පෙරදින රැයේ තිබූ කෙළිලොල් ස්වභාවය ෂ්‍යාඕ චීයේ වෙතින් පහවගොස් ඇති සෙයක් පෙනෙන්නට තිබුණි. ඔහු තම අශ්වයා වීදිය දිගේ ඉදිරියට ගෙන ගිය අතර, වීදි දෙපස කඩ සාප්පු වෙළෙන්දන්ගෙන් අතෘප්තිකර කෑගැසීම් වටපිටාවේ නැගෙන්නට විය. ෂ්‍යාඕ වංශ කුමරුගේ කුටුම්බයේ සිට අශ්ව කරත්තය දකින්නට ඔහු මාලිගාවේ දොරටුව වෙත වේගයෙන් ගියේය.
ෂාඕ හුයි ෂ්‍යාඕ චීයේ වෙනුවෙන් තිරය ඔසවා දැනුම් දුන්නේ ය, “දෙවන තරුණ ස්වාමියා පැමිණ සිටිනවා.”
ඔහුගේ දණහිසට අත තබාගෙන, ෂ්‍යාඕ ෆංෂු කරත්තයෙන් පිටත බලන්නට විය. ඔහුගේ බැල්ම ඔහුගේ බාල පුතු පසුකර ගොස් ඔහුගේ පසුබසින් අශ්වයා පැඑන පුද්ගලයා - ශෙන් ස'චුආන් වෙතට පතිත විය. ඔහු මොහොතකට නතර වුනද කිසිවක් පැවසුවේ නැත. ෂ්‍යාඕ චීයේ ඔහු වෙතට ආ පසු, ඔහුට ෂ්‍යාඕ චීයේ ගේ මුහුණේබවූ නැළල දකින්න ලැබුණේය.
“ඔබ ඊයේ රාත්‍රියේ මොනවද කළේ?”
“මම මධුවිත පානය කරන්න ගියා.” ෂ්‍යාඕ චීයේ සිය අශ්වයාගේ ගෙල බදාගනිමින් අශ්ව කසයද අතැතිව සිනහසෙන්නට විය. “මට වෙලාව ගැන අමතක වුනා. මම අවදි වෙද්දී හුගක් පරක්කු වෙලා තිබුණා. පියාණෙනි, ඔබ සාකච්ඡාව අවසන් කළාද?”
ෂ්‍යාඕ ෆංෂු හිසෙන් පෙන්වමින් ඇසුවේ ය, “අර ශෙන් වෙයිගේ පුතා ද?”
සරත් සුළග හදිසියේම ශෙන් ස'චුඇන්ගේ මුහුණට පහර දෙන්නට විය. එය ඔහුගේ නළලත පසුකර ගියේ ය. ෂ්‍යාඕ ෆංෂු ගේ දෑස් හමුවූ විට ඔහුගේ සිරුර පඅරා ශීතල හිරියක් ගලා ගියේ ය.ඔහු නොසන්සුන් ලෙස තෝන් ලණුවේ ග්‍රහණය දැඩි කරගත්තේය.
නමුත් ෂ්‍යාඕ ෆංෂු කිසිත් නොකළේ ය.
ලිබෙයි හි පැරණි වෘක රජුගේ මුහුණ සුදු පැහැ ගත්තේ ය. ඔහු අශ්ව කරත්තයේ වාඩි වී සිටියද, යමෙකුට ඔහුගේ අසාමාන්‍ය උස හඳුනාගෙන මවා ගත හැකිය. ඒ අණදීමේ ස්වරූපය කිසිවකුට එක රැයකින් වර්ධනය කළ හැකි දෙයක් නොවී ය. එය මළ සිරුරු කන්දකින් සහ රුධිර සමුද්රයකින් ඔප් නැංවූ තේජාන්විත අභිමානයක් විය. ඔහුගේ 'අසනීපයට' පවා එය යටපත් කළ නොහැකි තරම් අස්ථි හා රුධිරයෙන් ඔපමට්ටම් වූවක් විය.
ෂ්‍යාඕ චීයේ ගේ ස්වභාවිකවම දායාද වූ, ශක්තිමත් සිරුර සම්පූර්ණයෙන්ම ඔහුගේ පියාගෙන් උරුම වුවක් විය. ඔහුගේ කම්පනයක් ඇති කරනවන තරම් සවිමත් හස්තය, සුවිශේෂී උස, පුළුල් උරහිස් සහ පිටුපස, සහ පුපුරන සුලු වේගයෙන් දිවෙන දිගු පාද, ඔහුගේ පියාගෙන් ලැබුණු ත්‍යාග විය.
