Skip to main content

තිස් නමවන පරිච්ඡේදය | වෘකයා සහ කොටියා

 

 

ශාලාවේ දැල්වෙන ගිනි අඟුරු කාමරය උණුසුමින් පුරවාලූයේ ය.

පැයට නොඅඩු කාලයක් චෙන් යැං දණගසාගෙන ගෙන හිදිමින් සිටින්නට විය. හමුදාමය වාර්තා පොත් කියවමින් ප්‍රධාන අසුනේ ෂ්‍යාඕ චීයේ හසුන්ගෙන සිටි අතර විවිධ මට්ටම් වලට අයත් අධිරාජ්‍ය හමුදා ප්‍රධානීවරුන් සියල්ලෝමද තිරයෙන් පිටත දණගසාගෙන සිටියහ. පිටතත් ඇතුළතත් ද්විත්වය ම නිහඬතාවයේ ගිලී තිබුණි.

කියමනේ තිබෙන පරිදි , “ ප්‍රධානියෙකුට හඬ නැගීමට තරම් කීර්තියක් තිබෙනවා නම් , ඔහු මුලින් ම දැඩි මෙන්ම තර්ජනාත්මක ලෙස තම ගෞරවය රැක ගත යුතුය.” (1.) පස් අවුරුද්දකට පෙර ෂ්‍යාඕ චීයේ අධිරාජ්‍ය හමුදාව ලබා ගන්නා විට ,ඔහු බලයට පත්වීමෙන් පසු ශක්තිය සහ බලය ආරම්භය ලෙස මුළු ශාලාව පුරාම පතුරවා හැරියේ ය.ඔහුට අවශ්‍ය වූයේ මේ විරුවන් පිරිසයට අණදීමේ පරම අධිකාරිත්වය ලබා ගැනීමටය. මේ වසර පහ ඇතුලත , ඔහු ත්‍යාග සහ දඬුවම් ලබාදීමේදී සාධාරණ විය.  ඔහු කිසි විටෙක අධිරාජ්‍ය හමුදාවට ගෙවීමට නියමිතව තිබූ මුදල් අතපසු කළේ නැත.  අඩුවෙන් නොදුන්නා පමණක් නොව, අඩු පාඩුවක් පිරිමසා ගන්නටත් වැඩි මුදලක් වියදම් කළේය.  ඔහු තම යටත් නිලධාරීන්ට ඉතා ත්‍යාගශීලී විය. එමෙන්ම, ඔහු හැද සිටි සළුව වසහ තුනකට පෙර ඔහුගේ නෑනණ්ඩිය රවා තිබූ සළුවම විය.

සරත් දඩයම අධිරාජ්‍ය හමුදාවන්ගේ හිස් ඉහළට ඔසවා තැබීමට සමත් විය. එය ඔවුන්ව අෂ්ඨ මහා පුහුණු අංශවලටත් වඩා ඉහළට ඔසවා තැබු අතරම, එක් මොටහාතකදි ඔවුන් මුළු ලොවම තම දෙපා යටතට ගෙන තිබුණි. මේ සෙබළුන්, චූදු හී හිඳ ඉකා දීර්ඝ කාලයක් පීඩාවට පත්වූවි සේම අෂ්ඨ මහා පුහුණු අංශ ඉදිරියේ යටහත් පහත් ආකල්පයක් දැරූවෝ ය. දැන්, ඔවුහු අෂ්ඨ මහා පුහුණු අංශයත් අභිබවා යාමට තරම් නිර්භීත වෙයි.

මෙය හොඳ පෙරනිමිත්තක් නොවීය.

තෘප්තිමත් භාවය කෙනෙකුව සාර්ථකත්වයෙන් ඕනෑවට පහතට වැටීමට හේතු වනු ඇත.

 ෂ්‍යාඕ චීයේට අධිරාජ්‍ය හමුදාවට යම් පාඩමක් ඉගැන්වීමට අවැසි ව අවස්ථාවක් පැමිණෙන තෙක් බලා සිටියේ ය. අද දින තන්තායි හූ නිසා එය සිදුවිය..

 චෙන් යැං හිස ඔසවන්නට පවා එඩිතර වූයේ නැත.  ෂ්‍යාඕ චීයේ මේසය මතට තට්ටු කළ අතර, ෂ්‍යාඕ චීයේ සඳහා තේ නැවත තේ පැන් පිරවීම සඳහා නැගී සිටි චෙං යැන්.  බඳුන පිරුණු පසු නැවතත් දණින් වැටී සිටියේය.

 ෂ්‍යාඕ චීයේ මුළු රාත්‍රිය පුරාම කිසිඳු වදනක් නොපැවසුවේ ය, එබැවින් චෙං යැන් මුළු රාත්‍රිය පුරාම බිම දණ ගසා සිටියේය.

කිසිවක් නොපැවසීම, පවසනවාට වඩා  වඩා ලජ්ජාවට ඇති කරන්නට සමත් විය.

ෂ්‍යාඕ චීයේ ට හට පසුදා උදෑසන රුස්වීමට යාම​ට සිදුව තිබුණි.  ඇඳුම් පැළඳුම් පිළිවෙලට සැකසු පසු, ඔහු චෙන් යැංට පැවසුවේ ය, “අද මා සමග එන්න අවශ්‍ය නැහැ. විවේකයක් ගන්න.”

 චෙන් යැං දෙපා හිරිවැටෙන තුරු දණින් වැටී සිටියේ ය.  ඔහු දෑත් බිම තබාගෙන ගොරෝසු හඬින් පැවසුවේ ය “ස්වාමීනි...”

 ඔහු හැමවිටම ෂ්‍යාඕ චීයේ ව ආමන්ත්‍රණය කර තිබුණේ "ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා" ලෙසය.  මේ ආමන්ත්‍රණය  පැමිණියේ හදවතින්මය.

 නිසැකවම, ෂ්‍යාඕ චීයේ ඔහුගේ මාර්ගයේ නතර විය.  එහෙත් තවමත් ඔහු ආපසු හැරී බලන්නට කරදර වූයේ නැත.

 චෙන් යැං නැවතත් පවසන්නට විය, "මට දඬුවම් කරන්න කියලා මම ස්වාමියාගෙන් අයදිනවා."

ෂ්‍යාඕ චීයේ තමා පිටත​ට එනතෙක් බලා සිටි සියල්ලන්ම පිටව යන ලෙස සංඥා කරන්නත් අත අසැවූයේ ය.  ශාලාවේ කිසිවකු නොමැකි වූ විට ඔහු චෙන් යැං දෙස බලන්න හැරිණි.  "පුද්ගලයෙක් වරදක් කරලා නැත්තං, දඬුවමක් ලබා දීම ගැන කතා කරන්නේ ඇයි ?"

 චෙන් යැංගේ නළලේ වු දා බිදු  ඔහුගේ දෑස් හරහා ගලා යන්නට විය.  “මේ යටත් නිලධාරියා තමන් සිඳුකල වැරදි අවබෝධ කරගත්තා.”  ඔහු පැවසුවේ ය.

 දිගු නිශ්ශබ්දතාවයකින් පසුව, ෂ්‍යාඕ චීයේ  පැවසුවේ ය, “මේ වසරවලදී, ෂ්‍යාඕ හූයි දේශසීමා වෙත යුධ ගවේෂණවලට දා ග'ව අනුගමනය කරලා තියෙනවා. ඔහු ශ්‍රෙණියෙන් ශ්‍රෙණිය ඉහළ තනතුරු වලට යනවි.  වසර පහක් ඇතුළත ඔහුට තමාගේම නිවසක් සහ ප්‍රදානය කරන ලද නාමයක් ලැබේවි.  ඔබ දෙදෙනාටම පියාණන් විසින්ම තෝරා ගත් හොඳ පුද්ගලයෝ.  චෙන් යැං, අන්අය පසුපස හඹා යමින් එක තැන සිටින ඔබට වඩා , ඔහුට, ෂාඕ හුයිට එවැනි ගෞරවයක් හා විශ්වාසනීය බවක් ලැබෙන්නේ කොහොමද?

 චෙන් යැංගේ දෙතොල් සුදුමැලි විය.  ඔහු මෙසේ පවසන්නට විය, “මේ යටත්වැසියා එහෙම හිතන්න ධෛර්යවත් වන්නේ කොහොමද?  පරම්පරාගත කුමාරයාට ඔහුගේම බලයක් තියෙනවා.  නමුත් මගේ ස්වාමියා තමයි මගේ ආධාරකය !  ෂාඕ හුයි සහ මම එකම වංශයේ සහෝදරයන්.  අපි දුක සහ සතුට බෙදාගන්නවා."

ඔබ මේ නීතිය සත්‍ය ලෙසම වටහා ගන්නවනම් හොඳයි.” ෂ්‍යාඕ චීයේ පවසන්නට විට, “එකිනෙකා හා සටන් කරගන්නා සහෝදරවරුන් හා පවුල් කුටුම්භයනුත් එකිනෙකාට අසිපත් දිගු කරගන්නවා (2 .) ඒ වගේම අභ්‍යන්තරයෙන්ම ජරාජීර්ණ වෙනවා. පිටස්තරයන් ඔවුන්ටග් චලනයන් සිදු කරන්නේ නැහැ ඔබ ඔවුන් ක​ලින් ඔබේ අවසානය ළඟා කරගන්නේ නැත්තං. ඔබ මාව අනුගමනය කරමින් චූදු වල රුදී සිටියා, හැම කාරණයන් ගැනම ෂාඕ හුයි ට බලාගන්න ඉඩ හැරියා. ඔහුගේ බාල සහෝදරිය චාරිත්‍ර අමාත්‍යාංශයේ උප අධ්‍යක්ෂවරයා සමඟ විවාහ වුණා. ඒ වගේම ඔබ ඇගේ පවුලේ කාර්යයන් සිදු කරලා ඈට  වසන්ත උත්සවයේදී (3.) වගේම අනෙක් උත්සවයන් වලදිත් උපකාර කළා. ඔබට විශාල දායකත්වයක් ලබා දෙන්නත් විශාල කර්තව්‍යයන් ඉටු කරන්නත් අවශ්‍ය නම් ඔබට කැමැත්තෙන් හා ආත්මයෙන් සටන් කළ හැකියි, නමුත් සදාචාරාත්මක මූලධර්ම සම්බන්ධයෙන් එය එසේ නෙමෙයි. 

 යහපත් මිනිසෙකු බවට පත් කරන්නේ ධර්මිෂ්ඨ හැසිරීම සහ වීර ආත්මයයි.  ඔහු සමඟ තරඟ කරන්න ඔබට ඇති බය සහ හදිස්සිය මොකක් ද?  ෂාඕ හුයි නම් ඊයේ සිදු වූ දේ වෙන්න ඉඩ තියන්නේ නැහැ, මොකද ඔහුය දා ග' ගේ ගෞරවය ගැන සළකාබලන්න වෙන නිසා.  ඔබ දැන් අධිරාජ්‍ය හමුදාවේ ආරක්ෂකයින්ගේ ප්‍රධානියා වුනත්, ඔබ තවමත් අන් අය තුළ විශ්වාසය ඇති කරන්න එම උපක්‍රමය මත විශ්වාසය තබන්න වෙනවා. ඔබ අනිත් අයගේ තෘප්තිය වෙනුවෙන් ,  ඔබේ ස්වාමියාගේ ගෞරවය අන් අයට පාගා දමන්න පවා ඉඩ දුන්නා .  තන්තායි හූ පැමිණියේ  ජොංබෝ වලින්.  ඔබ එ්ක හොදින් ම දන්නවා.  නමුත් ඔබ ඔහුව ඊයේ දින ලැයිස්තුවට මාරු කළේ ඔහුගේ කෝපය සහ අමනාපය පිට කරවන්න නේද.  ඉතින්, ඒ මොකටද, චෙන් යැං?  අනිත් අයව දිනවන්න මේ වගේ ක්‍රීඩා  කරන්න වෙන තරමටම රැවටෙන්නද ඔබ මාව අනුගමනය කරන්නේ ?  ඔබ එක තෘප්තිමත් මොහොතක් වෙනුවෙන් , ඔබේ ස්වාමියාගේ ගෞරවය විනාශ කරන්න මදක්වත් පසුබට නොවේවි."

පසුතැවිල්ල සහ තම නින්දාවෙන් තැතිගත් චෙන් යැං හිස පහත් කරගත්තේ ය “මම ස්වාමියා ය පහතට ඇද දැමුවා...”

 "ඔබ ඔබවමයි පහතට ඇද දැමුවේ."  ෂ්‍යාඕ චීයේ හදිසියේම උදාසීන හඬකින් පැවසුවේ ය, “ඔබ එය තේරුම් ගත් පසු ආපසු රාජකාරියට එන්න.  මේ දින කිහිපයට ගු ජින්ට මා සමඟ එන්න ඉඩ දෙන්න.

 විස්මයට පත් වූ චෙන් යැං බිම දණ ගසා හිඳ හිස ඔසවද්දී ෂ්‍යාඕ චීයේ තිරය ඔසවා පිටතට යන අයුරු බලා සිටියේ ය.

          

අවසානයේදී ශෙන් ස'චුඇන්ට ඊයේ රාත්‍රියේ සිත් සේ නිදාගන්නට ඉඩ ලැබී තිබුණි. ඔහු අශ්ව කරත්තය ට ඉදිරියෙන් සිටගෙන උණුසුම් සුසුම් හෙලමින් රාජාලියා හිම සහිත අහසේ සැරිසරන අයුරු බලා සිටියේ ය.

ෂ්‍යාඕ චීයේ දොරෙන් පිටතට පැමිණෙ අශ්ව කරත්තයට ගොඩවිය.  ගූ ජින් ශ්ව තෝන් ලණුව අතට ගෙන ශෙන් ස'චුආන්  දෙස බැලුවේ ය.

ශෙන් ස'චුආන්  ඔහු දෙස නොබැලුවේ ය.. තිරය මදක් මෑත් කළ ෂ්‍යාඕ චීයේ ඔහුට තම දෑසින් සන් කරන්නට විය.

ශෙන් ස'චුඇන්ට හසිසියේ ම සිය පිටුපසින් අධිරාජ්‍ය හමුදාවේ දෑස් ගල්ගැසුනාක් මෙන් තමාදෙස මුළු රැය පුරාවටම බලා හිදි ආකාරය දැනෙන්නට විය. ඔහු ෂ්‍යාඕ චීයේ ට සිනහවකින් සංග්‍රහ කර ඔහුම එහි ඇතුලට පැමිණෙන්නට විය.

ගූ ජින් පදවද්දී , කරත්තය ගමන් කරන්නට පටන් ගත්තේ ය.

ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්  ට දෑත් උණුසුම් කරගන්නට ඉඩ ලබා දුන්නේ ය.. ශෙන් ස'චුආන්  එය පිළිගත් විට, ෂ්‍යාඕ චීයේ ඒවා ඔහුගේ අත්ල මතුපිටින් තැබුවේ ය.

හුඟක් ශීතලයි.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.

ශෙන් ස'චුආන්  සිය ඇගිල්ලක් එසැවූයේ ෂ්‍යාඕ චීයේ ගේ හස්තය තල්ලු කරන්නට ය. ඔහු බිත්තිය මතට වාරු වී උණුසුම් කරවනය භාවිතා කරන්නට විය.

ෂ්‍යාඕ චීයේ අසන්නට විය, “ඔබ එතරම් සතුටින් වගේ පෙනෙන්නේ නැහැ.”

ශෙන් ස'චුආන්  සිය දෑත් උණුසුම් කරගනිමින් පවසන්නට විය., “මම ඉන්නේ සතුටින්.” ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා මදහසක් සමග පවසන්නට විය, “දෙවන තරුණ ස්වාමියා  මා වෙනුවෙන් ඉදිරිපත් වෙලා මට දුෂ්කරතාවයෙන් මිදෙන්න උපකාර කිරීම ගැන මට සතුටක් දැනෙනවා.”

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “මේ දෙවන තරුණ ස්වාමියා එය කළේ කිසිවෙකුත් නිසා නෙමෙයි.”

ඒක එහෙම වෙන්න පුළුවන්.” ශෙන් ස'චුආන්  පැවසීය, “දැන් කීර්තිමත් භාවය ස්ථාවර වී තියෙන නිසා , ඔබ ඔවුන් ට ත්‍යාග පිරිනමන්න යන්නේ කවදද?(4.) මට ආරක්ෂකයෙක් වෙන්න එතරම් දවස් ඉතුරුවෙලා නැහැ. ඔබට මාව භාවිතා කරන්න අවශ්‍ය නම් , ඔබ ඉක්මන් වෙන්න ඕනේ.”

ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා සිටියද කිසිවක් කීවේ නැත.

 විවේකී ඉරියව්වකට සමාන ඉරියව්වකින් ශෙන් ස'චුආන්  ඔහුගේ නිකට තරමක් එසවීය.  ඔහු හුස්ම හෙළා විරාමයකින් පසුව පවසන්නට විය, “අන් අය පාලනය කරද්දී මාව ඔබේ ඉතිතෙක් කරගන්න එපා .  ශෙන් ලන්චෞහොඳ ඉලක්කයක් වෙන්න පුළුවන්.  ඔහුව ඔබ ඉදිරියෙහි තබාගන්න, එවිට ඔබට ඔබව ආරක්ෂා කර ගන්නත් සහ කොටියා බිය ගන්වන්නත් හිතාමතාම ශක්තිය පෙන්වන්න පුළුවන්. (5.) සමහර විට ඔහුට ඔබේ සයනය උණුසුම් කරන්න පවා හැකි වේවි.  එක ගලෙන් කුරුල්ලන් තුන්දෙනෙක් මරා දමන මෙවගේ ක්‍රියාවක් සොයා ගන්න එක ඇත්තෙන්ම අපහසුයි.  ෂ්‍යාඕ'එර් , ඔබ ඇත්තටම සිත් ඇදගන්නා සුළුය අයෙක් "

 මැදිරියට පිටතින් මිනිස් කටහඬවල් ඇසෙන්නට ගත් අතර මැදිරිය තුළ වා තලය එන්න එන්නම බරෙන් වැඩි විය.  පුද්ගලයන් දෙදෙනාම එකිනෙකාගෙන් අඟල් කිහිපයක් දුරින් සිටියද, ඔවුන් ස්වභාවික අගාධයකින් වෙන් වී ඇති බවක් පෙනෙන්නට තිබුණි.  මැදිරිය ගමනාන්තයට පැමිණි විට ගු ජින් උපායශීලීව ඔවුන්ට බාධා නොකිරීමට තරම් සැලකිලිමත් වූයේ ය.

 තමාගේ දෑත් උණුසුම් කර ගත් ශෙන් ස'චුඇන්, අත උණුසුම් කරගෙන එය කුඩා මේසය මත තැබුවේ ය, “මොනතරම් අනුකම්පා සහගත ද? ” ඔහු පවසන්නට විය.

 ෂ්‍යාඕ චීයේ  "මොකක්ද?"

 "හැමෝම හිතනවා ඔබ හැමදාම රෑට හිතේ හැටියට ප්‍රීතියෙන් ගත කරනවා කියලා" ශෙන් ස'චුආන්  සිය දත් ලෙවකමින් ඔහුට පවසන්නට වූයේ උදාසීන ලෙසය.  "ෂ්‍යාඕඑර් , ඉක්මන් සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන ල්‍යුෂ්‍යා හුයි  කෙනෙක් බව කවුද දැන සිටියේ? මම මීට පෙර ඔබේ කෙල බිදක්වත් ස්පර්ශ කරලා තිබු​ණේ නැහැ, ඒ නිසා ඔබ මා සමග රමණය කිරීම ගැන කතා කරන්න එපා. ”

 ඒත් සමඟම ඔහු තිරය ඔසවා කරත්තයෙන් බැස පිටත්වෙන්නට  උත්සහ කළේ ය. ෂ්‍යාඕ චීයේ ක්ෂණික ව ඔහුගේ ඉණ පටිය අල්ලාගනු ඇතැයි අපේක්ෂා කළේ කවුද?

 "ඒක නිවැරදියි."  ෂ්‍යාඕ චීයේ සෙල්ලක්කාර ලෙස සිනාසුණේය.  “බලන්න, ඔබ සයනය මතත් අසිපත් හරස් නරන්න කොතරම් ආශාවෙන් ඉන්නවද කියලා.  මම ඔබේ කැමැත්තට එකඟයි."

  "මට එවැනි දරුණු දෑසු  ඇති කිසිවෙක් අවශ්‍ය වෙන්නේ නැහැ." ශෙන් ස'චුආන්  පැවසුවේ ය.

 තිරය සෙලැවිණ.  ඔහු ඒ වන විටත් කරත්තයෙන් බැස තිබුණි.

 ෂ්‍යාඕ චීයේ ගේ ගේ ඇඟිලි තුඩු හිස් විය.  ඔහු ඒවා දිගුකලේ  ඔහුට එය තව තවත් අවශ්‍ය වූවාක් මෙනි.

         

තන්තායි හූ ගේ සිදුවීමෙන් පසු, අධිරාජ්‍ය හමුදාව පිටතට පැමිණෙන්නට තරම් නිර්භීත නොවුණෝය.  ඔවුන් සියල්ලෝම තම වලිගය තම දෙපා අතර තබාගෙන සුනකයන් මෙන් හැසිරුණු අතර, සරත් දඩයමට පෙර සිටි ආකාරයටම ආපසු අනුවර්තනය වෙන්නට පටන් ගත්හ.  චෙන් යැං, දැන් පෙරටත් වඩා විචක්ෂණශීලී වූ අතර, අන් අය කරදර ඇති කරන විට ඇස් වසා හිදීමට තරම් එඩිතර වූයේ නැත.  ඔහු මීට පෙර ලිබෙයි වෙතට ගොස් ආ අතර, දින කිහිපයකට පසු චූදු හි සීතල දරුණු විය, එබැවින් ඔහු රාජකාරියේ යෙදී සිටි සෑම දිනකම ඔහුගේ පාද රිදුම්දෙන්නට ගත්තේ ය.

දිනක් රාත්‍රී ආහාරයෙන් පසු ෂ්‍යාඕ චියේ ඖෂධීය ආලේපන බෝතල් කිහිපයක් චෙන් යැංට ලබා දුන්නේ ය.  චෙන් යැං ආපසු ගොස් ඒවා විවෘත කළ විට, ඒවා වසර කිහිපයකට පෙර යිගුයි උතුමාණන්ගෙන් ෂ්‍යාඕ ජිමිංට ලැබුණු වටිනා ආලේපන බව හදුනාගන්නට සමත් විය.  ඔහුට නැවතත් තමාටම නින්දා කරගැනීම වළක්වා ගත නොහැකි විය.  එතැන් සිට ඔහු තම වැඩ කටයුතුවල දී වඩාත් උනන්දුවෙන් කටයුතු කළේය.

 අනෙක් පැත්තෙන්, තන්තයි හු නිවසට ගොස් දින කිහිපයකට පසු දැඩි දුෂ්කරතාවයන්වලට මුහුණ දෙන්නට සිදු විය.  ඔහුගේ පවුලේ සියලු දෙනා මිය ගොස් ඇතත්, ඔහු ෂොංබෝ වෙතින් දරුවන් තිදෙනෙකු හදා වඩා ගන්නට ගත් අතර, ඔවුන් සියල්ලෝම ඔහුගේ වැටුපෙන් ජීවත් වූහ.  ඔහු විවාහකයකු ද නොවූ නිසා නිවසේ කටයුතු කළමනාකරණය කිරීමට ඔහුට බිරිඳක් සිටියේ ද නැත.  සෑම මසකම ඔහුට ලැබුණු සියලුම මුදල් කිසිවක් ඉතිරි නොවන තෙක් වියදම් විය.  මේ වන විට ඔහුට සහල් සහ නූඩ්ල්ස් හිඟයක් පවතින අතර, ඔහුටද අලුත් අවුරුද්දට සූදානම් වීමට සිදු විය.  ඔහු දෙංජෞ හි ප්‍රවීණයෙකු වූ අතර, ඔහුට චුදූ හි මිතුරන් ද සිටියහ.  නමුත් ඔහු සෑම විටම අන් අය ගැන සැලකිලිමත් විය.  දැන් තමාගේ වාරය නිසා අනුන්ගෙන් ණයට මුදල් ගැනීමට අදිටන් කරගත්තේ සිය දරුවන්ට ආහාර ලබා දීම වෙනුවෙන් ය. නමුත් එය දිගුකාලීන විසඳුමක් ලෙස නොපෙනුණි.

 චෙන් යැං පැමිණ ඔහුගේ දොරකඩ පෙනී සිටින විට තන්තායි හූ ණය මෝරෙකු වීමටත් අන් අය සමඟ ණය එකතු කිරීමත් පිළිබඳ සිතමින් සිටියේය.

 "අලුත් අවුරුද්ද අත ළඟ" චෙන් යැං මුදල් පහතට දමා කීවේ ය.  "ඔබේ පවුලෙ ළමයි තුන්දෙනෙක් ඉන්නවා කියලා ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ට තාම මතකයි."

 තන්තායි හූ පුටුවේ හිඳගත් විට ඔහුගේ මුහුණ ඉවතට හරවා ගත්තේ ය , “මම තවදුරටත් අධිරාජ්‍ය හමුදාවේ භටයෙක් නොවන නිසා, මට අධිරාජ්‍ය හමුදාවෙන් මුදල් භාර ගන්න හේතුවක් නැහැ.”

 "ඔබ සැබවින්ම නිර්භීත කොටියෙක්."  චෙන් යැං දරුණු මුහුණකින් කීවේය.  “ඇයි ඔබ තවමත් ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා  සමඟ කේන්ති අරගෙන ඉන්නේ ඇයි?  ඔබ එදා බොහෝ දෙනෙක් නරඹමින් ඉන්නකොට ශෙන් ස'චුඇන්ට පහර දුන්නා. ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ට ඔබ දක්වපු ගෞරවය කොහෙද?  හමුදා විනය තුළ ඕනෑවට වඩා බහින්බස් වීම ප්‍රධාන තහනම් දෙයක්.  ඔබ මෙච්චර කාලයක් උප හමුදාපති කෙනෙක් වෙලා හිටියා.  මට කියන්න එපා ඔබට ඒක වැටහෙන්නේ නෑ කියලා."

තන්තයි හූ පවසන්නට විය, “මම මොනවා කරන්න ද?  මට ශෙන් අටවැනියා දකින විට, මට මගේ දෙමාපියන් මතක් වෙනවා!"

 චෙන් යැං සුසුම්ලමින් මෙසේ පැවසුවේ ය, “එ්ක එහෙම වුනත්, ඔබට එහි ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමාට අවමන් නොකර ඉන්න තිබුණා.  අවුරුදු කිහිපයක් ඔහු ව අනුගමනය කළා​ටත් පස්සේ , ඔබට ඔබේ කටවහගෙන ඉන්න බැරිවුණේ ඇයි"

 තන්තයි හූ හිස පිරිමැද්දේය.

 චෙන් යැං තවදුරටත් කියා සිටියේ, “මමත් වැරදියි.  ඔබ ආවේගශීලි බව මම දැන සිටියත් මම ඔබව නැවැත්තුවේ නැහැ.  ඔබ වරදක් කළානම් ඔබේ වරද පිළිගන්න, ඔබට මොනවගේ දඬුවමක් ලැබුනත් ඔබේ දඬුවම පිළිගන්න.  සැබෑ මිනිසෙකුට තාවකාලික කඩාවැටීම් සහ තත්වයන්ට අනුවර්තනය වෙන්න හැකි වෙන්න ඕනේ.  ඔබ සැබෑ වීරයෙක් කියලා හිතන්නත් කළින් ඉවත්වෙලා යන්න ඕනේ ද? ”

 එහෙනම් මම මොනව ද කරන්නේ?  මම දැනටමත් ඉණ අවසරපත භාර දීලා තියෙන්නේ! " තන්තායි හූ මේ කාරණය කතා කළ විට, ඔහුට කණගාටුවක් සහ දුකක් දැනුනි, “මම වසර පහක් ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ව අනුගමනය කළා වගේම සරත් දඩයමේදී මම අස්ථි රිදෙනකල්ම වැඩ කළා.  අධිරාජ්‍ය හමුදාවට අවසානයේ තමන්ටම නමක් දිනා ගැනීම පහසු වුනේ නැහැ.  ඒ නරි පෝතකයා දවස පුරාම ඇතුලට ගිහින් ඉන්නවා දැක්කම බය හිතෙනවා!  ඔහුගේ පෙනුමෙන්... මම ඇත්තටම බය උනා ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ගේ අනාගතය විනාශ වෙයි කියලා!  මම කනස්සල්ලට පත්වෙලා හිටියේ, මම ඔහුට මරණය වෙනකල්ම වෛර කළා!  දිං තාඕ එය ඔහුගේ වරදක් නෙමෙයි කියලා පවසනවා ඇහුණා.  ඒක හරි, කවුද ඒක නොදන්නේ?  නමුත් ඔවුන් මගේ සපත්තුවේ සිටියා නම් එය දරාගන්න පුළුවන් කාටද?  මැරුණේ මගේ දෙමව්පියෝ සහෝදරයෝ මිසක් පාර අයිනේ සුනකයෙක් නෙවෙයි!”

 චෙන් යැං ද නිහඬ විය.

 තන්තායි හූ සිය හිස පහතට නමාගෙන හිඳ මුහුණ පිස දමන්නට විය.  කැළලක් සහිත මුහුණක් ඇති මිනිසා අතීතය සිහිපත් කරන විට තවමත් කඳුළු සැලුවේය.  ඔහු හඬා වැලපෙමින් මෙසේ පැවසීය: “තමන් වෛර කරන පුද්ගලයෙක් තමා ඉදිරිපිට දකින කිසිවෙකු සතුටු වෙන එකක් නැහැ, එ් වගේ සතුරෙක් ව වුනත්.  එම වසරේ ජොංබෞ භටයන් පරාජය වුනාම... චෙන් යැං, දිවි ගලවා ගත්ත අපි සියල්ලන්ටම අපේ පවුල් විනාශ වෙලා අහිමි වුනා, අපි ඔවුන්ගේ දත්වලින් යන්තම් ගැලවිලා ආවේ!  කවුද අපිට අනුකම්පා කරන්නේ?  බලන්න මගේ ගෙදර ඉන්න ළමයි තුන්දෙනා දිහා.  ජීවත් වීමට බ්‍යැන්ෂා අශ්වාරෝහක අශ්වයන්ගේ කුර යට මඩ හාරන්නට සිදුවන අනාථයන් බවට පත් වෙන්න කලින් ඔවුන් වචන කිහිපයක් හදුන ගන්නවත් හැකි ව තිබු​ණේ නැහැ.  අපි හැමෝම පහත් සත්තු ටිකක් විතරයි."

 චෙන් යැං ඔහුට තට්ටු කරමින් ඔහු මඳක් සන්සුන් වන තෙක් බලා සිටියේ ය, “නමුත් දැන් ඔබ අධිරාජ්‍ය හමුදාවට බැඳුණට පස්සේ, ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා යටතෙයි වැඩ කරන්න ඕනේ.  හූ ස', අවුරුදු පහකට කලින් , ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා අධිරාජ්‍ය හමුදාව භාරගන්නකොට, ඔහුට ඔබ වගේ  දේශයට අයත් නොවන හමුදා ගෘහයන් බඳවා ගන්න අවශ්‍ය වුනා, නමුත් යුද අමාත්‍යාංශය එකඟ වූයේ නැහැ.  ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා කියපු දේ තාම මතකද?"

 තන්තායි හූ ගේ උරහිස් මදක් වෙව්ලන්නට විය.

 චෙන් යැං තවදුරටත් කියා සිටියේ ය “ඔබට අදටත් සොල්දාදුවෙකු වීමට අවශ්‍ය වෙන්නේ එදා සෙනෙවිතුමා පැවසූ දෙය නෙමෙයි ද - 'අපේ පවුල්වල ආරවුල්වලට තවමත් පළිගැනීමට නොහැකි වී තියෙනවා වගේම, අපේ ජාතියට සිදු වූ නින්දාවට තවමත් පිළියම් ලැබී නැහැ." ?  අධිරාජ්‍ය හමුදාව දිනක කඳුකරයෙන් පිටත අශ්වයන් පිට නැඟී යාවි.  අද තවත් මිනිසෙකුට දොස් පවරනවාට වඩා එදා ඔබේම දෑතින් සතුරන් මරා දැමීම සතුටට කරුණක් නෙමෙයි ද?  කාලයත් සමඟ ඔබට මේ සියල්ල අමතක වුනෙ කොහොමද?! ”

 තන්තයි හූ පැවසුවේ ය, “මම කොහොමද අමතක කරන්නේ?  මට ඒක දවසක්වත් අමතක වෙලා නෑ.  මම මේ ජීවිතය ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ට දුන්නේ ඔහුට අවශ්‍ය පරිදි භාවිතා කරන්නයි , ඒ සියල්ල එළඹෙන දිනයක් වෙනුවෙනුයි"

 "එතකොට ඔක්කොම විසදෙනවා නේද?"  චෙන් යැං නැඟිට තන්තායි හූ වෙත මුදල් තල්ලු කළේය.  “සහෝදරයන් එක රැයකින් එකිනෙකා එක්ක තරහා ගන්නේ නැහැ.  ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා අපිට සලකන්නේ සහෝදරයෝ වගේ.  මේ මුදල උතුමාණන්ගෙන්මයි.  ඔබ වසන්ත සැණකෙළිය සැමරූවාට පස්සේ , ඔබේ මුල් සංචිතයට ආපසු ගිහින් , තනතුරු ලබාදෙන නිළදාරිවරයා ළඟට ගිහින් ඉණ අවසරපත ඉල්ලගෙන , ඔබේ රාජකාරිය හොඳින් කරන්න."

 මිශ්‍ර හැඟීම් ඇතිව, තන්තයි හූ දොරෙන් පිටතට යනු  චෙන් යැං දුටුවේය.

 චෙන් යැං ආපසු පැමිණි විට ශෙන් ස'චුඇන්ට දකින්නට ලැබුණේ ය.  දෙදෙනාම සෙවණ යට එකිනෙකාට ආචාර කරගත්හ.  ඔහු තිරය ඔසවා ඇතුලට යන විට, කාරණය සිදුවී අවසන් බව ශෙන් ස'චුඇන්ට වැටහුණේ ය.

 බිම පතිත වන හිම දෙස බලා සිටි ශෙන් ස'චුඇන්ට අධික අලස බවක් දැනේනට විය.

 මේ වැනි භයානක පුද්ගලයෙකුට ඔහු සත්‍යවාදී නම් ව්‍යාජ වෙස් ගන්නටත්, අසත්‍ය සත්‍ය සේ හඟවන්නටත්.  අනෙක් අයට ඔහු පළ කළ කරන ප්‍රකාශය ප්‍රීතියෙන් යුක්තද , එහි ඇත්තේ ශෝකජනක බවක් ද කෝපයක් ද කියා පැවසිය නොහැකි සේම ඔහු අවංකද එසේත් නැතිනම් ව්‍යාජ චේතනාවන්ගෙන් පිරී තිබුනෙවාද යන්න ඔවුන්ට අනුමාන කළ නොහැකි වන්නේ ය.

 චෙන් යැං පිටතට පැමිණීමට එතරම් වෙලා ගත නොවුණි. ඔහු තිරය එසවූ අතර, ශෙන් ස'චුආන්  දෙසට හිස යොමා, "ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ඔබ සමඟ ආහාර ගන්න බලාගෙන ඉන්නවා" යැයි පැවසීය.

 ශෙන් ස'චුආන්  හැරී බැලූ විට ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා සිටිනු දකින්නට ලැබිණි.

අරැත් පැහැදිලි කිරීම

 

1. Jixiao Xinshu ලියන ලද ඵලදායී හමුදා විනය පිළිබඳ නව අත්පොතකි.  එය ජපන් මුහුදු කොල්ලකරුවන්ගේ ආක්‍රමණයෙන් චීනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මිං රාජවංශයේ ප්‍රධාන හමුදාපතිවරයෙකු වූ Qi Jiguang විසින් 1560 දී ලියන ලද හමුදා අත්පොතකි

 

 2.  අභ්‍යන්තර ආරවුල් අදහස් කරයි.

 

 3. චන්ද්‍ර දින දර්ශනයේ පළමු මාසයේ පළමු දිනයේ සිට නව වසර ආරම්භය සමරන වසන්ත උත්සවය.

 

 4. හමුදා මූලෝපාය පිළිබඳ (1 පාද සටහන බලන්න ත(  මෙයින් අනුගමනය කරන මීළඟ පියවර වනුයේ කරුණාවෙන් ඔවුන් දිනා ගැනීම සහ ඔවුන් සමඟ මිතුරු වීමයි.  සොල්දාදුවන් ඔබ වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ එවිට ය. 

 

 5.  අනතුරු ඇඟවීමක් ලෙස හිතාමතාම ශක්තිය පෙන්වීම.

 6.) .  වචනාර්ථයෙන් වෘකයා සහ කොටියා (හෝ විලෝපිකයන්), දුෂ්ට හා අනුකම්පා විරහිත පුද්ගලයෙකුට ද යොමු කරයි

 

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-