රාජකීය සභාව කෙතරම් ගාම්භීර හා නිහඬව පැවතුණේ ද යත් එහි ඉදිකටුවක් වැටෙන ශබ්දය පවා අසන්නට හැකි වීය.
ෂ්‍යාඕ චීයේ ගේ දෑස් කෙමෙන් කෙමෙන් අදුරුව ගියේ ඔහු තමාගේ රාජකාරි අවසරපත ඉවත් කරන විටය.
ඔහුගේ ළය ප්රචණ්ඩ ලෙස ගැහුණේ ය. ලී ජ්යැංහෙන් නිවේදනය කරන්නට විය , “රාජකීය හමුදාවේ ප්රතිරාජසෙනෙවි, ෂ්‍යාඕ චීයේ , සියළු රාජකාරි වලින් අත්හිටුවා , විමර්ශනය අවසන් වන තෙක් නිවාස අඩස්සියේ තබනවා. චූදු වල අභ්‍යන්තර සහ බාහිර මුර සංචාර දැන් අධිරාජ්‍ය වලට සහ අෂ්ඨ මහා පුහුණු අංශ විසින් පවරා දෙනවා."
ෂී හොංෂුආන් , සමූහයා අතර හිඳ, ඔහු පැළඳ සිටි වූෂා හිස්වැස්ම (1.) හරහා ෂ්‍යාඕ ජීමිං දෙස , කිසිවක් පවසන්නට හෝ උත්සහ නොකල එකම පුද්ගලයා දෙස හොරුහින් බැලුවේ ය. ෂ්‍යාඕ ජීමිං තවමත් සිය දෙපා වලින් සෘජුව නොසැලී සිටියේ ය. ඔහුගේ දෙපා ඉදිරියේ සිදුවන දෙයින් ඔහු කම්පාවට පත් නොවුනේ ය.
ඔහු ස්ථාවර අයෙක්!
ෂී හොංෂුආන් යටි සිතින් ශාප කළේ ය.
අපේක්ෂා කළ පරිදිම , ෂ්‍යාඕ ජීමිං සමග ගනුදෙනු කිරීම ඉතාමත් අපහසු කාරියකි. ෂ්‍යාඕ චීයේ මෙතරම් දුෂ්කර තත්ත්වයට පත්ව හිදිද්දී පවා හේ සන්සුන් ව සිටියේ ය. ඔහු කිසිසේත්ම කලබල නොවුනේ ය ;ඔහුට කතා කරන්නට අවශ්‍යතාවයක් ඇකි බවක් හෝ නොපෙනුනේ ය.
උදෑසන සැසිවාරය නිෂ්ප්රභා කිරීමෙන් අනතුරුව , ඔවුන් සියල්ලෝ ඖහුආ මණ්ඩපයට පැමිණියහ.
තම රන් පැහැ අවසරපත ලැබුණු අලංකාර අහස් ලා නිලට හුරු හැඩ දැමූ කඩා හැලෙන නිදහස් අත සහිත වස්ත්‍රයකට මාරු වූ ශෙන් ස'චුආන් තමාව ඉහළ කොටසට ගෙන යන්නට මඟ පෙන්වන්නාට බඉ දුන්නේ ය. ෂී හොංෂුආන් ෂුමී හාන්සි පුටඅවක හිඳ අයෙක් තේ පෙරන අයුරු බලා සිටියේ ය.
ඔහු ඇතුළුවනු දුටු ෂී හොංෂුආන් මහ හඬින් සිනහවූයේ ය. , “ලන්ජෞ, අදනම් හරිම ප්‍රීතිමත් දවසක්! සඩයම් බිමේ සිදුවීමෙන් පස්සේ , දෙවෙනි ෂ්‍යාඕ හැම කිරණකයකදිම මාව එතැනට රුගෙන ආවා. මේ ආපසු ගෙවීම හුගක් සතුටුදායක වෙන්න ඇති කියලා මම හිතනවා!”
ශෙන් ස'චුආන් අසුන්ගෙන පවසන්නට විය, “ෆූ ලින්යේ ගත්තේ හොඳ ආරම්භයක් . මම කවදාවත් හිතුවේ නැ ඔබට ඔහුව තමන්ගෙ යටතට ගන්න පුළුවන් වෙයි කියලා.”
“ඔබ හිතන්නේ ෆූ වංශයේ අතීතය මොනවගේ කියල ද? ඔහුන් චුආංචෙන් නගර දොරටුව අසලා අපිරිසිදු කසල එකතු කරන්නෝ.
අපගේ පැරණි ස්වාමියාගේ දක්ෂතා අගය කිරීම සහ ඔවුන්ගේ මුල් ලියාපදිංචියෙන් නිදහස් වෙන්න ඔවුන්ට උපකාර කළා නෙමෙයි නම් (2.) ඔවුන්ගේ ෆූ වංශය අදටත් ගවයන් රුකබලාගන්නවා. ග" ෂී හොංෂුආන් , සේවිකාව ඔහුට පිරිනැමූ තේ පැන් පිළිගෙන, පවසන්නට පෙර, උගුරු කිහිපයක් පානය කළේ ය, “ඒත්, වැඩිහිටි වෙයි පිරිස කොච්චර නාස්තිකාරයෝ ද. ෂ්‍යාඕ ජීමිං ව ඇමක් කරගත්තේ නැහැනේ."