මෘදු හා අලංකාර ෂ්‍යාඕ ජීමිං හා සසඳන විට, ෂ්‍යාඕ චීයේ සැබෑම වෘක පැටවා විය. සහෝදරයන් දෙදෙනා එක්ව හිටගෙන සිටින විට යමෙකු ඔවුන් දෙස බැලුවහොත්, වඩාත් ආක්‍රමණශීලී ස්වරූපයක් දැරුවේ ෂ්‍යාඕ චීයේ බවට සැකයක් නොවනු ඇත.
දැන්, වෘකයන්ගේ සැබෑ රජු ශෙන් ස'චුආන් දෙස අවධානයෙන් බලා සිටියේය. තමන්ව පාලනය කරගන්නේ කෙසේදැයි දැනටමත් ඉගෙනගෙන සිටියද, ශෙන් ස'චුආන් තුළ තවමත් පලා යාමට දැඩි ආශාවක් හටගෙන තිබුණි.
මෙය ෂ්‍යාඕ චීයේ ගේ බැල්මට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය. මෙය යමෙකු යටි සිතින් වෙව්ලන ආකාරයේ බැල්මක් විය.
“ෂ්‍යාඕ ෆංෂූ අසනීපයෙන් ඉවත්ව සිටින නිසා ෂ්‍යාඕ ජීමිං ගේ බැබලීමට කාලය එළඔ තිබෙනවා. ෂ්‍යාඕ ජීමින්ට හුඟක් අය බියයි. එහෙත්, ලන්ජෞ, වසර විස්සකට පෙර, සැබවින්ම තම අශ්වාරෝහකයෝ සමඟ දේශසීමා සුරක්ෂිත කළ තැනැත්තා ෂ්‍යාඕ ෆංෂූ යි. අද දෘෂ්ටි කෝණයෙන් බලන කල, චී ශීයූ පැහැදිළිවම පංච අණදෙන නිලධාරියා ලෙස වැඩි බලයක් තියෙනවා, නමුත් ඔහුට කුමාර පදවිය පිරිනමා නැහැ. අධිරාජ්‍ය අණ දෙන ස්ථාන පහ යනු ස්වර්ගයේ පුත්‍රයාට අයත් දෂෞ හි ආරම්භක භූමීන් වෙනවා. නමුත් වලට එය වෙනස්. ලිබෙයි වල විශාල භූමි ප්‍රදේශය ලූෂ්යා තැන්නෙ සිට ඊසාන දෙසින් හොංග්යාන් කඳුවැටියේ අවසානය දක්වා විහිදෙනවා, මේ සියල්ල වෙහෙස මහන්සි වී දිනාගත් භූමියන්, යොංයී වසරවලදී අඟලෙන් අඟල යටත් කර ගන්න ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට නායකත්වය දුන්නේ ෂ්‍යාඕ ෆංෂූ!
“ෂ්‍යාඕ ජීමින් දැන් ලීබෙයි වල සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ අණදෙන නිලධාරියා වෙනවා. ‘හිමකර සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක ගංගාව’—කොතරම් විශ්මය ජනකද? නමුත් මෙම බලගතු අශ්වාරෝහක රෙජිමේන්තුව ස්ථාපිත කළේ ෂ්‍යාඕ ෆංෂූයි. ලීබෙයි අශ්වාරෝහක හමුදාවට බ්‍යැන්ජුන් අණදෙන හමුදා වැනි දිගු ඉතිහාසයක් නැහැ. ඔවුන් බර අශ්වාරෝහක හමුදාවක් විතරයි, යොංයී වසරවලදී බියන්ෂා අශ්වාරෝහක හමුදාව ලුඕෂ්යා තැන්න ආක්‍රමණය කළාම අපේ බාහිර සතුරන්ට දැඩි පහරක් එල්ල කරන්න ෂ්‍යාඕ ෆංෂූ විශේෂයෙන් එය පිහිටෙව්වා. ලීබෙයි හි සටන්කාමීන්, ලීබෙයි සොල්දාදුවන් සහ එල්ලෙන දම්වැල් සහිත ලීබෙයි වල වානේ අසිපත්... ඔබට අද දැකිය හැකි ලීබෙයි හි අශ්වාරෝහක හමුදාවේ සෑම සංකේතයක්ම ෂ්‍යාඕ ෆංෂූ නිසයි ලැබුණේ."
