පිටත හිමෙන් වැසී ඉතාමත් සීතල වූ බැවින් ෂෙන් ජිෂියෑන් තරමක් හැරී කාමරය දෙසට ඇඟිලි දිගු කලේය. "අපි ඇතුලට යමුද" යැන් ජින් හිස සලා මෙසේ පැවැසීය. " මේ ශිෂ්‍යයාට ගුරුතුමාගෙන් යමක් විමසන්න තිබෙනවා. තෙවෙනි කඳු මුදුනේ ශාවෝ ගුරුතුමා කුඩා කඩු ශිල්ප දැක්මක් සංවිධානය කර තිබෙනවා, ඔහු මෙම ශිෂ්‍යයාට ආරාධනා කලා තෙවැනි මුදුනට පැමිණ සහභාගී වෙන්නට" "කුඩා කඩු ශිල්ප දැක්මක්?" ෂෙන් ජිෂියෑන් තමන් හට කොඳුරා ගත්තේය. මෙය නිකායේ වැඩිහිටියන් යටතේ සිටින ශිෂ්‍යයන් එක් රැස්ව කඩු ශිල්ප ගැන සාකච්ඡා කිරීම හා අත්දැකීම් බෙදාගැනීමට ඇති කුඩා හමුවක් විය. මෙම බෙදාගැනීම හා එකිනෙකාගෙන් ඉගෙනුම ඔවුන්ගේ වර්ධනයට හේතු විය හැක. පසුගිය වසර කිහිපය තුළ ෂෙන් ජිෂියෑන් මෙම තරුණයා කෙමෙන් වැඩෙන අන්දම බලා සිට තරුණයා එන්න එන්නම කුළෑටි වෙන බව වටහා ගත්තේය.ඔහු කරදර විය, ඔහු හදා වඩා ගන්නේ අදුරු වීමට පූර්ණ පුද්ගලයෙකි.වර්තමානයේදි යැන් ජින්ට මෙවැනි කණ්ඩායම් ක්‍රියාකාරකමකට kamaththak සහභාගි වීම ඉතා දුර්ලභ විය .එමනිසා ඔහු සතුටින් ඔහුට අවසර ලබා දුන්නේය. "යන් ෂෙන් සහභාගි වෙනවද" යැන් ජින් හිස සෙළවිය. "
මේ සියල්ල රසික පරිවර්තන වේ. 🔴 උපුටා ගැනීම තහනම්.