“ ෂ්‍යාඕ එර්ව මර්ධනය නරන එක දැනටමත් අභියෝගයක් තමයි. ” ශෙන් ස'චුආන් තේ පානය රස බලා පවසන්නට විය, “ ඔබ දැන් ෂ්‍යාඕ ජීමිං ව ස්පර්ශ කරන්න උත්සහ කළොත් අත්වෙන ලාභයට වඩා පාඩුව වැඩි වෙයි කියලා මට හිතෙනවා."
“හොඳම ක්‍රියාමාර්ගය තමයි අපේ ජයග්‍රහණය ගැන සෙවිල්ලෙන් හිඳීම සහ ප්‍රහාරය නිවස දෙසට තල්ලු කිරීම. අපි දැන් සටන් නොකළොත් , අපි බලාගෙන ඉන්නෙ මොනවා වෙනුවෙන් ද?” ෂී හොංෂුආන් සිය අතක් ඔසවා සේවිකාව ව පිටතට යැව්වේ ය. “අපිට තවම හැකි වුනේ ෂ්‍යාඕ ජීමිංට දූදු වල පුංචි පාඩුවක් සිදු කරන්න විතරයි. ඒත් එයත් ඔවුන්ගේ සන්නාහ වලට විශාල කැළලක් වේවි.”
මම හිතුවේ ඔබේ අභිප්‍රාය වෙන්නේ චූදු කියලා.ඔබේ අත්තිවාරම ස්ථාවර වෙන්නත් කලින් ම ඔබ සටනක් වෙනුවෙන් පිටත මායිම් දිහා බලන්න හිතයි කියලා මම හිතුවේ නැහැ.” ශෙන් ස'චුආන් පැවසීය, “ අෂ්ඨ මහා පුහුණු බලඇණි වලට තවමත් ස්ථිර විදිහට බලය ලැබිලා නැහැ. ඔබ ෂ්‍යාඕ'එර්ව පහුකරගෙන ඉදිරියට යන්න ගියොත් ඔබ විශාල පසුබෑමකට ලක් වේවි.”
ෂී හොංෂුආන් තේ බදුන පසෙකින් තැබුවේ ය, "එහෙම නම්, ඔබේ අදහස අනුව, අපි වෙන මොනවද කරන්න ඕනේ?"
"ඔබ කලින්ම පැවසුවා." ශෙන් ස'චුආන් සිනාසුණේය. "හොඳම ක්‍රියාමාර්ගය අපේ ජයග්‍රහණය ගැන සෙවිල්ලෙන් හිඳීම සහ ප්‍රහාරය නිවස දෙසට තල්ලු කිරීම."
ෂී හොංෂුආන් ඒ පිළිබඳ ව මොහොතක් කල්පනා කළේ ය “ අද අපි ගත් පියවර නිසා අධිරාජ්‍යයා ෂ්‍යාඕ එර් ගැන තියපු විශ්වාසය සහ සැලකිල්ල බිද වැටිලා ගිහින් තියෙනවා. ඔහුගේ රාජකාරි අවසරපතත් ඉවත් කරලා , වසන්ත සමය ආරම්භ වෙන තෙක් ගමන් කිරීමත් අත්හිටුවලා තියෙනවා. ඒත් ඔහු අධිරාජ්‍යයාණන් එක්ක දිග් කලක ඉදන් සමීපතම මිතුරෙක් වෙනවා. ඔහුව මේ සිද්ධියෙන් විතරක් පහතට ඇදලා දමන්න බැහැ.”
“ ෂ්‍යාඕ'එර් තවමත් රාජකීය හමුදාවේ ප්රතිරාජසෙනෙවි වෙනකල් , චූදු වල මුර සංචාර තවමත් පවතින්නේ ඔහු මතයි. ඔබ හැමදෙනාම මා එක්ක මේ තරම් කරදර වලට මුහුණ දුන්නේ මාසයක් දෙකක් ක්‍රීඩා කරන්න අෂ්ඨ මහා පුහුණු අංශවල බලය ලබා ගන්න පමණක් ද , ඔහු එය ආපසු ලබා දෙන්න කලින්?” ශෙන් ස'චුආන් පැවසුවේ ය, “ඔබ මේ වතාවේ ෂ්‍යාඕ'එර් ට පහරක් එල්ල කළා.ඒත් ඔහු වසන්ත සමයෙදි ආපසු පැමිණියම , ඔබ ඔහුගේ ප්රතිප්රහාරයට මුහුණ දෙන්නේ කොහොමද?”
ෂී හොංෂුආන් සිය විජිනි පත විහිදා තමන්ටම කිහිප වරක් පවසන්සලා ගත්තේ කිසිවක් පවසන්නට පෙරය., “එහෙනම් අපි මොනවද කරන්නේ? අපිට ඔහුව බිම හෙලන්න කොහොමටවත් නොහැකි වේවි.”
“ඔබට බැහැ. නමුත් ඔබට ඔහුව පහතට දමන්න පුළුවන්.” ශෙන් ස'චුආන් තේ කහට පානයට ප්‍රිය නොකළ නිසා රස බැලීමෙන් පසු ඔහු එය නැවත ස්පර්ශ නොකළේය. “අධිරාජ්යයාණන්ට පවා ඔහු ගැන දැනටමත් සැක හිතිලයි තියෙන්නේ, ඉදිරි දිනවලදී ඔහුගේ සැකය මීට වඩා අඩු වෙන එකක් නැහැ. ඔබ දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ.”
"මට දක්ෂතාවයක් වත් කුසලතාවක්වත් නැහැ." ෂී හොංෂුආන් සිනාසෙමින් පැවසුවේ ය, "එහෙනම් මාව කොහොමද ඔහු හා සමාන කරන්නේ?"
“ඔයතරම් නිහතමානී වෙන්න අවශ්‍ය නැහැ.”ශෙන් ස'චුආන් මේසයට තට්ටු කරන්න ට විය. “ ඖහුආ මණ්ඩපයේ වැයෙන තාල සාම්ප්‍රදායික නැහැ. ඒ නිසා අධිරාජ්‍යයාණන් , රතු රළි හැම අතටම විහිදවලා අධමයෙක් බවට පත් කළා, ඔහුට එය නැවුම් අත්දැකීමක් වේවි. දෙවන තරුණ ස්වාමි ෂී, ක්‍රීඩා කරද්දී ඔබව ෂ්‍යාඕ'එර් හා සැසඳිය නොහැකි බව ඔබට තවමත් හැඟෙනවාද?"
"දැනට ලේකම් කාර්යාලයේ වැඩිහිටියව පැත්තකින් තියලා, මම ක්‍රීඩා කළත්, මට ෂ්‍යාඕ'එර්ගේ තත්වය දක්වා ක්‍රීඩා කරන්න විදිහක් නැහැ. ෂී හොංෂුආන් කීවේ ය, "ඔබට ඔබේ සැලෙන වස්ත්‍රයේ අත් යට උපායක් තියෙනවා. එහෙම නේද?"
“ ෂුඒ ෂ්‍යුජුඕ අධිකරණ සමාලෝචන උසාවියට ආවට පස්සේ , ඔහු හැසිරුවේ ප්‍රධාන නඩු විතරයි. ඒත් සේරටම පස්සෙ ඔහු, තනි පුද්ගලයෙක්. දක්ෂතජ හා කීර්තිය අතින් ගත්තම , නිදහසේ මුළු දේශය පුරාම ඇවිද යන යාඕ වෙයූ වත් අභිබවා යනවා. ඔහු මහ ලේකම් කාර්යාලයට ඇතුළු වෙන්න කල්තියා සූදානම් වෙනවා නම් ඔහුට දැන් තවත් ඉදිරියට යන්න අවශ්‍ය නම්, ඔහුට කමන්ව උසස් කරගන්න අයෙක් අවශ්‍ය වෙනවා." ශෙන් ස'චුආන් තම ඇඟිලි කුඩෙන් මේසය මත කුඩා රවුමක් ඇන්දේය. “ඔබ අවසන් වරට රාජකීය විද්‍යාලයේ සිසුන් ඉදිරියේ ප්‍රසිද්ධියේ පෙනී ඉදලා හොඳ නමක් ඉතිරි කරගත්තා. ෂුඒ ෂ්‍යුජුඕ , අනුග්‍රහයක් දක්වන්න ඔබට මේක හොඳටම ප්‍රමාණවත් නේද? පහුගිය ටිකේ ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි රාජකීය විද්‍යාලයක් ආරම්භ කරන්න සිකාගෙන හිටියා මෙතැන ඉදන්, ෂුඒ ෂ්‍යුජුඕ ට ඔහුගේ හමුදා භටයන් සහ හමුදාපතිවරු තෝරා ගන්න හැකි වේවි."
"මිනිස් බල ශ්‍රමය පුළුල් කරලා මුහුදු රළ දැඩි කරන්න ." ෂී හොංෂුආන් එය සිය මනසින් මවාගත්තේ ය, “නමුත් යැන්චිං ට තමන්ගෙම මිනිසුන් ඉන්නවා. ඔහු රාජකීය විද්‍යාලයට යන්නේ ඇයි? ”
“ෂ්‍යාඕ'එර් එක්ක ගනුදෙනු කරන්න නම් , අනෙත් වංශ සමග හිස්වැසුම් වළලා දමලා සතඅරාට පහර දෙන්න ශක්තිය එක්රුස් කරගන්න ඕනේ. ඒත් යාඕ වංශය එයට එකඟ වෙන්නේ නැහැ. ඒ ගැන හිතලා බලන්න. සාහිත්‍යවේදීන් විදිහට යාඕ වංශය ඉන්නේ හරිම දැඩි පිළිවෙතක. ඔවුන් ඔබ සමඟ වැඩ කරන්න අකමැති වුනාට කමක් නැහැ. තියෙන එකම බිය ඔවුන් අනෙක්පස හැරිලා ෂ්‍යාඕ'එර් සමඟ එකතු වේවි කියන එකයි. ඒ කාරණාවෙදි,
යාඕ වංශය හැකි ඉක්මනින් පන්න කටයුත්ත සිදුකරන්න තරම් දක්ෂ අයෙකුට එම තනතුර භාර නොදෙන්නේ ඇයි?"
අනපේක්ෂිත ලෙස ෂී හොංෂුආන් සිනහසෙන්නට විය, “ඔබ ඉපදුනේ ජොංබෞ වල, ඒ නිසා ඔබට අංෂ්ඨ මහා වංශවල මූලාරම්භය වැටහෙන්නෙ නැතිව ඇති. යාඕ වංශය එකතු වෙන්න අකමැති නම්, අපිට ඇත්තටම ඔවුන් ව පන්නා දමන්න බැහැ. මොකද අපිට ඔවුන්ව පන්නා දමන්න ක්‍රමයක් නැති නිසා.”
“යාඕ වංශයේ අය රාජකීය සභාවේ උච්චතම ස්ථානයේ හිටි කාලය ගැන හිතලා බලන්න. මෙතැන ෂී වංශයට තැනක් නැහැ.” ශෙන් ස'චුආන් ජල බිඳිති පිස දැමීමට අත් පිස්නාව අතට ගත්තේ ය. "මම දන්නවා ගෞරවනීය වංශවල අතීතය ගැන, ඒත් මම ඔබෙන් අහන්නෙ යාඕ වංශය අල්ලගෙන ඉන්න කියලා විතරයි. පවතින තත්ත්වය අනුව වෙනත් පාර්ශ්වයකින් ක්‍රියා කරන්න තවදුරටත් ඉඩ දෙන්න බැහැ. දෙවෙනි තරුණ ස්වාමීනි, ඔබ පැකිලෙමින් සිටියොත් ඔවුන්ව අහිමි වේවි.”
ෂී හොංෂුආන් තීරණය ඔහුගේ අතට දෙන්නට අහිමි වූයේ නැත. එබැවින් ඔහු පැවසුවේ ය. “අපි මේ ගැන නැවත සාකච්ඡා කරමු. මට ඒ ගැන හිතන්න දෙන්න."
◈ ◈ ◈
ෂ්‍යාඕ චීයේ තම අසිපත් තලය මුවහත් කරමින් සිටියේය. ඔහු ලැංලී තලය ප්‍රවේශමෙන් පිස දැමුවේ එහි දූවිලි පැල්ලමක්වත් ඉතිරි නොකරමිනි.
ජාඕ හුයි ලූ ගුඅන්බායි ට තේ බඳුනක් පිරිනැමුවේ ය, "දෙවන තරුණ ස්වාමියා ආයෙ ආයෙමත් අසිපත් තලය ඔප දමන්නේ කාවහරි මරා තමන්න ද?"
ඔහු තේ පානය කරන විට ලූ ගුඅන්බායි සිනාසුණේය. “ඔහු අද ඉන්න විදිහට, ඔහුගේ තලය එක්ක එළිමහනට ගියොත් එක බොහොම අපහසු දෙයක් වේවි. ජිමිං, ඔබ හොඳටම දැක්කද? මම හිතුවේ මේ කොල්ලා කලින් රාජකාරි අවසරපත ඔහු ඉවත් කරද්දි හඬාවි කියලයි."
“ඒක නම් දුර්ලභ දසුනක් තමයි .” ෂ්‍යාඕ ජීමිං ද සිනහසුනේ ය. “ ඔවුන් මේ පොඩි එකාට තරහා පිටකරගන්න බැරි දවස වෙනකල් ම හිටියා.”
“ඔබ කාවද අවමානයට පත් කරන්නේ?” ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත්පිස්නාව ගෙන පිසදමාගත්තේ නොසතුටු ලෙසය.
“අපි මේ ඔබට ප්‍රශංසා කරනවා.” ලූ ගුඅන්බායි හුස්මක් හෙලා පවසන්නට විය, “චූදු වල මේ තරම් කල් රුදී හිටියට පස්සේ. ඇත්තටම මේක මොනතරම් අනර්ඝ දෙයක් ද?”
“මම මෙතැන ඉදගෙන ඉගෙනගෙන තියෙන්නේ ඒක නෙමෙයි ද?” ෂ්‍යාඕ චීයේ සිය අසිපත් තලය ආවරණය කර , ඔහුගෙ දෙපා ඉහළට ගෙන අසුන්ගත්තේ ය. “මහලු වෙයි කොච්චර උත්සාහ කළාද කියනවා නම් මට ඔහු ගැන ටිකක් ඉහළින් හිතන්න සිද්ධ වුණා. ඒ වෙන කෙනෙක් නම් කමක් නැහැ, නමුත් මාව අන් අය විසින් පහතට හෙලනවා දකින එකෙන් මගේ ග'ග සතුට වන්නේ ඇයි?”
"ඒක ඇත්තටම දුර්ලභ දර්ශනයක්," ජාඕ හුයි හැගීම්බර ලෙස සුසුම්ලමින් සිටියේය.
"ඔබට දුක හිතෙයිද කියලා මට බයත් හිතුනා." ලූ ගුඅන්බායි පැවසුවේය, "ක්‍රීඩා කරන්න හැකි හැම අයෙක් අතරින් ම ඔබට ක්‍රීඩා කරන්න සිදු වුනේ ස්වර්ගයේ පුත්‍රයා එක්කයි."
“අධිරාජ්‍යයා හදිසියේම සිංහාසනයට නැඟලා , නැවත නැවතත් පහර එල්ල කළා. ඔහු ආරම්භ කරන්න නිර්භීත පුද්ගලයෙක් නෙමෙයි, ඒ නිසා ඔහු දැන් බිය වෙන එක අපේක්ෂා කරන්න ඕනෙ. ” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, "ෆූ ලින්යේ ඔවුන් වගේම එකම වස්ත්‍රයෙන් හැඩ වෙලා ඇති කියලා මම කොහොමටවත් අපේක්ෂා කළේ නැහැ."
“ෆු ලින්යේ ට ෂී වංශය එක්ක යම් යම් සම්බන්ධතා තියෙනවා. නමුත් ඔහු තවමත් උතුම් වංශ වල ගෝලයෙක් වෙන්න තරම් දුර ගිහින් නැහැ. ” ෂ්‍යාඕ ජීමිඃ පවසන්නට විය, "ඔහු බොහෝ දුරට සිතන්නේ ඔබට දෝෂාභියෝගයක් ගෙන ඒම මගින් උතුමාණන්ගේ සහ වෙයි හුඅයිෂින් ගේ අනුග්‍රහය දිනා ගන්න අවස්ථාව ප්‍රයෝජනයට ගන්නයි."
"ඔබ වෙයි හුඅයිෂින් ව ඔහුගේ අන්තිම තුරුම්පුව වෙනකල් ම එලියට ගන්න සැලැස්සුවෙත් ගොඩක් අමාරුවෙන්." ලූ ගුඅන්බායි පැවසුවේ ය, "දැන් ඔහු එය ඉවත් කර ඇති නිසා, අපට ආපසු සටන් කරන්න පුළුවන්."
“වෙයි හුඅයිෂින් මෙතරම් කාලයක් හිටියත් ඔහුට කිසි විටෙකත් මහා ලේකම් කාර්යාලයට ඇතුළු වෙන්න නොහැකි වුණා. මේක අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාගේ ස්වභාවය සමඟ සම්බන්ධයි. ” ෂ්‍යාඕ චීයේ මොහොතක් කල්පනා කළේය. “හුආ ස'චියන් ඔහු ජීවතුන් අතර සිටියදී ඔහුව භාවිතා කළත්, ඔහු ඔහුව බොහෝ සේ පිළිකුල් කළා. දැන් මහ ලේකම් කාර්යාලය උතුම් වංශිකයන් විසින් අත්පත් කර ගැනීම ගැන ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායි බියෙන් සිටින නිසා, ඔහුත් ඔහුට උසස් වෙන්න ඉඩ නොදී ඔහුව අල්ලාගෙන ඉන්නවා. ඔහු අමනාපය තියාගෙන ඉන්නවා. ඔහුට ලේකම් කාර්යාලයේ වැඩිහිටියා සමඟ සටන් කරන්න අවශ්‍ය නම්, ඔහුට ෂී හොංෂුආන් සමඟ එකතු වී ඔවුන් වෙනුවෙන් සතුරු නිලයන් හරහා කඩා වදින්න වෙනවා. ඔහුට අවශ්‍ය වී ඇත්තේ වසර දහයකට වැඩි කාලයක් ඔහුව රඳවාගෙන ඉන්න මේ සීමාව පසු කරන්නයි. මට මේ වතාවේ ටිකක් පසුපසට යන්න අවශ්‍යයි, ඔහු අනිවාර්යයෙන්ම ඔහුගේ ලුහුබැඳීම දිගටම කරගෙන ගිහින් ඒ අවසන් සාක්ෂියත් පිටතට දමාවි."
“මෙය ඉතාමත් වැදගත් කාරණයක්. සාක්ෂි ව්‍යාජ වුනත් , ඔහු තවමත් එහි යථාර්ථවාදී කාර්යයක් ඉටු කරනවා. ෂ්‍යාඕ ජීමිං පවසන්නට විය, “හුවා කන්ඩායමේ සිද්ධියෙන් පස්සේ හමුදා අරමුදල් බෙදා හැරීම ගැන හායි ලියැංයී විශේෂයෙන් කලබල වන බව දැන සිටි ඔහු අධිරාජ්‍ය හමුදාවේ ගිණුම් වලින් ආරම්භ කළා, මේ කාරණය සම්බන්ධයෙන් විරුද්ධ විය හැකි කිසිවක් ඔහු නොඉවසන බව ඔහු දන්නවා. මේ දින කිහිපය තුළ ඔබව විමර්ශනය කිරීමට ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය ඒවි. ඔවුන්ට ෆූ ලින්යේ ට විතරක් මේක තනිව විමර්ශනය කරන්න ඉඩ දෙන්න බැහැ. ඔවුන් එක්ව විමර්ශනය කරන්න ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයෙන් හරි විගණන සිදු කරන්න බලය ඇති නිලධාරීන් අතරින් අපක්ෂපාතී කෙනෙකු තෝරා ගන්න සිදු වේවි."
"බොහෝ දුරට, රාජකීය ආරක්ෂකයෙක් ෆූ ලින්යේ සමඟ විමර්ශනය කරන්න සම්බන්ධීකරණය කරාවි.” ජාඕ හූයි විරාමයක් තැබීය. "මොකද, මේක මිනීමැරුම් නඩුවක්."
"අධිරාජ්‍ය ආරක්ෂකයන්." ලූ ගුඅන්බායි ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේය. “අපට අධිරාජ්‍ය ආරක්ෂක සහායකයෙක් නැහැ විතරක් නෙමෙයි; ඔවුන් තුළ අපේ විරුද්ධවාදීන් පිරිලා ඉන්නවා. ආ-යේ, ඔබ මේ වතාවේ සැබෑවටම ගුටි කන්නයි යන්නේ."
ෂ්‍යාඕ චීයේ තරමක් නපුරු සිනහවක් පෑවේ ය, “... අධිරාජ්‍ය ආරක්ෂකයෝ , හහ්. මම එක් අයෙක් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගෙන ඉන්නවා, කොන්දේසි සහිතව. ”
◈ ◈ ◈
දින කිහිපයකට පසු, ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය රාජකීය හමුදාවේ ගිණුම් පිළිබඳ ඔවුන්ගේ විමර්ශනය ආරම්භ කළේය. ෆූ ලින්යේ පිටත් වීමට පෙර, ඔහු ගිණුම් විගණනය කිරීම සඳහා ඔහු සමඟ සම්බන්ධීකරණය කළ ශෙන් ස'චුආන් දුටුවේය. මෑතකදී අධිරාජ්‍යයාගේ ප්‍රිය කරන අනෙත් පාර්ශවය බව දැනගත් ඔහු ඔහුව හෑල්ලූවට ලක් කිරීමට නිර්භීත නොවූ අතර ඒ අනුව පළමුවෙන් විශිෂ්ට තේ පැන් පිළිගැන්වීම කෙනෙකු ලවා කර ගත්තේය.
ශෙන් ස'චුආන් තේ පැන් උගුරු නිහිපයක් පානය කර මෘදු ලෙස පවසන්නට විය, “මේ මම රැකියාවට යන පළමුවෙනි අවස්ථාවයි, ඒ නිසා මට මේ ගමනෙදි මඟ පෙන්වීම වෙනුවෙන් ෆූ උතුමාණන්ට කරදර කරන්න සිදුවේවි.”
ෆූ ලින්යේ ඔහුව උතුම් වංශවලින් එකක් ලෙස සැලකූ නමුත්, සමීපත්වයේ හැඟීම කෙසේ වෙතත් ඔහුට තවමත් ඔහු ගැන යම් බියක් හැඟෙමින් තිබුණේ ය. එබැවින් ඔහු මෙසේ පැවසුවේ ය, "මම මඟ පෙන්වන්න තරම් සුදුස්සෙක් නෙමෙයි, ඒ නිසා මට සමඟ මේ ගමන යන්න ගෞරවනීය විනිසුරුතුමාට කරදර කරන්න සිදුවේවි. අධිරාජ්‍ය හමුදාව ලෝහ බාල්දියක් වගේ අපරාජිත යි. සත්‍ය සහ වෛද්‍යකරණය කරන ලද ගිණුම් බොහොමයක් තිබේවි කියලා මම හිතනවා. කාලය ආවම, මම ගෞරවනීය විනිසුරු තුමාගෙන් ඉල්ලන්නම් නිරීක්ෂණය කරන්න.”
සොයන්නේ කවුද සහ කොතැනද යන්න සම්බන්ධයෙන්, ෆූ ලින්යේ වදනක්වත් නොදෙඩුවේ ය. ඔහුට උතුම් වංශිකයන් සමඟ එකතු වී හායි ලියැංයී අමනාප කරන්නට අවශ්‍ය නොවූ අතර , හායි ලියැංයී සමඟ එක්ව මහා වංශවල ඇගිලි පාඟා දමන්නටද අවශ්‍ය නොවුණේ ය. ඔහු සුළගේ දිශාව නිරීක්ෂණය කරමින් සුළඟ හමන කුමන පසට ගියද වැට බඳින්නෙක් විය. නමුත් ඔහු මෙවර ෂ්‍යාඕ චීයේ දැඩි ලෙස අමනාප වූ බව ඔහු දැන සිටියේය. ඔහු ගිණුම් පරීක්ෂා කිරීමට යන විට ඔහුට අමාරු දේවල් කරන්න ට ඔවුහු බැඳී සිටියහ. ෂ්‍යාඕ'එර් කොයිතරම් අසමච්ඦාතියෙකුදැයි කියා නොදන්නේ කවුද? ඔහුගේ වාසස්ථානය සෙවීම ගින්නට ඉන්ධන එකතු කිරීමක් පමණකි. ඒ නිසා ඔහු මෙවර සියල්ලම සොරකම් කරන්නට කැමති වූයේ නැත. ඔහු ශෙන් ස'චුආන් ව පිටතට තල්ලු කර ඔහුට පරික්ෂා කරන්න ට ඉඩ දුන්නේ ය. ඔහු ශෙන් ස'චුආන් ට පාබල සෙබලෙකු වෙන්නට බඩ දුන්නේ ය.
ශෙන් ස'චුආන් නිසැකවම එය පිළිගත්තේ ය.
මෙය දුටු ෆූ ලින්යේ ගේ බිය පහව යන්නට විය; ඒ වෙනුවට , හේ ඔහුව දුටුවේ නවකයෙක් ලෙසය.
සියල්ලෝම බෙදී තම තමන්ගේ ගමන යන්නට විය. ෆූ ලින්යේ අධිරාජ්‍ය හමුදාවේ කාර්යාල පරිශ්‍රය දෙසට ගිය අතර ශෙන් ස'චුආන් ලිබෙයි කුමරුගේ නිවසට ගියේය.
වහලය මත වැතිරී සිටි දිං තාඕ ඔහු දකින විට ඔහු තවමත් ඵඟා වෙන්න බොහෝ දුර ආ යුතුව තිබුණි. ඔහු සුසුමක් හෙළුවේ ය. “කොහොමද ඔහු මෙහෙම වෙන්නේ” කියලා.
ගු ජින් අසන්නට විට, "ඔබ මේ වගේ වීමද අදහස් කළේ? නැත්නම් "ඒ වගේ" වීම ද?"
සිං තාඕ හිස සලා අනුමත කරන්න ට විය.
ඉතින් ගූ ජින් පවසන්නට විය, "ඔබ කියන්නේ ඔහු දෙවැනි තරුණ ස්වාමියා එක්ක හොඳ සම්බන්ධයක් තියා කරගත්තත්, තවමත් මේ විදිහට දෙවන තරුණ ස්වාමියා ගැන විමර්ශනය කරන්න අනිත් අයට උදව් කරන විදිහ ගැනද?"
දිං තාඕ බාධා කළේය. "ඔවුන් ඔබට හොඳ සම්බන්ධතාවයක් කියාගන්න තරම් හොඳ අය නෙමෙයි!"
"සමහර පුද්ගලයෝ." ගු ජින් වයින් බෑගය විවර කළේය. "ඔබ වයසින් වැඩුනම තේරෙයි. හැමෝම මෙහෙම තමයි. එකිනෙකිව වැළඳගෙන හොඳ නම ලෙන්නන්නේ නිවස ඇතුලෙදි විතරයි, නමුත් ඇඳුම් පැළඳගෙන දොරෙන් පිටතට බැස්සට පස්සේ වෙන හැම දෙයක්ම පිටත වෙන සාමාන්‍ය කටයුතු විතරයි. ඔබට ඔවුන් ගැන එක හුස්මකින් කතා අවසන් කරන්න බැහැ ... මේක සටහන් කරන්න එපා! ”
ශෙන් ස'චුආන් දොර ළඟට පැමිණි අතර එහිදී ජාඕ හුයි සහ චෙන් යැං ඔහුට ආචාර කළෝ ය. ජාඕ හුයිට හමුදා පත්වීමක් ලැබීමත් සමඟ, ශෙන් ස'චුඇන්ට ඔහුට ආචාර කරන්නට සිදු විය
"පරම්පරාගත කුමාරයාගේ කුටිය තියෙන්නේ උතුරු පැත්තේ." ජාඕ හුයි ශෙන් ස'චුආන් ට පැවසීය. "එහි බොහෝ දුරට ලිබෙයි වල හමුදා කටයුතු සිදු කරනවා."
ශෙන් ස'චුආන් උපක්රමශීලීව පිළිතුරු දෙමින්, “මෙ නිහතමානී සේවකයා අද ෆමහි පැමිණීමේ අරමුණ දෙවන තරුණ ස්වාමියා පිළිබඳව විමර්ශනය කරන එකයි. එයට ලිබෙයි සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ."
ඔහු මෙහි පැමිණියේ කරදර ඇති කිරීමේ නිශ්චිත අරමුණකින් නොවන බව වටහා ගත් ජාඕ හුයි හිස වනමින් චෙන් යැංට සිය දෑසින් සංඥා කළේය. චෙන් යැං ඉදිරියට ගොස් ඔහුට මඟ පෙන්වමින් පැවසුවේ ය, “දෙවන තරුණ ස්වාමියාගේ කුටිය තියෙන්නේ නැගෙනහිර දිශාවේ. මට කරදර කරන්න වෙනවා ඔබගේ ගෞරවනීය විනිසුරුතුමාට සහ විවිධ අධිරාජ්‍ය ආරක්ෂක සහෝදරයින්ට මාව අනුගමනය කරන්න කියලා."
ශෙන් ස'චුආන් ජාඕ හුයිට හිස නමා චෙන් යැං අනුගමනය කරන්නට විය.
ෂ්‍යාඕ චීයේ ගේ කුටිය විශාල විය. ව්‍යුහයේ ප්‍රමාණය අනුව, එය පරම්පරාගත කුමාරයාගේ කුටිය අභිබවා ගිය නමුත්, ෂ්‍යාඕ ෆංෂූ ඒ වන විටත් එය වෙනස් කිරීමට කම්මැලි ව සිටියේ ය, සහෝදරයන් ද එය ගණන් ගත්තේ නැත, එබැවින් මුළු කාලය පුරාම මෙහි රැඳී සිටියේ ෂ්‍යාඕ චීයේ ය. ඔහු අධිරාජ්‍ය හමුදාවේ ප්රතිරාජසෙනෙවි ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව, ඔහු ආපසු නොපැමිණියේය. බොහෝ විට, ඔහු විවේක ගත්තේ අධිරාජ්‍ය හමුදා කාර්යාලය අසල ඒ කුඩා නිවහනේය.
ශෙන් ස'චුඇන්ට ඔහුව දකින්නට ලැබෙන විට ඔහු වියන ලද වැහි කබායක් අසල තබාගෙන පොකුණ අසල මාසුන් අල්ලමින් සිටියේ ය.
"ගෞරවනීය විනිසුරුතුමනි මේ තරම් වේලාසනින්." ෂ්‍යාඕ චීයේ මසුන් අල්ලන ඇම අල්ලාගත්තේ ය . "ඔබ උදේ ආහාරය ගත්තාද?"
"මම ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයෙන් ආහාර ගත්තා." ශෙන් ස'චුආන් පවසන්නට විය, "ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා විවේක වෙලාවට කරන්නේ අමුතු රසයක් සහිත දේවල් බව සහතිනයි."
“මම නිවාස අඩස්සියේ ඉන්න උදාසීන පුද්ගලයෙක් විතරයි. ගෞරවනීය විනිසුරුතුමා සමඟ මා සැසඳන්නෙ කොහොමද?” ෂ්‍යාඕ චීයේ ඔහුගේ මසුන් අල්ලන කොක්ක සෙලැවීය. "මගේ නිවස පරික්ෂා කරන්න නම්, ඔබ මුලින්ම මට සෝදිසි වරෙන්තුව පෙන්විය යුතුයි."
"අපි සියල්ලෝම බොහෝ විට චූදු වල පැවරුම් ක්‍රියාත්මක කරන ගෙවී ගිය හස්තයන් විතරයි." ශෙන් ස'චුආන් නොපසුබටව පැවසුවේ ය, “ආණ්ඩුකාරාධිපති සෙනෙවිතුමා මට හූල්ලමින් බාධා කිරීම හරිම මෝඩ වැඩක්.”
"මට සොදිසි වරෙන්තුව සහතිත කරගන්න ඉඩ දෙන්න." ෂ්‍යාඕ චීයේ නැගි සිට මසුන් අල්ලන කොක්ක ඉවතට දැමුවේ ය. "වරෙන්තුව නොපෙන්වා ඔබට මගේ කුටියට ඇතුළු වෙන්න ඉඩ දීම මට සතුටක් වෙන්නේ නැහැ."
තත්ත්වය දුටු විට, ඔවුන්ව අනුගමනය කරමින් සිටි ප්‍රධාන අධීක්ෂණ කාර්යාංශයේ වාරණ අංශය, දෙපාර්ශ්වයම මැදිහත් වී එය සමනය කරන්න ක්ෂණික ව ඉදිරියට ගියේය. “පහසුවෙන් ඔතනම ඉන්න. ඔහොම ඉන්න. ප්රතිරාජසෙනෙවිතුමනී, කරුණාකරලා මොහොතක් ඉන්න. ගෞරවනීය විනිසුරුතුමනි, කරුණාකරලා වරදක් සිදු කරන්න එපා."
"රාජකීය ආරක්ෂකයෝ එක කාටත් වඩා හොදින් දන්නවා. හරියට පොතකින් උපුටලා ගන්නවා වගේ." ෂ්‍යාඕ චීයේ ළං වී ඔහුට තදින් තරවටු කළේය, "ඔබ ජාඕ සූයි පන්සලෙන් නිදහස් වූ දින ඉදලා මේ කාලය පුරාම ඔබ තවමත් මේ ගැන ඉගෙන ගත්තේ නැද්ද?"
ශෙන් ස'චුආන් ඔහු දෙස බලා මෙසේ පැවසීය, “සමතලා බිමක මියයන කොටියාට සුනකයන් අපහස කරනවා. (3.) මම වැඩකට නැති සුනකයෙක්, අද ඔබට ලේඛනය ලබා දුන්නත් නැතත්, ඔබට තවමත් සිනහවකින් ඒ සියල්ල පිළිගන්න සිදුවෙනවා.”
ඔහුගේ දහඩිය පිසදමමින්, පරීක්ෂකයා ඔවුන් දෙදෙනා අතරේ හිඳ ඔහුගේ නළලත නැවත නැවතත් පිරිමසිමින් ඔවුන්ගෙන් අවසර ගැනීම සදහා ඔහුගේ දෑත් නැවත නැවතත් අල්ලා ගත්තේය. "අපි මේක ටිකක් කතා කරමු. ඒ සේරම -"
"තමුන් කටවහගෙන හිටියොත් හොඳයි." ෂ්‍යාඕ චීයේ පරික්ෂකයා පසෙකට තල්ලු කළේය. "මට කියන්න එපා ඔබ තාමත් මාත් එක්ක සටන් කරන්න තරම් එඩිතරයි කියලා?"
“පහර දෙන්නේ නැහැ. ඔබ සටන් නොකර ඉන්නවා නම් හොඳයි! ” පරික්ෂකයා කෑගසමින් ගෙල මිරිකා ගත්තේ ය. “අපිට සෝදිසි වරෙන්තුවක් තියෙනවා. කරුණාකරලා බලන්න, පුතිරාජසෙනෙවිතුමනි. අපි සමස්ථ සෙවිමකුත් සෙවීමකුත් සිදු කරන්න ඕනේ. විනිසුරුතුමනි, කරුණාකර රැඳී සිටින්න. අපි මේක කතා කරලා ඉවර කරමු. සන්සුන් වෙන්න! ඇයි ඔබලා හැමෝටම ඔච්චර කලබල වෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ?!"
ඔහු මෙසේ කනස්සලු සහගත වෙද්දී, පරික්ෂකයා ඔහුගේ උච්චාරණ විලාසය නොදැනුවත්කම භාවිතා කරන්නට විය.
_____________________________________________
අරුත් පැහැදිලි කිරීම.
1. 乌纱帽 වුෂා හිස්වැස්ම , හෝ කළු ගෝස් තොප්පිය, මිං රාජවංශයේ නිලධාරීන්ගේ හිස් වැස්ම වන අතර, දෙපස තුනී, ඕවලාකාර හැඩැති පුවරු පියාපත් වැනි පියාපත් දෙකක් සහිත කළු තොප්පියකින් සමන්විත වේ.
2. සංගණන වාර්තා වලින් තමන් ඉවත් කිරීම හෝ මකා දැමීම (කහ ලේඛනයේ මුල් වර්ගීකරණය (සිවිල්, හමුදා සහ ශිල්පීන්)
3. එනම්, තනතුර සහ බලපෑම අහිමි වූ බලවත් මිනිසෙකු ඔහුට වඩා දුර්වල අය විසින් බොහෝ අපකීර්තියට පත් කළ හැකිය.
(කියවන කට්ටිය ලයික් කමෙන්ට් දාගෙන යන්න ඉතිං. 😭😭😭.)
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
😍😍😍😍😍
ReplyDelete