“අෂ්ඨ මහා වංශ දීර්ඝ කාලයක් තිස්සේ චූදු තුළ බලහත්කාරයෙන් මුල් බැසගෙන තිබෙනවා. ඒවා දෂෞ හි තුවාල කැළැල් වගෙයි. ෂ්‍යාඕ ෆංෂූ ගේ තත්ත්වය ලීබෙයි වලදි සුරක්ෂිත නිසා ෂ්‍යාඕ වංශයට හුැා වංශය හා සමානව නැගී සිටිය හැකියි. ෂ්‍යාඕ ෆංෂූ ජීවතුන් අතර සිටින තාක්, ෂ්‍යාඕ වංශය ලිබෙයි වල මුල් බැසගෙන ඇති මව් ශාකය වේව්. වෘකයන්ගේ රජු යන පදවි නාමය කිසිසේත්ම වෙන අයෙකුට සුදුසු නැහැ. ”
ෂ්‍යාඕ චීයේ ආපසු හැරී බැල්මක් හෙලා "... ඔහු ශෙන් වෙයි ගේ පුතා" යැයි පැවසීය.
ශෙන් ස චුඇන් බැසවිත් ෂ්‍යාඕ ෆංෂූ ට සිය ආචාරය පුද කළේ ය.
ෂ්‍යාඕ ෆංෂූ ඔහු දෙස මොහොතක් බලා, "ශෙන් වෙයි දැනටමත් මිය ගිහින්, ඔහුගේ දරුවා අහිංසකයි. හිටපු අධිරාජ්‍යයා ඔබව නිදහස් කර ඇති නිසා, එයින් අදහස් වන්නේ ඔහු ඔබව වරදින් නිදහස් කර ඇති බවයි. ඒත් ඇයි ඔබ මේ කොල්ලා පස්සෙන් යන්නේ?"
ශෙන් ස'චුආන් එක් දණහිසක් නවා ඔහුගේ හිස පහත් කර මෙසේ පැවසී ය, “මෙම නිහතමානී සේවකයා අධිරාජ්‍ය ආරක්ෂකයන්ට පවරා තිබෙනවා. දැන් එය තාවකාලිකව අධිරාජ්‍ය හමුදාව යටතේ පවතින නිසා, මම ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා යටතේ සේවය කරනවා."
"ඉතින් මට පේනවා." ෂ්‍යාඕ ෆංෂූ ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේ ය. "ඇයි ඔප ඔහුට අමාරු කරන්නේ?"
ෂ්‍යාඕ චීයේ සිය මුව තුල වූ තුවාලය ලෙවකෑවේ ය. “මම ඔහුට දේවල් දුෂ්කර කරන්නේ කෙසේද? ඔහු සහ මම දැන් දිවුරුම් දුන් මිතුරන්. ඒක හරි නේද ලන්ජෞ?"
ශෙන් ස'ච්රඇන් දෙස නැවත නොබැලූ ෂ්‍යාඕ ෆංෂු ෂ්‍යාඕ චීයේ සමඟ කතාබස් කරන්නට විය.
ශෙන් ස'චුආන් එක් දණහිසක් නවා ආචාර කරමින් ම ෂ්‍යාඕ චීයේ ගේ නොසන්සුන් මන්දස්මිතයත් ඔහුගේ පියා සිය පුතු ඳෙස බලාහිදින ආකාරයත් එහි වූ වැසි ජල පොකුණෙන් දුටුවේ ය. වැහි බිංදු වැහි පොකුණෙහි දර්ශනය වියවුල් කළේය.
ශෙන් ස'චුආන් සිය දෑස් ඉවතට ගත්තේ ය
ෂ්‍යාඕ ජීමිං පැමිණෙද්දී ෂ්‍යාඕ ෆංෂූ පිටව තිබුණි. චී යජූයින් ද ඔහු සමඟ පියවර කිහිපයක් ඇවිද ගොස් හදිසියේම ඇසුවා ය
“ඒ කවුද?”
ෂ්‍යාඕ ජීමිං ෂ්‍යාඕ හූයි දෙස බලා, "ඒ ශෙන් ස'චුඇන්" යනුවෙන් ප්රකාශනයේ වෙනසක් නොකරම පිළිතුරු දුන්නේය.
චී ජූයින් හිටිවනම මාර්ගයේ නතර වී යම් විස්මයකින් මෙසේ කීවාය, “ශෙන් වෙයි ගේ පුතා? ඔහු ආ-යේව අනුගමනය කරන්නේ ඇයි?"
