ඝන, මිදුණු , වර්ෂා හඬ සමග මුසු වී සංගීත රාවය ඇති කරන්නට විය.
ශෙන් ස'චුආන් ජලයෙන් තෙමා ගැනීමට ඇතුළට පිවිසියේ ය. ඔහු පහතට නැමෙද්දී , ෂ්‍යාඕ චීයේ, ඔහුගේ එහාපස සිටි තැනැත්තා ට , ඔහුගේ හැම චලනයක් පාසාම සියුම් ශරීරයත් පිටුපස වක්රාකාර වූ තට්ටමුත් ඔහුට පැහැදිලිවම දකින්නට ලැබුණි.
මාංශය පේශි සහිත. ඉතා මෘදු.එහෙත් ඔහු සටන් කලාවේ යෙදෙන්නකු ලෙස මඳක් හෝ පෙනෙන්නට නොතිබුණේ ය. ඒ කිමද යත් ෂ්‍යාඕ චීයේ දුටු ලෙසට ඔහුට කිසිලෙසකවත් තර්ජනාත්මක භාවයක් නොතිබූ නිසයි.
ශෙන් ස'චුආන් ජලය යටට ගියේ ය. සීතල වනතුරු වැස්සේ තෙමුණු ඔහුගේ දෙපා ටිකෙන් ටික උණුසුම් විය. ෂ්‍යාඕ චීයේ ද ජල තටාකයට ඇතුළු වූ අතර අනෙක් කෙළවරේ ඔහුගෙන් බොහෝ වෙන්ව සිටින්නටද වගබලාගත්තේ ය.
ශෙන් ස'චුආන් පුදුමයෙන් අසන්නට විය, "ඇයි ඔබ ඔයතරම් ඈත සැඟවී සිටින්නේ?"
"එ්ක මට සෑහෙන නිසා." ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑස් වැසා ගැනීමට තෙත් ලේන්සුව නමන්නට විය, ඉන්පසු ශෙන් ස'දුඇන් දෙස නොබලා සිය දෑත් ඔසවා ගන්නට විය.
නමුත් මොහොතකට පසු, ෂ්‍යාඕ චීයේ එය නුසුදුසු බව දුටුවේය, ඉන්පසු ඔහු ලේන්සුව ගලවා ශෙන් ස'චුආන් දෙස තියුණු ලෙස බලා සිටියේය. ශෙන් ස'චුආන් හැඟුණේ ෂ්‍යාඕ එර් මේ මොහොතේ ඔහුගේ උකුස්සා හා සමාන බවයි. එය හරියට ඔහු කුඩා විසිල් හඬින් ප්‍රහාරයට දෙන්නට මාන බලනවාක් මෙන් ය
"ඔබට මොනවද බලන්න ඕනේ?" ශෙන් ස'චුආන් ගේ ප්‍රකාශය වසන්ත සුළඟ මෙන් උණුසුම් විය, ඔහු මාර්ගයේ සිට කජෝලිං ආහාරයට ගන්නා දරුවෙකු කෑගසන ස්වරය භාවිතා කළේය. "මට කියන්න. මම ඔබට බලන්න දෙන්නම්."
ෂ්‍යාඕ චීයේ පාදයක් නමා ඔහුගේ ඉන වටා ඉතිරිව තිබූ එකම ආවරණය ඇහිපිය නොහෙලණ සැණින් ඇද ගත්තේය. ඔහු පැවසුවේ ය, "මම දැනටමත් ඒවා සියල්ලම ස්පර්ශ කර තිබෙනවා."
ශෙන් ස'චුආන් ජලයේ මඳක් පහළට ගිලී ගියේ ඔහු දෙස බැලීමට ඇස් යුගලයක් පමණක් නිරාවරණය කරමිනි.
ෂ්‍යාඕ චීයේ
ඔහුගේ එම බැල්ම නිසා තව තවත් කෝප ගන්නට විය. ඔහු පැවසුවේ ය, “මොකද?”
ශෙන් ස'චුආන් ඔහුගේ යටි හකු හෙළි කරමින් පිළිතුරු දුන්නේ ය, “ඔබ කලින් හොඳ මනෝභාවයකින් සිටියා. ඇයි එකපාරටම වෙනස් වුණේ?"
“මගේ දැන් තියෙන මනෝභාවයත් ගොඩක් හොඳයි.” ෂ්‍යාඕ චීයේ පැවසීය , “ස්නානය නරනවා කියන්නේ කට වහගෙන ඉන්න ඕනේ තැනක්. ; මෙතන කතා කරන්න ඕනේ නැහැ… ඔබට මම දිහා ඒ විදිහට නොබල ඉන්න පුළුවන් ද? ”
ශෙන් ස'චුආන් සෙමින් ඔහුගේ ශරීරය ඉහළට එසෙව්වේ ය, ජල බිඳු ඔහුගේ පපුව දිගේ පහළට ගලාගෙන ගියේ ය. ඔහුගේ කඩා හැළුණු හිසකෙස ඝණ කළු පැහැ තීන්ත විසිරී ඇත්තාක් මෙන් පෙනෙන්නට විය. හරියට ජලයේ වූඋණුසුම් මීදුම අතරින් නැගී එන සපු පුෂ්පයක් විලසිනි.
ෂ්‍යාඕ චීයේ ට එය තවත් දරාගත නොහැකි විය.
ඔහු " පුෂ්පයන්" ගැන සිතුවේ කුමකටද?
ශෙන් ස'චුආන් තමා වෙත ළං වන අයුරු ඔහු විසල් දෑසින් බලා සිටියේය. ශෙන් ස'චුආන් ඔහු අසලින් වාඩි වූ විට ඔහුගේ සුවඳ පවා ඔහුට දැනෙන්නට විය. වඩාත්ම සුවඳවත් නොවූ නමුත් මෘදු ලෙස දැනුණි. එය පැතිරී ගියේ ය.
ෂ්‍යාඕ චීයේ ඔහු එලිපත්තේ තබාගෙන සිටි දෑත් වහා ඉවතට ගෙන, හදිසියේම ඇඳුම් රාක්කයෙන් ඇඳුමක් ගෙන ඇඳ ගත්තේ ය. ඔහු තම ඉණ වසා ගැනීමට එය සම්පුර්ණයෙන් ජලයේ බහාලන්නට විය. මෙය කිරීමෙන් පසු, ඔහු සන්සුන්ව ශෙන් ස'චුආන් දෙස බලුවේ ය. “මොකද පුදුම වෙලා? මේ දෙවන තරුණ ස්වාමියාගේ සංවේදී දසුනෙන් ඔබට විහිළු අදහස් ලැබේවි කියලා මම බියවුනා. ඒකයි මම වසාගත්තේ."
"එහෙනම් මම ඔබට ස්තුති කර.." ශෙන් ස'චුඇව් පැවසුවේ අප්‍රසන්න වතකිනි.
ශෙන් ස'චුආන් හිස පහත් කළ විට, ඔහු ඇදගත් ඇඳුම ශෙන් ස'චුඇන්ගේ බව වැටහී ගියේ ය.
"...මම වෙනුවෙන් මගේ වස්ත්‍ර තෙමලා දැම්මා ද." ශෙන් ස'චුආන් පැවසුවේ ය, "දැන් මට හෙට වන තුරු මෙතැන වතුරේ බැහැලා ඉන්න වේවි."
දෙදෙනාම එකිනෙකා දෙස බලන විට අමුතු නිශ්ශබ්දතාවයක් වේගයෙන් වාතපය හරහා පැතිරී ගියේය. පිටතින්, සීතල හා අඳුරු සරත් සෘතුවේ වර්ෂාව මහඟ සුළඟ දැඩිව හමන්නට විය.
බොහෝ වේලාවකට පසු, ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “මේ ඇඳුම අපි මෙතන දාලා ගියත් වේලෙන්නේ නැහැ. මෙං ව ගෙන්නගෙන ගිහින් චෙන් යැංට කතා කරන්න බලන්නම්.”
එසේ පවසා සිය හිස ඔසවමින් අසුරුසන් කළේ ය.
උණු දිය උල්පත මොහොතක නිහැඬියාවකින් වැසිණි. ලං තාඕ ෂුඒ ජින් හෝ හෝ මෙං ආවේ නැත.
ෂ්‍යාඕ චීයේ නැවතත් අසුරුසන් කළේ ය
පිටතින්, මෙං තම පියාපත් යට සඟවාගනිමින් ඔහුව නොසලකා හැරියේය. මේ කරම් තද වර්ෂාවක් තිබිය දී , ඌ පිටතට ගොස් තෙමෙන්නට කිසිසේත්ම කැමැත්තක් නොදැක්වූයේ ය.
නිශ්ශබ්දතාවය නැවතත් පැතිරී ගියේ ය.
අවසානයේදී, ශෙන් ස'චුආන් පැවසුවේ ය, "... මම ම එය වියළන්නම්."
ෂ්‍යාඕ චීයේ ඇඳුම් නැවත පහළට තද කර, ඔහු දෙසට දත්මිටි කමින් හැරී පවසන්නට විය, "මදක් ඉන්න!"
◈ ◈ ◈
දෙදෙනාම රාත්‍රියක් උණු දිය උල්පත්වල ගත කළේ ය. ඔවුන්ගේ ඇඳුම් වියළෙන විට, ඒ වන විටත් මාඕගේ හෝරාවයි. ශෙන් ස'චුආන් අවසානයේ ඔහුගේ ඇඳුම් ඇඳගත්තේය. ඔහු තම ඉණ පටිය සවිකරගත් විට, ගොදුර දෙස නෙත් යොමා සිටින කොටියෙකුගේ ඒ තීවෘ බිය දනවන බැල්ම ඔහුට දැනෙන්නට විය. නමුත් ඔහු කිසිවක් නොකියා නොදැනුවත්ව බව මවා පෑවේය.
ෂ්‍යාඕ චීයේ තිරය එසැවීය. පිටත තවමත් අදුරෙන් වැසී තිබුණි. කඳුකර මීදුමෙන් හා වර්ෂාවෙන් පසු තෙතමනයේ සුවඳින් වාතය ඝහන විය. ගල් පඩිපෙළ සියල්ල සිහින් හිම කැටිති වලින් වැසී තිබූ නිසා කන්දෙන් බැසීමට අපහසු විය.
දෙදෙනා එක්ව එකපෙළට ගමන් ගත්තේ ය, එක් අයෙකු ඉදිරියෙන් සහ එක් අයෙකු පිටුපසින්.
"හමුදා අභ්‍යාස භූමිය ෆෙං කන්දේ නිරිත දෙසින් ස්ථානගත කරලා තිබෙනවා." ශෙන් ස'චුආන් එම ස්ථානය ඉහළින් මැන බැලුවේය. “එය චූද් ට ඉතා ආසන්න වුනත්, එහි දර්ශනය ශෙං කන්දෙන් සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා. අෂ්ඨ මහා පුහුණු අංශ මෙහි මුර සංචාර පවත්වන්නේ නැහැ. ඔබේ තේරීම ඇත්තෙන්ම විශිෂ්ටයි. ”
"ෆෙං කන්ද නොතිබුනා නම් මම මේ තැන තෝරා ගන්නේ නැහැ." ෂ්‍යාඕ චීයේ මේපල් අතු පසෙකට තල්ලු කර ආපසු හැරී ඔහුගේ අත යට්න් යන ලෙස ශෙන් ස'චුඇන්ට හැගවීය.
ශෙන් ස'චුආන් කී ලෙසම ගමන් කළේ ය. සියලු බාධක මීදුම බවට හැරෙද්දී ඔහු ඉදිරියෙහි දර්ශන තලය හදිසියේම පැහැදිලි විය. ඔහුට අධිරාජ්‍ය හමුදාවේ හමුදා අභ්‍යාස භූමිය පැහැදිලිව දැකගත හැකි විය. ඒ වන විටත් කණ්ඩායම් ක්‍රීඩාංගනය වටා දුවමින් සිටියහ.
"අධිරාජ්‍ය හමුදාව සරත් දඩයමේදී කිසිදු පියවරක් ගන්නේ නැහැ." ශෙන් ස'චුආන් ට එය එක්වරම වැටහී යේ ය , “නමුත් ඔවුන් හැමෝම සම්පූර්ණයෙන්ම සන්නද්ධව සිටින බව මට පේනවා. හුආ සීචියන් දැන් මිය ගිහින, සරත් දඩයමෙන් පස්සේ ඔහුගේ වත්කම් අත්පත් කර ගැනීම අවසන් වනහම , ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය ඔබ වෙත පැමිණේ වි."
ෂ්‍යාඕ චීයේ ට පැහැදිලිවම ඔහුගේ වැටුප මගින් පමණක් අධිරාජ්‍ය හමුදා සෙබළුන් 20,000 ක් රැස් කිරීමට හැකියාවක් නොවූ අතර ඔහුට ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ හමුදා වැටුප සහ ප්‍රතිපාදන ද අනිසි ලෙස පරිහරණය කිරීමට නොහැකි විය. නමුත් සරත් දඩයමට පෙර ආදායම් අමාත්‍යාංශය ඔහුට වෙන් කළ වාර්ෂික අයවැය අනුව, අධිරාජ්‍ය හමුදාවට පැහැදිලිවම එසේ විශාල ප්‍රමාණයෙන් ස්ථාපිත වීමට මුදල් නොතිබෙනු ඇත. ෂී ගූ'අන් මිය ගියේ ඔහුට එය "පැහැදිලි කළ නොහැකි" නිසාය. දැන්, ඔවුන් ෂ්‍යාඕ චීයේ ගෙන් පිළිතුරු ඉල්ලා සිටීමට කාලයයි.
ෂ්‍යාඕ චීයේ පවසන්නට විය. "ඔවුන්ට එන්න දෙන්න."
මුදල් ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන්, ඔහු ඒ ප්රශ්නය ගැන වැඩිදුර කතා නොකළ අතර ශෙන් ස'චුආන් ද ඒ ගැන නැවත විමසුවේ නැත.
මද වේලාවකට පසු, ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ශරීර ශ්‍රමය අවශ්‍ය කරන කාරයයන් අමාත්‍යාංශයේ බොහෝ විට පණිවිඩකරුවන් ලවා සිදු කරවන්න අධිරාජ්‍ය හමුදාවට භාර දුන්නා. වසර පහකට පෙරදි, පැවරුම් සඳහා අධිරාජ්‍ය හමුදාවට ගෙවන ලද සෑම මුදලක්ම ගිණුම් පොත්වල කළු සහ සුදු ලෙස සටහන් වුනා. ප්‍රධාන අධීක්ෂණ කාර්යාංශයෙන් ඒ ගැන සොයා බැලුවත් කිසිම අනිසි ක්‍රියාවක් හොයාගන්න බැරි වෙනවා.”
ෂ්‍යාඕ චීයේ ආදායම් අමාත්‍යාංශයේ කුප්‍රකට ණය එකතු කරන්නා බවට පත් වූයේ මේ හේතුව නිසා ය. සියල්ලෝ ම හිතුවේ ඔහු කාන්තාවන්ට සහ මත්පැන් වියදම් කරන්න මුදල් ගන්නා බවයි. ඔහු වසර ගණනාවක් තිස්සේ මුදල් ඉතිරි කරන බවත්, අධික මුඳලක් වැය වන එකම දෙය මත්පැන් බවත් ඔවුන් දැන සිටියේ නැත. ලී ජ්යැංහෙන් වියවුල් සහගත විය හැකි නමුත්, ඔහුගේ මිතුරන් සම්බන්ධයෙන් ඔහු ත්‍යාගශීලී විය. ඔහු ෂ්‍යාඕ චීයේ වෙත දොංලොං වීදියට ආරාධනා කරන සෑම අවස්ථාවකම, ඔහු තම අපකීර්තිමත් මිතුරන් පිරිසකට සංග්‍රහ කිරීම සඳහා ගැහැණු ළමයින් සඳහා ඔහුගේ පසුම්බියෙන් ගෙව්වේය.
ලී ජ්යැහෙන් ජීවත් වූයේ රජයේ භාණ්ඩාගාරයෙන් වන අතර, ඔහුව පෙළගස්වා ගැනීමට ඔහුට ප්‍රධාන බිරිඳක් සිටියේ නැත. මුදල් නැත්තං භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම ඔහුගේ සිරිතය. ෂියන්දේ අධිරාජ්‍යයා මුදල් වියදම් කිරීමේදී ඔහු සමඟ කිසිවිටෙක මසුරුකමක් දැක්වූයේ නැත. තමන්ගේම භාණ්ඩාගාරයෙන් මුදල් ගබා ගැනීමට අවශ්‍ය වූවද ඔහුට හැකි කරම් මුදල් ඔහු ලබාදුන්නේ ය. එබැවින්, ලී ජ්යැංහෙන් කිසි විටෙකත් මුදල් හිඟකමින් නොපෙලුනේ ය.
ෂ්‍යාඕ චීයේ ට ලීබෙයි වෙත වෙත ආපසු යාමට නොහැකි වූ නමුත් ඔහු කිසි විටෙක ලී ජ්යැංහෙන් සමඟ අමනාප වී නොතිබුණි. මක්නිසාද යත්, ලී ජියැන්හෙං තමාගේ මෙම අපකීර්තිමත් මිතුරන් තම සැබෑ සහෝදරයන් ලෙස සලකන බව අන් කිසිවෙකුට වඩා හොඳින් ඔහු දැන සිටි බැවිනි.
මේ කාරණය ගැන සිතමින් ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “වැන්දඹු අධිරාජිනිය ඔබව ගලවා ගන්න හේතුව ස්වභාවිකවම ඇයට ඔබව භාවිතා කිරීමට අවශ්‍ය වීමයි. හැම දෙයක්ම සන්සුන් නම්, ඔබට අධිරාජ්‍ය ආරක්ෂකයින් තුළ ඉහළට ස්ථාවර නැගීමක් භුක්ති විඳින්න පුළුවන්. නමුත් හිටපු අධිරාජ්‍යයා හදිසියේම විරුද්ධ වීමට පටන් ගත්තා. ඒ නිසා වැන්දඹු අධිරාජිනිය... වැන්දඹු අධිරාජිනිය ඔබව සොයා ආවා නේද?”
ශෙන් ස'චුඇන්ට ෂ්‍යාඕ චීයේ ගේ දෑස් මුණගැසුනේ ය.
ඔහු එය මග හැරිය යුතු නැත. මොහොතකටවත් නැත. ෂ්‍යාඕ චීයේ ට හට ගඳ සුවඳ දැනීම පිළිබඳ අතිශය තියුණු හැඟීමක් තිබුණි. ඔහුට වරදකාරිත්වයේ හෝඩුවාවක් පෙන්වීමට හැකිබවූවොත් ෂ්‍යාඕ චීයේ එය විසැකවම හදුනාගනු ඇත.
ශෙන් ස'ච්ඇන් නිසැක ලෙසම පිළිතුරු දුන්නේ ය "කොහෙත් ම නැහැ."
සීතල සුළඟ ඔවුන් පසුකර ගොස් ඔවුන්ගේ වස්ත්‍රවල අත් පා කළේ ය.
ෂ්‍යාඕ චීයේ හෙමිහිට සීතල වාතය පිටකරමින් නොසැලකිලිමත් ලෙස සිනාසුනාය. "එහෙනම් ඔබේ වාසනාව ගොඩක් හොඳයි."
ඔවුන් චුසූ වෙත ආපසු යන විට ඒ වන විටත් හිරු උදාවි තිබුණි. ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වයා පිට නැග පැවසුවේ, "මට උදෑසන උසාවි සැසිය සඳහා ඉක්මන් වෙන්න වෙනවා. ඔබ මුලින්ම ආපසු යන්න."
ශෙන් ස'චුආන් හිස වනමින් බලා සිටියේ ෂ්‍යාඕ චියේ තම අශ්වයා පිටව යාමට පොළඹවන ආකාරය දෙසයි. ඔහු නැවත නිවසට පැමිණි විට, ඔහු චෙන් යැං පෙනෙන්නට නොසිටියේ ය. අනුමාන වශයෙන්, දෙවැන්නා ඒ වන විටත් මාලිගාවේ දොරටුව අසල ෂ්‍යාඕ චියේ වෙනුවෙන් බලා සිටීමට පිටත්ව ගොස් ඇත.
ශෙන් ස'චුආන් තම අත්ලෙන් නැඟෙනහිර මුතු ඇටය ගෙන එය ඔහුගේ ඇඟිලි තුඩු අතර තබා මඳ ආලෝකය යටතේ එය පරීක්ෂා කළේය. නමුත් රෙදි පටිය ඉවත් කිරීමට පෙර ඔහු විරාමයක් තැබීය.
ඔහු ඇඳුම් ගලවන විට, ඔහු නැගෙනහිර මුතු ඇටය ඔහුගේ දකුණු පස සඟවා තිබුණේ ය. නමුත් දැන් ඔහු නැගෙනහිර මුතු ඇටය ඉවතට ගත්තේ වම් අතෙන් ය.
ශෙන් ස'චුආන් ඔහුගේ දිව සැහැල්ලුවෙන් නොපිට පෙරලා, නළලත රැළි කළේ ය.
◈ ◈ ◈
ෂ්‍යාඕ චීයේ මාලිගාවේ දොරටුව වෙත පැමිණ, බැස, ඔහුගේ පවුලේ අශ්ව කරත්තයට ඇතුළු වූ අතර එහිදී ඔහු ඉක්මනින් තම නිල ඇඳුමට මාරු විය. චෙන් යැං උදෑසන ආහාරය ද සූදානම් කර තිබූ අතර කැඳ තවමත් උණුසුම් විය. ෂ්‍යාඕ චීයේ බඳුනක් පානය කළේය.
"මම ඊයේ රෑ ඔබව හොයන්න හමුදා සරඹ පිටියට ගියා, ඒත් ඔබ එතන හිටියේ නැහැ." චෙන් යැං තිර රෙද්ද අසල දණ ගසා මුමුණමින් මෙසේ කීවේය. " ඔබ එළිමහනට යන විට කිසිවෙකු හෝ ඔබ සමඟ එන්න ඕනේ. "
ෂ්‍යාඕ චීයේ බඳුන පසෙකින් තබා, "ශෙන් ලන්චෞගැන හැම විටම සමීපව නිරීක්ෂණය කරන්න කෙනෙක් ගන්න" යැයි පැවසීය.
චෙන් යැං ඔහුගේ නියෝගය පිළිගෙන, “ඒ හැමෝම වාසස්ථානයෙන් පිටත අපේම අය. ඔහු එළිමහනේ සිටින තාක් කල්, ඔහු නිසැකවම ඔබේ ඇස්වලින් ගැලවී නොයාවි. හුආ වංශය දැන් පරාජය වෙලා. ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමණි , දැන් ඔහු සමීපයෙන් බලා සිටියා කියලා අපිට ඇති ප්‍රයෝජනය කුමක්ද?”
ෂ්‍යාඕ චීයේ පිළිතුරු දුන්නේ නැත. බොහෝ වේලාවක් දෑස් පහත් කරගෙන සිටි නිසා ඔහු කෙරෙන් එතරම් හොඳ පෙනුමක් පෙනෙන්නට නොතිබුණි. චෙන් යැං උදෑසන උසාවි සැසිය ගැන සඳහන් කරන තුරුම ඔහු පිරිසිදු ලේන්සුවකින් දෑත් පිසදමා මෙසේ කීවේය. "දැන් ඔහු දිහා බැලුවොත් කියන්න පුලුවන්ද ඔහු මදක් හරි සටන් කලාව ගැන දන්නවා කියලා."
චෙන් යැං පිළිතුරු දුන්නේ ය, “ඔහු අධිරාජ්‍ය ආරක්ෂකයින්ට සම්බන්ධ වූ විට ඔහුට වඩාත් දුර්වලයි වගේ පෙනෙනවා. සරත් දඩයමේදී ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවි ඔහුගේ උපකාරය ගැන කතා නොකළා නම්, මට නිසැකවම පවසන්න බැහැ. නමුත් ප්රකිරාජ සෙනෙවිතුමා ට ෂාඕ හුයිව බලන්නට ලැබුණොත්, සමහරවිට ඔහු යමක් දන්නවා ඇති. "
"අවසන් වරට ඔහු අගනුවරට ඇතුළු වූ විට ෂාඕ හුයි ට ඔහුට මුහුණට මුහුණ හමු වුනත් ඔහු ඔහු ගැන වැඩිදෙයක් දුටුවේ නැහැ." ෂ්‍යාඕ චීයේ පැවසුවේය. "ඔහුගේ ශරීරය..."
ඔහුගේ කටහඬ හදිසියේම නතර විය. ටික වේලාවකට පසු, ඔහු නැවතත් පවසන්නට විය, "ඉක්මනින් ලිබෙයි වලට ලිපියක් යවලා ෂිෆුට මෙහි පැමිණෙන්න කියන්න."
තුෂ්නිම්භූත වූ චෙන් යැං පැවසුවේය, "ඔබට අහන්නේ..."
"ඔහු එය වසන් කිරීමට කුමන ක්‍රමයක් භාවිතා කළත්, ඔහුට අනිවාර්යයෙන්ම ෂිෆුගේ ඇස්වලින් ගැලවෙන්න බැහැ." ෂ්‍යාඕ චීයේ ඔහුගේ අස්ථි මුදුව කරකවමින් උදාසීන ලෙස පැවසුවේ ය, “ඊට අමතරව... මට ෂිෆු එක්ක කතා කරන්න දෙයක් තියෙනවා.”
◈ ◈ ◈
ලී ජ්යැංහෙන් අද උදෑසන උසාවි සැසිය අත්හිටුවා තිබුණි. හායි ලියැංයී එළිමහනේ දණින් වැටී සිටින බව ෂුඅංලූ ඔහුට වාර්තා කරන විට ඔහු තවමත් හරිහැටි නින්දක් ලබා නොතිබුණි. ලී ජ්යැංහෙන් වහාම අවදි වූ නමුත් ඔහුගේ එස්තයේ ඇලී සිටි මූ රූ තවමත් නිදාගෙන සිටියේය. මොහොතකට, ඔහුට තමාව නිදහස් කර ගැනීමට නොහැකි වූ අතර, ඔහුට හැකි වූයේ ඔහුගේ ගෙල ඔසවමින් ෂුඅංලූට රහසින් උපදෙස් දීම පමණකා, “යන්න! ඔහුව පිටත් කර යවන්න. "
ෂුඅංලූ පිටතට ගොස් සිටියේ ටික වේලාවකට පසුව ඔහු දණගැසීමට පෙරය. ඔහු කීවේ ය. “ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා කිව්වා අධිරාජ්‍යයාණන් ව බැහැදකින්න ඕන කියලා. මේ සේවකයා පැවසුවා උතුමාණන් තවම සැතපී සිටිනවා , ඒ නිසා මහලේකම් වැඩිමහල්ලා පැවසුවා දණ ගහලා උතුමාණන් එනකම් බලාගෙන ඉන්නවා කියලා.”
ලී ජ්යැංහෙන් කලබල විය. මු රූ ඔහුව වැලඳගෙන සිට අවදි වූවා පමණකි, ඔහු කලබලකාරි ලෙස ඇයව පොළඹවන අතරේ, “මගේ ආදරණීය සොදුරිය, ඉක්මනින් ඇඳුම් හැදගෙන ඔබ ආහාර ගන්න පිටුපසින් ඇති චෙන්මිං මාලිගයට යන්න! මට ලේකම් කාර්යාලයේ වැඩිහිටියාව පිළිගන්න යන්න වෙනවා!"
දිය ඇල්ලක් වැනි කළු හිසකෙස් ඇති මූ රූ මනරම් හා මෘදු විය. මේ මොහොතේ, ඇය ඔහුට කරදර කරන්නේවත්, කලබලයක්වත් නොකර කීකරු ලෙස ඇඳ පැළඳ සිටියාය. ඇය අවසන් වූ පසු, ඇය තම ආදරණීය, සරාගි දෙනෙතින් ලී ජ්යැංහෙන් දෙස ආකර්ශනීය ලෙස බැලූ අතර, ඔහු තමාට ලබා දුන් ගෞරවය ඇයට ගත නොහැකි තරම් වැඩි වූවාක් මෙන් ඔහුට නැඟී සිටීමට උදව් කළාය.
ලී ජ්යැංහෙන් ඇගේ මේ පෙනුමට ආදරය කළේ ය. ඔහු ඇගේ අත ඇද්දේ, වෙන්වීමට අකමැත්තෙන් මෙනි, උසාවිය අතරවාරයේ සිටියදී ඇයව උඛුල මත තබා ගන්නට ඔහුට දැඩි ආශාවක් තිබුණි.
"ඊළඟ වතාවේ," ලී ජ්යැංහෙන් ඇයව කිහිප වතාවක්ම සිපගත්තේය. "ඊළඟ වතාවේ, මම ඔබට පසුබසින්න කියන්නේ නැහැ."
ඔහු ඇයව වැළඳගෙන සෑහෙන වෙලාවක් කුළුපග විය. ඔහුව ඉක්මන් කිරීමට ෂුඅංලූ නැවතත් ඇතුල් වූ විට පමණක් ලී ජ්යැංහෙන් අකමැත්තෙන් වුවද මූරූ හට යන්නට ඉඩ හැරියේය.
හායි ලීයැංයී ගාම්භීර ප්‍රකාශයකින් ඇතුළු වූවේ ය.
ලී ජ්යැංහෙන් මකර සිංහාසනය මත හිඳගත්තේ ය, “කරුණාකර නැගිටින්න ලේකම් කාර්යාලයේ වැඩිහිටියාණෙනි. කරුණාකර ඉක්මනින් නැඟිටින්න."
හායි ලියැංයී එම ස්ථානයේම සිටි අතර නැවතත් නැමී ආචාර නළේ ය.
ප්‍රතිචාරයක් නොලැබුණු ලී ජ්යැංහෙන් වම සහ දකුණ බැලුවේ ඔහුගේ මුහුණ දැවෙන බව හැගෙද්දී ය. ඔහු දෙවතාවක් කහිමින් කීවේ ය “මට මේ දවස් සෙම්ප්‍රතිශ්‍යාව වැළදිලා, ඒ නිසා මට තව ටිකක් උදෑසන වෙනකල් නිදාගන්න අවශ්‍ය වුනා...”
හායි ලියැංයී පැවසුවේ ය. “උතුමාණන් උනන්දුවෙන් රාත්‍රී උසාවි පවත්වන බව මේ පැරණි විෂය අසා තිබෙනවා. ඉදිරිපත් කර ඇති සියලුම වාර්තා වෙනුවෙන් ප්‍රතිචාරයක්වත් ලැබිලා නැහැ. කාරණය හොඳින් සිතා බැලීමෙන් පස්සේ , මේ පැරණි විෂය උතුමාණන් ට අවවාද කරන්නයි පැමිණියේ. උතුමාණෙනි දැන් ඔබ සිටින්නේ ජීවිතයේ ප්‍රමුඛස්ථානයේ සහ බලයේ උච්චතම ස්ථානයේ යි. ඔබතුමා රාජ්‍ය පාලනය වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරනවා නම්, පෙර පැවති මානසික අවපීඩන වාතාවරණය අතුගා දැමූවට පස්සෙ, සමෘද්ධිමත් අනාගතයක් අත ළඟ වනු වේවි."
ලී ජ්යැංහෙන් වියළි සිනහවක් පෑවේ ය, "මමත් හිතන්නේ එහෙමයි..."
“නමුත් ඔබතුමා ඔහුට සේවය කරන කුලප්පු කරන ලද ද්‍රෝහීන්ගෙන් වට කරන ලද අභ්‍යන්තර මාලිගාවේ ගැඹුරින් වාසය කරනවා. මම ඔබතුමාට තෘප්තියක් ලබා ගන්න විතරක් ඉඩ දුන්නොත්, ඔබතුමා කාලයාගේ ඇවෑමෙන් උපදෙස් දෙන විට ඇස් පියාගෙන, බිහිරි කන් කරගෙන වත්මන් දේශපාලනයෙන් ඈත් වෙලා යාවි! "
හායි ලියැංයී අධිෂ්ඨානශීලීව සහ ස්ථිරව පැවසුවාය. “උතුමාණන්ට පෞද්ගලිකව සේවය කරන නපුංසකයා , ෂුඅංලූ, ඔබතුමාගේ අවට සැක සහිත සහ පහත් පුද්ගලයන් ඕනෑ තරම් කාර්ය මණ්ඩලයට බඳවා ගන්න අල්ලස් ලබා දී ඇති බව මේ විෂය දන්නවා. මාළිගාවේ නීතිරීතිවලට අනුව, තවමත් අධිරාජ්‍ය අණට අනුව ක්‍රියා නොකරන ඕනෑම කෙනෙකුට පිටස්තරයින් මාලිගාවට ගෙන යාමට නිර්භීතකමක් තිබේ නම් ඔහුට කස පහර දිය යුතුයි නේද!"
ෂුඅංලඋ "තඩ්" හඬකින් දණින් වැටී ලී ජ්යැංහෙන් දෙස බියෙන් බලා සිටියේය. “මහරජතුමනි, මහරජතුමනි...” ඔහු කීවේය.
“මිංලි ශාලාව යනු මේ ලෝකයේ සාධාරණ හා පූජනීය ස්ථානයක්. නපුංසකයෝ මෙතන විකාර කරනවා. අපි කොහොම ඉවසන්නද?” ලී ජ්යැංහෙන් හායි ලියැංයී දෙස බැලුවේ ය "උතඅමාණෙනි!"
ලී ජ්යැංහෙන් ගේ හදවත තදින් ගැහෙන්නට විය. ඔහු දැඩි හායි ලියැංයී දෙස බැලූ අතර එදින රාත්‍රියේ ඇතිවූ භයානක අනතුර ගැන සිහිපත් කළේය. ඔහුගේ අත්ල මත දහඩිය දමමින් තිබූ අතර, ඔහු පරාජිතයෙකු මෙන් මකර සිවුර මත ඒවා පිස දැමීය. පිළිතුරක් ලෙස වචනයක් කීමට පවා ඔහු එඩිතර වූයේ නැත.
◈ ◈ ◈
ෂුආංලූ ඇදගෙන යාමට පිටත සිටි ආරක්ෂකයින් ඒ වන විටත් ඇතුළු වී සිටියහ. ෂුඅංලු බිම දිගේ ලිස්සා යන විට, “මහරජතුමනි, මහරජතුමනි!” කියා කෑගැසුවේය.
"ඔහුගේ අපරාධය..." ලී ජ්යැංහෙන් ෂුඅංලූ දෙස බැලුවේය. "ඔහුගේ අපරාධය මරණීය දණ්ඩනයට යටත් වෙන්නේ නැහැ..."
"උතුමාණනි." හායි ලියැංයී තරයේ කීවේ ය. “පැන් රූගුයි නපුංසක සේනාවක් පිහිටුවාගෙන හුආ සීචියන් සමඟ හවුල් වී චූදු තුළ සහ ඉන් පිටත විනාශය ඇති කළා. අන් අයට අනතුරු ඇඟවීමක් ලෙස එය අතුගා දමන්න කාලය ඇවිත්! එපමණක් නෙමෙයි, අධිරාජ්‍යයා පොළඹවා ගන්න උත්සාහ කරන අධිරාජ්‍ය තැබෑරුමේ සිටින සල්ලාල සාමාජිකයින්ට ද කස පහර දිය යුතුයි! ”
බියෙන් වෙව්ලමින් ලී ජ්යැංහෙන් පැවසුවේ ය, “මම එඩිතර වෙන්නේ නැහැ, මම එඩිතර වෙන්නේ නැහැ! ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා වගේ සිල්වත් විෂයක් සමඟ දිනපතා ම මා අධීක්ෂණය කිරීමට සහ පොළඹවන විට, හිතුවක්කාර ලෙස ක්‍රියා කරන්නත් සහ රවටා දමන්නත් මා නිර්භීත වන්නේ කොහොමද?! ලේකම් කාර්යාලයේ වැඩිහිටියා ඔය පදනම් විරහිත කටකතාවලට හසු නොවිය යුතුයි."
නමුත් හායි ලියැංයී අනුකම්පා විරහිතව පැවසුවේ ය, “ගින්නක් නොමැතිව දුමක් නැගෙන්නේ නැහැ. උතුමාණෙනි, කරදරවලට ඇමක් වන රූමත් කාන්තාවන්ට අපි රැඳී සිටීමට ඉඩ නොදිය යුතුයි!”
ලී ජ්යැංහෙන් දැන් නිසැකවම බියට පත් වූයේ ය. මූ රූට මියෙන්නට ඉඩ දීම ඔහු කොහොම දරාගන්නද? ඔහු කලබලයෙන් දෙපයින් නැඟී සිටියේ කණගාටුදායක මුහුණකිනි, “ලේකම් තුමනි, මට මගේ වැරදි වැටහුණා. ෂුඅන්ලූ වසර ගණනාවක් මට සේවය කර තියෙනවා. හිතන්න... අදම කාරණය අත්හරින්න, අනාගතයේදී මම අනිවාර්යයෙන්ම රාජ්‍ය කටයුතු නිසි විදිහට සැලකිල්ලෙන් පරිපාලනය කරන්නම්!"
හායි ලියැංයී නැවතත් නැමී ආචාර කළේ ය, ඔහුගේ ගෞරවය යම් තරමකට හෝ ආරක්ෂා කර ගැනීම සඳහා සියල්ල පවසා අවසන් අවසන නැවතත් ලබාගැන්මට ප්‍රමාද වැඩි විය.
ලී ජ්යැංහෙන් මේසය මත හිස තබාගෙන පිටතින් කස පහර දෙන හඬට සවන් දුන්නේය. එක් එක් කස පහර හඬට ඔහු ප්‍රතිචාර දැක්වූවේ පහර දෙන්නේ තමාට මෙනි. ඔහු හායි ලියැංයී දෙස බැලුවේ මිශ්‍ර හැඟීම්වලිනි; කෝපය හා බිය කැටිවය.
ෂ්‍යාඕ චීයේ ඇතුළු වන විට අනෙක් අය වතුර ඉස බිම පිසදමනු දකින්න ට ලැබුණේ ය. ඔහුගේ පා යට රුධිර පැල්ලම් පැතිර ගියේය. ඒවා ඉතා දීප්තිමත් ලෙස රතු පැහැයෙන් යුක්ත වූ අතර එය භයානක විය. මිංලී ශාලාවේ සිටි සියලුම නපුංසකයෝ නිහඬව එළිමහනේ දණින් වැටී සිටියහ. ඔවුන්ගෙන් එක් අයෙක්වත් හිස ඔසවන්නට එඩිතර වූයේ නැත.
ෂ්‍යාඕ චීයේ ඇතුලට පියවර තබා ඇවිද ගියේ ය, එහිදී ලී ජ්යැංහෙන් මකර සිංහාසනය මත ලී අනුරුවක් මෙන් ගොළු වී වාඩි වී සිටියේය. ෂ්‍යාඕ චීයේ ඇතුළු වන බව දුටු ලී ජ්යැංහෙන්, කැගැසීමට පෙර මොහොතක් ඔහු දෙස හිස් බැල්මෙන් බලා සිටියේය.
ලී ජ්යැංහෙන් ඔහු කෑගසද්දී අවට ඇති වස්තූන් කඩා දැමුවේ ය, “මේ මොන වගේ අධිරාජ්යයෙක්ද? කවුරුහරි මගේ නහයට ඇඟිල්ල දික් කරලා මට මෙහෙම නින්දාවක් කරයි කියලා හිතුවේ නැහැ! අධිරාජ්‍යයාගේ දේශය නොවන්නේ අහස යට කුමන දේශයද?! මම ස්ත්‍රියකට අනුග්‍රහය දැක්වපු එකේ වරද මොකක් ද? ඒකේ වැරැද්ද කොතනද?!"
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment