ලී ජ්‍යැංහෙන් සිනාසෙමින් පවසන්තට විය. “අතීතයේ ෂියැං රජු සබඳතා අගය කළ තා වගේම ෆං සෙන් ට තම දෙවන පියා විදිහට ගරු කළා. අද, ලේකම් කාර්යාලයේ වැඩිහිටියාගේ උපකාරයට මගේ කෘතඥතාව පළ කරන්නත්, ඔහුට දෙවන පියා ලෙස ආමන්ත්‍රණය කරන්නත් මට අවශ්‍ය වුනා. ඒක ලෙන්ගතු වීමක් විතරයි, මේ මාතෘකාවම මට ස්වයං ආවර්ජනය වෙනඅවෙන් විරාමයක් ලබා දෙනවා! ලේකම් කාර්යාලයේ වැඩිහිටියා​ණෙනි, ඉතින් කොහොමද?”

 

හායි ලියැංයී, දැනටමත් දණන් වැටී සිටියේ ය, "මෙය කිසිසේත්ම ​නොකළ යුතු දෙයක්!"

 

ලී ජ්‍යැංහෙන් ගේ මුහුණට ශීතල ජලය ඉසින්නාක් බදු විය " නොකළ යුතඅයි* යන දැඩි වාක්‍ය ඛණ්ඩය ඔහුගේ උද්‍යෝගය යටපත් කරමින් ඔහුව අප්‍රසාදයට පත් කරනු ලැබුවේ ය. අවසානයේ මුහුණේ හැගීම් ඇති කර ගැනීමට පෙර ඔහුගේ ප්‍රකාශය වෙනස්කම් කිහිපයකට භාජනය විය, “මට ලේකම් කාර්යාලයේ වැඩිහිටියා එක්ක වඩාත් සමීප සබඳතාවක් පවත්වන්න එහෙම ආමන්ත්‍රණය කළා පමණයි. ඉතින් මොකක්ද ඒකේ වැදගත්කම?"

 

හායි ලියැංයී පවසන්නට විය , “පටු කොනකට සීමා වූ අධිපතියෙකු විදිහට පරමාධිපත්‍යය ඔබතුමාය්. මේ පැරණි විෂය උපත ලැබුවේ හේජෞ හි කඳු වැටි වලයි. මම ඇත්තටම අහිංසක, පහත් පුද්ගලයෙක් මිස වෙන කිසිවෙක් නෙමෙයි. ගුආංචෙන් අධිරාජයාගේ පියාගේ එකම ආමන්ත්‍රණය මම බෙදා ගන්නේ කොහොමද?! ”

 

ලී ජ්‍යැංහෙන් ගේ මුල් අභිප්‍රාය වූයේ හායි ලියැංයී ගේ මෙන්ම ලෝකයේ සියලුම විද්වතුන්ගේ හදවත් දිනා ගැනීමයි. ඔහු ඉගෙනීමට අගෞරව කරන මෝඩයෙකු නොවන බව තහවුරු කිරීමට මෙය භාවිතා කිරීමට ඔහුට අවශ්‍ය විය. නමුත් ඒ සියල්ල ඔහු කියවා තිබූ පොත් කිහිපයේ පමණක් සඳහන් වූ ඒවාය. හුදු ආමන්ත්‍රණයකින් හායි ලියැංයිගෙන් මෙතරම් දැඩි ප්‍රතික්ෂේප වීමක් විය හැකි බව ඔහු දැන සිටියේ කෙසේද? ඔහු ​ෙ කොටියා පිට යන්නාට බැසීමට අපහසු වන්නා සේ මේ මොහොතේ ඔහුටද දැනෙන්නට විය. හේ හඬාවැටෙන්නට බොහෝ ආසන්නව සිටියේ ය.

 

ලී ජ්‍යැංහෙන් ට එය අවධාරනය කර තමාව තවදුරටත් අපහසුතාවයට පත් කර ගැනීමට නොහැකි වූ නිසා ඔහු මුනිවත රකිමින් ඔප දැමීමට සිතුවේය. ඒ අනුව ඔහු පවසන්නට විය “ලේකම් කාර්යාලයේ වැඩිහිටියා අකමැති නම් ඒක අමතක කරන්න...”

 

"මගේ කැමැත්තත් එයයි," හායි ලියැංයී පැවසුවේ, "පහළ සිටින අය ඉහළ ඉන්න විද්වතුන් ව අනුගමනය කරනවා! දැන් උතුමාණන් අද රාත්‍රියේ මේ පූර්වාදර්ශය නිර්මාණය කර තියෙන නිසා, අනාගතයේදී ඒක අනුගමනය කරන්න උත්සාහ කරන අය ඉඳිවි. ඒක සිදුවෙනකොට , අධිරාජ්‍ය අධිකරණයට බාධා පමුණුවන කුමන්ත්‍රණ සහ කන්ඩායම් හදාගන්න ඔවුන් හවුල් වේවි, එමගින් සමස්ත රාජ්‍යය අනතුරේ  වැටෙනවා. හුආ කන්ඩායමේ නඩුවේ දූවිලි නිරාකරණය වෙලා තවමත් මාසයක් විතරයි. අතීත අත්දැකීම්, අමතක නොකළහොත්, අනාගතය වෙනුවෙන් ඒක හොඳ මාර්ගයක් වේවි. උතුමාණෝ අද රාත්‍රියේ බීමත්ව මිය යන තුරුම මධුවිත පානය කිරීම ඇත්තෙන්ම නුසුදුසු දෙයක්!”

 

ලී ජ්‍යැංහෙන් මත්පැන් බදුන තම දෑතින් තදින් අල්ලාගෙන පහතින් සිටින පිරිස පරික්ෂා බැලීය. ඔහු දෙස කෙලින්ම බලන්නට එඩිතර නොවී හිස පහත් කරගෙන සිටින නිලධාරීන් දුටු විට ඔහුගේ කෝපය තරමක් අඬුව ගියේය. ඔහුට හායි ලියැංයී ගැන කෝප ගැනීමට නොහැකි වූ නමුත් අද දිනයේ දී ඔහුගේ මාර්ගය වැරදි බව පිළිගැනීමට ඔහුට අවශ්‍ය නොවීය. ඔහු මේ මකර සිංහාසනය මත නොසන්සුන්ව අසුන්ගත්තේ ය. සියලු ජීවීන්ගෙන් යටහත් පහත් හැසිරීමේ සතුට රස විඳි ඔහු කැමැත්තෙන්ම වාරණයකට විවෘත වන්නේ කෙසේද?

 

 අධිරාජයා ඔහු ය.

 

ලී ජ්‍යැංහෙන් ගේ දෑස් ඒ වන විටත් එය විඳදරාගැනීම නිසා රත්පැහැ වී තිබුණි. ඔහු අවසන් වශයෙන් මත්පැන් මුව පුරා පානය කළේ ය. “... අපි මේ කාරණය අතහරිමු. ලේකම් කාර්යාලයේ වැඩිහිටියට ඔහුගේ අසුනට යාමට උදව් කරන්න.

අද රාත්‍රිය ඔහුට අවවාද කිරීමට කාලය නොවන බව හායි ලියැංයී දැන සිටියේය, නමුත් ඔහුගේ අවංක සහ විවෘත ස්වභාවය වෙනස් කිරීමට අපහසු විය. "මට තවම කියන්න දෙයක් තියෙනවා."

ලී ජ්‍යැංහෙන් තම තොල් තද රේඛාවකට තද කර ගත් අතර කිසිවක් කීවේ නැත.

උත්සව ශාලාවේ නිශ්ශබ්දතාවයක් රජ විය. ප්‍රතිචාරයක් නොදුන් හායි ලියැංයී  දිගටම දණින් වැටී සිටියේ ය. ඔහු දැන් සිටියේ අබලන් තත්ත්වයකය.බ කිසිවෙක් ඔවුන්ගේ ආහාර කූරු ඇල්ලුවේ නැත. වාද්‍ය භාණ්ඩවල සංගීතය පවා නතර වී තිබුණි.

එක්වරම “ක්ලෑං” හඬක් නැඟුණි.

ෂ්‍යාඕ චීයේ ඔහුගේ ආහාර කූරු ඔහුගේම මේසයේ තබා ශබ්ද නගමින් සිනාසුණේ ය, “ලී ජ්‍යැංහෙන් සහ ලේකම් කාර්යාලයේ වැඩිහිටියා අතර සම්බන්ධය දැකීම මට සතුටක්. අධිරාජ්‍යයා සහ ඔහුගේ යටත්වැසියන් රාජ්‍ය කටයුතු පිළිබඳ සහයෝගයෙන් සිටීම, ඒවගේම සිල්වත් පාලකයා සහ සිල්වත් විෂය කියන්නේ මෙයට වඩා වැඩි දෙයක් නෙමෙයි, ඒනිසා පුරාණ කියමනට අනුව. ඒවගේ ඥානවන්ත පාලකයෙකු සහ උසස් නිලධාරියෙකු දජෞ වල හිඳිමෙන් අදහස් වෙන්නේ සෞභාග්‍යයේ යුගය ඉක්මනින් අපිට ළඟා වේවි කියන එකයි."

 

"උතුමාණන් භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම සහ විවේචනවලට ප්‍රතිචාර දැක්වීම නිලධාරීන්ගේ ආශිර්වාදයයි." ෂුඒ ෂ්‍යුජුඕ සව්දිය සඳහා ඔහුගේ කුසලානය එසැවූයේ ය, “අද රාත්‍රිය අලුත් අවුරුද්ද ලබනවා. ඇයි මේ පූජනීය උත්සවයෙදි සව්දිය පූජා නොකරන්නේ?”

 

නිලධාරීන් කණ්ඩායම මත්පැන් කුසලාන ඔසවා එක හඬින් සුබ පැතුවෝ ය.

 

සුබපැතුම් සහ ප්‍රාර්ථනා හඬ මධ්‍යයේ ලී ජ්‍යැංහෙන් ට මද සැනසීමක් දැනුනි. තවමත් දණින් වැටී සිටින හායි ලියැංයී දුටු ඔහුට සුසුමක් හෙළීමෙන් වැළකී සිටීමට නොහැකි විය. "ලේකම් තුමනි, කරුණාකර නැගිටින්න."

අර්බුදය මඟහැරීමත් සමඟම, වැන්දඹු  අධිරාජිනිය ඇය කතා කරන්නට පෙර ෂ්‍යාඕ චීයේ දෙස මොහොතක් බලා සිටියාය, “මිනිසෙකුගේ ජීවිත කාලය පුරාවටම පවුලක් ආරම්භ කිරීම සහ තම වෘත්තිය ස්ථාපිත කිරීම වැදගත් බව පවසනවා. ස'අන්ට විවාහ ගිවිස ගන්න අපේක්ෂකයෙක් සිතේ ඉන්නවද?

 ශෙන් ස'චුආන්  ෂ්‍යාඕ චියේ දෙස බැලූ විට ඔහුගේ දෑස්වල දිලිසීමක් සනිටුහන් වෙන්නට විය.

ෂ්‍යාඕ චීයේ  සුළු සිනහවක් හෝ නොමැතිව පිළිතුරු දෙන්නට විය, “අධිරාජිණියට පිළිතුරු දෙනවා, මම දැන් සිටින විදිහට මා සමඟ විවාහ වෙන්න චූදුවල ඉන්න උතුම් කාන්තාවන්ගෙන් කවුරු කැමති වෙන්න ද? අනික, පවුලක් වෙන එක මගේ බලාපොරොත්තුවක් නෙවෙයි.”

වැන්දඹු අධිරාජිනිය, “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා නිහතමානී වැඩියි. වර්තමානයේ අගනුවර ඉහළට පැමිණෙන අය ඉතා ස්වල්පයයි ඉන්නේ. ඔබේ පෙනුමත් එක්ක, ඔබ නැගෙනහිර වීදියේ පාලම පසු කරන විට පවා ඔබව කැඳවන සුරූපිනියන් ඉන්නවා ඇති. පරම්පරාගත කුමාරයා, ඔබ ඔහුව තේරුම් නොකළොත් නම්, එය ප්‍රමාද වැඩි වේවි."

 

ෂ්‍යාඕ ජීමිං ද සිනාසෙමින් පිළිතුරු දුන්නේ ය, “ගෙදර ඉන්න මගේ ආදරණීය පියාණන් හිතන්නේ ඔහුගේ ගතිගුණ තවමත් අස්ථාවරයි කියලා. ඔහු යම් පවුලක තරුණියකගේ විවාහය සහ ජීවිතය නවත්වාවි කියලා ඔහු බිය වෙනවා."

වැන්දඹු අධිරාජිනිය නැවත වරක් හිස පසෙකට හරවා සිනහවකින් ලී ජ්‍යැංහෙන් දෙස බැලුවාය. “බලන්න ඔවුන් එ​ක් ආයෙවත් හදිස්සි නැති හැටි. ලිබෙයි කුමරු මේ වයසේදී විවාහ වෙලා අවුරුදු තුන හතරකුත් ගත වෙලා.

ලී ජ්‍යැංහෙන් පෙර තත්වයෙන් පැමිණ නොතිබූ අතර, මේ මොහොතේ ඔහුට අඩුවක් දැනුනි. වැන්දඹු අධිරාජිනිය දෙස බැලීමට නිර්භීත නොවී, ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා පිළිතුරු දුන්නේ ය, “මෑණියන් දන්නෙ නැතුව ඇති , 'අන් ස්වභාවයෙන්ම නොසැලකිලිමත් අයෙක්. චූදුවල සාමාන්‍ය වංශවත් කාන්තාවකට ඔහුට විරුද්ධව නැගී සිටීමට නොහැකි වේවි."

ඔබට එහෙම කියලා හොඳ හේතුවක් නොමැතිව ඔහුගේ විවාහය ප්‍රමාද කරන්න බැහැ.” වැන්දඹු අධිරාජිනිය තවදුරටත් මෙසේ කීවාය. වංශාධිපති හේලියන් ගේ දියණිය, අණදෙන නිළදාරි ජාඕයුඒ ගේ කුමරිය ස'අන්ගේ වයසෙම බව මම දන්නවා. ඒක හොඳ තරගයක්.”

වංශාධිපති හේලියන් යනු චුආංචෙන් හි වංශාධිපතියෙකි. ඔහු අෂ්ඨ මහා වංශවලින් එකක් වූ ෆෙයි වංශයේ සාමාජිකයෙකි. වැන්දඹු අධිරාජිනිය ඇත්ත වශයෙන්ම තත්ත්‍වයට හොඳින් ගැලපෙන විවාහ යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

වංශාධිපති හේලියන්, ෆෙයි කුන්, වහා සව්දිය පුරවා ෂ්‍යාඕ ජීමිං දෙස බැලීය

ෂ්‍යාඕ චීයේ සිතුවේ වැන්දඹු අධිරාජිනිය හුආ ශියැංයී ගේ විවාහය ගැන භෝජන සංග්‍රහයේදී කතා කරනු ඇති බවයි. ඒ වෙනුවට මෙවර සාකච්ඡාව සෘජුවම තමා වෙත​ට එල්ලවනු ඇතැයි ඔහු අපේක්ෂා කළේ නැත. එකහෙළාම ප්‍රතික්ෂේප කිරීම විකල්පයක් නොවුණත්, ඔහුට කෙළින්ම අවුල් සහගතව විවාහ වීමටද නොහැකි විය.

 

ලී ජ්‍යැංහෙන් ද අසු විය. මොහොතකට විස්මයට පත් ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා ගොත ගසමින්, "මම... අණදෙන කුමරිය ජාඕයුඒ..." මොළයේ තරංගයකින් පහර වැදුනාක් මෙන් ඔහු පවසන්නට විය, "ජාතිය තවමත් ශෝකයේ පසුවෙනවා. මේ වෙලාවේ විවාහයන් ගැන කතා කරන එක සුදුසු නෑ කියලා මට හිතෙනවා.”

 

විවාහයට ප්‍රතිඥා දීමත් විවාහය සම්පූර්ණ කිරීමත් එකක්. පහුගිය කාලේ අපිට හොඳ කාලයක් තිබුණේ නැහැ. අපට මුලින්ම විවාහ ගිවිස ගැනීම නිවැරදි කරලා,  චාරිත්‍ර පවත්වන්න සුබ දවසක් එනකල් ගිම්හාන කාලය එනතුරු බලා ඉන්න පුළුවන්." වැන්දඹු අධිරාජිනිය ආදරයෙන් එකතු කරන්නට විය., “ජාඕයුඒ සහ ශියැංයී සමීප මිතුරියෝ. දෙදෙනම එකටම විවාහ වෙනවා නම් අගෙයි.”

 

හුආ ශියැංයී විවාහ වීමට යන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඇය දැඩි ලෙස මුනිවත රකිමින් හිද අණදෙන නිලධාරිවරයාගේ  ජාඕයුඒ කුමරිය ෂ්‍යාඕ චීයේ වෙත තල්ලු කළාය. ෂ්‍යාඕ චීයේ ගේ විවාහය රාජ්‍ය කටයුත්තක් ලෙසත් හුආ ශියැංයී ගේ විවාහය පෞද්ගලික කාරණයක් ලෙසත් ඇය සැලකූ බව මෙයින් පැහැදිලි විය.

 

චී ජූයින් ගේ ප්‍රකාශය ගාම්භීර විය, නමුත් අනපේක්ෂිත ලෙස ප්‍රමාණවත් තරම්, ඇය කිසිවක් කීවේ නැත.

මෙය දුටු ලූ ගුඅන්බායි එය එතරම් හොඳ නැති බව දැන සිටි අතර චී ශීයූ දැනටමත් ඔහුගේ අනුමැතිය ලබා දී ඇති බව අනුමාන කළ අතර කිසිවක් නොකියන ලෙස චී ජූයින් ට පැවසීය. කෙසේ වෙතත්,  කුමරිය සමඟ විවාහ වීම සම්පූර්ණයෙන්ම අවුල්සහගතය. මෙම විවාහය තීරණය කරනු ලැබුවේ නම් සහ අධිරාජිනිය ජාඕයුඒ ගේ තත්ත්වය කුමරියට ලබා දුන්නේ නම්, ෂ්‍යාඕ චීයේ විවාහ වනු ඇත්තේ කුමරියක් සමගිනි. නමට පමණක් තිබූ දජෞ හි බිරිඳකට බලයක් නැත. එය ෂ්‍යාඕ චීයේ ගේ චූදු හි ඔහුගේ හමුදා බලය අහිමි කරනු ඇත, එය ඔහුව සිරගත කරනු ඇත.

 

ෂ්‍යාඕ චීයේ ගේ උගුරේ තිබූ මත්පැන් ඇවිලෙන ගින්නක් මෙන් දැවී ගියේය. ඔහු ඒ වන විටත් තම දෙපයින් නැඟී සිටි නමුත් පසුව ඔහු දුටුවේ වැන්දඹු  අධිරාජිණිය නැවතත් සිනාසෙන ආකාරයයි.

 

පරම්පරාගත කුමාරයා විවාහ වී ඉන්නේ බ්‍යැජුන් අණදෙන නිලධාරියාගේ ලූ වංශයේ බ්‍යැජුන් ​ප්‍රධානියගේ දියණිය සමඟ යි. ඔබේ පුංචි පුතාට දැන් අවුරුදු හතරක් පහක් විතර ඇති නේද?”

 

ෂ්‍යාඕ ජීමිං පිළිතුරු දුන්නේ ය, " අධිරාජිණියට පිළිතුරු දෙනවා ඔහුට දැන් වයස අවුරුදු හතරයි."

 

"මුණුපුරු-උරුමක්කාරයාට දැනටමත් වයස අවුරුදු හතරයි, නමුත් ජෙනරාල් ලූට තවමත් බිරිඳක් නැහැ." වැන්දඹු අධිරාජිනිය ලූ ගුඅන්බායි දෙස බලා තවදුරටත් පැවසුවේ ය, “බ්‍යැජුන් කියන්නේ කාන්තාර දේශයක්. සේනාධිපතිතුමාට එය ආරක්ෂා කිරීම සහ ආරක්ෂා කිරීම පහසු දෙයක් නෙමෙයි. ඉක්මනින් පවුලක් ආරම්භ කරන එක ඔබේ සැලකිල්ල අඩු කරනවා. ප්‍රධානි ලු , මට පේන්නේ පරම්පරාගත කුමාරයාට සමාන වයසක කෙනෙක් කියලයි. ඇයි? පවුලක් ආරම්භ කරන එක සේනාධිපතිගේ අපේක්ෂාව නෙමෙයි ද? ”

 

ලූ ගුඅන්බායි ට මොහොතකට වචන අහිමි විය. “අධිරාජිණියට පිළිතුරු දෙනවා——”

 

වැන්දඹු අධිරාජිනිය තවදුරටත් කියා සිටියා ය, “ජාඕයුඒ ගේ ස්වභාවය ප්‍රිතිමත් හා සෙල්ලක්කාරයි. අවංකවම කියනවනම්, 'අන් ඇත්තෙන්ම තරමක් නොසැලකිලිමත් අයෙක් තමයි. සේනාධිපතිවරයා ඒ වෙනුවට වඩා විශ්වාසදායක බව පේනවා. ස'අන්, ඔබ ඒ ගැන හිතන්නේ මොනවද? ”

 

ෂ්‍යාඕ චීයේ ජාඕයුඒ කුමරිය සමඟ විවාහ නොවූයේ නම්, ඇයව විවාහ කර ගැනීම ලූ ගුඅන්බායි මත පැටවෙනු ඇත. භෝජන සංග්‍රහයේ ඇති වූ මෙම හිසරදය හරියටම ඔහු උභතෝකෝටිකයකට පත් කරන්න ට අදහස් කරන ලද්දකි.

 

චාරිත්‍ර අමාත්‍යාංශයෙන් කෙනෙකුට අල්ලස් දෙන්නට ෂ්‍යාඕ චියේ ඒ වන විටත් ෂාඕ හුයි යවා තිබුණි. වැන්දඹු අධිරාජිණිය අද රාත්‍රියේ ඇගේ මුව ව්වර කළ පසු, හුආ ශියැංයී යනු චී ශීයු දුරස්ථ ඥාතියෙකු බවට ඔහු සාක්ෂි දෙනු ඇත. යෝග්‍යතා නීතිය සහ ජ්‍යෙෂ්ඨත්වයේ විශාල පරතරයක් සමඟ, මේ විවාහය දෙදරා යනු ඇත. එහෙත් වැන්දඹු අධිරාජිනිය ඔහුට කිසිසේත් විරුද්ධ වීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත. අද රාත්‍රියේ ඔහුගේ විවාහය භාර දෙනු ඇතැයි අනුමාන කළේ කවුද?

 

 ශෙන් ස'චුආන්   දෑස් වල පෙනුම ෂ්‍යාඕ චීයේ දුටුවේ මේ මොහොතේය. මේ දරුණු සහිත ප්‍රශ්නය ඔවුන් මතට පැමිණියේ දෙදෙනාම සියල්ලන්ගේම සෝදිසිය මත සිටින විටය, ඔවුන්ගේ දෑස් එක මොහොතක කෙටි කාලයකදි මුණගැසුණේ ය.

 

ෂ්‍යාඕ චීයේ පියවරක් ඉදිරියට ගොස්, "උතුමාණන්ට පිළිතුරු දෙනවා" යැයි පැවසුවේ ය.

රාජකීය රස පරීක්ෂක නපුංසකයා රාජකීය මුළුතැන්ගෙය වෙනුවෙන් බඳුන් මාරු කරමින් සිටියේය. ඔහු බෙදීය යුතු ආහාර කොටස යටහත් පහත් ලෙස බෙදා, තමාට අතක් පමණ දුරින් සිටි ලී ජ්‍යැංහෙන් දෙස බැලීමට පෙර ආහාර කූරු අතට ගත්තේය.

ඔවුන්ගේ ගැටුමට ඇහුම්කන් දුන් ලී ජ්‍යැංහෙන් තවමත් තීරණයක් ගෙන සිටියේ නැත. තමා අසල සිටි නපුංසකයාගේ චලනය අඩු බව දැනුණු ඔහු එදෙසට බැල්මක් හෙළා, “ඇයි ඔබ සිටගෙන සිටින්නේ” යැයි විමසුවේ ය.

ඇසිපිය හෙළන සැණින්, නපුංසකයා රන්වන් පැහැති ආහාර බඳුන තද කර, ඔහුගේ හස්තය අකුණු සැරයක වේගයෙන්, ලී ජ්‍යැංහෙන්ගේ ගෙල දෙසට ඇන්නේය!

එය කෙතරම් හදිසියේ සිදු වූවාද යත්, ලී ජ්‍යැංහෙන් ට ප්‍රතිචාර දැක්වීමටවත් වෙලාවක් නොතිබුණි. ඔහුට කළ හැකි වූයේ ඒ ආහාර කූරේ තුඩ තමන් දෙසට ඇනෙන අයුරු අසරණව බලා සිටීම පමණි. ඔහුගේ දෑස් තුළ වූ බිය පැතිඩරන් විට ඔහුගේ මුළු සිරුරම දැඩි ව ගියේ ය. ඔහුට ඇඟිලි සෙලවීමටවත් නොහැකි විය.

ගෙවි ගිය තත්පරයේදී සෑම කෙනෙකුගේම මුහුණු වලින් වර්ණය ඉවතට ගියේය, ශෙන් ස'චුආන්  ඒ වන විටත් යැං ශං ෂුඒ සියතට ගෙන තිබුණි. සෘජු තලයේ සීතල දිලිසීම කාලය හරහා ඇදී ගියේ ය.

හැකි තරම් උස් හඬින් කෑගැසූ ලී ජ්‍යැංහෙන්ගේ උගුර හිර විය. ඔහු එසේ කළ සැණින්, ඔහුගේ සිවුරේ ඉදිරිපස සහ වාටිය මත උණුසුම්, නැවුම් ලේ වැගිරෙන්නට විය. ලී ජ්‍යැංහෙන් ඔහඅට හැකි උපරිම ශ්‍රමයෙන් වෙර යොදා කෑගැසුවේය, "මාව ආරක්ෂා කරන්න-"

නපුංසකයාගේ හිස පෙරුළි විත ලී ජ්‍යැංහෙන් ගේ සිරුර දෙසට පතිත විය. ලී ජ්‍යැංහෙන් මකර සිංහාසනයේ දෙපසම වාරුව සඳහා තදින් අල්ලාගෙන සිටියේ ය.

මේ අධික රුධිර ගන්ධය යට ඔහු බලා සිටියේ තමා දෙසට පෙරළෙමින් තිබූ ඒ හිස නැති කවන්ධය කවුරුන් හෝ අල්ලා ගන්නා අයුරුය.

ශෙන් ස'චුආන්  ශරීරය පසෙකට දමා උදාසීන ලෙස හැරී “උතුමාණන්ව ආරක්ෂා කරන්න!”

' චිංචිං වහාම තම කඩුව ඇද ගත්තේය. රාජකීය ආරක්ෂක භටයන් බලකොටුවක් , අපරාජිත නගරයක් මෙන් අධිරාජ්‍ය හමුදාව ඉදිරියේ සිට ලි ජ්‍යැංහෙන්ගේ ප්‍රධාන පලිහ බවට පත්වන විට හිම-සුදු බැබළීමක් 'ස්විෂ්' හඬක් සමඟ වාතය හරහා ගියේය.

ඔවුන් අතර සිටි අධිරාජ්‍ය ආරක්ෂකයින් සමඟ, ශෙන් ස'චුආන්   මුහුණ දකින්නට පෙර ෂ්‍යාඕ චියේට හිස ඔසවා බැලීමට සිදු විය.

ඔවුන් හැම දිනකම පවත්වාගෙන ගිය මිත්‍රත්ව සමබරතාවය අවසානයේ මේ මොහොතේම බිඳ වැටී තිබුණි. ශෙන් ස'චුආන්  ඉහළ සිට ඔහු දෙස බලා අර්ථවත් සිනහවක් පෑවේය. ඔහුගේ දෑස් වල වූ ඒ ප්‍රකාශය ෂ්‍යාඕ චීයේ ගේ ළය පාගා දමන තරම් දැඩි විය.

ශෙන් ස'චුආන්  ඉහළ සිට ඔහු දෙස බලා අර්ථවත් සිනහවක් පෑවේය. ඔහුගේ දෑස් වල වූ ඒ ප්‍රකාශය ෂ්‍යාඕ චීයේ ගේ ළය පාගා දමන තරම් දැඩි විය.

 

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-