ෂ්‍යාඕ ජීමිං පැවසුවේ ය, “ඒ-යෙ සෙල්ලක්කාරයි. බොහෝ දුරට, ඔහු ඔහුට දේවල් දුෂ්කර කරනවා ඇති. ”
චී ජූයින් බොහෝ වේලාවක් බලා සිටියා ය, “ඔහුගේ පෙනුම ඉතා විශිෂ්ටයි. ඔහුගේ මව දුඅන්ජෞ හි නර්තන ශිල්පිනියක් බව මට ආරංචි වුණා. වාසනාවකට වගේ, ඇය දුඅන්ජෞ හි නර්තන ශිල්පිනියක් මිස සංජුන් අණදෙන නිලධාරියා නෙමෙයි.
සේනාධිනායක චී ශීයූ සුන්දරියන්ට බොහෝ ඇලූම් කළේ ය. ඔහු රූමත් තරුණියක් දුටු විට දෙපා නොසෙල්වන මිනිසෙකි. චී ජූයින් ට සහෝදරයන් සිටියේ ඉතා ස්වල්පයක් වුවද, ඇයට ගණන් කළ නොහැකි තරම් ශීන්යැන් ලා නිවසේ සිටියෝ ය.
"ඒ ගැන කිව්වොත්." චී ජූයින් පසෙකට හැරුණා ය. “ආ-යේට දැනටමත් අවුරුදු විසිතුනයි නේද? ඔහු බිරිඳක් පාවාගන්නේ නැද්ද?"
"යීෂි ද ඔහු නිසා කනස්සල්ලට පත්වෙලා ඉන්නවා." ෂ්‍යාඕ ජීමිං පැවසීය. “බලවත් හා ගෞරවනීය වංශයක උතුම් කාන්තාවක් විවාහ කර ගන්න ලිබෙයි වලට අවශ්‍ය නැහැ. පිරිසිදු පසුබිමක් ඇති සාමාන්‍ය පවුලක ගැහැණු ළමයෙකු පමණක් ප්‍රමාණවත්. යීජී සෑම වසරකම ඔහු වෙනුවෙන් ඇය තෝරා ගත් සියලුම ලීබෙයි කාන්තාවන්ගේ ඡායාරූප චූදු වෙත යවමින් සිටියා, නමුත් ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඔහුගේ සිත් ගත්තේ නැහැ.”
චී ජූයින් සිනාසුණා ය. “වංශවත් කාන්තාවෝ උඩඟුයි. ඇයට ඔහු සමඟ සෙල්ලම් කළ නොහැකියි. සාමාන්‍ය ගැහැණු ළමයි ඉතා ලැජ්ජාශීලීයි; ඇය ඔහු අසල සිටින විට ඇය බියට පත් වේවි. අනික ඔහුගේ ඒ කේන්තිය දරාගන්න තරුණියෝ කී දෙනෙක්ට පුලුවන් වේවි ද? ඔහු ඇත්තටම ආදරය කරන කෙනෙකු සොයා ගැනීම ස්වර්ගයට නැඟීමට වඩා දුෂ්කර යි. ඒ විතරක් නෙමෙයි, ඔහු විනෝදකාමී නිවාසවල මංතීරුවලට යන්නත් ප්‍රියයි. ඔබ ඔහු ගැන විමසිල්ලෙන් සිටීම වඩා හොඳයි, නැත්තං ඔහු යම් දිනක විවාහ වීමට ආචාරශීලී කෙනෙකුව නැවත ගෙන ඒවි."
චී ජූයින් ඇගේ කුඩම්මාලා සියල්ලෝම චීදොං හි ප්‍රසිද්ධ ආචාරශීලී අය බව දැන සිටියාය. ඔවුන් දවස පුරා ඒවැනි දෑ කකාබස් කරනු ඇත, ඇය නිවසට පැමිණි මොහොතේ එය ඇයට නිතරම හිසරදයක් ඇති කළේ ය. ඒ නිසාම ඇය කුඩා කල සිටම ආගන්තුකයන් පිළිකුල් කළාය.
"ඔහු කැමති කෙනෙකුව ඔහුට ඇත්තටම මුණගැසුනොත් නම් ඔහුව නතර කළ හැක්කේ කාටද?" ෂ්‍යාඕ ජීමිං දිගු සුසුමක් හෙලුවේ ඔහු කීවේ හිසේ කැක්කුමකින් පෙලෙන්නා සේය "මිනිසුන් දහ දෙනෙකුටවත් ඔහුව ගෙදර ගෙන එන්න නොහැකි වේව්."
"ඔබ වර්ෂාධික දින වෙනුවෙන් සූදානම් වෙන එක වඩා හොඳයි." චී ජූයින් මොහොතක් කල්පනා කළා ය. “අනෙක් ඕනෙම දෙයක් කමක් නැහැ, නමුත් ඇගේ පෞරුෂය ඕනෑවට වඩා දැඩි නොවිය යුතුයි. ඔබේ යීජී ස්වභාවයෙන්ම මෘදුයි. තරහක් තියෙන කෙනෙක්ව ගෙදර ගෙනාවොත් යිෂිට හැමදාම අපකීර්තියක් විඳින්න වෙනවා නේද?"
“කිසිවක් තවම හැඩ ගැහෙන්ව පටන් ගෙන නැහැ.” 3 ෂ්‍යාඕ ජීමිං හදිසියේම මහ හඬින් සිනාසුණේය. "තවමත් කල් වැඩියි."
"විවාහ කියන්නේ අනපේක්ෂිත දෙයක්." චී ජූයින් ද සිනාසුණා ය. "සමහර විට ඔහු කවදා හරි ආලෝකය දකීවි?"
ෂ්‍යාඕ චීයේ දැනුනේ ඔහුගේ පිටේ සීතලක් ඇති වූවාක් මෙනි. ඔහු කල්පනාකාරීව ආපසු හැරී බැලූ අතර ශෙන් ස'චුආන් ෂාඕ හුයි අසල සිටගෙන කල්පනාකාරීව සිටිනු දුටුවේය.
"ඉණ අවසරපත ලබා ගැනීමට මම තව ටික වේලාවකින් අධිරාජ්‍ය හමුදා කාර්යාලයට යනවා." ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුඇන්ගේ ඉදිරිපිට ආලෝකය අවහිර කළේ ය. "අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ අවසාන යෙදවීමේ නියෝගය ලබා දෙන්න කලින්, ඔබට දිවා රෑ මා අනුගමනය කිරීමට සිදුවේවි."
"දිවා රෑ දෙකේම? ." ශෙන් ස'චුආන් එයම පවසා නැවතත් ඔහු දෙස බැලුවේය. "මට තවමත් රාත්රියේදී දෙවන තරුණ ස්වාමියා වෙනුවෙන් තේ බඳුන් ඔසවන්න වේවි ද?"
"ඔබට අවශ්‍ය නම්, නිසැකවම." ෂ්‍යාඕ චීයේ තවත් පියවරක් අසලට තැබුවේය. “මේ දවස් වල මම කාර්යබහුලයි. මට අධිරාජ්‍ය යුධ කාර්යාලය පිටුපස වාසස්ථානයේ රැඳී ඉන්න වෙනවා.”
ශෙන් ස'චුආන් පිළිතුරු දුන්නේ නැත.
ෂ්‍යාඕ චීයේ ඒ වන විටත් ෂ්‍යාඕ ජීමිං ව පිළිගැනීමට හැරී තිබුණි.
◈ ◈ ◈
හුආ සහ පැන් කුටුම්භ ද්විත්වයම සෝදිසි කර අත් අඩංගුවට ගත් විට අධිකරණ සමාලෝචන අධිකරණයේ නඩුව තවමත් අවසන් වී නොතිබුණි. ලී ජ්යැංහෙන් අධිරාජිනිය ගේ ප්‍රධාන මාලිගය වෙත ප්‍රවේශය වසා දැමීමට අවස්ථාව ලබා ගත්තේ "කරදර ඇතිවන තරමටම කනස්සල්ලට පත්ව සිටිමි" යන පදනම මතය.
යම් දුෂ්කරතා ඇතිව, වැටුප් සහ ප්‍රතිපාදන සඳහා ලිබෙයි හමුදා අරමුදලේ හිඟය පිරවීමට ප්‍රමාණවත් මුදලක් අවසානයේ රැස් කරන ලදී. ෂ්‍යාඕ ෆංෂු සහ ෂ්‍යාඕ ජීමිං ට වැඩි කාලයක් රැඳී සිටීමට නොහැකි වූ අතර, එම නිසා ඔවුන් දින කිහිපයකට පසු පිටත්ව ගියහ.
අනපේක්ෂිත ලෙස ෂ්‍යාඕ චීයේ ඔවුන්ගෙන් සමඟ වෙන් වීමට අකමැති වූයේ ය. සරත් දඩයමේදී ඔහු තුළ තිබූ අභිලාෂයන් එම රාත්‍රියේ මත්පැන් පානය කිරීමෙන් පසු අත්හැරි තිබුණු ලෙසටමය. විටින් විට, ලී ජ්යැංහෙන් ඔහුට ත්‍යාග පිරිනැමූ අතර ඒ සෑම අවස්ථාවකදීම ඔහු එය සතුටින් භාර ගත්තේය.
එපමණක්ද නොව, ඔහු සිර රාජකාරියට නිසි ලෙස ඉටු නොකළේ ය. මුලදී, අධිරාජ්‍ය හමුදාවට වැදගත් කාර්යය වූයේ මුර සංචාර පැවැත්වීමයි. නමුත් ඔහු දින තුනක් මසුන් අල්වන ඉතුරු දින දෙකෙහි දැල එලන ධීවරයෙක් සේ වැඩ කිරීමට පටන් ගත්තේ ය. ඔහු සිටිය යුතු තැන බොහෝ විට ඔහුව පෙනෙන්නට නොතිබුණි. යුද අමාත්‍යාංශය ඔහු වෙනුවට ක්‍රමක්‍රමයෙන් ඔහුගේ සැකය ප්‍රකාශ කිරීමට පටන් ගත්තේ ඔවුන් ඔහු වෙනුවට වෙනකෙකු ආදේශ කිරීමට වැඩි කැමැත්තක් දක්වන බැවිනි.
නමුත් ලී ජ්යැඃහෙන් එකඟ වීම ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ කෝපයට පත් කිරීමේ උපක්‍රම පවා භාවිතා කළේය. පෙත්සම ඉදිරිපත් කළ යුධ අමාත්‍යාංශයේ උප ඇමතිවරයා සමඟ පවා ඔහු අමනාප වීමට තරම් එය උත්සන්න විය.
ඔහු යුද අමාත්‍යාංශයේ උප අමාත්‍යවරයා වෙතින් ස්මාරකය ඉවතට විසි කළා, “ෂ්‍යාඕ ස'අන් මාව බේරා ගන්න විශාල දායකත්වයක් ලබා දුන්නා. ඔහු අධිරාජ්‍ය හමුදාවේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවි වෙන්න සූදානම් නොවන්නේ ඇයි? එ් ඔහු කාරණා අවුල් කර හෝ දේවල් ලබාගෙන ඇති නිසා නෙමෙයි නේ. මම ඔහු වෙනුවට වෙනඅය ආදේශ කරන්නේ නැහැ! ”
දෙදෙනාම සරත් දඩයමට පෙර සිටි ආකාරයටම ආපසු ගිය අතර, ලී ජ්යැංහෙන්ට මද සැහැල්ලුවක් දැනුනි. එම රාත්‍රියේ ෂ්‍යාඕ චීයේ ඔහුගේ පරිකල්පනයේ රූපයක් මෙන් වූ අතර, සැරසිලි අංශු මාත්‍රයක් නොමැති මේ මිනිසා ඔහුගේ මිතුරා විය.
ෂ්‍යාඕ චීයේ ලිබෙයි වෙත නැවත පැමිණීම ගැන වචනයක්වත් සඳහන් නොකිරීම ගැන ලී ජ්යැංහෙන් ද සතුටු විය. මෙය ඔහුගේ තත්වය ගැන ඔහුගේ මිතුරා සලකා බැලීම බව ඔහුගේ අදහස විය. ඇත්තෙන්ම ඔහුට කළ හැකි කිසිවක් තිබුණේ ද නැත! තවද චූදු හි රැඳී සිටියදී තවමත් ක්‍රීඩා කිරීමට හැකි විය, එසේ නොවේ ද? දැන් ඔහු අධිරාජ්‍යයා බවට පත් වී ඇති බැවින්, ෂ්‍යාඕ චීයේ ට ඔවුන්ගේ සම්බන්ධතාවයට අනුව ඔහුට කැමති පරිදි ඔහුගේ බර විසි කළ හැකිය, නේද?!
ඉතින් ඇයි ලිබෙයි වෙත ආපසු යන්නේ ? එම කටුක සීතල දේශය චූදු වලට වඩා සුවපහසු සහ සැලකිලිමත් විය හැක්කේ කෙසේද?!
ෂ්‍යාඕ චීයේ ට තම අශ්වයා ධාවනය කිරීමට නගරයෙන් පිටතට යාමට අවශ්‍ය වූ විට, ලී ජ්යැහෙන් එය අනුමත කළේය. ෂ්‍යාඕ චීයේ ට අධිරාජ්‍ය හමුදා කාර්යාලය පුළුල් කිරීමට අවශ්‍ය වූ විට,ලී ජ්යැංහෙන් එයද අනුමත කළේය. තවද ෂ්‍යාඕ චීයේ ට දින භාගයක් රාජකාරියේ යෙදී අනෙක් භාගය නිවසේ නිකරුණේ සිටීමට අවශ්‍ය වූ විට, ලී ජ්යැංහෙන් එය අනුමත කළා පමණක් නොව, ඔහු එය ඉතා "සතුටින්" අනුමත කළේය.
දෙදෙනාටම කිසිවක් කිරීමට නොමැති විට ඔවුන් අශ්වයන් පිට නැඟ ක්‍රීඩා කළෝ ය. ලී ජ්යැංහෙන් රවටා දොංලොං වීදිය වෙත යාමට නොහැකි විය, නමුත් ඔහුට ෂ්‍යාඕ චීයේ ගෙන් ඔහු සමඟ එක්ව පීපා වාදනයට සවන් දෙන ලෙස ඉල්ලා සිටිය හැක. ඒ මු රූ දැන් ජීවත් වුණේ මිංලී ශෘලාවේ ය. ලී ජ්යැංහෙන් මුලින් සිතුයේ ෂ්‍යාඕ චීයේ අවවාද දෙතැයි කියයි. ඒ වෙනුවට, ෂ්‍යාඕ චීයේ කිසිවක් නොකියා ඔහු සමඟ විනෝදයට එක් විය.
අධිරාජ්‍යයෙකු වීම සතුටක් යැයි ඔහුට හැඟුණි!
චූදු හි අවසන් වර්ෂාව අතරතුර, ෂී ගූ'අන්ට අධිකරණ සමාලෝචන අධිකරණය විසින් හිස ගසා දැමීමෙන් මරණ දඬුවම නියම කරන ලදී. ෂී හොංෂුආන් ඔහුගේ ධනය බෙදා හැර සමාව ඉල්ලා සිටි නිසා, ඔහු ලී ජ්යැංහෙන් ගේ යහපත් කරුණාවට පත් වූ අතර, ඔහු නිහතමානී තනතුරක් ලබා ගත් ආදායම් අමාත්‍යාංශයට මාරු කරන ලදී. ෂී හොංෂුආන් මුලින් විනෝද වීමට දක්ෂ වූ අතර, මෙය ලී ජ්යැංහෙන් සඳහා පරිපූර්ණ යමක් විය, එබැවින් ෂී හොංෂුආන් සෑම දිනකම ලී ජ්යැංහෙන් සොයමින් ඔහුට ක්‍රීඩා කිරීම් ගැන අදහස් යෝඦනා කරමින් කල් ගත කළේ ය.
ෂී ගු'අන්ට සිර දඬුවම් නියම වී තිබුණා පමණකි. හුආ සිචියන් බන්ධනාගාරය දිව සපා කෑමෙන් සියදිවි නසා ගත්තේ ය. ඔහු දුන් සාක්ෂියේ දී, ඔහු සියලු අපරාධවලට උර දුන්නේ අධිරාජිනිය සම්බන්ධ වචනයක් හෝ පැවසීමෙන් තොරව ය. දැනට දඬුවම් නියම වී තිබුණේ ජි ලෙයි සහ පෑන් රුගුයිට පමණි. හායි ලියැංයී හට මෙම මිනිසුන් දෙදෙනාගේ මුවින් පාපොච්චාරණයක් ලබා ගැනීමට අවශ්‍ය වූ නමුත් ඔහු කිසිවිටෙක සාර්ථක වූයේ නැත.
නිවස තෙත් වූ පසු ශෙන් ස'චුආන් ආපසු පැමිණියේ නැත. ඔහු දොර විවර කළ විගස, මේසය මත පෙරදිග මුතු ඇටයක් තිබුණි. ශෙන් ස'චුආන් දොර වැසුවේය. චෙන් යැං දොරට තට්ටු කරන හඬ ඇසෙන විට ඔහු අතේ තිබූ මුතු ඇටය අතට ගත්තා පමණි.
ඔහු දොර විවර කළ අතර, චෙන් යැං පැවසුවේ, "උතුමාණන් ඔබට කතා කරනවා"
ශෙන් ස'චුආන් ඔහුගේ අතේ තිබූ නැගෙනහිර මුතු ඇටය අල්ලා ගත්තේය. එය තෙත්ව තිබුණේ ය. ඔහු සන්සුන් ව පැවසුවේ ය, "මම මගේ ඇඳුම් මාරු කළාට පස්සේ යන්නම්."
චෙන් යැං පැවසුවේ, “කරදර වෙන්න එපා. මේ විදියට යන්න. අන් අය එනතුරු බලා සිටීමට ඔහුට ඉවසීමක් නැහැ."
ඒ සමඟම, ඔහු ශෙන් ස'චුආන් සමඟ පිටත්ව යාමට පියවරක් පසෙකට විය. ශෙන් ස'චුඇන්ට හැකි වූයේ චෙන් යැං සමඟ පිටව යාමට ඔහුගේ දෑත් අතහැර දොරෙන් පිටතට යාමට ඉඩ දීම පමණි.
ෂ්‍යාඕ චීයේ සළුවක් ඇඳ සිටියේය. ඔහු එනු දුටු විට, “අසිපත රැගෙන මා සමඟ එන්න” කීවේ ය.
ශෙන් ස'චුආන් ද්වාරයෙන් පිටතට ගියේ ය. ෂ්‍යාඕ චීයේ අශ්වයා ඉදිරියට ගෙන ගිය විට පමණක් චෙන් යැං ඔවුන් පසුපස නොගිය බව ශෙන් ස'චුආන් හට වැටහුණි.
ෂ්‍යාඕ චීයේ අශ්වයා මත හිඳගත් ගත් අතර, උකුස්සා ෂ්‍යාඕ චීයේ ගේ උරහිස මතට බැසීමට පෙර උගේ ගෙලෙහි ජල බිඳිති ගැසුවේ ය. ශෙන් ස'චුඇන්ට ඔහු පසුපස යා හැකි විය. අශ්වයා නගරයෙන් පිටත් වී ෆෙං කඳුකරයේ හමුදා සරඹ භූමිය වෙත වර්ෂාව නොකකා ඇදුනේ ය.
ඔවුන් සරඹ පිටියට පැමිණෙන විට එය හිස් හා මිනිසුන්ගෙන් රහිත විය. ෂ්‍යාඕ චීයේ ලං තාඕ ෂුඒ ජින් ගේ තෝන් ලණුව ඉවත් කර එය තනිවම ක්‍රීඩා කිරීමට එහා මෙහා දුව යාමට ඉඩ සලසා දුන්නේය. වර්ෂාවේ තව දුරටත් තෙමෙන්නට අකමැත්තෙන් මෙන් මෙං* ආලින්දයේ පියාසර කළේය.
"ඔබේ ඇඳුම් ගලවන්න." ෂ්‍යාඕ චීයේ ආපසු හැරී තම සළුව ගලවන අතරම ශෙන් ස'චුආන් ට පැවසීය.
ශෙන් ස'චුආන් තලය අතේ තබාගෙන සිය නිකට එසවීය. ඔහුගේ ඇඳුමේ ඉදිරිපසින් ජලය ගලා ගියේ ඔහුගේ ඒ අලංකාර සියුම් ගෙල නිරාවරණය කරමිනි.
ශෙන් ස'චුආන් ගෙල දෙස බලන සෑම අවස්ථාවකදීම ෂ්‍යාඕ චීයේ ට දැනුනේ පුද්ගලයෙකු බළලෙකු දකිනවාක් මෙනි. ඔහුට සෑම විටම එය ස්පර්ශ කිරීමට සිත් විය.
ඔහුට මොන මගුලක් වෙලා ද?
ඔහු කල්පනා කරමින් සිටියදී ඒ වන විටත් ඔහුගේ පිට ඇඳුම ගලවා තිබුණි. ශෙන් ස'චුආන් තවමත් නොසැලී සිටිනු දුටු ඔහු නැවතත් ඉල්ලා සිටියේ ය, “ඔබ නිකං සිටගෙන ඉන්නෙ මොකටද? ඉක්මනින් ඉවත් කරන්න! ”
ශෙන් චුඇන් තම ඇඟිලි ඔසවා තම ඉණ පටිය මත තැබුවේය. හේ ඔහු දෙස බලමින් සෙමින් පැවසුවේ ය “මම වස්ත්‍ර ඉවත් කළොත් කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.”
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment