“එදා හරිම ශීතල දවසක්, ඝන අදුරු වලාකුලුත් සුළගත් හමාගිය. මේ සේවකයා විවිධ ආශිංසන රසකැවිළි විවිධ රාජකීය භාර්යාවන්ට පිළිගන්වමිනුයි සිටියේ. මම කයිවෙයි මාලිගයෙන් පිටතට පැමිණෙනකොට, මම දුටුවා රාජකීය මූ න්යන් න්යන් බිසව පිටතට යන ආකාරය, ඉතිං මම පිත්තියේ පසෙකට වී ඉවත්වුණා. ඒ වෙලාවේ මට ඇසුණා කවුරුන්හෝ අයෙකුට තරවටු කරනවා වගේ.මම ඒ දෙසට එබිලා පරික්ෂා කරද්දි දැක්කා කයිවෙයි මාළිගයේ ප්‍රධාන නපුංසකයා ෆූ ලිං නැන්දණිය සමග වාද කරන්නා බව.”
“පළමු නඬු විභාගයේදී ඔබ මේ ගැන නිහඬව පසු වුණේ ඇයි?
ලේඛන පටිගතකරණයේ හඬ ඇසෙන්නට ශාලාව නිහඬතාවයේ ගිලුනේ ය. එහි දැල්වී තිබුණේ ආලෝක පහන් කිහිපයක් පමණකි. දින කිහිපයක් තිස්සේම මේ පිළිබඳ අධීක්ෂණය කළ කොං ච්‍යු , බලවත් තේ පැන් වාර කිහිපයක්ම පානය කළේ ය. මේ මොහොතේ දී , යින්ජු , ඔහු පසෙකින් ශාලව තුල දණගසා සිටි පුද්ගලයා සිය දෑත් තදින් අල්ලාගත්තේ ය.
යින්ජූ ගේ මුව විවර වී වැසි ගියේ ය. “උතුමාණන්ට පිළිතුරු දෙනවා, මේ සේවකයා සිතුවේ එය නඬුවක් විදිහටයි. ඒවගේම ඒ දවසේ තිබුණු දැඩි සුළං සහිත වාතාවරණයනිසා මට ඔවුන් දබර කරගන්නා කිසිවක් පැහැදිලිව ඇසුණේ නැහැ. ඉතිං මම බිය වුනා මම වැරදි යමක් ප්‍රකාශ කරාවි කියලා.”
“ප්‍රශ්ණය ඒකනම් , ඇයි ඔබ දැන් හදීසියේම ඒ ගැන කරදරවෙන්නේ?” ෆූ ලින්යේ විමසුවේ ය.
යින්ජූ තම වස්තුයේ කොනක් අඹරමින් සිය උගුරෙන් ඛේටය පහළට යවාගත්තේ ය. ඔහු සිය සිහින් හඬින් පිළිතුරු දීමට පෙර ඔහුට මහත් වෙහෙසක් දරන්න සිදු වී තිබුණි, “මම බන්ධනාගාරයේ මුත්තනුවන් අතින් පහරකෑමට බොහෝ බිය වුණා… මාව බන්ධනාගාරයට දැමූ වෙලාවේ ඉඳන් , මට හැම රාත්‍රියකදී ම කසයෙන් පහර දෙන ශබ්දය ඇසුණා . මේ සේවකයාගේ භාරකාර පියාණන් සියල්ල පාපොච්චාරණය කර අඬකදීම පහර කා මියගියා. මේ සේවකයා දැන් ඇත්තටම බිය වෙලයි ඉන්නෙ…”
"ඔබ සිටින්නේ බරපතල ප්‍රශ්න කරන ස්ථානයකයි. ඔබ තව තවමත් එහා මෙහා යන්න කොතරම් නිර්භීතද?!" ෆූ ලින්යේ ඔහුට තරවටු කරන්නට විය.
යින්ජූ කෙතරම් බියට පත් වුනාද කියනවා නම් , ඔහුව වල මෙන් සහ ගොත ගසමින් බිම දණ ගසන්නට විය , “මේ සේවකයා … ඇය මේ තරම් නින්දිත ක්‍රියාවක් කරාවි කියලා දැන සිටියේ නැහැ!”
“දරුණු වධ හිංසා යටතේ පාපොච්චාරණය කර පහර දීම පහසු දෙයක්. මේ පුද්ගලයාගේ වචන විශ්වාස කරන්න බැහැ." ෆූ ලින්යේ කොං ච්යුට පැවසීය. “මෙිවගේ පාපොච්චාරණයක් අධිරාජ්‍යයා ඉදිරියේ ඉදිරිපත් කරන්නේ කොහොමද?”
“තුන්වන නඩු විභාගයේ සවිස්තරාත්මක සාකච්ඡා සියල්ල ලිඛිතව සටහන් කර තිබෙනවා. එය ඇත්තක් වුනත් නැතත්, අධිරාජයාණන් විසින්ම ඒ පිළිබඳව ප්‍රකාශ කරාවි.” කොං ච්‍යු පැවසීය. "ප්‍රකාශය පිටපත් කර සංස්කරණය කළ පසු, ලේකම් කාර්යාලයේ වැඩිහිටියටත් එහි පිටපතක් අවශ්‍ය වේවි."
නඩුව මෙතරම් දුරට පැමිණීමෙන් පසු චෙං යාඕජින් මේකට සම්බන්ධ වනු ඇතැයි ෆු ලින්යේ කිසිවිටෙකත් නොසිතුවේය. ඔහු විසින් ෂ්‍යාඕ දීයේට මෙවර පහර දිය නොහැකි බව විශ්වාස කළ නිසා ඔහු මෙවර ඔහුව පාගා දමන්නට උත්සාහ කළා විය හැක. යුආන් ල්‍යු ගේ නාමය ද එතරම් පිරිසිදු එකක් නොවිණි , ෂ්‍යාඕ චීයේට ද එතරම් පිරිසිදු නාමයක් නොතිබුණි. කවුද මිතුවේ සයිවෙයි මාළිගය පවා මෙයට සම්බන්ධ වනු ඇති බව? මෙය නම් අනර්ඝය. සියල්ලෝම අපිරිසිදු පුද්ගලයෝ විය. ඔවුන්ට තවදුරටත් මේ නඩුව ගැඹුරින් විමර්ශනය කළ හැකිද?
ෆූ ලින්යේ ට යින්ජූ සරල මිනිසෙකු නොවන බව ඉඳුරා කිව හැකි විය.. ඔහු මේ පිළිබඳව පවසන්නට තුන්වන නඩුවාරය එතෙක් බලා සිටියේය . බොහෝ දුරට , යමෙකු ඔහුව මෙහි යොදවා තිබෙන්නට ඇත!
ෆූ ලින්යේ කනස්සල්ලෙන් දැවෙමින් සිටියේය. ඔහු වෙයි හුඅයිෂින් වඩා වෙනස් පුද්ගලයෙකි. ඔහුට පසෙකින් වෙයිඉවංශයේ සිටියේ ය. වෙයි හුඅයිෂින්ම එය පැහැදිළි නොකරන්නේ නම් වෙයි වංශය තවත් වංශයකින් බැඳි තිබෙනවා විය යුතුය. අවසානයේදි ඔහු අවසන් වනු ඇත්තේ විමර්ශනයේ ප්‍රතිඵලය මත පදනම් වූ දඬුවමකින් පමණය. නමුත් ඔහු ගැන කුමක් පවසන්නද? මෙහි ඇදවැටෙන්නට කවත් වංශයක් ඉතිරිව නොතිබුණි.
ඔහුගේ මුහුණ හැගීම් කිහිපයකටම භාජනය වෙනවා දුටු කොං ච්‍යු පවසන්නට විය , “සයිවෙයි මාළිගය රාජකීය භාරියාවකට අදාළ දෙයක්. අපි අමාත්‍යවරු හැටියට මේ ගැන සොයා බලන එක එකරම් යහපත් නැහැ ,ඒ නිසා අපි මේ පිළිබඳව අධිරාජ්‍යයා ඉදිරියේ කතා කරමු. ගෞරවනීය ෆූ, ඔබ ගිහින් මඳක් විවේක ගන්න. අපි නැවතත් අධිරාජ්‍යයා ඉදිරියේදි හමුවෙමු .”
ෆූ ලින්යේ දෙපයින් නැගී සිටියේ ය . ඔහු කනස්සල්ලෙන් යුතු වූවද, ඔහු කොං ච්‍යු අමාත්‍යවරයාට දෙඅක් එක් කර ආචාර කරමින් පසු බසිද්දී ඔහුගේ මුවේ සිනහවක් ඇදී ගියේ ය.
මේ මොහොතේ දී,අහස අදුරු වී තවත් ශීතල පරිසරයක් ඇතිවී තිබුණි. ෆූ ලින්යේ අස් ගොව්වා ව කැඳවූයේ ය. කරත්තය ඖහුආ මණ්ඬපය දෙසට වේගයෙන් ධාවනය වෙත්දී එහි රෝද වලට හිම තුහින පොඩිවී යන්නට විය..ඔහු මිය වතෙහි වූ වස්ත්‍රය හැඩ ගස්වාගනිමින් ඉක්මනින් ඉහළ මහලට යන්නට විය.
ෂී හොංෂුආන්, ඔපෙරාඉතනූ පිළිබඳ ප්රවිණයෙකුඉවූ හේ , මේ වන විට ශෙන් ස'චුආන් සමග යම් කිරණයක් කතා කරමින් සිටියේ ය. ආරක්ෂක නිළ ඇදුම නිසා වෙහෙසට පත්ව සිටි ශෙන් ස'චුආන් මේ වන විට සැහැල්ලු කර සහිත දුහුල් ඇදුමකට මාරුවී සිටි අසුනට හේත්තු වී , සියතේ වූ විජිණිය දිඟ හරිමින් වසමින් සවන් දෙන්නට විය.
ෆූ ලින්යේ ශෙන් ස'චුආන් ද එහි පැමිණි සිටිනු ඇතැයි කිසි සේත්ම අපේක්ෂා කළේ නැත.
ශෙන් ස'චුආන් සිය විජිනි මත මෘදුව වසා දමමින් ෆූ ලින්යේ ගේ කණගාටුදායක ස්වභාවය නොදුටුවා සේ හිදින්නට විය. ඔහු නැගී සිට ඔහුට ආචාරය පුද කළේ ද නැත. ඔහු සිනහවකින් සංග්‍රහ කළා පමණකි, “වාරණාධිපතිතුමනි, ඔබ පැමිණියේ මදක් ප්‍රමාධ වෙලා. ඔබට අනර්ඝම කාලය මග හැරිලා ගිහින්.”
ෂී හොංෂුආන්ට මද අමනාපයක් දැනුනේ ය. ඔහුගේ සේවකයන් ඉක්මනින් ද්වාරය වසා දැමුවෝ ය. ඔහුද නැගී සිටියේ නැත, ඔහු ෆූ ලින්යේ ට තනිවම හසුන් ගන්නට ඉඩ දුන්නේ ය, “ලින්යේ, ඇයි ඔබ මෙතනට ආවේ? ඔබට තිබුනේ ඔබ පැමිණෙන බව කවුරුන් අතහොි දන්වා එවන්නයි! අනිත් එක එය සු්ය පියවරයන් කිහිපයක් විතරවි. ඔබ මේ තරම් කලබල වෙලා ඔබවම අපකීර්තියට පත් කර ගන්නෙ ඇයි? ”
ෆූ ලින්යේ ෂී හොංෂුආන්ට වඩා වයසෙන් වැඩි විය, ඔහුගේ නිළයද ෂීඉහොංෂුආන්ට වඩා ඉහළ තරාතිරමක විය. එහෙත් දැන් ෂී හොංෂුආන් විසින් තරවටු කරනු ලැබුවේ කනිෂ්ඨයෙකුට බැණ වදින්නාක් මෙනි. මෙය ඔහු නොසතුටට පත් කළේය. ෂී හොංෂුආන් තමාවම ඉතා උසස් හා බලවත් ලෙස සලකා කටයුතු කරන ආකාරය ඔහු පිළිකුල් කළේය.
“ඒක ඇත්තටම හුගක් හදිසි කාරණයක්!” ඔහු පැවසුවේ ඒ බැනවැදීම නෑසුනාක් සේය. ඔහු හසුන්ගන්නට සිය වස්ත්‍රය ඉහළට කළේ ය. ඔහු පැවසුවේ ය. “මම අධිකරණ අමාත්‍යාංශයෙන් පිටතට ආ ගමන්ම මෙතනට දුවගෙන ආවා. ඒ නිසා හදිස්සියක්ද නැත්ද කියලා ඔබයි මට පවසන්න ඕනේ.”
ෂී හොංෂුආන් ඒ පිළිබඳ ඇසුවේ ඉන් පසුවය., “මොකක් ද ප්රශ්නය?”
ෆූ ලින්යේ ශෙන් ස'චුආන් දෙස බැලුවේ ය.
ශෙන් ස'චුආන් සිය විජිණිපත ඔසවන්නට විට, “මමයි මෙතන තදින් හැසිරුණේ.”
එය පවසමින්ම, ඔහු නැගිටින්නට උත්සහ කළේ ය.
ෂී හොංෂුආන් කලබලකාරි ලෙස පවසන්නට විය, “ලන්ජෞ, ඔබ මොනවද කරන්නේ? ඉඳ ගන්න. අපි ඉන්නේ එකම නෞකාවේ, ඝන සහ මෘදු කාලගුණය තිබෙන. ඔබට සවන් දිය නොහැකි මොනවටද? ලින්යේ, ඉතිං මට පවසන්ල! ඔබ මේ ශෙන් ලන්චෞව හඳුනා ගන්නේ නැද්ද? ඔහු තමයි අපේ ෂී වංශයේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා!”
ෆූ ලින්යේ මුලින් දුටුවේ ශෙන් ස'චුආන් දිවි ගලවා ගැනීමට උත්සාහ කරමින් ෂී වංශය වෙනුවෙන් වෙහෙස වූ ගෝලයෙකු ලෙස පමණ ය. එහෙත් ෂී හොංෂුආන් ඔහුව මෙතරම් අගය කරන බව කවුද දැන සිටියේ?
නමුත් අද රාත්‍රියේ ෆූ ලින්යේ පැමිණ තිබුණේ වැරදි වේලාවක ය. ඔහු මදක් කලින් පැමිණියා නම්, හෝ ටිකක් පසුව පැහිණියා නම්, ෂී හොංෂුආන් ශෙන් ස'චුආන් ගැන මෙතරම් ඉහළින් කතා නොකරනු ඇත. නමුත් ඔවුන් යාඕ වංශය මර්දනය කිරීමේ පසු විපරම් සැලැස්ම අවසන් කළේ යන්තමිනි, ඉන් පසුව සිදු කළේ සිදුර වසා දැමීම පමණකි. ෂී හොංෂුආන් ශෙන් ස'චුඇන්ට නිසි ගෞරවය ලබා දුන්නේ ය.දැන් ඔහුව උසස් ස්ඛානයක තබා ඇති බැවින් අනාගතයේදී ඔහුට අවශ්‍ය පරිදි ඔහුට තම මිතුරා යැයි පැවසීමට නොහැකි වනු ඇත.
ෂී හොංෂුආන් සිනහසෙමින් ෆූ ලින්යේ දෙස බැලුවේ ය. ඔහුට අවශ්‍ය වන්නෙ කුමක්දැයි ඔහු දැන සිටියේ ය, ෆූ ලින්යේ වහා පවසන්නට විය, “ගෞරවනීය විනිසුරුතුමනී, නරුණාකරලා අසුන්ගන්න.”
ෂී හොංෂුආන් සිය පාද ඔසවා ව්යාඝ්ර සම මත තබාගත්තේ ය, “කියන්න. මොකක්ද හදිස්සිය?”
ෆූ ලින්යේ පවසන්නට විය, “ මම අධිකරණ අමාත්‍යශයේ විනිශ්යකයි හිටියේ , මට අහන්න ලැබුණා ගුයිශෙං ව ඝාතන තැතට පොළඹවපු ෆූලිං සයිවෙයි මාළිගයට සම්බන්ධ බව අසන්න ලැබුණා. දෙවන තරුණ ස්වාමියා , උපභාර්යා මූ න්යැන් න්යැන් සමඟ වාසය කළ අයෙක්. හෙට උදෑසන මේ පිළිබඳව අධිරාජ්‍යයා ඉදිරියේ මේ ගැන වාර්ථා කරන්න සූදානම්. කාලය ආවම , ෂ්‍යාඕ'එර් පිළිබදව පමණක් විමර්ශනය කරන එක එතරම් දෙයක් නොවේවි.!”
ෂී හොංෂුආන් ඔහුගේ හස්තයෙන් පාදයකට බර දුන්නේ ය. මොහොතක නිහැඬියාවකින් පසු, ඔහු ශෙන් ස'චුඇන්ට පවසන්නට විය, “ඔබ ඒ ගැන දන්නේ නැහැ—මට ඔබට ඒ ගැන සඳහන් කරන්න අමතක වුනා, නමුත් අපේ පුද්ගලයා මූ රූට සම්බන්ධයි.”
නමුත් ඇත්ත වශයෙන්ම, ෂී හොංෂුආන් එය පවසන්නට අමතක වූවා නොවෙි, එනමුත් ඔහුට එය සඳහන් කරන්නට ද අවශ්‍ය නොවුණේ ය. මේ නාලය මුළුල්ලේම , ඔහු විහඬ ආරක්ෂාකාරි පිළිවෙතක සිටි අතර වදනක් හෝ නොපැවසුවේ ය.
ශෙන් ස'චුආන් මේ සියල්ල දැන සිටි අතර හේ පවසන්නට විය, “මූ රූ ඇත්තටම පෙරදි පැන් රූගුයි ගේ බිරිඳ වී සිටියා නේද? මට ඇගේ බාල සහෝදරයා ව මතක් වෙනවා.”
“එය නිවැරැදියි.” ෂී හොංෂුආන් සත්‍ය පවසන්නට අකමැති වූ අතර කතාවෙන් අඬක් පමණක් පැවසුවේ ය.
“පෑන් රූගුයි මියගියා. ඇැයට යන්න තැනක් තිබුණේ නැහැ, එහෙම නේද? ඒ වෙලාවෙදි, ඔහුටග් නවාතැන පිරික්සන්න ආවම, ඔවුන්ට අවශ්‍ය වුනා ඇයව පෑන් රූගුයි ගේ හැරදමා ගිය ආර්යාව විදිහට පිටතට දමන්න අවශ්‍ය වුනා.2 නමුත් උතුමාණන්ට ඇයට එහෙම වෙනවා බලාගෙන ඉන්න බැරි වුනා, ඉතිං ඒ නිසා ඔහු මගෙන් උපකාර ඉල්ලුවා. මම යැන්චිං සමඟ තිබුණු පුංචි මිත්‍රත්වයෙන් ඇයව පිටතට ගන්න උත්සහ කළා. ඊට පස්සෙ මම සහෝදර සහෝදරියෝ දෙන්නට නිවහනක් හොයාගත්තා. පසුව , උතුමාණන්ට එයත් ඉවසන්න නොහැකි වෙලා ඇයට මාළිගයට ගෙන්වාගන්න උත්සහ කළෙ. ඊට පස්සෙ ලේකම් කාර්යාලයේ වැඩිහිටියා ඒ ගැන සොයා ගත්තා. ඔබ මේ ගැන නම් දන්නවා.”
ශෙන් ස'චුආන් නිසැකවම ඒ පිළිබඳ ගණනකට නොගත්තේ ය. ඔහු හිස වනා පවසන්නට විය, “මම ඒ ගැන අහලා තියෙනවා. මේක හොඳ පෙර නිමිත්තක් නෙමෙයි. මේ නඬුව දැනටමත් අවසන් වෙලා තියෙන්න ඕනේ. නැවතත් මේ වගේ ගැටළු ඇතිවුණේ කොහොමද?”
ඔහු මෙය පවසද්දි ෆූ ලින්යේ දෙස බැලුවේ ය. ඔහු එය පැවසුවේ සිනහවකින් සමඟ වූවද, එයින් ගම්‍ය වූයේ ඔහු සමීපව පරික්ෂා නොකිරීම පිළිබඳ ෆූ ලින්යේට බැන වදිනවාක් සේය.
ෂී හොංෂුආන් ද නළල රැලි කර ගනිමින් සිටියේය. ඔහු පැවසුවේ ය, “ඔබ විමර්ශන සභාවේ ඉන්නේ අධීක්ෂණය කරන්න. මේ කාරණය යටපත් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන නිකමටවත් හිතන්න බැරිද? ඒක අධිරාජ්‍යයාට ඉදිරිපත් කළොත් එයින් කරදරයක් ඇති වේවි. ”
ෆඋ ලින්යේ ට ද පැමිණිලි කිහිපයක් ම තිබුණේ ය, නමුත් ඔහු පැවසුවේ මෙපමණකි, “දෙවන තරුණ ස්වාමියාණෙනි, මගේ වසන් කුඩා බරක් විකරයි. අපි මෙතන කොං ච්‍යු ගැන කතා කරමු! ඔහු මුරණ්ඩු , උපදෙස් වලට සවන් නොටදන අයෙක්. ඔහු ලේකම් කාර්යාලයේ වැඩිහිටියාගේ පුද්ගලයෙක්. ඔහු කොහොමද මට සවන්දෙන්නේ? දැන් වැදගත්ම දේ අපි ඊළඟට සිදුකරන්න ප්‍රමුඛත්වය දෙන්නෙ මොකටද කියන එකයි. රාජකීය උපභාර්යා මූ න්යැන් න්යැනුත් සම්බන්ධ වුණා කියන්නේ, තවදුරටත් විමර්ශනය කරන්න නිර්භීත වෙන්නෙ කවුද? මම හිතනවා අධිරාජ්‍යයාණන් වුනත් එයට එකඟ නොවේවි කියලා!"
ෂී හොංෂුආන් ඒ පිළිබඳ ව කල්පනා කළේ ක්‍රෝධයෙනි, “එතකොට යින්ජූ කොහෙද?”
ෆූ ලින්යේ ඔහුගේ අභිප්‍රාය ක්ෂණිකව වටහා ගත් අතර, ක්ෂණික ව ඔහුගේ දෑත් ඔසවා, “අපට ඔහුව මරලා දාන්න බැහැ! දෙවන තරුණ ස්වාමියාණෙනි, ලේකම් කාර්යාලයේ වැඩිහිටියා දැනටමත් සීරුවෙන් ඉන්නවා. මේ වගේ තීරණාත්මක අවස්ථාවකදි අපි ඔහුව නිහඬ කළොත්, එයින් ඔහුට ඔප්පු වෙනවා අප ගැන යම් ප්‍රශ්නයක් ඇති බව!”
“ඒක මුලින් හොඳින් සිදුවුණා.එක්වරම සයිවෙයි මාළිගය උඩට මතුවුණේ කොහොමද?!” ෂී හොංෂුආන් ඔහුගේ තේ කෝප්පය පියනෙන් වසා දැමුවේ ය, “නැහැ. අපිට මේ නඩුව තවදුරටත් විභාග කරන්න බැහැ. හෙට උදෑසන අධිරාජ්‍යයා ඉදිරියේ, වැඩිදුර විමර්ශනයක් පිළිබඳ අදහස උතුමාණන් වහන්සේට කපා හරින්න හැකිවෙන ක්‍රමයක් ගැන සිතා බලන්න ඕනේ.”
මූ රූ ඇත්තටම ප්‍රයෝජනවත් තැනැත්තියකි. මේ මොහොතේ කිසිවෙකුවත් ඇයව පහතට දමන්නට උත්සහ නොදරණු ඇත.
ෆූ ලින්යේ සිය අසුනේ ම හිදිද්දි වෙව්ලන්නට විය “එය නිවැරැදි. මේ හැමදේම ෆූලිං මත පටවන එක හොඳයි! මේ නඬුව හැකා ඉක්මනින් අවසන් වෙනවනම් හොඳයි, එතකොට හැමෝටම නැවත සැනසීමෙන් සුසුමක් හෙලන්න හැකි වේවි. ඒත් මට කොං ච්‍යු ව පෙනෙන්නේ ,ඔහුට පැහැදිලිවම කාරණයේ ගැඹුරට යන්න අවශ්‍ය බවයි!”
“තවමත් මූලිකත්වය දරන්නේ ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි.” ශෙන් ස’චුආන් සිය ඇගිලි තේ කෝප්පය මත තද කළේ උණුසුම නිසාය. “හායි ලියැංයී තමයි එවකට අධිරාජ්‍ය විභාගයේදී කොං ච්‍යු ගේ ප්‍රශ්න පත්‍ර සමාලෝචනය කළ තැනැත්තා, ඒ නිසා කොං ච්‍යු අර්ධ වශයෙන් හායි ලියැංයී උසස්වීම සඳහා තෝරාගත් හායි ලියැංයී ගේ ශිෂ්‍යයෙක් කියලා සළකන්න පුළුවන්. ඔහු සාමාන්‍යයෙන් හායි ලියැංයී ට විශාල ගෞරවයක් දක්වනවා. "
“හායි ලියැංයී ට ඔහුව මහ ලේකම් කාර්යාලයට යවසන්න අවශ්‍යයි. ඔහ් තමන්ගේ හැම නඬුවක්ම ලස්සනට විසඳනවා. ඔහු නියම වයසේ පසුවෙනවා වගේම, ඔහු චිජුන් අණදෙන නිලධාරියාගේ නිහතමානී පවුලෙන් පැමිණේන අයෙක්. ඔහු හායි ලියැංයී ට හැම නිවැරදි සටහනක් ම ලබා දෙනවා. ෂී හොංෂුආන් පැවසුවේ ය. “මොන මගුලක්ද! අපි දෙවන ෂ්‍යාඕ මත සිටගත්තා, ඔවුන් සියල්ලෝම රහසිගතව සංදර්ශනය භුක්ති වින්දා, ඔවුන් නිහඬව සිටින ෂ්‍යාඕ'එර් දුක් විඳිනවා බලාගෙන සිටියා. දැන් යමක් සිදුවී ඇති නිසා , ඔවුන් සියල්ලන්ටම අවශ්‍ය වෙන්නේ එයින් ප්‍රයෝජන ලැබුවට පසු නොදැනුවත් බව මවා පාන්නයි."
"අපි මේක කරමු." ශෙන් ස'චුආන් පැවසුවේ, “ගෞරවනීය ෆූ, හෙට උදෑසන අධිරාජ්‍යයා ඉදිරියේ පාපොච්චාරණය ඉදිරිපත් කරන කොට, සයිවෙයි මාලිගය ගැන සඳහන් කරන්න එපා. අධිරාජ්‍ය හමුදාවේ නම තවම පැහැදිලි නැති බව කියන්න. යුආන් ල්‍යු තවමත් වරද පිළිගෙන නැහැ නේද? මෙික අවස්ථාවක්. යුආන් ල්‍යු තවමත් අවට සිටින තාක් කල්, ඔහු, ෂ්‍යාඕ එර්, අල්ලස් ලබාගෙන තියෙනවා. ඔහුට තමන් ගේ සැකය දුරු කරගන්න නොහැකි වේවි."
ෆූ ලින්යේ ඔහුගේ පාදය අතුල්ලමින් පැවසුවේ ය, “නමුත් මම එය සඳහන් නොකළත්, කොං ච්‍යු තවමත් එය සඳහන් කරාවි! අපට එය සඟවන්න නොහැකි වේවි."
"බැටළුවා අතුරුදන් වුනාමද ගාල හදන්නේ." ශෙන් ස'චුආන් විජිනි පත ටිකෙන් ටික විවෘත කර, පසුව එය වසා දමන්න ට විය, “මීට පෙර, අධිරාජ්‍යයා ඉදිරියේ උත්තමයාණන් කළ කතාව 'අධිරාජ්‍යය සහ රාජ්‍යය වෙනුවෙන්' යැයි පැවසූ ධර්මිෂ්ඨ එකක් වුනා. තවමත් සත්‍යාපනය කර නොමැති පාපොච්චාරණයක් නිසා ඔබ ඔබේ ප්‍රකාශය වෙනස් කරනවා නම්, ඔබේ පක්ෂපාතිත්වය ප්‍රශ්න කරන්න අධිරාජ්‍යයා පියවර ගනීවි කියලා මම බිය වෙනවා. ඉතින් ඇයි ෂ්‍යාඕ'එර් වෙත ඇලී නොසිට, ඒ වෙනුවට 'සෘජු' පෙනුමක් ආරූඪ කර නොගන්නේ?"
"ඒක හරි!" ෂී හොංෂුආන් පැවසුවේ ය. “අපිව දැන් ව්‍යාකූලත්වයට පත් වෙන්න බැහැ. ඔබ දැනටමත් ඔබේ ස්ථාවරය වෙනුවෙන් පියවර ගෙන ඇති නිසා, ඔබ දැන් ඉවත් වුවහොත් එය අලංකාර නොවේවි. අපි මේක දිගටම කරගෙන යමු. ඉතිරිය සම්බන්ධයෙන් ගත්තොත්, මට ඇත්තටම මගේම මාර්ගයක් තියෙනවා. පාන්දර වෙන්නත් ළඟයි. ඔබ දිගු වෙලාවක් නොරුදී ඉන්න ඕනේ. වස්ත්‍ර මාරු කරගෙන ස්නානය කරන්න.ඔබ අධිරාජ්‍යයා ඉදිරියට යන්න කලිං තත්වය කොහොමද කියලා පරික්ෂා කරලා බලන්න. ”
ෆූ ලින්යේ ඉක්මනින් පැමිණ , ඉක්මනින් පිටව ගියේ තේ උගුරකුඳු පානය නොකර ය.. ඔහු පිටව ගිය යිගසම, ෂී හොංෂුආන් සිය පිටුපස ට ඛේටය බිඳක් ගැසුවේ ය.
"ඔහු ඉක්මන් සාර්ථකත්වය සහ ක්ෂණික ජයග්‍රහණ වෙනුවෙන් එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ වගේම එදා වචනයක්වත් කතා නොකර දෙවන ෂ්‍යාඕ ගේ චුආංචෙන් සේද රෙදි ගැන කාරණය ඉහළට වාර්තා කළා නම්, හායි ලියැංයී එය නොදකින්නට ඉඩ තිබුණා." ෂී හොංෂුආන් එයින් වෙහෙසට පත්ව සිටියේ ය., “දුප්පත් සහ නිහතමානී නිවාස වලින් එන අය තමයි අදූරදර්ශී අය! ඒ තේජස වෙනුවෙන්, ඔහු අපට පූර්ව දැනුම් දීමක් කරන්න පවා එඩිතර වූයේ නැහැ. බලන්න දැන් මොකද වෙන්නේ කියලා? යැන්චිං අපට ඉතිරි කළ වෙයිචී ඉත්තා මොනතරම් නාස්තියක්ද! මෙයින් පස්සෙ , දෙවන ෂ්‍යාඕ ගිණුම් පොත් කෙරෙහි දැඩි ආරක්ෂාවක් තබාවි. පසුව ඒවා ලබා ගන්න අපහසු වේවි."
"තත්ත්වය සහ ධනය ධනවතුන්ගේ බලවත් ව්‍යාධීන් වෙනවා " ශෙන් ස'චුආන් පැවසීය. “දැනට, අපි ඔහුව අපේ සැලසුම්වලට මැදිහත් වීමෙන් වළක්වා ගන්න ඕනේ. අෂ්ඨ මහා පුහුණු අංශ වල කාරණය කොහොම සිදුවේවි ද?”
"හැන් චෙන්ග්ගේ බාල සහෝදරයා තනතුර භාර ගත්තා." ෂී හොංෂුආන් පැවසුවේ ය, “දෙවන ෂ්‍යාඕ විසින් ශ්‍රේෂ්ඨ පුහුණු අංශ අටක් දැඩි ලෙස ශක්තිමත් වූ සබඳතා ජාලයක් බවට පත් කරලා තියෙනවා. අපිට ලේසියෙන් අත තියන්න බැරි වෙයි. මෙතරම් කෙටි කාලයක් තුළ සියලු වැදගත් තනතුරු තදින් තම අතේ තබා ගව්න ඔහු සමත් වූ බව සිතීම ම පුදුමයක්. එය විසුරුවා හැරීම පහසු නොවේවි. ”
"ඒක එහෙමනං, ඔහු පත්වීම සඳහා තෝරාගත් සෙබළුන් අතර අෂ්ට මහා වංශයෙන් පැවත එන්නනුත් සිටිනවා." ශෙන් ස'චුආන් සිනාසෙමින් පැවසුවේ ය. “ඔබට තවමත් අවස්ථාව තියේවි.”
ශෙන් ස'චුආන් අශ්ව රථයට ගොඩ වන විට ඇතුළත ගූචීනයක් තබා තිබෙනු දුටුවේ ය.
ච්‍යාඕ ත්‍යැන්යා තිරය එසවූයේ ය. ඔහුට ගොරෝසු මුහුණක් තිබුණේ ය “ඒ ගූචීනය මගේ. ස්වාමියා එය ඉවත දමන්න ඕනෙ නැහැ. එය ඉවත දැමුවොත් මගේ උත්සහය අපතේ යනවා ”
“ඒක හුගක් වටිනවා වගේ.” ශෙන් ස'චුආන් එය ස්පර්ශ නොකළේ ය. “ඔබ මුදල් සොයාගත්තේ කොහෙන්ද?”
ච්‍යාඕ ත්‍යැන්යා මෘදුව සිනහාවූයේ ය. “ ඒවා කාන්තාවන්ගෙන් ලැබුණ තෑගි.”
නමුත් මේ ගූචිනය පැහැදිලිවම මුදලට මිලදී ගත නොහැකි දෙයක් විය. ච්‍යාඕ ත්‍යැන්යා ට ඒ ගැන කතා කරන්නට අවශ්‍ය නොවීය, සමහරවිට එයට බොහෝ විට ඔහුගේ පවුල සමඟ සම්බන්ධයක් ඇති නිසා ය. එබැවින් ශෙන් ස'චුආන් ඒ පිළිබදව වැඩිදුර සොයා බැලුවේ නැත.
සුපුරුදු පරිදි අශ්ව කරත්තය ශෙන් ස'චුආන් නිවසට ඇරලවාලූයේ ය. ඔහුට වස්ත්‍ර මාරු කරගනිමින් ඇතුළතට පිවිසෙන්නට විය.
◈ ◈ ◈
ලී ජ්යැංහෙන් උදෑසන සැසිවාරය විසිරුවා හැර සෑම වැදගත් නිළදරයෙකුටම මිංලී ශාලාවේ අසුන් ගන්නා ලෙස පැවසී ය. ඔහු බොහෝ වෙලාවක් සම්පූර්ණ පාපොච්චාරණ ප්‍රකාශය කියවා නිහඬව සිටියේ ය.
හායි ලියැංයී සිය අසනීප තත්වයෙන් සුවය ලැබුවා පමණකි, ඒ නිසා ලී ජ්යැංහෙන් ඔහු වෙනුවෙන් උණුසුම් එළු කිරි බඳුනක් පිළිගැන්වූ යේ ය. ඔහු එයින් උගුරු කිහිපයක් පානය කළේ ය. ශාලාවේ කිසිවෙකු කිසිදු වදනක් පැවසුවේ නැත.
ලී ජ්යැංහෙන් පවසන්නට විව, “ඇයි ආයෙමත් සයිවෙයි මාළිගය ඇදාගත්තේ? යුආන් ල්යුගෙන් සම්පුර්ණයෙන් ප්‍රශ්න කරලා අවසන් නැහැ නේද?”
කොං ච්‍යු පිළිතුරු දෙන්නට විය, “මේ ප්රශ්නය රාජකීය බිසවකගේ දෙයක් , ඉතිං ඒ නිසා ඔබතුමා තමයි ඒ පිළිබඳව තීරණය කරන්න ඕනේ.”
ලී ජ්යැංහෙන් ඒ පිළිබඳව තැවිලි සහගත වූ යේ ය, “මොන තීරණයද? ඇයි ඉන්නේ සයිවෙයි මාළිගයේ වුනත්, ඒකෙන් පවසන්නෙ වැහැ … රාජකීය උපභාර්යා මූ සමඟ එයට සම්බන්ධයක් තියෙනවා කියලා. කවුද දන්නේ ඔහු පවසන්නේ සත්‍යය ද මුසා ද කියලා?”
හායි ලියැංයී දැඩි ස්වරයකින් පවසන්නට විය, “අනිවාර්යයෙන් ම, එය මුසාවක්.”
“ඔව්, එය මුසාවක්!” හායි ලියැංයී ගේ සහය ඇතිව ලී ජ්යැංහෙන් සිය හඬ උස් කරමින් පවසන්නට විය “නපුංසකයන් තමයි ලොකුම ද්‍රෝහියෝ. ජීවිතේ බේරගන්න, ඔවුන්ට මොන ප්රලාපද ගොතන්න බැරි? ඔහු හිතුවේ උපභාර්යා මූ ළඟට ගිහින් තමන්ගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙයි කියලා; මම එය ප්‍රයෝජනයට අරං ඔහුගේ හිස තලපයක් බවක් පත් කරනවා!"
"එහෙම වුනත්," මේ නඩුව සම්බන්ධයෙන් මෙතෙක් වදනක් හෝ නොපවසා සිටි ෂ්‍යාඕ ජීමිං ඔහුගේ දෑස් එසවීය. “මෙතැන ස්වර්ග පුත්‍රයාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන කාරණයක්. අපිට අනෙක් කාරණා නිසා මේක පැහැර හරින්න බැහැ. ”
ඔහු කතා කර අවසන් වූ වහා සිය හිසට නියබොත්තෙන් තට්ටු කර ගත්තේ ය.
වෙයි හුඅයිෂින් පවසන්නට විය, “ඇත්ත වශයෙන්ම , අපිට මේක පටලවා ගන්න බැහැ. අපි තවම යුආන් ල්‍යු ගැන පරීක්ෂණයක් කරලා නැහැ, එතකොට අපි.......”
“මේ නඬුවේ ප්‍රධාන විමර්ශනය කරන්නා තමයි අධිකරණ අමාත්‍යවරයා. වාම සහ දක්ෂිණ පාර්ශව වාරණ ප්‍රධානීන් වගේම රාජකීය ආරක්ෂකයනුත් ඉන්නවා. ඒත් වෙයි ස්වාමීවරයා නැවත නැවතත් එයට මැදිහත් වෙලා තියෙනවා. මේක හරිම නොසුදුසුයි.” වෙයි හුඅයිෂින් ට කතා කරන්නට පවා ඉඩ ලබා දෙමින් ෂ්‍යාඕ ජීමිං පැවසුවේ සමබරව හා සන්සුන් අභිනයකින් යුතුවය. නමුත් වෙයි හුඅයිෂින් කිසිවක් පවසන්නට එඩිතර වූයේ නැත. ඒ නිසා ෂ්‍යාඕ ජීමිං ඉදිරියට යන්නට විය. ““මේ නඩුව අධිරාජ්‍ය හමුදාව සහ අධිරාජ්‍ය භාර්යාවන් සම්බන්ධ දෙයක්; මේ පිළිබඳ ව පිටතිනුත් අභ්‍යන්තරයෙනුත් ප්‍රදර්ශනය නොකළ යුතුව තිබුණා. ඉන්න සෑම අයෙක්ම තමන්ගේ කීර්ති නාමය නෙමෙයි පරදුවට තියන්නේ , ඒත් ඒ උතුමාණන්ගේ කීර්ති නාමයයි. මෙහි ප්රශ්නය සිදුවෙලා දින දහයකටත් වඩා ගත වෙලා. අධිරාජ්‍ය හමුදාවේ එක් විනිසුරුවරයකු ගැන තවමත් කිසිදු සාක්ෂියක් සොයා ගෙන නැහැ , ගණිකා නිවාසයේ එක් පාපොච්චාරණයක පිළිබඳ පැහැදිලි බවක් නැහැ. ප්‍රධාන අධීක්ෂණ කාර්යාංශයේ විමර්ශන වාරණයේ සියල්ල ප්‍රමාද වී තියෙනවා. මට පෙනෙන ආකාරයට, ප්‍රධාන විමර්ශකයා හෝ විනිශ්ය සභාව ඔවුන්ගේ කාර්යය ඉටු කරලා නැහැ. කාලය හා ශක්තිය නාස්ති කරන එක ගැන දැනට පසෙක තබමු; සැබෑ ප්රශ්නය වෙන්නේ තමන්ගේ සීමාව ඉක්මවා යෑම."
පෙරඉදින රාත්‍රියේ ෂී හොංෂුආන් පැවසූබවදන් ෆූ ලින්යේ ට සිහිපත් වූයේ ය.. ෂ්‍යාඕ ජීමිංට මුහුණ දෙන විට තමා සත්‍ය වශයෙන්ම දුශ්කර තත්වයට පත්ව ඇති බව ඔහුට සොයාගන්නට ලැබුණේ ය. නමුත් ලී ජ්යැංහෙන් කිසිඳු වදනක් නොපවසන බව දුටු ඔහුට , හායි ලියැංයී ටද එයට සහය දැක්වීමට අවශ්‍ය නොවෙන බව දුටු ඔහුට හැකිවුයේ තමාවම සන්සුන් කර ගැනීමට පමණකි, ඔහු පවසන්නට විය, “පරම්පරාගත කුමරු ලීබෙයි වල තමයි හුඟ කාලයක් ජීවත් වුනේ ; චූදු කියන්නේ ප්‍රාන්ත දේශයක්වත් නෙමෙයි, සේරටම පස්සේ , මෙතැන අදාළත්වයේ වෙනස මත පදනම්ව වෙනස් ලෙස විසඳන බොහෝ කරුණු තියෙනවා , ඉතිං අව්‍යාජවම …….”
“හමුදාව තුළ ඕනෑම බලයක් අනිසි ලෙස භාවිතා කිරීම අකීකරු වී යන චෝදනාව ලබන දෙයක්. හමුදා නීතිවලට අනුව , වරදකරුට මරණ දණ්ඩය ලබා දෙන්න පුළුවන්.” නිළ හමුදා තනතුරක් හෙබවූ, ජාඕ හුයි ඉදිරියට පැමිණ පවසන්නට විය, “පරම්පරාගත කුමාරයා මෙවැනි කාරණා කතා නොකළ යුතුයි, නමුත් දැන් හුඟ කාලයක් ගත වෙලා, ඒ වගේම ඔබලා කිසිවෙකුටත් උතුමාණන් ගැන ස්මරණය වුනේ වත් නැහැ. පේන හැටියට ඔවුන්ගේ ගෞරවනීය වාරණ ප්‍රධානීන් සිහින දකිමින් ඉඳලා මේ නඬුව මෙතරම් අවුල්සහගත වෙලා ඉදිද්දි! රාජකීය හමුදාවේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමාගේ නිළ මුද්‍රාව අත්හිටවලා දින දහයකටත් වැඩි කාලයක් ගත වෙලා. වාරණ ප්‍රධානියා දැනටමත් තුන් වතාවක් සෝදිසි කර තිබෙනවා. ඒත් විමර්ශනය කරලා තියෙන්නේ මොනවද? අපිට පැහැදිලි කිරීමක් ලබා දෙන්න වුවමනා නැද්ද? ”
ෆූ ලින්යේ පැවසුවේ ය, “අපි චුආංචෙන් කාරණය ගැන සොයාබැලුවේ නැද්ද?”
“තමුන්ගෙන් ඇහුවේ ඝාතන නඬුව ගැනයි!” ලී ජ්යැංහෙන් පාපොච්චාරණ ප්‍රකාශය පසෙකට වීසි වුණේ ය. “ඇයි ඔබ මෙිවගේ නොවැදගත් කාරණයක් ගැන දිගින් දිගටම හාරන්නේ?”
ෆූ ලින්යේ ක්ෂණික ව පවසන්නට විය, “ෂ්‍යාඕ චීයේ තමයි හැම ගැටළුවකටම වග නියන්න ඕනේ. ඔහුට තමන්ගේ නම අනෙක් නඩු වලින් ඉවත් කරගන්නත් හැකියාවක් නැහැ. උතුමාණෙනි , ඝාතන නඬුව විභාග කරන්න ඕනේ. නමුත් අල්ලස් නඩුව ද ඉතා උනන්දුවෙන් අනුගමනය කරන්න ඕනේ."
“ඔහු ගත්තේ මොනවගේ පගාවක් ද?!” ලී ජ්යැංහෙන් නැගීසිට ෆූ ලින්යේ ව පෙන්වාලූයේ ය, “චුආන්චෙං සේද! තමුන් හිතන්නේ මම මේ කාරණය ගැන දන්නේ නැහැ කියලද? මම ඒ කාලයේ ඔහු එක්ක මංමාවත් වල සැරිසාරුවා! ඔබ දන්නවට වඩා යමක් මම ඒ පිළිබඳව දන්නවා! ඒ ඝාතකයා ඔහු විසින්ම මා ඉදිරියේ මරා දමා තිබුණා. ඒත් ඔබ ඒ ගැන කරදර වූයේ නැහැ, ඒත් ඔබ මේ කුඩා ගැටළුව පිළිබඳව ස්ථාවර තත්වයක සිටිනවා. පේන විදිහට , ස්වර්ගීය පුත්‍රයාගේ ආරක්ෂාව තමුන් ට වැදගත් නැහැ වගෙයි!”
දින කිහිපයකට පෙර ෂ්‍යාඕ චීයේ ට නින්දා සහගත ලෙස බැනවැදීමෙන් පසු ලී ජ්යැංහෙන් තමාට මෙසේ සළකාවි යැයි ෆූ ලින්යේ කිසි විටක සිතුවේ නැහැ. ඉඳින් ඔහු බය බිරාන්තව දණින් වැටී පවසන්නට විය, “අධිරාජ්‍යයාණෙනි! මේ සේවකයාගේ ස්වාමියා ඔබතුමායි. ඔබේ කෙස් කළඹේ ගසකට හෝ හානි වුවහොත් එය මටද හානි වෙනවා හා සමානයි. අධිරාජ්‍යයාණෙනි!”
“වැදගත්භාවය සහ හිදිසිය මත හැම දෙයකටම ප්‍රමුඛතාවක් කියෙනවා. මේ ඝාතන නඬුවේදි, කොං අමාත්‍යවරයා දින කිහිපයක්ම නින්දක් ලබා සිටියේ නැහැ.” ෂ්‍යාඕ ජීමිං පැවසුවේ ය, “ස'අනුත් ඔහඅගේ රාජකාරි අවසරපත ලබා දීලා තියෙනවා. ඔහු අඩුම ගණනේ නඬුවේ ප්‍රගතිය ගැනවත් විමසීමක් සිදුකළේ නැහැ , අනවශ්‍ය ගැටුමක් ඇති කරගන්නේ නැතිව ඔහු දවස පුරාම නිවසේදි තමන්ගේ වැරදි ගැන මෙනෙහි කළා. දැන් නඩුවේ වර්තමාන ප්‍රගතිය, විමර්ශනය පවතින අදියර සහ ඉදිරි විමර්ශන කටයුතු ගැන සියල්ල ම එකවර පැහැදිලි කරන එක වඩා හොඳයි. මේ විදිහට , මගේ නිවස ඒ වෙනුවෙන් වඩා හොඳින් සූදානම් කරන්න පුළුවන්."
චාරිත්‍රානුකූල වත්පිළිවෙත් උපඅමාත්‍ය, ජ්‍යැං ෂූ , ඉදිරියට පැමිණ පැවසීය, “නඩුව දහවල තරම් පැහැදිලි වගේම අධිරාජ්‍ය හමුදාව සමඟ සම්බන්ධ වෙනවා. එය ලිබෙයි කුමරුගේ නිවසට අදාළ නැහැ. කවුද ගිහින් එතන සෝදිසියක් කළේ? මේක ආචාරශීලීත්වයට විරුද්ධයි. ප්‍රවෘත්තිය පැතිර ගියහොත්, ලිබෙයි කුමරු පිළිබඳව විමර්ශනය කරන්නේ උතුමාණන් බව සියලු දෙනා සිතාවි, චූදු සහ දේශසීමා අතර මිත්‍ර සබඳතාවලට බලපෑමක් ඇති වේවි."
ලී ජ්යැංහෙන් කුමරුගේ නිවස සෝදිසි කිරීම ගැන දැන සිටියත් ඔහුට නොදැනුවත් බව මවා පාන්නට සිදු විය. ඔහු කිසිවක් නොපැවසුවා වූවද , ෂ්‍යාඕ ජීමිං මේ දින කිහිපය තුළ සිදු වූ සියල්ල ම නිරීක්ෂණය කරමින් සිටි බව ඔහුට වැටහී තිබුණි. ඔවුන් ෂ්‍යාඕ චීයේ වෙනුවෙන් එ් සියල්ලටම වගකියන්නට සිදු වුවහොත් එය විශාල කරදරයක් වනු ඇත.
ලී ජ්යැන්හෙං ක්ෂණික ව සිය පාදයෙන් කිහිප වතාවක්ම ඔහුට පහර දුන් අතර බැණවදින්නට පටන් ගත්තේ ය , “තමුන් ට මොනතරම් හයියක් ද! ලිබෙයි කුමරුගේ නිවස විමර්ශනය කරන්න ඔබට අවසර දුන්නේ කවුද? මගේ නියෝගය වුනේ තමුන්ට අධිරාජ්‍ය හමුදාවේ කාර්යාල සංකීර්ණය විමර්ශනය කරන්න කියලයි!"
ප්රහාරයන් විඳ දරාගත් ඔහු , පවසන්නට විය, “ඇත්තටම මේ සේවකයා නෙමෙයි ඒ පිළිබඳව විමර්ශනය කළේ! ශෙන් විනිසුරුවරයා තමයි එය සිදුකළේ!”
ශෙන් ස'චුආන් මොහොතකට මවිතයට පත් වූ අතර, ඔහු ව්‍යාකූලත්වයට පත් විය, “පරීක්ෂණයේදී ඔබතුමාට සහාය වෙන්න මට අධිරාජ්‍ය ආඥාව ලැබුණා. 'අධිරාජ්‍ය හමුදාව ලෝහ බාල්දියක් වගේ නොබිඳිය හැකි බව' පැවසුවෙත් මට අවවාද ලබා දුන්නේත් ඔබතුමාමයි. සත්‍ය සහ අසත්‍ය කරන ලද ගිණුම් බොහොමයක් තිබේවි කියලා මට බිය වෙනවා. කාලය ආවම, ඔබ කුමරුගේ නිවසෙදි හොදින් හොයා බැලුවා, එවිට මම ගියෙමි. ඒ වන විට ශාලාවේ තේ පැන් පානය කරමින් බොහෝ පිරිසක් සිටියා. ප්‍රශ්න කරනවා නම් ඔවුන්ගෙන් කෙනෙක්ව ගෙන්වන්න, එකකොට ඔවුන් සියල්ලන්ටම ඔබට පවසන්න පුළුවන් එය මට පැවසුවේ ඔබතුමා බව."
ෆූ ලින්යේ දත් මිටිකෑවේ ය, “මම ඔබට කිව්වෙ හොඳින් හොයලා බලන්න කියලා විතරයි. මම කුමාරයාගේ වාසස්ථානය ගැන කතා කළේ නැහැ!”
ශෙන් ස'චුආන් දරුණු මුහුණකින් මෙසේ පැවසීය: “මට ස්වර්ගයේ පුත්‍රයාගෙන් අණ ලැබුණේ. මම කවදාවත් අධිරාජ්‍යයා ඉදිරියේ එක ප්රලාපයක්වත් පවසන්නේ නැහැ. ඔබතුමාගේ අණ නොලබා මම තනියම කුමාරයාගේ නිවසට ගියා නම්, මා සමඟ පරිවාර පිරිසක් සිටියේ කොහොමද?”
ෆූ ලින්යේ ශෙන් ස'චුඇන්ගේ ඇස්වල වූ ද්වේශ සහගත භාවය දුටු අතර ඔහු මේ මොහෝතේදී ඔහු වැරදි පුද්ගලයාට වරද පටවා ඇති බව දැන ගත්තේ ය. ඔහු වටපිට බලමින්, “ගෞරවනීය වෙයි, එහෙම නේද ඔබතුමා....” යැයි පවසන්නට විය.
වෙයි හුඅයිෂින් ක්ෂණික ව ඔහුගේ හඬ වසා දමන්නට කෑගැසුවේය, “කට වහගන්න! ඔබ තමන්ගේ ම කැමැත්තෙන් කළ දේ ගැන උන් වහන්සේගේ ඉදිරියේ අන් අයව චෝදනා කරන්න තරම් ඔබ කොතරම් නිර්භීතද! ඔබට ලැජ්ජාවක් නැද්ද? නඩුව ප්‍රමාධ කිරීම සුළු කාරණයක් : නමුත් උතුමාණෝ සහ ලිබෙයි අතර ඇති හොඳ හිත විනාශ කරන බරපතල කාරණයක්! මේවා ගේ බරපතලකම ගැන ඔබට කිසිම වැටහීමක් නැහැ! ”
මේ අවස්ථාවේ දී, ෆු ලින්යේ දැනටමත් තමා බිල්ලෙකු වී ඇති බව දැන සිටියේ ය.. ඔහුට ලී ජ්යැංහෙන්, වෙයි හුඅයිෂින් , ෂී හොංෂුආන් සහ අනෙකුත් අය වෙනුවෙන් දොස් පවසන්නටද සිදු විය! මේ සියල්ල ඔහුට අමනාප කරගන්නට නොහැකි වූ අය විය. ඉහළ නිලධාරීන් රණ්ඩු වන විට, එය සමථයකට පත් කිරීම ඔහුට භාර විය.
ෆූ ලින්යේ වහාම වැඳ වැටී ආචාර කර පවසන්නට විය, “මේ ස්වාමියාට තිබෙන්නේ කෙටිකාලීන විනිශ්චයක්!”
"එසේ වුනත් ඔබ තවමත් නිදහසට කරුණු ඉදිරිපත් කරන්න එඩිතරයි!'" ලී ජ්යැන්හෙං ඔහුව පෙන්වා අවවාද කළේය, "ස'අන් ගේ රාජකාරි අවසරපත අත්හිටුවා තියෙන්න පුළුවන්. නමුත් නඩුව අවසන් වෙන්න පෙර, ඔහු තවමත් අධිරාජ්‍ය හමුදාවේ ප්රතිරාජසෙනෙවිතුමායි! ඔබට අවශ්‍ය පරිදි විමර්ශනය කරන්න; නමුත් ඔබ අධිරාජ්‍ය හමුදාව කෙරෙහි දක්වන ආකල්පය කොයිතරම් නිර්භීතද! මට පේන විදියට ඔබ මේ නඩුව ගැන කිසිම පරීක්ෂණයක් සිදු කරන්නේ නැහැ. ඔබ පැහැදිලිවම උත්සාහ කරන්නේ විරුද්ධවාදීන් තුරන් කරලා දමන්නයි!
ෂ්‍යාඕ චීයේ ව හෙළා දුටු දවසේ සියගට ලී ජ්යැන්හෙං ගේ කෝපය මදක් හෝ අඩුව තිබුණේ නැහැ, දැන් ඔහු හිසේ සිට දෙපතුල දක්වාම වෙව්ලන තෙක් ඝෝෂා කරමින් සිටියේ ය. ෆූ ලින්යේ ද සංවේදි අයෙක් වූ අතර හේ ෂ්‍යාඕ ජීමිං වෙත සියළු ගෞරවය ලබා දෙමින් එය , නැවත ප්රථිස්ථාපනය කිරීම වෙනුවෙන් ම උත්සහ කරමින් සිටියේ ය.
ෂ්‍යාඕ ජීමිංට බලා සිටියේ ලී ජ්යැන්හෙං තමාගේ හෘද සාක්ෂියට තට්ටු කරන තෙක් ය, “ඔබතුමා මේ නඩුව විමර්ශනය කරන්න උනන්දුවෙන් සිටින බව පේනවා. මේ නඩුව මෙතරම් වියවුලක් ඇති කරලා තියෙන නිසා, ස'අන් ව ඔහුගේ තනතුරෙන් නෙරපා නොදමන්නේ ඇයි? මේ දිනවල ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ දෝෂාභියෝග ස්මාරක සාධාරණ අර්ථවත් විදිහට පෙන්වලා තියෙනවා, ඔබ මගෙන් ඇසුවොත්, ස'අන් ඔහුගේ නොසැලකිල්ල ගැන සමාව දෙන්න බැහැ. ඇත්තෙන්ම ඔහු අධිරාජ්‍යයා ඉදිරියෙහි තම රාජකාරිය කරගෙන යාමට නුසුදුසුයි.”
එසේ කියමින් ඔහු යළිත් සිනාසුණේය.
“සියලු සාක්ෂි ඇඟිල්ල දිගු කරන්නෙ ඔහුටයි. ඔහු ඇත්තටම මෙවැනි නින්දිත, ද්‍රෝහී ක්‍රියාවක් කළා නම්, ඔහුගේ වංශයේ පරම්පරා නවයම මරා දමන්න ඕනේ. අද මෙහි සිටින සියලු දෙනාම සමඟ, අවශ්‍යතා අතර ගැටුම් මඟහරවා ගන්නත් සහ සැක දුරු කර ගන්නත්, මගේ ලිබෙයි හමුදා අණදෙන රාජකාරි අවසරපත ඉවත් කරන්න. මම දැනටමත් ලිබෙයි වෙත ලිපියක් යවා තිබෙනවා පියාණන්ට ඔටුන්න සහ සිවුර ගලවාදමලා, නඩු විභාගයට පෙනී ඉන්න නිළයන් නොමැතිව සාමාන්‍ය වැසියන් විදිහට මගේ බිරිඳ සහ පුතා සමඟ චූදු වලට පැමිණෙන ලෙස ඉල්ලා අවසන්!"
ෂ්‍යාඕ ජීමිං ගේ වදන වලින් පසු, ලී ජ්යැන්හෙං කලබල වූයේ ය. මේ පිළිබඳව නිහඬව සිටිමෙන් ඔහුට කිසිඳු යහපතක් සිදු නොවනු ඇත, ඒ නිසා ඔහුට හායි ලියැංයී දෙස බැලුවේ ය.
හායි ලියැංයී , ෂ්‍යාඕ ජීමිං දෙස මඳ වේලාවක් බලා සිටියේය. වැඩිමහල් පුද්ගලයා එක්වරම සිනාසී, “පරම්පරාගත කුමාරයා විහිළු කරනවා. මේ නඬුව වසා දැමුවා නේද? ඉතින් ඇයි මේ පැරණි සේවකයව නැවත විහිළුවට ලක් කරන්නේ?"
කොං ච්‍යු තමා විමර්ශනය කළ දෑ ඉක්මනින් පෙරළා බලන්නට විය “ඒක හරි, ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා හරි. යුආන් ල්‍යු දොංලොං තැරැව්කරුගෙන් ණයට නිවසක් මිලදී ගෙන ඇතත්, ඒ කියන්නේ, ඔහු සහ ෆූ ලිං අතර පෞද්ගලික සම්බන්ධයක් තිබුණත් එය ප්‍රසිද්ධ කරන්න අදහස් කළේ නැහැ. ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා මිනිසුන් විසි දහසක් අධීක්ෂණය කරනවා ; සෑම කාරණයක්ම පෞද්ගලිකව විමර්ශනය කරන්න ඔහුට හැකි වන්නේ කොහොමද? අල්ලස් නඩුව සම්බන්ධයෙන්, යුආන් ල්‍යු මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් සිටි නිසා අපට ෂියැං යුන්ගේ ඒකපාර්ශ්වික ප්‍රකාශයට පමණක් සවන් දෙන්නත් බැහැ. ෂියැං යුන් බොහෝ විට ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා ගැන ඇති ආදරය නිසා ඊර්ෂ්‍යාවක් ඇති කරගෙන තියෙන වග මේ විෂය දැනටමත් තහවුරු කරගෙන තියෙනවා, ඒ නිසා ඇගේ නිදහසට කරුණු නැහැ!"
ලී ජ්යැන්හෙං පෞද්ගලිකවම ඉදිරියට පැමිණ පවසන්නට විය, “මේ කාරණය දැනටමත් වසා දමලා නම් , ඒ ගැන නැවතත් සදහන් කරන්න වුවමනාවක් නැහැ! පරම්පරාගත කුමරුනි, කරුණාකරලා ඉක්මනින් නැගී සිටින්න!”
ලී ජ්යැන්හෙං ට ද වැඩිදුර විමර්ශන කරන්නට අවශ්‍ය නොවීය. සයිවෙයි මාලිගය සම්බන්ධ වීමෙන් අදහස් කළේ එයට මු රූ ද සම්බන්ධ වන බවයි. ෆූ ලින්යේ දැනටමත් කෙනෙකුගේ පහසුව මත බැහැර කළ හැකි පුද්ගලයෙක් විය. මේ මිනිස්සුන්ට මූ රූ ඊටත් වඩා නොවැදගත් අයෙකි. ඇය සහ මේ නඩුව අතර ඇත්ත වශයෙන්ම යමක් තිබුනේ නම්, ඔහු, ලී ජංයැන්හෙං, එතැන් සිට තමාට තහා පමණක්ම , තනිව වෙසෙනු ඇත.
ලී ජ්යැන්හෙං සුපුරුදු පරිදි කතා කරමින් සිනාසෙමින් සිටින මේ මිනිසුන් දෙස බලා සිටියත් ඔහුට දැනුණේ ඔවුන් මිනිසුන් නොවන බවයි. ඔවුන් පිටුපසින් සිටියේ නොනවතින ගංවතුර සහ සුළි කුණාටු වැනි සිංහාසනය අභිබවා යන රාක්ෂයන් ය.
අධිරාජ්‍යයා වීම යනු ඔහු නිදහස් හා නොසන්සුන් බව නොවන්නේ ය. ඔහුගේ සෑම පියවරක්ම ඒ ඒ තත්වයට ප්‍රතිවිපාක ඇති කරන්නට තුඩු දෙන්නේ ය. ඔහු කෝපයට පත් වීම සහ සතුටු වූ සියල්ල ඔහුට මාරාන්තික බව ඔප්පු කළ දුර්වලතා බවට පත් කරන්නට හැකිය. ඔහු තවදුරටත් තමාගේ ස්වාමියා නොවීය. ඔහු මකර සිංහාසනයේ දම්වැලකින් බැඳ සිටි සිරකරුවෙක් පමණකි.
කොයිතරම් භයානකයි ද?
ලී ජ්යැන්හෙං ඔහුගේ හදවතේ කොතැනක හෝ ගැඹුරට වැළඳ ගත්තේය.
ඔහු මේ අය අසල සිටගෙන සිටින විට ඔහු තුනී හිම මත සිටගෙන සිටියාක් මෙන් දැනෙන්නට විය. ඔහු යම් දිනක අහම්බෙන් කඩා වැටුණහොත්, ඔහු ඔහුගේ අධිරාජ්‍ය වැඩිමහල් සහෝදරයා මෙන් වනු ඇත. ඇසිපිය හෙලන සැණින්, බලය සඳහා පොරබදමින් සිටින විවිධ පාර්ශ්වයන්ගේ පොරබැදීමේ කුරවලින් ඔහු ලේ වැගිරෙන පල්පයකට ලෙස පෑලි යනු ඇත.
ඔහුගේ ජීවිතය සහ මරණය අවම වශයෙන් ඔහුන්ට වැදගත් නොවීය. වැදගත්ම දෙය නම්, ඔහුගේ වාසගම ලී බවට පත් වූ එකම තැනැත්තා ඔහු වීමයි.
ඒත් මේ ලොකයේ වෙනත් ලී වාසගම සහිත අයෙක් සිටිනවා නම්
ලී ජ්යැන්හෙං ඒ සිතුවිල්ලෙන් වෙව්ලන්නට වූ අතර ක්ෂණිකව සීතල දහඩියෙන් නෑවෙන්නට විය.
*වෙන්න බැහැ*.
ඔහු අඳුරු ලෙස තමාටම මිමිණුවේය.
*එහෙම වෙන්න බැහැ.*
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment